වේදසාක්ෂික ශුද්ධ වූ ජස්ටින් තුමා, කිතුනුවන් වෙනුවෙන් රෝම සෙනෙට් සභාවට ජස්ටින් තුමාගේ දෙවන උත්තර දීම (Justin Martyr, Second Apology)

Justin Martyr, Second Apology, in Sinhala.

අන්තර්ගතය
1 පෙරවදන 2 කිතුනුවන් තිදෙනෙකු අර්බිකස් විසින් ඝාතනය කරනු ලබයි
3 ක්රිසෙන්ස් ද සයිනික් (Crescens the Cynic)
4 කිතුනුවන් සියදිවි නසා නොගැනීමට හේතු
5 නරක දේවදූතයන්
6 දිව්යමය නාමවල අර්ථය
7 විශ්වය සංරක්ෂණය කරනු ලැබීමට හේතුව කිතුනුවෝ වෙති
8 දේව වචනයට සහභාගී වීම පීඩා කරනු ලැබීමට හේතුවකි
9 ගින්නෙන් වන සදාකාල දඬුවම
10 ක්රිස්තුන් වහන්සේ නමැත් ලොගොස් (වචනය)
11 උපහාසය සහ ගුණාංගය
12 මරණය සම්බන්ධයෙන් වන කිතුනුවන්ගේ ආකල්පය ඔවුන්ගේ නිර්දෝෂී බව ඔප්පු කරයි
13 අවසාන වචනය
14 ඉල්ලීම ප්රකාශයට පත් කිරීමට වූ ඉල්ලීම
15 නිගමනය


1 වන පරිච්ඡේදය

අර්බිකස් යටතේ ඔබේ නගරයේ මෑතකදී සිදු වූ කාරණා සහ ඔබේ ආණ්ඩුකාරවරුන් විසින් හේතුවක් නොමැතිව සිදු කරන ලද නපුරු ක්‍රියා හේතුවෙන්, අපගේ හා සමාන හැඟීම් ඇති මිනිසුන් වන රෝමවරුන් වන, සහෝදරයින් වන ඔබ වෙනුවෙන් ඔබ එය අවබෝධ කර ගැනීමට අපොහොසත් වුවද, ඔබේ ඊනියා ගරුත්වය පිළිබඳ ඔබේ අහංකාරය නිසා එය පිළිගැනීමට අකමැති වුවද, මෙම කතාව රචනා කිරීමට මට බල කරනු ලැබ ඇත. සෑම ස්ථානකම, ඇත්ත වශයෙන්ම, පියා, හෝ අසල්වැසියා, දරුවා, මිතුරා, සහෝදරයා, ස්වාමිපුරුෂයා හෝ භාර්යාව හෝ විසින් මුරණ්ඩුකම, විනෝදයට ඇලුම් කිරීම සහ යහපතට උනන්දු කිරීමට අපහසු වීම වැනි ඕනෑම අඩුපාඩුවක් නිසා දඬුවම් කරනු ලබන (දුෂ්ට හා කාමුක මිනිසුන්ට සදාකාලික ගින්නෙන් දඬුවම විඳීමට සිදුවනු ඇත, එනමුත් ගුණවත් අය සහ ක්‍රිස්තුස් වහන්සේ වැනි අය, එනම් ක්‍රිස්තියානි අය බවට පත් වූ අය, සියලු වේදනාවන්ගෙන් නිදහස්ව දෙවියන් වහන්සේ සමග ජීවත් වනු ඇත යයි විශ්වාස කරන අය හැරෙන්නට) – එබැවින් අපට වෛර කරන මොවුහු සහ දුෂ්ට යක්ෂයෝ, එසේම ඔවුන්ගේ වහලුන් සහ ඔවුන්ට නමස්කාර කරන්නන් ලෙස ඉහත සඳහන් කරන ලද විනිසුරුවන් වැනි මිනිසුන් සිටින අතර, යක්ෂ බලපෑමට යටත් වූ පාලකයන් මෙන්, අප  මරණයට පත් කරන ලෙස ඔවුන්ට බල කරති. අර්බිකස් යටතේ සිදු වූ සියල්ලට හේතුව ඔබට පැහැදිලිව තේරුම් ගත හැකි වන පරිදි මම දැන් ඔබට සිදු වූ දේ පමණක් පවසමි.

2 වන පරිච්ඡේදය

සල්ලාල ස්වාමිපුරුෂයෙකු සමග ජීවත් වූ එක්තරා කාන්තාවක් සිටියාය. ඇයද වරක් සල්ලාලකමින් අපවිත්‍ර බවට පත් වූවාය. ක්‍රිස්තුස් වහන්සේගේ ධර්මනියාමකයන් ඉගෙන ගැනීමෙන් පසුව, ඇය ස්වයං පාලනයක් ඇති පුද්ගලයෙකු බවට පත් වූ අතර, ඇය තම ස්වාමිපුරුෂයා තුළද එවැනිම වෙනසක් ඇති කිරීමට උත්සාහ කළාය. එහිදී ක්‍රිස්තියානි ඉගැන්වීම් පැහැදිලි කර, නිර්මලකමින් තොරව සහ නිවැරදි බවින් තොරව ජීවත් වන අයට වෙන් කර තිබෙන්නා වූ ගින්නෙන් ඇති වන සදාකාලික දඬුවම ගැන අනතුරු ඇඟවූවාය. එහෙත් එම නින්දිත හැසිරීම්වලට ඇලී සිටීමෙන් ඔහුට තම බිරිඳගේ සෙනෙහස අහිමි විය. එසේම ඇය ස්වභාව ධර්මයේ නීතියට පටහැනිව සෑම අයිතියක්ම උල්ලංඝනය කරමින් සැම ආකාරයකින්ම කාමුක සල්ලාල සැප සම්පත් සොයන ස්වාමිපුරුෂයෙකු සමග තවදුරටත් ජීවත් වීම පාපයක් ලෙස සැලකූ නිසා ඇය ඔහුගෙන් දික්කසාද වීමට කැමති වූවාය.   කෙසේ වෙතත්, අනාගතයේදී ඔහු තම ක්‍රම වෙනස් කරනු ඇතැයි අපේක්ෂාවෙන් ඔහු සමග සිටීම සුදුසු බවට ඇගේ මිතුරන් විසින් ඇයට ඒත්තු ගන්වනු ලැබීමෙන්, ඇයට ඔහු සමග සිටීමට බල කරනු ලැබීය. එහෙත් ඇගේ ස්වාමිපුරුෂයා ඇලෙක්සැන්ඩ්‍රියාවට ගිය පසුව, ඔහුගේ හැසිරීම වෙන කවරදාටත් වඩා නරක බව ඇයට දැනගන්නට ලැබුණු විට,  ඇය ඔහුගේ මේසය සහ ඇඳ බෙදාගෙන ඔහු සමග දිගටම ජීවත් වෙමින් ඔහුගේ පාපකාරී හා අධම ක්‍රියාවන්ට සහභාගී නොවීම පිණිස ඔහුට දික්කසාද පත්‍රයක් යවා, ඔහු අත්හැර ගියාය. එහෙත් ඒ සල්ලාල තැනැත්තා, යහපත් වාමිපුරුෂයෙකු ලෙස – ඒ දිනවල බීමත්කමෙන් සහ මෙහෙකරුවන් හා සේවකයින් සමග සල්ලාලකමින් සහ සෑම නපුරු ක්‍රියාවකින්ම සතුටට පත් වූ ඇය එම නපුරු ක්‍රියාවන් අත්හැරීම පිළිබඳව හා සමාන ලෙසම  ඔහුද ඒවායින් ඉවත් කර ගැනීමට අවශ්‍ය වීම සම්බන්ධයෙන් සතුටු වෙනවා වෙනුවට,  – ඇය ඔහුගේ කැමැත්තට විරුද්ධව ඔහු හැර ගිය විට, ඇය කිතුනුවෙකු බව පවසමින් ඇයට විරුද්ධව චෝදනාවක් ගෙනාවේය. තවද, අධිරාජ්‍යයාණෙනි, ඇය ඔබ වෙත පෙත්සමක් ඉදිරිපත් කළාය. එහිදී පළමුකොට ඇගේ ගෙදර කටයුතු පිළියෙල කර තැබීමට අවසර දෙන ලෙස ඉල්ලා සිටි අතර, එයින් පසුව ඇයට විරුද්ධ චෝදනාවලට ඇය පිළිතුරු දෙන බවට දන්වා සිටියාය.  එවිට ඔබ එයට ඔබේ අවසරය ලබා දුන්නෙහිය. ඇගේ කලින් ස්වාමිපුරුෂයාට ඇයට පිළිතුරු දීමට නොහැකි වූ විට, ඔහු ඇයට ක්‍රිස්තියානි ධර්මනියාමක සම්බන්ධයෙන් අනුශාසනා කළ ටොලමියස් නමැති එක්තරා පුද්ගලයෙකු වෙත දැක්වෙන පහත ආකාරයට ඔහු පහර එල්ල කළේය. ඔහු තම පෞද්ගලික මිත්‍රයෙකු වූ ශතාධිපතියා පොලඹවා ටොලමියස් කැඳවා ඔහුගෙන් එක් ප්‍රශ්නයක් පමණක් ඇසීමට සැලැස්සුවේය: ඔහු කිතුනුවෙකුද? ටොලමියස්, සත්‍යවාදී අයෙකු මෙන්ම වංචාකාරී හෝ ම්ලේච්ඡ නොවන ස්වභාවයකින් යුක්ත අයෙකු වූ අතර, ඔහු තමා ක්‍රිස්තියානි අයෙකු බව ප්‍රකාශ කළේය.  එබැවින් ශතාධිපතියා විසින් දම්වැල්වලින් බඳිනු ලැබ  දීර්ඝ කාලයක් පුරාවට සිරගෙදරදී වැරදි ලෙස සලකනු ලැබීය. දීර්ඝ වශයෙන්, ඔහු විනිශ්චය සඳහා අර්බිකස් ඉදිරියේ පෙනී සිටි විට, නැවත වරක් ඔහුගෙන් එම ප්‍රශ්නයම අසන ලදී: ඔහු කිතුනුවෙකුද? නැවතත්, ක්‍රිස්තුස් වහන්සේගේ ඉගැන්වීම තුළින් ඔහු ලබා ගත් ප්‍රතිලාභ ගැන දැනුවත්ව සිටි නිසා, ඔහු දිව්‍යමය ගුණාංගවල සාමාජිකයෙකු බව ඔහු ප්‍රකාශ කළේය. මන්ද  කිසිවක් ප්‍රතික්ෂේප කරන්නා, එසේ කරන්නේ ඔහු එම දෙය හෙළා දකින නිසා හෝ ඔහු එය පාපොච්චාරණය කිරීමෙන් වැළකී සිටින්නේ තමා එයට නුසුදුසු සහ ආගන්තුක අයෙකු යැයි සලකන බැවිනි. මේ දෙකෙන් එකක්වත් සැබෑ කිතුනුවාට අදාළ නොවේ. අර්බිකස් ඔහු මරණ දණ්ඩනයට පත් කරන ලෙස නියෝග කළ විට, එක්තරා ලුසියස් නම් වූ කිතුනුවෙකුද, එම දඬුවම කෙතරම් අසාධාරණ ද යන්න වටහාගෙන, අර්බිකස්ට මෙසේ පැවසීය: ‘මෙම දඬුවමට හේතුව කුමක්ද? සල්ලාලයෙකුවත්, වේශ්‍යාකම් කරන්නෙකුවත්, මිනීමරුවෙකුවත්, සොරෙකුවත්, මංකොල්ලකාරයෙකුවත් නොවන, වචනයකින්වත් කිසිම අපරාධයකට වරදකරු නොවන, ක්‍රිස්තියානි යන නම දරන අයෙකු බවට ප්‍රකාශ කිරීම නිසා පමණක් මේ මිනිසාට ඔබ දඬුවම් කළේ ඇයි? අර්බිකස්, ඔබේ විනිශ්චය, පයස් අධිරාජයාගේ හෝ දාර්ශනිකයාගේ හෝ සීසර්ගේ පුත්‍රයාගේ හෝ පූජනීය සෙනෙට් සභාවේ හෝ විනිශ්චය නොවේය. ඔහු ලුසියස්ට දුන් එකම පිළිතුර මෙයයි: ‘ඔබත් [මෙම පන්තියේ ] කෙනෙකු බව පෙනේ.’ ලුසියස්, ‘අනිවාර්‍යෙන්ම මම එයින් එක් අයෙකි’ යනුවෙන් පිළිතුරු දුන් විට, ඔහුද මරණ දණ්ඩනයට ගෙන යන ලෙස  නියෝග කරන ලදී. ලුසියස් එවැනි දුෂ්ට පාලකයන්ගෙන් තමා ඉක්මනින්ම නිදහස් වන බව සහ පියාණන් වහන්සේ සහ ස්වර්ගයේ රජතුමාණන් වහන්සේ වෙත යන බව ඔහු දැන සිටි බැවින් තම ස්තූතිය ප්‍රකාශ කළේය. තුන්වන කිතුනුවෙකුද මෙහිදී ඉදිරිපත් වූ අතර, ඔහුද ඒ හා සමාන ලෙස දඬුවමට නියම කරන ලදී.

3 වන පරිච්ඡේදය

‘මම ඉහත සඳහන් කළ අය විසින් හෝ සමහර විට ක්‍රිසෙන්ස්  විසින් පවා ඝෝෂාකාරී සහ ප්‍රදර්ශනාත්මකව සිදු කරනු ලබන කුමන්ත්‍රණයක ගොදුරක් වීමට බලාපොරොත්තු වෙමි. මන්ද, කිතුනුවන් අදේවවාදීන් හා අනාගමික යැයි කියමින්, මුළා වූ සමූහයා සතුටු කිරීමට සහ ඔවුන්ගේ  සහාය ලබා ගැනීමට පමණක් මෙය කරන බැවින්, ඔහු නොදන්නා කාරණා සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ අපට චෝදනා කරන බැවින්, එම මිනිසා ප්‍රඥාවට ආදරය කරන්නෙකු යන නම ලැබීමට සුදුසු නොවේය.   ඇත්ත වශයෙන්ම, ඔහු ක්‍රිස්තුස් වහන්සේගේ ඉගැන්වීම් අධ්‍යයනය නොකර අපට පහර දෙන්නේ නම්, ඔහු ඒ සම්බන්ධයෙන් දුෂ්ටයෙකි, එමෙන්ම ඔහු නූගත් අයට වඩා නරක අයෙකි – සාමාන්‍යයෙන් මනුෂ්‍යයෝ තමන් නොදන්නා කාරණා ගැන තර්ක කිරීමට හෝ බොරු කීමෙන් වැළකී සිටීමට වගබලා ගනිති. අනෙක් අතට, ඔහු ඒවා [ක්‍රිස්තුස් වහන්සේගේ ඉගැන්වීම්] අධ්‍යයනය කර ඒවායේ ශ්‍රේෂ්ඨත්වය ග්‍රහණය කරගෙන නැත. නැතිනම් ඔහු ක්‍රිස්තියානි අයෙකු ලෙස පෙනී නොසිටීම පිණිස ක්‍රියා කරන්නේ නම්, ඔහු වඩාත් නපුරු හා දුෂ්ට අයෙකි. මන්ද එවිට ඔහු ජනප්‍රිය හා අසාධාරණ හේතු සහ බිය නිසා ඔහු වහලෙකුටත් වඩා පහත් අයෙකි. මෙම කාරණය සම්බන්ධයෙන් මා ඔහුට යම් යම් ප්‍රශ්න යොමු කළ බවත්, ඔහු සැබවින්ම කිසිවක් නොදන්නා බවත් මා නිසැක ලෙසම දැනගත් බව ඔබ දැන ගැනීමට මට අවශ්‍යය. මා සත්‍යය කතා කරන බව පෙන්වීම පිණිස, අපගේ විවාදය දැනටමත් ඔබට දැනගැනීමට වාර්තා වී නොමැති නම්, ඔබ ඉදිරියේ එය නැවත සිදු කිරීමට මම සූදානම්ව සිටිමි. එවැනි අවසරයක් රාජකීය පාලකයෙකුට සුදුසු ක්‍රියාවක් වනු ඇත. එහෙත් මගේ ප්‍රශ්න සහ ඔහුගේ පිළිතුරු ඔබේ අවධානයට යොමු කළේ නම්, ඔහු අපගේ ඉගැන්වීම් පිළිබඳ කිසිවක් නොදන්නා බව ඔබට පැහැදිලිය. එසේ නැතහොත්, ඔහු ඒවා පිළිබඳ දන්නේ නම්, ඔහුට සවන් දෙන්නන් හට ඇති බිය නිසා ඒවා ප්‍රකාශ කිරීමට එඩිතර වන්නේ නැත. එහිදී ඔහු සොක්‍රටීස් කී ආකාරයට,  මා පෙර සඳහන් කළ පරිදි ඔහු ප්‍රඥාවට ප්‍රේම නොකරන බොරු මතවලට ඇලුම් කරන්නෙකු බවට ඔප්පු කර පෙන්වයි. ඔහු සොක්‍රටීස්ගේ  ප්‍රශංසනීය කියමන නොසලකා හරින අයෙකි: සත්‍යය ඉදිරියේ කිසිම මනුෂ්‍යයෙකු ගෞරව කරනු නොලැබිය යුතුය.’  කෙසේ වෙතත්, අවසානය උදාසීන යැයි සලකන ක්‍රිසෙන්ස් වැනි නරුමයෙකුට කිසිදු යහපත් දෙයක් හඳුනාගත නොහැකි අතර ඔහුට හැකි වන්නේ උදාසීනත්වය හඳුනා ගැනීමටය.

4 වන පරිච්ඡේදය

‘ඔබ සියලු දෙනාම ගොස්, ඔබම සිය දිවි හානි කරගන්න, එවිට ක්ෂණිකවම දෙවියන් වහන්සේ වෙත ගොස්, අප මේ කරදරයෙන් නිදහස් කරන්න, යයි කිසිවකු අපට නොකියන පිණිස, අප එසේ නොකරන්නේ මන්ද යන්න සහ ප්‍රශ්න කිරීමේදී අප නිර්භීතව අපගේ ඇදහිල්ල පිළිගන්නේ මන්ද යන්න මම පැහැදිලි කරමි.   දෙවියන් වහන්සේ ලෝකය මැව්වේ අරමුණක් නොමැතිව නොවන බවත්,  එහෙත් උන් වහන්සේ ලෝකය නිර්මාණය කළේ මිනිස් වර්ගයා වෙනුවෙන් බවත් අපට උගන්වනු ලැබ ඇත. මන්ද  දෙවියන් වහන්සේ උන් වහන්සේගේ සර්ව සම්පූර්ණත්වය අනුකරණය කරන අය පිළිබඳ උන් වහන්සේ සතුටු වන බවත්, එහෙත් වචනයෙන් හෝ ක්‍රියාවෙන් නපුර තෝරා ගන්නා අය ගැන අප්‍රසාදය දක්වන බවත් අපි කලින් ප්‍රකාශ කළෙමු. එසේ නම්, අපට තීරණය කළ හැකි පරිදි, අපි සියල්ලෝම සිය දිවි නසා ගන්නෙමු නම්, කිසිවෙකු ඉපදෙන්නේ නැති අතර දිව්‍යමය ධර්ම නියාමකයන්හි අනුශාසනා නොලබන්නේ මන්ද, නැතහොත් මිනිස් වර්ගයාගේ පැවැත්ම නතර වන්නේ ඇයි යන්නට හේතුව අප වනු ඇත. අප එසේ ක්‍රියා කළහොත්, අපම දෙවියන් වහන්සේගේ කැමැත්තට විරුද්ධ වනු ඇත. එහෙත් අපගෙන් ප්‍රශ්න කරන විට අපි අපගේ ඇදහිල්ල ප්‍රතික්ෂේප නොකරමු, මන්ද අපට කිසිදු වරදක් කළ බවක් නොදැනෙන නිසා නොව, එහෙත් සැමවිටම සත්‍යය ප්‍රකාශ නොකිරීම භක්තිවන්ත නොවන බව අපි සලකන නිසාය. සත්‍යය පැවසීම දෙවියන් වහන්සේට ප්‍රසන්න බවද අපි වටහාගෙන සිටිමු. එසේම අපටත් දැන් ඔබ අසාධාරණ පූර්ව විනිශ්චයෙන් නිදහස් කිරීමට අවශ්‍ය වේ.

5 වන පරිච්ඡේදය

එහෙත් යමෙකු, අප දෙවියන් වහන්සේ අපගේ ආරක්ෂකයා යැයි ප්‍රකාශ කරන්නේ නම්, අප පිළිගන්නා පරිදි, අසාධාරණ පුද්ගලයින් විසින් අප යටපත් කර අතවරයට ලක් නොකළ යුතු යයි සිතන්නේ නම්, – මෙම දුෂ්කරතාවයද මම ඉවත් කර දමමි. දෙවියන් වහන්සේ විශ්වය මවා පොළොවේ ඇති සියලු දේ මිනිසාගේ ආධිපත්‍යය යටතට පත් කළ විට සහ පලතුරු වැඩිවීමට හා ඍතු වෙනස් වීමටත් ස්වර්ගීය දේහ සකස් කළ විට, සහ ඒවා සඳහා දිව්‍යමය නීතියක් නියම කළ විට, උන් වහන්සේ මිනිසා වෙනුවෙන් ඒවා නිර්මාණය කළ බව පෙනෙයි.  උන් වහන්සේ තමන් වහන්සේගේ දේවදූතයින් මනුෂ්‍යයන්ට ඉහළින් තබා අහස යට තිබෙන සියල්ල රැක බලාගැනීමට ඔවුන් පත් කළ සේක. එහෙත් දේවදූතයෝ ඔවුන්ට ලබා දුන් නියමයන් කඩ කර, කාන්තාවන් සමග පාපයට වැටී යක්ෂයන් ලෙස හැඳින්වෙන දරුවන් බිහි කළහ.  එපමණක් නොව, ඔවුහු  පසුකාලීනව මිනිස් වර්ගයා තමන්ටම යටත් කර ගත්හ. එහිදී අර්ධ වශයෙන් මායාකර්ම ලියවිලි මගින්ද, අර්ධ වශයෙන් ඔවුන් තුළ ඔවුන් ඇති කරගත් බිය සහ ඔවුන් කෙරෙහි ඔවුන් ලබාගත් දඬුවම් මගින් ඇති කරගත් බිය සහ අර්ධ වශයෙන් ඔවුන්ට පූජා පැවැත්වීමේ, සුවඳ දුම් ඔප්පු කිරීම  පිළිබඳ ප්‍රයෝජන අනුශාසනා කිරීම මගින්, ඔවුන්ගේ කාම ආශාවන්ගේ වහලුන් බවට පත් වීම ඔවුන්ට සැබවින්ම අවශ්‍ය වූ දෙයයි. එසේ  මිනිසුන් අතර ඔවුහු මිනීමැරුම්, යුද්ධ, කාමමිථ්‍යාචාරය, සියලු ආකාරයේ බෙදීම් සහ සෑම පාප විශේෂයක්ම සිදු කළහ. මේ අනුව, ඓතිහාසික පුරාවෘත්ත ලියූ කවීහු සහ කතුවරු, නරක දේවදූතයන් සහ යක්ෂයන් විසින් ඔවුන් බිහි කරනු ලැබූ බව නොදැන මිනිසුන්ට සහ කාන්තාවන්ට, නගරවලට සහ ජාතීන්ට, ඒවා [ඔවුන්ගේ] දෙවියන් ලෙසට (බ්‍රහස්පති), ඔහුගේ වංශයේ බීජය යයි  ඔවුන් සිතූ අයට සහ ඔහුගේ සහෝදරයන් ලෙස හැඳින්වූ අයගේ දරුවන්ට, නෙප්චූන් සහ ප්ලූටෝ සහ ඔවුන්ගේ දරුවන්ගේ දරුවන්ට ඒවා ආරෝපණය කළහ. මන්ද ඔවුහු එක් එක් නරක දේවදූතයන් ඔවුන්ටත් ඔවුන්ගේ දරුවන්ටත් ප්‍රදානය කළ නමින් ඔවුන්ම හඳුන්වාගත්හ.  

6 වන පරිච්ඡේදය

සියලු දෙනාගේම පියාණන් වන දෙවියන් වහන්සේට නිසි නමක් ලබා දී නැත, මන්ද උන් වහන්සේ කිසිවෙකුගෙන් උපත් ලත් අයෙකු නොවන නිසාය. මන්ද, නියම නමක් ඇති ඕනෑම කෙනෙකුට එය ලැබුණේ තමාට වඩා වයසින් වැඩි පුද්ගලයෙකුගෙන් වන බැවිනි. පියාණන් වහන්සේ, දෙවියන් වහන්සේ, මැවුම්කරුවාණන් වහන්සේ, සහ ස්වාමින් වහන්සේ සහ ස්වාමියා යන වචන සැබෑ නම් නොවේය, එහෙත් උන් වහන්සේගේ කාරුණික ක්‍රියාවලින් උපුටා ගන්නා ලද ආමන්ත්‍රණ පද වේ. එහෙත් උන් වහන්සේගේ පුත්‍රයාණන් වහන්සේ පමණක් නිසි ලෙස පුත්‍රයාණන් වහන්සේ, වාක්‍යාණෝ ලෙස හඳුන්වනු ලබන අතර, උන් වහන්සේ [දෙවියන් වහන්සේ, පියාණන් වහන්සේ] සමග සිටි අතර, සියල්ලටම පෙර උපත  ලැබූ සේක, උන් වහන්සේ [දෙවියන් වහන්සේ, පියාණන් වහන්සේ] ආරම්භයේදී  උන් වහන්සේ [පුත්‍රයාණන් වහන්සේ] තුළින් සියල්ල මවා සකස් කළ සේක. උන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ ලෙස හඳුන්වනු ලලබන සේක. එයට හේතුව උන් වහන්සේ ආලේප ලත් තැනැන් වහන්සේ වන නිසාය. එසේම උන් වහන්සේ තුළින් පියාණන් වන දෙවියන් වහන්සේ මැවීල්ලේ සියලු දේ සකස් කළ බැවිනි. ‘දෙවියන් වහන්සේ’ යන යෙදුමට මෙන්ම, මෙම නමටද නොදන්නා අර්ථයක් ඇත, එය සැබෑ නමක් නොවේ, එහෙත් කලාතුරකින් අර්ථ දැක්විය හැකි දෙයක් පිළිබඳ මිනිසාගේ සහජ මතය ප්‍රකාශ කිරීමකි. එහෙත් මනුෂ්‍යයා සහ ගැලවුම්කරුවා ලෙස උන් වහන්සේගේ නාමය වන ‘යේසුස්’ යන්නෙහි අර්ථයක් ඇත. මන්ද අප ප්‍රකාශ කළ පරිදි උන් වහන්සේද මනුෂ්‍යයෙකු බවට පත් වූ සේක. එසේම ඇදහිලිවන්තයන්ගේ ප්‍රයෝජනය සඳහා මෙන්ම යක්ෂයන් පරාජය කිරීම සඳහා පියාණන් වන දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුව උපත ලැබූ සේක. දැන් පවා, මේ අවසාන ප්‍රකාශයේ සත්‍යය ඔබේම දෑස ඔබට කියා දෙනු ඇත. මන්ද සමස්ත ලෝකය පුරාවටම බොහෝ යක්ෂයික ක්‍රියාවන් සිදු වේ. එසේම ඔබගේම නගරයේ පවා, පොන්තියුස් පිලාත් යටතේ කුරුසියේ ඇණ ගසනු ලැබූ යේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ නාමයෙන් අපගේ කිතුනුවන් බොහෝ දෙනෙකු නෙරපා හරින ලදී. අපේ මිනිස්සු ඔවුන් සුව කළහ. එසේම ඔවුන් තවමත් අසරණ අයට අත දෙමින් අන් අය සුවපත් කරති. එසේම අනෙක් සියලුම අණවිනකාරයින්ට සහ මන්ත්‍රකාරයින්ට සහ සූරාකන්නන්ට සහ බෙහෙත්වලට සුව කළ නොහැකි වූ විට පවා, ඔවුහු මේ මනුෂ්‍යයින් තුළ අරක් ගෙන ඇති යක්ෂයින් දුරු කරති.

7 වන පරිච්ඡේදය

එබැවින් දෙවියන් වහන්සේ විශ්වයේ බිඳවැටීම හා විනාශවීම කල් දමන සේක (එමගින් නරක දේවදූතයන්, යක්ෂයන් සහ මිනිසුන්ගේ පැවැත්ම නතර වනු ඇත). ‘ක්‍රිස්තියානි බීජය නිසා, එනම්  ස්වභාවධර්මයෙහි පැවැත්මට හේතුව [ලෝකයෙහි සංරක්ෂණයට හේතුව]  එය බව උන් වහන්සේ දන්නා නිසාය.  එය එසේ නොවුණි නම්, ඔබ කරන්නා වූ දේ සිදු කිරීමට ඔබට නොහැකි වනු ඇත. එසේම නපුරු යක්ෂයන්ගේ බලපෑමට හසු වනු ඇත. එහෙත් විනිශ්චයේ ගින්න බැස විත් සියල්ල සම්පූර්ණයෙන්ම විසුරුවා හරිනු ඇත. එය එක් වරක් ගංවතුර ගලා විත්, අප  නෝවා නමින් හඳුන්වන සහ  ඔබ ඩියුකේලියන් නමින් හඳුන්වන   ඔහු සහ  ඔහුගේ පවුලේ අය පමණක් මිස  අන් කිසිවෙකුත් ඉතිරි නොකළ අයුරින් එය සිදු වනු ඇත. ඔවුන් කෙරෙන් බොහෝ දෙනෙකු ඉපදී ඇත. ඒ අයගෙන්  ඇතැම් අය නරක අය වන අතර, ඇතැම් අය යහපත් අය වෙති. මේ ආකාරයෙන්, ලෝකය අවසානයේ ගින්නෙන් විනාශ වන බවත්, ස්ටොයික්වරුන් විශ්වාස කරන පරිදි එය සිදු නොවන බවත් අපි කියා සිටිමුව. මන්ද, ඔවුන් පවසන්නේ නින්දිත ධර්ම නියාමකයට අනුව සියල්ලම සම්පූර්ණයෙන්ම වෙනස් වූ ස්වභාවයකට වෙනස් වන බවයි. මිනිසුන් ක්‍රියා කරන්නේ සහ දුක් විඳින්නේ දෛවයේ නියමයන්ට අනුව බව අප [ස්ටොයික්වරුන් මෙන්] උගන්වන්නේ නැත. එහෙත් සෑම මිනිසෙකුම තමාගේම ස්ව කැමැත්තට අනුව තෝරාගැනීමෙන් යහපත් ලෙස හෝ නපුරු ලෙස ක්‍රියා කරන බව අපි උගන්වන්නෙමු. එසේ සොක්‍රටීස් වැනි යහපත් මිනිසුන්, සහ සාර්දනපෝලස්, එපිකියුරස් සහ ඒ හා සමාන ආකාරයෙන් ධනයෙන් හා මහිමයෙන් පිරී ඇති ලෙස පෙනෙන අය, දුෂ්ට යක්ෂයන්ගේ බලපෑමෙන් පීඩාවට පත් කරන ලදුව  සිරගත කරන ලද බවත් අපි උගන්වන්නෙමු. 

එහෙත් මෙම යක්ෂ බලපෑම පිළිබඳ නොදැනුවත්ව සිටි ස්ටොයික්වරු, සියල්ල සිදුවන්නේ දෛවයේ අවශ්‍යතාවය මත බව පවසති. එහෙත්, දෙවියන් වහන්සේ ආරම්භයේ සිටම දේවදූතයන් සහ මිනිස් වර්ගයා නිදහස් කැමැත්ත ඇතිව මවා ඇති බැවින්, ඔවුන් සාධාරණ ලෙස තමන් විසින් සිදු කළ පාපවලට සදාකාලික ගින්නෙන් දඬුවම විඳිනු ඇත. ඇත්ත වශයෙන්ම, සෑම සත්වයෙකුටම ස්වභාවයෙන්ම, දුෂ්ටකම් කිරීමට සහ යහපත් ගුණධර්මවල පැවතීමට හැකියාව ඇත. එමෙන්ම [දුෂ්ටකමට හෝ ගුණවත්කමට] නැඹුරු වීමට ඔවුන්ට බලයක් නොමැති නම් ඔවුන්ගේ කිසිම ක්‍රියාවක් ප්‍රශංසාව ලැබීමට සුදුසු වන්නේ නැත. මෙහි නිවැරදි හේතුවට අනුව ක්‍රියා කරමින්, යම් ක්‍රියාවන් සිදු කිරීමටත්, සමහර දේවල්වලින් වැළකීමටත් නියෝග කර ඇති නීති සම්පාදකයින් සහ දාර්ශනිකයන් විසින් සත්‍යය සෑම තැනකදීම පෙන්නුම් කරනු ලැබෙයි. ස්ටොයික දාර්ශනිකයන්ද ඔවුන්ගේ සදාචාරාත්මක ඉගැන්වීම් තුළ සෑම විටම එම මූලධර්මවලට ගරු කර ඇත. එබැවින්, ප්‍රතිපත්ති සහ අනාර්ය ජීවීන් පිළිබඳ ඔවුන්ගේ ඉගැන්වීම් කෙතරම් වැරදිද යන්න පහසුවෙන් දැකගත හැකිය. මන්ද, මිනිස් ක්‍රියා සිදුවන්නේ දෛවයෙන් බව ඔවුන් ප්‍රකාශ කරන්නේ නම්, ඔවුන් දෙවියන් වහන්සේ යනු අන් කිසිවක් නොව, අඛණ්ඩව පෙරළෙන සහ වෙනස් වන සහ දියවී යන එකම මූලද්‍රව්‍ය බවට පිළිගන්නවා ඇත. එසේම  දෙවියන් වහන්සේම සෑම පාපයකම කොටසක් ලෙස සහ සම්පූර්ණයෙන් ලෙස සිටින බවට පිළිගන්නවා ඇත. නොඑසේ නම්, කිසිම දෙයක් අයහපත් ගුණයක් හෝ යහපත් ගුණධර්මයක් නොවන බවට පිළිගන්නවා ඇත. එය සැම හොඳ අදහසකටම, හේතුවකටම සහ මනසකටම ප්‍රතිවිරුද්ධ වේ.

8 වන පරිච්ඡේදය

ස්ටොයික ඉගැන්වීමේ අනුගාමිකයින්, අවම වශයෙන් ඔවුන්ගේ ආචාර ධර්ම නිසා ප්‍රශංසාවට ලක් වූ නිසාත්, සමහර පැතිවලින් කවියන් ලෙස ගෞරවයක් දිනාගෙන සිටින නිසාත්, සියලු මනුෂ්‍ය වර්ගයා තුළ රෝපණය කරන ලද තර්කයේ බීජය නිසා, වෛරයට පාත්‍ර වී ඝාතනයට ලක් වූ බව අපි දනිමු. නිදසුන් ලෙස, අප දැනටමත් ප්‍රකාශ කළ පරිදි, අපේම කාලයේ අය වන හෙරක්ලිටස් සහ මුසොනියස් මෙන්ම වෙනත් අය අපට සඳහන් කළ හැකිය.  මන්ද, අප පෙන්වා දුන් පරිදි, යක්ෂයෝ සැමවිටම, ඕනෑම ආකාරයකින් නිවැරදි හේතුවට අනුව ජීවත් වීමට සහ අයහපත් දේවලින් වැළකී සිටීමට  උත්සාහ කරන සෑම කෙනෙකුම වෛරයට ලක් වීමට සලස්වති.

එමෙන්ම බලපෑමක් ඇති කරන වචනයේ කොටසකට පමණක් අනුව ජීවත් නොවී, නමුත් ක්‍රිස්තුස් වහන්සේ වන මුළු දේව වචනයම දැනගැනීමෙන් හා එය සලකා බැලීමෙන් යුක්තව ඒ අනුව ජීවත් වන අය වඩා වැඩියෙන් වෛර කරනු ලැබීමට ලක් වීම යක්ෂයින් විසින් සිදු කරනු ලබන දෙයක් බව පුදුමයට කරුණක් නොවේය. එහෙත් මෙම යක්ෂයන් සදාකාලික ගින්නට සීමා වූ සාධාරණ දඬුවමට හා වධ හිංසාවලට ලක් වනු ඇත. මන්ද, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් මිනිසුන් විසින් මේ වන විටත් ඔවුන් පරාජයට පත් කරනු ලැබීම ඔවුන් සහ ඔවුන්ගේ අනුගාමිකයින් සදාකාලික ගින්නෙන් දඬුවම් කරනු ලබන බවට වන ලකුණකි. සියලුම අනාගතවක්තෘවරු එය එසේ සිදු වන බව කලින් පැවසූ අතර අපගේ ගුරුවරයාණන් වන වන යේසුස් වහන්සේද එය ඉගැන්වූ සේක.

9 වන පරිච්ඡේදය

පව්කාරයින්ට සදාකාලික ගින්නෙන් දඩුවම් දෙන බව පවසන අපගේ ප්‍රකාශයන් භීෂණය ඇති කිරීමට පවසන ලද  පුරසාරම් වචන බවත්, මිනිසුන් බිය නිසා භක්තිවන්ත ජීවිතයක් ගත කිරීමට අපට අවශ්‍ය බවත් පවසන ඊනියා දාර්ශනිකයන්ගේ වැරැද්ද කිසිවෙකු නැවතත් සිදු නොකරාවා.   එබඳු ජීවිතයක් ප්‍රසන්න නිසා නොව, මම මේ කෙටි පිළිතුර දෙන විට මෙසේ පවසන්නමි.  එය අප පවසන පරිදි සිදු නොවේ නම්, දෙවියන් වහන්සේ කෙනෙක් ඇත්තේ නැත; එසේත් නැතිනම්, දෙවියන් වහන්සේ කෙනෙකු සිටින සේක් නම්, උන් වහන්සේ මිනිසුන් ගැන සැලකිල්ලක් නොදක්වන අයෙකු වන අතර, අයහපත් ගුණය සහ යහපත් ගුණධර්මවලින් වැඩක් නැත. එසේම අප දැනටමත් ප්‍රකාශ කර තිබෙන පරිදි, නීති සම්පාදකයෝ  ඔවුන්ගේ විශිෂ්ට ශික්ෂා පද උල්ලංඝනය කරන්නන්ට අසාධාරණ ලෙස දඬුවම් කරති. එහෙත්, මෙම ව්‍යවස්ථාදායකයන් අසාධාරණ අය නොවන නිසාත්, ඔවුන්ගේ පියාණන් වහන්සේ ඔවුන්ට උන් වහන්සේ සිදු කරන ආකාරයටම ඒවා කිරීමට දේව වචනයෙන් උපදෙස් දෙන නිසාත්, මේ නීති සම්පාදකයන්ට අවනත වන අය අසාධාරණ අය නොවෙති.  මනුෂ්‍ය නීති වෙනස් යැයි යමෙක් ප්‍රකාශ කළහොත්, සහ සමහර පිරිමින් එක දෙයක් යහපත් යැයිද තවත් දෙයක් අයහපත් ලෙස ද සලකන අතර, අනෙක් පිරිමින් කලින් අයහපත් ලෙස සැලකූ දේ යහපත් යැයිද, යහපත් යැයි සිතූ දේ අයහපත් යැයිද සලකන බව පැවසුවහොත්, ඔහු මෙම පිළිතුරට සවන් දේවා.  නරක දේවදූතයන් මිනිසුන් අතර සිටින ඔවුන්ගේ සගයන් සතුටු කරන ඔවුන්ගේම අයුතුකම්වලට ගැළපෙන නීති සෑදූ බව අපි තේරුම් ගනිමු. එසේම සත්‍යය වූ දේව වචනය, උන් වහන්සේගේ පැමිණීමේදී, සියලු අදහස් සහ ඉගැන්වීම් යහපත් නොවන බවත්, සමහර ඒවා නරක බවත්, අනෙක් ඒවා යහපත් බවත් ඔප්පු කර ඇත. එබැවින්, මම එවැනි මිනිසුන්ට එම ප්‍රකාශයන්ම සහ ඒ හා සමාන වූ ප්‍රකාශයන් නැවත නැවතත් කියමි. අවශ්‍ය නම්, මම ඒවා වඩාත් දිගු කර පවසමි.” එහෙත් දැනට මම මගේ විෂයට ආපසු යා යුතුය.

10 වන පරිච්ඡේදය

එබැවින් සැකයෙන් තොරවම, සියලු මිනිස් ඉගැන්වීම්වලට වඩා අපගේ ඉගැන්වීම් උතුම් වේ, මන්ද අප උදෙසා මිහිපිට පහළ වූ ක්‍රිස්තුන් වහන්සේ, මුළු ලොගොස් එනම් වචනයාණෝ බවට පත් වූු තැනැන් වහන්සේ, නම් වශයෙන් ලොගොස් එනම් වචනයාණෝ සහ ශරීරය සහ ප්‍රාණය බවට පත් වූ බැවිනි. දාර්ශනිකයන් සහ නීති සම්පාදකයින් සොයා ගත් සහ ඉතාම හොඳින් ප්‍රකාශ කළ සෑම දෙයක්ම, ඔවුහු ලොගොස් එනම් වචනයාණෝ පිළිබඳ යම් කොටසක් සොයා ගැනීම සහ මෙනෙහි කිරීම තුළින් ඉටු කර ගත්හ. එහෙත්, ඔවුන්ට ක්‍රිස්තුස් වහන්සේ වන ලොගොස් එනම් වචනයාණෝ පිළිබඳ පූර්ණ දැනුමක් නොතිබූ බැවින්, ඔවුන් බොහෝ විට පරස්පර විරෝධී මත ඉදිරිපත් කළහ. එමෙන්ම ක්‍රිස්තුන් වහන්සේ මනුෂ්‍ය ස්වභාවයට පත්වීමට පෙර උපත ලැබූ අය, මනුෂ්‍ය පටුභාවයෙන් සිතා තර්කානුකූලව දේවල් ඔප්පු කිරීමට උත්සාහ කරන විට, ආගම් විරෝධි සහ මැදිහත් වීම් කරන පුද්ගලයන් ලෙස නීති උසාවිවලට ඇද දමන ලදී. මේ සම්බන්ධයෙන් වඩාත්ම උද්යෝගිමත් සොක්‍රටීස් හට, අපට චෝදනා කරන අපරාධ සම්බන්ධයෙන්ම චෝදනා කරන ලදී. ඔහු නව දෙවිවරුන් හඳුන්වා දුන් බවත් රාජ්‍ය අනුග්‍රහය ලබන දෙවිවරුන් ප්‍රතික්ෂේප කළ බවත් ඔවුහු ප්‍රකාශ කළහ. එහෙත් ඔහු කළේ හෝමර් සහ අනෙකුත් කවියන් නෙරපා හැරීමත්, දුෂ්ට යක්ෂයන් එළවා දැමීමට මිනිසුන්ට උපදෙස් දීමත්, එසේම කවියන් විසින් පවසන ලද ක්‍රියාවන් සිදු කළ අය නොරපා හැරීමට උපදෙස් දීමත්ය. එසේම මිනිසුන්ට තමන් නොදන්නා දෙවියන් වහන්සේ පිළිබඳ වැඩි විස්තර දැන ගැනීමට මෙනෙහි කිරීමට අනුශාසනා කිරීමටය. එහිදී ඔහු මෙලෙස පවසමින් අනුශාසනා කළේය. “සියල්ලෙහි පියාණන් වහන්සේ සහ මැවුම්කරුවාණන් වහන්සේ සොයා ගැනීම පහසු කාරණයක් නොවේය, උන් වහන්සේ සොයා දැනගත් විට, සියලුම මනුෂ්‍යයින් වෙත උන් වහන්සේ ප්‍රකාශ කිරීමද ආරක්ෂිත කාරණයක් නොවේය. එහෙත් අපේ ක්‍රිස්තුස් වහන්සේ මේ සියල්ල  උන් වහන්සේගේම බලයෙන් සිදු කළ සේක. සොක්‍රටීස්ගේ ඉගැන්වීම් වෙනුවෙන් මැරෙන්නට තරම් සොක්‍රටීස් විශ්වාස කළ කිසිවෙක් සිටියේ නැත, එහෙත් දාර්ශනිකයන් සහ විද්වතුන් ක්‍රිස්තුස් වහන්සේ විශ්වාස කළා පමණක් නොව, සොක්‍රටීස්ට පවා උන් වහන්සේ පිළිබඳ නොපැහැදිලි දැනගැන්මක් තිබිණි (මක්නිසාද උන් වහන්සේ සිටියා වූ තැනැන් වහන්සේ සහ සෑම පුද්ගලයෙකු තුළම සිටින ලොගොස් එනම් වචනයාණෝ වන අතර, උන් වහන්සේ අපගේ මිනිස් ස්වභාවය සහ හැඟීම් උපකල්පනය කළ විට සහ මෙම ධර්ම නියාමකයන් අපට ඉගැන්වූ විට, අනාගතවක්තෘවරුන් තුළින් සහ පසුව පෞද්ගලිකව පැමිණෙන දේවල් සම්බන්ධයෙන් අනාවැකි පළ කළ සේක). එහෙත් මහිමය සහ බිය සහ මරණය පිළිකුල් කළ සම්පූර්ණයෙන්ම නූගත් කම්කරුවන් සහ මිනිසුන් සියල්ලන්ටම උන් වහන්සේ සම්බන්ධයෙන්  අපැහැදිලි දැනගැන්මක් විය. ඇත්ත වශයෙන්ම, මෙය සිදු කරනු ලබන්නේ අප්‍රමාණ පියාණන් වහන්සේගේ බලයෙන් මිස මිනිස් තර්කයේ උපක්‍රමයෙන් නොවේය.

11 වන පරිච්ඡේදය

උපත ලබන සෑම මිනිසෙකුම ණයක් නිසා මරණයට යටත් විය යුතු නිසා නොව, කිතුනුවන් වන අප මරණයට පත් නොකළ යුතු අතර, නපුරු මිනිසුන් සහ යක්ෂයන් අප පාලනය කර අප යටත් කර ජය නොගත යුතුය. මේ අනුව, අපි මෙම ණය සම්බන්ධයෙන් වෙනත් දේවල් ලබා දෙන කල, අපි ස්තුතිවන්ත වෙමුව. දැන්, ක්‍රෙසෙන්ස් සහ ඔහු වැනි ඝෝෂා කරන අය වෙනුවෙන්, සෙනොෆියොන් ලියා ඇති දේ මෙහි සඳහන් කිරීම සුදුසු සහ ගැළපෙන්නක් යැයි අපි සලකමු. හර්කියුලිස්, සෙනොෆියොන්ට සමාන ලෙස සම්බන්ධ වෙයි. වරක් මාර්ග තුනක් හමු වූ ස්ථානයකට පැමිණ, එහිදී ඔහුට ඔහුට කාන්තා වේශයෙන් යහපත් ගුණය සහ අයහපත් ගුණාංග හමු විය. අයහපත් ගුණය මිල අධික හා සිත් ඇදගන්නා සුලු ඇඳුමකින් සැරසී, එවැනි ආභරණවලින් සිත් වසඟ කරගන්නා සුලු ප්‍රකාශයක් ඇති අතර, ක්ෂණිකව බැලීමට සිත් වසඟ කරන ආකාරයෙන් වූ අතර, හර්කියුලිස්ට  මෙසේ පැවසීය. ඔහු ඇය අනුගමනය කරන්නේ නම්, ඔහුගේ මුළු ජීවිතයම සතුටින් තෘප්තියෙන් පිරි එකක් වන බවට ඇය වග බලාගන්නා බවත්,  එවිට ඇය ඇඳ පැලඳ සිටි ආකාරයේ අතිවිශිෂ්ට අලංකාරයකින් ඔහු සැරසෙනු ඇති බවත්ය.  තවද පෙනුමෙන් හා ඇඳුමෙන් පිළිකුල් වූ යහපත් ගුණාංගය මෙසේ පැවසීය. ‘ඔබ මට කීකරු වන්නේ නම්, පහව යන තාවකාලික හා විනාශ වන ආභරණවලින් හෝ අලංකාරයෙන් හෝ නොව, එහෙත් ඔබ සදාකාලික හා අනර්ඝ ආභරණවලින් සැරසෙනවා ඇත.’ ඇත්ත වශයෙන්ම, හොඳ යැයි පමණක් පෙනෙන දේ මගහරිමින් දුෂ්කර හා හේතුවක් නැතැයි  සලකන දේ සඳහා උත්සාහ කරන තැනැත්තා හට සන්තෝෂය ලැබෙනු ඇතැයි අපි විශ්වාස කරමු. මන්ද දුර්ගුණය, තමාගේම ක්‍රියාවන් වසා ගැනීම පිණිස වෙස්වළා ගැනීම සඳහා, සැබවින්ම විශිෂ්ට වූ යහපත් ගුණාංග ලබා ගත්තේ, නොදිරන දේ අනුකරණය කිරීමෙන් (මන්ද දුර්ගුණයට විනාශ නොවන අමරණීය දේ ලබාගැනීමට හෝ එහි බලපෑමට හසු වීමට නොහැකිය) සහ ඇයගේම නපුරු පුරුදු යහපත් ගුණාංගවලට ආදේශ කරමින් පහත් මනසක් ඇති පිරිමින් වහල්භාවයට පත් කරගෙන ඇත. එහෙත් සත්‍ය වශයෙන්ම යහපත් දේ අවබෝධ කරගත් අය එසේම යහපත් ගුණයෙන්ද නොකිලිටිව සිටිති. එවැනි පුද්ගලයෝ,  සෑම බුද්ධිමත් මිනිසෙකුම නිගමනය කළ යුත්තේ කිතුනුවන්, ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ කවියන් ඊනියා දෙවිවරුන් ගැන පවසන ක්‍රියාවන් කළ අය බවයි. එසේම කිතුනුවන් වන අප මරණයෙන් බේරී ඇති අය ලෙස මෙම නිගමනයෙන් පෙන්නුම් කළ යුතුය.

12 වන පරිච්ඡේදය

ඇත්ත වශයෙන්ම, මම ප්ලේටෝගේ ඉගැන්වීම් ගැන ප්‍රීති වූ අතර, කිතුනුවන්ගේ ඉගැන්වීම් වැරදි ලෙස නිරූපණය කර ඇති බව අසා සහ මරණය හමුවේ සහ භයානක යැයි සැලකෙන අනෙකුත් සෑම දෙයකදීම නොබියව නැගී සිටිනු බලා, ඔවුන්ගේ පව්කාර සැපයෙන් ජීවත් වීමේ නොහැකියාව මට වැටහුණි. මන්ද, මනුෂ්‍ය මාංස අනුභවය අනුමත කරන කාමුක හෝ ස්වයං තෘප්තිය ලබන පුද්ගලයා, තමාගේ තෘප්තිමත් වීමෙන් කොල්ලකෑමට ලක් නොවන පිණිස මරණය සාදරයෙන් පිළිගනු ඇත. එසේම සෑම විටම තම වර්තමාන ජීවන රටාවෙහි දිගටම ජීවත් වීමට සහ රාජ්‍ය නිලධාරීන් පෙලඹවීම මග හැරීමට උත්සහා නොකරනු ඇත. එසේම දඬුවම මරණය වූ විට ඔහු තමාම හෙළා දැකීමට සුදුසු වන්නේ ඊටත් වඩා අඩුවෙන් නොවේද? නපුරු යක්ෂයන් දුෂ්ට මිනිසුන් කරණකොටගෙන මේ දේවල් සිදු කරනු ලැබීමට සලස්වා ඇත. මන්ද, අපට විරුද්ධව එල්ල කරන ලද බොරු චෝදනා නිසා සමහරුන්ට මරණීය දණ්ඩනය නියම කිරීමෙන් පසුව, ඔවුන් අපගේ සේවකයන්ට, ඔවුන්ගෙන් සමහරෙකු වන ළමයින්ට සහ කාන්තාවන්ට වධහිංසා පමුණුවා, ඔවුන් බලහත්කාරයෙන් මෙම දරුණු වධ හිංසාවලට ලක් කර, ඔවුන්ම, ප්‍රසිද්ධියේ සිදු කළ එම අපරාධ කල්පිත ලෙස මොවුන්ට ආරෝපණය කර ඒවා පිළිගෙන පාපොච්චාරණය කරන ලෙස බල කළෝය. එහෙත් අපි එවැනි අපරාධ ගැන කිසිසේත්ම සුළු වශයෙන් හෝ තැකීමක් නොකරන්නෙමු. මන්ද අප ඒවා සිදු නොකරන බැවින් සහ  අපගේ සිතුවිලි සහ ක්‍රියාවන් පිළිබඳ සාක්ෂිකරුවෙකු ලෙස උපත නොලැබුවාවූ සහ නොවරදින සුලු   දෙවියන් වහන්සේ අපට සිටින බැවිනි. මන්ද, අපි මේ දේවල් යහපත් යැයි පිළිගෙන, ඒවා දිව්‍ය දර්ශනවාදයක් වන්නේ කෙසේදැයි පෙන්නුම් කර, සෙනසුරුගේ අබිරහස් මිනීමැරුම්වලදී සහ ලේ පානය කිරීමේදී ඇති බවත්, ඔබ වඳින ගරු කරන  පිළිමය අබියස ඔබ කරන දෙයට සමාන බලපෑමක් ඇති බව සනාථ නොකළේ මන්ද? එම පිළිමවලට  ඔබ තිරිසන් සතුන්ගේ  රුධිරය පමණක් නොව මිනිසුන්ගේද ලේ ඉස මරා දැමූ මිනිසාගේ ලේ ඔබ අතරේ සිටින අති කීර්තිමත් හා උතුම් පුද්ගලයා මාර්ගයෙන් මුදාහරිනවාද? එසේම ස්ත්‍රීන් සමග ලිංගික සබඳතා සහ පාපකාරී සබඳතා පවත්වමින් බ්‍රහස්පති සහ අනෙකුත් දෙවිවරුන් අනුකරණය කරමින්,  ඔවුන්ගේ ක්‍රියාවන් ආරක්ෂා කිරීම සඳහා, එපිකියුරස්ගේ සහ කවියන්ගේ ලේඛන උපුටා දක්වන්නේ නැද්ද?  එහෙත්, අප එවැනි සිරිත් විරිත්වලින් වැළකී සිටින ලෙස මිනිසුන්ට ඒත්තු ගැන්වීමට සහ ඒවා පවත්වන අය සහ ඔවුන් අනුකරණය කරන අය සමගින්, අප දැන් මෙම වචනවලින් ඔබට ඒත්තු ගැන්වීමට දැඩි උත්සාහයක් ගත් නිසා, අපට බොහෝ ආකාරවලින් පහර දෙනු ලැබේ. එහෙත් අපි කිසිසේත්ම ඒවායින් කනස්සල්ලට පත් නොවෙමු. මන්ද දෙවියන් වහන්සේ සියල්ලන්ගේම සාධාරණ අධීක්ෂකයාණන් වහන්සේ බව අපි තේරුම් ගනිමු. දැන්වත් යම් මිනිසෙකු උස් වේදිකාවකට නැඟී මහ හඬින් මෙසේ මොරගසන්නේ නම් යහපත්ය: ‘ඔබ විසින්ම විවෘතව සිදු කරනු ලබන අපරාධ ගැන අහිංසකයන්ට චෝදනා කරන ඔබ, ලජ්ජාවට පත් වන්න. එසේම ඔබ සහ ඔබේ දෙවිවරුන් වැරදිකරුවන් වන දේවල් සම්බන්ධයෙන්, ඒවායේ අංශු මාත්‍රයක්වත් සිදු කර නොමැති පුද්ගලයින්ට ඔබ චෝදනා කරන්නෙහිය. ඔබේ මාර්ග වෙනස් කර ඔබේ හරි සිහියට පැමිණෙන්න.’

13 වන පරිච්ඡේදය

ක්‍රිස්තියානි අයගේ  දිව්‍යමය ධර්ම නියාමකයන් වටා අන් අය ඒවා අනුගමනය කිරීමෙන් වළක්වන පිණිස  දුෂ්ට යක්ෂයන් විසින් ගෙන හැරපාන කාරණා මා දැනගත් විට, මම මෙම බොරුවල කතුවරුන්ටත්, ඒවා ගෙන හැර පාන්නන්ටත්, එසේම ජනප්‍රි ප්‍රතික්‍රියා දක්වන්නන්ටත් සිනාසුණෙමි. ප්ලේටෝගේ ඉගැන්වීම් ක්‍රිස්තුස් වහන්සේගේ ඉගැන්වීම්වලට වඩා වෙනස් ඒවා වන නිසා නොව, අනෙකුත් ලේඛකයන්ගේ, ස්ටොයික්වරුන්ගේ, කවියන් සහ ඉතිහාසඥයින්ගේ ඉගැන්වීම් හා සෑම අතින්ම සමාන නොවන නිසා, කිතුනුවෙකු ලෙස ප්‍රසිද්ධියට පත් වීම පිණිස මා මගේ මුළු ශක්තියෙන් උත්සාහ කළ බව පැවසීමට මම ආඩම්බර වෙමි. ඒ සෑම කෙනෙකුම, ඔහුගේ සහභාගිත්වය තුළින් අපැහැදිලි වූ දේව වචනයට සම්බන්ධ දේ දැකීමෙන්, එයට සම්බන්ධ දේ දැකීමෙන් ඉතා හොඳින් කථා කළහ.  එහෙත්, වැදගත් කරුණුවලදී පරස්පර විරෝධී වන ඔවුන් පැහැදිලිවම අදෘශ්‍යමාන [එනම්, ස්වර්ගීය] ප්‍රඥාව සහ අවිවාදිත දැනුම ලබා ගත්තේ නැත. සෑම රටකම සිටින මිනිසුන් නිවැරදිව කථා කරන සත්‍යයන් ක්‍රිස්තියාන අය වන අපට අයිතිය. මන්ද, පියාණන් වන දෙවියන් වහන්සේට, අපි නමස්කාර කරන අතර, උන් වහන්සේට ප්‍රේම කරමු. උන් වහන්සේ උපත ලබා නැති සහ නොවරදින සුලු දෙවියන් වහන්සේගෙන් වූ වචනයාණෝ වන සේක. උන් වහන්සේ අප වෙනුවෙන් මිනිසෙකු බවට පත් වූ සේක. එසේ කළේ  උන් වහන්සේ අපගේ දුක් වේදනාවලට හවුල් වීමෙන් උන් වහන්සේම අප සුව කරන පිණිසය. ඇත්ත වශයෙන්ම, සියලුම ලේඛකයින්ට, ඔවුන් තුළ රෝපණය කරන ලද දේව වචනයේ බද්ධ කරන ලද බීජය මගින්, සත්‍යය පිළිබඳ අඳුරු දර්ශනයක් තිබුණි. මන්ද, යමක බීජය සහ එහි අනුකරණය කිරීම, කෙනෙකුගේ හැකියාවට සමානුපාතිකව ලබා දීම එක් දෙයකි, එහෙත් උන් වහන්සේගේ කරුණා අනුග්‍රහයට අනුව බෙදා දෙන ලද සහ අනුකරණය කරන ලද දෙය ඊට හාත්පසින්ම වෙනස් දෙයකි.

14 වන පරිච්ඡේදය

එබැවින් අපගේ සිරිත් විරිත් අන් අයට දැන ගැනීමට  සහ වැරදි විශ්වාසයන්ගෙන් නිදහස් වීමට සහ යහපත පිළිබඳ නොදැනුවත්කමේ බන්ධනවලින් මිදීමටත් හැකි වන පරිදි මෙම ප්‍රකාශය ප්‍රකාශයට පත් කරන ලෙස අපි ඔබෙන් අයදිමු. මන්ද, ඔවුන්ගේම වැරදි නිසා ඔවුන් දඬුවම් ලැබීමට සුදුස්සන් වී ඇත. ස්වභාවයෙන්ම මිනිසාට යහපත හා අයහපත දැනගත හැකි බැවින්, මෙම සත්‍යයන් සියලු මිනිසුන් උදෙසා ප්‍රසිද්ධියට පත් කිරීම පිණිස, මෙම වචනද ප්‍රකාශයට පත් කරන්න. ඔවුන් අප හෙළා දැකීමෙන්, ඔවුන් ඇත්තටම ඔවුන් මවාපාන ආකාරයේ නින්දිත දේවල් කරන්නේදැයි ඔවුන් නොදන්නා නිසාත්, තමන් විසින්ම එවැනි ක්‍රියාවන් කරන ලද ඔවුන්ගේ දෙවිවරුන් ගැන ඔවුන් සතුටු වන නිසාත්, තවමත් ඒවා සිදු කිරීමට මනුෂ්‍ය වර්ගයාට අවසර දී ඇති නිසාත්, අප එවැනි ක්‍රියාවක් කළා සේ, මරණයෙන් හෝ බැඳුම්වලින්  හෝ එවැනි වූ දඬුවමකින් අපට දඬුවම් කිරීම මගින්, වෙනත් විනිශ්චයකරුවන් අවශ්‍ය නොවන බවට සලකා ඔවුහු ඔවුන්ම හෙළා දකිති. 

15 වන පරිච්ඡේදය

[මගේ රටවැසියා වන සයිමන් මාගස් සම්බන්ධයෙන්, මම ඔහුගේ දුෂ්ට හා වංචනික ඉගැන්වීම් දෙස දැඩි පිළිකුලකින් බැලුවෙමි.] ඔබ මෙම ලේඛනය අනුමත කරන්නෙහි නම් පමණක්, අපි ඔහු සියලු දෙනාගේ ඇස් හමුවේ එළිදරව් කරන්නෙමු, එවිට හැකියාවක් ඇත්නම්, ඔවුන්ට සංවර්තනය විය හැකිය. අපි මේ වචන ලියා ඇත්තේ මේ අරමුණ උදෙසා පමණි. අපගේ ඉගැන්වීම් අපකීර්තිමත් නොවන අතර, එහෙත් ඒවා  සියලු මනුෂ්‍ය ප්‍රඥාවට වඩා උතුම් බව සාධාරණ ලෙස විමසා බැලීමෙන් පසු ඔබට පෙනී යනු ඇත. ඔබ ඒවා සම්බන්ධයෙන් එසේ සිතන්නේ නැත්නම්, අවම වශයෙන් ඇසීමෙන් සහ කියවීමෙන් යන දෙයාකාරයෙන්ම  ඒවා මෙනෙහි කරන විට, ඒවා සෑම කෙනෙකුටම හුරුපුරුදු විය හැකි සෝතදිවාදීන්ගේ, ‘ෆිලේනිඩියානුවන්ගේ’, ‘ආර්චෙස්ට්‍රාටියානුවන්ගේ, එපිකියුරියානුවන්ගේ සහ වෙනත් කවියන්ගේ ඉගැන්වීම්වලට සමානකමක් නොදක්වන වන බව පෙනෙයි. දැන්, අපට කළ හැකි උපරිමය කර ඇති බැවින්, සෑම රටකම මිනිසුන් සත්‍යය ලැබීමට සුදුසු අය යැයි සලකනු ලබන පිණිස වන යාච්ඤාවකින් අපි අවසන් කරමු. තවද, ඔබගේ භක්තිවන්තකමට සහ ප්‍රඥාවට ගැළපෙන පරිදි, ඔබ වෙනුවෙන්ම යුක්තිය ඇතිව නඩුව විනිශ්චය කරාවා යයි යාච්ඤා කරමු.