Saint Augustine, On Christian Doctrine, Book 4, in Sinhala
1 වන පරිච්ඡේදය – මෙම කාර්යය කථිකත්වය පිළිබඳ නිබන්ධනයක් ලෙස අදහස් නොකෙරේ.
1. කිතුනු ධර්ම නියාමක පිළිබඳ, යන නමින් හැඳින්වෙන මගේ මෙම පොත ආරම්භයේදීම කොටස් දෙකකට බෙදා තිබුණි. මන්ද කෘතියට විරුද්ධ විය හැකි අය මා විසින් කල්තියා ආමන්ත්රණය කරන ලද පෙරවදනකින් පසුව, මම මෙසේ පැවසුවෙමි, ශුද්ධලියවිල්ලේ සියලුම අර්ථ නිරූපණයන් රඳා පවතින කරුණු දෙකක් තිබේ: ඒ නියම අර්ථය සොයාගැනීමේ ක්රමය සහ එම අර්ථය සොයාගත් පසුව අර්ථය දැනගැනීමේ ක්රමය යනුවෙනි. මුලින්ම අර්ථය සොයාගැනීමේ ක්රමය සාකච්ඡා කර, පසුව අර්ථය දැනගැනීමේ ක්රමය මම සාකච්ඡා කරන්නෙමි. විෂයෙහි මෙම කොටස සඳහා පොත් තුනක් කැප කරමින් අර්ථය සෙයාගැනීමේ ක්රමය මම දැනටමත් දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත්තෙමි. හැකි නම්, එකම පොතකට සියල්ලම ඇතුළත් කර, පොත් හතරකින් සම්පූර්ණ කාර්යය නිම කිරීම සඳහා, අර්ථය දැනගැනීමේ ක්රමය පිළිබඳ පමණක් කෙටියෙන් සාකච්ඡා කරන්නෙමි.
2. ප්රථමයෙන්ම, ලෞකික පාසල්වල මා උගත්, ඉගැන්වූ වැනි කථිකත්වයේ රීති සැකසීමට මා සූදානම් යැයි සිතන පාඨකයන්ගේ අපේක්ෂාවන් දුරු කිරීමටත්, ඔවුන් මගෙන් එවන් වූ කිසිවක් බලාපොරොත්තු නොවිය යුතු බවට අවවාද කිරීමටත් මෙම පූර්විකාව භාවිත මම කිරීමට කැමැත්තෙමි. එයට හේතුව එවැනි රීති ප්රයෝජනවත් නොවන බව මා සිතන නිසා නොවේය. එහෙත් ඒවායින් කුමන ප්රයෝජනයක් තිබුණත් ඒවා වෙනත් තැනක ඉගෙනගත යුතු නිසාය; තවද යම් යහපත් මනුෂ්යයෙකුට ඒවා ඉගෙන ගැනීමට කාලය තිබේ නම්, ඔහු මෙම පොතේදී හෝ වෙනත් කිසිම පොතකින් ඒවා උගන්වන ලෙස මගෙන් නොඉල්ලිය යුතුය.
2 වන පරිච්ඡේදය – කිතුනු ගුරුවරයෙකුට කථිකත්වයේ කලාව භාවිත කිරීම නීත්යානුකූල වේ.
3. දැන්, කථිකත්වයේ කලාව සත්යය හෝ අසත්යය යන දෙකටම උපකාර කිරීමට භාවිත කළ හැකිය. එම නිසා, සත්යය, ආරක්ෂා කරන අය තුළ ඇති සත්යය, අසත්යයට එරෙහිව නිරායුධව නැගී සිටිය යුතු යැයි කීමට නිර්භීත වන්නේ කවුද? නිදසුනක් වශයෙන්, සත්යයේ ආරක්ෂකයින් එම කුසලතාව නොදැන සිටියදී, අසත්යය මිනිසුන්ට ඒත්තු ගැන්වීමට උත්සාහ කරන අය තම විෂය ශ්රාවකයාට මිත්රශීලී, අවධානයෙන් හෝ ඉගැන්වීමට හැකි වන පරිදි හඳුන්වා දීමට දක්ෂ විය යුතුද? අසත්ය ප්රකාශ කරන අය ඔවුන්ගේ බොරු කෙටියෙන්, පැහැදිලිව සහ පිළිගත හැකි ලෙස පැවසිය යුතු අතර, සත්යය පවසන අය සත්යය පවසන්නේ සවන් දීමට වෙහෙසකර, තේරුම් ගැනීමට අපහසු සහ අවසානයේ විශ්වාස කිරීමට පහසු නොවන ආකාරයටද? අසත්ය ප්රකාශ කරන අය බොරුව ආරක්ෂා කිරීමට සහ සත්යයට විරුද්ධව සිටීමට නවීන තර්ක භාවිත කළ යුතු අතර, සත්ය ප්රකාශ කරන අයට සත්ය දේ ආරක්ෂා කිරීමට හෝ අසත්යය ප්රතික්ෂේප කිරීමට නොහැකිද? අසත්ය ප්රකාශ කරන අය, අසන්නන්ගේ සිත් වැරදි අදහස්වලින් පුරවමින්, තම කතාවේ බලයෙන් ඔවුන්ගේ හදවත් ණයගැති ස්වභාවයට පත් කර, දියවීමට සලස්වා ඔවුන් ප්රබෝධවත් කර, පොලඹවන අතර, සත්යය කතා කරන අය, සත්යය ආරක්ෂා කිරීමේදී මන්දගාමී, සීතල සහ අලස ලෙස සිටිය යුතුද? මෙය ප්රඥාව බව සලකන්නට තරම් අඥාන වන්නේ කවුරුන්ද? කථිකත්වයේ බලය දෙපාර්ශ්වයටම භාවිත කළ හැකිය. එසේම එය හරි හෝ වැරදි දෙයට සහාය වීමට අතිශයින් ප්රයෝජනවත් වන බැවින්, නරක මිනිසුන් එය නපුරු සහ වැදගැම්මකට නැති අරමුණු ඉදිරියට ගෙන යාම උදෙසා සහ අයුක්තියට සහ වැරදිවලට සහය දැක්වීම උදෙසා යොදා ගන්නා විට, සත්යයේ පැත්තේ එය භාවිත කිරීම පිණිස යහපත් මිනිසුන් අධ්යයනය නොකළ යුත්තේ මන්ද?
3 වන පරිච්ඡේදය – කථිකත්වයේ කුසලතා ලබා ගැනීම සඳහා නිසි වයස සහ නිසි මාධ්යයන්.
4. එහෙත් මෙම විෂය පිළිබඳ න්යායන් සහ රීති (බොහෝ වචන සහ බොහෝ කථන ක්රම භාවිත කිරීමේ ව්යායාමයෙන් සහ පුරුද්දෙන් මනාව නිපුණ වූ භාෂාවක් එකතු කළ විට, ඔබට කථිකත්වය හෝ විවාදය යනුවෙන් හඳුන්වනු ලබන නිපුණතාව ලබාගත හැකිය) ඒ සඳහා සුදුසු වයසකදී එයට ප්රමාණවත් තරම් කාල අවකාශයක් වෙන් කරන්නේ නම්, මාගේ මේ ලියවිලිවලින් නොව වෙනත් ලියවිලිවලින් ඉගෙනගත හැකිය. එහෙත් ඒවා ඉක්මනින් ඉගෙනගැනීමට හැකි අය විසින් පමණි; මන්ද, මෙම ශාස්ත්රය ඉක්මනින් ඉගෙනගත නොහැකි ඕනෑම කෙනෙකුට එය කිසි විටෙකත් හොඳින් ඉගෙනගත නොහැකි බව රෝම කථිකත්වය පිළිබඳ ප්රවීණයන්ම උපදෙස් දී ප්රකාශ කර ඇත. මෙය සත්ය වුවත් නැතත්, ඒ පිළිබඳ අප විමසා බැලිය යුත්තේ ඇයි? මන්ද, අඩු බුද්ධිමය මට්ටම්වල සිටින මිනිසුන්ට පවා මෙම කලාව යම් අවස්ථාවලදී ප්රගුණ කළ හැකි නම්, පරිණත වයසට පැමිණි මිනිසුන්ට එය ඉගෙනීමට කාලය ගත කිරීමට ප්රාර්ථනා කිරීම එතරම් වැදගත් යැයි මම නොසිතමි. පිරිමි ළමයින් ඒ ගැන අවධානය යොමු කිරීම ප්රමාණවත්ය; මේ අයගෙන් පවා, සභාවේ ප්රයෝජනය සඳහා සුදුසු සියල්ලන්ම නොව, එහෙත් වඩාත් හදිසි අවශ්යතාවයක හෝ පැහැදිලිවම එහි ප්රමුඛත්වය ගත යුතු කිසියම් කාර්යක තවමත් නිරත වී නැති අය පමණක් මේ සඳහා යොමු කළ යුතුය. ඉක්මනින් ඉගෙනීමට හැකි සහ සන්සුන් පෞරුෂයක් ඇති මිනිසුන්ට කථිකත්වය සඳහා වන රීති අනුගමනය කරනවාට වඩා දක්ෂ කථිකයන්ගේ ලියවිලි කියවීමෙන් සහ ඔවුන්ට සවන් දීමෙන් දක්ෂ කථිකයින් බවට පත් වීම පහසු වේ. තවද, අපගේ මහත් ප්රයෝජනය සඳහා, ශක්තිමත් අධිකාරියක ස්ථාවරයක ස්ථිරව පිහිටුවා ඇති කැනොනයට (සම්මත ග්රන්ථවලට) බාහිරව වූවද සභාවේ ලේඛනවල අඩුවක් නැත, ඒවා කියවීමේදී දක්ෂ පුද්ගලයෙකුට, ඔහු ඒ ගැන අවධානය යොමු නොකළත්, සාකච්ඡා කරන මාතෘකා ගැන පමණක් සැලකිලිමත් වුවත්, ඒවා රචනා කර ඇති කථිකත්වයේ ස්පර්ශය ඔහුට ලැබෙනු ඇත. විශේෂයෙන්ම, ඇත්ත වශයෙන්ම, ඔහු තව දුරටත් ඔහු භක්තිය සහ ඇදහිල්ල මත ගොඩනඟා ගත් විශ්වාසයන් ලිවීමට පුහුණු වන්නේ නම්, හෝ ඒවා පැවසීමට සහ අවසානයේදී ඒවා කතා කිරීමට කථිකත්වය ඔහුට ලැබෙනු ඇත. කෙසේ වෙතත්, එවැනි හැකියාවක් අවශ්ය නම්, කථිකත්වයේ රීිති තේරුම් නොගන්නේ නම්, නැතහොත්, ඒවා බලාත්මක කිරීමට විශාල ශ්රමයක් වැය කිරීමෙන් පසුව, ඒවා යම් කුඩා ප්රමාණයකින් පමණක් අවබෝධ කර ගන්නේ නම්, ඒවායින් ප්රෙයෝජනයක් නැති බව ඔප්පු වේ. මන්ද, ඒවා ඉගෙනගත්, චතුර ලෙස හා විශිෂ්ට ලෙස කතා කරන අයට පවා, එම රීති පිළිබඳ සාකච්ඡා කරන්නේ නම් මිස, ඒවාට අනුකූලව කතා කරන පිණිස ඔවුන් කතා කරන විට ඒවා ගැන සිතිය නොහැකිය. ඇත්ත වශයෙන්ම, මේ දෙකම කළ හැකි කිසිවෙකු නැති තරම් බව – එනම්, හොඳින් කතා කරන්නට, සහ මෙය කිරීමට, ඔවුන් කතා කරන අතරතුර කතා කිරීමේ නීති ගැන සිතන්නට හැකි අයෙකු නැති තරම් බව මම සිතමි. මන්ද කලාවේ රීතිවලට අනුකූලව එය පැවසීමට සිතන විට අපට පැවසීමට ඇති දේ අපෙන් ගැලවී නොයන ලෙස අප සැලකිලිමත් විය යුතුය. එසේ වුවද, කථිකත්වයේ දක්ෂ මිනිසුන්ගේ කථාවලදී, කථිකත්වය සඳහා මෙවලම් ලෙස නොසලකන ලද කථිකත්වයේ මූලධර්ම, ඔවුන් ඒවා කවදා හෝ අධ්යයනය කර තිබුණිද, නැතහොත් ඔවුන්ට කිසි විටෙකත් හමු වී නොතිබුණේ වූවද, එම මූලධර්ම භාවිත කරන බව අපට පෙනේ. එසේ ඔවුන් මෙම රීති විදහා දක්වන්නේ ඔවුන් දක්ෂ බැවින් මිස, ඔවුන් ඒවා භාවිත කරන්නේ දක්ෂ කථිකයින් වීමට නොවන නිසාය.
5. එබැවින්, කතා කරන අයගෙන් වචන සහ වාක්ය ඛණ්ඩ ඉගෙන ගැනීමෙන් මිස ළදරුවන්ට කතා කිරීමට ඉගෙනගත නොහැකි බැවින්, කිසිදු කථන කලාවක් ඉගැන්වීමෙන් තොරව, කථිකත්වයේ දක්ෂ මිනිසුන්ගේ කථා කියවා ඉගෙනීමෙන් සහ හැකිතාක් දුරට ඔවුන් අනුකරණය කිරීමෙන් පමණක් මිනිසුන් දක්ෂ නොවන්නේ මන්ද? මේ සම්බන්ධයෙන් නිදසුන්වලින්ම අපට පෙනෙන්නේ කුමක්ද? කථිකත්වයේ රීති පිළිබඳ දැනුමක් නොමැතිව, ඒවා හැදෑරූ බොහෝ දෙනෙකුට වඩා කථිකත්වයේ දක්ෂ බොහෝ අය අපි දනිමු. එහෙත් දක්ෂ කථිකත්වය සහිත මිනිසුන්ගේ කථා සහ වාද විවාද නොකියවූ හෝ නොඇසූ කථිකයෙකු අපි නොදනිමු. නිවැරැදිව කතා කරන මිනිසුන් අතර හැදී වැඩී ජීවත් වීමේ වාසියක් ඔවුන්ට තිබේ නම්, කථනයේ නිවැරදි බව උගන්වන ව්යාකරණ කලාව පවා පිරිමි ළමයින් විසින් ඉගෙනගත යුතු නැත. මන්ද, කිසි වරදක නම් නොදැන, ඔවුන් නිසි ලෙස කතා කිරීමට පුරුදු වී සිටීමෙන්, ඔවුන් සවන් දෙන ඕනෑම කෙනෙකුගේ කතාවේ අඩුපාඩු හඳුනාගෙන, ඔවුහු එයින් වැළකී සිටිති; ඒ නගරවාසී මිනිසුන් මෙන්, නූගත් විට පවා, රටේ මිනිසුන්ගේ වැරදි හඳුනාගන්නා ආකාරයටය.
4 වන පරිච්ඡේදය – කිතුනු ගුරුවරයාගේ යුතුකම.
6. එසේ නම්, එසේම සතුරන් සමගි කිරීම, උදාසීන අය අවදි කිරීම සහ දැන් සිදුවෙමින් පවතින දේ සහ අනාගතයේ සිදු විය හැකි දේ පිළිබඳව නොදන්නා අයට දැනුම් දීම සම්බන්ධයෙන් නිවැරදි දේ ඉගැන්වීම සහ වැරදි දේ ප්රතික්ෂේප කිරීමට ඉගැන්වීම යන කාරණා දෙක සිදු කිරීම සත්ය ඇදහිල්ලේ ආරක්ෂකයා සහ වැරදි කාරණාවල ප්රතිවාදියා වන ශුද්ධලියවිල්ල අර්ථකථනය කරන්නා සහ ගුරුවරයාගේ වගකීම වේ. එහෙත් ඔහුගේ සවන්දෙන්නන් මිත්රශීලී, අවධානයෙන් සවන් දෙන සහ ඉගෙනීමට උනන්දු අය වූ පසුව, නැති නම් ඔහු ඔවුන් එවැනි අය බව දැනගත් පසුව, එසේත් නැතිනම් ඔහු ඔවුන් එවැනි අය බවට පත් කළ පසුව, තත්වයට ගැළපෙන ඕනෑම ආකාරයකින් අනෙක් අරමුණු සාක්ෂාත් කරගත යුතුය. සවන් දෙන්නන්ට ඉගෙන ගැනීමට අවශ්ය නම්, විෂය කරුණු ආඛ්යානය තුළින් මනාව පැහැදිලි කළ යුතුය. අනෙක් අතට, අවිනිශ්චිත කරුණු පැහැදිලි කිරීම සඳහා හේතු වන තර්ක ඉදිරිපත් කිරීම සහ සාක්ෂි ඉදිරිපත් කිරීම අවශ්ය වේ. කෙසේ වෙතත්, සවන් දෙන්නන්ට උපදෙස් දීමට වඩා ඔවුන් අභිප්රේරණය කිරීම අවශ්ය වන්නේ නම්, එනම් ඔවුන් දැනටමත් දන්නා දේ කිරීමට උනන්දු කළ යුතු නම්, ඔවුන් පිළිගන්නා සත්යයන් සමග ඔවුන්ගේ හැඟීම් පෙළගැස්වීමට අවශ්ය නම්, වඩා ශක්තිමත් කථාවක් අවශ්ය වේ. මෙහිදී, ඉල්ලීම් සහ විවේචනය කිරීම්, අනුශාසනාවන් සහ තරවටු කිරීම් සහ හැඟීම් ඇවිස්සීමේ අනෙකුත් සියලුම ක්රම භාවිතය අත්යවශ්ය වේ.
7. තවද මා සඳහන් කර ඇති සියලුම ක්රම සෑම කෙනෙකුම පාහේ කථනයේ මෙවලම භාවිත කරන අවස්ථාවන්හිදී නිතිපත භාවිතා කරයි.
5 වන පරිච්ඡේදය.- කිතුනු ගුරුවරයාට කථිකත්වයට වඩා ප්රඥාව වැදගත් වේ.
එහෙත් සමහර මනුෂ්යයින් මේවා රළු ලෙස, අශෝභන ලෙස, සීතල ලෙස භාවිත කරන අතර තවත් සමහරු තියුණු බවින්, ලාලිත්යයකින්, උද්යෝගයෙන් මේවා භාවිත කරති. මා කතා කරන කර්තව්යය කළ යුත්තේ, දක්ෂ කථිකයෙකු නම්, ඔහුට වඩා අඩු ප්රතිලාභයක් ලැබුණත්, ඔහුගේ අසන්නන්ට ප්රයෝජනවත් ලැබෙන පිණිස, වාද කර ප්රඥාවෙන් කතා කළ හැකි අයෙකු නොඑසේ නම් දක්ෂ කථිකත්වයෙන් යුතු අයෙකු විසිනි. එහෙත් විචිත්රවත් ප්රලාපවලින් පිරුණු, ඊටත් වඩා සවන් දෙන්නා අසන්නට නුසුදුසු නැති දේ ගැන සතුටු වන කතා පවසන්නේ නම්, සහ කථිකයා දක්ෂ බැවින් ඔහු කියන දේ සත්ය විය යුතු යැයි සවන් දෙන්නා විශ්වාස කරන මිනිසා ගැන අප ප්රවේශම් විය යුතුය. කථිකත්වයේ ශාස්ත්රය ඉගැන්විය යුතු යැයි විශ්වාස කරන අය පවා මෙම මතය දරති; මන්ද, කථිකත්වයෙන් තොර ප්රඥාවෙන් තත්වයට එතරම් ප්රයෝජනයක් නොලැබුණත්, ප්රඥාවෙන් තොර කථිකත්වය බොහෝ විට සැබෑ හානියක් සිදු කරන අතර කිසි විටෙකත් ප්රයෝජනයක් නොවන බව ඔවුහු පිළිගනිති. එසේ නම්, කථිකත්වයේ මූලධර්ම උගන්වන මිනිසුන්ට සත්යය, එනම් ආලෝකවල පියාණන් වහන්සේගෙන් ලැබෙන ස්වර්ගීය ප්රඥාව ගැන ඔවුන් නොදැන සිටියද, කථිකත්වය ගැන සාකච්ඡා කරන පොත්වලම මෙය පිළිගැනීමට සත්යය විසින් බල කරනු ලැබ තිබේ නම්, මේ උසස් ප්රඥාවේ පුත්රයන්ද නියෝජියන්ද වන අපි එය කොපමණ වැඩියෙන් දැනගත යුතුද! දැන් මිනිසෙකු අඩු වැඩි වශයෙන් ප්රඥාවෙන් කතා කරන්නේ ඔහු ශුද්ධලියවිල්ල පිළිබඳ දැනුමෙන් කෙතරම් ප්රගතියක් ලබා ඇත්ද යන්න මතය. මෙයින් මා අදහස් කරන්නේ ශුද්ධලියවිල්ල බොහෝසෙයින් කියවා එය කටපාඩම් කිරීමෙන් එය දැනගැනීම නොව, ශුද්ධලියවිල්ල නිසි ලෙස වටහාගෙන ඒවායේ අර්ථය හොඳින් විමර්ශනය කිරීමය. මන්ද ශුද්ධලියවිල්ල කියවන නමුත් ඒවා නොසලකා හරින අය සිටිති. ඔවුහු වචන මතක තබා ගැනීමට කියවන නමුත් අර්ථය තේරුම් ගැනීමට නොසැලකිලිමත් වෙති. ශුද්ධලියවිල්ලේ වචන මතක තබා ගැනීමට තරම් දක්ෂ නොවන එහෙත් හදවතේ ඇසින් ශුද්ධලියවිල්ලේ හදවත දැකිය හැකි අය අප ඒ අයට වඩා ඉහළින් තැබිය යුතු බව පැහැදිලිය. කෙසේ වෙතත්, මේ දෙපර්ශ්වයටම වඩා හොඳ වන්නේ, තමාට අවශ්ය විට, වචන පුනරුච්චාරණය කළ හැකි සහ ඒ සමගම ඒවායේ අර්ථය නිවැරදිව තේරුම්ගන්නා මිනිසායි.
8. ප්රඥාවන්ත ලෙස කථා කිරීමට නොහැකි වුවද, ඥානවන්තව කථා කිරීමට බැඳී සිටින මිනිසාට, ශුද්ධලියවිල්ලේ වචන මතකයේ තබා ගැනීම දැන් විශේෂයෙන් අවශ්ය වේ. මන්ද, ඔහු තමාගේම කථාවේ දුර්වලකම වැඩි වැඩියෙන් හඳුනා ගන්නා තරමට, ඔහු ශුද්ධලියවිල්ලේ පොහොසත්කම කෙරෙහි වැඩි වැඩියෙන් යොමු කළ යුතු නිසාය, එවිට ඔහු තමාගේම වචනවලින් ප්රකාශ කරන දේ ශුද්ධලියවිල්ලේ වචනවලින් ඔහුට තහවුරු කළ හැකිය. ඔහුම, ඔහුගේම වචනවලින් කුඩා හා දුර්වල වුවද ශ්රේෂ්ඨ මිනිසුන්ගේ තහවුරු කරන සාක්ෂියෙන් ශක්තිය හා බලය ලබාගත හැකිය. මන්ද ඔහුගේ කතා කරන විලාසයෙන් සතුටු කිරීමට නොහැකි විට ඔහුගේ සාක්ෂිය ප්රසන්න බැවිනි. එහෙත් මිනිසෙකු ප්රඥාවෙන් පමණක් නොව දක්ෂ කථිකත්වයෙන් යුතුවද කතා කිරීමට කැමති නම්, (ඔහුට ඒ දෙකම කළ හැකි නම්, නිසැකවම ඔහු වඩා වැඩි සේවයක් කරනු ඇත) කථික ශ්රාස්ත්රය උගන්වන ගුරුවරුන් සමග කාලය ගත කිරීමට උපදෙස් දෙනවාට වඩා, දක්ෂ කථිකයින්යේ ලේඛන කියවීමට, සවන් දීමට සහ අනුකරණය කිරීමට, විශේෂයෙන්ම ඔහු කියවන සහ සවන් දෙන මිනිසුන් කථිකත්වයෙන් පමණක් නොව ප්රඥාවෙන් යුක්තව කතා කිරීමට හෝ කතා කිරීමට පුරුදු වී සිටීම සම්බන්ධයෙන් සාධාරණ ලෙස ප්රශංසාවට ලක් වූ අය නම්, ඔවුන් වෙත ඔහු යොමු කිරීමට මම කැමැත්තෙමි. මන්ද දක්ෂ කථිකයන්ට සතුටු සිතින් සවන් දෙනු ලැබේ; බුද්ධිමත් කථිකයන්ට ප්රයෝජනයක් ලැබෙන පිණිස සවන් දෙනු ලැබේ. එහෙයින්, ප්රඥාවන්ත මිනිසුන්ගේ බහුලත්වය ලෝකයේ සුබසාධනය ඇති කරන බව මිස, කථිකත්වයෙහි දක්ෂ මිනිසුන්ගේ බහුල බව ලෝකයේ සුබසාධනය ඇති කරන බව ශුද්ධලියවිල්ල පවසන්නේ නැත. ප්රඥාව 6:24. එසේ අප නිතරම හිතකර තිත්ත ආහාර අනුභව කළ යුතු සේම, අපි සෑම විටම අහිතකර රසකැවිලිවලින් වැළකී සිටිය යුතු වෙමු. එහෙත් සුවදායී පැණිරස කෑමට හෝ මිහිරි සෞඛ්ය සම්පන්නභාවයට වඩා හොඳ වන්නේ කුමක්ද? අපි වැඩි වැඩියෙන් එවැනි දේවල් මිහිරි කිරීමට උත්සාහ කරන තරමට, ඒවායේ සෞඛ්ය සම්පන්න බව ප්රයෝජනවත් බවට පත් කිරීම පහසු වේ. එමෙන්ම ශුද්ධලියවිල්ල ප්රඥාවෙන් පමණක් නොව, දක්ෂ කථිකත්වයෙන් යුක්තවද විස්තර කළ සභා ලේඛකයෝ සිටිති. මෙම කෘතීන් සමග සම්පුර්ණයෙන් සම්බන්ධ වීමට කැපවී විවේකය ඇති අයට මෙම කෘති කියවීමට ඇත්තේ ප්රමාණවත් කාලයක් පමණි.
6 වන පරිච්ඡේදය – පූජනීය ලේඛකයෝ ප්රඥාව සමග කථිකත්වය ඒකාබද්ධ කරති.
9. මෙහිදී, සමහර විට, දිව්යමය ආනුභාවයෙන් ලියැවී ඇති කර්තෘවරුන්ගේ ලේඛනවලින් යුත් වඩාත්ම හිතකර අධිකාරියක් දරන කැනොනය, ප්රඥාවන්ත ලෙස පමණක් සැලකිය යුතුද නැතිනම් දක්ෂ කථිකත්වයෙන් යුතු බවත් සැලකිය යුතුද යන්න කෙනෙක් අසති. එය මටත්, මා මෙන්ම සිතන අයටත් ඉතා පහසුවෙන් විසඳිය හැකි ප්රශ්නයකි. මන්ද මා මෙම ලේඛකයින් තේරුම්ගන්නා විට, මෙයට වඩා කිසිවක් වඩා ප්රඥාවන්ත විය නොහැකි බව පමණක් නොව, මෙයට වඩා කථිකත්වයෙන් දක්ෂ දෙයක්ද සොයාගත නොහැකි බව මට පෙනේ. තවද, මෙම ලේඛකයින් පවසන දේ සැබවින්ම වටහා ගන්නා සියල්ලන්ටම, එය වෙනත් ආකාරයකින් නිවැරදිව පැවසිය නොහැකි බව එකවරම වැටහෙන බව මම නිර්භීතව ප්රකාශ කරමි. මන්ද, තාරුණ්යයට වඩාත් උචිත කථිකත්වයක්ද, මහලු වියට වඩාත් උචිත ආකාරයේ කථිකත්වයක්ද, කථිකයාගේ චරිතයට නොගැළපේ නම්, කිසිවක් කථිකත්වය ලෙස හැඳින්විය නොහැකිය. එබැවින් උත්තරීතර අධිකාරිය යුක්තිසහගත ලෙස ප්රකාශ කරන සහ පැහැදිලිවම දෙවියන් වහන්සේගේ ආනුභාවයෙන් යුත් මිනිසුන්ට ගැළපෙන ආකාරයේ කථිකත්වයක් තිබේ. මේ කථිකත්වයෙන් ඔවුහු කතා කළහ; වෙන කිසි කථිකත්වයක් ඔවුන්ට සුදුසු නොවනු ඇත. එසේම මෙම චතුර බව වෙනත් කිසිවෙකුට නොගැළපේ, මන්ද මෙම ලේඛකයින් කතා කරන ආකාරය ඔවුන්ගේ චරිතයට සම්පූර්ණයෙන්ම ගැළපෙයි. ඔවුන්ගේ කථිකත්වය අන් අයට වඩා බෙහෙවින් උසස්ය (එය පුරසාරම් දෙඩීමෙන් නොව, සැබෑ කුසලතාවක් මත පදනම් වූවකි). කෙසේ වෙතත්, සමහර විට, එය තවමත් හරයෙන් උසස් වුවද, අන් අයගේ කථිකත්වයට වඩා අඩු ආකර්ෂණීය බවක් පෙනෙන්නට තිබේ. කෙසේ වෙතත්, ලේඛකයාගේ කථිකත්වය අපැහැදිලි හෝ ග්රහණය කර ගැනීමට මට අපහසු වූ විට පවා, එය තවමත් මට තේරුම් ගත හැකි කොටස් හා සමාන උසස් තත්ත්වයේ පවතින බවට මට කිසි සැකයක් නැත. මෙම දිව්යමය සහ සම්පූර්ණත්වයෙන් යුත් වචනවල ඇති අපැහැදිලි බවද ඒවායෙහි කථිකත්වයට අවශ්ය අංගයක් විය. ඒවා සත්යය එළිදරව් කිරීමෙන් පමණක් නොව, අපගේ මානසික හැකියාවන්ට අභියෝග කිරීම සහ උත්තේජනය කිරීම මගින් අපගේ අවබෝධයට ප්රයෝජනවත් වේ.
10. කෙසේ වෙතත්, මට කාලය තිබේ නම්, අපගේ කතුවරුන්ට වඩා ඔවුන්ගේම භාෂා විලාසය උසස් බව (එහි ශ්රේෂ්ඨත්වය නිසා නොව, පුම්බන ලද ස්වභාවය නිසා) ප්රකාශ කරන මිනිසුන්ට ඔවුන් පුරසාරම් දොඩන වාචිකත්වයේ සියලු බලයන් සහ අලංකාරයන් ශුද්ධලියවිලිවල, එනම් දෙවියන් වහන්සේ, උන් වහන්සේගේ යහපත්කම තුළ, අපගේ චරිත හැඩගස්වා, මෙම පාප ලෝකයෙන් ඉහළ ආශීර්වාද ලත් ලෝකයට අප යොමු කරන ශුද්ධලියවිලිවල සොයාගත හැකි බව මට පෙන්විය හැකිය. එහෙත් මෙම ලේඛකයන්ගේ කථිකත්වය පිළිබඳ මගේ කිව නොහැකි තරම් වන පැහැදීම ඇති වන්නේ පැරණි කථිකයින් හා කවියන් සමග ඔවුන්ගේ තිබෙන සමානකම් නිසා නොව ඔවුන් ඔවුන්ටම ආවේණික වූ කථිකත්වයකින් භාෂාව අපූර්ව ලෙස භාවිත කරන ආකාරය නිසාය. මෙම ලේඛකයින් භාෂාව භාවිත කරන්නේ ඉතා සියුම් හා ඵලදායී ආකාරයෙන් එය අවධානයට ලක් නොවන පරිදිය. මන්ද එය හෙළා දැකීම හෝ ප්රදර්ශනය කිරීම ඔවුන්ට නොගැළපෙන බැවිනි. ඔවුන් එයින් වැළකුණේ නම්, ඔවුන් එය හෙළා දකින බව පෙනේ. ඔවුන් එය ඕනෑවට වඩා අවධාරණය කළේ නම්, ඔවුන් පුරසාරම් දෙඩීමට ඉඩ තිබුණි. විද්වතුන් එහි පැවැත්ම හඳුනා ගන්නා එම පාඨවල සාකච්ඡා කරන මාතෘකා ඒවා ප්රකාශ කරන වචන හිතාමතා තෝරා ගැනීමට හෝ සෙවීමට වඩා ස්වාභාවිකව හා වෙහෙසකින් තොරව පැමිණෙයි. එය ප්රඥාවන්තයාගේ හදවතින් ප්රඥාව නික්මෙන්නාක් මෙනි. ප්රඥාවන්ත පුද්ගලයාගේ හදවතෙහි ඇති ප්රඥාව, බල කිරීමට අවශ්ය නොවී නිරන්තර සහකරුවෙකු මෙන් ස්වාභාවිකවම කථිකත්වය සමග පැමිණෙයි.
7 වන පරිච්ඡේදය – පාවුල්තුමාගේ හසුන්වලින් සහ ආමොස් තුමාගේ දිවැසිවැකිවලින් උපුටා ගත් සැබෑ කථිකත්වය පිළිබඳ නිදර්ශන.
11. මන්ද, අපෝස්තුළුවරයා පැවසීමට අදහස් කළේ කුමක්ද සහ ඔහු එය කෙතරම් ඥානවන්ත ලෙස පවසා තිබේද යන්න පහත සඳහන් පාඨය තුළ නොදකින්නේ කවුරුන්ද: එපමණකුත් නොව, පීඩා විඳීමෙන් ඉවසිල්ලද, ඉවසිල්ලෙන් සහතිකකමද සහතිකකමෙන් බලාපොරොත්තුවීමද උපදින බව දැන, අප විඳින පීඩාවලදීත් ප්රීතිමත්වෙමු. බලාපොරොත්තුව ලජ්ජාවට නොපමුණුවන්නේය; මක්නිසාද අපට දෙනලද ශුද්ධාත්මයාණන්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේගේ ප්රේමය අපගේ හෘදවල වගුරුවනලද්දේය. රෝම 5:3-5 දැන්, විධිමත් අධ්යාපනයක් නොලබා උගත් මිනිසෙකු (මට මේ ප්රකාශනය භාවිත කළ හැකි නම්) ප්රේරිතවරයා ඔහුගේ ඉගැන්වීම්වලදී විධිමත් කථිකත්වය සම්බන්ධ රීති පිළිපැදි බවට තර්ක කරන්නේ නම්, මෙම තර්කය කරන්නා උගත් හෝ නූගත් ඕනෑම කිතුනුවකුගේ විහිළුවට බඳුන් නොවන්නේද? එහෙත් මෙහිදී අපට ග්රීක භාෂාවෙන් κλίμαζ (උච්චතම අවස්ථාව) සහ ලතින් භාෂාවෙන් gradatio යනුවෙන් ඇතැමුන් විසින් හඳුන්වනු ලබන රූපය අපට හමු වේ. එක් වචනයක් මත තවත් වචනයක් යැපීම. මෙය අදහස් හෝ වචන වැදගත්කමේ හෝ තීව්රතාවයේ ආරෝහණ අනුපිළිවෙලකට සකස් කර පියවරෙන් පියවර ප්රගතියක් ඇති කරන කථන රූපයකි. මෙම රූපය බොහෝ විට “ස්කාලා” (ඉනිමඟක්) ලෙස හඳුන්වන්නේ නැත. එය අදහස්වල ප්රගතියක් වේ. ඉවසිල්ල හටගන්නේ පීඩා විඳීමෙනි, සහතිකකම පැමිණෙන්නේ ඉවසිල්ලෙනි සහ බලාපොරොත්තුව පැමිණෙන්නේ සහතිකකමෙන් බව අපට මෙහිදී පෙනේ. තවත් භාෂා අලංකාරයක්ද මෙහිදී දක්නට ලැබේ. එනම් අප වගන්ති සහ කොටස් (membra et cæsa) ලෙස හඳුන්වන ග්රීකයන් විසින් κῶλα සහ κόματα, ලෙස හඳුන්වනු ලබන ඇතැම් ප්රකාශයන් තනි ස්වරයකින් නිම කිරීමෙන් පසුව, සැම අංශයකින්ම හොඳින් සංවර්ධනය වූ වාක්යයක් (ambitus sive circuitus) ලෙස හඳුන්වනු ලබන, ග්රීකයන් περίοδος ලෙස හඳුන්වන වාක්ය භාවිත කරයි. මෙහිදී කථිකයා අවසාන වගන්තිය ලබා දෙන තුරු. වාක්යය සම්පූර්ණ කිරීම හිතාමතාම ප්රමාද කරයි. කාලපරිච්ඡේදයට පෙර එන ප්රකාශයන් සඳහා, මෙය පළමුවන වගන්තියයි. පීඩා විඳීමෙන් ඉවසිල්ල ඇති වන බව දැන සිටීම, දෙවැන්න ඉවසිල්ලෙන් සහතිකකමද ඇති වන බව දැන සිටීම, තෙවැන්න, සහතිකකමෙන් බලාපොරොත්තුවීම උපදින බව දැන සිටීමයි. එසේ ඊළඟ කාල සීමාව වගන්ති තුනකින් සම්පූර්ණත්වයට පත් වේ, එයින් පළමුවැන්න, බලාපොරොත්තුව ලජ්ජාවට නොපමුණුවන්නේය; දෙවැන්න, මක්නිසාද දෙවියන්වහන්සේගේ ප්රේමය අපගේ හෘදවල වගුරුවනලද්දේය; තෙවැන්න, අපට දෙනලද ශුද්ධාත්මයාණන්වහන්සේ කරණකොටගෙන, යනුවෙනි. කෙසේ වෙතත්, මේ කාරණය සහ වෙනත් මේ හා සමාන මාතෘකා කථන කලාවේදී උගන්වනු ලැබේ. එබැවින්, අපෝස්තුළුවරයට කථිකත්වයේ මූලධර්මවලින් බලපෑමක් ඇති වී තිබෙන බව මම ප්රකාශ නොකරමි. එසේම ඔහුගේ ප්රඥාව ස්වාභාවිකවම කථිකත්වයට හේතු වූ බවත්, කථිකත්වය සමග මුසු වූ බවත් මම ප්රතික්ෂේප නොකරමි.
12. කොරින්තිවරුන්ට ලියන ලද දෙවන හසුනේදී, ඔහු නැවතත්, යුදෙව්වන් වෙතින් පිටතට ගොස්, ඔහුගේ චරිතයට හානි කිරීමට උත්සාහ කළ ඇතැම් ව්යාජ ප්රේරිතයන් ප්රතික්ෂේප කරයි. එසේම ඔහු තමා ගැනම කතා කිරීමට පෙලඹීමේදී, ඔහු මෙය තමාටම අඥානකමක් ලෙස ආරෝපණය කළද, එහිදී ඔහු කෙතරම් ඥානවන්තව හා කෙතරම් චතුර ලෙස කතා කරන්නේදද! එහෙත් ප්රඥාව ඔහුගේ මඟ පෙන්වන්නාය, කතාවෙහි චතුර බව ඔහුගේ උපස්ථායකයාය; ඔහු ප්රඥාව අනුගමනය කරයි, කතාවෙහි චතුර බව ඔහු පසුපස යයි, එහෙත් කතාවෙහි චතුරත්වය ඔහු පසුපස එන විට ඔහු එය ප්රතික්ෂේප නොකරයි. මා අඥානයෙක්ය කියා කිසිවෙක් නොසිතාවයි මම නැවත කියමි; නුමුත් නුඹලා එසේ සිතුවත් මාත් මඳක් පාරට්ටුකරගන්න පිණිස අඥානයෙකු හැටියට මා පිළිගන්න. පාරට්ටුකිරීමේ විශ්වාසයෙන් යුක්තව මා කථාකරන දේ ස්වාමීන්වහන්සේ අනුව නොව අඥානකමින් මෙන් කථාකරමි. මාංසාකාරයෙන් බොහෝ දෙනෙක් පාරට්ටුකරගන්නා බැවින් මමත් පාරට්ටුකරගනිමි. මක්නිසාද ඥානවන්තව සිටින නුඹලා, අඥානයන් ගැන සන්තෝෂයෙන් ඉවසන්නහුය. යමෙක් නුඹලා වහල්කමට පමුණුවන්නේ නුමුත්, යමෙක් නුඹලා කාදමන්නේ නුමුත්, යමෙක් නුඹලා අසුකරගන්නේ නුමුත්, යමෙක් තමා උසස්කරගන්නේ නුමුත්, යමෙක් නුඹලාගේ මුහුණට පහරදෙන්නේ නුමුත්, නුඹලා ඉවසන්නහුය. අපි නම් දුර්වලව සිටියෙමුය කියා අවනම්බුවක් වශයෙන් කියමි. එසේවී නුමුත් කොයි කාරණයකදීවත් යමෙක් නිර්භීත නම් මමත් නිර්භීතව සිටිමියි අඥානලෙසින් කියමි. ඔව්හු හෙබ්රෙව්වරුද? මමත් එසේමය. ඔව්හු ඉශ්රායෙලියෝද? මමත් එසේමය. ඔව්හු ආබ්රහම්ගේ වංශයද? මමත් එසේමය. ඔව්හු ක්රිස්තුස්වහන්සේගේ සේවකයෝද? මම වැඩිවශයෙන් එසේයයි සිහිමුළාවූ කෙනෙකු මෙන් කියමි. එසේ වන්නේ බොහෝ වැඩවලිනුත්, වැඩිවශයෙන් හිරගෙට යාමෙනුත්, අප්රමාණලෙස පහරකෑමෙනුත්, බොහෝ වර මරණ උපද්රවයෙනුත් යන මේවායින්ය. යුදෙව්වරුන්ගෙන් පස්වරක් එකුන් සතළිසක් පහරකෑවෙමි. තුන් වරක් වේවැල්වලින් තැළුම්කෑවෙමි, එක වරක් ගල්ගසනු ලැබීමි, තුන් වරක් නැව් බිඳී උපද්රවයට පැමුණුනෙමි, රාත්රියකුත් දවාලකුත් ගැඹුරේ සිටියෙමි. තවද බොහෝවිට ගමන්වලටද, ගංගා උපද්රවවලටද, සොර උපද්රවවලටද, මාගේ රට වැසියන්ගෙන් පැමිණි උපද්රවවලටද, අන්යජාතීන්ගෙන් පැමිණි උපද්රවවලටද, නුවරෙහි උපද්රවවලටද, වනයේ උපද්රවවලටද, මුහුදේ උපද්රවවලටද, බොරු සහෝදරයන්ගෙන් පැමිණි උපද්රවවලටද; වැඩ සහ වෙහෙසීම්වලටද, නොයෙක්විට නිදිමැරීමටද, ක්ෂුධාව සහ පිපාසයටද, නොයෙක්විට නිරාහාරව සිටීමටද, ශීතලයටද, නග්නභාවයටද පැමිණියෙමි. බාහිරවූ ඒ දේ හැර සියලු සභාවන් ගැන සිතේ බරක් දවස්පතා මට ඇත්තේය. යමෙක් දුර්වල නම් මමත් දුර්වල නොවෙම්ද? යමෙක් පැකිලීමට පමුණුවනු ලබන්නේනම් මම නොදැවෙම්ද? මා විසින් පාරට්ටුකරන්ට යුතු නම් මාගේ දුර්වලකම සම්බන්ධ කාරණා ගැන පාරට්ටුකරන්නෙමි. 2 කොරින්ති 11:16-30 කල්පනාකාරී සහ අවධානයෙන් සිටින අය මෙම වචනවල කොතරම් ප්රඥාවක් ඇත්දැයි වටහා ගනිති. එමෙන්ම හොඳ නින්දක සිටින මිනිසෙකු පවා මේ වචන තුළින් ගලා යන චතුර බවෙහි ප්රවාහය කුමක්ද යන්න දැක ගත යුතුය.
13. තව දුරටත්, ග්රීකයන් විසින් κόμματα ලෙස හඳුන්වන එම කොටස් සහ මීට ඉහත මා කතා කළ වගන්ති සහ කාල පරිච්ඡේද, ඉතා අලංකාර විවිධත්වයකින් මිශ්ර වී සම්පූර්ණ ස්වරූපය සහ අංග ලක්ෂණවලින් මෙම පාඨය සෑදී ඇති බව උගත් මිනිසා දකියි. එම භාෂා අලංකාරවලින් නූගත් අය පවා සතුටු වන අතර බලපෑමට ලක් වෙයි. මන්ද, මා උපුටා දැක්වීමට පටන් ගත් ස්ථානයේ සිට, එම පාඨය කාල පරිච්ඡේදවලින් සමන්විත වන බැවිනි: පළමුවැන්න හැකි තරම් කුඩාය, එය සාමාජිකයින් දෙදෙනෙකුගෙන් සමන්විත වේ; මන්ද, යම් කාල පරිච්ඡේදයකට සාමාජිකයන් දෙදෙනෙකුට වඩා අඩුවෙන් සිටිය නොහැකිය, එහෙත් දෙකකට වඩැ වැඩි ගණනක් සිටිය හැකිය: මා අඥානයෙක්ය කියා කිසිවෙක් නොසිතාවයි මම නැවත කියමි; ඊළඟ කොටසෙහි සාමාජිකයෝ තිදෙනෙක් සිටිති: නුමුත් නුඹලා එසේ සිතුවත් මාත් මඳක් පාරට්ටුකරගන්න පිණිස අඥානයෙකු හැටියට මා පිළිගන්න. තුන්වැනි කොටසෙහි සාමාජිකයෝ සිව්දෙනෙක් සිටිති: පාරට්ටුකිරීමේ විශ්වාසයෙන් යුක්තව මා කථාකරන දේ ස්වාමීන්වහන්සේ අනුව නොව අඥානකමින් මෙන් කථාකරමි. හතරවැන්නට සාමාජිකයෝ දෙදෙනෙකු සිටිති: මාංසාකාරයෙන් බොහෝ දෙනෙක් පාරට්ටුකරගන්නා බැවින් මමත් පාරට්ටුකරගනිමි. එසේම පස්වැන්නට සාමාජිකයෝ දෙදෙනෙකු සිටිති: මක්නිසාද ඥානවන්තව සිටින නුඹලා, අඥානයන් ගැන සන්තෝෂයෙන් ඉවසන්නහුය. හයවැන්නට නැවතත් සාමාජිකයෝ දෙදෙනෙක් සිටිති: යමෙක් නුඹලා වහල්කමට පමුණුවන්නේ නුමුත්, නුඹලා ඉවසන්නහුය. එයට පසුව කොටස් (cæsa) තුනක් දැක්වේ: යමෙක් නුඹලා කාදමන්නේ නුමුත්, යමෙක් නුඹලා අසුකරගන්නේ නුමුත්, යමෙක් තමා උසස්කරගන්නේ නුමුත්, යනුවෙනි. එයට පසුව වාක්ය ඛණ්ඩ (membra) තුනක් ඇත: යමෙක් නුඹලාගේ මුහුණට පහරදෙන්නේ නුමුත්, යනුවෙනි. අපි නම් දුර්වලව සිටියෙමුය කියා අවනම්බුවක් වශයෙන් කියමි. ඉන්පසු සාමාජිකයන් තිදෙනෙකුගේ කාලසීමාවක් ඇතුළත් වේ: එසේවී නුමුත් කොයි කාරණයකදීවත් යමෙක් නිර්භීත නම් මමත් නිර්භීතව සිටිමියි අඥානලෙසින් කියමි. මෙයින් පසුව, වෙනම ඇති සමහර කොටස් ප්රශ්න කිරීමේ ආකාරයට දමා ඇති අතර, වෙනම කොටස් පිළිතුරු ලෙස ලබා දී ඇත, තුනේ සිට තුන දක්වා: ඔව්හු හෙබ්රෙව්වරුද? මමත් එසේමය. ඔව්හු ඉශ්රායෙලියෝද? මමත් එසේමය. ඔව්හු ආබ්රහම්ගේ වංශයද? මමත් එසේමය. එහෙත් ප්රශ්න කිරීමේ ආකාරයේයේ හතරවන කොටස ඒ හා සමාන ලෙසම තබා, එහි පිළිතුර ලබා දී ඇත්තේ තවත් කොටසක (cæsum) නොව වගන්තියක (membrum) ආකාරයෙනි: ඔව්හු ක්රිස්තුස්වහන්සේගේ සේවකයෝද? මම වැඩිවශයෙන් එසේයයි සිහිමුළාවූ කෙනෙකු මෙන් කියමි. පසුව දැක්වෙන කොටස් හතර අඛණ්ඩව දක්වා ඇත. එහිදී ප්රශ්න කිරීමේ ආකාරය වඩාත් උසස් ක්රමයකට යටපත් කර ඇත: එසේ වන්නේ බොහෝ වැඩවලිනුත්, වැඩිවශයෙන් හිරගෙට යාමෙනුත්, අප්රමාණලෙස පහරකෑමෙනුත්, බොහෝ වර මරණ උපද්රවයෙනුත් යන මේවායින්ය. ඊළඟට කෙටි කාල පරිච්ඡේදයක් ඇතුළත් වේ; යුදෙව්වරුන්ගෙන් පහරකෑවෙමි, එක් සාමාජිකයෙකු ලෙස, පස්වරක් , යන්න දක්වා ඇති අතර, එයට දෙවනුව එකුන් සතළිසක් යන්න සම්බන්ධ කර ඇත. ඉන්පසු ඔහු නැවත කොටස්වලට පැමිණෙන අතර කොටස් තුනක් දක්වා ඇත: තුන් වරක් වේවැල්වලින් තැළුම්කෑවෙමි, එක වරක් ගල්ගසනු ලැබීමි, තුන් වරක් නැව් බිඳී උපද්රවයට පැමුණුනෙමි, පසුව වාක්ය ඛණ්ඩයක් දැක්වේ: රාත්රියකුත් දවාලකුත් ගැඹුරේ සිටියෙමි. මීළඟට සඳහන් වන කොටස් දාහතර වඩාත් උචිත ආකාරයෙන් දක්වා තිබේ: තවද බොහෝවිට ගමන්වලටද, ගංගා උපද්රවවලටද, සොර උපද්රවවලටද, මාගේ රට වැසියන්ගෙන් පැමිණි උපද්රවවලටද, අන්යජාතීන්ගෙන් පැමිණි උපද්රවවලටද, නුවරෙහි උපද්රවවලටද, වනයේ උපද්රවවලටද, මුහුදේ උපද්රවවලටද, බොරු සහෝදරයන්ගෙන් පැමිණි උපද්රවවලටද; වැඩ සහ වෙහෙසීම්වලටද, නොයෙක්විට නිදිමැරීමටද, ක්ෂුධාව සහ පිපාසයටද, නොයෙක්විට නිරාහාරව සිටීමටද, ශීතලයටද, නග්නභාවයටද පැමිණියෙමි. මෙයින් පසු සාමාජිකයන් තිදෙනෙකුගේ කාලපරිච්ඡේදයක් දැක්වේ: බාහිරවූ ඒ දේ හැර සියලු සභාවන් ගැන සිතේ බරක් දවස්පතා මට ඇත්තේය. මෙයට ඔහු විමසීමේ ස්වරයෙන් වාක්ය ඛණ්ඩ දෙකක් එකතු කරයි: යමෙක් දුර්වල නම් මමත් දුර්වල නොවෙම්ද? යමෙක් පැකිලීමට පමුණුවනු ලබන්නේනම් මම නොදැවෙම්ද? ඉතාම හොඳින් මේ මුළු පාඨයම, හුස්ම හිරවෙනවාක් මෙන්, සාමාජිකයින් දෙදෙනෙකුගේ කාල පරිච්ඡේදයකින් අවසන් වේ: මා විසින් පාරට්ටුකරන්ට යුතු නම් මාගේ දුර්වලකම සම්බන්ධ කාරණා ගැන පාරට්ටුකරන්නෙමි. තවද, මෙම කොටසට පසු, ඔහු කෙටි ආඛ්යානයක් ඇතුළත් කරමින් තමාම විවේක ගනිමින්, අසන්නාට විවේකයක් ලබා දෙන විට එය කෙතරම් සුන්දර හා ප්රියජනකද යන්න මට ප්රමාණවත් ලෙස විස්තර කළ නොහැකිය. මන්ද ඔහු තවදුරටත් මෙසේ පවසයි: මා බොරු නොකියන බව අපගේ ස්වාමිවූ යේසුස්වහන්සේගේ පියවූ සදාකල්ම ප්රශංසනීයවූ දෙවියන්වහන්සේ දන්නාසේක. එයට පසුව ඔහු මුහුණ දුන් අනතුර සහ එයින් බේරුණු ආකාරය ඔහු ඉතා කෙටියෙන් පවසයි.
14. මෙම සාකච්ඡාව දිගටම කරගෙන යාම හෝ ශුද්ධලියවිල්ලේ වෙනත් කොටස් සම්බන්ධයෙන්ද එම කරුණු පෙන්වා දීම වෙහෙසකර කාර්යක් වනු ඇත. අවම වශයෙන් අපෝස්තුළුවරයාගේ ලේඛනවලින් උපුටා දක්වා ඇති කොටස් සමගින්, කථික ශාස්ත්රයෙහි ඉගැන්වෙන කථන අලංකාර ක්රම හඳුනා ගැනීමට මා අමතර වෑයමක් දැරුවා යැයි සිතමු. උගත් මිනිසුන් එය ප්රමාණවත් යැයි සිතනවාට වඩා, බැරෑරුම් ලෙස සිතන මිනිසුන් මා ප්රමාණය ඉක්මවා ගියා යැයි සිතීමට ඉඩ තිබේ. මේ සියල්ල, ගුරුවරුන් විසින් උගන්වනු ලබන විට, ඒවා විශාල වටිනාකමක් ඇති ලෙස සලකනු ලැබේ; ඒ සඳහා විශාල මුදලක් ගෙවනු ලබන අතර, විකුණුම්කරුවෝ ඒ සම්බන්ධයෙන් මහත් ආඩම්බරයෙන් පුරසාරම් දොඩති. එසේම මේ ආකාරයෙන් කටයුතු කරන කල මා ද එවන් පුරසාරම් දොඩවන අයෙකු යැයි සිතනු ඇති බවට මම සිතමි. කෙසේ වෙතත්, අපගේ කතුවරුන් පහත් ලෙස සලකන දුර්වල උපදෙස් ලත් මිනිසුන්ට ප්රතිචාර දැක්වීමට මට අවශ්ය වූයේ, ඔවුන්ට එම හැකියාව නැති නිසා නොව, එහෙත් ඔවුන් එතරම් ඉහළින් සලකන කථිකත්වය ඔවුන් නොපෙන්වන බැවිනි.
15. එහෙත් මා විසින් අපොස්තුළු පාවුල් තුමා තෝරා ගනු ලැබුවේ අපගේ ශ්රේෂ්ඨ කථිකයා වන නිසා බැවින් යයි සමහර විට යමෙකු සිතන්නට පුළුවන. මන්ද මම කථාවට නිවට නුමුත් දැනගැන්මෙන් නිවට නොවෙමි, 2 කොරින්ති 11:6 යනුවෙන් ඔහු පවසන විට, ඔහු තම විවේචකයින්ට ඔවුන්ගේ ප්රකාශයේ සත්යය පිළිගන්නා ලෙස නොව, එහෙත් බොහෝ දේ පිළිගන්නාක් මෙන් කතා කරන බව පෙනෙයි. මම සැබවින්ම කථාවට නිවට වෙමි, එහෙත් දැනගැන්මෙන් නිවට නොවෙමි, යයි ඔහු පැවසුවේ නම්, අපට එය වෙනත් ආකාරයකින් අර්ථ දැක්විය නොහැකිය. ඔහු තම දැනුම පැහැදිලිව ප්රකාශ කිරීමට පසුබට වූයේ නැත, මන්ද එසේ නොමැතිව ඔහුට අන්යජාතිකයන්ගේ ගුරුවරයා විය නොහැකි බැවිනි. තවද, නියත වශයෙන්ම, අපි ඔහුගේ ඕනෑම දෙයක් කථිකත්වයේ ආදර්ශයක් ලෙස ඉදිරිපත් කරන්නෙමු නම්, අප එය ලබා ගන්නේ ඔහුගේ ශාරීරික පැවැත්ම දුර්වල යයි හා ඔහුගේ කථාව නිවට යයි සිතූ ඔහුගේ දරුණු විවේචකයින් පවා බරින් හා බලවත් යැයි පිළිගත් හසුන්වලිනි. (2 කොරින්ති 10:10.
එසේ නම්, දිවැසිවරුන්ගේ කථිකත්වයේ චතුර බව ගැනද යමක් පැවසිය යුතු බව මම දකිමි, ඒවායෙහි බොහෝ දේ රූපක ශෛලියක් යටතේ සැඟවී ඇති අතර, ඒවා වඩාත් සම්පුර්ණයෙන්ම කථන රූපවලට යට වී ඇති බව පෙනේ. ඒවා ආලෝකයට ගෙන එන විට වැඩි සතුටක් ලබා දෙයි. කෙසේ වෙතත්, මෙම ස්ථානයේ, එවැනි ආකාරයේ පාඨයක් තෝරා ගැනීම මගේ යුතුකම වන අතර, එහිදී එහි දක්වා ඇති කාරණය පැහැදිලි කිරීමට උනන්දු නොවන අතර, එහි ශෛලිය අගය කිරීමට පමණක් යොමු වෙමි. තමා එඬේරෙකු හෝ ගොවියෙකු බවත්, එම රැකියාවෙන් දෙවියන් වහන්සේ විසින් තමා කැඳවනු ලැබ, දෙවියන් වහන්සේගේ සෙනඟට දිවැස්වැකි කීමට යවන ලද බවත් පවසන එම අනාගතවක්තෘවරයාගේ පොතෙන් ප්රධාන වශයෙන් උපුටා දක්වමින් මම එසේ කරමි. කෙසේ වෙතත්, මම සෙප්තුවාජින්තයේ පරිවර්තකයන් අනුගමනය නොකරමි, ඔවුහු ඔවුන්ගේ පරිවර්තනයේදී ශුද්ධාත්මයාණන් වහන්සේ මගපෙන්වීම යටතේ, ආත්මික සංවේදනය පිළිබඳ විමර්ශනයට පාඨකයාගේ අවධානය යොමු කිරීමේ අදහසින් සමහර කොටස් වෙනස් කර ඇති බව පෙනේ (එසේම එම හේතුව නිසා සමහර කොටස් වඩාත් අපැහැදිලිය. මන්ද ඒවායේ පරිවර්තනයේදී වඩාත් සංකේතාත්මක බැවිනි); එහෙත් මම භාෂා දෙකම ඉතාම හොඳින් දන්නා වැඩිමහල්ලා වන ජෙරොම් තුමා විසින් හෙබ්රෙව් භාෂාවෙන් ලතින් භාෂාවට කරන ලද පරිවර්තනය අනුගමනය කරමි.
16. එසේ නම්, මෙම ගැමි නොහොත් කලින් ගම්බද සිටි අනාගතවක්තෘවරයා, අභක්තික, උඩඟු, සුඛෝපභෝගී බවින් ජීවත් වන සහ එබැවින් සහෝදර ප්රේමය වඩාත්ම නොසලකා හරින අය හෙළා දකින විට, ඔහු මොර ගසා කතා කරමින් මෙසේ පවසයි: සියොන්හි පහසුගෙන නොසැලකිල්ලෙන් සිටින්නන්ටද සමාරියේ කන්දේ අප්රවේසම්ව සිටින්නන්ටද දුක්වේ! ඔව්හු ජාතීන්ගෙන් ප්රධාන ජාතියේ උත්තමයෝය, ඉශ්රායෙල් වංශයද ඔවුන් ළඟට එන්නෝය. කැල්නේට ගමන්කර ගොස් බලන්න; එතැනින් මහ හමාත්ට යන්න. පිලිස්තිවරුන්ගේ ගාත්ටද යන්න. ඒවා මේ රාජ්යවලට වඩා හොඳද? නොහොත් නුඹලාගේ සීමාවට වඩා ඔවුන්ගේ සීමාව විශාලද? විපත්තියේ දවස ඈත්කරන්නාවූ, බලාත්කාරකමේ ආසනය ළංකරන්නාවූ, ඇත්දත් ඇඳන්වල සැතපෙන්නාවූ, තමුන්ගේ යහන්වල දිගාවී ඉන්නාවූ, රැළෙන් බැටළුපැටියන්ද ගාලෙන් වස්සන්ද කන්නාවූ, වීණා ශබ්දයට නිෂ්ඵල ලෙස ගී කියන්නාවූ, දාවිත් මෙන් තූර්ය භාණ්ඩ උපදවාගන්නාවූ, මුද්රිකපාන පාත්රාවලින් බොන්නාවූ, ඉතා හොඳ තෙල් ආලේපකරගන්නාවූ, යෝසෙප්ගේ පීඩාව ගැන ශෝක නොවී සිටින්නාවූ අයට දුක්වේ. තමන් උගත් හා කථිකත්වයෙන් දක්ෂ අය යැයි උපකල්පනය කර, අපගේ අනාගතවක්තෘවරුන් නූගත් සහ කථිකත්වයේ නුපුහුණු අය යැයි උපකල්පනය කරන මිනිසුන්, එවැනි ආකාරයේ මිනිසුන්ට මෙවැනි පණිවිඩයක් ලබා දීමට බැඳී සිටින බවත් සිතමින්, ඕනෑම ආකාරයකින් වෙනස් ලෙස තම අදහස් ප්රකාශ කිරීමට තෝරා ගනු ඇතැයි සිතමු. ඔවුන්ගෙන්, අඩුම තරමින්, පිස්සන් මෙන් පාලනයකින් තොරව හෝ වියරුවෙන් හෝ කතා කිරීමට පසුබට වන්නේ කවුද?
17. සන්සුන්ව සවන් දෙන අය මෙම කතාවේ වෙනස් කිරීමට කැමති වන්නේ කුමක්ද? ප්රථමයෙන්ම, විවේචනයම; ඉන්ද්රියයන් නිදිමතෙන් හෝ උදාසීනත්වයෙන් පුබුදුවාලීමට සහ කම්පනයට පත් කිරීමට එය කෙතරම් ප්රබලත්වයකින් යුතුද: සියොන්හි පහසුගෙන නොසැලකිල්ලෙන් සිටින්නන්ටද සමාරියේ කන්දේ අප්රවේසම්ව සිටින්නන්ටද දුක්වේ! ඊළඟට, සමාරිය කන්ද කෙරෙහි ඔවුන්ගේ විශ්වාසය තබා පිළිමවලට නමස්කාර කළ ඔවුන්ගේ අකෘතඥකම ඉස්මතු කිරීමට ඔහු ඔවුන්ට විශාල භූමියක් ලබා දී ඇති දෙවියන් වහන්සේගේ ආශීර්වාද භාවිත කරයි: කැල්නේට ගමන්කර ගොස් බලන්න; එතැනින් මහ හමාත්ට යන්න. පිලිස්තිවරුන්ගේ ගාත්ටද යන්න. ඒවා මේ රාජ්යවලට වඩා හොඳද? නොහොත් නුඹලාගේ සීමාවට වඩා ඔවුන්ගේ සීමාව විශාලද? මේ දේවල් ගැන කතා කරන අතරම, සියොන්, සමාරිය, කැල්නේ, මහා හමාත් සහ පිලිස්තිවරුන්ගේ ගාත් වැනි පහන් සහිත ස්ථානවල නම්වලින් එම ශෛලිය අලංකාර කර ඇත. පසුව මෙම ස්ථානවලට සම්බන්ධ වූ වචන වඩාත් ගැළපෙන ලෙස විවිධත්වයෙන් දක්වා ඇත: සුව පහසුවෙන් සිටින්නෙනි, බ විශ්වාස කරන්න, යන්න, බැස යන්න.
18. ඉන්පසුව පීඩාකාරී රජෙකු යටතේ අනාගත වහල්භාවය ළඟා වන බව ප්රකාශ කරනු ලැබේ, එය මෙලෙසින් එකතු කර ඇත: විපත්තියේ දවස ඈත්කරන්නාවූ, බලාත්කාරකමේ ආසනය ළංකරන්නාවූ, මීළඟට සුඛෝපභෝගී බවේ නපුර ගැන දක්වා ඇත. ඇත්දත් ඇඳන්වල සැතපෙන්නාවූ, තමුන්ගේ යහන්වල දිගාවී ඉන්නාවූ, රැළෙන් බැටළුපැටියන්ද ගාලෙන් වස්සන්ද කන්නාවූ, වීණා ශබ්දයට නිෂ්ඵල ලෙස ගී කියන්නාවූ, දාවිත් මෙන් තූර්ය භාණ්ඩ උපදවාගන්නාවූ, මුද්රිකපාන පාත්රාවලින් බොන්නාවූ, ඉතා හොඳ තෙල් ආලේපකරගන්නාවූ, යෝසෙප්ගේ පීඩාව ගැන ශෝක නොවී සිටින්නාවූ අයට දුක්වේ. මෙම වගන්ති හය සාමාජිකයින් දෙදෙනෙකු බැගින් වූ කාල පරිච්ඡේද තුනක් සාදයි. මන්ද ඔහු මෙලෙසින් නොකියන බැවිනි: විපත්තියේ දවස ඈත්කරන්නාවූ අය, බලාත්කාරකමේ ආසනය ළංකරන්නාවූ අය, ඇත්දත් ඇඳන්වල සැතපෙන්නාවූ අය, තමුන්ගේ යහන්වල දිගාවී ඉන්නාවූ අය, රැළෙන් බැටළුපැටියන්ද ගාලෙන් වස්සන්ද කන්නාවූ අය. ඔහු එය එලෙසින් ප්රකාශ කර තිබුණේ නම්, මෙහි එම භාෂා අලංකාරය තිබෙන්නට පුළුවන: එනම් වෙන වෙනම වගන්ති හයක් ක්රියාත්මක වේ, සෑම අවස්ථාවකදීම එකම සර්වනාමය පුනරාවර්තනය වේ, එසේම සෑම වගන්තියක්ම කථකයාගේ හඬේ තනි උත්සාහයකින් අවසන් වේ. එහෙත් එය දැන් පවතින ආකාරයට වඩාත් අලංකාරය, එනම් එය එකම සර්වනාමයක් යටතේ වගන්ති යුගල වශයෙන් එකතු කර වාක්ය තුනක් සාදයි, එයින් එකක් වහල්භාවයේ අනාවැකිය ගැන සඳහන් කරයි: විපත්තියේ දවස ඈත්කරන්නාවූ, බලාත්කාරකමේ ආසනය ළංකරන්නාවූ, දෙවැන්න ලෞකිකත්වයට යොමු කරයි: ඇත්දත් ඇඳන්වල සැතපෙන්නාවූ, තමුන්ගේ යහන්වල දිගාවී ඉන්නාවූ. තෙවැන්න කෑදරකමට යොමු කරයි: රැළෙන් බැටළුපැටියන්ද ගාලෙන් වස්සන්ද කන්නාවූ. එබැවින් ඔහු එක් එක් වගන්තිය වෙන වෙනම අවසන් කර සම්පූර්ණයෙන් වගන්ති හයක් සකසන්නේද, නැතහොත් පළමුවන, තුන්වන සහ පස්වන අවස්ථාවේදී ඔහු තම කටහඬ අත්හිටුවා සහ දෙවැන්නට පළමුවැන්නට, තෙවැන්නට හතරවැන්න, පස්වැන්නට හයවැන්න එක් කිරීමෙන් සාමාජිකයින් දෙදෙනෙකු බැගින් වූ ඉතා අලංකාර කාල පරිච්ඡේද තුනක් සාදයි: එයින් එකක් ආසන්නයේ වන ව්යසනය විස්තර කරයි; අනෙක ලෞකිකත්වයේ යහන; සහ පසුව තෙවැන්න, සුඛෝපභෝගී මේසය, යනුවෙනි.
19. මීළඟට ඇසීම උදෙසා සතුටක් සොයන ඔවුන්ගේ සුඛෝපභෝගීත්වය නිසා ඔහු ඔවුන්ට දොස් තබයි. තවද, මෙහිදී, නුවණැති මිනිසුන්ට නැණවත් ලෙස සංගීතය පුරුදු කළ හැකි බව දැන, වීණා ශබ්දයට නිෂ්ඵල ලෙස ගී කියන්නාවූ, යනුවෙන් ඔහු පවසන කල, ඔහු කථනයේ කැපී පෙනෙන දක්ෂතාවයකින් යුතුව, තම ආක්රමණ ප්රවාහය නවත්වන අතර, ඔහු මෙම මිනිසුන් සමග කෙලින්ම කතා කරනවා වෙනුවට, ඔහු ඔවුන් ගැන කතා කරයි. අප ඥාවන්තයන්ගේ සංගීතය ස්වේච්ඡා සංගීතයෙන් වෙන්කර හඳුනාගත යුතු බව අපට පෙන්වීමට ඔහු, වීණා ශබ්දයට නිෂ්ඵල ලෙස ගී කියන්නාවූ ඔබ, දාවිත් මෙන් තූර්ය භාණ්ඩ උපදවාගන්නාවූ ඔබ, යයි නොකියයි. එහෙත් ඔහු ප්රථමයෙන් ඔවුන් සෘජුවම ආමන්ත්රණය කරමින්, වීණා ශබ්දයට නිෂ්ඵල ලෙස ගී කියන්නාවූ, යනුවෙන් ලෞකික බවේ ගැලී සිටින අයට ඇසීමට සුදුසු දේ ප්රකාශ කරයි: පසුව, ඔහු අන් අය වෙත යොමු වී, මෙම මිනිසුන්ට ඔවුන්ගේ කලාවේ පවා දක්ෂතාවයක් නොමැති බව ඔහු දන්වයි: කාලපරිච්ඡේදයේ පළමුවන සාමාජිකයින් දෙදෙනාගේ කටහඬ අත්හිටුවා ඇති විට සහ තුන්වන විට සාමාජිකයා විරාමයකට පැමිණෙන විට මෙම වගන්ති තුන වඩාත් හොඳින් උච්චාරණය වෙයි.
20. එහෙත්, මේ සියල්ලම අනුගමනය කරන වාක්යය සම්බන්ධයෙන් පැවසීමේදී මේ වාක්යය බලන්න: යෝසෙප්ගේ පීඩාව ගැන ශෝක නොවී සිටින්නාවූ අය. මෙය එක වාක්ය ඛණ්ඩයක් ලෙස අඛණ්ඩව උච්චාරණය කළ යුතුද, නැතහොත් අප වඩාත් උසස් වචන භාවිත කළද, ඔවුහු ශෝක නොවී සිටියහ, යන්නෙන් කටහඬ අත්හිටුවා, පසුව සාමාජිකයින් දෙදෙනෙකුගේ කාලසීමාවක් ඇති කිරීම සඳහා යෝසෙප්ගේ පීඩාව ගැන යන්න එකතු කර ඇත. කෙසේ වෙතත්, ඔවුහු තම සහෝදරයාගේ දුක්ගැනවිල්ලට ශෝක නොවූහ, යනුවෙන් නොකියා ඒ වනුවට, යෝසෙප් සහෝදරයා ලෙස තැබීමට, ඔහුට සිදු වූ තුවාල සහ ඔහු ලැබූ යහපත් ප්රතිලාභය යන දෙඅංශයෙන්ම ඔහුගේ සහෝදරයන් අතරින් කැපී පෙනෙන ඔහුගේ නියම නාමයෙන් පොදුවේ සහෝදරයන් දැක්වීම කථන කලාවේ පුදුමාකාර සුන්දරත්වයේ ස්පර්ශයකි. තවද, ඇත්ත වශයෙන්ම, පොදුවේ සහෝදරයන් සඳහා යෝසෙප් යන්න යොදන ලද මෙම කථන රූපය මා ඉගෙනගත් සහ ඉගැන්වීමට පුරුදුව සිටි එම ශාස්ත්රයෙහි ඇතුළත් එකක්ද යන්න මම නොදනිමි. එහෙත් එය කෙතරම් සුන්දරද, එය බුද්ධිමත් පාඨකයාට කෙතරම් හොඳින් වැටහේද, එය තමාටම නොදැනෙන කෙනෙකුට ඒ සම්බන්ධයෙන් පැවසීමෙන් පලක් නැත.
21. තවද මා විසින් උදාහරණයක් ලෙස තෝරාගන්නා ලද මෙම කෝටස තුළ කථිකත්වයේ රීති මත රැඳෙන තවත් කරුණු ගණනාවක් සොයාගත හැකිය. එහෙත් එය ආත්මයෙන් සිහිපත් කිරීමෙන් එය දැල්වී ඇති බව ප්රවේශමෙන් විශ්ලේෂණය කිරීමෙන් බුද්ධිමත් පාඨකයෙකුට එතරම් උපදෙස් නොලැබේ. එය මිනිසාගේ කලාවෙන් හා සැලකිල්ලෙන් රචනා වූවක්ද නොවේය, එහෙත් එය දිව්යමය මනසින් ප්රඥාවෙන් හා කථිකත්වයෙන් ගලා ආවේය. ප්රඥාව දක්ෂ කථිකත්වය අරමුණු කර නොගනී, එහෙත් ප්රඥාවෙන් කථිකත්වය හැකිළෙන්නේ නැත. මන්ද, ඇතැම් ඉතා චතුර බවින් යුත් හා තියුණු මිනිසුන් වටහාගෙන පවසා ඇති පරිදි, කථික ශාස්ත්රය තුළ පනවා ඇති රීති, කථිකයන්ගේ ප්රතිභාව තුළ මුලින් උපත නොලබන්නේ නම්, ඒවා නිරීක්ෂණය කිරීමට, සටහන් කිරීමට සහ ක්රමයකට අඩු කිරීමට නොහැකි වනු ඇත. සියලු ප්රතිභාවේ කතුවරයාණන් වහන්සේ වන උන් වහන්සේගේ පණිවිඩකරුවන් තුළ එම කථිකත්වය සොයා ගැනීම පුදුම සහගතද? එබැවින් කැනොනිකරණය වූ ලේඛනවල ලේඛකයන් ප්රඥාවන්ත අය පමණක් නොව ඔවුන් හෙබවූ චරිතයකට සහ තනතුරකට ගැළපෙන කථිකත්වයකින් යුක්ත වූ බවද අපි පිළිගනිමු.
8 වන පරිච්ඡේදය – පාරිශුද්ධ ලේඛකයන්ගේ අපැහැදිලි බව, කථිකත්වයට අනුකූල වුවද, එය කිතුනු ගුරුවරුන් අනුකරණය නොකළ යුතුය.
22. එහෙත් මා ඔවුන්ගේ එම ලේඛනවලින් පහසුවෙන් තේරුම් ගත හැකි කථිකත්වය පිළිබඳ උදාහරණ කිහිපයක් ගත්තද, ඔවුන්ගේ පාඨකයන්ගේ මනස ව්යායාම කිරීම සහ පුහුණු කිරීමේ අරමුණ ඇතිව එම කොටස් සම්බන්ධයෙන් ඔවුන් අනුකරණය කිරීම අපගේ යුතුකම යැයි අප නොසිතිය යුතුය. ඒවා නම්, ඔවුන්ගේ පාඨකයන්ගේ මනස ව්යායාම කිරීම සහ පුහුණු කිරීම සහ ඒකාකාරී බව බිඳ දැමීම සහ ඉගෙනීමට උනන්දුවක් දක්වන අයගේ ජ්වලිතය උත්තේජනය කිරීමේ අරමුණින්, එමෙන්ම ඔවුන් භක්තියට හරවා ගැනීමට හෝ අබිරහස් අවබෝධ කර ගැනීමෙන් වළක්වා ගැනීමට අභක්තිකයන්ගේ සිත්වලින් සත්ය වසන් කිරීමේ අරමුණින්, මෙම හේතු හෝ වෙනත් හේතුවක් නිසා, ඔවුන් ප්රයෝජනවත් සහ සෞඛ්ය සම්පන්න අපැහැදිලි භාවයකින් ප්රකාශ කර ඇති කාරණා අප අනුගමනය නොකළ යුතුය. ඔවුන් සැබවින්ම ප්රකාශ කර ඇත්තේ පසුකාලීන යුගයේදී ඒවා නිවැරදිව තේරුම් ගෙන පැහැදිලි කළ අය දෙවියන් වහන්සේගේ සභාව තුළ ගෞරවයට පත්වන ආකාරයටය. එය ඔවුන් විසින්ම සලකනු ලබන ගෞරවයට සමාන නොවේ, එහෙත් ඊට දෙවැනි විය. එසේ නම්, මෙම ලේඛකයන්ගේ විවරණ සපයන්නන්, ඔවුන්ගේ ප්රකාශයන් එකම අධිකාරියකින් ඉදිරිපත් කරන්නාක් මෙන්, එම ආකාරයයෙන්ම ප්රකාශ නොකළ යුතුය. එහෙත් ඔවුන්, ඔවුන්ගේ සියලුම ඉගැන්වීම්වලදී, එය තේරුම් ගැනීම ඔවුන්ගේ මූලික හා ප්රධාන අරමුණ කර ගත යුතුය. එහිදී හැකි තරම් පැහැදිලි කථාවක් භාවිත කළ යුතුය. ඔහු ඒවා තේරුම් නොගන්නේ නම් හෝ ඔවුන් පවසන දේ ඉතා පහසුවෙන් හෝ ඉක්මනින් තේරුම් නොගතහොත් සවන්දෙන්නාට ඉතා අපැහැදිලි වනු ඇත. එයට හේතුව ඔවුන්ගේ අදහස් ප්රකාශ කිරීමේ විලාසය මත නොව, ඔවුන් පැහැදිලි කිරීමට උත්සාහ කරන කාරණයේ දුෂ්කරතාවය සහ සූක්ෂ්ම බව මත රඳා පවතී.
9 වන පරිච්ඡේදය – දුෂ්කර පාඨ සාකච්ඡා කළ යුත්තේ කෙසේද සහ කවුරුන් සමගද යන්න.
23. මන්ද, කොපමණ කාලයක් ගත කළත්, කෙතරම් පැහැදිලිව තිබුණත් නැතිනම් කථකයා ඒවා පැහැදිලි කළ හැකි ඕනෑම කථිකත්වයක් සහිත වුවත්, ඒවායේ නියම අර්ථය නොතේරෙන හෝ ඉතා අපහසුවෙන් තේරුම් ගන්නා සමහර කොටස් තිබේ. මේවා කිසිසේත්ම ජනතාව ඉදිරියට ගෙන නොයා යුතුය, නැතහොත් හදිසි හේතුවක් ඇති දුර්ලභ අවස්ථාවන්හිදී පමණක් ඒවා ජනතාවට යොමු කළ යුතුය. කෙසේ වෙතත්, ඒවා තේරුම් ගතහොත්, ඒවා ස්වාභාවිකවම පාඨකයන් ආකර්ෂණය වන ආකාරයෙන් ලියා ඇති අතර, ඒවා නොතේරෙන්නේ නම්, ඒවා කියවීමට අකමැති අයට කරදරයක් නොවන පරිදි ලියා ඇති ශෛලියේ පොත් ඇත. පෞද්ගලික සංවාදවලදී, තේරුම් ගැනීම කොතරම් දුෂ්කර වුවත්, තර්ක කිරීමට කොතරම් උත්සාහයක් අවශ්ය වුවත්, අප විසින් අවබෝධ කර ගන්නා ලද සත්යය අන් අයගේ අවබෝධය තුළට ගෙන ඒමේ යුතුකමෙන් අප ඈත් නොවිය යුතුය. එහිදී කොන්දේසි දෙකක් පමණක් අවධාරණය කළ යුතුය: අපගේ අසන්නාට හෝ සගයාට සත්යය ඉගෙන ගැනීමට අවංක ආශාවක් තිබීම සහ එය සන්නිවේදනය කළ හැකි ඕනෑම ආකාරයකින් එය ලබා ගැනීමට මානසික හැකියාවක් තිබීමය, ගුරුවරයා තම ඉගැන්වීමේ පැහැදිලි බව ගැන මිස කථිකත්වයේ දක්ෂතාව ගැන එතරම් සැලකිලිමත් නොවිය යුතුය.
10 වන පරිච්ඡේදය – ශෛලියේ චතුර බව සඳහා වන අවශ්යතාවය.
23. දැන්, පැහැදිලිකම සඳහා ඇති දැඩි ආශාව නිසා අපේක්ෂිත අර්ථය පැහැදිලිව ප්රකාශ කරන පාඨ සමග සසඳන විට, සමහර විට වඩාත් ඔප දැමූ කථන ආකාර නොසලකා හැරීමට සහ හොඳින් ශබ්ද කරන දේ කෙරෙහි උදාසීනත්වය ඇති වීමට හේතු වේ. මේ ආකාරයේ කථන ආකාර සමග කටයුතු කරන විට, එක්තරා කතුවරයෙකු පවසන්නේ,එහි යම් ආකාරයක පරිස්සම් සහගත නොසැලකිල්ලක් ඇති බවයි. එහෙත්, එම අලංකාරය ඉවත් කරන විට, එය කතා කිරීමේ අසභ්ය බවක් ගෙන එන්නේ නැත. කෙසේ වෙතත්, හොඳ ගුරුවරුන්ට ඉගැන්වීම ගැන මෙතරම් විශාල සැලකිල්ලක් ඇති වුවද, ඔවුන් අපැහැදිලි හෝ නොපැහැදිලි නොවී, පිරිසිදු ලතින් භාෂාවෙන් විස්තර කළ නොහැකි වචනයක් භාවිත කරනු ඇත. එහෙත් පොදු ව්යවහාරයට අනුව භාවිත කරන විට එය අපැහැදිලි හෝ නොපැහැදිලි නොවේය. ඒ උගතුන් එය භාවිත කරන ආකාරයෙන් නොව, නූගත් අය එය භාවිත කරන ආකාරය අනුවය. මන්ද අපගේ පරිවර්තකයින්, Non congregabo conventicula eorum de sanguinibus (ලේ වැගිරීම්වලින් ඔවුන්ගේ රැස්වීම් මම රැස් නොකරමි) යනුවෙන් දක්වා ඇත්තේ, ලතින් භාෂාවෙන් සාමාන්යයෙන් ඒක වචනයෙන් භාවිත වන වචනයක් මෙහිදී බහු වචනවලින් භාවිත කිරීම අර්ථයට වැදගත් බව ඔවුන්ට හැඟුණු බැවිනි. දේව භක්තිය පිළිබඳ ගුරුවරයෙකු, නූගත් ප්රේක්ෂකයින් ආමන්ත්රණය කරන විට, os, යන්න වෙනුවට ossum (අස්ථිය) යන්න භාවිත කිරීමට යොමු විය යුත්තේ ඇයි, භාෂාව නොදන්නා අප්රිකානු අයට ස්වරවල කෙටි බව හෝ දිගු බව ගැන ඉක්මනින් අවබෝධ නොවන නිසා ossa (අස්ථි) යන්නෙහි ඒකවචනය ලෙස නොව, ora (මුඛය) යන්නෙහි ඒක වචනය ලෙස ගත හැකි බවට ඔහු බිය වන නිසාද? අප කතා කරන අය අප තේරුම් නොගන්නේ නම් අපගේ කතා කිරීමෙන් ඵලක් නැති නිසා, අසන්නාට අවබෝධයක් නොලැබෙන්නේ නම්, නිවැරදි භාෂාව භාවිත කිරීමෙන් ඇති ප්රයෝජනය කුමක්ද? එමනිසා, ගුරුවරයා ඉගැන්වීමට අසමත් වචන භාවිත කිරීමෙන් වළකිනු ඇත; ඔහුට එකවරම නිවැරදි සහ බුද්ධිමත් පැහැදිලි වචන සොයාගත හැකි නම්, ඔහු ඒවා කැමැත්තෙන්ම භාවිත කරනු ඇත. කෙසේ වෙතත්, එම වචන නොපවතින නිසා හෝ මේ මොහොතේ එම වචන මතකයට නොපැමිණන නිසා හෝ, ඔහුට එවැනි වචන සොයාගත නොහැකි නම්, ඔහුගේ පණිවිඩයේ අර්ථය සම්පූර්ණයෙන්ම සන්නිවේදනය කර අවබෝධ කර ගත හැකි නම්, ඔහු අඩු නිරවද්ය බවින් යුතු වචන තෝරා ගනු ඇත.
25. මෙය තනි පුද්ගලයෙකු හෝ පුද්ගලයන් කිහිප දෙනෙකු සමග හෝ සංවාදවලදී පමණක් නොව ඊටත් වඩා විශේෂයෙන්ම ප්රසිද්ධ දේශනයක් පැවැත්වීමේ සන්දර්භය තුළ පැහැදිලි සන්නිවේදනයක් සඳහා අත්යවශ්ය බව අවධාරණය කළ යුතුය: මන්ද සංවාදයකදී ඕනෑම කෙනෙකුට ප්රශ්න ඇසීමට හැකිය; එහෙත් සියල්ලන්ම සවන් දීම උදෙසා නිශ්ශබ්දව සිටින විට සහ සියලුදෙනා කථිකයා වෙත පූර්ණ අවධානයෙන් සිටින විට, යමෙකුට නොතේරෙන දෙයක් ගැන ප්රශ්නයක් ඇසීමට යමෙකු බාධා කිරීම සිරිතක් හෝ සුදුසු දෙයක් හෝ නොවේය. එසේ මේ හේතුව නිසා ප්රශ්න ඇසීමට නොහැකි අයට උපකාර කිරීමට කථිකයා විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුය. දැන් ඉගෙනීමට උනන්දුවක් දක්වන කණ්ඩායමක් බොහෝ විට කථිකයා පවසන දේ ඔවුන් තේරුම් ගත් බව සාමාන්යයෙන් පෙන්නුම් කරන්නේ ඔවුන්ගේ චලනයන්ගෙනි. එසේ මේ ආකාරයේ යම් ඇඟවීමක් ලබා දෙන තුරු, කථිකයා විවිධ ප්රවේශයන්, ප්රකාශනයන් සහ ආකෘති භාවිත කරමින් සාකච්ඡා කරන ලද විෂය නැවත නැවතත් ඉදිරිපත් කළ යුතුය. කලින් සූදානම් කර කටපාඩම් කළ අන්තර්ගතය සරලව කියවන මිනිසුන්ට මෙම නම්යශීලීභාවය භාවිත කළ නොහැකිය. කෙසේ වෙතත්, අසන්නන්ට පණිවිඩය තේරෙන බව කථිකයා තේරුම් ගත් වහාම, කථිකයා තම කතාව අවසන් කළ යුතුය, එසේ නැතිනම් ඊළඟ මාතෘකාවට යා යුතුය. මන්ද, මිනිසුන් තේරුම් ගැනීමට ආශාවෙන් සිටින කරුණු පැහැදිලි කිරීමෙන් මිනිසෙකු සතුටක් ගෙන එන්නේ නම්, දැනටමත් හුරුපුරුදු කාරණා මත ඔහු වැඩි වේලාවක් රැඳී සිටින විට ඔහු වෙහෙසට පත් වේ, විශේෂයෙන්ම විශේෂයෙන් ප්රේක්ෂකයන්ගේ අපේක්ෂාව පාඨයේ අභියෝගාත්මක කොටස් පැහැදිලි කිරීම කෙරෙහි යොමු වූ විට එසේ සිදු වේ. මන්ද අවධානය යොමු වන්නේ අන්තර්ගතයට වඩා ඔවුන්ගේ ඉදිරිපත් කිරීමේ ආකාරය කෙරෙහි නම්, ඉතා හොඳින් අවබෝධ කරගත් අදහස් පවා බෙදාහදා ගන්නේ ඒවා රසවින්දනය ගෙන දෙන බැවිනි. එපමණක් නොව, දැනටමත් හුරුපුරුදු ශෛලියක් වුවද, එය ප්රේක්ෂක සිත් ඇදගන්නා සුලු නම්, කතා කරන පුද්ගලයා ඇත්ත වශයෙන්ම කතා කරන්නේද නැතහොත් ශබ්ද නඟා කියවනවාද යන්න ගැටලුවක් නොවේ. මන්ද, මනරම් ලෙස ලියා ඇති දේ බොහෝ විට ඒවා පළමු වරට හමු වන අය පමණක් රසවිඳිති. එහෙත් දැනටමත් ඒවා හුරුපුරුදු අය සහ ඒවා අමතක නොකළ අය නැවත නැවතත් ඒවා භුක්ති විඳිති; ඇත්ත වශයෙන්ම, වෙනත් අයෙකු විසින් ඒවා නැවත නැවත පවසනු ලබන කල පවා කණ්ඩායම් දෙකම සතුටට පත් වනු ඇත. තවද මිනිසෙකු යමක් අමතක වී ඇත්නම්, එය ඔහුට මතක් කරන විට ඔහුට උගන්වනු ලැබේ. කෙසේ වෙතත්, වින්දනය ලබා දෙන්නේ කෙසේද යන්න ගැන මම සාකච්ඡා නොකරමි. මා සාකච්ඡා කරන්නේ ඉගෙනීමට කැමති අයට ඉගැන්විය යුතු ක්රමය පිළිබඳයි. හොඳම ක්රමය නම්, අසන තැනැත්තාට සත්යය ඇසෙන බවත්, ඔහු අසන දේ ඔහු සම්පූර්ණයෙන් අවබෝධ කර ගන්නා බවත් සහතික කරන්නකි. තවද මෙම අවස්ථාවට ළඟා වූ විට, තවත් පැහැදිලි කිරීමක් අවශ්ය වන්නාක් මෙන් සත්යය පැහැදිලි කිරීමට තවත් උත්සාහයක් අවශ්ය නොවේ. එහෙත් සමහර විට එය හදවතට ගෙන ඒම සඳහා එය අවධාරණය කිරීමට යම් උත්සාහයක් ගත හැකිය. මෙම ප්රවේශය සුදුසු යැයි හැඟේ නම්, එය ප්රේක්ෂකයින් වෙහෙසට පත් වීමට හෝ නොඉවසිලිමත් වීමට ඉඩ නොතබමින් ප්රවේශමෙන් කළ යුතුය.
11 වන පරිච්ඡේදය – ක්රිස්තියානි ගුරුවරයා නොසැලකිලිමත් ලෙස නොව, එහෙත් පැහැදිලිව කථා කළ යුතුය.
26. ඉගැන්වීමේදී, ඇත්ත වශයෙන්ම, සැබෑ කථිකත්වය යනු මිනිසුන් කලින් අකමැති වූ දේ කිරීමට හෝ ඔවුන් වැළකුණු දේ කිරීමට සැලැස්වීම නොව, අපැහැදිලි දේ පැහැදිලි කිරීමයි. කෙසේ වෙතත්, මෙය කතා ශෛලියේ අලංකාරයෙන් තොරව සිදු කරන්නේ නම්, එය ඉදිරිපත් කරන ආකාරය කෙතරම් රළු සහ සුමට නොවූවත්, ඉගෙනීමට උනන්දුවෙන් සිටින උද්යෝගිමත් සිසුන් කිහිප දෙනෙකුගෙන් ඔබ්බට එහි ප්රතිලාභය විහිදෙන්නේ නැත. මෙම සිසුහු, ඔවුන්ගේ ඉලක්කය සපුරා ගත් පසුව, සරල සත්යය ප්රමාණවත් සහ තෘප්තිමත් බව සොයා ගනිති. එමෙන්ම වචනවලට ආදරය නොකර, එම වචනවල ඇති සත්යයට ආදරය කිරීම යහපත් බුද්ධියේ එක් සුවිශේෂී ලක්ෂණයකි. අපට විවෘත කිරීමට අවශ්ය දේ අගුළු ඇරීමට නොහැකි නම් රත්තරන් යතුරකින් ඇති ප්රයෝජනය කුමක්ද? එසේ නැතහොත්, අපට අවශ්ය වන්නේ වසා ඇති දේ විවෘත කිරීම පමණක් බැවින්, ලී යතුරකට අගුල විවෘත කළ හැකි නම් එයට තිබිය හැකි විරෝධය කුමක්ද? එහෙත් ඉගෙනීම සහ ආහාර භුක්ති විඳීම අතර යම් සමානකමක් ඇති ආකාරයටම, අපට ඒවා නොමැතිව ජීවත් වීමට නොහැකි ආහාර රුචි අරුචිකම් සපුරාලීම සඳහා රස කළ යුතුය.
12 වන පරිච්ඡේදය – සිසෙරෝට අනුව, කථිකයාගේ අරමුණ වන්නේ ඉගැන්වීම, විනෝදාස්වාදය ලබා දීම සහ චිත්තවේගීය බලපෑම් කිරීමයි. මේ අතරින් ප්රධානම දෙය වන්නේ ඉගැන්වීමයි.
27. ඒ අනුව, කථිකයෙකු ප්රේක්ෂකයින් දැනුවත් කිරීමට, විනෝදාස්වාදය ලබා දීමට සහ ඒත්තු ගැන්වීමට කතා කළ යුතුය, යනුවෙන් දක්ෂ කථිකයෙකු සත්ය ලෙසින් පවසා ඇත. ඉන්පසු ඔහු මෙසේ පවසයි: මේ අතරින් ඉගැන්වීම අත්යවශ්යයි, විනෝදාස්වාදය ලබා දීම සුන්දරත්වයකි, ඒත්තු ගැන්වීම ජයග්රහණයකි. දැන් මේ තුනෙන්, ඉගැන්වීම පදනම් වන්නේ අප පවසන දෙයෙහි අන්තර්ගතය මත වන අතර, විනෝදාස්වාදය ලබා දීම සහ ඒත්තු ගැන්වීම රඳා පවතින්නේ අප එය පවසන ආකාරය මතය. එසේ නම්, ඉගැන්වීමේ අරමුණින් කතා කරන ඔහු, සවන්දෙන්නාට එය නොතේරෙන තාක්, තම පණිවිඩය ලබා දුන් බව නොසිතිය යුතුය. මන්ද කථිකයා පැවසූ දේ ඔහු තේරුම් ගත්තද, එය නොදන්නා කෙනෙකුට පණිවිඩය සන්නිවේදනය නොවේ. කෙසේ වෙතත්, කථිකයා පවසන දේ ඔවුන් තේරුම් ගන්නේ නම්, ඔහු කතා කරන ශෛලිය කුමක් වුවත්, ඔහු තම අදහස සන්නිවේදනය කර ඇත. එහෙත් ඔහු අසන්නා විනෝදය ලැබීමට හෝ ඒත්තු ගැන්වීමට අවශ්ය නම්, කථිකයා තම අදහස් ඕනෑම ආකාරයකින් ඉදිරිපත් කිරීම පමණක් ප්රමාණවත් නොවේ. එම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා කතා කරන විලාසය වැදගත් වේ. එසේම සවන්දෙන්නන්ගේ අවධානය ආකර්ෂණය කර ගැනීම සඳහා අසන්නා සතුටු විය යුතු බැවින්, ඔහු ක්රියා කිරීමට යොමු කිරීම සඳහා ඔහු ඒත්තු ගැන්විය යුතුය. ඔබ ප්රියමනාප හා අලංකාර කතා විලාසයෙන් කතා කරන්නේ නම් සවන්දෙන්නා සතුටු වන අතර, ඔහු ඔබ දෙන පොරොන්දුවලින් හෝ තර්ජන මගින් බියට පත් වුවහොත් ඔහු ඒත්තු ගැන්වේ. අසන්නා ඔබ හෙළා දකින දේ ප්රතික්ෂේප කර ඔබ ප්රශංසා කරන දේ වැලඳ ගන්නේ නම්, ඔබ දුක් වීමට හේතු ඉදිරිපත් කරන විට ඔහු දුක් වන්නේ නම් සහ ඔබ ප්රීති වීමට හේතු ඉස්මතු කරන විට ඔහු ප්රීති වන්නේ නම්, අනුකම්පාවට සුදුසු අය ලෙස ඔබ ඉදිරිපත් කරන අය ගැන අසන්නාට අනුකම්පාවක් දැනේ නම්, සහ බිය විය යුතු හා පළා යා යුතු තර්ජන ලෙස ඔබ විස්තර කරන මිනිසුන්ට බිය වන්නේ නම් ඒත්තු ගැන්වීම සිදු වේ. අසන්නන්ගේ සිත් සසල කරවීමට බලපෑම් කළ හැකි තවත් බොහෝ ක්රම දැක්වීමට මට අවශ්ය නැත. මෙහිදී සවන්දෙන්නන්ට ඔවුන් කළ යුතු දේ ඔවුන්ට නොකියා, ඔවුන් කළ යුතු බව ඔවුන් දැනටමත් දන්නා දේ කිරීමට ඔවුන්ගෙන් ඉල්ලා සිටිමි.
28. කෙසේ වෙතත්, අසන්නන් තමන් කළ යුත්තේ කුමක්දැයි තවමත් නොදන්නේ නම්, ඔවුන් ක්රියා කිරීමට පෙලඹවීමට පෙර අනිවාර්යයෙන්ම ඔවුන්ට ඉගැන්විය යුතුය. සමහර විට ශක්තිමත් ඒත්තු ගැන්වීමක් හෝ චතුර කථාවක් අවශ්ය නොවී, ඔවුන්ගේ රාජකාරිය පිළිබඳ සරල දැනුම ඔවුන් දිරිමත් කිරීමට ප්රමාණවත් විය හැකිය. කෙසේ වෙතත්, ශක්තිමත් ඒත්තු ගැන්වීම අවශ්ය නම්, එය කළ යුතුය. එසේම මිනිසුන්, තමන් කළ යුතු දේ දන්නා නමුත් එය නොකරන විට ඒත්තු ගැන්වීම අවශ්ය වේ. එබැවින් ඉගැන්වීම අත්යවශ්ය වේ. මිනිසුන් යමක් දැනගත් පසු, එය කිරීම හෝ නොකිරීම ඔවුන් සතුය. එහෙත් තමන් නොදන්නා දෙයක් කිරීම ඔවුන්ගේ යුතුකමක් බව පවසනු ඇත්තේ කවරෙක්ද? එම මූලධර්මය මත, සෑම විටම ඒත්තු ගැන්වීම අවශ්ය නොවේ: මන්ද එය සැමවිටම අවශ්ය නොවන නිසාය. නිදසුනක් වශයෙන්, සවන්දෙන්නා හුදෙක් උගන්වන හෝ සතුට ලබා දෙන තැනැත්තා සමග එකඟ වන විට එය අවශ්ය නැත. මෙම හේතුව නිසාද ඒත්තු ගැන්වීම ජයග්රහණයකි, මන්ද යමෙකුට උගන්වා සතුටු කිරීමට හැකි නමුත් තවමත් ඔහු එකඟ නොවී සිටිය හැකිය. අප පළමුවන ඉලක්ක දෙක සාක්ෂාත් කර ගත්තද, තුන්වන ඉලක්කය සපුරා ගැනීමට අප අසමත් වුවහොත් එහි ඇති ප්රයෝජනය කුමක්ද? කථාවක් පවත්වන විට සත්යය පැහැදිලිව ඉදිරිපත් කරන්නේ නම් (ඉගැන්වීමේ ප්රධාන අරමුණ එයයි), තෘප්තිය ලබා දීම අත්යවශ්ය දෙයක් නොවේය. මන්ද කථාවක් පවත්වන විට සහ පැහැදිලිව සත්යය ඉදිරිපත් කරන විට, කතා විලාසය සත්යය සතුටු කිරීම අරමුණු හෝ චේතනාව නොවන බැවිනි. අවධානය යොමු වන්නේ සත්යය කෙරෙහි මිස එය ඉදිරිපත් කරන්නේ කෙසේද යන්න පිළිබඳ නොවේ. ඒ වෙනුවට, සත්යයම, එහි සරල හා පැහැදිලි ස්වරූපයෙන් පෙන්වන විට, එය සත්යය වන බැවින් සතුටක් ලබා දෙයි. එබැවින් අසත්යයන් පවා ඒවා ආලෝකයට ගෙන එළිදරව් කරන විට නිතරම සතුටට හේතු වේ. ඇත්ත වශයෙන්ම, ඔවුන්ගේ අසත්යය සතුට ලබා දෙන්නේ නැත, එහෙත් ඒවා අසත්ය බව සත්ය බැවින් මෙය සත්යය බව සනාථ කරන කථාවෙන් සතුටක් ලැබේ.
13 පරිච්ඡේදය – සවන් දෙන පුද්ගලයාට ඉගැන්විය යුතු පමණක් නොව, චිත්තවේගීයව බලපෑම් කළ යුතුය.
29. එහෙත් සත්යය ප්රසන්න දෙසුමක ස්වරූපයෙන් තැබුවොත් මිස සත්යය ගැන තැකීමක් නොකරන තරම් වන අය වෙනුවෙන් කතිකාව ප්රසන්න කිරීමට කථිකත්වයට සැලකිය යුතු කාර්යභාරයක් ඇත. එසේ වුවද, ගුරුවරයාගේ දේශනය තේරුම් ගෙන රසවිඳින නමුත් ඉන් කිසිදු ප්රයෝජනයක් නොලබන, මුරණ්ඩු සිත් ඇති මිනිසුන්ට මෙය පවා ප්රමාණවත් නොවේ. මනුෂ්යයෙකු ඔහුගේ අන්තර්ගතයට එකඟ නොවන්නේ නම්, සවන්දෙන්නාගේ එකඟතාවය ලබා ගැනීම සඳහා පමණක් සත්යය ප්රවේශමෙන් ඉදිරිපත් කිරීමට කථිකයා අවධානය යොමු කරන විට, ඔහු සත්යය ප්රකාශ කිරීම සහ දක්ෂ කථිකත්වට ප්රශංසා කිරීම යන දෙකින්ම ඔහුට ඇති ප්රයෝජනය කුමක්ද? උගන්වන ලද සත්යයන් විශ්වාස කිරීමට හෝ දැන ගැනීමට පමණක් නම්, කෙනෙකු ඒවා සමග එකඟ වීමෙන් අදහස් වන්නේ ඒවා සත්ය බව පිළිගැනීම පමණක් මිස අන් කිසිවක් නොවේ. කෙසේ වෙතත්, උගන්වන ලද සත්යය ප්රායෝගිකව යෙදිය යුතු එකක් වේ. එසේ උගන්වනු ලබන සත්යය ප්රායෝගිකව යෙදිය යුතු සහ ප්රගුණ කිරීමට අදහස් කරන දෙයක් නම්, එය ක්රියාවට නැංවීම උදෙසා ඉගෙන නොගතහොත්, පවසන කාරණය සරලව සත්ය බව ඒත්තු ගැන්වීමෙන් පලක් නැත, එය ඉදිරිපත් කර ඇති ආකාරය රස විඳීමෙන් පලක් නැත. එබැවින්, දිව්යමය දක්ෂ කථිකයෙකු ප්රායෝගික සත්යයක් ප්රවර්ධනය කරන විට, ඔහු උපදෙස් දීමට, සවන්දෙන්නන්ගේ අවධානය පවත්වා ගැනීම පිණිස ඔහු සතුටු කිරීමට පමණක් ඉගැන්වීම සිදු නොකළ යුතුය. එහෙත් ඔහු කැමැත්ත යටපත් කර ගැනීමට මනසට බලපෑම් කළ යුතුය. මන්ද යම් මිනිසෙකුට සත්යයේ බලය පෙන්වූ විට සහ එය අලංකාර ආකාරයෙන් ඉදිරිපත් කර ඇති බව පිළිගත් විට පවා ඔහු එමගින් පෙලඹෙන්නේ නැත්නම්, ඉතිරිව ඇති එකම විකල්පය නම් කථිකත්වයේ ශක්තියෙන් ඔහුට ඒත්තු ගැන්වීමයි.
14 වන පරිච්ඡේදය – පවසන ආකාරයේ අලංකාරය පවසන කාරණයට අනුකූල වීම.
30. තවද මෙහි සඳහන් වන ප්රකාශනයේ සුන්දරත්වය සඳහා මිනිසුන් මහත් උත්සාහයක් දරා ඇත. අන් අයට ඒත්තු ගැන්වීමට නොව, හුදෙක් ආසාවෙන් කියවීම සඳහා දුෂ්ට හා පහත් මිනිසුන් ඉතා දක්ෂ කථිකත්වයකින් යුතුව නිර්දේශ කරන දුෂ්ටකමේ සහ දුරාචාරයේ නොයෙකුත් නින්දිත ක්රියාවන් අනුගමනය කිරීම අපගේ යුතුකම නොවන බව පමණක් නොව, ඒවායින් වැළකී සිටීම සහ ඒවාට පිළිකුල් කිරීම අපගේ යුතුකමය. කෙසේ වෙතත්, අනාගතවක්තෘ යෙරෙමියා යුදෙව්වන්ගේ සිනගෝගය ගැන විස්තර කළ දේ අත්විඳීමෙන් දෙවියන් වහන්සේ උන් වහන්සේගේ සභාව වළක්වනු ඇත: පුදුමවූ භයංකාරවූ දෙයක් දේශයේ සිදුවී තිබේ; අනාගතවක්තෘවරු බොරුවට අනාගත වාක්ය කියති, පූජකයෝද ඔවුන්ගේ ආධාරයෙන් ආණ්ඩුකෙරෙති. මාගේ සෙනඟද එසේ වීමට ප්රියවෙති; නුමුත් එහි කෙළවරදී නුඹලා කරන්නේ කුමක්ද? අහෝ දක්ෂ කථිකත්වය, එහි පිරිසිදු භාවයෙන් වඩාත් බිහිසුණු වන අතර, එහි ස්ථිර ශක්තිය නිසා වඩාත් බලවත් වේ! එය නිසැකවම පර්වතයක් කැබලිවලට කඩා දමන මිටියකි. මන්ද දෙවියන් වහන්සේම එම අනාගතවක්තෘවරයා කරණකොටගෙන උන් වහන්සේගේ ශුද්ධවූ අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් පවසන ලද උන් වහන්සේගේම වචනය මෙම බලවත් මිටියට සමාන කර ඇත. යෙරමියා 23:29 එසේ නම්, දෙවියන් වහන්සේ වළක්වන සේක්වා, අප අතර සිටින පූජකයෙකු බොරු අනාගතවක්තෘවරයෙකුට සහාය දීම සහ දෙවියන් වහන්සේගේ සෙනඟ එවැනි ක්රියාවලින් සතුටු වීම දෙවියන් වහන්සේ වළක්වන සේක්වා. එවැනි භයානක උමතුවක් අප අත්විඳීමෙන් දෙවියන් වහන්සේ අප වළක්වන සේක්වා, මම නැවතත් කියමි! මන්ද අප මෙහි අවසානයේ සිදු කරන්නේ කුමක්ද? ඇත්ත වශයෙන්ම, කතාව තේරුම් ගැනීමට අපහසු වූවත්, ප්රියජනක බවින් සහ ඒත්තුගන්වන සුලු බවින් අඩු වූවත්, සත්යය කතා කළ යුතුය. එසේම දුෂ්ට දේ නොව යුක්තිසහගත දෙයට සතුටින් සවන් දිය යුතුය. එහෙත් මෙය කළ හැක්කේ සත්ය සහ යුක්තිසහගත දේ දක්ෂ කථිකත්වයෙන් යුක්තව ප්රකාශ කළහොත් පමණි.
31. එපමණක් නොව, වැදගත් රැස්වීමකදී, බොහෝ මිනිසුන් අතර මම ඔබට ප්රශංසා කරන්නෙමි, යන ප්රකාශයේ සඳහන් වන පරිදි, ඇත්ත වශයෙන්ම අසත්යය මගහරින අතරම, අලංකාර භාෂාවේ මතුපිට ස්ථරයකට යටින් සුළු හා නොවැදගත් සත්යයන් වසන් කරන කථික ශෛලියකින් සතුටක් නැත. වැදගත් සහ අත්යවශ්ය සත්යයන් සඳහා යොදා ගත්තද අලංකාරය සහ අභිමානය යන දෙකම නැති ආකාරයේ කථික විලාසයකින් සතුටක් නොලැබේ. ආශීර්වාද ලත් සයිප්රියන් තුමාගේ ලිපිය ද එවැනිම අවස්ථාවක් හමු වේ, එය අහම්බෙන් හෝ හිතාමතාම ඇතුළත් කර ඇත්තේ ක්රිස්තියානි ඉගැන්වීමේ නිවැරදි විනය ඔහු අධික වාචික භාවයෙන් නිදහස් කර සරල හා වඩා සංයමයෙන් යුත් කථික ශෛලියක් කරා ඔහු මෙහෙයවූ ආකාරය පෙන්වීමට බව මම විශ්වාස කරමි. එය ඔහුගේ පසුකාලීන ලිපිවල අපට දක්නට ලැබෙන ශෛලියකි. මෙම පිරිපහදු කළ ශෛලිය ස්වාභාවිකවම අගය කරන, උනන්දුවෙන් සොයන නමුත් පහසුවෙන් ප්රගුණ කළ නොහැකිය. එක් අවස්ථාවක, ඔහු මෙසේ කියයි, අපි මෙම නවාතැන සොයා යමු: වැල් ගස්වල දිගු අතු එල්ලී සහ පැටලී, ආධාරක වේවැල් මත වැඩෙමින්, වැල් කොළ වියනක් සාදනු ලබන අසල්වැසි හුදෙකලාව රැකවරණය සපයයි. මෙහි භාෂාවේ අපූරු චතුර බවක් සහ පොහොසත්කමක් විදහා දක්වයි; නමුත් එය බැරෑරුම් මනසට ප්රසන්න විය නොහැකි තරම්ය. කෙසේ වෙතත්, මෙම ශෛලිය අගය කරන්නන් බොහෝ විට වැරදි ලෙස උපකල්පනය කරන්නේ සරල ප්රවේශයකට පක්ෂව එය මගහරින අය එසේ කරන්නේ ඔවුන්ගේ විචාර බුද්ධිය එය ප්රතික්ෂේප කිරීමට හේතු වන නිසා නොව, එවැනි කථිකත්වයක් සාක්ෂාත් කර ගැනීමේ හැකියාව නොමැතිකම නිසා බවයි. මේ අනුව, මෙම ආශීර්වාද ලත් මිනිසා, ඔහු වරක් එය කළාක් මෙන්, එවැනි ශෛලියක් භාවිත කිරීමට ඔහුට ඇති හැකියාව සහ නැවත කිසි දිනෙක එය අනුගමනය නොකරන බැවින් එය වළක්වා ගැනීමට හිතාමතාම තෝරා ගැනීම යන දෙකම පෙන්නුම් කරයි.
15 වන පරිච්ඡේදය – කිතුනු ගුරුවරයා දේශනා කිරීමට පෙර යාච්ඤා කළ යුතුය.
32. එබැවින් අපගේ කිතුනු කථිකයා, ඔහු යුක්තිසහගත, ශුද්ධ වූ සහ යහපත් දේ පවසන අතරම (ඔහු කිසි විටෙකත් වෙනත් ආකාරයකින් කතා නොකළ යුතුය), බුද්ධියෙන්, සතුටින් සහ කීකරුකමෙන් සවන් දීමට හැකි සෑම දෙයක්ම කරයි. තවද ඔහු මෙම ඉලක්කය සාක්ෂාත් කර ගන්නේ නම් සහ ඔහු එය සාක්ෂාත් කර ගන්නා තරමට, කථිකත්වයේ දීමනාවලට වඩා භක්තිමත් යාච්ඤාවකින් ඔහු සාර්ථක වනු ඇතැයි ඔහුට සැකයක් නැත. එමනිසා, ඔහු කතා කිරීමට උත්සාහ කිරීමට පෙර තමා සහ ඔහු ඇමතීමට යන අය වෙනුවෙන් යාච්ඤා කළ යුතුය. ඔහු කතා කළ යුතු වේලාව පැමිණි විට, ඔහු තම මුඛය විවෘත කිරීමට පෙර, ඔහුගේ පිපාසයෙන් පෙළෙන ආත්මය දෙවියන් වහන්සේ වෙතට ඔසවා, ඔහු බෙදා ගැනීමට යන දේ ලබා ගැනීමට සහ ඔහු අන් අයට දීමට යන දෙයින් පුරවා ගැනීමට ආශා කළ යුතුය. මන්ද ඇදහිල්ල සහ ප්රේමය පිළිබඳ සෑම කාරණයක් සම්බන්ධයෙන්ම, පැවසිය හැකි බොහෝ දේ ඇත, ඒවා පැවසීමේ බොහෝ ක්රම තිබේ, ඒවා අපට කීමට හෝ අප කියනු ඇසීමට වඩාත් සුදුසු මොහොත දන්නේ සියලු දෙනාගේ හදවත් දන්නා දෙවියන් වහන්සේ පමණි. අප සහ අපගේ වචන යන දෙකම තමන් වහන්සේගේ අතේ තිබෙන දෙවියන් වහන්සේ හැරුණුකොට, අප කළ යුතු දේ සහ අප කළ යුතු ආකාරයට කතා කිරීමට අපට හැකියාව දෙන්නේ අන් කවුරුන්ද? ඒ අනුව ඉගෙනීමට හා ඉගැන්වීමට ආශාවෙන් සිටින ඕනෑම අයෙකු, ඉගැන්විය යුතු සියල්ල ඉගෙන ගෙන දිව්යමය අරමුණක් සඳහා සුදුසු ලෙස කථා කිරීමේ හැකියාව වර්ධනය කළ යුතුය. එහෙත්, කතා කිරීමට වේලාව පැමිණි විට, ඔහු සැදැහැවත් හදවතකට වඩාත් සුදුසු ස්වාමින් වහන්සේගේ එම කියමන සිහිපත් කළ යුතුය: නුඹලා කථාකරන්නේ කෙසේද, කුමක්දැයි සිතා කනගාටු නොවෙන්න. මක්නිසාද නුඹලා විසින් කිය යුතු දේ ඒ පැයේදී නුඹලාට දෙනු ලබන්නේය. මක්නිසාද කථාකරන්නේ නුඹලා නොව නුඹලා තුළ කථාකරන නුඹලාගේ පියාණන්ගේ ආත්මයාණෝය. මතෙව් 10:19-20 එසේ නම්, ශුද්ධාත්මයාණන් වහන්සේ ක්රිස්තුන් වහන්සේ උදෙසා හිංසා පීඩා විඳින අය තුළින් කතා කරන සේක නම්, කැමැත්තෙන් ඉගෙනීමට කැමති අයට ක්රිස්තුස් වහන්සේගේ පණිවිඩය බෙදාගන්නා අය තුළින්ද කතා නොකරන්නේ මන්ද?
16 වන පරිච්ඡේදය – දෙවියන් වහන්සේ සැබෑ ගුරුවරයා සෑදුවද, මිනිස් මඟ පෙන්වීම් හෙළා නොදැකිය යුතුය.
33. දැන් ශුද්ධාත්මයාණන් වහන්සේ ඔවුන් ගුරුවරුන් බවට පත් කරන නිසා මිනිසුන්ට උගන්වන්නේ කෙසේදැයි හෝ කුමක්දැයි අපට මඟ පෙන්විය යුතු නැතැයි යමෙකු ප්රකාශ කරන්නේ නම්, අප යාච්ඤා කිරීම අවශ්ය නැතැයිද ඔහුට කියන්නට පුළුවන. මන්ද, නුඹලාගේ පියාණන් වහන්සේගෙන් නුඹලා යමක් ඉල්ලන්ට පළමුවෙන් නුඹලාට වුවමනා දේ කුමක්දැයි උන් වහන්සේ දන්නාසේක, මතෙව් 6:8 යයි අපගේ ස්වාමින් වහන්සේ පැවසූ බැවිනි. එසේත් නැතිනම් ප්රේරිත පාවුල් තිමෝතිට සහ තීතස්ට අන් අයට ඉගැන්විය යුත්තේ කෙසේද හෝ කුමක්දැයි උපදෙස් ලබා නොදිය යුතුව තිබුණි. තවද මෙම අපෝස්තලික හසුන් තුන සභාවේ ගුරු තනතුරක් දරන සෑම කෙනෙකුටම සැමවිටම යොමු විය යුතුය. තිමෝතිට ලියන ලද පළමුවන හසුනේ අපි මෙසේ නොකියවන්නෙමුද: මේ දේවල් ආඥාකොට උගන්වන්න. 1 තිමෝති 4:11 මේ දේවල් මොනවද යන්න කලින් ලිපියේ සඳහන් කර ඇත. අපි එහි මෙලෙස නොකියවන්නෙමුද: මහලු කෙනෙකුට සැර නොකර, පියෙකුට මෙන් අවවාදකරන්න. 1 තිමෝති 5:1 දෙවන හසුනේ මෙසේ පවසා නැද්ද: නුඹ මාගෙන් ඇසූ සාරවූ වචනවල ආදෘශය ක්රිස්තුස් යේසුස්වහන්සේ තුළ තිබෙන ඇදහිල්ල සහ ප්රේමයෙන් යුක්තව අල්ලාගන සිටින්න. 2 තිමෝති 1:13 සැබෑවේ වචනය හරි ආකාර පහදාදෙන්නාවූ, ලජ්ජාවෙන්ට ඕනෑ නැත්තාවූ වැඩකාරයෙක්ව පෙනෙන්ට උත්සාහකරන්න. 2 තිමෝති 2:15 එම හසුනේම මෙසේ අවවාද කරයි: වචනය දේශනා කරන්න; කලටත් අකලටත් වැඩේ යෙදී සිටින්න; සියලු ආකාර ඉවසිලිවන්තකමෙන් සහ ඉගැන්වීමෙන් තරවටුකර, අවවාදකර, අනුශාසනාකරන්න. 2 තිමෝති 4:2 එබැවින්, තීතස් වෙත යවන හසුනේ, අගරදගුරුවරයෙකු සාරවත් ගුරුකමින් අවවාදකරන්ටත් විරුද්ධවාදීන් නිශ්ශබ්දකරන්ටත් පුළුවන්වන පිණිස ඉගැන්වීමට එකඟවූ විශ්වාස වචනය තදින් අල්ලාගෙන සිටින්ට ඕනෑ බව ඔහු පවසන්නේ නැද්ද? තීතස් 1:9 එහිදීද ඔහු මෙසේ පවසයි: නුමුත් නුඹ සාරවූ ගුරුකමට හොබනා දේ කථාකරන්න. එනම් මහලු පුරුෂයන් පමණ දැන, සන්සුන්ව, සිහියෙන් යුක්තව, ඇදහිල්ලෙහිත් ප්රේමයෙහිත් ඉවසීමෙහිත් හරිලෙස සිටිය යුතුය. තීතස් 2:1-2 තවද එම ස්ථානයෙහිද, මේ දේවල් සියලු ආකාර බලය ඇතුව කියා, අවවාදකොට, තරවටුකරන්න. කිසිවෙකුට නුඹ සුළුකොට සිතන්ට ඉඩනාරින්න. අධිපතීන්ටත් බලය ඇත්තන්ටත් යටත් වෙන්ටද, කීකරුවෙන්ටද, සියලු යහපත් වැඩවලට සූදානම්ව සිටින්ටද ඔවුන්ට සිහිකරවන්න, ආදි කාරණා පවසයි. එසේනම් අප සිතිය යුත්තේ කුමක්ද? ඉගැන්විය යුත්තේ කෙසේද සහ කුමක්ද යන්න ඔහු විසින්ම ඔවුන්ට පිළිබඳ උපදෙස් ලබා දෙන අතරම ශුද්ධාත්මයාණන් වහන්සේ ගුරුවරුන් බවට පත් කරන බව ප්රේරිතවරයා ප්රකාශ කරන විට ඔහු පවසන දේ පරස්පර වේද? එසේත් නැතිනම්, ගුරුවරුන්ට පවා ඉගැන්වීමේ යුතුකම ශුද්ධාත්මයාණන් වහන්සේගේ පැමිණීමෙන් පසුව අවසන් නොවුණත්, කිසිවක් රෝපණය කරන්නා හෝ වතුර දමන්නා නොව, වැඩි කරන දෙවියන් වහන්සේම අවසානයේ වර්ධනය දෙන බව අප තේරුම් ගත යුතුය. 1 කොරින්ති 3:7 එබැවින් ශුද්ධ වූ මිනිසුන් අපගේ උපකාරකයන් වූවත්, ශුද්ධ වූ දේවදූතයන් පවා අපට උපකාර කළත්, දෙවියන් වහන්සේ තමන් වහන්සේගෙන් ඉගෙන ගැනීමට ඔහු සූදානම් කරන තුරු, කිසිවෙකු දෙවියන් වහන්සේ සමග ජීවිතයට අදාළ දේවල් නිවැරදිව ඉගෙන නොගනියි, එම දෙවියන් වහන්සේට ගීතාවලියෙහි මෙසේ ආමන්ත්රණය කර ඇත: ඔබ වහන්සේගේ කැමැත්ත කිරීමට මට ඉගැන්නුව මැනව, මන්ද ඔබ වහන්සේ මාගේ දෙවියන් වහන්සේ වන සේක. එබැවින් එම ප්රේරිතවරයාම තිමෝතිටම මෙසේ පවසයි. එය ඇත්ත වශයෙන්ම, ගුරුවරයා ගෝලයෙකුට කථා කරන ආකාරයටය: එහෙත් නුඹ ඉගෙනගත්තාවූ, නුඹට සහතිකවූ කාරණා කොයි තැනැත්තන්ගෙන් ඉගෙනගත්තෙහිද කියාත් දැන, ඒවායෙහි පිහිටා සිටින්න. 2 තිමෝති 3:14 මන්ද, මිනිසුන් සෙසු මිනිසුන්ගේ ශරීරයට ප්රතිකාර කිරීමට භාවිත කරන ඖෂධවලින් දෙවියන් වහන්සේ ඔවුන්ට ගුණය ලබා දෙනවා මිස ප්රයෝජනයක් නැත (ඔවුන්ගේ උපකාරයෙන් තොරව සුව කළ හැකි නමුත්, දෙවියන් වහන්සේගේ උපකාරය නොමැතිව ඔවුන්ට සුව කළ නොහැකිය). එසේ වූවත් මෙම ඖෂධ භාවිත කරනු ලැබේ. මෙම ඖෂධ භාවිතය යුතුකමේ හැඟීමකින් සිදු කරන්නේ නම්, එය දයානුකම්පාවේ හෝ කරුණාවේ ක්රියාවක් ලෙස සලකනු ලැබේ. එබැවින් මිනිසාගේ උපක්රම හරහා යොදා ගන්නා ඉගැන්වීමේ ආධාරක ආත්මයට ප්රයෝජනවත් වන්නේ දෙවියන් වහන්සේ ඒවායින් ප්රයෝජනය ලැබීම පිණිස ක්රියා කරන විට පමණි. කිසිම මිනිස් මැදිහත්වීමක් හෝ උපකාරයක් නොමැතිව මනුෂ්ය වර්ගයාට ශුභාරංචිය ලබා දීමට දෙවියන් වහන්සේට පූර්ණ හැකියාව ඇත.
17 වන පරිච්ඡේදය – විවිධ කථන ශෛලීන්ගේ තුන් ආකාර බෙදීම.
34. කථා කිරීමෙහිදී යහපත් දෙය ක්රියාත්මක කිරීම අරමුණු කර ගන්නා තැනැත්තා, ඉගැන්වීම හෝ සතුට ලබා දීම හෝ බලපෑම් කිරීම යන ඒ කාර්යන් තුනෙන් කිසිවක්ම හෙළා නොදැකිය යුතුය. එසේම අප ඉහත කී පරිදි, ඒවාට බුද්ධිමත්ව සහ සතුටින් සවන් දීමටත්, කැමැත්තෙන් අනුගමනය කිරීමටත් හැකි වන පරිදි යාච්ඤා කර උත්සාහ කළ යුතුය. එසේ ඔහු මෙය අලංකාරයෙන් හා යෝග්යතාවයෙන් යුතුව සිදු කරන විට, සවන්දෙන්නා ඒවාට එකඟ නොවුණත්, ඔහු සාධාරණ ලෙස දක්ෂ කථිකයෙකු ලෙස හැඳින්විය හැකිය. මන්ද, ඉගැන්වීම, සතුට ලබා දීම සහ බලපෑම් කිරීම යන මෙම කාරණා තුන, රෝම කථිකත්වයේ මහා ශාස්තෘවරයාම පහත දැක්වෙන පරිදි එම කාරණා තුනට යටත් විය යුතු යැයි අදහස් කළ බව පෙනේ. එසේ නම්, ඔහු සුළු කාරණා සංයමයේ විලාසයෙන්ද, මධ්යස්ථ කාරණා සමබර විලාසයෙන්ද, වැදගත් කාරණා ප්රතාපවත් විලාසයෙන්ද ප්රකාශ කරන්නේ නම් දක්ෂ කථිකයෙක් වේ. ඔහු ඉහත සඳහන් කළ අන්ත තුනම ගෙන, ඇතුළත් කර එක් වාක්යයකින් සමස්තය ප්රකාශ කළේ මෙසේය: එසේ නම්, ඔහු අනුශාසනා කිරීම පිණිස සුළු කාරණා සංයමයේ විලාසයෙන්ද, සතුට දැනවීම පිණිස මධ්යස්ථ කාරණා සමබර විලාසයෙන්ද, මනසට බලපෑම් කිරීම පිණිස වැදගත් කාරණා ප්රතාපවත් විලාසයෙන්ද ප්රකාශ කරන්නට හැකි නම් ඔහු දක්ෂ කථිකයෙකි.
18 වන පරිච්ඡේදය – කිතුනු කථිකයා ශ්රේෂ්ඨ කාරණා සමග නිරතුරුව කටයුතු කරයි.
35. දැන් මා උපුටා දක්වා ඇති කතුවරයාට නීතිමය ප්රශ්න සම්බන්ධයෙන් ඔහු විසින්ම දක්වා ඇති පරිදි මෙම කථන ශෛලීන් තුන නිදර්ශනය කළ හැකිව තිබුණි: කෙසේ වෙතත්, සභාවේ ප්රශ්න සම්බන්ධයෙන් ඔහුට එසේ කිරීමට නොහැකි විය – එම මාතෘකා මා හැඩගස්වා ගැනීමට අපේක්ෂා කරන කතිකාවෙහි කේන්ද්රස්ථානය වේ. නීතිමය ප්රශ්නවලදී මුදල් ගනුදෙනුවලට අදාළ ගැටලු කුඩා ඒවා ලෙස හැඳින්වේ; මිනිසාගේ ජීවිතයට හෝ නිදහසට අදාළ කාරණයක් මතු වන විට ඒවා ශ්රේෂ්ඨ ලෙස සලකනු ලැබේ. නැවතත්, මූල්ය හෝ ජීවිතයට යන දෙකටම සම්බන්ධ නොවන, සහ ඉක්මන් ක්රියාවකින් හෝ විනිශ්චයකින් තොරව සවන්දෙන්නා සතුටු කිරීම පමණක් අරමුණු කර ගත් අවස්ථා, කලින් දැක්වූ කුඩා හා ශ්රේෂ්ඨ කාරණාවල අතරමැද තත්වයක් වන බැවින් මධ්යම හෝ මධ්යස්ථ ලෙස සලකනු ලැබේ. මධ්යස්ථ යන පදය ව්යුත්පන්න වන්නේ modus (මිනුමක්) යන්නෙනි; එසේම එය අපචාරයක් වේ. මධ්යස්ථ යන වචනය නිසි භාවිතයක් නොවේය, එය සුළු කර තිබීමකි. කෙසේ වෙතත්, අපගේ වැනි ප්රශ්නවලදී, සෑම දෙයක්ම, එසේම විශේෂයෙන්ම අධිකාරී බලය සහිත ස්ථානයේ සිට මිනිසුන්ට ආමන්ත්රණය කරන ලද ප්රශ්නවලදී, මිනිසුන්ගේ ගැලවීම ගැන සඳහන් විය යුතුය. එය ඔවුන්ගේ තාවකාලික ගැලවීම ගැන නොව එහෙත් සදාකාලික ගැලවීම ගැන විය යුතුය. එසේම සදාකාල විනාශය වළක්වා ගැනීම ගැන සැලකිලිමත් විය යුතුය. අප පවසන සෑම දෙයක්ම වැදගත් වේ. එය කොතරම්ද වැදගත් වන්නේද කිවහොත්, දේශකයා මුදල් සම්බන්ධ කාරණා ගැන පවසන දේ පවා, එහි සඳහන් වන්නේ පාඩුව හෝ ලාභය ගැන වූවත්, මුදල් ප්රමාණය විශාල හෝ කුඩා වූවත්, එය නොවැදගත් බවක් නොපෙනේ. මන්ද සාධාරණ බව කිසිදාක නොවැදගත් දෙයක් නොවන නිසාය. එමෙන්ම අපගේ ස්වාමින් වහන්සේ පවසන පරිදි, මුදල් සම්බන්ධ කුඩා කටයුතුවලදී පවා සාධාරණ බව නිසැකවම පිළිපැදිය යුතුය: ස්වල්පයක් ගැන විශ්වාසව සිටින්නා බොහෝ දේ ගැනත් විශ්වාසව සිටියි. ලූක් 16:10 එසේ නම්, ස්වල්පයක් ගැන යනු ඉතාම අල්ප දෙයයි. එහෙත් ස්වල්පයක් ගැන විශ්වාසවන්තව සිටීම උතුම්ය. මන්ද, රවුමේ ස්වභාවය, එනම්, කේන්ද්රයේ සිට පරිධිය දක්වා ඇද ඇති සියලුම රේඛාවල දිග සමාන වන බැවින්, එය විශාල තැටියක මෙන්ම කුඩාම කාසියකද එක හා සමාන වේ; එබැවින් යුක්තිය ක්රියාත්මක වන කාරණා කුඩා වුවද යුක්තියේ ශ්රේෂ්ඨත්වය කිසිසේත් අඩු නොවේ.
36. තවද, අපෝස්තුළුවරයා ලෞකික කටයුතු සම්බන්ධයෙන් වන පරීක්ෂාවන් ගැන කතා කරන අවස්තාවේදී (මේවා මුදල් පිළිබඳ කාරණා මිස අන් කුමක්ද?), ඔහු මෙසේ කියයි: නුඹලාගෙන් යමෙකුට තමාගේ අසල්වාසියාට විරුද්ධව කාරණයක් ඇත්නම්, ඔහු ශුද්ධවන්තයන් ඉදිරියෙහි නොව අධර්මිෂ්ඨයන් ඉදිරියෙහි නඩු කියන්ට භය නැද්ද? නොහොත් ශුද්ධවන්තයන් ලෝකයා විනිශ්චයකරන බව නොදනිවුද? ඉදින් නුඹලා විසින් ලෝකයා විනිශ්චයකරනු ලබන්නේ නම්, ඉතා සුළු කාරණා විනිශ්චයකරන්ට නුඹලා නොවටින්නෝද? අපි දේවදූතයන් විනිශ්චයකරන්නෙමුයයි නුඹලා දන්නේ නැද්ද? එසේ නම් මේ ජීවිතයට අයිති දේම විනිශ්චයකරන්ට බැරිද? ඉදින් මේ ජීවිතයට අයිති දේ විනිශ්චයකරන්ට නුඹලාට තිබේ නම් එසේ විනිශ්චයකිරීමට සභාව විසින් සුළුකොට සිතන තැනැත්තන් පත්කරන්නහුද? මා මෙසේ කියන්නේ නුඹලාට ලජ්ජා උපදවන පිණිසය. මොකද? තමාගේ සහෝදරයන් අතරේ විනිශ්චයකරන්ට පුළුවන්වූ එක ඥානවන්තයෙක්වත් නුඹලා අතරෙහි නැද්ද? නුමුත් සහෝදරයා සහෝදරයා සමඟ නඩු කියන්නේය, ඒකත් නොඇදහිලිකාරයන් ඉදිරියෙහිය. ඉතින් එකිනෙකා සමඟ නුඹලාට නඩු ඇතුව තිබීම දැනටම මුළුමනින්ම නුඹලාට පාඩුවක්ය. ඒ වෙනුවට නුඹලා අයුක්තිය නොවිඳින්නේ මන්ද? ඒ වෙනුවට අලාභය නොවිඳින්නේ මන්ද? නුමුත් නුඹලාම අයුක්තියත් අලාභයත් කරති, ඒත් නුඹලාගේ සහෝදරයන්ටය. නොහොත් අධර්මිෂ්ඨයන් දෙවියන් වහන්සේගේ රාජ්යය උරුමකරගන්නේ නැති බව නුඹලා දන්නේ නැද්ද? 1 කොරින්ති 6:1-9 අපෝස්තුළුවරයා මෙතරම් කෝපයට පත් වන්නේ, මෙවන් චෝදනාවක්, නින්දා කිරීමක්, දඬුවම් කිරීමක් සහ අනතුරු ඇඟවීමක් කරන්නේ මන්ද? ඔහුගේ ස්වරයේ නිරන්තර හා හදිසි වෙනස්කම් ඔහුගේ හැඟීම්වල ගැඹුර පිළිබිඹු කරන්නේ ඇයි? ඔහු ඉතා සුළු කාරණා ගැන මෙතරම් උස් ස්වරයෙන් කතා කරන්නේ ඇයි? ලෞකික කාරණාවලට ඔහුගෙන් එවැනි අවධානයක් ලැබිය යුතුද? දෙවියන් වහන්සේ එයින් වළක්වන සේක්වා. එසේ නොවේය. එහෙත් මේ සියල්ල සිදු කරනු ලබන්නේ යුක්තිය, ප්රේමය සහ භක්තිවන්තකම සඳහාය. සෑම සන්සුන් මනසකම විනිශ්චයේදී, ඉතා සුළු කාරණා සම්බන්ධයෙන් පවා ඒවා ශ්රේෂ්ඨ වේ.
37. ඇත්ත වශයෙන්ම, ඔවුන්ගේම කටයුතු සඳහා හෝ ඔවුන් සමග ඇසුරු කරන්නන් සඳහා, සභාවේ උසාවිවලදී ලෞකික නඩු විභාග කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳ අපි මනුෂ්යයින්ට උපදෙස් දෙන්නෙමු නම්, අප ඔවුන්ට උපදෙස් දෙන්නේ මෙම නඩු නොවැදගත් කාරණා ලෙස සන්සුන්ව කළමනාකරණය කිරීම සුදුසු බව යෝජනා කරමු. කෙසේ වෙතත්, අපගේ අවධානය යොමු වන්නේ සදාකාලික දුකෙන් අප මුදා සදාකාලික ප්රීතියට මඟ පෙන්වන සත්ය ධර්ම නියාමකයේ ගුරුවරයෙකු වීමට නියමිත මිනිසාගේ කථන විලාසය කෙරෙහිය. මෙම සත්යයන් ප්රසිද්ධියේ හෝ පෞද්ගලිකව වේවා, එක් කෙනෙකුට හෝ බොහෝ දෙනෙකුට වේවා, මිතුරන්ට හෝ සතුරන්ට වේවා, අඛණ්ඩ දේශනයකදී හෝ සංවාදයකදී වේවා, පත්රිකාවල වේවා, පොත්පත්වල වේවා, දිගු හෝ කෙටි ලිපිවල වේවා, මෙම සත්යයන් ගැන කතා කරන ඕනෑම තැනක, ඒවා ඉතා වැදගත් වේ. ඇත්ත වශයෙන්ම අපි එසේ පැවසීමට සූදානම් වන්නෙමු නම්, ඇල් වතුර කෝප්පයක් ඉතා සුළු මෙන්ම සාමාන්ය දෙයක් වන බැවින්, යමෙක් ගෝලයෙකු නිසා මේ කුඩා අයවලුන්ගෙන් එක්කෙනෙකුට ඇල්වතුර කෝප්පයක් පමණවත් බොන්ට දෙන්නේ නම් ඔහුගේ විපාකය කිසිසේත් නැති නොවන්නේයයි සැබවින් නුඹලාට කියමි, මතෙව් 10:42 යයි පැවැසූ අපගේ ස්වාමින් වහන්සේගේ කියමන ඉතා සුළු හා නොවැදගත් යැයි ප්රකාශ කිරීමක් වැනිය. එසේත් නැතිනම් දේශකයෙකු මෙම කියමන තම දේශනා පාඨය ලෙස භාවිත කරන විට, ඔහු තම විෂය ඉතා නොවැදගත් යැයි සිතිය යුතු අතර, එබැවින් කථිකත්වය හෝ බලය නොමැතිව, එහෙත් යටහත් පහත් ශෛලියකින් කථා කළ යුතු බවට යෝජනා කිරීමක් වැනිය. අප මේ විෂය ගැන මිනිසුන්ට කතා කරන විට, දෙවියන් වහන්සේ අප සමග සිටින විට, අප කියන පණිවිඩය එහි වැදගත්කම සමග සමපාත වන බව සහතික කරන දෙවියන් වහන්සේගේ පැමිණීමත් සමග, එය උදාසීන හදවත් උණුසුම් කරන, සදාකාලික විපාකය බලාපොරොත්තුවෙන් දයාවේ ක්රියාවන් සඳහා උද්යෝගයක් ඇති කරන ජ්වලිත බවක් එම සීතල වතුර වෙතින් අවුලුවන්නේ නැද්ද?
19 වන පරිච්ඡේදය – ක්රිස්තියානි ගුරුවරයා විවිධ අවස්ථාවන්හිදී විවිධ ශෛලීන් භාවිත කළ යුතුය.
38. කෙසේ වෙතත්, අපගේ ගුරුවරයා ශ්රේෂ්ඨ කාරණා ගැන කතා කළ යුතු වුවද, ඔහු සෑම විටම තේජාන්විත ස්වරයක් භාවිත නොකළ යුතුය; ඒ වෙනුවට, ඔහු උගන්වන විට සන්සුන් ස්වරයකින් සහ ඔහු ප්රශංසා හෝ විවේචන ඉදිරිපත් කරන විට මධ්යස්ථව යටපත් වූ ස්වරයකින් එය සිදු කළ යුතුය. කෙසේ වෙතත්, යමක් කළ යුතු වූ විට සහ ක්රියා කළ යුතු නමුත් ඒ සඳහා කැමැත්තක් නැති අයට අප කතා කරන විට, ශ්රේෂ්ඨ කාරණා බලහත්කාරයෙන් සහ ඔවුන්ගේ මානසිකත්වයට බලපාන ආකාරයෙන් ප්රකාශ කළ යුතුය. සමහර විට එකම වැදගත් කාරණය විවිධ අවස්ථාවලදී, එය උගන්වන විට සන්සුන්ව, එහි වැදගත්කම අවධාරණය කරන විට මධ්යස්ථව සහ සත්යය පිළිගැනීමට ප්රතිරෝධී මනසක් ඒත්තු ගැන්වීමේදී බලවත් ලෙස කතා කළ යුතුය. මක්නිසාද දෙවියන් වහන්සේට වඩා උතුම් වන යමක් තිබේද? එසේ නම් උන් වහන්සේ ගැන ඉගෙන ගැනීමට කිසිවක් නැද්ද? එසේත් නැතිනම් ත්රිත්වය එකමුතුවෙන් උගන්වන කෙනෙක් සහජයෙන්ම සංකීර්ණ විෂයයක් තේරුම් ගැනීමේ පැහැදිලි බව සහතික කරමින් සන්සුන්ව සාකච්ඡා කළ යුතු නොවේද? එවිට තේරුම් ගැනීමට පහසු නොවන විෂයයක් සම්බන්ධයෙන් අපට තේරුම් ගැනීම ලබා දී ඇති තරමට අපට එය වැටහෙනු ඇත. මෙම සන්දර්භය තුළ, අප සාක්ෂිවලට වඩා අලංකාරවලට ප්රමුඛත්වය දිය යුතුද? එසේත් නැතිනම් අසන්නාට යමක් ඉගෙන ගැනීමට උපදෙස් දෙනවා වෙනුවට යමක් කිරීමට පෙලඹවීම කළ යුතුද? එහෙත් අප දෙවියන් වහන්සේ සම්බන්ධයෙන් හෝ උන් වහන්සේගේ ක්රියාවන් සම්බන්ධයෙන් වේවා, උන් වහන්සේට ප්රශංසා කිරීමට පැමිණෙන විට, කිසිවෙකුට ප්රමාණවත් ලෙස උන් වහන්සේ ප්රශංසා කළ නොහැකි වුවද, ප්රමාණවත් ලෙස ප්රශංසා කිරීමට තම බලය උපරිමයෙන් පැවරිය හැකි මිනිසා ඉදිරියේ, භාෂාවේ අලංකාරය සහ තේජස සඳහා මොනතරම් විශාල විෂය පථයක් විවෘත වේද? යම් තරමකින් උන් වහන්සේට ප්රශංසා නොකරන කිසිවෙක් නැත! එහෙත් උන් වහන්සේට නමස්කාර නොකරන්නේ නම් උන් වහන්සේ සමග හෝ උන් වහන්සේ වෙනුවට, ඒවා පිළිම, යක්ෂයන් හෝ ඕනෑම මවන ලද සත්තාවක් හෝ වේවා, ඒවාට නමස්කාර කරන්නේ නම්, එය කෙතරම් විශාල දුෂ්ටකමක්ද යන්න පෙන්වීමටත්, එයින් පලා යන ලෙස මිනිසුන් පෙලඹවීමටත්, අප බලයෙන් යුක්තව හා සිත් ඇදගන්නා සුලු ආකාරයෙන් කතා කළ යුතුය.
20 වන පරිච්ඡේදය – ශුද්ධලියවිල්ලෙන් ලබාගත් විවිධ ශෛලීන් පිළිබඳ නිදසුන්.
39. අපි දැන් වඩාත් නිශ්චිත නිදසුනක් වෙත යොමු වෙමු. ප්රේරිත පාවුල් තුමාගේ සන්සුන්, යටපත් වූ ශෛලිය පිළිබඳ උදාහරණයක් අපට තිබේ, එහිදී ඔහු මෙසේ පවසයි: ව්යවස්ථාව යටතේ සිටින්ට කැමැත්තෙනි, නුඹලා ව්යවස්ථාව අසන්නේ නැද්දැයි මට කියන්න. මක්නිසාද ආබ්රහම්ට පුත්රයෝ දෙදෙනෙක් සිටියෝය, එක්කෙනෙක් දාසියගෙන්ය, එක්කෙනෙක් නිර්දාසියගෙන්ය. නුමුත් දාසියගේ පුත්රයා මාංසිකලෙසද නිර්දාසියගේ පුත්රයා පොරොන්දුව කරණකොටගෙනද උපන්නේයයි ලියා තිබේ. මේ දේවල උපමාවක් අන්තර්ගතය. මක්නිසාද මේ ස්ත්රීහු ගිවිසුම් දෙකක්ය; සීනා පර්වතයෙන් දුන් ගිවිසුම තොමෝ දාසකමට දරුවන් උපදවන්නීය, ඒ හාගර්ය. මේ හාගර් නම් අරාබියෙහි සීනා පර්වතයය, ඒ දැන් තිබෙන යෙරුසලමට අදාළවේ. මක්නිසාද ඈ තමාගේ දරුවන් සමඟ දාසකමෙහි සිටින්නීය. නුමුත් ඉහළ තිබෙන යෙරුසලම නිදහස්ය, ඈ අපගේ මවුය, ගලාති 4:21-26 යන්න සහ ඉන් ඉදිරියට ඇති කොටස. ඒ හා සමානව, ඔහු මේ ආකාරයෙන් තර්ක කරයි: සහෝදරයෙනි, මම මනුෂ්යාකාරයෙන් කථාකරමි. මනුෂ්යයෙකුගේ ගිවිසුම්පත්රයක් වුවත් ස්ථිරවී නම්, කිසිවෙක් එය අවලංගුකරන්නේවත් ඊට කිසිවක් එකතුකරන්නේවත් නැත. ඉතින් පොරොන්දු දෙනලද්දේ ආබ්රහම්ටත් ඔහුගේ වංශයටත්ය. බොහෝදෙනෙකුට මෙන්: වංශයන්ටය නොකියා, එක්කෙනෙකුට මෙන්: නුඹේ වංශයටයයි උන් වහන්සේ කියනසේක. ඒ වංශය නම් ක්රිස්තුස්වහන්සේය. ඉදින් මා කියන්නේ නම්: දෙවියන් වහන්සේ විසින් කලින් ස්ථිරකරනලද ගිවිසුමක්, ඊට හාරසිය තිස් අවුරුද්දකට පසු පැමුණුණාවූ ව්යවස්ථාවෙන්, පොරොන්දුව නිෂ්ඵලවන ලෙස, අවලංගුකරන්ට නුපුළුවන් බවය. මක්නිසාද උරුමය ව්යවස්ථාවෙන් වේ නම් තවත් පොරොන්දුවෙන් නොවේ. නුමුත් දෙවියන් වහන්සේ ආබ්රහම්ට ඒක දුන්නේ පොරොන්දුවෙන්ය. ගලාති 3:15-18 තවද, ව්යවස්ථාවෙන් උරුමය නොපැමිණෙන්නේ නම්, ව්යවස්ථාව ලබා දුන්නේ මන්ද? යනුවෙන් ප්රශ්නයක් අසන්නන්ට ඇති විය හැකිය. ඔහුම මෙම විරෝධය අපේක්ෂා කරන අතර, එසේවී නම් ව්යවස්ථාව කිමෙක්ද? යනුවෙන් අසයි. එයට පිළිතුර සපයා ඇත: ඒක වනාහි පොරොන්දුව ලැබූ ඒ බීජය එන තුරු දේවදූතයන් ලවා මැදහත්කාරයෙකුගේ අතින් නියමකරවනු ලැබ, පසුව අපරාධ නිසා එකතුකරන ලද්දේය. තවද මැදහත්කාරයෙක් සිටින්නේ එක්කෙනෙකු පිළිබඳව නොවේය; නුමුත් දෙවියන් වහන්සේ එක්කෙනෙක්ය. තවද මෙහිදී ඔහුම ප්රකාශ කර ඇති විරෝධයක් මතු වේ: එසේවී නම් ව්යවස්ථාව දෙවියන් වහන්සේගේ පොරොන්දුවලට විරුද්ධද? ඔහු එයට පිළිතුරු දෙයි: එසේ නොවේවා. තවද ඔහු මෙම වචනවල හේතුවද ප්රකාශ කරයි: මක්නිසාද ජීවත්කරන්ට පුළුවන්වූ ව්යවස්ථාවක් දෙනලද්දේ නම්, ධර්මිෂ්ඨකම සැබවින් ව්යවස්ථාවෙන් වෙනවා ඇත. එසේවී නුමුත් අදහන්නන්ට යේසුස් ක්රිස්තුස්වහන්සේ තුළ ඇදහිල්ලෙන් වූ පොරොන්දුව දෙනු ලබන පිණිස, ලියවිල්ල සියල්ලන්ම පාපය යට වසා තැබුවේය. එසේ නම්, අපැහැදිලි දේ අර්ථ නිරූපණය කිරීම සහ ප්රශ්නවල දුෂ්කරතා විසඳීම පමණක් නොව, මෙය කරන අතරතුර, ඒවා සැක කිරීමට ඉඩ නොතබන පරිදි හෝ අප කියන දේට අපකීර්තියක් ඇති නොවන පරිදි, තමන් විසින්ම යෝජනා කිරීමට ඉඩ ඇති වෙනත් ප්රශ්න ආමන්ත්රණය කිරීමද ගුරුවරයාගේ යුතුකමේ කොටසකි. කෙසේ වෙතත්, ප්රශ්න මතු වූ වහාම එම ප්රශ්නවලට විසඳුම යෝජනා කරන්නේ නම්, විසඳිය නොහැකි ගැටලු විසඳීමට අවශ්ය නොවේ. ඊට අමතරව, එක් ප්රශ්නයකින් වෙනත් ප්රශ්න පැනනගින අතර, එම ප්රශ්නවලින් නැවතත් තවත් ප්රශ්න මතු වන අවස්ථාවලදී, මේ සියල්ල සාකච්ඡා කර විසඳා ගන්නේ නම්, තර්කය ඉතාම දීර්ඝ වේ. එය කෙතරම්ද යත්, අතිශයින් බලවත් සහ ක්රියාකාරී මතකයක් නොමැතිව තර්ක කරන්නාට ඔහු විසින් ආරම්භ කරන ලද මුල් ගැටලුව කෙරෙහි අවධානය යොමු කිරීම නැති විය හැකිය. කෙසේ වෙතත්, පැමිණිය හැකි විරෝධයක් ලෙස මනසට නැඟෙන ඕනෑම දෙයක් ප්රකාශ කිරීම සහ ප්රතික්ෂේප කිරීම අතිශයින්ම යෝග්ය වේ. එයට හේතුව එයට පිළිතුරු දීමට කිසිවකු නොමැති විට එම ප්රශ්නය ඇති වීමේ හැකියාව මඟහරවා ගැනීමටය. එසේත් නැතිනම්, එලෙස ප්රශ්නයක් පැන නැඟුණද, ඒ ගැන කිසිවක් නොකියන මිනිසෙකුට ඒ ගැන සිතුවත් විරෝධය නොවිසඳා නිහඬව සිටීමේ තත්ත්වය වැළැක්වීමටය.
40. අපෝස්තුළුවරයාගේ පහත සඳහන් වචනවලින් අපට දක්නට ඇත්තේ මධ්යස්ථ විලාසයයි: මහලු කෙනෙකුට සැර නොකර, පියෙකුට මෙන්ද, යෞවනයන්ට සහෝදරයන්ට මෙන්ද, වැඩිමහල් ස්ත්රීන්ට මවුවරුන්ට මෙන්ද, යෞවනියන්ට සියලු ආකාර පිරිසිදුකමින් සහෝදරියන්ට මෙන්ද අවවාදකරන්න. 1 තිමෝති 5:1-2 මෙම පාඨයේද ඇත්තේ එවැන්නකි: එබැවින් සහෝදරයෙනි, නුඹලාගේ ශරීරයන් ජීවමානවූ, ශුද්ධවූ, දෙවියන් වහන්සේ විසින් පිළිගත හැකිවූ යාගයක් කොට ඔප්පුකරන හැටියට දෙවියන් වහන්සේගේ දයාවන් නිසා නුඹලාගෙන් ඉල්ලමි, එය නුඹලාගේ ආත්මික සේවය වේ. රෝම 12:1. මෙම උපදේශනාත්මක පාඨය මුළුමනින්ම වාගේ සන්සුන්, මධ්යස්ථ කථිකත්වයේ ශෛලියෙන් ලියා ඇත. එසේම එහි ඇති ඉතාමත් අලංකාර කොටස්, එයට නියමිත දේ ගෙවා දමන්නාක් මෙන්, එකිනෙකාට අයත් දේවල් අලංකාර ලෙස එකට එකතු කර ඇත. නිදසුනක් මෙසේය: එහෙයින් අපට දෙනලද අනුග්රහය ලෙස වෙන වෙන දීමනා ඇත්තාවූ අපට ලැබුණේ අනාගතකීම නම්, අපේ ඇදහිල්ලේ ප්රමාණයට අනාගත වචන කියමු. සේවය නම් අපගේ සේවයෙහි යෙදී සිටිමු. උගන්වන්නා තමාගේ ඉගැන්වීමටත්, උපදේශ දෙන්නා තමාගේ උපදේශ දීමටත් භාරවේවා. දෙන තැනැත්තේ ත්යාගවන්තකමෙන්ද ආණ්ඩුකරන තැනැත්තේ උනන්දුකමෙන්ද කරුණාව පෙන්වන තැනැත්තේ ප්රසන්න ලීලාවෙන්ද එසේ කෙරේවා. ප්රේමය වංචා රහිත වේවා. නපුරට පිළිකුල්කොට යහපතට ඇලුම්වෙන්න. සහෝදර ප්රේමයෙන් එකිනෙකාට ස්නේහවන්න; ගෞරවයෙන් තම තමාට වඩා අනික් අය උතුම් කොට සලකන්න; උත්සාහවන්තකමේදී මැළි නොවෙන්න; ආත්මයෙන් ජ්වලිතවෙන්න; ස්වාමීන් වහන්සේට සේවයකරන්න; බලාපොරොත්තුවෙහි ප්රීතිවෙන්න; දුකේදී ඉවසිලිවන්තව සිටින්න; යාච්ඤාවෙහි නොකඩව පැවතෙන්න; ශුද්ධවන්තයන්ගේ ඕනෑකම්වලදී උපකාරකරන්න; ආගන්තුක සත්කාරයට ලැදිව සිටින්න. නුඹලාට පීඩාකරන්නන්ට ආශීර්වාද කරන්න; ශාප නොකොට ආශීර්වාදම කරන්න. ප්රීතිවෙන්නන් සමඟ ප්රීතිවෙන්න; අඬන්නන් සමඟ අඬන්න. එකිනෙකා සමඟ එක්සිත්වෙන්න – රෝම 12:6-16. එසේම සාමාජිකයන් දෙදෙනෙකුගේ කාල පරිච්ඡේදයක් තුළ මේ සියල්ල කෙතරම් අලංකාර ලෙස අවසන් කර තිබේ: උසස් දේවල්හි සිත නොතබා, පහත් දේවලට සිත අවනතකරන්න. එයට පසුව සුළු කොටසක් දක්වා ඇත: එබැවින් සියල්ලන්ට දෙන්ට යුතු දේ දෙන්න. සුංගම් දෙන්ට නිස්සාට සුංගම්ද අයබදු දෙන්ට නිස්සාට අයබදුද දෙන්න; භයවෙන්ට නිස්සාට භයවෙන්න; ගෞරව ලබන්ට නිස්සාට ගෞරවකරන්න. රෝම 13:7 තවද, මේවා තනි වාක්ය ඛණ්ඩවලින් ප්රකාශ වුවද, සාමාජිකයින් දෙදෙනෙකුගේ කාල පරිච්ඡේදයකින් අවසන් කර ඇත: එකිනෙකාට ප්රේමවීම මිස, අන් කිසිවක් ගැන කිසිවෙකුට ණයව නොසිටින්න. තවදුරටත් මෙසේ දක්වයි: රාත්රිය බොහෝසේ ඉකුත්ව ගියේය, දවාල ළඟය. එබැවින් අන්ධකාරයේ ක්රියා අහකදමා, ආලෝකයේ ආයුධ පැලඳගනිමු. ක්රීඩා ඝෝෂාව සහ බීමත්කමෙන් හෝ සල්ලාලකම සහ අනාචාරයෙන් හෝ ඩබර සහ ඊර්ෂ්යාවෙන් හෝ නොහැසිර, දවාලෙහි මෙන් ඔබින ලෙස හැසිරෙමු. නුමුත් තෘෂ්ණා පූර්ණකරන පිණිස මාංසයට ඉඩනොදී, ස්වාමීවූ යේසුස් ක්රිස්තුස්වහන්සේගේ පැලඳගන්න. රෝම 13:12-14 දැන් එම පාඨය et carnis providentiam ne in concupiscentiis feceritis (තවද මාංසයේ ආශාවන් සඳහා ඉඩ නොදෙන්න), යනුවෙන් පරිවර්තනය කර ඇත්නම්, සවන්දෙන්නාට නිසැකවම නිගමනය වඩාත් ප්රසන්න හා රිද්මයානුකූල වනු ඇත. කෙසේ වෙතත්, වඩාත් නිරවද්ය බවින් යුක්තව, වචනවල නිශ්චිත අනුපිළිවෙල පවා ආරක්ෂා කිරීමට තෝරා ගත්තේය. ප්රේරිතවරයා කතා කළ ග්රීක භාෂාවෙන් මෙය ඇසෙන්නේ කෙසේද යන්න ග්රීක භාෂාව ගැන වඩාත් හොඳ දැනුමක් සහිත අයට තීරණය කළ හැකිය. කෙසේ වෙතත්, මගේ අදහස නම්, මෙම වචන අනුපිළිවෙල සමග අපට ලබා දී ඇති පරිවර්තනය එහි මුල් ග්රීක භාෂාවෙහි පවා විශේෂයෙන් සුමට හෝ සුසංයෝගී නොවන බවයි.
41. ඇත්ත වශයෙන්ම, සුසංයෝගී වාක්ය අවසානයන්ගෙන් සමන්විත එම කථන ශෛලිය නිර්මාණය කිරීමේ කුසලතාව අපේ ලේඛකයන්ට නැති බව මා ප්රකාශ කළ යුතුය. මෙය පරිවර්තකයන්ගේ වරදක්ද, එසේත් නැතිනම්, මා විශ්වාස කිරීමට වැඩි කැමැත්තක් දක්වන පරිදි, කතුවරුන් සැලසුම් සහගතව එවැනි අලංකාරය භාවිත කිරීමෙන් වැළකී සිටි නිසාද යන්න මම නිසැක ලෙස නොකියමි; එය මා නොදන්නා බව මම ප්රකාශ කරමි. කෙසේ වෙතත්, මම මෙය දනිමි. එනම්, මෙම සුසංයෝගී භාෂා කලාවේ දක්ෂයෙකු මෙම ලේඛකයන්ගේ අවසාන වාක්ය ගෙන (අර්ථය සමාන වචන සඳහා වචන ආදේශ කිරීමෙන් හෝ ඔහු පවතින වචන රඳවා තබා ගැනීම සහ ඒවායේ සැකැස්ම වෙනස් කිරීම මගින් ඔහුට එය ඉතා පහසුවෙන් කළ හැකිය), ඒවා සංහිඳියාවේ රීතියට අනුව සකස් කරන බවය. එසේ, මෙම දිව්යමය ආනුභාව ලත් කතුවරුන්ට ව්යාකරණවේදීන්ගේ සහ කථික විද්යාඥයින්ගේ ඉගැන්වීම්වල වැදගත් යයි සැලකෙන සියලුම ගුණාංග ඇති බව ඔහු වටහා ගනු ඇත. එපමණක්ද නොව, ඔහු ඒවා තුළ බොහෝ අලංකාර ප්රකාශන ආකාර රාශියක් සොයා ගනු ඇත – තවද අපේ භාෂාවෙන් පවා අලංකාර, එහෙත් මුල් භාෂාවෙන් විශේෂයෙන් ලස්සන වචන සොයා ගනු ඇත – ඔවුන් ඉතා ඉහළින් වර්ණනා කරන එම ලියවිලිවල ඒ කිසිවක් සොයාගත නොහැකිය. එහෙත් ඒකාබද්ධතාව එක් කිරීමට උත්සාහ කිරීමේදී, මෙම දිව්යමය හා අධිකාරිය ලත් ප්රකාශවල කිසි බරක් ඉවත් නොකිරීමට අප වගබලා ගත යුතුය. දැන් අපගේ අනාගතවක්තෘවරුන්ට අප කතා කරන මෙම සුසංයෝගය වඩාත් හොඳින් වටහාගත හැකි අත්යවශ්ය දැනුමක් තිබුණි. එය කොතරම්ද යත්, ඉතා උගත් විශාරදයෙකු වූ ජෙරොම් තුමා, අඩුම තරමින් හෙබ්රෙව් ග්රන්ථවල ඔවුන්ගෙන් සමහරක් අය භාවිත කරන අලංකාර විස්තර කරයි. කෙසේ වෙතත්, ඔවුන්ගේ වචනවල නිවැරදි පරිවර්තනය සහතික කිරීම සඳහා, ඔහු තම පරිවර්තනයේ මේවා හොඳින් භාවිත කර නැත. කෙසේ වෙතත්, මම (මගේම හැඟීම් ගැන කතා කරන කල, එය අන් අයට වඩා මා හොඳින් දන්නා අතර අන් අයගේ හැඟීම්වලට වඩා මම එය හොඳින් දනිමි) මගේ කතාවේ සුසංයෝගී අවසානයන් නොසලකා හරින්නේ නැතත්, එය නිහතමානීව සිදු කිරීමට මම උත්සාහ කරමි. පූජනීය කර්තෘවරුන්ගේ කෘතිවලදී ඒවා ඉතා කලාතුරකින් සොයා ගැනීමට ලැබීම ගැන මම සතුටු වෙමි.
42. ප්රතාපවත් කථන විලාසය දැන් කතා කළ මධ්යස්ථ විලාසයට වඩා වෙනස් වේ, ඒ ප්රධාන වශයෙන් එය වාචික අලංකාර මත අඩුවෙන් රඳා පවතින අතර එය මානසික හැඟීම් මගින් ප්රබලත්වයට පත් වන නිසාය. එය ඇත්ත වශයෙන්ම, එම කථන විලාසයට සමාන ශෛලියේ සියලුම අලංකාර භාවිත කරයි; එහෙත් ඒවා නොමැති නම් එය සක්රීයව සොයන්නේ නැත. මෙම විලාසය එහිම තීව්රතාවයෙන් මෙහෙයවනු ලබයි. එසේම අදහස්වල බලය මිස අලංකාර සඳහා ඇති ආශාවෙන් නොවේ, එය මුහුණ දෙන ඕනෑම ආකර්ෂණීය ප්රකාශනයක් අනුගමනය කිරීමට එය පොලඹවයි. චිත්තවේගයේ තීව්රතාවය ස්වභාවයෙන්ම සුදුසු වචන යෝජනා කිරීම සෑහේ. එවිට කථනය ප්රවේශමෙන් විස්තාරණය කිරීමෙන් ඒවා තෝරා ගත යුතු නැත. නිර්භීත මිනිසෙකු රන් හා ආභරණවලින් සරසන ලද ආයුධවලින් සන්නද්ධව සිටී නම්, ඔහු යුද්ධයේ උණුසුමෙහි එම ආයුධවලින් වීර වික්රමයන් කරන්නේ ඒවා මිල අධික නිසා නොව, ඒවා ආයුධ වන නිසාය. කෝපය නිසා ඔහු පොළොවෙන් හාරා සොයාගත් ආයුධයක් ඔහුට සපයා දෙන විට පවා එම මිනිසා තවමත් විශිෂ්ට දස්කම් පායි. පහත දැක්වෙන කොටසේ අපොස්තුළු තුමා මෙසේ ඉල්ලා සිටියි. එනම් ශුභාරංචියේ දේවසේවය උදෙසාත්, දෙවියන් වහන්සේගේ කරුණාවේ සැනසීම නිසාත්, අප මේ ජීවිතයේ සියලු නපුරුකම් ඉවසීමෙන් දරා සිටිය යුතු බවයි. මෙය ගැඹුරු මාතෘකාවකි, එසේම එය බලවත් ලෙස දක්වා ඇත, එහිදී කථනයේ අලංකාර අවශ්ය නැත: මෙන්න, දැන් පිළිගත යුතුවූ කාලයය; මෙන්න, දැන් ගැලවීමේ දවසය. අපගේ සේවයට දෝෂ නොපැමිණෙන පිණිස, කිසිවකින් බාධාවට කිසි ප්රස්තාවක් නොදී, බොහෝ ඉවසීමෙන්ද පීඩාවලින්ද හිඟකම්වලින්ද විපත්තිවලින්ද, පහරකෑම්වලින්ද හිරඅඩස්සිවීම්වලින්ද කෝලාහලවලින්ද වෙහෙසවලින්ද නිදිමැරීම්වලින්ද නිරාහාරව සිටීම්වලින්ද; පිරිසිදුකමින්ද දැනගැන්මෙන්ද ඉවසිලිවන්තකමින්ද ගුණවත්කමින්ද ශුද්ධාත්මයෙන්ද අවංක ප්රේමයෙන්ද; සත්යතාවේ වචනයෙන්ද දෙවියන් වහන්සේගේ බලයෙන්ද දකුණෙහිත් වමෙහිත් ධර්මිෂ්ඨකම නමැති සන්නාහය කරණකොටගෙනද, ගෞරවය සහ අගෞරවය කරණකොටගෙනද, අපකීර්තිය සහ කීර්තිය කරණකොටගෙනද, වංචාකාරයන් මෙන් පෙනෙන නුමුත් සත්යවාදී අය මෙන්ද; නාඳුනනු ලබන්නන් මෙන් පෙනෙන නුමුත් හොඳට අඳුනනු ලබන්නන් මෙන්ද, මැරෙන්නාක්මෙන් පෙනෙන නුමුත්, බලව, ජීවත්වෙන්නන් මෙන්ද, දඬුවම් ලබන්නාක්මෙන් පෙනෙන නුමුත් මරනු නොලබන්නන් මෙන්ද; ශෝකවෙන්නන් මෙන් පෙනෙන නුමුත් නිතර ප්රීතිවෙන්නන් මෙන්ද, දිළින්දන් මෙන් පෙනෙන නුමුත් බොහෝ දෙනෙක් ධනවන්ත කරන්නන් මෙන්ද, කිසිවක් නැත්තන්මෙන් පෙනෙන නුමුත් සියල්ල ඇත්තවුන් මෙන්ද යන මේ සියල්ලෙන් අපි දෙවියන් වහන්සේගේ සේවකයන් මෙන් අපම පිළිගන්වමුව – 2 කොරින්ති 6:2-10. ඔහු තවමත් දැවෙන ආකාරය බලන්න: එම්බා කොරින්තිවරුනි, අපේ මුඛය නුඹලාට කථාකරන පිණිස ඇරී තිබේ, අපේ සිත විශාලවී තිබේ.
43. ඒ ආකාරයෙන්ම, රෝමවරුන්ට ලියමින්, දෙවියන් වහන්සේගේ උපකාරය මත විශ්වාසය තබා, මේ ලෝකයේ පීඩා ප්රේමයෙන් ජය ගත යුතු බව ඔහු ඉල්ලා සිටියි. ඔහු මෙම මාතෘකාවට ප්රවේශ වන්නේ බලය සහ අලංකාරය යන දෙකම සමගිනි: තවද දෙවියන් වහන්සේට ප්රේමකරන්නන්ට, එනම් උන් වහන්සේගේ අභිප්රාය ලෙස කැඳවනු ලැබූවන්ට, සියලු දේම යහපත පිණිස එකට ක්රියාකරන බව අපි දනිමුව. මක්නිසාද උන් වහන්සේ පූර්වයෙන් ඇඳිනගත්තවුන් තමන් වහන්සේගේ පුත්රයා බොහෝ සහෝදරයන් අතරේ කුලුඳුලා වන පිණිස ඒ පුත්රයාගේ ස්වරූපයට සමානවෙන්ට පූර්වයෙන් නියමකළසේක. පූර්වයෙන් නියමකළවුන් උන් වහන්සේ කැඳවාගත්සේක. කැඳවාගත්තවුන් උන් වහන්සේ ධර්මිෂ්ඨකළසේක. ධර්මිෂ්ඨකළ අය උන් වහන්සේ මහිමයට පැමිණෙවුසේක. එසේවී නම් මේ කාරණා ගැන කුමක් කියමුද? දෙවියන් වහන්සේ අපේ පක්ෂයට සිටිනසේක් නම්, අපට විරුද්ධවෙන්නේ කවුද? තමන් වහන්සේගේම පුත්රයා ඉතුරුකර නොගෙන අප සියල්ලන් උදෙසා පාවාදුන්නාවූ තැනන් වහන්සේ පුත්රයා ඇතුළුව අනිකුත් සියල්ල අපට නොදෙන්නේ කෙසේද? දෙවියන් වහන්සේ තෝරාගනු ලැබූවන්ට වරද තබන්නේ කවුද? ධර්මිෂ්ඨකරන්නේ දෙවියන් වහන්සේය; වරදට පත්කරන්නේ කවුද? මැරුණෙත්, ඒ ඇර මළවුන්ගෙන් නැගුටුවනු ලැබුවෙත්, දෙවියන් වහන්සේගේ දකුණු පැත්තෙහි සිට අප උදෙසා මැදහත්කම් කරන්නෙත් ක්රිස්තුස්වහන්සේය. ක්රිස්තුස්වහන්සේගේගේ ප්රේමයෙන් අප වෙන්කරන්නේ කවුද? විපතවත්, සිත් වේදනාවවත්, පීඩාවවත්, දුර්භීක්ෂයවත්, නිර්වස්ත්රකමවත්, උපද්රවයවත්, කඩුවවත් අප වෙන්කරන්නේද? ඒ හැටියට, දවස මුළුල්ලේ ඔබ නිසා අපි මරනු ලබමුව; මරණයට නියමකළ බැටළුවන් මෙන් ගණන්ගනු ලැබුවෙමුයයි ලියා තිබේ. නුමුත් අපට ප්රේමකළාවූ තැනන් වහන්සේ කරණකොටගෙන අපි මේ සියල්ලේදී අතිශයින්ම ජය ගන්නෝ වමුව. මක්නිසාද මරණයටවත්, ජීවනයටවත්, දූතයන්ටවත්, අධිපතිකම්වලටවත්, දැන් පවතින දේවලටවත්, මතු පැමිණෙන දේවලටවත්, පරාක්රමවලටවත්, උසටවත්, ගැඹුරටවත්, අන් කිසි මැවිල්ලකටවත්, අපගේ ස්වාමිවූ යේසුස් ක්රිස්තුස්වහන්සේ තුළ ඇත්තාවූ දෙවියන් වහන්සේගේ ප්රේමයෙන් අප වෙන්කරන්ට නොහැකිවන්නේයයි ඒකාන්තයෙන්ම දනිමි. රෝම 8:28-39.
44. නැවතත්, ගලාතිවරුන් ආමන්ත්රණය කරන විට, එය සෞම්ය කථිකත්වයකට නැඟුණු අවසානයේදී හැරුණුකොට, මුළු ලිපියම සංයමයකින් යුක්තව රචනා කර ඇත. එහෙත් කලින් සඳහන් කළ ඡේදවල දක්නට ලැබෙන අලංකාර සහ ශෛලීය සැරසිලි නොමැති වුවද, මෙම පාඨය තුළ, ඔහු එවැනි ගැඹුරු හැඟීම්වලින් පිරුණු කොටසක් ඇතුළත් කරයි. එය විස්තර කළ හැක්කේ සැබවින්ම බලවත් ලෙස පමණි: නුඹලා දවස්ද මාසද කාලවල්ද අවුරුදුද සලකන්නහුය. සමහරවිට නුඹලා උදෙසා මා දැරූ වෙහෙස නිෂ්ඵලවේදෝ කියා නුඹලා ගැන භයවෙමි. සහෝදරයෙනි, මා නුඹලා මෙන් සිටින බැවින්, නුඹලාත් මා ලෙස සිටිනමෙන් නුඹලාගෙන් ඉල්ලමි. නුඹලා මට කිසි වැරැද්දක් කළේ නැත. මාංසයේ දුර්වලකමක් නිසා පළමුකොට මා නුඹලාට ශුභාරංචිය ප්රකාශකළ හැටි නුඹලා දන්නහුය. මාගේ මාංසය සම්බන්ධයෙන් නුඹලාට පරීක්ෂාවක්ව තිබුණු දේ නුඹලා සුළුකළේවත් එපා කළේවත් නැතුව, දෙවියන් වහන්සේගේ දූතයෙකු මෙන්ද, එසේය, ක්රිස්තුස් යේසුස්වහන්සේ මෙන්ද මා පිළිගත් බව නුඹලා දන්නහුය. එසේවී නම් නුඹලාට තිබුණු ඒ ප්රීතිය කොයිද? මක්නිසාද පුළුවන්නම් නුඹලාගේ ඇස් උගුලා මට දෙන්ට පවා නුඹලා කැමතිව සිටිය බවට නුඹලා ගැන සාක්ෂිදෙමි. එසේවී නම් මම නුඹලාට සැබෑව කියන බැවින් නුඹලාට සතුරෙක් වී සිටිම්ද? ඔවුන් නුඹලා ගැන ජ්වලිතව සිටින්නේ යහපත් ආකාරයෙන් නොවේය. නුමුත් අනික් අතට නුඹලා ඔවුන් ගැන ජ්වලිතවන පිණිස නුඹලා අපෙන් වෙන්කරගන්ට ඔව්හු ආශාවෙති. නුමුත් මා නුඹලා ළඟ සිටින කල පමණක් නොව නිතරම, යහපත් කාරණයකදී, ජ්වලිතලෙස සොයනු ලැබීම යහපත. මාගේ දරුවෙනි, ක්රිස්තුස්වහන්සේ නුඹලා තුළ සෑදෙන තුරු නුඹලා නිසා නැවත ප්රසවවේදනා විඳිමි. එසේය, පුළුවන් නම් දැන් නුඹලා ළඟ සිටින්ටද වෙන ආකාරයකින් කථාකරන්ටද කැමැත්තෙමි; මක්නිසාද නුඹලා ගැන වියවුල්ව සිටිමි. ගලාති 4:10-20 මෙහි පරස්පර ලෙස තබා ඇති විරුද්ධ වචන තිබේද, නැතිනම් නැවත නැවතත් දැක්වෙන වාක්ය ඛණ්ඩ සහ කොටස් මෙන්ම කාල පරිච්ඡේද ක්රමානුකූලව උච්චස්ථානයකට ගොඩනැගී තිබේද? එහෙත්, එසේ තිබියදීත්, වාචිකත්වයේ උද්යෝගය අපට දැනීමට සලස්වන ප්රබල චිත්තවේගීය බැබළීමක් තිබේ.
21 වන පරිච්ඡේදය – සභාවේ ගුරුවරුන්ගෙන්, විශේෂයෙන් ඇම්බ්රෝස් තුමා සහ සයිප්රියන් තුමාගෙන් ලබා ගත් විවිධ ශෛලීන් සඳහා වන නිදසුන්.
45. එහෙත් මෙම අපෝස්තුළුවරුන්ගේ ලියවිලි පැහැදිලි වුවද, ඉතා ගැඹුරු අර්ථවත් බවින් යුතුය. එසේ ඒවා ලියා ඇත්තේ හුදෙක් මතුපිටින් කියවා සෑහීමට පත් නොවන එහෙත් ඒවා හොඳින් දැන ගැනීමට ආශාවක් ඇති කෙනෙකුට ඒවා කියවා ඇසීමට පමණක් නොව, අර්ථකථනය කිරීම සහිතව කියවීමටයි. එසේ නම් ශුද්ධලියවිල්ල කියවීමෙන් දිව්යමය සහ මිදීමේ සත්යය පිළිබඳ දැනුම ලබාගෙන ඇති මෙන්ම එය සභාව සමග බෙදාගත් මිනිසුන්ගේ ලේඛනවලින් පෙන්නුම් කරන පරිදි, අපි මෙම විවිධ කථන ශෛලීන්, අධ්යයනය කරමු. ආශීර්වාද ලත් සයිප්රියන් තුමා කුසලානයේ සක්රමේන්තුව පිළිබඳ ඔහුගේ නිබන්ධනයේ ලියන්නේ සන්සුන්ව හා සංයමයේ ශෛලියෙන් ලියයි. මෙම පොතේ ඔහු ස්වාමින් වහන්සේගේ කුසලානෙහි තිබිය යුත්තේ ජලය පමණක්ද, එසේ නැතිනම් මිදියුෂ සමග මිශ්ර වූ ජලය තිබිය යුතුද යන ගැටලුව ආමන්ත්රණය කරයි. එහෙත් අප නිදසුනක් දැක්වීම සඳහා උපුටා ගැනීමක් දැක්විය යුතුය. චාරිත්රානුකූල හැඳින්වීමෙන් පසුව, ඔහු අදාළ කාරණය පිළිබඳ සාකච්ඡාව ආරම්භ කරයි. ඔහු එහිදී මෙසේ පවසයි. කුසලානය ඉදිරිපත් කිරීමේදී ස්වාමින් වහන්සේගෙන් අපට ලබා ලැබී ඇති චාරිත්රය පවත්වා ගැනීමටත්, අපගේ ස්වාමින් වහන්සේගේ ආදර්ශයට අමතරව කිසිවක් සිදු නොකිරීමටත් අපට උපදෙස් ලබා දෙයි: ඒ නිසා උන්වහන්සේ සිහිකර පූජා කරන කුසලානය මිදියුෂ සමග මිශ්ර විය යුතුය. මන්ද, ක්රිස්තුස් වහන්සේ, මම සැබෑ වූ මිදි වැලය – යොහන් 15:1 යනුවෙන් ප්රකාශ කරන බැවිනි. ක්රිස්තුස් වහන්සේගේ රුධිරය මිදියුෂ මිස ජලය නොවන බව එයින් ඇඟවේ. එසේම එහි මිදියුෂ නොමැති නම්, කුසලානයට අප මුදාගෙන ජීවනයට ගෙනා උන් වහන්සේගේ රුධිරය අන්තර්ගත බව පෙනෙන්නට නොහැකිය. මන්ද ශුද්ධලියවිල්ලේ සියලුම උපමා සහ ප්රකාශයකම පෙරනිමිති සහ ප්රකාශ කරන රුධිරය ගත් කල, මිදියුෂ ක්රිස්තුස් වහන්සේගේ රුධිරය සඳහා සංකේතයක් ලෙස සේවය කරන බැවිනි. මන්ද සක්රමේන්තුව සම්බන්ධයෙන් මෙම තත්වයම පුරෝකථනය කර ඇති උත්පත්ති පොතේදී අපට එය දක්නට ලැබේ. එහි නෝවා මිදියුෂ පානය කළ අවස්ථාවේදී අපගේ ස්වාමින්වහන්සේගේ දුක් වේදනා සංකේතාත්මකව නිරූපණය කර ඇත. ඔහු බීමත්ව සිටි අතර, ඔහුගේ කූඩාරම තුළ නිරුවතින් සිටියේය. එසේ ඔහුගේ නිරුවත ඔහුගේ දෙවන පුතා විසින් එළිදරව් කරන ලදී. එහෙත් ඔහුගේ වැඩිමහල් පුතා සහ බාල පුතා යන අය ඔහු පරිස්සමින් සැඟවූහ – උත්පත්ති 9:20-24. මෙහිදී අනෙකුත් සිදුවීම් විස්තරාත්මකව සඳහන් කිරීම අවශ්ය නොවන අතර, මෙම කරුණ කෙරෙහි පමණක් අවධානය යොමු කිරීම අවශ්ය වේ. එනම් නෝවා, අනාගත යථාර්ථය සංකේතවත් කරමින්, ජලය නොව මිදියුෂ පානය කළ බවය. මෙසේ අපගේ ස්වාමීන් වහන්සේගේ දුක්විඳීම පෙන්නුම් කළේය. ආකාරයෙන්ම, පූජක මෙල්කිසදෙක් සම්බන්ධයෙන් ගත් කල ස්වාමින් වහන්සේගේ රාත්රී භෝජන සංග්රහය පූර්වාදර්ශයට ගෙන ඇති බව අපි දකිමු. ශුද්ධලියවිල්ලෙහි සාක්ෂි ඇති ආකාරයට, එහි මෙසේ සඳහන් වේ: සාලෙම්හි රජවූ මෙල්කිසදෙක් රොටි හා මුද්රිකපානය ගෙනායේය. හෙතෙම මහෝත්තම දෙවියන්වහන්සේගේ පූජකයා විය. ඔහු ආබ්රම්ට ආශීර්වාද කළේය – උත්පත්ති 14:18-19. දැන්, එම මෙල්කිසදෙක් ක්රිස්තුස් වහන්සේගේ වර්ගයකි, එනම් ක්රිස්තුස් වහන්සේ සංකේතවත් කරයි. ශුද්ධාත්මයාණන් වහන්සේ ගීතාවලියෙහි මෙසේ ප්රකාශ කරන සේක. එහිදී පියාණන් වහන්සේ පුත්රයාණන් වහන්සේ අමතමින් මෙසේ පවසන සේක: ඔබ මෙල්කිසදෙක්ගේ නියෝගයෙන් සදහටම පූජකයෙකුව සිටින්නෙහිය. මෙම කොටසේ සහ පසුව ඇති ලේඛනය පුරාවටම, පාඨකයාට පහසුවෙන්ම තෘප්තිමත් විය හැකි ආකාරයට යටපත් වූ ශෛලිය, සංසුන් ශෛලිය පවත්වා ගෙන යනු ලැබේ.
46. ශාන්ත අම්බ්රෝස් තුමාද, පියාණන් වහන්සේ සහ පුත්රයාණන් වහන්සේ සමග වන ශුද්ධාත්මයාණන් වහන්සේගේ සමානාත්මතාවය, සම්බන්ධ ඉතා වැදගත් ප්රශ්නයක් පිළිබඳ කටයුතු කළද, යටපත් වූ ශෛලිය භාවිත කරයි. මන්ද ඔහුගේ අරමුණට වාචිකත්වයේ අලංකාරය හෝ චිත්තවේගීය කැලඹීමෙන් හැඟීම්වලට ආයාචනා කිරීම හෝ නොව, කරුණු සහ සාක්ෂි ඉදිරිපත් කිරීම අවශ්ය වන බැවිනි. ඒ අනුව, ඔහුගේ කෘතියේ හැඳින්වීමේදී, අනෙක් ඒවා සමග පහත සඳහන් උපුටනය අපට හමු වේ: ගිඩියොන් මිනිසුන් දහස් ගණනක් අසමත් වුවද, එක් මිනිසෙකු මාර්ගයෙන් දෙවියන් වහන්සේ තම සෙනඟ ඔවුන්ගේ සතුරන්ගෙන් ගලවා ගන්නා බවට වන දෙවියන් වහන්සේසේ පණිවිඩය අසා තැතිගත් විට, ඔහු එළු පැටවෙකු ගෙනැවිත්, දේවදූතයාගේ මඟ පෙන්වීම අනුව මුහුන් නොදැමූ රොටි ගල පිට තබා ඒ මත හොදි වත් කළේය. දෙවියන් වහන්සේගේ දූතයා තමාගේ අතේ තිබූ සැරයටියේ කෙළවරින් එය ස්පර්ශ කළ විගසම පර්වතයෙන් ගින්නක් නැඟී පූජාව දවා දමනු ලැබිණි – විනිශ්චයකාරයාගේ පොත 6:14-21. දැන් මෙම සිදුවීම සංකේතවත් කරන්නේ පර්වතය ක්රිස්තුස් වහන්සේගේ ශරීරය නියෝජනය කරන බවයි. මන්ද, මක්නිසාද ඔව්හු තමුන් අනුව ගියාවූ ආත්මික පර්වතයකින් බීවෝය. ඒ පර්වතය නම් ක්රිස්තුස්වහන්සේය, 1 කොරින්ති:10.4 යනුවෙන් ලියා ඇත. ඇත්ත වශයෙන්ම, මෙය ක්රිස්තුස් වහන්සේගේ දිව්යමය ස්වභාවයට නොව උන් වහන්සේගේ මාංසයට යොමු කෙරෙයි. උන් වහන්සේගේ සදාකාලික ලේ උල්පත උන් වහන්සේ කෙරෙහි පිපාසයෙන් පෙළෙන ජනතාවගේ හදවත් තෘප්තිමත් කර ඇත. යේසුස් ස්වාමින් වහන්සේ කුරුසියේ ඇණ ගසනු ලැබූ විට, මුළු ලෝකයේම පාපයන්, ඔවුන්ගේ වැරදි ක්රියා පමණක් නොව, ඔවුන්ගේ සිත්වල නපුරු ආශාවන්ද උන් වහන්සේගේ මාංසයෙන් ඉවත් කළ යුතු බව එකල අබිරහසක් ලෙස ප්රකාශ කරන ලදී. මන්ද, එළු පැටවාගේ මස්වලින් අදහස් කරන්නේ බාහිර ක්රියාවේ වැරදි වේ, හොද්ද අභ්යන්තර පරීක්ෂාවන් සහ ආශාවන් සංකේතවත් කරයි. ශුද්ධලියවිල්ලෙහි මෙසේ ලියා ඇත, තවද ඔවුන් අතරේ සිටිය මිශ්ර සමූහයා තෘෂ්ණාවට වැටුණේය. ඉශ්රායෙල් පුත්රයෝ නැවත හඬා: අපට කන්ට මස්දෙන්නේ කවුද? යයි ඇසූහ – ගණන් කතාව 11:4. එවිට ස්වාමීන්වහන්සේගේ දූතයා තමාගේ අතේ තිබුණු සැරයටියේ අග දිගුකොට මස්වලටත් මුහුන් නොදැමූ රොටිවලටත් තට්ටු කෙළේය; එවිට පර්වතයෙන් ගිනි මතුවී මස්ද මුහුන් නොදැමූ රොටිද දවාදැමුවේය. මෙය දෙවියන් වහන්සේගේ ආත්මයෙන් පිරුණු අපගේ ස්වාමින් වහන්සේගේ මාංසය මනුෂ්ය වර්ගයාගේ සියලු පාප දවා දැමිය යුතු බවට සලකුණක් විය. මේ අනුව, අපගේ ස්වාමින් වහන්සේද මෙසේ පැවසූ සේක. මම පොළොව ගිනි ලන පිණිස ආවෙමි – ලූක් 12:49. එම ශෛලියම භාවිත කරමින්, ප්රධාන වශයෙන් තම අදහස ඔප්පු කිරීමට සහ ශක්තිමත් කිරීමට දිගටම අවධානය යොමු කරමින් කැපවී සිටී.
47. සිප්රියන් තුමාගේ මධ්යස්ථ සන්සුන් ශෛලියට උදාහරණයක් වන්නේ කන්යාභාවය පිළිබඳ කීර්තිමත් වර්ණනාවයි. දැන් අපගේ කතිකාව ආමන්ත්රණය කරන්නේ කන්යාවන් කෙරෙහි වන අතර, ඔවුන් උසස් ගෞරවනීය වස්තූන් වන බැවින්, වැඩි අවධානයක් අවශ්ය වන වස්තූන්ද වේ. ඔවුහු සභාව නමැති ගසෙහි මල් වෙති, ආත්මික කරුණා අනුග්රහයේ මහිමය සහ ආභරණය වෙති, ගෞරවය හා ප්රශංසාවේ ප්රීතිය වෙති, නොකැඩුණු හා නොකැළැල් වූ කාර්යයක් වෙති, දෙවියන් වහන්සේගේ ශුද්ධකම පිළිබිඹු කරන දෙවියන් වහන්සේගේ ස්වරූපය වෙති, ක්රිස්තුස් වහන්සේගේ රැළේ දීප්තිමත් කොටස වෙති. ඔවුන්ගේ මවගේ මහිමාන්විත සඵලත්වය, එනම් සභාව ඔවුන් තුළ ප්රීති වෙයි. එසේම ඔවුන් තුළ වඩාත් බහුල ලෙස සමෘද්ධියට පත් වෙයි; ඇගේ ගණනට දීප්තිමත් කන්යාභාවය එකතු වන ප්රමාණයට සමානුපාතිකව මවගේ ප්රීතියද වැඩි වේ. තවද ලිපියේ අවසානයේ තවත් ස්ථානයක ඔහු මෙසේ පවසයි. අපි භූමිකවූ තැනැත්තාගේ රූපය දැරුවා සේම ස්වර්ගීක තැනැත්තාගේ රූපයද දරන්නෙමුව 1 කොරින්ති 15:49. කන්යාභාවය මෙම ස්වරූපය දරයි, ඍජු බව එය දරයි, ශුද්ධකම සහ සත්යය එය දරයි; ස්වාමින් වහන්සේගේ හික්මවීම ගැන සිහියෙන් සිටින, යුක්තිය හා භක්තිය රකින, ඇදහිල්ලෙන් ශක්තිමත්, බියෙන් නිහතමානී, දුක් විඳ දරාගැනීමේ ස්ථිර වූ, තුවාල විඳ දරාගැනීමේදී නිහතමානී, අනුකම්පා කිරීමට සූදානම්, එක සිතින් සිටින සහ සහෝදර සමාදානයෙන් සිටින අය මෙම ගුණාංග පිළිබිඹු කරති. ශුද්ධ වූ කන්යාවනි, දෙවියන් වහන්සේ සහ ක්රිස්තුස් වහන්සේ උදෙසා විවේකී හදවත් ඇති, වඩා හොඳ හා වඩා හොඳ කොටස තෝරාගෙන, ස්වාමින් වහන්සේ වෙතට මඟ පෙන්වන ශුද්ධ වූ කන්යාවනි, ඔබගේ හදවත් දෙවියන් වහන්සේට සහ ක්රිස්තුස් වහන්සේට කැප කර, උසස් හා වඩා හොඳ මාර්ගය තෝරාගෙන ඇති ඔබ මේ සෑම ගුණයක්ම පැවැත්විය යුතුය, ඒවා අගය කළ යුතුය, ඒවා ඉටු කළ යුතුය. ඔබ ඔබගේ දිවිරීම ලබා දුන් ස්වාමින් වහන්සේ වෙත අන් අයට මඟ පෙන්වන්න. වයසින් වැඩි ඔබ, බාල අයට මඟ පෙන්විය යුතුය. තරුණ ඔබ, වැඩිහිටියන්ට සේවය කරන්න, ඔබේ සම වයසේ අය දිරිමත් කරන්න. අන්යෝන්ය අනුශාසනා මගින් එකිනෙකා පොලඹවන්න. සුචරිත ක්රියාවන් පිළිබඳ උදාහරණ තුළින් ගෞරවය සෙවීමට එකිනෙකා පොලඹවන්න. නිර්භීතව විඳ දරාගන්න, ආත්මික දියුණුව ඇති කරගන්න, ප්රීතියෙන් ඔබේ මාර්ගය සම්පූර්ණ කරන්න. ඔබේ කන්යාභාවය එහි ගෞරවයේ විපාකය නෙළා ගැනීමට පටන් ගන්නා විට පමණක් අප මතක තබා ගන්න.
48. අන්යයන්ට අනුකරණය කිරීමට ආදර්ශයක් ලෙස තම වෘත්තිය වැලඳගත් කන්යාවන් ඉදිරිපත් කිරීමේදීද ඇම්බ්රෝස් තුමා මධ්යස්ථ සහ විසිතුරු ශෛලිය යොදා ගන්නා අතර ඔහු මෙසේ පවසයි. ඇය ශරීරයෙන් පමණක් නොව සිතුවිලිවලින්ද කන්යාවක් වූවාය. ඇය තම ආදරයේ පාරිශුද්ධභාවය වංකකමෙන් කිලිටි කළේ නැත. ඇය බැරෑරුම් ලෙස කතා කළාය. විචක්ෂණශීලී ස්වභාවයෙන් යුක්ත වූවාය; වචන පරිස්සමින් තෝරාගෙන කතා කළාය; ඉගෙනීමෙන් සතුටක් ලැබුවාය. ඇය අස්ථාවර ධනය මත විශ්වාසය නොතැබූ නමුත් දුප්පතුන්ගේ යාච්ඤාව කෙරෙහි විශ්වාසය තැබුවාය. වෙහෙස මහන්සි වී වැඩ කළාය; ගෞරවාන්විතව කතා කළාය; ඇගේ හෘදයසාක්ෂියේ මාර්ගෝපදේශකයා ලෙස මිනිසා නොව දෙවියන් වහන්සේ දෙස බැලීමට පුරුදු වී ඇත; කිසිවකුටත් හානි නොකර, සියලු දෙනාටම යහපතක් ප්රාර්ථනා කළාය; ඇගේ වැඩිහිටියන්ට යුතුකම් ඉටු කළාය, ඇයගේ තරාතිරමේ අයට ඊර්ෂ්යා නොකළාය; පුරසාරම් දෙඩීමෙන් වැළකුණාය, තර්කානුකූලව ජීවත් වූවාය, ගුණධර්මවලට ඇලුම් කළාය. ඇය තම දෙමාපියන්ට බැල්මකින්වත් රිදවූයේ කවදාද? ඇය අසල්වැසියන් සමඟ රණ්ඩු වූයේ කවදාද? ඇය නිහතමානී අය ප්රතික්ෂේප කළේ, දුර්වලයන් සමච්චලයට ලක් කළේ හෝ දුප්පත් අය මඟහැරියේ කවදාද? අනුකම්පාව නොලද, නිහතමානීකම පසුකර නොයන පිරිමින්ගේ හොල්මන් තැන් පමණක් බැලීමට ඇය පුරුදු වී සිටී. ඇය ගියේ අනුකම්පා කිරීම සම්බන්ධයෙන් අපහසුතාවක් ඇති නොකරන තරමට ගෞරවනීය පුද්ගලයින් හෝ ස්ථානවලට පමණි. ඇගේ බැල්ම කිසි විටෙක අහංකාර නොවීය, ඇගේ වචන කිසි විටෙකත් නිර්භීත නොවීය, ඇගේ ඉරියව් කිසි විටෙකත් නුසුදුසු නොවීය. ඇගේ පෙනුම නිහතමානී විය, ඇගේ චලනයන් සීමා විය, ඇගේ කටහඬ සන්සුන් හා ගෞරවනීය විය. ඒ නිසා ඇගේ බාහිර පෙනුම ඇගේ මනසේ ස්වරූපයක් වන අතර පාරිශුද්ධත්වයේ පින්තූරයකි. මන්ද හොඳ නිවසක් එළිපත්තේදීම එවැන්නක් බව පෙනෙන්නට තිබිය යුතුය. ඇතුළත තබා ඇති පහනක ආලෝකයෙන් වටපිටාව එළිය කරන්නාක් මෙන්, ඇතුළත අඳුරු බවක් නොමැති භක්තිවන්ත නිවසක් එහි දොරටුව අසලින්ම හඳුනාගත හැකි විය යුතුය. ආහාර ගැනීමේදී ඇයගේ අරපිරිමැස්ම සහ රාජකාරි සඳහා වන ඇයගේ අතිශය කැපවීම – ඇගේ ස්වාභාවික පැවැත්ම සඳහා අවශ්ය ප්රමාණයට වඩා අඩු ආහාර පරිභෝජනය එකකි, අනෙක, ස්වාභාවික සේවා මට්ටම ඉක්මවා වන සුවිශේෂී කැපවීමය – ගැන මා පැහැදිලි කළ යුත්තේ ඇයි? දෙවැන්නෙන් අදහස් කරන්නේ විරාමයකින් තොරව ඇයගේ රාජකාරි කටයුතු කළ බවයි. මුලින් කී දෙයින් ඇයගේ ආහාර අවශ්යතා සීමා කරමින් දින දීර්ඝ කරන නිරාහාරව සිටීමයි. එසේ පෝෂණයේ අවශ්යතාවය ඇයට දැනෙන විට, ඇය තම ජීවිතය පවත්වා ගැනීමට ප්රමාණවත් තරම් පමණක් අනුභව කරයි, එහෙත් ඒ ආහාර රුචිය තෘප්තිමත් කිරීමට නොවේය. දැන් මම මධ්යස්ථ ශෛලියේ උදාහරණ ලෙස මෙම අවසාන කොටස් උපුටා දැක්වුවෙමි. එයට හේතුව ඒවායෙහි අරමුණ කන්යාභාවයේ පොරොන්දුව ගැනීමට තවමත් කැපවී නැති අය පොලඹවා ගැනීම නොව, එහෙත් දැනටමත් දිවිරීම් කළ අයගේ චරිත ගුණාංග කෙසේ විය යුතුද යන්න නිරූපණය කිරීමය. එවැනි ස්වභාවයක් සහ ඉතා වැදගත් පියවරක් ගැනීමට ඕනෑම කෙනෙකුට ඒත්තු ගැන්වීමට, ඔවුන්ගේ මනස උද්යෝගිමත් කිරීම උදෙසා ප්රබල ශ්රේෂ්ඨ ශෛලිය මගින් ප්රබෝධවත් කිරීම අවශ්ය වේ. කෙසේ වෙතත්, වේදසාක්ෂික සයිප්රියන් තුමා කන්යාභාවය පිළිබඳ කැපවීම භාර ගැනීමට අන්යයන් පෙලඹවීම කෙරෙහි අවධානය යොමු කළේ නැත. ඒ වෙනුවට කන්යාවන් අඳින පලඳින ආකාරය සහ හැසිරිය යුතු ආකාරය ගැන අවධානය යොමු කර ඇත. එහෙත් ඒ ශ්රේෂ්ඨ රදගුරුතුමා මේ කාරණාවලදී පවා තම යුතුකම ඉටු කිරීමට ඔවුන්ගෙන් ඉල්ලා සිටින්නේ ප්රතාපවත් කථිකත්වයේ බලයෙනි.
49. එහෙත් මෙම ලේඛකයින් දෙදෙනාම එකම විෂයය සම්බන්ධයෙන් ඔවුන් දක්වා ඇති කාරණාවලින් මම ශ්රේෂ්ඨ ශෛලිය පිළිබඳ උදාහරණ තෝරා ගන්නෙමි. ඔවුන් දෙදෙනාම තම මුහුණු ආලේපනවලින් වර්ණ ගන්වන හෝ දුර්වර්ණ කරන කාන්තාවන් හෙළා දැක ඇත. පළමුවන ලේඛකයා, මෙම මාතෘකාව පිළිබඳ කටයුතු කිරීමේදී මෙසේ පවසයි: චිත්ර ශිල්පියෙකු මිනිසාගේ ලක්ෂණ, ස්වරූපය සහ පැහැය ග්රහණය කරගනිමින් ස්වභාවධර්මයේ දක්නට ලැබෙන ප්රාණවත් හා ජීවමාන වර්ණවලින් යුත් ප්රතිමූර්තියක් නිර්මාණය කළා යැයි සිතමු. එම මූර්තිය නිකැළැල් දක්ෂතාවයකින් නිම කළ පසුව, දැනටමත් අවසන් කර තිබෙන මූර්තිය තමාගේම උසස් දක්ෂතා තුළින් වැඩි දියුණු කිරීමට මෙන්, වෙනත් චිත්ර ශිල්පියෙකු එය මත අත් තබන්නේ නම්, පළමුවන කලාකරුවාට දැඩි ලෙස අපහාසයක් දැනෙනු ඇති බව නිසැකය. එසේම ඔහුගේ කෝපය සාධාරණ ලෙස අවිස්සනු ලබනවා ඇත. එසේ නම්, මහා කලාකරුවාණන් වහන්සේ වන දෙවියන් වහන්සේගේ මැවිල්ලට අගෞරව කරමින් මෙතරම් නිර්භීත දුෂ්ට ක්රියාවක් සිදු කර එයට දඬුවම් නොලබා ගැලවිය හැකි බව ඔබ සිතන්නෙහිද? මන්ද, ඔබ අන් අය කෙරෙහි ඔබේ හැසිරීම්වලදී අහංකාර නොවන අයෙකු බවත්, මෙම වංචාකාරී කපටිකමෙන් ඔබ මනස අපවිත්ර නොවී ඇති බවත් උපකල්පනය කරමු. එසේ වූවත්, දෙවියන් වහන්සේ විසින් නිර්මාණය කරන ලද දේ දූෂ්ය කිරීමෙන් හා උල්ලංඝණය කිරීමෙන්, ඔබ කාමමිථ්යාචාරය කරන කෙනෙකුට වඩා නරක අයෙකු බව ඔප්පු වේ. එවැනි කලාවන් තුළින් ඔබ උසස් වී හෝ අලංකාර වී ඇතැයි විශ්වාස කිරීම දෙවියන් වහන්සේගේ මැවීමේ කාර්යයට අභියෝගයකි. එසේම සත්යය උල්ලංඝනය කිරීමකි. ප්රේරිතවරයාගේ අනතුරු ඇඟවීමේ හඬට සවන් දෙන්න: ‘ මුහුන් නැත්තාවූ නුඹලා අලුත් පිඩක් වන පිණිස, පරණ මුහුන් පහකරන්න. කුමක්හෙයින්ද, අපගේ පාස්කුව, එනම් ක්රිස්තුස්වහන්සේ, යාගකරනලද්දේය. එබැවින් පරණ මුහුන්වලින්වත් ඊර්ෂ්යාවද දුෂ්ටකමද නැමති මුහුන්වලින්වත් නොව අවංකකමද සැබෑකමද නැමති මුහුන් නුමුසු රොටියෙන් මංගල්යය පවත්වමු.’ 1 කොරින්ති 5:7-8. දැන් අවංකකම දූෂිත වූ විටත්, ව්යාජ මවාපෑම්වලින් සහ ව්යාජයන්ගේ කූට උපක්රමවලින් යථාර්ථය බොරුවක් බවට පත් වූ විටත් අවංකකම සහ සත්යය දිගටම පැවතිය හැකිද? ඔබගේ ස්වාමින් වහන්සේගේ මෙසේ පවසන සේක, එක හිසකෙස් ගසක් සුදු කරන්නවත් කළු කරන්නවත් ඔබට බැරිය – මතෙව් 5:36. ඔබගේ ස්වාමින් වහන්සේගේ වදන් නිෂ්ප්රභ කිරීම පිණිස වැඩි බලයක් ලබා ගැනීමට ඔබ කැමතිද? කඩිමුඩියේ සහ නොසැලකිලිමත් අතින් ඔබේ හිසකෙස්වල වර්ණය ඔබ කැමැත්තෙන්ම වෙනස් කරන්නෙහිය. අනාගතය දෙස අනාවැකිමය බැල්මකින් බලා, ඔබ එය ගිනි දැල්ලේ වර්ණය සායම් කළ යුතු බව පවසන්නට මම කැමැත්තෙමි. පහත සඳහන් සියල්ල උපුටා දැක්වීමට බොහෝ කාලයක් ගතවනු ඇත.
50. අම්බ්රෝස් නැවතත් එවැනි පුරුදුවලට එරෙහිව විමර්ශනය කරමින් මෙසේ පවසයි: එබැවින් දුරාචාර හැසිරීමට තුඩු දෙන පෙලඹවීම් මේවාය. ගැහැනු අය, පිරිමින්ට තමන් ආකර්ශනීය නොවනු ඇති බවට බියෙන් පරෙස්සමින් තෝරාගත් වර්ණවලින් තම මුහුණුවල පාට ආලේප කරති. පසුව ඔවුන්ගේ මුහුණු මත ඇති පැල්ලම්වල සිට ඔවුන්ගේ නිර්මලකම මත පැල්ලම් ඇඳීම් දක්වා මෙය ගමන් කරයි. ස්වභාවධර්මයේ ලක්ෂණ කෘත්රිම පෙනුමක් බවට වෙනස් කිරීමත්, තම ස්වාමිපුරුෂයාගේ අප්රසාදයට ලක් වේ යැයි බියෙන්, තම අභිමානයට හානි කරගත් බව ප්රසිද්ධියේ පිළිගැනීමත් කෙතරම් අනුවණකමක්ද! මන්ද කාන්තාවක් ඇගේ ස්වාභාවික පෙනුම වෙනස් කිරීමට තීරණය කරන විට, ඇය තමාම හෙළා දැකීම ප්රකාශ කරයි; එසේම තවත් කෙනෙකු සතුටු කිරීමට ඇයගේ දැඩි උත්සාහය ඇය මුලින්ම තමාම පිළිගැනීමට අකමැති වූ බව ඔප්පු කරයි. අහෝ කාන්තාවනි, ස්වාභාවික ලෙස පෙනී සිටීමට ඇති ඔබේම බියට වඩා ඔබේ සුන්දරත්වය ගැන ඔබට විශ්වාසයක් නැති බවට තවත් සාක්ෂියක් තිබිය හැකිද? ඔබ රූමත් නම් ඔබ ඔබේ සුන්දරත්වය සඟවන්නේ ඇයි? ඔබේම හෘදයසාක්ෂියට අනුව හෝ වෙනත් කෙනෙකුගේ හෘදයසාක්ෂිය තුළ එවැනි රැවටීමකින් සතුටක් භුක්ති විඳිය නොහැකි විට, ඔබ සරල අයෙකු නම් ඔබ ලස්සන යැයි බොරුවට මවාපාන්නේ ඇයි? මිනිසෙක් වෙනත් ස්ත්රියකට ප්රේම කරයි, ඔබ තවත් පුරුෂයෙකු සතුටු කිරීමට කැමතිය. ඔහු ඔබ තුළ කාමමිථ්යාචාරය උගන්වා ඇතත්, ඔහු තවත් කෙනෙකුට ආදරය කරන්නේ නම් ඔබ කෝපයට පත් වේ. ඔබේ දුක් වේදනා හා හානියේ නපුරු ප්රේරකය ඔබමයි. මන්ද, අනාචාරයේ හැසිරෙන්නෙකුගේ ගොදුරක් වූ කාන්තාව පවා තමා අනාචාරයේ යෙදෙන්නියක් බවට පත්වීමෙන් වැළකී සිටියි. ඇය දුරාචාර ක්රියා කළත් ඇය පව් කරන්නේ තමාටම විරුද්ධව මිස අන් අයෙකුට විරුද්ධව නොවේය. කාමමිථ්යාචාරයේ අපරාධය ඔබගේ වරදට වඩා ඉවසිය හැකිය; මන්ද කාමමිථ්යාචාරය නිහතමානීකමට හානි කරයි, එහෙත් ඔබේ වරද ස්වභාවධර්මයට එරෙහිවය මෙම කථිකත්වයේ ශෛලිය ස්ත්රීන් ව්යාජ ක්රමවලින් තම පෙනුමට හානි කර ගැනීමෙන් වළකින ලෙසත්, නිහතමානිකම සහ බිය උපදවා ගන්නා ලෙසත් දැඩි ලෙස ඉල්ලා සිටින්නක් බව පැහැදිලි යයි මම සිතමි. ඒ අනුව, මෙය යටපත් හෝ මධ්යස්ථ ශෛලිය නොව, එය පුරාවටම ශ්රේෂ්ඨ ශෛලිය බව අපට පෙනේ. දැන් මා තෝරා ගත් කතුවරුන් දෙදෙනා දක්ෂ ලෙස හා අලංකාර ලෙස සත්යය කතා කිරීමට සහ එය ඵලදායී ලෙස – විචක්ෂණශීලීව, තියුණු ලෙස සහ අලංකාරයෙන් සහ ප්රකාශනයේ බලයෙන් – සන්නිවේදනය කිරීමට ඇති හැකියාව ගැන ප්රසිද්ධ වෙනත් සභා ලේඛකයින් නියෝජනය කරන නිදසුන් වේ. ඔවුන්ගේ ලේඛන සහ කතා පුරාවට කථන ශෛලීන් තුන සඳහා බොහෝ උදාහරණ සොයාගත හැකිය. කැපවූ ශිෂ්යයෙකුට ඔවුන්ගේ කෘති ප්රවේශමෙන් කියවා ඒවා ක්රියාශීලීව පුහුණු කිරීමෙන් මෙම ශෛලීන් පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා ගත හැකිය.
22 වන පරිච්ඡේදය – කථන ශෛලියේ විවිධත්වයේ අවශ්යතාව.
51. එහෙත් මෙම විවිධ කථන ශෛලීන් මිශ්ර කිරීම රීතියට පටහැනි යැයි අපි නොසිතමු: ඊට ප්රතිවිරුද්ධ ලෙසස, විවිධ වූ සැම කථන ශෛලියක්ම හොඳ රසයට අනුකූල වන පරිදි හඳුන්වා දිය යුතුය. මන්ද අප ඒකාකාරී ලෙස එකම ශෛලියකට පමණක් ඇලී සිටීමෙන්, අසන්නාගේ අවධානය රඳවා ගැනීමට අපට නොහැකි වේ. එහෙත් අපි එක් ශෛලියකින් තවත් ශෛලියකට ගමන් කරන විට, දේශනය වැඩි දිගක් දක්වා විහිදුණත්, එය වඩාත් අලංකාර ලෙස ගලා යයි. නැවතත්, සෑම වෙනස් ශෛලියකම අසන්නන්ගේ අවධානය සහ උනන්දුව පවත්වා ගැනීමට උපකාර වන ඒවායෙහිම වෙනස්කම් ඇත. කෙසේ වෙතත්, ශ්රේෂ්ඨ ශෛලියට සාපේක්ෂව යටපත් වූ ශෛලිය වෙනස් නොවී දිගු කාලයක් දරාගත හැකිය. ශ්රාවකයාගේ හැඟීම් අපගේ හැඟීම් සමග පෙළගැස්වීම සඳහා ඇවිස්සිය යුතු මානසික හැඟීම් ඇවිස්සීම සඳහා, එය ප්රමාණවත් ලෙස ක්රියාත්මක වූ පසු, එය මතු කරන තීව්රතාවය වැඩි වන තරමට එය කෙටි කාලය තුළ පවත්වා ගත හැකිය. එබැවින් අප උද්දීපනය කර ඇති චිත්තවේගීය තත්වය ඉහළ ස්ථානයකට ගෙන යාමට උත්සාහ කිරීමේදී, අප දැනටමත් පිහිටුවා ඇති සම්බන්ධතාවය නැති කර නොගන්නා ලෙස අප සැලකිලිමත් විය යුතුය. එහෙත් සංසුන් ශෛලියකින් ආමන්ත්රණය කළ යුතු කාරණය දැක්වීමෙන් පසුව, බලහත්කාරයෙන් කිව යුතු දෙය යහපත් බලපෑමක් ඇතිව නැවත යා හැකිය, එමඟින් කථික බව මුහුදේ රැලි මෙන් ස්වාභාවිකව ගලා යයි. මෙයින් කියවෙන්නේ, ශ්රේෂ්ඨ ශෛලිය, එය දිගු කලක් පවත්වා ගෙන යාමට නම්, එය වෙනස් නොවිය යුතු නමුත්, අනෙක් ශෛලීන් සමග විටින් විට මාරු කරමින් ගෙන යා යුතුය. කෙසේ වෙතත්, කථාව හෝ ලිවීම සමස්තයක් ලෙස පවතින ප්රමුඛ ශෛලිය වෙත නැඹුරු විය යුතුය.
23 වන පරිච්ඡේදය – විවිධ ශෛලීන් මිශ්ර කළ යුතු ආකාරය.
52. දැන් කුමන ශෛලියන් වෙනත් කුමන ශෛලිය සමග මිශ්ර කළ යුතුද සහ ඕනෑම විශේෂිත ශෛලියක් භාවිත කළ යුතු අවශ්ය ස්ථාන තීරණය කිරීම වැදගත් කරුණකි. නිදසුනක් ලෙස, ශ්රේෂ්ඨ ශෛලිය භාවිත කරන විට සාමාන්යයෙන් හෝ සෑම විටම පාහේ, හැඳින්වීම මධ්යස්ථ විය යුතුය. එමෙන්ම ශ්රේෂ්ඨ ශෛලිය භාවිතයට ඉඩ ඇති තැන්වල පවා යටපත් වූ ශෛලිය භාවිත කිරීමට කථිකයාට ඔහුගේ අභිමතය පරිදි තෝරා ගත හැකිය. එය සංසන්දනය කිරීමේදී ශ්රේෂ්ඨ ශෛලිය යටපත් වූ ශෛලියට වඩා වෙනස්ව වඩාත් විචිත්රවත් ලෙස කැපී පෙනේ. නැවතත්, කථනයේ හෝ ලිවීමේ ශෛලිය කුමක් වුවත්, දුෂ්කර හෝ සංකීර්ණ ප්රශ්න මතුවන සෑම අවස්ථාවකම වෙනසෙහි නිරවද්යතාවය අවශ්ය වන අතර මෙයට ස්වාභාවිකවම යටපත් වූ ශෛලිය භාවිත කිරීම අවශ්ය වේ. එබැවින් එම ආකාරයේ ප්රශ්න මතු වන සෑම අවස්ථාවකදීම මෙම ශෛලිය අනෙක් ශෛලීන් දෙක සමග ප්රත්යාවර්තව භාවිත කළ යුතුය. යම් නිශ්චිත ක්රියාවක් සඳහා කෙනෙකු හෙළා දැකීම, නිදොස් කිරීම හෝ ඒත්තු ගැන්වීමට උත්සාහ කිරීම වැනි කිසිදු සැඟවුණු චේතනාවකින් තොරව ප්රශංසා හෝ දොස් දොස් පැවරිය යුතු ඕනෑම අවස්ථාවක කතාවේ සමස්ත ස්වරය කුමක් වුවත්, මධ්යස්ථ ශෛලිය සැමවිටම භාවිත කළ යුතුය. ශ්රේෂ්ඨ ශෛලිය තුළ, සහ නිහඬ ශෛලිය තුළද ඒ හා සමානව, අනෙක් ශෛලීන් දෙක විටින් විට ඇතුළත් විය හැකිය. අනෙක් අතට, ඇත්ත වශයෙන්ම සන්සුන් ශෛලියට, සෑම විටම නොව, සමහර විට නිහඬ ශෛලිය අවශ්ය වේ; නිදසුනක් වශයෙන්, මා කලින් සඳහන් කළ පරිදි, ගැටලුකාරී ප්රශ්නයක් විසඳිය යුතු විට නැතිනම් අනෙකුත් විසිතුරු අංග වඩාත් ඵලදායී ලෙස කැපී පෙනෙන පරිදි ඇතැම් අලංකාර අංග චේතනාන්විතව සරලව තබා නිහඬ ශෛලියකින් ප්රකාශ කරන විට එය අවශ්ය වේ. එහෙත් සන්සුන් ශෛලියට කිසිම අවස්ථාවක ශ්රේෂ්ඨ ශෛලිය අවශ්ය නොවේය. මන්ද එහි පරමාර්ථය මනස තෘප්තිමත් කිරීම මිස කිසි විටෙක ප්රබල හැඟීම් ඇවිස්සීම නොවන නිසාය.
24 වන පරිච්ඡේදය – ශ්රේෂ්ඨ ශෛලිය මගින් ඇති කරන බලපෑම්.
53. කථිකයෙකුගේ කතාවෙන් පසුව නිතර නිතර හා දැඩි අත්පොළසන් හඬක් නැඟෙන්නේ නම්, ඔහු කතා කරන්නේ ශ්රේෂ්ඨ ශෛලියෙන් බව අප නොසිතිය යුතුය. මන්ද එවැනි ප්රතිචාර නිශ්ශබ්ද ශෛලියේ පැහැදිලි බව සහ නිරවද්යතාවය සහ මධ්යස්ථ ශෛලියේ අලංකාරය යන දෙකින්ම නිපදවනු ලැබේ. අනෙක් අතට, ශ්රේෂ්ඨ ශෛලිය එහි ආකර්ෂණීය බව මගින් ප්රේක්ෂකයින් නිහඬ කිරීමේ බලපෑමක් ඇති කරන අතරම කඳුළු සැලීම වැනි ගැඹුරු චිත්තවේගීය ප්රතිචාරද ඇති කරයි. නිදසුනක් වශයෙන්, මම මොරිටේනියාවේ සිසේරියාහි සිටියදී, කැටර්වා නම් ප්රචණ්ඩකාරී වාර්ෂික යුද්ධයේ නිරත වීමෙන් ජනතාව අධෛර්ය කිරීමට උත්සාහ කළෙමි (මන්ද මෙම යුද්ධයට පුරවැසියන් පමණක් නොව, අසල්වාසීන්, සහෝදරයන්, පියවරුන් සහ පුතුන් සම්බන්ධ වූ බැවින්, සෑම වසරකම දින කිහිපයක් ගල්වලින් ප්රතිවිරුද්ධ පාර්ශ්ව දෙකක් සමග සටන් කරන අතර, සහභාගී වූ සියලු දෙනා අසීමිත ලෙස ප්රචණ්ඩත්වය සිදු කළ බැවිනි). ගැඹුරින් මුල් බැසගත් මෙම ප්රචණ්ඩ චාරිත්රය ඔවුන්ගේ හදවත්වලින් මුලිනුපුටා දැමීමට සහ ඉවත් කිරීමට මට හැකි උපරිම ආශාවෙන් හා බලහත්කාරයෙන් මම කතා කළෙමි. කෙසේ වෙතත්, ඔවුන්ගේ අත්පොළසන් හඬ ඇසූ විට නොව, ඔවුන්ගේ කඳුළු දුටු විට මා බලපෑමක් කළ බව මම දැනගතිමි. මන්ද අත්පොළසන් දීමෙන් පෙන්නුම් කළේ ඔවුන් මගේ වචනවලින් උගත් බව හා සතුටු වූ බවයි. ඔවුන්ගේ කඳුළුවලින් පෙන්නුම් කළේ ඔවුන් චිත්තවේගීයව සසල වී වෙනස් වී ඇති බවයි. ඔවුන්ගේ කඳුළු දුටු විට (ඔවුන්ගේ මුතුන් මිත්තන්ගෙන් පැවත එන, ආක්රමණික සතුරෙකු මෙන් ඔවුන්ගේ හදවත් තදින් අල්ලාගෙන සිටි) මෙම බිහිසුණු හා ම්ලේච්ඡ චාරිත්රය අහෝසි වී ඇති බව ඔප්පු වීමටත් පෙර මට සහතික විය. තවද මාගේ දේශනාව අවසන් වූ විගසම, මම හදවතින් සහ හඬින් දෙවියන් වහන්සේට ප්රශංසා කිරීමටත් ස්තුති කිරීමටත් ඔවුන්ට ආරාධනා කළෙමි. ක්රිස්තුස් වහන්සේගේ ආශිර්වාදයෙන් එම ස්ථානයේ නැවත එවැනි ප්රචණ්ඩ ක්රියාවක් සිදු නොවී දැනට වසර අටක් හෝ ඊට වැඩි කාලයක් ගත වී ඇත. මේ හැරුණු විට තවත් බොහෝ අවස්ථාවන්හිදී ප්රඥාවන්ත කථිකයෙකුගේ බලවත් කථිකත්වය මිනිසුන් කෙරෙහි ඇති කරන බලපෑම පෙන්නුම් කරන්නේ මහ හඩින් අත්පොළසන් දීමෙන් නොව කෙඳිරිගෑම්, කඳුළු වැනි චිත්තවේගීය ප්රතික්රියාවලින් සහ අවසානයේ සවන්දෙන්නාගේ හැසිරීමේ වෙනසක් මගින් බව මම දැක ඇත්තෙමි.
54. නිහඬ ශෛලියද බොහෝ පුද්ගලයන් තුළ වෙනසක් ඇති කර ඇත; ඒ ඔවුන් කළ යුතු බව දන්නා නමුත් කිරීමට අකමැති දේ කිරීමට ඔවුන් පෙලඹවීමට නොව එහෙත් මිනිසුන් නොදන්නා දේ ඔවුන්ට ඉගැන්වීමට හෝ ඔවුන් ඇදහිය නොහැකි යැයි සිතන දේ ඔවුන්ට ඒත්තු ගැන්වීමටය. මේ ආකාරයේ ප්රතිරෝධය ජය ගැනීම සඳහා, කථාව දැඩි විය යුතුය. ප්රශංසාව සහ වාරණය, චතුර ලෙස ප්රකාශ කරන විට මධ්යස්ථ ශෛලියෙන් වුවද, සමහර පුද්ගලයින්ට කෙතරම් ගැඹුරින් බලපෑමක් ඇති කරන්නේද කිවහොත්, ඔවුන් ප්රකාශනයේ දක්ෂතාවයෙන් සතුටු වෙනවා පමණක් නොව, ඔවුන්ට ප්රශංසා ලබා දෙන සහ දොස් මගහරින ආකාරයෙන් ජීවත් වීමටද පෙලඹේ. කෙසේ වෙතත්, මේ ආකාරයේ ප්රකාශනයෙන් සතුටු වන සියල්ලන්ම ඒ නිසා ඔවුන්ගේ හැසිරීම වෙනස් කරයි යැයි කීම නිවැරදි නොවේ. අනෙක් අතට, ශ්රෙෂ්ඨ ශෛලියේ බලපෑමට ලක් වූ සියලු දෙනා එහි ප්රතිඵලයක් ලෙස ක්රියා කරන අතර, නිහඬ ශෛලියෙන් උගන්වන සෑම කෙනෙක්ම තමන් කලින් නොදැන සිටි සත්යයක් දැන ගැනීමට හෝ විශ්වාස කිරීමට පටන් ගනිති.
25 වන පරිච්ඡේදය – සෞම්ය ශෛලිය භාවිත කළ යුතු ආකාරය.
55. මේ සියල්ලෙන් අපට නිගමනය කළ හැක්කේ, ඥානවන්තව හා චතුර ලෙස කථා කිරීමට ඉලක්ක කරන ඕනෑම කෙනෙකුට නිහඬ හා ශ්රේෂ්ඨ ශෛලිීන්ගේ අරමුණු වඩාත්ම වැදගත් බවය. අනෙක් අතට, සෞම්ය ශෛලිය නිසි ලෙස ඉලක්ක කරන්නේ, ප්රකාශනයේ අලංකාරයෙන් සවන්දෙන්නන් සතුටු කිරීමය, එයට ප්රමාණවත් අවසානයක් ලබා දීම නොවේ; අපට පැවසීමට ඇති අන්තර්ගතය යහපත් සහ ප්රයෝජනවත් වන විට සහ ඔවුන්ට උපදෙස් දීමට හෝ ඒත්තු ගැන්වීමට අවශ්ය නොවන පරිදි, සවන්දෙන්නන් දැනටමත් එය දැන හඳුනාගෙන එයට හිතකර ලෙස නැඹුරු වන විට, ශෛලියේ අලංකාරය ඔවුන් ඉක්මනින් එකඟ කරවීමට හෝ එහි පණිවිඩයට වඩාත් දැඩි ලෙස කැපවීමට ඔවුන්ට බලපෑමක් ඇති කළ හැකිය. සියලුම කථික ශෛලියන්ගේ පරමාර්ථය වන්නේ, එය උපකල්පනය කළ හැකි මෙම ආකාර තුනෙන් කවරක් වුවද, ඒත්තු ගන්වන ලෙස කථා කිරීමයි.එහි අරමුණ වන්නේ ඒතුත් ගැන්වීමයි. කථිකත්වයෙහි දක්ෂ මිනිසෙක් ඔහු කුමන ශෛලියක් අනුගමනය කළත් ඒත්තු ගන්වන ලෙස කතා කරයි. එහෙත් ඔහු ඒත්තු ගැන්වීමට සමත් නොවන්නේ නම්, ඔහුගේ කථිකත්වයේ අරමුණ ඉටු වී නැත. දැන් යටපත් ශෛලියෙන්, ඔහු පවසන දේ සත්ය බව ඔහුගේ අසන්නන්ට ඒත්තු ගන්වයි; ශ්රේෂ්ඨ ශෛලියෙන්, ඔවුන් කළ යුතු බව ඔවුන් දන්නා නමුත් නොකළ යුතු දේ කිරීමට ඔහු ඔවුන් පොලඹවයි; සෞම්ය ශෛලියෙන්, ඔහු තම කථාව අලංකාර සහ විසිතුරු බව ඔවුන්ට ඒත්තු ගන්වයි. එහෙත් මෙම විශේෂිත ඉලක්කය සපුරා ගැනීමේ අරමුණ කුමක්ද? ඔවුන්ගේ කථිකත්වය ගැන නිෂ්ඵල ලෙස සහ පුරසාරම් දොඩන නිසාත්, එවැනි රංගනයන් ගැන පුරසාරම් දෙඩීමෙන් සතුටක් ලබන නිසාත් ඔවුන් එයට කැමති විය හැකිය. මෙහි පරමාර්ථය අසන්නාට උපදෙස් දීම හෝ ක්රියාවට යොමු කිරීම හෝ බලපෑම් කිරීම ඔහු ඒත්තු ගැන්වීම නොව රසවින්දනය සැපයීම පමණි. කෙසේ වෙතත්, අප මෙයට වඩා තවත් ඉලක්කයකට ප්රමුඛත්වය දිය යුතුය, එනම්, අප ශ්රේෂ්ඨ ශෛලිය ගෙන ඒමට උත්සාහ කරන මෙම කතා විලාසයෙන් එම ප්රතිඵල අත්කර ගැනීමය. මන්ද මිනිසුන් වෙනස් කිරීමට ප්රතිරෝධී නොවන තාක් සහ වඩා බලගතු ප්රවේශයක් අවශ්ය නොවන තාක් කල්, මෙම ශෛලිය භාවිත කිරීමෙන් මිනිසුන්ට හොඳ පුරුදු ඇති කර ගැනීමටත් නරක පුරුදු අත්හැරීමටත් අපට ඔවුන් දිරිමත් කළ හැකිය. එසේත් නැතිනම් ඔවුන් දැනටමත් යහපත් ක්රියාමාර්ගයක් ආරම්භ කර ඇත්නම්, එය වඩාත් ජ්වලිතව ලුහුබැඳීමටත්, නොකඩවා එය තුළ විඳ දරාගැනීමටත් අපි ඔවුන් පොලඹවන්නෙමු. ඒ අනුව, සෞම්ය ශෛලියේ දී පවා අප ප්රකාශනයේ අලංකාරය භාවිත කළ යුත්තේ ප්රදර්ශන සඳහා නොව, ප්රඥාවන්ත අරමුණු ඉටු කරගැනීම සඳහාය; අප හුදෙක් ශ්රාවකයාට විනෝදාස්වාදය ලබා දීම හෝ ප්රසන්න කිරීම කෙරෙහි අවධානය යොමු නොකළ යුතු අතර, අප ඔහුට ඉදිරිපත් කරන සදාචාරාත්මක සහ යහපත් ඉලක්කය සපුරා ගැනීමට ඔහුට උපකාර කිරීම අරමුණු කළ යුතුය.
26 වන පරිච්ඡේදය – සෑම ශෛලියකින්ම කථිකයා පැහැදිලි බව, අලංකාරය සහ ඒත්තු ගැන්වීම අරමුණු කර ගත යුතුය.
56. දැන් මා කලින් සඳහන් කළ ප්රඥාවන්තව හා වාචිකව කතා කිරීමට කැමති ඕනෑම කෙනෙකු අත්යවශ්ය වන කොන්දේසි තුන සම්බන්ධයෙන්, එනම් (පැහැදිලි බව), ශෛලියේ අලංකාරය සහ ඒත්තු ගැන්වීමේ හැකියාව ගත් කල, මෙම ගුණාංග තුන යම් නිශ්චිත කථන ශෛලීන් තුනකට පමණක් පිළිවෙළින් සීමා වූ බව අප නොසිතිය යුතුය. එවිට පැහැදිලි බව යටපත් වූ ශෛලියට පමණක්, අලංකාරය සෞම්ය ශෛලියට පමණක් සහ ඒත්තු ගැන්වීමේ බලය ශ්රේෂ්ඨ ශෛලියට පමණක් ආවේණික බව වටහා නොගත යුතුය. ඒ වෙනුවට, සෑම ආකාරයකම කථාවක්, ශෛලිය කුමක් වුවත්, හැකිතාක් දුරට එම ගුණාංග තුනම නිරතුරුවම අරමුණු කළ යුතු අතර, හැකිතාක් ඒවා විදහා දැක්විය යුතුය. මක්නිසාද යත්, අසන්නාගේ සිත් ඇදගැනීමට අප යටපත් ශෛලියෙන් පවසන දේට පවා අපි කැමති නැත. එබැවින් ශ්රාවකයා අවබෝධයෙන් හා වින්දනයෙන් සවන්දීම අප අරමුණු කළ යුතුය. නැවතත්, දිව්යමය සාක්ෂි මගින් අපගේ ඉගැන්වීම්වලට සහය දැක්වීමට හේතුව, ඔබේ සාක්ෂි ඉතා විශ්වාසයි යන වාක්ය ඛණ්ඩයේ ප්රකාශිත පරිදි දිව්ය සත්යයන්ගේ අධිකාරියට ආයාචනා කිරීමෙන් සවන්දෙන්නන්ගේ එකඟතාව දිනා ගැනීමට අපට අවශ්ය වීමයි. තවද යම් කිසිවෙක් යටපත් ශෛලියෙන් කථාවක් පවසන විට පවා, ඔහුගේ ඉලක්කය වන්නේ තම සවන්දෙන්නා එය විශ්වාස කිරීම හැරුණුකොට අන් කවරක්ද? කෙසේ වෙතත්, ඔවුන්ගේ අවධානය ග්රහණය කර ගැනීමට යම් අලංකාර ශෛලියක් භාවිත නොකරන්නේ නම් කතාව කෙරෙහි අවධානය යොමු කරන්නේ කවුද? ඔහු බුද්ධිමත් නොවන්නේ නම්, ඔහු සවන් දෙන්නන් සතුටු නොකරන අතර ඔහුගේ අදහස ඔවුන්ට ඒත්තු ගැන්වීමට නොහැකි බව පැහැදිලිය. නැවතත්, යටපත් වූ ශෛලිය, එහි සරල බව සමගින් ඉතා දුෂ්කර ප්රශ්න ලිහා, ඒවා මත අනපේක්ෂිත ආලෝකයක් හෙළන විට; එය අනපේක්ෂිත ස්ථානයක සිට තියුණු නිරීක්ෂණ කිහිපයක් ආලෝකයට ගෙන එන විට; එය මුලින් ප්රබල හෝ අභියෝග කළ නොහැකි ලෙස පෙනී ගිය අසත්ය තර්ක හඳුනාගෙන ප්රතික්ෂේප කරන විට, විශේෂයෙන්ම මෙම පැහැදිලි භාවය ආයාසයකින් තොරව ලාලිත්යයකින් ප්රකාශ වන විට, ඕනෑවට වඩා සංදර්ශනයට වඩා විෂයයට උචිත වන රිද්මයක් සහ ශෛලියක් සමග ඇති විට, මෙම ශෛලිය, එසේ හොඳින් භාවිත කළ විට, බොහෝ විට එතරම් ප්රබල අත්පොලසන් නාදයක් ලබා ගනී, එය යටපත් වූ ශෛලිය නිසා ඇති වේ යැයි විශ්වාස කිරීමට අපහසුය. මන්ද, එය සරලව සහ අනවශ්ය අලංකාරයකින් තොරව හෝ ආරක්ෂාවක් නොමැතිව ඉදිරියට පැමිණ, ස්වකීය සරල බවින් සටනක් ඉදිරිපත් කරන නිසා, තම විරුද්ධවාදියා සිය ශක්තියේ බලයෙන් පරාජය කිරීමටත්, හුදු ශක්තියෙන් තමාට විරුද්ධ වන බොරුව සත්යයෙන් යටපත් කර විනාශ කිරීමටත් එයට බාධාවක් ඇති නොවේ. සත්යය එතරම් ප්රතික්ෂේප කළ නොහැකි ලෙස තහවුරු කර, ජයග්රාහී ලෙස ආරක්ෂා කළ පසුව, නිරායාසයෙන්ම ගෙනෙන තෘප්තිය නිසා නොවේ නම්, මේ ආකාරයෙන් කතා කරන අයට ලැබෙන ප්රබල සහ නිරන්තර අත්පොලසන් නාදය පැහැදිලි කරන්නේ කෙසේද? එබැවින් කිතුනු ගුරුවරයා සහ කථිකයා, ඔහු යටපත් ශෛලිය භාවිත කරන විට, ඔහු අරමුණු කළ යුත්තේ පැහැදිලි බව සහ තේරුම්ගත හැකි වීම පමණක් නොව, සවන්දෙන්නාට සතුටක් ලබා දීම සහ ඒත්තු ගැන්වීමත්ය.
57. ක්රිස්තියානි කථිකයා සම්බන්ධයෙන් ගත් කල, මධ්යස්ථ ශෛලියේ කථිකත්වය සම්පූර්ණයෙන්ම සරල හෝ නුසුදුසු ලෙස අලංකාර නොකළ යුතුය. එහි ප්රධාන ඉලක්කය හුදෙක් විනෝදාස්වාදය පමණක් නොවිය යුතුය, එය අන් අයට ඇති එකම අරමුණයි. කෙසේ වෙතත්, එහි ප්රශංසාව සහ විවේචනය තුළ, එය විවේචනය කරන දේ පසුපස හඹා යාමට, වළක්වා ගැනීමට හෝ ප්රතික්ෂේප කිරීමට සවන්දෙන්නා දිරිමත් කිරීමට උත්සාහ කළ යුතුය. අනෙක් අතට, මෙම ශෛලිය පැහැදිලිකමකින් තොරව විනෝදජනක විය නොහැකිය. එමනිසා, මෙම ශෛලිය තුළ පැහැදිලිකම, අලංකාරය සහ ඒත්තු ගැන්වීම යන ගුණාංග තුනම ඇතුළත් විය යුතුය. ඇත්ත වශයෙන්ම, අලංකාරය එහි ප්රධාන ඉලක්කය වේ.
58. නැවතත්, ශ්රාවකයාගේ මනස ශ්රේෂ්ඨ ශෛලියෙන් ඇවිස්සීමත්, පොලඹවා ගැනීමත් අවශ්ය වූ විට (ඔබ කියන දේ සත්ය සහ එකඟ වන බව ඔවුන් පිළිගන්නා නමුත් එය ක්රියාත්මක කිරීමට අකමැති විට එය සැමවිටම අවශ්ය වේ), ඔබ අනිවාර්යයෙන්ම ශ්රේෂ්ඨ ශෛලියෙන් කතා කළ යුතුය. එහෙත් පවසන දේ නොතේරෙන්නේ නම් කාට නම්මවා ගත හැකිද? එමෙන්ම ඔහුට සතුටක් නොලැබුණහොත් සවන් දීමට සිටින්නේ කවුද? එහෙයින් මේ ශෛලියෙන්ද මුරණ්ඩු සිතක් කීකරු වීමට නම්මවා ගැනීමට උත්සාහ කරන විට, යටහත් පහත් මනසකින් ඔබට ඇහුම්කන් දීම අවශ්ය නම්, ඔබ පැහැදිලිව හා ප්රසන්න ලෙස කතා කළ යුතුය.
27 වන පරිච්ඡේදය – තමාගේ ඉගැන්වීම්වලට එකඟව ජීවිතය ගත කරන මිනිසා වඩාත් ප්රබල ලෙස උගන්වනු ඇත.
59. එහෙත් කතා කරන ශෛලියේ උත්කර්ෂවත් බව කුමක් වුවත්, අසන්නාගේ එකඟතාවය ලබා ගැනීමට කථිකයාගේ පෞද්ගලික හැසිරීම වැඩි බලපෑමක් ඇති කරයි. ප්රඥාවන්තව හා දක්ෂ කථිකත්වයෙන් කථා කරන නමුත් දුෂ්ට ලෙස ජීවත් වන මිනිසෙකුට ඉගෙනීමට උනන්දුවක් දක්වන බොහෝ දෙනෙකුට තවමත් ඉගැන්විය හැකිය. කෙසේ වෙතත්, ශුද්ධලියවිල්ල පවසන පරිදි, එවැනි පුද්ගලයෙකු අවසානයේ තමන්ටම ප්රයෝජනයක් නොලබයි – සිරාක් 37:19. එබැවින්, අපෝස්තුළුවරයා මෙසේ පවසයි: වංචාවෙන් වේවා, සැබෑකමෙන් වේවා, ඒ කොහොම වෙතත් සියලු ආකාරයෙන් ක්රිස්තුස්වහන්සේ ප්රකාශකරනු ලබනසේක: පිලිප්පි 1:18. දැන් ක්රිස්තුස් වහන්සේ සත්යය වන සේක; එහෙත් අපට පෙනෙන්නේ සත්ය ලෙස නොවුණත් සත්යය දේශනා කළ හැකි බවයි – එනම් දූෂිත හා වංක හදවතක් ඇති මිනිසෙකුට සැබවින්ම නිවැරදි දේ සහ සත්ය දේ දේශනා කළ හැකිය. මේ අනුව, තමන්ගේම ප්රයෝජනය සොයන එහෙත් යේසුස් ක්රිස්තුස් වහන්සේගේ කාරණා නොසොයන අය විසින් යේසුස් ක්රිස්තුස් වහන්සේ දේශනා කරනු ලැබේ. එහෙත් සැබෑ ඇදහිලිවන්තයන් කීකරු වන්නේ ස්වාමින්වහන්සේගේම හඬට මිස කිසිම මිනිසෙකුගේ අධිකාරියට නොවේය. උන් වහන්සේ මෙසේ පවසන සේක. එබැවින් ඔවුන් නුඹලාට අණකරන සියල්ල ඉෂ්ටකර පවත්වන්න. නුමුත් ඔවුන්ගේ ක්රියා ලෙස නොකරන්න; මක්නිසාද ඔවුන් කියනවා මිස කරන්නේ නැත: මතෙව් 23:3. එබැවින් ඵල රහිත ජීවිතයක් ගත කරන මිනිසුන්ට අනුන්ට ප්රයෝජනවත් වන පණිවිඩ ලබා දිය හැකිය. මක්නිසාද යත්, ඔවුන් තමන්ගේම අරමුණු සොයමින් සිටියද, ඔවුන් යහපත් ධර්ම නියාමක මත පදනම් වූ සභාවේ අධිකාරියේ ඉහළ තනතුරු දරන නිසා ඔවුන්ගේම ධර්ම නියාමකයන් ඉගැන්වීමට එඩිතර වන්නේ නැත. එබැවින් මෙම ආකාරයේ මිනිසුන් ගැන මා උපුටා දක්වා ඇති දේ පැවසීමට පෙර, අපගේ ස්වාමින් වහන්සේම මෙය නිරීක්ෂණය කළ සේක: ලියන්නෝද ඵරිසිවරුද මෝසෙස්ගේ ආසනයෙහි හිඳිති: මතෙව් 23:2. එවිට ඔවුන් වාඩි වී සිටි ආසනය, ඔවුන්ගේ නොව මෝසෙස්ගේ ආසනයයි. එයින් ඔවුන් නරක දේ කළත් හරි දේ ඉගැන්වීමට ඔවුන්ට බල කරන ලදී. ඒ නිසා ඔවුහු තමන්ගේ ජීවිතය තුළ තමන්ගේම මාර්ගවලට අනුව ජීවත් වූහ. එහෙත් ඔවුන් වාඩි වී සිටි, වෙනත් කෙනෙකුට අයිති ආසනය, ඔවුන්ගේම ධර්ම නියාමකයන් දේශනා කිරීමෙන් ඔවුන් වළක්වා ඇත.
60. දැන් මේ මිනිස්සු තමන්ම නොකරන දේ දේශනා කිරීමෙන් බොහෝ දෙනෙකුට යහපත කරති. කෙසේ වෙතත්, ඔවුන් දේශනා කරන ආකාරයටම ජීවත් වෙනවා නම් තවත් බොහෝ දෙනෙකුට යහපත කරනු ඇත. මන්ද ඉගැන්වීම ඔවුන්ගේ උපදේශකයින්ගේ හැසිරීම සමග ඔවුන්ගේ ක්රියාවන් සසඳමින් තමන්ගේම නපුරු ජීවිතය සාධාරණීකරණය කරගන්නා බොහෝ අය සිටිති. මෙයින් ඇතැම්හු ඔවුන්ගේ හදවත් තුළ එය ප්රශ්න කරන අතර, තවත් අය තව ටිකක් ඉදිරියට ගොස් ඔවුන්ගේ තොල්වලින් මෙසේ කියති: ඔබ මට කරන්නට පවසන දේ ඔබම නොකරන්නේ මන්ද? එහි ප්රතිඵලයක් වශයෙන්, ඔවුහු තමාටම සවන් නොදෙන මිනිසෙකුට යටත්වීම ඇතිව සවන් දීම නවත්වති. තවද දේශකයාට නිග්රහ කිරීමේදී ඔවුහු දේශනා කරන වචනයද හෙළා දැකීමට ඉගෙන ගනිති. එබැවින් ප්රේරිතවරයා නුඹේ යෞවනකම සුළුකරන්ට කිසිවෙකුට ඉඩ නොදෙන්න, යයි තිමෝතිට ලියමින්, ඔහුට අවඥාව වළක්වා ගන්නේ කෙසේද යන්න වහාම විස්තර කරයි: කථාවෙනුත් හැසිරීමෙනුත් ප්රේමයෙනුත් ඇදහිල්ලෙනුත් පිරිසිදුකමෙනුත් අදහන්නන්ට නුඹම ආදර්ශයක් වෙන්න: 1 තිමෝති 4:12.
28 වන පරිච්ඡේදය – ප්රකාශ කරන ශෛලියට වඩා සත්යය ප්රකාශ කිරීම වැදගත් වේ. වචන පිළිබඳ ආරවුල් යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න.
61. මෙහි විස්තර කර ඇති එවැනි ගුරුවරයෙකුට, ඔහුගේ භක්තිමත් ජීවිතය අපහාසයෙන් ඔහු ආරක්ෂා කරන බැවින්, ඔහුගේ කථාව විනීතභාවයට බාධාවක් නොවන්නේ නම්, සන්සුන්ව හා සංයමයෙන් පමණක් නොව දැඩි ලෙස කතා කළ හැකිය. මන්ද ඔහු අවංක ජීවිතයක් ගත කරන අතරම, දෙවියන් වහන්සේ හා මිනිසුන් ඉදිරියෙහි අවංක දේවල් සපයමින්, දෙවියන් වහන්සේට ගරුබිය දක්වමින් සහ මිනිසුන්ට සැලකිල්ල දක්වමින් හොඳ නමක් පවත්වා ගැනීමටද ඔහු වගබලා ගනියි: 2 කොරින්ති 8:21. ඔහුගේ කතාවේදී පවා ඔහු වචනවලට වඩා සාරය අගය කර සතුටු කිරීමට ඔහු කැමතිය. යම් කරුණක් සත්ය නම් හොඳින් කරන ලද ප්රකාශයක් සලකා බලයි, ගුරුවරයෙකු තම වචන පාලනය කළ යුතු බවත්, වචනවලට ඔහු පාලනය කිරීමට ඉඩ නොතැබිය යුතු බවත් ඔහු විශ්වාස කරයි. ප්රේරිතවරයා පවසන්නේ මෙයයි: ක්රිස්තුස්වහන්සේගේ කුරුසිය නිෂ්ඵල නොවන පිණිස, වචනවල ඥානවන්තකමින් (දේශනාකරන්ට) නොවේය: 1 කොරින්ති 1:17. ඔහු තිමෝතිට පවසන දෙයද ඒ හා සමාන වේ: මේ දේවල් සිහිකරවමින්, කිසි ප්රයෝජනයක් නැතුව, අසන්නන්ට හානිය සිදුවන ලෙස වචන ගැන තරග නොකරන්ට ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඔවුන්ට අණකරන්න: 2 තිමෝති 2:14. දැන් විරුද්ධවාදීන් සත්යයට විරුද්ධ වන විට, සත්යය ආරක්ෂා කිරීම සඳහා අප නිහඬව සිටිය යුතු බව මින් අදහස් නොවේ. මන්ද රදගුරුවරයෙකු කුමනාකාර විය යුතුද යන්න විස්තර කරන විට ඔහු පවසන දේ, තවද ඔහු සාරවත් ගුරුකමින් අවවාදකරන්ටත් විරුද්ධවාදීන් නිශ්ශබ්දකරන්ටත් පුළුවන්වන පිණිස ඉගැන්වීමට එකඟවූ විශ්වාස වචනය තදින් අල්ලාගෙන සිටින්ට ඕනෑය: තීතස් 1:9 යන්න අදාළ වන්නේ කෙසේද? වචන සම්බන්ධයෙන් ආරවුල් ඇති කර ගැනීම යනු සත්යයෙන් වැරදි මඟහරවා ගැනීමේ මාර්ගය ගැන සැලකිලිමත් වීම නොව, ඔබේ ප්රකාශන ශෛලිය තවත් කෙනෙකුට වඩා උසස් ලෙස අන් අය සලකනු ලැබීමට උත්සාහ කිරීමයි. වචන සම්බන්ධ ආරවුල්වලින් වැළකී සිටින පුද්ගලයා සන්සුන්ව, මධ්යස්ථව හෝ දැඩි ලෙස කථා කළත්, සත්යය පැහැදිලි කිරීමටත්, ප්රියජනක කිරීමටත්, ඵලදායී කිරීමටත් හැර වෙනත් අරමුණකින් තොරව වචන භාවිත කරයි. මන්ද ප්රේමයේ පරමාර්ථ අසත්ය නොව සත්යය නම් මිස ආඥාවේ අරමුණ සහ ව්යවස්ථාව සම්පූර්ණ කිරීම වන ප්රේමය පවා නිවැරදිව ක්රියාත්මක කළ නොහැකිය. මන්ද ප්රසන්න බාහිර පෙනුමක් ඇති නමුත් දූෂිත මනසක් ඇති පුද්ගලයෙකු ශාරීරික ස්වරූපය ආකර්ශනීය නොවන කෙනෙකුට වඩා කරදරකාරීය. අසත්යය ඉගැන්වීම් කරන අය ඔවුන් කතාවෙහි දක්ෂ අය නම් ඊටත් වඩා අනුකම්පා සහගතය. එසේ නම්, චතුර කථිකත්වයෙන් යුක්ත වීම සහ ප්රඥාවන්තව කථා කිරීම යනු, ඉගැන්වීමට සුදුසු සත්යයන් ගැළපෙන සහ සුදුසු වචනවලින් ප්රකාශ කිරීම වේ. එහිදී සෞම්ය ශෛලියෙන් පිරිපහදු කළ, මනරම් සහ උත්කෘෂ්ට ස්වරයෙන් සිත් ඇදගන්නා සුලු වචනවලට වඩා සරල ස්වරයකින් එවැනි වචන පැවසීම ප්රමාණවත් වේ. එහෙත් චතුර ලෙසත් ප්රඥාවන්ත ලෙසත් කතා කළ නොහැකි මිනිසා ප්රඥාවෙන් තොරව චතුර ලෙස කතා කරනවාට වඩා දක්ෂ කථිකත්වයෙන් තොරව ප්රඥාවෙන් කතා කිරීම යහපත්ය.
29 වන පරිච්ඡේදය – තමාට වඩා දක්ෂ කථිකයෙකු විසින් ලියන ලද කාරණා මිනිසුන්ට ලබා දීමට දේශකයෙකුට අවසර ඇත.
කෙසේ වෙතත්, ඔහුට දේශනා කිරීමට හෝ ලිවීමට නොහැකි නම්, ඔහුගේ ජීවිතය තමාටම විපාකයක් ලැබීම සඳහා පමණක් නොව, අන් අයට ආදර්ශයක් ලබා දෙන පරිදි ධාර්මිකව ගත කරන බවට සහතික විය යුතුය. මේ අනුව ඔහුගේ ජීවන ශෛලියම බලවත් දේශනාවක් විය යුතුය.
62. ඇත්ත වශයෙන්ම, සමහර පුද්ගලයන්ට හොඳින් කතා කළ හැකි නමුත් තමන්ගේම දේශනා සැකසීමේ හැකියාවක් නැත. දැන් එබඳු මිනිසුන් අන් අය විසින් ප්රඥාවන්තව හා කථිකත්වයෙන් යුක්තව ලියන ලද කාරණා රැගෙන මතකයේ තබාගෙන, මිනිසුන්ට ඉදිරිපත් කරන්නේ නම්, ඔවුන් එය වංචාවකින් තොරව කරනු ඇතැයි උපකල්පනය කරන්නේ නම්, ඔවුන්ට දොස් පැවරිය නොහැකිය. මන්ද මෙම පිළිවෙත තුළ බොහෝ දෙනෙකුට සත්යයේ දේශකයන් බවට පත් වීමට හැකිය (එයට නියත වශයෙන්ම ආශා කළ යුතුය), එහෙත් එමගින් බොහෝ ගුරුවරුන් බිහි නොවේ; මන්ද එක් සැබෑ ගුරුවරයෙකු විසින් රචනා කරන ලද දේශනය සියලු දෙනාම ඉදිරිපත් කරන අතර ඔවුන් අතර කිසිදු භේදයක් නොමැති බැවිනි. තම අසල්වැසියාගේ වචන සොරකම් කරන අය හෙළා දකින අවස්ථාවේදී දෙවියන් වහන්සේ යෙරෙමියා අනාගතවක්තෘවරයා තුළින් පැවසූ වචනවලින් එවැනි මිනිසුන් කලබලයට පත් විය යුතු නැත: යෙරමියා 23:30. මන්ද සොරකම් කරන අය ඔවුන්ට අයිති නැති දේ ගනිති, එහෙත් දෙවියන් වහන්සේගේ වචනය එයට කීකරු සියල්ලන්ට අයිතිය. වෙනත් කෙනෙකුගේ වචන සැබවින්ම ලබා ගන්නා මිනිසා වන්නේ ඔහුගේ ක්රියාවන් ඔහුගේ වචන සමග නොගැළපෙන බැවින් ඔහුගේ ජීවිත රටාව පණිවිඩයට පටහැනි කථිකයෙකු වේ. මන්ද ඔහු පවසන යහපත් දේ ඔහුගේම චින්තනයේ ප්රතිඵලයක් ලෙස පෙනෙන්නට තිබේ, නමුත් ඒවා ඔහුගේ ජීවන රටාවෙන් හැසිරීමෙන් පෙනෙන්නේ නැත. එබැවින් දෙවියන් වහන්සේ පවසා ඇත්තේ ඔවුන් දෙවියන් වහන්සේගේ වචන කථා කිරීමෙන් යහපත් ලෙස පෙනෙන නමුත් ඇත්ත වශයෙන්ම තමුන්ගේම මාර්ග අනුගමනය කරන බැවින් ඔවුන් උන් වහන්සේගේ වචන සොරකම් කරන බවයි. එමෙන්ම මේ පිළිබඳ ගැඹුරින් විමසා බැලීමේදී, ඔවුන් පවසන යහපත් වචන සැබවින්ම ඔවුන්ට අයත් නොවන ඒවාය. මන්ද ඔවුන්ගේ ක්රියාවෙන් ඔවුන් ප්රතික්ෂේප කරන දේ ඔවුන්ගේ වචනවලින් පවසන්නේ කෙසේද? එවැනි මිනිසුන් පිළිබඳ, ඔව්හු දෙවියන්වහන්සේ දැනගන සිටින බව කියති; නුමුත් තමුන්ගේ ක්රියාවලින් උන්වහන්සේව නාඳුනන බව ප්රකාශකරති, තීතස් 1:16 යනුවෙන් ප්රේරිතවරයා ඔවුන් නිවැරදිව විස්තර කරයි. එක් අර්ථයකින් ගත් කල, ඔවුන් සත්යය කතා කරන අතර, තවත් අර්ථයකින් ගත් කල, ඔවුහු ඒවා නොකියති. මන්ද මෙම ප්රකාශයන් දෙකම සත්ය විය යුතුය, මන්ද ඒවා සත්යය වන දෙවියන් වහන්සේ ප්රකාශ කර ඇති බැවිනි. එවැනි මිනිසුන් ගැන කතා කරන විට, එක් ස්ථානයකදී උන් වහන්සේ පවසන්නේ, ඔවුන් නුඹලාට අණකරන සියල්ල ඉෂ්ටකර පවත්වන්න. නුමුත් ඔවුන්ගේ ක්රියා ලෙස නොකරන්න; මක්නිසාද ඔවුන් කියනවා මිස කරන්නේ නැත, මතෙව් 23:3 යනුවෙනි. එසේ, ඔවුන් එසේ නොකරන නමුත් ඔවුහු ඒවා පවසති. එහෙත් තවත් ස්ථානයක, ඔවුන්ට තරවටු කරමින් උන් වහන්සේ මෙසේ පවසන සේක, පොළොං වංශය, නපුරුව සිටින නුඹලා යහපත් දේ කෙසේ කියවුද? මතෙව් 12:34. එසේ මෙයින් ඇඟවෙන්නේ ඔවුන් යහපත් දේ කතා කරන විට, ඇත්ත වශයෙන්ම කතා කරන්නේ ඔවුන් නොවන බවයි. මන්ද, ඔවුන් කැමැත්තෙන් හා ක්රියාවෙන් ඔවුන් පවසන දේ ප්රතික්ෂේප කරන නිසාය. එහි ප්රතිඵලයක් ලෙස, දක්ෂ කථිකත්වය සහිත දුෂ්ට මිනිසෙකු විසින් සත්යවාදී දේශනාවක් ලියනු ලබන අතර, එය සත්පුරුෂයෙකු නමුත් කථිකත්වය අඩු අයෙකු විසින් ඉදිරිපත් කළ හැකිය. මෙය සිදු වූ විට, දුෂ්ටයා තමාට අයිති නැති දේ තමාගෙන් ඉවත් කරයි, සත්පුරුෂයා තමාටම අයිති දේ තවත් කෙනෙකුගෙන් ලබා ගනියි. එහෙත් සැබෑ ඇදහිලිවන්තයන් විසින් සැබෑ ඇදහිලිවන්තයන්ට මෙම සේවය කරනු ලබන විට, දෙපාර්ශ්වයම තමන්ගේම දේ කතා කරති, මන්ද ඔවුන් පවසන සියල්ල අයිති දෙවියන් වහන්සේ ඔවුන්ගේ වන නිසාය. එසේම තමන් පවසන දේ රචනා කරන්න බැරි අයද ඒ දේට එකඟව ජීවිතය පවත්වා ගැනීම මගින් එම පණිවුඩය තමන්ගේ කරගනිති.
30 වන පරිච්ඡේදය – දේශකයා තම දේශනය ආරම්භ කළ යුත්තේ දෙවියන් වහන්සේට යාච්ඤා කිරීමෙනි.
63. එහෙත්, මිනිසෙකු ජනතාව ඇමතීමට හෝ මිනිසුන්ට අන් අයට කතා කිරීමට හෝ කියවන දේ නියම කිරීමට යන්නේ නම්, සුදුසු දේශනයක් ඔහුගේ මුඛයට ලබා දෙන ලෙස ඔහු දෙවියන් වහන්සේට යාච්ඤා කළ යුතුය. මන්ද එස්තර් රැජින තම ජාතියේ භූමික යහපැවැත්ම සම්බන්ධයෙන් රජුට කතා කිරීමට සූදානම් වූ විට, දෙවියන් වහන්සේ ඇගේ මුඛයට සුදුසු වචන ලබා දෙන ලෙස යාච්ඤා කළේ නම්, මිනිසුන්ගේ සදාකාලික ප්රයෝජනය සඳහා වචනයෙන් හා ධර්ම නියාමකවලින් උගන්වන ඔහු එම ආශීර්වාදය ලැබීම සඳහා කොපමණ වැඩියෙන් යාච්ඤා කළ යුතු වන්නේද? නැවතත්, අන් අය විසින් ඔවුන් වෙනුවෙන් සකස් කරන ලද පණිවිඩ ඉදිරිපත් කරන අය, ඔවුන්ගේ දේශනය ලැබීමට පෙර, එය සූදානම් කරන අය වෙනුවෙන් යාච්ඤා කළ යුතුය. ඔවුන්ට පණිවිඩය ලැබීමෙන් පසු, එය ඵලදායී ලෙස ලබා දීමට ඔවුන්ට හැකියාව ලබා දෙන ලෙසත්, ඔවුන් පණිවිඩයෙන් අමතන අය අවධානයෙන් සවන් දෙන පිණිසත් යාච්ඤා කළ යුතුය. පණිවිඩය සාර්ථකව ලබා දී එහි අරමුණ ඉටු වූ පසු, මෙම ආශීර්වාද දෙවියන් වහන්සේගෙන් ලැබෙන බව හඳුනාගෙන ඔවුන් දෙවියන් වහන්සේට ස්තුති කළ යුතුය. එවිට අප සහ අපගේ වචන යන දෙකම අතේ ඇති දෙවියන් වහන්සේට සියලු මහිමය අයත් වේ. ප්රඥාව 7:16.
31 වන පරිච්ඡේදය – පොතේ දිග සම්බන්ධයෙන් සමාව අයැදීම.
64. මෙම පොත මා අදහස් කළ හෝ බලාපොරොත්තු වූවාට වඩා දිගු වී ඇත. එහෙත් එය රසවිඳින පාඨකයාට හෝ ශ්රාවකයාට එය දීර්ඝ බවක් නොපෙනෙනු ඇත. එය දිගු යැයි හැඟෙන නමුත් එහි අන්තර්ගතය දැන ගැනීමට කැමති අයට එහි කොටස් වශයෙන් කියවිය හැකිය. ඒ ගැන උනන්දුවක් නැති අය එහි දිග පිළිබඳ විවේචනය කළ යුතු නැත. කෙසේ වෙතත්, මගේ සීමිත හැකියාවෙන්, මා මෙම පොත් හතරෙන් නිරූපණය කිරීමට උත්සාහ කළ කාර්ය, මා වැනි පුද්ගලයෙකු (මගේ බොහෝ දුර්වලකම් ඇති නිසා) නොව, එහෙත් හොඳින් වැඩ කිරීමට උත්සාහ කරන පුද්ගලයෙකු විය යුතු ආකාරයට, එනම් ක්රිස්තියානි ධර්ම නියාමක සම්බන්ධයෙන් තමන්ගේ ඉගෙනීම සඳහා පමණක් නොව අන් අයගේ ප්රයෝජනය සඳහාද වැඩ කළ යුතු අයෙකු ලෙස මෙය සම්පූර්ණ කිරීමට හැකිවීම පිළිබඳ මම දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙමි.
ක්රිස්තියානි ධර්මය (Christian Doctrine -Book 1)
ක්රිස්තියානි ධර්මය – 2 වන පොත (Christian Doctrine – Book 2)
ක්රිස්තියානි ධර්මය – 3 වන පොත (Christian Doctrine – Book 3)
ක්රිස්තියානි ධර්මය – 4 වන පොත (Christian Doctrine – Book 4)
