Saint Augustine, De baptismo contra donatistas, “On Baptism, against the Donatists”, in Sinhala. Book 6.
1 වන පරිච්ඡේදය
1. විවිධ හේතු බොහෝ විට නැවත නැවතත් දක්වා, ඒ ගැන සලකා බලා, විවිධාකාර ප්රතිකර්ම සහිතව ඒවා සාකච්ඡා කිරීමෙන් පසුව, ශුද්ධලියවිල්ලෙන් සාක්ෂි සහ එයට අතිරේක වශයෙන් සයිප්රියන්ගේම බොහෝ ලියවිලිවල මේ සම්බන්ධ සාක්ෂි ලබා දීම මගින් මේ පිළිබඳ කළ සාකච්ඡාව ප්රමාණවත් වන්නට ඇත. එනම් ක්රිස්තුස් වහන්සේගේ බෞතීස්මය ලබා දීමේදී හෝ ලබා ගැනීමේදී මිනිසාගේ කිසිදු දුෂ්ට ක්රියාවකින් එය අවලංගු කළ නොහැකි බව මා විශ්වාස කරන පරිදි, යමක් තේරුම් ගැනීමට අපහසු අයට පවා තේරුම් ගත හැකිය. ඒ කාලයේදී, මෙම ප්රශ්නයට අදාළ කාරණය පුරාණ සිරිතට පටහැනිව ප්රේමය හා එකමුතුකම උල්ලංඝනය කිරීමකින් තොරව තීරණය කළ විට, විශේෂයෙන් කැපී පෙනෙන ආශීර්වාද ලත් සයිප්රියන් ඇතුළුව ක්රිස්තුස් වහන්සේගේ සමහර කීර්තිමත් රදගුරුවරුන්ට පවා ක්රිස්තුස් වහන්සේගේ බෞතීස්මය මිථ්යාදෘෂ්ටිකයන් හෝ භේද ඇති කරන්නන් අතර පැවතිය නොහැකි බව පෙනී ගියේය. මෙය මතු වූයේ ඔවුන් හුදෙක් සක්රමේන්තුව සහ සක්රමේන්තුව භාවිතයෙන් වන බලපෑම අතර වෙනස හඳුනා ගැනීමට අපොහොසත් වූ නිසාය. එසේ මිථ්යාදෘෂ්ටිකයන් ඔවුන්ගේ පාපවලින් නිදහස් කරනු ලැබ ඔවුන්ගේ හදවත් නිවැරදි කර ගැනීමේදී එහි බලපෑම සහ භාවිතය සොයාගත නොහැකි වූ නිසා, ඔවුන් අතර සක්රමේන්තුවම නොමැති බවට සලකනු ලැබිණි. එහෙත් අපි සභාව තුළ සිටින බොහෝ දහයියා දෙස අපගේ ඇස් යොමු කළහොත්, එකමුතු බවෙහි සිටිමින් ඔවුන් දූෂිත බවින් යුක්තව අතහැර දැමූ ජීවිතයක් ගත කරන නිසා, පව් සමාව දීමට හෝ ලබා ගැනීමට බලයක් නොමැති බව පෙනේ, මන්ද, “යමෙකුගේ පව් නුඹලා කමාකරවුද ඒවා ඔවුන්ට කමාකරනු ලැබේ; යමෙකුගේ පව් නුඹලා කමා නොකරවුද ඒවා කමාකරනු නොලැබේයයි ඔවුන්ට කීසේක,” (යොහන් 20:23) යන්න දුෂ්ටයන්ට නොව යහපත් පුත්රයන්ට පැවසූ බව පෙනේ. එසේ වූවද එවැනි පුද්ගලයින්ට බෞතීස්මයේ සක්රමේන්තුව තිබෙන අතර, ඔවුහු එය අන් අයට ලබා දෙති. එසේම ලබාගනිති. ඒ බව මුළු ලෝකය පුරා විසිරී සිටින කතෝලික සභාවේ දේවගැතිවරුන්ට ප්රමාණවත් ලෙස ප්රකාශ වි ඇත. මුල් චාරිත්රය පසුව සභා මන්ත්රණ සභාවේ අධිකාරිය මගින් තහවුරු කරන ලද්දේ ඔවුන් තුළිනි. එබැවින් ඉබාගාතේ ගොස් සහ පිටත බොරු කොල්ලකරුවන්ගෙන් ස්වාමින් වහන්සේගේ සලකුණ ලබා ගත් බැටළුවා පවා, කිතුනු එක්සත්කමේ ගැලවීම සොයා නැවත පැමිණීමට උත්සාහ කරන්නේ නම්, ඔහු වරදින් පවිත්ර කරනු ලැබේ, එසේම වහල්භාවයෙන් නිදහස් කරනු ලැබේ. තුවාලයෙන් සුවය ලබයි. කෙසේ වෙතත්, එහි ඇති ස්වාමින් වහන්සේගේ සැබෑ සලකුණ තවමත් ප්රතික්ෂේප නොකර පිළිගනු ලැබේ. බෞතීස්ම සලකුණ බොහෝ විට වෘකයන් කරණකොටගෙන සහ වෘකයන් කෙරෙහි යන දෙඅංශයටම සිදු විය හැකි බැවිනි. එසේම සමහර අය ඇත්ත වශයෙන්ම රැළ තුළ සිටින බව පෙනෙන්නට පුළුවන, එසේද වූවත් අවසානය දක්වා පවතින ඔවුන්ගේ හැසිරීම මගින් බොහෝ දෙනෙකු එම බැටළුවාට අයත් නොවන බව ඔප්පු කරයි. මන්ද, දෙවියන් වහන්සේගේ පූර්ව දැනුමට අනුව, බොහෝ බැටළුවන් පිටත සැරිසරන තරමට, බොහෝ වෘකයෝ ඇතුළත ද්රෝහී ලෙස සැඟවී සිටිති. ඔවුන් අතරින් ස්වාමින් වහන්සේ තවමත් තමන් වහන්සේගේ අය හඳුනන සේක. උන් වහන්සේ පරිසිවරුන් වැනි මිනිසුන්ගේ හඬින් කතා කළ විට පවා, ඔවුහු එඬේරාණන් වහන්සේගේ හඬ පමණක් අසති. ” එබැවින් ඔවුන් නුඹලාට අණකරන සියල්ල ඉෂ්ටකර පවත්වන්න,” (මතෙව් 23:3) යනුවෙන් පරිසිවරුන් පිළිබඳ කියා ඇත.
2. “ආඥාවේ අභිප්රාය නම් පිරිසිදු සිතකිනුත් යහපත් හෘදයසාක්ෂියකිනුත් සැබෑ අවංකවූ ඇදහිල්ලෙනුත් නික්මෙන ප්රේමයය.” (1 තිමෝති 1:5) මන්ද, ඉහත කාරණා පවත්වන ආත්මික මිනිසා, තවමත් “දිරාපත් නොවන සහ ආත්මය තද කරන” (ප්රඥාව 9.15) ශරීරයකින් සමහර දේවල් අඩු පැහැදිලි බවකින් දැකිය හැකිය. ඔහු එම ප්රේමයෙහිම රැඳී සිටියහොත් දෙවියන් වහන්සේ උන් වහන්සේගේම නියම වේලාවට ඔහුට එළිදරව් කරන (පිලිප්පි 3.15) සමහර දේවල් ගැන වෙනත් ආකාරයකින් සිතීමට ඉඩ ඇත. එබැවින් ලෞකික හා දූෂිත මිනිසෙකු තුළ යහපත් හා ප්රයෝජනවත් දෙයක් සොයාගත හැකිය. එහි මූලය ඇත්තේ එම මිනිසා තුළම නොව වෙනත් මූලාශ්රයකය. ඵල දරන අත්තක වැඩි ඵල ලබා දීම සඳහා කප්පාදු කිරීම අවශ්ය වන ආකාරයටම, නිසරු හා වියළි හෝ බැඳ දමන ලද වැලක මිදි ගෙඩියක් එල්ලී සිටිනු බොහෝ විට දක්නට ලැබේ. ඵල දරන අත්තක කප්පාදු කිරීම අවශ්ය වන කොටස්වලට ආදරය කිරීම අඥානකමක් වනවා සේ ම, මිහිරි ඵල එල්ලෙන ඕනෑම තැනක එය ප්රතික්ෂේප නොකරන තැනැත්තා ඥානවන්තව ක්රියා කරයි. එබැවින්, මිථ්යාදෘෂ්ටිකයන්ගෙන් පැමිණි අය නැවත බෞතීස්ම කළ යුතු බව සිප්රියන්ට පෙනුණු නිසා, යමෙකු නැවත බෞතීස්ම කිරීම මගින් එක්සත්කමෙන් තමාම වෙන් කර ගන්නේ නම්, එවැනි මිනිසෙක් එම ශ්රේෂ්ඨ මිනිසා තුළ ප්රශංසාවට සුදුසු කාරණාවලින් අහකට හැරී, නිවැරදි කිරීම අවශ්ය දේ අනුගමනය කරන්නේය. එසේ ඔහු අනුගමනය කරන දෙයට පවා සාක්ෂාත් කර ගැනීමට අපොහොසත් වේ. මන්ද සිප්රියන් දෙවියන් වහන්සේ කෙරෙහි ඔහුගේ ජ්වලිතය තුළ භේදයට එරෙහි ඔහුගේ දැඩි පිළිකුල නිසා, එක්සත්කමෙන් වෙන් වූ සියල්ලන් ඔවුන් බෞතීස්මයෙන්ද වෙන් වූ බව ඔහු සිකුවේය. මෙම මනුෂ්යයෝ තමන් ක්රිස්තුස් වහන්සේගේ එක්සත්කමෙන් වෙන් වී සිටීම සුළු වරදක් ලෙස සලකති. එපමණක් නොව ඔවුහු උන් වහන්සේගේ බෞතීස්මය එම එක්සත්කමෙන් ඇති වූවක් නොවන බවටත්, ඔවුන් සමග සිදු වූවක් බවටත් පවා තර්ක කරති. එබැවින් ඔවුහු සිප්රියන්ගේ ඵල දැරීමේ ස්වභාවයෙන් බොහෝ දුරස් වන අතර, ඔහු තුළ පවිත්ර කිරීම අවශ්ය වූ කොටස්වලට පවා සමාන නොවෙති.
2 වන පරිච්ඡේදය
3. නැවතත්, ප්රේමය නොමැති සහ ඉතාමත් දුෂ්ට ජීවිතයක අතහැර දැමූ මාර්ගවල ගමන් කරන ඕනෑම අයෙකු සභාව ඇතුළත සිටින බව පෙනෙන එහෙත් ඔහු සැබවින්ම පිටත සිටින්නේය. ඒ සමගම මිථ්යාදෘෂ්ටිකයන්ගෙන් එය ලැබූ අයට පවා බෞතීස්මය නැවත ලබා ගැනීමට අවශ්ය නොවීම, ආත්මිකව ඵල රහිතව වඳභාවයට සිටින කෙනෙකුට කිසිසේත් උපකාරී නොවේය, මන්ද ඔහු තමාගේම ඵලවලින් ඵල දරන්නේ නැතිව, අන් අයගේ ඵලවලින් බර වී සිටින බැවිනි. එහෙත් යමෙකුට ප්රේමයේ මූලයෙන් සමෘද්ධිමත් විය හැකි අතර, සිප්රියන් වෙනත් ආකාරයකින් වැරදියට සිතූ කාරණයේදී වඩාත් නිවැරදි මනසක් ඇතිව සිටිය හැකිය. එසේ වූවත් ඔහු තුළ ඇති දේට වඩා සිප්රියන් තුළ ඇති දේ වඩාත් ඵලදායි විය හැකිය. එසේ සිප්රියන්ට වඩා වඩා ඔහු තුළ පවිත්ර කිරීමට අවශ්ය දේ වැඩි විය හැකිය. එබැවින්, අපි අයහපත් කතෝලිකයන් ආශීර්වාද ලත් සිප්රියන් සමග සංසන්දනය නොකරමු. එහෙත් අපගේ භක්තිමත් මව් සභාව අතිවිශිෂ්ට විශිෂ්ටත්වය සහ කරුණාව ඇති දුර්ලභ මිනිසුන් කිහිප දෙනා අතරට ගණන් ගන්නා ඔහු සමග යහපත් කතෝලිකයන් පවා සමානාත්මතාවයෙන් ගණන් ගැනීමට අපි ඉක්මන් නොවෙමු, එහෙත් මෙම අනෙක් අය මිථ්යාදෘෂ්ටිකයන් අතර පවා ක්රිස්තුස් වහන්සේගේ බෞතීස්මය පිළිගත්තද, ඔහු ඒ සම්බන්ධයෙන් වෙනත් ආකාරයකින් සිතුවේය. එබැවින්, එක් කරුණක් අඩුවෙන් දුටු එහෙත් සභාවේ එකමුතුකම තුළ වඩාත්ම ස්ථිරව සිටි සිප්රියන්ගේ මෙම නිදර්ශනයෙන්, සාමයේ බැඳීම බිඳ දැමීම කෙතරම් පාපකාරී අපරාධයක්ද යන්න මිථ්යාදෘෂ්ටිකයන්ට වඩාත් පැහැදිලිව පෙන්විය හැකිය. මන්ද අන්ධ පරිසිවරුන්ද, සමහර විට කළ යුතු නිවැරදි දේ කිරීමට අණ කළත්, අපෝස්තුළු පේදුරු සමහර විට වැරදි දේ කිරීමට අණ කළද පරිසිවරුන් ඔහු සමග සැසඳිය යුතු නැත. එහෙත් ඔවුන්ගේ වියළි බව ඔහුගේ හරිත පැහැයට සමාන නොකළ යුතුවා පමණක් නොව, අන් අයගේ ඵල දරන ස්වභාවය පවා ඔහුගේ සාරවත් බව හා සමාන යැයි සැලකිය නොහැකිය. මන්ද දැන් කිසිවෙක් අන්යජාතීන්ට යුදෙව්වන් වීමට බල නොකරති. එසේ වූවද, දැන් සභාවේ සිටින කිසිවෙකුට, තමන්ගේ යහපත්කමේ උතුම් බව කොතරම් විශාල වුවත්, පේදුරුගේ ප්රේරිතභාවය සමග එය සැසඳිය නොහැකිය. එමනිසා, සාමකාමී රදගුරුවරයෙකු සහ තේජාන්විත ප්රාණ පරිත්යාගියෙකු වන සිප්රියන් හට නිසි ගෞරවය පුද කරමින්, මට හැකි තාක් දුරට ඔහුට සුදුසු ගෞරවය ලබා දෙන අතරම, භේදවාදීන්ගේ සහ මිථ්යාදෘෂ්ටිකයන්ගේ බෞතීස්මය පිළිබඳ ඔහුගේ මතය, මගේ නොව, ජගත් මන්ත්රණ සභාවක අධිකාරීත්වය මගින් තහවුරු කර ශක්තිමත් කරන ලද සමස්ත සභාවේ තීරණයකින් පසුව එළිදරව් කරන ලද කාරණයට පටහැනි බව පැවසීමට මම තවමත් නිර්භීත වෙමි. ප්රේරිතයන්ගෙන් පළමුවැන්නා සහ ප්රාණ පරිත්යාගිකයින් අතර වඩාත්ම කීර්තිමත් තැනැත්තා වන පේදුරුට ලැබිය යුතු ගෞරවය පුද කරන අතරම, අන්යජාතීන් යුදෙව්වන්ගේ සිරිත් පැවැත්වීමට බල කිරීමේදී ඔහු නිවැරදි දේ නොකළ බව පැවසීමට මම තවමත් එඩිතර වෙමි. මේ සම්බන්ධයෙන්ද, මා පවසන්නේ, මගේම ඉගැන්වීම ගැන නොව, ප්රේරිත පාවුල් තුමාගේ සම්පූර්ණ වූ ධර්මනියාමකයට අනුව, මුළු සභාවම මේ දක්වා රඳවාගෙන ආරක්ෂා කර ඇති කාරණය අනුවය. (ගලාති 2:14)
4. එබැවින්, සිප්රියන්ට වඩා බෙහෙවින් අඩු පහත් මට්ටමේ කුසලතාවක් ඇති මා, සිප්රියන්ගේ මතය සාකච්ඡා කිරීමේදී පවසන්නේ මෙයයි. එනම් යහපත් සහ අයහපත් යන දෙපාර්ශ්වයටම බෞතීස්ම සක්රමේන්තුව තිබිය හැකි අතර, එය ලබාගත හැකිය, එසේම එය ලබා දීමද කළ හැකිය. යහපත වන්නේ, ඇත්ත වශයෙන්ම, ඔවුන්ගේ සෞඛ්ය සම්පන්න බව සහ ප්රයෝජනය උදෙසාය; අයහපත වන්නේ ඔවුන්ගේ හෙළා දැකීමට සහ විනාශයටය – සක්රමේන්තුවම ඔවුන් දෙදෙනා තුළම සමාන පරිපූර්ණත්වයක් ඇති කරන්නේය. සියල්ලෙහිම එහි සමාන පරිපූර්ණත්වයට කිසිදු බලපෑමක් ඇත්තේ නැත, අයහපත අතර එය ඇති මිනිසා කොතරම් නරක විය හැකිද යන්න, යහපත අතර එය ඇති මිනිසා කොතරම් හොඳ විය හැකිද යන්නෙහි වෙනසක් ඇත්තේ නැත. ඒ අනුව, එය ලබා දෙන තැනැත්තා කොතරම් නරක වුවත්, නැතිනම් ඔහු කොතරම් හොඳ වුවත්, එය වෙනසක් ඇති නොකරයි. එසේම එය ලබා ගන්නා තැනැත්තා කොතරම් නරක වුවත්, නැතිනම් ඔහු කොතරම් හොඳ වුවත්, එය වෙනසක් ඇති නොකරයි. මන්ද, සක්රමේන්තුව එයට ආවේණික විශිෂ්ටත්වය නිසා, අසමාන ලෙස යුක්තිසහගත අය තුළ සහ අසමාන ලෙස අයුක්තිසහගත අය තුළ බෞතීස්මය එක හා සමානව ශුද්ධව පවතී.
3 වන පරිච්ඡේදය
5. එහෙත් අයහපත් මිනිසුන්ට, කිසිසේත් වඩා යහපත්මනසකට පරිවර්තනය නොවූවත්, බෞතීස්මය ඇතිව සිටීමට, එය ලබා ගැනීමට සහ ලබා දීමට සහ ලබා ගැනීමට හැකි බව, ශුද්ධලියවිල්ලේ කැනොනයෙන් සහ සිප්රියන්ගේ ලිපිවලින් අපි ප්රමාණවත් ලෙස පෙන්වා දී ඇති බව මම සිතමි. ඔවුන් දෙවියන් වහන්සේගේ ශුද්ධ සභාවෙහි සිටින බව පෙනෙන්නට තිබුණද ඔවුන් සැබවින්ම දෙවියන් වහන්සේගේ ශුද්ධ සභාවට අයත් නොවන බව වඩාත් පැහැදිලිය. ඔවුන් තණ්හාවෙන් පෙළෙන, මංකොල්ලකාර, පොලියට ගන්නා, ඊර්ෂ්යා කරන, නපුරු දේ සිතන අයයි. ඇය එක් පරෙවියෙකුව,( ගීතිකාවල ගීතිකාව 6:8-9 )නිහතමානී සහ නිර්මල, කැළලක් හෝ රැල්ලක් නොමැති මනාලියකව, වට කරන ලද උයනක්, මුද්රා තැබූ දිය උල්පතක්ව, ප්රසන්න පලතුරු සහිත දෙළුම් වත්තක්ව (ගීතිකාවල ගීතිකාව 4: 12-13) සහ ඇයට ආරෝපණය කර ඇති සියලුම ඒ හා සමාන ගුණාංග සහිතව සිටියදීත්, මේ සියල්ල තේරුම් ගත හැක්කේ යහපත්, ශුද්ධ සහ යුක්තිසහගත ලෙස පැවතීිම ලෙසයි – එනම්, යහපත් සහ අයහපත් අයට පොදු වන දෙවියන් වහන්සේගේ දීමනාවල ක්රියාකාරීත්වය පමණක් නොව, ශුද්ධාත්මයාණන් වහන්සේ ඇති අය තුළ කැපී පෙනෙන ප්රේමයේ අභ්යන්තර බැඳීමද අනුගමනය කිරීමෙන් පමණක් බව තේරුම් ගත හැකිය. එවැන් අයට ස්වාමින් වහන්සේ මෙසේ පවසන සේක, “යමෙකුගේ පව් නුඹලා කමාකරවුද ඒවා ඔවුන්ට කමාකරනු ලැබේ; යමෙකුගේ පව් නුඹලා කමා නොකරවුද ඒවා කමාකරනු නොලැබේයයි ඔවුන්ට කීසේක.” (යොහන් 20:23)
4 වන පරිච්ඡේදය
6. ඒ නිසා බෞතීස්මය ඇති නරක මිනිසාට එය ලබා දීමට නොහැකි වීමට හොඳ පදනමක් මෙහි පෙන්වා දී නොමැති බව පැහැදිලිය; එය ඔහුගේ විනාශය පිණිස ඇත්තා සේම, ඔහු එය ලබා දෙන්නේද විනාශය පිණිසය. මෙය බෞතීස්මයේ ස්වභාවය හෝ එය ලබා දෙන තැනැත්තාගේ ස්වභාවය නිසා නොව, ලබන්නාගේ චරිතය නිසා සිදු වේ. මන්ද, නරක මිනිසෙකු බෞතීස්මය හොඳ මිනිසෙකුට, එනම්, එක්සත්කමේ බැඳීමකින් සිටින, සැබෑ සංවර්තනයකින් සංවර්තනය වූ කෙනෙකුට ලබා දෙන විට, එය ලබා දෙන තැනැත්තාගේ දුෂ්ටකම, පිරිනමන ලද යහපත් සක්රමේන්තුව දූෂිත නොකරන අතර, එය පිරිනමන ලද සභාවේ යහපත් සාමාජිකයා සභාව සමග ඇති සම්බන්ධය බිඳ නොදමයි. දෙවියන් වහන්සේ වෙත ඔහුගේ සැබෑ සංවර්තනය හේතුවෙන් ඔහුගේ පාපවලට ඔහුට සමාව ලැබුණු විට, ඔහුගේ සැබෑ සංවර්තනයෙන් ඔහු එක්සත් වූ අය කරණකොටගෙන ඒවාට සමාව දෙනු ලැබේ. මන්ද, ශරීරය තුළ එකිනෙකා පෞද්ගලිකව හඳුනනවාද නැද්ද යන්න නොසලකා ප්රේමයෙන් එකිනෙකාට ඇලී සිටින සියලුම ශුද්ධවන්තයන්ට ලබා දෙන එකම ශුද්ධාත්මයාණන් වහන්සේ ඔවුන්ට සමාව දෙන සේක. ඒ හා සමානව, පුද්ගලයෙකුගේ පාපවලට සමාව නොලැබෙන විට, ඔවුන් ශරීරය තුළ ඔහු පෞද්ගලිකව හඳුනනවාද නැද්ද යන්න නොසලකා, ඒවාට නිසැකවම සමාව නොලැබෙන්නේ ඔහු, දූෂිත හදවතක් සහ විශ්වාසවන්තයින්ගෙන් වෙනස් ජීවන රටාවක් මගින් තමාම වෙන් කර ගෙන ඇති නිසා ඔහුට සමාව නොලැබේ.
5 වන පරිච්ඡේදය
7. එබැවින් සියලු නරක මිනිස්සු ආත්මයෙන් යහපත් අයගෙන් වෙන් වී සිටිති; එහෙත් ඔවුන් ශරීරයෙන්ද පැහැදිලි මතභේදයකින් වෙන් වුවහොත්, ඔවුන් ඊටත් වඩා නරක අතට හැරෙනු ඇත. එහෙත්, පෙර සඳහන් කළ පරිදි, බෞතීස්මයේ ශුද්ධකමට එය ඇති මිනිසා කොතරම් නරක විය හැකිද, නැතහොත් එය ලබා දෙන තැනැත්තා කොතරම් නරකද යන්න වෙනසක් ඇති කරන්නේ නැත. එසේ වූවත් වෙන් වූ තැනැත්තාට එය තබා ගත හැකි පරිදිම, වෙන් වූ තැනැත්තාට එය ලබා දීමටද හැකිය; එහෙත් එය ඔහුට විනාශය පිණිස ඇති පරිදි, ඔහු එය විනාශය පිණිස ලබා දිය හැකිය. එහෙත් ඔහු එය වෙන්වීම තුළ ලබන්නේ නැත්නම්, ඔහු එය පිරිනමන තැනැත්තාට එය ඔහුගේ ආත්මයේ සෞඛ්යය උදෙසා පිළිගත හැකිය. කතෝලික ආත්මයකින් සහ සාමයේ එකමුතුකමෙන් ඈත් නොවූ හදවතක් සහිත බොහෝ දෙනෙකුට සිදු වූවාක් මෙන්, ඔවුන් ළඟ එන මරණයේ යම් පීඩනයක් යටතේ, කඩිමුඩියේ යම් මිථ්යාදෘෂ්ටිකයෙකු වෙත හැරී ඔහුගේ දූෂිතතාවයේ කිසිදු කොටසක් ලබා නොගෙන ඔහුගෙන් ක්රිස්තුස් වහන්සේගේ බෞතීස්මය ලබාගෙන ඇත. එබැවින්, මිය ගියත් නැවත ජීවනයට පැමිණියත්, ඔවුහු කිසි විටෙකත් හදවතින් මිථ්යාදෘෂ්ටිකයන්ට සැබවින්ම සම්බන්ධ නොවූහ. එහෙත් ලබන්නා වෙන්වීම තුළ බෞතීස්මය ලබාගෙන තිබේ නම්, ඔහු එය ලබා ගන්නේ බොහෝ දුරට ඔහුගේ විනාශය පිණිසය, මන්ද ඔහු එවැනි ශ්රේෂ්ඨ යහපතකින් ප්රයෝජන නොලබන බැවිනි. තවද එකමුතුව තුළ බෞතීස්මය කෙනෙකුගේ ගැලවීමට වැඩි ප්රතිලාභයක් ලබා දෙන තරමට ඔහුගේ වෙන්වීම තුළ බෞතීස්මය ඔහුගේ විනාශයට වැඩි නැඹුරුවක් දක්වයි. එසේ, ඔහුගේ දූෂිතභාවයෙන් ප්රතිසංස්කරණය වී වෙන්වීමෙන් හැරී, ඔහු කතෝලික සාමයට පැමිණිය යුතු නම්, සාමයේ බැඳීම සහ වෙන්වීමේ පූජාව තුළින් ඔහුගේ පාපවලට සමාන නොලැබුණු එම බෞතීස්මය තුළින් ඔහුගේ පාපවලට සමාව දෙනු ලැබේ. මන්ද බෞතීස්මය සැමවිටම ධර්මිෂ්ඨයන් සහ අධර්මිෂ්ඨ අය තුළ ශුද්ධ වන අතර, එය කිසිදු මිනිසෙකුගේ ධර්මිෂ්ඨකමෙන් වැඩි වීම හෝ කිසිදු මිනිසෙකුගේ අධර්මිෂ්ඨකමෙන් අඩු වීම සිදු නොවේ.
8. කාරණය මෙයව තිබෙන නිසා, එකම පැත්තේ සිට තමන්ගේම විවිධ මත කිහිපයක් ඉදිරිපත් කළ ඔහුගේ බොහෝ සෙසු රදගුරුවරුන්, ක්රිස්තුස් වහන්සේගේ එකමුතුකම කෙරෙහි සිප්රියන්ගේ ප්රේමයේ කටයුතු වඩ වඩාත් පැහැදිලි බවට වන කාරණය හැරුණුකොට, සිප්රියන් සමග එකඟ වී සමාන අදහස්වලට සහාය දැක්වීමෙන් ඇති වන වෙනස කුමක්ද? එසේ ඔහු සමග එකඟ වීමට කිසිවෙකු නොමැතිව එම මතය දැරූ එකම තැනැත්තා ඔහු වූයේ නම්, ඔහු භේදයේ පාපයෙන් වැළකී සිටින බව සිතීමට ඉඩ තිබුණි, මන්ද ඔහුට ඔහුගේ වරදට ආධාරකරුවන් නොමැති බැවිනි. එහෙත් බොහෝ දෙනෙකු ඔහු සමග එකඟ වූ විට, ඔහුගෙන් වෙනස් ලෙස සිතූ අනෙක් අය සමග එකමුතුව සිටීමෙන්, ඔහු විශ්වීය කතෝලිකත්වයේ වඩාත්ම පරිශුද්ධ බැඳීම ආරක්ෂා කළ බව ඔහු පෙන්නුම් කළේය. ඒ හුදෙකලාව පිළිබඳ බියෙන් නොව, සාමයට ඇති ආදරයෙනි. එමනිසා, එම කවුන්සිලයේ සිටින අනෙකුත් රදගුරුවරුන්ගේ විවිධ මත සලකා බැලීම දැන් අනවශ්ය දෙයක් ලෙස පෙනෙන්නට පුළුවන. එහෙත්, තේරුම් ගැනීමට ප්රමාද වන සමහරු විශ්වාස කරන්නේ කිසිදු පිළිතුරක් ලබා දී නොමැති බවයි, ඕනෑම කතිකාවක ඕනෑම කොටසකට එම ස්ථානයේදීම ලබා දිය හැකි පිළිතුර එහිදී ඡේදයකට යොමු කරනවාට වඩා වෙනත් තැනක ස්ථානගත කළහොත් ප්රතිචාරයක් ලබා දී නොමැති බවයි. බොහෝ දේ කියවීමෙන් ඔවුන් තියුණු බවට පත් විය යුතු අතර, එවිට සුළු අවබෝධයකින් තර්කය සාධාරණ ලෙස සිදු කර නොමැති බවට පැමිණිලි කිරීමට ඔවුන්ට ඉඩක් ඉතිරි වේ.
6 වන පරිච්ඡේදය
9. සිප්රියන්ම තීරණය ලැබීම උදෙසා යෝජනා කළ කාරණය තවදුරටත් සලකා බැලීම සඳහා අපි යොමු වෙමු, එමඟින් ඔහු මන්ත්රණ සභාවේ කටයුතු ආරම්භ කරන්නේය. එසේම එමඟින් ඔහු ක්රිස්තියානි ප්රේමයේ ඵලදායී බවින් බහුල සාමකාමී ආත්මයක් පෙන්නුම් කරන්නේය. “ඉතාම ආදරණීය සගයනි, අපගේ අනෙක් රදගුරු වන ජුබයියානස්, මිථ්යාදෘෂ්ටිකයන්ගේ නීති විරෝධී සහ අපවිත්ර බෞතීස්මය පිළිබඳ මගේ දුර්වල හැකියාවෙන් උපදෙස් ලබා ගැනීමට මට ලියා ඇති කාරණා සහ මා ඔහුට නැවත ලියා ඇති කාරණා ඔබ කියවා ඇත. එනම්, සභාවට පැමිණෙන මිථ්යාදෘෂ්ටිකයන් බෞතීස්ම විය යුතු බවත්, සභාවේ බෞතීස්මයෙන් විශුද්ධ කළ යුතු බවත් මම නැවත නැවතත් ප්රකාශ කළ එම මතයම ඔහුට ප්රකාශ කර ඇත්තෙමි. ජුබයියානස්ගේ තවත් ලිපියක් ඔබට කියවනු ලැබ ඇත, එහි ඔහුගේ අවංකකම හා ආගමික භක්තියට එකඟව, අපගේ ලිපියට පිළිතුරු වශයෙන්, ඔහු එයට කැමැත්ත ප්රකාශ කළා පමණක් නොව, තමාට උපදෙස් ලැබුණු බව කෘතඥපූර්වකව පිළිගත්තේය. මෙම විෂය සම්බන්ධයෙන් අප තනි තනිව අපගේ අදහස් ප්රකාශ කළ යුතු අතර, කිසිවෙකු විනිශ්චය නොකළ යුතු අතර, ඔහු වෙනස් මතයක් දරන්නේ නම් කිසිවෙකු ශුද්ධ සහභාගීකමේ සක්රමේන්තුවට හවුල් වීමේ අයිතියෙන් ඉවත් නොකළ යුතුය. මන්ද, අපෙන් කිසිවෙකු රදගුරුවරුන් ලෙස හෝ රදගුරුවරයෙකු ලෙස හෝ, නොඑසේ නම් ඒකාධිපති භීෂණයෙන් තම සගයන්ට ඔවුන්ට කීකරු වීම උදෙසා බලපෑම් නොකරන බැවිනි. මන්ද සෑම රදගුරුවරයෙකුටම, ඔහුගේ නිදහස සහ බලය නිදහසේ භාවිත කිරීමේදී, නිදහස් විනිශ්චය කිරීමේ අයිතිය ඇත අතර, පුද්ගලයෙකුට තවත් කෙනෙකු නිවැරදිව හෝ සාධාරණව විනිශ්චය කළ නොහැකි සේම, අනෙක් අයටද එම පුද්ගලයා නිවැරදිව හෝ සාධාරණව විනිශ්චය කළ නොහැකිය. එහෙත් අපි සියල්ලෝම අපගේ ස්වාමින් වන යේසුස් ක්රිස්තුස් වහන්සේගේ විනිශ්චය බලාපොරොත්තුවෙන් සිටිමු. උන් වහන්සේගේ සභාවේ ආණ්ඩුව තුළ අපට මනාප ලබා දීමට සහ අපගේ ක්රියාවන් විනිශ්චය කිරීමට බලය ඇත්තේ උන් වහන්සේට පමණි.”
7 වන පරිච්ඡේදය
10. සිප්රියන් ජුබයියනාස්ට ලියූ පිළිතුරු ලිපියෙන් පමණක් නොව, ඔහු ක්වින්ටස්ට යවන ලද ලිපියෙහි සහ ඔහුගේ සගයන් කිහිප දෙනෙකු සමග එක්ව, ඔහු තවත් ඇතැම් සගයන්ට යැවූ ලිපිවල සහ ඔහු පොම්පේයස් වෙත යවන ලද පිළිතුරු ලිපිය ආදියෙහි මෙන්ම කලින් ලියූ පොත්වල කතෝලික ඒකමතිකත්වය සහ උපදේශ සම්බන්ධයෙන් මගේ උපරිමයෙන් තර්ක කර ඇති අතර, භක්තිමත් සාමාජිකයන් ලෙස කතෝලික එක්සත්කම ආරක්ෂා කර ඇත්තෙමි. එබැවින්, “කිසිවෙකු විනිශ්චය නොකළ යුතු අතර, ඔහු වෙනස් මතයක් දරන්නේ නම් කිසිවෙකු ශුද්ධ සහභාගීකමේ සක්රමේන්තුවට හවුල් වීමේ අයිතියෙන් ඉවත් නොකළ යුතුය,” යනුවෙන් ඔහු පැවසීමේදී දැන් අනෙක් සෑම කෙනෙකුම සිතූ දේ සලකා බැලීම සුදුසු බව පෙනේ, එසේම සිප්රියන් අපෙන් උදුරා නොගන්නා බව ඔහුම පවසන නිදහස සමග එසේ කිරීම සුදුසුයි. එසේම ඔහු මෙය පැවසුවේ ඔහුගේ සගයන්ගේ රහස් සැඟවුණු එකඟ නොවීම් තත්වයන් සම්බන්ධ ඔවුන්ගේ සැඟවුණු සිතුවිලි වෙත ළඟා වීමේ අරමුණින් නොවේය, එහෙත් එයට හේතුව නම් ඔහු සැබවින්ම සාමය හා එකමුතුකමට ප්රේම කළ නිසාය. ඒ බව ඔහු ජුබයියානස් මෙන්ම වෙනත් තනි පුද්ගලයන්ට ලියූ ඒ හා සමාන ආකාරයේ වෙනත් කොටස්වලින් ඉතා පහසුවෙන් දැකගත හැකිය. ඔහු මෙසේ පවසයි, “ඉතා ආදරණීය සහෝදරයා, ඔබට පිළිතුරු වශයෙන් අපගේ දුර්වල හැකියාව අනුව මේ දේවල් අපි ඉතා කෙටියෙන් ලියා ඇත්තෙමු. ඒ අපගේ ලිවීම හෝ විනිශ්චය මගින් රදගුරුවරුන්ගෙන් කිසිවෙකුට තමා නිවැරදි යැයි සිතන පරිදි ක්රියා කිරීමෙන්, තමාගේම විනිශ්චය නිදහසේ ක්රියාත්මක කිරීමෙන් වළක්වන්නේ නැතිවය.” තවද, මෙම නිදහස් විනිශ්චය ක්රියාත්මක කිරීමේදී විවිධ මත දරන කිසිවෙකුත් තම සහෝදරයන්ගේ සමාජයෙන් නෙරපා හැරිය යුතු බවක් නොපෙනේ. ඔහු තවදුරටත් මෙසේ පවසයි, ” අප තුළ ඇති තාක් දුරට, අපගේ සගයන්ට සහ සෙසු රදගුරුවරුන්ට එරෙහිව මිථ්යාදෘෂ්ටිකයන් වෙනුවෙන් අපි සටන් නොකරමු, ඔවුන් සමග අපි භක්තිමත් එක්සත්කම සහ අපගේ ස්වාමින් වහන්සේගේ සාමය පවත්වා ගනිමු.” තවත් ටිකකින් ඔහු මෙලෙස පවසයි. “ආත්මයේ ප්රේමය, අපගේ සහෝදරත්වයට ගරු කිරීම, ඇදහිල්ලේ බැඳීම, පූජක තන්ත්රයේ සමගිය, අප විසින් ඉවසීමෙන් සහ මෘදුකමින් යුතුව පවත්වා ගෙන යනු ලැබේ.” ඒ හා සමානව, ඔහු මැග්නස් වෙත ලියූ ලිපියේ, ඉසීමෙන් හා ගිල්වීමෙන් බෞතීස්මය සිදු කරන විට කොතරම් ඵලදායීද යන්නෙහි වෙනසක් තිබේදැයි විමසූ විට ඔහු මෙලෙස පවසයි. “මේ කාරණයේදී, “මා ඕනෑවට වඩා නිහතමානී සහ ලජ්ජාශීලී නිසා, කිසිවෙකු තමාට නිවැරදි යැයි හැඟෙන ආකාරයට සිතීමෙන් සහ තමා සිතන ආකාරයට ක්රියා කිරීමෙන් වළක්වා ගැනීමට නිර්භීත නොවෙමි.” මෙම කතිකාවන් මගින් ඔහු පැහැදිලිව පෙන්නුම් කරන්නේ මෙම විෂයයන් ඔවුන් විසින් හසුරුවන ලද්දේ ඒවා තවමත් තවමත් විශ්වීය වශයෙන් විසඳා ගැනීමේදී තීරණය කර නොමැති එහෙත් තවමත් එළිදරව් කර නොමැති බැවින් ඉතා ප්රවේශමෙන් විමර්ශනය කරන ලද කාලයක බවයි. එබැවින්, අපි සියමෙ බෞතීස්ම කිරීම්වලදී අනන්යතාවය පිළිබඳ විෂය සම්බන්ධයෙන් විශ්වීය සභාවේ සිරිත ලෙස සෑම තැනකම පිළිගත යුතු දේ සහ සහ සාමාන්ය මන්ත්රණ සභාවල තීරණයෙන් තහවුරු වන දේ පවත්වා ගනිමු. එසේම සිප්රියන්ගේ වචනවලින් වැඩි විශ්වාසයක් ලබා ගැනීම මගින් සභාව සමග වන සහභාගීත්වයෙන් වෙන් නොවී ඇතැම් කාරණා සම්බන්ධයෙන් මට ඒ වන විටත් ඔහුගේ අදහස්වලට වඩා වෙනස් මත දැරීමට ඉඩ සැලසුණි. එහිදී ආශීර්වාද ලත් සිප්රියන් සහ ඔහු සමග මන්ත්රණ සභාව පැවැත්වූ ඔහුගේ සගයන් වැනි විවිධ මත දරන අය සමග පවත්වා ගෙන යන එක්සත්කමෙන් පෙන්නුම් කළ පරිදි, දැඩි එකඟතාවයක් ඇතිව සිටීමට වඩා එකමුතුකමින් සිටීමට වැඩි වැදගත්කමක් සහ ප්රශංසාවක් හිමි වේ. එහිදී විවිධ අදහස් දරන අය අතර පවා එකමුතුකම තහවුරු කළ අතර, එමඟින් මිථ්යාදෘෂ්ටිකයන්ගේ සහ භේදවාදීන්ගේ භේදකාරී බොරු ප්රතික්ෂේප කර අපකීර්තියට පත් කළේය – ස්වාමීන් වන යේසුස් ක්රිස්තුන් වහන්සේගේ නාමයෙන්, උන්වහන්සේගේ ප්රේරිතවරයා තුළින් කතා කරමින් මෙසේ පවසන සේක. “එකිනෙකා ගැන ප්රේමයෙන් ඉවසා, සමාදානයේ බැම්මෙන් ආත්මයාණන්ගේ එකමුතුකම පවත්වාගන්ට උත්සාහ කරන මෙන්, මම නුඹලාගෙන් ඉල්ලමි.” (එපීස 4:2-3) එසේම එම අපෝස්තුළුවරයා කරණකොටගෙනම මෙසේ දක්වන සේක. “එබැවින් අපෙන් යම් පමණ දෙනෙක් සම්පූර්ණව සිටිද්ද, ඔව්හු ඒ ආකාරයෙන් කල්පනාකරත්වා. නුඹලා යම් කාරණයක් ගැන වෙන අභිප්රායක් ඇත්තාහු නම්, ඒකත් දෙවියන්වහන්සේ නුඹලාට එළිදරව්කරනවා ඇත.” (පිලිප්පි 3:15) මා පවසන්නේ මෙයයි. එබැවින් අපි රදගුරුවරුන් සමග එකමුතුකමේ සහ සාමයේ බැඳීම ඇතිව සිටියදීම ශුද්ධ වූ රදගුරුවරුන්ගේ අදහස් සලකා බැලීම සහ සාකච්ඡා කිරීම සඳහා යෝජනා කරමු. එම එකමුතු බව පවත්වා ගැනීමේදී අපි ස්වාමින් වහන්සේගේම උපකාරයෙන් අපට හැකි තාක් දුරට ඔවුන්ගේ ආදර්ශය අනුගමනය කරමු.
8 වන පරිච්ඡේදය
11. බිල්ටාහි සිසිලියස් (Cæcilius of Bilta) මෙසේ පැවසීය: “එක සභාව තුළ එක බෞතීස්මය ඇති බව සහ සභාවෙන් පිටත බෞතීස්මයක් නොමැති බව මම දනිමි. එම එක බෞතීස්මය ඇත්තේ සැබෑ බලාපොරොත්තුව සහ නිසැක ඇදහිල්ල ඇති ස්ථානයේය. එබැවින් මෙසේ ලියා ඇත. “නුඹලාගේ කැඳවීමේ එක බලාපොරොත්තුවට නුඹලා කැඳවනු ලැබූ ලෙසම, ඇත්තේ එක ශරීරයත්, එක ආත්මයාණන්වහන්සෙත්, එක ස්වාමීන්වහන්සෙත්, එක ඇදහිල්ලත්, එක බෞතීස්මයත්ය.” එක බෞතීස්මය ඇත්තේ සැබෑ බලාපොරොත්තුවක් නොමැති සහ ව්යාජ ඇදහිල්ලක් පමණක් ඇති මිථ්යාදෘෂ්ටිකයන් අතර නොවේය. සියල්ල බොරු මත ගොඩනගා ඇති තැන නොවේය; යක්ෂයෙකු ආවේශ වූ කෙනෙකු යක්ෂයන් දුරු කරන තැන නොවේය; පිළිකාවක් සහිත කටක් සහ වචන සහිත පුද්ගලයෙකු විසින් පූජනීය සක්රමේන්තුව ප්රශ්න කරන තැන නොවේය; ඇදහිල්ල නැති තැනැත්තා ඇදහිල්ල ප්රකාශ කරන තැන නොවේය; වරදකරුවන් පව්වලට සමාව දෙන බව ප්රකාශ කරන තැන නොවේය; අන්ත ක්රිස්තුස්, ක්රිස්තුස් වහන්සේගේ නාමයෙන් බෞතීස්ම කරන තැන නොවේය; දෙවියන් වහන්සේ විසින් ශාප කරන ලද කෙනෙකු අන් අයට ආශීර්වාද කරන තැන නොවේය; ආත්මිකව මිය ගිය අය සදාකාල ජීවනය පොරොන්දු වන තැන නොවේය; භේද ඇති කරන අය සාමය පිරිනමන තැන නොවේය; දේවඅපහාස කරන්නන් දෙවියන් වහන්සේට අයැදින තැන නොවේය; අශුද්ධ අය පූජක භූමිකාව දරන තැන නොවේය; එසේම අශුද්ධ පුද්ගලයෙකු පූජනීය නමස්කාරයේ වගකීම භාර ගැනීමට එඩිතර වන තැන නොවේය. මේ සියල්ලට අමතරව යක්ෂයාගේ සේවකයා දිව්ය සත්ප්රසාද පූජාව සැමරීමට එඩිතර වන තවත් නපුරක් වන මෙම නපුර එකතු වේ. මෙය එසේ නොවේ නම්, ඔවුන් වෙනුවෙන් පෙනී සිටින අය මිථ්යාදෘෂ්ටිකයන් සම්බන්ධයෙන් ඒ සියල්ලම අසත්ය බව ඔප්පු කළ යුතුයි. බෞතීස්මය හෝ පව් සමාව නොමැතිව සන්නිවේදනය කිරීමට බල කෙරෙන, සභාවට එකඟ වීමට බල කරන ආකාරයේ කාරණා දෙස බලන්න. සහෝදරවරුනි, අප මෙයින් පළා ගොස් එය වළක්වා ගත යුතුය. එසේම මෙතරම් විශාල පාපයකින් අපම වෙන් කරගෙන, සභාවට පමණක් ලබා දී ඇති එක බෞතීස්මය පිළිපැදිය යුතුය.
12. මෙයට මම මෙලෙස පිළිතුරු දෙමි. සභාව තුළ පවා දෙවියන් වහන්සේ දන්නා බව ප්රකාශ කරන එහෙත් ඔවුන්ගේ ක්රියාවන් තුළින් උන් වහන්සේ ප්රතික්ෂේප කරන සියල්ලන්ම, එනම් තෘෂ්ණාවෙන් සහ ඊර්ෂ්යාවෙන් පෙළෙන අය, එසේම ඔවුන් තම සහෝදරයන්ට වෛර කරන නිසා, ඔවුන් මිනීමරුවන් ලෙස ප්රකාශ කරනු ලැබේ. ඒ මාගේ සාක්ෂිය අනුව නොව, එහෙත් ශුද්ධ වූ අපෝස්තුළුවර යොහන්ගේ සාක්ෂියට අනුවය. (1 යොහන් 3: 15) මේ සියල්ලෝම බලාපොරොත්තු රහිත අය වෙති, මන්ද ඔවුන්ට නරක හෘදයසාක්ෂියක් ඇති නිසාය; එසේම ඔවුන් දෙවියන් වහන්සේට දිවුරුමෙන් පොරොන්දු වූ දේ නොකරන නිසා ඔවුහු ඇදහිල්ල නැති අය වෙති; එමෙන්ම ඔවුහු බොරුකාරයෝය, මන්ද ඔවුන් ව්යාජ වෘත්තීන් කරන නිසාය; එසේම යක්ෂයින්ට සහ ඔහුගේ දූතයන්ට ඔවුන්ගේ හදවත් තුළ ස්ථානයක් ලබා දෙන නිසා ඔවුහු යක්ෂයන් විසින් පාලනය කරනු ලැබෙති; එසේම ඔවුන්ගේ වචන විනාශය, දූෂිත බව ඇති කරයි, මන්ද ඔවුන් නපුරු සන්නිවේදනයන් මගින් යහපත් හැසිරීම් දූෂණය කරන බැවිනි; ඔවුන් වැනි මිනිසුන්ට එරෙහිව දෙවියන් වහන්සේ ප්රකාශ කරන අනතුරු ඇඟවීම් සමච්චලයට ලක් කරන නිසා ඔවුන් නොඇදහිලිවන්තයෝ වෙති; එමෙන්ම ඔවුන් දුෂ්ට ලෙස ජීවත් වන නිසා ඔවුහු ශාප ලත් අය වෙති; ඔවුන්ගේ ජීවිත ක්රිස්තුස් වහන්සේට විරුද්ධ බැවින් ඔවුහු අන්තක්රිස්තුස්වරු වෙති; එසේම ශුද්ධලියවිල්ල සෑම තැනකම එවැනි මිනිසුන්ට ශාප කරන බැවින් ඔවුහු දෙවියන් වහන්සේගෙන් ශාප ලත් අය වෙති; එසේම ඔවුන්ට ධර්මිෂ්ඨකමේ ජීවිතයක් නොමැති නිසා මළ අය වෙති; එමෙන්ම සාමකාමී නොවන අය වෙති, මන්ද ඔවුන්ගේ ප්රතිවිරුද්ධ ක්රියා මගින් ඔවුන් දෙවියන් වහන්සේගේ අණට පටහැනි වන බැවිනි; එසේම දේව අපහාස කරන අයය, මන්ද ඔවුන් අයහපත් ජීවිත රටාව හා ක්රියාවන් නිසා ක්රිස්තියානි නාමයට කරන බැවිනි; එසේම ඔවුන් දෙවියන් වහන්සේගේ අභ්යන්තර ශුද්ධස්ථානයෙන් ආත්මිකව අහක් වී ඇති නිසා ඔවුහු අභක්තික අය වෙති; එමෙන්ම මිථ්යාදෘෂ්ටික අය වෙති, මන්ද ඔවුන් ඔවුන්ගේ නපුරු ජීවිත පැවැත්ම තුළ දෙවියන් වහන්සේගේ මාලිගාව අපවිත්ර කරන බැවිනි; එසේම ඔවුහු යක්ෂයාගේ සේවකයෝය, මන්ද ඔවුන් වංචාවට සහ තණ්හාවට සේවය කරන බැවිනි, එය රූප වන්දනාවකි. එවැනි වර්ගයේ ඇතැම් අය වෙති. සභාව තුළ පවා එවැනි අය බොහෝ දෙනෙක් සිටිති, ඒ පිළිබඳ ප්රේරිත පාවුල් සහ සිප්රියන් රදගුරුවරයා විසින් සාක්ෂි දරනු ලැබ ඇත. එසේ නම්, ඔවුන් අන් අය බෞතීස්ම කරන්නේ මන්ද? “ලෝකය වචනවලින් මිස ක්රියාවලින් අත්නොහරින” සමහරුන්, මෙවැනි ජීවිත රටාවකින් වෙනස් නොවී සිටියදී බෞතීස්ම කරනු ලබන්නේ, සහ ඔවුන් සැබවින්ම වෙනස් වූ විට නැවත බෞතීස්ම නොවන්නේ මන්ද? ඔහු එතරම් කෝපයෙන් පවසන දෙය සම්බන්ධයෙන්, “බෞතීස්මය හෝ පව් සමාව නොලබා සන්නිවේදනය කිරීමට සභාවට බල කරන ආකාරයේ කාරණා බලන්න”, වෙනත් තැන්වල මිනිසුන්ට එවැනි දේවල් සිදු කිරීමට බල කළ අනෙකුත් රදගුරුවරුන් නොසිටියේ නම්, ඔහුට කිසි විටෙකත් එවැනි ප්රකාශයන් භාවිත කිරීමට සිදු නොවනු ඇත. ඒ කාලයේ එම මිනිසුන් ප්රාථමික සිරිතෙන් ඉවත් නොවූ අතර, වඩාත් සත්ය අදහස් දැරූ බව පෙන්නුම් කරන්නේ කොහෙන්ද, එය සභා මන්ත්රණ සභාවක එකඟතාවයෙන් තහවුරු කරනු ලැබ ඇත. එහෙත් “සහෝදරවරුනි, අප මෙන් පළා යා යුතු අතර, එය වළක්වා ගත යුතුය. එසේ මෙතරම් විශාල පාපයකින් අපමවෙන් කර ගත යුතුය,” යන්න එකතු කිරීමෙන් ඔහු අදහස් කරන්නේ කුමක්ද, මන්ද ඔහු මෙය නොකළ යුතු බව හෝ එය අනුමත නොකළ යුතු බව හෝ අදහස් කරන්නේ නම්, එය වෙනත් කාරණයකි; එහෙත් ප්රතිවිරුද්ධ මතයක් දරන අය හෙළා දැක ඔහුගෙන් වෙන් කිරීමට ඔහු අදහස් කරන්නේ නම්, “කිසිවෙකු විනිශ්චය නොකරන්න, ඔහු අපගේ අදහස් නොවන වෙනස් අදහසක් දරන්නේ නම් කිසිවෙකුට ශුද්ධ වූ සහභාගිකමට හවුල් වීමේ අයිතිය අහිමි නොකරන්න,” යනුවෙන් සිප්රියන්ගේ පෙර සඳහන් කළ වචනවලට ඔහු විරුද්ධ වේ.
9 වන පරිච්ඡේදය
13. මිගිර්පාහි වැඩිමහල්ලා වන ෆීලික්ස් (Felix of Migirpa) මෙසේ පැවසීය: “මිථ්යාදෘෂ්ටිකත්වයෙන් පැමිණෙන සෑම කෙනෙකුම බෞතීස්ම විය යුතු යැයි මම සිතමි. මන්ද, සභාවේ ඇති එකම සැබෑ වූ බෞතීස්මය හැරුණුකොට වෙනත් බෞතීස්මයක් නොමැති බව දැක, ඔහු එහි බෞතීස්ම වූ බව කිසිවෙකු නිෂ්ඵල ලෙස සිතන බැවිනි. මන්ද ඇත්තේ එක ස්වාමින් වහන්සේ, එක ඇදහිල්ල සහ එක සභාවය, එහි එක බෞතීස්මය සහ ශුද්ධකම මෙන්ම වෙනත් කාරණාද පවතී. මන්ද, සභාව නොමැතිව කරන දේවල්වලට ගැලවීම ක්රියාත්මක කිරීමට බලයක් නැති නිසාය.”
14. මිගිර්පාහි ෆීලික්ස් (Felix of Migirpa) පැවසූ දෙයට අපි මෙසේ පිළිතුරු දෙමු. සභාව තුළ හැරුණුකොට එකම සැබෑ බෞතීස්මය නොතිබුණේ නම්, එක්සත්කමෙන් ඉවත් වන අය තුළ එය නිසැකවම නොපවතිනු ඇත. එහෙත් එය ඔවුන් තුළ පවතී, මන්ද ඔවුන් ආපසු පැමිණෙන විට එය නොලැබෙන බැවිනි, එයට හේතුව ඔවුන් පිටත්ව යන විට එය නැති වී නොතිබූ බැවිනි. එහෙත් “සභාව නොමැතිව කරන දේවල්වලට ගැලවීම ක්රියාත්මක කිරීමට බලයක් නැත” යන ඔහුගේ ප්රකාශය සම්බන්ධයෙන් මම ඔහු සමඟ එකඟ වන අතර එය තරමක් සත්ය යැයි සිතමි; මන්ද බෞතීස්මය එහි නොතිබිය යුතු බව එක කාරණයක් වන අතර, ගැලවීම ක්රියාත්මක කිරීමට එයට බලයක් නොතිබිය යුතු බව යන්න තවත් කාරණයක් වන බැවිනි. මන්ද මිනිසුන් කතෝලික සභාවේ සාමයට පැමිණෙන විට, ඔවුන් එයට සම්බන්ධ වීමට පෙර ඔවුන් තුළ තිබූ නමුත් ඔවුන්ට එකල ප්රයෝජනවත් නොවූ දේ එවිට ක්ෂයකින් ඔවුන්ට ප්රයෝජනවත් වීමට පටන් ගනී.”
10 වන පරිච්ඡේදය
15. “මිථ්යාදෘෂ්ටිකයන්ගේ බෞතීස්මය වලංගු යැයි ප්රකාශ කරන අය අපගේ බෞතීස්මය නිෂ්ඵල කරති,” යන ඇඩ්රමෙටම්හි පොලිකාප්ගේ (Polycarp of Adrumetum) ප්රකාශයට අපි මෙසේ පිළිතුරු දෙමු. එය මිථ්යාදෘෂ්ටිකයන් විසින් ලබා දෙන මිථ්යාදෘෂ්ටිකයන්ගේ බෞතීස්මය නම්, එය සභාව තුළ ඔවුන් විසින් ලබා දෙන තණ්හාවෙන් පෙළෙන සහ මිනීමරුවන්ගේ බෞතීස්මය වේ. එහෙත් මෙය ඔවුන්ගේ බෞතීස්මය නොවේ නම්, අනෙකද මිථ්යාදෘෂ්ටිකයන්ගේ බෞතීස්මය නොවේය; එබැවින් එය කවුරුන් විසින් ලබා දුන්නද එය ක්රිස්තුස් වහන්සේගේ බෞතීස්මයයි.
11 වන පරිච්ඡේදය
16. තමුගඩිස්හි නොවාටස් (Novatus of Thamugadis) මෙසේ පැවසීය: “ගැලවීම ලබා දෙන බෞතීස්මය සම්බන්ධයෙන් සියලුම ශුද්ධලියවිලි එහි සාක්ෂි ලබා දෙන බව අප දන්නා නමුත්, බෞතීස්ම වූ බවට සමානකමක් ඇතිව සභාවට පැමිණෙන මිථ්යාදෘෂ්ටිකයන් සහ භේදවාදීන් නිසැක වූ උල්පතෙන් බෞතීස්ම විය යුතු බවට අපගේ විශ්වාසය ප්රකාශ කළ යුතුය; එම හේතුව නිසා, ශුද්ධලියවිලිවල සාක්ෂියට අනුව සහ එම අතිශුද්ධ මිනිසුන්ගේ නියෝගයට අනුව, අපගේ සගයන්, සභාවට හැරුණු සියලුම භේදවාදීන් සහ මිථ්යාදෘෂ්ටිකයන් බෞතීස්ම විය යුතුය; එපමණක් නොව, පැවිදි බව ලැබුණු බව පෙනෙන්නට තිබූ සියලු දෙනාම සරල ගිහියන් ලෙස පිළිගත යුතුය.”
17. තමුගඩිස්හි නොවාටස් (Novatus of Thamugadis) තමා කළ දේ ප්රකාශ කර ඇත. එහෙත් ඔහු කළ ආකාරයටම ක්රියා කළ යුතු යයි පෙන්වීමට කිසිදු සාක්ෂියක් ඔහු ඉදිරිපත් කර නැත. මන්ද ඔහු ශුද්ධලියවිලිවල සාක්ෂිය සහ ඔහුගේ සගයන්ගේ නියෝගය ගැන සඳහන් කර ඇති නමුත්, අපට සලකා බැලිය හැකි කිසිවක් ඔහු ඔවුන්ගෙන් ඉදිරිපත් කර නැත.
12 වන පරිච්ඡේදය.
18. ටුබුනේහි නෙමේසියානස් (Nemesianus of Tubunæ) මෙසේ පැවසීය: “මිථ්යාදෘෂ්ටිකයන් සහ භේදවාදීන් විසින් දෙන ලද බෞතීස්මය සත්ය නොවන බව ශුද්ධලියවිල්ලේ සෑම තැනකම ප්රකාශ කර ඇත, මන්ද ඔවුන්ගේ පූජකයන්ම බොරු ක්රිස්තුස්වරුන් සහ බොරු අනාගතවක්තෘවරුන් වන බැවිනි. ස්වාමින් වහන්සේ සලමොන්ගේ මුඛයෙන් ප්රකාශ කරන පරිදි ඔවුන් මෙයාකාරය, ‘බොරු විශ්වාස කරන තැනැත්තා සුළඟ පෝෂණය කරන්නේය; ඔහු පියාඹන පක්ෂීන්ද අනුගමනය කරන්නේය. මන්ද ඔහු තමාගේම මිදි වත්තෙන් ඉවත් වී, තමාගේම කෙතේ මාර්ගවලින් ඈත් වී ඇත. මන්ද ඔහු මාර්ගයක් නැති සහ වියළි ස්ථාන හරහා සහ පිපාසය උදෙසා නියම වූ දේශයක් හරහා ගමන් කරන්නේය; ඔහු තම දෑතින් ඵල රහිත වල් පැළෑටි එකතු කරන්නේය.’ නැවතත් මෙසේ දක්වා ඇත, ‘ඔබ දිගු කලක් ජීවත් වන පිණිසත්, ඔබේ ජීවිතයට අවුරුදු එකතු වන පිණිසත්, අමුතු ජලයෙන් වළකින්න, අමුතු උල්පතකින් වතුර නොබොන්න.’ තවද ශුභාරංචියේ අපගේ ස්වාමින් වන යේසුස් ක්රිස්තුන් වහන්සේ තමන් වහන්සේගේම හඬින් කතා කරමින් මෙසේ පැවසූ සේක, ‘යමෙක් වතුරෙන්ද ආත්මයාණන්ගෙන්ද නූපන්නොත් ඔහුට දෙවියන්වහන්සේගේ රාජ්යයට ඇතුල්වෙන්ට බැරිය.’ (යොහන් 3:5) ආරම්භයේ සිටම ‘ජල මුහුණත මතමතු පිට හැසිරෙමින් සිටි’ ආත්මය මෙයයි.( උත්පත්ති 1:2) මන්ද ආත්මයට ජලය නොමැතිව ක්රියා කළ නොහැකි අතරම, ජලයට ආත්මය නොමැතිව ක්රියා කළ නොහැකිය. එබැවින්, සමහරු තමන්ම අර්ථකථනය කරගනිමින් මෙසේ පවසති. අත් තැබීමෙන් ඔවුන් ශුද්ධාත්මයාණන් වහන්සේ ලබා ගන්නා බවත්, සභාවට පිළිගන්නා බවත්ය. එසේම කතෝලික සභාවේ සක්රමේන්තු දෙකම සිදු කිරීමෙන් ඔවුන් නැවත ඉපදිය යුතු බව පැහැදිලි වූ විට සභාවට පිළිගනු ලබන බවත් පවසති. මන්ද එවිට ඔවුන්ට සැබවින්ම දෙවියන් වහන්සේගේ පුත්රයන් වීමට හැකි වනු ඇත, ප්රේරිතවරයා පවසන පරිදි එය මෙසේය, ‘සමාදානයේ බැම්මෙන් ආත්මයාණන්ගේ එකමුතුකම පවත්වාගන්ට උත්සාහ කරන මෙන්, මම නුඹලාගෙන් ඉල්ලමි. නුඹලාගේ කැඳවීමේ එක බලාපොරොත්තුවට නුඹලා කැඳවනු ලැබූ ලෙසම, ඇත්තේ එක ශරීරයත්, එක ආත්මයාණන්වහන්සෙත්, එක ස්වාමීන්වහන්සෙත්, එක ඇදහිල්ලත්, එක බෞතීස්මයත්, සියල්ලන් කෙරෙහිද සියල්ලන් කරණකොටගෙනද සියල්ලන් තුළද පවතින්නාවූ, සියල්ලන්ට එකම පියවූ දෙවියන්වහන්සෙත්ය.’ (එපීස 4:3-6) මේ සියල්ල කතෝලික සභාව තහවුරු කරයි. නැවතත් ඔහු ශුභාරංචියේ මෙසේ පවසයි, ‘මාංසයෙන් උපදින දේ මාංසයයි, ආත්මයෙන් උපදින දේ ආත්මයයි; මන්ද ආත්මය දෙවියන් වහන්සේය, එය දෙවියන් වහන්සේගෙන් උපන්නේය.’ එබැවින්, සියලු මිථ්යාදෘෂ්ටිකයන් සහ භේදවාදීන් කරන ඕනෑම දෙයක් ලෞකිකය, ප්රේරිතවරයා පවසන පරිදි එය මෙසේය, ‘ඉදින් මාංසයේ ක්රියා ප්රකාශව තිබේ; එනම්, වේශ්යාකම, අපවිත්රකම, සල්ලාලකම; රූප වැඳීම, මායාව, සතුරුකම්, විවාදය, ඊර්ෂ්යා, ක්රෝධ, පක්ෂවාදිකම්, භේද, ලබ්ධි භේද; වෛර, බීමත්කම, ඝෝෂා සහ තවත් එවැනි දේවල්ය. මෙබඳු දේ කරන්නන්ට දෙවියන් වහන්සේගේ රාජ්යයෙහි උරුම නොලැබෙන බව මම නුඹලාට ප්රථම කී ලෙසම, දැනුත් කලින් නුඹලාට කියමි.'( ගලාති 5:19-21) ප්රේරිතවරයා සියලු දුෂ්ටයන් හා සමාන ලෙසටම, බෙදීම් ඇති කරන අය, එනම් භේදවාදීන් සහ මිථ්යාදෘෂ්ටිකයන් හෙළා දකයි. එබැවින්, කතෝලික සභාවේ පමණක් දක්නට ලැබෙන එකම ගැලවීමේ බෞතීස්මය ඔවුන්ට නොලැබෙන්නේ නම්, ඔවුන්ට ගැලවීම ලැබිය නොහැකි අතර, ස්වාමින් වහන්සේගේ විනිශ්චයේදී ලෞකික අය සමග ඔවුන් හෙළා දකිනු ලැබෙනු ඇත.”
19. ටුබුනේහි නෙමේසියානස් (Nemesianus of Tubunæ) ඔහුගේ කරුණ සනාථ කිරීම සඳහා ශුද්ධලියවිල්ලේ බොහෝ කොටස් ඉදිරිපත් කර ඇත; එහෙත් ඔහු ඇත්ත වශයෙන්ම බොහෝ දේ පවසා ඇත්තේ කතෝලික සභාවේ දෘෂ්ටිය වෙනුවෙනි. එය අප විසින් ඉදිරිපත් කර පවත්වා ගැනීමට භාරගෙන ඇත. ඇත්ත වශයෙන්ම, අපි සිතිය යුත්තේ ලෞකික දේවල් පිළිබඳ බලාපොරොත්තුව විශ්වාස කරන සියලු ලෝභ මිනිසුන් සහ මංකොල්ලකරුවන් මෙන්ම “වචනවලින් ලෝකය අත්හරින නමුත් ක්රියාවෙන් ලෝකය අත්නොහරින” අය මෙන්, ඔහු “අසත්ය දේ විශ්වාස නොකරන” බවයි. එවැනි මිනිසුන් සභාව තුළ අන් අය බෞතීස්ම කරනවා පමණක් නොව, බෞතීස්මය ලබන බවට සිප්රියන් තවදුරටත් සාක්ෂි දරයි. මන්ද ඔවුන් තමන් කැමති වන දේ අත්පත් කර නොගන්නා බැවින්, ඔවුහු “පියාඹන පක්ෂීන් අනුගමනය කරති.” එහෙත් මිථ්යාදෘෂ්ටිකයා පමණක් නොව, නපුරු ජීවිතයක් ගත කරන සෑම කෙනෙකුම “තමාගේම මිදිවත්තේ මාර්ග අතහැර දමා, තමාගේම කෙතේ මාර්ගවලින් ඉවත් වී ඇත. ඔහු මාර්ගයක් නැති සහ වියළි ස්ථාන හරහා ගමන් කරන අයෙකි, පිපාසයට පත් වූ දේශයක් හරහා ගමන් කරන අයෙකි; ඔහු තම දෑතින් ඵල රහිත වල් පැළෑටි එකතු කරන්නෙකි;” මන්ද සියලු යුක්තිය ඵලදායක වන අතර සියලු අධර්මය නිසරුය. නැවතත්, “අමුතු දිය උල්පතකින් අමුතු ජලය පානය කරන” අය, මිථ්යාදෘෂ්ටිකයන් අතර පමණක් නොව, දෙවියන් වහන්සේගේ ඉගැන්වීම්වලට අනුව ජීවත් නොවන සහ යක්ෂයාගේ ඉගැන්වීම්වලට අනුව ජීවත් වන සියල්ලන් අතර දක්නට ලැබේ. මන්ද ඔහු බෞතීස්මය ගැන කතා කරන්නේ නම්, ඔහු “අමුතු උල්පතකින් නොබොන්න,” යයි නොකියනු ඇත, එ් වෙනුවට අමුතු උල්පතකින් ඔබ සෝදා නොගන්න, යයි කියනු ඇත. නැවතත්, අපගේ ස්වාමින් වහන්සේගේ වචනවලින් ඔහුගේ කාරණය ඔප්පු කිරීමට ඔහුට ලැබෙන උපකාරය මට කිසිසේත් නොපෙනේ, “යමෙක් වතුරෙන්ද ආත්මයාණන්ගෙන්ද නූපන්නොත් ඔහුට දෙවියන් වහන්සේගේ රාජ්යයට ඇතුල්වෙන්ට බැරිය.” (යොහන් 3:5) මන්ද ස්වර්ග රාජ්යයට ඇතුළු වන සෑම කෙනෙකුම මුලින්ම ජලයෙන් සහ ආත්මයෙන් නැවත ඉපදෙන බව පැවසීම එක දෙයකි, එයට හේතුව මිනිසෙකු ජලයෙන් සහ ආත්මයෙන් උපත නොලබන්නේ නම්, ඔහු ස්වර්ග රාජ්යයට ඇතුළු නොවන නිසාය. එය ස්වාමින් වහන්සේගේ ප්රකාශය වන අතර එය සත්යයකි; ජලයෙන් සහ ආත්මයෙන් උපත ලබන සෑම කෙනෙකුම ස්වර්ග රාජ්යයට ඇතුළු වන බව පැවසීම තවත් දෙයකි, එය නිසැකවම අසත්යයකි. මන්ද සයිමන් මැගස්ද ජලයෙන් සහ ආත්මයෙන් උපත ලැබූ නමුත්, (ක්රියා 8:13) නමුත් ඔහු ස්වර්ග රාජ්යයට ඇතුළු වූයේ නැත; මිථ්යාදෘෂ්ටිකයන් සම්බන්ධයෙන්ද මෙය එසේ විය හැකිය. නැතහොත් ස්වර්ග රාජ්යයට ඇතුළු වන්නේ සැබෑ පරිවර්තනයකින් වෙනස් වූ ආත්මයෙන් උපත ලැබූ අය පමණක් නම්, “ක්රියාවෙන් නොව වචනයෙන් පමණක් ලෝකය අත්හරින” සියල්ලන්ම නිසැකවම ආත්මයෙන් නොව ජලයෙන් පමණක් උපත ලබා සිටින අතර, සිප්රියන්ගේ සාක්ෂියට අනුව ඔවුහු සභාව තුළ සිටිති. මන්ද අපි කාරණා දෙකෙන් එකක් පිළිගත යුතුය. එනම් ලෝකය වංචාවෙන් අත්හරින අය ආත්මයෙන් උපත ලබති, එසේ වුවද එය ඔවුන්ගේ විනාශයට මිස ගැලවීමට හේතු නොවේය, එබැවින් මිථ්යාදෘෂ්ටිකයන් එසේ උපත ලැබිය හැකිය; එසේ නැතහොත් “විනයෙහි ශුද්ධාත්මයාණන් වහන්සේ වංචාවෙන් පලා යනු ඇත,” (ප්රඥාව 1:5) යනුවෙන් ලියා ඇති කාරණය මේ දෙය ඔප්පු කිරීමට තරම් විහිදේ, එනම් ලෝකය වංචාවෙන් අත්හරින අය ආත්මයෙන් ඉපදෙන්නේ නැත, එවිට මිනිසෙකුට ආත්මයෙන් ඉපදෙන්නේ නැතිව ජලයෙන් බෞතීස්මය ලැබිය හැකිය. ඒ අනුව නෙමේසියානස් නිෂ්ඵල ලෙස පවසන්නේ මේ කාරණයයි. ආත්මයට ජලය නොමැතිව ක්රියා කළ නොහැකි අතරම, ජලයට ආත්මය නොමැතිව ක්රියා කළ නොහැකි බවයි. ඇත්ත වශයෙන්ම, එක් සභාව නොමැති මිනිසුන්ට එක බෞතීස්මය තිබිය හැකි ආකාරය බොහෝ විට පෙන්වා දී ඇත. මන්ද, “එක ශරීරය”, එනම්, සභාව, “එක ආත්මය” සහ “එක බෞතීස්මය” යනුවෙන් පවසන ආකාරයටම,සභාවේ ශරීරය තුළම ඔවුන්ගේ ධර්මිෂ්ඨකමෙන් විශුද්ධ වූ අයට සහ ඔවුන්ගේ තණ්හාවෙන් දූෂිත වූ අයට එකම ආත්මයක් නොතිබිය හැකි වූවද, ඔවුන්ට එක බෞතීස්මය තිබිය හැකිය. ඔහු ඉදිරිපත් කර ඇති අනෙකුත් තර්ක අපගේ ස්ථාවරයට පක්ෂය. මන්ද ඔහු පහත සඳහන් වචනවලින් ශුභාරංචියෙන් සාක්ෂියක් ඉදිරිපත් කර ඇත්තේය, “මාංසයෙන් උපදින දේ මාංසයය; ආත්මයාණන්ගෙන් උපදින දේ ආත්මයය;” (යොහන් 3: 6) මන්ද දෙවියන් වහන්සේ ආත්මයකි, දෙවියන් වහන්සේගෙන් උපන් අයද ආත්මයෙන් උපන් අයයි. එබැවින් ඕනෑම මිථ්යාදෘෂ්ටිකයෙකු හෝ භේදකාරීයෙකු විසින් කරන ලද සියල්ල ලෞකිකය, යනුවෙන් පවසමින් ඔහු තර්කය වඩාත් ඉදිරියට ගෙන යයි. ප්රේරිතවරයා “ඉදින් මාංසයේ ක්රියා ප්රකාශව තිබේ, එනම්, වේශ්යාකම, අපවිත්රකම, …” යනුවෙන් පවසමින් ප්රේරිතවරයා එහි ලැයිස්තුගත කරන ලැයිස්තුව දක්වමින්, ඒ අතරින් ඔහු මිථ්යාදෘෂ්ටිකයන් ලෙස ගණන් ගෙන ඇත,. මන්ද, “මෙබඳු දේ කරන්නන්ට දෙවියන්වහන්සේගේ රාජ්යයෙහි උරුම නොලැබෙන බව මම නුඹලාට ප්රථම කී ලෙසම, දැනුත් කලින් නුඹලාට කියමි,” යයි පවසයි. (ගලාති 5:19-21) ඉන්පසු ඔහු තවදුරටත් මෙසේ එකතු කරයි, “එබැවින් ප්රේරිතවරයා සියලු දුෂ්ට මිනිසුන් සමග භේද ඇති කරන අය, එනම් භේදවාදීන් සහ මිථ්යාදෘෂ්ටිකයන් හෙළා දකියි.” ඔහු මෙයින් ඒ දෙය ඉතා හොඳින් සිදු කරයි, එනම් ඔහු මාංසයේ ක්රියාවලට තරවටු කරන කල, මිථ්යාදෘෂ්ටිකත්වයද ඇතුළුව, ප්රේරිතවරයා ඒ සියල්ලම එක හා සමානව හෙළා දකින බව ඔහු දැනගෙන ප්රකාශ කළේය. එබැවින් ඔහු ශුද්ධ වූ සිප්රියන්ගෙන්ම ප්රශ්න කරමින්, සභාව තුළ පවා කොපමණ පිරිසක් මාංසයේ නපුරු ක්රියාවලට අනුව ජීවත් වෙනවාද යන්න ඔහුගෙන් දැනගනියි. අපොස්තුළුවරයා එම කාරණා මිථ්යාදෘෂ්ටික බව සමග පොදුවේ හෙළා දකින නමුත්, මෙබඳු දේ කරන අය අන් අය බෞතීස්ම කරති, එසේම ඔවුහු බෞතීස්මය ලබති. එසේ නම්, හෙළා දකින ලද වැරදි මිථ්යාදෘෂ්ටිකයන් හා සමාන ලෙසම සිදු කරන අය බෞතීස්මය ලබන විට සහ එය සිදු කරන විට, මිථ්යාදෘෂ්ටිකයන්ට පමණක් බෞතීස්මය ලබා ගැනීමට නොහැකි යැයි පවසන්නේ මන්ද?
13 වන පරිච්ඡේදය.
20. ලැම්බේස්හි ජනුවාරියස් (Januarius of Lambæse) මෙසේ පැවසීය: “ශුද්ධ වූ ශුද්ධලියවිල්ලේ අධිකාරිය අනුගමනය කරමින්, සියලුම මිථ්යාදෘෂ්ටිකයන් බෞතීස්ම විය යුතු බවත්, ශුද්ධ වූ සභාවට ඇතුළත් කරගත යුතු බවත් මම ප්රකාශ කරමි.”
21. ශුද්ධලියවිල්ලේ අධිකාරිය අනුගමනය කරමින් ඔහුට අප පිළිතුරු දෙන්නේ මෙසේය, මුළු ලෝකයේම විශ්වීය මන්ත්රණ සභාවක් මගින් මිථ්යාදෘෂ්ටිකයන් අතර පවා ක්රිස්තුස් වහන්සේගේ බෞතීස්මය ප්රතික්ෂේප නොකළ යුතු බවට නියෝග කළ බවයි. එහෙත් ඔහු ශුද්ධලියවිල්ලෙන් කිසියම් සාක්ෂියක් ඉදිරිපත් කර ඇත්නම්, ඒවා අප ප්රකාශ කරන දේ හා එකඟ වන බව හෝ අප ප්රකාශ කරන කාරණයට විරුද්ධ නොවන බව හෝ අප විසින් පෙන්වා දිය යුතුව තිබුණි.
14 වන පරිච්ඡේදය.
22. කැස්ට්රා ගල්බේහි ලුසියස් (Lucius of Castra Galbæ) මෙසේ පැවසීය: “ස්වාමින් වහන්සේ තමන් වහන්සේගේ ශුභාරංචියේ මෙසේ පවසා ඇත. ‘නුඹලා පොළොවේ ලුණුය. නුමුත් ලුණුවල රස නැතිවුණොත් ඒවා කුමකින් රස කරනු ලබන්නේද? එතැන් පටන් ඒවා පිටත දමනු ලබන්ටද මනුෂ්යයන්ගේ පයින් පාගනු ලබන්ටද මිස අන් කිසිවකට නොවටනේය.’ නැවත නැඟිටීමෙන් පසුව, උන්වහන්සේගේ ප්රේරිතයන් යවන විට, උන්වහන්සේ ඔවුන්ට මෙසේ අණ කළ සේක: ‘ස්වර්ගයෙහිත් පොළොවෙහිත් සියලු බලය මට දී ඇත: එබැවින් ඔබ ගොස් සියලු ජාතීන්ට ගෝලයන් කරන්න, පියාණන්ගේත් පුත්රයාණන්ගේත් ශුද්ධාත්මයාණන්ගේත් නාමයෙන් ඔවුන් බෞතීස්ම කරන්න,'(මතෙව් 28:18-19) එතැන් සිට මිථ්යාදෘෂ්ටිකයන්ට, එනම් ක්රිස්තුස් වහන්සේගේ සතුරන්ට, සක්රමේන්තුව පිළිබඳ සම්පූර්ණ එළිදරව්ව නොමැති බව පැහැදිලිය, එසේම භේදවාදීන්ට ආත්මික ප්රඥාව සමග තර්ක කළ නොහැකිය, මන්ද ඔවුන්ම, ඔවුන්ගේ රසය නැති කරගත් විට එකම වන සභාවෙන් ඉවත් වීමෙන්, එයට පටහැනි වී ඇති බැවින්, ‘ව්යවස්ථාවට විරුද්ධ වන අයගේ නිවාස පිරිසිදු කළ යුතුය,’ යනුවෙන් ලියා ඇති දේ සිදු කළ යුතුය. එබැවින් ක්රිස්තුස් වහන්සේට විරුද්ධ මිනිසුන් විසින් බෞතීස්ම කරනු ලැබීමෙන් දූෂිත වූවන් පළමුවෙන්ම පවිත්ර කළ යුතු අතර, එසේ කිරීමෙන් පසුව පමණක් බෞතීස්ම කිරීම සිදු කළ යුතුය.”
23. කැස්ට්රා ගල්බේහි ලුසියස් (Lucius of Castra Galbæ), ස්වාමින්වහන්සේගේ වචනවලින් ශුභාරංචියෙන් සාක්ෂියක් ඉදිරිපත් කර ඇත. “නුඹලා පොළොවේ ලුණුය. නුමුත් ලුණුවල රස නැතිවුණොත් ඒවා කුමකින් රස කරනු ලබන්නේද? එතැන් පටන් ඒවා පිටත දමනු ලබන්ටද මනුෂ්යයන්ගේ පයින් පාගනු ලබන්ටද මිස අන් කිසිවකට නොවටනේය.” එය මිනිසුන් තමන්ගේ හෝ වෙනත් කෙනෙකුගේ ගැලවීම සඳහා කිසියම් ප්රයෝජනයක් නැතිව ඉවත දැමීම සිදු වූවාක් මෙනි. එහෙත් සභාව ඇතුළත සිටින බව පෙනෙන්නට තිබුණත්, තවමත් එවැනි ආකාරයේ ජීවිත ගත කරන අය, ආත්මිකව නිදහස් නොවනවා පමණක් නොව, අවසානයේ ශරීරයෙන්ද වෙන් වනු ඇත. මන්ද එවැනි සියල්ල නිෂ්ඵලය. එහෙත් එයින් අදහස් කරන්නේ ඔවුන් තුළ ඇති බෞතීස්මයේ සක්රමේන්තුව කිසිවක් නොවන බව නොවේය. මන්ද යත්, ඉවත දමන ලද මිනිසුන් තුළ පවා, ඔවුන් නැවත තමනගේ සිහිකල්පනාවට පැමිණ නැවත පැමිණියහොත්, ඔවුන්ගෙන් ඉවත් වූ ගැලවීම නැවත පැමිණේ; එහෙත් බෞතීස්මය නැවත පැමිණෙන්නේ නැත, මන්ද එය කිසි විටෙකත් ඉවත්ව ගොස් නොතිබුණු නිසාය. “එබැවින් ගොස් සියලු ජාතීන් ගෝලයන් කරන්න, පියාණන්ගේත්, පුත්රයාණන්ගේත්, ශුද්ධාත්මයාණන්ගේත් නාමයට ඔවුන් බෞතීස්ම කරන්න,” යනුවෙන් ස්වාමින් වහන්සේ පවසන විට, යහපත් අයට හැරුණුකොට වෙන කිසිවෙකුට බෞතීස්ම කිරීමට උන්වහන්සේ ඉඩ නුදුන් සේක, මන්ද උන්වහන්සේ නපුරු අයට “ඔබ යමෙකුගේ පව් කමා කරන්නෙහිද, ඒවා ඔවුන්ට කමා කරනු ලැබේ; ඔබ යමෙකුගේ පව් කමා නොකරන්නෙහිද, ඒවා ඔවුන්ට කමා කරනු නොලැබේ,”( යොහන් 20:23) යනුවෙන් නොකී සේක. එසේ නම්, පව් කමා කළ නොහැකි දුෂ්ටයන් සභාව තුළ බෞතීස්ම කරන්නේ කෙසේද? “තම සහෝදරයාට වෛර කරන්නා මේ දක්වා අන්ධකාරයේ සිටී,” (1 යොහන් 2:9) යනුවෙන් යොහන් පවසන පරිදි, වෙනස් නොවූ හදවත් ඇති දුෂ්ටයින්, තවමත් පාපවල ජීවත් වන දුෂ්ටයන් ඔවුන් විසින් බෞතීස්ම කරනු ලබන්නේ කෙසේද? එහෙත් මේ මිනිසුන් සභාව තුළ පව් කමා කරනු ලබන යහපත් හා ධර්මිෂ්ඨ අය කෙරෙහි වන ප්රේමයේ සමීප බැඳීම්වලින් ඔවුන්ට එක්වන විට, ඔවුන් දුෂ්ටයන් විසින් බෞතීස්ම කරනු ලැබුවද, සභාවට පිටතින් පැමිණ ක්රිස්තුස් වහන්සේගේ ශරීරයේ එකම රාමුවට සාමයේ අභ්යන්තර බැඳීම මගින් තමන් හා එක්වන අයගේ පාපද කමා කරනු ලැබේ. එහෙත් ක්රිස්තුස් වහන්සේගේ බෞතීස්මය දෙපාර්ශ්වය අතරම පිළිගත යුතු අතර, ඒවා කිසිවක් මගින් අවලංගු කළ යුතු නොවේ. ඔවුන්ට කිසිදු ප්රයෝජනයක් නොලැබුණත්, ඔවුන් සංවර්තනය වීමට පෙර බෞතීස්මය ලැබුවේද, නැතිනම් බෞතීස්මය ඔවුන්ට ප්රයෝජනවත් විය හැකි වන පරිදි සංවර්තනයට පසුව බෞතීස්මය ලැබුවේද යන්න නොසලකා හැරිය යුතුය. ඔහු පවසන පරිදි, “ඔවුන්ම, ඔවුන්ගේ රසය නැති වූ විට එක සභාවෙන් ඉවත් වීමෙන්, එයට පටහැනි වී ඇති බැවින්, ‘ව්යවස්ථාවට විරුද්ධ අයගේ නිවාස පිරිසිදු කළ යුතුය,’ යනුවෙන් ලියා ඇති දේ සිදු කළ යුතුය. එබැවින්, ක්රිස්තුස් වහන්සේට විරුද්ධ මිනිසුන් විසින් බෞතීස්ම කරන ලදුව දූෂිත වූ අය පළමුවෙන්ම පවිත්ර කළ යුතු අතර පසුව පමණක් බෞතීස්ම කළ යුතුය,” යනුවෙන් ඔහු තවදුරටත් පවසයි. එසේ නම් කුමක්ද? සොරුන් සහ මිනීමරුවන් “මිනී නොමරව; සොරකම් නොකරව,” යනුවෙන් පවසන නීතියට පටහැනිව ක්රියා කරනවා නොවේද? “එබැවින් ඔවුන් පවිත්ර කරනු ලැබිය යුතුය.” එය ප්රතික්ෂේප කරන්නේ කවුද? එහෙත් සභාව තුළ එවැනි අය විසින් බෞතීස්ම කරනු ලබන අය පමණක් නොව, හදවතින් වෙනස් නොවී බෞතීස්මය ලබන එවැනි අයද, ඔවුන් එසේ වෙනස් වූ විට නැවත බෞතීස්ම කරනු ලැබීමෙන් නිදහස් වෙති. බෞතීස්මයේ සක්රමේන්තුවේ බලය කෙතරම් විශිෂ්ටද යත්, බෞතීස්ම වීමෙන් පසුව නොකඩවම නපුරු ජීවිතයක් ගත කරන මිනිසෙකුට පවිත්ර වීම අවශ්ය වූවද, අපි ඔහුට නැවත බෞතීස්ම වීම තහනම් කරමු.
15 වන පරිච්ඡේදය
24. සර්ටාහි ක්රෙසන්ස් (Crescens of Cirta) මෙසේ පැවසීය: “අපගේ ආදරණීය සිප්රියන් ජුබයියනාස්ට සහ ස්ටීවන්ට ලියූ ලිපි, පූජක තන්ත්රයේ අපගේ අතිශුද්ධ සහෝදරයන්ගේ විශාල රැස්වීමකදී කියවනු ලැබ ඇති අතර, ශුද්ධලියවිල්ලෙන් ලබාගත් පූජනීය සාක්ෂි සමූහයක් එහි අන්තර්ගත වේ. ඒවා අපට අපගේ දෙවියන් වහන්සේ ලබා දුන් අතර, ඒවාට එකඟ වීමට අපට සෑම හේතුවක්ම ඇත. එසේ දෙවියන් වහන්සේගේ කරුණා අනුග්රහයෙන් සියල්ලන්ම එක්සත් වී, කතෝලික සභාවට පැමිණීමට කැමති සියලුම මිථ්යාදෘෂ්ටිකයන් හෝ භේදවාදීන් මුලින්ම යක්ෂයන් පලවා හරිනු ලැබ බෞතීස්ම නොවුවහොත් එයට ඇතුළු නොවිය යුතු බවට මම මගේ තීන්දුව ලබා දෙමි; එහිදී කතෝලික සභාවේදී මුලින් බෞතීස්ම වූ අය එසේ නොකළ යුතුය. ඔවුන් සමගි කරනු ලැබ අත් තැබීමෙන් සභාවේ පසුතැවිල්ලට ඇතුළත් කරගනු ලබනවා ඇත.”
25. “ඇත්ත වශයෙන්ම, කතෝලික සභාවේ මුලින් බෞතීස්ම වී සිටි අය හැරුණුකොට” යනුවෙන් ඔහු පවසන්නේ මන්දැයි විමසීමට මෙහිදී අපට නැවත වරක් අනතුරු අඟවා ඇත. එසේ පවසන්නේ ඔවුන්ට කලින් ලැබුණු දේ ඔවුන්ට මේ වන විටත් අහිමි වී නැති නිසාද? එසේ නම්, ඔවුන්ට සභාවට පිටතින් තිබිය හැකි දේ සභාවෙන් පිටතට සම්ප්රේෂණය කළ නොහැකි මන්ද? සභාවට පිටතින් එය නීති විරෝධී ලෙස සම්ප්රේෂණය වන නිසාද? එය නීත්යනුකූලව සභාවට පිටතින් ලබා ගත නොහැකි වන නමුත් එය ලබාගෙන ඇත; එබැවින් එය නීති විරෝධී ලෙස සභාවෙන් පිටතදී ලබා දී ඇත, එසේ වූවද, එය ලබා දී ඇත. එහෙත් සභාව ඇතුළත බෞතීස්මය ලද මිථ්යාදෘෂ්ටියෙන් ආපසු එන පුද්ගලයාට ලබා දෙන දේ, සභාවෙන් පිටත බෞතීස්මය ලබා සභාවට පැමිණෙන පුද්ගලයාටද දෙනු ලැබේ. එනම්, ඔහුට නීති විරෝධී ලෙස සභාවෙන් පිටතදී තිබූ දේ ඔහුට නීත්යනුකූල ලෙස සභාව ඇතුළත තිබිය හැකි නිසාය. එහෙත් සමහර විට කෙනෙකුට මෙම තීන්දුවේ සඳහන් කර ඇති, මන්ත්රණ සභාවේ ආරම්භක දේශනයේ නොව, ආශීර්වාද ලත් සිප්රියන් විසින් ස්ටීවන්ට ලියන ලද ලිපියේ මේ කාරණය සම්බන්ධයෙන් දක්වා ඇත්තේ කුමක්දැයි විමසිය හැකිය – එයට හේතුව ලෙස මා සිතන්නේ එය අවශ්ය කාරණයක් ලෙස නොසැලකූ නිසාය. ක්රෙසන්ස් ප්රකාශ කළේ එම ලිපිය සභාව තුළ කියවා ඇති බවය. එය එසේ කියවා ඇති බවට මට කිසිදු සැකයක් නැත. මා නිවැරදි නම්, සිරිතක් ලෙස, දැනටමත් රැස්ව සිටින රදගුරුවරුන්ට මෙම ලිපියේ අන්තර්ගත විෂය පිළිබඳ යම් තොරතුරු ඒ අවස්ථාවේදීම ලබා ගත හැකි වනු ඇත. මන්ද එය නිසැකවම වර්තමාන විෂයට බලපාන්නේ නැත; ආරම්භක දේශනයේදී එය සම්මත කර ගැනීමට වඩා එය කිසිසේත් සඳහන් කිරීම සුදුසු යැයි ක්රෙසන්ස් සිතීම ගැන මම වඩාත් පුදුම වෙමි. එහෙත් වර්තමාන කරුණට අත්යවශ්ය වන එහි ඉල්ලා සිටි දෙයක් මතු කිරීමෙන් මා වැළකී සිටින බව යමෙකු සිතන්නේ නම්, ඔහු එය කියවා මා පවසන දේ සත්ය බව දකීවා. නැතහොත් ඔහුට එය වෙනත් ආකාරයකින් දැනගතහොත්, ඔහු මට අසත්ය පැවසීම සම්බන්ධයෙන් වරදකරු ලෙස මට ඒත්තු ගන්වාවා. මන්ද, එම ලිපියේ අපගේ වර්තමාන තර්කයේ විෂය වන මිථ්යාදෘෂ්ටිකයන් හෝ භේදවාදීන් අතර ලබා දෙන ලද බෞතීස්මය පිළිබඳ කිසිවක් අන්තර්ගත නොවන නිසාය.
16 වන පරිච්ඡේදය
26. සෙගර්මිහි නිකොමෙඩිස් (Nicomedes of Segermi) මෙසේ පැවසීය: “මගේ විනිශ්චය නම් සභාවට පැමිණෙන මිථ්යාදෘෂ්ටිකයන් නැවත බෞතීස්ම කරනු ලැබිය යුතු බවයි. එයට හේතුව ඔවුන්ට පිටත පව්කාරයන් අතර පව් සමාව ලබා ගත නොහැකි නිසාය.”
27. මෙයට පිළිතුර වන්නේ මෙයයි: මුළු කතෝලික සභාවේම විනිශ්චය වන්නේ, මිථ්යාදෘෂ්ටිකයින්, මිථ්යාදෘෂ්ටිකත්වයේ සිටියදී වූවද දැනටමත් ක්රිස්තුස් වහන්සේගේ බෞතීස්මයෙන් බෞතීස්ම වී ඇති නිසා, මිථ්යාදෘෂ්ටිකයින් සභාවට පැමිණීමෙන් පසු නැවත බෞතීස්මය ලැබීම අවශ්ය නොවන බවයි. මන්ද පව්කාරයන් අතර පව් සමාවක් නොමැති නම්, සභාව තුළ සිටින පව්කාරයන්ටද පව් සමාව දිය නොහැකිය; එහෙත් සභාව තුළ සිටින එවැනි අයගෙන් බෞතීස්ම වූ අය නැවත බෞතීස්මය නොලබති.
17 වන පරිච්ඡේදය
28. ගිර්බාහි මොනුලස් (Monnulus of Girba) මෙසේ පැවසීය: “සහෝදරවරුනි, අපගේ මව වන කතෝලික සභාවේ සත්යය, අප අතර දිගටම පැවතිණි, එය තවමත් අප අතර පවතී, විශේෂයෙන් බෞතීස්මයේ ත්රිත්ව ස්වභාවය තුළ එය පවතී. අපගේ ස්වාමින් වහන්සේ පවසන පරිදි, ‘යන්න, ගොස් සියලු ජාතීන් පියාණන්ගේත් සහ පුත්රයාණන්ගේත් සහ ශුද්ධාත්මයාණන්ගේත් නාමයට බෞතීස්ම කරන්න.’ (මතෙව් 28:19) එබැවින්, ඔහු තවදුරටත් පවසන්නේ මෙයයි, “මිථ්යාදෘෂ්ටිකයන්ට පියාණන්, පුත්රයාණන් හෝ ශුද්ධාත්මයාණන් නොමැති බව අපි පැහැදිලිව දනිමු, ඔවුන් අපගේ මව වන සභාව වෙත පැමිණෙන විට, සැබවින්ම පුනර්ජීවනය වී බෞතීස්මය ලැබිය යුතුය, එවිට ඔවුන්ට තිබූ පිළිකාව, උදහසින් යුක්තව හෙළා දකිනු ලැබීම, සහ දෝෂයේ විනාශකාරී ශක්තිය ශුද්ධ හා ස්වර්ගීය පවිත්ර කිරීම මගින් විශුද්ධ කළ හැකිය.”
29. අපි මෙයට පිළිතුරු දෙන්නෙමු, ශුභාරංචියේ වචනවලින් කැප කරන ලද බෞතීස්මයෙන් බෞතීස්ම වන සියල්ලන්ටම සක්රමේන්තුව තුළ පමණක් පියාණන්, පුත්රයාණන් සහ ශුද්ධාත්මයාණන් ඇත; එහෙත් හදවතින් සහ ජීවිතයෙන් ඔවුන්ට අතහැර දමන ලද හා ශාප ලත් ජීවිතයක් ගත කරන අයට එය නැත.
18 වන පරිච්ඡේදය.
30. සීඩියස්හි සෙකන්ඩිනස් (Secundinus of Cedias) මෙසේ පැවසීය: “අපගේ ස්වාමින් වන ක්රිස්තුස් වහන්සේ, ‘මා සමග නොසිටින තැනැත්තා මට විරුද්ධය’ කියා පැවසූ බැවින්, (මතෙව් 12:30) සහ අපොස්තුළු යොහන් සභාවෙන් පිටතට යන අය අන්ත ක්රිස්තුස්වරුන් ලෙස ප්රකාශ කරන බැවින්, (1 යොහන් 2:18) නිසැකවම ක්රිස්තුස් වහන්සේගේ සතුරෝ වෙති. එසේ අන්ත ක්රිස්තුස් ලෙස හඳුන්වන අයට ගැලවීම ලබා දෙන බෞතීස්මයේ කරුණා අනුග්රහයට සේවය කළ නොහැකිය; එබැවින් මගේ විනිශ්චය නම්, මිථ්යාදෘෂ්ටියේ උගුල්වලින් සභාවේ රැකවරණය ලබන අය අප විසින් බෞතීස්ම කරනු ලැබිය යුතු බවයි. ඒ අය උන් වහන්සේගේ අනුකම්පාවෙන් දෙවියන් වහන්සේගේ මිතුරන් ලෙස හඳුන්වනු ලබති.”
31. එයට පිළිතුර මෙයයි, සියල්ලන්ම ක්රිස්තුස් වහන්සේගේ විරුද්ධවාදීන් වන අතර, “ස්වාමිනි, ඔබගේ නාමයෙන් අපි බොහෝ පුදුම දේවල් කර නැද්ද?” යනුවෙන් ඔවුන් පවසන විට, ඔවුන්ට උන් වහන්සේ මෙසේ කී සේක. එහි සටහන් කර ඇති අනෙකුත් සියල්ල සමග, උන්වහන්සේ අවසාන දිනයේදී මෙලෙස පිළිතුරු දෙනු ඇත, “මම ඔබ කිසිදා දැන නොසිටියෙමි: අයුතුකම් කරන ඔබ, මා වෙතින් ඉවත් වන්න.”( මතෙව් 7:22-23) ගින්න සඳහා නියම කර ඇති එවන් ආකාරයේ සියලුම දහයියා, අවසානය දක්වා එහි දුෂ්ටකමේ නොපසුබටව පවතින්නේ නම්, එහි යම් කොටසක් එය පොළා ගැනීමට පෙර පිටතට ගහගෙන ගියත්, නැතහොත් එය ඇතුළත ඇති බවක් පෙනෙන්නට තිබුණත් එය එසේය. එබැවින්, සභාවට පැමිණෙන මිථ්යාදෘෂ්ටිකයන් දෙවියන් වහන්සේගේ මිතුරන් කරණකොටගෙන බෞතීස්මය ලැබීමට නැවත බෞතීස්ම කළ යුතු නම්, ඒ ලෝභ මිනිසුන්, ඒ කොල්ලකරුවන්, මිනීමරුවන්, දෙවියන් වහන්සේගේ මිතුරන්, නැතහොත් ඔවුන් බෞතීස්ම කළ එවැනි අය නැවත බෞතීස්ම කළ යුතුද?
19 වන පරිච්ඡේදය.
32. බගායිහි ෆීලික්ස් (Felix of Bagai) මෙසේ පැවසීය: “අන්ධයෙකුට තවත් අන්ධයෙකු මගපෙන්වන විට, දෙදෙනාම වළට වැටෙනවාක් මෙන්,( මතෙව් 15:14) මිථ්යාදෘෂ්ටිකයෙකු විසින් තවත් මිථ්යාදෘෂ්ටිකයෙක් බෞතීස්ම කරනු ලබන විට, දෙදෙනාම එක්ව මරණයට වැටේ.”
33. මෙය සත්යයකි, එහෙත් ඔහු එයට එකතු කරන දේ සත්ය බවට එයින් අදහස් නොවේ. ඔහු පවසන්නේ මෙයයි, “එබැවින්, ජීවත්ව සිටින අප මළවුන් සමග සම්බන්ධතාව නොපවත්වන පිණිස එම මිථ්යාදෘෂ්ටිකයා බෞතීස්ම කරනු ලැබ ජීවනයට ගෙන ආ යුතුය.” “එබැවින් හෙට මැරෙන බැවින් අපි කමු, බොමු,” යැයි පැවසූ අය මිය ගොස් සිටියා නොවේද?( 1 කොරින්ති 15:32) මන්ද ඔවුන් මළවුන්ගේ නැවත නැඟිටීම විශ්වාස කළේ නැත. එවිට ඔවුන්ගේ නපුරු සන්නිවේදනයෙන් දූෂිත වී ඔවුන් අනුගමනය කළ අයද ඔවුන් සමග එම වළට වැටුණේ නැද්ද? එහෙත් ඔවුන් අතර ප්රේරිතවරයා දැනටමත් බෞතීස්ම වී ඇති බවට පවසන මිනිස්සු සිටියහ; එබැවින්, ඔවුන් නිවැරදි කරනු ලැබුවහොත්, ඔවුන් නැවත බෞතීස්ම නොවනු ඇත. එම ප්රේරිතයාම පවසන්නේ “ලෞකික මනසක් තිබීම මරණයයි” කියා නොවේද? රෝම 8:6 එසේම නිසැකවම සිප්රියන් මෙම මනුෂ්යයින් පිළිබඳ කෙඳිරිගාමින් සිටි අතර, ඔවුන් තණ්හාවෙන් පෙළෙන, රැවටිලිකාරයන්, මංකොල්ලකරුවන් වන ලෞකික මනසක් ඇති අයයි. එසේ නම් කුමක්ද? එකමුතුව ජීවත් වූ ඔහුට මළවුන් රිදෙව්වාද? නැතහොත් එවැනි මිනිසුන් ක්රිස්තුස් වහන්සේගේ බෞතීස්මය ලබාගත් නිසා හෝ බෞතීස්මය ලබා දුන් නිසා, එය ඔවුන්ගේ අයුතුකම්වලින් උල්ලංඝනය වූ බව කවුද කියන්නේ?
20 වන පරිච්ඡේදය
34. මිලේයම්හි පොලියනස් (Polianus of Mileum) මෙසේ පැවසීය: “මිථ්යාදෘෂ්ටිකයෙකු ශුද්ධ සභාවේ බෞතීස්ම වීම නිවැරදියි.”
35. ඇත්ත වශයෙන්ම, කිසිවක් මෙයට වඩා කෙටියෙන් ප්රකාශ කළ නොහැකිය. එහෙත් මම හිතන්නේ මෙයද කෙටිය: ක්රිස්තුස් වහන්සේගේ බෞතීස්මය ක්රිස්තුස් වහන්සේගේ සභාවේ අවප්රමාණය නොකළ යුතු බව නිවැරදිය.
21 වන පරිච්ඡේදය
36. හිපෝ රෙජියස්හි තියෝජිනස් (Theogenes of Hippo Regius) මෙසේ පැවසීය: “අපට ලැබී ඇති දෙවියන් වහන්සේගේ ස්වර්ගීය කරුණා අනුග්රහයේ සක්රමේන්තුවට අනුව, අපි එකම ශුද්ධ සභාවේ ඇති එකම බෞතීස්මය විශ්වාස කරමු.”
37. මෙය මගේම විනිශ්චයද විය හැකිය. මක්නිසාද එය කෙතරම් සමබරද කිවහොත්, එහි සත්යයට පටහැනි කිසිවක් අන්තර්ගත නොවේය. මන්ද අපි ශුද්ධ සභාවේ ඇති එකම බෞතීස්මයද විශ්වාස කරමු. ඇත්ත වශයෙන්ම, අපි ශුද්ධ සභාවේ ඇති දේ පමණක් විශ්වාස කරමු යැයි ඔහු පැවසුවේ නම්, අනෙකුත් අයට දුන් පිළිතුර ලෙසම ඔහුටත් එම පිළිතුරම ලබා දී තිබිය යුතුව තිබිණි. එහෙත් එය එසේ වන විට, ඔහු “ශුද්ධ සභාවේ ඇති එකම බෞතීස්මය අපි විශ්වාස කරමු,” යනුවෙන් ප්රකාශ කර ඇති බැවින්, එබැවින් බෞතීස්මය ශුද්ධ සභාවේ පවතින බව තහවුරු කර ඇත. එසේ වූවත් බෞතීස්මය වෙනත් තැනකද තිබිය හැකි බව ප්රතික්ෂේප කර නැත, ඔහුගේ අර්ථය කුමක් වූවත්, මෙම වචනවලට එරෙහිව තර්ක කිරීමට අවශ්ය නැත. මන්ද, කරුණු කිහිපයක් පිළිබඳ මාගෙන් ප්රශ්න කළහොත්, පළමුවෙන්ම, එකම බෞතීස්මය තිබේද යන්න සම්බන්ධයෙන් එකම බෞතීස්මය තිබූ බවට මා පිළිතුරු දිය යුතුය. එවිට මෙය ශුද්ධ සභාවේ තිබුණිද යන්න මාගෙන් ඇසුවහොත්, එය ශුද්ධ සභාවේ තිබුණා යයි මා පිළිතුරු දිය යුතුය. තෙවනුව, මාගෙන් මා මෙම බෞතීස්මය විශ්වාස කළෙහිද යනුවෙන් ඇසුවහොත්, මා එම බෞතීස්මය විශ්වාස කළ බවට මා පිළිතුරු දිය යුතුය.එබැවින් මා ශුද්ධ සභාවේ තිබූ එකම බෞතීස්මය විශ්වාස කළ බවට මා පිළිතුරු දිය යුතුය. එහෙත් බෞතීස්මය පැවතුණේ ශුද්ධ සභාවේ පමණක්ද, එය මිථ්යාදෘෂ්ටිකයන් සහ භේදවාදීන් අතර නොපැවතුණිද යනුවෙන් මාගෙන් විමසුවහොත්, මා මුළු සභාව සමග පොදුව, මා ඊට ප්රතිවිරුද්ධ දේ විශ්වාස කළ බවට පිළිතුරු දිය යුතුය. එහෙත් ඔහු මෙය ඔහුගේ විනිශ්චයට ඇතුළත් නොකළ නිසා, මට එහි හමු නොවූ වචන මා මෙයට එකතු කළා නම්, ඒවාට විරුද්ධව තර්ක කිරීම සඳහා එසේ කිරීමෙන් සිදු කර ඇත්තේ හුදෙක් අහංකාරකමක් බව මා සැලකිය යුතුය. මන්ද, යුප්රටීස් ගඟේ එම ජලය පාරාදීසයේ තිබෙන ජලය යයි ඔහු පැවසුවහොත්, ඔහු පැවසූ දේවල සත්යය කිසිවෙකුට ප්රතික්ෂේප කළ නොහැකියි. එහෙත් ඒ වතුර පාරාදීසයේ පමණක් තිබේද, නැතිනම් වෙනත් ස්ථානවලත් තිබේද යන්න ඇසුවහොත්, එය ඇත්තේ පාරාදීසයේ පමණක්ය යන්න ඔහු පැවසුවොත්, එවිට ඔහු පවසන්නේ අසත්ය දෙයකි. මන්ද යත්, පාරාදීසයට අමතරව, එය එම මූලාශ්රයෙන් ගලා යන වෙනත් ප්රදේශවලත් තිබෙන නිසාය. එහෙත් ඔහු සත්ය දේ ප්රකාශ කිරීමට බොහෝ දුරට ඉඩ තිබියදී, ඔහු අසත්ය දේ ප්රකාශ කිරීමට ඉඩ ඇති බව කීමට තරම් හදිසි වන්නේ කවුරුන්ද? එබැවින්, මෙම විනිශ්චයේ ප්රකාශයන් කිසිදු ආකාරයකින් සත්යයට පටහැනි නොවන බැවින්, ඒවා අභියෝගයට ලක් කිරීමට හෝ තර්ක කිරීමට අවශ්ය නොවේ.
22 වන පරිච්ඡේදය
38. බාඩියේ ඩේටිවස් (Dativus of Badiæ) මෙසේ පැවසුවේය. “අපගේ බලය තුළ ඇති තාක් දුරට, මිථ්යාදෘෂ්ටිකයෙකු සභාවේ බෞතීස්ම වී ඔහුගේ පව්වලට සමාව ලැබුණේ නම් මිස, ඔහු සමග සන්නිවේදනය කිරීම අපි ප්රතික්ෂේප කරමු.”
39. එයට පිළිතුර වන්නේ මෙයයි: ඔහු බෞතීස්ම වීමට ඔබ කැමති වීමට හේතුව නම්, ඔහු පව්වලට සමාව ලබාගෙන නොමැති නිසා නම්, සභාව තුළ ඔහුගේ සහෝදරයා කෙරෙහි වෛරයක් ඇති කරගෙන සිටින බෞතීස්ම වූ මිනිසෙකු ඔබට හමු වූයේ නම්, “ඔබ මිනිසුන්ගේ වැරදිවලට සමාව නොදෙන්නේ නම්, ඔබේ පියාණන් වහන්සේ ඔබේ වැරදිවලට සමාව නොදෙනු ඇත,” (මතෙව් 6:15) යනුවෙන් පවසන ස්වාමින් වහන්සේට බොරු කිව නොහැකි බැවින්, ඔහු නිවැරදි කරනු ලද පසුව, එවැනි කෙනෙකුට නැවත බෞතීස්ම වීමට ඔබ අණ කරන්නෙහිද? නිසැකවම නැත; එබැවින් ඔබ මිථ්යාදෘෂ්ටිකයාටද නැවත බෞතීස්ම වීමට නොපැවසිය යුතුය. “අපි මිථ්යාදෘෂ්ටිකයෙකු සමග සන්නිවේදනය නොකරමු” යනුවෙන් කෙටියෙන් නොකියා, “අපගේ බලය තුළ ඇති තාක් දුරට,” යනුවෙන් ඔහු පැවසුවේ මන්දැයි අප නොසලකා හැර එය අමතක නොකළ යුතු බව පැහැදිලිය. මන්ද, මෙම මතයට විශාල පිරිසක් එකඟ වන බව ඔහු දුටුවේය. කෙසේ වෙතත්, එකමුතුකම දුර්වල නොවන පරිදි, ඔවුන් හා සන්නිවේදනය කිරීමෙන් වැළකීම පිණිස ඔහුට සහ ඔහුගේ මිතුරන්ට තමන්ම වෙන් කළරගත නොහැකි බව දුටුවේය. එබැවින් ඔහු “අපගේ බලය තුළ ඇති තාක් දුරට” යනුවෙන් එයට එකතු කළේය. එහිදී බෞතීස්මය ලබා නොමැති බවට තමා සැලකූ අය සමග ඔහු කැමැත්තෙන් සන්නිවේදනය නොකළ බවත්, සාමය සහ එකමුතුකම සඳහා සියල්ල විඳ දරාගත යුතු බවත් නිසැක ලෙසම පෙන්නුම් කළේය; ඩේටිවස් සහ ඔහුගේ පක්ෂය වැරදියි කියා සිතූ අය විසින්ද සිදු කරන ලද පරිදි, පසුව සත්යය පිළිබඳ වඩාත් සම්පූර්ණ ප්රකාශයකින් සහ පුරාණ සිරිතෙන් පොලඹවන ලද කාරණා පිළිපැදි අය, එය පසුකාලීන සභා මන්ත්රණ සභාවක ශක්තිමත් තහවුරු කිරීමක් ලැබිණි; එහෙත්, අනෙක් අතට, කනස්සල්ලෙන් යුතුව සිටි භක්තිමත් පිරිස, ඔවුහු එකිනෙකා කෙරෙහි ඉවසීම පෙන්වූහ, එහිදී ක්රිස්තියානි ප්රේමය උල්ලංඝනය නොකර ඔවුහු විවිධ මත දැරූ අතර, සාමයේ බැඳීම තුළ ආත්මයේ එකමුතුකම පවත්වා ගැනීමට උත්සාහ කළහ. (එපීස 4:3) දෙවියන් වහන්සේ ඔවුන්ගෙන් එක් අයෙකුට, ඔහු වෙනත් ආකාරයකින් සිතන්නේ නම්, ඔහුගේ මාර්ගවල මෙම දෝෂය පවා එළිදරව් කරන තුරු, (පිලිප්පි 3:15) එසේ කළහ. තවද, එක්සත්කමට කොපමණ ආදරය කළ යුතුද යන්න ප්රකාශ කරන මෙම සභා මන්ත්රණ සභාවේ අධිකාරියට එරෙහිව එක්සත්කමට පහර දෙන අය මේ ගැන අවධානය යොමු කරන ලෙස මම ඉල්ලා සිටිමි.
23 වන පරිච්ඡේදය
40. අබීර් ජර්මනිසියානාගේ සක්සෙසස් (Successus of Abbir Germaniciana) මෙසේ පැවසීය: “මිථ්යාදෘෂ්ටිකයන් කිසිවක්ම නොකර සිටිය හැකිය, නැතිනම් සියල්ලම කළ හැකිය. ඔවුන්ට බෞතීස්ම කළ හැකි නම්, ඔවුන්ට ශුද්ධාත්මයාණන් වහන්සේද ලබා දිය හැකිය; එහෙත් ඔවුන්ට ශුද්ධාත්මයාණන් වහන්සේ නොමැති නිසා ඔවුන්ට ශුද්ධාත්මයාණන් වහන්සේද දිය නොහැකි නම්, ඔවුන්ට ආත්මිකව බෞතීස්ම කිරීමද කළ නොහැකිය. එබැවින් මිථ්යාදෘෂ්ටිකයන් නැවත බෞතීස්ම කරනු ලැබිය යුතු බවට අපි අපගේ විනිශ්චය ලබා දෙමු.”
41. මෙයට අපට වචනයෙන් වචනයට පිළිතුරු දිය හැකිය: මිනීමරුවන් කිසිවක්ම නොකරනු ඇත, නැතහොත් සියල්ලම කරනවා විය හැකිය. ඔවුන්ට බෞතීස්ම කළ හැකි නම්, ඔවුන්ට ශුද්ධාත්මයාණන් වහන්සේද ලබා දිය හැකිය; එහෙත් ඔවුන්ට ශුද්ධාත්මයාණන් වහන්සේ නොමැති නිසා ඔවුන්ට ශුද්ධාත්මයාණන් වහන්සේද දිය නොහැකි නම්, ඔවුන්ට ආත්මිකව බෞතීස්ම කිරීමද කළ නොහැකිය. එබැවින්, මිනීමරුවන් විසින් බෞතීස්ම කරන ලද පුද්ගලයින් හෝ හදවතේ වෙනස් වීමකින් තොරව බෞතීස්ම වූ මිනීමරුවන්ම, ඔවුන් තමන්ම නිවැරදි කරගත් පසුව නැවත බෞතීස්ම කළ යුතු බවට අපි අපගේ විනිශ්චය ලබා දෙමු. එහෙත් මෙය සත්ය නොවේ. මන්ද “තමාගේ සහෝදරයාට වෛර කරන ඕනෑම කෙනෙක් මිනීමරුවෙකි;” (1 යොහන් 3:15) එමෙන්ම සිප්රියන් සභාව තුළ සිටින එවැනි මිනිසුන් දැන සිටි අතර, ඔවුන් නිසැකවම බෞතීස්ම වී තිබිණි. එබැවින් මිථ්යාදෘෂ්ටිකයන් සම්බන්ධයෙන් මෙවැනි වචන භාවිත කිරීම නිෂ්ඵලය.
24 වන පරිච්ඡේදය
42. තුකාබොරිහි ෆෝර්චුනාටස් (Fortunatus of Thuccabori) මෙසේ පැවසීය: “අපගේ ස්වාමින් වහන්සේ සහ දෙවියන් වහන්සේ වන ක්රිස්තුස් වහන්සේ, මැවුම්කරුවාණන් වහන්සේ සහ පියාණන් වහන්සේගේ පුත්රයාණන් වහන්සේ, උන් වහන්සේගේ වහන්සේගේ සභාව මිථ්යාදෘෂ්ටිකත්වය මත නොව පර්වතයක් මත ගොඩනඟා බෞතීස්ම කිරීමේ බලය මිථ්යාදෘෂ්ටිකයින්ට නොව රදගුරුවරුන්ට ලබා දුන් සේක. එබැවින් සභාවෙන් පිටත සිටින සහ ක්රිස්තුස් වහන්සේට විරුද්ධව නැගී සිටින, උන් වහන්සේගේ බැටළුවන් සහ රැළ විසුරුවා හරින අයට සභාවෙන් පිටත බෞතීස්ම කළ නොහැකිය.”
43. ඔහු “පිටත” යන වචනය එකතු කළේ ඔහුට සක්සෙසස්ට සමාන ආකාරයේ කෙටි පිළිතුරු නොලැබෙන පිණිසය. එසේ නොවූවා නම් ඔහුට වචනයෙන් වචනයට පිළිතුරු ලැබීමටද ඉඩ තිබුණි: අපගේ ස්වාමින් වහන්සේ සහ දෙවියන් වහන්සේ වන ක්රිස්තුස් වහන්සේ, මැවුම්කරුවාණන් වහන්සේ සහ පියාණන් වහන්සේගේ පුත්රයාණන් වහන්සේ, උන් වහන්සේගේ වහන්සේගේ සභාව අයුතුකම මත නොව පර්වතයක් මත ගොඩනඟා බෞතීස්ම කිරීමේ බලය අධර්මිෂ්ඨයින් නොව රදගුරුවරුන්ට ලබා දුන් සේක. එමනිසා, ඔවුන් එය ගොඩනඟන පර්වතයට අයත් නොවන නිසා, දෙවියන් වහන්සේගේ වචනය අසා එය කරන අයට අයත් නොවන නිසා,( මතෙව් 7:24) එහෙත්, වචනය අසා එය නොකර ක්රිස්තුස් වහන්සේට පටහැනිව ජීවත් වන අයට සහ මෙයින් වැලි මත ගොඩනඟන අයයි, මේ ආකාරයෙන් ඔවුහු අතහැර දමන ලද චරිතයක ආදර්ශයෙන් උන් වහන්සේගේ බැටළුවන් සහ රැළ විසුරුවා හරින අයට බෞතීස්මය ලබා දිය නොහැකිය. මෙය ඇත්තෙන්ම එසේ නොවුණද, සම්පූර්ණයෙන්ම සත්ය ලෙස නොපෙනේද? එහෙත් එය අසත්යයකි. මන්ද, අධර්මිෂ්ඨයෝ බෞතීස්ම කරති. මන්ද සිප්රියන් තමා සමග එකමුතු බව පවත්වා ගෙන ගිය එම මංකොල්ලකරුවන් අධර්මිෂ්ඨයන් වන බැවිනි. ඩොනාටිස්ට් පවසන්නේ මෙසේය. එහෙත් මේ හේතුව නිසා, ඔහු “පිටත” යනුවෙන් එකතු කරයි. එසේ නම් ඔවුන්ට සභාවෙන් පිටත බෞතීස්ම කළ නොහැකි මන්ද? ඔවුන් පිටත සිටීම යන කාරණය නිසාම ඔවුන් නරක අය වන නිසාද? එහෙත් දේවසේවකයා කොතරම් නරක විය හැකිද යන්න බෞතීස්මයේ වලංගුභාවය සම්බන්ධයෙන් කිසිදු වෙනසක් ඇති නොකරයි. මන්ද නරක අය සහ අතිශය නරක අය අතර යහපත් අය සහ අයහපත් අය අතර එතරම් වෙනසක් ඇත්තේ නැත; එහෙත්, නරක අය බෞතීස්මය ලබා දෙන විට, ඔහු යහපත් අයෙකු ලෙස එකම සක්රමේන්තුව ලබා දෙන්නේය. එලෙසම, නරක අය බෞතීස්මය ලබා දෙන විටද, ඔහු අඩු නරක අයෙකු ලෙස එකම සක්රමේන්තුව ලබා න්නේය. නැතහොත් එය මිනිසාගේ කුසලතාවයට අනුව ඇති වන දෙයක් නොව, බෞතීස්මයේ සක්රමේන්තුවේම යහපත් බව නිසා ඇති වන්නකි. මේ අනුව, එය සභාවෙන් පිටත ලබා දිය නොහැකිද? මෙය එසේ නම්, එය සභාවෙන් පිටත ලබා ගත නොහැකි අතර, මිනිසෙකු සභාවෙන් ඉවත් වී නැවත එයට නැවත පැමිණෙන විට බොහෝ වර නැවත බෞතීස්ම කිරීම අවශ්ය වනු ඇත.
44. තවද, “පිටත” යන්නෙන් අදහස් කරන්නේ කුමක්දැයි අප වඩාත් ප්රවේශමෙන් විමසා බැලුවහොත්, විශේෂයෙන් ඔහුම සභාව ඉදිකර ඇති පර්වතය ගැන සඳහන් කරන විට, පර්වතය මත සිටින්නේ සැබවින්ම සභාවේ අය නොවෙත්ද? එසේම පර්වතය මත නොසිටින අය – එබැවින් ඔවුන් සැබවින්ම සභාවේ නොසිටින්නෝද? එබැවින්, ක්රිස්තුස් වහන්සේගේ වචන අසා ඒවා නොකරන පර්වතයක් මත තම නිවස ගොඩනඟන්නේද යන්න අපි දැන් බලමු. ස්වාමින් වහන්සේම ඊට ප්රතිවිරුද්ධ දේ ප්රකාශ කරමින් මෙසේ පවසන සේක, “යමෙක් මාගේ මේ වචන අසා ඒවා කරන්නේද, මම ඔහුව පර්වතයක් මත තම නිවස ගොඩනඟා ගත් ප්රඥාවන්ත මිනිසෙකුට සමාන කරමි.” එසේම තව ටිකකින්, “මාගේ මේ වචන අසා ඒවා නොපිළිපදින සෑම කෙනෙකුම වැලි මත තම නිවස ගොඩනඟා ගත් අඥාන මිනිසෙකුට සමාන වේ.” එබැවින්, සභාව පර්වතයක් මත තිබේ නම්, වැලි මත සිටින අය, ඒ අය පර්වතයෙන් පිටත සිටින නිසා, ඔවුහු අනිවාර්යයෙන්ම සභාවෙන් පිටත සිටිති. එබැවින්, වැලි මත ගොඩනඟන, එනම්, ක්රිස්තුස් වහන්සේගේ වචන අසා ඒවා නොකරන අය ලෙස සිප්රියන් සඳහන් කරන අය කී දෙනෙකු සභාව ඇතුළත සිටින්නේද යන්න අපි සිහිපත් කරමු. එබැවින්, ඔවුන් වැලි මත සිටින නිසා, ඔවුන් පර්වතයෙන් පිටත, එනම් සභාවෙන් පිටත සිටින බව ඔප්පු වී ඇත; එහෙත් ඔවුන් එසේ පිහිටා තිබියදීත්, තවමත් හෝ කිසි විටෙකත් යහපත් ලෙස වෙනස් වී නොමැති වුවද, ඔවුන් බෞතීස්ම කරන අතර ඔවුහු බෞතීස්මය ලබති. එපමණක් නොව ඔවුන් ශාපයට නියම කර ඇතත්, ඔවුන් තුළ පවතින බෞතීස්මය ඔවුන් තුළ වලංගුව පවතී.
45. “කන්ද උඩ දේශනාවේදී යේසුස් වහන්සේ ඉගැන්වූ සියල්ලටම ඇත්තටම කීකරු වන්නේ කවුද?” කියා අපට මෙහිදී පැවසිය නොහැකිය, මන්ද එම දේශනාව අවසානයේ යේසුස් වහන්සේම පැහැදිලි කරන්නේ උන්වහන්සේගේ වචන අසා කීකරු වන තැනැත්තා පර්වතයක් මත තම නිවස ගොඩනඟා ගත් කෙනෙකුට සමාන බවත්, ඒවා අසා කීකරු නොවන තැනැත්තා වැලි මත ගොඩනඟා ගත් කෙනෙකුට සමාන බවත්ය. මන්ද, ඇතැම් පුද්ගලයින් විසින් සියලු වචන ඉටු නොකරන බව පවසමින් , එම දේශනාවේදීම උන්වහන්සේ පිළියමක් නියම කර ඇත, “සමාව දෙන්න, එවිට ඔබට සමාව ලැබෙනු ඇත.” (ලූක් 6:37) තවද එම දේශනාවේම ස්වාමින්වහන්සේගේ යාච්ඤාව විස්තරාත්මකව සටහන් කිරීමෙන් පසුව, උන්වහන්සේ මෙසේ පවසන සේක, ” මක්නිසාද නුඹලා මනුෂ්යයන්ට ඔවුන්ගේ වරද කමාකරන්නහු නම්, නුඹලාගේ ස්වර්ගීයවූ පියාණන්වහන්සේ නුඹලාටත් කමාකරනසේක. නුමුත් නුඹලා මනුෂ්යයන්ට ඔවුන්ගේ වරද කමා නොකරන්නහු නම්, නුඹලාගේ පියාණන්වහන්සෙත් නුඹලාගේ වරද කමා නොකරනසේක.” (මතෙව් 6:14-15) එබැවින් පේදුරුද මෙසේ පවසයි, “මක්නිසාද ප්රේමය පව් රාශිය වසයි;” (1 පේදුරු 4:8) ඔවුන්ට නිසැකවම එම ප්රේමය නොතිබුණි, මේ හේතුව නිසා ඔවුන් වැලි මත ගොඩනැඟූ අයයි. ඔවුන් ගැන එම සිප්රියන් පවසන්නේ මෙයයි, අපෝස්තුළුවරුන්ගේ කාලයේදී පවා, සභාව තුළ එකිනෙකා සමග අකාරුණික වෛරයේ ආත්මයකින් කටයුතු කළ අය සිටි අතර, එය ක්රිස්තියානි ප්රේමයට සම්පූර්ණයෙන්ම විරුද්ධ විය. එබැවින් ඔවුන් ඇත්ත වශයෙන්ම සභාව ඇතුළත සිටින බවක් පෙනෙන්නට තිබුණි, එහෙත් ඔවුහු ඇත්ත වශයෙන්ම පිටත සිටියහ, මන්ද ඔවුන් සභාව සංකේතවත් කරන එම පර්වතය මත නොසිටි බැවිනි.
25 වන පරිච්ඡේදය
46. ටුබර්බෝහි සෙඩාටස් (Sedatus of Tuburbo) මෙසේ පැවසීය: ” පූජකයෙකු විසින් ආශිර්වාද කරන ලද ශුද්ධ වූ ජලය සභාවේ පව් පවිත්ර කරනවා සේම, එම ජලයම මිථ්යාදෘෂ්ටිකයන්ගේ ඉගැන්වීම් මගින් දූෂිත වුවහොත්, ශරීරයට ආසාදනය වන පිළිකාවක් මෙන්, ආත්මික වශයෙන් හානිකර – පාපය ගුණ කරන්නක් බවට පත්වේ. එබැවින්, සාමයට මඟ පාදන සියලු උත්සාහයන් යමෙකු උනන්දුවෙන් කළ යුතුය, බොරු ඉගැන්වීම් (මිථ්යාදෘෂ්ටිය) මගින් බලපෑමට ලක් වූ හෝ දූෂිත වූ ඕනෑම අයෙකු එකම සැබෑ බෞතීස්මය ප්රතික්ෂේප නොකළ යුතුය. මෙම සැබෑ බෞතීස්මය නොමැතිව කිසිවෙකුට ස්වර්ග රාජ්යයට ඇතුළු විය නොහැකිය.”
47. මෙයට අපි පිළිතුරු දෙන්නේ මෙලෙසයි, පූජකයා ආශීර්වාද කරන අතරතුර පවසන වචනවල වැරැද්දක් කළහොත් – දැනුම හෝ කුසලතා නොමැතිකම නිසා – ජලය නිසි ලෙස විශුද්ධ නොවිය හැකිය. එවැනි අවස්ථාවලදී, සභාවේ සිටින බොහෝ අවංක ඇදහිලිවන්තයන්, නරක සහ හොඳ යන දෙඅංශයෙන්ම, ජලයට සැබවින්ම ආශීර්වාද කිරීමට අපොහොසත් විය හැකිය. මන්ද, බොහෝ දෙනෙකුගේ යාච්ඤා සෑම දිනකම උසස් උගත් මිනිසුන්ට කියවීමෙන් නිවැරදි කරනු ලබන අතර, කතෝලික ඇදහිල්ලට පටහැනි බොහෝ දේ ඒවායේ දක්නට ලැබේ. එසේ නම්, මෙම යාච්ඤා ජලය මත ප්රකාශ කළ විට සමහර පුද්ගලයින් බෞතීස්ම වූ බව පෙන්නුම් කළ බව උපකල්පනය කළහොත්, ඔවුන්ට නැවත බෞතීස්ම වීමට අණ කරනු ලැබේද? එසේ නොකරන්නේ මන්ද? මන්ද සාමාන්යයෙන් යාච්ඤාවේදී සිදුවන වැරැද්දක්, එය පිරිනමන පුද්ගලයාගේ අවංක චේතනාව අනුව නිවැරදි කරනු ලැබේ. එසේම ශුභාරංචියේ අත්යවශ්ය වචන, ඒවා නොමැතිව බෞතීස්මය විශුද්ධ කළ නොහැකිය – ඒවා එතරම් ඵලදායී වන අතර, ඒවායේ ගුණයෙන්, ඇදහිල්ලේ රීතියට පටහැනිව යාච්ඤාවේ ප්රකාශ කරන ඕනෑම දෝෂයක් කිසිදු බලපෑමක් ඇති නොකරයි. ඒ ක්රිස්තුස් වහන්සේගේ නාමය කරණකොටගෙන යක්ෂයා බැහැර කරනු ලබන ආකාරයටය. මන්ද, මිථ්යාදෘෂ්ටිකයෙකු වැරදි යාච්ඤාවක් ප්රකාශ කරන්නේ නම්, එම පැවතිය යුතු කුසලතා හිඟය පියවා ගත හැකි ප්රේමයේ යහපත් චේතනාවක් ඔහුට නොමැති බව පැහැදිලිය, එබැවින් ඔහු කතෝලික සභාවේම සිටින ඊර්ෂ්යා කරන හෝ ද්වේෂ සහගත පුද්ගලයෙකු මෙන් වේ. නැතහොත් යමෙකු යාච්ඤාවක් පැවසිය හැකිය – මෙය බොහෝ විට සිදු වේ – එහිදී සැබෑ ක්රිස්තියානි ඇදහිල්ලට පටහැනි දෙයක් කියයි. බොහෝ අය, බොහෝ විට නොසිතා, බොහෝ දේ කතා කිරීමට කැමති සුදුසුකම් නොලත් පුද්ගලයින් විසින් පමණක් නොව, මිථ්යාදෘෂ්ටිකයන් විසින් පවා ලියන ලද යාච්ඤා භාවිත කරති. ඔවුන් නොදැනුවත්කම සහ විචාර බුද්ධිය නොමැති නිසා, ඔවුහු මෙම යාච්ඤා හොඳ සහ සුදුසු යැයි වැරදියට විශ්වාස කරමින්, යහපත් චේතනාවෙන් භාවිත කරති. තවමත්, එවැනි යාච්ඤාවල ඇති දෝෂ මගින් යහපත් කොටස් විනාශ නොකරයි; ඒ වෙනුවට, ඒවා තුළ ඇති සත්යය දෝෂ අවලංගු කරන්නේය. එය සැබෑ බලාපොරොත්තුවක් සහ නිවැරදි විශ්වාසයක් ඇති විශ්වාසවන්ත ඇදහිලිවන්තයෙකු හා සමානයි – එබැවින් අපෙන් යම් පමණ දෙනෙක් සම්පූර්ණව සිටිද්ද, ඔවුහු ඒ ආකාරයෙන් කල්පනා කරත්වා. නුඹලා යම් කාරණයක් ගැන වෙන අභිප්රායක් ඇත්තාහු නම්, ඒකත් දෙවියන්වහන්සේ නුඹලාට එළිදරව්කරනවා ඇත. (පිලිප්පි 3:15) එහෙත් පුද්ගලයෙකු සදාචාරාත්මකව නරක හෝ දූෂිත වූවද, ඔවුන්ට තවමත් නිවැරදි හෝ කතෝලික ඇදහිල්ලට අනුකූල යාච්ඤාවක් කීමට හැකි විය හැකිය. කෙසේ වෙතත්, යාච්ඤාව හොඳ හෝ සුදුසු වූ පමණින්, එයින් යාච්ඤා කරන පුද්ගලයාද හොඳ යැයි අදහස් නොවේ. ඔහු යමක් සම්බන්ධයෙන් වැරදි යාච්ඤාවක් ඉදිරිපත් කරන්නේ නම්, දෙවියන් වහන්සේ උන් වහන්සේගේ ශුභාරංචියේ වචන ආරක්ෂා කිරීමට පෙනී සිටින සේක. එය නොමැතිව ක්රිස්තුස් වහන්සේගේ බෞතීස්මය කැප කළ නොහැකි අතර, උන් වහන්සේම තමන් වහන්සේගේ සක්රමේන්තුව විශුද්ධ කරන සේක. එය සිදු කරන්නේ එය ලබන්නා තුළ ඔහු බෞතීස්ම වීමට පෙර හෝ ඔහු බෞතීස්මය ලබන විට හෝ අනාගතයේදී ඔහු සත්යය තුළ දෙවියන් වහන්සේ වෙත හැරෙන විටය. එවිට එම සක්රමේන්තුවම ගැලවීමට ප්රයෝජනවත් විය හැකි අතර, ඔහු සංවර්තනය නොවුවහොත් එය ඔහුගේ විනාශයට බලවත් සේ හේතු වනු ඇත. එහෙත් බෞතීස්මයේ බාහිර දෘශ්යමාන ලකුණක් අන්තර්ගත ශුභාරංචියේ වචන පැමිණෙන්නේ නැත්නම් ක්රිස්තුස් වහන්සේගේ බෞතීස්මයක් නොමැති බව නොදන්නා කවුද? එහෙත් එම වචන පවසන්නේ නැතිව බෞතීස්ම කරන ඕනෑම කෙනෙකු සොයාගන්නවාට වඩා කිසිසේත්ම බෞතීස්ම නොකරන මිථ්යාදෘෂ්ටිකයන් ඔබට පහසුවෙන් සොයාගත හැකිය. එමනිසා (බොහෝ දේව අවිශ්වාස හෝ රූප වන්දනා චාරිත්රවලදී, මිනිසුන් බෞතීස්මය ලැබූවන් ලෙස හඳුන්වනු ලබන බැවින්) සෑම ආකාරයකම බෞතීස්මය වලංගු යැයි අපි නොකියමු. එහෙත් ක්රිස්තුස් වහන්සේගේ බෞතීස්මය, එනම්, ශුභාරංචියේ වචනවලින් විශුද්ධ කර කැප කරන ලද සැම බෞතීස්මයම, සැම ස්ථානයකදීම එක හා සමාන වන බවත්, කිසිම මිනිසෙකුගේ පැත්තෙන් කිසිදු විකෘති ක්රියාවකින් එය විනාශ කළ නොහැකි බවත්ය.
48. “එබැවින්, සාමය ප්රවර්ධනය කිරීම සඳහා සෑම ආකාරයකම උත්සාහයකින්ම, දූෂිත වූ කිසිම පුද්ගලයෙකු වළක්වා ගැනීමට අප උත්සාහ කළ යුතුය,” යනාදී වශයෙන් ඔහු මෙහි වාක්ය ඛණ්ඩයක් ඇතුළත් කළ බව නිසැකවම මෙම විනිශ්චයේදී සැහැල්ලුවෙන් නොසලකා හැරිය යුතු නැත. මන්ද, “කිසිවෙකු විනිශ්චය නොකිරීම හෝ ඔහු වෙනස් මතයක් දරන්නේ නම්, ශුද්ධ වූ සහභාගිකමට හවුල් වීමේ අයිතිය කිසිවෙකුට අහිමි නොකිරීම,” යන ආශිර්වාද ලත් සයිප්රියන්ගේ ආරම්භක කතාවේ එම වචන ඔහු සැලකූ බැවිනි. සභාවේ යහපත් පුත්රයන් තුළ එක්සත්කමට සහ සාමයට ඇති ආදරය කෙතරම් බලයක්ද යන්න බලන්න. බෞතීස්ම සක්රමේන්තුව නොමැතිව ඔවුන් විශ්වාස කළ පරිදි, ඔවුන් නිසි ලෙස විශ්වාස කළ පරිදි නිවැරදි කළ නොහැකි නම්, ඔවුන් නිසා එම පූජනීය එකමුතුව බිඳ දැමීමට වඩා, ඔවුන් අගෞරවනීය හා අශුද්ධ යැයි සැලකූ අය කෙරෙහි ඉවසීම පෙන්වීමට ඔවුන් කැමති විය යුතු බවත්, කිරිඳි සමග තිරිඟුද විනාශ විය හැකි බවට බියෙන්, (මතෙව් 13:29) ඔවුන් මත රඳා පවතින තාක් දුරට, සලමොන්ගේ එම උතුම්ම විනිශ්චයේ මෙන්, ළදරුවාගේ ශරීරය කැබලිවලට කපා වෙන් කිරීමට වඩා ව්යාජ මව විසින් පෝෂණය කරනු ලැබීමට අවසර ලබා දෙයි. (1 රාජාවලිය 3:26) එහෙත් බෞතීස්මයේ සක්රමේන්තුව පිළිබඳ සත්ය දෘෂ්ටිය දැරූ අයගේ සහ දෙවියන් වහන්සේ ඔවුන්ගේ මහත් ප්රේමය සැලකිල්ලට ගනිමින්, ඔවුන් වෙනත් ආකාරයකින් සිතූ ඕනෑම කරුණක් එළිදරව් කිරීමට අදහස් කළ අයගේ මතය මෙයයි.
26 වන පරිච්ඡේදය
49. සුෆෙටුලාවේ ප්රිවාටියානුස් (Privatianus of Sufetula) මෙසේ පැවසීය: “මිථ්යාදෘෂ්ටිකයන්ට බෞතීස්ම කිරීමේ බලය ඇති බව පවසන තැනැත්තා මුලින්ම මිථ්යාදෘෂ්ටිය ආරම්භ කළේ කවුරුන්ද යන්න පැවසිය යුතුය. මන්ද මිථ්යාදෘෂ්ටිය දෙවියන් වහන්සේගෙන් පැමිණේ නම්, එයට දිව්යමය අනුග්රහය තිබිය හැකිය; එහෙත් එය දෙවියන් වහන්සේගෙන් නොපැමිණේ නම්, එයින් කිසිවෙකුටත් දෙවියන් වහන්සේගේ කරුණා අනුග්රහය ලබා දෙන්නේ හෝ ලබා දෙන්නේ කෙසේද?”
50. මේ මිනිසාට මෙසේ වචනයෙන් වචනයට පිළිතුරු දිය හැකිය: ද්වේෂසහගත හා ඊර්ෂ්යා කරන පුද්ගලයින්ට බෞතීස්ම කිරීමේ බලය ඇති බව පවසන තැනැත්තා පළමුවෙන්ම ද්වේෂසහගත හා ඊර්ෂ්යාවේ නිර්මාතෘ කවුදැයි කිව යුතුය. මන්ද ද්වේෂය සහ ඊර්ෂ්යාව දෙවියන් වහන්සේ වෙතින් පැමිණෙන්නේ නම්, ඔවුන්ට දිව්යමය අනුග්රහය තිබිය හැකිය; එහෙත් ඒවා දෙවියන් වහන්සේ වෙතින් නොපැමිණේ නම්, ඔවුන්ට දෙවියන් වහන්සේගේ කරුණා අනුග්රහය ලබා ගත හැක්කේ කෙසේද? එහෙත් මෙම වචන ඒ ආකාරයෙන්ම වඩාත් පැහැදිලිවම අසත්ය බැවින්, මේවා ප්රතික්ෂේප කිරීමට පැවසූ අයද එසේම වෙති. සිප්රියන් පවා ඉඩ දෙන පරිදි ද්වේෂසහගත හා ඊර්ෂ්යා සහගත අය බෞතීස්ම කරති. මන්ද ඔවුන්ද සභාව ඇතුළත සිටින බවට ඔහු සාක්ෂි දරයි. එබැවින් මිථ්යාදෘෂ්ටිකයන්ට පවා බෞතීස්ම කළ හැකිය, මන්ද බෞතීස්මය ක්රිස්තුස් වහන්සේගේ සක්රමේන්තුව වන බැවිනි; එහෙත් ඊර්ෂ්යාව සහ මිථ්යාදෘෂ්ටිය යක්ෂයාගේ ක්රියාවන් වේ. එහෙත් මිනිසෙකු සතුව ඒවා තිබුණත්, ඔහු ක්රිස්තුස් වහන්සේගේ සක්රමේන්තුව ලබා ගන්නේ නම්, එය යක්ෂයාගේ ක්රියා ගණනට ගණන් ගත යුතු බවට එම පුද්ගලයා හේතු නොවේය.
27 වන පරිච්ඡේදය
51. සුෆෙස්හි ප්රිවාටස් (Privatus of Sufes) මෙසේ පැවසීය: “මිථ්යාදෘෂ්ටිකයන්ගේ බෞතීස්මය අනුමත කරන මිනිසා සම්බන්ධයෙන් ඔහු මිථ්යාදෘෂ්ටිකයන් සම සන්නිවේදනය කරන බව කීම හැරුණුකොට අන් කුමක් කිව හැකිද,?”
52. මෙයට අපි මෙලෙස පිළිතුරු දෙමු: මිථ්යාදෘෂ්ටිකයන් තුළ අප අනුමත කරන්නේ මිථ්යාදෘෂ්ටිකයන්ගේ බෞතීස්මය නොවේය. ඒ ආකාරයෙන්ම තණ්හාව ඇති අයගේ, හෝ ද්රෝහීන්ගේ, හෝ වංචාකාරයන්ගේ හෝ මංකොල්ලකරුවන්ගේ හෝ ඊර්ෂ්යා කරන මිනිසුන්ගේ ක්රියාවන් අපි අනුමත නොකරමු. මන්ද මේ සියල්ල අයුක්ති සහගතය, එහෙත් ක්රිස්තුස් වහන්සේ යුක්තිසහගත වන සේක, උන් වහන්සේගේ සක්රමේන්තුව ඔවුන් තුළ පවතියි, ඒවා එහි සාරය ල්ලංඝනය නොකරයි. එසේ නොමැති නම් තවත් මිනිසෙකු මෙසේ පැවසිය හැකිය: අයුක්ති සහගත අයගේ බෞතීස්මය අනුමත කරන මිනිසා, , ඔහු අයුක්ති සහගත අය සමග සන්නිවේදනය කරන බව මිස වෙන කුමක් කිව හැකිද? මෙම විරෝධය කතෝලික සභාවටම එරෙහිව ගෙන එනු ලැබුවේ නම්, මා ඉහත පිළිතුරු දුන් ආකාරයටම එයට පිළිතුරු ලැබෙනු ඇත.
28 වන පරිච්ඡේදය
53. ලාරෙස්හි හෝර්ටෙන්සියානස් (Hortensianus of Lares) මෙසේ පැවසීය: “බෞතීස්ම කීයක් තිබේද, එය මිථ්යාදෘෂ්ටිකයන්ට පක්ෂපාතී බව හෝ අනුග්රහය දක්වන අය තීරණය කළ යුතුයි. අපි සභාවේ එක බෞතීස්මය ප්රකාශ කරමු, එය අප සභාව තුළ පමණක් ඇති බව දන්නා දෙයකි. නැතහොත් ක්රිස්තුස් වහන්සේ විසින්ම තමන් වහන්සේගේ සතුරන් ලෙස ප්රකාශ කරන අයම ක්රිස්තුස් වහන්සේගේ නාමයෙන් බෞතීස්ම කළ හැක්කේ කෙසේද?”
54. මේ මිනිසාට ඒ හා සමාන වචන මාලාවකින් පිළිතුරු දෙමින් අපි මෙසේ කියමු: අධර්මිෂ්ඨයන්ට පක්ෂපාතී බව හෝ අනුග්රහය දක්වන අය එය බලාගනිත්වා: අපට සභාවේ පමණක් එකම බෞතීස්මය ඇති බව අපට දැනගත හැකි වූ විට අප සභාව සිහිපත් කරමු. එසේ නැතහොත් ක්රිස්තුස් වහන්සේ විසින්ම තම් වහන්සේගේ සතුරන් ලෙස ප්රකාශ කරන අයට ක්රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඕනෑම කෙනෙකු බෞතීස්ම කළ හැක්කේ කෙසේද? මන්ද උන් වහන්සේ සියලුම අධර්මිෂ්ඨයන්ට මෙසේ කියන සේක: “මා ඔබ කිසිදා දැන සිටියේ නැත: අයුතුකම් කරන සියල්ලෙනි, ඔබ මාගෙන් ඉවත් වන්න;” (මතෙව් 7:23) එහෙත්, ඔවුන් බෞතීස්ම කරන විට, බෞතීස්ම කරන්නේ ඔවුන්ම නොව, “බෞතීස්ම කරන තැනැත්තා ඔහුය,” යනුවෙන් යොහන් පවසන තැනැත්තාය. (යොහන් 1:33)
29 වන පරිච්ඡේදය
55. මැකොමඩ්ස්හි කැසියස් (Cassius of Macomades) මෙසේ පැවසීය: “බෞතීස්ම දෙකක් තිබිය නොහැකි බැවින්, මිථ්යාදෘෂ්ටිකයන්ට බෞතීස්මය ලබා දෙන තැනැත්තා එය තමාගෙන්ම ඉවත් කර ගනියි. එබැවින්, අප දුක් වන මේ මිථ්යාදෘෂ්ටිකයන්, දූෂිත බවේ සමූහයන්, ඔවුන් සභාවට පැමිණීම ආරම්භ කළ විට ඔවුන් බෞතීස්ම කරනු ලැබිය යුතුය. එසේ පූජනීය හා දිව්යමය භාජනයෙන් සෝදනු ලැබ, ජීවිතයේ ආලෝකයෙන් ආලෝකවත් කරන ලදුව, ඔවුන් සභාවට සම්පූර්ණයෙන්ම පිළිගත හැකි බවට මම මගේ විනිශ්චය ප්රකාශ කරමි – දැන් සතුරන් නොව සාමකාමී අය බවට පත් කිරීමෙන්; ආගන්තුකයන් නොව, එහෙත් ස්වාමින් වහන්සේගේ ඇදහිල්ලේ නිවසේ නිවැසියන් බවට පත් කිරීමෙන්; අවජාතකයන් නොව, දෙවියන් වහන්සේගේ පුත්රයන් බවට පත් කිරීමෙන්; වැරැද්දට නොව ගැලවීමට සහභාගී වීමෙන් – සභාවෙන් නැවත බද්ධ කරන ලද ඇදහිලිවන්තයන් වූ අය හැරුණුකොට, මිථ්යාදෘෂ්ටියට ගොස්, අත් තැබීමෙන් මේවා යථා තත්ත්වයට පත් කළ යුතුය.”
56. තවත් කෙනෙකුට මෙසේ පැවසිය හැකිය: බෞතීස්ම දෙකක් තිබිය නොහැකි බැවින්, අධර්මිෂ්ඨයන්ට බෞතීස්මය ලබා දෙන තැනැත්තා එය තමාගෙන්ම ඉවත් කර ගනියි. එහෙත් අප අධර්මිෂ්ඨයන්ට බෞතීස්මය ලබා දෙන බව යමෙකු පවසන විට, එවැනි මිනිසෙකුට විරුද්ධ වීමට අපගේ විරුද්ධවාදීන් පවා අප හා එක්වනු ඇත. ඔවුන්ගේ අධර්මිෂ්ඨකම මෙන් බෞතීස්මය අධර්මිෂ්ඨයන්ගෙන් පැමිණෙන්නක් නොවේය. එහෙත් එය ක්රිස්තුස් වහන්සේගේය. උන් වහන්සේ කෙරෙන් ධර්මිෂ්ඨකම පැමිණෙන අතර, උන් වහන්සේගේ සක්රමේන්තුව, අධර්මිෂ්ඨයන් අතර පවා, අධර්මිෂ්ඨ නොවේය. එබැවින්, ඔවුන් අධර්මිෂ්ඨ මිනිසුන් පිළිබඳ ඔවුන් අප සමග එකඟ වන ඕනෑම දෙයක්, මිථ්යාදෘෂ්ටිකයන් ගැනද ඔවුන් එයම පැවසීමට කැමැත්තෙන් සිටිය යුතුය. එබැවින් ඔහු මෙසේ පැවසිය යුතුව තිබුණි: එබැවින්, මිථ්යාදෘෂ්ටිකයන්, ගැන අප දුක් වන අතර, ඔවුහු දූෂිත බවේ සෙනග වෙති. ඔවුන් දැනටමත් ක්රිස්තුස් වහන්සේගේ බෞතීස්මය ලබාගෙන ඇත්නම්, ඔවුන් සභාවට පැමිණීමට පටන් ගන්නා විට ඔවුන් බෞතීස්ම නොකළ යුතු බව මම මගේ විනිශ්චය ලබා දෙමි. එසේද වූවත් ඔවුන්ගේ වැරැද්දෙන් ඔවුන් නිවැරදි කිරීම සිදු කළ යුතුය. මන්ද මිථ්යාදෘෂ්ටිකයන්ගේ කොටසක් වන අධර්මිෂ්ඨයන් සම්බන්ධයෙන්ම අපට ඒ කාරණයම පැවසිය හැකිය: එබැවින් මම මගේ විනිශ්චය ලබා දෙන්නේ මෙලෙසය. අධර්මිෂ්ඨයන් ගැන අප දුක් වන අතර, ඔවුහු දූෂිත බවේ සෙනග වෙති. ඔවුන් දැනටමත් ක්රිස්තුස් වහන්සේගේ බෞතීස්මය ලබාගෙන ඇත්නම්, ඔවුන් සභාවට පැමිණීමට පටන් ගන්නා විට ඔවුන් බෞතීස්ම නොකළ යුතුය. එනම්, ක්රිස්තුස් වහන්සේගේ වචන අසා ඒවා නොකරන සියල්ලන් සිටින පිටත පර්වතයට එලෙසම පවසනු ලැබේ; එහෙත් දැනටමත් පූජනීය හා දිව්යමය භාජනයෙන් සෝදනු ලැබ, දැන් සත්යයේ ආලෝකයෙන් තවදුරටත් ආලෝකවත් වී ඇති අය, තවදුරටත් සතුරන් ලෙස නොව සාමකාමී අය ලෙස සභාවට පිළිගත යුතුය. මන්ද අධර්මිෂ්ඨයන්ට සාමය ඇත්තේ නැත; තවදුරටත් ආගන්තුකයන් ලෙස නොව, ස්වාමින් වහන්සේගේ ඇදහිල්ලේ ගෘහවාසීන් මෙන් සැලකිය යුතුය. මන්ද අධර්මිෂ්ඨයන් සම්බන්ධයෙන් මෙසේ කියනු ලැබේ, “එසේ වී නම් නුඹ වෙනස්වී මට වල් මිදිවැළක නරක්වූ පැළයක් වුණේ කොහොමද?”( යෙරෙමියා 2:21) තවදුරටත් අවජාතකයන් ලෙස නොව, දෙවියන් වහන්සේගේ පුත්රයන් ලෙස පිළිගත යුතුය, මන්ද අධර්මිෂ්ඨ අය යක්ෂයාගේ පුත්රයෝය, ධර්මිෂ්ඨ අය වැරැද්දට නොව ගැලවීමට සහභාගී වෙති, මන්ද අධර්මිෂ්ඨකමට ගැලවීමට නොහැකි බැවිනි. සභාව යනුවෙන් මා අදහස් කරන්නේ ඒ පර්වතය, ඒ පරෙවියා, වසා දමා මුද්රා තබන ලද උයන, තිරිඟුවල පමණක් හඳුනාගෙන ඇති එහෙත් සුළඟින් බොහෝ දුරට විසිරී යන නොඑසේ නම් අවසානයේ කුල්ලෙන් පෙළීම දක්වා පවා ධාන්ය සමග මිශ්ර වී ඇති බව පෙනෙන දහයියා තුළ නැති ගුණ සහිත අයයි. එබැවින්, කැසියස් පහත ආකාරයෙන් එයට එකතු කළේ නිෂ්ඵල ලෙසය. “සභාවෙන් බද්ධ කරන ලද ඇදහිලිවන්තයන් වූ අය හැරුණුකොට අනෙකුත් අය මිථ්යාදෘෂ්ටියට හැරී ගොස් ඇත.” මන්ද, වෙන් වූ අයට වෙන් වීමේ ප්රතිඵලයක් ලෙස ඔවුන්ගේ බෞතීස්මය සැබවින්ම අහිමි වූයේ නම්, ඔවුන් එය නැවත ලබා ගත යුතුය. එහෙත් ඔවුන් තම බෞතීස්මය අහිමි කර නොගත්තේ නම්, ඔවුන් සිදු කළ බෞතීස්මය වලංගු හා ගෞරවනීය ලෙස සැලකිය යුතුය.
30 වන පරිච්ඡේදය.
57. විකස් සීසාරිස්හි තවත් ජනුවාරියස් නමැත්තෙක් (Januarius of Vicus Cæsaris) මෙසේ පැවසීය: “දෝෂය සත්යයට කීකරු නොවන්නේ නම්, සත්යය වැරැද්දට එකඟ වීම ඊට වඩා ප්රතික්ෂේප කරයි; එබැවින් අපි නායකත්වය දරන සභාව වෙනුවෙන් පෙනී සිටිමු, එබැවින්, ඇයගේ බෞතීස්මය ඇයටම පමණක් අයත් යැයි කියා ගනිමින්, සභාව බෞතීස්ම නොකළ අය අපි බෞතීස්ම කරමු.”
58. අපි එයට මෙසේ පිළිතුරු දෙමු: සභාව බෞතීස්ම කරන අය සැබවින්ම බෞතීස්මය ලබති. එහෙත් පිටත පර්වතයෙන් බෞතීස්ම වන අය, ක්රිස්තුස් වහන්සේගේ වචන අසා ඒවා අනුගමනය නොකරන සියල්ලන්මය. එබැවින්, එවැනි අය විසින් බෞතීස්ම කරන ලද සියල්ලන්ම නැවත බෞතීස්ම විය යුතුය. එහෙත් මෙය සිදු නොකළහොත්, මොවුන් තුළ ක්රිස්තුස් වහන්සේගේ බෞතීස්මය අප හඳුනා ගන්නා ආකාරයටම, මිථ්යාදෘෂ්ටිකයන් තුළද අප එය හඳුනාගත යුතුය, එසේ වූවද අපි ඔවුන්ගේ අධර්මිෂ්ඨකම සහ වැරැද්ද හෙළා දකිමු, නැතිනම් නිවැරදි කරමු.
31 වන පරිච්ඡේදය
59. කාර්පිස්හි තවත් සෙකන්ඩිනස් නමැත්තෙක් (Secundinus of Carpis) මෙසේ පැවසීය: “මිථ්යාදෘෂ්ටිකයන් කිතුනුවන්ද නැද්ද? ඔවුන් කිතුනුවන් නම්, ඔවුන් දෙවියන් වහන්සේගේ සභාවේ නැත්තේ ඇයි? ඔවුන් කිතුනුවන් නොවේ නම්, ඔවුන් කිතුනුවන් බවට පත් කළ යුතුයි. එසේ නොමැතිනම්, ‘මා සමග නොසිටින තැනැත්තා මට විරුද්ධය; මා සමග රැස් නොකරන තැනැත්තා විසුරුවා හරියි,’ යනුවෙන් ස්වාමින් වහන්සේ පවසන උන් වහන්සේගේ දේශනයේ සඳහන් වන්නේ කුමක්ද? (මතෙව් 12:30) අන්යජාතීන්ගේ දරුවන් සහ අන්ත ක්රිස්තුස්ගේ දරුවන් මත ශුද්ධාත්මයාණන් වහන්සේට වගුරුවනු නොලැබිය හැකි බව පැහැදිලිය, එම නිසා, මිථ්යාදෘෂ්ටිකයන්ට බෞතීස්මය නොමැති බව පැහැදිලිය.”
60. මෙයට අපි මෙලෙස පිළිතුරු දෙමු: අධර්මිෂ්ඨ කිතුනුවෝ නොසිටිත්ද? ඔවුන් කිතුනුවන් නම්, සභාව ගොඩනඟා ඇති එම පර්වතය මත ඔවුන් නොසිටින්නේ මන්ද? මන්ද ඔවුහු ක්රිස්තුස් වහන්සේගේ වචන අසා ඒවා ඉටු නොකරති. ඔවුන් කිතුනුවන් නොවේ නම්, ඔවුන් කිතුනුවන් බවට පත් කළ යුතුය. එසේ නොමැතිනම් අපගේ ස්වාමින් වහන්සේගේ දේශනයේ ඇති සඳහන කුමක්ද? එහිදී උන්වහන්සේ මෙසේ පවසන සේක: “මා සමග නොසිටින තැනැත්තා මට විරුද්ධය; මා සමග රැස් නොකරන තැනැත්තා විසුරුවා හරියි.” මන්ද ඔවුහු ස්වාමින් වහන්සේගේ ව්යාජ අනුකරණයකින් ඔවුන්ගේ ජීවිත විනාශයට ගෙන යන උන් වහන්සේගේ බැටළුවන් විසුරුවා හරිති. අමුතු දරුවන් මත (සියලු අධර්මිෂ්ඨයන් මෙලෙස හඳුන්වනු ලැබේ) මෙන්ම අන්ත ක්රිස්තුස්ගේ දරුවන් මත (ක්රිස්තුස් වහන්සේට විරුද්ධ වන සියල්ලන්ම) හදවතේ සැබෑ සංවර්තනයක් එකතු නොවුවහොත් ශුද්ධාත්මයාණන් වහන්සේට අත් තැබීමෙන් පමණක් වගුරුවනු නොලැබිය හැකි බව පැහැදිලිය. මන්ද අධර්මිෂ්ඨයන්ට, ඔවුන් අධර්මිෂ්ඨ වන තාක් කල්, බෞතීස්මය ලබා ගත හැකි වූවත්, බෞතීස්මය සක්රමේන්තුව වන ගැලවීම ලබා ගත නොහැකි බව පැහැදිලිය. මන්ද, ආගන්තුක දරුවන් විස්තර කිරීමට භාවිත කර ඇති එම ගීතිකාවේ පහත සඳහන් වචනවලින් මිථ්යාදෘෂ්ටිකයන් විස්තර කර ඇත්ද යන්න බලමු: “විදේශීන්ගේ අතින් මා උදුරා මුදාගත මැනව. ඔවුන්ගේ මුඛය නිෂ්ඵල දේ කියයි, ඔවුන්ගේ දකුණත බොරුවෙන් යුක්තවූ දකුණතක්ය. යම් කලෙක අපේ පුත්රයෝ තරුණ වයසේදී වැඩුණු පැළ මෙන් හා අපේ දූවරු මාලිගා කැටයම් ප්රකාර කැටයම් කළ කොනේ ගල් මෙන් වන්නෝද, අපේ ගබඩාවල් සියලු ආකාර ධාන්යයෙන් පිරී තිබෙන්නේද, අපේ කෙත්වලදී බැටළුවෝ දහස් ගණන්, දස දහස් ගණන්, වර්ධනය වන්නෝද, අපේ ගොන්නු මනාසේ බර පටවනු ලබන්නෝද, බලාත්කාරයෙන් ඇතුල්වීමක්වත් පිටත යාමක්වත් නොවන්නේද, අපේ වීථිවල කෝලාහලයක්වත් නොවන්නේද, එකල්හි ඒ ආකාර සෙනඟ වාසනාවන්තයෝය. එසේය, ස්වාමින්වහන්සේ තමුන්ගේ දෙවියන්වහන්සේ කොට ගත් සෙනඟ වාසනාවන්තයෝය.” එබැවින්, ඒ අය තම සතුට තාවකාලික දේවල් තුළත්, භෞමික සමෘද්ධියේ බහුලත්වය තුළත් තබන, ස්වාමින් වහන්සේගේ ආඥා නොසලකා හරින අමුතු දරුවන් නම්, සිප්රියන් එසේ කතා කරන අයම නොවේදැයි අපි බලමු, ඔහු ඔවුන් තමා බවට පරිවර්තනය කර ගනියි, එවිට ඔහු කතා කරන්නේ ඔහු සක්රමේන්තු තුළ හවුල පැවැත්වූ මිනිසුන් ගැන බව ඔහුට පෙන්විය හැකිය: “ස්වාමින් වහන්සේගේ මාර්ගය නොපිළිපැදීමෙන් හෝ අපගේ ගැලවීම සඳහා අපට ලබා දී ඇති ස්වර්ගීය ආඥා නොපිළිපැදීමෙන් අපි ජීවිතය ගත කරමු. අපගේ ස්වාමින් වහන්සේ තමන් වහන්සේගේ පියාණන් වහන්සේගේ කැමැත්ත කළ අතර, අපි ස්වාමින් වහන්සේගේ කැමැත්ත ඉටු නොකරමු. එහිදී අපගේ උරුමය හෝ අපගේ ජයග්රහණ ගැන උනන්දු වෙමින්, උඩඟුකම ආදිය අනුගමනය අපි ජීවත් වෙමු,” යයි ඔහු පවසයි. එහෙත් එම පුද්ගලයින්ට බෞතීස්මය හිමිකර ගැනීමට සහ එය ලබා දීමට හැකි වූයේ නම්, දෙවියන් වහන්සේගේ ආඥාවලට කීකරු වී උන්වහන්සේගේ දරුවන් සහ ක්රිස්තුස් වහන්සේගේ සහෝදරයන් වීමට ඔවුන් දිරිමත් කරනු ලැබුවද, බෞතීස්මය අමුතු දරුවන් අතර පැවතිය හැකි බව සමහරු ප්රතික්ෂේප කරන්නේ ඇයි?
32 වන පරිච්ඡේදය.
61. තබ්රකාහි වික්ටෝරිකස් (Victoricus of Thabraca) මෙසේ පැවසීය: “මිථ්යාදෘෂ්ටිකයන් බෞතීස්ම කර පව් සමාව ලබා දිය හැකි නම්, අප ඔවුන්ගේ ගෞරවය විනාශ කර ඔවුන් මිථ්යාදෘෂ්ටිකයන් ලෙස හඳුන්වන්නේ මන්ද?”
62. තවත් කෙනෙක් මෙසේ පැවසුවහොත් ඒ ගැන පවසන්නේ කුමක්ද?: අධර්මිෂ්ඨයන්ට බෞතීස්ම කර පව් සමාව ලබා දිය හැකි නම්, අප ඔවුන්ගේ ගෞරවය විනාශ කර ඔවුන් අධර්මිෂ්ඨයන් ලෙස හඳුන්වන්නේ මන්ද? එසේ අසන අයෙකුට අධර්මිෂ්ඨයන් සම්බන්ධයෙන් අප දිය යුතු පිළිතුර මිථ්යාදෘෂ්ටිකයන් සම්බන්ධයෙන් ප්රශ්නය අසන අනෙක් තැනැත්තාටද දිය හැකිය – එනම්, පළමුවෙන්ම, මිථ්යාදෘෂ්ටිකයින් බෞතීස්ම කරන බෞතීස්මය ඔවුන්ගේ නොවන බවය; දෙවනුව, ක්රිස්තුස් වහන්සේගේ බෞතීස්මය ලබන ඕනෑම කෙනෙකුට මෙය බාහිර ලකුණක් ලෙස පමණක් තිබේ නම් සහ හදවතේ සැබෑ පරිවර්තනයකින් සංවර්තනය වී නොමැති නම්, ඔහුගේ පාප සමාව ලැබීම ගැනද නිශ්චිත බව එයින් අදහස් නොවේය, එවිට සමාව දෙන තැනැත්තාට ඔහුගේ පව්වලට සමාව ලැබෙනු ඇත.
33 වන පරිච්ඡේදය.
63. උතිනාහි තවත් ෆීලික්ස් නමැත්තෙක් (Felix of Uthina) මෙසේ පැවසීය: “පූජක තන්ත්රයේ අතිශුද්ධ සහෝදරවරුනි, අපගේ ස්වාමින් වන ජේසුස් ක්රිස්තුන් වහන්සේගේ විස්මිත හා ශුද්ධ වූ තේජසට සාපේක්ෂව මිනිස් අහංකාරය හෝ උපකල්පනය කිසිවක් නොවන බව කිසිවෙකු නිසැකවම සැක නොකරනු ඇත. එසේ නම් එහි අනතුර මතක තබා ගනිමින්, අප මෙය අපම පිළිපදිනවා පමණක් නොව, අපගේ පොදු එකඟතාවයෙන් එය තහවුරු කළ යුතුය. එනම් අපගේ මව වන සභාවේ ළයට පැමිණෙන සියලුම මිථ්යාදෘෂ්ටිකයන් බෞතීස්ම විය යුතුය, එවිට දිගු කලක් තිස්සේ නොකඩවම දූෂණයෙන් දූෂිත වී ඇති මිථ්යාදෘෂ්ටික මනස, භාජනයේ විශුද්ධිකරණයෙන් පවිත්ර වූ විට ප්රතිසංස්කරණය කළ හැකිය.”
64. සමහරවිට මිථ්යාදෘෂ්ටියේ ගැඹුරු හා කල් පවතින දූෂණය නිසා මිථ්යාදෘෂ්ටිකයන් නැවත බෞතීස්ම කළ යුතු යැයි තර්ක කරන තැනැත්තා, කෙටි කලකට පමණක් මිථ්යාදෘෂ්ටියට වැටී, නිවැරදි කළ පසු ඉක්මනින් කතෝලික සභාවට ආපසු ගිය අය කෙරෙහි වඩාත් මෘදු වනු ඇත. එපමණක් නොව, සභාව යන්න අවබෝධ කරගෙන ඇති, එම පර්වතයට පැමිණෙන සියලුම අධර්මිෂ්ඨ මිනිසුන්, බෞතීස්ම විය යුතු යැයි කෙනෙකුට තර්ක කළ හැකි බව ඔහු නොසලකා හරියි – එවිට ක්රිස්තුස් වහන්සේගේ වචන අසා ඒවා නොපිළිපදිමින් ජීවත් වන පර්වතයෙන් පිට වැලි මත ගොඩනගා තිබූ ඔවුන්ගේ අධර්මිෂ්ඨ මනස, බෞතීස්මයේ පවිත්ර කිරීම කරණකොටගෙන ප්රතිස්ථාපනය කළ යුතුය. එහෙත්, ඔවුන් දැනටමත් බෞතීස්ම වී ඇත්නම් මෙය සිදු නොවේ, ඔවුන්ගේ බෞතීස්ම වන අවස්ථාවේ ඔවුන් මවාපෑමක් පමණක් කළ බව පෙන්නුම් කළත්, ඔවුන් “වචනවලින් ලෝකය අත්හැරිය නමුත් ක්රියාවෙන් එසේ නොකළ බව” පෙන්නුම් කළත් නැවත බෞතීස්මය සිදු කරනු නොලැබේ.
34 වන පරිච්ඡේදය
65. බුරුග්හි ක්වයිටස් (Quietus of Burug) මෙසේ පැවසීය: “ඇදහිල්ලෙන් ජීවත් වන අප අපගේ උපදෙස් සඳහා කලින් පුරෝකථනය කර ඇති දේට විශ්වාසවන්තව කීකරු විය යුතුය. මන්ද, ‘මළ කෙනෙකු විසින් සෝදනු ලැබූ තැනැත්තාට ඔහුගේ සේදීමෙන් ඇති ප්රයෝජනයක් කුමක්ද?’ යනුවෙන් සලමොන්හි ලියා ඇත. එසේ මිථ්යාදෘෂ්ටිකයන් විසින් සෝදන ලද අය සහ සෝදන අය ගැන මෙහිදී ඔහු නිසැකවම පවසයි. මන්ද ඔවුන් අතර බෞතීස්ම වන අයට ඔවුන්ගේ පව් සමාව තුළින් සදාකාල ජීවනය ලැබෙන්නේ නම්, ඔවුන් සභාවට පැමිණෙන්නේ ඇයි? එහෙත් මිය ගිය පුද්ගලයෙකුගෙන් ගැලවීමක් නොලැබුණේ නම්, එබැවින් ඔවුන් ඔවුන්ගේ පෙර වරද පිළිගෙන, පසුතැවිලි වී සත්යයට නැවත පැමිණේ නම්, කතෝලික සභාවේ ඇති එකම ජීවනදායක බෞතීස්මයෙන් ඔවුන් විශුද්ධ විය යුතුය.”
66. මළවුන් විසින් බෞතීස්ම කරනු ලැබීම යනු කුමක්ද යන්න කලින් පැහැදිලිව දක්වා ඇති මෙම ශුද්ධලියවිල්ලම වඩාත් සවිස්තරාත්මකව පරීක්ෂා කිරීම අවතක්සේරු නොකර අපි දැනටමත් ප්රමාණවත් ලෙස ප්රකාශ කර ඇත්තෙමු. එහෙත් පාවුල් අපෝස්තුළුවරයා පාපය ගැන සාමාන්යයෙන් “පාපයේ කුලිය මරණයයි,” (රෝම 6:23) යනුවෙන් පවසා ඇති විට, මිථ්යාදෘෂ්ටිකයන් පමණක් මිය ගිය අය ලෙස සැලකීමට ඔවුන් කැමති වන්නේ මන්දැයි මම අසමි. එසේම නැවතත්, “මාංසයේ ඇල්ම මරණයය,”( රෝම 8:6) යනුවෙන් දක්වා ඇත. තවද සැප සම්පත්වලින් ජීවත් වන වැන්දඹුවක් මිය ගොස් ඇති බව ඔහු පවසන විට, (1 තිමෝති 5:6) “වචනවලින් මිස ක්රියාවෙන් ලෝකය අත්නොහරින අය” මිය ගොස් නොමැති අය වන්නේ කෙසේද? එබැවින්, ඔවුන්ගෙන් ලැබෙන බෞතීස්මයෙන් ඇති ප්රයෝජනය කුමක්ද? එහිදී එකම ප්රතිලාභය විය හැක්කේ බෞතීස්ම වන පුද්ගලයා ඔවුන්ගේම නුසුදුසු චරිතය බෙදා ගන්නේ නම්, ඔහුට චාරිත්රානුකූලව සේදීම ලැබීමයි – එහෙත් එය ඔහුට ගැලවීම ලැබීම පිණිස එය ප්රයෝජනවත් නොවේ. එහෙත් ඔහු බෞතීස්ම කරන තැනැත්තා නුසුදුසු නම්, එසේ වූවත් බෞතීස්මය ලබන පුද්ගලයා අවංකවම සැබෑ හදවතකින් ස්වාමින් වහන්සේ වෙත හැරෙන්නේ නම්, ඔහු බෞතීස්ම කරන්නේ මියගිය පුද්ගලයා නොව, ජීවමාන ක්රිස්තුස් වහන්සේය. උන් වහන්සේ පිළිබඳ මෙලෙස පවසා ඇත. “උන් වහන්සේම බෞතීස්ම කරන තැනැන් වහන්සේ වන සේක.” (යොහන් 1:33) එහෙත් මිථ්යාදෘෂ්ටිකයන් ගැන ඔහු පවසන දේ සම්බන්ධයෙන් ගත් කල, ඔවුන් අතර බෞතීස්ම වන අයට ඔවුන්ගේ පව් සමාව තුළින් සදාකාල ජීවනය ලැබෙන්නේ නම්, ඔවුන් සභාවට පැමිණෙන්නේ මන්ද? එයට අපි මෙසේ පිළිතුරු දෙමු: ඔවුන් පැමිණෙන්නේ මේ හේතුව නිසාය, එනම් ඔවුන් සක්රමේන්තුව සැමරීම දක්වා ක්රිස්තුස් වහන්සේගේ බෞතීස්මය ලබාගෙන ඇතත්, එක්සත්කමේ ප්රේමය තුළින් මිස ඔවුන්ට සදාකාල ජීවනය ලබා ගත නොහැකිය; ඊර්ෂ්යා කරන සහ ද්වේෂසහගත අය සදාකාල ජීවනය ලබා නොගන්නා සේම, ඔවුන්ට වැරදි කළ අය කෙරෙහි වෛරය පමණක් ඇති කර ගත්තත්, ඔවුන්ගේ පාපවලට සමාව නොලැබෙනු ඇත. “ඔබ මිනිසුන්ට ඔවුන්ගේ වැරදිවලට සමාව නොදෙන්නේ නම්, ඔබේ පියාණන් වහන්සේ ඔබේ වැරදිවලට සමාව නොදෙනු ඇත,” (මතෙව් 6:15) යයි සත්යය වන තැනැන් වහන්සේ මෙලෙස පැවසූ බැවින්, ඔවුන් තමන්ට ලැබුණු යහපතට නපුර කළ අයට වෛර කළ විට ඔවුන් ඊට වඩා කොපමණ අඩුද? එහෙත් මෙම මිනිසුන්, “ක්රියාවෙන් නොව වචනවලින් පමණක් ලෝකය අත්හැරියද”, නැවත බෞතීස්ම නොවනු ඇත. පසුව ඔවුන් නිවැරදි කළ යුතු නම්, එසේ වූවද එකම ජීවමාන බෞතීස්මය මගින් ඔවුන් විශුද්ධ කරනු ලැබ ඇත. මෙය ඇත්ත වශයෙන්ම කතෝලික සභාව තුළය, එහෙත් සභාව තුළ පමණක් නොවේය, පර්වතය මත ගොඩනඟා ඇති ශුද්ධවන්තයන් තුළ පමණක්ද නොවේ, එම එක් පරෙවියා සෑදී ඇත්තේ ඔවුන්ගෙන්ය. (ගීතිකාවල ගීතිකාව 6:9)
35 වන පරිච්ඡේදය.
67. සිකාහි කැස්ටස් (Castus of Sicca) මෙසේ පැවසීය: සත්යය නොතකා සිරිත් විරිත් අනුගමනය කිරීමට උපකල්පනය කරන තැනැත්තා සත්යය එළිදරව් කරනු ලැබූ සහෝදරයන් කෙරෙහි ඊර්ෂ්යා කරන සහ නපුරු ලෙස නැඹුරු වන අයෙකි, එසේ නොමැති නම් දෙවියන් වහන්සේ කෙරෙහි ඔහු කෘතඥ නොවන අයෙකි. සභාව උපදෙස් ලබාගෙන ඇත්තේ දෙවියන් වහන්සේගේ ආනුභාවයෙන්ය.”
68. මෙම මිනිසා ඔප්පු කළේ ඔහුට වඩා වෙනස් වූ අය සහ ක්රිස්තියානි සභා මන්ත්රණ සභාවක අනුමැතිය යටතේ මුළු ලෝකයම දැරූ මතය දැරූ අය සත්යයට අපහාස කිරීම සඳහා සිරිත් විරිත් අනුගමනය කරන බවයි, අපට මෙම වචනවලට බිය වීමට හේතු තිබිය යුතුය; එහෙත් මෙම සිරිත සත්යයෙන් ආරම්භ වී ඇති බවත් සත්යයෙන් තහවුරු කර ඇති බවත් හඳුනාගෙන ඇති බැවින්, මෙම විනිශ්චයේදී අපට බිය වීමට කිසිවක් ඇත්තේ නැත. එහෙත්, ඔවුන් සහෝදරයන් කෙරෙහි ඊර්ෂ්යා කළහොත් නැතිනම් නපුරු ලෙස නැඹුරු වුවහොත් එසේත් නැත්නම් දෙවියන් වහන්සේ කෙරෙහි කෘතඥ නොවන්නේ නම්, ඔවුන් කුමන ආකාරයේ මිනිසුන් සමග හවුල්කාරකම් පැවැත්වීමට කැමතිද යන්න බලන්න; සිප්රියන් මුලින් අණ කළ පරිදි, තමන්ගේ මතවලට වඩා වෙනස් මත දරන මිනිසුන්ට, ඔවුන් ශුද්ධ වූ සහභාගීත්වයට හවුල් වීමේ අයිතියෙන් ඉවත් නොකර, කෙබඳු ආකාරයෙන් සැලකුවාද යන්න බලන්න. එකමුතුකම ආරක්ෂා කිරීමට ගත් උත්සාහයන්හිදී දූෂිත නොවූ මිනිසුන් දෙස බලන්න; ඔවුන් සාමයේ බැඳීම කොතරම් අගය කළාද යන්න නිරීක්ෂණය කරන්න. රදගුරුවරුන්ගේ සභා මන්ත්රණ සභාවෙන් සහ ඔවුන්ගේ පූර්වගාමීන්ගෙන් සහාය ඉල්ලා සිටින අපට චෝදනා කරන අයගේ අදහස් දැන් සලකා බලන්න – එහෙත් ඔවුන් ඔවුන්ගේ ආදර්ශය අනුගමනය නොකරන අතර, අප මෙම කාරණය හොඳින් සලකා බලන විට, ඔවුන් එම ආදර්ශයෙන්ම හෙළා දකිනු ලැබේ. මෙම විනිශ්චය සාක්ෂි දරන පරිදි, සභාවට පැමිණෙන මිථ්යාදෘෂ්ටිකයන් ඔවුන් දැනටමත් ලබාගෙන තිබූ බෞතීස්මය සමග පිළිගත යුතු බව සිරිතක් වූයේ නම්, එය නිවැරදිව සිදු කරන ලදී, එසේ නැතහොත් නපුර එකමුතුව තුළ යහපත දූෂණය නොකරයි. එය නිවැරදිව සිදු කර ඇත්නම්, ඔවුන් එසේ පිළිගන්නා ලද බැවින් ඔවුන් ලෝකයට චෝදනා කරන්නේ ඇයි? එහෙත් නපුර එකමුතුව තුළ යහපත දූෂණය නොකරන්නේ නම්, ඔවුන් පූජනීය බවෙන් වෙන්වීමේ චෝදනාවට එරෙහිව තමන්ම ආරක්ෂා කර ගන්නේ කෙසේද?
36 වන පරිච්ඡේදය
69. තේනිහි යුක්රේෂස් (Eucratius of Theni) මෙසේ පැවසීය: “අපගේ දෙවියන් වහන්සේ සහ ස්වාමින් වහන්සේ වන යේසුස් ක්රිස්තුන් වහන්සේ, උන් වහන්සේගේම මුඛයෙන් ප්රේරිතයන්ට උගන්වමින්, අපගේ ඇදහිල්ල, බෞතීස්මයේ කරුණා අනුග්රහය සහ සභාවේ ව්යවස්ථාවේ නීතියේ ආධිපත්යය සම්පූර්ණයෙන්ම ප්රකාශ කරමින් මෙසේ පැවසූ සේක. ‘නුඹලා ගොස් සියලු ජාතීන් ගෝලයන් කරන්න, පියාණන්ගේත්, පුත්රයාණන්ගේත්, ශුද්ධාත්මයාණන්ගේත් නාමයෙන් ඔවුන් බෞතීස්ම කරන්න.’ (මතෙව් 28:19) එබැවින් මිථ්යාදෘෂ්ටිකයන්ගේ ව්යාජ සහ අධර්මිෂ්ඨ බෞතීස්මය අප ප්රතික්ෂේප කළ යුතු අතර, ඔවුන්ගේ මුඛයෙන් ජීවිතය නොව, විෂ, ස්වර්ගීය කරුණාව නොව, ත්රිත්වයට අපහාස කිරීම නිකුත් කරන බව දැක, සියලු ගෞරවනීය සාක්ෂියට පටහැනි බව සඳහන් කළ යුතුය. එබැවින් සභාවට පැමිණෙන මිථ්යාදෘෂ්ටිකයන් පරිපූර්ණ හා කතෝලික බෞතීස්මයෙන් බෞතීස්ම කළ යුතු බව පැහැදිලිය, එවිට ඔවුන්ගේ උපකල්පනයේ දේව අපහාසයෙන් ඔවුන් පවිත්ර කරනු ලැබ, ඔවුන් ශුද්ධාත්මයාණන් වහන්සේගේ කරුණාවෙන් ප්රතිසංස්කරණය කළ හැකිය.”
70. පැහැදිලිවම, බෞතීස්මය පියාණන්ගේ, පුත්රයාණන්ගේ සහ ශුද්ධාත්මයාණන්ගේ නාමයෙන් කැප කර නොමැති නම්, එය මිථ්යාදෘෂ්ටිකයන්ගේ බෞතීස්මයක් ලෙස සැලකිය යුතු අතර, අප විසින් සියලු ගෞරවනීය සාක්ෂි සහිතව අධර්මිෂ්ඨ කාරණයක්සේ සලකා එය ප්රතික්ෂේප කළ යුතුය; එහෙත් අප එහි මෙම නාමය වෙන් කර හඳුනාගන්නේ නම්, ශුභාරංචියේ වචන මිථ්යාදෘෂ්ටික දෝෂයෙන් වෙන්කර හඳුනා ගැනීමටත්, ඒවායේ ඇති හොඳ දේ අනුමත කිරීමටත්, දෝෂ සහිත දේ නිවැරදි කිරීමටත් අපි ක්රියා කළ යුතු වෙමු.
37 වන පරිච්ඡේදය
71. වාගාහි ලිබොසස් (Libosus of Vaga) මෙසේ පැවසීය:
“ස්වාමින් වහන්සේ ශුභාරංචියේ මෙසේ පවසන සේක, ‘මම සත්යය වෙමි’; (යොහන් 14:6) උන් වහන්සේ මම චාරිත්රය වෙමි, යනුවෙන් නොපැවසූ සේක. එබැවින්, සත්යය ප්රකාශ කරනු ලැබූ විට, චාරිත්රය සත්යයට යටත් වේවා; එවිට, අතීතයේදී පවා යමෙක් සභාවේ මිථ්යාදෘෂ්ටිකයන් බෞතීස්ම නොකළේ නම්, ඔහුට දැන් ඔවුන් බෞතීස්ම කිරීම ආරම්භ කළ හැකිය.”
72. මෙහිදී ඔහු කිසිදු ආකාරයකින් එම සිරිතට යටත් විය යුතු බව පවසන සත්යය එය බව පෙන්වීමට උත්සාහ කර නැත. එහෙත් වැදගත් දෙය නම්, ඔහු පෙන්නුම් කිරීමට අපොහොසත් වන යම් සත්යයක් වෙනුවෙන් මෙම චාරිත්රය අත්හැරිය යුතු බවට ඔහුගේ මතයට වඩා, චාරිත්රය පැවති බව පිළිගැනීමෙන් සභාවේ එක්සත්කමෙන් බිඳී ගිය අයට එරෙහිව අපගේ කාරණයට ඔහු සහාය දීමයි. මන්ද, සභාවේ චාරිත්රය නුසුදුසු හෝ භේදකාරී පුද්ගලයින්ට පවා නැවත බෞතීස්ම නොවී පූජාසනයට ළඟා වීමට ඉඩ දුන්නේ නම්, එසේ වූවත් මෙය සභාව සමග එක්සත්ව සිටි ඇදහිලිවන්තයන් අපවිත්ර නොකළේ නම්, මෙම එකමුතුවෙන් බිඳී ගිය අය – දූෂණයෙන් වැළකී සිටිය යුතු යැයි පවසමින් – සාධාරණ හේතුවක් නොමැතිව තමන්ම වෙන් කර ඇත. එසේ කිරීමෙන්, ඔවුන් භේද කිරීමේ පැහැදිලි හා බරපතල පාපය සිදු කර ඇත. එහෙත් එම චාරිත්රය නිසා, සෑම කෙනෙකුම සැබවින්ම ආත්මිකව අපවිත්ර වී විනාශ වූවා නම්, ආරම්භයේ සිටම සත්යය නොමැති සහ රැවටිලිකාර අපහාසවලින් පිරී ඇති මෙම විවේචකයින් පැමිණෙන්නේ කොහෙන්ද? කෙසේ වෙතත්, මිථ්යාදෘෂ්ටිකයන් මෙසේ ලබා ගත් චාරිත්රය නිවැරදි එකක් නම්, ඔවුන් තම උමතු බව අත්හැරිය යුතුය, ඔවුන්ගේ වැරැද්ද පාපොච්චාරණය කළ යුතුය; ඔවුන් නැවත බෞතීස්ම කිරීමේ සක්රමේන්තුවෙන් ස්නානය කිරීමට නොව, වෙන්වීමේ තුවාලයෙන් සුවය ලබා ගැනීමට ඔවුන් කතෝලික සභාවට පැමිණිය යුතුය.
38 වන පරිච්ඡේදය
73. තෙබස්ට්හි ලුසියස් (Lucius of Thebaste) මෙසේ පැවසීය: “ශුද්ධලියවිල්ලේ පූජනීය හා ආකර්ශනීය වචන විවිධ වචනවලින් උදුරා ගන්නා මිථ්යාදෘෂ්ටිකයන්, අපහාස කරන්නන් සහ අධර්මිෂ්ඨ මිනිසුන් ශාප ලත් අය ලෙස සලකනු ලැබිය යුතු බවටත්, එබැවින් ඔවුන් යක්ෂයන් ඉවත් කරනු ලැබ බෞතීස්ම කළ යුතු බවටත් මම මගේ විනිශ්චය ප්රකාශ කරමි.”
74. මමද ඔවුන් ශාප ලත් අය ලෙස සලකනු ලැබිය යුතු යැයි සිතමි, එහෙත් එබැවින් ඔවුන් යක්ෂයන් ඉවත් කරනු ලැබ බෞතීස්ම කළ යුතු නොවේ; මන්ද මම ශාප ලත් අය ලෙස සලකන්නේ ඔවුන්ගේම බොරුවයි, එහෙත් ක්රිස්තුස් වහන්සේගේ සක්රමේන්තුවට මම ගරු කරමි.
39 වන පරිච්ඡේදය
75. අම්මෙඩෙරාහි ඉයුජීනියස් (Eugenius of Ammedera) මෙසේ පැවසීය: “මමත් මිථ්යාදෘෂ්ටිකයන් නැවත බෞතීස්ම කළ යුතු බවට මෙම විනිශ්චයම ප්රකාශ කරමි.”
76. ඔහුට අපි මෙසේ පිළිතුරු දෙමු: එහෙත් මෙය සභාව ප්රකාශ කරන විනිශ්චය නොවේ, එයට දෙවියන් වහන්සේ දැන් සභා මන්ත්රණ සභාවකදී ඔබ තවමත් වෙනත් ආකාරයකින් සිතූ කාරණය එළිදරව් කර ඇති සේක,( පිලිප්පි 3:15) එහෙත් ඔබ තුළ ප්රේමය තිබූ නිසා, ඔබ එකමුතුව රැඳී සිටියේය.
40 වන පරිච්ඡේදය
77. අම්මකුරාහි තවත් ෆීලික්ස් කෙනෙක් (Felix of Ammacura) මෙසේ පැවසීය: “ශුද්ධලියවිල්ලේ අධිකාරිය අනුගමනය කරමින්, මිථ්යාදෘෂ්ටිකයන් නැවත බෞතීස්ම විය යුතු බවට මගේ විනිශ්චය ලබා දෙන අතර, ඔවුන් සමග භේදවාදීන් අතර බෞතීස්ම වී ඇති බව පවසන අයද නැවත බෞතීස්ම විය යුතු බවට මමද පවසමි. මන්ද, ක්රිස්තුස් වහන්සේගේ අනතුරු ඇඟවීමට අනුව, අපගේ උල්පත මුද්රා තබා තිබෙන්නේ අපටමය. (ගීතිකාවල ගීතිකාව 4:12) අපගේ සභාවේ සියලු සතුරෝ එය අන් අයට අයිති විය නොහැකි බව තේරුම් ගනිත්වා; අපගේ රැළේ එඬේරාණන් වහන්සේ වන උන් වහන්සේට වෙනස් ජාතීන් දෙකකට ගැලවීම සඳහා ජලය ලබා දිය නොහැකිය. එබැවින් පව්කාරයන්ගෙන් සහ සභාවට ආගන්තුකයන්ගෙන් ලබා ගැනීමට එඩිතර වන මිථ්යාදෘෂ්ටිකයන්ට හෝ භේදවාදීන්ට දිව්යමය කිසිවක් ලබා ගත නොහැකි බව පැහැදිලිය. ලබා දෙන තැනැත්තාට නැගී සිටීමට පදනමක් නොමැති විට, නිසැකවම ලබන්නාට කිසිදු ප්රතිලාභයක් ලබා ගත නොහැකිය.”
78. අපි ඔහුට මෙසේ පිළිතුරු දෙන්නෙමු, ශුද්ධලියවිල්ලේ කොතැනකවත් මිථ්යාදෘෂ්ටිකයන් අතර බෞතීස්ම වූ මිථ්යාදෘෂ්ටිකයන් නැවතත් බෞතීස්ම කළ යුතු බව නියම කර නැත. නමුත්, එහි බොහෝ ස්ථානවල පෙන්වා දී ඇත්තේ පර්වතය මත නොසිටින, පරෙවියාගේ සාමාජිකයින්ට අයත් නොවන සභාවෙන් පිටත සිටින අය විදේශිකයින් බවය. එසේ වූවත්, ඔවුහු බෞතීස්ම ලබති, බෞතීස්ම කරනු ලබති. එසේ ගැලවීම නොමැතිව ගැලවීමේ සක්රමේන්තුව ඔවුන්ට ඇත. එහෙත් අපගේ උල්පත පාරාදීසයේ උල්පත හා සමාන වන්නේ කෙසේද, එය පාරාදීසයේ සීමාවෙන් ඔබ්බට පවා ගලා යන ආකාරය සම්බන්ධයෙන් ප්රමාණවත් ලෙස ඉහත දක්වා ඇත; එසේම “අපගේ රැළේ එඬේරාණන් වහන්සේ වන තැනැන් වහන්සේට වෙනස් ජාතීන් දෙකකට එනම්, තමන් වහන්සේගේම වන කෙනෙකුට සහ තවත් විදේශිකයෙකුට ගැලවීම සඳහා ජලය ලබා දිය නොහැකිය,” යන්න මම සම්පූර්ණයෙන්ම එකඟ වී පිළිගනිමි. එහෙත් ජලය ගැලවීම සඳහා නොවන නිසා එය ඒ හා සමානම ජලය නොවන බව එයින් අදහස් වේද? මන්ද ජලගැල්මේ ජලය නැව තුළ තැබූ අයට ගැලවීම සඳහා වූ නමුත් එය පිටත සිටින අයට මරණය ගෙන ආ අතර, එසේද වූවත් එය එකම ජලය විය. සිප්රියන් ප්රකාශ කරන සහ ශුද්ධලියවිල්ලෙන් යක්ෂයාගේ පාර්ශ්වයට අයත් බවට ඔහු ඔප්පු කරන බොහෝ විදේශිකයන් වූ කලි ඊර්ෂ්යා කරන පුද්ගලයෝ වෙති. ඔවුන් සභාව තුළ සිටින බව පෙනෙන්නට ඇත. එහෙත්, ඔවුන් නැවෙහි රැඳී සිටියා නම්, ඔවුන් ජලයෙන් විනාශ නොවනු ඇත. මන්ද, එවැනි මිනිසුන් බෞතීස්මයෙන් මරා දමනු ලැබේ, ක්රිස්තුස් වහන්සේගේ මිහිරි සුවඳ ප්රේරිතවරයා පවසන ආකාරයේ අයට මරණයට හේතු විය.( 2 කොරින්ති 2:15) එසේ නම්, කටු හෝ තිරිඟු මෙන් වන මිථ්යාදෘෂ්ටිකයන් හෝ භේදවාදීන්ට ස්වර්ගීය කිසිවක් නොලැබෙන්නේ ඇයි? නැවෙන් පිටත සිටි අයට ස්වර්ගයේ ගංවතුරෙන් සැබවින්ම වර්ෂාව ලැබුණු අතර ඒ ගැලවීම සඳහා නොව විනාශය සඳහාය. එබැවින් “බෞතීස්මය ලබා දෙන්නාට නැගී සිටීමට පදනමක් නොමැති විට, නිසැකවම ලබන්නාට කිසිදු ප්රතිලාභයක් ලබා ගත නොහැකිය,” යනුවෙන් ඔහු අවසාන වශයෙන් පැවසූ දේ ප්රතික්ෂේප කිරීමට මම වෙහෙස නොගනිමි. මන්ද මිථ්යාදෘෂ්ටිකයින් සමග එකඟ වෙමින් මිථ්යාදෘෂ්ටිකව බෞතීස්මය ලබා ගන්නා විට එය ලබන්නන්ට ප්රයෝජනවත් නොවන බව අපිද කියමුව; එබැවින් ඔවුහු කතෝලික සාමයට හා එකමුතුකමට පැමිණෙති. ඒ ඔවුන් බෞතීස්මය ලැබීමට නොව, ඔවුන්ට ඒ වන විටත් ලැබී ඇති බෞතීස්මය ඔවුන්ට ප්රයෝජනවත් වීම ආරම්භ වන පිණිසය.
41 වන පරිච්ඡේදය
79. මුසුලිහි තවත් ජනුවාරියස් නමැත්තෙක් (Januarius of Muzuli) මෙසේ පැවසීය: “සියලු දෙනාම එකම බෞතීස්මය ඇති බව පිළිගන්නා අතර, එකම බෞතීස්මයේ එකමුතුකම සියල්ලන්ටම නොවැටහීම පිළිබඳ මම පුදුමයට පත් වෙමි. මන්ද, සභාව සහ මිථ්යාදෘෂ්ටිය යනු වෙනස් කාරණා දෙකකි. මිථ්යාදෘෂ්ටිකයන් බෞතීස්මය ලබා ගන්නේ නම් අපට එය ඇත්තේ නැත; එහෙත් අපට එය තිබේ නම්, මිථ්යාදෘෂ්ටිකයන්ට එය තිබිය නොහැකිය. එහෙත් සභාවට පමණක් ක්රිස්තුස් වහන්සේගේ බෞතීස්මය ඇති බවට කිසිදු සැකයක් නැත, මන්ද එහි පමණක්ම ක්රිස්තුස් වහන්සේගේ අනුග්රහය සහ සත්යය යන දෙකම ඇති බැවිනි.”
80. තවත් කෙනෙකු එලෙසම පැවසිය හැකි අතර, ඒ හා සමානව අසත්ය විය හැකිය: සියලු දෙනා එකම බෞතීස්මය ඇති බව ප්රකාශ කළද, සියලු දෙනා බෞතීස්මයේ එකමුතුකම තේරුම් නොගැනීම ගැන මම කල්පනා කරමි. මන්ද ධර්මිෂ්ඨකම සහ අධර්මිෂ්ඨකම යනු වෙනස් කාරණා දෙකකි. අධර්මිෂ්ඨයන්ට බෞතීස්මය තිබේ නම්, ධර්මිෂ්ඨයන්ට එය ඇත්තේ නැත; එහෙත් ධර්මිෂ්ඨයන්ට එය තිබේ නම්, අධර්මිෂ්ඨයන්ට එය ලබා ගත නොහැකිය. එහෙත් ධර්මිෂ්ඨයන්ට පමණක් ක්රිස්තුස් වහන්සේගේ බෞතීස්මය ඇති බවට සැකයක් නැත, මන්ද ඔවුන්ට පමණක් ක්රිස්තුස් වහන්සේගේ අනුග්රහය සහ සත්යය යන දෙකම ඇති බැවිනි. ඔවුන්ම ප්රකාශ කරන පරිදි මෙය නිසැකවම අසත්යයකි. මන්ද යක්ෂයාගේ පාර්ශ්වයට අයත් එම ඊර්ෂ්යා කරන අය, සභාව තුළ තබා තිබුණද, සිප්රියන් අපට පවසන පරිදි, සහ අපොස්තුළු පාවුල් හොඳින් දන්නා මේ අය, බෞතීස්මය ලබාගෙන සිටිති. එසේ වූවත් පර්වතය මත ආරක්ෂිතව නවාතැන් ගෙන සිටින එම පරෙවියාගේ සාමාජිකයින්ට අයත් නොවෙති.
42 වන පරිච්ඡේදය
81. තස්බෝල්ට්හි ඇඩෙල්ෆියස් (Adelphius of Thasbalte) මෙසේ පැවසීය: “සභාව මිථ්යාදෘෂ්ටිකයන් නැවත බෞතීස්ම නොකරන නමුත් ඔවුන් බෞතීස්ම කරන බැවින්, අප නැවත බෞතීස්ම කරන බව පවසමින්, අසත්ය හා ද්වේෂසහගත වචනවලින් සත්යයට චෝදනා කිරීමට ඔවුන්ට නිසැකවම හේතුවක් නැත.”
82. සැබවින්ම සභාව ඔවුන් නැවත බෞතීස්ම නොකරයි, මන්ද එය බෞතීස්ම කරන්නේ කලින් බෞතීස්ම නොවූ අය පමණක් වන බැවිනි; එසේම මෙම පෙර චාරිත්රය පසුකාලීන සභා මන්ත්රණ සභාවකදී සත්යය වඩාත් ප්රවේශමෙන් පරිපූර්ණ කිරීම මගින් පමණක් තහවුරු කර ඇත.
43 වන පරිච්ඡේදය
83. සුළු ලෙප්ටිස්හි ඩිමෙට්රියස් (Demetrius of the Lesser Leptis) මෙසේ පැවසීය: “අපි එකම බෞතීස්මය පිළිගනිමු, මන්ද අප කතෝලික සභාවට පමණක් ඇයට හිමි දේ අයත් යයි කියා සිටින බැවිනි. එහෙත් මිථ්යාදෘෂ්ටිකයන් සැබවින්ම වලංගු සහ නීත්යනුකූල බෞතීස්මයක් සිදු කරන බව පවසන අය, ඇත්තෙන්ම දෙකක් නොව බොහෝ බෞතීස්ම සිදු කරන අය වෙති; මන්ද මිථ්යාදෘෂ්ටිකයන් බොහෝ බැවින්, බෞතීස්මද ඔවුන්ගේ සංඛ්යාව අනුව ගණනය කෙරේ.”
84. අපි ඔහුට මෙසේ පිළිතුරු දෙමු: එය එසේ නම්, බොහෝ වූ බෞතීස්මයන් මාංසයේ ක්රියා ලෙස ගණන් ගනු ලැබේ, ඒවා පිළිබඳ ප්රේරිතවරයා පවසන්නේ “එවැනි දේවල් කරන අයට දෙවියන් වහන්සේගේ රාජ්යය උරුම නොවනු ඇත,” කියාය. (ගලාති 5:21) ඒවා අතර මිථ්යාදෘෂ්ටික බවද ගණන් ගනු ලැබේ; එම ක්රියා බොහොමයක් සභාව තුළ දහයියා පිළිබඳ මෙන් ඉවසනු ලැබේ. එසේ වූවද, ඔවුන් සියල්ලන් උදෙසා ඇත්තේ එක බෞතීස්මයයි. එය කිසිදු අධර්මිෂ්ඨකමේ ක්රියාවකින් ක්ෂය නොවේ.
44 වන පරිච්ඡේදය
85. තිබාරිහි වින්සන්ටියස් (Vincentius of Thibari) මෙසේ පැවසීය: “මිථ්යාදෘෂ්ටිකයන් අන්යජාතීන්ට වඩා ඉතා නරක බව අපි දනිමු. ඔවුන්, සංවර්තනය වී, දෙවියන් වහන්සේ වෙතට පැමිණීමට කැමති නම්, ඔවුන්ට නිසැකවම සත්යයේ රීතියක් ඇත. එය ස්වාමින් වහන්සේ තමන් වහන්සේගේ දිව්යමය ආඥාවෙන් ප්රේරිතයන්ට මෙසේ පවසමින් භාර දුන් කාරණයයි. ‘යන්න, ගොස් මාගේ නාමයෙන් අත් තබා, යක්ෂයන් දුරු කරන්න.’ (මාර්ක් 16:15-18) එසේම තවත් ස්ථානයක, ‘ගොස් සියලු ජාතීන් ගෝලයන් කරන්න, පියාණන්ගේත්, පුත්රයාණන්ගේත්, ශුද්ධාත්මයාණන්ගේත් නාමයට ඔවුන් බෞතීස්ම කරන්න’ (මතෙව් 28:19) එබැවින්, පළමුවෙන්ම යක්ෂයන් පලවා හැරීමේදී අත් තැබීමෙන්, දෙවනුව, බෞතීස්මයේදී නැවත උත්පාදනය කිරීමෙන්, ඔවුන්ට ක්රිස්තුස් වහන්සේගේ පොරොන්දු වෙත පැමිණිය හැකි වන පිණිසය; එහෙත් මගේ විනිශ්චය නම් වෙනත් ආකාරයකින් මෙය නොකළ යුතු බවයි.”
86. මිථ්යාදෘෂ්ටිකයන් අන්යජාතිකයන්ට වඩා නරක බව ඔහු ප්රකාශ කරන්නේ කුමන රීතියෙන්ද යන්න මම නොදනිමි, මන්ද ස්වාමින් වහන්සේ මෙසේ පවසන සේක. “ඔහු ඔවුන් කී දේත් පිළිනොගත්තොත්, සභාවට කියන්න. සභාව කී දේත් පිළිනොගත්තොත්, ඔහු නුඹට අන්යජාතියෙක් මෙන්ද සුංගම් අයකරන්නෙක් මෙන්ද වේවා” (මතෙව් 18:17) මිථ්යාදෘෂ්ටිකයෙකු එවැනි කෙනෙකුට වඩා නරකද? මම එය ප්රතික්ෂේප නොකරමි. කෙසේ වෙතත්, මම එයට ඉඩ නොදෙමි, එයට හේතුව එම මිනිසාම මිථ්යාදෘෂ්ටිකයෙකුට වඩා නරක නිසාය, එනම්, අන්යජාතිකයෙකුට සහ විජාතිකයෙකුට වඩා නරකය. එබැවින් ක්රිස්තුස් වහන්සේගේ සක්රමේන්තුවේ අන්තර්ගත ඕනෑම දෙයක් ඔහුගේ දුෂ්ටකම් සහ චරිතය සමග මිශ්ර වී ඇති අතර, එවැනි මිශ්රණයක දූෂිත බවෙන් විනාශ වේ. මන්ද, සභාවෙන් ඉවත් වී යන, මිථ්යාදෘෂ්ටිකයන්ගේ අනුගාමිකයින් නොව, ආරම්භකයින් බවට පත්වන අය පවා, ඔවුන්ගේ වෙන්වීමට පෙර බෞතීස්මය ලබා ඇත්නම්, ඔවුහු බෞතීස්මය දිගටම කරගෙන යති. කෙසේ වෙතත්, ඉහත රීතියට අනුව, ඔවුහු අන්යජාතිකයින්ට වඩා නරක අය වෙති; මන්ද නිවැරදි කිරීමෙන් පසු, ඔවුන් නැවත පැමිණියහොත්, ඔවුන්ට බෞතීස්මය ආපසු නොලැබෙන්නේ, ඔවුන් කිසි විටෙකත් එය සැබවින්ම අහිමි කර නොගත් බැවිනි. ඔවුන් එය නැති කර ගත්තා නම් නිසැකවම ඔවුන්ට එය ලැබෙනු ඇත. එබැවින් එවැනි මිනිසෙකු අන්යජාතිකයෙකුට වඩා නරක විය හැකිය. එසේම ක්රිස්තුස් වහන්සේගේ සක්රමේන්තුව ඔහු තුළ තිබෙනවා පමණක් නොව, එම බෞතීස්මය ශුද්ධ හා ධර්මිෂ්ඨ මිනිසෙකු තුළ ඇති දෙයට වඩා සුළු වශයෙන්වත් පහත් නොවිය හැකිය. මන්ද, ඔහුගේ බලතලවල ප්රමාණයට ඔහු සක්රමේන්තුව ආරක්ෂා කර නැති වූවද, හදවතින් සහ කැමැත්තෙන් එය උල්ලංඝනය කළද, සක්රමේන්තුවේම ස්වභාවය සම්බන්ධයෙන් සලකන විට, එය හෙළා දැක සහ ප්රතික්ෂේප කළ මිනිසා තුළ පවා එහි ඒකාග්රතාවය තුළ කිසිදු හානියක් සිදු නොවී පවතී. සොදොම්හි ජනතාව විජාතිකයෝ නොවෙත්ද, එනම් අන්යජාතිකයෝ නොවෙත්ද? එබැවින් යුදෙව්වෝ ඔවුන්ට වඩා නරක අය වූහ, ස්වාමින් වහන්සේ ඔවුන්ට මෙසේ පවසන සේක: “විනිශ්චය දවසේදී සොදොම දේශයට එය ඔබට වඩා ඉවසිය හැකි වනු ඇත.” (මතෙව් 11:24) එසේම අනාගතවක්තෘවරයා “නුඹ ඔවුන්ට වඩා නුඹේ පිළිකුල් ක්රියා වැඩිකර, නුඹ කළ නුඹේ සියලු පිළිකුල් ක්රියාවලින් නුඹේ සහෝදරියන් (සොදොම) ධර්මිෂ්ඨව පෙනෙන්ට සැලැස්සුවෙහිය,” යනුවෙන් පවසයි. (එසකියෙල් 16:51) එනම් ඔබ හා සසඳන විට සොදොම ධර්මිෂ්ඨය. කෙසේ වෙතත්, මේ නිසා යුදෙව්වන් අතර පැවති ශුද්ධ වූ සක්රමේන්තු යුදෙව්වන්ගේම ස්වභාවයට දායක වූ බවට අප තර්ක කළ යුතුද? – ස්වාමින් වහන්සේම පිළිගත් එම සක්රමේන්තු, ඒවා ඉටු කිරීම සඳහා උන් වහන්සේ පවිත්ර කළ ලාදුරු රෝගීන් යැවූ බව අපි දනිමු. (ලූක් 17:14) එම සක්රමේන්තු සෙකරියස් ඉෂ්ට කරන විට, දේවදූතයා ඔහු අසල සිටගෙන, ඔහු දේවමාළිගාවේ පූජා කරන අතරතුර ඔහුගේ යාච්ඤාව ඇසුණු බව ප්රකාශ කළේය. මෙම සක්රමේන්තු එකල යහපත් මිනිසුන් තුළ තිබිණි. එසේම අන්යජාතිකයන්ටත් වඩා නරක වූ අය තුළද තිබිණි. ඔවුන් දුෂ්ටකම සම්බන්ධයෙන් සොදොම්වරුන් හා සමග සසඳා ශ්රේණිගත කර ඇති බව දුටු නමුත්, එම සක්රමේන්තු දෙකම තුළ ඒවා පරිපූර්ණ හා ශුද්ධ විය.
87. මන්ද අන්යජාතීන්ට ඔවුන්ගේ මූලධර්මවල ශුද්ධ හා නිවැරදි දෙයක් තිබිය හැකි වුවද, අපගේ ශුද්ධවන්තයන් ඒවා හෙළා දුටුවේ නැත. අන්යජාතීන් ඔවුන්ගේ මිථ්යා විශ්වාස, රූප වන්දනාව සහ උඩඟුකම සහ ඔවුන්ගේ අනෙකුත් දූෂිත ක්රියාවන් සම්බන්ධයෙන් කොතරම් පිළිකුල් කරනු ලැබුවත්, ඔවුහු නිවැරදි කිරීමට යටත් නොවන්නෝ නම් ස්වර්ගයෙන් විනිශ්චයෙන් දඬුවම් කරනු ලැබිය යුතුය. මන්ද පාවුල් ප්රේරිත ඇතැන්ස් නුවර අය ඉදිරියේ දෙවියන් වහන්සේ ගැන යමක් පවසමින් සිටියදීද, ඔහු පැවසූ දෙයට සාක්ෂියක් ලෙස, ඔවුන්ගෙන් සමහරෙකු පවා ඒ කාරණය සම්බන්ධ ඒ බලපෑම ඇති දෙයක් පැවසූ බවට ඔහු එකතු කළේය, (ක්රියා 17:28) ඔවුන් ක්රිස්තුස් වහන්සේ වෙත පැමිණියහොත් එය නිසැකවම හෙළා නොදකිනු ඇත, එහෙත් එය ඔවුන් තුළ හඳුනාගනු ලබනවා ඇත. ශුද්ධ වූ සිප්රියන් එම අන්යජාතීන්ටම එරෙහිව ඒ හා සමාන සාක්ෂි භාවිත කරයි; මන්ද, මායාකාරයන් ගැන කතා කරමින් ඔහු මෙසේ පවසයි, “කෙසේ වෙතත්, ඔවුන්ගෙන් ප්රධානියා වන හොස්ටේන්ස්, සැබෑ දෙවියන් වහන්සේගේ ස්වරූපය දැකිය නොහැකි බවත්, සැබෑ දේවදූතයන් උන් වහන්සේගේ ආසනය අසල සිටගෙන සිටින බවත් ප්රකාශ කරයි. ප්ලේටෝද ඒ ආකාරයෙන්ම මේ කාරණයට එකඟ වන අතර, එකම දෙවියන් වහන්සේගේ පැවැත්ම තහවුරු කරමින්, ඔහු අනෙක් අය දේවදූතයන් හෝ යක්ෂයන් ලෙස හඳුන්වයි. හර්මීස් ට්රිස්මෙගිස්ටස්ද එකම දෙවියන් වහන්සේ ගැන කථා කරන අතර, උන් වහන්සේ අවබෝධ කරගත නොහැකි බවත්, අපගේ ඇස්තමේන්තු කිරීමේ බලයන් ඉක්මවා යන බවත් ප්රකාශ කරයි.” එබැවින්, ඔවුහු ක්රිස්තුස් වහන්සේ තුළ ගැලවීම පිළිබඳ සංජානනයට පැමිණියෝ නම්, එය නිසැකවම ඔවුන්ට නොකියනු ඇත: ඔබට ඇති මෙය නරකය නැතහොත් අසත්යය; එහෙත් පැහැදිලිවම එය මෙලෙස පැවසීම සුදුසුය. ඔබ තුළ ඇති මෙය පරිපූර්ණ හා සත්යය වුවද, ඔබ ක්රිස්තුස් වහන්සේගේ කරුණා අනුග්රහයට පැමිණියේ නම් මිස එයින් කිසිදු ප්රයෝජනයක් නොලැබේ. එබැවින්, ශුද්ධ වූ ඕනෑම දෙයක් අන්යජාතිකයන් තුළ හඳුනාගත හැකි අතර, ඔවුන් අතරම එය නිවැරදිව අනුමත කළ හැකි නම්, ක්රිස්තුස් වහන්සේගේ ගැලවීම ඔවුන්ට තවමත් ලබා දී නොමැති වුවද, මිථ්යාදෘෂ්ටිකයන් අන්යජාතිකයින්ට වඩා නරක වුවත්, ක්රිස්තුස් වහන්සේගේ ඔවුන් තුළ ඇති යහපත් දේ පිළිගැනීමට කැමැත්තෙන් තොරව, ඔවුන්ට අයත් ඔවුන්ගේ නරක දේ නිවැරදි කිරීමේ ආශාවෙන් අප පෙලඹිය යුතු නැත. එහෙත් මෙම සභා මන්ත්රණ සභාවේ අනෙකුත් විනිශ්චයන් සලකා බැලීම උදෙසා අපි නැවුම් පෙරවදනකින් ඉදිරියට යමු.
පොත 1
පොත 2
පොත 3
පොත 4
පොත 5
පොත 6
පොත 7
