හර්මස් නම් එඬේරෙකි
පළමු කොටස: දර්ශන
[Hermas, The Shepherd, in Sinhala. Part 1: Visions]
1 වන දර්ශනය
රෝඩා ගැන
1 මාව ඇති දැඩි කළ ඔහු රෝමයේ රෝධා නම් ස්ත්‍රියකට මාව විකුණුවේය. වසර ගණනාවකට පසු මම ඇයව දැන හඳුනා ගත් අතර මම ඇයට සහෝදරියක් ලෙස ආදරය කිරීමට පටන් ගත්තේමි. ටික කාලෙකට පසු මම දැක්කා ඇය ටයිබර් ගඟේ ස්නානය කරනවා; මම ඇය දෙසට අත දිගු කර ඇයට ගඟෙන් ගොඩට එමට උදව් කළෙමි. ඇයගේ ලස්සන දැක්කම මට සිතුනා, “මම සතුටින් සිටින කෙනෙක් විදියට ජීවත් වෙනවා නම්, ඇය වගේ ලස්සන හොඳ බිරිඳක් සිටිනවා නම් කොපමණ හොඳද” කියලා. වෙන කිසිම සිතිවිල්ලක් ඇරෙන්න මේ එක සිතුවිල්ලකින් මගේ හිත පිරුණා. ටික කාලෙකට පසු, මම ගමට යන විට, දෙවියන් වහන්සේගේ නිර්මාණ ගැන ආඩම්බර වෙමින්, ඒවා කෙතරම් අපූරුද, අලංකාරද, බලවත්ද කියා සිතමින් මම තද නින්දකට වැටුණෙමි. එවිට කිසියම් බලවේගයක් මා රැගෙන යන බවක් මට දැනුනි. එම මාර්ගය පිහිටා තිබුණේ ගල්පර අතරය. කිසිම මිනිසකුට ගමන් කළ නොහැකි පටු මාවතක මා රැගෙන යන බවක් මට දැනුනි. එය රළු වූ අතර එහි ඇති දිය සුළිය නිසා පසුකර යාමට ඉතා අපහසු විය. ඉන්පසු මේම ගඟෙන් එගොඩ වී මම තැනිතලා ප්‍රදෙශේයකට පැමිණියෙමි. මම දණින් වැටී දෙවියන් වහන්සේට යාච්ඤා කර මගේ පව් පාපොච්චාරණය කිරීමට පටන් ගත්තේමි. මම යාච්ඤා කරන විට, අහස විවර විය, මම ආදරය කළ කාන්තාව අහසේ සිට මට හිස නමා, මම ඔබට හර්මස් යැයි කියමි! ඇය කිව්වා. මම වහා ඇය දෙස බලා ස්ත්‍රිය, ඔබ මෙහි කුමක් කරන්නේ දැයි ඇසුවෙමි. එවිට ඇය මට මෙසේ කීවාය: මා මෙහි ගෙන ආවේ සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි, ඔබේ පව් ගැන ඔබට චෝදනා කිරීමට ය. මම වහාම ඇයට, කතා කර, ස්ත්‍රිය, ඔබ මට චෝදනා කරනවාද එයට ඇය, නැහැ, නමුත් මා ඔබට කියන්නට යන වචනවලට සවන් දෙන්න. ස්වර්ගයෙහි වැඩ වසන දෙවියන් වහන්සේ, ශූන්‍යතාවයෙන් සියල්ල මැව්, ස්වකීය ශුද්ධ සභාව උදෙසා ඒවා ව්‍යාප්ත කළ, ඔබ මට විරුද්ධව පව් කළ නිසා ඔබ කෙරෙහි උදහස් වී ඇත කියා, මම ඇයට කීවෙමි, ස්ත්‍රිය, මම ඔබට විරුද්ධව පව් කළාද? එනම් කෙසේද?
මම ඔබට නොගැලපෙන වචන කීවේ කවදාද? මම සැමවිටම ඔබ ගැන සිතුවේ කාන්තාවක් ලෙස පමණක්ද? මම ඔබට සැමවිටම මගේ සහෝදරිය ලෙස ගෞරව කළේ නැද්ද? එසේනම්, මේ අසාධාරණය සහ අපිරිසිදුකම කෙරෙහි ඔබ ඇයි මට බොරු චෝදනා කරන්නේ? මම ඇයගෙන් ඇසුවේය. එවිට ඇය සිනාමුසු මුහුණින් මෙසේ පිළිතුරු දුන්නාය, ඔබේ සිතේ විකෘති ආශාවන් හටගෙන ඇති අතර, අවංක මිනිසෙකුගේ සිතේ අකුසල් ආශාවක් ඇති වූ විට පව් කරන්නේ ඔබේ මතය නොවේද? එවැනි අවස්ථාවක එය පාපයක්ද? එවැනි පාපය ඉතා බරපතලයි. ධර්මිෂ්ඨයාගේ සිතුවිලි අවංකව හා හෘද සාක්ෂියට එකඟ විය යුතුය. අවංකව සිතීම නිසා ඔහුගේ චරිතය ස්වර්ගයෙහි ගෞරවයට පාත්‍ර වනු ඇත. එවැනි සියලු ක්‍රියාවලදී සමිඳාණන් වහන්සේ ඔහුට දයාව දක්වනු ඇත. නමුත් ඔවුන්ගේ සිත්වල නපුරු සිතිවිලි සිත තුළ ඇති කරගන්නා අයට මරණයට හා දඬුවමට පැමිණෙති. විශේෂයෙන් මෙලොව සහ ඔවුන්ගේ ධනය කෙරෙහි ඇති ඇල්ම, අධික තණ්හාව ඇති, මතු ජීවිතයේ ආශීර්වාද ගැන නොසලකන අයගේ ඉරණම එබඳු වනු ඇත. බොහෝ දෙනෙක් විශ්වාසයක් නැති නිසා දුකට පත් වනු ඇත. මන්ද, ඔවුන් ජීවත් වන්නේ තමන් ගැන සහ ඔවුන්ගේ ජීවිතය ගැන විශ්වාසයක් නොමැතිවය. එබැවින් දෙවියන් වහන්සේට යාච්ඤා කරන්න, ඔහු ඔබේ පව් සහ ඔබේ මුළු පවුලේ සියලුම අයගේ පාපවලට සමාව දෙන ලෙසත්, සියලු සාන්තුවරයන්ගේ පව්වලට සමාව දී සියල්ලන්ම සුව කරන ලෙසත් යාච්ඤා කරන්න.
මහලු කාන්තාවක්
2 ඇය මේ වචන කී පසු විවෘතව තිබු අහස නැවත වැසී ගියේය. මම ශෝකයෙන් හා භීතියෙන් පිරී, මටම මෙසේ කීවෙමි: මේ පාපය මා මත පැටවී ඇත්නම්, මම කෙසේ ගැලවීම ලබන්නේද, නැතහොත් මාගේ පාපවලට දෙවියන් වහන්සේගෙන් වන්දියක් සොයන්නේ කෙසේද? කුමන වචනවලින් මම සමිඳාණන් වහන්සේගෙන් අයැදින්නේ ද? මට අනුකම්පා කරාවීද? මම මේ සියල්ල සිතමින්, මනසින් වාද කරමින් සිටින විට, සුදු පාටින් සැරසු විශාල ලොම් පුටුවක් මා ඉදිරිපිට තිබෙනවා මම දුටුවෙමි. අලංකාර ලෙස ඇඳ පැළඳ පොතක් අතේ තබාගෙන, වයසක කාන්තාවක් එහි තනිවම වාඩි වී සිටියාය. ඇය මට ආචාර කරමින්, ආයුබෝවන්, හර්මස්, ඔයා හොදින්ද? කියා ඇසුවාය. වේදනාවෙන් හා කඳුළු සලමින් මම ඇයට කීවෙමි, ආයුබෝවන්, ස්ත්‍රිය, ඇය මට කිව්වා, හර්මස්, ඇයි ඔයා දුකින්? ඔබ ඉවසිලිවන්ත, සන්සුන් සහ නිතරම සිනහවෙන් සිටිනවා නේද? ඉතින් ඇයි ඔයා අද දුකින් සිටින්නේ? මට ඔයාගේ මූණේ කිසි සතුටක් පේන්නේ නැත, කියා ඇය කීවාය .
මම ඇය වෙනුවට, අනේ ස්ත්‍රිය, මම යම් ස්ත්‍රියකට විරුද්ධව පව් කළ බව පැවසූ, කාන්තාවක් මට නින්දා කළාය. තවද ඇය පැවසුවේ, දෙවියන් වහන්සේගේ සේවකයෙකු එවැනි නඩු විභාගයකට නොපැමිණිය යුතු ය. කෙසේ වෙතත්, ඇය කෙරෙහි මට ආශාවක් ඇති විය. දෙවියන්වහන්සේගේ සේවකයෙකුට කිසිවිටෙකත් එවැනි පරීක්ෂාවකට මුහුණ දීමට සිදු නොවිය යුතුය. කෙසේ වෙතත්, ඇය ගැන ආශාවක් ඔබේ හදවතේ ඇති විය හැකිය. දෙවියන් වහන්ස්ගේ සේවකයන් සම්බන්ධයෙන් එවැනි ආශාවක් පාපයක් බවට පත් කරයි. පවිත්‍ර අවංක සිතක් අයහපත් ක්‍රියාවකට ආශා කිරීම දුෂ්ට හා බිහිසුණු පෙළඹවීමකි. විශේෂයෙන් හර්මස් එවැනි පෙළඹවීමකට යොමු නොවිය යුතුය. ඔහු සියලු ලෞකික ආශාවන්ගෙන් තමාව නිදහස් කර ගන්නවා පමණක් නොව සරල බවින් ද පිරී ඇත.
3 එහෙත් ඒ ගැන දෙවියන් වහන්සේ ඔබ සමඟ කෝප වන්නේ නැත. සමිඳාණන් වහන්සේටත් ඔබටත් ඔවුන්ගේ දෙමාපියන්ටත් විරුද්ධව පව් කළ ඔබේ පවුල ගැන ඔබ පසුතැවිලි විය යුතුය. ඔබ ඔබේ පුත්‍රයන්ට ප්‍රේම කළත් ඔබේ පවුලේ අයට අනතුරු ඇඟවීමක් නොකළ නිසා ඔබ ඉඩ දුන්නා. ඔවුන් නරක දූෂිත ක්‍රියාවල නියැළීමට සමිඳාණන් වහන්සේ ඔබ සමඟ උදහස් වන්නේ එබැවිනි, නමුත් ඔවුන්ගේ පාපයෙන් හා අයුතුකම්වලින් ඔබ විනාශ වී ඇති බැවින්, ඔබේ නිවසේ සිදු වූ සියලු නපුර ඔහු සුව කරන සේක, නමුත් දැන් දයාව සමිඳාණන් වහන්සේ ඔබ කෙරෙහිත්, ඔබේ පවුලේ අය කෙරෙහිත් වැඩ සිටින අතර, ඔබ සියල්ලන් ශක්තිමත් කර, උන් වහන්සේගේ තේජසින් ඔබ පිහිටුවන සේක, ඔහුගේ කාර්යය සම්පූර්ණ කරන විට මෙන්, අපි දිනපතා අපගේ වචනවලින් පිරිසිදු නම්, අපට අධර්මිෂ්ඨකම ජය ගත හැකිය, එබැවින් ඔබේ දරුවන්ට අවවාද කිරීම නතර නොකරන්න. පිවිතුරු අවංක සිතින් අකුසලයට ඇති ආශාව දුෂ්ටයෙක් වන අතර ගොඩනැගිලි නිර්මාතෘ මෙන් කඩා බිඳ විනාශ කර, පසුව වෙනස්කම් ඇති කර අවසානයේ තමාට අවශ්‍ය පරිදි වැඩ නිම කරයි, අපි සෑම දිනකම අපගේ වචනයෙන් පිරිසිදු නම්, අපට අසාධාරණය ජය ගත හැකිය. මන්ද, ඔවුන් මුළු හදවතින්ම පසුතැවිලි වන්නේ නම්, ඔවුන් ධර්මිෂ්ඨ වනු ඇත. ඔවුන් අන් අය සමඟ ජීවන පොතේ ඔවුන්ගේ නම් ලියන බව මම දනිමි. මේ වචන ටික කිව්වට පසු ඇය මගෙන් ඇසුවා,මම කියවනවා ඔබ අහන්න කැමතිද? මම ඇයට කිව්වා, ස්ත්‍රිය, ඔව්, මම කැමති. එසේ නම් අසන්න, දෙවියන් වහන්සේගේ මහිමය දැක බලාගැනීමට සූදානම් වන්න, ඇය කීවාය. එවිට මට මතක නැති බොහෝ දේ පුදුමාකාර ලෙස හා පුදුම සහගත ලෙස මම ඇයගෙන් අසා සිටියෙමි. එවැනි වචන සියල්ලම භයානකය. මෙය මිනිසාට දරාගත නොහැක. කෙසේ වෙතත්, අවසාන වචන මට ප්‍රයෝජනවත් සහ මෘදු නිසා මට මතකයි. බලන්න, බලගතු දෙවියන් වහන්සේ, ඔහුගේ අදෘශ්‍යමාන බලයෙන් සහ උත්තරීතර ප්‍රඥාවෙන් ලෝකය මැව්වේය, ඔහුගේ තේජාන්විත උපදෙස් ඔහුගේ මැවීම්වල අලංකාරය වැඩි කළේය. තවද එය ඔහුගේ බලවත් වචනය නිසා අහස මවා ඇත. ඔහු ජලයට ඉහළින් පොළොවේ අත්තිවාරම් තැබුවේය. ඔහුගේම නුවණින් හා කරුණාවෙන් ඔහුගේ ශුද්ධ සභාවට ආශීර්වාද කළේය. මෙන්න, ඔහු අහස, කඳු, සහ මුහුද මැව්වේය. තවද මේ සියල්ල උන්වහන්සේ තෝරාගත් සෙනඟට පැහැදිලි වේ. ඔහු ඔවුන්ට පොරොන්දු වූ ආශීර්වාදය ඔවුන්ට ලබා දෙනු ඇත. ඔවුන් මහත් ඇදහිල්ලෙන් ලැබූ දෙවියන් වහන්සේගේ ආඥා පිළිපැද්දොත් පමණක්, උන් වහන්සේ මහත් තේජසින් හා ප්‍රීතියෙන් ඔවුන් සමග වාසය කරනවා ඇත.
4. කියවා අවසන් වූ පසු ඇය පුටුවෙන් නැගිට්ටා. එසැණින් තරුණයන් හතර දෙනෙක් පැමිණ පුටුව රැගෙන නැගෙනහිර දෙසට ගියහ. ඇය මා ළඟට ගෙන ගොස් මගේ පපුවට අත තබා මගෙන් ඇසුවා, ඔබ මගේ කියවීමෙන් සතුටක් ලැබුවාද?. මම ඇයට කිව්වා ඔව්, ස්ත්‍රිය, ඔබ කියවූ දේවල අවසාන වචන මට සතුටුයි, නමුත් පළමු වචන කුරිරු හා රළු විය. අන්තිම එක ධාර්මික අයටය, පළමුවැන්නා අන් කුලවලටද, ද්‍රෝහියන්ට ද, කියාය. ඇය මා සමඟ කතා කරමින් සිටින විට එතැනට පැමිණි මිනිසුන් දෙදෙනෙක් ඇයව කරේ තබාගෙන නැඟෙනහිර දෙසට පුටුව තබා තිබූ ස්ථානයට ගියහ. ඇය ප්‍රීතිමත් මුහුණින් යන්න ගියාය. ඇය පිටව යන විට, ඇය මට කිව්වා, හර්මස්! ඔබ සැමදා මෙන් නිර්භීතව හා අධිෂ්ඨානශීලී වනු ඇත, කියා.
2 වන දර්ශනය
කාන්තාව සහ අණ දෙන නියෝගය
5 පසුගිය වසර මෙන්ම ගමට යන පාරේ යන විට, මම එම වසරේ සිදුවීම් හිතේ තියාගෙන ඇවිදගෙන ගියා. නැවතත් එම බලවත් බලවේගය මා රැගෙන ගියේ, පෙර වසරේ මා සිටි ස්ථානයටමය. එම ස්ථානයට ළඟා වූ විට, මම දණින් වැටී, සමිඳාණන් වහන්සේට යාච්ඤා කිරීමටත්, උන් වහන්සේගේ නාමය මහිමයට පත් කිරීමටත් පටන් ගතිමි, මන්ද උන් වහන්සේ මා සුදුසු යැයි සැලකූ බැවිනි. ඒ වගේම මගේ පෙර පව් ගැන මට දැනුම් දුන්නේය. යාච්ඤා කර ඇහැරෙන විට මම දැක්කේ මීට අවුරුද්දකට කලින් දැකපු වයසක කාන්තාව ම මගේ ඉදිරියෙන් සිටිනවා. ඇය ඇගේ අතේ තිබූ පොතක් කියවමින් සිටියාය. ඇය මගෙන් ඇසුවා, ඔබට මේ දේවල් පිළිබඳ වාර්තාව දෙවියන් වහන්සේ විසින් තෝරාගත් අය වෙත ගෙන යා හැකිද? කියා. මම ඇයට කිව්වා, ස්ත්‍රිය, මට කිසිම දෙයක් මතක නැහැ, ඒ පොත මට දෙන්න, මම එය පිටපත් කරන්නම්. ඇය කිව්වා, මම දෙන්නම්, නමුත් ඔබ එය මට ආපසු දිය යුතුයි. ඊට පසු මම එයත් රැගෙන රටේ එක්තරා ප්‍රදේශයකට ගියා. තවද, මම එක අකුරක්වත් ඉතිරි නොකර එය සම්පූර්ණයෙන්ම පිටපත් කළෙමි. නමුත් එහි කියා ඇති දේවල් වලට මම කැමති නැත. කෙසේ වෙතත්, පොත ලිවීමෙන් පසු, එය හදිසියේම මගේ අතින් උදුරා ගන්නා ලදී. නමුත් එය අරන් ගියේ කවුද කියා මම දැක්කේ නැත.
ලිඛිත පණිවිඩයේ තේරුම
6 දෙසතියකට පසු, මම ගැඹුරින් නිරාහාරව සිට, ස්වාමින් වහන්සේට හොඳින් යාච්ඤා කළ විට, ලිඛිත සාධකවල තේරුම ගැන මට පැහැදිලි බවක් ලැබුණි. එහි සඳහන් වූයේ මෙයයි: හර්මස්, ඔබේ පරම්පරාව දෙවියන් වහන්සේට විරුද්ධව පව් කළා, ඔවුන් ස්වාමින් වහන්සේට අපහාස කළා, ඔවුන් තම දෙමාපියන්ට ද්‍රෝහිකම් කළා, ඔවුන් තම දෙමාපියන්ට ද්‍රෝහිවී ඇති තරම් නින්දිත වංචාකාරයන් බවට පත් වී තිබෙනවා. ඔවුන්ගේ ද්‍රෝහිකමෙන් ප්‍රයෝජනයක් නොලබන අතර, දැන් පවා ඔවුන් කළ පාපයෙන් ඔවුන්ගේ පාපයට අශික්ෂිත ක්‍රියා සහ දූෂක වැඩි කර ඇත, එබැවින් ඔවුන්ගේ අධර්මිෂ්ඨකම වැඩි වී ඇත. එබැවින් ඔවුන්ගේ අයුතුකම් සීමාවට පැමිණ ඇත. එබැවින් ඔබේ සියලු දරුවන්ට සහ ඔබේ භාර්යාවට මෙම වචන දන්වන්න. මක්නිසාද ඔබ ඔබේ සහෝදරියට මෙන් ඇයට ප්‍රේම කළ යුතුය, ඇය පව් කරන දිව පාලනය කරන්නේ නැත. නමුත් මේ වචන ඇසූ විට ඇය තමාව පාලනය කර දයාව ලබා ගනී. ඔබ ඔවුන්ට මේ ආඥා වදන් පැවසීමෙන් පසු, ඔවුන් අද දක්වා මුළු හදවතින්ම පසුතැවිලි වී, සියලු සැකයන් සහ පව් ඔවුන්ගේ මනසින් දුරු කළහොත්, ඔවුන්ගේ සියලු පෙර පාපයන් කමා කරනු ලබන අතර, පව් කළ සියලු සාන්තුවරයන්ට සමාව ලැබේ. සමිඳාණන් වහන්සේ, තම තේජසින්, තමන් තෝරාගත් අයට නියම කළේ, යම් කාලයකට පසු, ඔවුන්ගෙන් යමෙකු නැවත පව් කළහොත්, ඔහු ගැලවීම නොලැබෙන බවයි. මක්නිසාද ධර්මිෂ්ඨයාගේ පසුතැවිල්ලට කාල සීමාවක් ඇත. සියලු සාන්තුවරයන්ට පසුතැවිලි වීමට ප්‍රමාණවත් කාලයක් ලබා දී ඇත. නමුත් අන්‍යජාතීන්ට පසුතැවීම පිළිගැනීමට අවසාන දවස දක්වා තිබේ. එබැවින් සභාවට නායකත්වය දෙන අය ඔවුන්ගේ පොරොන්දු මහත් තේජසින් පූර්ණ ලෙස ලබා ගැනීමට හැකි වන පරිදි ධර්මිෂ්ඨ මාර්ගයේ ගමන් කළ යුතු බව ඔබ කියනු ඇත. එබැවින් අවංකව ක්‍රියා කරන ඔබ, ස්ථිරව සිටින්න, මක්නිසාද ඔබේ මාර්ගය ශුද්ධ දූතයන්ගේ මඟ පෙන්වීම මත රඳා පවතී. ඔබ මේ ගැන කිසිදු සැකයක් ඇති කර ගත යුතු නැත. එළඹෙන මහත් පීඩාව විඳදරාගැනීමට ශක්තිය ඇති ඔබ භාග්‍යවන්තයි. තම ජීවිතයට වෛර නොකරන අය භාග්‍යවන්තයෝය. සමිඳාණන් වහන්සේ තම පුත්‍රයා මාර්ගයෙන් නියම කළේ උන්වහන්සේ ප්‍රතික්ෂේප කළ අය බලාපොරොත්තු සුන් වී තම ජීවිතය අත්හැරිය යුතු බවයි. දෙවියන් වහන්සේ අතීතයේ උන් වහන්සේව ප්‍රතික්ෂේප කළ අයට දයාව දැක්වූයේ උන්වහන්සේගේ මුදු මොළොක් දයාව නිසාය.
7 එහෙත්, හර්මස්, ඔබේ දරුවන් ඔබට කරන ද්‍රෝහිකම මතක තබා නොගන්න, ඔබේ සහෝදරිය නොසලකා නොහරින්න, මන්ද ඔවුන් දැනටමත් ඔවුන්ගේ පාපවලින් පවිත්‍ර වනු ඇත. ඔවුන් ඔබට විරුද්ධව කළ ද්‍රෝහිකම් ඔබට මතක නැත්නම්, ඔවුන්ගේ ධර්මිෂ්ඨ ඉගැන්වීම් මගින් නිවැරදි කරනු ඇත. වැරදි නැවත නැවත මතක් කර දීම මාරාන්තික වේදනාවක් ඇති කළ හැකිය. ඔවුන් ඔබට විරුද්ධව කළ ද්‍රෝහිකම් ඔබට මතක නැත්නම්, ඔවුන් ධර්මිෂ්ඨ ඉගැන්වීම් මගින් නිවැරදි කරනු ඇත. හර්මස්, ඔබේ නිවසේ ඔබට සිදු වූ කුරිරුකම් සඳහා ඔබ තනිවම දුක් වින්දා. ඔබ ඔවුන්ව දකින්නේ නැති නිසා. නමුත් ඔබට හානියක් විය හැකි දේවල් සමඟ කටයුතු කිරීමේදී ඔබ නොසැලකිලිමත් විය. ඔබ ජීවමාන දෙවියන් වහන්සේගෙන් ඉවත්ව නොගියද, ඔබගේ සරල බව සහ මහත් ආත්ම දමනය නිසා ඔබ ගැලවී ඇත. ඔබ අධිෂ්ඨානශීලී නම්, මේවා ඔබව ගලවා ගනු ඇත. එසේම එවැනි ගුණධර්ම ඇතිව ක්‍රියා කරන සියල්ලෝම, විශේෂයෙන්ම වංචාවෙන් තොරව සරලව ජීවත්වන සියලුදෙනාම නිසැක වශයෙන්ම ගැලවීම ලබයි. එවැනි ගුණධර්ම ඇති මිනිසුන් සියලු ආකාරයේ අකුසල කර්මයන්ට දැඩි ලෙස විරුද්ධ වේ. තවද ඔවුන් සදාකාල ජීවනයේ පවතිනු ඇත. ධර්මිෂ්ඨකම් කරන සියල්ලෝ භාග්‍යවන්තයෝය, මක්නිසාද ඔව්හු කිසි කලෙකත් විනාශ නොවන්නෝය. එවිට ඔබ මැක්සිමස්ට කියනු ඇත: මෙන්න! පීඩා පැමිණෙනු ඇත. එය ඔබට හොඳ යැයි හැඟේ නම්, එය ප්‍රතික්ෂේප කරන්න. පාළුකරයේ විසූ මිනිසුන්ට අනාවැකි කී Eldad සහ Modat, ලියා ඇති පරිදි, සමිඳාණන් වහන්සේ උන් වහන්සේ වෙතට ආපසු එන අයට සමීප ය.
මහලු කාන්තාවගේ අනන්‍යතාවය තහවුරු විය
8 දැන් මාගේ ප්‍රේමණීය සහෝදරයෙනි, මට සවන් දෙන්න. මම නිදාගෙන සිටිනවිට ආකර්ශනීය පෙනුමක් තියෙන තරුණයෙක් මගේ ඉස්සරහට පැමිණ මට හෙළිදරව්වක් දුන්නේය. ඔහු මට කිව්වා, ඔබ සිතන්නේ එම වයසක කාන්තාව ඔබට එම පොත දුන්නේ කවුද කියලද? ඔහු ඇසුවා. මම ඇයට සිබිල් කියා කීවෙමි. නෑ ඒක වැරදියි, ඔහු කීවේය. ඒ සිබිල් නොවේ නම්, ඇය කවුද? මම ඇසූ විට, ඔහු පැවසුවේ: ඇය ශුද්ධ සභාවයි. මම ඒ වෙනුවට ඔහුගෙන් ඇසුවෙමි, එසේ නම් ඇය වයසක කාන්තාවක් මෙන් පෙනෙන්නේ ඇයි කියා. ඒ තරුණයා පැවසුවේ, ඇය මුලදී මවන ලද බැවිනි, ඒ නිසා ඇය වයසක පෙනුමක් ඇති බව ඔහු පැවසීය. මක්නිසාද යත් ඇය ආරම්භයේදීම නිර්මාණය වූ බැවිනි කියා, ඔහු අතුරුදහන් විය. ඉන්පසු මගේ නිවසෙහි දර්ශනයක් දැක, මහලු කාන්තාව නැවතත් මතුවී ඇසුවේ, ඇය දුන් පොත වැඩිහිටියන්ට දී තිබේදැයි කියාය. මම නැතයි කීවෙමි. එවිට ඇය කීවා, ඔබ ඔබේ යුතුකම හොඳින් ඉටු කර ඇති අතර ඒ ගැන තවත් බොහෝ දේ ගැන මට එකතු කිරීමට වචන කිහිපයක් තිබේ. නමුත් මම සියලු වචන අවසන් කළ පසු, තෝරාගත් සියලුම දෙනා ඔබ හරහා ඒවා දැන හඳුනා ගනු ඇත. එබැවින් ඔබ පොත් දෙකක් ලියයි; එයින් එකක් ක්ලෙමන්ස්ටත් අනෙක ග්‍රාෆ්ටේටත් යවන්න. ක්ලෙමන්ස් ඔහුගේ පොත අන්‍යජාතීන්ට යවයි. මක්නිසාද ඔහුට එසේ කිරීමට අවසර දී ඇත. ග්‍රාෆ්ටේ තමන්ට ලැබුණු පොතෙන් වැන්දඹුවන්ට සහ අනාථ දරුවන්ට ද උපදෙස් දෙයි. එහෙත් මේ නගරයේ දී ඔබ විසින් ම සභාවේ ප්‍රධානියා වන වැඩිමහල්ලන් සමඟ එය ශබ්ද නඟා කියවිය යුතු ය.
3 වන දර්ශනය
කාන්තාව සහ කුළුණ
9 මාගේ ප්‍රේමණීය සහෝදරයෙනි, මා දුටු දර්ශනය පහත ස්වභාවයෙන් යුක්ත විය. නිතර නිරාහාරව සිටින මම, මහලු කාන්තාව මාර්ගයෙන් මට පෙන්වන්නට පොරොන්දු වූ දේ මට පෙන්වීමට ස්වාමීන් වහන්සේට කෘතවේදීව භාවනා කළෙමි. එදින රාත්‍රියේ මහලු කාන්තාව නැවත මා ඉදිරියේ පෙනී සිට ඔබ ඉතා කනස්සල්ලෙන් හා කුතුහලයෙන් සිටිනවාදැයි මගෙන් ඇසුවාය. එවිට සියල්ල දැන ගැනීමට, ඔබ නැවතී සිටින රටේ වෙනත් ප්‍රදේශයකට එකවර යන්න. පස්වන පැයේදී මම ඔබ ඉදිරියෙහි පෙනී සිට ඔබට දැකීමට අවශ්‍ය සියල්ල ඔබට පෙන්වන්නෙමි කියා, ඇය පැවසුවාය. මම ඇයගෙන් මෙසේ ඇසුවෙමි, ස්ත්‍රිය, මම රටේ කුමන පැත්තට යා යුතුද? කියා. ඒ වගේම ඇය කිවා, ඔයාට ඕන තැනකට යන්න පුළුවන් කියලා. ඉන්පසු සුදුසු තැනක් තෝරගෙන මම බලාගෙන සිටියා. කෙසේ වෙතත්, මම කතා කිරීමට පෙර, මම සිටින ස්ථානය දැක්වීමට උත්සාහ කළ විට, ඇය මට කිව්වා, මම ඔබට අවශ්‍ය තැනට එන්නම්. ඒ අනුව මම ඇය කී පරිදිම ගොස් පැය ගණන් කර ඇය හමුවීමට පොරොන්දු වූ ස්ථානයට පැමිණියෙමි. එහි ඇත් දළවලින් ආසනයක් ද ඒ මත කපු රෙදිවලින් මහපු කොට්ටයක් ද පිළියෙළ කර තිබෙනු ද, හණ කොට්ටය සිහින් රෙද්දකින් වසා තිබෙනු ද මම දුටිමි. මේ සියල්ල එහි දමා තිබියදී, කිසිවෙකු එහි නොමැති බව දැකීමෙන් මම තරමක් පුදුමයට පත් වූවෙමි. මා වෙවුලන්න ගත්තේය. මගේ හිස කෙස් කෙලින් විය. මම තනියම සිටි නිසා. එය දුටු විට මා තුළ භීතියක් ඇති විය. නමුත් මා තුළ වූ දෙවියන් වහන්සේගේ මහිමය සිහිපත් වූ විට, මම නිර්භීතව දණින් වැටී, මා පෙර කළාක් මෙන් නැවතත් මගේ පව් දෙවියන් වහන්සේට පාපොච්චාරණය කළෙමි. එවිට මහලු කාන්තාව මා ළගට පැමිණියේ මා පෙර දුටු තරුණයන් හය දෙනාම කැටුවය. ඇය මා පිටුපසින් සිට මම යාච්ඤා කරන විට සවන් දී මගේ පව් සමිඳාණන් වහන්සේට පාපොච්චාරණය කළාය. ඇය මාව මෘදු ලෙස ස්පර්ශ කර, හර්මස්, ඔබේ පව් වෙනුවෙන් පමණක් යාච්ඤා කිරීම නවත්වන්න. ධර්මිෂ්ඨකම සඳහා යාච්ඤා කරන්න, එයින් කොටසක් වහාම ඔබේ පවුල වනු ඇත. මෙය දුටු ඇය මගේ අත අල්ලාගෙන ඇගේ අසුනට ගෙනවිත් තරුණයන්ට කීවාය, ඔබ ගොස් ඉදිකිරීම් කරගෙන යන්න. තරුණ පිරිස ගියාට පසු අපි තනියම සිටින විට ඇය මට කිව්වා, මෙතනින් වාඩි වෙන්න කියා. එකෙණෙහිම මම ඇයට කීවෙමි, ස්ත්‍රිය, වැඩිමහල් අයට පලමුව වාඩිවෙන්න දෙන්න, කියා. මම කියන විදියට කරන්න, පලමුව ඉඳගන්න, ඇය මට දකුණු පැත්තේ ඉඳගන්න ඉඩ නොදී, වම් පැත්තේ ඉඳගන්න කියලා අතින් සංඥා කළාය. මම මේ ගැන කල්පනා කර සිටින විටදී මට දකුණු පැත්තේ වාඩි විමට ඉඩ දුන්නේ නැති එක ගැන ඇය කලකිරෙනවා වැනි හැගීමක් ඇයට දැනුනා යැයි කිව්වා. හර්මස්, ඔයා කලබලින්ද? දකුණු පස ඇති ආසනය දැනටමත් දෙවියන් වහන්සේව සතුටු කර ඇති සහ ඔහුගේ නාමය උසස් කිරීම සඳහා දුක් විඳ ඇති අය සඳහා ය. ඔබ ඔවුන් සමඟ වාඩි වීමට පෙර ඔබට ඉටු කිරීමට බොහෝ දේ ඇත. එමනිසා හැමදාම මෙන් දැන් සරල වෙන්න. ඔබ ඔවුන් සමඟ වාඩි වී සිටියහොත්, ඔවුන් කළ දේ විඳදරා ගැනීමටත් ඔවුන් රැගෙන ගිය දේ දරා ගැනීමටත් ඔබට සිදුවනු ඇත.
10 ඔවුන් ඉවසන්නේ කුමක් දැ යි මම ඔවුන්ගෙන් ඇසීමි. තවද ඇය දෙවියන් වහන්සේ වෙනුවෙන් කස පහර, සිරගත කිරීම්, මහත් පීඩා, කුරුස, වන මෘගයන් යනාදිය විඳදරා ගත්තාය. මේ නිසා ඔවුන්ට දෙවියන් වහන්සේ වෙනුවෙන් දුක් විඳින සියල්ලන්ට දකුණු පැත්ත පැවරී ඇත. ඉතිරිය සඳහා වම් පසින් ඉඩ වෙන් කර ඇත. නමුත් දකුණේ අයටත් වම් පැත්තේ අයටත් එම ත්‍යාග සහ පොරොන්දු දෙනු ලැබේ. මහිමයට පත් වූවන් පමණක් දකුණු පසින් වාඩි වී සිටිති. ඔවුන් සමඟ නිවැරදිව වාඩි වීමට ඔබ උනන්දු වෙයි. නමුත් ඔබට බොහෝ අඩුපාඩු තිබේ. එහෙත් ඔබ ඔවුන් මෙන් පවිත්‍ර වනු ඇත. අද දක්වා ඔවුන්ගේ සියලු පාපයන් සැක කිරීමට ඉඩ නොතබන්න. කිසිඳු සැකයකින් තොරව සෑම කෙනෙකුම අද දක්වා ඔවුන්ගේ සියලු පාපයන්ගෙන් මිදෙනු ඇත. මහලු කාන්තාව එසේ පවසා පිටත්ව යාමට සූදානම් විය.
නමුත් මම ඇගේ පාමුල වැටී දෙවියන් වහන්සේගේ නාමයෙන් යාච්ඤා කළෙමි. ඇය මට පෙන්වන්නට පොරොන්දු වූ දර්ශනය මට පෙන්වන්න කියා. එවිට ඇය නැවතත් මගේ අත අල්ලාගෙන, මාව ඔසවා, වම් පස අසුනේ වාඩි කරවා, සැරයටිය ඔසවාගෙන, ඔබට විශාල දෙයක් පෙනෙනවාද? ඇය ඇසුවාය. මම කිව්වා, ස්ත්‍රිය මට කිසිම දෙයක් පේන්නේ නැත, කියා. ඇය නැවතත් මට මෙසේ කීවාය. ඔබ ඉදිරියෙහි ජලයට ඉහළින් ඉදිකරන ලද උතුම් හතරැස් ගල්වලින් යුත් විශාල කුළුණක් ඔබ නොදකිනු ඇත් ද කියා ඇය ඇසුවාය. ඇය කැටුව ගිය තරුණයන් හය දෙනා විසින් කුළුණ සමතලා කොට ඉදිකර ඇත. නමුත් බොහෝ මිනිසුන් එයට ගල් රැගෙන ගියහ. සමහරු ඒවා පහළ සිට ඉහළට ඇද්දාය. තවත් අය පොළොවෙන් ඒවා රැගෙන මේ තරුණයන් හයදෙනාට භාර දුන්නේය. ඔව්හු ඒවා රැගෙන ගොඩනැගිල්ල ගොඩනඟමින් සිටියහ. තවද ගැඹුරින් ඉහළට ඇදගත් බොහෝ ගල් එම ගොඩනැඟිල්ලේ තැන්පත් කරන ලදී. ගල් ඔප දමා අනෙක් ගල් වලට එය හොඳින් ගැලපේ, ඒවා එකිනෙකට සම්බන්ධ කර ඇති අතර හිඩැස් හඳුනාගත නොහැකි ලෙස පිළිවෙලට තබා ඇත. අහඹු ලෙස කුළුණේ ගොඩනැගිල්ල එක ගලකින් සෑදූ එකක් මෙන් දිස් විය. කෙසේ වෙතත් බිමෙන් ගත් එම ගල් වෙනත් ආකාරයකින් හමු විය. තරුණයන් ඒවායින් සමහරක් ප්‍රතික්ෂේප කර, සමහරක් ගොඩනැගිල්ල මත සවි කර, සමහරක් කඩා ඒවා කුළුණෙන් බොහෝ ඈතට ගෙන ගියහ. කුළුණ වටා බොහෝ ගල් වැතිර තිබුණද, තරුණයින් ඒවා ගොඩනැඟීම සඳහා භාවිතා නොකළේය. ඒවායින් සමහරක් රළු වූ අතර සමහර ඒවා ඉරිතලා ඇත. සමහර ඒවා ඉතා පටු විය. සමහර ඒවා සුදු සහ රවුම් හැඩයෙන් යුක්ත විය. කෙසේ වෙතත්, ඒවා කුළුණ ඉදිකිරීමට ඇතුළත් කර නොමැත. තවත් ගල් කුළුණෙන් ඈතට වීසි වී, ප්‍රසිද්ධ මාර්ගයේ වැටෙනු මම දුටුවෙමි. ඒවා නිතරම පාරේ නොතිබේ, ඒවා මාර්ගය සකස් කිරීමට භාවිතා කරන ලදී. සමහර ගල් කැට ගින්නට වැටී පිච්චෙන බවත් තවත් සමහරක් දිය දහරාව අසලට වැටෙන බවත් මම දුටුවෙමි, නමුත් ඒවා බිම වැටී වතුරට යාමට අවශ්‍ය වූ නමුත් ජලයේ යටවීමට නොහැකි විය.
කුළුණ පිළිබඳ විස්තරය
11 මේ දර්ශන මට පෙන්වූ විට ඈ සමුගත්තාය. මම ඇයට කීවෙමි, මට මේ සියල්ල දැකීමෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද, කියා මම ඇසුවා. ඔබ කුළුණට සම්බන්ධ සෑම දෙයක්ම දැන ගැනීමට කැමති කපටි පුද්ගලයෙකි, කියා ඇය මට කීවාය. මම කිව්වා, අනේ ස්ත්‍රිය, ඒක මගේ සහෝදරයන්ට කියන්න ඕනේ, කියා. ඔව්හු එය අසා, සමිඳාණන් වහන්සේගේ මහිමය වඩාත් ගැඹුරින් දැනගනු ඇතැ යි මම ඇයට කීවෙමි. එවිට ඈ මෙසේ කීවා ය: බොහෝ දෙනෙක් අසනු ඇත, සමහරු එය අසා සතුටු වෙති, සමහරු අඬති. නමුත් ඔවුන් එය අසා පසුතැවිලි වුවහොත් ඔවුන් සතුටු වනු ඇත. එසේ නම්, කුළුණ පිළිබඳ උපමාව සලකා බලන්න. මම ඔයාට සියල්ලම කියන්නම්. ඒ වගේම හෙළිදරව්ව ගැන මට කරදර කරන්න එපා. නමුත් ඔබ නිර්ලජ්ජිත නිසා, ඔබ එළිදරව් කිරීම් සඳහා යාච්ඤා කිරීම නවත්වන්නේ නැත. ඔබ ඉදිවෙමින් පවතින කුළුණක් දෙස බලනවාද? එය මමයි. එය සභාවේ කුළුණය. වර්තමානයේ සහ අතීතයේදී ඔබේ ඇස් දුටුවේ එයයි. එවිට කුළුණ ගැන ඔබ සිතන්නේ කුමක්දැයි අසන්න. ඔබ සැදැහැවතුන් සමඟ ප්‍රීති වන පිණිස මම එය ඔබට ප්‍රකාශ කරන්නෙමි. එවිට මම ඇයගෙන් ඇසුවෙමි, ස්ත්‍රිය, ඔබ මට මෙය වරක් පවසන බවට පොරොන්දු වූ බැවින් දැන් එය පවසන්න. හෙළි කළ යුතු සියල්ල කාලයාගේ ඇවෑමෙන් හෙළි කරන බව ඇය මට පැවසුවාය. ඔබේ මනස දෙවියන් වහන්සේ කෙරෙහි පමණක් තබා, ඔබ දකින ඕනෑම දෙයක් සැක නොකරන්න කියා ඇය පැවසුවාය. මම ඇගෙන් මෙසේ ඇසුවෙමි, ස්ත්‍රියනි, එසේ නම් ජලය මත කුළුණ ඉදිකළේ ඇයි? ඒ වෙනුවට, මම ඔබට කලින් කීවෙමි, ඔබ ගැඹුරට යාමට උත්සාහ කරන්න. එසේ විමසා බලන විට සත්‍ය අසත්‍ය බව පෙනේවි. කුළුණ ජලය මත ඉදිකර ඇත්තේ ඇයි කියා ඔබ අසයි? ඒ ඔබේ ජීවිතය වතුරෙන් ගැලවීම ලැබුණු නිසා. මක්නිසාද යත් මෙම කුළුණ ඉදිකර ඇත්තේ සර්වබලධාරී හා තේජාන්විත නාමයේ වචනය මතය. තවද එය දෙවියන් වහන්සේගේ අදෘශ්‍යමාන බලය විසින් එකට තබා ඇත.
12 මට කුතුහලය දරාගත නොහැකිව, මේක පුදුමයි, හරිම විශිෂ්ටයි, කියා ඇයට කීවෙමි. නමුත් එම ඉදිකිරීම් කටයුතුවල නිරත තරුණයන් හයදෙනා කවුද කියා මම ඇසුවා. ඇය පැවසුවේ, මේ දෙවියන් වහන්සේ විසින් මවන ලද පළමු ශුද්ධ දේවදූතයන් බවයි. සමිඳාණන් වහන්සේ තම මුළු මැවිල්ලම භාර දුන්නේ ඔවුන්ට ය. මුළු මැවිල්ලම වැඩි කිරීමට, ගොඩනඟා පාලනය කිරීමට දෙවියන් වහන්සේ ඔවුන්ට අණ කර ඇති බව, ඇය පැවසුවාය. ඒ වෙලාවෙම මම කිවා මේ කුළුණ මේ අය අතින් සම්පූර්ණයෙන් හදලා දෙනවද? එසේනම් ගල් රැගෙන යන අනෙක් අය කවුද? මොවුන් ද දෙවියන් වහන්සේගේ ශුද්ධ පණිවිඩකරුවන් ය. නමුත් අන්අය මෙයට වඩා හොඳයි. කුළුණේ ඉදිකිරීම් අවසන් වූ විට, ඉක්මනින්ම හැමෝම කුළුණ වටේට ඔල්වරසන් දෙමින් ප්‍රීති වෙනවා. ඉදිකිරීම් අවසානයේ දෙවියන් වහන්සේ මහිමයට පත් වන බව ඇය පැවසුවාය. නැවතත් මම ඇයට මෙසේ කීවෙමි, ස්ත්‍රිය, ගල්වලින් අදහස් කරන්නේ කුමක්ද? මෙහි විවිධ ගල් වර්ග තිබේ. ඔවුන්ගේ ස්වභාවය කුමක්දැයි මට දැන ගැනීමට අවශ්‍යයයි, මම කීවෙමි. ඊට ප්‍රතිචාර වශයෙන් ඇය මට කීවේ ඔබට මෙම පැහැදිලි කර දීමට අන් අයට වඩා ඔබ සුදුසුකම් ඇති නිසා නොව, ඔබට පෙර තවත් අය සිටින නිසාය. ඔවුන් ඔබට වඩා හොඳයි. මෙම දර්ශන ඔබට ප්‍රථමයෙන් ප්‍රකාශ කළ යුතුව තිබුණේ ඔබට වඩා ඔවුන්ට ප්‍රථමයෙන් එළිදරව් කළ යුතුව තිබුණි. නමුත් ඔබට එළිදරව් වීමෙන් දෙවියන් වහන්සේගේ නාමයේ මහිමය සඳහා ය. ඒ වගේම මේ දේවල් සිදුවේද, සිදුනොවේද කියා හිතේ සැක කරන අයටත් ද හෙළිදරව් වේවි. එබැවින් මේ සියල්ල සත්‍ය බවත් මේ කිසිවක් සත්‍යයෙන් ඔබ්බට නොවන බවත් ඔවුන්ට පවසන්න. ඒවා සියල්ලම ශක්තිමත් සහ කල් පවතින ඒවා වන අතර ශක්තිමත් පදනමක් ආධාරයෙන් ඉදිකර ඇත.
13 දැන් ගොඩනැගිල්ලේ තිබෙන ගල් පිලිබඳ මා කියනදේට සවන් දෙන්න. එම හතරැස් සුදු ගල්, එකිනෙකා සමඟ පරිපූර්ණව සමපාත වන අතර, අපෝස්තුළුවරුන්, රදගුරුවරුන්, ගුරුවරුන් සහ දේවගැතිවරුන් නියෝජනය කරයි. ඔවුන් ශුද්ධව හා නිර්මල ජීවිතයක් ගත කළ අතර, රදගුරුවරුන්, ගුරුවරුන් සහ අනේකුත් දේවසේවකයන් ලෙස අවංකව හා ගෞරවයෙන් දෙවියන් වහන්සේ තෝරාගත් අයට සේවය කළහ. ඔවුන්ගෙන් සමහරෙක් සදාකාලික නින්දට වැටී ඇත. සමහරු තවමත් ජීවතුන් අතර සිටී. ඔවුන් සෑම විටම එකිනෙකා පිළිගෙන එකිනෙකාට සවන් දුන් අතර ආදරයෙන් හා සාමයෙන් සිටියහ. මේ නිසා ඒවා කුළුණක ගොඩනැඟිල්ලේ ඇති ගල් මෙන් හොඳින් එකට ගැළපෙන බව පැහැදිලි කිරීමෙහි සඳහන් වේ. එසේ නම්, මම ඇසුවෙමි, පාමුල සිට ඉහළට ඇද දැමූ ගල්, ගොඩනැගිල්ල තුළට ගෙන ගොස්, කුළුණේ තබා ඇති ඉතිරි ගල් සමඟ සවි කළේ කවුද? ඒ වෙනුවට, ඔවුන් දෙවියන් වහන්සේ වෙනුවෙන් දුක් වින්දා කියලා මට කිව්වා. නැවතත් මම කීවෙමි, ස්ත්‍රිය , එසේ නම්, පාදයෙන් ගත් අනෙක් ගල් කුමකටදැයි දැන ගැනීමට කැමැත්තෙමි. ඔප දැමීමකින් තොරව ගොඩනැගිල්ල තුළට ගෙන එන ලද ගල් දෙවියන් වහන්සේ විසින් පෙන්වා දෙන ලද සෘජු මාර්ගවල ගමන් කරමින් උන් වහන්සේගේ ආඥා පිළිපැදීම නිසා ඒවා දෙවියන් වහන්සේ විසින් අනුමත කරන ලද බව ඇය පැහැදිලි කළාය. එසේ නම් මම ඇසුවා කවුද මේ ගල් ගෙනවිත් ගොඩනැගිල්ලට දැම්මේ කියා. ඔවුන් තවමත් ඇදහිල්ලේ මුල් නමුත් විශ්වාසවන්තයි. ඔවුන් තුළ කිසිදු අයුක්තියක් හෝ අයුක්තියක් දක්නට නොලැබෙන බැවින්, ප්‍රයෝජනවත් ක්‍රියාකාරකම්වල නිරත වන ලෙස දේවදූතයන් විසින් ඔවුන්ට උපදෙස් දෙන බව ඇය පැහැදිලි කළාය. ඉදි කරන්නන් විසින් ප්‍රතික්ෂේප කර ඉවත දමන ලද ගල් නියෝජනය කරන්නේ කාවද? එම මහළු කාන්තාව කිව්වා, මොවුන් තමයි මුලින් පව් කලොත්, පසුව පසුතැවිලි වෙන්න ඕනේ කියලා. ඒ නිසා, ඔවුන් පසුතැවිලි වුවහොත්, ඔවුන් තවමත් ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා ප්‍රයෝජනවත් විය හැකි නිසා, ඔවුන් කුළුණ ගොඩනඟන ස්ථානයෙන් බොහෝ ඈතට විසි නොකළේය. එහි තේරුම නම් පසුතැවිලි වන්නන් ඇදහිල්ලෙන් ශක්තිමත් වන අතර එය ඉදිකරන විට එය ශක්තිමත් කිරීමට අවශ්‍ය ගල් වනු ඇත. ගොඩනැගිල්ල සාදා අවසන් වුණාම ප්‍රතික්ෂේප කරපු ගල් අවශ්‍ය නැත. එබැවින් ප්‍රතික්ෂේප කරන ලද ගල් ප්‍රතික්ෂේප කරනු ලැබේ. එවැනි අවස්ථාවක මෙම ආශිර්වාදය ලැබෙන්නේ කුළුණු අසල තබන ගල්වලට පමණි.
14 කුළුණු ඉදිකිරීමෙන් ඉවත් කර ඉවතට දමන ලද ගල් විසි කළේ කවුදැයි ඔබට දැන ගැනීමට අවශ්‍යද? ඔවුන්ගේ පාපයේ දී ජනතාව විශ්වාස කළේ ඔවුන්ගේ කුහකකම පමණි. වංකකම ඔවුන්ව අත්හැරියේ නැත. මේ හේතුව නිසා ඔවුන්ට ගැලවීම නොලැබේ. මක්නිසාද යත් ඔවුන් කළ පව් නිසා, ගොඩනැඟීමට භාවිතා කළ නොහැකි ගල් මෙන් විය. එබැවින් සමිඳාණන් වහන්සේගේ උදහස ඔව්හු කපා ඉවත් කරනු ලැබූ හ. ඒ අතරම, ගොඩනැගිල්ල තුළට ගෙන නොගොස් ගල් විශාල ප්‍රමාණයක් වැටී තිබෙනු ඔබ දුටුවේ නැද්ද? මම ඔබටත් ඒවා පැහැදිලි කරන්නම්, හොඳින් සවන් දෙන්න. සත්‍ය දන්නා ඇතැමෙක් එහි නොරැඳී, සාන්තුවරයන් හා සමගි නොවී සිටීම රළු ගල් හා සමානයි. මේ ආකාරයෙන් ඒවා භාවිතයට නුසුදුසු සේම ඔවුන්ගේ කුසල් අහිමි වේ. ඉරිතැලීම් සහිත ගල් කවුරු සඳහා උදාහරණයක් දක්වයි ද? ඔවුනොවුන්ගේ සිත්හි ඔවුනොවුන් අතර විරසක වෙයි, ඔවුන් අතර සමාදානයක් නැත: ඔවුනොවුන් සමඟ සමාදානයෙන් සිටින බව පෙනුනද, ඔවුනොවුන්ගෙන් වෙන්ව සිටියද, ඔවුන්ගේ සිත්හි නපුරු සිතිවිලි වාසය කරයි. මේවා ගල්වල ඉරිතැලීම් ය. නමුත් අවශ්‍යතා අනුව හැඩගස්වාගත් ගල් මෙන් මිනිසුන් සැබවින්ම විශ්වාසවන්ත සහ ආචාර ධර්ම සම්බන්ධයෙන් විශාල කාර්යභාරයක් ඉටු කළ හැකි අය. එවැනි අය සෑදී ඇතත්, පාපයේ සැලකිය යුතු කොටසක් නිසා පරිපූර්ණ නොවේ. එබැවින් ඒවා තවදුරටත් පරිපූර්ණ කළ යුතුය. කුළුණ ඉදිකිරීමට නුසුදුසු, සුදු සහ වටකුරු ගල් කැපූ මහලු කාන්තාවගෙන් මා විමසූ විට, ඇය පිළිතුරු දුන්නේ, ඔබ කොපමණ කාලයක් මෝඩ හා නූගත් වනු ඇත්ද? පිළිතුරු නොදැන නොයෙකුත් ප්‍රශ්න අසනවාද? ඔවුන් සැබවින්ම පක්ෂපාතී ය. නමුත් ඔවුන්ටද මෙලොව සම්පත් කෙරෙහි අසීමිත ආශාවක් ඇත. ඉතින්, පීඩාව පැමිණි විට, ඔවුන් ඔවුන්ගේ ධනය හා ව්‍යාපාර නිසා දෙවියන් වහන්සේව ප්‍රතික්ෂේප කරති. එවිට මම ඇගෙන් ඇසුවෙමි, ස්ත්‍රිය, එසේ නම්, ඔවුන් ගොඩනැගිල්ලට ප්‍රයෝජනවත් වන්නේ කවදාද? ඇය මෙසේ පැවසුවාය: ඔවුන් ආකර්ෂණය කරන ඇඳුම ඔවුන්ගෙන් ඉවත් කළහොත් ඔවුන් දෙවියන් වහන්සේට වැඩදායී ජනතාවක් වනු ඇත. වටකුරු ගල් ඒවායේ කොටස් කපා හැඩගස්වා ඇත. කුළුණක් තැනීමට ඒවා භාවිතා කළ නොහැක. එසේම වටකුරු ගලක් ස්වයංක්‍රීයව හතරැස් නොවන්නාක් මෙන්, මෙලොව පොහොසත් අයට ධනයට ඇති ආශාව නොමැති නම් දෙවියන් වහන්සේට අනුව ජීවත් විය නොහැක. ඔබේම අත්දැකීම් වලින් මෙය පළමුව ඉගෙන ගන්න. ඔබ පොහොසත් වූ විට ඔබ නොවටිනා වූ නමුත්, ධනය පැත්තකින් තැබූ පසු දැන් ඔබ ප්‍රයෝජනවත් ජීවිතයට සුදුසුයි. දෙවියන් වහන්සේට ප්‍රයෝජනවත් වන්න, එවිට ඔබත් ඒ ශුද්ධ ගොඩනැඟිල්ල ඉදිකිරීම සඳහා මෙම ගල්වලින් එකක් වනු ඇත.
15 දැන් ඔබ දුටු අනෙක් ගල්; එනම් පදික වේදිකා සඳහා යොදා ගන්නා ගල්, කුළුණු ඉදිකරන ස්ථානයේ සිට බොහෝ ඈතට විසිකර පොදු මාර්ගවල වැටී මාර්ගයක් නොමැති ස්ථානවලට රැගෙන යාමයි. සැබෑ විශ්වාසවන්තයින් එබඳුය. නමුත් සැකය නිසා ඔවුන් සැබෑ මාර්ගය අතහැර වෙනත් මාර්ගයක් තෝරාගෙන ඇත. එබැවින් ඔවුන් යහපත සොයමින් බොහෝ තැන් වල සැරිසරමින් දුක්ඛිත තත්වයට වැටී මාර්ග රහිත තැන්වලට වැටේ. අනෙක් අය එනම්, ගින්නට වැටෙන ගල් මෙන්, ජීවමාන දෙවියන් වහන්සේගෙන් සදාකාලිකව වෙන් වී ඇත. එසේත් නැතිනම් කාමයන් කෙරෙහි දැඩි අවධානයක් යොමු කිරීම සහ ඔවුන් කළ අපරාධ නිසා ඔවුන්ගේ සිත්වල පසුතැවිලි වීමේ සිතිවිල්ලක් ඇති නොවේ. දිය උල්පත් අසලට වැටෙන, ඒවායේ සිදුරු පුරවා ගැනීමට පවා නොහැකි වෙනත් ගල් මෙන්, අනෙක් අය කවුදැයි දැන ගැනීමට ඔබට කුතුහලයක් තිබේද? දෙවියන් වහන්සේගේ වචනය අසා ඇති අය, සමිඳාණන් වහන්සේගේ නාමයෙන් බව්තීස්ම වීමට අවශ්‍යය. නමුත් සත්‍යය ඔවුන්ට අණ කරන ජීවන මාර්ගය සිහිපත් කරන විට, ඔවුන් පසුබසින අතර ඔවුන්ගේ පැරණි නපුරු ආශාවන් වෙත ආපසු යයි. මෙසේ මහලු කාන්තාව කුළුණ ඉදිකිරීමේ දර්ශනය පැහැදිලි කර අවසන් කළාය. එහෙත් නිර්ලජ්ජිතව මම නැවතත් ඇගෙන් ඇසුවෙමි. කුළුණ ඉදිකිරීමට නුසුදුසු ගල් සියල්ලම වෙන් කර, ආදර්ශවත් මිනිසුන් ඔවුන් වෙනුවෙන් වෙන් කිරීම ගැන ඇයට කණගාටු විය හැකිද? නැවතත් එවැනි ගල්වලට මෙම කුළුණෙහි තැනක් තිබේද කියා මම ඇසුවා. ඒ වෙනුවට එවැනි ගල්වලින් පෙන්නුම් කරන්නේ පසුතැවිලි වීමට තවමත් කාලය ඇති බවයි. නමුත් ඔවුන්ට මේ කුළුණේ සුදුසු ස්ථානයක් සොයා ගැනීමට නොහැකි විය. නමුත් වෙනත් ස්ථානයක එනම්, ඉතා පහත් ස්ථානයක බිම හෝ ඒවා යට ඒවා තබා ඇත. තවද ඔවුන් වධ හිංසාවට ලක් කර ඔවුන්ගේ පාපයට දඬුවම් කාලය අවසන් වූ විට පමණක් ඔවුන්ගේ යහපත කුළුණු ගොඩනැගිල්ල නම් සභාවට අවශෝෂණය වේ. මේ ආකාරයෙන් ඔවුන් පරිවර්තනය කරනු ඇත. මක්නිසාද යත් ඔවුන් දෙවියන් වහන්සේගේ වචනයට පංගුකාරයන් වන බැවිනි. තමන් කළ අකුසල කර්ම ගැන පසුතැවිලි වීමේ සිතිවිල්ල ඔවුන්ගේ සිත් තුළට පැමිණි විට පමණක් දඬුවම්වලින් නිදහස් වන්නේය. නමුත් එය ඔවුන්ගේ හදවත් තුළ හටගන්නේ නම් මිස ඔවුන්ගේ හදවතේ දැඩිකම නිසා ඔවුන්ට ගැලවීමක් නොලැබේ.
කුළුණ ආරක්ෂා කරන කාන්තාවන් හත් දෙනා
16 මගේ හිතේ හටගත්තු සැක සියල්ලන්ම ඇසීම නැවතු විට ඇය මගෙන් ඔබට තව දැනගන්න ඕන දෙයක් තියෙනවද කියා ඇසුවාය. මටත් යමක් දැන ගැනීමේ දැඩි කුතුහලයක් ඇති වූ විට මගේ මුහුණ සතුටින් බැබළුණි. ඇය සිනාසෙමින් මා දෙස බලා ඔයා දැක්කද කුළුණ වටේ සිටින කාන්තාවන් හත්දෙනා කියා ඇසුවිට මම ඔව් ස්ත්‍රිය, කියා කිව්වා. ස්වාමින් වහන්සේගේ අණ පරිදි ඔවුන් විසින් මෙම කුළුණ ඔප දමනවා. දැන් ඔවුන්ගේ ක්‍රියාකාරකම් දැනගන්න. ඔවුන්ගෙන් පළමුවැන්න, ඇගේ දෑත් අල්ලාගෙන සිටීම ඇදහිල්ල ලෙස හැඳින්වේ. ඇය කරණකොටගෙන දෙවියන්වහන්සේ විසින් තෝරාගත් අය ගැළවෙනු ඇත. තවත් අයෙක් විචිත්‍රවත් ලෙස අඳින පළඳින පිරිමියෙකු මෙන් හැසිරෙන, ස්වයං පාලනයක් ඇති අය ලෙස හැඳින්වේ. ඇය විශ්වාසයේ දියණියකි. ඇයගෙන් පසුව එබඳු අය සියලු අකුසල ක්‍රියාවලින් වළකින නිසාත්, යමෙක් සියලු නපුරු ආශාවන්ගෙන් තමන්ව වළක්වන්නේ නම්, ඔහුට සදාකාල ජීවනය ලැබෙන බව විශ්වාස කරන නිසාත් තම ජීවිතය සතුටින් ගත කරයි. නමුත් අනෙක් අය කවුද? ඔවුන්ගේ රාජකාරි මොනවාද? කියා මම ඇසුවා. තවද ඇය මට මෙසේ කීවාය ඔවුන් එකිනෙකා බිහි කළ මිනිසුන් හා සමානයි. ඒවායින් එකක් සරල බව, අනෙක අහිංසකකම, තවත් එකක් නිර්මලකම, අනෙක බුද්ධිය, අනෙක ආදරය. තම මවගෙන් ඉටුවිය යුතු යුතුකම් සියල්ල ඉටු කළහොත් ඔවුන් සියල්ලෝම පින්බර ජීවිතයක් ගත කරති. ඉතින් මට දැනගන්න අවශ්‍ය එක එක්කෙනාට තියෙන බලය කුමක්ද කියා මම ඇසුවා. එසේ නම්, හොඳින් අසන්න, ඔවුන්ගේ බලතල එකිනෙකා විසින් පාලනය කරනු ලබන අතර ඔවුන් උපතේ අනුපිළිවෙලින් එකිනෙකා අනුගමනය කරයි. මක්නිසාද ඇදහිල්ලෙන් ආත්ම දමනය පැමිණේ. සරල බව උපදින්නේ ආත්ම දමනයෙන් සරලකමෙන් කුහකකම පැමිණ, කුහකකමෙන් කුහක ස්වභාවය උපදියි, කුහකකමෙන් දැනුමත් දැනුමෙන් ආදරයත් ඇතිවෙනවා. එබැවින්, ඔවුන්ගේ ක්‍රියාවන් පිරිසිදු හා දිව්‍ය මය වේ. මේවාට කැපවී ඔවුන්ගේ ක්‍රියා තදින් අල්ලා ගත හැකි තැනැත්තා දෙවියන් වහන්සේගේ සාන්තුවරයන් සමඟ කුළුණෙහි වාසය කරයි. ඉන්පසු මම ඇගෙන් ඔවුන්ගේ වයස ඇසුවා. මක්නිසාද යත් එවිට මම ඇයට ප්‍රශ්නය ඉදිරිපත් කළේ නිගමනයක් වැනි දෙයක් තිබේද යන අදහසිනි. එයට ඇය උස් හඬින්, මෝඩයා! තාම කුළුණ හදනවා පේන්නේ නැද්ද? කුළුණ නිම වූ විට අවසානය පැමිණේ. එය ඉක්මනින් නිම කරන බවට පොරොන්දු වෙමි. මගෙන් තවත් ප්‍රශ්න අහන්න එපා. ඔබගේ මතකයන් ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා මා සඳහන් කළ සියල්ල සඳහා, ඔබ සහ අනෙකුත් සියලුම සාන්තුවරයන් ඔබගේ ශක්තිය අලුත් කිරීම තුළින් ප්‍රීති වේවා. නමුත් මේ තොරතුරු ඔබට කියන්නේ ඔබේ වාසියට පමණක් නොවේ. ඒවා ඔබට ලබා දී ඇත්තේ ඔබට ගෙන ගොස් සියලු දෙනා දැනුවත් කිරීමට බව හොඳින් මතක තබා ගන්න. දින තුනක් ඇතුළත – ඔබ මෙය මුලින්ම තේරුම් ගත යුතුය. හර්මස්, මා ඔබට පැවසිය යුතු සියලු වචන සාන්තුවරයන්ගේ කන්වලට කථා කරන ලෙස මම ඔබට අණ කරමි. ඒවාට ඇහුම්කන් දීමෙන් හා කීකරු වීමෙන් ඔවුන් තම පාපයෙන් පවිත්‍ර වනු ඇත. ඔවුන් සමඟම ඔබත් පවිත්‍ර වේවා’යයි මහලු කාන්තාව කීවාය.
17 මාගේ ප්‍රේමණීය පුත්‍රයෙනි, මට ඇහුම්කන් දෙන්න; මක්නිසාද නුඹලා ධර්මිෂ්ඨ වන පිණිසත්, නුඹලාගේ ශුද්ධ ජීවිතය ස්ථිර කරන පිණිසත්, නුඹලාගේ සියලු පව් පහකර, උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම නුඹලාට දුන් සමිඳාණන් වහන්සේගේ දයාව නිසා, මම නුඹලා ඇති දැඩි කළේ ඉතා සරල අයකු ලෙස ය. නිර්දෝෂී සහ අවංක මිනිසුන් දුෂ්චරිතයෙන් හා අධර්මයෙන් ඉවත් වීමට ඔබට අවශ්‍ය නැත. එබැවින් දැන් මට සවන් දෙන්න. එකිනෙකා සමඟ සමාදානයෙන් සිටින්න. එකිනෙකා හමුවන්න. එකිනෙකාගේ බර බෙදාගන්න. දෙවියන් වහන්සේගේ මැවිල්ලට පමණක් සහභාගී නොවී, අවශ්‍යතා ඇති අයට ඒවා නොමිලේ ලබා දෙන්න. සමහර අය තමන් ගන්නා ආහාරවල ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයකින් ගැනීමෙන් තම ශරීරයේ රෝග ඇති කරයි. මෙයින් ඔවුන්ගේ ශරීරය අසනීප වේ. ඒ අතරම, කන්නට ආහාර නැති අන් අයගේ ශරීරය දුර්වල වේ. මන්ද ඔවුන්ට ප්‍රමාණවත් පෝෂණයක් නොමැති බැවිනි. මේ ආකාරයෙන් ඔවුන්ගේ ශරීරයට ප්‍රතිශක්තිකරණය අහිමි වේ. ආහාර ගැනීමේදී මෙම නොගැලපීම විවිධ ආහාර ඇති ඔබට සහ අවශ්‍යතා ඇති අය සමඟ බෙදා නොගන්නා අයට හානිකර වේ. ඉදිරි වාර වලදී ප්‍රවේශම් වන්න. එබැවින් උසස් තැනැත්තෙනි, කුළුණ ගොඩනඟා අවසන් වන තුරු බඩගින්නේ ඉන්න අය සොයන්න. මක්නිසාද යත්, කුළුණ අවසන් වූ පසු, ඔබට යහපත කිරීමට අවශ්‍යවනු ඇත, නමුත් ඔබට එම අවස්ථාව නොලැබෙනු ඇත. එහෙයින්, ධනයෙන් හා උඩඟුකමෙන් ගිලී සිටින අය, දුප්පතුන් සහ පීඩිතයන් සුසුම්ලන්නේ නැති බවත්, ඔවුන්ගේ කෑගැසීම් ස්වාමින් වහන්සේට නොගැලපෙන ලෙසත් වගබලා ගනී. එසේ නොමැති නම්, ඔබේ සියලු අයිතම කුළුණු දොරටුවෙන් ඔබ්බට යාම අවහිර කරනු ලැබේ. එමනිසා පරිස්සම් වෙන්න. මම දැන් කියන්නේ ශුද්ධ සභාවේ මුලසුන දරන අයට සහ ඉදිරි ආසනවලට කැමති අය වෙනුවෙන් ඖෂධ මිශ්‍ර කරන අය ලෙස කටයුතු නොකරන්න. ඖෂධවේදීන් ඔවුන්ගේ බෙහෙත් පෙට්ටිවල රැගෙන යයි, නමුත් ඔබ ඔබේ බෙහෙත් සහ ඔබේ හදවතේ වස ගෙන යනවා. ඔබ බර හදවතක් ඇති නිසා ඔබේ හදවත පිරිසිදු කිරීමට අකමැති. තවද ඔබේ ප්‍රඥාව පිරිසුදු සිතක් සමඟ මිශ්‍ර කිරීමට ඔබට අවශ්‍ය නැත. මෙයින් ඔබට අපගේ බලවත් දෙවියන් වහන්සේගේ දයාව ලැබෙනු ඇත. එබැවින් මාගේ පුතණුවනි, ඔබ අතර ඇති මේ මතභේද ඔබේ ජීවිතය විනාශ කර නොගැනීමට වගබලා ගන්න. ඔබට නිසි ඉගැන්වීමක් සහ මඟ පෙන්වීමක් නොමැති නම්, දෙවියන් වහන්සේගේ තෝරාගත් සෙනඟට ඔබ උගන්වන්නේ කෙසේද? එබැවින්, මම ද, ඔබ සැම සමිඳාණන් වහන්සේට අප හදවත පුද කරමින්, එකිනෙකාට අනුශාසනා කරමින්, ඔබ අතරේ සාමය සොයා ගනිමින්, ඔබේ පියාණන් වහන්සේ ඉදිරියෙහි ප්‍රීතියෙන් සිටිමු.
තුන් වර්ගවූ කාන්තාවන් පිලිබඳ එළිදරව්ව
18 ඇය මා සමඟ කතා කිරීම නැවැත්වූ විගස, එම ගොඩනැඟිල්ලේ වැඩ කරමින් සිටි තරුණයන් හය දෙනා පැමිණ ඇයව කුළුණට ගෙන ගියහ. අනෙක් හතර දෙනා ආසනය උස්සා එය කුළුණ තුළට ද රැගෙන ගියහ. නමුත් මම ඔවුන්ගේ මුහුණු නොදැක්කෙමි. මන්ද මම හිටියේ ඔවුන්ගේ පසුපසුය. ඇය යන විට මා හට පෙනී සිටි දර්ශන තුනේ අර්ථය මට හෙළි කරන ලෙස මම ඇයගෙන් ඉල්ලා සිටියෙමි. පිළිතුරු වශයෙන් ඇය මට එම දර්ශන සම්බන්ධයෙන්, ඒවායේ අර්ථය ඔබට හෙළි කරන ලෙස ඔබ වෙනත් අයෙකුගෙන් ඉල්ලා සිටිය යුතුයි කීවාය. මක්නිසාද යත්, සහෝදරවරුනි, ඇය පෙර වසරේ දුන් පළමු දර්ශනයේදී ඇය පුටුවක වාඩි වී සිටින ඉතා මහලු කාන්තාවකගේ ස්වරූපයෙන් පෙනී සිටියාය. දෙවන දර්ශනයේ ඇගේ මුහුණ තරුණයකු මෙන් විය, නමුත් ඇගේ මනමාලයාගේ සහ හිසකෙස් වල හැඩය වයස විය. මා සමඟ කතා කරන විට ඇය සිටගෙන සිටියාය. ඇය ඇගේ පළමු දර්ශනයට වඩා සතුටින් සිටියාය. නමුත් තුන්වන දර්ශනයේදී, ඇය මහලු කාන්තාවකගේ හිසකෙස් හැර, සම්පූර්ණයෙන්ම තරුණ හා ලස්සන වූ අතර, ඇගේ මුහුණ සතුටින් බැබළුණි. එසේම තුන්වන දර්ශණයේදී ඇය අසුනක වාඩි වී සිටියාය. දැන් මේ පෙනුම ගැන හිතනවිට ටිකක් දුකයි. දර්ශනය යනු කුමක්ද කියා දැනගන්න මම ගොඩක් ආසාවෙන් සිටියෙමි. ඒ අතරම, රාත්‍රී දර්ශනයකදී මහලු කාන්තාව මට මෙසේ කියනු මම දකිමි: සෑම අයැදීමක්ම නිහතමානීව ලබා දිය යුතුය. නිරාහාරව සිටීම සැමවිටම වඩා හොඳය. මන්ද, ඔබ දෙවියන් වහන්සේගෙන් ඉල්ලන දේ දෙවියන් වහන්සේ ඔබට ලබා දෙන බැවිනි. එමනිසා මමත් දිනක් උපවාස කෙළෙමි.
එදිනම රාත්‍රියේදී තරුණයෙක් මා ඉදිරියෙහි පෙනී සිට ඔහු පැවසුවේ, ඔබ නිතරම යාච්ඤාවෙන් එළිදරව් කරන ලෙස මගෙන් ඉල්ලා සිටින්නේ මන්ද? විවිධ දේ ගැන අසමින් ඔබේ ශරීරයට හානි නොකිරීමට වගබලා ගන්න. ඔබට පැහැදිලි කර ඇති මෙම හෙළිදරව් කිරීම් වලින් සෑහීමට පත් වන්න. ඔබ දුටුවාට වඩා විශාල දර්ශන ඔබට දැකිය හැකි යැයි ඔබ සිතනවාද? මම ඔහුට මෙසේ පිළිතුරු දුන්නෙමි. මහත්මයාණෙනි, මේ තුන් දර්ශණයෙන් දෙන ලද හෙළිදරව් කිරීම් සම්පූර්‍ණ වන ලෙස පමණක් ඉල්ලා සිටිමි. තව කොපමණ කල් නූගතෙක් වෙන්නද? ඔබේ සිත දෙවියන් වහන්සේ වෙතට නොපැමිණීම නිසා ඔබේ සිතේ ඇති සැකයන් ඔබව නොදැනුවත්කමට පත් කරයි. මම ඔහුට කිව්වා, මහත්මයාණෙනි, අපි මේ දේවල් වඩාත් නිවැරදිව ඔබගෙන් ඉගෙන ගැනීමට උත්සාහ කරමු කියා.
19 තවද, ඔහු මා විසින් විමසා ඉගෙන ගැනීමට ආශාවෙන් සිටි ආකාර තුන ගැන කතා කරමින්, ඔබ දන්නවා නම්, හොඳින් විමසන්න. ඒ නිසාම ඇය ප්‍රථම දර්ශනයේදී පුටුවක වාඩි වී සිටින මහලු කාන්තාවක් ලෙස පෙනී සිටියා නේද? දැන් මිනිසාගේ කායික හා මානසික ශක්තිය හීන වෙලා, ශරීරය වයසට ගිහින්, මැලවී ගිහින්, ඒ අයගේ දුර්වලකම් සහ සැකයන් නිසා බලය නැතිවෙලා. මක්නිසාද යත්, කිසිම ආකාරයකින් තම ශක්තිය අලුත් කර ගත නොහැකි මහලු මිනිසුන් මෙන්, තම අවසන් හුස්ම අතහැර දමා සදාකාලික නින්දකට යාමට මිස අන් කිසිවක් අපේක්ෂා නොකරන අතර, ලෝකයේ තම රාජකාරිවලින් දුර්වල වී වෙහෙසට පත් වී, ස්වාමින් වහන්සේ කෙරෙහි වැඩි සැලකිල්ලක් නොදක්වයි. එබැවින් ඔබේ මනස සහ ශරීරය දුර්වල වේ. ඔබේ කරදර නිසා, ඔබ සීග්‍රයෙන් මහළුවියට පත්වේ. මම නැවතත් ඇසුවෙමි, මහත්මයාණෙනි, ඇය පුටුවේ වාඩි වූයේ මන්දැයි මට දැන ගත හැකිද? ඔහු වෙනුවට, සෑම දුර්වල මිනිසෙකුටම ඔහුගේ දුර්වලකම නිසා පුටුවක වාඩි වීමට බල කෙරෙන බැවිනි. වාඩි වී සිටීම ඔහුගේ දුර්වලකමට පමණක් උපකාරී වේ. මේ තියෙන්නේ! ඔබ දැන් සිටින තත්වය ඔබ මුලින්ම දුටු පළමු දර්ශනයේ සලකුණ දරයි.
20 දැන් දෙවෙනි දර්ශනයේදී ඔබ දුටුවේ ඇය තම තරුණ මුහුණින් සිටගෙන, පෙරට වඩා ප්‍රීතියෙන් ඔබ සමඟ කතා කරන ආකාරයයි. කෙසේ වෙතත්, ඇයට මහලු කාන්තාවකගේ හැඩරුව සහ අළු හිසකෙස් තිබුණි. මේ උපමාව ගැනත් තරුණයාගෙන් හොඳින් විමසන්න. මිනිසෙක් ටිකක් වයසට ගිය විට, ඔහුගේ දුර්වලකම සහ දුප්පත්කම නිසා ඔහු තමා ගැනම බලාපොරොත්තු සුන් වී, තම ජීවිතයේ අවසාන දිනය හැර අන් කිසිවක් ගැන සිතා ජීවත් වන විට, මිනිසෙක් ටිකක් වයසට ගිය විට, ඔහුට හදිසියේම උරුමයක් ලැබේ. එය අසා ඔහුගේ හදවත සතුටෙන් පිරෙයි. දැන් ඔහු කම්මැලිකම වෙනුවට උද්යෝගිමත් ලෙස නැගී සිටියි. ඔහුගේ පෙර ක්‍රියාවන් නිසා අඩාල වී තිබූ ඔහුගේ උද්යෝගය නැවත පණ ගන්වයි. ඔහුට තවදුරටත් නිශ්චලව සිටීමට කැමැත්තක් නොමැති අතර විශාල ශක්තියකින් වැඩ කරයි. එලෙසම දෙවියන් වහන්සේ විසින් දෙන ලද හෙළිදරව්ව ඇසූ විට මිනිසෙකුට එවැනි ප්‍රබෝධයක් ඇති වේ. සමිඳාණන් වහන්සේ මිනිසාට දයාව දක්වනු ඇත. ශක්තිය අලුත් කරනු ඇත. මිනිසාගේ දුර්වලතා දිරිගන්වමින් සහ සුව කරයි. ඒ ආකාරයෙන්, ඔහු ඔබට කුළුණේ ගොඩනැඟිල්ල පෙන්වීය. ඔබ මුළු හදවතින්ම එකිනෙකා සමඟ සමාදානයෙන් සිටියහොත් දෙවියන් වහන්සේ ඔබට වෙනත් දේවල් පෙන්වනු ඇත.
21 දැන් තුන්වන දර්ශනයේදී ඇය තවමත් තරුණ බව ඔබ දුටුවාය. මක්නිසාද යත් කනස්සල්ලට පත්ව සිටින අයෙකු හදිසියේ යම් සුබ ආරංචියක් ඇසුණු විට තම සියලු දුක් කරදර අමතක කර තමන් ඇසූ ශුභාරංචිය ගැන පමණක් සිතමින් වෙනත් කිසිවක් ගැන නොසිතා තමාට ලැබෙන අනාගත ප්‍රතිලාභ ගැන පමණක් සිතන බැවිනි. එබැවින් ඔහුගේ උද්යෝගය සහ විශ්වාසය තහවුරු වේ. ඔහු ලැබූ ප්‍රීතියෙන් ඔහුගේ ආශ්වාදය ප්‍රබෝධමත් වේ. ඉතින් ඔබ මේ යහපත් දේ දෙස බලා ඔබේ ශක්තිය අලුත් කරගන්න. ඇය අසුනක වාඩි වී සිටිනු දුටු විට, ඇයගේ ස්ථාවරය ශක්තිමත් බව එයින් අදහස් කළ හැකිය. මක්නිසාද ආසනයකට කකුල් හතරක් ඇති අතර එය ඝන ලෙස පෙනේ. මක්නිසාද යත් අප ජීවත් වන මේ ලෝකය අංග හතරකින් එකට බැඳී ඇති බැවිනි. එමනිසා, මුළු හදවතින්ම පසුතැවිලි වන අය තරුණ, අධිෂ්ඨානශීලී සහ ජවසම්පන්න පුද්ගලයන් බවට පත්වේ. එබැවින් ඔබ දැක ඇති දර්ශන සම්බන්ධ සියලු පැහැදිලි කිරීම් සම්පූර්ණයෙන් දක්වා ඇත. එසේම, නැවත නැවතත්, ප්‍රශ්න හෝ පැහැදිලි කිරීම් ඇසීම නවත්වන්න. තවත් පැහැදිලි කිරීම් තිබේ නම්, වරින් වර අනාවරණය කරනු ලැබේ.
4 වන දර්ශනය
මෘගයා සහ මනාලිය
22 පෙර දර්ශනයෙන් දින විස්සකට පසු මම තවත් දර්ශනයක් දුටුවෙමි. සහෝදරවරුනි, මෙය ඉදිරි පීඩාවේ පෙර නිමිත්තක් ලෙස මම සලකමි. මම නගරයට යන පාර දිගේ ගමේ නිවසක් දෙසට ගමන් කරමින් සිටියෙමි. නිවස තිබුණේ ප්‍රධාන පාරේ සිට සැතපුම් කිහිපයක් පමණ දුරිනි. මෙම දිස්ත්‍රික්කය මිනිසුන් කලාතුරකින් ගමන් කරන දිස්ත්‍රික්කයකි. මම තනියම ඇවිදගෙන යද්දී, ස්වාමීන්වහන්සේ උන්වහන්සේගේ ශුද්ධවූ සභාව තුළින් උන්වහන්සේ මට දුන් හෙළිදරව් කිරීම් ඉටුකරන ලෙස මම යාච්ඤා කළෙමි. ඔහු මා ශක්තිමත් කරන පිණිසත්, නොමඟ යන ඔහුගේ සියලු සේවකයන් පසුතැවිලි වී, ඔහුගේ ශ්‍රේෂ්ඨ හා තේජාන්විත නාමය මහිමයට පත් කරන පිණිසත්, ඔහුගේ ආශ්චර්යයන් මට පෙන්වීමට පොරොන්දු වීය. මම ඔහුට ප්‍රශංසා කරමින් සහ ස්තූති කරමින් සිටියදී, කොහේදෝ සිට හඬක් මට අසුනේය, හර්මස්, සැක නොකරන්න. හිතේ පොඩි චකිතයක් සමග මම කුමක් පිළිබද මගේ හිතේ සැකය ඇතිවූ දැයි කියා හිතන්න පටන් ගත්තෙමි. දිව්‍ය විශ්වාසයෙන් පිරී සිටි මා මෙවන් තේජාන්විත දසුන් දැකීමෙන්, මම සැක කළාද…? සෙමින් සෙමින් මා ඉදිරියට ගියෙමි, සහෝදරවරුනි, හොඳින් සවන් දෙන්න! මම අහස දෙසට නැගෙන දූවිලි නිරීක්ෂණය කළෙමි. අහස දෙසට දූවිලි නැඟී තිබෙනු මම දුටුවෙමි. ගව රංචුවක් ගමන් කල නිසා දූවිලි අතිවූ දැයි මා සිතුවෙමි. නමුත් ඔවුන් සිටියේ මා සිටි ස්ථානයට අඩි කිහිපයක් දුරින් පමණි. එමෙන්ම මම නැවතත් දුවිලි ඉහළට නැඟී සිටිනු දකිමි. මම සිතුවේ එය දෙවියන් වහන්සේ විසින් එවන ලද දෙයක් කියාය. එවිට ඉර මදක් අඩුවෙන් පායා තිබුනේය. එමෙන්ම මම කියන දේ ඇසුවොත් ඔබ පුදුම වේවි! ඔව්! මම තල්මසෙකු වැනි විශාල, බලවත් සතෙකු දුටුවෙමි. උගේ මුඛයෙන් ගිනි දැල් වැනි පළඟැටි ජීවීන් පිට විය. මෘගයා අඩි සියයක් පමණ දිග විය. උගේ හිස විශාල බඳුනක් මෙන් විය. මම හයියෙන් අඬන්න ගත්තෙමි. ඒ මාරාන්තික සතාගෙන් මාව බේරගන්න කියා මම දෙවියන් වහන්සේගෙන් කන්නලව් කරන්න පටන් ගත්තෙමි. එවිට හර්මස්! සැක නොකරනු! මගේ කනට වැටුණු වදන් මට මතක් විය. ඉතින්, මගේ ආදරණීය සහෝදරවරුනි, සමිඳාණන් වහන්සේ කෙරෙහි විශ්වාසය තබා, උන් වහන්සේ මට ඉගැන්වූ උතුම් දේ සිහිපත් කරමින්, මම නිර්භීතව මෘගයාට මුහුණ දුන්නෙමි. දැන් ඒ මෘගයා ගොරවන හඬින් බලෙන් මා දෙසට එනවා දුටුවෙමි. නගරයක් විනාශ කිරීමට බලය තිබුණත්, මම නිර්භීතව එය වෙත ළඟා විය. දරුණු මෘගයා බිම වැතිර සිටියේ, උගේ දිව හැර අන් කිසිවක් නොපෙන්වූ අතර, මම එය පසුකර යන තුරු චලනය නොසෙල්වීය. එවිට මම මෘගයාගේ හිසෙහි වර්ණ හතරක් දුටුවෙමි – කළු, පසුව රුධිරය වැනි රතු පැහැය, රන්වන් පැහැය සහ අවසානයේ සුදු පැහැය එහි දිස් විය.
23 දැන් මම ඒ භයානක මෘගයා පසුකර අඩි තිස්පහක් පමණ ඉදිරියට යන්නට ඇත. එවිට කන්‍යාවක් මට මුණගැසුණේ මනාලියන්ගේ කුටියේ සිට පැමිණියාක් මෙන්, සම්පූර්ණයෙන්ම සුදු ඇඳුමෙන් සැරසී, සුදු පාවහන් පැළඳ, නළල දක්වා වැස්මක් පැළඳ, හිස තොප්පියකින් වසාගෙනය. එමෙන්ම ඇගේ හිසේ සුදු හිසකෙස් තිබුනේය. එය ශුද්ධ සභාවේ සලකුණක් බව මගේ පෙර දර්ශන වලින් මම දැන සිටියෙමි. එදා මම ගොඩක් සතුටු වුනෙමි. ඇය මට හිස නමා, යහපත, මිනිසා! කියා කීවාය. මම ඇයට කීවා, ස්ත්‍රියනි! මම පිළිතුරු වශයෙන් ඔබට ආචාර කළෙමි. එවිට ඇය මෙසේ කීවාය: ඔබ ගමන් කළ මාර්ගයෙන් කිසිවෙක් ඔබව හරස් කළේ නැද්ද? ඇය ඇසුවා. මිනිසුන් විනාශ කිරීමට තරම් විශාල මාරාන්තික මෘගයෙකුට මා මුහුණ දුන් නමුත් ස්වාමින් වහන්සේගේ බලයෙන් සහ ඔහුගේ අසීමිත දයාවෙන් මා එම මෘගයාගෙන් ගැලවූ බව මම ඇයට කීවෙමි. ඉතින් ඔබ එම මෘගයාගේ ග්‍රහණයෙන් මිදුනාද යැයි, ඇය ඇසුවාය. මක්නිසාද යත්, ඔබගේ ඇදහිල්ල දෙවියන් වහන්සේ කෙරෙහි තබා උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ හා මහිමාන්විත නාමය ගායනා කිරීමෙන් මිස කිසිවෙකුට ඔබව ගලවා ගත නොහැකි බව ඔබට තදින්ම ඒත්තු ගිය බැවිනි. ඒ ඇදහිල්ලෙන් ඔබ ඔබේ හදවත විවෘත කර දෙවියන් වහන්සේගේ මහිමය පිළිගත්තා. මේ නිසා සමිඳාණන් වහන්සේ තම දූතයා එවූ සේක. ඔහු සතුන්ගේ පාලකයා ය. ඔහුගේ නම ටෙග්රි. ඔබේ ශරීරය ඉරා දැමීමට නොහැකි වන පරිදි උගේ මුඛය වසා තිබුණි. ඔබේ ඇදහිල්ල නිසාත්, එවැනි මෘගයෙකු ඉදිරියේ ඔබ සැක නොකළ නිසාත්, ඔබ එවැනි මාරාන්තික අනතුරකින් මිදුනේය. එබැවින් සමිඳාණන් වහන්සේ තෝරාගත් සෙනඟ වෙත ගොස්, ඔහුගේ බලවත් ක්‍රියා ගැන ඔවුන්ට පවසන්න. මේ මෘගයා අනාගතයේ පැමිණෙන මහා පීඩාවේ පෙරනිමිත්තක් බව ඔවුන්ට පවසන්න. එබැවින් ඔබ සියල්ලෝම සූදානම් වී පසුතැවිලි වී මුළු හදවතින්ම ස්වාමින් වහන්සේ වෙතට හැරුණහොත්, ඔබේ හදවත පිරිසිදුව හා නොකැළැල්ව තිබියදී, ඔබ ඔබේ මුළු ජීවිතයම සේවයේ ගත කළහොත්, ඔබට මිදිය හැකිය. සමිඳාණන් වහන්සේ නිර්දෝෂී ය. ඔබේ ඇදහිල්ල සමිඳාණන් වහන්සේ මත තබන්න. ඔහු එම ඇදහිල්ල තුලින් ඔබට මඟ පෙන්වනු ඇත. සැක සහිත ජීවිතයක් ගත කරන ජනතාවනි, ඔබ සමිඳාණන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන්න. ඔහු සර්වබලධාරී සමිඳාණන් වහන්සේ ය. තවද ඔහු තම කෝපය ඔබෙන් ඉවතට හරවන්නේය. ඔහුව සැකකරන අයට කස පහර දිය හැකි ය. මේ වචන අසා ඒවා හෙළා දකින අයට දුක් වේ, එවැන්නන් නොඉපදීම හොඳය.
24 එවිට මම දුටු මෘගයාගේ හිසෙහි ඇති වර්ණ හතර ගැන මම ඇගෙන් ඇසුවෙමි. එවිට ඇය මට කීවාය: ඔබ නැවත මගෙන් එවැනි දේවල් ගැන අසනවා. ඔව්, ස්ත්‍රිය, මම කීවෙමි, ඒවා මොනවාදැයි දැන ගැනීමට මම උනන්දු වෙමි. ඒ නිසා මම ඇසුවා කරුණාකර මට එය පැහැදිලි කරන්න පුළුවන්ද කියා. ඇය එය මෙසේ පැහැදිලි කළාය. කළු යනු අප ජීවත් වන ලෝකය නියෝජනය කරයි. රතු ගින්න සහ රුධිරය නියෝජනය කරයි, ලෝකය ලේ වැකි හා ගින්නෙන් විනාශ විය යුතුය. නමුත් රන් මෙම ලෞකික ජීවිතයෙන් ගැලවීම නියෝජනය කරයි. මක්නිසාද රත්‍රන්, ලෝහයක්, ගින්නෙන් රත් කර පිරිපහදු කර, පසුව රන් ආභරණ මෙන් බබළයි, එබැවින් මේ ලෝකයේ ජීවත් වන ඔබ පරීක්ෂාවට ලක් වේ. එබැවින් අධිෂ්ඨානශීලීව ඉවසීමෙන්, ගින්නෙන් පිරිසිදුවූ රත්‍රන් මෙන් ඔබ එයින් පිරිසිදු වේ. රත්‍රන් එහි සියලු කුණු ඉවත් කර දිදුලන ආභරණයක් බවට පත් වන්නාක් මෙන්, ඔබ සියලු දුක්, කරදර සහ වේදනාවන් බැහැර කර, කුළුණ ගොඩනැගීමට පාරිශුද්ධ හා සුදුසු ගල් බවට පත් වනු ඇත. තවද මෘගයාගේ හිසෙහි දක්නට ලැබෙන සුදු කොටස එළඹෙන වයස මහලු විය වේ. එසේ නම්, ඔබ ජීවත් වන ලෝකයේ වාසය කරන්නේ දෙවියන් වහන්සේ තෝරාගත් අය පමණි, මන්ද දෙවියන් වහන්සේ තෝරාගත් අය සදාකාල ජීවනය සඳහා පිරිසිදු හා නොකැළැල් මනසකින් යුක්ත විය යුතුය. එබැවින් ශුද්ධ වතුන්ගේ කන්වලට මේවා නොකියා සිටීම හොඳය. මෙය ඉදිරියේදී උදාවන අනතුරේ පෙර නිමිත්තකි. ඔබට එය අවශ්‍ය නම්, එහි ප්‍රතිවිපාක නොලැබේ. ඒ නිසා දැනටමත් ලියා ඇති දේ මතක තබා ගන්න යැයි ඇය පවසා පිටව ගියාය. නමුත් ඇය කොහේ ගියාදැයි මම දුටුවේ නැත. කෙසේ වෙතත්, තවත් ශබ්දයක් ඇසුණු අතර, මා පසුපස එන සතා යැයි සිතා මම තරමක් බියෙන් ආපසු හැරී බැලුවෙමි. එහෙත් එවැන්නක් එහි දක්නට ලැබුණේ නැත.
5 වන දර්ශනය
එඬේරාගේ පැමිණීම
25 මා ගෙදර යාච්ඥා කර මාගේ අසුනේ හිඳගත් පසු, එඬේරෙකු මෙන් සැරසී, එළු හමක් ද උරහිසේ මල්ලක් ද, අතේ සැරයටියක් ද රැගෙන තේජවත් පෙනුමක් ඇති මිනිසෙක් ඇතුළු විය. ඔහු මට ආයුබෝවන් කිව්වා. මමත් ඔහුට ආචාර කළා. එකෙණෙහිම ඔහු පැමිණ මා අසලින් හිඳ, ඔබේ ජීවිතයේ ඉතිරි දවස්වල ඔබ සමඟ සිටීමට ඉතා ගෞරවනීය දේවදූතයෙකු විසින් මා එවා ඇත, යැයි පැවසීය. ඔහු මා පරීක්ෂා කිරීමට පැමිණ ඇතැයි සිතා මම ඔහුට කතා කොට, ඔබ කවුද සහ මා භාර දුන් තැනැත්තා කවුදැයි මම දනිමි. එවිට ඔහු මට කතා කොට, ඔබ මාව හඳුනන්නේ නැද්ද? කියා ඇසුවා. මම නෑ කිව්වා. ඔහු පැවසුවේ, මම ඔබව භාර එඬේරා ය. ඔහු තවදුරටත් කතා කරන විට ඔහුගේ ස්වරූපය වෙනස් විය. එවිට මම දැනගත්තා මට භාර දීලා තියෙන්නේ ඔහු කියලා. එකෙණෙහිම මම ව්‍යාකූල වූ අතර බිය මා බියට පත්විය. මම ඔහුට එතරම් හිතුවක්කාර ලෙස හා මෝඩ ලෙස පිළිතුරු දීම ගැන මම දැඩි ලෙස කම්පාවට පත් වීමි. නුමුත් ඔහු උත්තර දෙමින්, කලබල නොවන්න, මා නුඹට දෙන ආඥාවලින් ධෛර්යවත් වන්න. මන්ද, මා එවා ඇත්තේ ඔබ කලින් දුටු දේ, විශේෂයෙන් ඔබට ප්‍රයෝජනවත් දේ නැවත පෙන්වීමට ය. පළමුව, ඔහු පැවසුවේ, මගේ විධාන සහ සමාන පැහැදිලි කිරීම් සහ මම ඔබට පෙන්වන වෙනත් දේවල් ලියන්න. තවද මේ කරුණු පහදා දීමේ අරමුණින් ප්‍රථමයෙන් ශික්ෂා පද සහ ඒවායේ අර්ථය ලියා ගන්නා ලෙස මම ඔබට අණ කරමි. ඔබට පහසුවෙන් ඒවා කියවා අනුගමනය කළ හැකි බැවිනි. එබැවින් ඔහු මට අණ කළ පරිදි මම විධාන සහ ඒවායේ අර්ථය ලියා තැබුවෙමි. එසේ නම්, මේ දේවල් අසා ඔබ ඒවා රකිමින්, ඔවුන් පෙන්වා දෙන මාර්ගයේ ගමන් කර, පිරිසිදු සිතින් ඒවා ක්‍රියාත්මක කරන්නේ නම්, සමිඳාණන් වහන්සේ තම සෙනඟට පොරොන්දු වූ සියල්ල ඔවුන්ට ලැබෙනු ඇත. නමුත් ඒවා ඇසීමෙන් පසු, ඔබ පසුතැවිලි නොවී දිගටම පව් කරන්නේ නම්, ඔබට දෙවියන් වහන්සේගෙන් ප්‍රතිවිරුද්ධ දෙය ලැබෙනු ඇත. මේ සියලු වචන පසුතැවිලි වීමේ දූතයා සමඟ පහත ආකාරයට ලියා තබන ලෙස එඬේරා මට අණ කළේය.
