යොහන් විසින් ලියන ලද ශුභාරංචිය (The Gospel of John)

[The Gospel of John in Sinhala. Translated by Edward Naumann. Copyright Lutheran Church-Missouri Synod, 2021. Licensed under CC BY 4.0. First published online and in print, April 2021.]


පෙරවදන


1

මුල සිටම වචනය තිබුනා, සහ වචනය දෙවියන් වහන්සේ සමඟ සිටියා, සහ වචනය දෙවියන් වහන්සේ. ඔහු මුල සිටම සිටියේ දෙවියන් වහන්සේ සමඟයි. සෑම දෙයක්ම මැව්වේ ඔහු තුළින්, සහ ඔහු නැතිව කිසිම දෙයක් මැව්වේ නැත. ඔහු තුළ ජීවනය තිබුනා, සහ ඔහුගේ ජීවනය මිනිසුන්ගේ ආලෝකයයි, සහ ආලෝකය කළුවරේ කැපී පෙනෙනවා, සහ කළුවර එය ලබාගත්තේ නැත.

දෙවියන් වහන්සේ වෙතින් එවපු මිනිසෙක් සිටියා, ඔහුගේ නම යොහන්. ඔහු ආලෝකය ගැන සාක්ෂි දෙන්න පැමිණියා, එවිට සියලු දෙනාම ඔහු තුලින් විශ්වාස කරයි. ඔහු ආලෝකය නොවේ, නමුත් ඔහු පැමිණියේ ආලෝකය ගැන සාක්ෂි දෙන්න.

සෑම දෙනාම ආලෝකමත් කරන සත්‍ය ආලෝකය ලෝකයට පැමිණෙමින් සිටියා.

ඔහු ලෝකයේ සිටියා, සහ ලෝකය හැදුනේ ඔහු තුළින්, සහ ලෝකය ඔහුව දැන සිටියේ නැත.

ඔහු ඔහුගේ දේවල් වලට පැමිණියා, සහ ඔහුගේ මිනිසුන් ඔහුව පිළිගත්තේ නැත.

එහෙත් ඔහු පිළිගත් අයට දෙවියන් වහන්සේගේ දරුවන් වෙන්න බලය දුන්නා, ඔහුගේ නාමය කෙරෙහි විශ්වාස කරන අයට, ඔවුන් ලේ වලින් නොවේ, මාංශයේ නොවේ, මිනිසාගේ කැමැත්තෙන්වත් නොවේ, නමුත් දෙවියන් වහන්සේගෙන් උපත ලැබුනා.

සහ වචනය මාංශය වුනා, සහ ඔහු අප අතර වහලය හැදුවා, සහ අපි දැක්කා ඔහුගේ තේජසද, පියාණන් විසින් එකම පුත්‍රයා ලෙස තේජස, සහ ඔහු කරුණාවෙන් හා සත්‍යයෙන් පිරී සිටියා.

යොහන් ඔහු ගැන සාක්ෂි දරනවා, සහ කෑගසා කිව්වා, “ඔහු තමයි මම කියපු කෙනා, මට පසුපසෙන් එන කෙනා මට කළින් සිටියා, ඔහු මට කලින් පළමුවැනියා නිසා.”

ඔහුගේ පූර්ණත්වයෙන් අපි සියලු දෙනාට කරුණාවෙන් කරුණාව ලැබුවා.

නීතිය මෝසෙස් මගින් දුන්නා. කරුණාව සහ සත්‍යය පැමිණියේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින්ය.

කවුරුත් කවදාවත් දෙවියන් වහන්සේ දැකලා නැත. පියාණන් ළඟ සිටින ඒකජාතික පුත්‍රයා, ඔහු බව ඔහු හෙළි කළා.

ඔබ කවුද කියලා අහන්න එවපු යුදෙව්වරුන්ට, පූජකයන්ට, ලෙවිවරුන්ට යෙරුසලමේ සිට, මෙය යොහාන්ගේ සාක්ෂියි.

ඔහු ප්‍රතික්ෂේප කරේ නැත, නමුත් පිළිගත්තා, “මම ක්‍රිස්තුස් නෙ‌මෙයි.”

එවිට ඔවුන් ඔහුගෙන් ඇහුවා, “ඒසේ නම් කුමක්ද? ඔබ එළියාද?”

ඔහු කියන්නේ, “මම නෙමෙයි.”

“ඔබ දිවෙසිවරයාද?”

ඔහු උත්තර දුන්නා, “නැහැ.”

එම නිසා ඔවුන් ඔහුට කිව්වා, “ඔබ කවුද? අපි එවපු අයට උත්තර දෙන්න ඕනේ, ඔබ මොනවාද ඔබ ගැන කියන්නේ?”

ඔහු කිව්වා, “මම තමයි කාන්තාරයේ දෝංකාරය දෙන කෙනාගේ කට හඬ, දෙවියන් වහන්සේගේ මාර්ගය පිළියෙල කරන්න,” දිවැසිවර යෙසායා කියපු විදිහට.

පරිසිවරු එවපු අය සිටියා, සහ ඔවුන් ඔහුගෙන් ඇහුවා සහ ඔහුට කිව්වා, “ඇයි ඔබ බෞතීස්ම කරන්නේ, ඔබ ක්‍රිස්තුස්වත්, එළියාවත්, දිවැසිවරයාවත් නෙමේ නම්?”

යොහන් ඔවුන්ට උත්තර දුන්නා, මෙසේ කියමින්, “මම වතුරෙන් බෞතීස්ම කරනවා. ඔබ දන්නේ නැති කෙනෙක් ඔබ අතරේ සිටිනවා, ඔහු මට පසුව එන කෙනා, ඔහුගේ පාවහන් පටියවත් ගලවන්න මම වටින්නේ නැහැ.”

මෙම දේවල් සිදු වුනේ බෙතානියේ යොර්දාන් ගඟ ළඟ. එම ස්ථානයේ යොහන් බෞතීස්ම කරමින් සිටියා.

ඊළඟ දවසේ ඔහු දකිනවා යේසුස් වහන්සේ ඔහු දෙසට එනවා, සහ කියනවා, “බලන්න! ලෝකයේ පාපය ඉවත් කරන දෙවියන් වහන්සේගේ බැටළු පැටියා. අර මිනිසා ගැන තමයි මම කිව්වේ, මට කලින් සිටින කෙනා, මට පසුපසින් එනවා, ඔහු මට කලින් පළමුවැනියා නිසා.

මම ඔහුව දැන සිටියේ නැහැ, නමුත් මෙම හේතුව නිසා මම වතුරෙන් බෞතීස්ම කරමින් පැමිණියා, ඔහුව ඉශ්‍රායෙල්වරුන්ට හෙළි කිරීමට.”

සහ යොහන් සාක්ෂි දුන්නා, මෙසේ කියමින්, “මම දැකලා තියෙනවා ආත්මය පරෙවියෙක් වගේ අහසින් බැස එනවා, සහ එය ඔහු මත වැඩ සිටියා. සහ මම ඔහුව දැන සිටියේ නැහැ, නමුත් මාව එවපු කෙනා වතුරෙන් බෞතීස්ම කරන්න, ඔහු තමයි මට කිව්වේ, ‘ඔබ දකින විට පහළට බැස එන සහ කෙනෙකු මත වැඩ සිටින ආත්මය, ඒ මිනිසා ශුද්ධාත්මයාණන්ගෙන් බෞතීස්ම කරන කෙනා.’ සහ මම දැක්කා, සහ මම සාක්ෂි දිලා තියෙනවා, මේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා.”

පසුදා නැවතත් යොහන් ඔහුගේ ගෝලයන් දෙදෙනකු සමග සිටිනවා, සහ යේසුස් වහන්සේ ඇවිදිනවා දැකලා කියනවා, “බලන්න! දෙවියන් වහන්සේගේ බැටළු පැටවා.”

ඔහුගේ ගෝලයෝ දෙදෙනා ඔහු කථා කරනවා ඇහිලා යේසුස් වහන්සේ පසුපස ගියා.

එවිට යේසුස් වහන්සේ හැරුනා, සහ ඔවුන් තමන් පසුපස එනවා දැකලා කියනවා, “මොනවාද සොයන්නේ?”

ඔවුන් ඔහුට කිව්වා, “රබ්බි,” (මෙම වචනයේ තේරුම ගුරුතුමනි) “ඔබ කොහේද ඉන්නේ?”

ඔහු ඔවුන්ට කියනවා, “එන්න, බලන්න.”

එවිට ඔවුන් ගියා සහ දැක්කා ඔහු කොහේද සිටින්නේ, සහ ඔවුන් ඒ දවසේ ඔහු සමග රැඳි සිටියා.

ඒ දහවෙනි පැය.

මේ දෙදෙනාගෙන් එක්කෙනෙක්, අන්ද්‍රැය සීමොන් පේතෘස්ගේ සහෝදරයා. ඔවුන් යොහන්ට ඇහුම්කන් දුන්නා, සහ යේසුස් වහන්සේ පසුපස ගියා.

මේ මිනිසා සොයාගන්නවා පලමුව ඔහුගේම සහෝදරයා සීමොන්, සහ ඔහුට කියනවා, “අපි සොයාගත්තා මෙසියා” (මෙහි තේරුම ක්‍රිස්තුස්). ඔවුන් යේසුස් වහන්සේ ළඟට ඔහුව ගෙනාවා.

යේසුස් වහන්සේ ඔහු දෙස බලමින් කිව්වා, “ඔබ සීමොන්, යොහන්ගේ පුත්‍රයා. ඔබට කේපස් කියයි” (මෙහි තේරුම පේතෘස්).

පසුදා ඔහු ගලිලයට යන්න කැමති වුනා, සහ පිලිප් හමු වෙනවා, සහ යේසුස් වහන්සේ ඔහුට කියනවා, “මා පසුපස එන්න!”

පිලිප් පැමිණියේ බෙත්සයිදා වලින්, අන්ද්‍රැයාගේ සහ පේතෘස්ගේ නගරයෙන්.

පිලිප් නතානියෙල් සොයාගන්නවා, සහ ඔහුට කියනවා, “අපට හමු වුනා මෝසෙස් නීතියේ ලියපු සහ දිවැසිවරුන් ලියපු ‌කෙනා, යේසුස්, යෝසෙප්ගේ පුතා, නාසරෙත් වලින්.”

සහ නතානියෙල් ඔහුට කිව්වා, “නාසරෙත් වලින් යම් හොඳක් වෙන්න පුළුවන්ද?”

පිලිප් ඔහුට කියනවා, “එන්න බලන්න!”

යේසුස් වහන්සේ දැක්කා, නතානියෙල් තමා වෙතට එනවා, සහ ඔහු ගැන කියනවා, “බලන්න! ඇත්තටම ඊශ්‍රායෙලෙක්. ඔහු තුළ කිසිම රැවටිල්ලක් නැහැ.”

නතානියෙල් ඔහුට කියනවා, “ඔබ මා ගැන ‌කොහොමද දන්නේ?”

යේසුස් වහන්සේ උත්තර දුන්නා සහ ඔහුට කිව්වා, “පිලිප් ඔබට කථා කරන්නට කලින් අත්තික්කා ගස යට ඔබ සිටිනවා මම දැක්කා.”

නතානියෙල් ඔහුට උත්තර දුන්නා, “රබ්බි, ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා! ඔබ ඊශ්‍රායෙල් රජ!”

යේසුස් වහන්සේ උත්තර දුන්නා සහ ඔහුට කිව්වා, “මම ඔබව අත්තික්කා ගස යට දැක්කා මම කිව්ව නිසා, ඔබ විශ්වාස කරනවාද? ඔබ මෙයට වඩා විශාල දේවල් දකියි.”

සහ ඔහුට කියනවා, “ආමෙන් ආමෙන්, මම ඔබට කියනවා, ඔබ දකියි, ස්වර්ගය විවර වෙලා, සහ දෙවියන් වහන්සේගේ දූතයන් මනුෂ්‍ය පුත්‍රයා මත නැග යනවා සහ බැස යනවා.”

2

තුන්වන දවසේ ගලිලයේ කානා වල මංගල්‍යයක් තිබුණා, සහ යේසුස් වහන්සේගේ අම්මා එතන සිටියා.

එවිට යේසුස් වහන්සේට සහ ඔහුගේ ගෝලයන්ට මංගල උත්සවයට ආරාධනා ලැබුණා.

සහ වයින් ඉවර වනාට පසු යේසුස් වහන්සේගේ අම්මා ඔහුට කියනවා, “ඔවුන්ට වයින් නැහැ.”

සහ යේසුස් වහන්සේ ඇයට කියනවා, “ඇයි ඔබත් මමත් කරදර වෙන්නේ, මනුෂ්‍ය දුව? මගේ වේලාව තවම ඇවිත් නැහැ.”

ඔහුගේ අම්මා සේවකයන්ට කියනවා, “ඔහු කියන ඕනෑම දෙයක් කරන්න.”

ගලින් හදපු වතුර භාජන හයක් එතන තිබුණා, යුදෙව්වරුන්ගේ පිරිසිදු වීමේ සිරිත සඳහා, ඵකක ගැලුම් දෙකක් හෝ තුනක් වතුර ඇල්ලුවා.

යේසුස් වහන්සේ ඔවුන්ට කියනවා, “භාජන වලට වතුර පුරවන්න,” සහ ඔවුන් ඒවා කට ළඟට පිරෙව්වා.

සහ ඔහු ඔවුන්ට කියනවා, “දැන් ටිකක් ගන්න, සහ උත්සවයේ ස්වාමියා ළඟට ගෙන යන්න.” 

එවිට ඔවුන් එය ගෙන ගියා.

එවිට උත්සවයේ ස්වාමියා වයින් වුණු වතුර රස බැලුවා, සහ දැන සිටියේ නැත එය කොහෙන්ද ආවේ, නමුත් වතුර ගෙන ගිය සේවකයෝ දැන සිටියා. උත්සවයේ ස්වාමියා මනාලයාට කථා කරනවා, සහ ඔහුට කියනවා, “සෑම දෙනාම මුලින්ම දෙන්නේ හොඳ වයින්, සහ මිනිස්සු ඇතිවෙන තරමට බීව්වාට පසු, දෙන්නේ බාල වයින්. ඔබ මේ වෙනකන් හොඳ වයින් තබාගෙන තිබෙනවා.”

මෙය යේසුස් වහන්සේ කරපු පළමුවෙනි පුදුමයයි. ගලිලයේ කානා වල, සහ ඔහුගේ මහිමය හෙළි කරා, සහ ඔහුගේ ගෝලයෝ ඔහු කෙරෙහි විශ්වාස කරා.

මෙයට පසු ඔහු තම අම්මා සහ සහෝදරයන් සහ ගෝලයන් සමඟ කපර්ණවුම් වලට ගියා, සහ දවස් කිහිපයක් එතන සිටියා.

සහ යුදෙව්වරුන්ගේ පාස්කුව ළඟ තිබුණා, සහ යේසුස් වහන්සේ යෙරුසලමට ගියා.

සහ ඔහුට හමු වුනා දේවමාළිගාවේ ගවයන්, බැටළුවන් සහ පරෙවියන් විකුණන අය, සහ මුදල් ගනුදෙනු කරන අය.

සහ ඔහු ලණුවලින් කසයක් හදාගෙන ඔවුන් සෑම දෙනාම දේවමාළිගාවෙන් එළියට දැම්මා, සහ ඔවුන්ගේ බැටළුවන් සහ ගවයන්, සහ මුදල් ගනුදෙනු කරන අයගේ මුදල් විසි කරා සහ මේස පෙරළා දැම්මා.

සහ ඔහු පරෙවියන් විකුණන අයට කිව්වා, “මේවා මෙතැනින් අරන් යන්න! මගේ පියාණන්ගේ ගෙදර වෙළඳ පොළක් කරන්න එපා.”

ඔහුගේ ගෝලයින්ට මතක් වුණා ලියලා තිබුන දේ, ‘ඔබගේ නිවසට ඇති උනන්දුව මාව ගිල ගන්නවා.’

ඒ නිසා යුදෙව්වරුන් උත්තර දුන්නා සහ ඔහුට කිව්වා, “ඔබ මේ දේවල් කරන නිසා, ඔබ මොන සලකුණද අපට පෙන්වන්නේ?”

යේසුස් වහන්සේ ඔවුන්ට උත්තර දුන්නා සහ ඔවුන්ට කිව්වා, “මේ දේවමාළිගාව කඩා දමන්න, සහ දවස් තුනකින් මම එය නගා සිටවනවා.”

ඒ නිසා යුදෙව්වරුන් කිව්වා, “මේ දේවමාළිගාව හදන්න අවුරුදු හතළිස් හයක් ගත වුනා. ඔබ එය දවස් තුනකින් නගා සිටවනවාද?”

එහෙත් ඔහු කථා කරා ඔහුගේ ශරීරය ගැන දේවමාළිගාව නමින්.

එවිට ඔහු මළවුන්ගෙන් නැගිටුන පසු, ඔහු මෙය කියපු බව ඔහුගේ ගෝලයන්ට මතක් වුනා, සහ ඔවුන් ශුද්ධ ලියවිල්ල සහ යේසුස් වහන්සේ කියපු වචන විශ්වාස කරා.

එවිට ඔහු පාස්කු උත්සවයේ යෙරුසලමේ සිටින විට, බොහෝ දෙනෙක් ඔහුගේ නාමය කෙරෙහි විශ්වාස කරා, ඔහු කරපු සලකුණු දැක්ක නිසා.

නමුත් ඔහු තමාව ඔවුන්ගේ විශ්වාසය තුළ තැබුවේ නැත, ඔහු සෑම දෙනා ගැනම දැන සිටිය නිසා, සහ මනුෂ්‍යයා ගැන කිසි කෙනෙකුගෙන් සාක්ෂියක් ඔහුට අවශ්‍ය නැති නිසා, ඔහු මනුෂ්‍යයා තුළ කුමක්ද වෙන්නේ දැන සිටිය නිසා.

3

පරිසිවරුන් අතරින් මනුෂ්‍යයෙක් සිටියා, නිකොදේමුස් නම්, යුදෙව්වරුන්ගේ පාලකයෙක්.

ඔහු රාත්‍රියේ ඔහු ළඟට ආවා, සහ ඔහුට කිව්වා, “රබ්බි, අපි දන්නවා ඔබ දෙවියන් වහන්සේ වෙතින් පැමිණි ගුරුවරයෙක්. දෙවියන් වහන්සේ කවුරුත් සමඟවත් සිටින්නේ නැත්නම්, ඔහුට ඔබ කරන සලකුණු කරන්න බැහැ.”

යේසුස් වහන්සේ උත්තර දුන්නා, සහ ඔහුට කිව්වා, “ආමෙන්, ආමෙන්, මම ඔබට කියනවා, “යම් කෙනෙක් ඉහළින් ඉපදුනේ නැත්නම්, ඔහුට දෙවියන්ගේ රාජ්‍යය දකින්න බැහැ.”

නිකොදේමුස් ඔහුට කියනවා, “මිනිසෙක් මහලුව සිටින විට උපදින්නේ කොහොමද? ඔහුගේ මවගේ කුස තුළට යන්න සහ නැවතත් ඉපදෙන්න ඛැහැ, නේද?”

යේසුස් වහන්සේ උත්තර දුන්නා, “ආමෙන්, ආමෙන්, මම ඔබට කියනවා, යම් කෙනෙක් වතුරෙන් සහ ආත්මයෙන් ඉපදුණේ නැත්නම්, ඔහුට දෙවියන්ගේ රාජ්‍යය ඇතුළට එන්න බැහැ.

මාංශයෙ‌න් උපදින දේ මාංශයයි, සහ ආත්මයෙන් උපදින දේ ආත්මයයි. පුදුම වෙන්න එපා, මම කිව්වාට ඔබ ඉහළින් උපදින්නට අවශ්‍යයි. ආත්මය එයට කැමති තැන් වලට හමයි. සහ ඔබට එහි ශබ්දය ඇහෙනවා. නමුත් ඔබ දන්නේ නැහැ එය කොහෙන්ද එන්නේ, සහ කොහාටද යන්නේ. ආත්මයෙන් ඉපදුණ සෑම කෙනෙක්ම මේ වගේ.”

නිකොදේමුස් උත්තර දුන්නා සහ ඔහුට කිව්වා, “මේ දේවල් කොහොම වෙන්න පුළුවන්ද?”

යේසුස් වහන්සේ උත්තර දුන්නා සහ ඔහුට කිව්වා, “ඔබ ඊශ්‍රායෙල් වල ගුරුවරයා, සහ මේ දේවල් දන්නේ නැද්ද? ආමෙන් ආමෙන්, මම ඔබට කියනවා, අපි දන්න දේ ගැන අපි කථා කරනවා, සහ අපි දැකපු දේ ගැන සාක්ෂි දරනවා, සහ ඔබ අපගේ සාක්ෂිය භාර ගන්නේ නැහැ. මම ඔබට පොළොවේ දේවල් කිව්ව වේලාවේ ඔබ මාව විශ්වාස කරන්නේ නැත්නම්, ඔබ කොහොමද මම ස්වර්ගයේ දේවල් කියන වේලාවේ විශ්වාස කරන්නේ? සහ කිසි කෙනෙක් ස්වර්ගයට ගිහින් නැහැ, ස්වර්ගයෙන් බැස පැමිණි මනුෂ්‍ය පුත්‍රයා හැර.

සහ මෝසෙස් කාන්තාරයේ සර්පයා ඔසවනවා වගේ, මනුෂ්‍ය  පුත්‍රයාත් ඉහළට එසවිමට අවශ්‍යයි, එවිට ඔහුව විශ්වාස කරන සෑම දෙනාටම සදාතන ජීවනය ලැඛෙයි. මෙම විදිහට දෙවියන් වහන්සේ ලෝකයට ප්‍රේම කරා, ඔහු තමාගේ එකජාතික පුත්‍රයා දුන්නා, එවිට ඔහු කෙරෙහි විශ්වාස කරන සියලු දෙනාම විනාශ වෙන්නේ නැහැ, නමුත් සදාකාලික ජීවනය ලැබෙයි. දෙවියන් වහන්සේ ලෝකයට ඔහුගේ පුත්‍රයා එව්වේ, ලෝකය විනිශ්චය කිරීමට නෙමෙයි, එහෙත් ඔහු තුලින් ලෝකය ගලවා ගැනීමට. ඔහු කෙරෙහි විශ්වාස කරන කෙනාට විනිශ්චය ලැබෙන්නේ නැහැ, නමුත් විශ්වාස කරන්නේ නැති කෙනාට දැනටමත් විනිශ්චය ලැබිලා තියෙනවා, ඔහු දෙවියන් වහන්සේගේ එකජාතික පුත්‍රයාගේ නාමය කෙරෙහි විශ්වාස කරේ නැති නිසා. නමුත් මෙය විනිශ්චය, ලෝකයට ආලෝකය පැමිණ තියෙනවා, සහ මිනිසුන් ආලෝකයට වඩා කළුවරට ප්‍රේම කරා, ඔවුන්ගේ ක්‍රියා නපුරු නිසා. වැරදි කරන සෑම දෙනාම ආලෝකයට වෛර කරනවා, සහ ආලෝකය වෙතට එන්නේ නැහැ, එවිට ඔහුගේ ක්‍රියා පරික්ෂා කරන්නේ නැහැ.

එහෙත් සත්‍යය කරන කෙනා ආලෝකය වෙතට එනවා, එවිට ඔහුගේ ක්‍රියා හෙළි කරයි, ඔහු දෙවියන් වහන්සේ තුළ ඒ දේවල් කරපු නිසා.”

මේ දේවල් වලින් පසු යේසුස් වහන්සේ සහ ඔහුගේ ගෝලයෝ යුදා දේශයට පැමිණියා, සහ එතන ඔවුන් සමඟ කාලය ගත කරා, සහ බෞතීස්ම කරමින් සිටියා.

එවිට යොහන් අයිනොන් වල සාලිම් ළඟ බෞතීස්ම කරමින් සිටියා, එතන වතුර බොහෝ තිබුණ නිසා, සහ මිනිසුන් ඇවිත් බෞතීස්මය ලැබුවා.

යොහන් තවමත් සිරගත කර තිබුනේ නැත.

එවිට යොහන්ගේ ගෝලයන් සහ යුදෙව්වරුන් අතර පිරිසිදුවීම ගැන ප්‍රශ්නයක් වුනා.

සහ ඔවුන් යොහන් ළගට ආවා සහ ඔහුට කිව්වා, “රබ්බි, යොර්දානයේ අනෙක් පැත්තේ ඔබ සමඟ සිටිය කෙනා, ඔබ සාක්ෂි දුන්න කෙනා, බලන්න, ඔහු බෞතීස්ම කරනවා, සහ සියලු දෙනාම ඔහු වෙතට යනවා.”

යොහන් උත්තර දුන්නා සහ කිව්වා, “මිනිසෙකුට ස්වර්ගයෙන් ලබා දෙන්නේ නැත්නම්, ඔහුට කිසිවක් ගන්න බැහැ.

ඔබම සාක්ෂි දරනවා, මම කිව්වා මම ක්‍රිස්තුස් නෙමෙයි, නමුත් මම ඔහුට කලින් එවපු කෙනා.

මනමාලිය අල්ලාගෙන සිටින්නේ මනමාලයාය. නමුත් මනමාලයාගේ මිතුරා සිටගෙන සිටිනවා සහ ඔහුට ඇහෙනවා, සහ මනමාලයාගේ කට හඬ නිසා ඔහු ත්g; for a full comprehension of needed  n  to  only quite salutary, but also necessary (in writing; for a full comprehension ofසතුටින් පිරී යනවා. ඒ නිසා මගෙත් සතුට පිරිලා තියෙනවා. ඔහු උසස් වෙන්න, එහෙත් මම පහත් වෙන්න අවශ්‍යයි. ඉහළින් එන කෙනා සියල්ලන්ටම වඩා උසස්. පොළොවෙන් ආපු කෙනා පොළොවෙන් එනවා, සහ පොළොවෙන් කථා කරනවා. ස්වර්ගයෙන් එන කෙනා සියල්ලන්ට වඩා උසස්. ඔහු දැකපු දේ සහ ඇහුන දේ ගැන සාක්ෂි දෙනවා, සහ කිසි කෙනෙක් ඔහුගේ සාක්ෂිය පිළිගත්තේ නැහැ. ඔහුගේ සාක්ෂිය ලබාගත් කෙනා දෙවියන් වහන්සේ සත්‍යයි සහතික කරා. දෙවියන් වහන්සේ එවපු කෙනා දෙවියන් වහන්සේගේ වචන කථා කරනවා, ඔහු ආත්මය සිමාවකින් ලබා දෙන්නේ නැති නිසා. පියාණන් පුත්‍රයාට ප්‍රේම කරනවා, සහ සියල්ල ඔහුගේ අතට දීලා තියෙනවා. පුත්‍රයා කෙරෙහි විශ්වාස කරන කෙනාට සදාකාලික ජීවනය තියෙනවා. එහෙත් පුත්‍රයාට කීකරු වෙන්නේ නැති කෙනා ජීවිතය දකින්නේ නැහැ, නමුත් දෙවියන් වහන්සේගේ තරහ ඔහු මත තිබෙනවා.”

4

එබැවින් යේසුස් වහන්සේ දැනගෙන සිටිය නිසා පරිසිවරුන්ට ආරංචි වුන බව, යේසුස් වහන්සේ යොහන්ට වඩා වැඩියෙන් ගෝලයන් හදා ගන්නවා, සහ බෞතීස්ම කරනවා (එහෙත් යේසුස් වහන්සේ බෞතීස්ම කරමින් සිටියේ නැත, නමුත් ඔහුගේ ගෝලයෝ), ඔහු යුදය අත්හැරියා, සහ ආපසු ගලිලය වෙතට ගියා.

එහෙත් ඔහුට සමාරිය මැදින් යන්න තියෙනවා.

එබැවින් ඔහු සමාරියේ සිකාර් නම් නගරයට එනවා, යාකොබ් ඔහුගේ පුතා යෝසෙප්ට දිපු ස්ථානය ළඟයි.

එතන යාකොබ්ගේ ළිඳ තිබුණා. එම නිසා යේසුස් වහන්සේ, ගමනෙන් මහන්සි නිසා, මේ විදිහට ළිඳ ළඟ වාඩි වුනා.

එය අටවෙනි පැයයි.

සමාරියන් ස්ත්‍රියක් වතුර ඇද ගන්න එනවා. ඇයට යේසුස් වහන්සේ කියනවා, “මට බොන්න දෙයක් දෙන්න.”

ඔහුගේ ගෝලයෝ කෑම මිලදී ගන්න නගරයට ගිහින් තිබුනා.

එම නිසා සමාරියන් ස්ත්‍රිය ඔහුට කියනවා, “කොහොමද යුදෙව්වරුන් වන ඔබ සමාරියන් ස්ත්‍රියක් වන මගෙන් බීමට ඉල්ලන්නේ? යුදෙව්වරුන් සමාරිවරුන් සමඟ සම්බන්ධයක් නැහැ.”

යේසුස් වහන්සේ උත්තර දුන්නා සහ ඇයට කිව්වා, “ඔබ දැනගෙන සිටියා නම් දෙවියන් වහන්සේගේ ත්‍යාගය, සහ කවුද ඔබට කියන්නේ මට බොන්න දෙයක් දෙන්න කියලා, ඔබ ඔහුගෙන් ඉල්ලනවා, සහ ඔහු ඔබට ජීවමාන වතුර දෙයි.”

ස්ත්‍රිය ඔහුට කියනවා, “ස්වාමිනි, ඔබට වතුර භාජනයක් නැහැ, සහ ළිඳ ගැඹුරුයි. ඉතින් ජීවමාන වතුර කොහෙන්ද ගන්නේ? ඔබ අපේ පියා යාකොබ්ට වඩා උසස් නැහැ නේද? මේ ළිඳ ඔහු අපිට දුන්නා, සහ ඔහු සහ ඔහුගේ පුත්තු සහ ඔහුගේ ගවයන් මෙයින් බිව්වා.”

යේසුස් වහන්සේ උත්තර දුන්නා සහ ඇයට කිව්වා, “මේ වතුර බොන සෑම දෙනාටම නැවතත් තිබහා වෙනවා. එහෙත් මම දෙන වතුර බොන කිසි කෙනෙකුට කවදාවත් තිබහා වන්නේ නැහැ. නමුත් මම ඔහුට දෙන වතුර ඔහු තුළ සදාකාලික ජීවනය ලබා දෙන වතුර උල්පතක් වෙනවා.”

ස්ත්‍රිය ඔහුට කියනවා, “ස්වාමිනි, මට මේ වතුර දෙන්න, එවිට මට තිබහා නැති වෙන්න සහ වතුර ඇදීමට මෙතනට එන්න අවශ්‍ය නැහැ.”

ඔහු ඇයට කියනවා, “යන්න, අඬගහන්න ඔබේ මහත්මයාට, සහ මෙතනට එන්න.”

ස්ත්‍රිය උත්තර දුන්නා සහ ඔහුට කිව්වා, “මට මහත්මයෙක් නැහැ.”

යේසුස් වහන්සේ ඇයට කියනවා, “ඔබ හරියටම කිව්වා, ඔබට මහත්මයෙක් නැහැ කියලා. ඔබට මහත්වරුන් පස්දෙනෙක් සිටිය නිසා, සහ දැන් සිටින කෙනා ඔබේ මහත්මයා නෙමෙයි. ඔබ කියපු දේ සත්‍යයි.”

ස්ත්‍රිය ඔහුට කියනවා, “ස්වාමිනි, මට පෙනෙනවා ඔබ දිවැසිවරයෙක්.

අපේ පියවරුන් මේ කන්ද මත නමස්කාර කරා, සහ ඔබ කියනවා දෙවියන් වහන්සේට නමස්කාර කරන්න අවශ්‍ය ස්ථානය යෙරුසලමේ කියලා.”

යේසුස් වහන්සේ ඇයට කියනවා, “ස්ත්‍රිය, මාව විශ්වාස කරන්න, කාලය පැමිණෙනවා, එදාට මේ කන්ද මත සහ යෙරුසලමේ ඔබ පියාණන්ට නමස්කාර කරන්නේ නැහැ. ඔබ දන්නේ නැති දෙයට නමස්කාර කරනවා, අපි දන්න දෙයට නමස්කාර කරනවා, ගැලවීම යුදෙව්වරුන්ගෙන්. නමුත් කාලය පැමිණෙනවා සහ දැනටමත් ඇවිත්, එවිටකරන්න අවශ්‍යයි.කරන්න අවශ්‍යයි. සත්‍ය නමස්කාර කරන අය පියාණන්ට ආත්මයෙන් සහ සත්‍යයෙන් නමස්කාර කරනවා, පියාණන් වහන්සේ ඔහුට මේ විදිහට නමස්කාර කරන අය සොයන නිසා. දෙවියන් වහන්සේ ආත්මයයි, සහ නමස්කාර කරන අය ඔහුට ආත්මයෙන් සහ සත්‍ය‍යෙන් නමස්කාර කරන්න අවශ්‍යයි.”

ස්ත්‍රිය ඔහුට කියනවා, “මම දන්නවා මෙසියස් පැමිණෙනවා, ඔහු ක්‍රිස්තුස් කියන කෙනා. ඔහු පැමිණි විට, අපට සියල්ලම කියනවා.”

යේසුස් වහන්සේ ඇයට කියනවා, “ඔබට කථා කරන මම ඔහු තමයි.”

සහ ඒ වෙලාවේ ඔහුගේ ගෝලයෝ පැමිණියා සහ ඔවුන් පුදුම වුනා ඔහු ස්ත්‍රියක් සමඟ කථා කරනවා, නමුත් කිසිම කෙනෙක් ඇහුවේ නැත, ඔබ කුමක්ද සොයන්නේ, හෝ ඇයි ඔබ ඇයත් සමඟ කථා කරන්නේ කියලා.

එවිට ස්ත්‍රිය ඇය‌ගේ ‌වතුර භාජනය එතන තිබ්බා, සහ නගරයට ගියා, සහ මිනිසුන්ට කියනවා, “ඇවිත් බලන්න, මම කරපු සියල්ල කිව්ව මිනිසෙක් ඉන්නවා. මොහු ක්‍රිස්තුස් නෙමෙයිද?”

ඔවුන් නගරයෙන් පිටත් වුනා සහ ඔහු වෙතට පැමිණියා.

ඒ අතර ගෝලයෝ ඔහුගෙන් ඇහුවා සහ කිව්වා, “රබ්බි, කන්න.”

නමුත් ඔහු ඔවුන්ට කිව්වා, “මගේ කෑමට මට ඔබ දන්නේ නැති ආහාරයක් තියෙනවා.”

එම නිසා ගෝලයෝ එකිනෙකා අතරේ කථා කරගත්තා, “කවුරුත් ඔහුට කෑමට කිසිවක් ගෙනාවේ නැහැ නේද?”

යේසුස් වහන්සේ ඔවුන්ට කියනවා, “මගේ ආහාරය මම එවපු කෙනාගේ කැමැත්ත කිරීම, සහ මම ඔහුගේ වැඩ සම්පූර්ණ කිරීමයි. ඔබ කියනවා මේ වගේ, ‘දැනටමත් හතරවෙනි මාසය සහ අස්වැන්න නෙලන කාලය එනවා.’ බලන්න, මම ඔබට කියන්නේ, ඔබේ ඇස් අරින්න සහ ඉඩම් දෙස බලන්න. අස්වැන්නට සුදුසුයි. අස්වැන්න නෙලන කෙනා කුලිය ලබා ගන්නවා සහ අස්වැන්න එකතු කරගන්නවා සදාකාලික ජීවනය සඳහා, එවිට වපුරන කෙනාත් අස්වනු නෙලන කෙනාත් සතුටින් පිරි යයි. මෙම හේතුවෙන් වචනය සත්‍යයයි, තව කෙනෙක් වපුරයි, තව කෙනෙක් නෙලයි.

ඔබ මහන්සි වුනේ නැති අස්වැන්න නෙලිමට මම ඔබව යැව්වා. අනිත් මිනිසුන් මහන්සි වුනා, සහ ඔබ ඔවුන්ගේ වැඩ වලට ඇතුළු වුනා.”

එවිට එම නගරයේ සමාරියවරුන් බොහෝ දෙනෙක් ඔහු කෙරෙහි විශ්වාස කරා, සාක්ෂි දෙන ස්ත්‍රියගේ වචනය නිසා, “ඔහු මට මම කරපු සියල්ල කිව්වා.”

එබැවින් සමාරියවරුන් ඔහු ළගට ඇවිත් ඔහුගෙන් ඇහුවා, “අපිත් සමග නවතින්න,” සහ ඔහු එතන දවස් දෙකක් නැවතුනා.

සහ තවත් බොහෝ දෙනෙක් ඔහුගේ වචනය නිසා විශ්වාස කරා, සහ ඔවුන් ස්ත්‍රියට කිව්වා, “තවමත් අපි විශ්වාස කරන්නේ ඔබේ වචනය නිසා නෙමෙයි. අපිට ඇහුනා සහ දන්නවා, මොහු සත්‍යයෙන්ම ලෝකයේ ගැලවුම්කරුයි.”

දවස් දෙකකට පසු ඔහු එතනින් ගලිලයට ගියා.

යේසුස් වහන්සේ ඔහුම සාක්ෂි දැරුව නිසා,    දිවැසිවරයෙකුට ඔහුගේ නගරයේ ගෞරවයක් නැත.

එබැවින් ඔහු ගලිලයට පැමිණියාට පසු ගලිලයන් ඔහුව පිළිගත්තා, යෙරුසලමේ උත්සවයේ ඔහු කරපු සියල්ල ඔවුන් දැක්ක නිසා. ඔවුන් එම උත්සවයට ගිහින් තිබුනා.

එබැවින් ඔහු නැවත ගලිලයේ කානා වලට පැමිණියා, ඔහු වතුර වයින් බවට හරවපු ස්ථානයට, සහ එතන එක්තරා පාලකයෙක් සිටියා. ඔහුගේ පුතාට අසනීප වෙලා කපර්ණවුමේ සිටියා.

ඔහු යේසුස් වහන්සේ යුදයේ සිට ගලිලයට ආපු බව අසා, ඔහු වෙතට ගියා, සහ ඇහුවා, “මගේ පුතා සුව කරදෙන්න, ඔහු මරණයට ළංව සිටින නිසා.”

එබැවින් යේසුස් වහන්සේ ඔහුට කිව්වා, “ඔබ සලකුණු සහ පුදුම දේ දැක්කේ නැත්නම්, ඔබ විශ්වාස කරන්නේ නැහැ.”

පාලකයා ඔහුට කියනවා, “ස්වාමිනි මාගේ කුඩා දරුවා මැරෙන්නට කළින්, එන්න.”

යේසුස් වහන්සේ ඔහුට කියනවා, “යන්න, ඔබේ පුතා ජීවත් වෙනවා.”

එම මිනිසා යේසුස් වහන්සේ තමාට කියපු වචනය විශ්වාස කරා, සහ ඔහුගේ ගමන ගියා. ඔහු යන ගමන් ඔහුගේ සේවකයෝ ඔහුට මුණගැසුනා, සහ ඔහුට කිව්වා, “ඔබේ පුතා ජීවත් වෙනවා.”

ඔහු ඔවුන්ගෙන් ඇහුවා සුව වුනේ කොයි වේලාවේද, එවිට ඔවුන් ඔහුට කිව්වා, “ඊයේ හත්වෙනි පැයේ උණ බැස ගියා.”

එබැවින් පියා දැන සිටියා යේසුස් වහන්සේ තමාට කියපු එම පැය, “ඔබේ පුතා ජීවත් වනවා.” සහ ඔහු විශ්වාස කරා, ඔහුගේ නිවසේ සියල්ලෝත්.

මෙය යේසුස් වහන්සේ කරපු දෙවෙනි පුදුමය ඔහු යුදයේ සිට ගලිලයට පැමිණියාට පසු.

5

මේ දේවල් වලට පසු, යුදෙව්වරුන්ගේ උත්සවය තිබුනා, සහ යේසුස් වහන්සේ යෙරුසලමට ගියා.

යෙරුසලමේ බැටළු දොර ළඟ පොකුණක් තිබුනා (හෙබ්‍රෙව් භාෂාවෙන් බෙත්සයිදා නමින්), එහි මණ්ඩප පහක් තිබුනා. මෙහි තුළ බොහෝ අන්ධ, කොර, අංශභාග රෝගීන් සිටියා.

දෙවියන් වහන්සේගේ දූතයෙක් නියමිත වේලාවට පොකුණට බැස වතුර කළඹයි. ඒ නිසා වතුර කැලඹුනු පසු මුලින්ම බසින කෙනා සියලුම රෝගවලින් පිරිසිදු සහ සුව වෙනවා.

එක්තරා මිනිසෙක් එතන සිටියා, සහ ඔහු අවුරුදු තිස් අටක් අසනීපව සිටියා.

වැතිරී සිටින ඔහුව යේසුස් වහන්සේ දැක්කා, සහ ඔහු දැනටමත් බොහෝ කාලයක් රෝගීව සිටින බව දැනසිටියා, සහ ඔහුට කියනවා, “ඔබ සුව වෙන්න කැමතිද?”

රෝගියා ඔහුට උත්තර දුන්නා, “ස්වාමිනි, කිසි කෙනෙක් නැහැ මාව පොකුණට දමන්නට, එහෙත් වතුර කැළඹෙන විට, මම යන විට, මට කලින් වෙන කෙනෙක් බසිනවා.”

යේසුස් වහන්සේ ඔහුට කියනවා, “නැගිටින්න, සහ ඔබේ පැදුර අරගෙන ඇවිදින්න.”

සහ ඒ වෙලේම ඒ මිනිසා සුව වුනා, සහ ඔහුගේ පැදුර ගෙන ඇවිද්දා. එහෙත් ඒ දවස සබත් දවසයි.

යුදෙව්වරුන් සුවපත් වුන මිනිසාට කිව්වා, “අද සබත් දවසයි, සහ ඔබට ඔබේ පැදුර අරගෙන යන්න අවසර නැහැ.”

එවිට ඔහු ඔවුන්ට උත්තර දුන්නා, “මාව සුව කර මිනිසා මට කිව්වා, මගේ පැදුර අරගෙන ඇවිදින්න.”

ඔවුන් ඔහුගෙන් ඇහුවා, “කවුද ඒ මිනිසා, ඹබට කිව්වේ, ඔබේ පැදුර අරගෙන ඇවිදින්න කියලා?”

නමුත් සුවය ලැබු මිනිසා ඔහු කවුද කියලා දැන ගත්තේ නැත, යේසුස් වහන්සේ පිහිනා ගිය නිසා, සහ එම ස්ථානයේ සෙනග සිටිය නිසා.

මේ දේවල් වලට පසු  ේව වපත් කර කෙනා යේසුස්ඤtolic teaching.graduates to become better evangelists and teachers, යේසුස් වහන්සේ දේවමාළිගාවේ ඔහුව සොයාගන්නවා, සහ ඔහුට කිව්වා, “බලන්න, ඔබ සුවපත් වෙලා! තවත් පව් කරන්න එපා, එවිට මෙයට වඩා කිසිම නරකක් ඔබට සිදු වන්නේ නැහැ.”

එම මිනිසා පිටත්ව ගියා, සහ යුදෙව්වරුන්ට දැනුම් දුන්නා, “මාව සුවපත් කර කෙනා යේසුස්.”

සහ මේ සිදුවීම නිසා යුදෙව්වරුන් යේසුස් වහන්සේ පසුපස ගියා, සබත් දවසක මේ දේවල් ඔහු සිදු කර නිසා.

නමුත් යේසුස් ඔවුන්ට උත්තර දුන්නා, “මාගේ පියාණන් මේ වෙනකන් වැඩ කරනවා, මමත් එසේම වැඩ කරනවා.”

එබැවින් ‌මේ නිසා යුදෙව්වරුන් තව තවත් ඔහු මරා දමන්නට උත්සහ කරා, ඔහු සබත් කඩ කිරීම සඳහා පමණක් නොව, නමුත් දෙවියන් වහන්සේ තමාගේ පියාණන් බව කියපු නිසා, සහ තමාව දෙවියන් වහන්සේට සමාන කරපු නිසා.

එම නිසා යේසුස් වහන්සේ උත්තර දුන්නා සහ ඔවුන්ට කිව්වා, “ආමෙන් ආමෙන්, මම ඔබට කියනවා, පුත්‍රයාට කිසිම දෙයක් තනියම කරන්න බැහැ, ඔහු දකින්නේ පියාණන් කරන දෙයක් පමනයි. ඔහු යම් දෙයක් කරනවා නම් පුත්‍රයාත් ඒ දේම එසේම කරනවා, පියාණන් පුත්‍රයාට ප්‍රේම කරන නිසා, සහ ඔහු කරන සියල්ල ඔහුට පෙන්වනවා, සහ ඔහු මීට වඩා උසස් දේවල් ඔහුට පෙන්වයි, එවිට ඔබ පුදුම වෙයි. පියාණන් මළවුන් නැගිටුවනවා සහ ජීවත් කරනවා ව‌ගේ, පුත්‍රයාත් තමා කැමති අය ජීවත් කරවනවා. පියාණන් කිසිවෙකු විනිශ්චය කරන්නේ නැහැ. නමුත් ඔහු සියල්ල විනිශ්චය පුත්‍රයාට දීලා තියෙනවා. එවිට සියලු දෙනාම පියාණන්ට ගෞරව කරනවා වගේ පුත්‍රයාටත් ගෞරව කරනවා. පුත්‍රයාට ගෞරව කරන්නේ නැති කෙනා පුත්‍රයාව එවපු පියාණන්ට ගෞරව කරන්නේ නැහැ. ආමෙන් ආමෙන්, මම ඔබට කියනවා, මගේ වචනය ඇහෙන කෙනෙක් මාව එවපු කෙනාව විශ්වාස කරනවා නම්, ඔහුට සදාකාලික ජීවිතය තියෙනවා, සහ ඔහු විනිශ්චයට පැමිණෙන්නේ නැහැ, නමුත් මරණයෙන් ජීවනයට පැමිණියා. ආමෙන් ආමෙන්, මම ඔබට කියනවා, කාලය පැමිණෙනවා සහ දැනටමත් ඇවිත්, එවිට මළවුන්ට දෙවියන් වහන්සේගේ පුත්‍රයාගේ කට හඬ ඇහෙනවා, සහ ඇහුනාට පසු ඔවුන් ජීවත් වෙනවා.

පියාණන් වහන්සේට තමා තුළ ජීවනය තිබෙනවා වගේ, ඔහු පුත්‍රයාටත් තමා තුළ ජීවනය තබා ගැනීමට දුන්නා.

සහ ඔහු ඔහුට විනිශ්චය කිරීමට බලය දුන්නා, ඔහු මනුෂ්‍ය පුත්‍රයා නිසා. මේ ගැන පුදුම වෙන්න එපා, කාලය පැමිණෙනවා, එවිට සොහොන්වල සිටින සියල්ලන්ටම ඔහුගේ කට හඬ ඇහෙනවා, සහ ඔවුන් එළියට පැමිණෙනවා, හොඳ කරපු අය ජීවිතයේ නැවත නැගිටීමට, නරක කරපු අය විනිශ්චයේ නැවත නැගිටීමට.

මට තනියම කිසිවක් කරන්න බැහැ. මට ඇහෙන විදිහට මම විනිශ්චය කරනවා, සහ මාගේ  විනිශ්චය සාධාරනයි, මම මගේ කැමැත්ත සොයන්නේ නැහැ, නමුත් මාව එවපු කෙනාගේ කැමැත්ත නිසා.

මා ගැන මම සාක්ෂි දරනවා නම්, මගේ සාක්ෂිය සත්‍යය නෙමෙයි. තවත් මා ගැන සාක්ෂි දරන කෙනෙක් සිටිනවා, සහ මම දන්නවා, ඒ මා ගැන ඔහු දරන සාක්ෂිය සත්‍යයි.

ඔබ යොහන් වෙතට මිනිසුන් යැව්වා, සහ ඔහු සත්‍යය බවට සාක්ෂි දැරුවා. එහෙත් මට මනුෂ්‍යයෙකුගෙන් සාක්ෂිය ලැබෙන්නේ නැහැ, නමුත් මම මේ දේවල් කරන්නේ ඔබේ ගැලවීමට. ඔහු ඇවිලෙන දිලිසෙන පහන වුනා, එහෙත් ඔබ ඔහුගේ ආලෝකයේ ටික වේලාවක් සතුටු වෙන්න කැමති වුනා. නමුත් මගේ සාක්ෂිය යොහන්ගේ සාක්ෂියට වඩා උතුම්. පියාණන් මට භාර දුන්න වැඩ සම්පූර්ණ කිරිමට, මම එම වැඩ කරනවා. ඔහු මා ගැන සාක්ෂි දරනවා, පියාණන් මාව එව්වා කියලා. සහ මාව එවපු පියාණන් මා ගැන සාක්ෂි දීලා තියෙනවා. ඔබට කවදාවත් ඔහුගේ කට හඬ ඇහිලා නැහැ, ඔබ ඔහුගේ ස්වරූපය දැකලා නැහැ, සහ ඔහුගේ වචනය ඔබ තුළ පවතින්නේ නැහැ, ඔහු එවපු මනුෂ්‍යයාව විශ්වාස කරන්නේ නැති නිසා. ශුද්ධ ලියවිල්ල සොයන්න, ඔබ හිතනවා නම් ඒ තුළ ඔබට සදාකාලික ජීවනය තියෙනවා කියලා. එයත් මා ගැන සාක්ෂි දරනවා, සහ ඔබ ජීවනය ලැබීමට මා ළඟට පැමිණෙන්න කැමති නැහැ.

මම මනුෂ්‍යයන්ගේ මහිමය ලබන්නේ නැහැ, නමුත් මම ඔබව දන්නවා, දෙවියන් වහන්සේ‌ගේ ප්‍රේමය ඔබ තුළ නැහැ. මම පියාණන් වහන්සේගේ නාමයෙන් ඇවිත් සිටිනවා, සහ ඔබ මාව පිළිගන්නේ නැහැ. වෙන කෙනෙකු ඔහුගේ නාමයෙන් එනවා නම්, ඔබ ඔහුව පිළිගනියි. කොහොමද විශ්වාස කරන්නේ, ඔබ අනිත් අයගෙන් මහිමය පිළිගන්නවා නම්, සහ එකම දෙවියන් වහන්සේගෙන් මහිමය සොයන්නේ නැත්නම්? පියාණන් වහන්සේ ඉදිරියේ මම ඔබට චෝදනා කරනවා කියලා හිතන්න එපා. ඔබට චෝදනා කරන කෙනා, ඔබ බලාපොරොත්තු තබාගත්ත මෝසස්. ඔබ සත්‍යයෙන්ම මෝසස් විශ්වාස කරනවා නම්, ඔබ මාව විශ්වාස කරයි, ඔහු මා ගැන ලිව්ව නිසා. එහෙත් ඔබ ඔහුගේ ලියවිලි විශ්වාස කරන්නේ නැත්නම්, කොහොමද මගේ වචනය විශ්වාස කරන්නේ?”

6

මේ දේවල් වලට පසු යේසුස් වහන්සේ ගලිලයේ තිබේරියස් මුහුදේ අනෙක් පැත්තට ගියා. එවිට විශාල සෙනගක් ඔහු පසුපස ගියා, ඔහු රෝගීන්ට කරපු පුදුම දේවල් ඔවුන් දැක්ක නිසා.

එහෙත් යේසුස් වහන්සේ කන්දට නැග්ගා, සහ එතන ඔහුගේ ගෝලයන් සමග වාඩි වුනා.

එවිට යුදෙව්වරුන්ගේ උත්සවය පාස්කුව ළගයි.

එබැවින් යේසුස් වහන්සේ ඇස් ඔසවා බැලුවා, සහ තමා ළඟට විශාල සෙනගක් එනවා දැක්කා සහ පිලිප්ට කියනවා, “කොහෙන්ද මේ අයට කෑමට, අපි රොටි මිලදී ගන්නේ?”

නමුත් ඔහුව පරික්ෂා කරන්නට මෙසේ කිව්වා, ඔහු දැනගෙන සිටිය නිසා තමා කුමක්ද කරන්න යන්නේ.

පිලිප් ඔහුට උත්තර දුන්නා, “සෑමදෙනාටම කුඩා කැබැල්ලක්වත් ලබා ගැනීමට, ඩිනාරි දෙසියක් වටින රොටි මදි.”

ඔවුන්ගේ ගෝලයන්ගෙන් කෙනෙක්, අන්ද්‍රැය සීමොන් පේතෘස්ගේ සහෝදරයා, ඔහුට කියනවා, “මෙතන කුඩා ළමයෙක් ඉන්නවා. ඔහුගේ ළඟ බාර්ලි රොටි පහක් සහ මාළු දෙදෙනෙක් තියෙනවා. නමුත් හුඟක් මිනිසුන්ට මොකක්ද මේ?”

යේසුස් වහන්සේ කිව්වා, “මිනිසුන් වාඩි කරවන්න.”

එම ස්ථානයේ ගොඩක් තණකොළ තිබුණා. එහි ඔවුන් වාඩි වුනා, පිරිමි ගණනින් පන්දහසක් විතර එතන ඉඳගත්තා. එබැවින් යේසුස් වහන්සේ රොටි අරගත්තා, සහ ස්තූති කරලා, වැතිර සිටින අයට ඔහු එය බෙදා දුන්නා. එසේම මාළුත්, ඔවුන්ට අවශ්‍යය පමණ දුන්නා.

ඔවුන්ගේ බඩගිනි සම්පූර්ණයෙන්ම පිරුනාට පසු, ඔහු ඔහුගේ ගෝලයන්ට කියනවා, “ඉතිරි කැබලි එකතු කරන්න, එවිට කිසිවක් නාස්ති වන්නේ නැහැ.”

එබැවින් ඔවුන් ඒවා එකතූ කරා, සහ බාර්ලි රොටි පහෙන් ඉතුරු කරපු කැබළි වලින් කූඩ දොළහක් පුරවාගත්තා.

එම නිසා ඔහු කරපු පුදුමය දැකලා මිනිස්සු කිව්වා, “ඇත්තටම මොහු තමයි ලෝකයට පැමිණෙමින් සිටින දිවැසිවරයා.”

එබැවින් යේසුස් වහන්සේ ඔවුන්ගේ උවමනාව දැන සිටියා, ඔවුන් ඇවිත් ඔහුව අල්ලාගෙන රජ බවට පත් කිරීමට යන නිසා, නැවතත් තනියම කන්දට ගියා.

නමුත් පරක්කු වන විට ඔහුගේ ගෝලයෝ මුහුදට ගියා, සහ ඔවුන් බෝට්ටුවකට නැගලා මුහුද හරහා කපර්ණවුම් වලට ගමන් කරන්න පටන් ගත්තා. දැනටමත් කළුවර වැටිලා, සහ යේසුස් වහන්සේ ඔවුන් වෙත තවමත් ඇවිත් නැත.

සහ මුහුද කැළඹුණා. තද සුළඟක් හැමුවා.

එවිට ඔවුන් කිලෝමීටර් පහක් විතර දුර ගියාට පසු, යේසුස් වහන්සේ මුහුද මත ඇවිදගෙන බෝට්ටුවට එනවා ඔවුන් දැක්කා, සහ බය වුණා.

එවිට ඔහු ඔවුන්ට කියනවා, “මේ මම, බය වෙන්න එපා.”

එබැවින් ඔහුව බෝට්ටුව තුළට කැමැත්තෙන් පිළිගත්තා, සහ එසැණින්ම බෝට්ටුව ඔවුන් යන දේශයට පැමිණියා.

පසුදා මුහුද එගොඩ සිටි සෙනග එතන එකම බෝට්ටුවක් විතරක් තිබුණ බව දැක්කා, සහ යේසුස් වහන්සේ තම ගෝලයන් සමග බෝට්ටුවට නැග්ගේ නැති බවත්, නමුත් ඔහුගේ ගෝලයන් පමණක් ගිය බවත් දැක්කා.

නමුත් බෝට්ටු පැමිණියා තිබේරියස් වලින්, ස්වාමින් වහන්සේ ස්තූති කරාට පසු ඔවුන් රොටි කාපු ස්ථානය ළඟට.

එබැවින් සෙනග යේසුස් වහන්සේවත් ඔහුගේ ගෝලයන්වත් එතන නැති බව දැනගත්තාට පසු, ඔවුන් එම බෝට්ටු වලට නැග්ගා, සහ යේසුස් වහන්සේ සොයමින් කපර්ණවුම් වලට පැමිණියා.

සහ ඔවුන් ඔහු මුහුදෙන් එගොඩ හමුවන විට, ඔහුට කිව්වා, “රබ්බි, ඔබ මෙතනට පැමිණියේ කොයි වෙලාවේද?”

යේසුස් වහන්සේ ඔවුන්ට උත්තර දුන්නා සහ කිව්වා, “ආමෙන් ආමෙන්, මම ඔබට කියනවා, ඔබ මාව සොයන්නේ පුදුම දේවල් දැකපු නිසා නෙමෙයි, එහෙත් ඔබ රොටි කෑව නිසා, සහ සතුටින් පිරී ගිය නිසා.

නරක් වන රොටි සඳහා වැඩ කරන්න එපා, නමුත් සදාකාලික ජීවනය දෙන, සහ මනුෂ්‍යය පුත්‍රයා ඔබට දෙන රොටි සඳහා, පියාණන් වන දෙවියන් වහන්සේ ඔහුව මුද්‍රාවෙන් ස්ථිර කරපු නිසා.”

එම නිසා ඔවුන් ඔහුට කිව්වා, “දෙවියන් වහන්සේගේ ක්‍රියා කිරීමට අපි මොනවාද කරන්න ඕනේ?”

යේසුස් වහන්සේ උත්තර දුන්නා සහ ඔවුන්ට කිව්වා, “මේ දෙවියන් වහන්සේගේ ක්‍රියා, ඔහු එවපු කෙනා කෙරෙහි ඔබ විශ්වාස කරන්න.”

ඒ නිසා ඔවුන් ඔහුට කිව්වා, “ඔබ කරන්නේ මොන සලකුණුද, අපට දැන ගැනීමට සහ ඔබව විශ්වාස කිරීමට? මොනවද කරන්නේ? අපේ පියවරුන් කාන්තාරයේ මන්නා කෑවා, ලියලා තියන විදිහට, ඔහු ස්වර්ගයෙන් රොටි දුන්නා ඔවුන්ට කෑමට.”

එබැවින් යේසුස් වහන්සේ ඔවුන්ට කිව්වා, “ආමෙන්, ආමෙන්, මම ඔබට කියනවා, ඔබට ස්වර්ගයෙන් රොටි දුන්නේ මෝසස් නෙමෙයි, නමුත් මගේ පියාණන් ඔබට දෙන්නේ ස්වර්ගයෙන් සත්‍යය රොටි, දෙවියන් වහන්සේගේ රොටි ස්වර්ගයෙන් බැස එන නිසා, සහ ලෝකයට ජීවනය දෙන නිසා.”

එබැවින් ඔවුන් ඔහුට කිව්වා, “ස්වාමිනි, මේ රොටි සෑම විටම අපිට දෙන්න.”

යේසුස් වහන්සේ ඔවුන්ට කිව්වා, “මම තමයි ජීවනදායක රොටි. මා වෙතට එන කෙනාට බඩගිනි වන්නේ නැහැ. මා කෙරෙහි විශ්වාස කරන කෙනාට කවදාවත් තිබහ ඇති වන්නේ නැහැ. නමුත් මම ඔබට කිව්වා, ඔබ මාව දැකලා තියෙනවා, සහ විශ්වාස කරන්නේ නැහැ. පියාණන් මට දෙන සියල්ල මා ළඟට එනවා. මා ළඟට එන කිසි කෙනෙකුව මම එළියට දමන්නේ නැහැ, මෙම හේතුව නිසා, මම ස්වර්ගයෙන් බැස පැමිණියේ, මගේ කැමැත්ත කරන්නට නෙමෙයි, නමුත් මාව එවපු කෙනාගේ කැමැත්ත කිරීමට. එහෙත් මාව එවපු කෙනාගේ කැමැත්ත මෙයයි, ඔහු මට දීපු කිසිම දෙයක් මට නැති වෙන්න බැහැ, නමුත් මම අවසාන දවසේ ඔහුව ඉහළට නැගිටවනවා, මෙය මාගේ පියාණන්ගේ කැමැත්ත නිසා, පුත්‍රයා දෙස බලන සහ ඔහු කෙරෙහි විශ්වාස කරන සියලුදෙනාටම සදාකාලික ජීවනය ති‌යෙනවා, සහ මම අවසාන දවසේ ඔහුව ඉහළට නැගිටවනවා.”

ඒ නිසා යුදෙව්වරුන් ඔහු ගැන දොස් කිව්වා, ඔහු කියන නිසා, මම තමයි ස්වර්ගයෙන් බැස පැමිණි රොටි, සහ ඔවුන් කිව්වා, “ඔහු නේද යෝසෙප්ගේ පුතා යේසුස්? අපි ඔහුගේ මවත් පියාත් අඳුනනවා. එසේ නම්, මම ස්වර්ගයෙන් බැස පැමිණියා කියලා, ඔහු කොහොමද කියන්නේ?”

යේසුස් වහන්සේ උත්තර දුන්නා සහ ඔවුන්ට කිව්වා, “ඔබ එකිනෙකා අතර දොස් කියන්න එපා. කිසි කෙනෙකුට මා ළඟට පැමිණෙන්න බැහැ, මාව එවපු පියාණන් ඔහුව ඇඳ ගන්නේ නැත්නම්, සහ අවසාන දවසේ මම ඔහුව ඉහළට නැගිටවනවා. එය දිවැසිවරුන් ලියලා තියෙනවා, ‘සහ ඔවුන් සියල්ලන්ටම දෙවියන් වහන්සේගේ උපදෙස් ලැබෙනවා.’ පියාණන්ට සවන් දීලා සහ තේරුම්ගත්ත සැම කෙනෙක්ම මා ළඟට පැමිණෙනවා, කවුරුත් පියාණන් දැකලා නැති නිසා, දෙවියන් වහන්සේ වෙතින් පවතින කෙනා හැර. ඔහු පියාණන් වහන්සේ දැකලා තියෙනවා. ආමෙන්, ආමෙන්, මම ඔබට කියනවා, විශ්වාස කරන කෙනාට සදාකාලික ජීවනය තියෙනවා. ජීවනදායක රොටි මම තමයි. ඔබේ පියවරුන් කාන්තාරයේ මන්නා කෑවා, සහ ඔවුන් මරණයට පත් වුනා. මේ ස්වර්ගයෙන් බැස එන රොටි, එවිට එය කන යම් කෙනෙක් මරණයට පත් වෙන්නේ නැහැ. මම තමයි ස්වර්ගයෙන් බැස ආපු ජීවත්වෙන රොටි. යම් කෙනෙක් මේ රොටි කනවා නම් ඔහු සදහටම ජීවත් වෙයි, සහ මම දෙන රොටි මාගේ මාංශයයි, ලෝකයාගේ ජීවිතය සඳහා.”

එබැවින් යුදෙව්වරුන් එකිනෙකා අතර වාද කරගත්තා, මෙසේ කියමින්, “කොහොමද මේ මිනිසා ඔහුගේ මාංශය අපට කෑමට දෙන්නේ?”

එම නිසා යේසුස් වහන්සේ ඔවුන්ට කිව්වා, “ආමෙන්, ආමෙන්, මම ඔබට කියනවා, ඔබ මනුෂ්‍ය පුත්‍රයාගේ මාංශය කන්නේ නැත්නම්, සහ ඔහුගේ රුධිරය බොන්නේ නැත්නම්, ඔබ තුළ ජීවනයක් නැහැ. මගේ මාංශය කන සහ මගේ රුධිරය බොන කෙනාට සදාකාලික ජීවනය තියෙනවා, සහ මම අවසාන දවසේ ඔහුව ඉහළට නැගිටවනවා. සත්‍ය කෑම මගේ මාංශය නිසා, සහ සත්‍යය බීම මගේ රුධිරය නිසා. යම් කෙනෙක් මගේ මාංශය අහාරයට ගන්නවා සහ මගේ රුධිරය බොනවා නම්, ඔහු මා තුළ සහ මමත් ඔහු තුළ සිටිනවා. ජීවමාන පියාණන් මාව එව්වා සහ මම පියාණන් තුළ ජීවත් වෙන විදිහට, යම් කෙනක් මාව ආහාරයට ගන්නවා නම්, ඔහුත් මා තුළ ජීවත් වෙනවා. මේ ස්වර්ගයෙන් බැස ආපු රොටි, පියවරුන් කාපු රොටි වගේ නෙමේයි, ඔවුන් මරණයට පත්වුන. මේ රොටි ආහාරයට ගන්න යම් කෙනෙක් සඳහටම ජීවත් වෙනවා.”

ඔහු කපර්ණවුම් වල ධර්මශාලාවේ උගන්වන විට මේ සියල්ල කිව්වා.

එවිට ඔහුගේ ගෝලයන්ගෙන් බොහෝ දෙනෙකුට ඇහුනාට පසු, ඔවුන් කිව්වා, “මෙම ඉගැන්වීම ගිල ගැනීම අමාරුයි. කාටද ඔහුට සවන් දෙන්න පුළුවන්?”

එහෙත් යේසුස් වහන්සේගේ හිතේ තිබුනා, ඔහුගේ ගෝලයෝ මේ ගැන දොස් කියන බව, සහ ඔහු ඔවුන්ට කිව්වා, “මෙය ඔබ සැමට බාධාවක්ද? එවිට ඔබ දකිනවා නම් මනුෂ්‍ය පුත්‍රයා කලින් සිටින තැනට නගිනවා? ආත්මය තමයි ජීවනය දෙන්නේ. මාංශය කිසිම උදව්වක් කරන්නේ නැහැ. මම ඔබට කියපු වචන ආත්මය සහ සත්‍යයයි. එහෙත් විශ්වාස කරන්නේ නැති සමහර අය ඔබ අතර සිටිනවා.”

යේසුස් වහන්සේ මුල සිටම දැන ගෙන සිටියා විශ්වාස කරන්නේ නැති අය කවුද, සහ තමාව පාවා දෙන්නට සිටින්නේ කවුද.

සහ ඔහු කිව්වා, “මේ හේතුව නිසා මම ඔබට කියනවා, කිසි කෙනෙකුට මා ළඟට පැමිණෙන්න බැහැ, පියාණන් අවසර දීලා නැත්නම්.”

එබැවින් මෙතැන් සිට ඔහුගේ ගෝලයන් බොහෝ දෙනෙක් ඔවුන් පැමිණි ස්ථාන වලට ආපසු ගියා, සහ ඔහු සමඟ තව තවත් ඇවිද්දේ නැත.

එබැවින් යේසුස් වහන්සේ දොළොස්දෙනාට කිව්වා, “ඔබත් යන්න කැමතිද?”

සීමොන් පේතෘස් ඔහුට උත්තර දුන්නා, “ස්වාමිනි, අපි කවුරු ළඟට යන්නද? ඔබ ළඟ සදාකාලික ජීවනයේ වචන තියෙනවා, සහ අපි විශ්වාස කරනවා, සහ අපි ඉගෙනගත්තා, ඔබ දෙවියන් වහන්සේගේ ශුද්ධවන්තයා.”

යේසුස් වහන්සේ ඔවුන්ට උත්තර දුන්නා, “මම ඔබ දොළොස් දෙනා තෝරා ගත්තා, නේද? සහ ඔබ අතරින් එක්කෙනෙක් යක්ෂයෙක්.”

එහෙත් ඔහු කථා කරේ සීමොන් ඉස්කාරියොත්ගේ පුතා යුදාස් ගැන, මේ මිනිසා ඔහුව පාවා දෙන්නට සිටියා, ඒත් ඔහු දොළොස්දෙනාගෙන් කෙනෙක්.

7

සහ මේ දේවල් වලට පසු යේසුස් වහන්සේ ගලිලයේ ඇවිදිමින් සිටිනවා, ඔහු යුදයේ ඇවිදින්න කැමති වුනේ නැති නිසා, යුදෙව්වරුන් ඔහු මරණයට පත් කිරීමට සොයන නිසා.

එවිට යුදෙව්වරුන්ගේ කූඩාරම් උත්සවය ළග එනවා.

එබැවින් ඔහුගේ සහෝදරයෝ ඔහුට කිව්වා, “මෙතැනින් ඉවත් වෙන්න, සහ යුදයට යන්න. එවිට ඔබේ ගෝලයන් ඔබ කරන ක්‍රියා දකියි. කිසි කෙනෙක් රහසිගතව කිසිම දෙයක් කරන්නේ නැහැ, ඔහු හොඳින් ජනප්‍රිය වෙන්න කැමති නම්. ඔබ මේ දේවල් කරනවා නම්, ඔබව ලෝකයට හෙළි කරන්න.”

ඔහුගේ සහෝදරයෝ ඔහු කෙරෙහි විශ්වාස කරේ නැති නිසා.

එබැවින් යේසුස් වහන්සේ ඔවුන්ට කියනවා, “මගේ වේලාව තවමත් පැමිණියේ නැහැ, එහෙත් ඔබේ වේලාව සෑමවිටම සූදානම්. ලෝකයට ඔබට වෛර කරන්න බැහැ, මට නම් ඔවුන් වෛර කරනවා, මම ඔවුන් ගැන සාක්ෂි දෙන නිසා, ඔවුන්ගේ ක්‍රියා නපුරුයි. ඔබ මේ උත්සවයට යන්න. මම දැනට මේ උත්සවයට යන්නේ නැහැ, මගේ වේලාව තවම සම්පූර්ණ නැති නිසා.”

එහෙත් ඔහු මෙය ගැන කිව්වාට පසු, ගලිලයේ නැවතී සිටියා.

එවිට ඔහුගේ සහෝදරයෝ එම උත්සවයට ගියාට පසු, ඔහුත් ගියා, ප්‍රසිද්ධියේ නොවෙයි, නමුත් රහසිගතව.

එබැවින් යුදෙව්වරුන් උත්සවයේ ඔහුව සොයමින් සිටියා, සහ කිව්වා, “කොහේද ඒ මිනිසා?” 

සහ සෙනග අතර ඔහු ගැන බොහෝ කසුකුසුවක් ඇති වුනා. සමහර අය කිව්වා, “ඔහු හොඳයි,” නමුත් අනෙක් අය කිව්වා, “නැහැ, ඔහු මිනිසුන් රවටනවා.”

එහෙත් කිසි කෙනෙක් ඔහු ගැන ප්‍රසිද්ධියේ කථා කරේ නැත, ඔවුන් යුදෙව්වරුන්ට බය නිසා.

උත්සවය මැද යේසුස් වහන්සේ දේවමාළිගාවට ගියා, සහ උගන්වන්න පටන් ගත්තා.

ඒ නිසා යුදෙව්වරුන් පුදුමයට පත් වුනා, මෙසේ කියමින්, “කොහොමද මේ මිනිසා අකුරු දන්නේ, ඔහු ඉගෙනගෙන නැහැ?”

මෙම නිසා යේසුස් වහන්සේ ඔවුන්ට උත්තර දුන්නා සහ කිව්වා, “මගේ ඉගැන්වීම මගේ නෙමෙයි, නමුත් මාව එවපු කෙනාගේ. යම් කෙනෙක් ඔහුගේ කැමැත්ත කරන්න කැමති නම්, ඔහු මෙම ඉගැන්වීම ගැන දැන සිටියි, එය දෙවියන් වහන්සේගේන්ද, නැත්නම් මම මා වෙනුවෙන් කථා කරනවාද කියලා. තමා වෙනුවෙන් කථා කරන කෙනා තමාගේ ගෞරවය සොයනවා, එහෙත් ඔහු එවපු කෙනාගේ ගෞරවය සොයන කෙනා සත්‍යයයි, සහ ඔහු තුළ අයුක්තිය නැහැ. මෝසෙස් නීතිය ඔබට දුන්නේ නැද්ද? සහ ඔබගෙන් කිසිම කෙනෙක් නීතිය පිළිපදින්නේ නැහැ. ඇයි මාව මරන්න සොයන්නේ?”

සෙනඟ උත්තර දුන්නා, “ඔබ තුළ යක්ෂයෙක් ඉන්නවා. කවුද ඔබව මරන්න සොයන්නේ?”

යේසුස් වහන්සේ උත්තර දුන්නා සහ ඔවුන්ට කිව්වා, “මම එක වැඩක් කරා, සහ ඔබ සියලු දෙනාම පුදුම වෙනවා. මේ නිසා මෝසස් චර්මඡේදනය ඔබට දුන්නා, එය මෝසෙස්ගේන් පැවත එනවා නෙමෙයි, නමුත් පියවරුන්ගෙන් පැවත එනවා, සහ ඔබ සබත් දවසෙත් මනුෂ්‍යයෙකු චර්මඡේදනය කරනවා.

මනුෂ‍්‍යයෙක් සබත් දවසේ චර්මඡේදනය ලබනවා නම්, සහ මේ විදිහට ඔහු මෝසස්ගේ නීතිය කඩ කරන්නේ නැහැ, ඇයි ඔබ මා සමඟ කෝප වන්නේ, සබත් දවසේ මම මනුෂ්‍යයෙකු සම්පූර්ණයෙන්ම සුව කර නිසා? පෙනුමෙන් විනිශ්චය කරන්න එපා. සාධාරණ විනිශ්චයකින් විනිශ්චය කරන්න.”

එබැවින් යෙරුසලම්වරුන් අතරින් සමහර මිනිස්සු කිව්වා, “මොහු නේද ඔවුන් මරන්න සොයන්නේ. මේ බලන්න, ඔහු ප්‍රසිද්ධියේ කථා කරනවා, සහ ඔවුන් ඔහුට කිසිවක් කියන්නේ නැහැ. පාලකයෝ ඇත්තෙන්ම කවදාවත්ම දැනගත්තේ නැහැ මේ ක්‍රිස්තුස් කියලා, නේද? නමුත් අපි ඔහුව අඳුනනවා, ඔහු පැමිණියේ කොහෙන්ද. එහෙත් ක්‍රිස්තුස් පැමිණෙන විට, ඔහු පැමිණියේ කොහෙන්ද කිසිකෙනෙක් දන්නේ නැහැ.”

එම නිසා යෙසුස් වහන්සේ දේවමාළිගාවේ හඬ නගා උගන්වමින් කිව්වා, “මා ගැන සහ මම පැමිණියේ කොහෙන්ද ඔබ දන්නවා. සහ මම මා වෙනුවෙන් පැමිණියේ නැහැ, නමුත් මාව එවපු කෙනා සත්‍යයයි. ඔබ ඔහුව අඳුනන්නේ නැහැ. මම ඔහුව අඳුනනවා, මම ඔහුගෙන් පවතින නිසා, සහ ඔහු මාව එවපු නිසා.”

එම නිසා ඔහුව අල්ලා ගන්නට ඔවුන් උත්සාහ කරා, නමුත් කිසි කෙනෙක් ඔහු මතු පිට අත තිබ්බේ නැත, ඔහුගේ පැය තවම පැමිණියේ නැති නිසා. එවිට සෙනග අතරින් බොහෝ දෙනෙක් ඔහු කෙරෙහි විශ්වාස කරා සහ කිව්වා, “ක්‍රිස්තුස්  පැමිණි විට, මේ මනුෂ්‍යයා කර දේවල් වලට වඩා තවත් සලකුණු කරන්නේ නැහැ, නේද?”

පරිසිවරුන්ට ඇහුනා ඔහු ගැන මෙම කසුකුසුව සෙනග අතර, සහ නායක පූජකවරුන් සහ පරිසිවරුන් ඔහුව අල්ලා ගැනීමට සේවකයන් යැව්වා. මෙම නිසා යේසුස් වහන්සේ කිව්වා, “මම ටික කාලයක් ඔබ සමඟ සිටිනවා, සහ මාව එවපු කෙනා වෙතට යනවා. ඔබ මාව සොයනවා සහ මාව සොයාගන්නේ නැහැ. සහ මම කොහේද ඉන්නේ, ඔබට එතනට එන්න බැහැ.”

එම නිසා යුදෙව්වරුන් එකිනෙකාට කිව්වා, “ඔහු කොහේද යන්න හිතන්නේ, එවිට අපිට ඔහුව සොයාගන්න බැරි වෙන්න? ඔහු ග්‍රිකයේ විසිර සිටින යුදෙව්වරුන් වෙතට යන්න, සහ ග්‍රිකයන්ට උගන්වන්න හිතන්නේ නැහැ, නේද? ඔහු කියපු මේ වචනය මොකක්ද, ඔබ මාව සොයනවා සහ මාව සොයාගන්නේ නැහැ, සහ මම කොහේද ඉන්නේ, ඔබට එතනට එන්න බැහැ කියලා?”

එවිට අවසාන උත්සවයේ උසස් දවසේ යේසුස් වහන්සේ නැගී සිටියා සහ හඩ නගා කිව්වා, “යම් කෙනෙකුට තිබහ නම්, ඔහුට මා ළඟට එන්න සහ බොන්න දෙන්න. මා කෙරෙහි විශ්වාස කරන කෙනා, ලියවිල්ලේ කිව්ව විදිහට, ජීවමාන වතුර ගංඟා ඔහුගේ ශරීරයෙන් ගලාගෙන එනවා.”

නමුත් ආත්මය ගැන ඔහු මෙය කිව්වා, ඔහු කෙරෙහි විශ්වාස කරන අයට ලැබෙන ආත්මය ගැන, ඔවුන්ට ආත්මය තවමත් ලැබුනේ නැති නිසා, යේසුස් වහන්සේ තවමත් මහිමයට පත් කර තිබුණේ නැති නිසා.

එබැවින් සෙනග අතරින් මේ වචන ඇහුන අය කිව්වා, “ඔහු සත්‍යයෙන්ම දිවැසිවරයා!”

අනෙක් අය කිව්වා, “මේ තමයි ක්‍රිස්තුස්.”

එවිට සමහරු කිව්වා, “ක්‍රිස්තුස් ගලිලයෙන් පැමිණෙන්නේ නැහැ, නේද? ලියවිල්ලේ කිව්වෙ නැද්ද, ක්‍රිස්තුස් දාවීත්ගේ වංශයෙන් සහ දාවීත් ජීවත්වුන ගම බෙත්ලහමෙන් පැමිණෙනවා කියලා?”

එම නිසා සෙනග අතර ඔහු නිසා මතභේදයක් ඇති වුනා. එවිට ඔවුන් අතර සමහරෙක් ඔහුව අල්ලා ගැනීමට හිතුවා, නමුත් කිසිවෙක් ඔහු මතු පිට අත් තිබ්බේ නැත.

මෙම නිසා සේවකයන් නායක පූජකයන් සහ පරිසිවරුන් වෙත පැමිණියා, සහ මොවුන් ඔවුන්ට කිව්වා, “ඇයි ඔබ ඔහුව ගෙනාවේ නැත්තේ?”

සේවකයෝ උත්තර දුන්නා, “කිසිම මනුෂ්‍යයෙක්වත් කවදාවත් මේ විදිහට කථා කරේ නැහැ.”

එම නිසා පරිසිවරුන් ඔවුන්ට උත්තර දුන්නා, “ඔබවත් ඔහු රවටා ගත්තාද? නායකයන්ගෙන් හෝ පරිසිවරුන්ගෙන් එක්කෙනෙක්වත් ඔහු කෙරෙහි විශ්වාස කරේ නැහැ, නමුත් නීතිය නොදන්න මේ සෙනගට ශාපය ලැබිලා.”

ඔවුන්ගෙන් කෙනෙක් වන නිකදේමුස්, යේසුස් වහන්සේ ළඟට කලින් පැමිණි, ඔවුන්ට කියනවා, “පළමුව අපේ නීතිය මනුෂ්‍යයාව විනිශ්චය කරන්නේ නැහැ, ඔහුගෙන් සාක්ෂිය අහන්නේ නැතිව සහ ඔහු කරන්නේ මොනවාද තෙරුම් ගන්නේ නැතිව, නේද?”

ඔවුන් උත්තර දුන්නා සහ ඔහුට කිව්වා, “ඔබත් ගලිලයෙන්ද? සොයන්න සහ බලන්න දිවැසිවරයෙක් ගලිලයෙන් පැමිණෙන්නේ නැහැ.”

එවිට සෑම දෙනාම තම තමන්ගේ ගෙවල් වලට ගියා.

8

එවිට යේසුස් වහන්සේ ඔලිව් කන්දට ගියා.

ඔහු උදෑසනම නැවතත් දේවමාළිගාවට ගියා, සහ සියලුම ජනතාව ඔහු වෙතට පැමිණියා, සහ ඔහු වාඩි වෙලා ඔවුන්ට උගන්වන්න පටන් ගත්තා.

එවිට ලියන්නන් සහ පරිසිවරුන් කාමමිත්‍යාචාරයේ හැසිරෙද්දී හසුවුන ස්ත්‍රියක් අරන් එනවා, සහ ඔවුන් ඇයව මැද සිටෙව්වාට පසු ඔහුට කියනවා, “ගුරුතුමනි, මේ ස්ත්‍රිය කාමමිත්‍යාචාරයේ යෙදී සිටිනවිට අල්ලා ගත්තා. එහෙත් මෝසස් නීතියේ අපට අණ කරා, මෙවැනි අය ගල් ගසා මැරීමට. එම නිසා ඔබ කුමක්ද කියන්නේ?”

නමුත් ඔවුන් මෙසේ කිව්වේ ඔහු පරීක්ෂා කිරීමටයි. එවිට ඔහුට චෝදනා කිරීමට ඔවුන්ට යම් දෙයක් තිබෙයි. නමුත් යේසුස් වහන්සේ බිමට නැමී ඔහුගේ ඇඟිල්ලෙන් පොළවේ  ලියමින් සිටියා.

එවිට ඔවුන් ඔහුගෙන් දිගින් දිගටම ඇහුවාට පසු, ඔහු හිස ඔසවා ඔවුන්ට කිව්වා, “ඔබ අතරේ පවක් නැති කෙනා පළමුව ඇයට ගලක් ගසන්න.”

සහ නැවතත් ඔහු හිස නමා පොළොවේ ලියන්න පටන් ගත්තා.

එවිට ඔහුට ඇහුම්කන් දුන් අය, වැඩිහිටියන්ගේ සිට බාලයනුත් එකිනෙකා එතැනින් ඉවත් වුනා, සහ ඔහු පමණක් එහි තනිකර සිටියා, සහ ස්ත්‍රිය මැද සිටියා.

එවිට යේසුස් වහන්සේ හිස ඔසවා ඇයට කිව්වා, “ස්ත්‍රිය, ඔවුන් කොහේද? කවුරුත් ඔබව  හෙළා දකින්නේ නැද්ද?”

එවිට ඇය කිව්වා, “කවුරුත් නැහැ, ස්වාමිනි.”

එවිට යේසුස් වහන්සේ  කිව්වා, “මමත් ඔබව හෙළා දකින්නේ නැහැ. යන්න, මින් පසු තවදුරටත් පව් කරන්න එපා.”

එබැවින් නැවත යේසුස් වහන්සේ ඔවුන්ට කථා කරා මෙසේ කියමින්, “මම තමයි ලෝකයේ ආලෝකය. මා පසුපස එන කෙනා කළුවරේ ඇවිදින්නේ නැහැ. නමුත් ඔහුට  ජීවිතයේ ආලෝකය තිබෙනවා.”

ඒ නිසා පරිසිවරුන් ඔහුට කිව්වා, “ඔබ සාක්ෂි දරනවා ඔබ ගැන. ඔබේ සාක්ෂිය සත්‍යය නෙමෙයි.”

යේසුස් වහන්සේ උත්තර දුන්නා සහ ඔවුන්ට කිව්වා, “මමත් මා ගැන සාක්ෂි දරනවා නම්, මගේ සාක්ෂිය සත්‍යයයි, මම දන්න නිසා මම පැමිණියේ කොහෙන්ද සහ කොතැනටද යන්නේ. එහෙත් ඔබ දන්නේ නැහැ මම පැමිණියේ කොහෙන්ද හෝ මම කොතැනටද යන්නේ.

ඔබ මාංශය අනුව විනිශ්චය කරනවා. මම කිසි කෙනෙකු විනිශ්චය කරන්නේ නැහැ. එහෙත් මම විනිශ්චය කරනවා නම්, මගේ විනිශ්චය සත්‍යයයි, මම තනියම පවතින්නේ නැති නිසා, නමුත් මාව එවපු පියාණන් මා සමඟයි. ඔබේ නිතියේත් ලියලා තියෙනවා, මිනිසුන් දෙදෙනකුගේ සාක්ෂිය සත්‍යයයි. මම තමයි මා ගැන සාක්ෂි දරන්නේ, සහ මා ගැන සාක්ෂි දරන්නේ මාව එවපු පියාණන්.”

එම නිසා ඔවුන් ඔහුට කිව්වා, “ඔබේ පියාණන් කොහේද?”

යේසුස් වහන්සේ උත්තර දුන්නා, “ඔබ මාව අඳුනන්නේ නැහැ, මගේ පියාණන්වත් නැහැ. ඔබ මාව අඳුනනවා නම්, මගේ පියාණන්‌වත් අඳුනනවා.”

ඔහු මේ වචන භාණ්ඩාගාරයේ දී දේවමාළිගාවේ උගන්වන විට කථා කරා, සහ කිසිවෙක් ඔහුව අල්ලා ගත්තේ නැත, ඔහුගේ පැය තවම පැමිණියේ නැති නිසා.

ඒ නිසා ඔහු නැවත ඔවුන්ට කිව්වා, “මම යනවා සහ ඔබ මාව සොයනවා, සහ ඔබේ පව් තුළ ඔබ මරණයට පත්වෙනවා. මම යන තැනට ඔබට පැමිණෙන්න බැහැ.”

එබැවින් යුදෙව්වරුන් කථා කරා, “ඔහු තමාව මරණයට පත් කරගන්නේ නැහැ, නේද? ඔහු කියන නිසා, මම යන තැනට ඔබට පැමිණෙන්න බැහැ.”

සහ ඔහු ඔවුන්ට කිව්වා, “ඔබ පහළින් පවතිනවා, මම ඉහළින් පවතිනවා. ඔබ මේ ලෝකයෙන් පවතිනවා, මම මේ ලෝකයෙන් නෙමෙයි. මෙම නිසා මම ඔබට කිව්වා, ඔබ ඔබේ පව් තුළ මරණයට පත්වෙනවා, ඔබ විශ්වාස කරන්නේ නැත්නම්, මම කවුද කියලා, ඔබ ඔබේ පව් තුළ මරණයට පත්වෙයි.”

එබැවින් ඔවුන් ඔහුට කිව්වා, “ඔබ කවුද?”

යේසුස් වහන්සේ ඔවුන්ට කිව්වා, “මුල සිටම මම ඔබට කියනවා. මට බොහෝ දේවල් ඔබ ගැන කියන්න සහ ඔබ විනිශ්චය කරන්න තියෙනවා, නමුත් මාව එවපු කෙනා සත්‍යයයි, සහ මම ඔහුගෙන් ඇහුන දේවල් ලෝකයට කියනවා.”

ඔහු පියාණන් ගැන කථා කරන බව ඔවුන් දැන ගත්තේ නැත.

එබැවින් යේසුස් වහන්සේ ඔවුන්ට කිව්වා, “ඔබ මනුෂ්‍යය පුත්‍රයා ඔසවන විට, ඔබ දැනගන්නවා මම කවුද, සහ මා වෙනුවෙන් මම කිසිම දෙයක් කරන්නේ නැහැ. නමුත් මම මේ දේවල් කියන්නේ, මගේ පියාණන් මට උගන්වපු විදිහට. සහ මාව එවපු කෙනා මා සමඟයි. ඔහු මාව තනි කරේ නැහැ, මම සෑමවිටම ඔහු සතුටු වන දේවල් කරන නිසා.”

ඔහු මේ වචන කථා කරන විට, බොහෝ දෙනෙක් ඔහු කෙරෙහි විශ්වාස කරා.

එබැවින් යේසුස් වහන්සේ ඔහු කෙරෙහි විශ්වාස කරන යුදෙව්වරුන්ට කිව්වා, “ඔබ මාගේ වචනයේ රැඳී සිටිනවා නම්, ඇත්තෙන්ම ඔබ මගේ ගෝලයෝ, සහ ඔබ සත්‍යය දන්නවා, සහ සත්‍යය ඔබව නිදහස් කරයි.”

ඔවුන් ඔහුට උත්තර දුන්නා, “අපි ආබ්‍රහම්ගේ වංශයයි, සහ කවදාවත් කිසි කෙනෙකුට වහල් වෙලා නැහැ. ඔබ කොහොමද කියන්නේ, අපි නිදහස් වෙනවා කියලා?”

යේසුස් වහන්සේ ඔවුන්ට උත්තර දුන්නා, “ආමෙන්, ආමෙන්, මම ඔබට කියනවා, පාපය කරන සියලුදෙනාම පාපයේ වහලෙකි. එහෙත් වහල්ලු සදහටම නිවසක රැ‌ඳී සිටින්නේ නැහැ. පුත්‍රයා සදහටම රැ‌ඳී සිටිනවා. ඒ නිසා පුත්‍රයා ඔබව නිදහස් කරනවා නම්, ඔබ සැබැවින්ම නිදහස් වෙනවා. මම දන්නවා ඔබ ආබ්‍රහම්ගේ වංශයේ. නමුත් ඔබ මාව මරන්නට සොයනවා, මගේ වචනය ඔබ තුළට ගමන් කරන්නේ නැති නිසා. මම කථා කරන්නේ මම පියාණන් ඉදිරියේ දැකපු දේවල්. එබැවින් ඔබත් ඔබේ පියාණන්ගෙන් ඇහුන දේවල් කරනවා.”

ඔවුන් උත්තර දුන්නා සහ ඔහුට කිව්වා, “ආබ්‍රහම් අපේ පියාණන්.”

යේසුස් වහන්සේ ඔවුන්ට කියනවා, “ඔබ ආබ්‍රහම්ගේ දරුවෝ නම්, ඔබ ආබ්‍රහම්ගේ වැඩ කරයි. එහෙත් දැන් ඔබ මාව මරන්නට සොයනවා. දෙවියන් වහන්සේගෙන් ඇහුන සත්‍යය ඔබට කිව්ව මනුෂ්‍යයා මම තමයි. ආබ්‍රහම් මෙසේ කරේ නැහැ. ඔබ කරන්නේ ඔබේ පියාණන්ගේ ක්‍රියා.”

මෙම නිසා ඔවුන් ඔහුට කිව්වා, “අපි පිළිසිඳුනේ පිටත විවාහයකින් නෙමෙයි. අපට සිටින එකම පියාණන්, දෙවියන් වහන්සේ.”

යේසුස් වහන්සේ ඔවුන්ට කිව්වා, “දෙවියන් වහන්සේ ඔබේ පියාණන් නම්, ඔබ මට ප්‍රේම කරයි, මම දෙවියන් වහන්සේ වෙතින් පැමිණි සහ පැමිණ සිටින නිසා, මම මා වෙනුවෙන් පැමිණ සිටින්නේ නැති නිසා, නමුත් ඔහු තමයි මාව එව්‌වේ. ඇයි ඔබ මම කියන දේ තේරුම් ගන්නේ නැත්තේ? ඔබට මගේ වචනය ඇහෙන්නේ නැති නිසා. ඔබ ඔබේ පියා යක්ෂයාගෙන්, සහ ඔබේ පියාගේ ආශාවල් ඔබ කරන්න කැමතියි. ඔහු මුල සිටම මිනිමරුවෙකි, සහ සත්‍යය තුළ සිටින්නේ නැහැ, ඔහු තුළ සත්‍යය නැති නිසා. ඔහු බොරු කියන විට, ඔහු තමන් මවාගත් දේවල් කථා කරනවා, ඔහු බොරු කියන කෙනෙක් නිසා, සහ ඔහු බොරුවේ පියා නිසා.

එහෙත් මම සත්‍යය කථා කරන නිසා, ඔබ මාව විශ්වාස කරන්නේ නැහැ. පාපය නිසා ඔබ අතරින් මට බනින්නේ කවුද? මම සත්‍යය කථා කරනවා නම්, ඇයි ඔබ මාව විශ්වාස කරන්නේ නැත්තේ? දෙවියන් වහන්සේගෙන් එන කෙනා දෙවියන්ගේ වචන වලට ඇහුම්කන් දෙනවා. මෙම නිසා ඔබ ඇහුම්කන් දෙන්නේ නැහැ, ඔබ දෙවියන් වහන්සේගෙන් පැමිණියේ නැති නිසා.”

යුදෙව්වරුන් උත්තර දුන්නා සහ ඔහුට කිව්වා, “අපි හරියටම කිව්වෙ නැද්ද, ඔබ සමාරියන්වරයෙක් සහ ඔබ තුළ යක්ෂයෙක් ඉන්නවා?”

යේසුස් වහන්සේ උත්තර දුන්නා, “මා තුළ යක්ෂයෙක් නැහැ, නමුත් මම මගේ පියාණන්ට ගෞරව කරනවා, සහ ඔබ මට අගෞරව කරනවා. එහෙත් මම මගේ මහිමය සොයන්නේ නැහැ, එය සොයන කෙනෙක් සහ විනිශ්චය කරන කෙනෙක් සිටිනවා. ආමෙන් ආමෙන්, මම ඔබට කියනවා, යම් කෙනෙක් මගේ වචනය පිළිපදිනවා නම්, ඔහු සදහටම මරණය දකින්නේ නැහැ.”

එම නිසා යුදෙව්වරුන් ඔහුට කිව්වා, “දැන් අපි දන්නවා, ඔබ තුළ යක්ෂයෙක් ඉන්නවා. ආබ්‍රහම් සහ දිවැසිවරුන් මරණයට පත් වුනා, සහ ඔබ කියනවා, ‘යම් කෙනෙක් මගේ වචනය පිළිපදිනවා නම්, ඔහු සදහටම මරණයේ රස බලන්නේ නැහැ’ කියලා. ඔබ අපේ පියා වන ආබ්‍රහම්ට වඩා උසස්ද? ඔහු මරණයට පත් වුනා සහ දිවැසිවරයන් මරණයට පත් වුනා. ඔබ හදන්නේ කවුරු වෙන්නද?”

යේසුස් වහන්සේ උත්තර දුන්නා, “මම මටම ගෞරව කරනවා නම්, මගේ ගෞරවයේ වටිනාකමක් නැහැ. මගේ පියාණන් තමයි මට ගෞරව කරන්නේ. ඔබ කියනවා, ඔහු අපේ දෙවියන් වහන්සේ කියලා, සහ ඔබ ඔහුව අඳුනන්නේ නැහැ. නමුත් මම ඔහුව අඳුනනවා. මමත් කියනවා නම් මම ඔහුව අඳුනන්නේ නැහැ කියලා, මම ඔබ වගේම බොරුකාරයෙක් වෙනවා. නමුත් මම ඔහුව අඳුනනවා, සහ මම ඔහුගේ වචනය පිළිපදිනවා. ඔබේ පියා ආබ්‍රහම් මගේ දවස දැකලා සතුටින් පිරිලා ගියා සහ ප්‍රීති වුනා.”

එම නිසා යුදෙව්වරුන් ඔහුට කිව්වා, “ඔබට තවම අවුරුදු පණහක්වත් නැහැ, සහ ඔබ ආබ්‍රහම් දැකලා තියෙනවාද?”

යේසුස් වහන්සේ ඔවුන්ට කිව්වා, “ආමෙන්, ආමෙන්, මම ඔබට කියනවා, ආබ්‍රහම් ඉපදීමට පෙර සිට, මම සිටිනවා.”

එම නිසා ඔවුන් ගල් ගත්තා ඔහු වෙතට විසි කරන්න. නමුත් යේසුස් වහන්සේව සැඟෙව්වා, සහ දේවමාළිගාවෙන් පිටත්ව ගියා.

9

එවිට ඔහුගේ ගමන අතරමග ඔහු ඉපදුන දවසේ සිට අන්ධ වෙලා සිටිය මිනිසෙක් දැක්කා.

එවිට ඔහුගේ ගෝලයෝ මෙසේ කියමින් ඇහුවා, “රබ්බි, මොහු අන්ධව ඉපදෙන්න, පව් කරේ කවුද? මේ මනුෂ්‍යයා හෝ ඔහුගේ දෙමව්පියන්ද?”

යේසුස් වහන්සේ උත්තර දුන්නා, “මේ මිනිසා සහ ඔහුගේ දෙමව්පියන්වත් පව් කරේ නැහැ, නමුත් දෙවියන් වහන්සේගේ ක්‍රියා ඔහු තුළින් හෙළි කිරීමට. මාව එවපු කෙනාගේ ක්‍රියා කරන්න අපිට අවශ්‍යයි, තවම ඉර එලිය තියෙනවා. රාත්‍රිය පැමිණෙනවා, එවිට කිසි කෙනෙකුට වැඩ කරන්න බැහැ. මම ලෝකයේ සිටින විට, මම ලෝකයේ ආලෝකයයි.”

ඔහු මේ දේවල් කිව්වාට පසු, ඔහු බිමට කෙළ ගැසුවා, සහ කෙළ වලින් මඩ සැදුවා, සහ මිනිසාගේ ඇස් වල තැවරුවා, සහ ඔහුට කිව්වා, “යන්න, සිලෝවම් පොකුණෙන් සෝදාගන්න.” (සිලෝවම් යන වචනයේ තේරුම ‘යවපු කෙනා’)

එම නිසා ඔහු පිටත්ව ගියා, සහ ඔහු තමාව සෝදා ගත්තා, සහ ඔහු පෙනීම ලබා පැමිණියා.

එබැවින් අසල්වැසියෝ සහ ඔහුව කලින් දැකපු අය ඔහු හිඟන්නෙක් බව කිව්වා, “මේ මිනිසා නේද වාඩි වී හිඟමන් ඉල්ලන කෙනා?”

සමහර මිනිස්සු කිව්වා, “ඔව්, ඔහු තමයි.” තවත් සමහරු කිව්වා, “නැහැ. නමුත් ඔහු වගේ.”

ඔහු කිව්වා, “ඒ මමයි.”

එම නිසා ඔවුන් ඔහුට කිව්වා, “ඉතින් ඔබේ ඇස් ඇරුනේ කොහොමද?”

එම නිසා ඔහු උත්තර දුන්නා, “යේසුස් කියපු මනුෂ්‍යයා මඩ හැදුවා, සහ මගේ ඇස් වල තැවරුවා, සහ මට කිව්වා සිලෝවම් වලට යන්න සහ සෝදාගන්න කියලා, එබැවින් මම ගිහින් සෝදාගත්තා, සහ මට පෙනීම ලැබුණා.”

එවිට ඔවුන් ඔහුට කිව්වා, “කොහේද ඒ මිනිසා?”

ඔහු කියනවා, “මම දන්නේ නැහැ.”

ඔවුන් කලින් අන්ධව සිටි ඔහුව පරිසිවරුන් වෙතට ගේනවා.

එය සබත් දවස යේසුස් වහන්සේ මඩ හැදුවා සහ ඔහුගේ ඇස් ඇරිය දවසයි.

එබැවින් නැවතත් පරිසිවරුනුත් ඔහුගෙන් ඇහුවා, “කොහොමද පෙනීම ලැබුනේ?” එහෙත් ඔහු ඔවුන්ට කිව්වා, “ඔහු මගේ ඇස් වල මඩ ගෑවා, සහ මම සෝදාගත්තා, සහ මට පෙනීම තියෙනවා.”

එබැවින් පරිසිවරුන් අතරින් සමහරු කිව්වා, “මෙම මනුෂ්‍යයා දෙවියන් වහන්සේ වෙතින් නෙමෙයි, ඔහු සබත් දවස පිළිපදින්නේ නැති නිසා.”

එහෙත් තවත් සමහරු කිව්වා, “කොහොමද පුළුවන් වෙන්නේ පව්කාර මනුෂ්‍යයෙකුට එවැනි සලකුණු කරන්න?”

සහ ඔවුන් අතර මතභේදයක් ඇති වුනා.

ඒ නිසා ඔවුන් නැවතත් අන්ධයාට කියනවා, “ඔබ මොනවාද ඔහු ගැන කියන්නේ, ඔහු ඔබේ ඇස් ඇරිය නිසා?”

එවිට ඔහු කිව්වා, “ඔහු දිවැසිවරයෙක්.”

එබැවින් යුදෙව්වරුන් ඔහු ගැන විශ්වාස කරේ නැත, ඔහු අන්ධව සිටිය බවත්, පෙනීම ලැබුන බවත්, ඔවුන් පෙනීම ලැබුන මිනිසාගේ දෙමව්පියන්ව කැඳවන තුරු. සහ ඔවුන්ගෙන් ඇහුවා, “මේ ඔබේ පුතාද? ඔහු අන්ධව ඉපදුනාද? එසේ නම් ළඟකදී ඔහුට පෙනෙන්නේ කොහොමද?”

එබැවින් ඔහුගේ දෙමව්පියන් උත්තර දුන්නා සහ කිව්වා, “අපි දන්නවා මේ අපේ පුතා, සහ ඔහු අන්ධව ඉපදුනා, නමුත් ඔහුට දැන් පෙනෙන්නේ කොහොමද අපි දන්නේ නැහැ, සහ ඔහුගේ ඇස් ඇරියේ කවුද අපි දන්නේ නැහැ. ඔහුගෙන් අහන්න. ඔහු තේරුම් වයසේ. ඔහුට තමා ගැන කථා කරන්න පුළුවන්.”

ඔහුගේ දෙමව්පියන් මෙසේ කිව්වේ, ඔවුන් යුදෙව්වරුන්ට බය නිසා. දැනටමත් යුදෙව්වරුන් එකඟ වී තිබුනා, යම් කෙනෙක් පිළිගන්නවා නම් ඔහු ක්‍රිස්තුස් කියලා, ඔහුව ධර්මශාලාවෙන් පිටත දමන්න.

මේ නිසා ඔහුගේ දෙමවුපියන් කිව්වා, “ඔහු තේරුම් වයසේ. ඔහුගෙන් අසන්න.”

එම නිසා ඔවුන් අන්ධව සිටි මනුෂ්‍යයා දෙවැනි වරටත් කැ‌ඳෙව්වා සහ ඔහුට ‌‌කිව්වා‌‌, “දෙවියන් වහන්සේට මහිමය දෙන්න. අපි දන්නවා මේ මනුෂ්‍යයා පව්කාරයෙක්.”

එබැවින් ඔහු උත්තර දුන්නා, “ඔහු පව්කාරයෙක්ද මම දන්නේ නැහැ. මම එක දෙයක් දන්නවා, ඒත් මම අන්ධව සිටියා, දැන් මට පෙනෙනවා.”

එවිට ඔවුන් ඔහුට කිව්වා, “ඔහු ඔබට මොනවාද කරේ? ඔහු කොහොමද ඔබේ ඇස් ඇරියේ?”

ඔහු ඔවුන්ට උත්තර දුන්නා, “මම ඔබට කලින් කිව්වා, සහ ඔබ එය ඇහුවේ නැහැ. ඇයි ඔබ එය නැවත අහන්නට කැමති? ඔබටත් ඔහුගේ ගෝලයෝ වෙන්න කැමතිද?”

එවිට ඔවුන් ඔහුට බැන්නා සහ මෙසේ කිව්වා, “ඔබ ඔහුගේ ගෝලයා, නමුත් අපි මෝසස්ගේ ගෝලයෝ. අපි දන්නවා දෙවියන් වහන්සේ මෝසස්ට කථා කරා, නමුත් කොහෙන්ද මේ මනුෂ්‍යයා පැමිණියේ අපි දන්නේ නැහැ.”

එම මනුෂ්‍යයා උත්තර දුන්නා සහ ඔවුන්ට කිව්වා, “මෙය පුදුම දෙයක්, ඔබ ඔහු පැමිණියේ කොහෙන්ද දන්නේ නැහැ, නමුත් ඔහු මගේ ඇස් ඇරියා. අපි දන්නවා දෙවියන් වහන්සේට පව්කාරයන්ව ඇහෙන්නේ නැහැ, නමුත් යම් කෙනෙක් භක්තිමත් නම් සහ ඔහුගේ කැමැත්ත කරයි නම්, ඔහුට ඔහුව ඇහෙනවා. කවදාවත් කවුරුත් අහලා නැහැ, අන්ධව ඉපදුනු කෙනෙකුගේ ඇස් කිසි කෙනෙකු ඇරියා කියලා. මේ මනුෂ්‍යයා දෙවියන් වහන්සේගෙන් පැමිණියේ නැති නම්, ඔහුට කිසිම දෙයක් කරන්න බැහැ.”

ඔවුන් උත්තර දුන්නා සහ ඔහුට කිව්වා, “ඔබ ඉපදුනේ සම්පුර්නයෙන්ම පව් තුළින්, සහ ඔබ අපට උගන්වනවාද?”

එවිට ඔවුන් ඔහුව එළියට දැම්මා.

යේසුස් වහන්සේට ඇහුනා ඔවුන් ඔහුව එළියට දැම්මා, සහ ඔහුව සොයාගත්තා සහ ඔහුට කිව්වා, “ඔබ මනුෂ්‍ය පුත්‍රයා කෙරෙහි විශ්වාස කරනවාද?”

ඔහු උත්තර දුන්නා සහ කිව්වා, “සහ ඔහු කවුද, ස්වාමිනි, මම ඔහුව විශ්වාස කිරීමට?”

යේසුස් වහන්සේ ඔහුට කිව්වා, “ඔබත් ඔහුව දැකලා තියෙනවා, සහ ඔහු තමයි ඔබ සමග කථා කරන්නේ.”

එවිට ඔහු කිව්වා, “මම විශ්වාස කරනවා, ස්වාමිනි,” සහ ඔහු ඔහුට නමස්කාර කරා.

සහ යෙසුස් වහන්සේ කිව්වා, “විනිශ්චය සඳහා මම මේ ලෝකය තුලට පැමිණියා, පෙනෙන්නේ නැති අයට පෙනෙන්නට, සහ පෙනීම තියෙන අය අන්ධ වෙන්නට.”

ඔහු සමග සිටින පරිසිවරුන්ට මේ දේවල් ඇහුනා සහ ඔහුට කිව්වා, “අපිත් අන්ධ නැහැ, නේද?”

යේසුස් වහන්සේ ඔවුන්ට කිව්වා, “ඔබ අන්ධ නම්, ඔබ තුළ පව් නැහැ. එහෙත් දැන් ඔබ කියනවා අපට පෙනෙනවා. ඔබේ පව් එසේම පවතිනවා.”

10

“ආමෙන් ආමෙන්, මම ඔබට කියනවා, දොරෙන් බැටළු ගාලට ඇතුළු වන්නේ නැති කෙනා නමුත් වෙන විදිහකින් එන කෙනා සොරෙක් සහ මංකොල්ලකරුවෙක්. එහෙත් දොරෙන් ඇතුළු වන කෙනා බැටළුවන්ගේ එඬේරා. දොරටු පාලකයා ඔහුට දොර අරිනවා, සහ බැටළුවන්ට ඔහුගේ කට හඬ ඇහෙනවා, සහ ඔහු තමාගේ බැටළුවන් නමින් අඬගසනවා, සහ ඔවුන් පිටතට ගෙන යනවා.

ඔහු තම බැටළුවන් පිටතට ගෙන යන විට, ඔහු ඔවුන්ට ඉදිරියෙන් යනවා, සහ බැටළුවන් ඔහු පසුපස යනවා, ඔවුන් ඔහුගේ කට හඬ අඳුරන නිසා. ඔවුන් වෙන කිසිවෙකු පසුපස යන්නේ නැහැ, නමුත් ඔහු වෙතින් පලා යනවා, ඔවුන් අන් අයගේ කට හඬ අඳුරන්නේ නැති නිසා.”

යේසුස් වහන්සේ මේ උපමාව ඔවුන්ට කිව්වා, නමුත් ඔහු ඔවුන්ට කියන දේ ඔවුන් තේරුම් ගත්තේ නැත.

එබැවින් යේසුස් වහන්සේ නැවත කිව්වා, “ආමෙන්, ආමෙන්, මම ඔබට කියනවා, මම බැටළුවන්ගේ දොරටුව. මට කලින් පැමිණි සියලු දෙනාම සොරු සහ මංකොල්ලකරුවන්. නමුත් බැටළුවන්ට ඔවුන්ව ඇහුනේ නැහැ. මම දොරටුව. යම් කෙනෙක් මා තුළින් ඇතුළු වෙනවා නම්, ඔහුව ගලවා ගන්නවා, සහ ඔහු ඇතුළට හා එළියට යනවා, සහ තණබිම් සොයා ගන්නවා. සොරා එන්නේ සොරකම් කිරීමටත්, මරා දැමීමටත්, විනාශ කිරීමටත් පමණයි. මම පැමිණියා එවිට ඔවුන්ට ජීවිතය ලැබෙයි, සහ එය අවශ්‍ය ප්‍රමාණයට වඩා ලැබෙයි. මම යහපත් එඬේරා. යහපත් එඬේරා තමාගේ ජීවිතය බැටළුවන් වෙනුවෙන් පූජා කරනවා. කුලීකාරයා එඬේරෙක් වෙන්නේ නැති නිසා, සහ අයිතිය නැති කෙනා නිසා, වෘකයා එනවා දකිනවා සහ බැටළුවන් තනියම අත හරිනවා, සහ පැනලා යනවා. වෘකයා ඔවුන්ව පැහැර ගන්නවා, සහ පලවා හරිනවා. ඔහු කුලියට ගත් මනුෂ්‍යයෙක් සහ බැටළුවන් ගැන සැලකිල්ලක් නැති නිසා.

මම යහපත් එඬේරා. මම මගේම බැටළුවන් අඳුනනවා, සහ ඔවුන් මාව අඳුනනවා, පියාණන් මාව අඳුනනවා සහ මමත් පියාණන් අඳුනනවා වගේ, සහ මම මාගේ ජීවිතය බැටළුවන් වෙනුවෙන් පූජා කරනවා. මට වෙනත් බැටළුවන් සිටිනවා, ඔවුන් මේ බැටළු ගාල තුලින් පැමිණෙන්නේ නැහැ, මට ඔවුන්වත් එකතු කරන්න අවශ්‍යයි, සහ ඔවුන් මාගේ කට හඬ අහනවා, සහ ඔවුන් එක රැළක් වෙනවා, ඔවුන්ට එක එඬේරෙක් සිටිනවා. මේ හේතුව නිසා පියාණන් මට ප්‍රේම කරනවා, මම ජීවිතය පූජා කරන නිසා, එය නැවත ලබා ගැනීමට. කිසි කෙනෙක් එය මගෙන් උදුරා ගන්නේ නැහැ, නමුත් මම එය මගේ කැමැත්තෙන් පූජා කරනවා. මට එය පහත හෙලන්න බලය තිබෙනවා, සහ මට එය නැවත ලබා ගන්න බලය තිබෙනවා. මට මෙම විධානය මගේ පියාණන්ගෙන් ලැබුනා.”

මේ වචන නිසා යුදෙව්වරුන් අතර නැවත මතභේදයක් ඇති වුනා.

එවිට ඔවුන්ගෙන් සමහර දෙනෙක් කිව්වා, “ඔහු තුළ යක්ෂයෙක් සිටිනවා,” සහ “ඔහු සිහි විකල් වෙලා. ඇයි ඔහුට ඇහුම්කන් දෙන්නේ?”

තවත් සමහරු කිව්වා, “මේවා යක්ෂාවේශ වන කෙනෙකුගේ වචන නෙමෙයි. යක්ෂයෙකුට අන්ධයින්ගේ ඇස් ඇරීමට බැහැ, නේද?”

එවිට යෙරුසලමේ කැපකිරීමේ උත්සවය තිබුනා. එවිට ශීත කාලය.

සහ යේසුස් වහන්සේ දේවමාළිගාවේ සලමොන්ගේ ඉස්තොප්පුවේ ඇවිදිමින් සිටියා.

යුදෙව්වරුන් ඔහුව වටකරගත්තා සහ ඔහුට කිව්වා, “ඔබ කොපමණ කාලයක් අපේ ජීවිත විනාශ කරන්නට යනවාද? ඔබ ක්‍රිස්තුස් නම් අපට ප්‍රසිද්ධියේ කියන්න.”

යේසුස් වහන්සේ ඔවුන්ට උත්තර දුන්නා, “මම ඔබට කිව්වා, සහ ඔබ විශ්වාස කරන්නේ නැහැ. මගේ පියාණන්ගේ නාමයෙන් මම කරන ක්‍රියා මම ගැන සාක්ෂි දරනවා. නමුත් ඔබ විශ්වාස කරන්නේ නැහැ, ඔබ මගේ බැටළුවන් නෙමෙයි නිසා. මගේ බැටළුවන්ට මගේ කට හඬ ඇහෙනවා, සහ මම ඔවුන් අඳුනනවා, සහ ඔවුන් මා පසුපස එනවා. සහ මම ඔවුන්ට සදාකාලික ජීවිතය දෙනවා, සහ ඔවුන් සදහටම විනාශ වන්නේ නැහැ, සහ මගේ අතින් කිසි කෙනෙක් ඔවුන්ව පැහැර ගන්නේ නැහැ. මට ඔවුන්ව දුන්න මගේ පියාණන් සියල්ලන්ට වඩා උතුම්ය, සහ පියාණන්ගේ අතින් කිසි කෙනෙකුට ඔවුන්ව පැහැර ගන්න බැහැ. මමත් මගේ පියාණනුත් එකයි.”

යුදෙව්රුන් නැවතත් ගල් ගසා ඔහුව මරන්නට ගල් අතට ගත්තා.

යේසුස් වහන්සේ ඔවුන්ට උත්තර දුන්නා, “මම ඔබට පියාණන්ගෙන් ගොඩක් යහපත් ක්‍රියා පෙන්නුවා. ඒ අතරින් කුමන ක්‍රියා නිසා ඔබ මට ගල් ගසනවාද?”

යුදෙව්වරුන් ඔහුට උත්තර දුන්නා, “අපි ඔබට ගල් ගසන්නේ යහපත් ක්‍රියා ගැන නෙමෙයි, නමුත් අපහාසය ගැන, ඒත් මනුෂ්‍යයෙක් වන ඔබ දෙවියන් වහන්සේ වෙන්න හදන නිසා.”

යේසුස් වහන්සේ ඔවුන්ට උත්තර දුන්නා, “ඔබගේ නීතියේ ලියලා නැද්ද, ‘මම කිව්වා ඔබ දෙවිවරුන්’ කියලා? ඔහු ඔවුන් දෙවිවරුන් කියලා කිව්වා නම්, සහ දෙවියන් වහන්සේගේ වචනය ඔවුන් වෙත පැමිණියා නම්, සහ ,ශුද්ධ ලියවිල්ල ලෙහන්න බැරි නම්, ඔබ කියනවාද මම අපහාස කරනවා කියලා, ඒත් පියාණන් මාව කැප කරා සහ මාව ලෝකය තුළට යැව්වා, මම කිව්ව නිසා දෙවියන් වහන්සේගේ පුත්‍රයා මමයි? මම මගේ පියාණන්ගේ ක්‍රියා කරන්නේ නැත්නම්, මාව විශ්වාස කරන්න එපා. එහෙත් මම එය කරනවා නම්, ඔබත් මාව විශ්වාස කරන්නේත් නැත්නම්, ක්‍රියා විශ්වාස කරන්න. එවිට පියාණන් මා තුළ සිටිනවා සහ මම පියාණන් තුළ සිටිනවා, ඔබ දැනගන්නවා සහ තේරුම් ගන්නවා.”

එම නිසා නැවතත් ඔවුන් ඔහු අල්ලා ගැනීමට උත්සාහ කරා, සහ ඔහු ඔවුන්ගේ අතින් ගිලිහුනා.

නැවතත් ඔහු ආපසු යොර්දානෙන් අනෙක් පැත්තට ගියා, මුලින්ම යොහන් බෞතීස්ම කරපු තැනට, සහ ඔහු එතන නැවති සිටියා.

සහ බොහෝ දෙනෙක් ඔහු ළඟට පැමිණියා සහ කිව්වා, “යොහන් කිසිම සලකුණක් කරේ නැහැ, එහෙත් මේ මනුෂ්‍යයා ගැන යොහන් කියපු සියල්ල සත්‍යයයි.”

සහ එතන බොහෝ දෙනෙක් ඔහු කෙරෙහි විශ්වාස කරා.

11

ලාසරස් නමින් රෝගියෙක් සිටියා බෙතානියෙන්. මරියා සහ ඇයගේ සහෝදරිය මාර්තාත් එම ගමෙන්.

ස්වාමින් වහන්සේට සුවඳ තෙල් ගල්වපු සහ හිස කෙස් වලින් ඔහුගේ පාද පිසදැමු ස්ත්‍රිය මාරියායි. ඇයගේ සහෝදරයා රෝගීව සිටින ලාසරස්.

එම නිසා සහෝදරියන් ඔහුට පණිවිඩයක් යැව්වා, මෙසේ කියමින්, “ස්වාමිනි, බලන්න, ඔබ ආදරේ කරන කෙනෙක් අසනීපයි.”

නමුත් යේසුස් වහන්සේ එය ඇහුන විට කිව්වා, “මෙය මරණයට පත්වෙන රෝගයක් නෙමෙයි, නමුත් දෙවියන් වහන්සේගේ මහිමය වෙනුවෙන් ඒ තුළින් දෙවියන් වහන්සේගේ පුත්‍රයා මහිමයට පත් වීමට.”

යේසුස් වහන්සේ මාර්තාට සහ ඇයගේ සහෝදරියට සහ ලාසරස්ට ප්‍රේම කරා. එබැවින් ඔහුට ඇහුනාට පසු, ඔහු අසනිපයෙන් සිටින බව, ඔහු එම ස්ථානයේම දවස් දෙකක් නැවතුණා.

ඊට පසුව ඔහු ගෝලයන්ට කියනවා, “යුදයට නැවත යමු.”

ගෝලයෝ ඔහුට කියනවා, “රබ්බි, දැන් යුදෙව්වරුන් ඔබට ගල් ගසන්න සොයනවා, සහ නැවත ඔබ එතනට යනවාද?”

යේසුස් වහන්සේ උත්තර දුන්නා, “දවසේ පැය දොළහක් නැද්ද? යම් කෙනෙක් දවල් කාලයේ ඇවිදිනවා නම්, ඔහු වැටෙන්නේ නැහැ, ඔහු මේ ලෝකයේ එළිය දකින නිසා. එහෙත් යම් කෙනෙත් රාත්‍රියේ ඇවිදිනවා නම්, ඔහු වැටෙනවා ඔහු තුළ ආලෝකය නැති නිසා.”

ඔහු මේ දේවල් කිව්වා, සහ ඉන්පසු ඔවුන්ට කියනවා, “අපේ මිතුරා ලාසරස් නිදාගෙන සිටිනවා. නමුත් මම ඔහු ඇහැරවන්න යනවා.”

එම නිසා ඔහුගේ ගෝලයෝ ඔහුට කිව්වා, “ස්වාමිනි, ඔහු නිදාගෙන සිටිනවා නම්, ඔහු සුවපත් වෙමින් සිටිනවා.”

එහෙත් යේසුස් වහන්සේ මරණය ගැන කථා කරා, නමුත් ඔවුන් සිතුවේ ඔහු සමාන්‍යය නිදාගැනිම ගැන කථා කරන බවයි.

එවිට යේසුස් වහන්සේ ප්‍රසිද්ධියේ ඔවුන්ට කිව්වා, “ලාසරස් මැරිලා, සහ මම ඔබ වෙනුවෙන් ප්‍රීති වෙනවා මම එතන සිටියේ නැති නිසා, ඔබට විශ්වාස කිරිමට. නමුත් අපි ඔහු ළඟට යමු.”

එම නිසා තෝමස් හෙවත් ඩිඩිමුස් අනෙක් ගෝලයන්ට කිව්වා, “අපිත් යමු, ඔහු සමඟ මැරෙන්නට.”

එබැවින් යේසුස් වහන්සේ ගිහින් ඔහුව සොයාගත්තා. ඔහු ඒ වන විටත් දවස් හතරක් සොහොන් ගෙය තුළ සිටියා.

බෙතානිය යෙරුසලමට කිලෝමීටර් හතර හමාරක් විතර දුරින් තිබුනා.

නමුත් යුදෙව්වරුන් අතරින් බොහෝ දෙනෙක් මාර්තා හා මරියා ළඟට පැමිණියා, ඔවුන්ගේ සහෝදරයා ගැන සැනසීමට.

එබැවින් මාර්තා යේසුස් වහන්සේ එන බව ඇහුන විට, ඔහු හමුවෙන්න ගියා. එහෙත් මරියා නිවසේම නැවති සිටියා.

එවිට මාර්තා යේසුස් වහන්සේට කිව්වා, “ස්වාමිනි, ඔබ මෙතන සිටියා නම්, මගේ සහෝදරයා මැරෙන්නේ නැහැ. නමුත් දැනටමත් මම දන්නවා, ඔබ දෙවියන් වහන්සේගෙන් ඉල්ලන ඕනෑම දෙයක් දෙවියන් වහන්සේ ඔබට දෙනවා.”

යේසුස් වන්සේ ඇයට කියනවා, “ඔබේ සහෝදරයා නැගිටිනවා.”

මාර්තා ඔහුට කියනවා, “මම දන්නවා, අන්තිම දවසේ ඔහු නැගිටිනවා.”

යේසුස් වහන්සේ ඇයට කිව්වා, “මම තමයි නැවත නැගිටීම සහ ජීවිතය. මා කෙරෙහි විශ්වාස කරන කෙනා මරණයට පත් වුනත් ජීවත් වෙනවා. සහ ජීවත් වන සහ මා කෙරෙහි විශ්වාස කරන සියලුදෙනාම සදහටම මැරෙන්නේ නැහැ. මෙය ඔබ විශ්වාස කරනවාද?”

ඇය ඔහුට කියනවා, “ඔව් ස්වාමිනි, මම විශ්වාස කරනවා. ඔබ ක්‍රිස්තුස්, දෙවියන් වහන්සේගේ පුත්‍රයා, ලෝකයට පැමිණෙන.”

සහ ඇය මේ දේවල් කිව්වාට පසු, ඇය පිටත්ව ගියා සහ මරියාට අඬගසා ඇයට රහසින් කිව්වා, “ගුරුතුමා පැමිණියා, සහ ඔහු ඔබට අඬගසනවා.”

ඇය මෙය ඇහුන විට ඉක්මනින් නැගිට්ටා සහ ඔහු ළඟට ගියා.

ඒ වනතුරු යේසුස් වහන්සේ ගමට ඇතුළු වෙලා තිබුනේ නැත. නමුත් ඔහු තවමත් මාර්තා හමුවුන ස්ථානයේම සිටියා.

එබැවින් ඇය සමග නිවසේ සිටින සහ ඇයව සනසන යුදෙව්වරුන් දැක්කා මරියා ඉක්මනින් නැගිට්ටා සහ පිටත්ව ගියා. ඔවුන් ඇය පසුපස ගියා, මෙසේ සිතමින් ඇය සොහොන් ගෙය වෙත යන්නේ, එතන අඬන්න.

එබැවින් මරියා යේසුස් වහන්සේ සිටින තැනට පැමිණියා, සහ ඔහුව දැක්කාට පසු, ඔහුගේ පාමුල වැටුනා මෙසේ කියමින්, “ස්වාමිනි, ඔබ මෙතන සිටියා නම්, මගේ සහෝදරයා මැරෙන්නේ නැහැ.”

යේසුස් වහන්සේ ඇය අඬනවා සහ ඇය සමග පැමිණි යුදෙව්වරුන් අඬනවා දැක්කාට පසු, ආත්මයෙන් සුසුම් හෙලුවා සහ කලබල වුනා, සහ කිව්වා, “ඔබ ඔහුව තැබුවේ කොහේද?”

ඔවුන් ඔහුට කියනවා, “ස්වාමිනි, ඇවිත් බලන්න.”

යේසුස් වහන්සේ ඇඬුවා.

එබැවින් යුදෙව්වරුන් කිව්වා, “බලන්න, ඔහු ඔහුට කොපමන ප්‍රේම කරනවාද.”

එවිට ඔවුන්ගෙන් සමහර දෙනෙක් කිව්වා, “මේ මිනිසා අන්ධ මිනිසාගේ ඇස් ඇරිය නිසා, ඔහුට මොහුගේ මරණය නැවතිමට යම් දෙයක් කරන්න පුළුවන් වුනේ නැද්ද?”

එබැවින් යේසුස් වහන්සේ නැවතත් සුසුම් හෙලමින් සොහොන් ගෙය ළඟට පැමිණෙනවා. එය ගුහාවක් සහ එහි මුදුණේ ලොකු ගලක් තිබුනා. යේසුස් වහන්සේ කියනවා, “ගල ඉවත් කරන්න.”

මිය ගිය මිනිසාගේ සහෝදරිය මාර්තා ඔහුට කියනවා, “ස්වාමිනි, දැනටමත් ගඳක් තියෙනවා, අද හතරවෙනි දවස නිසා.”

යේසුස් වහන්සේ ඇයට කියනවා, “මම ඔබට කිව්වේ නැද්ද, ඔබ විශ්වාස කරනවා නම්, ඔබ දෙවියන් වහන්සේගේ මහිමය දකිනවා?”

ඒ නිසා ඔවුන් ගල ඉවත් කරා, එවිට යේසුස් වහන්සේ ඔහුගේ ඇස් ඉහලට ඔසවා කිව්වා, “පියාණනි, මම ඔබට ස්තූති කරනවා, ඔබ මට ඇහුම්කන් දුන් නිසා, ඒත් මම දැනගෙන සිටියා, ඔබ සැමවිටම මට ඇහුම්කන් දෙනවා, නමුත් මම එසේ කිව්වේ, අවට සිටින සෙනග වෙනුවෙන්, එවිට ඔවුන් විශ්වාස කරයි, මාව එවපු කෙනා ඔබයි.”

සහ මේ දේවල් කිව්වාට පසු, ඔහු ලොකු ශබ්දයකින් කෑගසා කිව්වා, “ලාසරස් පිටතට එන්න.”

මිය ගිය මිනිසා පිටතට ආවා. ඔහුගේ අත් පා රෙදි පටිවලින් ඔතලා තිබුනා, ඔහුගේ මුහුණ රෙදි කැබැල්ලකින් බැඳලා තිබුනා.

යේසුස් වහන්සේ  ඔවුන්ට කියනවා, “ඔහුව ලිහන්න සහ ඔහුට යන්න දෙන්න.”

එම නිසා මරියා වෙතට පැමිණ යුදෙව්වරුන් අතරින් බොහෝ දෙනෙක් ඔහු කරපු දේවල් දැක්කා, සහ ඔහු කෙරෙහි විශ්වාස කරා.

එවිට ඔවුන්ගෙන් සමහරු පරිසිවරුන් වෙතට ගියා, සහ යේසුස් වහන්සේ කරපු දේවල් කිව්වා.

එබැවින් ප්‍රධාන පූජකයන් සහ පරිසිවරුන් කැඳවා සභාවේ එක් රැස් වුනා, සහ කිව්වා, “අපි මොනවාද කරන්නේ, මේ මනුෂ්‍යයා හුඟක් පුදුම දේවල් කරන නිසා? අපි ඔහුව මෙසේ දමා ගියොත්, සියල්ලන් ඔහු කෙරෙහි විශ්වාස කරයි, සහ රෝමවරුන් පැමිණෙයි, සහ අපේ ස්ථානයත්, දේශයත් පැහැරගනියි.”

එවිට ඔවුන්ගෙන් එක් කෙනෙක් වන කායපස් එම අවුරුද්දේ ප්‍රධාන පූජකයා ඔවුන්ට කියනවා, “ඔබ කිසිම දෙයක් දන්නේ නැහැ. ඔබට හිතෙන්නේ නැද්ද, අපට සුදුසුයි, ජනතාව වෙනුවෙන් එක් මනුෂ්‍යයෙක් මරණයට පත් වීම, මුළු දේශයම විනාශ වනවාට වඩා?”

එහෙත් මෙය ඔහු විසින් කිව්වේ නැහැ, නමුත් එම අවුරුද්දේ ප්‍රධාන පූජකයා ලෙස ඔහු දිවැසිවාක්‍ය කිව්වා, යෙසුස් වහන්සේ දේශය වෙනුවෙන් මරණයට පත්වෙනවා, සහ දේශය වෙනුවෙන් පමණක් නොවෙයි, නමුත් විසිරී සිටින දෙවියන් වහන්සේගේ දරුවන් එකට රැස් කිරීමට. එබැවින් ඒ දවසේ සිට ඔවුන් ඔහුව මරා දැමීමට සැලසුම් හැදුවා. එම නිසා යේසුස් වහන්සේ තවදුරටත් යුදයේ ප්‍රසිද්ධියේ ඇවිදිමින් සිටි‌යේ නැත, නමුත් එතැනින් පිටත්ව කාන්තාරය ළඟ පළාතකට ගියා, එප්‍රායිම් නගරයට, සහ එතන ගෝලයන් සමඟ කාලය ගත කරා.

එවිට යුදෙව්වරුන්ගේ පාස්කු උත්සවය ළඟ තිබුනා, සහ එම පළාතෙන් පාස්කුවට කලින් බොහෝ දෙනෙක් පිරිසිදුවීමට යෙරුසලමට ගියා.

එබැවින් ඔවුන් යේසුස් වහන්සේව සොයමින් සිටියා, සහ දේවමාළිගාවේ සිටගෙන සිටින අය එකිනෙකාට කථා කරමින් සිටියා, “ඔබ මොනවාද සිතන්නේ? ඔහු උත්සවයට එන්නේ නැතිද?”

එහෙත් ප්‍රධාන පූජකයන් සහ පරිසිවරුන් අණ දුන්නා, ඔහු සිටින තැන යම් කෙනෙක් දන්නවා නම්, ඔවුන්ට දැනුම් දෙන්න, සහ එවිට ඔවුන් ඔහුව අල්ලා ගනියි.

12

එබැවින් යේසුස් වහන්සේ පාස්කුවට දවස් හයකට කලින් බෙතානියට ගියා, යෙසුස් වහන්සේ මරණයෙන් නැගිටවපු ලාසරස් එතන සිටියා.

ඒ නිසා ඔවුන් ඔහුට රාත්‍රි කෑම හැදුවා, සහ මාර්තා එය පිළිගැන්නුවා. ඔහු සමඟ විවේක ගත් අයගෙන් කෙනෙක් ලාසරස්.

එවිට මරියා ඉතා වටිනා සුවඳ තෙල් රාත්තලක් අරගෙන පැමිණියා, සහ එය යෙසුස් වහන්සේගේ පාදවල ආලේප කරා, සහ ඇයගේ හිසකෙස් වලින් ඔහුගේ පාද පිස දැම්මා, එවිට නිවස තෙල් සුවඳින් පිරී තිබුනා.

එහෙත් යූදාස් ඉස්කාරියොත්, ඔහුගේ ගෝලයන්ගෙන් කෙනෙක් වන සහ ඔහුව පාවා දෙන්න සිටින කෙනා කියනවා, “ඇයි මේ සුවඳ තෙල් ඩිනාරි තුන්සියකට විකුණා දුප්පත් මිනිසුන්ට දුන්නේ නැත්තේ?”

එහෙත් ඔහු මෙසේ කිව්වේ, ඔහු දුප්පත් මිනිසුන් ගැන සැලකිලිමත් වුන නිසා නොවේ, නමුත් ඔහු සොරෙක් නිසා, සහ ඔහු මුදල් පෙට්ටිය තිබුන කෙනා ලෙස එහි තිබුන දේවල් සොරකම් කරමින් සිටියා.

එම නිසා යේසුස් වහන්සේ කිව්වා, “ඇයට තනියම ඉන්න ඉඩ හරින්න. එවිට ඇය මාව භුමදානය කරන දවස වනතුරු එය තබා ගනියි, දුප්පත් මිනිස්සු සෑමවිටම ඔබ සමග සිටින නිසා, නමුත් මම ඔබ සමග සැමවිටම සිටින්නේ නැහැ.”

එබැවින් යුදෙව්වරුන්ගෙන් බොහෝ දෙනෙක් දැනගත්තා ඔහු එතන සිටිනවා, සහ යෙසුස් වහන්සේ නිසා පමනක් නොවේ, නමුත් ඔහු මරණයෙන් නැගිටවපු ලාසරස් දැකීමටත් පැමිණියා. එහෙත් ප්‍රධාන පූජකයන් ලාසරස්වත් මැරීමට සැලසුම් කරා, මේ හේතුවෙන්, ඔහු නිසා යුදෙව්වරුන්ගෙන් බොහෝ දෙනෙක් යේසුස් වහන්සේ ළඟට පැමිණ ඔහු කෙරෙහි විශ්වාස කරා.

පසුවදා උත්සවයට පැමිණි විශාල සෙනඟට ඇහුනා යේසුස් වහන්සේ යෙරුසලමට එන බව.

තල් ගස්වලින් අතු අරගෙන ඔවුන් ඔහු හමුවෙන්න පිටත්ව ගියා සහ කෑගසා කිව්වා, “හෝසන්නා! ස්වාමින් වහන්සේගේ නාමයෙන් පැමිණෙන්නාට ආශිර්වාද වේවා!” සහ “ඊශ්‍රායෙල් රජ!”

එවිට යෙසුස් වහන්සේ කොටළු පැටවෙක් සොයාගෙන උන් පිට හිඳගත්තා, එහි ලියලා තියෙන විදිහට, “බය ‌වෙන්න එපා, සියොන් දියණිය! බලන්න, ඔබේ රජ කොටළු පැටියෙකු පිට නැගී හිඳගෙන පැමිණෙනවා.”

ඔහුගේ ගෝලයෝ මේ දේවල් පළමුවෙන් තේරුම් ගත්තේ නැත, නමුත් යේසුස් වහන්සේ මහිමයට පත් කර විට, මේ දේවල් ඔහු ගැන ලියලා තිබුනා, සහ ඔවුන් ඔහු වෙනුවන් මේ දේවල් කරා ඔවුන්ට මතකයි.

එබැවින් ඔහු ලාසරස්ව සොහොන් ගෙයින් එළියට කැඳවන විට සහ ඔහුව මරණයෙන් නැගිටවන විට, ඔහු සමඟ සිටිය සෙනඟ සාක්ෂි දැරුවා.

මෙම නිසා සෙනඟ ඔහුට ආචාර කරා. ඔහු මේ සලකුණු කර බව ඔවුන්ට ඇහුන නිසා.

ඒ නිසා පරිසිවරුන් එකිනෙකාට කිව්වා, “ඔබට පේනවාද ඔබ කිසිවක් ඉටු කරන්නේ නැහැ? බලන්න, ලෝකයම ඔහු පසුපස යනවා.”

එවිට උත්සවයේ නමස්කාර කරන්න ගිය අය අතර ග්‍රීකයන් සිටියා.

එබැවින් ඔවුන් ගලිලයේ බෙත්සයිදාවේ පිලිප් වෙතට පැමිණියා, සහ ඔහුගෙන් ඇහුවා මෙසේ කියමින්, “ස්වාමිනි, අපි යේසුස් වහන්සේ දකින්න කැමතියි.”

පිලිප් ගිහින් අන්ද්‍රැයට කියනවා. අන්ද්‍රැය සහ පිලිප් ගිහින් යේසුස් වහන්සේට කියනවා.

එහෙත් යේසුස් වහන්සේ ඔවුන්ට උත්තර දෙනවා මෙසේ කියමින්, “මනුෂ්‍යය පුත්‍රයා මහිමයට පත් වීමට පැය පැමිණ තියෙනවා. ආමෙන්, ආමෙන්, මම ඔබට කියනවා, ධාන්‍ය බීජ බිමට වැටිලා මැරෙන්නේ නැත්නම්, එය තනියම පවතිනවා. නමුත් එය මැරෙනවා නම්, එය බොහෝ ඵල දරයි. යම් කෙනෙක් තම ජීවිතයට ආදරය කරනවා නම්, ඔහු එය නැති කරගනියි. යම් කෙනෙක් මේ ලෝකයේ තම ජීවිතයට වෛර කරනවා නම්, එය සදාකාලික ජීවිතය සඳහා ආරක්ෂා කරයි. යම් කෙනෙක් මට සේවය කරනවා නම්, ඔහුට මා පසුපස එන්න තියෙනවා. සහ මම කොහේද සිටින්නේ මගේ සේවකයා එතන සිටිනවා. යම් කෙනෙක් මට සේවය කරනවා නම්, ඔහුට පියාණන් ගෞරව කරයි. මගේ ආත්මය කැලඹිලා. මම මොනවා කියන්නද? පියාණනි, මාව මේ පැයෙන් ගලවා ගන්න? නැහැ. නමුත් මෙම නිසා, මේ පැය නිසා, මම පැමිණියා. පියාණනි, ඔබේ නාමය මහිමයට පත් කරන්න.”

එවිට ස්වර්ගයෙන් කට හඬක් පැමිණියා, “මම එය මහිමයට පත් කරා, සහ නැවතත් එය මහිමයට පත් කරනවා.”

එබැවින් එතන සිටගෙන සිටින සෙනඟට එය ඇහුනා සහ කිව්වා, “ගොරවනවා!”

අනෙක් අය කිව්වා, “දේව දූතයෙක් ඔහුට කථා කරා.”

යේසුස් වහන්සේ උත්තර දුන්නා සහ කිව්වා, “මේ කට හඬ පැමිණියේ මා වෙනුවෙන් නෙමෙයි, නමුත් ඔබ වෙනුවෙන්. දැන් මේ ලෝකය විනිශ්චය කරන කාලයයි. දැන් මේ ලෝකයේ පාලකයා එළියට දමනවා. සහ මාව පොළොවෙන් ඔසවා ගන්නවා නම්, මම සියලු දෙනාම මා වෙතට ඇඳ ගන්නවා.”

නමුත් ඔහු මෙය කිව්වෙ, ඔහු මොන විදිහේ මරණයකින් මරණයට පත් වෙනවාද සංකේතවත් කිරීමට.

ඒ නිසා සෙනඟ ඔහුට උත්තර දුන්නා, “ක්‍රිස්තුස් වහන්සේ සදහටම රැඳි සිටිනවා අපිට නීතියෙන් ඇහුනා. ඔබ කොහොමද කියන්නේ, මනුෂ්‍යය පුත්‍රයාව ඉහළට ඔසවා ගන්නට අවශ්‍යයි? මේ මනුෂ්‍ය පුත්‍රයා කවුද?”

එම නිසා යේසුස් වහන්සේ ඔවුන්ට කිව්වා, “ටික වේලාවක් ආලෝකය ඔබ අතර තියෙනවා. ඔබට ආලෝකය තියෙනවිට ඇවිදින්න, එවිට කළුවර ඔබ අල්ලා ගන්නේ නැහැ. සහ කළුවරේ ඇවිදින කෙනා ඔහු යන්නේ කොහේද දන්නේ නැහැ. ඔබට ආලෝකය තියෙන විට ආලෝකය කෙරෙහි විශ්වාස කරන්න, එවිට ඔබ ආලෝකයේ පුත්‍රයන් වෙනවා.”

යේසුස් වහන්සේ මේ දේවල් කිව්වා, සහ පිටත්ව ගිහින් ඔවුන්ගෙන් සැඟවීලා සිටියා.

එහෙත් ඔහු ඔවුන් ඉදිරියේ මෙතරම් විශාල සලකුණු කරලා තිබුනත්, ඔවුන් ඔහු කෙරෙහි විශ්වාස කරේ නැත.

එවිට දිවැසිවර යෙසායා කියපු වචනය ඉටු වනවා, “ස්වාමිනි, අපගේ ආරංචි විශ්වාස කරේ කවුද? සහ ස්වාමින් වහන්සේගේ හස්තය කාටද හෙළි කරේ?”

මෙම හේතුව නිසා ඔවුන්ට විශ්වාස කිරීමට බැරි වුනා, යෙසායා නැවතත් කියපු නිසා, “ඔහු ඔවුන්ගේ ඇස් අන්ධ කරා, සහ ඔවුන්ගේ සිත දැඩි කරා, එවිට ඔවුන්ගේ ඇස් වලින් පෙනෙන්නේ නැති වෙනවා,” සහ “ඔවුන්ට තම හදවතින් දැනෙන්න සහ හැරීයන්න තියෙනවා, එවිට මම ඔවුන්ව සුවපත් කරනවා.”

යෙසායා මේ දේවල් කිව්වා, යේසුස් වහන්සේගේ මහිමය ඔහු දැකපු නිසා, සහ ඔහු ගැන කථා කරපු නිසා.

එසේ වුනත් පාලකයන් අතරින් බො‌හෝ දෙනෙක් ඔහු කෙරෙහි විශ්වාස කරා, නමුත් පරිසිවරුන් නිසාත්, ඔවුන් ධර්මශාලාවෙන් ඉවත් වෙන්න කැමති නැති නිසාත්, ඔවුන් එය පිළිගත්තේ නැත, ඔවුන් දෙවියන් වහන්සේගේ මහිමයට වඩා මනුෂ්‍යයන්ගේ මහිමයට ප්‍රේම කර නිසා.

එවිට යේසුස් වහන්සේ හඬ නගා කිව්වා, “මා කෙරෙහි විශ්වාස කරන කෙනා මා කෙරෙහි විශ්වාස කරන්නේ නැහැ, නමුත් මාව එවපු කෙනා කෙරෙහි ඔහු විශ්වාස කරනවා. සහ යම් කෙනෙක් මාව දකිනවා නම්, මාව එවපු කෙනාව දකිනවා. මම ආලෝකය ලෙස ලෝකයට පැමිණියා, එවිට මා කෙරෙහි විශ්වාස කරන සියලු දෙනාම කළුවරේ රැඳී සිටින්නේ නැහැ. සහ යම් කෙනෙක් මගේ වචන අහනවා සහ ආරක්ෂා කරන්නේ නැත්නම්, මම ඔහුව විනිශ්චය කරන්නේ නැහැ, මම ලෝකය විනිශ්චය කරන්න පැමිණියේ නැති නිසා, නමුත් ලෝකය ගලවා ගන්න පැමිණියා. මාව ප්‍රතික්ෂේප කර මගේ වචන පිළිගන්නේ නැති කෙනාව විනිශ්චය කරන කෙනෙක් සිටිනවා. මම කියපු වචනය අවසාන දවසේ ඔහුව විනිශ්චය කරනවා, මම මා වෙනුවෙන් කථා කරේ නැති නිසා, නමුත් මාව එවපු පියාණන් ඔහු තමයි මට අණ දුන්නේ, මම මොනවාද කියන්නේ සහ මොන‌වා ගැනද කථා කරන්නේ. සහ මම දන්නවා ඔහුගේ අණ සදාකාලික ජීවනයයි. එබැවින් මම කථා කරන දේවල්, පියාණන් මට කියපු විදිහට, මම කථා කරනවා.”

13

පාස්කු උත්සවයට කළින් යේසුස් වහන්සේ දැන ගෙන සිටියා, තම පැය පැමිණ තියෙනවා මේ ලෝකයෙන් පියාණන් වෙතට යන්න. ඔහු ලෝකයේ සිටින තමාගේ අයට ප්‍රේම කරා, සහ ඔහු ඔවුන්ට අවසානය තෙක් ප්‍රේම කරා.

රාත්‍රි ආහාරය අතරතුර, සීමොන් ඉස්කාරියොත්ගේ පුතා යුදාස්ගේ හදවතට යක්ෂයා යෙසුස් වහන්සේ පාවා දෙන අදහස ඇතුළු කරා.

යෙසුස් වහන්සේ දැන ගෙන සිටියා, පියාණන් සියල්ල ඔහුගේ අතට භාර දුන්නා, සහ ඔහු දෙවියන් වහන්සේගෙන් පැමිණියා, සහ දෙවියන් වහන්සේ වෙතට යනවා.

ඔහු රාත්‍රි ආහාරයෙන් පසු නැගිට්ටා, සහ තමාගේ ඇඳුම් පසෙකට දැමුවා, සහ තුවායක් ගෙන තමා වටේ ඔතා ගත්තා. ඉන්පසු ඔහු භාජනයකට වතුර වත් කරා, සහ ගෝලයන්ගේ පාද සෝදන්න පටන් ගත්තා, සහ තමා වටේ ඔතා ගත් තුවායෙන් පාද පිස දැමුවා.

එබැවින් ඔහු සීමොන් පේතෘස් ළඟට එනවා.

ඔහු කියනවා, “ස්වාමිනි, ඔබ මාගේ පාද සෝදනවාද?”

යේසුස් වහන්සේ උත්තර දුන්නා සහ ඔහුට කිව්වා, “මම කරන දේ ඔබ දැනට දන්නේ නැහැ, නමුත් මේ දේවල් වලට පසුව ඔබ තේරුම් ගන්නවා.”

පේතෘස් ඔහුට කියනවා, “ඔබ කවදාවත් මගේ පාද සෝදන්නේ නැහැ!”

යේසුස් වහන්සේ ඔහුට උත්තර දුන්නා, “මම ඔබේ පාද සේදුවේ නැත්නම්, ඔබට මා සමඟ කොටසක් නැහැ.”

සීමොන් පේතෘස් ඔහුට කියනවා, “ස්වාමිනි මගේ පාද පමණක් නෙමෙයි, නමුත් මගේ අතුත් හිසත්!”

යේසුස් වහන්සේ ඔහුට කියනවා, “ස්නානය කර කෙනෙකුට සෝදන්න අවශ්‍ය නැහැ, පාද හැර. ඔහු මුළුමනින්ම පිරිසිදුයි. සහ ඔබ සැම පිරිසිදුයි, නමුත් සියල්ලන්ම නෙමෙයි.”

ඔහු දැනගෙන සිටියා තමාව පාවා දෙන කෙනා, එම නිසා ඔහු කිව්වා, “ඔබ සියල්ලන්ම පිරිසිදු නැහැ.”

එබැවින් ඔහු ඔවුන්ගේ පාද හේදුවා, සහ ඔහුගේ ඇඳුම් ඇඳ ගත්තා, සහ නැවත වාඩි වුනාට පසු, ඔවුන්ට කිව්වා, “මම ඔබ වෙනුවෙන් කරපු දේ තේරෙනවාද? ‘ගුරුතුමනි’ සහ ‘ස්වාමිනි’ කියලා ඔබ මාව අමතනවා, සහ මේ විදිහට ඔබ නිවැරදියි, ඒ මම තමයි. එම නිසා, ස්වාමින් සහ ගුරුතුමා වන මම ඔබේ පාද හේදුවේ නම්, ඔබත් එකිනෙකාගේ පාද සෝදන්න අවශ්‍යයි. මම ඔබට ආදර්ශයක් දුන්නා, එවිට මම කරපු විදිහට, ඔබත් කරන්න. ආමෙන් ආමෙන්, මම ඔබට කියනවා, සේවකයෙක් තම ස්වාමියාට වඩා උසස් නැහැ, සහ එවපු කෙනෙක් තමාව එවන කෙනාට වඩා උසස් නැහැ. ඔබ මේ දේවල් දන්නවා නම්, සහ ඔබ එය කරනවා නම්, ඔබට ආශිර්වාද ලැබිලා තියෙනවා. මම ඔබ සියලු දෙනා ගැන කථා කරන්නේ නැහැ. මම දන්නවා මම තෝරාගත් මනුෂ්‍යයන්, නමුත් ශුද්ධ ලියවිල්ල සම්පූර්ණ වීමට, ‘මාගේ රොටි කන කෙනා මට විරුද්ධව නැගී සිටියා.’ මම දැන් ඔබට කියනවා මෙය සිදුවීමට කලින්, එවිට මෙය සිදුවුනාට පසු ඔබ විශ්වාස කරයි, ඒ මම තමයි. ආමෙන් ආමෙන්, මම ඔබට කියනවා, මම එවන කෙනාව පිළිගන්න කෙනා මාව පිළිගන්නවා. නමුත් මාව පිළිගන්න කෙනා මාව එවපු කෙනාව පිළිගන්නවා.”

ඔහු මේ දේවල් කිව්වාට පසු යේසුස් වහන්සේ ආත්මයෙන් කැලඹුනා, සහ සාක්ෂි දැරුවා, “ආමෙන්, ආමෙන්, මම ඔබට කියනවා, ඔබ අතරින් එක්කෙනෙක් මාව පාවා දෙනවා.”

ඔහු කවුරු ගැනද කථා කරන්නේ නොදැන ගෝලයෝ එකිනෙකා දෙස බැලුවා.

ඔහුගේ ගෝලයන්ගෙන් එක්කෙනෙක් යේසුස් වහන්සේගේ පපුවට හේත්තු වෙලා සිටියා. ඔහුට යේසුස් වහන්සේ ප්‍රේම කරා. එබැවින් සීමොන් පේතෘස් ඔහුට ඉඟි කරා, දැන ගන්න ඔහු කවුරු ගැනද කථා කරන්නේ. එම නිසා ඔහු, යේසුස් වහන්සේගේ පපුවේ මෙසේ හේත්තු වෙලා සිටින විට, ඔහුට කියනවා “ස්වාමිනි ඔහු කවුද?”

යේසුස් වහන්සේ උත්තර දෙනවා, “ඔහු තමයි, මම රොටි කැබැල්ලක් පොඟවා දෙන මිනිසා.”

එබැවින් ඔහු රොටි කැබැල්ල පොඟවා සීමොන් ඉස්කාරියොත්ගේ පුතා යූදාස්ට දෙනවා.

සහ රොටි කැබැල්ල ගත්තාට පසු, සාතන් ඔහු තුලට පැමිණියා. ඒ නිසා යේසුස් වහන්සේ ඔහුට කියනවා, “ඔබ කරන දේ ඉක්මනට කරන්න.”

එහෙත් හේත්තු වෙලා සිටි අය අතරින් කවුරුත් දැන සිටියේ නැත ඇයි ඔහු මෙය ඔහුට කිව්වේ.

එවිට සමහරු හිතුවා, යූදාස් ළඟ මුදල් පෙට්ටිය තිබුන නිසා, යේසුස් වහන්සේ ඔහුට කිව්වා, ‘උත්සවයට අවශ්‍ය දේවල් ගන්න’, හෝ ‘දුප්පතුන්ට සුළු දෙයක් දෙන්න’.

එබැවින් ඔහු රොටි කැබැල්ල අතට ගත්තාට පසු, ඒවෙලේම පිටත්ව ගියා.

එවිට රාත්‍රියයි.

එබැවින් ඔහු පිටත්ව ගියාට පසු, යේසුස් වහන්සේ කියනවා, “දැන් මනුෂ්‍ය පුත්‍රයා මහිමයට පත් වුනා, සහ දෙවියන් වහන්සේ ඔහු තුළ මහිමයට පත් වුනා. දෙවියන් වහන්සේ ඔහු තුළ මහිමයට පත් වුනා නම්, සහ දෙවියන් වහන්සේ ඔහුව ඔහු තුළ මහිමයට පත් කරනවා නම්, ඔහුත් ඉක්මනින්ම ඔහුව මහිමයට පත් කරයි. දරුවෙනි, මම සුළු වෙලාවක් ඔබ සමඟයි. ඔබ මාව සොයයි, මම යුදෙව්වරුන්ට කියපු විදිහට, මම යන තැනට ඔබට පැමිණෙන්න බැහැ කියලා, මම දැන් ඔබට කියනවා.

මම ඔබට අලුත් අණක් දෙනවා, ඔබ එකිනෙකාට ප්‍රේම කරන්න. මම ඔබට ප්‍රේම කරපු විදිහට, ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න. මේ විදිහට සියලු දෙනාම දැන ගනියි ඔබ මගේ ගෝලයන්, ඔබ එකිනෙකා කෙරෙහි ප්‍රේමය තියෙනවා නම්.”

සීමොන් පේතෘස් ඔහුට කියනවා, “ස්වාමිනි, ඔබ කොහේද යන්නේ?”

යේසුස් වහන්සේ උත්තර දුන්නා, “මම යන තැනට ඔබට දැන් පැමිණෙන්න බැහැ, නමුත් පසුව ඔබ මා පසුපස පැමිණෙනවා.”

පේතෘස් ඔහුට කියනවා, “ස්වාමිනි, ඇයි දැන් මට ඔබ පසුපස පැමිණෙන්න බැරි? මම ඔබ වෙනුවෙන් මගේ ජීවිතය පූජා කරනවා!”

යේසුස් වහන්සේ උත්තර දුන්නා, “ඔබ මා වෙනුවෙන් ඔබේ ජීවිතය පුජා කරනවාද? ආමෙන් ආමෙන්, මම ඔබට කියනවා, ඔබ මාව අඳුනන්නේ නැහැ කියලා තුන් සැරයක් කියන තුරු, කුකුළා හඬලන්නේ නැහැ.”

14

“ඔබේ සිත කැලඹෙන්න ඉඩ දෙන්න එපා. දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන්න, සහ මා කෙරෙහිත් විශ්වාස කරන්න. මගේ පියාණන්ගේ නිවසේ බොහෝ ගෙවල් තියෙනවා. එම නිසා මම ඔබට කිව්වා, මම ඔබ වෙනුවෙන් ස්ථානයක් සුදානම් කරන්න යනවා.

සහ මම යනවා නම්, මම ඔබ වෙනුවෙන් ස්ථානයක් සූදානම් කරනවා. මම නැවත පැමිණෙනවා, සහ මම ඔබ මා වෙතට රැගෙන යන්නම්, එවිට මම සිටින තැන ඔබත් සිටිනවා, සහ මම යන ස්ථානයට මාර්ගය ඔබ දන්නවා.”

තෝමස් ඔහුට කියනවා, “ස්වාමිනි, ඔබ කොහාටද යන්නේ, අපි දන්නේ නැහැ. අපි මාර්ගය දැනගන්නේ කොහොමද?”

යේසුස් වහන්සේ ඔහුට කියනවා, “මම තමයි මාර්ගය සහ සත්‍යය සහ ජීවනය. මා තුළින් හැර, කිසිම කෙනෙක් පියාණන් වෙතට පැමිණෙන්නේ නැහැ. ඔබ මාව අඳුනනවා නම්, ඔබ මගේ පියාණන්වත් අඳුනනවා, සහ මෙතැන් සිට ඔබ ඔහුව අඳුනනවා, සහ ඔබ ඔහුව දැකලා තියෙනවා.”

පිලිප් ඔහුට කියනවා, “ස්වාමිනි, පියාණන් අපට පෙන්වන්න, සහ එය අපට ඇති.”

යේසුස් වහන්සේ ඔහුට කියනවා, “මම බොහෝ කාලයක් ඔබ සමඟයි. පිලිප්, ඔබ මාව දැන අඳුනාගෙන සිටියේ නැද්ද? මාව දැකපු කෙනා පියාණන් දැකලා තියෙනවා. ඔබ කොහොමද කියන්‌නේ, පියාණන් අපට පෙන්වන්න කියලා? ඔබ විශ්වාස කරන්නේ නැද්ද, මම පියාණන් තුළ සහ පියාණන් මා තුළ සිටිනවා? මම ඔබට කථා කරන වචන මම මා වෙනුවෙන් කථා කරන්නේ නැහැ, නමුත් මා තුළ රැඳී සිටින පියාණන් ඔහුගේ ක්‍රියා කරනවා. මාව විශ්වාස කරන්න, මම පියාණන් තුළ සහ පියාණන් මා තුළ සිටිනවා. නැත්නම්, එම ක්‍රියා නිසා විශ්වාස කරන්න. ආමෙන් ආමෙන්, මම ඔබට කියනවා, මා කෙරෙහි විශ්වාස කරන කෙනා මම කරන ක්‍රියා කරනවා, සහ ඔහු මෙයට වඩා උසස් ක්‍රියා කරයි, මම පියාණන් වෙතට යන නිසා. සහ යම් දෙයක් ඔබ මගේ නාමයෙන් ඉල්ලනවා නම් මම එය කරන්නම්, එවිට පියාණන් පුත්‍රයා තුළ මහිමයට පත් වෙයි. ඔබ මගේ නාමයෙන් යම් දෙයක් ඉල්ලනවා නම්, මම එය කරන්නම්.

ඔබ මට ප්‍රේම කරනවා නම්, මගේ අණ පිළිපදින්න, සහ මම පියාණන්ගෙන් ඉල්ලන්නම්, සහ ඔහු ඔබට තව සැනසිලිකරුවෙකු ලබා දෙනවා, එවිට ඔහු සදහටම ඔබ සමඟයි. ඔහු සත්‍යයේ ආත්මයයි. ලෝකයට ඔහුව ලබා ගන්න බැහැ, එය ඔහුව දකින්නේ නැහැ සහ අඳුනන්නේ නැති නිසා. ඔබ ඔහුව අඳුනනවා, ඔහු ඔබ අතර රැඳී සිටින නිසා, සහ ඔහු ඔබ තුළ සිටිනවා. මම ඔබට අනාථ වෙන්න ඉඩ හරින්නේ නැහැ. මම ඔබ වෙතට පැමි‌ණෙනවා. සුළු වේලාවකට, ලෝකයට මාව පෙනෙන්නේ නැහැ, එහෙත් ඔබට මාව පෙනෙනවා, මම ජීවත් වන නිසා, සහ ඔබත් ජීවත් වෙනවා. ඒ දවසේ ඔබ දැන ගන්නවා, මම මගේ පියාණන් තුළයි, සහ ඔබ මා තුළයි, සහ මම ඔබ තුළයි. යම් කෙනෙක් මාගේ අණ ලබනවා සහ එය පිළිපදිනවා නම්, ඔහු තමයි මට ප්‍රේම කරන්නේ. එහෙත් මට ‌ප්‍රේම කරන කෙනාට මගේ පියාණන් ප්‍රේම කරයි. මමත් ඔහුට ප්‍රේම කරන්නම්, සහ මම ඔහුට මාව හෙළි කරන්නම්.”

ඉස්කාරියොත්ගේ පුතා නොවනයූදාස් ඔහුට කියනවා, “ස්වාමිනි, මොනවද වෙන්නේ? ලෝකයට නැතුව ඇයි ඔබ අපට ඔබව හෙළි කරන්නට හිතන්නේ?”

යේසුස් වහන්සේ උත්තර දුන්නා සහ ඔහුට කිව්වා, “යම් කෙනෙක් මට ප්‍රේම කරනවා නම්, ඔහු මගේ වචනය පිළිපදිනවා, සහ මගේ පියාණන් ඔහුට ප්‍රේම කරනවා, සහ අපි ඔහු වෙතට පැමිණෙනවා, සහ ඔහු සමඟ වාසය කරනවා. මට ප්‍රේම කරන්නේ නැති කෙනා මගේ වචන පිළිපදින්නේ නැහැ. සහ ඔබට ඇහෙන වචනය මගේ නෙමෙයි, නමුත් මාව එවපු පියාණන්ගේ වචනයයි. මම ඔබ සමඟ රැඳී සිටින විට මේ දේවල් ඔබට කියලා තියෙනවා. එහෙත් සැනසිලිකාරයා, පියාණන් මගේ නාමයෙන් එවන ශුද්ධාත්මයාණන්, ඔහු ඔබට සියල්ල උගන්වනවා, සහ ඔහු ඔබට මම කියපු සියල්ල මතක් කරයි. මම ඔබට සාමය ළඟා කරනවා. මම මගේ සාමය ඔබට දෙනවා, ලෝකය දෙන විදිහට නෙමෙයි මම ඔබට දෙන්නේ. ඔබේ සිත කැල‌‌ඹෙන්න හෝ බයවෙන්න ඉඩ දෙන්න එපා.

මම ඔබට කියපු දේ ඔබට ඇහුනා, ‘මම යනවා, සහ ඔබ වෙතට පැමි‌ණෙනවා’. ඔබ මට ප්‍රේම කරනවා නම්, ඔබ ප්‍රීති වෙනවා, මම පියාණන් වෙතට යන නිසා, පියාණන් මට වඩා උසස් නිසා. සහ දැන් එය සිදුවෙන්නට කළින් මම ඔබට කියලා තියෙනවා, එවිට මෙය සිදුවුනාට පසු, ඔබ විශ්වාස කරයි. මම තවදුරටත් ඔබ සමඟ බොහෝ දේවල් කථා කරන්නේ නැහැ, මේ ලෝකයේ පාලකයා එන නිසා, සහ ඔහුට මා තුළ කිසිම දෙයක් නැහැ, නමුත් ලෝකයේ දැන ගැනීමට මම පියාණන්ට ප්‍රේම කරනවා කියලා, පියාණන් මට අණ දීපු විදිහට මම ක්‍රියා කරනවා. නැගිටින්න. මෙතනින් යමු.”

15

මම සැබෑ මිදි වැලයි, සහ මගේ පියාණන් ගොවියායි. මා තුළ තිබෙන සෑම අත්තක්ම ඵල දරන්නේ නැත්නම්, ඔහු එය ඉවත් කරයි. සහ සෑම ඵල දරන අත්තක්ම ඔහු පිරිසිදු කරනවා එවිට එය බොහෝ ඵල දරයි. ඔබ දැනටමත් පිරිසිදුයි, මම ඔබ සමග කථා කරපු වචන නිසා. ඔබ මා තුළ රැඳී සිටින්න. මමත් ඔබ තුළයි. අතුවලට තනියම ඵල දරන්න බැහැ, එය මිදි වැලේ රැඳී සිටින්නේ නැත්නම්, ඒ විදිහට ඔබටත් බැහැ, ඔබ මා තුළ රැඳී සිටින්නේ නැත්නම්. මම මිදි වැලයි. ඔබ අතුයි. යම් කෙනෙක් මා තුළ රැඳී සිටිනවා නම් මමත් ඔහු තුළ රැඳී සිටිනවා නම්, ඔහු බොහෝ ඵල දරනවා, ඔබට මම නැතිව කිසිම දෙයක් කරන්නට බැරි නිසා. යම් කෙනෙක් මා තුළ රැඳී සිටින්‌නේ නැත්නම්, ඔහුව අත්තක් ලෙස ඉවත දමනවා, සහ වියළී යනවා. ඔවුන් ඒවා එක්රැස් කරනවා සහ ගින්නට දමනවා සහ ඒවා පුලුස්සනවා.

ඔබ මා තුළ රැඳී සිටිනවා නම්, මගේ වචන ඔබ තුළ රැඳී සිටිනවා නම්, ඔබ කැමැති දෙයක් ඉල්ලන්න සහ එය ඔබට සිදුවෙනවා. මෙයින් මගේ පියාණන් මහිමයට පත් වෙනවා, එවිට ඔබ බොහෝ ඵල දරනවා, සහ ඔබ මාගේ ගෝලයන් වෙනවා. පියාණන් මට ප්‍රේම කර විදිහට, මමත් ඔබට ප්‍රේම කරා. මගේ ප්‍රේමය තුළ රැඳී සිටින්න. ඔබ මාගේ අණ පිළිපදිනවා නම්, ඔබ මගේ ප්‍රේමය තුළ රැඳී සිටිනවා. මම මගේ පියාණන්ගේ අණ පිළිපැදපු විදිහට, සහ මම ඔහුගේ ප්‍රේමය තුළ රැඳී සිටිනවා. මම මේ දේවල් ගැන ඔබ සමඟ කථා කරා, එවිට මගේ ප්‍රීතිය ඔබ තුළයි, සහ ඔබේ ප්‍රීතිය පිරී යනවා. මෙය මගේ අණයි, මම ඔබට ප්‍රේම කරපු විදිහට, ඔබ එකිනෙකාට ප්‍රේම කරන්න. මෙයට වඩා උසස් ප්‍රේමයක් කිසිකෙනෙකු ළඟ නැහැ, ඔහු තම ජීවිතය තමන්ගේ ආදරණීයන් වෙනුවෙන් පුජා කරනවා නම්. ඔබ මගේ ආදරණීයන්, මම ඔබට දුන්න අණ ඔබ පිළිපදිනවා නම්.

මම තව දුරටත් ඔබට සේවකයන් ලෙස කථා කරන්නේ නැහැ. සේවකයන් දන්නේ නැහැ තම ස්වාමියා මොනවාද කරන්නේ. එහෙත් මම ඔබට ආදරණීයන් ලෙස කථා කරලා තියෙනවා, මම මගේ පියාණන්ගෙන් ඇහුන සියල්ල ඔබට හෙළි කර නිසා. ඔබ මාව තෝරා ගත්තේ නැහැ, නමුත් මම ඔබව තෝරා ගත්තා, සහ මම ඔබව පත් කර ගත්තා, එවිට ඔබ ගොස් ඵල දරනවා, සහ ඔබේ ඵල පවතිනවා, එවිට ඔබ මගේ නාමයෙන් පියාණන්ගෙන් ඉල්ලන ඕනෙම දෙයක් ඔහු ඔබට දෙනවා. මේ වචන මම ඔබට අණ දෙනවා, ඔබ එකිනෙකාට ප්‍රේම කරන්න. ලෝකය ඔබට වෛර කරනවා නම්, තේරුම් ගන්න ඔබට කලින් එය මට වෛර කරා. ඔබ ලෝකයෙන් පවතිනවා නම්, ලෝකය ඔබට තමන් ලෙස ප්‍රේම කරයි. එහෙත් ඔබ ලෝකයෙන් පවතින්නේ නැති නිසා, නමුත් මම ඔබව ලෝකය තුලින් තෝරා ගත්ත නිසා, ලෝකය ඔබට වෛර කරනවා. මම ඔබට කියපු වචනය ඔබට මතකද? සේවකයා තම ස්වාමියාට වඩා උසස් නැහැ. ඔවුන් මට පීඩා කරොත්, ඔබටත් පීඩා කරනවා. ඔවුන් මගේ වචනය පිළිපැද්දොත්, ඔබේ වචනයත් පිළිපදිනවා.

නමුත් ඔවුන් මේ සියල්ල මගේ නම නිසා ඔබට කරනවා, ඔවුන් මාව එවපු කෙනාව අඳුනන්නේ නැති නිසා. මම පැමිණ ඔවුන්ට කථා කරේ නැත්නම්, ඔවුන්ට පාපයක් නැහැ. එහෙත් දැන් ඔවුන්ගේ පාපය ගැන ඔවුන්ට නිදහසට හේතුවක් නැහැ. මට වෛර කරන කෙනා මගේ පියාණන්ටත් වෛර කරනවා.

වෙන කිසිකෙනෙක් කරපු නැති ක්‍රියා මම ඔවුන් අතර කරේ නැත්නම්, ඔවුන්ට පාපයක් නැහැ. එහෙත් දැන් ඔවුන් දැකලා තියෙනවා, සහ ඔවුන් මටත් මගේ පියාණන්ටත් වෛර කරනවා. නමුත් මෙයින් ඔවුන්ගේ නීතියේ ලියපු වචනය ඉටුවුනා, ඔවුන් හේතුවක් නැතුව මට වෛර කරා. පියාණන් විසින් මම ඔබට එවපු සැනසිලිකරු පැමිණෙන විට, පියාණන් විසින් පැමිණෙන සත්‍යයේ ආත්මය, ඔහු මා ගැන සාක්ෂි දරනවා. සහ ඔබත් මා ගැන සාක්ෂි දරනවා, ඔබ මුල සිටම මා සමඟ සිටින නිසා.”

16

“මම ඔබට මේ දේවල් කිව්වා, එවිට ඔබට බාධාවක් වෙන්නේ නැහැ. ඔවුන් ඔබව ධර්මශාලා වලින් පිටතට දමයි, නමුත් පැය පැමිණෙනවා, එවිට ඔබව මරා දැමු කෙනා සිතනවා ඔහු දෙවියන් වහන්සේට නමස්කාර කරනවා.

සහ ඔවුන් මේ දේවල් කරන්නේ, ඔවුන් මාව සහ මගේ පියාණන්වත් අඳුනන්නේ නැති නිසා. නමුත් මම ඔබට මේ දේවල් කිව්වා, එවිට පැය පැමිණි විට ඔබට මේ දේවල් මතක් වෙයි, මම ඔබට කියපු නිසා. එහෙත් මම මේ දේවල් මුල සිටම ඔබට කිව්වේ නැහැ, මම ඔබ සමඟ සිටිය නිසා. නමුත් දැන් මම මාව එවපු කෙනා වෙතට යනවා, සහ ඔබ අතරින් කිසිකෙනෙක් මගෙන් අහන්නේ නැහැ කොහේද යන්නේ, නමුත් මම මේ දේවල් කිව්ව නිසා, ඔබේ හදවත දුකින් පිරිලා. නමුත් මම ඔබට සත්‍යය කියනවා, ඔබේ ප්‍රයෝජනය සදහා මම පිටත්ව යනවා. මම පිටත්ව යන්නේ නැත්නම්, සැනසිලිදායකයා ඔබ වෙතට පැමිණෙන්නේ නැහැ. එහෙත් මම යනවා නම්, මම ඔහුව ඔබ වෙතට එවන්නම්.

සහ ඔහු පැමිණි විට, පාපය සහ යුක්තිය සහ විනිශ්චය ලෝකයට තේරුම් කර දෙනවා. පාපය ගැන, ඔවුන් මා කෙරෙහි විශ්වාස කරන්නේ නැති නිසා. යුක්තිය ගැන, මම පියාණන් වෙතට යන නිසා, සහ ඔබ තව දුරටත් මාව දකින්නේ නැහැ. විනිශ්චය ගැන, මේ ලෝකයේ පාලකයා විනිශ්චය කරලා තියෙන නිසා. මට තව බොහෝ දේවල් ඔබට කියන්න තියෙනවා, නමුත් දැන් ඔබට එය පාලනය කරන්න බැහැ.

එහෙත් ඔහු පැමිණි විට, සත්‍යයේ ආත්මයාණන්, ඔහු ඔබට සියලු සත්‍යයේ මාර්ගය පෙන්වනවා, ඔහු තමා වෙනුවෙන් කථා කරන්නේ නැහැ, නමුත් ඔහු ඇහුන දේවල් කථා කරනවා, සහ ඔහු ඉදිරියට සිදු වන දේවල් ඔබට දැනුම් දෙනවා. ඔහු මාව මහිමයට පත් කරයි, ඔහු මගෙන් ලබා ගත් දේවල් ඔබට දැනුම් දෙන නිසා. පියාණන් ළඟ තිබෙන සියල්ල මගේ. මෙම නිසා, මම කියනවා, ඔහු මගෙන් ලබාගන්නවා සහ එය ඔබට දැනුම් දෙනවා. සුළු වෙලාවකට ඔබ මාව දකින්නේ නැහැ, සහ නැවතත් සුළු වෙලාවකට ඔබ මාව දකිනවා.”

එම නිසා ඔහුගේ ගෝලයන් එකිනෙකාට කිව්වා, “ඔහු අපට කියන්නේ මොනවාද, සුළු වේලාවකට ඔබ මාව දකින්නේ නැහැ, සහ නැවතත් සුළු වේලාවකින්  ඔබ මාව දකිනවා, සහ මම පියාණන් වෙතට යනවා?”

එබැවින් ඔවුන් කිව්වා, “මොකක්ද මේ, සුළු වේලාව? අපි දන්නේ නැහැ, ඔහු මොනවා ගැනද කථා කරන්නේ.”

යේසුස් වහන්සේ දැනගෙන සිටියා ඔවුන් ඔහුගෙන් අහන්න කැමති බව, සහ ඔහු ඔවුන්ට කිව්වා, “මේ ගැන ඔබ එකිනෙකාගෙන් අහනවාද, මම කියපු නිසා සුළු වේලාවකට ඔබ මාව දකින්නේ නැහැ සහ නැවතත් සුළු වේලාවකට ඔබ මාව දකිනවා? ආමෙන් ආමෙන්, මම ඔබට කියනවා, ඔබ අඬනවා සහ වැලපෙනවා, එහෙත් ලෝකය ප්‍රීති වෙනවා. ඔබ දුක් වෙනවා, නමුත් ඔබේ දුක ප්‍රීතියට පත් වෙනවා. බිරිඳ දරු ප්‍රසූතියකට යන විට, ඇයට දුක දැනෙනවා, ඇයගේ කාලය පැමිණි නිසා. එහෙත් දරුවා ඉපදුනාට පසු, ඇයට තවදුරටත් පීඩා මතක නැහැ, මනුෂ්‍යයෙක් ලෝකයට ඉපදුණ ප්‍රීතිය නිසා. එම නිසා ඔබටත් දැන් දුක දැනෙනවා. එහෙත් නැවතත් මම ඔබව දකිනවා, එවිට ඔබේ හදවත ප්‍රීති වෙනවා, සහ ඔබේ සතුට කිසිකෙනෙක් පැහැර ගන්නේ නැහැ. සහ ඒ දවසේ ඔබ මගෙන් කිසිම දෙයක් අහන්නේ නැහැ. ආමෙන් ආමෙන්, මම ඔබට කියනවා, ඔබ මගේ නාමයෙන් යම් දෙයක් පියාණන්ගෙන් ඉල්ලනවා නම්, ඔහු ඔබට එය දෙනවා. මේ වනතුරු ඔබ මගේ නාමයෙන් කිසිම දෙයක් ඉල්ලුවේ නැහැ. ඉල්ලන්න, සහ ඔබට ලැබෙනවා, එවිට ඔබේ සතුට පීරී යයි.

මම මේ දේවල් ඔබට කියලා තියෙනවා උපමා වලින්. පැය පැමිණෙනවා මම තව දුරටත් ඔබට උපමා වලින් කථා කරන්නේ නැති, නමුත් මම ඔබට ප්‍රසිද්ධියේ පියාණන් ගැන දැනුම් දෙනවා. ඒ දවසේ ඔබ මගේ නාමයෙන් ඉල්ලනවා, සහ මම ඔබට කියන්නේ නැහැ මම පියාණන්ගෙන් ඔබ වෙනුවෙන් ඉල්ලන්නම් කියලා, පියාණන් ඔබට ප්‍රේම කරන නිසා, ඔබ මට ප්‍රේම කර නිසා, සහ ඔබ විශ්වාස කර නිසා, මම දෙවියන්වහන්සේ වෙතින් පැමිණි බව. මම පියාණන් වෙතින් පැමිණියා, සහ මම ලෝකයට පැමිණ තියෙනවා. නැවතත් මම ලෝකය හැර යනවා සහ පියාණන් වෙතට යනවා.”

ඔහුගේ ගෝලයන් කියනවා, “බලන්න, දැන් ඔබ පැහැදිලිව කථා කරනවා, සහ උපමාවක් කියන්නේ නැහැ. දැන් අපි දන්නවා, ඔබ සියල්ල දන්නවා, සහ කිසිම කෙනෙක් කිසිම දෙයක් ඔබගෙන් ඉල්ලන්න අවශ්‍යය නැහැ. අපි මෙය විශ්වාස කරනවා, ඔබ දෙවියන් වහන්සේගේන් පැමිණියා.”

යේසුස් වහන්සේ ඔවුන්ට උත්තර දුන්නා, “දැන් ඔබ විශ්වාස කරනවාද? බලන්න, පැය පැමිණෙනවා සහ පැමිණ තියෙනවා, ඔබ එකිනෙකා විසිරෙනවා තම තමාගේ ස්ථානයන්ට, සහ ඔබ මාව තනි කරනවා, එහෙත් මම තනි වෙන්නේ නැහැ, පියාණන් මා සමඟ සිටින නිසා. මේ දේවල් මම ඔබට කියලා තියෙනවා, එවිට ඔබට මා තුළ සාමය තියෙනවා. ලෝකයේ ඔබට පීඩා තිබෙනවා, නමුත් සතුටු වෙන්න. මම ලෝකය ජය ගත්තා.”

17

මේ දේවල් ගැන යේසුස් වහන්‌සේ කථා කරමින් සිටියා, සහ ස්වර්ගය දෙසට ඔහුගේ ඇස් ඔසවා කිව්වා, “පියාණනි, පැය පැමිණ තියෙනවා, ඔබගේ පුත්‍රයාව මහිමයට පත්කරන්න, එවිට පුත්‍රයා ඔබව මහිමයට පත් කරයි. මේ විදිහට ඔබ මට සියලු මාංශයේ බලය දුන්නා, මම ඔවුන්ට දෙන්නේ ඔබ මට දීපු සෑම දෙයක්ම, සදාකාලික ජීවrතය සහ මෙය සදාකාලික ජීවිතයයි, ඔවුන්ට අඳුනාගන්න, එකම සත්‍ය දෙවියන් වහන්සේ වන ඔබව, සහ ඔබ එවපු යේසුස් ක්‍රිස්තුස්ව. මම ඔබව පොළො‌වේ මහිමයට පත් කරා, ඔබ මට පැවරු ක්‍රියා මම සම්පුර්ණ කර නිසා. සහ දැන් ඔබ මාව මහිමයට පත් කරන්න, පියාණෙනි, ඔබේ මහිමයෙන්, ඔබ සමඟ මට තිබුන මහිමයෙන්, විශ්වය පැවතීමට කලින්. ඔබ මට ලෝකයෙන් ලබා දුන්න මනුෂ්‍යයන්ට මම ඔබේ නාමය හෙළි කරා. ඔවුන් ඔබේ, සහ ඔබ ඔවුන්ව මට දුන්නා, සහ ඔවුන් ඔබේ වචනය පිළිපැදලා තියෙනවා.

දැන් ඔවුන් දන්නවා, ඔබ මට දීපු සියල්ල ඔබ වෙතින් පැමිණෙනවා, ඔබ මට දීපු වචන මම ඔවුන්ට දුන්න නිසා, සහ ඔවුන් පිළිගත්තා සහ සත්‍යයෙන්ම දැනගත්තා මම ඔබ වෙතින් පැමිණියා, සහ ඔබ මාව එව්වා කියලා ඔවුන් විශ්වාස කරා. මම ඔවුන් වෙනුවෙන් ඉල්ලනවා. මම ලෝකය වෙනුවෙන් ඉල්ලන්නේ නැහැ, නමුත් ඔබ මට දීපු අය වෙනුවෙන්, ඔවුන් ඔබේ නිසා. සහ මගේ සියල්ල ඔබේත් ඔබේ සියල්ල මගෙත්, සහ මම ඔවුන් තුළ මහිමයට පත්වෙලා සිටිනවා. සහ මම තව දුරටත් ලෝකයේ සිටින්නේ නැහැ, ඒත් ඔවුන් ලෝකයේ සිටිනවා, සහ මම ඔබ වෙතට පැමිණෙනවා. ශුද්ධවු පියාණනි, ඔබ මට දුන්න ඔබගේ නාමය තුළ ඔවුන්ව රක්ෂා කරන්න, එවිට ඔවුන් අපි විදිහට එක්‌ වෙයි.

මම ඔවුන් සමඟ සිටින විට, ඔබ මට දුන්න ඔබගේ නාමයෙන් මම ඔවුන්ව තබා ගත්තා සහ රක්ෂා කරා, සහ විනාශයේ පුත්‍රයා හැර ඔවුන් අතරින් කිසිකෙනෙක් නැතිවෙලා නැහැ, එවිට ශුද්ධ ලියවිල්ල ඉටු වේ. එහෙත් දැන් මම ඔබ වෙතට පැමිණෙනවා, සහ මේ දේවල් ගැන මම ලෝකයේ කථා කරනවා, එවිට ඔවුන් තුළ පිරී ගිය මගේ ප්‍රීතිය ඔවුන්ට තිබෙයි.

මම ඔවුන්ට ඔබගේ වචනය දුන්නා, සහ ලෝකය ඔවුන්ට වෛර කරා, මෙම නිසා, මම වගේම ඔවුන් ලෝකයෙන් නෙමෙයි. මම ඉල්ලන්නේ නැහැ, ඔබ ඔවුන්ව ලෝකයෙන් එළියට ගන්න, නමුත් ඔවුන්ව නපුරෙන් රක්ෂා කරන්න. මම ලෝකයෙන් නෙමෙයි, ඒ වගේම ඔවුන් ලෝකයෙන් නෙමෙයි. ඔවුන්ව සත්‍යය තුළ කැප කරන්න. ඔබේ වචනය සත්‍යයයි. ඔබ මාව ලෝකයට එවපු විදිහට, මමත් ඔවුන්ව ලෝකයට එව්වා. ඔවුන් වෙනුවෙන් මම මාව කැප කරනවා, එවිට ඔවුනුත් සත්‍යය තුළ කැප වෙයි.

මම ඉල්ලන්නේ මේ අය වෙනුවෙන් පමණක් නෙමෙයි, නමුත් ඔවුන්ගේ වචනය තුළින් මා කෙරෙහි විශ්වාස කරන අය වෙනුවෙන්, එවිට ඔවුන් සියල්ලන්ම එක් වෙයි, පියාණනි, ඔබ මා තුළ සහ මම ඔබ තුළ සිටින විදිහට, එවිට ඔවුනුත් අපි තුළ සිටියි, එවිට ලෝකය විශ්වාස කරයි ඔබ මාව එව්වා.

සහ ඔබ මට දුන්න මහිමය මම ඔවුන්ට දුන්නා, එවිට අපි එකට සිටින විදිහට, ඔවුන් එක්වෙයි. මම ඔවුන් තුළයි සහ ඔබ මා තුළයි, එවිට ඔවුන් එකක් ලෙස සම්පූර්ණ වෙයි, එවිට ලෝකය දැනගනියි, ඔබ මාව එව්වා, සහ ඔබ මට ප්‍රේම කර විදිහට, ඔවුන්ටත් ඔබ ප්‍රේම කර බව. පියාණනි, ඔබ මට දීපු දෙයට මම කැමතියි, එවිට මම සිටින තැන ඔවුනුත් මා සමඟ සිටියි, එවිට ඔබ මට දීපු මගේ මහිමය ඔවුන් දකියි, ලෝකය මවන්නට කලින් ඔබ මට ප්‍රේම කර නිසා. ධර්මිෂ්ඨ පියාණනි, එත් ලෝකය ඔබව අඳුනන්නේ නැහැ, මම ඔබව අඳුනනවා සහ මේ මිනිසුන් දැනගත්තා ඔබ මාව එව්වා. සහ මම ඔබේ නාමය ඔවුන්ට දැනුම් දුන්නා සහ දැනුම් දෙනවා, එවිට ඔබ මට ප්‍රේම කර ප්‍රේමය ඔවුන් තුළ තියෙයි, සහ මම ඔවුන් තුළ සිටිනවා.”

18

යේසුස් වහන්සේ මේ දේවල් කිව්වාට පසු, ඔහුගේ ගෝලයන් සමඟ කෙඩ්රොන් නිම්නයේ අනෙක් පැත්තට ගියා, සහ එතන උයනක් තිබුනා, සහ යේසුස් වහන්සේ සහ ඔහුගේ ගෝලයන් ඇතුළට ගියා.

ඔහුව පාවා දුන්න යුදාස් එම ස්ථානය දැනගෙන සිටියා, යේසුස් වහන්සේ ඔහුගේ ගෝලයන් සමඟ නොයෙක් වර එතන එකතු වන නිසා.

එබැවින් යුදාස් ප්‍රධාන පූජකයන්ගෙන් සහ පරිසිවරුන්ගෙන් සේවකයන් කණ්ඩායමක් රැගෙන, පහන් සහ පන්දම් සහ ආයුධ ඇතිව, එතනට එනවා.

එම නිසා යේසුස් වහන්සේ සිදුවන සියල්ල දැනගෙන සිටිය නිසා, එළියට ගියා සහ ඔවුන්ට කියනවා, “ඔබ සොයන්නේ කවුද?”

ඔවුන් උත්තර දුන්නා, “නාසරෙත් වල යේසුස්.”

ඔහු ඔවුන්ට කියනවා, “මම තමයි.”

එවිට යුදාස්, ඔහුව පාවා දෙන කෙනා, ඔවුන් සමග සිටියා.

එබැවින් ඔහු ඔවුන්ට කියන විට ‘මම තමයි’, ඔවුන් පසුපසට ගිහින් බිමට වැටුනා.

එවිට නැවතත් ඔහු ඔවුන්ගෙන් ඇහුවා, “ඔබ සොයන්නේ කවුද?”

ඔවුන් කිව්වා, “නාසරෙත් වල යේසුස්.”

යේසුස් වහන්සේ උත්තර දුන්නා, “මම ඔබට කිව්වා, මම තමයි. මේ නිසා ඔබ මාව සොයනවා නම්, මේ මිනිසුන්ට යන්න දෙන්න.”

එවිට ඔහු කියපු වචනය ඉටු වෙයි, “ඔබ මට දීපු මිනිසුන් අතරින් මට කිසිකෙනෙක් නැති වුනේ නැහැ” යන්න.

එවිට සීමොන් පේතෘස් ඔහු ළඟ තිබුන කඩුවක් ඇද්දා, සහ ඔහු ප්‍රධාන පූජකයාගේ සේවකයාට පහර දුන්නා, සහ ඔහුගේ දකුණු කණ කපා දැම්මා. එම සේවකයාගේ නම මල්කොස්.

ඒ නිසා යේසුස් වහන්සේ පේතෘස්ට කිව්වා, “කඩුව කොපුවේ දමන්න. පියාණන් මට දීපු කුසලානය, මම එය පානය කරන්නේ නැද්ද?”

එබැවින් මිනිසුන් කණ්ඩායම සහ නිලධාරියා සහ යුදෙව්වරුන්ගේ සේවකයෝ යේසුස් වහන්සේ අත් අඩංගුවට ගත්තා, සහ ඔහුව බැඳ තැබුවා, සහ පළමුව ඔහුව අන්නස් වෙතට අරගෙන ගියා. ඔහු ඒ අවුරුද්දේ ප්‍රධාන පූජකයා වන කායාපස්ගේ මාමා. කායාපස් තමයි යුදෙව්වරුන්ට උපදෙස් දුන්නේ, ජනතාව වෙනුවෙන් එක් මනුෂ්‍යයෙකු මරණයට පත්වෙන්න සුදුසුයි කියලා.

එවිට සීමොන් පේතෘස් සහ තවත් ගෝලයෙක් යේසුස් වහන්සේ පසුපස ගියා, නමුත් එම ගෝලයාව ප්‍රධාන පූජකයා අඳුනනවා, සහ ඔහු යේසුස් වහන්සේ සමඟ ප්‍රධාන පූජකයාගේ මිදුලට ගියා.

නමුත් ‌පේතෘස් දොර ළඟ පිටත සිටියා. ඒ නිසා ප්‍රධාන පූජකයා අඳුනන අනෙක් ගෝලයා පිටතට ගියා, සහ දොරටු පාලිකාව සමඟ කථා කරා සහ පේතෘස් ඇතුළට ගෙනාවා.

එබැවින් කුඩා සේවිකාව (දොරටු පාලිකාව), පේතෘස්ට කියනවා, “ඔබත් මේ මිනිසාගේ ගෝලයෙක්, නෙමේද?”

ඔහු කියනවා, “මම නෙමෙයි.”

එවිට වහලුන් සහ සේවකයන් ගිනි මැලයක් හදලා එතනට එක්රැස් වෙමින් සිටියා, සහ සීතල නිසා ඔවුන් උණුසුම් වුනා. සහ පේතෘස් ඔවුන් සමග සිටගෙන උණුසුම් වෙමින් සිටියා.

එබැවින් ප්‍රධාන පූජකයා යේසුස් වහන්සේගෙන් ඔහුගේ ගෝලයන් ගැන සහ ඔහුගේ ධර්මය ගැන ඇහුවා.

යේසුස් වහන්සේ ඔහුට උත්තර දුන්නා, “මම ප්‍රසිද්ධියේ ලෝකයට කථා කරලා තියෙනවා, මම සෑම තැනකම ඉගැන්වුවා, සියලුම යුදෙව්වරුන් එක්රැස් වන ස්ථාන වල, ධර්මශාලාවේ සහ දේවමාළිගාවේ මම රහසින් කිසිම දෙයක් කථා කරේ නැහැ. ඇයි ඔබ මගෙන් අහන්නේ? මම කියපු දෙය ඇහුන අයගෙන් අහන්න. බලන්න, මේ මිනිසුන් මම කියපු දේවල් දන්නවා.”

එහෙත් ඔහු මේ දේවල් කිව්වාට පසු, ඔහු ළඟ සිටගෙන සිටින සේවකයෙක් ඔහුට පහර දුන්නා සහ යේසුස් වහන්සේට කිව්වා, “මේ වගේද ඔබ ප්‍රධාන පූජකයාට උත්තර දෙන්නේ?”

යේසුස් වහන්සේ ඔහුට උත්තර දුන්නා, “මම වැරදියට කථා කරා නම්, වැරදි ගැන සාක්ෂි දරන්න. නමුත් මම හොඳට නම් කථා කරේ, ඇයි මට ගහන්නේ?”

එබැවින් අන්නස් ප්‍රධාන පූජකයා වන කායාපස් වෙතට බැඳ තිබුන ඔහුව පිටත් කරා.

එවිට සීමොන් පේතෘස් සිටගෙන උනුසුම් වෙමින් සිටියා, ඒ නිසා ඔවුන් ඔහුට කිව්වා, “ඔබත් ඔහුගේ ගෝලයෙක් නෙමේද?”

ඔහු ප්‍රතික්ෂේප කරා සහ කිව්වා, “මම නෙමෙයි.”

ප්‍රධාන පූජකයාගේ වහලුන්ගෙන් කෙනෙක්, සහ ඔහු ‌පේතෘස් කණ කැපුව මිනිසාගේ නෑදෑයෙක්, කියනවා, “මම ඔබව ඔහු සමඟ උයනේ දැක්කේ නැද්ද?”

ඒ නිසා නැවතත් ‌පේතෘස් ප්‍රතික්ෂේප කරා, සහ එවෙලේම කුකුළා හැඬලුවා.

එවිට ඔවුන් යේසුස් වහන්සේ කායාපස් වෙතින් ප්‍රෛතෝරියම් වලට ගෙනාවා.

එය උදේ පාන්දරයි. සහ ඔවුන් ප්‍රෛතෝරියම් ඇතුළට ගියේ නැහැ, එවිට ඔවුන් අපවිත්‍ර වෙන්නේ නැති නිසා, එවිට ඔවුන්ට පාස්කුව ආහාරයට ගන්න පුළුවන්.

එම නිසා පිලාත් එළියට ඇවිත් ඔවුන් වෙතට ගියා සහ කියනවා, “මේ මිනිසාට විරුද්ධව ඔබ මොන චෝදනාවද ගේන්නේ?”

ඔවුන් උත්තර දුන්නා සහ ඔහුට කිව්වා, “මොහු නරක දෙයක් කරේ නැත්නම්, අපි ඔහුව ඔබට භාර දෙන්නේ නැහැ.”

එම නිසා පිලාත් ඔවුන්ට කිව්වා, “ඔබ ඔහුව අරන් යන්න සහ ඔබේ නීතිය අනුව විනිශ්චය කරන්න.”

යුදෙව්වරුන් ඔහුට කිව්වා, “අපට කිසි කෙනෙකු මරණයට පත් කරන්න අවසර නැහැ.”

එවිට යේසුස් වහන්සේගේ වචනය ඉටු වෙයි, ඔහු සංකේතවත් කරමින් කියපු විදිහට, ඔහු මොන විදිහේ මරණයකින් මරණයට පත් වෙනවාදබ කියලා.

එබැවින් නැවතත් පිලාත් ප්‍රෛතෝරියම් ඇතුළට ගියා, සහ යේසුස් වහන්සේ කැඳෙව්වා, සහ ඔහුට කිව්වා, “ඔබ යුදෙව්වරුන්ගේ රජුද?”

යේසුස් වහන්සේ උත්තර දුන්නා, “මෙය ඔබද කියන්නේ හෝ අනෙක් අයද මා ගැන ඔබට කිව්වේ?”

පිලාත් උත්තර දුන්නා, “මම යුදෙව්වරයෙක්ද? ඔබේ ජාතිය සහ ප්‍රධාන පූජකයන් මට ඔබව භාර දුන්නා. ඔබ මොනවාද කරේ?”

යේසුස් වහන්සේ උත්තර දුන්නා, “මගේ රාජ්‍යය මේ ලෝකයෙන් පැමිණෙන්නේ නැහැ. මගේ රාජ්‍යය මේ ලෝකයෙන් පැමිණෙනවා නම්, මගේ සේවකයන් මා වෙනුවෙන් සටන් කරයි, එවිට මාව යුදෙව්වරුන්ට භාර දෙන්නේ නැහැ. එහෙත් දැන් මගේ රාජ්‍යය මේ තැනින් පවතින්නේ නැහැ.”

එබැවින් පිලාත් ඔහුට කිව්වා, “එසේනම් ඔබ රජෙක්ද?”

යේසුස් වහන්සේ උත්තර දුන්නා, “ඔබ කියනවා මම රජෙක්. මම ඉපදුනේ මේ හේතුව නිසා, සහ මේ හේතුව නිසා මම ලෝකයට පැමිණියා, එවිට මම සත්‍යය ගැන සාක්ෂි දරයි. සත්‍යයෙන් සිටින සෑම දෙනාම මගේ කට හඬ අහනවා.”

පිලාත් ඔහුට කියනවා, “සත්‍යය කුමක්ද?”

සහ ඔහු මෙය කිව්වාට පසු නැවතත් යුදෙව්වරුන් වෙතට පිටත්ව ගියා, සහ ඔවුන්ට කියනවා, “මට ඔහු තුළ කිසිම වරදක් සොයාගන්න බැහැ. එහෙත් ඔබට සිරිතක් තියෙනවා, මම ඔබට පාස්කු උත්සවයේ එක් මිනිසෙකු නිදහස් කරනවා. එම නිසා ඔබ කැමතිද මම ඔබට යුදෙව්වරුන්ගේ රජ නිදහස් කර දෙනවාට.”

ඒ නිසා ඔවුන් නැවතත් කෑගසා කිව්වා, “මොහුව එපා. නමුත් බරබ්බස්.”

එහෙත් බරබ්බස් හොරෙකි.

19

එවිට පිලාත් යේසුස් වහන්සේව රැගෙන ගියා, සහ ඔහුට කස පහර දුන්නා.

සහ සොල්දාදුවන් කටු ඔටුන්නක් සාදා ඔහුගේ හිස මත තැබුවා, සහ දම් පාට ඇඳුමක් ඔහු වටා දැම්මා, සහ ඔවුන් ඔහු වෙතට ගියා, සහ කිව්වා, “සැරදේ, යුදෙව්වරුන්ගේ රජතුමනි!” සහ ඔහුගේ කම්මුලට පහර දුන්නා.

සහ පිලාත් නැවතත් පිටතට ගියා, සහ ඔවුන්ට කියනවා, “බලන්න, මම ඔබ වෙතට ඔහුව පිටතට රැගෙන එනවා, එවිට ඔබ දැනගනියි, මම ඔහු තුළ කිසිම වරදක් සොයාගත්තේ නැහැ.”

එබැවින් කටු ඔටුන්නක් සහ දම් පාට ඇඳුමක් ඇඳගෙන යේසුස් වහන්සේ එළියට පැමිණියා.

සහ ඔහු ඔවුන්ට කිව්වා, “බලන්න, මනුෂ්‍යයා.”

එබැවින් ප්‍රධාන පූජකයන් සහ සේවකයන් ඔහුව දැක්කාට පසු, කෑගසා කිව්වා, “කුරුසියේ ඇණ ගසන්න, කුරුසියේ ඇණ ගසන්න!”

පිලාත් ඔවුන්ට කියනවා, “ඔබ ඔහුව අරන් යන්න, සහ ඔබ කුරුසියේ ඇණ ගසන්න. මම ඔහු තුළ කිසිම වරදක් සොයාගන්නේ නැහැ.”

යුදෙව්වරුන් ඔහුට උත්තර දුන්නා, “අපි ළඟ නීතියක් තියෙනවා, සහ නීතියට අනුව ඔහු මරණයට පත් වෙන්න සුදුසුයි, ඔහු දෙවියන් වහන්සේගේ පුත්‍රයා ලෙස ඔහුව පත් කරගත් නිසා.”

ඒ නිසා පිලාත් මෙම වචනය ඇසූනාට පසු ගොඩාක් බය වුනා, සහ නැවතත් ප්‍රෛතෝරියම් ‌තුළට ගියා, සහ යේසුස් වහන්සේට කියනවා, “ඔබ කොහෙන්ද පැමිණෙන්නේ?”

එහෙත් යේසුස් වහන්සේ ඔහුට උත්තර දුන්නේ නැත.

එබැවින් පිලාත් ඔහුට කියනවා, “ඔබ මා සමඟ කථා කරන්නේ නැද්ද? ඔබ දන්නේ නැද්ද, මට ඔබව  නිදහස් කරන්න බලය තියෙනවා, සහ මට ඔබව කුරුසියේ ඇණ ගසන්න බලය තියෙනවා?”

යේසුස් වහන්සේ උත්තර දුන්නා, “ඔබට මා කෙරෙහි කිසිම බලයක් නැහැ, එය ඔබට ඉහළින් ලබා දුන්නේ නැත්තම්. මේ හේතුව නිසා මාව ඔබට පාවා දුන් කෙනාගේ පාපය ඔ‌බේ පාපයට වඩා විශාලයි.”

මේ වේලාවේ සිට පිලාත් ඔහුව නිදහස් කර යවන්නට මාර්ගයක් බැලුවා. එහෙත් යුදෙව්වරුන් කෑගැසුවා මෙසේ කියමින්, “ඔබ මොහුව නිදහස් කරනවා නම්, ඔබ සීසර්ගේ මිතුරෙක් නෙමෙයි. තමාම රජෙකු කරගන්නා සෑම දෙනාම සීසර්ට විරුද්ධව කථා කරනවා.”

ඒ නිසා පිලාත් මෙම වචන ඇහුනාට පසු යේසුස් වහන්සේ  පිටතට ගෙනාවා, සහ ඔහු ලිතොස්ට්‍රෝටොස් (හෙබ්‍රෙව් භාෂාවෙන් ගබ්බත) කියන ස්ථානයේ විනිශ්ය පුටුව මත වාඩි වුනා.

එම දවස පාස්කුවට සූදානම් වන දවසේ හය වෙනි පැයයි.

සහ ඔහු යුදෙව්වරුන්ට කියනවා, “බලන්න, ඔබගේ රජ!”

එම නිසා ඔවුන් කෑගැසුවා, “අරන් යන්න, අරන් යන්න, ඔහුව කුරුසියේ ඇණ ගසන්න!”

පිලාත් ඔවුන්ට කියනවා, “මම ඔබගේ රජ කුරුසියේ ඇණ ගසන්නද?”

ප්‍රධාන පූජකයන් උත්තර දුන්නා, “සීසර් හැර අපට රජෙක් නැහැ.”

එබැවින් ඔහු ඔහුව කුරුසියේ ඇණ ගසන්නට ඔවුන්ට භාර දුන්නා.

එබැවින් ඔවුන් යේසුස් වහන්සේ රැගෙන ගියා. සහ ඔහු ඔහුගේ කුරුසිය දරාගෙන හිස්කබල (හෙබ්‍රෙව් භාෂාවෙන් ගොල්ගොතා) කියන ස්ථානයට පිටත්ව ගියා. එතන ඔවුන් ඔහුව කුරුසියේ ඇණ ගැසුවා, සහ ඔහු සමඟ තවත් දෙදෙනෙක් දෙපැත්තෙන්, යේසුස් වහන්සේ මැද සිටියා.

එවිට පිලාත් නාම පුවරුවක් ලිව්වා, සහ එය කුරුසියට ඉහළින් එල්ලා තැබුවා. එහි මෙසේ ලියලා තිබුනා, “නාසරෙත් වල යේසුස්. යුදෙව්වරුන්ගේ රජ.”

එබැවින් මෙම නාම පුවරුව යුදෙව්වරුන්ගෙන් බොහෝ දෙනෙක් කියෙව්වා, යේසුස් වහන්සේ  කුරුසියේ ඇණ ගසනු ලැබු ස්ථානය නගරයට ළඟ තිබුන නිසා, සහ එය ලියලා තිබුනේ හෙබ්‍රෙව් සහ ලතින් සහ ග්‍රික භාෂාවලින්.

එම නිසා යුදෙව්වරුන්ගේ ප්‍රධාන පූජකයන් පිලාත්ට කිව්වා, “ලියන්න එපා, ‘යුදෙව්වරුන්ගේ රජ,’ නමුත් ලියන්න, ‘ඔහු කිව්වා මම යුදෙව්වරුන්ගේ රජ.’”

පිලාත් උත්තර දුන්නා, “මම ලියපු දේ මම ලියලා තියෙනවා.”

එබැවින් සොල්දාදු‌වන් යේසුස් වහන්සේ කුරුසියේ ඇණ ගැසුවාට පසු ඔහුගේ ඇඳුම් අරගෙන කොටස් හතරකට බෙදා, එක සොල්දාදුවෙකුට එක කොටස බැගින් බෙදා ගත්තා. සහ කබාය උඩ සිට පහළට මුළුමනින්ම වාටියක් නැතිව මසා තිබුනා.

ඒ නිසා ඔවුන් එකිනෙකාට කිව්වා, “අපි එය කපන්නේ නැහැ, නමුත් එයට දාදු සෙල්ලම් කරමු, කාටද ලැබෙන්නේ කියලා.”

එවිට ශුද්ධ ලියවිල්ල සම්පූර්ණ වෙයි, මෙසේ කියමින්, “ඔවුන් මගේ ඇදුම් ඔවුන් අතර බෙදා ගත්තා, සහ මගේ කබාය සඳහා දාදු දැම්මා.”

එබැවින් සොල්දාදුවන් මේ දේවල් කරා.

මේ අතර යේසුස් වහන්සේගේ කුරුසිය ළඟ ඔහුගේ මව සිටගෙන සිටියා, සහ ඔහුගේ මවගේ සහෝදරිය, ක්ලේයෝපස්ගේ මරියා, සහ මරිය මග්දලේනා.

එබැවින් යේසුස් වහන්සේ ඔහුගේ මව සහ ඔහු ප්‍රේම කළ ගෝලයා සිටගෙන සිටිනවා දැක්කාට පසු, ඔහු ඔහුගේ මවට කියනවා, “ස්ත්‍රිය, බලන්න, ඔබේ පුත්‍රයා.”

එවිට ඔහු ඔහුගේ ගෝලයාට කියනවා, “බලන්න, ඔබේ මව.”

එම පැයේ සිට එම ගෝලයා ඇයව තමාගේ නිවසට රැගෙන ගියා.

මෙයින් පසු යේසුස් වහන්සේ දැන සිටියා සියල්ල සම්පූර්ණ බව, සහ ශුද්ධ ලියවිල්ල ඉටු වීමට ඔහු කියනවා, “මට තිබහයි.”

ඇඹුල් රස වයින් සහිත භාජනයක් තිබුනා. එබැවින් ඔවුන් ඇඹුල් රස වයින් පොඟවන ලද ස්පොන්චයක් හිසෝප් අත්තක තබා ඔහුගේ කටට දැම්මා.

එබැවින් ඔහුට වයින් ලැබූනාට පසු යේසුස් වහන්සේ කිව්වා, “සම්පුර්ණයි.”

සහ ඔහු හිස නමා තම ආත්මය භාර දුන්නා.

එබැවින් එය සූදානම් වන දවස, සහ විශේෂ උත්සව දවසක් වන සබත් දවස නිසා, යුදෙව්වරුන් පිලාත්ගෙන් ඉල්ලා සිටියා, ඔවුන්ගේ කකුල් කඩා ඉවත් කරන්න, එවිට සබත් දවසේ මළ සිරුරු කුරුසිය මත රැඳී සිටින්නේ නැහැ.

එම නිසා සොල්දාදුවන් පැමිණ පළමු මිනිසාගේ කකුල් කැඩුවා. සහ ඔහු සමඟ කුරුසියේ ඇණ ගසන ලද අනෙක් කෙනා‌ගේ කකුල් ද කඩා දැම්මා.

එහෙත් ඔවුන් යේසුස් වහන්සේ ළඟට ඇවිත් බැලුවාට පසු ඔහු මරණයට පත් වෙලා, ඔවුන් ඔහුගේ කකුල් කැඩුවේ නැහැ. නමුත් සොල්දාදුවෙක් ඔහුගේ හෙල්ලයකින් ඔහුගේ ඇලපතට ඇන්නා. සහ එවේලේම රුධිරය සහ වතුර එළියට ආවා. සහ එය දැකපු කෙනා සාක්ෂි දුන්නා සහ ඔහුගේ සාක්ෂිය සත්‍යයි. සහ ඔහු දන්නවා ඔහු සත්‍යය කථා කරන බව, එවිට ඔබත් විශ්වාස කරයි.

මේ දේවල් සිදුවුනේ, ශුද්ධ ලියවිල්ල සම්පූර්ණ කිරීමට, “ඔහුගේ ශරීරයේ එක ඇටයක්වත් බි‌ඳෙන්නේ නැහැ” යන්න.

සහ නැවත් තවත් ශුද්ධ ලියවිල්ලේ මෙසේ කියනවා, “ඔවුන් ඇනපු මනුෂ්‍යයාව ඔවුන් දකියි.”

එහෙත් මේ දේවල් වලට පසු අරිමාතියේ යෝසෙප්, යේසුස් වහන්සේගේ රහස් ගෝලයෙක්, යුදෙව්වරුන්ට බය නිසා, යේසුස් වහන්සේගේ ශරීරය ගෙන යන්න පිලාත්ගෙන් ඉල්ලා සිටියා, සහ පිලාත් අවසර දුන්නා. එවිට ඔහු පැමිණ ඔහුගේ ශරීරය රැගෙන ගියා.

නමුත් මුලින්ම රාත්‍රියේ ඔහු වෙත පැමිණි නිකදේමුස් රාත්තල් සියයක් පමණ සුවඳලාටු සහ කෝමාරිකා මිශ්‍රණයක් අරගෙන ආවා.

එබැවින් ඔවුන් යේසුස් වහන්සේගේ ශරීරය ලබා ගෙන, ඔවුන් එය හණ රෙදි වලින් බැඳා, සුවඳලාටු සමඟ, යුදෙව්වරුන්ගේ අවමඟුල් සිරිත විදිහට.

ඔහු කුරුසියේ ඇණ ගැසුව ස්ථානය ළඟ උයනක් තිබුනා, සහ එම උයනේ කිසිම කෙනෙකු තැන්පත් කරපු නැති අලුත් සොහොනක් තිබුනා.

එම නිසා එය යුදෙව්වරුන්ගේ සූදානම් වන දවස සහ සොහොන් ගෙය ළඟ තිබුන නිසා, ඔවුන් යේසුස් වහන්සේ එතන තැන්පත් කරා.

20

සතියේ පළමුවන දවසේ මරියා මග්දලේනා උදෑසනම සොහොන් ගෙය ළඟට පැමිණෙනවා, සහ ඇය දකිනවා ගල ඉවත්කර තියෙනවා.

ඒ නිසා ඇය දුවනවා, සහ සීමොන් පේතෘස් සහ යේසුස් වහන්සේ ප්‍රේම කර අනෙක් ගෝලයා වෙතට යනවා, සහ ඇය ඔවුන්ට කියනවා, “ඔවුන් ස්වාමියාව සොහොන් ගෙයින් රැගෙන ගිහින්, සහ අපි දන්නේ නැහැ ඔවුන් ඔහුව කොහේද තැන්පත් කරේ.”

එම නිසා පේතෘස් සහ අනෙක් ගෝලයා පිටතට ගියා, සහ සොහොන් ගෙය වෙතට ගියා.

එවිට ඒ දෙදෙනාම එකට දිව්වා, සහ අනෙක් ගෝලයා පේතෘස්ට වඩා වේගයෙන් දුව ගිහින්, ඔහුව ඉස්සර කරමින්, සොහොන් ගෙයට පැමිණියා, සහ ඔහු පහළට නැමී බලන විට, රෙදි තිබෙන බව දැක්කා, නමුත් ඔහු ඇතුළට ගියේ නැත.

එබැවින් සීමොන් පේතෘස් ඔහු පසුපස පැමිණෙනවා, සහ සොහොන් ගෙය ඇතුළට ගියා, සහ ඔහු රෙදි තිබෙන බව දකිනවා, සහ ඔහුගේ හිස වටා ඔතා තිබුන තුවාය, රෙදි සමඟ නෙමෙයි, වෙනම තැනක නමා තිබෙන බව දැක්කා.

එවිට පළමුවෙන් සොහොන් ගෙට පැමිණ අනෙක් ගෝලයාත් ඇතුළට ගියා, සහ ඔහු දැක්කා සහ විශ්වාස කරා. ඔවුන් තවම ශුද්ධ ලියවිල්ල දැන සිටියේ නැත, ඔහු මළවුන්ගෙන් නැවත නැගිටීමට අවශ්‍යය බව. එබැවින් නැවතත් ගෝලයන් තමන්ගේ අය වෙතට ගියා.

එහෙත් මරියා සොහොන් ගෙයින් පිටත අඬමින් සිටගෙන සිටියා. එබැවින් ඇය අඬමින් නැමී සොහොන් ගෙය ඇතුළත බැලුවා.

සහ දේවදූතයන් දෙදෙනෙක් සුදු පාටින් වාඩි වී සිටිනවා ඇය දකිනවා. එක්කෙනෙක් හිස තිබූන තැන, සහ තව කෙනෙක් පාද ළඟ, යේසුස් වහන්සේගේ ශරිරය තැන්පත් කර තිබුන තැන.

සහ ඔවුන් ඇයට කියනවා, “ස්ත්‍රිය, ඇයි අඬන්නේ?”

ඇය ඔවුන්ට කියනවා, “ඔවුන් මගේ ස්වාමියා රැගෙන ගියා, සහ ඔවුන් ඔහුව කොහේද තැන්පත් කරේ මම දන්නේ නැහැ.”

ඇය මේ දේවල් කිව්වාට පසු ආපසු හැරුනා, සහ ඇය දකිනවා යේසුස් වහන්සේ සිටගෙන සිටිනවා, නමුත් ඒ යේසුස් වහන්සේ බව ඇය දැන සිටියේ නැත.

යේසුස් වහන්සේ ඇයට කියනවා, “ස්ත්‍රිය, ඇයි අඬන්නේ? ඔබ කාවද සොයන්නේ?”

ඇය ඔහු උයන්පල්ලා බව සිතා ඔහුට කියනවා, “ස්වාමිනි, ඔබ ඔහුව රැගෙන ගියා නම්, මට කියන්න  කොහේද ඔහුව තැන්පත් කරේ, සහ මම ඔහුව රැගෙන යන්නම්.”

යේසුස් වහන්සේ ඇයට කියනවා, “මරියා.”

ඇය හැරී ඔහුට හෙබ්රෙව් භාෂාවෙන් කියනවා, “රබ්බොනි” (මෙහි තේරුම ගුරුතුමනි).

යේසුස් වහන්සේ ඇයට කියනවා, “මාව අල්ලන්න එපා. මම තවම පියාණන් වෙතට ඉහළට ගියේ නැහැ. නමුත් මගේ සහෝදරයන් වෙතට යන්න, සහ ඔවුන්ට කියන්න, මම මගේ පියාණන් සහ ඔබේ පියාණන් වෙත ඉහලට යනවා, සහ මගේ දෙවියන් සහ ඔබේ දෙවියන් වෙත ඉහලට යනවා.”

මරියා මග්දලේනා යනවා ගෝලයන්ට කියන්න, ඇය ස්වාමියාව දැකලා තියෙනවා සහ ඔහු මේ දේවල් ඇයට කිව්වා කියලා.

එබැවින් පළමුවන දවසේ හවස් කාලයේ, ගෝලයන් නැවතී සිටින තැන දොර අගුළු දමා තිබුනා, ඔවුන් යුදෙව්වරුන්ට බය නිසා, සහ යේසුස් වහන්සේ පැමිණ මැද සිටගෙන ඔවුන්ට කිව්වා, “ඔබට සාමය වේවා!”

සහ ඔහු මෙය කිව්වාට පසු, ඔහුගේ අත් සහ ඔහුගේ ඇලපත ඔවුන්ට පෙන්වුවා. ඒ නිසා ගෝලයන් ස්වාමියාව දැකලා ප්‍රීති වුනා.

එබැවින් ඔහු නැවතත් ඔවුන්ට කිව්වා, “ඔබට සාමය වේවා! පියාණන් මාව එවපු විදිහට මමත් ඔබව යවනවා.”

සහ ඔහු මෙය කිව්වාට පසු, හුස්ම හෙලුවා සහ ඔවුන්ට කියනවා, “ශුද්ධාත්මයාණන් පිළිගන්න! ඔබ යම් අයගේ පව් ඉවත් කරනවා නම්, ඔවුන් වෙනුවෙන් පව් ඉවත් කරනවා. ඔබ යම් අයගේ පව් රඳවා තබා ගන්නවා නම්, ඒවා රඳවා තබා ගන්නවා.”

එහෙත් දොළොස් දෙනාගෙන් එක්කෙනෙක් වන ඩිඩිමස් කියන තෝමස් යේසුස් වහන්සේ පැමිණි විට ඔවුන් සමඟ සිටියේ නැත.

එබැවින් අනෙක් ගෝලයන් ඔහුට කිව්වා, “අපි ස්වාමියාව දැකලා තියෙනවා.”

නමුත් ඔහු ඔවුන්ට කිව්වා, “ඔහුගේ අත්වල ඇණ ගසපු තැන් මම දැක්කේ නැත්නම්, සහ මගේ ඇඟිල්ල ඇණ ගසපු තැනට දමා සහ මගේ අත ඔහුගේ ඇලපත තුලට දමා මම බැලුවේ නැත්නම්, මම විශ්වාස කරන්නේ නැහැ.”

සහ අට දවසකට පසු ඔහුගේ ගෝලයෝ නැවතත් ඇතුලේ රැඳී සිටියා, සහ තෝමස් ඔවුන් සමඟ සිටියා. ඒත් දොර වසා තිබන විට යේසුස් වහන්සේ පැමිණෙනවා, සහ මැද සිටගෙන කිව්වා, “ඔබට සාමය වේවා!”

එවිට ඔහු තෝමස්ට කියනවා, “ඔබේ ඇඟිල්ල මෙතනට අරගෙන මගේ අත් බලන්න, සහ ඔබේ අත් ගෙන මගේ ඇලපත තුලට දමන්න, සහ අවිශ්වාස කරන්න එපා, නමුත් විශ්වාස කරන්න.”

තෝමස් උත්තර දුන්නා සහ ඔහුට කිව්වා, “මගේ ස්වාමිනි සහ මගේ දෙවියනි.”

යේසුස් වහන්සේ ඔහුට කියනවා, “ඔබ මාව දැකපු නිසා ඔබ විශ්වාස කරලා තියෙනවා. මාව දැකපු නැති සහ විශ්වාස කර අය ආශිර්වාද ලද්දෝ.”

එබැවින් යේසුස් වහන්සේ ඔහුගේ ගෝලයන් ඉදිරියේ මෙම පොතේ ලියා නැති තව බොහෝ සලකුණු කරා. එහෙත් මේ දේවල් ලියලා තියෙන්නේ, එවිට ඔබ විශ්වාස කරයි යේසුස් වහන්සේ ක්‍රිස්තුස් සහ දෙවියන් වහන්සේගේ පුත්‍රයා බව, එවිට විශ්වාස කරමින් ඔහුගේ නාමයෙන් ඔබට ජීවනය ලැබෙයි.

21

මෙයින් පසු යේසුස් වහන්සේ තිබේරියස් නම් මුහුදේ දී නැවතත් ඔහුව ගෝලයන්ට හෙළි කරා. ඔහු මෙසේ හෙළි කරා.

ඔවුන් එකට සිටියා. සීමොන් පේතෘස් සහ ඩිඩිමස් කියන තෝමස් සහ ගලිලයේ කානා වල නතානියෙල් සහ සෙබදීගේ පුතුන් දෙදෙනෙක්, සහ ඔහුගේ ගෝලයන්ගෙන් තවත් දෙදෙනෙක්.

සීමොන් පේතෘස් ඔවුන්ට කිව්වා, “මම මාළු බාන්න යනවා.”

ඔවුන් ඔහුට කියනවා, “අපිත් ඔබ සමඟ එනවා.”

ඔවුන් පිටත්ව ගියා සහ බෝට්ටුවකට නැඟුනා, සහ එම රාත්‍රියේ ඔවුන් කිසිවක් අල්ලා ගන්නේ නැහැ.

එවිට උදේ පාන්දරයි, සහ යේසුස් වහන්සේ වෙරළේ සිටගෙන සිටියා, නමුත් ගෝලයන් තවම ඒ යේසුස් වහන්සේ බව දැනගෙන සිටියේ නැත.

එබැවින් යේසුස් වහන්සේ ඔවුන්ට කියනවා, “දරුවනි, කිසිම දෙයක් කෑමට නැද්ද?”

ඔවුන් ඔහුට උත්තර දුන්නා, “නැහැ.”

නමුත් ඔහු ඔවුන්ට කිව්වා, “දැළ බෝට්ටුවේ දකුණු පැත්තට විසි කරන්න, සහ ඔබට යමක් හමුවෙනවා.”

එබැවින් ඔවුන් එය විසි කරා, සහ මාළු රාශියක් නිසා ඔවුන්ට එය ඇද ගැනීමට ශක්තියක් නැත.

ඒ නිසා යේසුස්  වහන්සේ ‌ප්‍රේම කර ගෝලයා පේතෘස්ට කියනවා, “ඒ ස්වාමියා!”

එබැවින් සීමොන් පේතෘස් ඒ ස්වාමියා බව ඇහුනාට පසු ඇඳුමක් ඇඳගත්තා (ඔහු නිරුවත්ව සිටිය නිසා), සහ මුහුදට පැන්නා.

එහෙත් අනෙක් ගෝලයන් මාළු දැළ ඇදගෙන බෝට්ටුවෙන් ආවා, ඔවුන් ගොඩ බිමට වැඩි දුරකින් සිටියේ නැති නිසා, නමුත් මීටර් සීයක් පමණ දුරින්.

එබැවින් ඔවුන් ගොඩ බැස්සාට පසු ගිනිමැලයක් දකිනවා, සහ එතන පිඟානක් මත මාළුවෙක් සමඟ පාන් තිබුනා.

යේසුස් වහන්සේ ඔවුන්ට කියනවා, “ඔබ මේ දැන් අල්ලා ගත් මාළු වලින් ගේන්න.”

ඒ නිසා සීමොන් පේතෘස් නැගිට්ටා සහ මාළු දැළ ගොඩට ඇද්දා, එය විශාල මාළුන් එකසිය පනස් තුනකින් පිරී තිබුනා, සහ විශාල මාළු තිබුනා නමුත් දැළ ඉරුනේ නැත.

යේසුස් වහන්සේ ඔවුන්ට කියනවා, “මෙන්න, උදේ ආහාර ගන්න.”

එහෙත් ගෝලයන්ගෙන් කිසි කෙනෙක් ඔහුගෙන් ඔබ කවුද අහන්න එඩිතර වුනේ නැත, ඔවුන් ඒ ස්වාමියා බව දැන සිටිය නිසා.

යේසුස් වහන්සේ පැමිණෙනවා සහ රොටි ගන්නවා සහ ඔවුන්ට දෙනවා, මේ විදිහට මාළුත් දෙනවා.

දැන් මෙය තුන්වෙනි සැරේ යෙසුස් වහන්සේ ගෝලයන්ට හෙළි වුන, ඔහු මළවුන්ගෙන් නැගිටුනාට පසු.

එබැවින් උදේ ආහාර ගත්තාට පසු යේසුස් වහන්සේ සීමොන් පේතෘස්ට කියනවා, “යොහන්ගේ පුත්‍රයා සීමොන්, මොවුන්ට වඩා ඔබ මට ප්‍රේම කරනවාද?”

ඔහු ඔහුට කිව්වා, “ඔව් ස්වාමිනි, ඔබ දන්නවා, මම ඔබට ආදරෙයි.”

ඔහු ඔහුට කියනවා, “මගේ බැටළු පැටවුන් පෝෂණය කරන්න.”

ඔහු නැවතත් දෙවෙනි සැරේට ඔහුට කියනවා, “යොහන්ගේ පුත්‍රයා සීමොන්, ඔබ මට ‌ප්‍රේම කරනවාද?”

ඔහු ඔහුට කියනවා, “ඔව් ස්වාමිනි, ඔබ දන්නවා, මම ඔබට ආදරෙයි.”

ඔහු ඔහුට කියනවා, “මගේ බැටළුවන් රැකබලා ගන්න.”

ඔහු තුන්වෙනි සැරේ ඔහුට කියනවා, “යොහන්ගේ පුත්‍රයා සීමොන්, ඔබ මට ආදරෙයිද?”

පේතෘස් දුක් වුනා, ඔහු තුන්වෙනි සැරේ කියපු නිසා, ‘ඔබ මට ආදරෙයිද’, සහ ඔහු ඔහුට කියනවා, “ස්වාමිනි, ඔබ සියල්ල දන්නවා. ඔබ දැනගෙන සිටිනවා මම ඔබට ආදරෙයි.”

ඔහු ඔහුට කියනවා, “මගේ බැටළුවන් පෝෂණය කරන්න.”

“ආමෙන් ආමෙන් මම ඔබට කියනවා. ඔබ තරුණ කාලයේ ඔබේ ඇඳුම ඔබම ඇඳගත්තා, සහ ඔබ කැමති තැන් වල ඇවිද ගියා. එහෙත් ඔබ වයසට යනවිට ඔබේ අත් දිගු කරනවා, සහ තව කෙනෙක් ඔබේ ඇඳුම අන්දවනවා සහ ඔබව කැමති නැති තැනට රැගෙන යනවා.”

එහෙත් ඔහු මෙසේ කිව්වේ, ඔහු මොන විදිහේ මරණයකින් දෙවියන් වහන්සේ මහිමයට පත් කරනවාද ඇඟවීමට. සහ ඔහු මෙසේ කිව්වාට පසු ඔහුට කියනවා, “මා පසුපස එන්න.”

පේතෘස් හැරුනා සහ යේසුස් වහන්සේ ප්‍රේම කර ගෝලයා පසුපස එනවා දකිනවා. ඔහු තමයි රාත්‍රි කෑම වෙලාවේ දී යේසුස් වහන්සේගේ පපුව මත හාන්සි වෙලා සිටියේ සහ කිව්වේ, ස්වාමිනි ඔබව පාවා දෙන්නේ කවුද කියලා. එබැවින් පේතෘස් ඔහුව දැකලා යේසුස් වහන්සේට කියනවා, “ස්වාමිනි, ඔහු ගැන කුමක්ද?”

යේසුස් වහන්සේ ඔහුට කියනවා, “මම කැමති නම් ඔහු රැඳී සිටිනවාට මම එන තුරු, එය ඔබට කුමක්ද? ඔබ මා පසුපස එන්න.”

ඒ නිසා මේ වචනය සහෝදරයන් වෙතට ගියා, ඒ ගෝලයා මරණයට පත් වෙන්නේ නැහැ කියලා, එහෙත් යේසුස් වහන්සේ ඔහුට කිව්වේ නැත ඔහු මරණයට පත් වෙන්නේ නැහැ කියලා, නමුත් “මම කැමති නම් ඔහු රැඳී සිටිනවාට මම එන තුරු, එය ඔබට කුමක්ද?” මේ ගෝලයා මේ දේවල් ගැන සාක්ෂි දරන සහ මේ දේවල් ගැන ලියපු කෙනා, සහ අපි දන්නවා  ඔහුගේ සාක්ෂිය සත්‍යයි. සහ යේසුස් වහන්සේ කරපු තව බොහෝ දේවල් තියෙනවා, නමුත් සෑම එකක්ම ලියලා තියෙනවා නම්, මම සිතන්නේ, ඒ ලියපු පොත් සියල්ල රඳවා තබා ගැනීමට මුළු ලෝකයම ප්‍රමාණවත් වන්නේ නැත.