ශුද්ධාත්මයාණන් වහන්සේ පිළිබඳ

Ambrose of Milan, On the Holy Spirit, in Sinhala. Book 1


පළමුවන පොත

හැඳින්වීම

ශාන්ත ඇම්බ්‍රෝස්ම දක්වන ආකාරයට ශුද්ධාත්මයාණන් වහන්සේ පිළිබඳ පොත් තුන වූ කලි ඇදහිල්ල පිළිබඳ පොත් මාලාවේ කොටසක් වන අතර, මෙම නිබන්ධන දෙක එකක් ලෙස ගෙන ඇතැම් විට, ද ට්‍රිනිටේට් එනම් ත්‍රිත්වය යන මාතෘකාවෙන් උපුටා දක්වා ඇත. එහෙත් ග්‍රේෂන් ශාන්ත ඇම්බ්‍රෝස් වෙත යැවූ ලිපියෙන් සහ ඔහු ලද පිළිතුරෙන්, මෙම සෑම නිබන්ධනයක්ම වෙන වෙනම ඇති බවත්, ඩි ස්පිරිටු සැන්ක්ටෝ යන්න වසර කිහිපයකට පසුව, එනම් ක්‍රි.ව. 381දී ලියා ඇති බව අපට පෙනේ.

පළමුවන පොතේදී ශාන්ත ඇම්බ්‍රෝස් ගිඩියොන් සහ බැටළු ලොම් මිටිය පිළිබඳ ඉතිහාසය දෘෂ්ටාන්තමය වශයෙන් විවරණයෙන් බැටළු ලොම් මිටිය වියළීම සහ කමත තෙත් කිරීම තුළින් යුදෙව්වන් හැර ගොස් අන්‍යජාතීන් මත වගුරුවනු ලබන ශුද්ධාත්මයාණන් වහන්සේගේ ආකාරයක් දක්වමින් ආරම්භ කරයි. ඔහු මෙහි කතා කරන ආසන්නතම විෂය වෙත යොමු වීමේදී, ශුද්ධාත්මයාණන් වහන්සේ මුළු මැවිල්ලටම වඩා ඉහළින් සිටින බවත් සැබවින්ම උන් වහන්සේ දෙවියන් වහන්සේ බවත් දක්වයි. එහිදී විශේෂ තර්කයක් ලෙස ශුද්ධාත්මයාණන් වහන්සේට එරෙහි පාපයට වත්මනේදී හෝ ඉන් පසුව කිසිදාක සමාව දිය නොහැකි බව දක්වයි. ශුද්ධාත්මයාණන් වහන්සේ ශුද්ධලියවිල්ලේ දෙවියන් වහන්සේගේ ආත්මය ලෙස හඳුන්වන ආකාරය ඔහු පෙන්වා දෙයි; උන් වහන්සේ අනාගතවක්තෘවරුන් සහ ප්‍රේරිතයන් කරණකොටගෙන කථා කළ බවත්; උන්වහන්සේ මිනිසුන් විශුද්ධ කරන බවත්, එසේම ශුද්ධලියවිල්ලේ කථා කරන අබිරහස්මය ආලේප කිරීම මගින් ශුද්ධාත්මයාණන් වහන්සේ නිරූපණය වන බවත් දක්වයි. ඊළඟට, ශාන්ත ඇම්බ්‍රෝස් ශුද්ධ වූ ත්‍රිත්වයේ අනෙක් පුද්ගලයින් දෙදෙනා සමග උන් වහන්සේගේ ඒකත්වය පිළිබඳ දක්වන අතර, උන් වහන්සේගේ මෙහෙය මෙම ඒකත්වයෙන් කිසිඳු ආකාරයකින් අඩු නොකරන බවත්, එහෙත් සියලු දිව්‍යමය පුද්ගලයින් තුළ සාමය, ප්‍රේමය සහ අනෙකුත් ගුණධර්මවල පරිපූර්ණ එකමුතුවක් ඇති බවත් පෙන්වා දෙයි.

දෙවන පොත ආරම්භ වන්නේ I වන පොතේ ගිඩියොන්ගේ ආකාරයටම සැම්සන්ගේ ඉතිහාසය පිළිබඳ දැක්වීමෙනි. ශුද්ධාත්මයාණන් වහන්සේ ඔහු සමග සිටි තාක් කල් සැම්සන් සැමවිටම සාර්ථකත්වයට පත් විය, එහෙත් ඔහු අත්හරිනු ලැබූ ක්‍ෂණයකින්ම අවාසනාවන්ත තත්වයට පත් විය. ශුද්ධාත්මයාණන් වහන්සේගේ බලය පියාණන් වහන්සේගේ බලය සහ පුත්‍රයාණන් වහන්සේගේ බලයට සමාන බවත්, එමෙන්ම මනුෂ්‍යයා නිර්මාණය කිරීමේදී හා ක්‍රියා කිරීමේදී මෙන්ම මිනිසා ප්‍රාණවත් කිරීමේදී උන් වහන්සේ අතර එකඟතාවයක් ඇති බවත් පෙන්වා දී ඇත. උන් වහන්සේ මැවුම්කරුවාණන් වහන්සේ වන අතර එබැවින් නමස්කාරය ලැබිය යුතුය. එසේම සභාව ආරම්භ කිරීමේදී උන් වහන්සේ පියාණන් වහන්සේ සහ පුත්‍රයාණන් වහන්සේ සමග කටයුතු කළ සේක. එසේ අවසානයේදී පුද්ගලයන් වහන්සේලා තිදෙනා තුළ ක්‍රියාකාරීත්වයේ එකමුතුකම ඔප්පු කර ඇත.

තෙවන පොත මෙම තර්තය දිගටම ගෙන යමින්, අනාගතවක්තෘවරුන්ගේ සහ ප්‍රේරිතයන්ගේ මෙන්ම පුත්‍රයාණන් වහන්සේගේ පවා මෙහෙය ශුද්ධාත්මයාණන් වහන්සේට යොමු කළ යුතු බවත්, එසේ කළ යුත්තේ පුත්‍රයාණන් වහන්සේගේ පාර්ශ්වයෙන් කිසි ලෙසකින් යටත් කිරීමකින් තොරව බවත්, ආත්මයාණන් වහන්සේ පියාණන් වහන්සේගෙන් සහ පුත්‍රයාණන් වහන්සේගෙන් උන් වහන්සේගේ මෙහෙය ලබා ගන්නා බවත් පෙන්වා දෙයි. ඊළඟට ශුද්ධාත්මයාණන් වහන්සේගේ දේවත්වය සම්බන්ධයෙන් දක්වමින් එය ඔප්පු කර ඇත. එහිදී දෙවියන් වහන්සේලා තිදෙනෙකු හෝ ස්වාමින් ව හන්සේලා තිදෙනෙකු නොමැති බව පෙන්වීමට අවස්ථාව ලබාගෙන ඇත. මන්ද දිව්‍යමය පුද්ගලයන් වහන්සේලා තිදෙනා ශුද්ධකමෙන් හා ස්වභාවයෙන් එකම තැනැන් වහන්සේ වන සේක. එසේම එම පොත ප්‍රධාන තර්ක කිහිපයක සාරාංශයකින් අවසන් කර ඇත.

ශාන්ත ජෙරොම් විසින් ශාන්ත ඇම්බ්‍රෝස් කතුවරයාට දැඩි ලෙස පහර දෙන ලද්දේ මෙම පොත සම්බන්ධයෙන් බවට කිසි සැකයක් නැත. මේ මුළු කොටසම මෙම ලිපි මාලාවේ iii වෙළුමේ රූෆිනස්ගේ සමාව අයැදීම, 470 පිටුවේ කියවිය හැකිය. ශාන්ත ඇම්බ්‍රෝස් වෙනත් කුරුල්ලෙකුගේ පිහාටුවලින් සැරසුණු බකමූණෙකුට සමාන කර ඇති අතර, ග්‍රීක භාෂාවෙහි යහපත් දේවලින් උපුටාගෙන ලතින් භාෂාවෙන් නරක දේ ලිවීම සම්බන්ධයෙන් චෝදනා එල්ල කර ඇත. එසේම ශාන්ත ජෙරොම් ශුද්ධාත්මයාණන් වහන්සේ පිළිබඳ ශාන්ත දිදිමුස්ගේ කෘතියක් පරිවර්තනය කිරීමට පවා ක්‍රියා කළේය (ඉහත උපුටා ගැනීම් ගෙන ඇත්තේ එහි පෙරවදනෙනි), එහිදී ශාන්ත ජෙරොම් බලාපොරොත්තු වූයේ ග්‍රීක භාෂාව නොදන්නා අයට ලේඛන එලෙසින් දක්වන සොරුන් හඳුනා ගැනීමට උපකාර කිරීමයි.

රූෆිනස් දැඩි ලෙස ශාන්ත ඇම්බ්‍රෝස් ආරක්ෂා කරයි. එමෙන්ම ඔහුගේ ප්‍රතිවාදියා දක්වා ඇති බොහෝ නොගැළපෙන කාරණා පෙන්වා දෙමින් මෙසේ පවසයි: ශාන්ත ඇම්බ්‍රෝස් ශුද්ධාත්මයාණන් වහන්සේ පිළිබඳ ඔහුගේ පොත ලිව්වේ වචනවලින් පමණක් නොව, ඔහුගේම රුධිරයෙනි. දෙවියන් වහන්සේ ඔහුගේ ජීවිතය අනාගතයේ කාර්යන් සඳහා ආරක්ෂා කළද, ඔහු තමාට පීඩා කරන්නන්ට තම ජීවන රුධිරය පූජා කර, තමා තුළම එය වැගිරෙව්වේය.

සත්‍යය නම් මෙයයි. එනම් ශාන්ත ඇම්බ්‍රෝස් යහපත් ග්‍රීක විශාරදයෙකු ලෙස, ශුද්ධාත්මයාණන් වහන්සේ ගැන ලිවීමට භාරගෙන, ඔහුට පෙර අනෙක් අය ඒ සම්බන්ධයෙන් ලියා ඇති දේ අධ්‍යයනය කර, SS. බැසිල්, දිදිමුස් සහ තවත් අය විසින් ඉල්ලා සිටි කාරණා උදෙසා ඒවා භාවිත කළ බවයි. මෙම නිබන්ධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨ ශාන්ත ඔගස්ටින්ගේ මතය ශාන්ත ජෙරොම්ගේ මතයට විරුද්ධව පෙන්වාදිය හැකිය. ශුද්ධාත්මයාණන් වහන්සේ පිළිබඳ ගැඹුරු විෂය ගැන සලකා බැලීමේදී සහ උන් වහන්සේ පියාණන් වහන්සේට සහ පුත්‍රයාණන් වහන්සේට සමාන බව පෙන්වා දීමේදී ශාන්ත ඇම්බ්‍රෝස් සරල කථන විලාසයක් භාවිත කරයි; මන්ද ඔහුගේ විෂයට භාෂාවේ අලංකාරයන් අවශ්‍ය නොවූ අතර, එසේ වූවත් ඔහුගේ පාඨකයන්ගේ මනස වෙනස් කිරීම අවශ්‍ය වූ නිසාය.

පොත

ග්‍රේෂන් අධිරාජ්‍යයා වෙත

ගිඩියොන් තෝරා ගැනීම වූ කලි අපගේ ස්වාමින් වහන්සේගේ මාංසවත් වීමත්, එළු පැටවෙකුගේ පූජාව, ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ පව් සඳහා සන්සිඳුවන පූජාවත්; ගොනාගේ පූජාව, අපවිත්‍ර චාරිත්‍ර අහෝසි කිරීමත්; එසේම සොල්දාදුවන් තුන්සියය තුළ කුරුසිය තුළින් වන අනාගත මිදීමේ ආකාරයත් දක්වා ඇත. ගිඩියොන් විවිධ සලකුණු සෙවීමද අබිරහසක් විය, මන්ද ලොම් මිටිය වියළීම සහ භූමිය තෙතමනයෙන් යුක්ත වීම මගින් යුදෙව්වන්ගේ වැටීම සහ අන්‍යජාතීන් කැඳවනු ලැබීමත්, බේසමක තිබූ ජලය මගින් ප්‍රේරිතයන්ගේ පාද සේදීමත් අදහස් විය . ශාන්ත ඇම්බ්‍රෝස් තමාගේම දූෂණය සෝදා හරින ලෙස යාච්ඤා කරයි. එසේම ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමණීය කරුණා දයාව ගැන ප්‍රශංසා කරයි. දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වහන්සේ විසින් එවන ලද එම ජලයම පුදුමාකාර සංවර්තනයන් ඇති කරන්නේය; කෙසේ වෙතත්, එය වෙනත් කිසිවෙකු විසින් යවනු ලැබීමට නොහැකිය. මන්ද එය බාහිර බලයකට යටත් නොවන ශුද්ධාත්මයාණන් වහන්සේගේ වගුරුවනු ලැබීමක් වන නිසාය.

1. විනිශ්චයකාරයාගේ පොත 6:11 අලෝන ගස යට, ජෙරුබ්බාල් තිරිඟු මඬිමින් සිටියදී, දෙවියන් වහන්සේගේ සෙනඟ ආගන්තුකයන්ගේ බලයෙන් නිදහස් කරගෙන ඒම සඳහා ඔහුට දෙවියන් වහන්සේගෙන් පණිවිඩයක් ලැබුණි. ඔහු කරුණා අනුග්‍රහය සඳහා තෝරා ගනු ලැබුවේ නම් එය පුදුමයට කරුණක් නොවේය, මන්ද ඒ වන විටත්, අනාගතයේ සිදු වන මාංසවත් වීමේ පෙර නියම කරන ලද අබිරහස තුළ ශුද්ධ වූ කුරුසියේ සහ ගෞරවනීය ප්‍රඥාවේ සෙවණැල්ල යට පත් කරන ලදුව, ඔහු ඵලදායී ධාන්‍යවල දෘශ්‍යමාන බීජ ඒවායේ සැඟවුණු ස්ථානවලින් ඇද ගනිමින් සිටියේය. එසේ[අබිරහස් ලෙස] ශුද්ධවන්තයින්ගෙන් තෝරාගත් අය නිසරු දහයියාවලින් වෙන් කරමින් සිටියේය. මන්ද, මෙම තෝරාගත් අය, සත්‍යයේ දණ්ඩෙන් පුහුණු වූවාක් මෙන්, මහලු මිනිසාගේ අතිරික්තයන් ඔහුගේ ක්‍රියාවන් සමග පසෙකට දමා, සභාවේ මිදි මඬින යන්ත්‍රයක මෙන් රැස් කරනු ලැබේ. මක්නිසාද යත්, සභාව සදාකාලික දිය උල්පතේ මිදි මඬින යන්ත්‍රය වන අතර, එහි ළිංවලින් ස්වර්ගීය මිදි යුෂ නික්මෙන බැවිනි.

2. එම පණිවිඩයෙන් පෙලඹුණු ගිඩියොන්, දහස් ගණනක් ජනයා අසමත් වුවද, දෙවියන් වහන්සේ එක් මිනිසෙකු මාර්ගයෙන් තමන්ගේ සතුරන්ගෙන් තම සෙනග ගලවා ගන්නා බව ඇසූ විට, විනිශ්චයකාරයාගේ පොත 6:14 එළු පැටවෙකු පූජා කළේය. එසේම දේවදූතයාගේ වචනයට අනුව, උගේ මස් සහ මුහුන් නොදැමූ රොටි පර්වතය මත තබා, හොදි ඒවා මත වත් කළේය. දේවදූතයා තමා රැගෙන ගිය සැරයටියේ කෙළවරින් ඒවා ස්පර්ශ කළ විගස, පර්වතයෙන් ගින්නක් පිට වූ අතර, ඔහු පූජා කළ පූජාව දවා දමනු ලැබිණි. විනිශ්චයකාරයාගේ පොත 6:19-21 එයින් පැහැදිලි වන්නේ එම පර්වතය ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ රූපයක් බවයි, මන්ද එහි මෙසේ ලියා ඇත: මක්නිසාද ඔව්හු තමුන් අනුව ගියාවූ ආත්මික පර්වතයකින් බීවෝය. ඒ පර්වතය නම් ක්‍රිස්තුස්වහන්සේය. 1 කොරින්ති 10:4 එය නිසැකවම උන් වහන්සේගේ දේවත්වයට නොව, පිපාසයෙන් සිටින මිනිසුන්ගේ හදවත් උන් වහන්සේගේ සදාකාලික රුධිර ධාරාවෙන් වතුර දැමූ උන් වහන්සේගේ මාංසයට යොමු කෙරෙයි.

3. ඒ කාලයේදී පවා අබිරහසකින් ප්‍රකාශ කරන ලද්දේ, ස්වාමින් වහන්සේ වන යේසුස් වහන්සේ කුරුසියේ ඇණ ගසනු ලැබූ විට, මුළු ලෝකයේම පාපයන්, එනම් ශරීරයේ ක්‍රියා පමණක් නොව, ආත්මයේ තෘෂ්ණාවන්ද ඉවත් කරන බවයි. මක්නිසාද, එළු පැටවාගේ මාංසය ක්‍රියාවෙන් කරන පාප ගැන සඳහන් කරයි,එලෙසම තම්බාගත් හොද්ද තෘෂ්ණාවේ පෙලඹවීම් ගැන ලියා ඇත. ඒ මෙසේය: තවද ඔවුන් අතරේ සිටිය මිශ්‍ර සමූහයා තෘෂ්ණාවට වැටුණේය. ඉශ්‍රායෙල් පුත්‍රයෝ නැවත හඬා: අපට කන්ට මස් දෙන්නේ කවුද? ගණන් කථාව 11:4 එවිට ස්වාමීන්වහන්සේගේ දූතයා තමාගේ අතේ තිබුණු සැරයටියේ අග දිගුකොට මස්වලටත් මුහුන් නොදැමූ රොටිවලටත් තට්ටු කිරීමෙන් විනිශ්චයකාරයාගේ පොත 6:21 පෙන්නුම් කරන්නේ ස්වාමින් වහන්සේගේ මාංසය දිව්‍යමය ආත්මයෙන් පිරී, මිනිස් දුර්වලකමේ සියලු පාප දවා දමන බවයි. එබැවින්, ස්වාමින් වහන්සේ මෙසේ වදාරන සේක: මම පොළොවට ගින්නක් යැවීමට පැමිණියෙමි. ලූක් 12:49

4. එවිට එම මිනිසා, කලින් උපදෙස් දෙන ලදුව සිදුවීමට යන දේ කලින් දැනගෙන, ස්වර්ගීය අබිරහස් නිරීක්ෂණය කරන්නේය. එබැවින්, අනතුරු ඇඟවීමට අනුව, ඔහුගේ පියා විසින් පිළිමවලට නියම කරන ලද ගොනා මරා, ඔහුගේ දෙවියන් වහන්සේට අවුරුදු හතක් වයසැති වෙනත් ගොනෙකු පූජා කළේය. විනිශ්චයකාරයාගේ පොත 6:26 එසේ කිරීමෙන් ස්වාමින් වහන්සේගේ පැමිණීමෙන් පසුව සියලු අන්‍යජාතික පූජාවන් ඉවත් කළ යුතු බවත්, ජනතාවගේ මිදීම සඳහා ස්වාමින් වහන්සේගේ දුක් විඳීමේ පූජාව පමණක් පූජා කළ යුතු බවත් ඔහු ඉතා පැහැදිලිව පෙන්නුම් කළේය. මක්නිසාද ඒ ගොනා, එක්තරා ආකාරයක් අනුව, ක්‍රිස්තුස් වහන්සේ වූ අතර, යෙසායා පැවසූ පරිදි, ආත්මයාණන් වහන්සේ දීමනා හතේ පූර්ණත්වය උන් වහන්සේ තුළ වාසය කළේය. යෙසායා 11:2 ආබ්‍රහම්ද ස්වාමින් වහන්සේගේ දවස දැක ප්‍රීති වූ විට මෙම ගොනා පූජා කළේය. යොහන් 8:56 උන් වහන්සේ එක් කාලයකදී එළු පැටවෙකුගේ ස්වරූපයෙන්, තවත් අවස්ථාවක බැටළුවෙකුගේ ස්වරූපයෙන්, තවත් අවස්ථාවක ගොනෙකුගේ ස්වරූපයෙන් පූජා කරන ලද සේක. එළු පැටවෙකුගේ රූපයෙන් පූජා කරන ලද්දේ උන් වහන්සේ පාපයට පූජාවක් වන බැවිනි; බැටළුවෙකුගේ රූපයෙන් පූජා කරන ලද්දේ උන් වහන්සේ යටත්කමේ ගොදුරක් බැවිනි; ගොනෙකුගේ රූපයෙන් පූජා කරන ලද්දේ උන් වහන්සේ නොකැළැල් ‍ගොදුරක් බැවිනි.

5. එවිට ශුද්ධ වූ ගිඩියොන් මෙම අබිරහස කල්තියාම දුටුවේය. ඊළඟට ඔහු සටන සඳහා තුන්සිය දෙනෙකු තෝරා ගත්තේය,එසේ කළේ ලෝකය වැඩි මිනිසුන් සංඛ්‍යාවක් මගින් නොව, කුරුසියේ අබිරහසෙන් වඩාත් නරක සතුරන්ගේ ආක්‍රමණයෙන් නිදහස් විය යුතු බව පෙන්වීමටය. එහෙත්, ඔහු නිර්භීත හා විශ්වාසවන්ත වුවද, අනාගත ජයග්‍රහණය පිළිබඳ වඩාත් සම්පූර්ණ සාක්ෂි මෙ‍සේ පවසමින් ඔහු ස්වාමින් වහන්සේගෙන් ඉල්ලා සිටියේය: ඔබවහන්සේ කී ලෙස මා ලවා ඉශ්‍රායෙල් ගළවනසේක් නම්, බැලුව මැනව, මම බැටළුලොම් මිටියක් පාවරේ තබන්නෙමි; ලොම් මිටිය පිට පමණක් පිනි ඇතුව මුළු බිම වියළී තිබුණොත් ඔබවහන්සේ කී ලෙස මා ලවා ඉශ්‍රායෙල් ගළවන බව එයින් මම දැනගන්නෙමියි කීවේය. ඒ එසේ සිද්ධ විය. විනිශ්චයකාරයාගේ පොත 6:36-38 පසුව ඔහු ඊට අමතරව මුළු බිම පිට පිනි තිබෙද්දී ලොම් මිටිය පමණක් වියළී තිබෙන ලෙස ඉල්ලා සිටියේය.

6. බොහෝ සලකුණු මගින් උපදෙස් ලබා ගැනීමෙන් පසුවත් ඔහු තවත් සලකුණු ඉල්ලූ නිසා, ඔහුගේ ඇදහිල්ලෙහි අඩුවක් ඇති බවක් නොපෙනේදැයි යමෙකු විමසන්නට පුළුවන. එහෙත් අබිරහස්වලින් කතා කරන අයෙකු සැකයෙන් කතා කරන බවක් හෝ ඇදහිල්ලෙන් අඩු අයෙකු බවක් පෙනෙන්නට ඇත්තේ කෙසේද? එසේනම් ඔහු කතා කළේ සැකයෙන් නොවේය. එහෙත් අප සැක නොකරන පිණිස ප්‍රවේශම් විය. මක්නිසාද ඵලදායි ලෙස යාච්ඤාවෙහි යෙදෙන ඔහු සැකයක් ඇති කරගන්නේ කෙසේද? එසේම ඔහු දෙවියන් වහන්සේගේ පණිවිඩය තේරුම් නොගත්තේ නම්, ඔහුට බියෙන් තොරව සටන ආරම්භ කළ හැක්කේ කෙසේද? මක්නිසාද ලොම් මිටිය මත පිනි යුදෙව්වන් අතරෙහි වන ඇදහිල්ල පෙන්නුම් කළේය, මන්ද දෙවියන් වහන්සේගේ වචන පිනි මෙන් බැස ආ බැවිනි.

7. මිථ්‍යා විශ්වාසවල නියඟයෙන් මුළු ලෝකයම වියළී ගොස් ඇති විට, ස්වර්ගීය පිනි ලොම් මිටිය මත විය. එහෙත් ඊට පසුව ඉශ්‍රායෙල් වංශයේ නැතිවූ බැටළුවන් මතෙව් 15:24 (යුදෙව් ලොම් මිටියෙහි රූපයෙන් දක්වා ඇති බව මම සිතමි), ඉන්පසු එම බැටළුවන්, යෙරෙමියා 2:13 ජීවමාන ජල උල්පත ප්‍රතික්ෂේප කළ බවත්, යුදෙව්වන්ගේ හදවත් තුළ තෙතමනය කරන ඇදහිල්ලේ පිනි වියළී ගිය බවත්, එසේ පසුව එම දිව්‍යමය උල්පත අන්‍යජාතීන්ගේ හදවත් වෙත එහි මාර්ගය හරවා ගත් බවත් මම කියමි. දැන් මුළු ලෝකයම ඇදහිල්ලේ පිනිවලින් තෙත් වී ඇති නමුත් යුදෙව්වන්ට ඔවුන්ගේ අනාගතවක්තෘවරුන් සහ උපදේශකයින් අහිමි වී ඇත.

8. අනාවැකිමය වැස්සේ පොහොර අහිමි කර ඇති බවට ස්වාමින් වහන්සේ පවසන ඔවුන් දැන් නොඇදහිල්ලේ නියඟයෙන් පීඩා විය යුතු වීම පුරුමයට කරුණකි. ඒ පිළිබඳ මෙසේ පවසා ඇත: එහි වැසි නොවසින හැටියට වලාකුල්වලට අණකරන්නෙමි. යෙසායා 5:6 මක්නිසාද මෙය සෞඛ්‍ය සම්පන්න බව ලබා දෙන කරුණා අනුග්‍රහයේ වර්ෂාවකි. දාවිත්ද පැවසූ පරිදි එය මෙසේය: තණකොළ කැපූ කෙත් පිට වැස්ස මෙන්ද බිම තෙමන වැසිවලා මෙන්ද උන්වහන්සේ පහළවන්නේය. ගැලවුම්කරුවාණන් වහන්සේගේ පැමිණීමේදී දිව්‍යමය ආත්මයාණන් වහන්සේයේ පිනිවලින් ලෝකයට වතුර වත් කිරීමට, මුළු පොළොවටම මෙම වර්ෂාව ලබා දෙන බවට දිව්‍යමය ශුද්ධලියවිල්ල අපට පොරොන්දු වී ඇත. එසේ නම්, ස්වාමින් වහන්සේ දැන් පැමිණ සිටින සේක, එසේ වර්ෂාව පැමිණ ඇත; ස්වාමින් වහන්සේ උන් වහන්සේ සමග ස්වර්ගීය වතුර බිංදු ගෙනැවිත් ඇත, එබැවින් කලින් පිපාසයෙන් සිටි අපි දැන් එය පානය කරමු, එසේ අපි එම දිව්‍යමය ආත්මයාණන් වහන්සේ තුළ අභ්‍යන්තර ජලයෙන් පානය කරන්නෙමු.

9. ශුද්ධ වූ ගිඩියොන්, මෙය කලින් දුටුවේය, එනම් අන්‍යජාතීන්ගේ ජාතීන්ද ඇදහිල්ල පිළිගැනීමෙන් එයින් පානය කරනු ඇති බැවින්, ඔහු වඩාත් උනන්දුවෙන් ඒ ගැන විමසුවේය, මන්ද ශුද්ධවන්තයන්ගේ ප්‍රවේශම් වීම අවශ්‍ය නිසාය. එබැවින් නූන්ගේ පුත්‍රයා වන යෝෂුවාද ස්වර්ගීය සේනාවේ නායකයා දුටු විට, ඔබ අපේ පැත්තටද නොහොත් අපේ විරුද්ධකාරයන්ගේ පැත්තටදැයි ඔහුගෙන් ඇසුවේය. යෝෂුවා 5:13 එසේ නොවුවහොත්, සමහර විට, ඔහු විරුද්ධවාදියාගේ යම් උපක්‍රමයකින් රැවටෙනු ඇති බැවිනි.

10. ඔහු ලොම් මිටිය කෙතක හෝ තණබිමක නොව, තිරිඟු අස්වැන්න තිබෙන කමතක තැබුවේ හේතුවක් නොමැතිව නොවේය: මක්නිසාද ගොයම බොහෝය, මෙහෙකරුවෝ ස්වල්ප දෙනෙක්ය. ලූක් 10:2 මක්නිසාද ස්වාමින් වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරණකොටගෙන, ගුණධර්මවලින් යුත් ඵලදායි අස්වැන්නක් ලැබීමට ආසන්නව තිබුණි.

11. තවද, නැවතත්, ඔහු යුදෙව්වන්ගේ ලොම් මිටිය වියළා, එම පිනි බේසමකට දැමුවේ හේතුවක් නොමැතිව නොවේය, එවිට එය වතුරෙන් පිරී තිබෙන පිණිසය. එහෙත් ඔහු එම පිනිවලින් තමාගේම පාද සෝදා ගත්තේ නැත. මෙතරම් විශාල අබිරහසක වරප්‍රසාදය තවත් කෙනෙකුට ලබා දිය යුතුව තිබුණි. සියල්ලන්ගේම අපිරිසිදුකම සෝදාගත හැකි තැනැන් වහන්සේ ගැන පමණක් ඔහු බලාපොරොත්තුවෙන් සිටියේය. මෙම අබිරහස තමා ගැන යැයි දැක්වීමට ගිඩියොන් තරම් ශ්‍රේෂ්ඨ නොවීය, එහෙත් මනුෂ්‍ය පුත්‍රයා සේවය ලැබීමට නොව සේවය කිරීමට පැමිණි සේක. මතෙව් 20:28 එසේ නම්, මෙම අබිරහස් ඉටු වන බව පෙනෙන්නේ කා තුළදැයි අපි හඳුනා ගනිමු. ඒ ශුද්ධ වූ ගිඩියොන් තුළ නොවේය, මන්ද එහිදී ඒවා තවමත් ආරම්භයේ තිබූ බැවිනි. එබැවින් අන්‍යජාතීන් අබිබවා යනු ලැබිණි. මන්ද වියළි බව තවමත් අන්‍යජාතීන් මත පැවතුණි, එබැවින් ඉශ්‍රායෙල් ඔවුන් අබිබවා ගියහ, මන්ද එවිට පිනි ලොම් මිටිය මත රැඳී තිබුණු බැවිනි.

12. දැන් අපි දෙවියන් වහන්සේගේ ශුභාරංචිය වෙත යොමු වෙමු. ස්වාමින් වහන්සේ උඩ ඇඳුම ගළවා තබා, රෙදිකඩක් රැගෙන ඉඟටියෙහි බැඳගෙන, භාජනයට වතුර වත්කොට ගෝලයන්ගේ පාද සෝදන්ටත් තමන් ඉඟටියේ බැඳගත් රෙදිකඩින් පිසදමන්ටත් පටන්ගත්සේක. යොහන් 13:4-5 ඒ ස්වර්ගීය පිනි මේ වතුරයි, මෙය කලින්ම පවසන ලද්දකි, එනම් ස්වාමින් වහන්සේ වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තම ගෝලයන්ගේ පාද ඒ ස්වර්ගීය පිනිවලින් සෝදන බව කලින් දන්වා ඇත. එසේ දැන් අපේ මනස නමැති පාද දිගහරිනු ලැබේවා. ස්වාමින් වන යේසුස් වහන්සේ අපගේ පාද සේදීමටත් කැමති වන සේක, මන්ද උන්වහන්සේ පේදුරුටපමණක් නොව, සෑම ඇදහිලිවන්තයෙකුටම මෙසේ පවසන සේක: මම නුඹ නොසේදුවොත් මා හා සමග පංගුකාරකමක් නුඹට නැත. යොහන් 13:8

13. එසේ නම් යේසුස් ස්වාමින් වහන්ස, මා වෙනුවෙන් ඔබ වහන්සේ පැලඳ සිටින ඔබගේ වස්ත්‍ර ගලවා දමන්න; ඔබ වහන්සේගේ දයාවෙන් අප පලඳවන පිණිස ඔබ වහන්සේ නිරාවරණය වන්න. ඔබ වහන්සේ ඔබ වහන්සේගේ අමරණීයභාවයේ ත්‍යාගයෙන් අප බැඳගන්නා පිණිස අප වෙනුවෙන් තුවායක් ඇඳගන්න. භාජනයට වතුර වත් කරන්න, අපගේ පාද පමණක් නොව හිසද, ශරීරයේ පමණක් නොව, ආත්මයේ පාදද සේදුව මැනව. අපගේ දුර්වලකමේ සියලු අපිරිසිදුකම ඉවත් කර දැමීමට මම කැමැත්තෙමි, එවිට මටද මෙසේ පැවසිය හැකිය: රාත්‍රියේදී මම මගේ කබාය ගලවා දැමුවෙමි, මම එය පැලඳ ගන්නේ කෙසේද? මම මගේ පාද සෝදා ගත්තෙමි, මම ඒවා අපවිත්‍ර කරන්නේ කෙසේද? ගීතිකාවල ගීතිකාව 5:3

14. ඒ විශිෂ්ටත්වය කොතරම් ශ්‍රේෂ්ඨද! සේවකයෙකු ලෙස, ඔබ වහන්සේ ඔබ වහන්සේගේ ගෝලයන්ගේ පාද සෝදන සේක. දෙවියන් වහන්සේ ලෙස, ඔබ වහන්සේ ස්වර්ගයෙන් පිනි යවන සේක. ඔබ වහන්සේ පාද සෝදනවා පමණක් නොවේය, එහෙත් ඔබ වහන්සේ සමග වාඩි වීමට අපට ආරාධනා කරන්න සේක. ඔබ වහන්සේගේ ගෞරවයේ ආදර්ශයෙන් අපට මෙසේ අනුශාසනා කරන සේක: ආචාරිනි, ස්වාමීනි කියා නුඹලා මට කියහුය. නුඹලා කියනවා හරිය; මක්නිසාද මම එසේ වෙමි. ඉඳින් ස්වාමිද ආචාර්යද වූ මම නුඹලාගේ පාද සේදීම් නම් නුඹලා විසිනුත් එකිනෙකාගේ පාද සේදිය යුතුය. යොහන් 13:13-14

15. එසේනම්, මමත් මගේ සහෝදරයන්ගේ පාද සේදීමට කැමති වෙමි, මගේ ස්වාමින් වහන්සේගේ ආඥාව ඉටු කිරීමට මම කැමැත්තෙමි. මම ඒ සම්බන්ධයෙන් ලජ්ජාවට පත් නොවන්නෙමි, උන් වහන්සේ විසින්ම මුලින්ම කරන ලද දේ මම පිළිකුල් නොකරමි. නිහතමානීකමේ අබිරහස යහපත්ය, මන්ද අන් අයගේ දූෂිත බව සෝදා හැරීමේදී මම මගේම දූෂිත කාරණාද සෝදා හරින්නෙමි. එහෙත් සියල්ලන්ටම මෙම අබිරහස අවසන් කිරීමට නොහැකි විය. ඇත්ත වශයෙන්ම ආබ්‍රහම් පාද සේදීමට කැමති විය, උත්පත්ති 18:4 එහෙත් ඒ ආගන්තුක සත්කාරයේ හැඟීමක් නිසාය. ගිඩියොන්ද ඔහුට දර්ශනය වූ ස්වාමින් වහන්සේගේ දූතයාගේ පාද සේදීමට කැමති විය, එහෙත් ඔහුගේ පාද සේදීම උදෙසා වූ කැමැත්ත එක් අයෙකුට පමණක් සීමා විය; ඔහු සේවයක් කරන කෙනෙකු ලෙස එසේ කිරීමට කැමති විය, ඔහු එසේ කළේ තමා සමග සහභාගීත්වයක් ඇති කරගන්නා කෙනෙකු ලෙස නොවේය. මෙය කිසිවෙකුත් නොදැන සිටි මහත් අබිරහසකි . අවසාන වශයෙන්, ස්වාමින් වහන්සේ පේදුරුට මෙසේ වදාළ සේක: මම කුමක් කරම්දැයි දැන් නුඹ දන්නේ නැත; නුමුත් පසුව නුඹට තේරෙනවා ඇත. යොහන් 13:7 මෙය දිව්‍යමය අබිරහසක් වන අතර එයින් සේදීම ලබන අය පවා ඒ ගැන විමසනු ඇත. එසේ නම්, ක්‍රිස්තුස් වහන්සේ සමග කොටස්කරුවන් වීමට සුදුසු බව අපට පෙනී යන ස්වර්ගීය අබිරහසෙහි සරල ජලය නොවේය.

16. එසේම අපගේ ආත්මයේ භාජනයට, ලොම් මිටියෙන් සහ විනිශ්චයකරුවන්ගේ පොතෙන්ද දමන විශේෂ ආකාරයේ ජලයක් ඇත; එසේම ගීතාවලිය පොතෙන්ද ජලය එක් කෙරෙයි. එය ස්වර්ගයෙන් ලැබෙන පණිවිඩයේ ජලයයි. එසේ නම්, යේසුස් ස්වාමින් වහන්ස, මෙම ජලය මාගේ ආත්මයට, මාගේ මාංසයට පැමිණේවා, එවිට මෙම වැස්සේ තෙතමනය හරහා අපගේ මනසෙහි නිම්න සහ අපගේ හදවත්වල කෙත් කොළ පැහැයට හැරේවා. ඔබ වහන්සේ වෙතින් ලැබෙන ජල බිංදු මා මතට පැමිණ කරුණා අනුග්‍රහය සහ අමරණීයභාවය වගුරුවන සේක්වා. මා නැවත පව් නොකරන පිණිස මාගේ මනසෙහි පියවර සෝදා හැරිය මැනව. මාගේ ආත්මයේ විලුඹ සෝදා හැරිය මැනව. එවිට මාගේ ආත්මය නමැති පාදයේ සර්පයාගේ දෂ්ට කිරීම මට දැනෙන්නේ නැති වන පිණිසම මට ශාපය ඉවත් කිරීමට හැකි වනු ඇත. උත්පත්ති 3:15 එහෙත්, ඔබ වහන්සේම අණ කර තිබෙන පරිදි, ඔබ වහන්සේ අනුගමනය කරන්නන්ට, සර්පයන් සහ ගෝනුස්සන් පාගා දමා පාදය තුවාල කර නොගෙන සිටිය හැකිය. ලූක් 10:19 ඔබ වහන්සේ ලෝකය මුදාගෙන ඇති සේක, තනි පව්කාරයෙකුගේ ආත්මය මුදාගෙන ඇති සේක.

17. ඔබ වහන්සේගේ ප්‍රේමණීය කරුණාවේ විශේෂ විශිෂ්ටත්වය මෙයයි, ඒ තුළින් ඔබ වහන්සේ මුළු ලෝකයාම එකිනෙකා බැගින් මුදාගෙන ඇති සේක. එලියා එක්තරා වැන්දඹුවක් වෙත යවන ලද්දේය; එලිෂා එක්තරා වැන්දඹුවක් පවිත්‍ර කළේය; යේසුස් ස්වාමින් වහන්ස, ඔබ වහන්සේ අද දින දහසක් දෙනා පවිත්‍ර කර ඇත. රෝම නගරයේ කොපමණ දෙනෙකු, ඇලෙක්සැන්ඩ්‍රියාවේ කොපමණ දෙනෙකු, අන්තියෝකියේ කොපමණ දෙනෙකු, කොන්ස්තන්ටිනෝපලයෙහි කොපමණ දෙනෙකු ඔබ වහන්සේ පවිත්‍ර කර ඇත්ද! මක්නිසාද කොන්ස්තන්ටිනෝපලය පවා දෙවියන් වහන්සේගේ වචනය ලබාගෙන ඇත. එසේ එය ඔබ වහන්සේගේ විනිශ්චය පිළිබඳ පැහැදිලි සාක්ෂි ලබාගෙන ඇත. අසල්වැසි ජනයාගේ යුද්ධවලින් කැලඹී හා නොසන්සුන්ව සිටි ඒරියානුවන්ගේ විෂ සහිත මූලධර්මය ඇය ඇගේ හදවතේ තබා ගත් තාක් කල්, ඇය සතුරු ආයුධවල ගැටුම සමග සෑම පැත්තකින්ම දෝංකාර දුන්නාය. එහෙත් ඇය ඇදහිල්ලට ආගන්තුකයන් වූ අය ඉවත දැමූ වහාම, ඇය නිහතමානී අයැදීමකින්, ඇය සැමවිටම බිය වීමට පුරුදු වී සිටි සතුරා – රජවරුන්ගේ විනිශ්චයකරු – පිළිගත්තාය; ඔහු මිය ගිය විට ඇය ඔහු භූමදාන කළාය, ඇය ඔහු ඔහුගේ සොහොන් ගෙය තුළ තදින් තබා ගත්තාය. එබැවින්, ඔබ කොන්ස්තන්ටිනෝපලයෙහි කොපමණ පිරිසක් පවිත්‍ර කර ඇත්ද, අවසානයේ, මේ දවසේදී පවා, මුළු ලෝකය පුරාම කී දෙනකෙු පවිත්‍ර කර ඇද්ද!

18. දමාසස් පවිත්‍ර කළේ නැත, පේදුරුපවිත්‍ර කළේ නැත, ඇම්බ්‍රෝස් පවිත්‍ර කළේ නැත, ග්‍රෙගරි පවිත්‍ර කළේ නැත; මක්නිසාද දේවසේවය අපගේය, එහෙත් සක්‍රමේන්තු ඔබ වහන්සේගේය. මක්නිසාද දිව්‍යමය දේ ලබා දීම මිනිසාගේ බලයෙහි ඇත්තේ නැත, එහෙත් එය ඔබ වහන්සේගේ සහ පියාණන් වහන්සේගේ ත්‍යාගයයි. ඔබ වහන්සේගේ අනාගතවක්තෘවරුන් කරණකොටගෙන කථා කළ පරිදි එය මෙසේය: ඉන්පසු මාංසමයවූ සියල්ලන් කෙරෙහි මාගේ ආත්මය වගුරුවන්නෙමි; නුඹලාගේ පුත්‍රයෝද දූවරුද අනාගතවාක්‍ය කියන්නෝය. යෝවෙල් 2:28 මෙය ස්වර්ගයෙන් පැමිණෙන සාමාන්‍ය පිනිය, මෙය කරුණා අනුග්‍රහයේ වර්ෂාවයි. අප කියවන පරිදි ඒ මෙසේය: උන් වහන්සේගේ උරුමයෙන් බෙදී එන කරුණා අනුග්‍රහයේ වර්ෂාවයි. මක්නිසාද ශුද්ධාත්මයාණන් වහන්සේ කිසිදු විදේශීය බලයකට හෝ නීතියකට යටත් නොවන සේක. එහෙත් උන් වහන්සේගේම උන් වහන්සේගේ නිදහසේ විනිශ්චයකරුවාණන් වහන්සේ වන අතර, උන් වහන්සේගේම කැමැත්තේ තීරණයට අනුව සියල්ල බෙදා දෙන සේක, අපි කියවන පරිදි, ඒ එකමවූ ආත්මයාණන්වහන්සේ තමන් කැමති ලෙස එකිනෙකාට වෙන වෙනම බෙදාදෙමින්, මේ සියල්ල කරවනසේක. 1 කොරින්ති 12:11

1 වන පරිච්ඡේදය

අධිරාජ්‍යයාගේ ඇදහිල්ල පිළිබඳ මෙන්ම බැසිලිකාව සභාවට නැවත ලබා දීම යන කාරණා දෙකටම ප්‍රශංසා කිරීමෙන් ශාන්ත ඇම්බ්‍රෝස් තම තර්කය ආරම්භ කරයි. ඉන්පසු ඔහු තමාගේ විරුද්ධවාදීන්ට, ඔවුන් ශුද්ධාත්මයාණන් වහන්සේ සේවකයෙකු නොවන බව තහවුරු කරන්නේ නම්, උන් වහන්සේ සියල්ලටම වඩා ඉහළින් සිටීම ප්‍රතික්ෂේප කළ නොහැකි බව දක්වමින්, එම ආත්මයාණන් වහන්සේම, සියල්ල ඔබ වහන්සේට සේවය කරන්නේය, යනුවෙන් උන් වහන්සේ පැවසූ විට, උන් වහන්සේ මවන ලද සත්තාවන්ගෙන් වෙනස් බව පැහැදිලිව පෙන්නුම් කළ බව ඔහු තවදුරටත් දක්වයි. එම කරුණ ඔහු වෙනත් සාක්ෂි මගින්ද තහවුරු කරයි.

19. එසේ නම්, ශුද්ධාත්මයාණන් වහන්සේ සියල්ල අතර නොව සියල්ලට ඉහළින් සිටින සේක. මක්නිසාද (අතිශය දයාවන්ත අධිරාජ්‍යයාණෙනි, ඔබට අන් අයට ඉගැන්වීමට හැකි වන පරිදි, ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වහන්සේ පිළිබඳ සම්පූර්ණයෙන්ම උපදෙස් ලබා ඇති බැවින්), ඔබ වඩාත් නිවැරදිව [උන් වහන්සේ ගැන] යමක් පැවසීමට කැමති මෙන්ම පවසා සිටින බැවින්, මම ඔබ තවදුරටත් රඳවා නොගන්නෙමි, විශේෂයෙන්ම මෑතකදී මෙවැනි තර්කයකින් ඔබ සතුටු වූ බැවින්, කිසිවෙකුත් ඔබට බල නොකරම බැසිලිකාව සභාවට නැවත ලබාදීමට අණ කර ඇත.

20. එසේ නම්, අපි ඔබේ ඇදහිල්ලේ කරුණාව සහ අපගේම විපාකය ලබා ඇත්තෙමු; මක්නිසාද යත්, සියල්ලන්ම ඒ ගැන නොදැන සිටියදී, ඔබ හදිසියේම බැසිලිකාව නැවත ලබා දුන්නේ ශුද්ධාත්මයාණන් වහන්සේගේ කරුණා අනුග්‍රහයෙන් නිසා හැරුණුකොටගෙන මිස වෙනත් ආකාරයකින් බව අපට පැවසිය නොහැකිය. මෙය ශුද්ධාත්මයාණන් වහන්සේගේ ක්‍රියාවක් බව මම පවසමි, උන් වහන්සේ සැබවින්ම එකල අප කරණකොටගෙන දේශනා කළ අතරම, ඔබ තුළ ක්‍රියා කරමින් සිටි සේක.

21. එසේම මම පෙර කාලයේ සිදු වූ පාඩු ගැන දුක් නොවෙමි. මන්ද ඒ බැසිලිකාව අත්පත් කර ගැනීමෙන් යම් ආකාරයක පොළියක්ද ලැබුණු බැවිනි. මක්නිසාද ඔබ බැසිලිකාව අත්පත් කර ගත්තේ ඔබේ ඇදහිල්ල පිළිබඳ සාක්ෂි ලබා දීමටය. මේ අනුව ඔබගේ භක්තිය සාක්ෂි සැපයීම සඳහා වෙන් කර තිබූ එහි අරමුණ ඉටු කර ගත් අතර, මේ ආකාරයෙන් එය නැවත ලබා දීමෙන් සාක්ෂි සපයන ලදී. මම ඵලය නැති කර නොගතිමි, එසේ ඔබේ විනිශ්චය මා සතුව ඇත. ඒ අනුව යම් යම් ක්‍රියාවන් විවිධත්වයකින් යුතුව, ඔබ තුළ මතභේදයක් නොතිබූ බව සියල්ලන්ටම පැහැදිලි කරනු ලැබ ඇත. ඔබ එය අල්ලා ගත්තේ ඔබේම කැමැත්තෙන් නොවන බවත්, ඔබ එය නැවත ලබා දුන්නේ ඔබේම කැමැත්තෙන් බවත් සියල්ලන්ටම පැහැදිලි කරනු ලැබ ඇති බව මම පවසමි.

22. දැන් අපි පැවසූ දේ සාක්ෂි මගින් තහවුරු කරමු. මෙම සාකච්ඡාවේ පළමුවන කරුණ නම් සියල්ල සේවය කරන බවයි. දැන් සියල්ල සේවය කරන බව පහත ආකාරයෙන් ලියා තිබීමෙන් පැහැදිලිය: සියල්ල ඔබ වහන්සේට සේවය කරන්නේය. මෙය ආත්මයාණන් වහන්සේ අනාගතවක්තෘවරයා තුළින් පැවසූ සේක. අපි සේවය කරමු, එහෙත්, ඔබ වහන්සේට සේවය කරමු, යනුවෙන් උන් වහන්සේ පැවසුවේ නැත. එසේ කළේ උන් වහන්සේම සේවය කිරීමෙන් බැහැර කර ඇති බව ඔබ විශ්වාස කරන පිණිසය. එසේ නම්, සියල්ල සේවය කරන බැවින්, ශුද්ධාත්මයාණන් වහන්සේ නිසැකවම සියල්ල අතරට ඇතුළත් නොවන සේක.

23. මක්නිසාද ශුද්ධාත්මයාණන් වහන්සේ සියලු දේ අතරට ඇතුළත් බව අපි පවසන්නෙමු නම්, නිසැකවම ආත්මයාණන් වහන්සේ දෙවියන් වහන්සේගේ ගැඹුරු කාරණා විමසන බව අප කියවන විට, 1 කොරින්ති 2:10 අපි දෙවියන් වහන්සේ වන පියාණන් වහන්සේ සියල්ලටම වඩා ඉහළින් සිටින බව ප්‍රතික්ෂේප කරන්නෙමුව. මක්නිසාද ආත්මයාණන් වහන්සේ දෙවියන් වහන්සේගෙන් වන අතර, උන් වහන්සේගේ මුඛයේ ආත්මයාණන් වහන්සේ වන සේක. එබැවින්, ශුද්ධාත්මයාණන් වහන්සේ සියල්ල අතරට ඇතුළත් බව අපට කිව හැක්කේ කෙසේද? මන්ද ආත්මයාණන් වහන්සේ වන දෙවියන් වහන්සේ සියල්ලටම වඩා ඉහළින් සිටින බවත්, නිසැකවම පරිපූර්ණත්වයේ සහ පරිපූර්ණ බලයේ පූර්ණත්වය ඇති බවත් දකින නිසාය.

25. එහෙත් විරුද්ධවාදීන් අපොස්තුළුවරයා වැරදියි කියා නොසිතන පිණිස, ඔහු තම විශ්වාසය සඳහා ඔහුගේ අධිකාරිය ලෙස අනුගමනය කළේ කවුරුන්ද යන්න ඔවුන්ට දැනගැනීමට ඉඩ දෙන්න. ස්වාමින් වහන්සේ ශුභාරංචියේ මෙසේ පැවසූ සේක: නුමුත් පියාණන්වහන්සේ කෙරෙන් මා විසින් නුඹලාට එවන සැනසිලිකාරයාණන්වහන්සේ එනම් පියාණන්වහන්සේ වෙතින් නික්මෙන්නාවූ සත්‍යතාවේ ආත්මයාණන්වහන්සේ ආ කල, උන්වහන්සේ මා ගැන සාක්ෂිදෙනසේක. යොහන් 15:26 එබැවින් ශුද්ධාත්මයාණන් වහන්සේ පියාණන් වහන්සේගෙන් නික්මෙන අතර පුත්‍රයාණන් වහන්සේ ගැන සාක්ෂි දරන සේක. මක්නිසාද විශ්වාසවන්ත හා සත්‍යය යන දෙකම වන සාක්ෂිකරු පියාණන් වහන්සේ ගැන සාක්ෂි දරන සේක. එම සාක්ෂියට වඩා දිව්‍යමය මහිමයේ ප්‍රකාශනය සඳහා සම්පූර්ණ කිසිවක් ඇත්තේ නැත, දිව්‍යමය බලයේ එකමුතුකම සම්බන්ධයෙන් එයට වඩා පැහැදිලි කිසිවක් ඇත්තේ නැත, මන්ද ආත්මයාණන් වහන්සේට පුත්‍රයාණන් වහන්සේ හා සමාන දැනුමක් ඇති අතරම, උන් වහන්සේ පියාණන් වහන්සේගේ රහස්වල සාක්ෂිකරු සහ වෙන් කළ නොහැකි කොටස්කරුවා වන සේක.

26. එමනිසා, උන් වහන්සේ දෙවියන් වහන්සේගේ දැනුමට සහභාගී වීමෙන් මවන ලද ජීවීන්ගේ ඇසුර සහ වර්ගීකරණයෙන් බැහැරව සිටින සේක. එහෙත් ශුද්ධාත්මයාණන් වහන්සේ බැහැර නොකිරීමෙන්, ශුද්ධාත්මයාණන් වහන්සේ මවන ලද ජීවීන්ගේ සහභාගීත්වයට අයත් නොවන බව උන් වහන්සේ පෙන්නුම් කරන සේක. එබැවින් ශුභාරංචියේ ඒ පිළිබඳ කියවෙන කොටස මෙසේය: කිසිවෙක් කිසිකලක දෙවියන්වහන්සේ දුටුවේ නැත; පියාණන්වහන්සේගේ ළයේ ඉන්නාවූ ඒකජාතක පුත්‍රයාණන්වහන්සේම උන්වහන්සේ ප්‍රකාශකළසේක. මෙය ශුද්ධාත්මයාණන් වහන්සේ බැහැර කිරීමටද අදාළ වේ. මක්නිසාද උන් වහන්සේ දෙවියන් වහන්සේගේ ගැඹුරු කාරණා පවා විමසන බැවින් උන් වහන්සේ දෙවියන් වහන්සේ දැක නැත්තේ කෙසේද? දෙවියන් වහන්සේගේ දේවල් දන්නා තැනැන් වහන්සේ දෙවියන් වහන්සේ නොදැක සිටින්නේ කෙසේද? දෙවියන් වහන්සේගෙන් පැමිණි තැනැන් වහන්සේ වන උන් වහන්සේ දෙවියන් වහන්සේ නොදැක සිටියේ කෙසේද? එබැවින්, කිසිවෙකු කිසිදා දෙවියන් වහන්සේ දැක නැති බව දක්වා කර ඇති බැවින්, සහ ශුද්ධාත්මයාණන් වහන්සේ උන් වහන්සේ දැක ඇති බැවින්, පැහැදිලිවම ශුද්ධාත්මයාණන් වහන්සේ එයින් බැහැර කරනු ලැබ ඇත. එසේ නම්, සියල්ලන්ගෙන් බැහැර කරනු ලැබ ඇති උන් වහන්සේ සියල්ලන්ටම වඩා ඉහළින් සිටින සේක.

2 වන පරිච්ඡේදය.

සියල්ලම උන් වහන්සේ කරණකොටගෙන මවනලදී, යන වචනවලින් ශුද්ධාත්මයාණන් වහන්සේ එම සියල්ල අතරට ඇතුළත් බවට සාක්ෂියක් නොවේය, මන්ද උන් වහන්සේ මවනු නොලැබූ තැනැන් වහන්සේ වන සේක. මක්නිසාද එසේ නොමැති නම්, පුත්‍රයාණන් වහන්සේ සහ පියාණන් වහන්සේ පවා සියලු දේ අතර ගණන් ගත යුතු බව වෙනත් පාඨයන් මගින් ඔප්පු කළ හැකි වනු ඇති අතර, එය ඒ හා සමානම අගෞරවයක් වනු ඇත.

27. කරුණාවන්ත අධිරාජයාණෙනි, මෙය අපගේ නිවැරදි හැඟීම පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් ලෙස පෙනේ, එහෙත් අභක්තිකයන්ට එය එසේ නොපෙනේ. ඔවුන් උත්සාහ කරන දේ නිරීක්ෂණය කරන්න. මන්ද, මිථ්‍යාදෘෂ්ටිකයන්ට පැවසීමට අවශ්‍යව ඇත්තේ ශුද්ධාත්මයාණන් වහන්සේ සියල්ල අතර ගණන් ගත යුතු බවයි, මන්ද දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වහන්සේ ගැනමෙසේ ලියා ඇති බැවිනි: සියල්ල උන් වහන්සේ කරණකොටගෙන සාදන ලද්දේය. යොහන් 1:3

28. සත්‍යයට අනුගත වීමට අපොහොසත් වන සහ ප්‍රතිලෝම ප්‍රකාශ අනුපිළිවෙළකට පැටලී සිටින තර්ක කෙතරම් සම්පූර්ණයෙන්ම අවුල් සහගතද? මක්නිසාද, ඔවුන් උන් වහන්සේ මවන ලද බව ඔප්පු කළහොත්, ශුද්ධාත්මයාණන් වහන්සේ සියල්ල අතර ගණන් ගැනෙන බවට කරන ප්‍රකාශය සඳහා මෙම තර්කය වටිනාකමක් ලබා දෙනු ඇත. මන්ද සාදන ලද සියල්ල පුත්‍රයාණන් වහන්සේ කරණකොටගෙන සාදන ලද බව ශුද්ධලියවිල්ල පවසයි; එහෙත් ශුද්ධාත්මයාණන් වහන්සේ මවන ලද අයෙකු බව අපට උගන්වා නොමැති බැවින්, අනෙක් සියලු දේම මවන ලද ආකාරයට සාදනු නොලැබූ සහ මවනු නොලැබූ තැනැන් වහන්සේ වන උන් වහන්සේ නිසැකවම සියල්ල අතර සිටින බව ඔප්පු කළ නොහැකිය. මට නම් මෙම සාක්ෂිය සෑම කරුණක්ම තහවුරු කිරීම සඳහා ප්‍රයෝජනවත් වේ; පළමුවෙන්ම, උන් වහන්සේ සියලු දේවලට වඩා ඉහළින් සිටින බව ඔප්පු වී ඇත, මන්ද උන් වහන්සේ මවන ලද අයෙකු නොවන බැවිනි; දෙවනුව, උන් වහන්සේ සියල්ලටම වඩා ඉහළින් සිටින බැවින්, උන් වහන්සේ මවනු ලැබූ බවක් නොපෙනේ, එසේම උන් වහන්සේ සාදන ලද දේවල් අතර ගණන් ගත යුතු නොවේ.

29. ශුද්ධාත්මයාණන් වහන්සේ සම්බන්ධයෙන් කිසිම විකල්පයක් නොදක්වා, සියල්ල වාක්‍යාණන් කරණකොටගෙන සාදන ලද බව එවැන්ජලිස්තවරයා ප්‍රකාශ කළ නිසා (යොහන් තුළ කතා කරන දෙවියන් වහන්සේගේ ආත්මයාණන් වහන්සේ මෙසේ පැවසූ සේක: සියල්ල උන් වහන්සේ කරණකොටගෙන සාදන ලදී, එසේ වූවත්, අප විසින් සාදන ලද සියල්ල අපි වෙමුව, යනුවෙන් පැවසුවේ නැත. දෙවියන් වහන්සේගේ ආත්මයාණන් වහන්සේම එවැන්ජලිස්තවරුන් තුළ කතා කළ බව ස්වාමින් වහන්සේම මෙසේ පවසමින් පැහැදිලිව පෙන්වා දී ඇති සේක. මක්නිසාද කථාකරන්නේ නුඹලා නොව නුඹලා තුළ කථාකරන නුඹලාගේ පියාණන්ගේ ආත්මයාණෝය. මතෙව් 10:20 එහෙත්, මා සඳහන් කළ පරිදි, යමෙකු මෙම සන්දර්භය තුළ ශුද්ධාත්මයාණන් වහන්සේ බැහැර නොකර, සියල්ල අතර උන් වහන්සේ ගණන් ගන්නේ නම්, අපෝස්තුළුවරයා මෙය ප්‍රකාශ කරන එම පාඨයෙන් ඔහු දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වහන්සේද බැහැර නොකරයි: අපට ඇත්තේ එක දෙවිකෙනෙක් වන පියාණන්වහන්සේය. සියල්ල පැමිණ තිබෙන්නේ උන්වහන්සේගෙන්ය, අපිත් උන්වහන්සේ කරණකොටගෙනය.1 කොරින්ති 8:6 එහෙත් පුත්‍රයාණන් වහන්සේ සාදන ලද සියල්ල අතර නොසිටින බව ඔහු දැනගන්නා පිණිස, ඔහු අපෝස්තුළුවරයා දක්වන පහත සඳහන් දේ කියවා බලාවා: තවද අපට ඇත්තේ එක ස්වාමීන්වහන්සේය, එනම් යේසුස් ක්‍රිස්තුස්වහන්සේය. සියල්ල උන්වහන්සේ කරණකොටගෙනය, අපිත් උන්වහන්සේ කරණකොටගෙනය. 1 කොරින්ති 8:6 ඔහු නිසැක ලෙසම දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වහන්සේ සියල්ලන්ගෙන් බැහැර කරයි, එසේම ඔහු පියාණන් වහන්සේ බැහැර කර ඇත.

30. පියාණන් වහන්සේගේ හෝ පුත්‍රයාණන් වහන්සේගේ හෝ ශුද්ධාත්මයාණන් වහන්සේගේ ගෞරවයට හානි කිරීම එක හා සමාන වූ අගෞරව කිරීමකි. මක්නිසාද, පියාණන් වහන්සේ විශ්වාස නොකරන්නා පුත්‍රයාණන් වහන්සේ විශ්වාස නොකරන අතර, පුත්‍රයාණන් වහන්සේ විශ්වාස නොකරන්නා ශුද්ධාත්මයාණන් වහන්සේ විශ්වාස නොකරයි. එසේම සත්‍යයේ පාලනය නොමැතිව ඇදහිල්ල පැවතිය නොහැකිය. මක්නිසාද, පියාණන් වහන්සේ සහ පුත්‍රයාණන් වහන්සේ සහ ශුද්ධාත්මයාණන් වහන්සේ තුළ බලයේ ඒකීයභාවය ප්‍රතික්ෂේප කිරීමට පටන් ගෙන ඇති කෙනෙකුට, බෙදීමක් නොමැති කාරණා සම්බන්ධයෙන් ඔහුගේ බෙදුණු විශ්වාසය ප්‍රදර්ශනය කළ නොහැකි බැවිනි. එසේ නම්, සම්පූර්ණ භක්තිය යනු නිවැරදිව විශ්වාස කිරීම වන බැවින්, සම්පූර්ණ අධර්මිෂ්ඨකම යනු වැරදි ලෙස විශ්වාස කිරීම වේ.

31. එබැවින්, සියල්ල පුත්‍රයාණන් වහන්සේ කරණකොටගෙන සාදන ලද බව ඔවුන් කියවන බැවින්, ශුද්ධාත්මයාණන් වහන්සේ සියල්ල අතර ගණන් ගත යුතු යැයි සිතන අය, පුත්‍රයාණන් වහන්සේද සියල්ල අතර ගණන් කළ යුතු යැයි සිතිය යුතුය, මන්ද ඔවුන් මෙසේද කියවන බැවිනි: සියල්ල පැමිණෙන්නේ දෙවියන්වහන්සේගෙන්ය; 2 කොරින්ති 5:18 එහෙත්, ඒ අනුව, ඔවුහු සියලු මවන ලද ජීවීන්ගෙන් පියාණන් වහන්සේ සියලු දේවලින් වෙන්කර හඳුනා නොගනිති, ඔවුහු සියලු මවන ලද ජීවීන්ගෙන් පුත්‍රයාණන් වහන්සේ වෙන්කර හඳුනා නොගනිති, මන්ද, සියල්ල පියාණන් වහන්සේගෙන් වන සේම, සියල්ල පුත්‍රයාණන් වහන්සේ කරණකොටගෙනද වන බැවිනි. ශුද්ධාත්මයාණන් වහන්සේ තුළ අපෝස්තුළුවරයාගේ වූ දූරදර්ශීභාවය නිසා, ඔහු මෙම ප්‍රකාශනයම භාවිත කළේය. ඒ පුත්‍රයාණන් වහන්සේ, ඔවුන් මට දුන්නාවූ මාගේ පියාණන් වහන්සේ සියල්ලන්ටම වඩා උතුම්ය; යොහන් 10:29 යනුවෙන් පැවසූ බව අසා දුෂ්ටයන්, පුත්‍රයාණන් වහන්සේ සියල්ල අතරට ඇතුළත් කර ඇති බව, ඔවුන් නොදකින ලෙසයි.

3 වන පරිච්ඡේදය.

පුත්‍රයාණන් වහන්සේ කරණකොටගෙන සියල්ල පියාණන් වහන්සේගෙන් පැමිණෙන බවට වන අපොස්තුළුතුමාගේ ප්‍රකාශය, ශුද්ධාත්මයාණන් වහන්සේ උන් වහන්සේලාගේ සමාගමෙන් වෙන් නොකරයි, මන්ද එක් පුද්ගලයාණන් වහන්සේ කෙනෙකුට යොමු කර ඇති දේ එක් එක් පුද්ගලයාණන් වහන්සේට ආරෝපණය කර ඇති බැවිනි. එබැවින් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් බව්තීස්ම වූ අය පියාණන් වහන්සේගේ නාමයෙන් සහ ශුද්ධාත්මයාණන් වහන්සේගේ නාමයෙන් බව්තීස්ම කර ඇති බව සලකනු ලැබේ. එනම්, පුද්ගලයාණන් වහන්සේ තිදෙනා කෙරෙහි විශ්වාසයක් තිබේ නම් පමණි. එසේ නොමැති නම් බව්තීස්මය අවලංගු වන්නේය. මෙය ශුද්ධාත්මයාණන් වහන්සේගේ නාමයෙන් වන බව්තීස්මයටද අදාළ වේ. එක් පාඨයක් නිසා ශුද්ධාත්මයාණන් වහන්සේ පියාණන් වහන්සේගෙන් සහ පුත්‍රයාණන් වහන්සේගෙන් වෙන් කර ඇත්නම්, එය අනිවාර්යයෙන්ම අනෙකුත් පාඨවලදී පියාණන් වහන්සේ පුත්‍රයාණන් වහන්සේට යටත් වන බවට ඇඟවෙන්නේය. පුත්‍රයාණන් වහන්සේ නමස්කාර කරනු ලබන්නේ ශුද්ධාත්මයාණන් වහන්සේ විසින් නොව දේවදූතයන් විසිනි, මන්ද ශුද්ධාත්මයාණන් වහන්සේ උන් වහන්සේගේ සාක්ෂිකරුවාණෝය, උන් වහන්සේගේ සේවකයා නොවේය. පුත්‍රයාණන් වහන්සේ සියල්ලන්ටම පෙර සිටි බව දක්වන ස්ථානයෙහි, එයින් මවන ලද ජීවීන් ගැන තේරුම් ගත යුතුය. ශුද්ධාත්මයාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ ගෞරවය ඔප්පු වන්නේ උන් වහන්සේට එරෙහිව කරන පාපයට සමාවක් නොමැති බව දැක්වීමෙනි. එවැනි පාපයට සමාව දිය නොහැකි වන්නේ කෙසේද සහ ශුද්ධාත්මයාණන් වහන්සේ එක වන්නේ කෙසේද?

32. කතුවරයා සියල්ල පියාණන් වහන්සේගෙන් බවත්, සියල්ල පුත්‍රයාණන් වහන්සේ තුළින් බවත් පැවසීමට සහ ශුද්ධාත්මයාණන් වහන්සේ ගැන කිසිදු සඳහනක් නොකරන්නට හේතුවක් ඇති බව යමෙකු පවසන්නට පුළුවන. 1 කොරින්ති 8:6 එසේ මෙයින් තර්කයකට පදනම ලබා ගැනීමට සිතන්නට පුළුවන. එහෙත් ඔහු තමාගේ විකෘති අර්ථකථනයේ දිගටම පවතින්නේ නම්, ශුද්ධලියවිල්ලේ පාඨවල පියාණන් වහන්සේ හෝ පුත්‍රයාණන් වහන්සේ හෝ ගැන කිසිවක් ප්‍රකාශ කර නැති, එහෙත් එය තේරුම් ගැනීමට ඉතිරි කර ඇති, ශුද්ධාත්මයාණන් වහන්සේගේ බලය ප්‍රකාශ කර ඇති බවට ඔහුට කොපමණ පාඨවලින් දැනගත හැකිද?


40. එසේ නම්, ආත්මයාණන් වහන්සේගේ කරුණා අනුග්‍රහය ප්‍රකාශ කර ඇති ස්ථානවලදී පියාණන් වහන්සේ වන දෙවියන් වහන්සේගේ හෝ ඒකජාතක පුත්‍රයාණන් වහන්සේගේ කරුණා අනුග්‍රහය ප්‍රතික්ෂේප කර තිබේද? කිසිසේත්ම නැත; මක්නිසාද පියාණන් වහන්සේ පුත්‍රයාණන් වහන්සේ තුළ සිටින ආකාරයටම, පුත්‍රයාණන් වහන්සේ පියාණන් වහන්සේ මක්නිසාද අපට දෙනලද ශුද්ධාත්මයාණන් වහන්සේ කරණකොටගෙන දෙවියන් වහන්සේගේ ප්‍රේමය අපගේ හෘදවල වගුරුවනලද්දේය. රෝම 5:5 තවද ක්‍රිස්තුස් වහන්සේ තුළ ආශීර්වාද ලැබූ තැනැත්තා පියාණන් වහන්සේගේ, පුත්‍රයාණන් වහන්සේගේ සහ ශුද්ධාත්මයාණන් වහන්සේගේ නාමයෙන් ආශීර්වාද ලත්තෙකි. මන්ද නාමය එකකි, එසේම බලය එකකි; එසේම, පියාණන් වහන්සේගේ හෝ පුත්‍රයාණන් වහන්සේගේ හෝ ශුද්ධාත්මයාණන් වහන්සේගේ ඕනෑම දිව්‍යමය ක්‍රියාවක් සලකන කල,එය ශුද්ධාත්මයාණන් වහන්සේට පමණක් යොමු නොකෙරේ. එහෙත් එය පියාණන් වහන්සේට සහ පුත්‍රයාණන් වහන්සේටද යොමු කෙරේ. එසේම පියාණන් වහන්සේට පමණක් යොමු නොකෙරේ. එහෙත් පුත්‍රයාණන් වහන්සේටද, ආත්මයාණන් වහන්සේටද යොමු කෙරේ.

41. ඉන්පසු, කන්දකී රැජිනගේ ඉතියෝපියානු නපුංසකයාද ක්‍රිස්තුස් වහන්සේ තුළ බව්තීස්ම වූ අවස්ථාවේදී, සක්‍රමේන්තුවේ සම්පූර්ණත්වය ලබා ගත්තේය. තවද, තමන් යොහන්ගේ බව්තීස්මයෙන් බව්තීස්ම වී සිටියද, ශුද්ධාත්මයාණන් වහන්සේ ගැන කිසිවක් නොදන්නා බව පැවසූ අය, පසුව බව්තීස්ම වූහ. මන්ද යොහන් ඔහුගේම නාමයෙන් නොව, එහෙත් පැමිණෙන්නාවූ යේසුස් වහන්සේගේ නාමයෙන් පව් සමාව සඳහා බව්තීස්ම කළේය. එබැවින් ඔවුන් ආත්මයාණන් වහන්සේ දැන සිටියේ නැත, මන්ද යොහන් බව්තීස්ම කළ ස්වරූපයෙන් බෞතීස්ම වූ අය ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් බව්තීස්ම වී නොතිබුණු බැවිනි. මක්නිසාද යොහන් ආත්මයාණන් වහන්සේගෙන් බව්තීස්ම නොකළද, ක්‍රිස්තුස් වහන්සේ සහ ආත්මයාණන් වහන්සේ පිළිබඳ දේශනා කළේය. එසේ පසුව ඔහු ක්‍රිස්තුස් වහන්සේද යන්න ඔහුගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී ඔහු පිළිතුරු දුන්නේ මෙසේය: මම වනාහි පසුතැවිල්ල පිණිස නුඹලා වතුරෙන් බව්තීස්ම කරමි. නුමුත් මට පසුව එන තැනැත්තේ මට වඩා බලවත්ය, මම උන්වහන්සේගේ පාවහන් ගෙනයන්ටවත් නොවටිමි. උන්වහන්සේ ශුද්ධාත්මයාණන්ගෙන්ද ගින්නෙන්ද නුඹලා බව්තීස්ම කරනසේක. එබැවින්, ඔවුන් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් හෝ ශුද්ධාත්මයාණන් වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් බව්තීස්ම නොවූ බැවින්, ඔවුන්ට බව්තීස්මයේ සක්‍රමේන්තුව ලබා ගැනීමට නොහැකි විය.

42. එබැවින් ඔවුන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් බව්තීස්ම වූ අතර, ඔවුන් සම්බන්ධයෙන් බව්තීස්මය නැවත වතාවක් සිදු නොවීය, එහෙත් එය වෙනස් ආකාරයකට ලබා දෙන ලදී. මන්ද ඇත්තේ එකම බව්තීස්මයක් පමණි. එහෙත් බව්තීස්මයේ සම්පූර්ණ සක්‍රමේන්තුව නොමැති තැන, ආරම්භයක් හෝ කිසිදු ආකාරයක බව්තීස්මයක් ලෙස නොසැලකේ. එහෙත් යමෙකු පියාණන් වහන්සේ, පුත්‍රයාණන් වහන්සේ සහ ශුද්ධාත්මයාණන් වහන්සේ ප්‍රකාශ කළහොත් එවිට බව්තීස්මය සම්පූර්ණ වේ. ඔබ එක තැනැන් වහන්සේ කෙනෙකු ප්‍රතික්ෂේප කළහොත් ඔබ සමස්ත දේවත්වයම ප්‍රතික්ෂේප කරන්නෙහිය. ඔබ පියාණන් වහන්සේ හෝ පුත්‍රයාණන් වහන්සේ හෝ ශුද්ධාත්මයාණන් වහන්සේ වේවා, එක් කෙනෙකු පමණක් බව කතාවෙන් ප්‍රකාශ කරන විට සහ ඔබේ විශ්වාසය අනුව පියාණන් වහන්සේ , පුත්‍රයාණන් වහන්සේ හෝ ශුද්ධාත්මයාණන් වහන්සේ ප්‍රතික්ෂේප නොකරන විට, ඇදහිල්ලේ අබිරහස ඉටු වන ආකාරයටම, ඔබ පියාණන් වහන්සේ, පුත්‍රයාණන් වහන්සේ සහ ශුද්ධාත්මයාණන් වහන්සේ ලෙස නම් කර, පියාණන් වහන්සේ , පුත්‍රයාණන් වහන්සේ හෝ ශුද්ධාත්මයාණන්ගේ වහන්සේ බලය අඩු කළහොත්, එවිට මුළු අභිඅබිරහසම හිස් වේ. අවසාන වශයෙන් ශුද්ධාත්මයාණන් වහන්සේ සිටින බව අප අසා නැත, යයි පැවසූ අය පසුව ස්වාමින් වහන්සේ වන යේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ නාමයෙන් බව්තීස්ම වූහ. එසේ මෙය අමතර කරුණාවේ අනුග්‍රහයේ බහුලත්වයක් විය, මන්ද පාවුල්ගේ දේශනා කිරීම තුළින් ඔවුන් දැන් ශුද්ධාත්මයාණන් වහන්සේ දැනගෙන ඇත.

43. තවද, මෙයට පටහැනිව පෙනී නොයා යුතුය, පසුව ආත්මයාණන් වහන්සේ ගැන සඳහන් නොකළද, උන් වහන්සේ තුළ විශ්වාස කරනු ලැබීය. එසේ වචනවලින් සඳහන් නොකළ දේ විශ්වාසයෙන් ප්‍රකාශ කරනු ලැබ ඇත. මන්ද අපගේ ස්වාමින් වහන්සේ වන යේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ නාමයෙන්, යැයි පවසන විට, අබිරහස නාමයේ ඒකීයභාවය තුළින් සම්පූර්ණ වී ඇත. එසේම යොහන් පසුතැවිල්ල උදෙසා බව්තීස්ම කළ බැවින්, ක්‍රිස්තුස් වහන්සේ ආත්මයාණන් වහන්සේ තුළ බව්තීස්ම කළ බැවින්, ක්‍රිස්තුස් වහන්සේගේ බව්තීස්මයෙන් ආත්මයාණන්වහන්සේ වෙන් කර නොමැත.

44. ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් බව්තීස්ම වීමේ සක්‍රමේන්තුව සම්පූර්ණ වූ බව අපි දැන් සලකා බලමු. එසේ ශුද්ධාත්මයාණන් වහන්සේ පමණක් සඳහන් කරන විට, අබිරහසෙහි සම්පූර්ණ වීම උදෙසා තවත් යමක් අවශ්‍ය වේද යන්න බලමු. එක් තැනැන් වහන්සේ කෙනෙකු නම් කළ තැනැත්තා ත්‍රිත්වය සංකේතවත් කර ඇති බවට තර්කය සලකා කරමු. ඔබ ක්‍රිස්තුස් වහන්සේ නම් කර සඳහන් කරන්නේ නම්, ඔබ පුත්‍රයාණන් වහන්සේ අභිෂේක කරන ලද පියාණන් වහන්සේ වන දෙවියන් වහන්සේ මෙන්ම අභිෂේක කරන ලද පුත්‍රයාණන් වහන්සේමද, එමෙන්ම උන් වහන්සේ අභිෂේක කරන ලද ශුද්ධාත්මයාණන් වහන්සේද යන දෙදෙනාම අදහස් කරන්නෙහිය. මක්නිසාද එහි මෙසේ ලියා ඇත: දෙවියන්වහන්සේ ශුද්ධාත්මයෙන්ද බලයෙන්ද නාසරිය යේසුස්වහන්සේ ආලේප කළ සේක. ක්‍රියා 10:38 ඔබ පියාණන් වහන්සේ නම් කර සඳහන් කරන්නේ නම්, ඔබ එය ඔබේ හදවතෙන් අවබෝධ කරගන්නේ නම්, ඔබ උන් වහන්සේගේ පුත්‍රයාණන් වහන්සේ සහ උන් වහන්සේගේ මුඛයේ ආත්මයාණන් වහන්සේ යන දෙදෙනාම එක හා සමාන ලෙසම දක්වන්නෙහිය. ඔබ ආත්මයාණන් වහන්සේ ගැන කතා කරන්නේ නම්, ඔබ ආත්මයාණන් වහන්සේ නික්මෙන දෙවියන් වහන්සේ වන පියාණන් වහන්සේ ගැන කතා කරන අතර, පුත්‍රයාණන් වහන්සේද නම් කරන්නෙහිය. මන්ද උන් වහන්සේ පුත්‍රයාණන් වහන්සේගේ ආත්මයාණන් වහන්සේද වන බැවිනි.

45. එබැවින් එම අධිකාරිය තර්කයටද සම්බන්ධ විය හැකිය. ඒ අනුව ස්වාමින් වහන්සේ මෙසේ පවසන විට ශුද්ධලියවිල්ලෙන් ඇඟවෙන්නේ අපට ආත්මයාණන් වහන්සේගෙන් නිවැරදිව බව්තීස්ම විය හැකි බව දැක්විය හැකිය: නුමුත් නුඹලා ශුද්ධාත්මයෙන් බව්තීස්මකරනු ලබන්නහුය. ක්‍රියා 1 :5 තවත් ස්ථානයක අපොස්තුළු තුමා මෙසේ පවසයි: මක්නිසාද අපි සියල්ලෝම ශරීරයෙන් එකම ආත්මයාණන් වහන්සේට බව්තීස්ම වී සිටිමුව. 1 කොරින්ති 12:13 මෙහිදී කාර්යය එකකි, මන්ද අබිරහස එකකික් බැවිනි; බව්තීස්මය එකකි, මන්ද ලෝකය වෙනුවෙන් එක මරණයක් තිබූ බැවිනි; එසේ නම්, වෙන් කළ නොහැකි වැඩ කිරීමේ ඒකත්වයක් ඇත, පිටත්ව යාමේ ඒකත්වයක් ඇත.

46. මන්ද, සියල්ල පමිණෙන්නේ දෙවියන් වහන්සේගෙන්ය සහ සියල්ල පුත්‍රයාණන් වහන්සේ තුළින්ය යනුවෙන් පවසා ඇති බැවින්, 1 කොරින්ති 8:6, මෙම ස්ථානයේදී ආත්මයාණන් වහන්සේ පියාණන් වහන්සේගේ සහ පුත්‍රයාණන් වහන්සේගේ ක්‍රියාකාරීත්වයෙන් වෙන් කරනු ලැබ ඇත්නම්, එහිදීද, අපොස්තුළු තුමා ක්‍රිස්තුස් වහන්සේ ගැන මෙලෙස පවසන විට, එනම් සියල්ලට වඩා ඉහළින් සිටින දෙවියන් වහන්සේ සදහටම ආශීර්වාද ලත් අයෙකි, රෝම 9:5 ඔහු ක්‍රිස්තුස් වහන්සේ සියලු මවන ලද ජීවීන්ට වඩා ඉහළින් තැබුවා පමණක් නොව, (එය පැවසීම අභක්තිකය) පියාණන් වහන්සේටත් වඩා ඉහළින් තැබුවේය. එහෙත් දෙවියන් වහන්සේ එය තහනම් කරන සේක්වා, මන්ද පියාණන් වහන්සේ සියල්ල අතර නොසිටින සේක, උන් වහන්සේගේම මැවිලි සමූහයෙහි අතර සිටින කෙනෙකු නොවන සේක. මුළු මැවිල්ලම පහළින් ඇත, සියල්ලටම ඉහළින් පියාණන් වහන්සේගේ, පුත්‍රයාණන් වහන්සේගේ සහ ශුද්ධාත්මයාණන් වහන්සේගේ දේවත්වය වැඩවාසය කරයි. මැවිල්ල සේවය කරයි, මවන ලද තැනැන් වහන්සේ පාලනය කරන සේක; පළමුවැන්නා මැවිල්ල යටත් වේ, මවන ලද තැනැන් වහන්සේ රජකම් කරන සේක; පළමුවැන්නා වැඩයයි, දෙවැන්නා වැඩයෙහි කතුවරයාණන් වහන්සේය; පළමුවැන්නා, ව්‍යතිරේකයකින් තොරව, නමස්කාර කරයි, දෙවැන්නා සියල්ලන් විසින් ව්‍යතිරේකයකින් තොරව නමස්කාර කරනු ලැබේ.

47. අවසාන වශයෙන්, පුත්‍රයාණන් වහන්සේ ගැන මෙසේ ලියා ඇත: දෙවියන් වහන්සේගේ සියලු දූතයෝ උන් වහන්සේට නමස්කාර කරත්වා. හෙබ්‍රෙව් 1:6 ඔබට ශුද්ධාත්මයාණන් වහන්සේ නමස්කාර කරන සේක්වා, යනුවෙන් හමු නොවේ. තවදුරටත් මෙසේ දැක්වේ: නුමුත්: මා විසින් නුඹේ සතුරන් නුඹේ පාපුටුව කරන තෙක් මාගේ දකුණු පැත්තේ හිඳගන්නැයි දේවදූතයන්ගෙන් කවරෙකුට කොයි කලක උන්වහන්සේ කීසේක්ද? ඔවුන් සියල්ලෝ ගැළවීම උරුමකරගන්ට සිටින්නන් උදෙසා සේවයකරන පිණිස එවනු ලබන සේවක ආත්මයෝ නොවෙද්ද? හෙබ්‍රෙව් 1:3-14 ඔහු සියල්ල යයි පවසන විට, ඔහු ශුද්ධාත්මයාණන් වහන්සේ ඇතුළත් කරන්නේද? නිසැකවම නැත, මන්ද දේවදූතයන් සහ අනෙකුත් බලවතුන් දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වහන්සේට සේවය කිරීමෙන් සහ කීකරුකමෙන් සේවය කිරීමට නියම කරනු ලැබ ඇත.

48. එහෙත් සැබවින්ම ශුද්ධාත්මයාණන් වහන්සේ වහන්සේ දේවසේවකයෙකු නොව පුත්‍රයාණන් වහන්සේගේ සාක්ෂිකරුවෙකි, පුත්‍රයාණන් වහන්සේම උන් වහන්සේ ගැන පැවසූ පරිදි එය මෙසේය: උන්වහන්සේ මා ගැන සාක්ෂිදෙනසේක. යොහන් 15:26 එසේ නම්, ආත්මයාණන් වහන්සේ පුත්‍රයාණන් වහන්සේගේ සාක්ෂිකරුවෙකි. සාක්ෂිකරුවෙකු වන තැනැත්තා සියල්ල දන්නේ දෙවියන් වහන්සේ සාක්ෂිකරුවෙකු වන බැවිනි. මක්නිසාද ඔබ පසුව සඳහන් වන පාඨවල කියවා ඇති පරිදි, අපගේ ගැලවීම අපට තහවුරු කරන ලද්දේ දෙවියන්වහන්සෙත් ලකුණුවලින්ද පුදුමවලින්ද අනේකාකාර ආශ්චර්යවලින්ද ස්වකීය කැමැත්ත ලෙස ශුද්ධාත්මයාණන්වහන්සේගේ දීමනාවලින්ද ඊට සාක්ෂි දීමෙනි. හෙබ්‍රෙව් 2:3-4 තමා කැමති පරිදි බෙදා දෙන තැනැත්තා නිසැකවම සියල්ලන් අතර නොව, එහෙත් සියල්ලටම වඩා ඉහළින් සිටින්නේය. මන්ද බෙදා දීම යනු කාර්යය කරන්නාගේ දීමනාව මිස කාර්යයේම සහජ කොටසක් නොවන බැවිනි.

49. අපගේ ගැලවීම දේශනා කරනු ලබන පිණිස එය ආරම්භ කරන ලද්දේ උන් වහන්සේ තුළින් වන, පුත්‍රයාණන් වහන්සේ සියල්ලටම වඩා ඉහළින් සිටින සේක් නම්, නියත වශයෙන්ම දෙවියන් වහන්සේ පියාණන් වහන්සේද සියල්ලන්ටම වඩා ඉහළින් සිටින සේක. ලකුණු සහ අරුමපුදුම දේ මගින් අපගේ ගැලවීම පිළිබඳ සාක්ෂි දෙන සහ එය තහවුරු කරන තැනැන්වහන්සේ, සියල්ලන්ගෙන් බැහැර කරනු ලැබ ඇත. එලෙසම, තමන් වහන්සේගේ විවිධ දීමනා මගින් අපගේ ගැලවීම ගැන සාක්ෂි දරන ශුද්ධාත්මයාණන් වහන්සේද සියල්ලන්ටම ඉහළින් සිටින සේක. උන් වහන්සේ සත්ව සමූහයා සමග ගණන් නොගත යුතුය. එහෙත්, පියාණන් වහන්සේ සහ පුත්‍රයාණන් වහන්සේ සමග ගණන් ගත යුතුය; උන් වහන්සේ බෙදා දෙන විට, තමන් වහන්සේම කපා වෙන් කර බෙදා දෙන්නේ නැත. මන්ද උන් වහන්සේ වෙන් කළ නොහැකි බැවින්, උන් වහන්සේ සියල්ලන්ට දෙන විට උන් වහන්සේට කිසිවක් අහිමි වන්නේ නැත. පුත්‍රයාණන් වහන්සේද පියාණන් වහන්සේ රාජ්‍යය ලබා ගන්නා විට කිසිවක් අහිමි කර නොගන්නා සේක. 1 කොරින්ති 15:24 එසේම පියාණන් වහන්සේ තමන් වහන්සේගේ දේ පුත්‍රයාණන් වහන්සේට දෙන විට උන් වහන්සේට කිසිවක් අහිමි වන්නේද නැත. එසේ නම්, ආත්මික කරුණා අනුග්‍රහය බෙදා දීමේදී කිසිවක් අහිමි නොවන බව පුත්‍රයාණන් වහන්සේගේ සාක්ෂියෙන් අපි දනිමුව. මක්නිසාද උන් වහන්සේ කැමති තැන හුස්ම හෙළන උන් වහන්සේ, යොහන් 3:8 කිසිවක්අහිමි කර නොගෙනම සැම ස්ථානයකම වැඩවසන සේක. අපි කුමන බලය ගැන වඩාත් සම්පූර්ණයෙන් කතා කරන්නේද යන්න පිළිබඳ බලමු.

50. මේ අතරම, අපගේ අභිප්‍රාය වන්නේ ආත්මයාණන් වහන්සේ සියල්ල අතර ගණන් ගත යුතු නැති බව නිසි අනුපිළිවෙළින් ඔප්පු කිරීම බැවින්, මෙම ස්ථාවරය සඳහා අධිකාරියක් ලෙස අපි අපොස්තුළු තුමාගේ පාඨයක් විමසමු. ඔහුගේ වචන පිළිබඳ ඔවුහු ප්‍රශ්න කරති. මන්ද දෘශ්‍යමාන හෝ අදෘශ්‍යමාන සියල්ල කුමක්ද යන්න ඔහු පහත ආකාරයෙන් සඳහන් කිරීමේදී ප්‍රකාශ කළේය: මක්නිසාද ස්වර්ගවල සහ පොළොවෙහිත් ඇති පෙනෙන්නාවූ දේවල්ද නොපෙනෙන්නාවූ දේවල්ද යන සියල්ල උන්වහන්සේ තුළ මවන ලද්දේය; සියලු දේ උන්වහන්සේ කරණකොටගෙනද උන්වහන්සේ උදෙසාද මවා තිබේ; කොලොස්සි 1:16 සියල්ල යනුවෙන් ස්වර්ගයේ ඇති දේවල් ගැනත් පොළොවේ ඇති දේවල් ගැනත් කථා කර ඇති බව ඔබට පෙනේ. මක්නිසාද ස්වර්ගයේද මවන ලද අදෘශ්‍යමාන දේවල් ඇති බැවිනි.

51. එහෙත් කිසිවෙකුත් මේ ගැන නොදැන සිටීමෙන් වැළකිය යුතු වන ලෙස ඔහු තමා ආමන්ත්‍රණය කරමින් සිටි අයට මෙසේද පැවසුවේය: මක්නිසාද සිංහාසන වේවා, ස්වාමිකම් වේවා, අධිපතිකම් වේවා, බලපරාක්‍රම වේවා, ස්වර්ගවල සහ පොළොවෙහිත් ඇති පෙනෙන්නාවූ දේවල්ද නොපෙනෙන්නාවූ දේවල්ද යන සියල්ල උන්වහන්සේ තුළ මවන ලද්දේය; සියලු දේ උන්වහන්සේ කරණකොටගෙනද උන්වහන්සේ උදෙසාද මවා තිබේ; උන්වහන්සේ සියල්ලටම පළමුවෙන් සිටිනසේක, සියල්ලද උන්වහන්සේ තුළ පවතින්නේය. කොලොස්සි 1:16-17 එසේ නම්, ඔහු මෙහිදී මැවිලි අතර ශුද්ධාත්මයාණන් වහන්සේ ඇතුළත් කරන්නේද? නැතහොත් දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වහන්සේ සියල්ලටම පළමුවෙන් සිටින බව ඔහු පවසන විට, උන් වහන්සේ පියාණන් වහන්සේට පළමුවෙන් සිටින බව ඔහු පැවසූ බව අදහස් වේද? නිසැකවම නැත; මන්ද, මෙහි ඔහු පවසන පරිදි, සියලු දේ පුත්‍රයාණන් වහන්සේ කරණකොටගෙන මවන ලද බවත්, එසේ සියල්ල උන්වහන්සේ තුළ පවතින බවත් දැක්වීමේදී, ස්වර්ගයේ ඇති සියල්ල ශුද්ධාත්මයාණන් වහන්සේ තුළ ඇති බවට සැක කළ නොහැකිය. මන්ද අප මෙසේ කියවන බැවිනි: ස්වාමීන්ගේ වචනයෙන් ආකාශයද උන්වහන්සේගේ මුඛයේ හුස්මෙන් එහි සියලු සේනාවද මවන ලද්දේය. එසේ නම්, උන් වහන්සේ සියල්ලටම වඩා ඉහළින් සිටින සේක. එසේම ස්වර්ගයේ සහ පොළොවේ ඇති දේවල්වල සියලු ශක්තිය උන් වහන්සේ කෙරෙන් පැමිණෙන්නේය. එසේ නම්, සියල්ලටම වඩා ඉහළින් සිටින උන් වහන්සේ නිසැකවම සේවය නොකරන සේක; සේවය නොකරන තැනැන් වහන්සේ නිදහස් අයෙකු වන සේක; නිදහස් තැනැන් ව හන්සේට ස්වාමිත්වයේ පරමාධිපත්‍යය තිබේ.

52. මා මෙය මුලින්ම පවසා ඇත්නම්, එය ප්‍රතික්ෂේප කර ඇති වන්නට පුළුවන. එහෙත් ඔවුන් විශාල දේ විශ්වාස කළ නොහැකි වන පරිදි, අඩු දේ ප්‍රතික්ෂේප කරන ආකාරයටම, අපි මුලින්ම අඩු දේ ඉදිරිපත් කරමු. එවිට ඔවුන්ට අඩු දේවලදී ඔවුන්ගේ ද්‍රෝහීකම පෙන්විය හැකිය. නැතහොත් ඔවුන් අඩු දේට ඉඩ දෙන්නේ නම්, අපට අඩු දේවලින් විශාල දේ නිගමනය කළ හැකිය.

53. දයානුකම්පික අධිරාජයාණෙනි, සියලු දේ අතර ශුද්ධාත්මයාණන් වහන්සේ ගණන් ගැනීමට එඩිතර වන අය වඩාත් ව්‍යාකූල වී ඇති බව මම සිතමි. එහෙත් ඔවුන් අපෝස්තුළුවරුන්ගේ සාක්ෂියෙන් පමණක් නොව, අපගේ ස්වාමින් වහන්සේගේ සාක්ෂියෙන්ද පොලඹවනු ලැබ ඇති බව ඔවුන් දැන ගැනීම අවශ්‍යය; ස්වාමින් වහන්සේම මෙසේ පැවසූ බැවින්, සියල්ල අතර ශුද්ධාත්මයාණන් වහන්සේ ගණන් ගැනීමට ඔවුන් එඩිතර වන්නේ කෙසේද? යමෙක් මනුෂ්‍ය පුත්‍රයාට විරුද්ධව වචනයක් කියන්නේද, ඒක ඔහුට කමාකරනු ලබන්නේය; නුමුත් යමෙක් ශුද්ධාත්මයාණන්ට විරුද්ධව කථාකරන්නේද, ඒක ඔහුට මේ ලෝකයේදීවත් මතු පැමිණෙන ලෝකයේදීවත් කමාකරනු නොලබන්නේය. මතෙව් 12:32 එසේ නම්, ශුද්ධාත්මයාණන් වහන්සේ මවන ලද ජීවීන් අතර ගණන් ගැනීමට කිසිවෙකුට එඩිතර විය හැක්කේ කෙසේද? නැතහොත් තමා යම් මවන ලද ජීවියෙකුට හානි කර ඇත්නම් තමාට කිසිසේත්ම සමාව ලැබිය නොහැකි යැයි සිතීමට තරම් අන්ධ වන්නේ කවුරුන්ද? මක්නිසාද යුදෙව්වරු ස්වර්ගීය සේනාවට නමස්කාර කළ නිසා දිව්‍යමය ආරක්ෂාව අහිමි කරගත්හ. එහෙත් ශුද්ධාත්මයාණන් වහන්සේට නමස්කාර කරන සහ උන් වහන්සේ ප්‍රකාශ කරන තැනැත්තා දෙවියන් වහන්සේ විසින් පිළිගන්නා ලදී. එහෙත් උන් වහන්සේ ප්‍රකාශ නොකරන තැනැත්තා සමාව දීමෙන් තොරව දේව අපහාසය සම්බන්ධයෙන් වරදකරු කරනු ලැබේ: නිසැකවම මෙයින් කියවෙන්නේ ශුද්ධාත්මයාණන් වහන්සේ සියලු දේ අතර ගණන් ගත නොහැකි බවයි. එහෙත් උන් වහන්සේ සියල්ලටම වඩා ඉහළින් සිටින බවත්, උන් වහන්සේට විරුද්ධව පව් කිරීම සදාකාලික දඬුවමෙන් පළිගන්නා වරදක් බවත්ය.

54. එහෙත් ස්වාමින් වහන්සේ මෙසේ පැවසූ බව හොඳින් නිරීක්ෂණය කරන්න: යමෙක් මනුෂ්‍ය පුත්‍රයාට විරුද්ධව වචනයක් කියන්නේද, ඒක ඔහුට කමාකරනු ලබන්නේය; නුමුත් යමෙක් ශුද්ධාත්මයාණන්ට විරුද්ධව කථාකරන්නේද, ඒක ඔහුට මේ ලෝකයේදීවත් මතු පැමිණෙන ලෝකයේදීවත් කමාකරනු නොලබන්නේය. මතෙව් 12:32 පුත්‍රයාණන් වහන්සේට විරුද්ධව කරන වරදක් ශුද්ධාත්මයාණන් වහන්සේට විරුද්ධව කරන වරදකට වඩා වෙනස්ද? මක්නිසාද ඔවුන්ගේ ගෞරවය එකක් වන අතර, එය පොදුවේ බෙදා ගන්නා ආකාරයටම, වරද ද එලෙසම වන්නේය. එහෙත්, මිනිස් සිරුරේ දෘශ්‍යමාන බාහිර පෙනුමෙන් නොමඟ ගිය කෙනෙකු, ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය සම්බන්ධයෙන් සුදුසු ප්‍රමාණයට වඩා තරමක් නොසැලකිලිමත් විනිශ්චයක් කළ යුතු නම් (මක්නිසාද එය අපට නොවැදගත් ලෙස නොපෙනිය යුතුය, මන්ද එය පාරිශුද්ධත්වයේ වාසස්ථානය සහ කන්‍යාවගේ ඵලය බැවිනි), එවැනි පුද්ගලයෙකු ඇත්ත වශයෙන්ම වරදකාරිත්වයට ලක් වේ, එහෙත් ඔහු සමාව ලැබීමෙන් බැහැර නොවේ, ඔහුට එය ඇදහිල්ලෙන් ලබා ගත හැකිය. එහෙත් යමෙකු ශුද්ධාත්මයාණන් වහන්සේගේ ගෞරවය, මහිමය සහ සදාකාලික බලය ප්‍රතික්ෂේප කරන්නේ නම්, යක්ෂයන් දුරු කරනු ලබන්නේ දෙවියන් වහන්සේගේ ආත්මයාණන් වහන්සේ තුළ නොව බෙල්සෙබුබ් තුළ යැයි සිතන්නේ නම්, දේව අපහාසයේ සම්පූර්ණත්වය ඇති තැන සමාව ලබා ගත නොහැකිය; මක්නිසාද ආත්මයාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළ තැනැත්තා පියාණන් වහන්සේ සහ පුත්‍රයාණන් වහන්සේද ප්‍රතික්ෂේප කර ඇත. මන්ද උන් වහන්සේ දෙවියන් වහන්සේගේ ආත්මයාණන් වන අතර, එය ක්‍රිස්තුස් වහන්සේගේ ආත්මයද වන බැවිනි.

4 වන පරිච්ඡේදය.

අනාගතවක්තෘවරුන් සහ අපෝස්තුළුවරුන් තුළින් කථා කළ තැනැන් වහන්සේ වන ශුද්ධාත්මයාණන් වහන්සේ එකම තැනැන් වහන්සේ වන සේක, උන් වහන්සේ දෙවියන් වහන්සේගේ සහ ක්‍රිස්තුස් වහන්සේගේ ආත්මයාණන් වනසේක. තවද, ශුද්ධලියවිල්ල උන් වහන්සේ සැනසිලිකරුවාණන් වහන්සේ ලෙසත්, ජීවනයේ සහ සත්‍යයේ ආත්මයාණන් ලෙසත් නම් කරයි.

55. දෙවියන් වහන්සේ එක් කෙනෙකුද යන්න පිළිබඳ බොහෝ දෙනෙකු සැක කර ඇතත්, ආත්මයාණන් වහන්සේ එක් කෙනෙකු බවට කිසිවෙකුත් සැක නොකරනු ඇත. මක්නිසාද බොහෝ මිථ්‍යාදෘෂ්ටිකයන් පැරණි ගිවිසුමේ දෙවියන් වහන්සේ එක් කෙනෙකු බවත්, නව ගිවිසුමේ දෙවියන් වහන්සේ තවත් කෙනෙකු බවත් පවසා ඇත. එහෙත් පියාණන් වහන්සේ එක් කෙනෙකු වන බැවින්, අප කියවන පරිදි, අනාගතවක්තෘවරුන් විසින් පියවරුන්ට සහ අවසාන දිනවලදී උන් වහන්සේගේ පුත්‍රයාණන් වහන්සේ විසින් අපට කථා කරන ලදී; හෙබ්‍රෙව් 1:1-2 එසේම පුත්‍රයාණන් වහන්සේ එක් කෙනෙකු වන බැවින්, පැරණි ගිවිසුමේ ඉගැන්වීමට අනුව, ආදම් වරදක් කළේ කාටද? උත්පත්ති 3:17 ආබ්‍රහම් විසින් දකින ලද්දේ කවුරුන්ද? උත්පත්ති 18:22-23 යාකොබ් විසින් නමස්කාර කරන ලද්දේ කවුරුන්ද? උත්පත්ති 28:17 එසේම, ශුද්ධාත්මයාණන් වහන්සේද එක් අයෙකු බැවින්, අනාගතවක්තෘවරුන් තුළ ශක්තිය ලබා දුන්නේ කවුරුන්ද?, 2 පේතෘස් 1:21 ප්‍රේරිතයන් මත හුස්ම හෙළන ලද්දේ කවුරුන්ද? යොහන් 20:22 එමෙන්ම බව්තීස්මයේ සක්‍රමේන්තුවේදී පියාණන් වහන්සේට සහ පුත්‍රයාණන් වහන්සේට එක් වූයේ කවුරුන්ද? මතෙව් 28:19 මක්නිසාද දාවිත් උන් වහන්සේ ගැන මෙසේ පවසයි: ඔබගේ ශුද්ධාත්මය මාගෙන් පහ නොකළ මැනව. තවත් තැනක ඔහු උන් වහන්සේ ගැන මෙසේ කීවේය: ඔබගේ ආත්මය කෙරෙන් කොතැනට යන්නෙම්ද?

56. දෙවියන් වහන්සේගේ ආත්මයාණන් වහන්සේ සහ ශුද්ධාත්මයාණන් වහන්සේ එකම තැනැන් වහන්සේ බව ඔබ දැන ගන්නා පිණිස, අපෝස්තුළුවරයාගේ පොතේද අප කියවන ආකාරයට එය මෙසේය: එබැවින් දෙවියන්වහන්සේගේ ආත්මයාණන් කරණකොටගෙන කථාකරන්නාවූ කිසිවෙක්: යේසුස්වහන්සේ ශාපලත් කෙනෙකැයි නොකියන බවත්, ශුද්ධාත්මයාණන්වහන්සේ කරණකොටගෙන මිස: යේසුස්වහන්සේ ස්වාමීන්වහන්සේයයි කියන්ට කිසිවෙකුට නුපුළුවන් බවත් නුඹලාට දන්වමි. 1 කොරින්ති 12:3 අපෝස්තුළුවරයා උන් වහන්සේ දෙවියන් වහන්සේගේ ආත්මයාණන් ලෙස හඳුන්වයි. ඔබ කියවන පරිදි ඔහු උන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේගේ ආත්මයාණන් ලෙසද හැඳින්වීය: නුමුත් නුඹලා තුළ දෙවියන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ වාසය කරන සේක් නම්, නුඹලා මාංසයෙහි නොව ආත්මයෙහි සිටින්නෝය. රෝම 8:9 තවද මෙසේද දැක්වේ: තවද යේසුස්වහන්සේව මළවුන්ගෙන් නැගිටෙවු තැනන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ නුඹලා තුළ වාසයකරනසේක් නම්, … රෝම 8:11 එසේ නම්, දෙවියන් වහන්සේගේ ආත්මයාණන් වහන්සේ එකම තැනැන්වහන්සේය, උන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේගේ ආත්මයාණන් වහන්සේද වන සේක.

57. ප්‍රේරිතවරයා පවසන පරිදි ජීවනයේ ආත්මයාණන් වහන්සේද උන් වහන්සේමය: මක්නිසාද ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළවූ ජීවනදායක ආත්මයාණන්වහන්සේගේ ව්‍යවස්ථාව පාපයේද මරණයේද ව්‍යවස්ථාවෙන් මා නිදහස් කළාය. රෝම 8:2

58. එසේ නම්, අපොස්තුළුතුමා ජීවනදායක ආත්මයාණන්වහන්සේ ලෙස හැඳින්වූ තැනැන් වහන්සේ ශුභාරංචියේ ස්වාමින් වහන්සේ සැනසිලිදායකයාණන් වහන්සේ සහ සත්‍යතාවේ ආත්මයාණන් වහන්සේ ලෙස නම් කළ සේක, ඔබට එය මෙසේ හමු වේ: මම පියාණන්වහන්සේගෙන් ඉල්ලන්නෙමි, එවිට උන් වහන්සේ නුඹලා සමඟ සදාකල්ම සිටින පිණිස වෙන සැනසිලිකාරයෙකු නුඹලාට දෙනසේක. ඒ සැනසිලිකාරයාණෝ සත්‍යතාවේ ආත්මයාණන්වහන්සේය. උන් වහන්සේ පිළිගන්ට ලෝකයාට බැරිය; මක්නිසාද ලෝකයා උන් වහන්සේව දකින්නේවත් අඳුනන්නේවත් නැත. යොහන් 14:16-17 එසේ නම්, ඔබට සැනසීමේ ආත්මය ඇත, එය සත්‍යතාවේ ආත්මය ලෙසද හැඳින්වේ, එසේම අදෘශ්‍යමාන ආත්මය යනුවෙන්ද හැඳීන්වේ. එසේ නම්, ලෝකයට ආත්මයාණන් වහන්සේ පවා නොපෙනෙන විට, පුත්‍රයාණන් වහන්සේ උන් වහන්සේගේ දිව්‍යමය ස්වභාවයෙන් දෘශ්‍යමාන වන බව සමහරුන් සිතන්නේ කෙසේද?

59. දැන් ස්වාමින් වහන්සේගේ ප්‍රකාශය පිළිගන්න, එනම් ශුද්ධාත්මයාණන් වහන්සේ සත්‍යතාවේ ආත්මයාණන් වහන්සේය, මන්ද ඔබ මෙම පොතේ අවසානයේ මෙසේ කියවා ඇත: ශුද්ධාත්මයාණන් පිළිගන්න. යොහන් 20:22 එසේම පේදුරු පහත ආකාරයෙන් පවසන කල, ස්වාමින් වහන්සේගේ ආත්මයාණන් වහන්සේ ශුද්ධාත්මයාණන් වහන්සේ බව ඔහු උගන්වයි: අනනියස්නි, ශුද්ධාත්මයාණන්වහන්සේ පරීක්ෂා කිරීම සහ බොරු කීම ඔබට හොඳ යැයි පෙනුණේ කෙසේද? ක්‍රියා 5:3 ඔහු නැවතත් අනනියස්ගේ බිරිඳට ක්‍ෂණයකින් මෙසේ පවසයි: ස්වාමීන්වහන්සේගේ ආත්මයාණන් පරීක්ෂාකරන්ට නුඹලා එකඟවෙන්ට යෙදුණේ කොහොමද? ක්‍රියා 5:9 ඔහු ඔබට එසේ පවසන විට, ඔහු අනනියස්ට කතා කළ එම ආත්මයාණන් වහන්සේ ගැනම කතා කරන බව පෙන්වයි. එසේ නම්, උන් වහන්සේම ශුද්ධාත්මයාණන් වහන්සේ වන ස්වාමීන්වහන්සේගේ ආත්මයාණන් වහන්සේ වන සේක.

60. ස්වාමින්වහන්සේම පැහැදිලි කළේ පියාණන් වහන්සේගේ ආත්මයාණන් වහන්සේ ශුද්ධාත්මයාණන් වහන්සේ වන බවයි. මතෙව්ට අනුව, පීඩාවේදී අප කුමක් කිව යුතුදැයි නොසිතිය යුතු බව උන් වහන්සේ පැවසූ අවස්ථාවේඓසේ පවසා ඇත: මක්නිසාද කථාකරන්නේ නුඹලා නොව නුඹලා තුළ කථාකරන නුඹලාගේ පියාණන්ගේ ආත්මයාණෝය. මතෙව් 10:20 නැවතත් උන් වහන්සේ ශුද්ධ වූ ලූක්ට අනුව මෙසේ පවසන සේක: උත්තර දෙන්නේ කෙසේද කියාවත් කියන්නේ කුමක්ද කියාවත් සිතා කනගාටු නොවෙන්න. මක්නිසාද නුඹලා විසින් කියයුතු දේ ඒ පැයේදීම ශුද්ධාත්මයාණන්වහන්සේ නුඹලාට උගන්වනවා ඇතැයි කීසේක. ලූක් 12:11-12 එබැවින්, බොහෝ දෙනෙකු ආත්මයන් ලෙස හැඳින්වුවද, එහි සඳහන් පරිදි එය මෙසේය: උන් වහන්සේ ස්වකීය දූතයන් ආත්මයන් කරන සේක,එසේ වූවත් දෙවියන් වහන්සේගේ ආත්මයාණන් වහන්සේ එක්කෙනෙකි.

61. ප්‍රේරිතවරු සහ අනාගතවක්තෘවරු යන දෙපිරිසම, තෝරාගැනීමේ භාජනයක් ලෙස එම එකම ආත්මයාණන් වහන්සේ ලබා ගත්හ. අන්‍යජාතීන්ගේ වෛද්‍යවරයා මෙසේ පවසයි: මක්නිසාද අපි සියල්ලෝ එකම ආත්මයාණන්ගෙන් පොවනු ලැබීමුව. 1 කොරින්ති 12:13 උන් වහන්සේ, බෙදිය නොහැකිය, එහෙත් ආත්මයන්ට වත් කරනු ලැබේය, එසේම උන් වහන්සේ මේ ලෝකයේ පිපාසයේ දැවිල්ල සංසිඳුවන පිණිස ඉන්ද්‍රියන් තුළට ගලා යන්නේය.

5 වන පරිච්ඡේදය.

ශුද්ධාත්මයාණන් වහන්සේ මවන ලද ජීවීන් විශුද්ධ කරන බැවින්, උන් වහන්සේ මවන ලද ජීවියෙකු හෝ වෙනස් වීමට යටත් අයෙකු හෝ නොවන සේක. පියාණන් වහන්සේ සහ පුත්‍රයාණන් වහන්සේ විසින් දෙන ලද බැවින් උන් වහන්සේ සැමවිටම යහපත්ය; අසාර්ථක යැයි කියනු ලබන දේවල් අතර උන් වහන්සේ ගණන් ගත යුතු නැත. උන් වහන්සේ යහපත්කමේ මූලාශ්‍රය ලෙස පිළිගත යුතුය. දෙවියන් වහන්සේගේ මුඛයෙන් නික්මෙන ආත්මයාණන් වහන්සේ, නපුර නිවැරදි කරන තැනැන් වහන්සේ මෙන්ම උන් වහන්සේම යහපත් තැනැන් වහන්සේ වන සේක. අවසාන වශයෙන්, ශුද්ධලියවිල්ලෙහි උන් වහන්සේ යහපත් යැයි පවසා ඇති බැවින්, සහ බෞතීස්මයේදී පියාණන් වහන්සේ සහ පුත්‍රයාණන් වහන්සේ සමග එක් වී ඇති බැවින්, උන් වහන්සේ යහපත් බව ප්‍රතික්ෂේප කළ නොහැකිය. කෙසේ වෙතත්, උන් වහන්සේ ප්‍රගතියක් ලබන බව පවසා නැත. එහෙත් උන් වහන්සේ යහපත් බවින් පරිපූර්ණ ලෙස සාදනු ලැබ ඇත. එයින් උන් වහන්සේ සියලුම මවන ලද ජීවීන්ගෙන් වෙන්කර හඳුනාගැනේ.

62. එසේ නම්, ශුද්ධාත්මයාණන් වහන්සේ භෞතික දේවල සාරය නොවනසේක, මන්ද උන් වහන්සේ භෞතික දේ කෙරෙහි ආත්මික කරුණා අනුග්‍රහය වගුරුවන සේක; නැවතත්, උන් වහන්සේ අදෘශ්‍යමාන ජීවීන්ගේ සාරයද නොවන සේක, මන්ද ඔවුහු උන් වහන්සේගේ විශුද්ධිකරණය ලබාගනිති. එසේම උන් වහන්සේ තුළින් වන දේ විශ්වයේ අනෙකුත් ක්‍රියාවලට වඩා උසස් වේ. ඔබ දේවදූතයන් හෝ ආධිපත්‍යයන් හෝ බලතල ගැන කතා කළත්, සෑම මැවිල්ලක්ම ශුද්ධාත්මයාණන් වහන්සේගේ කරුණා අනුග්‍රහය බලාපොරොත්තුවෙන් සිටින්නේය. තවද නුඹලා පුත්‍රයන්ව සිටින බැවින්: අබ්බා, පියාණෙනී, කියා හඬගසන්නාවූ තමන් පුත්‍රයාණන්ගේ ආත්මය දෙවියන්වහන්සේ අපේ සිත්වලට එවූසේක. මෙසේ නුඹ තවත් දාසයෙක් නොව පුත්‍රයෙක්ය. ගලාති 4:6-7 එලෙසම, සෑම මැවිල්ලක්ම දෙවියන් වහන්සේගේ පුත්‍රයන්ගේ එළිදරව්ව සඳහා බලා සිටින්නේය. ඔවුන් සැබවින්ම ශුද්ධාත්මයාණන් වහන්සේගේ කරුණා අනුග්‍රහය තුළ දෙවියන් වහන්සේගේ පුත්‍රයන් බවට පත් කර ඇති අයයි. එබැවින්, සෑම මැවිල්ලක්ම ආත්මයාණන් වහන්සේගේ කරුණා අනුග්‍රහයේ එළිදරව්වෙන් වෙනස් වන අතර, දූෂණයේ වහල්භාවයෙන් දෙවියන් වහන්සේගේ දරුවන්ගේ මහිමයේ නිදහසට මුදා හරිනු ලබනවා ඇත.

63. එබැවින්, සෑම මවන ලද ජීවියෙකුම වෙනස් වීමට යටත් වේ, බාහිර මූලද්‍රව්‍යවල යම් පාපයක් හෝ තත්වයක් නිසා වෙනස් වී ඇති අය පමණක් නොව, ස්වභාවධර්මයේ වරදකින් දූෂිත බවට යටත් විය හැකි ඒවාද වේ, එසේ වූවද, ප්‍රවේශම් සහගත විනය මගින් එය තවමත් සිදු වී නැත; මක්නිසාද, අප විසින් කලින් ලියන ලද නිබන්ධනයක පෙන්වා දී ඇති ආකාරයට, දේවදූතයන්ගේ ස්වභාවය පැහැදිලිවම වෙනස් කළ හැකිය. එක් අයෙකුගේ ස්වභාවය කවර ආකාර වේද, අනෙක් අයගේ ස්වභාවය කවරාකාර වේද යන්න විනිශ්චය කිරීම නිසැකවම සුදුසුය. එසේ නම්, ඉතිරි අයගේ ස්වභාවය වෙනස් වීමට හැකියාව ඇත, එහෙත් විනය වඩා හොඳය.

64. එබැවින් සෑම මවන ලද ජීවියෙකුටම වෙනස් වීමට හැකියාව ඇත, එහෙත් ශුද්ධාත්මයාණන් වහන්සේ යහපත් වන අතර උන් වහන්සේට වෙනස් වීමට හැකියාවක් නැත. සියලු දෙනාගේම වැරදි ඉවත් කර ඔවුන්ගේ පාපවලට සමාව දෙන උන් වහන්සේ කිසිදු වරදකින් වෙනස් කිරීමට භාජනය කළනොහැකිය. එසේ නම්, තමන් වහන්සේම වෙනස් කර නොගෙන උන් වහන්සේගේ විශුද්ධිකරණ ක්‍රියාවෙන් අන් අය තුළ කරුණා අනුග්‍රහයෙන් වෙනසක් ඇති කරන උන් වහන්සේ වෙනස් වීමට යටත් වන්නේ කෙසේද? 

65. සැමවිටම යහපත් වන උන් වහන්සේට වෙනස් වෙනස් විය හැකි වන්නේ කෙසේද? යහපත් දේ අපට ලබා දෙනු ලබන්නේ ශුද්ධාත්මයාණන් වහන්සේ තුළිනි. උන් වහන්සේ කිසි විටෙකත් නපුර නොවන සේක. පහත සඳහන් පාඨවලින් පෙනී යන්නේ එවැන්ජලිස්තවරුන් දෙදෙනෙකු එකම ස්ථානයක සිටියදී, එකිනෙකාට වෙනස් වචන භාවිත කළද, එකම ප්‍රකාශය කර ඇති බවයි. මතෙව්හි ඔබ කියවන පරිදි එය මෙසේය: මෙසේ ඔබ නපුරු වුවත් ඔබේ දරුවන්ට යහපත් දේ දෙන්ට දන්නහු නම්, කොපමණ වැඩියෙන් ස්වර්ගයෙහි සිටින ඔබේ පියාණන්වහන්සේ තමන්වහන්සේගෙන් ඉල්ලන්නන්ට යහපත් දේ නොදෙනසේක්ද? මතෙව් 7:11 එහෙත් ලූක්ට අනුව ඔබට එය මෙසේ ලියා ඇති බව ඔබට පෙනෙනු ඇත: මෙසේ නපුරුවූ ඔබ ඔබේ ගේ දරුවන්ට යහපත් දේ දෙන්ට දනිව් නම්, කොපමණ වැඩියෙන් ඔබේ ගේ ස්වර්ගීය පියාණන් වහන්සේ තමන් වහන්සේගෙන් ඉල්ලන්නන්ට ශුද්ධාත්මය නොදෙනසේක්දැයි කීසේක. ලූක් 11:13 එසේ නම්, එවැන්ජලිස්තවරුන්ගේ සාක්ෂියෙන් ස්වාමින් වහන්සේගේ විනිශ්චයේදී ශුද්ධාත්මයාණන් වහන්සේ යහපත් බව අපි නිරීක්ෂණය කරමු, මන්ද එක් අයෙකු යහපත් දේ යන්න ශුද්ධාත්මයාණන් වහන්සේ වෙනුවට දක්වා ඇති අතර, අනෙකා යහපත් දේ යන්න වෙනුවට ශුද්ධාත්මයාණන් වහන්සේ නමින් දක්වා ඇත. එසේ නම්, ශුද්ධාත්මයාණන් වහන්සේ යහපත් දෙය වන සේක් නම්, උන් වහන්සේ යහපත් නොවන්නේ කෙසේද?

66. ශුද්ධවූ ලූක්ට අනුව, සමහර පිටපත්වල ඒ හා සමානව ඇති බව අපගේ අවධානයට යොමු වේ: කොපමණ වැඩියෙන් ඔබේ ස්වර්ගීය පියාණන්වහන්සේ තමන්වහන්සේගෙන් ඉල්ලන්නන්ට යහපත් දීමනාවක් නොදෙනසේක්ද? මෙම දීමනාව නම්, ස්වාමින් වන යේසුස් වහන්සේ කුරුසියේ ලීයට සවි කිරීමෙන් පසුව, මරණයේ බලයෙන් ඉවත් කර, කොල්ලය සමග ජයග්‍රාහී ලෙස නැවත පැමිණෙන විට ස්වර්ගයෙන් වගුරුවන ලද ආත්මයාණන් වහන්සේගේ කරුණා අනුග්‍රහයයි. ඔබට මෙසේ ලියා ඇති බව හමු වේ: ඔබ උසස්ථානයට නැගී ගියසේක, වහල්කමට ගත්තවුන් වහල්කමට ගෙනගියසේක. ස්වාමිවූ දෙවියන්වහන්සේ මනුෂ්‍යයන් සමඟ එනම් කැරළිකාරයන් අතරේ පවා වාසයකරන පිණිස ඔබ ඔවුන් අතරේ තෑගි ලැබූසේක. මෙහිදී ඔහු තෑගි ගැන පවසයි. මන්ද පුත්‍රයාණන් වහන්සේ දුන් ආකාරය, උන් වහන්සේ ගැන මෙලෙස ලියා ඇත: මක්නිසාද අපට ළදරුවෙක් උපන්නේය, අපට පුත්‍රයෙක් දෙනලද්දේය. යෙසායා 9:6 එසේම, ආත්මයාණන් වහන්සේගේ කරුණා අනුග්‍රහයද දෙනු ලැබීය. එහෙත් ශුද්ධාත්මයාණන් වහන්සේද අපට දෙන ලද බව පැවසීමට මා පසුබට විය යුත්තේ ඇයි? මන්ද එහි පහත ආකාරයට ලියා ඇති බැවිනි: මක්නිසාද අපට දෙන ලද ශුද්ධාත්මයාණන්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේගේ ප්‍රේමය අපගේ හෘදවල වගුරුවන ලද්දේය. රෝම 5:5 වහල් හදවත්වලට උන් වහන්සේ පිළිගත නොහැකි වූ බැවින්, ස්වාමින් වන යේසුස් වහන්සේ මුලින්ම වහල්භාවයට ගෙන ගිය අය වහල්භාවයට පැමිණෙවූ සේක.

67. උන් වහන්සේ වහල්කමට ගත්තවුන් වහල්කමට ගෙන ගිය බව පැවසූ සේක. මක්නිසාද ක්‍රිස්තුස් වහන්සේගේ ජයග්‍රහණය යනු නිදහසේ ජයග්‍රහණයයි, එය සියල්ලන්ටම කරුණාඅනුග්‍රහය දිනාගත් අතර කිසිවෙකුට අයුක්තියක් සිදු කළේ නැත. එබැවින් සියල්ලන් නිදහස් කර ඇති විට කිසිවෙකුත් තවදුරටත් වහලෙකු නොවේය. දැන් බෙලියෙල්ට නොව ක්‍රිස්තුස් වහන්සේට බැඳී, නිදහස වන තැනැන් වහන්සේට සේවය කිරීම පිණිස, ස්වාමින් වහන්සේගේ දුක් විඳීමේ කාලයේදී වැරැද්දට පමණක් කොටසක් නොතිබූ බැවින්, එය අත්පත් කරගත් සියල්ලන්ම වහල්භාවයට පත් කළ බැවින්, වහල්භාවයම තමා වෙත ආපසු හැරී වහල්භාවයට පත් කරගන්නා ලදී. මක්නිසාද ස්වාමින් වහන්සේ තුළ සේවකයෙකු ලෙස කැඳවනු ලැබූ තැනැත්තා ස්වාමින් වන්සේගේ නිදහස් මිනිසාය. 1 කොරින්ති 7:22

68. එහෙත් අපි ඒ කාරණය පිළිබඳ නැවත බලමු. ඔවුන් සියල්ලෝ අහක්ව ගියෝය, එක්ව නිෂ්ප්‍රයෝජනවූවෝය; යහපත කරන්නෙක් නැත, එසේය, එක්කෙනෙක් පමණවත් නැත. ඔවුන් ශුද්ධාත්මයාණන් වහන්සේ බැහැර කරන්නේ නම්, ඔවුහු පවා උන් වහන්සේ සියල්ල අතර නොමැති බව පිළිගනිති. ඔවුන් උන් වහන්සේ බැහැර නොකරන්නේ නම්, උන් වහන්සේ සියල්ලලෙන් ඉවත් වී ඇති බවද පිළිගනිති.

69. එහෙත් උන් වහන්සේ යහපත්කමේ උල්පත සහ මූලධර්මය වන බැවින්, උන් වහන්සේම තුළ යහපත්කම තිබේද යන්න අපි සලකා බලමු. මක්නිසාද පියාණන් වහන්සේට සහ පුත්‍රයාණන් වහන්සේට යහපත්කම ඇති ආකාරයටම, ශුද්ධාත්මයාණන් වහන්සේටද යහපත්කම ඇත. තවද අපොස්තුළු තුමා පහත ආකාරයට පැවසූ විට මෙයද ඉගැන්වීය: නුමුත් ආත්මයාණන්වහන්සේගේ ඵල නම්-ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කමය. ගලාති 5:22 මක්නිසාද යහපත්කම නමැති ඵලය වන උන් වහන්සේ යහපත් බව සැක කරන කවර තැනැත්තාද? මක්නිසාද හොඳ ගසක් හොඳ ඵල දරයි. මතෙව් 7:17

70. දෙවියන් වහන්සේ යහපත් නම්, දෙවියන් වහන්සේගේ ගැඹුරු දේ පවා සොයන උන් වහන්සේගේ මුඛයේ ආත්මය වන තැනැන් වහන්සේ යහපත් නොවන්නේ කෙසේද? නපුරේ ආසාදනය දෙවියන් වහන්සේගේ ගැඹුරු දේවලට ඇතුළු විය හැකිද? ක්‍රිස්තුස් වහන්සේගේ ආත්මය යහපත් බව ඔවුන්ට ප්‍රතික්ෂේප කළ නොහැකි විට, දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වහන්සේ යහපත් බව ප්‍රතික්ෂේප කරන අය කොතරම් අඥානද යන්න මෙයින් පෙනේ. මන්ද දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වහන්සේම මෙසේ පවසන සේක: එහෙයින් උන්වහන්සේ මා සන්තක දෙයින් රැගෙන නුඹලාට ප්‍රකාශකරනසේකැයි කීවෙමි. යොහන් 16:15

71. නැතහොත්, දුෂ්ටයන්ගෙන් ධර්මිෂ්ඨ මිනිසුන් සාදන, පාපය ඉවත් කරන, නපුර විනාශ කරන, අපරාධ බැහැර කරන, යහපත් දීමනා වත් කරන, පීඩා කරන්නන්ගෙන් ප්‍රේරිතයන් නිර්මාණය කරන, පව්කාරයන්ගෙන් පූජකයන් නිර්මාණය කරන ආත්මයාණන් වහන්සේ යහපත් නොවන සේක්ද? එහි මෙසේ කියා ඇත: මක්නිසාද වරක් නුඹලා අන්ධකාරව සිටිය නුමුත්, දැන් ස්වාමීන්වහන්සේ තුළ ආලෝකයව සිටින්නහුය. එපීස 5:8

72. එහෙත් අප ඒවා ඉවත් කර දමන්නේ ඇයි? ඔවුන් දත්ත කරුණු ප්‍රතික්ෂේප නොකරන බැවින් ප්‍රකාශයන් ඉල්ලා සිටියහොත්, ශුද්ධාත්මයාණන් වහන්සේ යහපත් බව ඔවුන්ට අසන්නට සලස්වන්න. මන්ද දාවිත් මෙසේ කීවේය: ඔබගේ ආත්මය යහපත්ය; අවංකකමේ දේශයෙහි මා ගෙනගිය මැනව. මක්නිසාද ආත්මය යනු සම්පූර්ණ යහපත්කම හැරුණුකොට අන් කවරක්ද? උන් වහන්සේගේ ස්වභාවය නිසා උන්වහන්සේ සම්පූර්ණයෙන් ග්‍රහණය කර ගැනීමට නොහැකි වුවද, උන් වහන්සේගේ යහපත්කම නිසා අපට උන්වහන්සේ පිළිගැනීමට හැකි වන අතර, උන් වහන්සේගේ බලයෙන් සියල්ල පුරවනු ලැබේ. එහෙත් ධර්මිෂ්ඨයන් විසින් පමණක් බෙදා ගන්නා ලද, සරල හා නොබෙදුණු සාරයෙන්, ගුණවත් ගුණාංගවලින් බහුල, එක් එක් පුද්ගලයාට ඉදිරිපත් කරන, තමාට අයත් දේ සෑම කෙනෙකුටම බෙදා දෙන, නමුත් සෑම තැනකම සම්පූර්ණයෙන්ම සම්පූර්ණ හා සම්පූර්ණව පවතින තැනැන් වහන්සේ වන සේක.

73. දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වහන්සේ යහපත් හේතුවක් ඇතිව මෙසේ කී සේක: එබැවින් නුඹලා ගොස්, සියලු ජාතීන් ගෝලයන් කරන්න, පියාණන්ගෙත් පුත්‍රයාණන්ගෙත් ශුද්ධාත්මයාණන්ගෙත් නාමයට ඔවුන් බව්තීස්ම කරන්න. මතෙව් 28:19 එහිදී ශුද්ධාත්මයාණන් වහන්සේ සමග ඇසුර පිළිකුල් නොකරඉවත් නොකළ සේක. එසේ නම්, බව්තීස්මයේ සක්‍රමේන්තුවේදී ස්වාමින් වහන්සේ ඉවත් නොකළ තැනැන් වහන්සේ, පියාණන් වහන්සේ සහ පුත්‍රයාණන් වහන්සේ සමග අපගේ භක්තියට එක්වීම ගැන සමහරුන් අමනාප වන්නේ මන්ද?

74. එසේ නම්, ආත්මයාණන් වහන්සේ යහපත්ය, එහෙත් එය යහපත්කම අත්පත් කර ගන්නා කෙනෙකු ලෙස නොව යහපත්කම ලබා දෙන අයෙකු ලෙසය. මක්නිසාද ශුද්ධාත්මයාණන් වහන්සේ මවන ලද ජීවීන්ගෙන් ලබා නොගන්නා සේක. එහෙත් එය ලැබී ඇත. එසේම උන් වහන්සේ විශුද්ධ කර නැත, එහෙත් උන් වහන්සේම විශුද්ධ කරන සේක; මක්නිසාද මවන ලද ජීවීන් විශුද්ධ කර ඇත, එහෙත් ශුද්ධාත්මයාණන් වහන්සේ විශුද්ධ කරන සේක. මෙම කාරණයේදී, මෙම වචනය පොදුවේ භාවිත කළද, එහි ස්වභාවයේ වෙනසක් ඇත්තේය. මක්නිසාද ශුද්ධකම පිළිගන්නා මිනිසා සහ ශුද්ධකම ලබා දෙන දෙවියන් වහන්සේ යන දෙදෙනාම ශුද්ධ ලෙස හඳුන්වනු ලැබේ, අප කියවන පරිදි එය මෙසේය: ඔබ සැම ශුද්ධව සිටිය යුතුය. මක්නිසාද ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වන මම ශුද්ධය. ලෙවී කථාව 19:2 දැන් විශුද්ධ කිරීම සහ දූෂිත බව යන දෙකටම එකම ස්වභාවය බෙදා ගත නොහැකිය, එබැවින් ශුද්ධාත්මයාණන් වහන්සේගේ සහ මැවිල්ලේ කරුණා අනුග්‍රහය එක් ද්‍රව්‍යයකින් ඇති වී තිබිය නොහැකිය.

75. එබැවින්, ත්‍රිත්වය හැරුණු විට, සමස්ත අදෘශ්‍යමාන මැවිල්ල (සමහරු තාර්කික සහ ශාරීරික ස්වරූපයක් නොමැති බව නිවැරදිව සලකන සාරය), ආත්මයාණන් වහන්සේගේ කරුණාව අනුග්‍රහය ලබා නොදෙන නමුත් ඒ වෙනුවට එය ලබා ගන්නා අතර, ප්‍රභවයක් ලෙස එයට සහභාගී නොවී එය තෑග්ගක් ලෙස පිළිගන්නා බැවින්, මවන ලද ජීවීන්ගේ මුළු ප්‍රජාවම ශුද්ධාත්මයාණන් වහන්සේ සමග ඇසුරෙන් වෙන් කළ යුතුය. එසේ නම් ශුද්ධාත්මයාණන් වහන්සේ මවන ලද ජීවියෙකු නොවන බව ඔවුන් විශ්වාස කළ යුතුය; නැතහොත්, ඔවුන් උන් වහන්සේ මවන ලද ජීවියෙකු ලෙස සිතන්නේ නම්, ඔවුන් උන් වහන්සේ පියාණන් වහන්සේ සමග එක් කර දක්වන්නේ මන්ද? ඔවුන් උන් වහන්සේ මවන ලද ජීවියෙකු ලෙස සිතන්නේ නම්, ඔවුන් උන් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වහන්සේ සමග එක් කර දක්වන්නේ මන්ද? එහෙත් උන් වහන්සේ පියාණන් වහන්සේගෙන් සහ පුත්‍රයාණන් වහන්සේගෙන් වෙන් කළ යුතු බවට ඔවුන් නොසිතන්නේ නම්, ඔවුන් උන් වහන්සේ මවන ලද ජීවියෙකු ලෙස සලකන්නේද නැත, මන්ද විශුද්ධිකරණය එකක් වන තැන ස්වභාවයද එකක් වන බැවිනි.

6 වන පරිච්ඡේදය.

අප වතුරෙන් සහ ආත්මයෙන් බව්තීස්ම වුවද, ආත්මයාණන් වතුරට වඩා බොහෝ උසස් වන අතර, එබැවින් පියාණන් වහන්සේගෙන් සහ පුත්‍රයාණන් වහන්සේගෙන් වෙන් නොකළ යුතුය.

76. කෙසේ වෙතත්, අප ජලයෙන් සහ ආත්මයෙන් බව්තීස්ම වූ නිසා, ජලයේ සහ ආත්මයේ කාර්යන්වල වෙනසක් නොමැති බව සිතන බොහෝ දෙනෙක් සිටිති. එබැවින් ඒවා ස්වභාවයෙන්ම වෙනස් නොවන බව ඔවුහු සිතති. අපට ආත්මයෙන් නැවත අලුත් වී නැගිටීමට හැකි වන පිණිස අප ජලයේ තැන්පත් කරනු ලැබ ඇති බව ඔවුහු නිරීක්ෂණය නොකරති. මක්නිසාද ජලය තුළ මරණය නියෝජනය වේ, ආත්මය තුළ ජීවිතයේ පොරොන්දුව ඇත. එසේ පාපයේ ශරීරය ජලය තුළින් මිය යා හැකිය, එය යම් ආකාරයක සොහොන් ගෙයක මෙන් ශරීරය ආවරණය කරන්නේය. එසේ වන්නේ අපට ආත්මයාණන් ව හන්සේගේ බලයෙන් පාපයේ මරණයෙන් අලුත් විය හැකි වන පිණිසත්, දෙවියන් වහන්සේ තුළ නැවත ඉපදීමට හැකි වන පිණිසත්ය.

77. එබැවින් මෙම සාක්ෂිකරුවන් තිදෙනා එක්කෙනෙකි. යොහන් පැවසූ පරිදි එය මෙසේය: ආත්මයාණන්වහන්සේය, වතුරය, ලේය. 1 යොහන් 5:8 එම තැනැන් වහන්සේ ස්වභාවධර්මයේ නොව අබිරහසෙහි අයෙකි. එසේ නම්, ජලය භූමදානය පිළිබඳ සාක්ෂිකරුවෙකි, රුධිරය මරණයට සාක්ෂිකරුවෙකි, ආත්මයාණන් වහන්සේ ජීවනයට සාක්ෂිකරුවෙකි. එසේ නම්, ජලයේ යම් කරුණා අනුග්‍රහයක් තිබේ නම්, එය ජලයේ ස්වභාවයෙන් ඇති වන්නක් නොව, ශුද්ධාත්මයාණන් වහන්සේගේ අබිමුඛයෙන් පැමිණෙන්නකි.

78. අප ජීවත් වන්නේ ජලයේද නැතහොත් ආත්මයාණන් තුළද? අප මුද්‍රා තබා ඇත්තේ ජලයේද නැතහොත් ආත්මයාණන් තුළද? මක්නිසාද අපි උන් වහන්සේ තුළ ජීවත් වෙමුව, උන් වහන්සේම අපගේ උරුමයේ කර්තෘවරයාණන් වහන්සේය. අපොස්තුළු තුමා එපීසවරුන්ට ලියමින් මෙසේ පවසයි: උන්වහන්සේ කෙරෙහි අදහාගෙන, උන්වහන්සේගේ මහිමයේ ප්‍රශංසාව සඳහා දෙවියන්වහන්සේට හිමිවූ වස්තුවේ මිදීම පිණිස, අපේ උරුමයේ අත්තිකාරමවූ පොරොන්දුවේ ශුද්ධාත්මයාණන්වහන්සේගෙන් නුඹලා උන්වහන්සේ තුළ මුද්‍රාකරනු ලැබුවහුය. එපීස 1:13-14 එබැවින් අප ශුද්ධාත්මයාණන් වහන්සේ විසින් මුද්‍රා කරනු ලැබුවේ ස්වභාවයෙන්ම නොව දෙවියන් වහන්සේ විසිනි, මන්ද එහි මෙසේ ලියා ඇත: අප ආලේපකළෙත් දෙවියන්වහන්සේය. උන්වහන්සේ අප මුද්‍රාකොට අපේ සිත් තුළ ආත්මයාණන්වහන්සේ නැමති අත්තිකාරම අපට දුන්සේක.

79. එසේ නම් දෙවියන් වහන්සේ අප ආත්මයාණන් වහන්සේගෙන් මුද්‍රා කළ සේක. මක්නිසාද අප නැවත ඉපදීම උදෙසා ක්‍රිස්තුස් වහන්සේ තුළ මිය යන ආකාරයටම, අපට ආත්මයාණන් වහන්සේගේ දීප්තිය, රූපය සහ කරුණා අනුග්‍රහය හිමි වන පිණිස අප ආත්මයාණන්ගෙන් මුද්‍රා කරනු ලැබ ඇත. එය නිසැකවම අපගේ ආත්මික මුද්‍රාව වේ. මක්නිසාද යත්, අපගේ ශරීර තුළ දෘශ්‍යමාන ලෙස මුද්‍රාව ලබා තිබුණද, ශුද්ධාත්මයාණන් වහන්සේ අප තුළ ස්වර්ගීය රූපයේ ස්වරූපය නිරූපණය කරන පිණිස, අප සැබවින්ම අපගේ හදවත් තුළ මුද්‍රා තබා ඇත.

80. ශුද්ධාත්මයාණන් වහන්සේ පියාණන් වහන්සේගෙන් සහ පුත්‍රයාණන් වහන්සේගෙන් වෙන් වී ඇති බව කීමට නිර්භීත විය හැක්කේ කාටද? මන්ද උන් වහන්සේ තුළින් අපි දෙවියන් වහන්සේගේ ස්වරූපයට හා සමානත්වයට ළඟා වන්නෙමු. එසේම අපොස්තුළු පේදුරු පවසන පරිදි, උන් වහන්සේ තුළින් අපි දිව්‍යමය ස්වභාවයේ කොටස්කරුවන් වෙමුව. එහි නිසැකවම ලෞකික අනුප්‍රාප්තියේ උරුමයක් ඇත්තේ නැත, එහෙත් දෙවියන් වහන්සේගේ දරුකමට හදා ගැනීමේ කරුණා අනුග්‍රහයේ ආත්මික සම්බන්ධතාවයක් ඇත. තවද මෙම මුද්‍රාව අපගේ ශරීරවලට වඩා අපගේ හදවත්වල තිබෙන බව අපට දැන ගැනීම පිණිස අනාගතවක්තෘවරයා මෙසේ පවසයි: ඔබගේ මුහුණේ එළිය අප කෙරෙහි බැබළෙවුව මැනව, ඔබ මාගේ සිතේ ප්‍රීතියක් ලූසේක.

7 වන පරිච්ඡේදය.

ශුද්ධාත්මයාණන් වහන්සේ අනන්ත බවත්, සියලු රටවල් පුරා විසිරී සිටින ප්‍රේරිතයන් මත වගුරුවනු ලබන බවත්, එපමණක් නොව, දේවදූතයන්ද විශුද්ධ කරන බවත්, අප ඔවුන් හා සමාන කරන බවත් දකිමින්, ශුද්ධාත්මයාණන් වහන්සේ මවන ලද ජීවියෙකු නොවන බව පැහැදිලිය. මරියා එලෙසම ශුද්ධාත්මයෙන් පිරී සිටියාය, එසේම ස්වාමින් වන ක්‍රිස්තුස් වහන්සේද, මෙතෙක් ඉහළ සහ පහත් සියල්ලද ශුද්ධාත්මයෙන් පිරී සිටි බව පැහැදිලිය. එසේම සියලු අවසානයකම ආරම්භය ඇත්තේ උන් වහන්සේගේ ක්‍රියා කිරීම කෙරෙන්ය. බෙතෙස්දාහි ජලය කලඹන විට ඇඟවුම් කරන ලද්දේ මෙයයි.

81. එතැන් සිට, සෑම මවන ලද ජීවියෙකුම තමන්ගේම ස්වභාවයේ යම් යම් සීමාවන් තුළ සීමා වී ඇති අතර, එම අදෘශ්‍යමාන මෙහෙයුම්, ස්ථානයෙන් සහ සීමාවන්ගෙන් සීමා කළ නොහැකිය. එසේ වූවත්, ඒවා ඔවුන්ගේම සාරයේ අන්තර්ගතයෙන් වසනු ලැබ ඇත; සීමිත හා සීමා කරන ලද බලයක් නොමැති ශුද්ධාත්මයාණන් වහන්සේ මවන ලද ජීවියෙකු ලෙස හැඳින්වීමට තරම් කිසිවෙකුට නිර්භීත විය හැක්කේ කෙසේද? මක්නිසාද යත්, උන් වහන්සේ සැමවිටම සෑම දෙයකම සහ සෑම තැනකම සිටින බැවිනි, එය නිසැකවම දේවත්වයේ සහ ස්වාමිත්වයේ අංගයකි. මන්ද: පොළොව හා එහි සම්පූර්ණත්වයද ලෝකය හා එහි වැසියෝද ස්වාමීන්ගේය, යයි දක්වා ඇත.

81. එබැවින්, ස්වාමින් වහන්සේ තම සේවකයන් වන ප්‍රේරිතයන් පත් කළ විට, මැවිල්ල එකක් බවත්, ආත්මයාණන් වහන්සේගේ කරුණා අනුග්‍රහය තවත් එකක් බවත් අපට හඳුනා ගැනීමට හැකි වන පරිදි, උන් වහන්සේ ඔවුන් විවිධ ස්ථානවලට පත් කළ සේක, මන්ද සියල්ලන්ටම එකවර සෑම තැනකම සිටිය නොහැකි බැවිනි. එහෙත් උන් වහන්සේ සියල්ලන්ටම ශුද්ධාත්මයාණන් වහන්සේ දුන් සේක, ප්‍රේරිතයන් මත වැගිරීමට, වෙන් කළ නොහැකි කරුණා අනුග්‍රහයේ දීමනාව වෙන් කළ සේක. එසේ නම්, මෙම පුද්ගලයින් එකිනෙකාගෙන් වෙනස් වුවද, සිදු කරන ලද ක්‍රියාවෙහි ප්‍රතිඵලය ඔවුන් සියල්ලන් තුළම එක හා සමාන විය. මන්ද ශුද්ධාත්මයාණන් වහන්සේ එක්කෙනෙකු වන බැවිනි. උන් වහන්සේ පිළිබඳ මෙසේ ලියා ඇත: නුමුත් ශුද්ධාත්මයාණන්වහන්සේ නුඹලා කෙරෙහි පැමිණි කල නුඹලා බලය ලබන්නහුය. එවිට නුඹලා යෙරුසලමෙහිද මුළු යුදයෙහිද සමාරියෙහිද පොළොවේ සීමාව දක්වාද මාගේ සාක්ෂිකාරයෝ වන්නහුයයි කීසේක. ක්‍රියා 1:8

82. එසේ නම්, ශුද්ධාත්මයාණන් වහන්සේ සීමාවක් නැති, නිමක් නැති අනත්ත වූ අයෙකු වන සේක. උන් වහන්සේ, දුර බැහැර රටවල විවිධ බෙදීම් හරහා සහ මුළු ලෝකයේම ඈත සීමාවන් දක්වා ගෝලයන්ගේ මනසට තම පැවැත්ම වත් කළ සේක, කිසිවකට උන්වහන්සේගෙන් සැඟවීමට හෝ උන්වහන්සේ නොමඟ යැවීමට නොහැකිය. එබැවින් ශුද්ධ වූ දාවිත් මෙසේ පවසයි: ඔබගේ ආත්මය කෙරෙන් කොතැනට යන්නෙම්ද? ඔබ ඉදිරියෙන් කොතැනට පලායන්නෙම්ද? ශුද්ධලියවිල්ල මෙසේ පවසන්නේ කුමන දේවදූතයෙකු ගැනද? කුමන ආධිපත්‍යය ගැන මෙසේ පවසන්නේද? කුමන බලය ගැන මෙසේ පවසන්නේද? බොහෝ දෙනෙකු කෙරෙහි තම බලය පැතිරී ඇති බව අපට පෙනෙන්නේ කුමන දේවදූතයෙකු සම්බන්ධයෙන්ද? මක්නිසාද දේවදූතයෝ ස්වල්ප දෙනෙකු වෙත යවන ලදහ, එහෙත් ශුද්ධාත්මයාණන් වහන්සේ සමස්ත ජනතාව කෙරෙහිම වත් කරන ලදී. එමනිසා, එකවර බොහෝ දෙනෙකු මත වැගිරෙන සහ අදෘශ්‍යමාන දේ දිව්‍යමය ස්වභාවයක් ගන්නා බවට කිසිවෙකුට සැක කළ නොහැකි අතර, තනි පුද්ගලයන්ට දෘශ්‍යමාන සහ ග්‍රහණය කර ගත හැකි හෝ හිමිකර ගත හැකි දේ ශාරීරික හා භෞතික ස්වභාවයක් ගනී.

83. ඒ හා සමාන ලෙසම, ආත්මයාණන් වහන්සේ ප්‍රේරිතයන් විශුද්ධ කරන ආකාරයටම, උන් වහන්සේ මනුෂ්‍ය ස්වභාවයේ කොටස්කරුවෙකු නොවන සේක. එසේම, දේවදූතයන්, ආධිපත්‍යයන් සහ බලතල විශුද්ධ කරන උන් වහන්සේට මවන ලද ජීවීන් සමග හවුල්කාරීත්වයක් නොමැත. එහෙත් දේවදූතයන්ගේ ශුද්ධකම ආත්මික නොවන බවත්, ඒ වෙනුවට එය ඔවුන්ගේ ස්වාභාවික ගුණාංගවලට අයත් වෙනස් ආකාරයක කරුණා අනුග්‍රහයක් බවත් යමෙකු සිතන්නේ නම්, එවැනි අය දේවදූතයන් මිනිසුන්ට වඩා පහත් තරාතිරමක අය ලෙස සලකනු ඇත. මන්ද, දේවදූතයන් ශුද්ධාත්මයාණන් වහන්සේට සංසන්දනය කිරීමට ඔවුන් එඩිතර නොවන බවත්, ශුද්ධාත්මයාණන් වහන්සේ මිනිසුන් මත වැගිරෙන බව ඔවුන්ට ප්‍රතික්ෂේප කළ නොහැකි බවත් ඔවුන් ප්‍රකාශ කරන බැවිනි; එහෙත් ආත්මයාණන් වහන්සේගේ විශුද්ධ කිරීම දිව්‍යමය දීමනාවක් සහ අනුග්‍රහයක් වන බැවින්, වඩා යහපත් ආකාරයේ විශුද්ධ කිරීමක් ඇති මනුෂ්‍යයින් නිසැකවම දේවදූතයන්ට වඩා ගෞරවයෙන් සලකනු ලබන බවත් දැනගනු ඇත. එහෙත් දේවදූතයන් මිනිසුන්ට උපකාර කිරීම සඳහා පහළට බැස පැමිණි බැවින්, දේවදූතයන් ශුද්ධාත්මයාණන් වහන්සේගෙන් වඩා වැඩි කරුණා අනුග්‍රහයක් ලබා ඇති නිසා දේවදූතයන්ගේ ස්වභාවය උසස් බවත්, එසේම අපට මෙන්ම ඔවුන්ට ලබා දෙන අනුග්‍රහය එකම කතුවරයාගෙන් පැමිණෙන බවත් තේරුම් ගත යුතුය.

84. මිනිසුන්ගේ පහත් ස්වභාවය පවා දේවදූතයන් ලැබූ දීමනාවලට සමාන කරන එම කරුණා අනුග්‍රහය කොතරම් ශ්‍රේෂ්ඨද? ස්වාමින් වහන්සේම පොරොන්දු වූ පරිදි එය මෙසේ දැක්වේ: ඔබ ස්වර්ගයේ දේවදූතයන් මෙන් වනු ඇත. තමන් වහන්සේගේ ආත්මයෙන් එම දේවදූතයන් මැවූ තැනැන් වහන්සේට එම කරුණා අනුග්‍රහය කරණකොටගෙන මිනිසුන්ද දේවදූතයන්ට සමාන කිරීමට අපහසු නොවේය.

85. ශුද්ධාත්මයාණන් වහන්සේ ගැන ලියා ඇති පරිදි, සියල්ල පුරවන බව පැවසිය හැක්කේ වෙනත් කුමන ජීවියෙකු ගැනද: මම මාගේ ආත්මය සියලු මාංසය මත වත් කරන්නෙමි. යෝවෙල් 2:28 දේවදූතයෙකු ගැන මෙසේ පැවසිය නොහැකිය. අවසාන වශයෙන්, මරියා වෙත යවන ලද විට, ගාබ්‍රියෙල්ම මෙසේ පැවසීය: බොහෝ කරුණා අනුග්‍රහය ලත් තැනැත්තිය, ඔබට ශුභසිද්ධ වේවා. ලූක් 1:28 එහිදී ඇය තුළ තිබූ ආත්මයාණන් ව හන්සේගේ කරුණා අනුග්‍රහය පැහැදිලිව ප්‍රකාශ කළේය. මන්ද ශුද්ධාත්මයාණන් වහන්සේ ඇය කෙරෙහි පැමිණ තිබූ නිසාත්, ඇය ස්වර්ගීය වාක්‍යාණන්ගෙන් කරුණා අනුග්‍රහයෙන් ඇගේ ගර්භාෂය පිරී සිටීමට ආසන්නව සිටි නිසාත්ය.

86. මක්නිසාද සියල්ල පුරවාලීම අයිති ස්වාමින් වහන්සේටය, උන් වහන්සේ මෙසේ කියන සේක: ස්වර්ගය සහ පෘථිවිය මාගෙන් පිරී තිබේ. යෙරෙමියා 23:24 එසේ නම්, ස්වර්ගය සහ පොළොව දෙකම පුරවන්නේ ස්වාමින් වහන්සේ නම්, ශුද්ධාත්මයාණන් වහන්සේට ස්වෛරී පාලනයේ සහ දිව්‍යමය අධිකාරියේ සහභාගීත්වයක් නොමැති බව කාට තීරණය කළ හැකිද යන්නයි. මන්ද උන් වහන්සේ ලෝකය සහ මුළු ලෝකයෙන් ඔබ්බට ඇති දේ පවා පුරවා ඇති අතර, මුළු ලෝකයේම මිදුම්කරුවාණන් වහන්සේ වන යේසුස් වහන්සේද පුරවා ඇති සේක. මන්ද එහි මෙසේ ලියා ඇත: යේසුස්වහන්සේ ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණව, යොර්දානෙන් හැරී ගිය සේක. ලූක් 4:1 එසේ නම්, සියල්ල පුරවන එකම පූර්ණත්වයක් ඇති තැනැන් වහන්සේ වන උන් වහන්සේ හැරුණුකොට, උන් වහන්සේ පුරවාලිය හැක්කේ අන් කවරෙකුටද?

87. එහෙත් මෙය මාංසයට අනුව කියන ලද බව දක්වා ඔවුන් එයට විරුද්ධ නොවන පිණිස, සියල්ලන් සුව කිරීමට මාංසයෙන් ආනුභාවය නික්මුණු උන් වහන්සේ පමණක් සියල්ලටම වඩා උතුම් වූ සේක. එහෙත්, ස්වාමින් වහන්සේ සියල්ල පුරවන ආකාරයටම, අපි ආත්මයාණන් වහන්සේ මෙසේ ගැන කියවන්නෙමු: මක්නිසාද ස්වාමින් වහන්සේගේ ආත්මයෙන් මුළු ලෝකයම පිරී ගියේය. ප්‍රඥාව 1:7 තවද, අපෝස්තුළුවරුන් සමග ඇසුරු කළ සියල්ලන් ගැන, ඔවුන් ශුද්ධාත්මයෙන් පිරී, ඔවුන් දෙවියන් වහන්සේගේ වචනය නිර්භීතව කතා කළ බව පවසා ඇති බව ඔබට පෙනේ. ක්‍රියා 4:31 ආත්මයාණන් වහන්සේ පූර්ණත්වය සහ නිර්භීතකම යන දෙකම ලබා දෙන බව ඔබට පෙනේ. උන් වහන්සේගේ මෙහෙයුමට අනුව අග්‍ර දේවදූතයා මරියාට නිවේදනය කරන්නේ මෙයයි: ශුද්ධාත්මයාණන් වහන්සේ ඔබ කෙරෙහි පැමිණෙනු ඇත. ලූක් 1:35

88. ඔබ ශුභාරංචියේ මෙයද කියවා ඇත. එනම් දේවදූතයා නියමිත වේලාවට පොකුණට බැස ජලය කැලඹූ බවත්, මුලින්ම පොකුණට බැස ගිය තැනැත්තා සුවපත් වූ බවත්ය. යොහන් 5:4 මේ ආකාරයේ දේවදූතයා යනුවෙන් ප්‍රකාශ කළේ ශුද්ධාත්මයාණන් වහන්සේගේ බැස පැමිණීම මිස අන් කවරක්ද? එය අපගේ කාලයේ සිදුවීමට නියමිතව තිබූ අතර පූජකයාගේ යාච්ඤා මගින් ඉලූලා සිටි කල ජලය පවිත්‍ර කළ යුතුව තිබිණි. එසේ නම්, එම දේවදූතයා ශුද්ධාත්මයාණන් වහන්සේගේ පණිවිඩකරුවෙකු විය, මන්ද ආත්මයාණන්ගේ කරුණා අනුග්‍රහය තුළින් අපගේ ආත්මයේ සහ මනසේ දුර්වලතා සඳහා ඖෂධ පිළියම් යෙදිය යුතු වූ බැවිනි. එසේ නම්, ආත්මයාණන් වහන්සේට පියාණන් වහන්සේ වන දෙවියන් වහන්සේ සහ ක්‍රිස්තුස් වහන්සේ හා සමාන ලෙසම එකම දේවසේවක පිරිසක් වෙති. පියාණන් වහන්සේ වන දෙවියන් වහන්සේ සහ පුත්‍රයාණන් වහන්සේ ක්‍රියා කරන ආකාරයටම,උන් වහන්සේ සියල්ල පුරවන සේක, සියල්ල උන් වහන්සේ සතුය, සියල්ල ක්‍රියා කරන සේක, එසේම සියල්ලන් තුළ ක්‍රියා කරන සේක.

89. ශුද්ධාත්මයාණන් වහන්සේගේ ක්‍රියාකාරීත්වයට වඩා දිව්‍යමය දෙය කුමක්ද? මන්ද දෙවියන් වහන්සේම ශුද්ධාත්මයාණන් වහන්සේ උන් වහන්සේගේ ආශීර්වාදවල ප්‍රධානියා වන බව මෙසේ පවසමින් සාක්ෂි දරන සේක: නුඹේ වංශය කෙරෙහි මාගේ ආත්මයද නුඹේ දරුවන් කෙරෙහි මාගේ ආශීර්වාදයද වගුරුවන්නෙමි. යෙසායා 44:3 මක්නිසාද ශුද්ධාත්මයාණන් වහන්සේගේ ආනුභාවයෙන් මිස වෙනත් මගකින් කිසිදු ආශීර්වාදයක් සම්පූර්ණ විය නොහැකිය. එබැවින්, අපොස්තුළු තුමා අප උදෙසා ප්‍රාර්ථනා කිරීමට මෙයට වඩා යහපත් දෙයක් දැනගත්තේ නැත. ඔහුම පැවසූ පරිදි එය මෙසේය: එබැවින් අපිත් ඒ ඇසූ දා පටන් නුඹලා උදෙසා නොකඩවම යාච්ඤාකරමින්, නුඹලා සියලු ආකාර ප්‍රඥාවද ආත්මික නුවණද ලබන ලෙස උන්වහන්සේගේ කැමැත්ත දැනගැනීමෙන් පූර්ණවී, සිටින ලෙස යාච්ඤා කරමුව. කොලොස්සි 1:9 එසේ නම්, ඔහු ඉගැන්වූයේ මෙය දෙවියන් වහන්සේගේ කැමැත්ත බවත්, යහපත් ක්‍රියාවලින්, වචනවලින් සහ සෙනෙහසින් යුක්තව ගමන් කිරීමෙන්, අපගේ හදවත් තුළ උන් වහන්සේගේ ශුද්ධාත්මයාණන් වහන්සේ තබන දෙවියන් වහන්සේගේ කැමැත්තෙන් අප පිරී යා යුතු බවත්ය. එබැවින් ශුද්ධාත්මයාණන් වහන්සේ ඇති තැනැත්තා දෙවියන් වහන්සේගේ කැමැත්තෙන් පිරී සිටින්නේ නම්, පියාණන් වහන්සේ සහ පුත්‍රයාණන් වහන්සේගේ කැමැත්ත අතර වෙනසක් ඇත්තේ නැත.

8 වන පරිච්ඡේදය.

ශුද්ධාත්මයාණන් වහන්සේ ලබා දී ඇත්තේ දෙවියන් වහන්සේ විසින් පමණකි. එහෙත් සෑම පුද්ගලයෙකුටම සම්පූර්ණයෙන්ම ලබා දී නැත, මන්ද ක්‍රිස්තුස් වහන්සේ හැරුණුකොට අන් කිසිවෙකුට උන් වහන්සේ සම්පූර්ණයෙන්ම පිළිගැනීමට හැකියාවක් නැති බැවිනි. ප්‍රේමය ශුද්ධාත්මයාණන් වහන්සේ විසින් වගුරුවනු ලැබේ. උන් වහන්සේ අබිරහස්මය ආලේපයෙන් පූර්ව නිරූපණය කරන ලදී. උන් වහන්සේට මවන ලද ජීවීන් සමග පොදු වූ කිසිවක් නොමැති බව පෙන්නුම් කෙරේ; උන් වහන්සේ දෙවියන් වහන්සේගේ මුඛයෙන් පැමිණෙන බව කියනු ලබන බැවින්, උන් වහන්සේ මවන ලද ජීවීන් සමග හෝ බෙදිය හැකි දේවල් සමග වර්ගීකරණය නොකළ යුතුය, මන්ද උන් වහන්සේ සදාකාලික තැනැන් වහන්සේය.

90. එසේම ශුද්ධාත්මයාණන් වහන්සේ දෙවියන් වහන්සේ විසින් ලබා දෙන බව ඒ සමගම නිරීක්ෂණය කරන්න. මක්නිසාද මෙය මිනිසාගේ ක්‍රියාවක් නොවේ, මිනිසාගේ දීමනාවක්ද නොවේ; එහෙත් පූජකයා විසින් ආයාචනා කරනු ලබන තැනැන් වහන්සේ දෙවියන් වහන්සේ විසින් දෙනු ලැබේ. එම නිසා එහිදී දෙවියන් වහන්සේගේ දීමනාව සහ පූජකයාගේ සේවය ඇත. මක්නිසාද ප්‍රේරිත පාවුල් තමාගේම අධිකාරියෙන් ශුද්ධාත්මයාණන් වහන්සේ ලබා දීමට නොහැකි බව විනිශ්චය කළ අතර, දෙවියන් වහන්සේ විසින් අප ආත්මයෙන් පුරවනු ලැබීමට ඔහු කැමති වූ තරමටම, තමා එම තනතුරට නුසුදුසු යයි සැලකුවේ නම්, එපීස 5:18 මෙම දීමනාව ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් තමා ගැනම උදම් ඇනීමට තරම් එඩිතර වන්නේ කවුද? මේ අනුව, අපොස්තුළු තුමා මෙම කැමැත්ත යාච්ඤාවෙන් ප්‍රකාශ කළ අතර, තමාගේම පෞද්ගලික අධිකාරියෙන් කිසිදු අයිතියක් කිසි විටෙකත් ප්‍රකාශ කළේ නැත; ඔහු ලබා ගැනීමට උත්සාහ කළ අතර, අණ නිකුත් කිරීමට එඩිතර වූයේ නැත. ශුද්ධාත්මයාණන් වහන්සේට බල කිරීමට හෝ උන්වහන්සේ වළක්වාලීමට තමාට හැකියාවක් නොමැති බව පේදුරු ද පවසයි. මක්නිසාද ඔහු මෙසේ කීවේය: එහෙයින් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේව අදහාගත් කල්හි අපට දුන්නාක්මෙන්ම දෙවියන්වහන්සේ ඔවුන්ටත් එම දීමනාව දුන් බැවින්, දෙවියන්වහන්සේට විරුද්ධව සිටින්ට මම කවරෙක්දැයි කීවේය. ක්‍රියා 11:17

91. එහෙත් අපෝස්තුළුවරුන්ගේ ආදර්ශයෙන් ඔවුන් පෙලඹෙන්නේ නැති නම්, අපි දිව්‍යමය ප්‍රකාශ භාවිත කරමු; මක්නිසාද එහි මෙසේ ලියා ඇත: නුමුත් මාගේ මෙහෙකරුවාවූ ඉශ්‍රායෙල්, මා විසින් තෝරාගත් යාකොබ්, මාගේ මිත්‍රයාවූ ආබ්‍රහම්ගේ වංශය, මම නුඹට උපකාර කරන්නෙමි; මාගේ ආත්මය ඔහු කෙරෙහි තැබීමි; යෙසායා 42:1 ස්වාමින් වහන්සේ යෙසායා මගින් මෙසේද පැවසූ සේක: ස්වාමිවූ දෙවියන්වහන්සේගේ ආත්මය මා කෙරෙහිය; මක්නිසාද ස්වාමීන්වහන්සේ මා ආලේප කළසේක;  යෙසායා 61:1

92. එසේ නම්, ශුද්ධාත්මයාණන් වහන්සේගේ සාරය මවන ලද බව පැවසීමට නිර්භීත විය හැක්කේ කාටද? අපගේ හදවත් තුළ බැබළෙන උන් වහන්සේගේ දීප්තියෙන් අපට දිව්‍යමය සත්‍යයේ අලංකාරය සහ මැවිල්ල සහ දේවත්වය අතර දුර දැකිය හැකිය. එසේ එම කාර්යය එහි කතුවරයාගෙන් වෙන්කර හඳුනාගත හැකි වේ. නැතහොත් දෙවියන් වහන්සේ මෙසේ කතා කර ඇත්තේ කුමන මැවිල්ල ගැනද: මම මාගේ ආත්මය වගුරුවන්නෙමි; යෝවෙල් 2:28 උන් වහන්සේ ආත්මය නොව, මාගේ ආත්මය යයි පැවසූ සේක. මන්ද අපට ශුද්ධාත්මයාණන් වහන්සේගේ පූර්ණත්වය ලබා ගත නොහැකිය, එහෙත් අපගේ ස්වාමින් වහන්සේ උන් වහන්සේගේ කැමැත්තට අනුව අපට බෙදා දෙන තරමට අපට එය ලැබෙන්නේය. පිලිප්පි 2:6 මක්නිසාද දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වහන්සේ දෙවියන් වහන්සේට සමාන වීම අල්ලාගෙනම සිටිය යුතු වූ වස්තුවක් ලෙස නොසිතා එය අත්හැරියේ, අපට අපගේ මනසින් උන් වහන්සේ පිළිගැනීමට හැකි වන පිණිසය. උන් වහන්සේ තමාම හිස් කරගත්තේ, උන් වහන්සේ තමාගේම පූර්ණත්වයෙන් හිස් වූ නිසා නොවේය. එහෙත් එසේ කළේ මට දරාගත නොහැකි වූ උන් වහන්සේගේ පූර්ණත්වය, මගේ ධාරිතාවයේ ප්‍රමාණයට අනුව මා තුළට වත් කළ හැකි වන පිණිසය. ඒ ආකාරයෙන්ම, පියාණන් වහන්සේ සි මාංසමයවූ සියල්ලන් කෙරෙහි මාගේ ආත්මය වගුරුවන්නෙමි, යයි පැවසූ සේක. මන්ද උන් වහන්සේ තමන් වහන්සේ සම්පූර්ණයෙන්ම වත් කළේ නැත, එහෙත් උන් වහන්සේ වැගිරෙවූ දේ සියල්ලන්ටම බහුලව තිබේ.

93. එම නිසා අප කෙරෙහි ආත්මයාණන් වැගිරීමක් සිදු විය, එහෙත් ස්වාමින් වන යේසුස් වහන්සේ මනුෂ්‍ය ස්වරූපයෙන් සිටියදී, උන් වහන්සේ වෙත ආත්මයාණන් වහන්සේ වැඩවාසය කළ සේක. ලියා ඇති පරිදි එය මෙසේය: ආත්මයාණන් යමෙකු පිට බැස නවතිනවා නුඹ දකින්නෙහිද ශුද්ධාත්මයෙන් බව්තීස්මකරන්නේ උන්වහන්සේය. යොහන් 1:33 බහුල සැපයුමකින් දෙන තැනැන් වහන්සේගේ ත්‍යාගශීලීභාවය අප වටා ඇත්තේය, උන් වහන්සේ තුළ ආත්මයේ පූර්ණත්වය සදහටම රඳා පවතින්නේය. එසේ නම් උන් වහන්සේ අපට ප්‍රමාණවත් යැයි සැලකූ දේ වැගිරෙවූ සේක. වගුරවනු ලැබූ දේ වෙන් කර නැත. එය බෙදී නැත; එහෙත් උන් වහන්සේට පූර්ණත්වයේ එකමුතුවක් ඇති අතර එමඟින් අපගේ ශක්තියට ග්‍රහණය කළ හැකි දේ අනුව උන් වහන්සේට අපගේ හදවත් දැකීම ආලෝකවත් කළ හැකිය. අවසාන වශයෙන්, අපගේ මනස දියුණු වන තරමට අපට බොහෝ දේ ලැබේ, මන්ද ආත්මයාණන්ගේ කරුණා අනුග්‍රහයේ පූර්ණත්වය බෙදිය නොහැකි අතර, එසේ වූවත්, එය අප අපගේම ස්වභාවයේ ධාරිතාව අනුව අප විසින්ම බෙදා ගනු ලැබේ.

94. එසේ නම්, දෙවියන් වහන්සේ ආත්මයාණන් වගුරුවන සේක, එසේම ආත්මයාණන් වහන්සේ තුළින් දෙවියන් වහන්සේගේ ප්‍රේමයද වගුරුවනු ලැබේ. එම අවස්ථාවේදී අප උන් වහන්සේලාගේ ක්‍රියාකාරීත්වයේ සහ කරුණා අනුග්‍රහයේ එකමුතුකම හඳුනාගත යුතුය. මක්නිසාද දෙවියන් වහන්සේ ශුද්ධාත්මයාණන් වහන්සේ වැගිරවූවාක් මෙන්ම, දෙවියන් වහන්සේගේ ප්‍රේමයද ශුද්ධාත්මයාණන් වහන්සේ තුළින් අපගේ හදවත් තුළ වගුරුවනු ලැබේ. රෝම 5:5 එසේ කළේ ශුද්ධාත්මයාණන් වහන්සේ යනු කාර්යයක් නොවන බවත්, උන් වහන්සේ දිව්‍යමය ප්‍රේමයේ බෙදාහරින්නා සහ බහුල උල්පත වන බවත් අප තේරුම් ගන්නා පිණිසය.

95. එලෙසම, වැගිරෙන දේ මවන ලද ජීවීන්ට අයත් විය නොහැකි බවත්, දෙවියන් වහන්සේට ආවේණික බවත් ඔබට විශ්වාස කළ හැකි වන පරිදි, පුත්‍රයාණන් වහන්සේගේ නාමයද එලෙසම වගුරුවනු ලැබ ඇත. ඔබ කියවන පරිදි එය මෙසේය: නුඹේ නාමය වැගිරෙවු විලවුන් මෙන්ය සලමොන්ගේ ගීතිකාව 1:3 එයින් කියැවෙන්නේ කිසිවකට බලය ඉක්මවා යා නොහැකි බවයි. මක්නිසාද යත්, භාජනයක් තුළ මුද්‍රා තැබූ සුවඳ විලවුන්, එම භාජනයේ සීමිත ඉඩක් තුළ වසා ඇති තාක් කල් එහි සුවඳ රඳවා ගන්නවා සේම, එය බොහෝ දෙනෙකුට පැතිරවිය නොහැකි වුවද, එය එහි සම්පූර්ණ විභවය රඳවා ගනී. එහෙත් එම ආලේපනය එය වසා තිබූ එම බඳුනෙන් ඉවතට වත් කළ විට, එය බොහෝ දුරට පැතිරෙයි; එසේම, ක්‍රිස්තුස් වහන්සේගේ නාමය ඉශ්‍රායෙල් ජනයා අතරට පැමිණීමට පෙර යුදෙව්වන්ගේ මනසෙහි යම් බඳුනක දමා තිබුණාක් මෙන් වැසී තිබුණි. දෙවියන්වහන්සේ යූදාහි ප්‍රසිද්ධසේක. ඉශ්‍රායෙල්හි උන්වහන්සේගේ නාමය උතුම්ය. එනම්, යුදෙව්වන්ගේ බඳුන්වල, ඔවුන්ගේ පටු සීමාවන් තුළ සීමා කර තිබූ නාමයයි.

96. ඒ වන විටත්, එම නාමය දුර්වල හා ස්වල්ප දෙනෙකුගේ පටු සීමාවන් තුළ එය පැවති විටත්, එම නාමය සැබවින්ම ශ්‍රේෂ්ඨ විය. එහෙත් එම නාමය එතෙක් අන්‍යජාතීන්ගේ හදවත් පුරා සහ මුළු ලෝකයේම කෙළවර දක්වා එහි ශ්‍රේෂ්ඨත්වය වගුරුවනු නොලද්දේය. එහෙත් උන් වහන්සේගේ තමන් වහන්සේගේ පැමිණීම මගින් මුළු ලෝකය පුරාම බැබළුණු පසුව, උන් වහන්සේගේ එම දිව්‍යමය නාමය සියලු ජීවීන් පුරා පැතිරෙවූ සේක. එය කිසි එකතු කිරීමකින් පුරවා නැත (මක්නිසාද පූර්ණත්වය වැඩිවීම පිළිගන්නේ නැත), එහෙත් උන් වහන්සේගේ නාමය මුළු ලෝකය තුළම අපූරු බවටපත් වන පිණිස හිස් අවකාශයන් පුරවාලමින් සිටින සේක. එසේ නම්, උන් වහන්සේගේ නාමය වැගිරීමෙන් අදහස් කරන්නේ කරුණා අනුග්‍රහයේ බහුලත්වය සහ ස්වර්ගීය කාරණාවල බහුලත්වයයි, මන්ද වත් කරනු ලබන ඕනෑම දෙයක් බහුලත්වයෙන් ගලා එන බැවිනි.

97. එබැවින් දෙවියන් වහන්සේගේ මුඛයෙන් නික්මෙන ප්‍රඥාව මවන ලද බව පැවසිය නොහැකි සේම, උන් වහන්සේගේ හදවතින් ප්‍රකාශ කරන ලද වචනය හෝ සදාකාලික මහිමාන්විතභාවයේ පූර්ණත්වය ඇති බලයද මවන ලද දෙයක් බව පැවසිය නොහැකිය; එසේම, දෙවියන් වහන්සේගේ මුඛයෙන් වැගිරෙන ආත්මයාණන්ද මවන ලද බව සැලකිය නොහැකිය, මන්ද දෙවියන් වහන්සේම ඔවුන්ගේ එකමුතුකම පෙන්නුම් කර ඇති බැවින් සහ උන් වහන්සේම තමන් වහන්සේගේ ආත්මය වැගිරීම ගැන කතා කරන බැවිනි. දෙවියන් වහන්සේ වන පියාණන් වහන්සේගේ කරුණා අනුග්‍රහය ශුද්ධාත්මයාණන් වහන්සේගේ කරුණා අනුග්‍රහයට සමාන බවත්, කිසිදු බෙදීමකින් හෝ අහිමි වීමක් නොමැතිව එය එක් එක් පුද්ගලයාගේ හදවත්වලට බෙදී ඇති බවත් එයින් අපට වැටහේ. එසේ නම්, ශුද්ධාත්මයාණන් වහන්සේගෙන් වගුරුවනු ලබන දේ වෙන් කරනු නොලැබේ. එය කිසිදු ශාරීරික කොටසකින් තේරුම් නොගැනේ, එසේම එය බෙදී නොයයි.

98. ආත්මයාණන් වහන්සේ කිසිම අයුරකින් බෙදා වෙන් කිරීමෙන් බෙදිය හැකි බව විශ්වාස කළ හැක්කේ කෙසේද? යොහන් දෙවියන් වහන්සේ ගැන මෙසේ පවසයි: උන්වහන්සේ අප තුළ සිටින බව අප දැනගන්නේ උන්වහන්සේ අපට දුන් ආත්මයෙන්ය. 1 යොහන් 3:24 එහෙත් සැමවිටම පවතින දේ නිසැක ලෙසම වෙනස් වන්නේ නැත, එබැවින් එය කිසිදු වෙනසක් අත්විඳින්නේ නැත්නම් එය සදාකාලික වේ. එබැවින් ශුද්ධාත්මයාණන් වහන්සේ සදාකාලික වන සේක. එහෙත් මවන ලද ජීවීන් වරදට යටත් වන සුලුය. එම නිසා වෙනස් වීමට යටත් වේ. එහෙත් වෙනස් වීමට යටත් වන දේ සදාකාලික විය නොහැකිය, එබැවින් ආත්මයාණන් සහ මවන ලද ජීවීන් අතර පොදු කිසිවක් තිබිය නොහැකිය, මන්ද ආත්මයාණන් වහන්සේ සදාකාලිකය, එහෙත් සෑම මවනලද ජීවියෙක්ම තාවකාලිකය.

99. එහෙත් අපොස්තුළු තුමා ශුද්ධාත්මයාණන් වහන්සේ සදාකාලික බවද පෙන්වා දෙන්නේය. මන්ද එහි මෙසේ ලියා ඇත: මක්නිසාද එළුවන්ගෙත් ගොනුන්ගෙත් ලේවලින්ද, අශුද්ධවී සිටින්නන්ට එළනෑම්බියෙකුගේ අළු ඉසීමෙන්ද මාංසය පවිත්‍රවෙන හැටියට පිරිසිදුකරනු ලබන්නේ නම්, කැලලක් නැතුව සදාකාල ආත්මයාණන් කරණකොටගෙන තමන්ම දෙවියන්වහන්සේට පූජාවුණාවූ ක්‍රිස්තුස්වහන්සේගේ ලෙයින් ජීවමාන දෙවියන්වහන්සේට සේවයකරන පිණිස, මළ ක්‍රියාවලින් නුඹලාගේ හෘදයසාක්ෂිය කොපමණ වැඩියෙන් පිරිසිදුකරනු නොලබන්නේද? හෙබ්‍රෙව් 9:13-14 එබැවින් ආත්මයාණන් වහන්සේ සදාකාලිකය.

9 වන පරිච්ඡේදය.

ශුද්ධාත්මයාණන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේගේ ආලේපය සහ ප්‍රීතියේ තෛලය ලෙස නිවැරදිව හඳුන්වනු ලැබේ; තවද ක්‍රිස්තුස් වහන්සේ ශුද්ධාත්මයාණන් වහන්සේගෙන් ආලේප කරන ලද බැවින්, උන් වහන්සේම ආලේපය නොවන සේක. පියාණන් වහන්සේ සහ පුත්‍රයාණන් වහන්සේද ආත්මයාණන් ලෙස හඳුන්වන බැවින්, ආත්මයාණන් වහන්සේ ආලේපය ලෙස හැඳින්වීම අමුතු දෙයක් නොවේය. තවද ඔවුන් අතර කිසිදු ව්‍යාකූලත්වයක් නොමැත, මන්ද ක්‍රිස්තුස් වහන්සේ පමණක් මරණයට පත් වූ අතර, උන් වහන්සේගේ ගැලවීමේ කුරුසිය ගැන පසුව සාකච්ඡා කෙරෙනු ඇත.

100. දැන් බොහෝ දෙනා ශුද්ධාත්මයාණන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේගේ ආලේපය බව සිතති. එසේ ආලේපය යනුවෙන් පවසනු ලබන්නේ උන් වහන්සේ ප්‍රීතියේ තෛලය ලෙස හඳුන්වනු ලබන අතරම, බොහෝ කරුණා අනුග්‍රහයන්ගේ එකතුවක් ඇති කර මිහිරි සුවඳක් ලබා දෙන බැවිනි. එහෙත් සර්වබලධාරි පියාණන් වහන්සේ වන දෙවියන් වහන්සේ උන් වහන්සේ පූජකයන්ගේ කුමාරයාණන් ලෙස අභිෂේක කළ සේක. උන් වහන්සේ ව්‍යවස්ථාව යටතේ ආලේප කරන ලද වර්ගයක අනෙක් අය මෙන් නොවන සේක. එහෙත් ව්‍යවස්ථාවට අනුව ශරීරයෙන් ආලේප කරන ලද මෙන්ම, සැබවින්ම ව්‍යවස්ථාවට ඉහළින් පියාණන් වහන්සේ කෙරෙන් ශුද්ධාත්මයාණන් වහන්සේගේ ගුණයෙන් පිරී සත්‍යය තුළ සිටි සේක.

101. මෙය ප්‍රීතියේ තෛලයයි. අනාගතවක්තෘවරයා ඒ පිළිබඳ මෙසේ පවසයි: එබැවින් දෙවියන්වහන්සේ, ඔබගේ දෙවියන්වහන්සේ, ඔබගේ සහකාරයන්ට වඩා ප්‍රීතිය නමැති තෛලයෙන් ඔබ ආලේපකළසේකැයි කියනසේක. අවසාන වශයෙන්, ඔබ කියවන පරිදි පේදුරු පවසන්නේ යේසුස් වහන්සේ ආත්මයාණන් වහන්සේගෙන් ආලේප කරන ලද බවයි: එනම් ගලීලය පටන් යුදය මුළුල්ලෙහි පතළාවූ වචනය වන, යොහන් විසින් ප්‍රකාශකරනලද බව්තීස්මයට පසු, දෙවියන්වහන්සේ ශුද්ධාත්මයෙන්ද බලයෙන්ද නාසරිය යේසුස්වහන්සේ ආලේපකළ බවත්ය. ක්‍රියා 10:37-38 එසේ නම්, ශුද්ධාත්මයාණන් වහන්සේ යනු ප්‍රීතියේ තෛලයයි.

102. උන් වහන්සේ ප්‍රීතියේ තෛලය යනුවෙන් ඔහු නිවැරදිව පැවසුවේය. ඒ ඔබ උන් වහන්සේ මවන ලද ජීවියෙකු ලෙස නොසිතන පිණිසය. මක්නිසාද, මේ ආකාරයේ තෙල්වල ස්වභාවය නම් එය වෙනත් ආකාරයක තෙතමනයක් සමග කිසිසේත් මිශ්‍ර නොවීමය. ප්‍රීතියද ශරීරය ආලේප නොකරයි, එහෙත් එය අභ්‍යන්තර හදවත දීප්තිමත් කරන්නේය, අනාගතවක්තෘවරයා පැවසූ පරිදි එය මෙසේය: ඔබ මගේ හදවතේ ප්‍රීතිය තබා ඇත. එබැවින් තෙතමනය සහිත ද්‍රව්‍ය සමග තෙල් මිශ්‍ර කිරීමට කැමති තැනැත්තා තම වේදනාව නැති කර ගන්නා විට, තෙල්වල ස්වභාවය අනෙක් ඒවාට වඩා සැහැල්ලු බැවින්, අනෙක් ඒවා තැන්පත් වූ විට, තෙල් ඉහළට නැඟී වෙන් වෙයි. සත්‍ය වශයෙන්ම භෞතික දේවල් ආත්මික දේවල් සමග මිශ්‍ර කළ නොහැකි නිසා හෝ නිර්මාණය නොකළ දේවල් සමග නිර්මාණය කළ දේවල් හා මිශ්‍ර කළ නොහැකි නිසා, ප්‍රීතියේ තෛලය ඔවුන්ගේ උපක්‍රම මගින් වෙනත් මවන ලද ජීවීන් සමග මිශ්‍ර කළ හැකි යැයි එම කාලකන්නි අය සිතන්නේ කෙසේද?

102. ක්‍රිස්තුස් වහන්සේ අභිෂේක කරන එම ආලේපය ප්‍රීතියේ තෛලය ලෙස හැඳින්වීම සුදුසුය. මක්නිසාද, තුවාල සඳහා පිළියම් යෙදීමට හෝ තාපය සමනය කිරීමට භාවිත කරන සාමාන්‍ය හෝ පොදු තෙල් උන් වහන්සේ වෙනුවෙන් සොයනුනොලැබිණි. මන්ද, ලෝකයේ ගැලවීම උන් වහන්සේගේ තුවාල සඳහා සහනයක් සෙව්වේ නැත, නැතහොත් උන් වහන්සේගේ වෙහෙසට පත් ශරීරයේ සදාකාලික බලය ප්‍රබෝධයක් ඉල්ලා සිටියේද නැත.

103. මිය යාමට ආසන්නව සිටි අය ප්‍රීතිමත් කිරීමට, ලෝකයෙන් දුක ඉවත් කිරීමට, ශෝකජනක මරණයේ දුර්ගන්ධය විනාශ කිරීමට සැලැස්වූ උන් වහන්සේට ප්‍රීතියේ තෛලය තිබීම යහපත් නොවේද? එබැවින් අපොස්තුළු තුමා මෙසේ පවසයි: මක්නිසාද අපි දෙවියන්වහන්සේට ක්‍රිස්තුස්වහන්සේගේ මිහිරි සුවඳක්ව සිටිමුව; 2 කොරින්ති 2:15 නිසැකවම මෙහිදී ඔහු ආත්මික දේවල් ගැන කතා කරන බව පෙන්වන්නේය. එහෙත් දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වහන්සේම මෙසේ පවසන සේක: ස්වාමීන්වහන්සේගේ ආත්මය මා කෙරෙහිය; මක්නිසාද උන්වහන්සේ මා ආලේපකළසේක; ලූක් 4:18 මෙහිදී උන් වහන්සේ ආත්මයාණන් වහන්සේගේ ආලේපය පෙන්වා දෙන සේක. එබැවින් ආත්මයයාණන්වහන්සේ ක්‍රිස්තුස් වහන්සේගේ ආලේපය වන සේක.

104. නැතහොත් යේසුස් වහන්සේගේ නාමය වත් කරන ලද විලවුන් වර්ගයක් බැවින්, එමගින් ඔවුන් ක්‍රිස්තුස් වහන්සේ යන්න තේරුම් ගැනීමට කැමති නම්, විලවුන් යන නාමයෙන් ප්‍රකාශ කරන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ ආත්මය නොව, ක්‍රිස්තුස් වහන්සේම යයි තේරුම් ගැනීමට කැමති නම්, නිසැකවම පේදුරු අපොස්තුළු තුමා ස්වාමින් වහන්සේ ශුද්ධාත්මයාණන්ගෙන් අභිෂේක කරන ලද බව පවසන විට, ආත්මයාණන් වහන්සේද විලවුන් ලෙස හඳුන්වන බව නිසැකය.

105. එහෙත් පියාණන් වහන්සේ සහ පුත්‍රයාණන් වහන්සේ යන දෙදෙනාම ආත්මයාණන් යනුවෙන් කියනු ලබන විට එහි ඇති පුදුමය කුමක්ද? අප නාමයේ එකමුතුකම ගැන කතා කිරීමට පටන් ගන්නා විට අපි ඒ ගැන වඩාත් සම්පූර්ණයෙන් කතා කරමු. එහෙත්, නිගමනයකින් තොරව අප ඉදිරියට ගමන් කර ඇති බවක් නොපෙනෙන පිණිස, පියාණන් වහන්සේ සහ ක්‍රිස්තුස් වහන්සේ යන දෙදෙනාම ආත්මයාණන් ලෙස හඳුන්වා ඇති බව ඔවුහු කියවත්වා. ශුභාරංචියේ ස්වාමින් වහන්සේ පැවසූ පරිදි, දෙවියන් වහන්සේ ආත්මයයි; යොහන් 4:24 එසේම යෙරමියා පැවසූ පරිදි, අපගේ නාසයේ හුස්ම වැනිවූ ස්වාමීන්වහන්සේගේ අභිෂේකලත් තැනැන් වහන්සේය. ක්‍රිස්තුස් වහන්සේය. විලාප ගී 4:20

106. එසේ නම්, පියාණන් වහන්සේ ආත්මයාණන් වහන්සේ වන අතර ක්‍රිස්තුස් වහන්සේ ආත්මයාණන් වහන්සේ වන සේක. මන්ද මවන ලද අයෙකු නොවන දෙය ආත්මය වන බැවිනි. එහෙත් ශුද්ධාත්මයාණන් වහන්සේ වහන්ස පියාණන් වහන්සේ හා පුත්‍රයාණන් වහන්සේ සමග මිශ්‍ර වී නැත. එහෙත් උන් වහන්සේ පියාණන් වහන්සේගෙන් සහ පුත්‍රයාණන් වහන්සේගෙන් වෙනස් වන සේක. මක්නිසාද ශුද්ධාත්මයාණන් වහන්සේ මිය ගියේ නැත. මන්ද උන් වහන්සේ මාංසය තමා මත නොගත් නිසා මිය යා නොහැකි වූ අතර සදාකාලික දේවත්වයට මිය යාමට නුපුළුවන. එහෙත් ක්‍රිස්තුස් වහන්සේ මාංසයට අනුව මිය ගිය සේක.

107. මක්නිසාද උන් වහන්සේ සැබවින්ම මිය ගිය සේක, එසේ වූයේ කන්‍යාවගෙන් ගත් දෙයින් මිස, පියාණන් වහන්සේගෙන් ලැබුණු දෙයින් නොවේය. මක්නිසාද ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ ඇණ ගසනු ලැබූ ස්වභාවයෙන් මිය ගිය සේක. එහෙත් ශුද්ධාත්මයාණන් වහන්සේ කුරුසියේ ඇණ ගසන්නට නොහැකි විය. මන්ද උන් වහන්සේට මාංසය හා ඇටකටු නොවූ බැවිනි. එහෙත් දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වහන්සේ කුරුසියේ ඇණ ගසනු ලැබිණි. මන්ද උන් වහන්සේ මාංසය හා ඇටකටු ගත් බැවිනි. එසේ කළේ එම කුරුසියේදී අපගේ මාංසයේ පරීක්ෂාවන් මරණයට පත් වන පිණිසය. මක්නිසාද උන් වහන්සේ තමන් නොවූ දේ තමන් වහන්සේ මතට ගත්තේ උන් වහන්සේ තමන්ගේ පවතින ස්වභාවය සඟවා ගැනීමට පිණිසය; උන් වහන්සේ තමන් වහන්සේ කවුරුන්ද යන්න සඟවා තැබුවේ, ඒ තුළ උන් වහන්සේ පරීක්ෂාවට ලක් කළ හැකි වන පරිදිය, එසේම උන් වහන්සේ නොවූ දේ එමගින් මුදා ගැනීමටය. එසේ කළේ උන් වහන්සේ නොවූ දේ තුළින් උන් වහන්සේගේ පැවති ස්වභාවය වෙත අප කැඳවාගන්නා පිණිසය.

108. අහෝ, දුර්වලකම එල්ලෙන, බලය නිදහස් වන, දුෂ්ටකම් ඇණ ගසා ඇති, සහ ජයග්‍රාහී කුසලාන ඔසවා ඇති කුරුසියේ දිව්‍යමය අබිරහස. එබැවින් එක්තරා ශුද්ධවන්තයෙක් මෙසේ පැවසීය: ඔබ වහන්සේට ඇති බියෙන් මාගේ මාංසය ඇණවලින් සිදුරු කළ මැනව; ඔහු පවසන්නේ යකඩ ඇණවලින් නොව, බිය සහ ඇදහිල්ල මගින් යනුවෙනි. මක්නිසාද ගුණධර්මයේ බැඳීම් දඬුවම්වලට වඩා ශක්තිමත් නිසාය. අවසාන වශයෙන්, කිසිවෙකු විසින් බඳිනු නොලැබූ පේදුරු උත්තම පූජකයාගේ ශාලාව දක්වා ස්වාමින් වහන්සේ පසුපස ගිය විට, පේදුරුගේඇදහිල්ල ඔහු බැඳ තැබුවේය. එසේම ඇදහිල්ලෙන් බඳින ලදුව සිටි ඔහු දඬුවම මගින් ලිහිල් කරනු නොලැබිණි. නැවතත්, ඔහු යුදෙව්වන් විසින් බැඳ තබනු ලැබූ විට, යාච්ඤාව ඔහු නිදහස් කළේය, දඬුවම ඔහු අල්ලා ගත්තේ නැත, මන්ද ඔහු ක්‍රිස්තුස් වහන්සේගෙන් ආපසු හැරී නොගිය බැවිනි.

109. එසේ නම් ඔබ පාපයට මිය යන පිණිස ඔබත් පාපය කුරුසියේ ඇණ ගසන්නෙහිද; පාපයට මිය යන තැනැත්තා දෙවියන් වහන්සේ උදෙසා ජීවත් වන්නේය; උන් වහන්සේගේම පුත්‍රයාණන් වහන්සේ ඉතිරි කර නොගෙන උන් වහන්සේගේ ශරීරය තුළ අපගේ ආශාවන් කුරුසියේ ඇණ ගසනු පිණිස දුන්නාවූ උන් වහන්සේට උදෙසා ඔබ ජීවත් වන්නෙහිද? මක්නිසාද ක්‍රිස්තුස් වහන්සේ අප උදෙසා මිය ගියේ උන් වහන්සේගේ පුනර්ජීවනය වූ ශරීරය තුළ අප ජීවත් වන පිණිසය. එබැවින් අපගේ ජීවිතය නොව අපගේ වරද උන් වහන්සේ තුළ මිය ගියේය. එහි මෙසේ දක්වා ඇත. උන් වහන්සේ තමන් වහන්සේගේම ශරීරය තුළ අපගේ පාප ගස මතදී දරාගත් බවය. එසේ කළේ අපගේ පාපවලින් අප නිදහස් වී, අපට ධර්මිෂ්ඨකම තුළ ජීවත් වීමට හැකි වන පිණිසය. උන් වහන්සේගේ තුවාලවලින් අපට සුවය ලැබී ඇත. 1 පේදුරු2:24

110. එසේ නම්, කුරුසියේ එම ලීය, එය අපගේ ගැලවීමේ නැවක් මෙන්ය, අපගේ ගමන් මාර්ගයයි, දඬුවමක් නොවේය, මන්ද සදාකාලික ගමන් මාර්ගයේ ගැලවීම හැරුණුකොට වෙනත් ගැලවීමක් ඇත්තේ නැත. මරණය අපේක්ෂා කරන අතරතුර මට එය දැනෙන්නේ නැත; දඬුවම ගැන සුළු වශයෙන් සිතුවත් මා දුක් විඳින්නේ නැත; බිය ගැන නොසැලකිලිමත් වූවද මම එය නොදනිමි.

111. එසේ නම්, අප සුව කරනු ලබන්නේ ක්‍රිස්තුස් වහන්සේ, එනම් උන් වහන්සේගේ තුවාලවලින් අප සුව කළ තැනැන් වහන්සේ හැරුණුකොට අන් කවුරුන්ද? උන් වහන්සේ පිළිබඳ එම යෙසායා විසින්ම අනාවැකි පළ කරන ලද්දේ උන් වහන්සේගේ තුවාල අපගේ සුවය වූ බවයි. යෙසායා 53:5 අපෝස්තුළු පාවුල් උන් වහන්සේ පිළිබඳ ඔහුගේ ලිපියේ මෙසේ ලිවීය: පාපයක් නොදත්තාවූ උන්වහන්සේ අප වෙනුවට පාපය වෙන්ට [දෙවියන්වහන්සේ] සැලැස්සූසේක. 2 කොරින්ති 5:21 මෙය සැබවින්ම උන් වහන්සේ තුළ දිව්‍යමය කාරණයක් විය, උන් වහන්සේගේ මාංසය පාපයක් නොකළ අතර ශාරීරික මැවිල්ල තුළ උන් වහන්සේ පාපය නොගත් සේක. මක්නිසාද, දේවත්වය පමණක් පව් නොකළේ නම්, දේවත්වයට පව් කිරීමට කිසිදු දිරිගැන්වී පෙලඹවීමක් නොතිබූ බැවින් එය පුදුමයක්ද? එහෙත් දෙවියන් වහන්සේ පමණක් පාපයෙන් නිදහස්ව සිටින සේක් නම්, නිසැකවම සෑම මවන ලද ජීවියෙකුම ස්වකීය ස්වභාවයෙන්ම, අප පවසා ඇති පරිදි, පාපයට යටත් විය හැකිය.

10 වන පරිච්ඡේදය.

ආත්මයාණන් වහන්සේ පාපයට සමාව දෙන බව පියාණන් වහන්සේට සහ පුත්‍රයාණන් වහන්සේටද පොදු කාරණයකි. එහෙත් දේවදූතයන් පාපයට සමාව දෙන්නේ නැත.

112. ශුද්ධාත්මයාණන් වහන්සේගේ දේවත්වය ප්‍රතික්ෂේප කරන කවුරුන් වුවත් මෙය මට පවසන්න. ආත්මයාණන් වහන්සේ පාපයට යටත් විය නොහැකිය, ඒ වෙනුවට උන් වහන්සේ පාපයට සමාව දෙන සේක. දේවදූතයෙකු සමාව දෙයිද? අග්‍ර දේවදූතයෙකු සමාව දෙයිද? නිසැකවම නැත, එහෙත් පියාණන් වහන්සේ පමණක්ම, පුත්‍රයාණන් වහන්සේ පමණක්ම සහ ශුද්ධාත්මයාණන් වහන්සේ පමණක්ම සමාන දෙන සේක. දැන් කිසිම පුද්ගලයෙකුට සමාව දීමට ඇති බලයෙන් ගැලවීමට හැකියාවක් නොමැත.

113. එහෙත් සමහර විට කෙනෙකු සෙරාප් යෙසායාට මෙසේ පැවසූ බව කියන්නට පුළුවන: බලව, මේක නුඹේ තොල්වල තැවරුණේය; මෙසේ නුඹේ අපරාධය පහ කරන ලද්දේය, නුඹේ පාපය කමා කරන ලද්දේ යයි කීය. යෙසායා 6:7 ඔහු මෙසේ කියයි, නුඹේ අපරාධය පහ කරන ලද්දේය, එසේම නුඹේ පාපය කමා කරන ලද්දේය. එහෙත් ඒ දෙවියන් වහන්සේගේ පූජාසනයෙන් ගත ඒ ගිනි අඟුරුය, එනම් ආත්මයාණන් වහන්සේගේ කරුණා අනුග්‍රහයයි. දෙවියන් වහන්සේගේ පූජාසනය මත සිටිය හැකි සිටීමට හැකි ආත්මයාණන්වහන්සේගේ කරුණා අනුග්‍රහයට මිස අන් කවරකටද? අපට භක්තිවන්ත ලෙස තේරුම් ගත හැකිද? නිසැකවම ඒ වනාන්තරවල දැව නොවේය, දැලි සහ ගල් අඟුරුද නොවේය. නැතහොත් යෙසායාගේ මුඛයෙන් එළිදරව් වූ අබිරහසට අනුව තේරුම් ගැනීමට තරම් භක්තියට අනුකූල වන්නේ කුමක්ද? එනම් ක්‍රිස්තුස් වහන්සේගේ දුක් විඳීමෙන් සියලු මිනිසුන් පවිත්‍ර විය යුතුය, උන් වහන්සේ මාංසයට අනුව ගල් අඟුරු මෙන් අපගේ පාප පුළුස්සා දැමූ සේක, ඔබ සෙකරියා පොතෙහි කියවන පරිදි එය මෙසේය: මොහු ගින්නෙන් ඇදලාගත් පෙනෙල්ලක් නොවේදැයි කීසේක. යෝෂුවා වනාහි කිලුටු වස්ත්‍ර ඇඳගන දූතයා ඉදිරියෙහි සිටියේය. සෙකරියා 3:2-3

114. අවසාන වශයෙන්, පොදු මිදීමේ අබිරහස අනාගතවක්තෘවරුන් විසින් වඩාත් පැහැදිලිව එළිදරව් කරන ලද බව අපට දැනගත හැකි වන පරිදි, ඔබට මෙම ස්ථානයේද එය දක්වා ඇත: බලන්න, එය ඔබගේ පාප ඉවත් කර දමා ඇත; පාපයක් නොකළ ක්‍රිස්තුස් වහන්සේ පාපය පසෙකට දැමූ බව එහි නොදැක්වේ, එහෙත් ක්‍රිස්තුස් වහන්සේගේ මාංසය තුළ මුළු මිනිස් සංහතියම ඔවුන්ගේ පාපවලින් නිදහස් කරනු ලැබිය යුතුය.

115. එහෙත් සෙරාප් පාපය ඉවත් කළත්, එය මෙම අබිරහස සඳහා පත් කරන ලද දෙවියන් වහන්සේගේ සේවකයෙකු මෙන් වනු ඇත. මක්නිසාද යෙසායා මෙසේ කීවේය: එවිට සෙරාප්වරුන්ගෙන් එක්කෙනෙකු මා වෙත එවන ලදී. යෙසායා 6:6

11 වන පරිච්ඡේදය.

ආත්මයාණන් වහන්සේ සියල්ලන් වෙතම යවනු ලබන අතර, උන් වහන්සේ තැනින් තැනට ගමන් නොකරන සේක, මන්ද උන් වහන්සේ කාලයෙන් හෝ අවකාශයෙන් සීමා වී නොසිටින බැවිනි. උන් වහන්සේ පුත්‍රයාණන් වහන්සේගෙන් නික්ම යන්නේ, පුත්‍රයාණන් වහන්සේ පියාණන් වහන්සේගෙන් නික්ම යන ලෙසටය. උන් වහන්සේ සැමවිටම පුත්‍රයාණන් වහන්සේ තුළ වාසය කරන සේක: තවද අප උන්වහන්සේ පිළිගන්නා විට අප වෙතද පැමිණෙන සේක. උන් වහන්සේ පියාණන් වහන්සේ මෙන්ම පැමිණෙන අතර, උන් වහන්සේ පියාණන් වහන්සේගෙන් කිසිදු ආකාරයකින් වෙන් කළ නොහැකිය.

116. ඇත්ත වශයෙන්ම ආත්මයාණන් වහන්සේද යවනු ලබන බව කියනු ලැබේ, එහෙත් සෙරාප් යවනු ලබන්නේ එක් අයෙකු වෙතය. එහෙත් ආත්මයාණන් වහන්සේ සියල්ලන්ම වෙත යවනු ලබන සේක. සෙරාප් සේවය කිරීමට යවනු ලැබේ, ආත්මයාණන් වහන්සේ අබිරහසක් ක්‍රියා කරන සේක. සෙරාප් අණ කරන ලද දේ ඉටු කරන්නේය, ආත්මයාණන් වහන්සේ තමා කැමති පරිදි බෙදා දෙන සේක. සෙරාප් තැනින් තැනට ගමන් කරන්නේය, මන්ද ඔහු සියල්ල පුරවන්නේ නැත, එහෙත් ඔහු ආත්මයාණන් කරණකොටගෙන පුරවනු ලැබ සිටියි. සෙරාප් ඔහුගේ ස්වභාවයට අනුව යම් ගමන් මාර්ගයක් සමග පහළට පැමිණෙයි. එහෙත් අපට ආත්මයාණන් සම්බන්ධයෙන් එසේ සිතිය නොහැකිය. මන්ද දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වහන්සේ ආත්මයාණන් පිළිබඳ මෙසේ පවසන සේක: නුමුත් පියාණන්වහන්සේ කෙරෙන් මා විසින් නුඹලාට එවන සැනසිලිකාරයාණන්වහන්සේ එනම් පියාණන්වහන්සේ වෙතින් නික්මෙන්නාවූ සත්‍යතාවේ ආත්මයාණන්වහන්සේ ආ කල, උන්වහන්සේ මා ගැන සාක්ෂිදෙනසේක. යොහන් 15:26

117. මක්නිසාද ආත්මයාණන් වහන්සේ එක් ස්ථානයකින් නික්ම ගොස් තවත් ස්ථානයකට ගමන් කරන බව යමෙකු ප්‍රකාශ කරන්නේ නම්, එයින් අනිවාර්යයෙන්ම පියාණන් වහන්සේම යම් ස්ථානයක සිටින බවත්, පුත්‍රයාණන් වහන්සේද ඒ ආකාරයෙන්ම සිටින බවත් තේරුම් ගත යුතුය. මක්නිසාද ආත්මයාණන් වහන්සේ පියාණන් වහන්සේ හෝ පුත්‍රයාණන් වහන්සේ හෝ විසින් යවනු ලබන ස්ථානයක සිට නික්ම ගියහොත්, ආත්මයාණන් වහන්සේ එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට ගමන් කරන බව සහ ප්‍රගතියක් ලබන බවත්, පිටත්ව යන බවත් පෙනී යනු ඇත. එවැනි අභක්තික අර්ථකථනවලට අනුව, පියාණන් වහන්සේ සහ පුත්‍රයාණන් වහන්සේ යන දෙදෙනාම යම් භෞතික ශරීර මෙන් අවකාශයට සීමා වූ බව පෙනේ.

118. ආත්මයාණන් වහන්සේ ගමන් කිරීමෙන් පහළට බැස එන බව පවසන අය සම්බන්ධයෙන් මම මෙය කියමි. එහෙත් සියල්ලටම වඩා ඉහළින් සිටින පියාණන් වහන්සේ ශාරීරික ස්වභාවයෙන් යුතු අයෙකු නොවනවා පමණක් නොව, උන් වහන්සේ අදෘශ්‍යමාන මැවිල්ලෙන්ද වන සේක. උන් වහන්සේ කිසිදු ස්ථානයකින් සීමා කර නැත; එසේම සියලු මැවිල්ලේ ක්‍රියා කරන්නා ලෙස, සෑම මැවිල්ලකටම වඩා ඉහළින් සිටින පුත්‍රයාණන් වහන්සේද උන් වහන්සේගේම ක්‍රියාවල ප්‍රතිඵල වන ස්ථානවලින් හෝ කාලවලින් සීමා වී නැත; එසේම දෙවියන් වහන්සේගේ ආත්මය ලෙස සත්‍යතාවේ ආත්මයාණන් වහන්සේද කිසිදු ශාරීරික සීමාවන්ගෙන් සීමා වී නැත, උන් වහන්සේ ආත්මික වන බැවින්, උන් වහන්සේගේ දේවත්වයේ විස්තර කළ නොහැකි පූර්ණත්වය තුළින් මුළු තාර්කික මැවිල්ලට වඩා බොහෝ ඉහළින් සිටින අතර, සියල්ල කෙරෙහි උන් වහන්සේ කැමති තැන හුස්ම හෙළීමේ බලය සහිත මෙන්ම උන් වහන්සේ කැමති පරිදි ආනුභාවය ලබා දීමේ බලය ඇති තැනැන් වහන්සේය. යොහන් 3:8

119. එසේ නම්, ආත්මයාණන් වහන්සේ එක් ස්ථානයකින් එවනු ලැබූ අයෙකු නොවන සේක. එසේම උන් වහන්සේ එක් ස්ථානයක සිට නික්මෙන අයෙකුද නොවන සේක. උන් වහන්සේ පුත්‍රයාණන් වහන්සේගෙන් නික්මෙන විට, පුත්‍රයාණන් වහන්සේද නික්මුණු ආකාරයට පැමිණේ. පුත්‍රයාණන් වහන්සේ ඒ ගැන මෙසේ පවසන සේක: මම පියාණන්වහන්සේ වෙතින් පිටත්ව ලෝකයට ඇවිත් සිටිමි. නැවත මම ලෝකය අත්හැර පියාණන්වහන්සේ වෙතට යමි. එහිදී සියලු මනඃකල්පිත තත්වයන් විනාශයට පත් වේ. එයින් එක් ස්ථානයකින් තවත් ස්ථානයකට යන බවට ගණන් ගත හැකිය. ඒ හා සමානව, දෙවියන් වහන්සේ ඇතුළත හෝ පිටත සිටින බව අප කියවන විට, අපි නිසැකවම දෙවියන් වහන්සේ කිසිවෙකු තුළට කොටු නොකරමු, එසේ නැතහොත් කිසිවෙකුගෙන් උන් වහන්සේ වෙන් නොකරමු. එහෙත් ගැඹුරු සහ විස්තර කළ නොහැකි තක්සේරුවකින් මේ දේවල් කිරා මැන බැලීමෙන්, අපට දිව්‍යමය ස්වභාවයේ සැඟවුණු බව අවබෝධ වේ.

120. අවසාන වශයෙන්, ප්‍රඥාව පවසන්නේ ඇය මහෝත්තමයාණන්ගේ මුඛයෙන් නික්මුණු බවයි, දේශනාකාරයා 24:5 එය පියාණන් වහන්සේට බාහිරව නොව පියාණන් වහන්සේ සමග සිටිමිනි. මක්නිසාද වාක්‍යාණෝ දෙවියන් වහන්සේ සමග වූ සේක; යොහන් 1:1 එසේම දෙවියන් වහන්සේ සමග පමණක් නොව දෙවියන් වහන්සේ තුළද වූ සේක; මන්ද උන් වහන්සේ මෙසේ කියන සේක: මා පියාණන්වහන්සේ තුළෙහිත් පියාණන්වහන්සේ මා තුළෙහිත් සිටින සේක. එහෙත් උන්වහන්සේ පියාණන් වහන්සේගෙන් නික්ම ගියත්, උන්වහන්සේ කිසිම ස්ථානයකින් ඉවත් වන්නේ නැත, එසේම වෙනත් ශරීරයකින් නික්ම යන ශරීරයක් මෙන් උන්වහන්සේ වෙන් වන්නේ නැත; උන්වහන්සේ පියාණන් වහන්සේ තුළ සිටින විට පවා, උන්වහන්සේ ශරීරයක් තවත් ශරීරයක් තුළ සිරවී ඇති බවක් නොපෙනේ. ශුද්ධාත්මයාණන් වහන්සේද, උන් වහන්සේ පියාණන් වහන්සේගෙන් සහ පුත්‍රයාණන් වහන්සේගෙන් නික්මෙන විට, පියාණන් වහන්සේගෙන් වෙන් වී නැත, එසේම පුත්‍රයාණන් වහන්සේගෙන්ද වෙන් වී නැත. මක්නිසාද යත්, පියාණන් වහන්සේගේ මුඛයේ ආත්මය වන උන් වහන්සේ පියාණන් වහන්සේගෙන් වෙන් වන්නේ කෙසේද? එය නිසැකවම උන් වහන්සේගේ සදාකාලිකත්වය පිළිබඳ සාක්ෂියක් වන අතර, එයින් මෙම දේවත්වයේ එකමුතුකම ප්‍රකාශ කෙරෙයි.

121. එසේ නම්, උන් වහන්සේ පවතින සේක, එසේම සැමවිටම එක්ව වැඩවසන සේක. උන්වහන්සේ දෙවියන් වහන්සේගේ මුඛයේ ආත්මය වන සේක. එහෙත් අප උන් වහන්සේ පිළිගන්නා විට උන් වහන්සේ අප තුළ වැඩවාසය කරන පිණිස, අප උන් වහන්සේගේ කරුණා අනුග්‍රහයට ආගන්තුක නොවන පිණිස, උන් වහන්සේ පහළට බැස එන බවක් පෙනෙන්නට ඇත. අපට උන් වහන්සේ බැස එන බව පෙනේ, එහෙත් උන් වහන්සේ බැස එන්නේ නැත. එසේ වූවත් අපගේ මනස උන් වහන්සේ වෙතට නැඟී යයි. අපි මේ වඩාත් සම්පූර්ණයෙන් පෙර නිබන්ධනයේ කතා කර ඇත්තෙමු. එහිදී පියාණන් වහන්සේ මෙලෙස පැවසූ බව සඳහන් කර තිබූ බව අපට මතක ඇත: යමු, අපි බැස ඔවුන්ට එකිනෙකාගේ කථාව නොතේරෙන ලෙස එහි ඔවුන්ගේ භාෂාව අවුල්කරමුයයි කීසේක. උත්පත්ති 11:7 එසේම පුත්‍රයාණන් වහන්සේ මෙසේ පැවසූ සේක: යමෙක් මට ප්‍රේමකරන්නේ නම්, ඔහු මාගේ වචනය රක්ෂාකරන්නේය. මාගේ පියාණන්වහන්සේද ඔහුට ප්‍රේමකරනසේක, අපි ඔහු ළඟට ඇවිත් ඔහු සමඟ වාසය කරමුව. යොහන් 14:23

122. එසේ නම්, ආත්මයාණන් වහන්සේ පියාණන් වහන්සේ මෙන්ම පැමිණෙන සේක, මක්නිසාද පියාණන් වහන්සේ සිටින තැන පුත්‍රයාණන් වහන්සේද සිටින අතර, පුත්‍රයාණන් වහන්සේ සිටින තැන ශුද්ධාත්මයාණන් වහන්සේද සිටින සේක. එබැවින් ශුද්ධාත්මයාණන් වහන්සේ තනිවම වෙන්ව නොපැමිණෙන සේක. එහෙත් උන් වහන්සේ එක් තැනකින් තවත් තැනකට පැමිණෙන්නේ නැත. එසේ වූවත් උන් වහන්සේ මුදාගැනීමේ ආරක්ෂාව සඳහා අනුපිළිවෙළෙහි පිහිටීමෙන්, ශුද්ධකම සඳහා ජීවිතය ලබා දීමේ කරුණා අනුග්‍රහයෙන්, අප පොළොවෙන් ස්වර්ගයට, දුක්ඛිතභාවයෙන් මහිමයට, වහල්භාවයෙන් රාජ්‍යයකට පරිවර්තනය කිරීමට පැමිණෙන සේක.

123. පියාණන් වහන්සේ පැමිණෙන ආකාරයටම ආත්මයාණන් වහන්සේද පැමිණෙන සේක. මක්නිසාද පුත්‍රයාණන් වහන්සේ මෙසේ කී සේක: මම සහ පියාණන් වහන්සේ (අපි) ඔහු ළඟට ඇවිත් ඔහු සමඟ වාසය කරමුව. යොහන් 14:23 පියාණන් වහන්සේ ශාරීරික ආකාරයෙන් පැමිණෙන සේක්ද? එසේ නම්, මේ අනුව, ආත්මයාණන් වහන්සේ පැමිණෙන විට, පියාණන් වහන්සේගේ සහ පුත්‍රයාණන් වහන්සේගේ පූර්ණ අබිමුඛය උන් වහන්සේ තුළ පවතී.

124. එහෙත් පියාණන් වහන්සේගෙන් සහ පුත්‍රයාණන් වහන්සේගෙන් ආත්මයාණන් වහන්සේ වෙන් කළ හැක්කේ කාටද? මන්ද අපට ආත්මයාණන් නොමැතිව පියාණන් වහන්සේ සහ පුත්‍රයාණන් වහන්සේ නම් කිරීමට පවා නොහැකි බැවිනි. ශුද්ධාත්මයාණන්වහන්සේ කරණකොටගෙන මිස: යේසුස්වහන්සේ ස්වාමීන්වහන්සේයයි කියන්ට කිසිවෙකුට නුපුළුවන. 1 කොරින්ති 12:3 එසේ නම්, අපට ශුද්ධාත්මයාණන් වහන්සේ තුළ මිස යේසුස් වහන්සේ ස්වාමින් වහන්සේ ලෙස හැඳින්විය නොහැකි නම්, අපට නිසැකවම ආත්මයාණන් නොමැතිව උන් වහන්සේ ප්‍රකාශ කිරීමද කළ නොහැකිය. එහෙත් දේවදූතයන්ද යේසුස් වහන්සේ ස්වාමින් වහන්සේ ලෙස ප්‍රකාශ කරන්නේ නම්, ආත්මයාණන් තුළ මිස කිසිවෙකුට එසේ ප්‍රකාශ කළ නොහැකි නම්, ඔවුන් තුළද ශුද්ධාත්මයාණන් වහන්සේගේ කාර්යය ක්‍රියාත්මක වන්නේය.

125. එසේ නම්, පියාණන් වහන්සේගේ, පුත්‍රයාණන් වහන්සේගේ සහ ශුද්ධාත්මයාණන් වහන්සේගේ අබිමුඛය සහ කරුණා අනුග්‍රහය එකක්ම බව අපි ඔප්පු කර ඇත්තෙමු. එය එතරම්ම ස්වර්ගීය හා දිව්‍යමය බැවින් පුත්‍රයාණන් වහන්සේ පියාණන් වහන්සේ හට මෙසේ පවසමින් ස්තුති කරන සේක: ස්වර්ගයටත් පොළොවටත් ස්වාමිවූ පියාණෙනි, ඔබවහන්සේ ප්‍රඥාවන්තයන්ගෙන්ද තේරුම් ඇත්තන්ගෙන්ද මේ කාරණා සඟවා ළදරුවන්ට එළිදරව්කළ බැවින් ඔබට ස්තුතිකරමි. මතෙව් 11:25.

12 වන පරිච්ඡේදය.

පියාණන් වහන්සේ වහන්සේගේ, පුත්‍රයාණන් වහන්සේගේ සහ ශුද්ධාත්මයාණන් වහන්සේගේ සාමය සහ කරුණා අනුග්‍රහය එකකි, එසේම ඔවුන්ගේ ප්‍රේමයද එකකි, එය ප්‍රධාන වශයෙන් මිනිසා මුදා ගැනීමේදී පෙන්නුම් විය. මිනිසා සමග ඔවුන්ගේ සහයෝගීතාවයද එකකි.

126. එබැවින් කැඳවීම එකක් බැවින්, කරුණා අනුග්‍රහයද එකකි. අවසාන වශයෙන්, එහි මෙසේ ලියා ඇත: අපගේ පියවූ දෙවියන්වහන්සේගෙන්ද ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගෙන්ද අනුග්‍රහයත් සමාදානයත් නුඹලාට වේවා. රෝම 1:4 එසේ නම්, පියාණන් වහන්සේගේ සහ පුත්‍රයාණන් වහන්සේගේ කරුණා අනුග්‍රහය එකම බවත්, පියාණන් වහන්සේගේ සහ පුත්‍රයාණන් වහන්සේගේ සාමය එකම බවත් අපට පවසා ඇති බව ඔබට පෙනේ, එහෙත් අපොස්තුළු තුමාම අපට ඉගැන්වූ පරිදි, මෙම කරුණා අනුග්‍රහය සහ සාමය ආත්මයාණන් වහන්සේගේ ඵලය බව මෙසේ දක්වා ඇත: නුමුත් ආත්මයාණන්වහන්සේගේ ඵල නම්-ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, ඉවසිලිවන්තකමයි. ගලාති 5:22 එසේම සාමය යහපත් මෙන්ම අවශ්‍ය දෙයක් වන්නේ කිසිවෙකුත් සැක සහිත ආරවුල්වලින් කරදර නොවී, ශාරීරික ආශාවන්ගේ කුණාටුවෙන් නොසැලී සිටීම පිණිසය. එහෙත් උන් වහන්සේගේ සෙනෙහස දෙවියන් වහන්සේගේ නමස්කාරය සඳහා නිහඬව, ඇදහිල්ලේ සරල බව සහ මනසේ සන්සුන්කම සමග රැඳී සිටීම පිණිස පවතිනු ඇත.

127. සාමය සම්බන්ධයෙන් අපි මෙම කාරණය ඔප්පු කර ඇත්තෙමු; එහෙත් කරුණා අනුග්‍රහය සම්බන්ධයෙන් අනාගතවක්තෘ සෙකරියා පවසන්නේ, දෙවියන් වහන්සේ යෙරුසලම මත කරුණා අනුග්‍රහය සහ දයාවේ ආත්මය වත් කිරීමට පොරොන්දු වූ බවයි. සෙකරියා 12:10 එමෙන්ම ප්‍රේරිත පේදුරුමෙසේ පවසයි: නුඹලා සියල්ලෝම පසුතැවිලිව, පව්කමාව පිණිස යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් බව්තීස්මය ලබන්න; එවිට ශුද්ධාත්ම දීමනාව නුඹලා ලබන්නහුය. ක්‍රියා 2:38 එබැවින් පියාණන් වහන්සේගෙන් සහ පුත්‍රයාණන් වහන්සේගෙන් මෙන්ම ශුද්ධාත්මයාණන් වහන්සේගෙන්ද කරුණා අනුග්‍රහය පැමිණෙන්නේය.මක්නිසාද සියලු දිව්‍යමය කරුණා අනුග්‍රහය ආත්මයාණන් තුළ පවතින බැවින්, ආත්මයාණන් වහන්සේ නොමැතිව කරුණා අනුග්‍රහය පවතින්නේ කෙසේද ?

128. පියාණන් වහන්සේගේ, පුත්‍රයාණන් වහන්සේගේ සහ ශුද්ධාත්මයාණන් වහන්සේගේ සාමය සහ කරුණා අනුග්‍රහය ගැන පමණක් නොව, විශ්වාසවන්ත අධිරාජ්‍යයා වන ප්‍රේමය සහ සහයෝගීතාවය ගැනද අපි කියවන්නෙමු. මක්නිසාද ප්‍රේමය ගැන මෙසේ පවසා ඇත: ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කරුණාවද දෙවියන්වහන්සේගේ ප්‍රේමයද නුඹලා සියල්ලන් හා සමඟ වේවා. 2 කොරින්ති 13:14 පියාණන් වහන්සේගේ ප්‍රේමය ගැන අපි අසා ඇත්තෙමු. පියාණන් වහන්සේගේ එම ප්‍රේමය පුත්‍රයාණන් වහන්සේගේද ප්‍රේමය වන්නේය. මක්නිසාද උන් වහන්සේම මෙසේ වදාළ සේක: මට ප්‍රේමකරන්නා මාගේ පියාණන් විසින් ප්‍රේමකරනු ලබන්නේය, මමද ඔහුට ප්‍රේමකොට ඔහුට ප්‍රකාශවන්නෙමි. යොහන් 14:21 පුත්‍රයාණන් වහන්සේගේ ප්‍රේමය යනු, ක්‍රිස්තුස්වහන්සේ අපට ප්‍රේමකොට, මිහිරි සුවඳක් පිණිස දෙවියන්වහන්සේට පූජාවක්ද යාගයක්ද කොට අප වෙනුවට තමන්ම පාවා දීම හැරුණුකොට අන් කිසිවක් නොවේ. එපීස 5:2 එහෙත් පියාණන් වහන්සේ තුළද එම ප්‍රේමයම ඇත, මන්ද එහි මෙසේ ලියා ඇත: මක්නිසාද දෙවියන්වහන්සේ පුත්‍රයාණන් ලෝකයට එවුවේ ලෝකයා විනිශ්චය කරන පිණිස නොව ලෝකයා උන්වහන්සේ කරණකොටගෙන ගළවනු ලබන පිණිසය. යොහන් 3:16

129. එසේ නම්, පියාණන් වහන්සේ පුත්‍රයාණන් වහන්සේ දුන් සේක, පුත්‍රයාණන් වහන්සේ තමන් වහන්සේම දුන් සේක. ප්‍රේමය ආරක්ෂා වන අතර එයට සුදුසු සෙනෙහසට වරදක් සිදු නොවේ. මක්නිසාද අත්හැරීමේදී දුකක් නොමැති තැන සෙනෙහසට වරදක් සිදු නොවන්නේය. උන්වහන්සේ නිදහසේ කැමැත්ත දුන් කෙනෙකු දුන් සේක, කැමැත්තෙන්ම තමන්ම පාවා දුන් කෙනෙකු දුන් සේක; පියාණන් වහන්සේ පුත්‍රයාණන් වහන්සේ දුන්නේ දඬුවම සඳහා නොව, කරුණා අනුග්‍රහය සඳහාය. ඔබ ක්‍රියාවේ කුසලතාව විමසන්නේ නම්, සෙනෙහස පිළිබඳ විස්තරය විමසන්න. තෝරා ගැනීමේ භාජනය මෙම දිව්‍යමය ප්‍රේමයේ එකමුතුකම පැහැදිලිව පෙන්නුම් කරන්නේය. මන්ද පියාණන් වහන්සේ පුත්‍රයාණන් වහන්සේ දුන් අතර, පුත්‍රයාණන් වහන්සේ තමන් වහන්සේම දුන් සේක. පියාණන් වහන්සේ තම පුත්‍රයාණන් වහන්සේ ඉතිරි කර නොගෙන දුන් සේක, එසේ උන් වහන්සේ අප සියල්ලන් වෙනුවෙන් උන් වහන්සේම පාවා දුන් සේක. රෝම 8:32 පුත්‍රයාණන් වහන්සේ ගැනද ඔහු මෙසේද කියයි: මා උදෙසා තමන්ම පාවාදුන්නාවූ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්වහන්සේ ගලාති 2:20 තමන්ම පාවාදුන්නාවූ යනුවෙන් ඔහු පවසයි. එය කරුණා අනුග්‍රහය පිළිබඳ කාරණයක් නම්, මා පැමිණිලි කළ යුත්තේ ඇයි? උන් වහන්සේ අයුක්තිය විඳ දරාගත් සේක් නම්, මම ඊටත් වඩා ණයගැති අයෙක්මි.

130. පියාණන් වහන්සේ පුත්‍රයාණන් වහන්සේ දුන් ආකාරයටම, පුත්‍රයාණන් වහන්සේ තමන් වහන්සේම පාවා දුන් ආකාරයටම, ශුද්ධාත්මයාණන් වහන්සේද උන් වහන්සේ දුන් බව දැනගන්න. මක්නිසාද යත් එහි මෙසේ ලියා ඇත: යක්ෂයා විසින් පරීක්ෂාවට ලක් කරනු ලබන පිණිස යේසුස් වහන්සේ ආත්මයාණන් විසින් පාළුකරයට ගෙන යන ලදී. එහිදීද, ප්‍රේමණීය ආත්මයාණන් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වහන්සේ දුන් සේක. මක්නිසාද පියාණන් වහන්සේගේ සහ පුත්‍රයාණන් වහන්සේගේ ප්‍රේමය එකම බැවින්, දෙවියන් වහන්සේගේ මෙම ප්‍රේමය ශුද්ධාත්මයාණන් වහන්සේ විසින් වගුරුවනු ලබන බවත්, එය ශුද්ධාත්මයාණන් වහන්සේගේ ඵලයක් බවත් අපි පෙන්වා දී ඇත්තෙමු. නුමුත් ආත්මයාණන් වහන්සේගේ ඵල නම්-ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, ඉවසිලිවන්තකමයි. ගලාති 5:22

131. පියාණන් වහන්සේ සහ පුත්‍රයාණන් වහන්සේ අතර සහයෝගීතාවයක් ඇති බව පැහැදිලිය. මන්ද එහි මෙසේ ලියා ඇත: එසේය, අපේ පංගුකාරකම පියාණන්වහන්සේද ස්වකීය පුත්‍රවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේද සමඟය. 1 යොහන් 1:3 තවත් තැනක මෙසේ දැක්වේ: ශුද්ධාත්මයාණන්වහන්සේගේ සහභාගිකමද නුඹලා සියල්ලන් හා සමඟ වේවා. 2 කොරින්ති 13:14 එසේ නම්, පියාණන් වහන්සේගෙත්, පුත්‍රයාණන් වහන්සේගෙත්, ශුද්ධාත්මයාණන් වහන්සේගෙත් සමාදානය එකක් නම්, කරුණා අනුග්‍රහයද එකකි, ප්‍රේමයද එකකි, පංගුකාරකමද සහයෝගීතාවය එකකි. එසේම ක්‍රියා කිරීම නියත වශයෙන්ම එකකි, ක්‍රියා කිරීම එකක් නම්, නියත වශයෙන්ම බලය බෙදිය නොහැකකිය, ස්වභාවයද බෙදා වෙන් කළ නොහැකිය. මක්නිසාද යත්, එසේ වූ විට එකම ක්‍රියා කිරීමේ කරුණා අනුග්‍රහය එකඟ වන්නේ කෙසේද?

13 වන පරිච්ඡේදය.

දිව්‍යමය පුද්ගලයන් තිදෙනාගේ නාමය එකක් බවත්, පළමුව පුත්‍රයාණන් වහන්සේගේ සහ ශුද්ධාත්මයාණන් වහන්සේගේ නාමයේ එකමුතුව ඇති බවත්, ඒ කෙතරම්ද යත්, එක්නෙකා පරාක්ලීට් (සැනසිලිදායකයාණන්) සහ සත්‍යය ලෙස හඳුන්වනු ලබන බවත් ශුද්ධ වූ ඇම්බ්‍රෝස් ශුද්ධලියවිල්ලෙන් පෙන්වා දෙන්නේය.

132. එසේ නම්, ක්‍රියා කිරීමේ ඒකීයභාවය දකින විට, එම නාමයේ ඒකීයභාවය ප්‍රතික්ෂේප කිරීමට එඩිතර වන්නේ කවුරුන්ද? එහෙත් පියාණන් වහන්සේගේ, පුත්‍රයාණන් වහන්සේගේ සහ ශුද්ධාත්මයාණන් වහන්සේගේ නාමය එක බව ප්‍රකාශ කරන දෙවියන් වහන්සේගේම හඬෙහි පැහැදිලි සාක්ෂියක් තිබියදී, තර්කනය තුළින් නාමයේ ඒකීයභාවය මා ආරක්ෂා කළ යුත්තේ කුමන හේතුවක් නිසාද? මක්නිසාද යත් මෙසේ ලියා ඇත: නුඹලා ගොස්, සියලු ජාතීන් ගෝලයන් කරන්න, පියාණන්ගෙත් පුත්‍රයාණන්ගෙත් ශුද්ධාත්මයාණන්ගෙත් නාමයට ඔවුන් බව්තීස්මකරන්න. මතෙව් 28:19 උන් වහන්සේ මෙහිදී පැවසුවේ, නාමයෙන් යනුවෙන් මිස නම්වලින් යනුවෙන් නොවේය. එසේ නම්, පියාණන් වහන්සේගේ නාමය එකක්, පුත්‍රයාණන් වහන්සේගේ නාමය තවත් එකක් සහ ශුද්ධාත්මයාණන් වහන්සේගේ නාමය තවත් එකක් නොවේය. මන්ද දෙවියන් වහන්සේ එක්කෙනෙකු වන බැවිනි. නම් එකකට වඩා ඇත්තේ නැත. මන්ද දෙවියන් වහන්සේලා දෙදෙනෙකු හෝ දෙවියන් වහන්සේලා තිදෙනෙකු ඇත්තේ නැති බැවිනි.

132. පියාණන් වහන්සේගේ, පුත්‍රයාණන් වහන්සේගේ සහ ශුද්ධාත්මයාණන් වහන්සේගේ නාමය එකක් බවත්, පුත්‍රයාණන් වහන්සේ එක් නාමයක් සහ ශුද්ධාත්මයාණන් වහන්සේ තවත් නාමයක් දරා නොපැමිණි නිසාත්, දේවත්වය එකම බවත්, පරමාධිපති මහිමය එකම බවත් ප්‍රකාශ කිරීම සඳහා ස්වාමින් වහන්සේම මෙලෙස පැවසූ සේක: මම මාගේ පියාණන්වහන්සේගේ නාමයෙන් ඇවිත් සිටිමි, නුමුත් නුඹලා මා පිළිගන්නේ නැත. වෙන කෙනෙක් තමාගේම නාමයෙන් එන්නේ නම්, නුඹලා ඔහු පිළිගන්නවා ඇත. යොහන් 5:43

133. පියාණන් වහන්සේගේ නාමය පුත්‍රයාණන් වහන්සේගේ නාමයම බව ශුද්ධලියවිල්ලෙන් පැහැදිලි වේ. මන්ද ස්වාමින් වහන්සේ නික්මයාම පොතේ මෙසේ පැවසූ සේක: මම මාගේ සියලු ගුණවත්කම ඔබ ඉදිරිපිටින් යන්ට සලස්වා ස්වාමීන් වහන්සේගේ නාමය ඔබ ඉදිරිපිට ප්‍රකාශකරන්නෙමි; නික්මයාම 33:19 එබැවින්, ස්වාමීන් වහන්සේගේ නාමය ඔබ ඉදිරිපිට ප්‍රකාශකරන්නෙමි, යයි උන් වහන්සේ පැවසූ සේක. එසේ නම්, ස්වාමින් වහන්සේ යනු පියාණන් වහන්සේගේ සහ පුත්‍රයාණන් වහන්සේගේ නාමය වේ.

134. එහෙත් පියාණන් වහන්සේගේ සහ පුත්‍රයාණන් වහන්සේගේ නාමය එකම වන බැවින්, ශුද්ධාත්මයාණන් වහන්සේගේ නාමයද එයම බව දැනගන්න, මන්ද ශුද්ධාත්මයාණන් වහන්සේ වහන්සේ පුත්‍රයාණන් වහන්සේගේ නාමයෙන් පැමිණි බැවිනි. ඒ ගැන මෙසේ ලියා ඇත: නුමුත් මාගේ නාමයෙන් පියාණන්වහන්සේ එවන සැනසිලිකාරයාණන්වහන්සේ, එනම් ශුද්ධාත්මයාණන්වහන්සේ, නුඹලාට සියල්ල උගන්වමින්, මා විසින් නුඹලාට කියනලද සියල්ල නුඹලාට සිහිකරවනසේක. යොහන් 14:26 එහෙත් පුත්‍රයාණන් වහන්සේගේ නාමයෙන් පැමිණි තැනැන් වහන්සේ නිසැකවම පියාණන් වහන්සේගේ නාමයෙන් පැමිණි සේක, මන්ද පියාණන් වහන්සේගේ සහ පුත්‍රයාණන් වහන්සේගේ නාමය එකකි. මේ අනුව, පියාණන් වහන්සේගේ සහ පුත්‍රයාණන් වහන්සේගේ නාමය ශුද්ධාත්මයාණන් වහන්සේගේද නාමය වන්නේය. මක්නිසාද අපේ ගැළවීමට අවශ්‍යවූ, මනුෂ්‍යයන් අතරේ දෙනලද වෙන කිසි නාමයක් ස්වර්ගයෙන් යට නැත්තේය. ක්‍රියා 4:12

135-154 දක්වා නැත (as in the original)

155. ඒ සමගම උන් වහන්සේ පෙන්වා දුන්නේ දිව්‍යමය නාමයේ වෙනස නොව, එහි ඒකත්වය ඉගැන්විය යුතු බවය. මක්නිසාද ක්‍රිස්තුස් වහන්සේ නාමයේ ඒකත්වයෙන් පැමිණි සේක. එහෙත්, අන්ත ක්‍රිස්තුස් ඔහුගේම නාමයෙන් පැමිණෙනු ඇත. මන්ද එහි මෙලෙස ලියා ඇත: මම මාගේ පියාණන්වහන්සේගේ නාමයෙන් ඇවිත් සිටිමි, නුමුත් නුඹලා මා පිළිගන්නේ නැත. වෙන කෙනෙක් තමාගේම නාමයෙන් එන්නේ නම්, නුඹලා ඔහු පිළිගන්නවා ඇත. යොහන් 5:43

156. පියාණන් වහන්සේ , පුත්‍රයාණන් වහන්සේ සහ ශුද්ධාත්මයාණන් වහන්සේ අතර නාමයේ වෙනසක් නොමැති බවත්; පියාණන් වහන්සේගේ නාමය පුත්‍රයාණන් වහන්සේගේ නාමය බවත්, ඒ හා සමානව පුත්‍රයාණන් වහන්සේගේ නාමය ශුද්ධාත්මයාණන් වහන්සේගේ නාමය බවත්, පුත්‍රයාණන් වහන්සේ ශුද්ධාත්මයාණන් වහන්සේ ලෙසද හඳුන්වන අතර, පුත්‍රයාණන් වහන්සේද ශුද්ධාත්මයාණන් වහන්සේ මෙන්ම පරාක්ලීටස් (සැනසිලිදායකයාණන්) ලෙස හැඳින්වෙන බවත් අපට දැන් පැහැදිලිය. එබැවින් ශුභාරංචියේ ස්වාමින් වන යේසුස් වහන්සේ මෙසේ වදාරන සේක: මම පියාණන්වහන්සේගෙන් ඉල්ලන්නෙමි, එවිට උන්වහන්සේ නුඹලා සමඟ සදාකල්ම සිටින පිණිස වෙන සැනසිලිකාරයෙකු නුඹලාට දෙනසේක. යොහන් 14:16 තවද ඔහු තවත් දෙයක් පැහැදිලිව කීවේය. එනම් පුත්‍රයාණන් වහන්සේද ආත්මයාණන් වහන්සේ බව ඔබ නොසිතිය යුතුය. මන්ද ඒකත්වය නාමය සම්බන්ධයෙන් වන අතර පුත්‍රයාණන් වහන්සේ සහ ආත්මයාණන් වහන්සේ පිළිබඳ සෙබෙලිනේවාදී ව්‍යාකූලත්වයක් නොවේය.

157. එබැවින්, පුත්‍රයාණන් වහන්සේ එක් සැනසිලිදායකයෙකි. ශුද්ධාත්මයාණන් වහන්සේ තවත් සැනසිලිදායකයෙකි. මක්නිසාද ඔබට පෙනෙන පරිදි යොහන් පුත්‍රයාණන් වහන්සේ සැනසිලිදායකයෙකු ලෙස හැඳින්වූයේය: යමෙක් පව්කළොත් ධර්මිෂ්ඨවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වන මැදහත්කාරයෙක් [උපදේශකයෙකු] පියාණන්වහන්සේ වෙත අපට සිටිනසේක. 1 යොහන් 2:1 එබැවින් නාමයේ ඒකත්වයක් ඇති ආකාරයටම, බලයේ ඒකත්වයක්ද ඇත්තේය, මක්නිසාද සැනසිලිදායක ආත්මයාණන් ඇති තැන, පුත්‍රයාණන් වහන්සේද සිටින සේක.

158. මක්නිසාද ස්වාමින් වහන්සේ මෙම ස්ථානයේ ආත්මයාණන් වහන්සේ ඇදහිලිවන්තයන් සමග සදහටම සිටින බව පවසන ආකාරයට, වෙනත් තැනක උන් වහන්සේම ප්‍රේරිතයන් සමග සදහටම සිටින බව පෙන්වා දෙමින් මෙසේ පවසන සේක: මමද ලෝකාන්තිමය දක්වා සෑම කල්හිම නුඹලා සමඟ සිටිමියි කීසේක. මතෙව් 28:20 එබැවින් පුත්‍රයාණන් වහන්සේ සහ ආත්මයාණන් වහන්සේ එක්කෙනෙකි, ත්‍රිත්වයේ නාමය එකකි, එසේම අබිමුඛය එකක් වන අතර, එය නොබෙදිය හැකිය.

159. එහෙත් පුත්‍රයාණන් වහන්සේ සැනසිලිදායකයාණන් ලෙස හඳුන්වන බව අප පෙන්වන ආකාරයටම, ආත්මයාණන් වහන්සේ සත්‍යය ලෙස හඳුන්වන බවද අපි පෙන්වමු. ක්‍රිස්තුස් වහන්සේ සත්‍යයයි, ආත්මයාණන් වහන්සේ සත්‍යයයි, මන්ද ඔබට යොහන්ගේ ලිපියෙන් එය දැනගත හැකිය: මක්නිසාද ආත්මයාණන්වහන්සේ සත්‍යතාවය. 1 යොහන් 5:7 එසේ නම්, ආත්මයාණන් වහන්සේ සත්‍යතාව‍ෙයේ ආත්යොණන් ලෙස හඳුන්වනවා පමණක් නොව, පුත්‍රයාණන් වහන්සේ සත්‍යය ලෙස ප්‍රකාශ කර ඇති පරිදි, උන් වහන්සේ සත්‍යයද වන සේක. පුත්‍රයාණන් වහන්සේ මෙසේ කියනසේක: මාර්ගයද සැබෑවද ජීවනයද මමය. යොහන් 14:6

14 වන පරිච්ඡේදය.

ශුද්ධලියවිලිවල, ත්‍රිත්වයේ සෑම පුද්ගලයෙකුම ආලෝකය ලෙස විස්තර කර ඇත. යෙසායා විසින් ආත්මයාණන් ගින්න ලෙස හඳුන්වනු ලැබේ, එය මෝසෙස් විසින් දුටු දැවෙන පඳුරෙහි, බෙදී ගිය ගිනිදැල්වල සහ ගිඩියොන්ගේ භාජන තුළ ඇති පන්දම්වල දිස්වන එම ගින්නෙහි රූපයකි. තවද එකම ආත්මයාණන් වහන්සේගේ දේවත්වය ප්‍රතික්ෂේප කළ නොහැකිය, මන්ද උන් වහන්සේගේ ක්‍රියාකාරීත්වය පියාණන් වහන්සේගේ සහ පුත්‍රයාණන් වහන්සේගේ ක්‍රියාකාරීත්වයට සමාන වන අතරම, උන් වහන්සේ ස්වාමීන්වහන්සේගේ මුහුණෙහි ආලෝකය සහ ගින්න ලෙසද හඳුන්වා ඇත.

160. එහෙත් පියාණන් වහන්සේ ආලෝකය වන සේම, පුත්‍රයාණන් වහන්සේද ආලෝකය බවත්, ශුද්ධාත්මයාණන් වහන්සේ ආලෝකය බවත් මා තර්ක කළ යුත්තේ ඇයි? එය නිසැකවම දෙවියන් වහන්සේගේ බලයට අදාළ වන්නකි. මක්නිසාද දෙවියන් වහන්සේ ආලෝකයය, යොහන් පැවසූ පරිදි එය මෙසේය: දෙවියන්වහන්සේ ආලෝකයය. උන්වහන්සේ තුළ කිසිම අන්ධකාරයක් නැත. 1 යොහන් 1:5

161. එහෙත් පුත්‍රයාණන් වහන්සේද ආලෝකය වන සේක, ඒ ජීවනය මනුෂ්‍යයන්ගේ ආලෝකය වූයේය. යොහන් 1:4 තවද, දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වහන්සේ ගැන එහි කතා කළ බව පෙන්වීම පිණිස, එවැන්ජලිස්තවරයා යොහන් බව්තීස්ත ගැන මෙසේ පවසයි: ඔහු ඒ ආලෝකය නොව ඒ ආලෝකය ගැන සාක්ෂිදෙන පිණිස ආ තැනැත්තේය. ලෝකයට එන්නාවූ සියලු මනුෂ්‍යයන් ආලෝක කරන්නාවූ ආලෝකය සත්‍යවූ ආලෝකයය. යොහන් 1:8-9 එසේ නම්, දෙවියන් වහන්සේ ආලෝකය වන අතර දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වහන්සේ සැබෑ ආලෝකය බැවින්, නිසැකවම දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වහන්සේ සැබෑ දෙවියන් වහන්සේ වන සේක.

162. දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වහන්සේ ආලෝකය බව ඔබට වෙනත් තැනක දැකගත හැකිය: අන්ධකාරයෙහි ඇවිද්දාවූ සෙනඟ මහත් ආලෝකයක් දුටුවෝය. මරණ සෙවණ ඇති දේශයෙහි විසූ අය කෙරෙහි එළියක් බැබළුණේය යෙසායා 9:2 එහෙත්, මෙසේ සඳහන් වන විට එය වඩාත් පැහැදිලිය: මක්නිසාද ජීවනයේ උල්පත ඔබ සමඟය. ඔබගේ එළියෙන් අපි එළිය දක්නෙමුව. එයින් අදහස් වන්නේ සර්වබලධාරී පියාණන් වහන්සේ වන දෙවියන් වහන්සේ සමග, ජීවනයේ උල්පත වන ඔබ වහන්සේ සමග, ආලෝකය වන ඔබ වහන්සේගේ පුත්‍රයාණන් වහන්සේ තුළ, අපි ශුද්ධාත්මයාණන් වහන්සේගේ ආලෝකය දකින්නෙමු. ස්වාමින් වහන්සේම මෙසේ පවසමින් එය පෙන්වන සේක: ශුද්ධාත්මයාණන් පිළිගන්න. යොහන් 20:22 එසේම තවත් ස්ථානයක මෙසේදැක්වේ: උන්වහන්සේගෙන් ආනුභාවය නික්ම ගියේය. ලූක් 6:19

163. එහෙත් උන්වහන්සේගේ පුත්‍රයා සදාකාලික ආලෝකයේ දීප්තිය බව අප කියවන විට, පියාණන් වහන්සේ ආලෝකය බව කාට සැක කළ හැකිද? මක්නිසාද යත්, පියාණන් වහන්සේගෙන් නොවේ නම්, පුත්‍රයාණන් වහන්සේ පැමිණෙන්නේ කාගෙන්ද? උන්වහන්සේ සදාකාලිකවම පියාණන් වහන්සේ සමඟ සිටින අතර නිරන්තරයෙන් ආලෝකය ලබා දෙන සේක. එසේම උන් වහන්සේ වෙනස් තේජසකින් නොව එකම තේජසින් බබළන සේක.

164. තවද යෙසායා ශුද්ධාත්මයාණන් වහන්සේ ආලෝකය පමණක් නොව ගින්නක්ද බව පෙන්වා දෙමින් මෙසේ පවසයි: ඉශ්‍රායෙල්වරුන්ගේ ආලෝකය ගින්නක් පිණිසද ඔවුන්ගේ ශුද්ධ තැනන්වහන්සේ ගිනි දළුවක් පිණිසද වන්නේය. යෙසායා 10:17 එබැවින් අනාගතවක්තෘවරු උන් වහන්සේව දැවෙන ගින්නක් ලෙස හැඳින්වූහ, මන්ද එම කරුණු තුනෙහි අපි දේවත්වයේ මහිමය වඩාත් තීව්‍ර ලෙස දකින්නෙමු; මක්නිසාද ශුද්ධ කිරීම දිව්‍යමය ස්වභාවයට අයත් වේ, ආලෝකය ලබා දීම ගින්නේ සහ ආලෝකයේ ලක්ෂණයකි, එසේම දේවත්වය ගින්නේ ස්වරූපයෙන් එළිදරව් වීමට හෝ ප්‍රකාශ වීමට පුරුදු වී ඇත: මක්නිසාද මෝසෙස් පැවසූ පරිදි, ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ විනාශකරන ගින්නකි. ද්විතීය කථාව 4:24

165. මක්නිසාද යත්, මෝසෙස් පඳුරෙහි ගින්න දුටු අතර, ගිනි දැල්ලෙන් හඬ ඔහු වෙත පැමිණි විට ඔහුට දෙවියන් වහන්සේගේ හඬ මෙසේ පවසනු ඇසුණු බැවිනි: මම ඔබේ පියාගේ දෙවියන්වහන්සේය, ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේය, ඊසාක්ගේ දෙවියන්වහන්සේය, යාකොබ්ගේ දෙවියන්වහන්සේයයි කීසේක. නික්මයාම 3:6 ගින්නෙන් හඬ නැඟුණු අතර, පඳුරෙහි හඬක් ඇති විය. එසේම එම ගින්නෙන් කිසිදු හානියක් සිදු නොවීය. මක්නිසාද පඳුර දැවෙමින් පැවතුණි, එහෙත් එය දැවී ගියේ නැත, මන්ද එම අබිරහස තුළ ස්වාමින් වහන්සේ අපගේ ශරීරයේ කටු ආලෝකවත් කිරීමට පැමිණෙන බවත්, දුක්ඛිත තත්වයේ සිටින අය විනාශ කිරීමට නොව, ඔවුන්ගේ දුක්ඛිත තත්වය සමනය කිරීමට පැමිණෙන බවත් පෙන්වමින් සිටි සේක. ශුද්ධාත්මයාණන්ගෙන් සහ ගින්නෙන් බව්තීස්ම කරනු ලබන්නේ උන් වහන්සේ කරුණා අනුග්‍රහය ලබා දී පාපය විනාශ කරන පිණිසය. මතෙව් 3:11 එබැවින් ගින්නේ සංකේතයෙන් දෙවියන් වහන්සේ තම අභිප්‍රාය තබා ගන්නා සේක.

166. අපෝස්තුළුවරුන්ගේ ක්‍රියා පොතෙහිද, ශුද්ධාත්මයාණන් වහන්සේ ඇදහිලිවන්තයන් කෙරෙහි පහළ වූ විට, ගින්නේ පෙනුම දක්නට ලැබුණි, මන්ද ඔබ මෙසේ කියවා ඇත: තද හුළඟක් හමන්නාක්මෙන් ශබ්දයක් අහසෙන් හදිසියෙන් පැමිණ, එයින් ඔවුන් හිඳගෙන උන්නාවූ මුළු ගෙය පිරුණේය. ගිනි වැනිවූ දිව් බෙදී යනවා ඔවුන්ට පෙනුණේය; එය ඔවුන් එක්එක්කෙනා කෙරෙහි පිහිටුණේය. ක්‍රියා 2:2-3

167. ගිඩියොන් මිදියන්වරුන් පරාජය කිරීමට ආසන්නව සිටියදී, උන් වහන්සේ මිනිසුන් තුන්සියයකට භාජන රැගෙන යාමටත්, භාජන තුළ දැල්වූ පන්දම් අල්ලාගෙන, දකුණු අතේ හොරණෑ අල්ලා ගැනීමටත් අණ කළේ එම හේතුවම නිසාය. අපගේ පූර්වගාමීන් අපෝස්තුළුවරුන්ගෙන් ලැබුණු පැහැදිලි කිරීම ආරක්ෂා කර ඇත, එසේ භාජන යනු මැටිවලින් නිර්මාණය කරන ලද අපගේ ශරීර බවත්, එය ආත්මයාණන්ගේ කරුණා අනුග්‍රහයේ තීව්‍රතාවයෙන් දැල්වෙන විට බිය අත්විඳින්නේ නැති අතර, හඬ පිළිබඳ නිර්භීත ප්‍රකාශයකින් ස්වාමීන් වන යේසුස් වහන්සේගේ දුක් විඳීමට සාක්ෂි දරයි.

168. එසේ නම්, ශුද්ධාත්මයාණන් වහන්සේගේ දේවත්වය ගැන කාට සැක කළ හැකිද? මන්ද ආත්මයාණන්ගේ කරුණා අනුග්‍රහය ඇති තැන, දේවත්වයේ ප්‍රකාශනය දිස්වේ. මෙම සාක්ෂියෙන් අප නිගමනය කරන්නේ වෙනසක් නොව දිව්‍යමය බලයේ ඒකීයභාවයයි. මක්නිසාද යත්, සියල්ලෙහිම ක්‍රියාකාරීත්වයේ ප්‍රතිඵලය එක හා සමාන වන විට, බලයේ වෙන්වීමක් සිදුවිය හැක්කේ කෙසේද?

169. එසේ නම්, ඒ ගින්න කුමක්ද? නිසැකවම සාමාන්‍ය අතුවලින් සෑදුණු එකක් හෝ වනාන්තරයේ බට දවන විට ගර්ජනා කරන ගින්නක් නොවේය, එහෙත් රත්තරන් මෙන් යහපත් ක්‍රියා වැඩිදියුණු කරන සහ පිදුරු මෙන් පව් විනාශ කරන ගින්නයි. මේ නිසැකවම ශුද්ධාත්මයාණන් වහන්සේ වන අතර, උන් වහන්සේ දෙවියන් වහන්සේගේ මුහුණේ ගින්න සහ ආලෝකය යන දෙකම ලෙස හඳුන්වනු ලැබේ. අප ඉහත කී පරිදි ආලෝකයයි: ස්වාමිනි, ඔබගේ මුහුණේ එළිය අප මත මුද්‍රා කර ඇත. එසේනම් මුද්‍රා තබන ලද ආලෝකය යනු ආත්මයාණන් වහන්සේගේ මුද්‍රාව මිස වෙන කුමක්ද? උන්වහන්සේ කෙරෙහි අදහාගෙන, අපේ උරුමයේ අත්තිකාරමවූ පොරොන්දුවේ ශුද්ධාත්මයාණන් වහන්සේගේන් නුඹලා උන්වහන්සේ තුළ මුද්‍රාකරනු ලැබුවහුය. එපීස 1:13-14

170. දෙවියන් වහන්සේගේ මුහුණෙන් ගින්නක් බබළයි, මන්ද එහි මෙසේය ලියා ඇත: උන් වහන්සේ ඉදිරියෙහි ගින්නක් දල්වනු ලැබේවා. මක්නිසාද විනිශ්චය දවසේ කරුණා අනුග්‍රහය කලින් බැබළෙන්නේය, එවිට ශුද්ධවන්තයන්ගේ දේවසේවයට විපාක දීම උදෙසා සමාව ලැබෙනු ඇත. මිනිස් බුද්ධියෙන් කිසිවෙකුට තේරුම් ගත නොහැකි ශුද්ධලියවිල්ලේ ශ්‍රේෂ්ඨ පූර්ණත්වය! දිව්‍යමය එකමුතුව පිළිබඳ ශ්‍රේෂ්ඨතම සාක්ෂිය! මන්ද මේ පද දෙකෙහි කොපමණ දේවල් පෙන්වා දී තිබේද!

15 වන පරිච්ඡේදය.

ශුද්ධාත්මයාණන් වහන්සේ පියාණන් වහන්සේ හා පුත්‍රයාණන් වහන්සේ සමග එක සමානව ජීවනය වන සේක. සත්‍ය වශයෙන්ම පියාණන් වහන්සේ ගැන සඳහන් කළත්, ජීවනයේ උල්පත උන් වහන්සේ සමග වූවත්, පුත්‍රයාණන් වහන්සේ සමග වූවත් පවතින එම උල්පත ශුද්ධාත්මයාණන් වහන්සේ හැරුණුකොට අන් කිසිවෙකු විය නොහැකිය.

171. පියාණන් වහන්සේ ආලෝකය බවත්, පුත්‍රයාණන් වහන්සේ ආලෝකය බවත්, ශුද්ධාත්මයාණන් වහන්සේ ආලෝකය බවත් අපි පවසා ඇත්තෙමු; දැන් පියාණන් වහන්සේ ජීවනය බවත්, පුත්‍රයාණන් වහන්සේ ජීවනය බවත්, ශුද්ධාත්මයාණන් වහන්සේ ජීවනය බවත් අපි ඉගෙන ගනිමු. මක්නිසාද යොහන් මෙසේ පැවසීය: පටන්ගැන්මේ සිට තිබුණාවූ, අප විසින් අසා තිබෙන්නාවූ, අපේ ඇස්වලින් දැක තිබෙන්නාවූ, අප විසින් බැලුවාවූ, අපේ අත්වලින් ඇල්ලුවාවූ දේ වන ජීවනයේ වාක්‍යයාණන් ගැන, නුඹලාත් අප සමඟ පංගුකාරකම ලබන පිණිස, අප දුටුවාවූ ඇසුවාවූ ඒ දේ නුඹලාටත් ප්‍රකාශකරමුව. 1 යොහන් 1:1-2 ජීවනයේ වචනය සහ ජීවනය යන දෙකම ඔහු කතා කළේ පියාණන් වහන්සේ සහ පුත්‍රයාණන් වහන්සේ යන දෙදෙනාම ජීවනය බව පෙන්වීමටයි. මන්ද ජීවනයේ වචනය යන්නෙන් අදහස් කරන්නේ දෙවියන් වහන්සේගේ වචනය හැරුණුකොට අන් කුමක්ද? මෙම ප්‍රකාශනය තුළින් දෙවියන් වහන්සේ සහ දෙවියන් වහන්සේගේ වචනය යන දෙකම ජීවනය බව ප්‍රකාශ කර ඇත. එය ජීවනයේ වචනය ලෙස හඳුන්වනවා සේම, එය ජීවනයේ ආත්මයාණන් ලෙසද හැඳින්වේ. එබැවින්, ජීවනයේ වචනය ජීවනය වන සේම, ජීවනයේ ආත්මයාණන් වහන්සේද ජීවනය වන සේක.

172. පියාණන් වහන්සේ ජීවනයේ උල්පත වන සේක. එසේම පුත්‍රයාණන් වහන්සේද ජීවනයේ උල්පත ලෙස අර්ථ දක්වා ඇති බව දැන් ඉගෙන ගන්න; එබැවින්, ඔහු පවසන්නේ මෙයයි. සර්වබලධාරී දෙවියන් වහන්ස, ඔබ වහන්සේ සමග, ඔබ වහන්සේ පුත්‍රයාණන් වහන්සේ ජීවනයේ උල්පත බවයි. එය ශුද්ධාත්මයාණන් වහන්සේගේ උල්පතයි, මන්ද ස්වාමින් වහන්සේ පවසන පරිදි ආත්මයාණන් වහන්සේ ජීවනයයි: මා නුඹලාට කී වචන ආත්මයද ජීවනයද වෙයි. යොහන් 6:64 මක්නිසාද ආත්මය ඇති තැන ජීවනයද ඇත; ජීවනය ඇති තැන ශුද්ධාත්මයාණන් වහන්සේද සිටින සේක.

173. කෙසේ වෙතත්, බොහෝ දෙනෙක් මෙම පාඨයේ උල්පත යන්නෙන් පියාණන් වහන්සේ පමණක් සංකේතවත් කර ඇති බව සලකති. කෙසේ වෙතත්, ශුද්ධලියවිල්ලේ පවසන ඔවුහු සැලකිල්ලට ගනිත්වා: ජීවනදායක ළිඳ ඔබ සමග ඇත. එනම්, පුත්‍රයාණන් වහන්සේ පියාණන් වහන්සේ සමග සිටින සේක; මන්ද, වාක්‍යාණෝ දෙවියන් වහන්සේ සමග සිටි බැවින්, උන් වහන්සේ ආරම්භයේ සිටි අතර, උන් වහන්සේ දෙවියන් වහන්සේ සමග සිටි සේක.

174. එහෙත් මෙම ස්ථානයේදී උල්පත යන්න පියාණන් වහන්සේ හෝ ගැන බවට අවබෝධ කරගන්නේ නම්, අපට නිසැකවම මවන ලද්දා වූ ජලයේ උල්පතක් ගැන තේරෙන්නේ නැත, එහෙත් අප දන්නේ එම දිව්‍යමය කරුණා අනුග්‍රහයේ උල්පතයි, එනම් ශුද්ධාත්මයාණන් වහන්සේයි, උන් වහන්සේ ජීවනදායක ජලය වන සේක. දෙවියන්වහන්සේගේ දීමනාවත්, මට බොන්ට දෙන්නැයි නුඹට කීවේ කවුද කියාන් නුඹ දැනගන සිටියා නම්, නුඹ ඔහුගෙන් ඉල්ලනවා ඇත, එවිට ඔහු නුඹට ජීවනදායක වතුර දෙනවා ඇතැයි කීසේක. යොහන් 4:10

175. දාවිත්ගේ ආත්මය පිපාසයෙන් සිටියේ මේ ජලයටයි. මුවා පිපාසයෙන් සිටින්නේ සර්පයන්ගේ විෂවලට නොවේය, එහෙත් මුවා මෙම ජල උල්පතට ආශා කරයි. මක්නිසාද ආත්මයාණන් වහන්සේගේ කරුණා අනුග්‍රහයේ ජලය ජීවනදායක වන බැවිනි. එය මනසෙහි අභ්‍යන්තර කොටස් පවිත්‍ර කර, ආත්මයේ සෑම පාපයක්ම සෝදා හැර, සැඟවුණු වැරදිවල වරද පවිත්‍ර කරන්නේය.

16 වන පරිච්ඡේදය.

ශුද්ධාත්මයාණන් වහන්සේ යනු අබිරහස්මය යෙරුසලමට ජලය සපයන විශාල ගංගාවයි. එය ශුද්ධලියවිල්ලේ දැක්වෙන පරිදි එහි උල්පතට, එනම් පියාණන් වහන්සේට සහ පුත්‍රයාණන් වහන්සේට සමානය. ශාන්ත ඇම්බ්‍රෝස්ම එම ජලය සඳහා පිපාසයෙන් සිටින අතර, එය අප තුළ ආරක්ෂා කර ගැනීම සඳහා අප විසින් යක්ෂයා, තෘෂ්ණාව සහ මිථ්‍යාදෘෂ්ටිය වළක්වා ගත යුතු බවට ඔහු අපට අනතුරු අඟවයි. මන්ද අපගේ භාජන දුර්වල ඒවා වන අතර බිඳුණු කටාරම් අත්හැරිය යුතුව ඇත. සමාරිත කාන්තාවගේ සහ කුලදෙටුවන්ගේ ආදර්ශයට අනුව, අපට ස්වාමින් වහන්සේගේ ජලය සොයාගත හැකිය.

176. මවන ලද ජීවීන්ගෙන් ලබාගත් නිදසුන් කිසිසේත්ම දෙවියන් වහන්සේට යෙදීමට සුදුසු නොවන බව පෙනෙන නිසා, ජලය දිය උල්පතක කුඩා කොටසක් පමණක් බව තර්ක කරමින්, ආත්මයාණන් වහන්සේගේ කුඩා බව සම්බන්ධයෙන් උන් වහන්සේට විරුද්ධව කිසිවෙකුත් කතා නොකළ යුතුය. එමෙන්ම මෙමගින් ශ්‍රේෂ්ඨත්වයේ වෙනසක් ඇති කිරීමට උත්සාහ කළ යුතුය. එහෙත් මවන ලද ජීවීන්ගෙන් ලබාගත් මෙම සංසන්දනයෙන් ඔවුන් හානිකර ලෙස විනිශ්චය නොකළ යුතුය. ශුද්ධාත්මයාණන් වහන්සේ ජලය ලෙස හඳුන්වනු ලබනවා පමණක් නොව, ගංගාවක් ලෙසද හඳුන්වන බව ඔවුහු දැනගනිත්වා. අප කියවන පරිදි එය මෙසේය: මා කෙරෙහි අදහන්නා තුළින් ලියවිල්ලෙහි කියා තිබෙන හැටියට ජීවනදායක වතුර ඇති ගංගා ගලන්නේ යයි කීසේක. උන්වහන්සේ මෙසේ කීවේ තමන් අදහාගත්තවුන් විසින් ලබන්ට සිටිය ආත්මයාණන් ගැනය. යොහන් 7:38-39

177. එසේ නම්, ශුද්ධාත්මයාණන් වහන්සේ ගංගාව මෙන්ම බහුල වූ ගංගාවද වන සේක. හෙබ්‍රෙව්වරුන්ට අනුව, යෙසායාගේ මුඛයෙන් වූ අනාවැකියෙන් අපට ලැබුණු පරිදි, එය යේසුස් වහන්සේ කෙරෙන් දේශයන් තුළ ගලා ගියේය. යෙසායා 66:12 මෙය සැමවිටම ගලා යන මහා ගංගාවයි, එය කිසි විටෙකත් සිඳී නොයයි. දාවිත්ද පැවසූ පරිදි, ගංගාවක් පමණක් නොව, බහුල වූ ගංගාවක් සහ උතුරා යන ශ්‍රේෂ්ඨත්වයක්ද එහි ඇත: ගංගාවක් ඇත, එහි දියපාරවල් දෙවියන්වහන්සේගේ නුවර ප්‍රීතිමත් කරයි.

178. මක්නිසාද යත්, ස්වර්ගීය යෙරුසලම නම් එම නගරයට, පොළොවේ කිසි ගංගාවකින් වතුර ගලා ගොස් නැත, එහෙත් ජීවනදායක උල්පතෙන් එන ශුද්ධාත්මයාණන් වහන්සේගෙන් ජලය ගලා ගොස් ඇත. කෙටිකාලීන නියඟය වෙතින් උන් වහන්සේ අප තෘප්තිමත් කරන සේක. එය ස්වර්ගීය සිංහාසන, ආධිපත්‍ය සහ බලවතුන්, දේවදූතයන් සහ අග්‍ර දේවදූතයන් අතර වඩාත් බහුල ලෙස ගලා යන බව පෙනේ. එය ආත්මයාණන් වහන්සේගේ ගුණධර්ම හතේ සම්පූර්ණ ගමනේදී වේගයෙන් දිව යයි. මක්නිසාද යත්, ගංගාවක් උතුරා ගියහොත් එහි ඉවුරුවලට ඉහළින් නැඟී යයි. එසේ නම් ඊට කොපමණ වැඩියෙන් සෑම මවන ලද ජීවියෙකුටම ඉහළින් නැඟී සිටින ආත්මයාණන් වහන්සේ, පහත් බිම් මෙන් ඇති අපගේ මනස උන් වහන්සේ ස්පර්ශ කරන විට උතුරා නොයන්නේද, උන් වහන්සේගේ විශුද්ධිකරණයේ විශාල සාරවත් බව සමග මවන ලද ජීවීන්ගේ එම ස්වර්ගීය ස්වභාවය සතුටට පත් නොවන්නේද?.

179. යොහන් 7:38 ගංගාවන් යයිද, නැතිනම් වෙනත් තැනක ආත්මයන් හතක්, එළිදරව් 5:6 යනුවෙන්ද පැවසීම ඔබට වියවුල් සහගත නොවේවා. මක්නිසාද යත්, යෙසායා පැවසූ පරිදි, ආත්මයාණන්ගේ මෙම දීමනා හත විශුද්ධ කිරීම මගින්, යෙසායා 11:2 සියලු ගුණධර්මවල පූර්ණත්වය අදහස් කෙරෙයි; ස්වාමීන්වහන්සේගේ ආත්මය, එනම් ප්‍රඥාව හා නුවණේ ආත්මයද මන්ත්‍රණය හා බලයේ ආත්මයද දැනගැන්ම හා ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීමේ ආත්මයද, උන්වහන්සේ කෙරේ පිහිටන්නේය. එසේ නම්, ගංගාව එකකි, එහෙත් බොහෝ ආත්මයාණන්ගේ දීමනාවල දිය පාරවල් පවතී. එබැවින් මෙම ගංගාව ජීවනදායක උල්පතෙන් පිටතට පැමිණේ.

180. තවද, නැවතත්, ඔබ පහත් දේවල් කෙරෙහි ඔබේ සිතුවිලි යොමු නොකළ යුතුය, මන්ද දිය උල්පතක් සහ ගංගාවක් අතර යම් වෙනසක් ඇති බව පෙනේ. එහෙත් දිව්‍යමය ශුද්ධලියවිල්ල මිනිස් අවබෝධයේ දුර්වලතාවය භාෂාවේ පහත්කමෙන් හානි නොවිය යුතු බව දක්වා ඇත. ඕනෑම ගංගාවක් ගැන සිහි කරන්න. එය එහි දිය උල්පතෙන් පැන නගී, එහෙත් එය එක් ස්වභාවයකින් යුක්ත වේ, එක් දීප්තියකින් යුක්ත වේ, එසේම අලංකාරයකින් යුක්ත වේ. එසේ ශුද්ධාත්මයාණන් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වහන්සේ සහ පියාණන් වහන්සේ වන දෙවියන් වහන්සේ සමග එක් ද්‍රව්‍යයකින්, එකම දීප්තියෙන් සහ එකම මහිමයෙන් යුක්ත බව ඔබ නිවැරදිව ප්‍රකාශ කරන්නෙහිද? ගුණාංගවල ඒකීයභාවයෙන් මම සියල්ල සාරාංශ කරන්නෙමි, ශ්‍රේෂ්ඨත්වයේ වෙනසක් සම්බන්ධයෙන් කිසිදු විමසීමකට හෝ අභියෝගයකට මම බිය නොවන්නෙමි. මක්නිසාද මේ අවස්ථාවේදීද ශුද්ධලියවිල්ල අපට ඒ පිළිබඳකාරණා සපයා ඇත; මක්නිසාද දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වහන්සේ මෙසේ පවසන සේක: නුමුත් මා දෙන වතුරෙන් බොන කවරෙකුට නුමුත් කිසිකලෙක පිපාසා නොවන්නේය; මා ඔහුට දෙන වතුර ඔහු තුළෙහි සදාකාල ජීවනය නික්වෙන්නාවූ වතුර උල්පතක් වන්නේයයි කීසේක. යොහන් 4:14 මෙම ළිඳ පැහැදිලිවම ආත්මයාණන් වහන්සේගේ කරුණා අනුග්‍රහයයි, උන් වහන්සේ ජීවමාන දිය උල්පතෙන් ගලා යන දිය පහර වන සේක. එසේ නම්, ශුද්ධාත්මයාණන් වහන්සේ සදාකාල ජීවනයේ උල්පතද වන සේක.

181. එසේ නම්, උන් වහන්සේගේ වචනවලින් දිව්‍යමය ශ්‍රේෂ්ඨත්වයේ එකමුතුකම පෙන්වා දී ඇති බවත්, ආත්මයාණන් වහන්සේද උල්පතක් ලෙස හඳුන්වන බැවින් ක්‍රිස්තුස් වහන්සේ උල්පතක් බව මිථ්‍යාදෘෂ්ටිකයන්ට පවා ප්‍රතික්ෂේප කළ නොහැකි බවත් ඔබට පෙනෙන්නේය. ආත්මයාණන් ගංගාවක් ලෙස හඳුන්වනු ලබන ආකාරයටම, පියාණන් වහන්සේද මෙසේ වදාළ සේක: බලව, මම සමාදානය ගංගාවක් මෙන්ද ජාතීන්ගේ තේජස ඉතිරෙන ඔයක් මෙන්ද ඈ වෙතට හරවමි. යෙසායා 66:12 දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වහන්සේ ජීවනයේ ගංගාව බවත්, සදාකාල ජීවනයේ ධාරා ගලා ආවේ උන් වහන්සේ කෙරෙන් බවත් සැක කළ හැකි කවරෙකුටද?

182. එසේ නම්, මේ ජලය යහපත්ය, ආත්මයාණන් වහන්සේගේ කරුණා අනුග්‍රහයද යහපත්ය. මේ උල්පත මගේ හදවතට ලබා දෙන්නේ කවුරුන්ද? එය මා තුළින් නික්මේවා, සදාකාල ජීවනය ලබා දෙන දේ මා මතට ගලා පැමිණේවා. ඒ උල්පත අප මත අධිකව ගලා යාවා, ඒවා පිටතට ගලා නොයාවා. මක්නිසාද ප්‍රඥාව මෙසේ පවසයි: නුඹේම පොකුණෙන් වතුරද නුඹේම ළිඳෙන් උනන වතුරද බොන්න. නුඹේ උල්පත් පිටතටත් ජල ගංගා වීථිවලටත් විසිරයා යුතුද? හිතෝපදේශ 5:15-16 මෙම ජලය පිටතට ගලා නොයන ලෙස, එය ඉවතට නොයන ලෙස මා තබා ගන්නේ කෙසේද? මගේ භාජනයට පාපයේ ඉරිතැලීමක් ඇතුළු විය නොහැකි වන ලෙස, සදාකාල ජීවනයේ ජලය පිටවීමට ඉඩ නොදෙන ලෙස මා එය ආරක්ෂා කරන්නේ කෙසේද? යේසුස් ස්වාමින් වහන්ස, අපට ඉගැන්නුව මැනව, පහත ආකාරයට පවසමින් ඔබ වහන්සේ ඔබ වහන්සේගේ ප්‍රේරිතයන්ට ඉගැන්වූ පරිදි අපට ඉගැන්නුව මැනව: පොළොවෙහි නුඹලාට වස්තු රැස්කර නොතබන්න; එහිදී කාවෝද මළකඩද ඒවා නාස්තිකරති, සොරුද උමංකැන සොරාගනිති. මතෙව් 6:19

182. මක්නිසාද සොරා යනු අශුද්ධාත්මය බවත්, ඔහුට යහපත් ක්‍රියාවල ආලෝකයෙහි ගමන් කරන අය තුළට ඇතුළු විය නොහැකි බවත්, එහෙත් යමෙකු පොළොවේ ලෞකික ආශාවන්ගේ අන්ධකාරයේ අසු වී ඇත්නම් සහ පොළොවේ ලෞකික සැප සම්පත් භුක්ති විඳීම මධ්‍යයේ පෙලඹී ඇත්නම්, ඔහු සදාකාලික ගුණවත් බවේ මල් සියල්ල නරක් කරන බව ඔහු දක්වයි. එබැවින් ස්වාමින් වහන්සේ මෙසේ වදාරන සේක: පොළොවෙහි නුඹලාට වස්තු රැස්කර නොතබන්න; එහිදී කාවෝද මළකඩද ඒවා නාස්තිකරති, සොරුද උමංකැන සොරාගනිති. නුමුත් ස්වර්ගයෙහි නුඹලාට වස්තු රැස්කර තබා ගන්න; එහිදී කාවෝවත් මළකඩවත් ඒවා නාස්ති නොකරති, සොරු උමංකැන සොරා නොගනිති. මක්නිසාද නුඹේ වස්තුව යම් තැනෙක්හිද නුඹේ සිතත් එතැන්හිම වන්නේය.

183. අපගේ මළකඩ යනු අශිෂ්ටත්වයයි, අපගේ මළකඩ යනු තෘෂ්ණාවයි, අපගේ මළකඩ සුඛෝපභෝගීත්වයයි, එය දුෂ්චරිතයේ අපිරිසිදුකමෙන් මනසේ තියුණු දැක්ම අඳුරු කරන්නේය. නැවතත්, අපගේ කාවා ඒරියස්ය, අපගේ කාවා ෆොටිනස්ය, ඔවුහු සභාවේ ශුද්ධ වස්ත්‍රය ඔවුන්ගේ අභක්තිකකමෙන් ඉරා දමමින්, දිව්‍යමය බලයේ නොබෙදිය හැකි එකමුතුකම වෙන් කිරීමට කැමති වෙති. ඔවුහු ඇදහිල්ලේ වටිනා වැස්ම දේව අපහාසයේ දතකින් හපා දමති. ඒරියස් තම දත මුද්‍රණය කර ඇත්නම් එම භාජනයෙන් ජලය වැගිරෙයි, ෆොටිනස් තම දත යමෙකුගේ භාජනයක සිටුවා තිබේ නම් එම භාජනයෙන් ජලය ගලා යයි. අපි සාමාන්‍ය මැටිවලින් පමණක් නිමවන ලද අය වෙමුව, අපට ඉක්මනින් දුෂ්චරිත දැනෙයි. එහෙත් කිසිවෙකු කුඹල්කරුට මෙසේ නොකියයි: නුඹ මා මේ ආකාරයෙන් සෑදුවේ මක්නිසාද? රෝම 9:20 මක්නිසාද අපගේ භාජනය පොදු වුවද, එකක් ගෞරවයට පාත්‍ර වේ , අනෙක අගෞරවයට පාත්‍ර වේ. රෝම 9:21 එබැවින් කිසිවෙකුත් පහත ආකාරයට නොකියන පිණිස ඔබේ තටාකය විවෘත නොකරන්න, දුෂ්චරිත හා අපරාධවලින් එය හාහා නොදමන්න: ඔහු වළක් කැණ ගැඹුරුකොට හෑරුවේය, තමා හෑරූ බොරු වළේ තෙමේම වැටුණේය.

184. ඔබ යේසුස් වහන්සේ සොයන්නෙහි නම්, බිඳුණු කටාරම් අත්හැර දමන්න, මන්ද ක්‍රිස්තුස් වහන්සේ පොකුණක් අසල නොව ළිඳක් අසල වාඩි වීමට පුරුදුව සිටි සේක. එහිදී එම සමාරිත කාන්තාවට යොහන් 4:6 උන් වහන්සේ හමු විය. ඇය විශ්වාස කළ අතර, ඇය වතුර ඇද ගැනීමට කැමති වූවාය. ඔබ හිමිදිරි උදයේ පැමිණිය යුතුව තිබුණද, ඔබ පසුව පැමිණියහොත්, හයවෙනි පැයේදී පවා, යේසුස් වහන්සේ තම ගමනෙන් වෙහෙසට පත්ව එහි සිටින බව ඔබට පෙනෙනු ඇත. උන් වහන්සේ වෙහෙසට පත්ව සිටින සේක, එහෙත් එය ඔබ තුළින්ය, මන්ද උන් වහන්සේ ඔබ බොහෝ කලක සිට සොයමින් සිටි නිසාය, ඔබේ අවිශ්වාසය බොහෝ කලක සිට උන් වහන්සේ වෙහෙසට පත් කර ඇත. එහෙත් ඔබ පැමිණියහොත් උන් වහන්සේ අමනාප වන්නේ නැත, බොන්නට දෙන තැනැන් වහන්සේ බොන්න යයි ඔබෙන් ඉල්ලා සිටින සේක. එහෙත් උන් වහන්සේ ගලා යන ගංගාවක ජලය නොව ඔබේ ගැලවීම පානය කරන සේක; උන් වහන්සේ ඔබේ යහපත් ස්වභාවයන් පානය කරන සේක, උන් වහන්සේ කුසලානය පානය කරන සේක, එනම්, ඔබේ පව්වලට සමාව දුන් උන් වහන්සේගේ දුක් විඳීම දරාගන්නා සේක, එසේ කළේ ඔබ උන් වහන්සේගේ පාරිශුද්ධ රුධිරයෙන් පානය කිරීමෙන් මේ ලෝකයේ පිපාසය සංසිඳගන්නා පිණිසය.

185. එබැවින් ආබ්‍රහම් ළිඳ කැණීමෙන් පසුව දෙවියන් වහන්සේව ලබා ගත්තේය. උත්පත්ති 21:30 එසේම ඊසාක් ළිඳ අසලින් ඇවිද යන විට, සභාවේ ස්වරූපයක් ලෙස ඔහු වෙත පැමිණෙන එම බිරිඳ උත්පත්ති 24:62 පිළිගත්තේය. ඔහු ළිඳ අසල විශ්වාසවන්තව සිටියේය, පොකුණ අසලදී අවිශ්වාසවන්ත විය. අවසාන වශයෙන්, අප කියවන පරිදි, රෙබෙකාද ළිඳ අසලදී ඇය සොයමින් සිටි තැනැත්තා හමු වූවාය. එසේම වේශ්‍යාවෝ යෙසබෙල්ගේ පොකුණෙහි ලේවලින් සෝදා ගත්තෝය.


1 වන පොත (Book 1)
2 වන පොත (Book 2)
3 වන පොත (Book 3)