යුසේබියස් ලියනලද සභා ඉතිහාසය (Eusebius, Church History 6)

Eusebius, The Church History in Sinhala, book 6. Translated with permission from Paul L. Meier, Eusebius, The Church History: A New Translation with Commentary, 1999. Sinhala translation is Public Domain.


හයවන වන පොත: ඔරිජන් සහ ඇලෙක්සැන්ඩ්‍රියාහිදී සිදුවූ   සම්භවය සහ වධහිංසා

සෙප්ටිමස් සෙවේරියස්ගේ සිට ඩේෂියස්ගේ කාලය දක්වා

1.  [සෙප්ටිමස්] සෙවේරස් සභාවන්ට විරුද්ධව පීඩාව උසිගැන්වීය. එහිදී  භක්තිමත්කමේ ශූරයෝ  සෑම තැනකමදීම,  නමුත් විශේෂයෙන්ම ඇලෙක්සැන්ඩ්‍රියාවෙහිදී තේජාන්විත වේදසාක්ෂික මරණ සාක්ෂාත් කර ගත්හ.  එහි, ක්‍රීඩාංගණයකට යවන්නාක් මෙන් දෙවියන් වහන්සේගේ ශූරයෝ මුළු ඊජිප්තුවේම සහ තියෝබෝල්ඩ් සිට සැම ආකාරයේ වධහිංසා පැමිණවීමක් මගින් දුක් වේදනාවක්ම විඳීම උදෙසා යවන ලදහ. එසේ ඔවුහු දෙවියන් වහන්සේට කැප කර පිළිගන්වන ලද ඔටුනු ලෙස මරණය වැලඳ ගත්හ.  ඔවුන් අතර ඔරිජන්ගේ පියා වූ ලියොනයිඩ්ස් නැමැත්තෙකු විය. ඔහු හිස ගසා දමා මරණයට පත් කරන ලදී. ඔහු මිය යන විට ඔහු දිව්‍යමය වචනයට කුඩා කාලයේ සිටම අනුගත වූ අයෙකු විය.   

2. ඔහුගේ ජීවිතය කතාව මුළු පොතක් ලිවීමට තරම් කරුණු සහිතය. කෙසේ වෙතත් මෙහිදී මම මට හැකි පමණින්, ඔහුගේ හසුන්වලින් ලබා ගත් කරුණු සහ දිවි ගලවාගත් ඔවුගේ මිත්‍රයින් විසින් පවසන ලද කරුණු ඉදිරිපත් කරමි.            

ඔරිජන්ගේ තරුණ විය

ඔරිජන්ගේ කතාව ඔහුගේ ළදරු වියේ සිටම පැවසිය යුතුය.  සෙවේරස්ගේ පාලනයේ දසවන වර්ෂයේදී  ලෙටස් ඊජිප්තුවේ ආණ්ඩුකාරවරයා ලෙස සිටියදී සහ ජූලියන්ට පසුව දිමෙට්‍රියස් එහි රදගුරු පදවිය ලැබූ අවස්ථාවේදී, පීඩාවේ ගිනිදැල් දරුණු ගින්නක් බවට පත් විය. එසේ ගණන් කළ නොහැකි සංඛ්‍යාවක ජනයා වේදසාක්ෂිකයින් ලෙස මරණයට පත් වීමේ කිරුළ ලබා ගත්හ. වේදසාක්ෂික මරණය විඳීම සඳහා මහත් ආශාවක් ඔරිජන් සතු විය. ඔහු පිරිමි ළමයෙකු වුවද, ඔහුට අවශ්‍ය වූයේ අනතුරට මුහුණ දී ගැටුමට ඇද වැටීමටය. මිනිස් සංහතියේ යහපත සඳහා ඔහුගේ මව හරහා දිව්‍යමය අනුශාසනාවේ රැකවරණයක් ක්‍රියාත්මක නොවූවා නම්, ඇත්ත වශයෙන්ම, ඔහු තම ජීවිත කාලය අවසන් කිරීමට ඉතා ආසන්නයටම පැමිණියේය. මුලින්ම ඇය වචනවලින් එය අත්හදා බැලුවාය. මවකගේ හැඟීම්වලට ගරු කරන ලෙස ඔහුගෙන් අයැද සිටියාය. එහෙත් ඔහුගේ පියා සිරගත කර ඇති බව ඔහු දැනගත් විට, ඔහු වේදසාක්ෂික මරණය විඳීමේ තෘෂ්ණාවෙන් පිරී ගියේය. ඔහු වෙන කවරදාටත් වඩා අධිෂ්ඨානශීලී බව දුටු ඇය ඔහුගේ ඇඳුම් සියල්ල සඟවා තබාගෙන ඔහුට නිවසේ රැඳී සිටීමට බල කළාය. නිශ්ශබ්ද කළ නොහැකි ආකාරයේ ඔහුගේ වයස  ඉක්මවා ගිය ශක්තිමත්භාවයකින්, වේදසාක්ෂික මරණය ඉල්ලමින් ඔහු තම පියාට ලිපියක් යැවීය. එහි ඔහු මෙසේ උපදෙස් දුන්නේය. “අප නිසා ඔබේ අදහස වෙනස් නොකරන්න!”

මුල් ළමාවියේ සිටම දිව්‍යමය ශුද්ධලියවිලි අධ්‍යයනය කිරීම මත පදනම් වූ ඔරිජන්ගේ ගැටවර තීක්ෂ්ණ බුද්ධිය සහ දෙවියන් වහන්සේ කෙරෙහි භක්තිය පිළිබඳ මෙම පළමු නිදසුනෙන් ඇදහිල්ල තුළ ඔහුගේ ස්ථිර පදනම පිළිබිඹු කරයි. කටපාඩම් කිරීම සහ පුනරුච්චාරණය කිරීම තුළින් සෑම දිනකම පූජනීය ශුද්ධලියවිලි අධ්‍යයනයන් ප්‍රගුණ කරන තෙක් ඔහුට සාමාන්‍ය විෂය මාලාවට කාලය කැප නොකරන ලෙස ඔහුගේ පියා තරයේ කියා සිටියේය. එයට කිසිසේත්ම අකමැත්තක් නොදැක්වූ පිරිමි ළමයා ඕනෑවට වඩා අධ්‍යයනය කළේය. එසේම පූජනීය ශුද්ධලියවිල්ලේ වචන සරල ලෙස හා වචනාර්ථයෙන් කියවීමෙන් සෑහීමකට පත් නොවී ඊට වඩා වැඩි තවත් යමක් සෙව්වේය. ඒ වයසේදී පවා ගැඹුරු අර්ථකථන සෙවීය. එහිදී දේවානුභාවයෙන් ලබා දෙන ලද ශුද්ධලියවිලිවල  අභ්‍යන්තර අර්ථය ගැන ප්‍රශ්න කරමින් ඔහු පියාට කරදර කළේය. ශුද්ධලියවිල්ල. ඔහුගේ පියා ඔහුට බැණ වදින ලෙස මවාපාමින්, ඔහුගේ වයසින් ඔබ්බට කාරණා නොසොයන ලෙසත්, නැතිනම් පැහැදිලිවම පෙනෙන අර්ථය හැරුණු විට වෙනත් අර්ථයක් නොසොයන ලෙසත් උපදෙස් දෙනු ඇත. එහෙත් ඔහු පෞද්ගලිකව ඒ පිළිබඳ සතුටු වූ අතර එවැනි පුතෙකුගේ පියෙකු වීමට තමා සුදුසු යැයි සිතීම ගැන දෙවියන් වහන්සේට ස්තුති කළේය. ඔහු බොහෝ විට නිදා සිටින පිරිමි ළමයා අසළ සිටගෙන ඔහුගේ ළයෙහි එහි දිව්‍යමය ආත්මයකින් පිරී ඇත්තාක් සේ එය ගෞරවාන්විතව සිපගත් බව කියනු ලැබේ. ඔහුගේ බලාපොරොත්තු සහිත පරම්පරාව තුළ තමා ආශීර්වාද ලත් අයෙකු සේ ඔහු සැලකුවේය. 

එහෙත් ඔහුගේ පියා වේදසාක්ෂික මරණය විඳීමෙන් සම්පූර්ණත්වයට පත් වූ අවස්ථාවේදී, ඔහුට වයස අවුරුදු දාහතක්වත් නොවීය. එවිට ඔහුගේ මව සහ බාල සහෝදරයන් හය දෙනෙකු සමග ඔහු අසරණ විය. ඔහුගේ පියාගේ දේපළ අධිරාජ්‍යයේ භාණ්ඩාගාරය සඳහා රාජසන්තක කරන ලදී. එසේ ඔහුගේ පවුලේ ජීවන අවශ්‍යතා සපුරා ගැනීමේ මාර්ගයක් නැති විය. එහෙත් දිව්‍යමය උපකාරය කරණකොටගෙන ඔහු එවකට ඇලෙක්සැන්ඩ්‍රියාවේ සිටි ප්‍රසිද්ධ මිථ්‍යාදෘෂ්ටිකයෙකුට කැප වූ ඉතා ධනවත් හා කීර්තිමත් කාන්තාවකගේ නිවසට  පිළිගනු ලැබුවේය. එම කාන්තාව ඔහු  [එනම් මිථ්‍යාදෘෂ්ටිකයා] ඇගේ හදාගත් පුත්‍රයා ලෙස ඇගේ නිවසේ තබා ගත්තාය. ඔහු උපතින් අන්තියෝකියානු ජාතිකයෙක් විය. ඔහුට විශේෂ අනුග්‍රහයක් ලබා දෙන ලදී. තරුණ ඔරිජන්  ඔහු සමග ඇසුරු කිරීමට  අකමැති වුවද, ඔහු ඇදහිල්ලේ තමාගේම සාම්ප්‍රදායිකත්වය පිළිබඳ පැහැදිලි සාක්ෂි ලබා දුන්නේය. මිථ්‍යාදෘෂ්ටික ජනතාව – අපේම සෙනඟ පවා – පාවුලුගේ (එය ඔහුගේ නම විය) කතා ඇසීමට රැස්ව සිටියෝය. ඔහුගේ කථිකත්වයට ආකර්ෂණය වූ නමුත්, කුඩා කල සිටම සභාවේ නීතියට එකඟ වෙමින් සහ  සියලුම මිථ්‍යාදෘෂ්ටික ඉගැන්වීම් පිළිකුල් කරමින් (ඔරිජන්ගේම වචනය) ඔහුගේ යාච්ඤාවට ඔහු හා එක්වීමට ඔරිජන්  කිසි විටෙක පොලඹවාගත නොහැකි විය.ඔහුගේ පියා ලෞකික අධ්‍යාපනයේ ඔහුගේ ප්‍රගතිය පෝෂණය කළේය. එසේම ඔහුගේ [පියාගේ] මරණයෙන් පසුව ඔහු කෙතරම් උනන්දුවෙන් මානව ශාස්ත්‍රය පිළිබඳ හභා ගියේද කිවහොත්, ඉක්මනින්ම ඔහුගේ තරුණ වියේදීම ඔහු උසස් ජීවන තත්වයක් භුක්ති වින්දේය.

3. ඔහු ඉගෙනගන්නා කාලයේදීම –  සියලු දෙනාම පීඩාව නිසා වන තර්ජන හේතුවෙන් පලා ගොස් සිටි බැවින් – ඇලෙක්සැන්ඩ්‍රියාවේ කැටකීස්ම පිළිබඳ උපදේශකයෝ නොසිටියහ. සමහර අන්‍යජාතිකයෝ දෙවියන් වහන්සේගේ වචනය ඇසීමට ඔහු වෙත පැමිණියහ. මෙයින් පළමුවැන්නා වූයේ ප්ලූටාර්ක්ය. ඔහුගේ උතුම් ජීවිතය වේදසාක්ෂික මරණයෙන්  සැරසී අවසන් විය. දෙවැන්නා වූයේ ප්ලූටාර්ක්ගේ සහෝදරයා වූ හෙරක්ලස්ය. ඔහු  දිමෙට්‍රියස්ගෙන් පසුව ඇලෙක්සැන්ඩ්‍රියාවේ රදගුරු පදවියට පත් වූ විනයගරුක, දාර්ශනික ජීවිතය පිළිබඳ කැපී පෙනෙන ආදර්ශවත් අයෙකු විය. ඔරිජන් කැටකීස්ම පාසලේ ප්‍රධානියා බවට පත් වන විට, ඔහුගේ දහඅට වන වියේ පසු වූ අතර, ඇලෙක්සැන්ඩ්‍රියාවේ ආණ්ඩුකාරයා වූ අකිලා යටතේ හිංසා පීඩාවලදී දන්නා සහ නොදන්නා සියලුම ශුද්ධ වූ වේදසාක්ෂික මරණය විඳි අයට   ඔහු  උනන්දුවෙන් උපකාර කිරීම නිසා ඔහු ප්‍රසිද්ධියට පත් විය. මන්ද, ඔහු සිරගෙදර හෝ උසාවියේදී අවසාන දඬුවම දක්වා පමණක් නොව,  නමුත් ඔවුන් මරණයට ගෙන යන විට පවා ඔවුන් සමග සිටියේය.  ඔහු නිර්භීතව ඔවුන් වෙතට ගොස් ඔවුන්  සිපගත්තේය.   බොහෝ විට අවට සිටි  අන්‍යජාතික මැර පිරිසක් ඔහුට ගල් ගැසීමට ආසන්න වූ නමුත් දිව්‍යමය දකුණු අතින් ඔහුගේ අසාමාන්‍ය පලායාම සංවිධානය කර තිබිණි.

ක්‍රිස්තුස් වහන්සේගේ වචනය කෙරෙහි ඔහුගේ නිර්භීත උද්‍යෝගය නිසා කුමන්ත්‍රණකරුවන් ඔහු  ඉලක්ක කරගත් වෙනත් අවස්ථාවලදී මෙම ස්වර්ගීය කරුණා අනුග්‍රහයම ඔහු  නැවත නැවතත් ආරක්ෂා කළේය.  ඔහුට විරුද්ධව නොඇදහිලිවන්තයන්ගේ යුද්ධය කොතරම් විශාල වීද යත් ඔහු පාරිශුද්ධ ඇදහිල්ලට උපදෙස් දුන් අයගේ සංඛ්‍යාව ගණනින් වැඩි නිසා  ඔහුගේ නිවස වටා සොල්දාදුවන් යොදවා තිබුණි. දිනෙන් දින ඔහුට එල්ල වූ පීඩාව වඩාත් උණුසුම් වූ අතර ඔහුට නගරයේ රැඳීමට ඉඩක් නොතිබුණි. ඔහු ගෙයින් ගෙට ගියේය. ඔහුගේ කාර්යන් නිසා සංවර්තනය වූ අය බොහෝ වූ හෙයින් සැම පැත්තකින්ම ඔහුගෙන් පළිගැනීම පිණිස  බලපෑම් ඇති විය. එයට හේතු වූයේ ඔහුගේ හැසිරීම ඔහුගේ වඩාත්ම අව්‍යාජ දර්ශනය විස්මිත ආකාරයෙන් පිළිබිඹු කළ නිසාය. ඔහුගේ ක්‍රියාවන් ඔහුගේ වචනවලට එකඟ වූ අතර, ඔහුගේ වචන ඔහුගේ ක්‍රියාවන්ට ගැළපුණි යන කියමනට අනුව, දෙවියන් වහන්සේ යටතේ, ඔහු බොහෝ දෙනෙකුට ඔහුගේ උද්යෝගය බෙදා ගැනීමට හේතු වූයේ මන්ද යන්න පැහැදිලි කෙරෙයි.

සභාවේ නායකයෙකු වූ දෙමෙත්‍රියස් ඔහුට තනිවම කැටකීස්ම පාසල භාර දී තිබුණත්, තව තවත් සිසුන් ඔහු වෙත ඇදී එන විට, ඔහු [ඔරිජන්] සාහිත්‍යය ඉගැන්වීම දේවධර්ම අධ්‍යයනයට නොගැළපෙන බව තීරණය කළේය. එබැවින් ඔහු සාහිත්‍යය පිළිබඳ දේශන ශුද්ධ අධ්‍යයනයන්ට බාධා කරන නිෂ්ඵල දෙයක් ලෙස  නතර කළේය. ඉන්පසුව, ඔහු අන් අයගේ උපකාරයෙන් නොයැපෙනෙ පිණිස,  ඔහු තමා අගය කළ ඔහු වෙත තිබූ  පැරණි සාහිත්‍ය වෙළුම් සියල්ලම ඉවත් කළේය. ගැනුම්කරු ඔහුට දිනකට එම රටේ භාවිතාවන මුදලින් ඔබෝල් [obols] හතරක් ගෙවන්නේ නම් ඉන් සෑහීමකට පත් විය.

ඔහු වසර ගණනාවක් පුරාවට ඔහු දාර්ශනික ජීවිතයක් ගත කළේය. එසේ තරුණ වියේ කාම තෘෂ්ණාවන් සඳහා වන සියලු උත්තේජකයන් ඉවත් කර, දිවා කාලයේ එම දුෂ්කර කාර්යය ඉටු කරමින් තමාම   හික්මවාගෙන,  රාත්‍රියේ වැඩි කාලයක් දිව්‍යමය ග්‍රන්ථ අධ්‍යයනය කරමින් කාලය ගත කළේය. සමහර විට ඔහු නිරාහාරව සිටියේය. තවත් විටෙක ඔහු නිදා ගැනීමට ඇති කාලය සීමා කළේය. ඔහු නිදාගත්තේ බිමය. කිසි විටෙකත් ඇඳේ නිදාගත්තේ නැත. ඒ සියල්ලටම වඩා, තමාට කබා දෙකක් තබා නොගන්න, නැතිනම් පාවහන් නොපලඳින්න නැතිනම් අනාගතය ගැන කරදර නොවන්න යයි අපෙන් ඉල්ලා සිටින ගැලවුම්කරුවාණණ් වහන්සේගේ කියමන් පැවැත්විය යුතු බව ඔහුට හැඟී ගියේය. සීතල, ඇඳුම් නොමැතිකම සහ අන්ත දුගී බව විඳ දරාගැනීමෙන් ඔහු තම අනුගාමිකයින් මවිතයට පත් කළ අතර, ඔවුහු තමගේ බඩු භාණ්ඩ බෙදා ගන්නා ලෙස ඔහුගෙන් ඉල්ලා සිටියෝය. එහෙත් ඔහු නැමුණේ නැත: වසර ගණනාවක් ඔහු පාවහන් නොමැතිව ඇවිදගෙන ගිය බවත්, වයින් බීමෙන් සහ අවශ්‍ය ආහාර ගැනීමෙන් වැළකී සිටි බවත්, එම නිසා ඔහු සැබවින්ම ඔහුගේ සෞඛ්‍යය අවදානමට ලක් කරගත් බවත් පැවසේ. 

මේ ආකාරයෙන් දාර්ශනික ජීවිතය තමාගේ ජීවිතයෙන්  විදහා දැක්වීමෙන්, ඔහු තම ශිෂ්‍යයින් විශාල සංඛ්‍යාවකට ඒ හා සමාන උද්යෝගයක් ඇති වීම උදෙසා පෙලඹවූ අතර, සමහර නොඇදහිලිවන්ත අන්‍යජාතිකයන්, විද්වතුන් සහ දාර්ශනිකයන් පවා දිව්‍යමය වචනය විශ්වාස කිරීම පිණිස ඔහු දිනා ගත්තේය. ඔවුහු දිව්‍යමය වචනය විශ්වාස කළ, වර්තමාන පීඩාවන් තුළ කැපී පෙනෙන ක්‍රියා කළ සහ අත්අඩංගුවට පත් වී වේදසාක්ෂික මරණයෙන් පවා සම්පූර්ණත්වයට පත් වූහ.   

වේදසාක්ෂික ශිෂ්‍යයන් 

4.  මෙයින් පළමුවැන්නා වූයේ මා කලින් සඳහන් කළ ප්ලූටාර්ක්ය. ඔහු [ප්ලූටාර්ක්] ඔහුගේ මරණය සඳහා ගෙන යන විට ඔරිජන් ඔහුගේ මරණයට වගකිව යුතු ලෙසින් ඔහු සමග ගියේය. එහෙත් නැවත වරක් ඔහු දෙවියන් වහන්සේගේ කැමැත්ත කරණකොටගෙන බේරී ගියේය. වේදසාක්ෂකයෙකු ලෙස මිය ගිය ඔරිජන්ගේ දෙවන ශිෂ්‍යයා වූයේ ගින්නෙන් තම ඇදහිල්ල ඔප්පු කළ සෙරීනස්ය. එම පාසලේම හෙරක්ලයිඩ්, තුන්වන වේදසාක්ෂිකවරයා වූ අතර, හීරෝ සිව්වැන්නා විය. කලින් සඳහන් කළ තැනැත්තා මෑතකදී ඇදහිල්ලට පැමිණි අයෙකු විය.  දෙවැන්නා මෑතකදී බෞතීස්ම වූ අයෙකු විය. දෙදෙනාගේම හිස ගසා දමන ලදී. මොවුන්ට අමතරව, එම පාසලේම පස්වන සාමාජිකයෙකුද භක්තියේ ශූරයෙකු ලෙස ප්‍රකාශයට පත් කරන ලදී: එනම් වේදසාක්ෂික මරණයට පත් විය. තවත් සෙරීනස් නමැත්තෙකු, මහත් වූ වධ හිංසා විඳ දරා ගැනීමෙන් පසුව, හිස කපා දමා මරණයට පත් කරන ලදී. කාන්තාවන් අතර, තවමත් බෞතීස්මය ලැබීම සඳහා උපදෙස් ලබමින් සිටි  හෙරේයිස්, ඔරිජන් විසින්ම පවසන පරිදි “ගින්නෙන් බෞතීස්මය” ලබා ගත් අතර, එසේ ඇයගේ ජීවිතය අවසන් විය. ඇගේ ජීවිතය අවසන් විය.

5.  හත්වැනියා වූයේ සුප්‍රසිද්ධ පොටමියානා  ඝාතනය කිරීමට ගෙන ගිය බැසිලිඩිස්ය. මෙම කාන්තාවගේ ප්‍රශංසාව අද දක්වාම ඇගේ ජනතාව අතර දෝංකාර දෙයි. මන්ද ඇගේ මනසේ සහ ශරීරයේ සුන්දරත්වය ඉතා මහත් නිසා,   ඇගේ නිර්මලත්වය සහ කන්‍යාභාවය ආරක්ෂා කිරීම සඳහා ඇයට නින්දා අපහාස කිරීමට පැමිණි පෙම්වතුන් සමග නොකඩවා අරගල කිරීමට ඇයට සිදු විය. විස්තර කළ නොහැකි තරම් දරුණු වධ බන්ධනවලට මුහුණ දීමෙන් පසුව, ඇය සහ ඇගේ මව වන මාර්සෙලා වේදසාක්ෂිකයින් ලෙස ගින්නෙන් දවා දමනු ලදුව  සම්පූර්ණත්වයට පත් වූහ. විනිසුරුවරිය වූ අකිලා ඇගේ මුළු සිරුරටම දරුණු වධ හිංසා පමුණුවා අවසානයේ ඇය ග්ලැඩියේටර්වරුන්ට භාර දෙන බවට තර්ජනය කළ බව පැවසේ. ඇයගේ තීරණය කුමක්දැයි විමසූ විට, ඇය මොහොතක් කල්පනා කර ඔවුන්ගේ ආගම පැකිළීමට හේතු වන පිළිතුරක් දුන්නාය. ක්ෂණිකවම ඇයට දඬුවම් නියම වූ අතර, බැසිලිඩීස් නම් සොල්දාදුවෙක් ඇය මරණ දණ්ඩනය දෙන පිණිස රැගෙන ගියේය. එහෙත් සමූහයා ඇයට අසභ්‍ය වචනවලින් බැන වදිමින් හිරිහැර කිරීමට හා අපහාස කිරීමට උත්සාහ කළ විට ඇය කෙරෙහි දැඩි අනුකම්පාව සහ කරුණාව පෙන්වමින් ඔහු ඔවුන් පසුපසට තල්ලු කර එළවා දැමුවේය. ඇය ඔහුගේ අනුකම්පාව පිළිගෙන ඇය පිටත්ව ගිය පසු ඔහු වෙනුවෙන් තම ස්වාමින් වහන්සේගෙන් අයැද සිටින බවටත්, වැඩි කල් යන්නට මත්තෙන් ඔහු ඇය වෙනුවෙන් කළ සියල්ල වෙනුවෙන් ඔහුට ආපසු කෘතගුණ දක්වන බවටත් පොරොන්දු වෙමින් ඔහු දිරිමත් කළාය. මෙසේ කියමින් හිසේ සිට දෙපතුල දක්වා සිරුරේ විවිධ කොටස් මත උතුරන තාර සෙමින් සෙමින් බිංදු බිංදු වක්කරද්දී ඇය සිය අවසානය උදාර ලෙස විඳ දරා ගත්තාය. මේ දක්‍ෂ දැරිය දිනාගත් තරගය  එබඳු විය. එම සිදුවීමෙන් පසුව වැඩි කල් නොගොස් ඔහුගේ සොල්දාදු සගයෙකු කිසියම් හේතුවක් නිසා, බැසිලිඩීස්ගෙන්  දිවුරුම් දීමට ඉල්ලා සිටියේය. එහෙත් ඔහු කිතුනුවෙකු ලෙස තමාට දිවුරුම් දීම සපුරා තහනම් බව එය විවෘතව ප්‍රකාශ කරමින්  කියා සිටියේය. මුලදී ඔවුන් සිතුවේ ඔහු විහිළුවක් කරන බවයි. එහෙත් ඔහු එය නොකඩවම තහවුරු කළ විට, ඔවුහු ඔහු  විනිසුරුවරයා ඉදිරියට ගෙන ගියහ. එහිදී ඔහු ඔහුගේ විශ්වාසයන් තහවුරු කළ විට විනිසුරුවරයා ඔහු  සිරගෙට යැවීය. දෙවියන් වහන්සේ තුළ සිටින ඔහුගේ සොහොයුරෝ ඔහු වෙත ගොස් මෙම හදිසි ඇදහිය නොහැකි නැඹුරුවීමට හේතුව කුමක්දැයි විමසූහ. පොටමියානා වේදසාක්ෂික මරණයට පත් වීමෙන් දින තුනකට පසුව රාත්‍රියේ ඔහුට දර්ශනය වූ බවත්,   ඇය ඔහුගේ හිසෙහි   ඔටුන්නක් පැලඳවූ බවත්, ඇය  ඔහු වෙනුවෙන් ස්වාමින් වහන්සේට යාච්ඤා කළ බව පැවසූ බවත්, උන් වහන්සේගෙන් ඇගේ ඉල්ලීම ලැබුණු බවත්, එසේම  ඇය වැඩි කල් නොගොස් ඔහු  තමා වෙතට ගෙන යන බවත් පැවසූ බව වාර්තා වේ. ඇත.  මේ අවස්ථාවේදී සහෝදරයෝ ඔහුට [බෞතීස්මයේදී] ස්වාමීන් වහන්සේගේ මුද්‍රාව ප්‍රදානය කළහ.  ඊළඟ දවසේ ඔහු ස්වාමින් වහන්සේ වෙනුවෙන් උතුම් සාක්ෂියක් ලබා දී හිස ගසා දමනු ලැබ මරණයට පත් විය. ඇලෙක්සැන්ඩ්‍රියාවේ තවත් බොහෝ දෙනෙකු හදිසියේම ක්‍රිස්තුස් වහන්සේ වෙතට පැමිණියේ පොටමියානා ඔවුන්ට සිහිනෙන් දර්ශනය වී ආරාධනා කළ නිසා බව ඔවුහු පවසති.

ඇලෙක්සැන්ඩ්‍රියාවේ ක්ලෙමන්ට් සහ ජූඩ්

6. පැන්ටේනස්ට පසුව ක්ලෙමන්ට් අනුප්‍රාප්තිකයා ලෙස පත් විය. ඔහු ඇලෙක්සැන්ඩ්‍රියාවේ පාසල බොහෝ කලක්එ නම් ඔරිජන් එහි ශිෂ්‍යයෙකු වන තුරුම මෙහෙයවීය. ඔහු ඔහුගේ Miscellanies පොත ලියූ විට, එහි 1 වන වෙළුමේ කාලානුක්‍රමික වගුවක් සකස් කළේය. එහිදී කොමෝඩස්ගේ මරණය දක්වා ගනිමින්  ඔහු දින වකවානු මූලික වශයෙන් සඳහන් කරයි. එසේ නම්, ඔහු මෙහි දැනට විස්තර කර ඇති කාල වකවානුව වන [සෙප්ටිමස්] සෙවේරස්ගේ කාලයේදී ලියූ බව පැහැදිලිය.

7.  මේ කාලයේදීද, තවත් කතුවරයෙකු වූ ජූඩ්, දානියෙල්ගේ පොතේ සඳහන් සති හැත්තෑව පිළිබඳ නිබන්ධනයක් රචනා කළේය. එහි සෙවේරස්ගේ පාලන සමයේ දසවන වර්ෂයේදී ඔහුගේ වාර්තාව අවසන් කර ඇත. බොහෝ සේ සාකච්ඡාවට ලක් කරන ලද අන්තක්‍රිස්තුස්ගේ ආගමනය ආසන්න බව ඔහු විශ්වාස කළේය. එම නිසා එම කාලය තුළ ඇති වූ පීඩා බොහෝ දෙනෙකුගේ මනස නොසන්සුන් කළේය.

ඔරිජන්ගේ වෘෂණ ඉවත් කිරීම (Origen’s Orchiectomy)

 

8.  මේ කාලයේ ඔරිජන් ඇලෙක්සැන්ඩ්‍රියාවේ උගන්වමින් සිටියදී, ඔහු තරුණ හා නොමේරූ මනස සම්බන්ධයෙන් මෙන්ම ඔහුගේ ඇදහිල්ල සහ ආත්ම දමනය ප්‍රමාණවත් සාක්ෂියක් ලබා දුන් කාරණයක් සිදු කළේය. “ස්වර්ග රාජ්‍යය උදෙසා නපුංසකයන් බවට පත් කරගත් අය සිටිති” [මතෙව් 19:12] යන්න වචනානුසාරයේ හා විකාරරූපී අදහසකි. එසේ ඔහු ගැලවුම්කරුවාණන් වහන්සේගේ වචන සම්පූර්ණ කිරීමටත් නොඇදහිලිවන්තයන්ගේ පැත්තෙන් සියලු අපවාද වැළැක්වීමටත් උනන්දු විය (මන්ද ඔහුගේ තරුණ වියේදීත්, ඔහු කාන්තාවන් මෙන්ම පුරුෂයින් ඉදිරියේ  ආගමික කාරණා සම්බන්ධයෙන් ඉදිරිපත් වූ බැවිනි). එබැවින් ඔහු ගැලවුම්කරුවාණන් වහන්සේගේ වචන ඉක්මනින් ක්‍රියාවට නංවාලීමට උත්සහා කළ අතර, ඔහුගේ බොහෝ වූ සිසුන්ගේ අවධානයට ලක් නොවී එය කිරීමට උත්සාහ කළේය. එහෙත් ඔහු කෙතරම් ප්‍රාර්ථනා කළත් ඔහුට එවැනි ක්‍රියාවක් සඟවා තබා ගැනීමට නොහැකි විය. එහි ප්‍රජාවේ මුලසුන දැරුවේ දිමෙත්‍රියස් බැවින් ඔහුට ඒ පිළිබඳ පසුව දැනගන්නට ලැබුණි. ඔහු ඔරිජ

න්ගේ හදිසි ක්‍රියාව පිළිබඳ   පුදුමයට පත්   වූ නමුත් ඔහුගේ ඇදහිල්ල සම්බන්ධයෙන් වූ සැබෑ උද්‍යෝගය අනුමත කළේය.  ඔහුට ධෛර්යවත් වන ලෙස පවසා, උපදෙස් දීමේ කාර්යයෙහි වෙන කවරදාටත් වඩා උනන්දුවෙන් යෙදෙන ලෙස ඔහු උදක්ම ඉල්ලා සිටියේය.

එකල ඔහුගේ ආකල්පය එවැනි විය. කෙසේ වෙතත්, වැඩි කල් යන්නට මත්තෙන්, ඔරිජන් සමෘද්ධිමත්, ශ්‍රේෂ්ඨ සහ සියල්ලන්ගේම ගෞරවාදරයට පාත්‍ර වූ බව, ඔහු මිනිස් දුර්වලතාවයෙන් ජය ගත් බව ඔහු දුටු විට, ලොව පුරා සිටින රදගුරුවරුන්ට එම ක්‍රියාව සාහසික ලෙස පෙන්වීමට උත්සාහ කළේය.

පලස්තීනයේ වඩාත්ම කැපී පෙනෙන, සිසේරියාවේ සහ යෙරුසලමේ රදගුරුවරුන්,  ඔහු ඉහළම ගෞරවය ලැබීමට සුදුසු යැයි සැලකූ අතර ඔහු වැඩිමහල්ලෙකු ලෙස පත් කළේය. දිමෙත්‍රියස්, ඔහුට චෝදනා කිරීමට වෙනත් හේතුවක් නොමැතිව මෙම විශ්වීය කීර්තියට එරෙහිව,  ඔහු බොහෝ කලකට පෙර පිරිමි ළමයෙකු ලෙස කළ දේ උදෙසා ඔහුට ම්ලේච්ඡ ලෙස අපහාස කළේය. එසේම ඔහු වැඩිමහල්ලෙකු ලෙස උසස් කළ අය ඔහුගේ චෝදනාවලට ඇතුළත් කිරීමට තරම් ඔහු නිර්භීත විය.

මෙය සිදු වූයේ ටික කාලයකට පසුවය. මෙහි සඳහන් කරන කාලයේදී ඔරිජන් ඇලෙක්සැන්ඩ්‍රියාවේදී රාත්‍රියේ හෝ දිවා කාලයේ ඔහු වෙත පැමිණෙන සියල්ලන් හට ශුද්ධ වූ උපදෙස් දීම සමගින් ඔහු කාර්යබහුල විය. පූජනීය අධ්‍යයන සහ ඔහුගේ සිසුන් උදෙසා ඔහුගේ මුළු කාලයම නිර්ලෝභී ලෙස ලබා දුන්නේය.

නාර්සිසස් සහ ඇලෙක්සැන්ඩර් යන රදගුරුවරුන්

සෙවේරස් අවුරුදු දහඅටක් පාලනය කිරීමෙන් පසුව, ඔහුගෙන් පසු ඔහුගේ පුත් ඇන්ටෝනිනස් [කැරාකලා] අනුප්‍රාප්තිකයා ලෙස පත් විය. මෙම කාලයේදී පීඩා අතරතුර ඇදහිල්ල පිරිමියෙකු මෙන් ප්‍රකාශ කර සිටි සහ දෙවියන් වහන්සේගේ රැකවරණයෙන් ආරක්ෂා වූ අයගෙන් කෙනෙකු වූ  ඇලෙක්සැන්ඩර් – කලින් සඳහන් කළ පරිදි යෙරුසලමේ රදගුරු පදවිය සඳහා සුදුසු යයි සිතන ලදී.  ඔහුගේ පූර්වගාමියා වූ නාර්සිසස් ඒ වන විටත් ජීවතුන් අතර සිටියේය.

9. ප්‍රජාවේ සහෝදරයන් විසින් අනුප්‍රාප්තියෙන් ලබා දුන් තොරතුරුවලට අනුව, නාර්සිසස් විසින් සිදු කරන ලද වාර්තා වී ඇති හාස්කම් පහත දැක්වේ. එක් වතාවක, පාස්කු ඉරිදා මහා රාත්‍රී යාච්ඤා කාලයේදී, උපස්ථායකයන්ට තෙල් හිඟ වූ විට සභාව දැඩි ලෙස කැලඹීමට පත් විය. මේ අවස්ථාවේදී නාර්සිසස් පහන් දල්වන අයට වතුර ඇද තමා වෙත ගෙන එන ලෙස පැවසුවේය. ඔවුන් වතුර ගෙනා විට, ඔහු ජලයට යාච්ඤා කර, ස්වාමින් වහන්සේ කෙරෙහි නිරපේක්ෂ විශ්වාසය ඇතිව එය පහන්වලට වත් කරන මෙන් ඔවුන්ට කීවේය. ඔවුන් එසේ කළ විට, සියලු හේතුවලට පරස්පර ලෙස, නමුත් දිව්‍යමය වශයෙන් වූ බලය කරණකොටගෙන එහි ස්වභාවය ජලයෙන් තෙල් බවට වෙනස් විය. එතැන් සිට මේ දක්වා එහි සිටි බොහෝ සහෝදරවරුන් ඒ ආශ්චර්යයට සාක්ෂියක් ලෙස එයින් ස්වල්පයක් සංරක්ෂණය කර තබා ඇත.

ඔහු ගැන තවත් රසවත් කතාවක් මෙසේය. සමහර නින්දිත කාලකන්නි අය, ඔහුගේ ශක්තිය සහ හෘදයසාක්ෂියට ඊර්ෂ්‍යාවෙන් සහ ඔවුන්ගේ දුෂ්ට ක්‍රියාවන් නිසා ඔවුන් විභාග කරනු ඇතැයි බියෙන්, කුමන්ත්‍රණයක් සැලසුම් කර ඔහුට එරෙහිව නින්දිත අපහාස පතුරවමින් මෙය වළක්වා ගැනීමට උත්සාහ කළහ. පසුව, ඔවුන්ගේ අසන්නන්ට ඒත්තු ගැන්වීම සඳහා, ඔවුහු දිවුරුම් දීමෙන් ඔවුන්ගේ චෝදනාවලට උපකාර කළහ. එක් අයෙක් දිවුරා මෙසේ කීවේය: “[මෙය සත්‍ය නොවේ නම්], මා  ගින්නෙන් විනාශ වේවා!” තවත් එක්කෙනෙක් මෙසේ කීය: “මගේ ශරීරය දරුණු රෝගයකින් විනාශ වේවා!” තුන්වැන්නෙක් මෙසේ පැවසීය: “මා අන්ධ වේවා!” එහෙත්, ඔවුන් දිවුරන කල විශ්වාසවන්ත කිසිවෙකුත් ඔවුන් කෙරෙහි අවධානය යොමු කළේ නැත. මන්ද නාර්සිසස්ගේ ඍජු බව සහ ගුණවත් ජීවන රටාව සියලු දෙනා දැනගෙන සිටි බැවිනි. එසේ වුවද, ඔවුන්ගේ පිළිකුල් සහගත චෝදනා ඔහුට ඉවසාගත නොහැකි වූ අතර, ඊට අමතරව ඔහු දිගු කලක් දාර්ශනික ජීවිතයක් ගත කිරීමට තෝරාගෙන සිටියේය. එබැවින් ඔහු සභාවේ ප්‍රජාවෙන් ඉවත් වී වසර ගණනාවක් කාන්තාරවල සහ දූරස්ථ ප්‍රදේශවල සැඟවී සිටියේය. කෙසේ වෙතත්, යුක්තියේ ශ්‍රේෂ්ඨ ඇස මෙම සිද්ධීන් කෙරෙහි නිෂ්ක්‍රීය නොවූ අතර, එම අභක්තික බොරු සාක්‍ෂිකරුවන් කෙරෙහි ඔවුන් විසින්ම බැඳීමට ලක් වී ඇති ශාපයන් ඉක්මනින්ම ගෙන ආ සේක. පළමුවැන්නා, ඔහු නවාතැන් ගෙන සිටි නිවසට කුඩා පුළිඟුවක් ඇවිළීමට වඩා වැඩි දෙයක් සිදු නොවූවත්, ඔහුගේ පවුලේ සියලු දෙනා සමග පිළිස්සී මිය ගියේය. දෙවැන්නාගේ සිරුර ඔහු දඬුවම් ලෙස නියම කළ රෝගයෙන් හිසේ සිට දෙපතුල දක්වා වැසී ගියේය.  තුන්වැන්නා අනෙක් දෙදෙනාගේ ඉරණම දැක දෙවියන් වහන්සේගේ විනිශ්චයට බියෙන් කුමන්ත්‍රණයේ ඔහුගේ කොටස ප්‍රසිද්ධියේ පාපොච්චාරණය කළේය. කෙසේ වෙතත්, ඔහුගේ පසුතැවිල්ල තුළ ඔහු නිමක් නැති කඳුළු වැගිරෙව්වේය. එසේ ඔහුගේ ඇස් දෙකම විනාශ වී ගියේය. ඔවුන්ගේ බොරුවලට මේ මිනිසුන් ගෙවූ දඬුවම එසේ විය.

10.  නාර්සිසස් පිටත්ව ගොස් සිටි නිසාත්, ඔහු සිටින්නේ කොහේද යන්න කිසිවකුත් නොදන්නා නිසාත් අසල්වැසි සභාවල ප්‍රධානිහු ඩයස් නම් තවත් රදගුරුවරයෙකු පත් කළහ. ටික කලකට පසුව, ඔහුගෙන් පසු ජර්මේනියන් සහ ඔහුගෙන් පසුව ගෝඩියස් යන අය අනුප්‍රාප්තිකයෝ ලෙස පත් වූහ. ගෝඩියස්ගේ කාලය තුළ, නාර්සිසස් නැවත ජීවනයට පැමිණියාක් මෙන් කොතැනක සිට පැමිණියේද යන්න සිතාගැනීමට නොහැකි සේ  එහි පැමිණියේය. නැවතත් සහෝදරයන් විසින් ඔහු කලින් සිටි ස්ථානයට  කැඳවනු ලැබිණි. මන්ද ඔහුගේ දාර්ශනික ජීවිතය සහ විශේෂයෙන්ම දෙවියන් වහන්සේ ඔහු නිසා පළිගත් විනිශ්චය නිසා සියල්ලන්ම ඔහු වඩාත් අගය කළ බැවිනි.

11. ඔහුට තවදුරටත් දේවසේවය කළ නොහැකි තරම් වැඩිහිටි වයසට පැමිණි විට, කලින් සඳහන් කරන ලද ඇලෙක්සැන්ඩර් එකල වෙනත් ප්‍රජාවක රදගුරුවරයා ලෙස සිටි අතර, දෙවියන් වහන්සේගේ අනුග්‍රහය කරණකොටගෙන නාර්සිසස් සමග ඒකාබද්ධ දේවසේවයකට රාත්‍රී කාලයේදී වූ එළිදරව් කිරීමක් කරණකොටගෙන කැඳවනු ලැබිණි. දිව්‍යමය වාචික ප්‍රකාශයකට මෙන් ප්‍රතිචාර දක්වමින්, ඔහු කපදෝසියාවේ සිය රදගුරු පදවියේ සිට නමස්කාර කිරීමට සහ [පූජනීය] ස්ථාන නැරඹීමට යෙරුසලමට  ගියේය. එහි සිටි ජනයා ඔහු සුහද ලෙස පිළිගත් අතර ඔහුට ආපසු යාමට ඉඩ නොදුන්හ. මන්ද ඔවුන්ගේ බැතිමතුන්ටද රාත්‍රියේ වූ එළිදරව්වක් කරණකොටගෙන ඔවුන් ගේට්ටුවෙන් පිටතට ගොස් දෙවියන් වහන්සේ ඔවුන්ගේ රදගුරුවරයා ලෙස දැනටමත් තෝරාගෙන ඇති මිනිසා පිළිගැනීමට අවශ්‍ය බව දන්වන ලද බැවිනි.  මෙය සිදු කිරීමෙන් පසුව, අසල්වැසි රදගුරුවරුන්ගේ පොදු එකඟතාවය ඇතිව ඔවුහු ඔහුට එහි රැඳී සිටීමට බල කළහ. ඇලෙක්සැන්ඩර් විසින්ම, තවමත් අප සතුව ඇති ඇන්ටිනොයිට්ස් වෙත ලිපියක් යවමින්, නාර්සිසස් ඔහු සමග රදගුරු පදවිය බෙදාගත් බව සඳහන් කරයි. එහිදී ලිපිය අවසානයේ මෙම වචන භාවිත කරයි:

අන්තියෝකියේ සෙරපියන්

සෙරපියන් මිය ගිය පසුව, ඔහු අන්තියෝකියේ රදගුරුවරයා ලෙස පීඩාවලදී නිර්භීතව [ඔහුගේ ස්වාමින් වහන්සේ ලෙස] ඇදහිල්ල ප්‍රකාශ කළ ඇස්ක්ලිපීඩිස් (Asclepiades විසින් පත් කරන ලදී. ඇලෙක්සැන්ඩර් ඔහුගේ පත්වීම ගැනද ඇන්ටියෝචිනිස් (Antiochenes) වෙත ලිපියක් යවමින් සඳහන් කරයි: යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සේවකයෙකු සහ සිරකරුවෙකු වන ඇලෙක්සැන්ඩර්, අන්තියෝකියේ ආශීර්වාද ලත් සභාවට, ස්වාමින් වහන්සේ තුළ ආචාර කරමි. මා සිරගත කරන ලද අවස්ථාවේදී දිව්‍යමය අනුශාසනා මගින් ඔහුගේ ශ්‍රේෂ්ඨ ඇදහිල්ල නිසා වඩාත්ම සුදුස්සෙකු වූ ඇස්ක්ලෙපියාඩ්ස් හට අන්තියෝකියේ ඔබගේ ශුද්ධ වූ සභාවේ රදගුරු පදවිය භාර දී ඇති බව දැනගත් විට ඔහු මගේ බැඳීම්වලදී සැහැල්ලුවක් සහ දරා ගැනීමට පහසුවක් කළේය.  

මෙම ලිපියෙහි අවසානයෙහි පෙන්වා ඇති පරිදි එය [ඇලෙක්සැන්ඩ්‍රියාවේ] ක්ලෙමන්ට් විසින් භාර දෙන ලදී:

ආදරණීය සහෝදරවරුනි, ඔබ දැනටමත් අසා ඇති සහ දැන් ඔබට දැන ගැනීමට සිටින ආශීර්වාද ලත් වැඩිමහල්ලා වන ක්ලෙමන්ට්ගේ අත මම ඔබ වෙත මෙම ලිපිය එවමි. ස්වාමින් වහන්සේගේ  උපකාරය තුළින් ඔහු මෙහි පැමිණ සිටින කාලය තුළ අපගේ සභාව ශක්තිමත් කල වැඩිදියුණු කළේය.

12.  සෙරපියන්ගේ වෙනත් ලේඛන තවමත් පවතින බව සිතිය හැකි නමුත්, මා සතුව ඇත්තේ යුදෙව්වන්ට නමස්කාර කරන ලෙස සිදු කළ හිංසා පීඩා කාලවලදී ඇදහිල්ලෙන් අහක්ව ගිය ඩොම්නස් වෙත ආමන්ත්‍රණය කරන ලද ලිපිය, සහ සභාවේ සිටින පොන්තියුස් සහ කරිකස් වෙත ලියූ ඒවා මෙන්ම වෙනත් පුද්ගලයින්ට ලියූ ලිපි සහ පේදුරුගේ ඊනියා ශුභාරංචිය (Gospel of Peter) සම්බන්ධ නිබන්ධනයක් පමණි.  රොසස්හි ප්‍රජාවේ ඇතැමුන් විෂම ඉගැන්වීම්වලට පොලඹවා ගත් එහි ඇති අසත්‍ය ප්‍රතික්ෂේප කිරීමට ඔහු මෙය ලිව්වේය. මෙම කෘතියේ එක් කොටසකින් පොත කෙරෙහි ඇති ඔහුගේ ආකල්පය නිරූපණය කෙරෙයි:

ආදරණීය සහෝදරවරුනි, අපි පේදුරු සහ අනෙකුත් ප්‍රේරිතයන් ක්‍රිස්තුස් වහන්සේ ලෙස පිළිගන්නෙමු. එහෙත් ව්‍යාජ ලෙස ඔවුන්ට ආරෝපණය කරන ලද ලේඛන, එවැන්නක් අපට භාර නොදුන් බව දැනගෙන අපි ඒවා ප්‍රතික්ෂේප කරන්නෙමු.   මා ඔබ වෙත පැමිණි විට, ඔබ සියලු දෙනාම සැබෑ ඇදහිල්ලට ඇලී සිටින බව මම කල්පනා කළෙමි. එබැවින් ඔවුන් විසින් පේදුරුගේ  යැයි කියනු ලබන “ශුභාරංචිය” යනුවෙන් පවසනවා වෙනුවට, මම මෙසේ කීවෙමි: “ඔවුන් අතර වචන සම්බන්ධ සවසමින් සුළු කාරණා සම්බන්ධ තර්ක කිරීමේ සංකල්පය ඇති කරන එකම දෙය මෙය නම්, ඔබ මෙය කියවන්න.” එහෙත් ඔවුන් කිසියම් මිථ්‍යාදෘෂ්ටියකට හසු වී ඇති බව මට දැන් දැනගන්නට ලැබෙන බැවින්, මම නැවත ඔබ හමුවීමට උත්සාහ කරමි. එබැවින් සහෝදරවරුනි ඉක්මනින්ම මා හමු වීමට බලාපොරොත්තු වන්න. මැක්‍රියන්ගේ ඔහු පවසන්නේ කුමක්දැයි නොදැන ඔහු තමාටම ප්‍රතිවිරුද්ධ කාරණා කතා කරන නමුත් ඔහුගේ මිථ්‍යාදෘෂ්ටිය මට පැහැදිලි විය,   තවත් අය මෙම “ශුභාරංචිය” අධ්‍යයනය කර ඇත. එනම්, අප විසින් ඩොසිටයිට්ස්වරුන් (Docetists) ලෙස හඳුන්වනු ලබන, එය නිර්මාණය කළ අයගේ අනුප්‍රාප්තිකයන්ගේ අදහස් ඔවුන්ගේ ඉගැන්වීම් පිළිබිඹු කරන බැවිනි. මම පොත කියවා එහි වැඩි කොටසක් ගැලවුම්කරුවාණන් වහන්සේගේ අව්‍යාජ ඉගැන්වීමට එකඟ වන බව නිගමනය කර ඇත්තෙමි. එහෙත් සමහර [ව්‍යාජ] එකතු කිරීම් ඔබගේ ප්‍රයෝජනය සඳහා පහතින් අමුණා ඇත.

ඇලෙක්සැන්ඩ්‍රියාවේ ක්ලෙමන්ට්

13.  ක්ලෙමන්ට්ගේ ලේඛනවලින්, Miscellanies නම් වූ පොත් අටම මා සතුව ඇත. ඔහු එය Titus Flavius Clement’s Miscellanies on the Knowledge of the True Philosophy යනුවෙන් නම් කර ඇත.  එසේම ඔහුගේ Outlines පොතේ වෙළුම් අටක් පවතී. එහි ඔහු තමාගේ ගුරුවරයා ලෙස පැන්ටේනස්ගේ (Pantaenus) නම සඳහන් කර ඇති අතර, ශුද්ධලියවිල්ලේ පිළිබඳ මෙන්ම සම්ප්‍රදායික කාරණා සම්බන්ධයෙන්ද ඔහුගේ අර්ථ නිරූපණයන් පැහැදිලි කරයි. ඔහු ග්‍රීක්වරුන්ට අනුශාසනාවක්ද, Paedagogus The Rich Man Who Finds Salvation (පේඩගෝගස්, ගැලවීම සොයා ගන්නා ධනවතා) නමින් ග්‍රන්ථ තුනක්ද,  පාස්කු උත්සවය පිළිබඳ නිබන්ධනයක්ද, නිරාහාරව සිටීම සහ අපහාස කිරීම පිළිබඳ දේශනද, විඳ දරාගැනීමට ධෛර්ය දීම හෝ අලුතින් බෞතීස්මය වූ අය උදෙසා යන මාතෘකාවෙන් යුත් පොතක්ද, ඔහු කලින් සඳහන් කළ රදගුරු ඇලෙක්සැන්ඩර්ට කැප කළ Ecclesiastical Canon or Against the Judaizers (සභාවේ කැනනය නැතිනම් යුදෙව්වාදීන්ට එරෙහිව) නම් වූ පොතක්ද ලිවීය.

Miscellanies පොතෙහි ඔහු දිව්‍යමය ශුද්ධලියවිල්ලේ නිර්මාණය පිළිබඳ සැකිල්ලක් සහ ග්‍රීක ලේඛනවලින් ප්‍රයෝජනවත් යැයි ඔහුට හැඟෙන ඕනෑම දෙයක් සම්බන්ධ ලියා ඇත.   ඔහු ග්‍රීකයින්ගේ සහ ග්‍රීක නොවන අයගේ අදහස් එක සේ සඳහන් කරන අතර, පුළුල් ඓතිහාසික සන්දර්භයක් ඇතුළත් කරමින් මිථ්‍යාදෘෂ්ටිකයන්ගේ වැරදි අදහස් පවා නිවැරදි කරමින් විශිෂ්ට පාණ්ඩිත්‍වයකින් යුත් කෘතියක් අපට ලබා දෙයි. ඔහු කෘතියේ මාතෘකාව වන Miscellanies යන්න සාධාරණීකරණය කිරීමට වඩා මෙම මිශ්‍රණයට දාර්ශනිකයන්ගේ ශික්ෂා පදද එකුතු කරයි. ඔහු මතභේදයට තුඩු දී ඇති පහත දැක්වෙන ලේඛනවලින්ද සාක්ෂි ඇතුළත් කර ඇත: සලමොන්ගේ ප්‍රඥාව, සිරාක්ගේ පුත් යේසුස් වහන්සේගේ ප්‍රඥාව, හෙබ්‍රෙව්වරුන්ට ලියෙන ලද හසුන් පත්‍රය, සහ බාර්ණබස්ගේ, ක්ලෙමන්ට් සහ ජූද්ගේ යැවුම් පත්‍ර. ඔහු ටේෂියන්ගේ Against the Greeks (ග්‍රීකයන්ට එරෙහිව) සහ කාලානුක්‍රමය ලියූ කැසියන් ගැන සඳහන් කරයි. එමෙන්ම ෆිලෝ, ඇරිස්ටෝබුලස්, ජොසීෆස්, දිමෙත්‍රියස් සහ යුපොලෙමස් යන යුදෙව් ලේඛකයන්ගේ ලේඛනවලින් ගෙන හැර දක්වමින් මෝසෙස් සහ යුදෙව් ජාතිය ග්‍රීකයන්ට වඩා පැරණි  සම්භවයක් ඇති බව පෙන්නුම් කරයි. මෙම කෘතියේ 1 වන පොතෙහි ඔහු ප්‍රේරිතයන්ගේ අනුප්‍රාප්තිකයෙකු බව ප්‍රකාශ කරයි. එහිදී ඔහු උත්පත්ති පිළිබඳ විවරණයක් ලිවීමටද පොරොන්දු වෙයි.

On the Paschal Festival (පාස්කු උත්සවය) යන ඔහුගේ පොතේ, ඔහු පසුව එන පරම්පරාවන්ට ප්‍රයෝජනය පිණිස පැරණි වැඩිහිටියන්ගෙන් ඇසූ සම්ප්‍රදායන් ලිඛිතව සඳහන් කර තබන ලෙස මිතුරන් ඔහුගෙන් තරයේ ඉල්ලා සිටි බව පවසයි. ඔහු මෙලිටෝ, ඉරනේයස් සහ වෙනත් අය ගැන සඳහන් කරන අතර, ඔවුන්ගේ ප්‍රකාශයන් ඔහු උපුටා දක්වා ඇත.

14. Outlines (දළ සටහන්) පොතේ ඔහු සියලුම කැනොනිකරණය (සම්මත ශුද්ධලියවිලි) වූ ශුද්ධලියවිලි මෙන්ම මතභේදයට තුඩු දී ඇති ලියවිලි, එනම් ජූද්ගේ ලිපි සහ අනෙකුත් කතෝලික ලිපි, බාර්ණබස්ගේ ලිපිය සහ ඊනියා පේතෘස්ගේ එළිදරව්ව පිළිබඳ කෙටි පැහැදිලි කිරීම් ලබා දී ඇත. හෙබ්‍රෙව්වරුන්ට ලියූ ලිපිය ඔහු පාවුල්ට ආරෝපණය කරන අතර, එය හෙබ්‍රෙව්වරුන් උදෙසා හෙබ්‍රෙව් භාෂාවෙන් ලියා පසුව ග්‍රීක්වරුන් උදෙසා ලූක් විසින් පරිස්සමින් පරිවර්තනය කළ බව පවසයි. එබැවින් පරිවර්තනයෙහි ක්‍රියා පොත හා සමාන ශෛලියක් සහ වර්ණයක් ඇත. ක්ලෙමන්ට් පවසන පරිදි, “ප්‍රේරිතයෙකු වන පාවුල්” යන පෙරවදන [The prefatory] ස්වභාවිකවම ඉවත් කර ඇත.

හෙබ්‍රෙව්වරුන්ට ලියන ලද හසුන සම්බන්ධයෙන්   ඔහුට එරෙහිව අගතිය සහ  ඔහු ගැන සැක සිතීම පිළිබඳ ඔහු ඥානවන්ත ලෙස ආරම්භයේදී ඔහුගේ නම එකතු කිරීමෙන් ඔවුන් අමනාපයට පත් නොකළේය. ආශීර්වාද ලත් වැඩිමහල්ලා මෙසේ පවසා ඇත. සර්වබලධාරි දෙවියන් වහන්සේගේ අපෝස්තුළුවරයා ස්වාමින් වහන්සේ විසින් හෙබ්‍රෙව්වරුන් වෙත යවන ලද බැවින්, අන්‍යජාතීන් වෙත යවන ලද පාවුල්, ස්වාමින් වහන්සේට ගරු කරමින් සහ අන්‍යජාතීන්ට ප්‍රේරිතයෙකු ලෙස හෙබ්‍රෙව්වරුන්ට ප්‍රේරිතයෙකු ලෙස හැඩගැසීමෙන් නිහතමානීව වැළකී සිටියි. මන්ද ඔහු හෙබ්‍රෙව් හසුන ලිවීමේදී ඔහු එම ස්ථානය ගැනීමෙන් බාහිරව සිටියේය.

එම පොත්වලම, ක්ලෙමන්ට් විසින් ශුභාරංචිවල අනුපිළිවෙළ සම්බන්ධයෙන් පැරණිතම වැඩිමහල්ලන්ගේ සම්ප්‍රදායක් ඇතුළත් කර ඇත. එනම්, පෙළපත් කතා දක්වා ඇති අය මුලින්ම ලියා ඇති බවත්, මාර්ක් ආරම්භ වූයේ පහත ආකාරයට බවත් දක්වා ඇත. ආත්මයාණන් වහන්සේ කරණකොටගෙන, පේදුරු රෝමයේ ශුභාරංචිය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ විට, ඔහුගේ බොහෝ සවන්දෙන්නෝ වසර ගණනාවක් ඔහු සමග සිටිමින් ඔහු පැවසූ කාරණා මතකයේ ඇති අයෙකු ලෙස මාක් හට ඒ කාරණා සියල්ල ලියා තබන මෙන් ඉල්ලා සිටියහ.  ඔහු එසේ කළ අතර, ඔහුගෙන් ඉල්ලූ සියලු දෙනාට එහි  පිටපත් දුන්නේය. පේදුරු ඒ සම්බන්ධයෙන් දැනගත් විට ඔහු එයට විරුද්ධ වූයේ හෝ එය ප්‍රවර්ධනය කළේ හෝ නැත. අවසාන වශයෙන්, ශුභාරංචිවල බාහිර තොරතුරු වාර්තා කර ඇති බව දැනගෙන, යොහන් ආත්මයාණන් වහන්සේ විසින් දිව්‍යමය ලෙස පොලඹවන ලදුව සහ ඔහුගේ ගෝලයන් විසින් උනන්දු කරන ලදුව ආත්මික ශුභාරංචියක් රචනා කළේය.

කලින් සඳහන් කරන ලද ඇලෙක්සැන්ඩර් විසින් ඔරිජන් වෙත යවන ලද ලිපියක ක්ලෙමන්ට් පිළිබඳ මෙන්ම පැන්ටේනස් ගැන සඳහන් කරන්නේ මෙසේය:  

අපගේ මුතුන්මිත්තන්ගෙන් අපට උරුම වූ මිත්‍රත්වය නොබිඳී, උණුසුම්ව හා කල්පවත්නා ලෙස වර්ධනය වී පැවතීම  දෙවියන් වහන්සේගේ කැමැත්ත වේ. මක්නිසාද අපට පෙර සිටි පියවරුන් සමග වැඩි කල් නොගොස් අපද එකතු වන බව අපි හොඳින් දනිමුව: මගේ සැබවින්ම ආශීර්වාද ලත් ස්වාමියා වන පැන්ටේනස්, සහ මගේ ස්වාමියා සහ උපකාරකයා වන ශුද්ධ වූ ක්ලෙමන්ට්, සහ ඔවුන් වැනි අය සමග අපි එකතු වන්නෙමු. සෑම දෙයකදීම හොඳම වන සහ මගේ ස්වාමියා සහ සහෝදරයා වන ඔබ ඔවුන් තුළින් මම  දැනහඳුනා ගත්තෙමි.

ශුද්ධලියවිල්ල පිළිබඳ ඔරිජන්ගේ විශාරදභාවය

සෙපිරිනස් (Zephyrinus) රෝම සභාවේ ප්‍රධානියා ලෙස සිටින කාලයේදී, අඩමෙන්ටියස් (Adamantius) (මෙය ඔරිජන්ගේ නමද විය) “රෝමවරුන්ගේ පැරණිතම සභාව බැලීමට” ඔහු රෝමයට ගිය බව  පවසයි. එහි ටික කාලයක් ගත කිරීමෙන් පසුව, ඔහු ඇලෙක්සැන්ඩ්‍රියාවට ආපසු ගොස් උද්‍යෝගිමත් ලෙස තම ඉගැන්වීම නැවත ආරම්භ කළේය. මෙම කාර්යයේදී සහෝදරයන්ට දිගටම උදව් කරන ලෙස ඔහුගෙන් රදගුරු ඩයොනිසියස් ඉල්ලා සිටිමින්, ආයාචනා පවා කළේය.

15. එහෙත් ඔහුට දේවධර්මය ගැඹුරින් හැදෑරීමට හෝ පූජනීය ලේඛන පරීක්ෂා කිරීමට සහ පරිවර්තනය කිරීමට හෝ අවස්ථාවක් නොතිබුණි. සිසුන් කණ්ඩායමකට පසුව තවත් සිසුන්  කණ්ඩායමක් බැගින් උදේ සිට රාත්‍රිය දක්වා ඔහුගේ දේශන ශාලාවට රොක් වෙමින් සිටි අතර ඔහුට හුස්ම ගැනීමටවත් කාලයක් ලැබුණේ නැත. එබැවින් ඔහු තම සිසුන් අතරින් දක්ෂ දේවධර්මයෙහි උද්යෝගිමත් අයෙකු මෙන්ම ලෞකික දර්ශනවාදය පිළිබඳ දැනුමක් සහිත මිනිසෙකු වූ හෙරක්ලස් තෝරාගෙන ඔහු සමග ඉගැන්වීමේ කාර්යය බෙදා ගත්තේය. ඔහුට ආරම්භකයින් සඳහා හඳුන්වාදීමේ පාඩම් ඉගැන්වීම පවරා දෙනු ලැබිණි. උසස් දැනුමක් සහිත සිසුන් උදෙසා ඔහුම සේවය කළේය. 

16. ඔරිජන්ගේ දිව්‍යමය පොත් පිළිබඳ විශ්ලේෂණ කොතරම් වෙහෙසකරද වීද කිවහොත් ඔහු හෙබ්‍රෙව් භාෂාව පවා ප්‍රගුණ කළ අතර, යුදෙව්වන් අතර තවමත් සංසරණය වී පවතින මුල් හෙබ්‍රෙව් භාෂාවෙන් ලියූ පාඨ ග්‍රන්ථයක් ලබා ගත්තේය. තවද ඔහු සෙප්තුවජින්තය හැරුණු විට පූජනීය ලේඛනවල වෙනත් පරිවර්තනද සොයා බැලුවේය. එසේම අකිලා, (Aquila), සිමාකස් (Symmachus) සහ තියොඩෝෂන් (Theodotion) – යන පොදු අනුවාදවලට අමතරව – ඔහු දිගු කලක් නැති වී ගොස් තිබූ අනෙකුත් පොත් සොයාගෙන ඒවා ආලෝකයට ගෙන ආවේය. ඒවා ලිව්වේ කවුරුන්ද යන්න පිළිබඳ ඔහුට අදහසක් නොතිබූ බැවින්, ඔහු ප්‍රකාශ කළේ එක ලේඛනයක් තමා ඇක්ටියම් අසල නිකොපොලිස්හිදී සහ අනෙක් ලේඛනය ඒ හා සමාන ස්ථානයක තිබී සොයාගත් බවයි. ඔහුගේ Hexapla of the Psalms (ගීතාවලිය පිළිබඳ සයවැදෑරුම් ලේඛනයෙහි) ග්‍රන්ථයෙහි, හුරුපුරුදු සංස්කරණ හතරෙන් පසුව ඔහු ඒවාට පසුව පස්වන, හයවන සහ හත්වන පරිවර්තනයක් සිදු කළේය. මෙයින් එකක් සෙවේරස්ගේ පුත් ඇන්ටෝනිනස්ගේ [කැරකලා] පාලන සමයේදී යෙරිකෝවේ භාජනයක තිබී හමු වූ බව ඔහු සඳහන් කළේය. ඔහු මේ සියල්ල එක් වෙළුමකට ඇතුළත් කර, හෙබ්‍රෙව් පාඨයට යාබද සමාන්තර තීරුවල ඒවා දක්වා, Hexapla ලෙස හැඳින්වෙන එනම් තීරු සයක් සහිත ලේඛනයක් නිර්මාණය කළේය.   ඔහු සෙප්තුවජින්තය සමග අකිලා, සිමාකස් සහ තියොඩෝෂන්  යන අනුවාද වෙනම කෘතියක් වන ටෙට්රප්ලා (Tetrapla) ග්‍රන්ථයෙහි ඇතුළත් කළේය.

17. මෙම පරිවර්තකයින් අතරින් සිමාකස් එබියෝනියානු ජාතිකයෙකු විය. මෙම මිථ්‍යාදෘෂ්ටිය අනුගමනය කරන අය ක්‍රිස්තුස් වහන්සේ යෝසෙප් සහ මරියාගේ පුත්‍රයා වන බව පවසන අතර, උන් වහන්සේ හුදෙක් මිනිසෙකු ලෙස සලකති. කලින් සඳහන් කළ පරිදි ව්‍යවස්ථාව වඩාත් යුදෙව් ආකාරයෙන් පිළිපැදිය යුතු බවට ඔවුහු අවධාරණය කරති. මතෙව්ගේ ශුභාරංචියට විරුද්ධ වීමෙන් ඔහු මෙම මිථ්‍යාදෘෂ්ටිය දක්වන බව පෙනෙන සිමාකස්ගේ විවරණ තවමත් අප අතර පවතී. සිමාකස් විසින් ලියන ලද මෙම ග්‍රන්ථය සහ වෙනත් අර්ථකථන පොත් ඔහුට ජුලියානා නමැත්තියකගෙන් ලැබුණු බවත්, ඇයට එම පොත් සිමාකස් විසින්ම ලබා දෙන ලද බවත්  ඔරිජන් ප්‍රකාශ කරයි.

ඔරිජන් සහ මිථ්‍යාදෘෂ්ටිකයන්

18.  මේ කාලයේදී වැලන්ටිනස්ගේ මිථ්‍යාදෘෂ්ටිය අනුගමනය කළ ඇම්බ්‍රෝස්, ඔරිජන් විසින් ප්‍රකාශ කරන ලද සත්‍යය විසින් ප්‍රතික්ෂේප කරන ලදී. එසේ දැනුම ලැබීමෙන් ආලෝකවත් වූ ඔහු සභාවේ ඕතඩොක්ස් (සාධම්මික) ධර්ම නියාමක පිළිගත්තේය. ඔරිජන් සෑම තැනකම ප්‍රසිද්ධව සිටි නිසා, බොහෝ උගත්තු ශුද්ධ වූ සාහිත්‍ය ලේඛන පිළිබඳ ඔහුගේ දක්ෂතාවය පරීක්ෂා කිරීමට පැමිණියහ. බොහෝ මිථ්‍යාදෘෂ්ටිකයන් සහ වඩාත් ප්‍රමුඛ දාර්ශනිකයන් ගණනාවක් ඔහු කෙරෙහි දැඩි අවධානයක් යොමු කළ අතර, දේවධර්මය පමණක් නොව දක්ෂ සිසුහු – ඔහුගෙන් ලෞකික දර්ශනයද ඉගෙනගත්හ. ඔහු ඔවුන්ට ජ්‍යාමිතිය, ගණිතය සහ වෙනත් හඳුන්වාදීමේ විෂයයන් ඉගැන්වූ අතර පසුව ඔවුන් විවිධ දාර්ශනික ක්‍රම වෙත යොමු කර, එකින් එක දර්ශනය පිළිබඳ සාකච්ඡා කර විවේචනය කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස ග්‍රීක්වරු පවා ඔහු  ශ්‍රේෂ්ඨ දාර්ශනිකයෙකු ලෙස සැලකූහ. ශුද්ධලියවිල්ල අධ්‍යයනය කිරීම සඳහා ප්‍රයෝජනවත් මෙවලම් ලෙස ප්‍රාථමික විෂයයන් ඉගෙන ගන්නා ලෙස ඔහු දක්‍ෂතා අඩු අයගෙන් ඉල්ලා සිටියේය. ලෞකික හා දාර්ශනික අධ්‍යයනයන් ශුද්ධලියවිල්ල අධ්‍යයනය කිරීම සඳහා ප්‍රයෝජනවත් මෙවලම් බව ඔහු සොයා ගත්තේය.

ඔරිජන් පිළිබඳ අදහස්

19.  මේ සම්බන්ධයෙන් ඔහුගේ සාර්ථකත්වය පිළිබඳ සාක්ෂිකරුවන් වන්නේ සමකාලීන ග්‍රීක දාර්ශනිකයන් වන අතර ඔවුහු ඔවුන්ගේ නිබන්ධනවල ඔහු පිළිබඳ නිතර සඳහන් කරති. සමහර විට ඔවුහු තම කෘති ඔහුට කැප කළහ. නැතිනම් විවේචන සම්බන්ධයෙන් ඔහුගේ මතවලට එකඟ වූ, එය  ඔහුට ඉදිරිපත් කළහ. මීළඟට මගේම කාලයේ සිසිලියේ පදිංචි වී සිටි, අපට පහර දෙමින් ශුද්ධලියවිල්ලට සහ එහි පරිවර්තකයන්ට අපහාස කිරීමට උත්සාහ කළ පෝර්ෆිරි (Porphyry) නමැත්තෙකු විය. අපගේ ධර්ම නියාමකවලට එරෙහිව කිසිදු බරපතල චෝදනාවක් නැගීමට ඔහුට නොහැකි වූ බැවින්, තර්ක නොමැතිකම නිසා, ඔහු එහි පරිවර්තකයන් හට, විශේෂයෙන්ම ඔරිජන් හට මඩ ගසමින් අපහාසයට ලක් කළේය. ඔහු ඔරිජන් තරුණයෙකු ලෙස දැන සිටි බවත් පවසන අතර, ඔහුට අපහාස කිරීමට උත්සාහ කරයි. එහේ වූවත් නොදැනුවත්වම එම ක්‍රියාවලියේදී ඔහුට ප්‍රශංසා කරයි. ඔහු කීමට අවශ්‍යම විටක ඇත්ත පවසයි. එයින් ගැලවිය හැකි යැයි සිතන අවස්ථාවලදී අසත්‍ය පවසයි. සමහර අවස්ථාවලදී ඔරිජන් කිතුනුවෙකු බව පවසමින් ඔහුට චෝදනා කරයි. තවත් විට ඔහු දාර්ශනික අධ්‍යයනය සඳහා ඔහුගේ කැපවීම විස්තර කරයි. ඔහුගේ සැබෑ වචන මෙසේය:

යුදෙව් ශුද්ධලියවිලිවල ඇති විකාරරූපී දේ පිළිබඳ නොසලකා හැරීමට වඩා ඒ සම්බන්ධ පැහැදිලි කිරීමක් සෙවීමට උත්සාහ කිරීමේදී, ඇතැමුන් එම ශුද්ධලියවිලි සමග එකඟ කළ නොහැකි අර්ථකථනවලට යොමු වී ඇත. එහිදී අමුතු මුල් පිටපත ආරක්ෂා කිරීමට ඉදිරිපත් නොවී එහි පරිවර්තකයන්ට විකාර සහගත ලෙස ප්‍රශංසා කිරීමට ඉදිරිපත් වී ඇත. මෝසෙස්ගේ සම්පූර්ණ පැහැදිලි ප්‍රකාශයන් “ප්‍රහේලිකාවන්” බවට ඔවුහු පුරසාරම් දොඩති. එහිදී ඒවා සැඟවුණු අබිරහස්වලින් පිරුණු කථනයන් ලෙස උසස් කරන අතර ඔවුන්ගේ නිෂ්ඵලභාවයෙන් විවේචනාත්මක කුසලතාව සිත් ඇදගන්නා ලෙස දක්වති. මෙම හාස්‍යජනක ක්‍රමවේදය ආරෝපණය කළ යුත්තේ මා තරමක් තරුණ වියේදී මට හමු වූ, ඔහු විසින් ඉතිරි කර ඇති ලිපි ලේඛන නිසා විශාල කීර්තියක් ලබා ඇති සහ තවමත් කීර්තිය ලබන මිනිසෙකුටය. මම අදහස් කළේ මේ ආකාරයේ ඉගෙනීම සම්බන්ධයෙන් ගුරුවරුන් අතර ප්‍රසිද්ධ ඔරිජයන්. ඔහු අපේ කාලයේ වඩාත්ම කීර්තිමත් දාර්ශනිකයා වූ අමෝනියස්ගේ ශිෂ්‍යයෙකි. පුළුල් දැනුමක් සම්බන්ධයෙන්, ඔහු තම ස්වාමියාට බොහෝ ණයගැත. එහෙත් ජීවත් වීමට සුදුසු මාර්ගය සම්බන්ධයෙන් ඔහු ප්‍රතිවිරුද්ධ ක්‍රියාමාර්ගය ගත්තේය. මන්ද අමෝනියස් කිතුනුවෙකු ලෙස ඔහුගේ දෙමාපියන් විසින් ඇති දැඩි කරන ලදී. එහෙත් ඔහු දර්ශනය හැදෑරීමට පටන් ගත් විට, ඔහු ඉක්මනින්ම නීතිගරුක ජීවන රටාවකට යොමු විය. කෙසේ වෙතත්, ග්‍රීක චින්තනය පිළිබඳ උගත් ග්‍රීකයෙකු වන ඔරිජන්, විදේශීය මෝඩකම්වලට ඉක්මනින්ම හිස නමමින්, තමා සහ ඔහුගේ ශාස්ත්‍රීය කුසලතාවන්වලට ගිලී ගියේය. ඔහුගේ ජීවන රටාව ක්‍රිස්තියානි මෙන්ම නීතියට පටහැනි වූවක් විය. එහෙත් බාහිර කටයුතු සහ දේවත්වය පිළිබඳ ඔහුගේ අදහස්වලදී ඔහු ග්‍රීක භූමිකාව රඟදැක්වීය. එහිදී විදේශීය ප්‍රබන්ධවලට ග්‍රීක බවක් ඇති කළේය. මන්ද ඔහු නිතරම ප්ලේටෝ සමග ඇසුරු කළ අතර නියුමේනියස්, ක්‍රෝනියස්, ඇපලෝපේනස්, ලෝන්ගිනස්, මොඩරේටස්, නිකොමචස් සහ ප්‍රමුඛ පයිතගරස්වරුන්ගේ කෘති කියවා හුරුවක් තිබිණි. ඔහු ස්ටොයික් දාර්ශනිකයෙකු වූ ෂෙරේමොන් සහ කොර්නූටස් යන අයගේ පොත්වල ග්‍රීක අබිරහස් පිළිබඳ භාවිත කර ඇති පරිදි දෘෂ්ටාන්ත විවරණ අර්ථ නිරූපණ [ක්‍රමය] ඉගෙන ගත් අතර, එය යුදෙව් ශුද්ධලියවිලිවලට අදාළ කර භාවිත කළේය.

කිතුනුවන්ට එරෙහි පෝර්ෆිරිගේ නිබන්ධනයේ තුන්වන පොතේ ඔහුගේ ප්‍රකාශයන් එබඳු වේ. ඔරිජන්ගේ ඉගැන්වීම් සහ පාණ්ඩිත්වය පිළිබඳ ඔහු සත්‍යය පවසන අතර, ඔහු ග්‍රීකයන්ගෙන් පැමිණි බවත්, ඇමෝනියස් දෙවියන් වහන්සේට ගරු කරන ජීවිතයකින් හැරී මිථ්‍යාදෘෂ්ටියෙකු බවට පත් වූ බවත් පවසන විට ඔහු පැහැදිලිවම බොරු කියයි – කිතුනු දහමේ විරුද්ධවාදියා ඕනෑම දෙයක් කරනු ඇත – ඔරිජන් කලින් සඳහන් කළ පරිදි ඔහුගේ දෙමාපියන් විසින් ඔහුට උගන්වන ලද ක්‍රිස්තියානි ධර්මය තදින් අල්ලාගෙන සිටි අතර, ඇමෝනියස්ගේ ආනුභාව ලත් දර්ශනය ඔහුගේ ජීවිතයේ අවසානය දක්වාම පිරිසිදුව හා නොවෙනස් වී පැවතුණි. මේ සම්බන්ධයෙන්, තවමත් පවතින ඔහුගේ කීර්තිමත් ලේඛන සාක්ෂි දරයි. Harmony of Moses and Jesus (මෝසෙස් සහ යේසුස් වහන්සේගේ එකමුතුව) සහ රසඥයින් සතුව ඇති අනෙකුත් සියලුම කෘති නිදසුන් ලෙස දැක්විය හැකිය.

මෙය ඔරිජන්ගේ අපහාස කරන්නාගේ වරද සහ ග්‍රීක ඉගෙනීමේ ඔහුගේම විශිෂ්ට ප්‍රවීණත්වය ඔප්පු කිරීමට ඉඩ දෙන්න. ඔහුගේ ජ්වලිතය පිළිබඳ වැරදි කළ අයට එරෙහිව ඔහු පහත සඳහන් දේ ලියයි:

මම දේව වචනයෙහි සම්පූර්ණයෙන්ම ගිලී සිටි විට, මිත්‍යාදෘෂ්ටිකයන් සහ ග්‍රීක ඉගෙනීම විශේෂයෙන් දර්ශනය ඉගෙනීම පිළිබඳ හුරුපුරුදු අය යන දෙපාර්ශ්වයම ආකර්ෂණය කරගනිමින් මගේ කුසලතා පිළිබඳ වාර්තා පැතිර ගියේය. ඒ නිසා මිථ්‍යාදෘෂ්ටිකයන්ගේ අදහස් මෙන්ම ඇත්ත කතා කිරීම පිණිස දාර්ශනිකයන්ගේ ප්‍රකාශ පිළිබඳත් සොයා බලන්නට මම සිතුවෙමි. මේ සම්බන්ධයෙන් මට පෙර සිටි බොහෝ දෙනෙකුට උපකාර කළ මෙම කරුණු පිළිබඳ විශේෂඥයෙකු වූ පැන්ටේනස් (Pantaenus) සහ මා ඔහුගේ දේශනවලට සහභාගී වීමට පෙර වසර පහක් දර්ශනය පිළිබඳ ගුරුවරයෙකු සමග සිටි දැන් ඇලෙක්සැන්ඩ්‍රියාවේ වැඩිමහල්ලෙකු වන හෙරක්ලාස් (Heraclas) මම ආදර්ශයට ගත්තෙමි.

ඔහු නිසා ඔහු ග්‍රීක සාහිත්‍යයට කැපවන අතරේ අද දක්වාම පවත්වාගෙන යන දාර්ශනික තත්වය උදෙසා සාමාන්‍ය තත්වය හුවමාරු කර ගත්තේය.

මේ කාලයේදී, ඔහු ඇලෙක්සැන්ඩ්‍රියාවේ ජීවත්ව සිටියදී, එක් හමුදා සෙබළෙක් අරාබියේ පාලකයාගෙන් ඩිමෙත්‍රියස් රදගුරුතුමාට සහ ඊජිප්තුවේ ආණ්ඩුකාරවරයාට ලිපි ලබා දී, හැකි ඉක්මනින් ඔහු සමග සාකච්ඡා කිරීමට ඔරිජන් එවන ලෙස ඉල්ලා සිටියේය. ඔහු සැබවින්ම අරාබියට ගොස්, ඔහුගේ මෙහෙවර ඉටු කර, ඇලෙක්සැන්ඩ්‍රියාවට ආපසු පැමිණියේය. කලකට පසුව නගරයේ ප්‍රචණ්ඩත්වය ඇති වූ අතර, ඔහු ඇලෙක්සැන්ඩ්‍රියාවෙන් රහසිගතව පිටත්ව පලස්තීනයට ගොස් සිසේරියාවේ පදිංචි විය. එහිදී ඔහු තවමත් වැඩිමහල්ලෙකු ලෙස පත් කර නොතිබුණද, ශුද්ධ ලියවිල්ල පිළිබඳව සභාවේ ප්‍රසිද්ධ දේශන පවත්වන ලෙස රදගුරුවරු ඔහුගෙන් ඉල්ලා සිටියහ. මෙය යෙරුසලමේ ඇලෙක්සැන්ඩර් රදගුරුතුමා සහ සිසේරියාවේ තියෝක්ටිස්ටස් ඔවුන්ගේම ඇදහිල්ල පිළිබඳ පිළිතුරු දීමේදී ඩිමෙත්‍රියස් පිළිබඳ ලියූ දේවලින් පැහැදිලි වේ: 

ඔහුගේ ලිපියේ ඔහු සඳහන් කළේ ගිහියන් රදගුරුවරුන් ඉදිරියේ දේශනා කිරීම පෙර නොවූ විරූ සහ අසා නැති දෙයක් බව යන්න – එය පැහැදිලිවම සත්‍ය නොවේය.” සුදුසුකම් ඇති පුද්ගලයින් කොතැනක සිටියත් සහෝදරයාට [පූජ්‍ය පක්ෂයට] සහාය වේ. මිනිසුන්ට දේශනා කිරීමට රදගුරුවරුන් විසින් ඔවුන්ට ආරාධනා කරන ලදී, උදාහරණයක් ලෙස, නියොන් විසින් ලරැන්ඩාහි යුල්පිස්ට, සෙල්සස් විසින් ඉකෝනියෙහි පෝලිනස්ට සහ ඇටිකස් විසින් සින්නාඩාහි තියොඩෝට යනාදි වශයෙන් මෙසේ දේශනා කිරීමට අපගේ ආශීර්වාද ලත් සහෝදර රදගුරුවරුන් ආරාධනා කර ඇත. වෙනත් තැන්වලද මෙය අප නොදැනුවත්වම සිදු වනු ඇත.

ඔරිජන් තරුණ වියේදීම ඔහුගේම රටවැසියන්ගෙන් පමණක් නොව විදේශ රටක රදගුරුවරුන්ගෙන් පවා ඔහුට ලැබුණු ගෞරවය එසේ විය. එහෙත් දිමෙත්‍රියස් ඔහුට නැවත පැමිණෙන ලෙස දන්වා ලිපියක් එවූ විට, සභාවේ උපස්ථායකයන් ඔහුගෙන් ඉක්මනින් ආපසු එන ලෙස ඉල්ලා සිටි අතර, ඔහු ආපසු පැමිණ සාමාන්‍ය උද්යෝගයෙන් තම වැඩ කටයුතු නැවත ආරම්භ කළේය.

ලේඛකයන්, රදගුරුවරුන්, අධිරාජ්‍යවරුන්

20. මෙම කාලය තුළ සභාවේ උගත් බොහෝ දෙනා සමෘද්ධිමත් වූ අතර ඔවුන්ගේ ලිපි තවමත් නොනැසී පවතින අතර, ඒලියාහි සභාව භාරව සිටි ඇලෙක්සැන්ඩර් විසින් පිහිටුවන ලද ඒලියාහි පුස්තකාලයෙන් ඒවා පහසුවෙන් ලබාගත හැකිය. මේ පොතට අවශ්‍ය කරුණු එකතු කරගන්නට හැකි වූයේද මෙම ස්ථානයේදීය. 

මෙම සභා සාමාජිකයන්ගෙන්, බොස්ට්‍රාහි අරාබිවරුන්ගේ රදගුරුවරයා වූ බෙරිලස් අපට ලිපි මෙන්ම අගය කළ යුතු ලේඛන ලියා තබා ඇත. එසේම වෙනත් ස්ථානයක සභාවක් පරිපාලනය කළ හිපොලිටස්ද මෙසේ ලේඛන ලියා තබා ඇත. ෆ්‍රිජියන් මිථ්‍යාදෘෂ්ටියේ ශූරයා වූ ප්‍රොක්ලස්ට ප්‍රතිචාර වශයෙන්, ඉතා උගත් මිනිසෙකු වූ ගායස්, සෙපිරිනස්ගේ කාලයේදී රෝමයේ පළ කළ සංවාදයක්ද මා සතුව ඇත. මෙහි, නව ශුද්ධලියවිලි සැකසීමට ඇති ඔහුගේ විරුද්ධවාදීන්ගේ නිර්භීතකම මැඩපවත්වමින්, ඔහු සඳහන් කරන්නේ හෙබ්‍රෙව්වරුන්ට ලියන ලද හසුන සෙසු හසුන් සමග ඇතුළත් නොකර, ශුද්ධ වූ අපොස්තුළුවරයාගේ [පාවුල්ගේ] ලිපි දහතුනක් පමණක් පවතින බවයි. අද දක්වාම රෝමයේ ඇතැම්හු එය අපෝස්තුළුවරයාගේ හසුනක් බවට නොසලකති.

21. ඇනිටෝනිනස් (Antoninus) [කැරකලා/ Caracalla) වසර හතකුත් මාස හයක් රජ කළ පසුව, ඔහුගෙන් පසුව මැක්‍රිනස් (Macrinus) රජ විය. ඔහු අවුරුද්දක් පාලනය කළ පසුව තවත් ඇන්ටෝනිනස් [එලගබලස්] නමැත්තෙක් රෝමයේ පාලනය ලබා ගත්තේය. ඔහුගේ පළමු වසර තුළ රෝමයේ රදගුරුවරයා වූ සෙෆිරිනස් දහඅට වසරක දේවසේවයෙන් පසුව මෙලොව හැර ගියේය. ඔහුට පසුව කැලිස්ටස් වසර පහක් සේවය කර මිය ගියේය. ඔහුට පසුව එම අර්බන් වෙත භාර කෙරුණි.

මෙයින් පසුව, ඇන්ටෝනිනස් වසර හතරක් පමණක් නිලය දැරීමෙන් අනතුරුව ඇලෙක්සැන්ඩර් [සෙවේරස්] අධිරාජ්‍යයා ලෙස පත් විය. මෙකල, ෆිලේටස් අන්තියෝකියේ සභාවේ ඇස්ක්ලීපියාඩිස්ගෙන් පසුව අනුප්‍රාප්තිකයා ලෙස පත් විය.

අධිරාජ්‍යයාගේ මව, [ජූලියා] මාමේයා, වඩාත්ම ආගමික කාන්තාවක් වූවාය. ඔරිජන්ගේ කීර්තිය ඇයට ඇසෙන තරමට පැතිරී ගිය විට, ඔහු සමග සම්මුඛ සාකච්ඡාවක් ලබාගෙන ඔහුගේ විශ්වීය ගෞරවනීය දේවධර්මීය දක්ෂතාවය පරීක්ෂා කිරීමට ඇය අධිෂ්ඨාන කර ගත්තාය. ඇය ඒ වන විට අන්තියෝකියේ නැවතී සිටි අතර ඔහු ඇය වෙත ගෙන ඒමට හමුදා පරිවාර භටයෙකු ඔහු වෙත යැව්වාය. ඔහු ඇය සමග මඳ වේලාවක් ගත කරමින්, ස්වාමින් වහන්සේගේ මහිමය සහ දිව්‍යමය ඉගැන්වීමේ ගුණය වැඩි කරන බොහෝ කාරණා ඇයට පෙන්වීය. ඉන්පසුව ඔහු ඉක්මනින් තම සුපුරුදු රාජකාරියට ගියේය.

22. වෙනත් බොහෝ කෘතීන් හැරුණු විට හිපොලිටස්, ඇලෙක්සැන්ඩර් [සෙවේරස්] අධිරාජ්‍යයාගේ පළමු වසර පාදක කර ගනිමින් පාස්කු [පාස්කුව] සඳහා දහසය වසරක දින චක්‍රයක් පිරිනමන කාලානුක්‍රමය වන The Paschal Festival (පාස්කු උත්සවය) පොත ලිවීය. ඔහුගේ අනෙකුත් ලේඛන අතුරින් පහත පොත් මා අතට පත්ව ඇත: The Hexameron, What Followed the Hexameron, Against Marcion, The Song, Ezekiel in Parts, The Paschal Festival, සහ Against All Heresies. තවත් බොහෝ පොත් සමහරවිට වෙනත් තැන්වලින් සොයාගත හැකි වනු ඇත.

ඇලෙක්සැන්ඩ්‍රියාවේ ඔරිජන්ගේ විවරණ ග්‍රන්ථ

23. මේ අවස්ථාවේදී ඔරිජන් ඇම්බ්‍රෝස්ගේ පෙලඹවීම මත ඔහුගේ ශුද්ධලියවිල්ල පිළිබඳ විවරණවල ක්‍රියා කිරීමට පටන් ගත්තේය. ඇම්බ්‍රෝස් ඔහුට එසේ කිරීමට උනන්දු කළා පමණක් නොව, ඔහුට ඒ සඳහා අවශ්‍ය කරන සියල්ල ඉතා කැමැත්තෙන් ලබා දුන්නේය. ඔහු ඒවා කටින් පවසන කල, ඒවා පිටපත් කරන ලේඛකයෝ හත් දෙනෙකුට වඩා වැඩි ගණනක් එක්කෙනාට පසුව එක්කනා බැගින් වාරයන් ලබාගෙන අක්ෂර ලිවීමට සහ පිටපත් කිරීමට බෝහෝ දෙනෙකු එහි වූහ. එසේම ලිවීමේ දක්ෂතා ඇති ගැහැනු ළමයින් – මේ සියල්ලම නිර්ලෝභීව ඇම්බ්‍රෝස් විසින් සපයනු ලැබුණි. දේවධර්මය සඳහා වූ ඔහුගේ දැඩි උද්යෝගය ඔරිජන්ගේ Commentaries (විවරණ පොත්) රචනා කිරීමට බලවත්ම උත්තේජනය විය.

මේ අතර, අර්බන් රෝමයේ රදගුරුවරයා ලෙස වසර අටකට පසුව පොන්තියන් අනුප්‍රාප්තිකයා ලෙස පත් වූ අතර අන්තියෝකියේ රදගුරුවරයා ලෙස සෙබෙනස් ෆිලෙටස් පත් විය. ඔරිජන් ඔවුන්ගේ කාලයේදී සභාවේ කටයුතුවල හදිසි අවශ්‍යතාවයක් හේතුවෙන් පලස්තීනය හරහා ග්‍රීසියට ගියේය. එසේ සිසේරියාවේදී ඔහු එහි රදගුරුවරුන් විසින් වැඩිමහල්ලෙකු ලෙස පත් කරන ලදී. මෙය ඔහු මතභේදයට තුඩු දෙන කේන්ද්‍රයක් බවට පත් කළේය. මන්ද මෙම කාරණය සම්බන්ධයෙන් සභාවේ අධිකාරය දරන්නන්ගේ තීරණ මෙන්ම ඔහුගේ උච්චතම අවස්ථාවට පැමිණීමේ ඔහුගේ අනෙකුත් දේවධාර්මික ජයග්‍රහණ සම්බන්ධ වෙනත් කාරණා සම්බන්ධයෙන් වෙන වෙනම ගනුදෙනු කිරීම අවශ්‍ය වූ බැවිනි. ඒ සම්බන්ධයෙන් මම මගේ Defense of Origen (ඔරිජන්ගේ උත්තර දීම) 2 පොතේ දක්වා ඇත්තෙමි.

24. Commentary on John (යොහන් පිළිබඳ ඔහුගේ අටුවාවේ) හයවන පොතේ, ඔහු ඇලෙක්සැන්ඩ්‍රියාවේ සිටියදී පළමුවන පොත් පහ රචනා කළ බව ඔහු සඳහන් කරයි. එහෙත් සියලුම කෘතිවලින් මගේ අවධානයට පැමිණ ඇත්තේ පොත් විසි දෙකක් පමණි. ඔහුගේ Commentary on Genesis (උත්පත්ති විවරණයේ) පොත් දොළහෙන් නව වන කොටසින් ඔහු ඇලෙක්සැන්ඩ්‍රියාවේ සිටියදී පළමුවන පොත් අට පමණක් නොව, 1-25 දක්වා Commentary on Psalms (ගීතාවලිය විවරණය) මෙන්ම Commentary on Lamentations (විලාප ගී විවරණය) ලියා ඇති බව පෙන්වයි. ඒවායින් පොත් පහක් මා සතුව ඇත. මේවායේ ඔහු තම On the Resurrection (උත්ථානය පිළිබඳ) යන පොත් දෙකකින් යුත් ලේඛනයක් පිළිබඳද සඳහන් කරයි. එපමණක් නොව, ඔහු ඇලෙක්සැන්ඩ්‍රියාවෙන් පිටවීමට පෙර ඔහුගේ First Principles (පළමුවන මූලධර්ම) පොත ලියා ඇති අතර, එහි පෙරවදනෙහි ඔහුම සඳහන් කරන පරිදි ඇලෙක්සැන්ඩර්ගේ පාලන සමයේදී එම නගරයේ සිටියදීම Miscellanies පොත් දහයක් රචනා කළේය.

25. ගීතාවලිය 1 පිළිබඳ අදහස් දැක්වීමේදී, ඔහු පහත සඳහන් පරිදි පැරණි ගිවිසුමේ පොත් ලැයිස්තුවක් සැපයුවේය:

හෙබ්‍රෙව් සම්ප්‍රදායට අනුව, එහි හෝඩියේ ඇති අකුරු ගණනට සමානව කැනොනිකරණය වූ (සම්මත) පොත් විසි දෙකක් තිබේ. ඒවා නම්:

උත්පත්ති (අප එය හඳුන්වන ආකාරයයි. එහෙත් හෙබ්‍රෙව්වරුන් විසින් එය බ්‍රෙසිත් (Bresith), එනම් “ආරම්භයේදී” යන ආරම්භක වචනයෙන් හඳුන්වනු ලැබේ.)

නික්මයාම (OueT,e smoth, එනම්, “නාමයන් මේවාය”)

ලෙවී කථාව (Ouikkra/ ක්යික්රා “එසේ ඔහුට හඬගැසූසේක”)

ගණන් කථාව (Ammes phekodeim/ අම්මෙස් පෙකොඩීම්)

ද්විතීය කථාව (එල්ලේ අඩෙබේරිම්/ Elle addebareim, ” වචන මේවාය”)

නේව්ගේ පුත් යේසුස් (යොෂුවා බෙන් නන්/ ben nun)

විනිසුරුවන්ගේ පොත-රූත් (සොපෙටිම්/ Sophetim, හෙබ්‍රෙව්වරුන් අතර එක් පොතකි)

1 සහ 2 රාජාවලිය (සාමුවෙල්, “දෙවියන් වහන්සේගේ කැඳවූ තැනැත්තා”, රාජාවලිය පොත් සමග තනි පොතකි)

3 සහ 4 රාජාවලිය (Quammelch/කමෙල්ක් දාවිත්, “දාවිත්ගේ සිංහාසනය” තනි පොතකි)

1 සහ 2 වංශාවලිය (Dabre iamin/ඩබ්රේ ඉයමින්, “Words of days” තනි පොතකි)

1 සහ 2 එස්ඩ්‍රාස් (එස්රා, “උපකාරකරුවා,” තනි පොතකි)

ගීතාවලිය පොත (Sphar thellim/ පාර් තලීම්) 

සලමොන්ගේ හිතෝපදේශ (Meloth/ මෙලොත්)

දේශනාකාරයා (කොයිල්ත්/ Koelth)

සලමොන්ගේ ගීතිකාව (ගීතවල ගීය) (සර් අසිරිම්/ Sir assirim සමහර අය සිතන පරිදි “ගීතවල ගීත” නොවේය.

යෙසායා (ජෙසියා)

යෙරමියා, විලාප ගී සහ ලිපිය (යෙරෙමියා, තනි පොතකි)

දානියෙල් (දානියෙල්) එසකියෙල් (එසකියෙල්) යෝබ් (යෝබ්)

එස්තර් (එස්තර්)

මෙම ලැයිස්තුවට අමතරව මකබිවරු/ Macabees (සා බෙත් සබනායි එල්/ Sar beth sabanai el)

සභාවෙහි කැනනය ආරක්ෂා කිරීමේදී, මතෙව් පිළිබඳ ඔහුගේ විවරණයෙහි (Commentary on Matthew) මුල් කොටස්වල, ඔහු දන්නේ ශුභාරංචි හතරක් පමණක් බවට ඔහු සාක්ෂි දරන්නේය:

දෙවියන් වහන්සේගේ සභාව තුළ ශුභාරංචි හතර පමණක් ප්‍රශ්න කිරීමකින් තොරව පිළිගන්නා බව මම සම්ප්‍රදාය මගින් ඉගෙන ගත්තෙමි. මුලි ලියන ලද්දේ මතෙව් විසිනි. ඔහු වරක් බදු එකතු කරන්නෙකු වූ නමුත් පසුව යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේරිතයෙකු විය. ඔහු එය යුදෙව් ඇදහිලිවන්තයන් සඳහා හෙබ්‍රෙව් භාෂාවෙන් ප්‍රකාශයට පත් කළේය. දෙවැන්න මාර්ක් විසින් ලියන ලදී. ඔහු එය පේදුරු උපදෙස් අනුව ලියා ඇති අතර, පේදුරුද ඔහුගේ හසුනෙහි තමාගේ පුත්‍රයා ලෙස පිළිගෙන ඇත: “බබිලෝනියේ සභාව ඔබට ආචාර කරයි. … එසේම මාගේ පුත්‍ර වූ මාක්ද ඔබට ආචාර කරයි” (1 පේදුරු 5.13). පාවුල් විසින් අන්‍යජාතික ඇදහිලිවන්තයන් වෙනුවෙන් ප්‍රශංසා කරන ලද තුන්වන ශුභාරංචිය ලූක් විසින් ලියන ලදී. ඒවා සියල්ලට පසු යොහන් පැමිණෙයි.

යොහන් පිළිබඳ ඔහුගේ විවරණයේ (Commentary on John) 5 වැනි පොතේ ඔරිජන් ප්‍රේරිතයන්ගේ හසුන් පිළිබඳ මෙසේ පවසයි:

යෙරුසලමේ සිට ඉල්ලුරිකය දක්වා ශුභාරංචිය ප්‍රකාශ කළ නව ගිවිසුමේ සේවක පාවුල්, ඔහු ඉගැන්වූ සියලුම සභාවලට ලිපි ලියුවේ නැත. ඔහු ලිපි ලියූ සභාවන්ට පවා ඔහු යැව්වේ පේළි කිහිපයක් පමණි. පේදුරු මත ක්‍රිස්තුස් වහන්සේගේ සභාව ගොඩනඟා ඇති අතර, ඔහු එක් අව්‍යාජ වූ හසුනක් සහ සමහර විට දෙවැන්නක් ඉතිරි කළේය. එය සැක සහිතය. යේසුස් වහන්සේගේ ළයට හේත්තු වී සිටි යොහන් පිළිබඳ මා යමක් කිව යුතුද? ඔහු එක් ශුභාරංචියක් ලියා තබා ඇත. එහිදී මුළු ලෝකයටම අන්තර්ගත කළ නොහැකි තරම් බොහෝ පොත් ලිවිය හැකි බව ඔහු කියා සිටියේය [යොහන් 21:25]. ඔහු එළිදරව්ව පොතද ලියූ නමුත් ගිගුරුම් හතේ වචන නොලියන ලෙස නියෝග කරන ලදී [එළිදරව් 10:3-4]. ඔහු පේළි කිහිපයකින් යුත් හසුනක්ද ලියා තබා ඇත. සමහර විට දෙවන හා තුන්වන හසුන්ද ලියා ඇත. මේවා මතභේදයට තුඩු දී ඇති අතර, එම හසුන් දෙකේම පේළි සියයක්වත් අන්තර්ගත නොවේ. Homilies on the Epistle to the Hebrews (හෙබ්‍රෙව්වරුන්ට ලියූ ලිපියේ ඔහුගේ දේශනය) පොතේ ඔහු මෙසේ අදහස් දක්වයි:

හෙබ්‍රෙව් භාෂාවේ ඇති වාක්‍යවල (2 කොරි. 11:6) ප්‍රේරිතයා විසින්ම පිළිගන්නා ලද රළු ගුණයක් නොමැත. එසේම එහි වාක්‍ය ඛණ්ඩය වඩා හොඳ ග්‍රීක් වේ. කෙසේ වෙතත්, ලිපියේ අන්තර්ගතය විශිෂ්ට වන අතර, අපෝස්තුළුවරයාගේ අව්‍යාජ ලේඛනවලට වඩා අඩු තත්වයේ නොපවතී. … මා මගේම මතයක් ඉදිරිපත් කරන්නේ නම්, සිතුවිලි අපොස්තුළු තුමාගේ වන නමුත් එහි ශෛලිය හා ගොඩනැගීම අපොස්තුළු තුමාගේ ඉගැන්වීම් සිහිපත් කර ඒවා අර්ථකථනය කළ වෙනත් අයෙකු පිළිබිඹු කරන බව මම පවසමි. එසේ නම් ඕනෑම සභාවක්, මෙම ලිපිය පාවුල්ගේ යැයි සලකන්නේ නම්, එයට ප්‍රශංසා කළ යුතුය. මන්ද පැරණි මිනිසුන්ට එය ඔහුගේ හසුනක් ලෙස ලෙස භාර දීමට හොඳ හේතු තිබුණි. එහෙත් ලිපිය ලිව්වේ කවුරුන්ද යන්න දන්නේ දෙවියන් වහන්සේම පමණි. අප වෙත ළඟා වන සම්ප්‍රදායන් පවසන්නේ එය රෝමයේ රදගුරු ක්ලෙමන්ට්ගේ, ලූක් ශුභාරංචිය සහ ක්‍රියා පොත ලියූ ලූක්ගේ බවයි.

ඔරිජන් සහ රදගුරුවරු

ඇලෙක්සැන්ඩර්ගේ පාලන සමයේ දසවන වසරේදී, හෙක්ලාස් වෙත ජනවන්දනා පාසල (catechetical school) භාර දී ඔරිජන් ඇලෙක්සැන්ඩ්‍රියාවේ සිට සිසේරියාවට ගියේය. වැඩි කල් යන්නට මත්තෙන්, ඇලෙක්සැන්ඩ්‍රියාවේ රදගුරු වූ දිමෙත්‍රියස් වසර හතළිස් තුනක නිල කාලයකින් පසුව මිය ගියේය. ඔහුට පසුව හෙරක්ලස් රදගුරුවරයට පත් විය. 

මේ කාලයේදී කපදෝසියාවේ සිසේරියාවෙහි රදගුරු ෆර්මිලියන් ඔරිජන්ට කෙතරම් ගෞරවයෙන් සැලකුවේද යත්, ඔහුගේ කලාපයේ සභාවලට උදව් කිරීමට ආරාධනා කිරීම නැතිනම් ඔහුගේම දේවධර්ම දැනුම වැඩිදියුණු කිරීම සඳහා ඔරිජන් සමග මඳ කලක් ගත කිරීම සඳහා යුදා දේශයට යාම සිදු කළේය. ඒ හා සමානවම, යෙරුසලමේ සභාවෙහි ප්‍රධානියා වන ඇලෙක්සැන්ඩර් සහ සිසේරියාවේ තියෝක්ටිස්ටස් ඔවුන්ගේ එකම ගුරුවරයා ලෙස දිගටම ඔහු සැලකූ අතර දිව්‍යමය ශුද්ධලියවිලි සහ සභාවේ උපදෙස්වල වෙනත් අංග අර්ථකථනය කිරීමේ කාර්යය ඔහුට පැවරූහ.

මැක්සිමිනස් ත්‍රේෂියන් (Maximinus Thracian) යටතේ පීඩා

රෝම අධිරාජ්‍යයා වූ ඇලෙක්සැන්ඩර් [සෙවේරස්] අවුරුදු දහතුනක පාලන කාලයෙන් පසුව මිය ගිය අතර ඔහුගෙන් පසුව මැක්සිමිනස් [ත්‍රේෂියන්] අනුප්‍රාප්තිකයා ලෙස පත් විය. ඇලෙක්සැන්ඩර්ගේ නිවස හා සතුරු වූ ඔහු, එය ඇදහිලිවන්තයන්ගෙන් වැඩි කොටසකගෙන් සමන්විත වූ බැවින්, ඔහු පීඩාවක් ආරම්භ කළ අතර, ශුභාරංචිය ඉගැන්වීම සඳහා වගකිව යුතු සභා නායකයින් පමණක් මරණයට පත් කරන ලෙස නියෝග කළේය. ඔරිජන් සිය On Martyrdom (වේදසාක්ෂික බව පිළිබඳ) නිබන්ධනය ඇම්බ්‍රෝස් සහ සිසේරියාවේ වැඩිමහල්ලෙකු වූ ප්‍රොටොක්ටෙටස් වෙත කැප කරමින් ලියුවේ මේ කාලයේදීය. පීඩා සමයේදී ඔවුන් දෙදෙනාම අසාමාන්‍ය ලෙස පීඩා විඳ දරාගත් නමුත්, ඔවුහු මැක්සිමිනස්ගේ වසර තුනක් පමණක් වූ පාලන කාලය පුරාවටම ඇදහිල්ල උදාර ලෙස ප්‍රකාශ කළහ. ඔරිජන් මෙම කාල රාමුව ඔහුගේ Commentary on John (යොහන් පිළිබඳ විවරණයේ) 22 කොටසේ සටහන් කළේය.

ෆේබියන් සහ පරෙවියා

මැක්සිමිනස්ගෙන් පසුව රෝම අධිරාජ්‍යයා ලෙස ගෝර්ඩියන් පත් විය. එසේම වසර හයක් රෝමයේ රදගුරුවරයා වූ පොන්ටියන්ගෙන් පසුව, ඇන්ටෙරෝස් රදගුරු පදවියට පත් විය. ඉන් මාසයකට පසුව, ෆේබියන් රදගුරු බවට පත් විය. ෆේබියන් වෙනත් අය සමග ගමේ සිට රෝමයට පැමිණ දිව්‍යමය අනුග්‍රහයෙන් ආශ්චර්යයකින් එම තනතුරට පත් වූ බව කියනු ලැබේ. ඇන්ටෙරෝස්ගෙන් පසුව අනුප්‍රාප්තිකයෙකු තෝරා ගැනීම සඳහා සහෝදරයන් සියල්ලන්ම එක්රැස් වූ විට, ඒ සඳහා සුදුසු බොහෝ කීර්තිමත් මිනිසුන් පිළිබඳ බොහෝ දෙනාගේ සිතුවිලිවල තිබූ නමුත් කිසිවෙකුගේ මනසෙහි එහි සිටි ෆේබියන් සිටියේ නැත. එහෙත් ඔවුන් පවසන පරිදි, හදිසියේම, ශුද්ධාත්මයාණන් වහන්සේ පරෙවියෙකුගේ ස්වරූපයෙන් ගැලවුම්කරුවාණන් වහන්සේ මතට බැස පැමිණියාක් මෙන්, පරෙවියෙකු ඉහළින් පියාසර කර පැමිණ ෆේබියන්ගේ හිස මත වැසීය. මෙහිදී, දිව්‍යමය ආනුභාවයෙන් එය සිදු වූවාක් මෙන්, මුළු සභාවම ඒකමතික උද්යෝගයෙන් මෙසේ කෑගැසූහ: “ඔහු වටින්නේය!” තවත් කතා නොකර ඔවුහු ඔහු රැගෙන රදගුරු පදවියට පත් කළහ.

මේ කාලයේදී අන්තියෝකියේ රදගුරු සෙබෙනස් මේ ජීවිතයෙන් සමුගත්තේය. ඔහුට පසුව අනුප්‍රප්තිකයා ලෙස බබිලස් පත් විය. එසේම ඇලෙක්සැන්ඩ්‍රියාවේ හෙක්ලාස් දෙමෙත්‍රියස්ට පත් විය. ඔරිජන්ගේ ශිෂ්‍යයෙකු වන ඩයොනිසස් ඊළඟට ජනවන්දනා පාසල මෙහෙයවීය.

ඔරිජන්ගේ අනෙකුත් සිසුන්

ඔරිජන් සිසේරියාවේ උගන්වමින් සිටියදී, ඔහු යටතේ දේශීය හා විදේශීය රටවල්වලින් පැමිණි බොහෝ සිසුහු ඉගෙනුම ලැබූහ. මේ අතරින් වඩාත්ම කැපී පෙනෙන කෙනෙකු වූයේ තියඩෝර්ය- ඔහු අන් කිසිවෙකුත් නොව මගේම කාලයේ පිළිගත් රදගුරුවරයාය. ග්‍රෙගරි සහ ඔහුගේ සොහොයුරා වූ ඇතෙනෝඩෝර් යන දෙදෙනාම ග්‍රීක සහ රෝම අධ්‍යයනයන්හි දැඩි ලෙස නිරත වී සිටියහ. එහෙත් ඔරිජන් ඔවුන් තුළ දර්ශනවාදය කෙරෙහි ඇල්මක් ඇති කළ අතර දේවධර්ම අධ්‍යයනය සඳහා ඔවුන්ගේ පෙර වූ ආශාව දේවධර්මය හැදෑරීමට මාරු කර ගැනීම පිණිස ඔහු ඔවුන්ට ඒත්තු ගැන්වීය. ඔවුන් ඔහු සමග වසර පහක් අඛණ්ඩව සිටිමින් දේවධර්මය පිළිබඳ මහත් ප්‍රගතියක් ලබා ගත් අතර, ඔවුහු දෙදෙනාම තරුණ වියේ සිටියදීම පොන්තස්හි සභාවල රදගුරුවරුන් ලෙස තේරී පත් වූහ.

ජූලියස් ඇෆ්‍රිකානස්

මේ කාලයේදී සෙස්ටි (Cesti) නම් පොත්වල කර්තෘ වූ [ජුලියස් /Julius] ඇෆ්‍රිකානස් තවත් ප්‍රමුඛ පෙළේ ලේඛකයෙක් විය. දානියෙල් පොතේ දැක්වෙන සුසානාගේ කතාව ව්‍යාජ එකක් බවට යෝජනා කරමින් ඔහු ඔරිජන්ට ලියූ ලිපියක් තවමත් අප අතර ඇත. ඔරිජන් එයට සම්පූර්ණ පිළිතුරක් එවා ඇත. ඔහුගේ වෙළුම් පහකින් යුත් Chronography (කාල වකවානු සටහනක්ද) තවමත් ඇත. එය ඉතාම නිරවද්‍ය කෘතියකි. පෙර සඳහන් කළ ආකාරයට, දර්ශනය හා ලෞකික අධ්‍යයනය පිළිබඳ විශිෂ්ට ශාස්‌ත්‍රීය අධ්‍යාපනයක් ලැබීමෙන් පසුව රදගුරු පදවිය ලැබූ හෙරක්ලාස්‌ගේ මහත් කීර්තිය අසා තමා ඇලෙක්සැන්ඩ්‍රියාවට ගිය බව ඔහු එහි පවසයි. ඇරිස්ටයිඩ්ස් වෙත යොමු කරන ලද ඔහුගේ තවමත් පවතින තවත් ලිපියක, ක්‍රිස්තුස් වහන්සේගේ පෙළපත සම්බන්ධයෙන් මතෙව් සහ ලූක් අතර ඇති අනුමාන කරන නොගැළපීම පිළිබඳ සඳහන් කරයි. එහිදී ඔහු එවැන්ජලිස්තවරුන්ගේ ලේඛනවල සමාන බව පැහැදිලිව පෙන්නුම් කරයි. මම වර්තමාන කෘතියේ 1 වන පොතට එය ඇතුළත් කළෙමි.

සිසේරියේදී ලියන ලද ඔරිජන්ගේ විවරණ

මේ අතර ඔරිජන් යෙසායා පොත මෙන්ම එසකියෙල් පොත සම්බන්ධ ඔහුගේ විවරණ ලියමින් සිටියේය. පළමු පොතෙහි, යෙසායාගේ තුන්වන කොටසේ වෙළුම් තිහක් අප අතට පත්ව ඇත. ඒ කාන්තාරයේ මෘගයන්ගේ දර්ශනය දක්වාය [යෙසා. 30:6); එසකියෙල්ගේ පොතෙහි ඔහු ලියූ පොත් විසිපහක් පමණක් අප අතට පත් වී ඇත. ඇතන්ස්හි සංචාරයකදී, ඔහු එසකියෙල් පිළිබඳ විවරණය මෙන්ම සලමොන්ගේ ගීතිකා පිළිබඳ පොත් පහක් අවසන් කළ අතර, පසුව සිසේරියාවට ආපසු පැමිණ ඔහු එම කාර්යය වෙළුම් දහයකින් සම්පූර්ණ කළේය. එහෙත් ඔහුගේ සියලුම කෘති ලැයිස්තුගත කිරීමට මෙය ස්ථානය නොවේය. මන්ද එසේ කිරීම තවත් එක් ව්‍යාපෘතියක් වනු ඇත. මම දැනටමත් එවැනි නාමාවලියක් මගේම කාලයේ ශුද්ධ වූ වේදසාක්ෂිකවරයා වන මගේ Life of Pamphilus (පැම්ෆිලස්ගේ ජීවිතය) නම් පොතෙහි ඇතුළත් කර ඇත. එහි දේවධර්මය සම්බන්ධයෙන් වූ ඔරිජන්ගේ උද්‍යෝගය පෙන්වීම පිණිස ඔරිජන්ගේ කෘති සහ ඔහුගේ පුස්තකාලයේ ඇති අනෙකුත් සභා ලේඛකයන්ගේ ලැයිස්තුව මම උපුටා දැක්වූවෙමි.

බෙරිලස්ගේ දෝෂය

කලින් සඳහන් කරන ලද අරාබියේ බොස්ට්‍රාහි රදගුරුවරයා වූ බෙරිලස්, අපගේ ගැලවුම්කරුවාණන් වහන්සේ සහ ස්වාමින් වහන්සේ මිනිසුන් අතර වාසය කිරීමට පෙර සිටම පැවැත්මක් ඇතිව සිටි අයෙකු නොවන බවත්, පියාණන් වහන්සේ තුළ පැවැත්මෙන් වෙන්ව තමාගේම දේවත්වයක් උන් වහන්සේ නොමැති බවත් ප්‍රකාශ කිරීමට තරම් නිර්භීත වී, ඇදහිල්ලට පිටස්තර මත ඉදිරිපත් කරමින් සභාවේ ධර්ම නියාමක විකෘති කළේය. වාසය කරයි. එබැවින් ඔරිජන් සහ තවත් කිහිප දෙනෙකුට සාකච්ඡාවට ආරාධනා කරන තුරු රදගුරුවරු විශාල පිරිසක් ඔහු සමග ප්‍රශ්න කර වාද කළහ. ඔහුගේ අදහස් දැනගැනීම සඳහා මේ මිනිසා සමග කතා කිරීමෙන් පසුව, ඔරිජන් සාම්ප්‍රදායික නොවන කාරණා නිවැරදි කළ අතර තර්කානුකූලව ඔහු පෙර පැවති පැහැදිලි විශ්වාසයන් වෙත යොමු කර යථා තත්වයට පත් කළේය. ඔරිජන් ඉදිරිපත් කළ ප්‍රශ්න, බොස්ට්‍රාහි සාකච්ඡා සහ සිදු වූ සියල්ල අන්තර්ගත බෙරිලස් සහ ඔහු විසින් බලපෑම් සිදු කරන ලද සිනොඩය පිළිබඳ වාර්තා තවමත් නොනැසී අප අතර පවතී. ඔරිජන් පිළිබඳ තවත් බොහෝ සම්ප්‍රදායන් තිබේ. එහෙත් විවේචකයන්ගේ වැරදි විවේචනවලට ප්‍රතිචාර වශයෙන් ශුද්ධ වූ වේදසාක්ෂිකවරයා වූ පැම්ෆිලස් සහ මා එක්ව ලියා ඇති ඔරිජන්ගේ Defense of Origen (ඔරිජන්ගේ උත්තර දීම) පොතෙන් වඩාත් වැදගත් තොරතුරු දැනගත හැකිය.

පිලිප්: ක්‍රිස්තියානි අධිරාජ්‍යයෙක්ද?

ගෝර්ඩියන් රෝම අධිරාජ්‍යයා ලෙස වසර හයක් පාලනය කිරීමෙන් පසුව මිය ගිය අතර, [අරාබි ජාතිකයෙකු වූ] පිලිප් ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස බලයට පත් විය. ඔහු කිතුනුවෙකු බවත්, අවසාන පාස්කු දින රාත්‍රියේ සභාවේ යාච්ඤාවලට ඇදහිලිවන්තයන් සමග සම්බන්ධ වීමට ඔහුට අවශ්‍ය වූ බවත් පැවසේ. එහෙත් ඔහු ප්‍රසිද්ධියේ එය ප්‍රකාශ කර පව්කාරයන් ලෙස විනිශ්චය කර පසුතැවිලි වීම සඳහා [දේවස්ථානයේ] එක්තරා ස්ථානයක සිටින අය සමග එකතු වන තුරු එවකට සිටි අගරදගුරුවරයා ඔහුට එහි ඇතුළු වීමට ඉඩ දුන්නේ නැත. ඔහු එසේ නොකළා නම් ඔහුට එල්ල වී ඇති චෝදනා රැසක් නිසා ඔහුට කිසිදා පිළිගැනීමක් නොලැබෙනු ඇත. ඔහු එයට කැමැත්තෙන් කීකරු වූ බව කියනු ලැබේ. එසේ ඔහුගේ ක්‍රියාවෙන් දෙවියන් වහන්සේ කෙරෙහි වූ භය කරණකොටගෙන ඔහු කෙතරම් අව්‍යාජ සහ භක්තිවන්ත ලෙස එයට නැඹුරු වූවාද යන්න පෙන්නුම් විය.

පිලිප්ගේ පාලනයේ තුන්වන වසරේදී, ඇලෙක්සැන්ඩ්‍රියාවේ සභාවල වසර දහසයක් මුලසුන දැරූ හෙරක්ලාස් මේ දිවියෙන් සමුගත්තේය. ඩයොනිසියස් රදගුරු පදවියට පත් විය.

ඔරිජන්ගේ පරිණත ලියවිලි

ඇදහිල්ල වර්ධනය වූ විට සහ අපගේ ධර්ම නියාමක පුළුල් ලෙස සහ නිර්භීතව ප්‍රකාශ කරන ලද විට, ඒ වන විට වයස අවුරුදු හැට ඉක්මවූ ඔරිජන් ඔහුගේ දේශන සංක්ෂිප්තව ලියා තබන අය (shorthand writers) විසින් වාර්තා කර තැබීමට අවසානයේදී ඉඩ දුන් බව කියනු ලැබේ. එසේ වූවක් ඉන් පෙර ඔහු කිසිම විටක මෙයට අවසර දී නොතිබුණි. මෙම කාලය තුළ ඔහු එපිකියුරියන්වරයෙකු වූ සෙල්සස් විසින් අපට එල්ල කරන ලද ප්‍රහාරය ප්‍රතික්ෂේප කිරීම සඳහා The True Word (සත්‍ය වචනය) නමින් නිබන්ධන අටක් මෙන්ම ඔහුගේ මතෙව් පිළිබඳ විවරණයෙහි වෙළුම් විසිපහක සහ ඔහුගේ [සුළු] අනාගතවක්තෘවරුන් දොළොස් දෙනා පිළිබඳ විවරණය ලිවීය. එයින් මා සතුව ඇත්තේ විසිපහක් පමණි. ඔහු විසින් පිලිප් අධිරාජ්‍යයාට ලියන ලද ලිපියක් තවමත් පවතියි. [පිලිප්ගේ] බිරිඳ වන සෙවෙරාට ලියන ලද තවත් ලිපියක් සහ තවත් විවිධ ලිපිද පවතී. මම මේවායින් හැකිතාක් ලේඛන අහඹු මූලාශ්‍රවලින් එකතු කරගෙන, ඒවා නැවත විසුරුවා හැරීම වැළැක්වීම සඳහා ඒවායින් සියයකට වඩා වෙනම රෝල් බහාලුම්වල ගබඩා කර ඇත්තෙමි. ඔහුගේ සාධම්මිකත්වය (orthodoxy) සම්බන්ධයෙන් ඔහු රෝමයේ රදගුරු ෆේබියන්ට සහ තවත් බොහෝ සභාවල ප්‍රධානීන්ටද ලිවීය. මේ සියල්ල මගේ Defense of Origen (ඔරිජන්ගේ උත්තර දීම) යන්නෙහි 6 වන පොතේ විස්තර කර ඇත.

අරාබියේ දෝෂය, හෙල්කේසයිට් මිථ්‍යාදෘෂ්ටිය

අරාබියේදී නැවතත්, මරණයේදී අපගේ ශරීර සමග මිනිස් ප්‍රාණය මිය ගොස් දිරාපත් වන අතර, නැවත නැඟිටීමේදී ඒවා සමගින් නැවත ජීවනයට පැමිණෙන බව පවසමින් සත්‍යයට ප්‍රතිවිරුද්ධ වූ ධර්ම නියාමකයක් හඳුන්වා දෙන ලදී. එකල මහත් පූජක පිරිසකගෙන් යුත් මන්ත්‍රණ සභාවක් (සිනොඩයක්) කැඳෙවූ විට, ඔරිජන්ට නැවතත් ආරාධනා කරන ලදී. ඔහු අදාළ ප්‍රශ්නය සම්බන්ධයෙන් ප්‍රසිද්ධ විවාදයක් ආරම්භ කළ අතර පෙර නොමග ගිය අයගේ අදහස් වෙනස් කිරීමට තරම් ප්‍රබල කාරණයක් එහිදී ඉදිරිපත් කළේය.

එසේම එකල තවත් දූෂිත සංකල්පයක් හෙල්කේසයිට් මිථ්‍යාදෘෂ්ටිය තුළ ආරම්භ විය. එය ආරම්භ වීමත් සමග ඉක්මනින්ම අවසන් විය. ගීතාවලිය 82 පරිච්ඡේදය පිළිබඳ මහජන දේශනයකදී ඔරිජන් ඒ සම්බන්ධයෙන් පහත ආකාරයට දක්වයි:

මෑතකදී, ඊනියා හෙල්කේසයිට්වරුන්ගේ අභක්තික හා අපවිත්‍ර මතයක් මිනිසෙකු විසින් ආඩම්බරයෙන් ඉදිරිපත් කරන ලදී. එය සභාවන් සමග ගැටුණි. මම ඔවුන්ගේ වරද ඔබේ යහපත සඳහා ඉදිරිපත් කරමි. එවිට එමගින් ඔබ නොමඟට නොයනු ඇත. එය පැරණි ගිවිසුමේ සෑම කොටසක්ම භාවිත කරමින් ශුද්ධලියවිල්ලේ සෑම පොතකම ඇතැම් කොටස් ප්‍රතික්ෂේප කරයි. එසේම ශුභාරංචියේ සෑම කොටසක්ම භාවිත කරන නමුත් ප්‍රේරිත [පාවුල්] සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරයි. එහි සඳහන් වන්නේ [සත්‍යය] ප්‍රතික්ෂේප කිරීම කමක් නැති බවත්, තර්ජනයක් පවතින් අවස්ථාවලදී සංවේදී පුද්ගලයෙකු එය තම මුඛයෙන් ප්‍රතික්ෂේප කරන නමුත් ඔහුගේ හදවතින් ප්‍රතික්ෂේප නොකරන බවත්ය. ඔවුහු ස්වර්ගයෙන් වැටුණා යයි ප්‍රකාශ කරන පොතක්ද ඉදිරිපත් කරති. ක්‍රිස්තුස් යේසුස් වහන්සේ විසින් අප වෙනුවෙන් දිනාගන්නා ලද සමාව හැරුණුකොට, එම පොත කියවා අසා විශ්වාස කරන ඕනෑම කෙනෙකුට පව් කමාව ලැබෙනු ඇතැයි පවසති.

ඩේෂියස් (Decius) යටතේ පීඩා

පිලිප් අවුරුදු හතක පාලනය කළ පසුව ඩේෂියස් අනුප්‍රාප්තිකයා ලෙස පත් විය. පිලිප් කෙරෙහි ඇති ඔහුගේ සතුරුකම නිසා, ඔහු සභාවලට එරෙහිව පීඩාවක් ආරම්භ කළේය. එම කාලයේදී ෆේබියන් රෝමයේ වේදසාක්ෂික්යෙකු ලෙස සම්පූර්ණත්වයට පත් වූ අතර, ෆේබියන්ට පසුව කොර්නේලියස් රදගුරුවරයා ලෙස පත් කරන ලදී.

යෙරුසලමේ රදගුරු ඇලෙක්සැන්ඩර් පලස්තීනයේදී, නැවතත් සිසේරියාවේ ආණ්ඩුකාරවරයාගේ උසාවියට පැමිණ, තම ඇදහිල්ල දෙවන වරටත් නිර්භීතව ප්‍රකාශ කළේය. එහිදී ඔහුගේ හිසකේ පැසී තිබූ මහලු වියේදී ඔටුන්න හිමි වුවද ඔහු සිරගත කරන ලදී. ඔහුගේ තේජාන්විත සාක්ෂියෙන් පසුව ඔහු සිරගෙදරදී මරණයට පත් වූ අතර, යෙරුසලමේ රදගුරු පදවියේ ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස මැසබේනස් (Mazabanes) නම් කරන ලදී. ඇලෙක්සැන්ඩර් මෙන්ම, අන්තියෝකියේ බබිලස් සිරගෙදර සිටියදී ජීවිතයෙන් සමුගත් විට, ෆේබියස් එහි සභාවේ ප්‍රධානියා බවට පත් විය.

මෙම පීඩාවේදී නපුරු යක්ෂයා ඔහුගේ අවි ගබඩාවේ තිබූ සියලුම ආයුධවලින් ඔරිජන්ට විශේෂයෙන් පහර දුන්නේය. ඒ අනුව ක්‍රිස්තුස් වහන්සේගේ වචනය නිසා ඔහුට ඇතුළු සිරගෙයි දඬුකඳෙහි ගසනු ලැබ වධ හිංසා විඳ දරා ගැනීමට සලස්වන ලදී. දවසින් දවස ඔහුගේ පාද දඬුකඳේ ගසා තිබූ නිසා කොටස් හතරකට ඇදෙන්නට විය. එහෙත් ඔහු ධෛර්ය සම්පන්නව ගිනි තර්ජන සහ ඔහුගේ සතුරන් විසින් නිර්මාණය කරන ලද අනෙකුත් සියලුම වධ වේදනා විඳ දරාගත්තේය. ඔහුට මරණීය දණ්ඩනය නියම කිරීම වළක්වා ගැනීමට විනිසුරුවරයා නිර්භීතව උත්සාහ කළ විට සියල්ල අවසන් වූ ආකාරය සහ සැනසීමක් අවශ්‍ය අයට උපකාරයෙන් පිරී ඇති අප වෙත වූ ඔහුගේ අවසාන පණිවිඩය, යන සියල්ල ඔහුගේම ලිපි ගණනාවකම සත්‍යවාදී ලෙසත්, විස්තරාත්මකවත් සටහන් කර ඇත.

ඊජිප්තුවේ රදගුරු ඩයොනිසියස්ගේ ගැලවීම

ඩයොනිසියස්ට සිදු වූ කාරණය ජර්මානස්ට එරෙහිව ලියූ ඔහුගේ ලිපියේ සඳහන් කර ඇති අතර, එහි ඔහු පහත දැක්වෙන ආකාරයට සඳහන් කරයි:

මම දෙවියන් වහන්සේද ඉදිරියෙහි කතා කරමි, මා බොරු කියනවා නම් උන් වහන්සේ දන්නා සේක: මම මගේම මූලිකත්වයෙන් හෝ දෙවියන් වහන්සේගෙන් වෙන්ව බේරී ආවේ නැත. ඊටත් පෙර, ඩේෂියස් යටතේ පීඩාව ප්‍රකාශයට පත් වූ අවස්ථාවේදී, සැබිනස් ක්‍ෂණිකව මා දඩයම් කිරීම සඳහා ෆ්‍රැමෙන්ටියස් යැවීය. එසේ දින හතරක් මම මගේ නිවසේ සිට ඔහු බලාපොරොත්තුවෙන් සිටියෙමි. ඔහු මා සැඟවී ඇතැයි සිතූ මාර්ග, ගංගා, කෙත්වතු යන සෑම ස්ථානයකටම මා සොයා ගියද ඔහුට අන්ධභාවයට පත් වී නිවස සොයා ගැනීමට ඔහුට නොහැකි විය. ඔහුගේ ඉලක්කය වූ මා, නිවසේ රැඳී සිටිනු ඇතැයි ඔහු කිසි දිනක නොසිතීය! දින හතරකට පසුව, දෙවියන් වහන්සේ මට පිටත්ව යන ලෙස අණ කර ආශ්චර්යමත් ලෙස ඒ සඳහා හැකියාව දුන් විට, බොහෝ සහෝදරයෝ, පිරිමි ළමයි සහ මම එකට පිටත් වීමු. පසුව සිදු වූ දෙයින්, එනම් සමහර විට සමහරුන්ට අප ප්‍රයෝජනවත් වූ අවස්ථාවලදී මෙය දිව්‍යමය ප්‍රඥාවේ ක්‍රියාව බව පෙන්නුම් කෙරේ.

වැඩිදුර අදහස් දැක්වීමෙන් පසු, ගුවන් යානයෙන් යාමෙන් අනතුරුව ඔහුට සිදු වූ දේ ඔහු පවසයි: .

හිරු බැස යෑමට ආසන්න වන විට අප සොල්දාදුවන් විසින් අල්ලාගෙන තැපෝසිරිස් වෙත ගෙන එන ලදී. එහෙත් වාසනාවට තිමෝති එහි නොපැමිණි අතර ඔහු අල්ලාගනු ලැබුවේ නැත. පසුව ඔහු පැමිණ නිවස හිස්ව ඇති බවත්, නිවස මුර කරන සේවකයන් පමණක් එහි සිටින බවත් දැක අප වහල්භාවයට ගෙන ගොස් ඇති බව දැනගත්තේය. … දැන් දෙවියන් වහන්සේගේ පුදුමාකාර දයාව පෙන්නු කරනු ලැබේවා. තිමෝති පලා යද්දී එක් ගම්වැසියෙක් ඔහුට මුණගැසී ඔහු ඉක්මනින් යාමට හේතුව විමසීය. ඔහු එම ප්‍රදේශයේ රාත්‍රිය පුරා පැවති මංගල භෝජන සංග්‍රහයකට සහභාගී වීමට යමින් සිටියේය. ඔහු සත්‍යය දැනගත් විට, ඔහු මේසයේ වාඩි වී සිටින අමුත්තන්ට එය දැනුම් දුන්නේය. ඔවුහු සියල්ලෝම සමූහ වශයෙන් නැඟිට, ඔවුන්ට හැකිතාක් වේගයෙන් දුවගෙන ආහ. ඔවුන් මහත් හඬින් කෑගසමින් අප වෙත කඩා වැදුණු අතර, එම ශබ්දයෙන් අප රැකවල් කළ සොල්දාදුවෝ ක්‍ෂණිකව පලා ගියහ. ඇඳ රෙදි නොදැමු මෙට්ට මත වැතිර සිටින අප වෙත ඔවුන් පැමිණි විට, මා මුලින්ම සිතුවේ ඔවුන් කොල්ලකරුවන් බවත් කොල්ලකෑමට පැමිණ ඇති බවත්ය. එසේ මම ඇඳේම සිටියෙමි. මගේ ලිනන් කමිසය හැරුණුකොට නිරුවතින් සිටි මම, මා අසල තිබූ මගේ ඉතිරි ඇඳුම් ඔවුන්ට දුන්නෙමි. එහෙත් ඔවුහු මට නැගිට පළා යාමට පැවසූහ. ඔවුන් පැමිණ ඇත්තේ මන්ද යන්න එවිට මට වැටහුණි. අපට තනියෙන් සිටින්නට ඉඩ හැර පිටව යන ලෙස හෝ ඔවුන්ට යම් උදව්වක් කිරීමට අවශ්‍ය නම්, මගේ හිස කපා මා අල්ලා ගන්නා අය අපේක්ෂා කරන දෙය සිදු කරන්න යයි මම ඔවුන්ගෙන් අයැද සිටියෙමි. මා මෙසේ කියමින් කෑගසමින් සිටියදී, මගේ සගයන් දන්නා පරිදි ඔවුහු බලහත්කාරයෙන් මා ඉහළට එසවූුහ. එහෙත් මම පොරබැද නැවතත් බිමට වැටුණෙමි. ඉන්පසු ඔවුහු මගේ අත් පා අල්ලාගෙන මා පිටතට ඇදගෙන ගියහ. මේ සියල්ල දුටු අය වූ ගායස්, ෆවුස්ටස්, පේදුරු සහ පාවුලු අප පසුපසින් පැමිණියහ. පාවුලු මා ඔසවාගෙන ගොස් ගමෙන් පිටතට ගෙන ගොස් බූරුවෙකු පිටේ තබාගෙන මා ඉවතට ගෙන ගියේය. තමා පිළිබඳ ඩයොනිසියස්ගේ වාර්තාව එවැන්නකි.

ඇලෙක්සැන්ඩ්‍රියාවේ වේදසාක්ෂිකවරුන්

අන්තියෝකියේ රදගුරු ෆේබියස් වෙත ලිපියක් යවමින්, ඔහු ඩේෂියස් යටතේ ඇලෙක්සැන්ඩ්‍රියාවේදී වේදසාක්ෂික මරණයට පත් වූ අය පිළිබඳ පහත විස්තරය සපයයි:

අපට එරෙහි වධ හිංසා අධිරාජ්‍යයාගේ ආඥාවෙන් ආරම්භ වූයේ නැත. එහෙත් එයට අවුරුද්දටම පෙරාතුව පීඩා ඇරඹී තිබිණි. මෙම නගරය සඳහා අනාගතවක්තෘවරයා සහ නිර්මාතෘවරයා හෝ ‘නපුරා’ කවුරුන් වුවද, අපගේ රුධිරය සඳහා පිපාසයෙන් පසු වීම එකම සැබෑ ආගම බව ඔවුන්ට ඒත්තු ගැන්වෙන තෙක් අන්‍යජාතික ජනතාව අපට එරෙහිව පෙලඹෙව්වේය. මුලින්ම ඔවුහු මෙට්‍රාස් නම් වූ මහලු මිනිසෙකු අල්ලාගෙන ඔහුට දේවාපහාස කරන මෙන් නියෝග කළහ. ඔහු එසේ කිරීම ප්‍රතික්ෂේප කළ විට, ඔවුහු ඔහුට පොලුවලින් පහර දී, උල් බටවලින් ඔහුගේ මුහුණට සහ ඇස්වලට ඇන, ඔහු නගරයෙන් පිටත ප්‍රදේශයට ගෙන ගොස් ගල් ගසා මරා දැමූහ. ඉන්පසු ඔවුහු ක්වින්ටා නම් ඇදහිලිවන්ත අයෙකු පිළිම සහිත දේවාලයකට ගෙන ගොස් ඇයට ඒවාට  නමස්කාර කිරීමට යොමු කිරීමට උත්සාහ කළහ. ඇය පිළිකුලෙන් යුක්තව හැරී ගිය විට, ඔවුහු ඇගේ දෙපා බැඳ රළු පදික වේදිකාව මතින් නගරය හරහා ඈ ඇදගෙන ගියහ. එසේ ඇදගෙන යන විට විශාල ගල්වලින් තුවාල සිදු වන විට ඔවුහු ඇයට පහර දී, එම ස්ථානයේදීම ගල් ගසා මරා දැමූහ. ඉන්පසු ඔවුහු සියල්ලෝම දේව භක්තික මිනිසුන්ගේ නිවෙස්වලට කණ්ඩායමක් ලෙස වේගයෙන් දිව ගොස් තම අසල්වැසියන්ට පහර දී, ඔවුන්ගේ නිවෙස් කොල්ලකෑහ. එහිදී වඩාත් වටිනා දේවල් සොරකම් කරගෙන, මිලෙන් අඩු ලී බඩු පාරවල්වල පුළුස්සා දැමූහ. මුළු නගරයම සතුරන් විසින් යටපත් කර ගන්නා ලද මෙන් පෙනෙන්නට විය.  සහෝදරයෝ ක්‍රමක්‍රමයෙන් යටත් වූ අතර ඔවුන්ගේ දේපළ කොල්ලකෑම සතුටු සිතින් විඳ දරාගත්හ. එසේ සිදු විය හැකි එක් විකල්පයකින් හෝ   ස්වාමින් වහන්සේ ප්‍රතික්ෂේප කළ කිසිවෙකු ගැන මම නොදනිමි.  

ඔවුහු එම අපූරු මහලු කන්‍යාව වූ ඇපලෝනියාද අල්ලාගෙන, ඇගේ දත් සියල්ලම කඩා දැමූහ, නගරය ඉදිරිපිට දරසෑයක් ගොඩනඟා, ඔවුන්ගේ දේවාපහාසවලට සම්බන්ධ වීමට අසමත් වුවහොත් ඇය  පණපිටින් පුළුස්සා දමන බවට තර්ජනය කළහ. ඇය කෙටි විවේකයක් ඉල්ලා සිටි අතර, ඔවුන් ඇය නිදහස් කළ විට ඇය මහත් උනන්දුවෙන් ගින්නට පැන පිළිස්සී මිය ගියාය. සෙරපියන් ඔහුගේම නිවසේදී ඔවුන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී. දරුණු වධ හිංසාවලට ලක් කිරීමෙන් ඔවුහු ඔහුගේ සියලු අත් පා කඩා දමා, ඔහු ඉහළ මහලෙන් පළමුවෙන් හිස බිමට වදින සේ බිමට විසි කළහ.

 අපට රාත්‍රියේදී හෝ දිවා කාලයේදී කිසිදු මාර්ගයක්, අධිවේගී මාර්ගයක්, මංසන්ධියක් භාවිත කළ නොහැකි විය: සෑම තැනකම මෙසේ වූ මොරගැසීමක් විය: දේවාපහාස කිරීමේ ගායනයට සම්බන්ධ නොවන ඕනෑම අයෙකු ඇදගෙන ගොස් පුළුස්සා දැමිය යුතුය. මෙම පීඩා තත්වය දිගුකාලීනව හා තීව්‍ර ලෙස පැවතුණි. එහෙත් ඔවුන් අප වෙත එල්ල කළ කෝපය ඔවුන් දෙසටම හරවා ගනිමින් අසමගිය සහ සිවිල් යුද්ධය මෙම කාලකන්නි මිනිසුන් අබිබවා ගියේය. ඔවුන්ට ඔවුන්ගේ කෝපය අපට විරුද්ධව පිට කිරීමට කාලයක් නොතිබුණු බැවින් කෙටි කාලයකට අපට නැවතත් හුස්ම ගැනීමට හැකි විය.  එහෙත් ඉක්මනින්ම අපට කාරුණික වූ රාජ්‍ය පාලනයේ වෙනස  පිළිබඳ ආරංචිය  ලැබුණි. එසේ දඬුවම් විඳීමේ තර්ජනය සම්බන්ධ පෙරනිමිතිවලින් අප පුරවනු ලැබිණි.  ඇත්ත වශයෙන්ම ආඥාව පැමිණියේය. එය අපගේ ස්වාමින් වහන්සේ තම බියජනක වචනවලින් පුරෝකථනය කළ ආකාරයටම සිදු විය: “තෝරා ගන්නා ලද අය පවා හැකි නම්, නොමඟ යැවීමට තරම් වූ …” [මතෙ. 24:24]. සියල්ලෝම භීතියට පත් වූහ. වඩාත් හොඳින් දන්නා සමහර අය වහාම බියෙන් ඉදිරියට පැමිණියහ. ප්‍රසිද්ධ තනතුරුවල සිටි තවත් අය වෘත්තීය හේතු මත එසේ කළහ. තවත් සමහරු අසල සිටි අය විසින් ඇදගෙන යනු ලැබූහ. එකිනෙකාට නම් කියා හඬගසන කල,  ඔවුන් අපිරිසිදු, අශුද්ධ පූජාවන් වෙත ළඟා වූ අතර, සමහර අය සුදුමැලි වී වෙව්ලමින්, පූජා පැවැත්වීමට යන අය මෙන් නොව එහෙත් පිළිමවලට පූජාවක් වීමට ගොදුරු වූවන් මෙන්, අවට සිටින සමූහයාගෙන් සමච්චලයට ලක් වූහ. ඔවුන් සම්පූර්ණයෙන්ම බියගුල්ලන්, මිය යාමට බිය වූ අය මෙන්ම පූජා කිරීමට බිය වූ අය වූ බව පැහැදිලිය.   කෙසේ වෙතත්, තවත් සමහරු, තමන් කිසිදා කිතුනුවන් නොවූවන් බව පෙන්වීමට මෙන්, මහත් ආශාවෙන් පූජාසන වෙත දිව ගියහ. ඔවුන් ගැන ඔවුන් මහත් දුෂ්කරතාවයකින් ගැලවීම ලබන බවට ස්වාමින් වහන්සේ සැබවින්ම අනාවැකි පළ කර ඇති සේක. සෙසු අයගෙන් සමහරෙක් මෙම කණ්ඩායම්වලින් කුමන හෝ  කණ්ඩායමක් අනුගමනය කළ අතර තවත් සමහරු පලා ගියහ. ඇතැමෙක් අල්ලාගෙන සිරගත කරන ලදහ. ඔවුන්ගෙන් ඇතැමෙක්, දිගුකාලීන සිරගත වීමමකින් පසුව, උසාවියට පැමිණීමට පෙරම තම ඇදහිල්ල අත්හැර දැමූහ. තවත් සමහරු යටත් වීමට පෙර තරමක් දුරට වධ හිංසා විඳ දරා ගත්හ.

කෙසේ වෙතත්, ස්වාමින් වහන්සේගේ ස්ථීර හා ආශීර්වාද ලත් කුලුනු, උන් වහන්සේ විසින් ශක්තිමත් කරන ලදුව, ඔවුන්ගේ දැඩි ඇදහිල්ලට සමානුපාතිකව උන් වහන්සේගෙන් බලය සහ විඳ දරාගැනීමේ හැකියාව ලැබ, උන් වහන්සේගේ රාජධානියේ විශිෂ්ට වේදසාක්ෂිකවරයින් බව ඔප්පු කළහ. ආතරයිටිස් [සංදී ඉදිමීම] රෝගය නිසා නැගිට සිටීමට හෝ ඇවිදීමට නොහැකි වූ ජූලියන් නමැත්තා මේ අතරින් පළමුවැන්නා විය. තවත් දෙදෙනෙකු සමගින් ඔහු  උසාවියට ගෙන යන ලදී. ඔවුන්ගෙන් එක් අයෙක් වහාම [ඇදහිල්ල] ප්‍රතික්ෂේප කළේය. අනෙකා, ක්‍රොනියන් නම් වූ අතර ඔහුගේ වාසගම යූනස් විය. ඔහුද මහලු මිනිසා වූ  ජුලියන් සිදු කළ ආකාරයටම ස්වාමින් වහන්සේ කෙරෙහි ඇදහිල්ල ප්‍රකාශ කළේය. ඔවුන් ඔටුවන් පිට තබා, ඔබ දන්නා පරිදි ඉතා විශාල නගරයක් හරහා ගෙන යන විට ඔවුන්ට පහර දී, අවසානයේ ජනතාව ඉදිරියේදී හුනුවලින් පුළුස්සා දමනු ලැබීය. ඔවුන්  එසේ ගෙන යනු ලබන විට අසල සිටි සොල්දාදුවෙකු මැර පිරිසගේ අපහාසවලට විරෝධය පළ කළ අතර ඔහුට එම ජනතාව කෝපයෙන් ප්‍රතිචාර දැක්වූහ. බෙසස් නම් දෙවියන් වහන්සේගේ ධෛර්ය සම්පන්න රණශූරයා, නඩු විභාගයට කැඳවනු ලැබූ අතර, ශ්‍රේෂ්ඨ ඇදහිල්ලේ යුද්ධයේදී වීරෝදාර ලෙස සටන් කළේය. පසුව ඔහුගේ හිස ගසා දමන ලදී. ලිබියානු ජාතිකයෙක් වූ තවත් මිනිසෙක්, ඔහුගේ නම වන මකාර් (Macar) සහ බ්ලෙසීඩ්ස් සහ (“Blesseds”) යන දෙකටම විශ්වාසවන්ත ලෙසින්, ඔහුට [ඇදහිල්ල] ප්‍රතික්ෂේප කිරීමට සිදු කළ විනිසුරුවරයාගේ සියලු උත්සාහයන්ට විරුද්ධ වූ අතර, ඔහු පණපිටින් පුළුස්සා දමන ලදී. මෙයින් පසුව, එපිමාකස් සහ ඇලෙක්සැන්ඩර්, දිගුකාලීන සිරගත කිරීම සහ සීරීම් සහ කසවලින් නිමක් නැති පහරදීමමේ වේදනාව විඳ දරාගැනීමෙන් පසු හුනුවලින් පුළුස්සා විනාශ කරන ලදහ. ඔවුන් සමග කාන්තාවෝ හතර දෙනෙක් සිටියහ. ශුද්ධ වූ කන්‍යාවක් වූ අමොනේරියන් (Ammonarion), තමාට කීමට අණ කළ දේ කිසිදා ප්‍රකාශ නොකරන බව කලින් පැහැදිලි කිරීම නිසා විනිසුරුවරයා විසින් දීර්ඝ ලෙස හා ම්ලේච්ඡ ලෙස වධ හිංසාවට ලක් කරන ලද වූවද, ඇගේ පොරොන්දුවට විශ්වාසවන්තව සිටි අතර, ඇය පිටතට රැගෙන යන ලදී.  අනෙක් අය අතර අලංකාර මහලු කාන්තාවක් වන මර්ක්‍යුරියා සහ බොහෝ දරුවන්ගේ මව වූ නමුත් ස්වාමින් වහන්සේට කැප වූ දියෝනිසියාද ඇතුළත් වූහ. කිසිම ප්‍රතිඵලයක් නොමැතිව ඔවුන්ට වධ දීම ගැනත් කාන්තාවන් අතින් පරාජය වීම ගැනත් ආණ්ඩුකාරවරයා ලජ්ජාවට පත් වූ විට තවත් වධ හිංසා නොදී ඔවුන් කඩුවෙන් මරා දමන ලදී. ඔවුන් සියල්ලන්ගේම ශූරයා වූ මෙම අමෝනේරියන් එම වගකීම භාරගත්තාය. 

හීරෝ, ආටර් සහ ඉසිඩෝර් යන ඊජිප්තුවරුන් සහ ඔවුන් සමග ඩයොස්කොරස් නම් පහළොස් හැවිරිදි පිරිමි ළමයෙකුට එරෙහිව කිතුනුවන් බවට දන්වන ලදී. [විනිසුරුවරයා] පහසු ලකුණක් ලෙස පිරිමි ළමයා වචනවලින් පොලඹවා ගැනීමට මුලින්ම උත්සාහ කළේය.   පසුව පහසුවෙන් බිඳ වැටෙන අයෙකු ලෙස ඔහුට වධහිංසා පැමිණවීමෙන් බල කිරීමට සිතුවේය. එහෙත් ඩයොස්කොරස් කීකරු වූයේවත් යටත් වූයේවත් නැත. ඔහු අනෙක් අය  ම්ලේච්ඡ ලෙස කැබලිවලට ඉරා දැමුවේය. එසේම ඔවුන් දිවි ගලවා ගත් විට ඔවුහුද ගිනිදැල්වලට හසු වූහ. කෙසේ වෙතත්, ඩයොස්කොරස් ප්‍රසිද්ධියේ කොතරම් හොඳින් ඉවසා සිටියාද යත්, පෞද්ගලිකව ප්‍රශ්නවලට එතරම් බුද්ධිමත් ලෙස පිළිතුරු ලබා දුන්නේද යත් ඔහුගේ තරුණ කාලය නිසා නැවත සලකා බැලීමට ඔහුට ඉඩ දුන් බව පවසමින් ඔහු ඔහුට යන්නට ඉඩ දුන්නේය.

තවත් ඊජිප්තු ජාතිකයෙකු වූ නෙමේෂන් හට සොරුන් සමග ඇසුරු කළ බවට බොරු චෝදනාවක් එල්ල විය.    ශතාධිපතියා ඉදිරියේදී එම අභූත චෝදනාවට පැහැදිලි ලෙස කරුණු දැක්වූ පසුව, ඔහු කිතුනුවෙකු ලෙස එය හෙළාදුටු අතර,  දම්වැලකින් බඳිනු ලැබ ආණ්ඩුකාරවරයා වෙත ගෙන එන ලදී. දරුණු අසාධාරණයකට ලක් කරමින්, කොල්ලකරුවන්ට දෙන පමණට වඩා දෙගුණයක් වධ හිංසා සහ කස පහරවල් ඔහුට නියම කළ අතර ඔවුන් අතර ඔහු  පුළුස්සා දැමීමට නියම කළේය. එසේ ක්‍රිස්තුස් වහන්සේට සමානව ඔහු ගෞරව ලැබීය.

අම්මොන්, සෙනෝ, ටොලමි සහ ඉන්ජිනියස් මෙන්ම මහලු මිනිසෙකු වූ තියෝෆිලස් යන සෙබළ කණ්ඩායමක් උසාවිය ඉදිරිපිට සිටගෙන සිටියහ. කිතුනුවෙකු ලෙස නඩු විභාගයට ලක්ව සිටින මිනිසෙකු [ක්‍රිස්තුස් වහන්සේ] ප්‍රතික්ෂේප කරන්නට ආසන්න අවස්ථාවක සිටින විට, ඔවුහු දත්මිටි කමින්, රවා බලමින්, ඔහුට සංඥා කළහ. සියල්ලන්ම ඔවුන් දෙසට හැරී සිටි නමුත් කිසිවෙකුත් ඔවුන් අල්ලා ගැනීමට පෙර, ඔවුහු සිරකරුවා සිටි ස්ථානය වෙත දිව ගොස් ඔවුහු කිතුනුවන් බව පැවසූහ. චූදිතයන් ඔවුන්ගේ අනාගත දුක් වේදනාවලට මුහුණ දීමට නිර්භීත වූ කල ආණ්ඩුකාරවරයා සහ ඔහුගේ විනිශ්චයකරුවෝ මෙයින් බියට පත් වූහ. තම සාක්ෂිය ගැන ආඩම්බරයට පත්ව ඔවුහු ජයග්‍රාහී ලෙස උසාවියෙන් පිටව ගියහ.

නගරවල සහ ගම්වල සිටි තවත් බොහෝ අය විජාතීන් විසින් කෑලිවලට ඉරා දැමූහ. ඒ සම්බන්ධයෙන් එක උදාහරණයක් සෑහේ. ඉෂිරියන් යනු එක් පාලකයෙකුගේ නියෝජිතයෙකු වූ අතර, ඔහු ඔහුට පූජා ඔප්පු  කිරීමට අණ කළේය. ඔහු එසේ කිරීම ප්‍රතික්ෂේප කළ විට, ඔහු ඔහුට අපහාස කළේය. ඔහු තම ප්‍රතික්ෂේප කිරීම වෙනුවෙන් පෙනී සිටින විට ඔහු ඔහුට අපහාස කළේය. ඔහු තව දුරටත් නොපසුබටව සිටි විට, ඔහු විශාල පොල්ලක් ගෙන, ඔහුගේ වැදගත් අවයව හරහා එය යවා සිදුරු කළේය.  එසේ කර ඔහු මරා දමනු ලැබීය.

කුසගින්නෙන්, පිපාසයෙන්, සීතලෙන්, ලෙඩ රෝගවලින් පෙළෙමින්, මංකොල්ලකරුවන්ගෙන් සහ වන සතුන්ගෙන් මිය යමින්, කාන්තාරවල සහ කඳුකරයේ සැරිසැරූ විශාල පිරිසක් ගැන මම කතා කළ යුතුද? දිවි ගලවා ගත් අය ජයග්‍රාහකයන් වීම තෝරාගත් අයට ගෞරව කරති. එක් නිදසුනක් ලෙස, නිලෝපොලිස්හි ඉතා වයස්ගත රදගුරුවරයා වූ චේරමොන් තම බිරිඳ සමග අරාබියේ කඳුකරයට පලා ගියේය. ඔහු කිසි දිනෙක ආපසු නොපැමිණියේය. ඉතා මහත් වූ සොයා බැලීමකින්  පසුව පවා සහෝදරයන්ට ඔවුන් හෝ ඔවුන්ගේ දේහ  හමු නොවීය. බොහෝ දෙනෙක් එම ප්‍රදේශයේ ම්ලේච්ඡ සරාසන්වරුන්ගේ වහල්භාවයට පත් වූ අතර ඔවුන්ගෙන් සමහරෙකුට විශාල මුදලක් කප්පම් වශයෙන් ලබා ගත් අතර තවත් සමහරුන් අද දක්වාම නිදහස් කර නැත. …

එබැවින් අප අතර සිටින දිව්‍යමය වේදසාක්ෂිකවරුන් පවා, එනම් දැන් ක්‍රිස්තුස් වහන්සේගේ සහකරුවන් වන සහ උන් වහන්සේගේ අධිකාරිය බෙදාගන්නා අය,   පූජා ඔප්පු කිරීමේ චෝදනාවට ලක් වූ ඔවුන්ගේ වැටී සිටින සහෝදරයන් වෙනුවෙන් පෙනී සිටිති. ඔවුන්ගේ සංවර්තනය සහ පසුතැවිලි වීම පව්කාරයාගේ මරණය ගැන සතුටක් නැති එහෙත් ඔහුගේ පසුතැවිල්ල ගැන සතුටු වන තැනැන් වහන්සේට පිළිගත හැකි යැයි ඔවුහු විනිශ්චය කළහ. එබැවින් ඔවුහු ඔවුන් යාච්ඤාවන් සහ මංගල්‍යයන්වලදී සහභාගිකමට අනුව “ඔවුන් සමග සිටින්නන්” ලෙස පිළිගෙන නැවත සභාවට ඇතුළත් කරගත්හ. එසේ නම් සහෝදරවරුනි, මේ කාරණය සම්බන්ධයෙන් ඔබේ උපදෙස කුමක්ද? අප කළ යුත්තේ කුමක්ද? අපි ඔවුන්ගේ මතය පිළිගෙන ඔවුන් අනුකම්පා කළ අය සමග දයාවෙන් කටයුතු කරමුද? එසේත් නැතිනම් අපි ඔවුන්ගේ තීරණය අසාධාරණ ලෙස සලකා ඔවුන්ගේ ක්‍රියාව අහෝසි කරමුද?

නොවේෂියන් (Novatian) මිථ්‍යාදෘෂ්ටිය

රෝම සභාවේ වැඩිමහල්ලෙකු වූ නෝවාටස් [නොවේෂියන්] ඔවුන් කෙරෙහි පිළිකුලක් ඇති කර ගත් බැවින්, වධ හිංසා පමුණවණ ලද කාලයේ දුර්වල වූවන් පිළිබඳ ප්‍රශ්නය ඩයොනිසියස් විසින් මතු කිරීම වඩාත් සුදුසුය: ඔවුන් බලාපොරොත්තු වූ සෑම දෙයක්ම අව්‍යාජ වූ පාපොච්චාරණය සහ සංවර්තනය මගින් සිදු කළද, ඔවුන්ට තවදුරටත් ගැලවීමේ බලාපොරොත්තුවක් තිබුණේ නැත. ඔහු නව නිකායක නායකයා බවට පත් වූ අතර, එහි සාමාජිකයෝ ආඩම්බරයෙන් ඔවුන්ම “පිරිසිදු අය” ලෙස හඳුන්වා ගත්හ. ඊට ප්‍රතිචාර වශයෙන්, රෝමයේ මහා පූජකයන්ගේ මන්ත්‍රණ සභාවක්, එනම් රදගුරුවරුන් හැට දෙනෙකු සහ ඊටත් වඩා වැඩි වැඩිමහල්ලන් සංඛ්‍යාවක් සහ උපස්ථායකයන් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. එසේම එකිනෙක පළාත්වල ප්‍රාදේශීය පූජකයෝ මේ පිළිබඳ කළ යුතු දේ වෙන වෙනම සලකා බැලූහ. නොවාටස්, ඔහුගේ අහංකාර සහචරයින් සහ සහෝදරයන් වෙත ඔහුගේ වෛරයට හා අමානුෂිකත්වයට අනුබල දුන් සියල්ලන් සම්බන්ධයෙන් සභාවෙන් පිටතදී සලකා බැලිය යුතු බවත්, එහෙත් වැටුණු සහෝදරයන්ට පසුතැවීමේ ඔසුව මගින් ප්‍රතිකාර කර ප්‍රතිස්ථාපනය කළ යුතු බවත් මන්ත්‍රණ සභාවේදී ඒකමතිකව නියෝගය ලබා දෙන ලදී.

රෝමයේ කොර්නේලියස් රදගුරුතුමා විසින් අන්තියෝකියේ රදගුරු ෆේබියස් වෙත යවන ලද ලිපියක් මා අත ඇත. එහි රෝම සිනොඩය සහ ඉතාලිය, අප්‍රිකාව සහ යාබද ප්‍රදේශවල අනෙකුත් අය විසින් ගනු ලැබූ තීරණ පිළිබඳ වාර්තාවක් ඇත. එසේම ලතින් භාෂාවෙන් ලියැවුණු තවත් ලිපියක් ඇත. එය සයිප්‍රියන් සහ අප්‍රිකාවේ ඔහුගේ සහචරයන්ගෙන්ගෙන් ලැබුණු හසුනකි. එහි නඩු විභාගයෙන් දුක් විඳි අයට උපකාර කළ යුතු බවත්, මිථ්‍යාදෘෂ්ටික නායකයා සහ ඔහු සමග වැරදි කළ සියලු දෙනාම කතෝලික සභාවෙන් නෙරපා හැරීම සුදුසු බවත්, යන්නට පැහැදිලිව එකඟ වන බවත් එහි ඇත. සිනොඩයෙහි විසඳුම් යෝජනා පිළිබඳ කොර්නේලියස්ගේ තවත් ලිපියක් සහ නොවාටස්ගේ හැසිරීම පිළිබඳ තුන්වන ලිපියක් මේ ලිපිවලට අමුණා තිබිණි. එයින් මම උපුටා දක්වන්නෙමි. ෆේබියස් උදෙසා නොවාටස්ගේ චරිතය නිරූපණය කිරීමේදී කොර්නේලියස් මෙසේ ලියයි:

ඇදහිල්ල ප්‍රකාශ කරන්නන් ආරම්භයේදී ඔහුට සහාය දුන් බවට ප්‍රකාශ කිරීමෙන් ඔහුගේ උමතු මෝඩකම සඟවමින් මෙම අපූරු පුද්ගලයා බොහෝ කලක සිට රදගුරු තනතුර ලැබීමට සොයමින් සිටින බව ඔබ දැනගත යුතුය. අපගේ වැඩිමහල්ලන්ගෙන් කෙනෙකු සහ නාගරිකයෙකු වන මැක්සිමස්, ඔවුහු දෙදෙනාම ඇදහිල්ල ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් දෙවරක් ඉහළම කීර්තියක් ලබා ගත්හ. එසේම සිඩෝනියස් සහ සෙලරිනස් යන අයගේ ඇදහිල්ල සෑම ආකාරයකම වධ හිංසා විඳ දරාගැනීම පිණිස ඔහුගේ ශාරීරික දුර්වලතාවය ශක්තිමත් කළ අතර, එලෙස විරුද්ධවාදියා අබිබවා ගොස් ජයග්‍රහණය කළේය. මේ මිනිස්සු ඔහු දෙස බලා සිටියහ. ඔහුගේ දෙබිඩි බව, බොරු සාක්ෂි සහ අසත්‍යය, ඔහුගේ සමාජශීලී නොවන බව සහ වෘකයාගේ වැනි “මිත්‍රත්වය” හඳුනාගෙන ඔවුන් නැවත ශුද්ධ වූ සභාවට පැමිණියහ. එසේම ඔහු සඟවාගෙන සිටි සියලු අපිරිසිදු උපක්‍රම සමහර රදගුරුවරුන් සහ බොහෝ වැඩිමහල්ලන් සහ ගිහියන් ඉදිරියේ එළිදරව් කළේය. මෙම ද්‍රෝහී සහ ද්වේෂසහගත මෘගයාගේ බලපෑම යටතේ සභාවෙන් කෙටි කලකට පිටවීම ගැන පසුතැවිලි වී හඬා වැටුණි…..

ආදරණීය සහෝදරයා, කෙටි කලකට පසුව ඔහු තුළ මොනතරම් අසාමාන්‍ය පරිවර්තනයක් සිදු වීද! කිසිදා රදගුරු පදවිය නොපැමිණෙන බවට තරයේ දිවුරුම් දුන් මේ අරුම පුදුම පුද්ගලයා හිටි හැටියේම රදගුරු පදවියේ හිටපු පූජකවරයෙකු (ex-machina) ලෙස පෙනී සිටින්නේය. සභා නියෝගයේ මෙම ශූරයා, ඔහුට ඉහළින් ප්‍රදානය නොකරන ලද රදගුරු පදවිය උදුරා ගැනීමට උත්සාහ කරමින්, තමන්ගේම ගැලවීම අතහැර දැමූ සහකරුවන් දෙදෙනෙකු තෝරාගෙන ඔවුන් ඉතාලියේ දුර බැහැර ප්‍රදේශයකට යවා එහි නූගත් සරල මනසක් ඇති රදගුරුවරුන් තිදෙනෙකු රවටා ඇත. වර්ධනය වී ඇති මතභේදය සමථයකට පත් කිරීම සඳහා අනෙකුත් රදගුරුවරුන් සමග සම්බන්ධ වීම සඳහා ඉක්මනින් රෝමයට පැමිණෙන ලෙස ඔහු ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය. ඔවුන් පැමිණි විට, ඔවුන් නීචයන්ගේ උපාය සමග කටයුතු කිරීමට තරම් බියසුලු විය. එසේම තමා මෙන්ම කඩාකප්පල්කාරී මිනිසුන් විසින් රඳවා ගනු ලැබිණි. ඔවුහු ඔහුට මත්පැන් බොන්නට සැලැස්වූහ. දසවන පැයේදී, ඔවුන් එහි බලපෑම්වලින් අපහසුතාවට පත්ව සිටින විට, ව්‍යාජ සහ වලංගු නොවන අත් තැබීමකින් ඔහු රදගුරුවරයෙකු බවට පත් කිරීමට ඔහු ඔවුන්ට බල කළේය. ඉන් ටික කලකට පසුව, එක් රදගුරුවරයෙක් කඳුළු සලමින් තම වරද පිළිගනිමින් සභාවට පැමිණියේය. පැමිණ සිටි සියලුම ගිහියන් ඔහු වෙනුවෙන් මැදිහත් වූ බැවින් අපි ඔහු ගිහියෙකු ලෙස නැවත පිළිගත්තෙමු. අනෙක් දෙදෙනා සම්බන්ධයෙන් ගත් කල, අපි ඔවුන් වෙනුවට අනුප්‍රාප්තිකයින් පත් කර ආදේශ කළෙමු.

එසේ නම්, මෙම “ශුභාරංචියේ ශූරයා” කතෝලික පල්ලියක සිටිය හැක්කේ එක් රදගුරුවරයෙකු පමණක් බවට දැන සිටියේ නැත. ඔහු නිසැකවම හොඳින් දන්නා පරිදි, වැඩිමහල්ලන් හතළිස් හය දෙනෙක්, උපස්ථායකයන් හත් දෙනෙක්, උපස්ථායක සහායකයන් හත් දෙනෙක්, සහායකයින් හතළිස් දෙදෙනෙක්, ගෝලයන් දෙදෙනෙක්, භූතවාදීන් පනස් දෙදෙනෙක්, පාඨකයන් සහ දොරටු පාලකයන්, සහ එක්දහස් පන්සියයකට වැඩි වැන්දඹුවන් පිරිසක් සහ විපතට පත් වූ මිනිසුන් – මේ සියල්ලෝම ස්වාමියාගේ (ස්වාමින් වහන්සේගේ) අනුග්‍රහයෙන් හා ප්‍රේමයෙන් උපකාර ලද අය වූහ. එසේ වුවද, දෙවියන් වහන්සේගේ රැකවරණයෙන් වර්ධනය වන මෙම විශාල හා අවශ්‍ය සංඛ්‍යාවට නැතිනම් අසංඛ්‍යාත වූ ගිහියන්ටවත් ඔහු එවැනි උමතුවෙන් හරවා සභාවට කැඳවීමට නොහැකි විය. …

ඔහු රදගුරු පදවිය අපේක්ෂා කළේ ඇයි? ඒ ඔහු සභාවෙහිම හැදී වැඩුණු නිසාත් සභාව වෙනුවෙන් භයානක ගැටුම් ඇති කර ගත් නිසාත්ද? කොහෙත්ම නැත. සාතන් ඇතුළු වී සැලකිය යුතු කාලයක් ඔහු සන්තකයේ තබාගෙන සිටින විට ඔහු ඇදහිල්ලට පොලඹවන්නේ සාතන්ය. භූතවාදීන් ඔහු සුව කිරීමට උත්සාහ කරමින් සිටින විට, ඔහු දැඩි ලෙස රෝගාතුර විය. ඔහු මරණාසන්නව සිටින බව සිතූ බැවින්, ඔහු ඇඳේ වැතිර සිටින විට, ඔහු හදිසියෙන් බෞතීස්මය ලබා ගත්තේය. ඇත්තෙන්ම එවැනි මිනිසෙකුට එය ලැබුණු බව පැවසිය හැකිය. සුවය ලැබීමෙන් පසුව, ඔහුට සභාවේ අනෙකුත් දේවසේවයන් කිරීිමට ලැබුණේ හෝ රදගුරුවරයා විසින් මුද්‍රා තැබීමක් සිදු වූයේ හෝ නැත. මේවා අසාර්ථක වීමෙන්, ඔහුට ශුද්ධාත්මය ලැබෙන්නේ කෙසේද? …

පීඩා විඳින අවස්ථාවේදී, බියගුලුකම සහ ජීවිතයට ආදරය කිරීම නිසා ඔහු වැඩිමහල්ලෙකු බව ප්‍රතික්ෂේප කළේය. වැඩිමහල්ලෙකු සිදු කළ යුතු ආකාරයට, අනතුරට ලක්ව සිටින තම සහෝදරයන්ට උපකාර කිරීම සඳහා ඔහු වසා දැමූ කාමරය තුළ සිටින විට එයින් පිටතට එන ලෙස උපස්ථායකයෝ ඔහුගෙන් උදක්ම ඉල්ලූහ. ඔහු වෙනස් දර්ශනයකට ආදරය කරන බැවින්, තවදුරටත් වැඩිමහල්ලෙකු වීමට තමා කැමති නැති බව ඔහු කෝපයෙන් යුතුව ප්‍රකාශ කළේය. …

මෙම ආශ්චර්යවත් පුද්ගලයා රදගුරුවරයාගේ අනුග්‍රහය ඇතිව ඔහු වැඩිමහල්ලෙකු ලෙස කැප කරන ලද දෙවියන් වහන්සේගේ සභාව අත්හැර දමා ගියේය. රෝගාතුර වී යහනේ සිටියදී හදිසියේ බෞතීස්ම වූ අයෙකු නිලයක් සඳහා පැවිදි විය නොහැකි බවට සියලුම පූජකවරුන් සහ බොහෝ ගිහියන් විරුද්ධ වූ නිසා රදගුරුතුමා මෙම පුද්ගලයා කැප කිරීමට පමණක් අවසර ඉල්ලා සිටියේය.

ඉන්පසු මිනිසාගේ නරකම වැරද්ද ලෙස ඔහු තවත් දෙයක් එකතු කරයි:

ඔහු පූජා ඔප්පු කර එකිනෙකාට [සක්‍රමේන්තුව] බෙදා දෙන විට, ඔහු එය [ඔවුන්ගේ අත්වල] තබයි. පසුව එම දෑත් තමාගේ දෑතින් වසා තද කරගෙන, අවාසනාවන්ත මිනිසුන් ආශීර්වාදය වෙනුවට පහත දිවුරුම ප්‍රකාශ කරන තුරු අත් නොහරියි. “අපේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ රුධිරය හා ශරීරය මත කිසිදා ඔබ අත්හැර කොර්නේලියස් වෙතට නොහැරෙන ලෙස මම මෙසේ දිවුරමි.” එසේ කාලකන්නි මිනිසා තමා කෙරෙහි ශාපයක් ප්‍රථමයෙන් ප්‍රකාශ කරන තුරු එහි රස බලන්නේ නැත. එසේම රොටි ලබා ගන්නා විට “ආමෙන්” කීම වෙනුවට, ඔහු “මම කොර්නේලියස් වෙත ආපසු නොයමි” යයි පවසයි. …

කෙසේ වෙතත්, සහෝදරයන් දිනෙන් දින ඔහු හැර දමා නැවත සභාවට පැමිණෙන බැවින් දැන් ඔහු අතහැර දමා හුදෙකලා කරනු ලැබ ඇත. මෑතකදී අප අතර විස්මිත සාක්ෂියක් දුන් ආශීර්වාද ලත් වේදසාක්ෂකයා වූ මෝසෙස්ද ජීවතුන් අතර සිටියදී ඔහුගේ උමතු අහංකාරකම දැක ඔහු සමග ඇති සියලු මිත්‍ර සම්බන්ධතාවන් බිඳ දැමීය. එහිදී ඔහුට කැමති වැඩිමහල්ලන් පස්දෙනා සමග සභාවෙන් ඉවත් විය.

ලිපිය අවසානයේ ඔහු නෝවාටස්ගේ මෝඩකම හෙළා දුටු රෝමයේ රදගුරුවරුන්ගේ රැස්වීමට පැමිණි අයගේ ලැයිස්තුව ඔවුන්ගේ නම් සහ ඔවුන් පැමිණි ස්ථාන යන දෙකම සඳහන් කරමින් දැක්වීය. රෝමයේ අය පමණක් නොව, ඉහත සඳහන් කළ අයගේ තීරණයට ලිඛිතව එකඟ වූ අයගේ නම්ද සඳහන් කර තිබිණි. එසේම ඔවුන් ලියූ නගරද නම් කර ඇත. මේ සියල්ල අන්තියෝකියේ රදගුරු වූ ෆේබියස්ට දැනුම් දීම උදෙසා කොර්නේලියස් ලියා ඇත‍.

පසුතැවිලි වීම පිළිබඳ ඩයොනිසියස්

මෙම ෆේබියස්ම නොවේෂියන්වාදය [Novatianist] දෙසට තරමක් නැඹුරු වන විට, ඇලෙක්සැන්ඩ්‍රියාවේ ඩයොනිසියස් ඔහුට ලියූ අතර, එහි පසුතැවිලි වීම සම්බන්ධයෙන් බොහෝ දේ සහ ඇලෙක්සැන්ඩ්‍රියාවේ මෑතකාලීන වේදසාක්ෂිකයින්ගේ දුක්විඳීම් සම්බන්ධ විස්තර කර ඇත. ඔහු පහත දැක්වෙන පුදුම සහගත වාර්තාව ඇතුළත් කර ඇත:

සෙරපියන් නම් මහලු ඇදහිලිවන්තයෙත් අප අතර සිටියේය. ඔහු තම ජීවිතයේ වැඩි කාලයක් නිර්දෝෂී ලෙස ජීවත් වූ නමුත් ඔහු පරීක්ෂණයෙන් පරාජයට පත් විය. ඔහු නැවත නැවතත් [සමාව ලැබීම උදෙසා] අයැද සිටියේය. එහෙත් කිසිවෙකුත් ඔහුට සවන් දුන්නේ නැත: ඔහු පූජා ඔප්පු කළේය. ඔහු අසනීප වී දින තුනක් සිහිසුන්ව සිටියද, සිව්වන දින ඔහු සුවය ලබා තම මුණුපුරා තම ඇඳ අසලට කැඳවා ගත්තේය.

“දරුවා, ඔබ මා කොතෙක් කල් ජීවත් කරවන්න අදහස් කරනවාද?” ඔහු ඇසුවේය. “මට ඉක්මනට යන්න දෙන්න. ගිහින් වැඩිමහල්ලෙකු කැඳවාගෙන එන්න.” මෙසේ පැවසීමෙන් පසු ඔහු නැවතත් ගොළු විය. වැඩිමහල්ලෙකු කැඳවාගෙන ඒමට පිරිමි ළමයා දිව ගියේය. එහෙත් එය රාත්‍රි කාලය නිසාත්, ඔහු අසනීපව සිටි නිසාත් ඔහුට පැමිණීමට නොහැකි විය. කෙසේ වෙතත්, මරණාසන්න අයට අවශ්‍ය නම්-විශේෂයෙන් ඔවුන් මීට පෙර මෙය සොයමින් සිටියේ නම්- ඔවුන් බලාපොරොත්තුව ඇතිව පිටත්ව යන පිණිස මා විසින් උපදෙස් නිකුත් කර තිබූ බැවින්, ඔහු කුඩා පිරිමි ළමයාට දිව්‍ය  පූජාවෙන් [පූපය] කොටසක් දුන්නේය. එසේ එය පොඟවා එය මහලු මිනිසාගේ කටට බිංදුවෙන් වැටෙන්නට ඉඩ හරින්නට ඔහු පැවසීය. පිරිමි ළමයා ආපසු පැමිණි විට, සෙරපියන් නැවතත් ප්‍රතිස්ථාපිත වී ඔහුට මෙසේ පැවසීය. “දරුවා ඒ ඔබද? වැඩිමහල්ලාට එන්න බැරි වුණා, එහෙත් ඔබ ඉක්මනින් ඔහු ඔබට කී ආකාරයට කටයුතු කරන්න. එසේ මට වෙන් වී යාමට ඉඩ දෙන්න.” පිරිමි ළමයා [පූපය] පොඟවා එය ඔහුගේ මුඛයට දැමීය. ඔහු එයින් ටිකක් ගිල දැමූ පසුව ඔහු මිය ගියේය. ඔහු නිදහස් වන තුරු, එසේම ඔහුගේ පාපය මැකී යන තුරු පැහැදිලිවම ඔහු ජීවත්ව සිටියේ නැද්ද? ඔහුගේ සියලු යහපත් ක්‍රියා වෙනුවෙන් ඔහු හඳුනා ගත හැකිද?

ඩයොනිසියස්ගේ වෙනත් ලිපි

ඩයොනිසියස් නොවාටස් රෝම සහෝදරවරුන් හට බාධා කරන විට ඩයොනිසියස් නොවාටස්ට ලියූ ලිපිය කුමනාකාරද යන්න දැන් අපි බලමු. නෝවාටස් සමහර සහෝදරයන්ගේ පීඩනය ඔහුගේ හැරයාමට සහ භේදයට හේතුව ලෙස දක්වා දොස් පවරා ඇත:

ඩයොනිසියස් විසින් සහෝදර නොවේෂියන් වෙත සුබ පැතුම්. ඔබ පවසන පරිදි අකැමැත්තෙන් ඔබ මෙහෙයවනු ලැබුවේ නම්, කැමැත්තෙන් පසුබැසීමෙන් ඔබට එය ඔප්පු කළ හැකිය. යමෙක් දෙවියන් වහන්සේගේ සභාව දෙකඩ කරනවාට වඩා ඕනෑම දෙයක් විඳ දරාගත යුතුය. එසේම රූප වන්දනාවෙන් වැළකී සිටීමට වඩා භේදය වළක්වා ගැනීමට වේදසාක්ෂිකයෙකු ලෙස මිය යාම උතුම් යැයි මම සිතමි. මන්ද, රූප වන්දනාව සම්බන්ධයෙන් යමෙකු වේදසාක්ෂිකයෙකු මිය යන්නේ ඔහුගේම ආත්මය වෙනුවෙන් වන නිසාය. එහෙත් භේදය වළක්වන්නා මුළු සභාව වෙනුවෙන් වේදසාක්ෂිකයෙක් වෙයි. ඔබට දැන් පවා සහෝදරයන් හට ඒකමතිකව ඒත්තු ගැන්වීමට හෝ බල කිරීමට හැකි වූයේ නම්, ඔබේ ප්‍රකෘතිමත් වීම ඔබේ වැටීමට වඩා මහත් වනු ඇත. එය භේදය ඇති කිරීම නිසා ප්‍රශංසා කිරීමේදී නොසලකා හරිනු ඇත. එහෙත් ඔවුන් සවන් නොදෙන්නේ නම් සහ ඔබ බල රහිත නම්, කෙසේ හෝ ඔබේම ආත්මය ආරක්ෂා කර ගන්න. ඔබ සුවපත් වී ස්වාමින් වහන්සේගේ සමාදානය තදින් අල්ලාගෙන සිටින පිණිස මම යාච්ඤා කරමි.

ඔහු ඊජිප්තුවරුන්ට පසුතැවිලි වීම පිළිබඳ ලිපියක්ද ලියා ඇත. එහි වරදකාරි බවේ මට්ටම් සඳහන් කරමින් වැටී සිටි අය පිළිබඳ ඔහුගේ අදහස් ප්‍රකාශ කර ඇත. ඔහු මේ කාරණයම සම්බන්ධයෙන් හර්මොපොලිස්හි රදගුරු කොලොන්ට ලියූ ලිපියක් සහ ඇලෙක්සැන්ඩ්‍රියාවේ සිටින ඔහුගේම රැළට අවවාද කරමින් ඔහු ලියූ තවත් ලිපියක් තවමත් පවතියි. ඉතිරිව ඇති අනෙකුත් ලිපි අතර වේදසාක්ෂිකවරය පිළිබඳ ඔරිජන්ට ලියන ලද ලිපියද ඇතුළත් වේ. තෙලිමිඩ්‍රාස් (Thelymidres) රදගුරුව සිටි ලවෝදිසියෙහි කිතුනුවන්ට සහ මෙරසන්සස් (Meruzanes) වන රදගුරු වූ ආර්මේනියාවේ කිතුනුවන්ට, මෙන්ම පසුතැවිල්ල ගැනද ඔහු ලිවීය. මේ සියල්ලට අමතරව, නොවාටස්ට එරෙහිව කොර්නේලියස්ගේ ලිපිය ලැබීමෙන් පසු ඔහු රෝමයේ කොර්නේලියස්ටද ලිවීය. සිලිසියාවේ තාර්සස්හි රදගුරු හෙලේනස් සහ ඔහු සමග සිටි කපදෝසියාවේ ෆිර්නිලියන් සහ පලස්තීනයේ තියෝක්ටිස්ටස් – අන්තියෝකියේ සිනොඩොයට සහභාගී වන ලෙසට ඔහුට ආරාධනා කර ඇති බව මෙයින් ඔහු පෙන්වා දුන්නේය. සිනොඩයෙහි සමහර අය නොවාටස්ගේ මතභේදය ශක්තිමත් කිරීමට උත්සහා කළෝය. ෆේබියස් මිය ගොස් ඇති බව ඔහු දැනගත්තේය. ඔහු තවදුරටත් මෙසේ ලිවීය. ඔහු වෙනුවට අන්තියෝකියේ රදගුරුවරයා ලෙස ඩිමෙට්‍රියන් පත් කරන ලදී. යෙරුසලමේ රදගුරුවරයා ගැනද සඳහන් කරමින් ඔහු මෙසේ ලිවීය: ” ඒ අපූරු මිනිසා වන ඇලෙක්සැන්ඩර් සිරගත කරන ලද නමුත් දැන් ඔහු ආශීර්වාද ලත් විවේකයක් ලබා ඇත.”

මෙයට අමතරව ඩයොනිසියස් විසින් රෝමවරුන්ට හිපොලිටස් අතේ යවන ලද තවත් ලිපියක්ද තවමත් ඇත. ඔහු ඔවුන්ට සාමය පිළිබඳ තවත් ලිපියක් ලිවීය. එසේම තෙවනුව, පසුතැවිල්ල පිළිබඳ ලිපියක් සහ තවමත් නෝවාටස්ගේ මතයට සහය දෙමින් සිටි එහි ඇදහිල්ල ප්‍රකාශ කරන්නන්ට තවත් ලිපියක් ලිවීය. ඔවුන් නැවත සභාවට හැරී ගිය පසුව ඔවුන්ට තවත් ලිපි දෙකක් ලැබුණි. ඔහු තවත් බොහෝ ලිපි ලිවීය. එසේ ඔහු අද දක්වාම ඔහුගේ ලේඛන අධ්‍යයනය කරන අයට වර්ණවත් ත්‍යාගයක් ඉතිරි කර ඇත.

යුසේබියස්ගේ දැක්මෙහි සීමාවන්

යුසේබියස්ගේ දිගම පොත වන 6 වන පොතේ, ඔහු ඔහු තම ඉතිහාසයේ වෙන කිසිවෙකුට කැප කරනවාට වඩා බොහෝ විස්තර සහිතව ඔරිජන් වෙත අවධානය යොමු කරන්නේය. එයට හේතු සොයා ගැනීම අපහසු නැත. ක්‍රිස්තියානි ලෝකයේ පළමු ශතවර්ෂ තුනේ විශිෂ්ටතම මනසකට ඔහු දැක්වූ මහා දේවධාර්මික ගෞරවය හැරුණු විට, ඔහු සහ ඔහුගේ ප්‍රේමණීය කලින් සිටි පූජක පැම්ෆිලස්ට තම ස්වාමියා ධර්ම නියාමකමය ප්‍රහාරයට ලක්වීම දැකීම දරාගත නොහැකි වූ අතර එම නිසා ඔරිජන්ගේ පිළිතුරු දීම සම්පාදනය කරන ලදී. එය සභා ඉතිහාසයට දැක්වීමටද පුළුල් විය. තවදුරටත්, සිසේරියාවේ රදගුරුවරයා ලෙස, යුසේබියස් ඔරිජන් නමැත්තෙකුගේ භූගෝලීය අනුප්‍රාප්තිකයෙකු වූ අතර, එම ඔරිජන් තමාගේ පසුකාලීන වෘත්තීය ජීවිතය සිසේරියාවේ ගත කළේය. ඔහු දක්වන පරිදි යුසේබියස් පසුව ඔහුගේ ලේඛන තොරතුරු විශාල ප්‍රමාණයක් ලබාගෙන මහා පුස්තකාලය අර්ධ වශයෙන් එකලස් කළේය.

යුසේබියස් ඔහුගේ ඉතිහාසය තුළ බටහිර මධ්‍යධරණී ලෝකයට වඩා නැගෙනහිරට අනුග්‍රහය දක්වන බව, ලතින් ක්‍රිස්තියානි ලෝකයට වඩා ග්‍රීක ක්‍රිස්තියානි ලෝකයට දක්වන බව පැහැදිලිය. ඔහු කලින් පොත්වල ටර්ටූලියන්ගේ ලේඛනවලින් උපුටා දැක්වූවද, ටර්ටූලියන් ගැන හෝ වෙනත් ලතින් සභා පියවරුන් ගැන ඔහු පවසන්නේ ඉතා අල්ප වශයෙනි. පෙනෙන විදිහට ඔහු 203දී කාර්තේජ්හි නෘත්‍ය ශාලාවේදී සිදු වූ පර්පෙචුවා සහ ෆෙලිසිටාස් මෙන්ම ඔවුන්ගේ සගයන්ගේ වේදසාක්ෂික මරණ පිළිබඳ කිසිවක් දැන සිටියේ නැත. නිසැක ලෙසම, ඔහු අපෝස්තලික වේදසාක්ෂිකවරුන් සහ රෝමයේ රදගුරුවරුන්ගේ අනුප්‍රාප්තිය උපුටා දක්වයි. එසේම ගෝල්හි ලියොන්ස්හි හිංසා පීඩා සහ ඉතාලියේ නොවේෂියන් මිථ්‍යාදෘෂ්ටිය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරයි. ඔහුගේ ඉතිහාසයද රෝම අධිරාජ්‍යයන්ගේ පාලන සමය වටා සැකසී ඇත. එහෙත් මෙම පිටුවල බහුලව දක්නට ලැබෙන සීමාව වන්නේ ඊජිප්තුව, පලස්තීනය, සිරියාව සහ සුළු ආසියාව යන යුසේබියස්ට වඩාත් හුරුපුරුදු ප්‍රදේශ වේ. මුළු අධිරාජ්‍යයේම දරුණුතම හිංසා පීඩා ඊජිප්තුව සමගින් නැගෙනහිර සභාවද ඉතා දරුණු ලෙස වින්දේය. කනගාටුවට කරුණක් නම්, “න්‍යායික” නැගෙනහිර සභාවේ මුල් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම චින්තකයින් සහ දේවධර්මවාදීන්ගේ නිවහන වීමයි. ටර්ටූලියන්, පසුකාලීනව ඔගස්ටින් සහ “ප්‍රායෝගික” බටහිර වෙනත් අය සභාවේ ධර්ම නියාමකවලට සහ චින්තනයට ඔවුන්ගේ කොටස මගින් නිසැකවම දායක වනු ඇත.

6 වන පොත ආරම්භ වන සෙප්ටිමස් සෙවේරස්ගේ (Septimius Severus) පසුකාලීන පරිපාලනය තුළ වරින් වර පුපුරා ගිය දරුණු හිංසා පීඩා පුළුල් ලෙස පැතිරීම සම්බන්ධයෙන් සෙප්ටිමස් සෙවේරස් (193-211) වගකිව යුතුද? යුසේබියස් ඔහුගේ ආරම්භක වචනෙවලින් පැහැදිලිවම එසේ සිතුවේය: “සෙවේරස් සභාවලට හිංසා පීඩා කරන විට.” පුදුමයට කරුණක් වන්නේ, බොහෝ ඉතිහාසඥයින් මෙය සැක කිරීම වන අතර, ඔහුගේ පරිපාලනය පිළිබඳ ඔවුන්ගේ ලේඛනවල ආවරණය කෙරෙන කොටස්වලින් බොහෝ විට කිතුනුවන් කෙරෙහි ඔහුගේ ආකල්පය සඳහන් කිරීමට ඔවුහු අසමත් වෙති. එහෙත් තවත් පැරණි කතුවරයෙකු වන ඒලියස් ස්පාෂියනස් (Aelius Spartianus), ඔහුගේ Augustan History (ඔගස්ටස්ගේ ඉතිහාසය) නම් පොතෙහි, සෙවේරස් “දැඩි දඬුවම් යටතේ යුදෙව් ආගමට හැරීම තහනම් කළ අතර කිතුනුවන් සම්බන්ධයෙන්ද එවැනිම දඬුවමක් පැනවූ බව” (Severus 17.1) සඳහන් කරයි. මේ කාලයේ හිංසා පීඩාවල ප්‍රධාන පෙලඹවූවන් නොකඩවම ප්‍රාදේශීය මැරයෝ වූහ. එසේම සමහර විට ට්‍රාජන් හෝ මාකස් අවුරේලියස්ට වඩා ප්‍රබල භාෂාවෙන් එවැනි පිපිරීම් පිළිබඳ වාර්තාවලට සෙවේරස් ප්‍රතිචාර දැක්වූවා විය හැකිය. ස්කොට්ලන්තයට එරෙහි සිදුකල උද්ඝෝෂණයකින් පසු, ඔහු 211දී බ්‍රිතාන්‍යයේ යෝර්ක්හිදී මිය ගියේය.

සෙවේරස්ගේ පුත් සහ අනුප්‍රාප්තිකයා වූ කැරකල්ලා (211-217), ඔහුගේ සොහොයුරා වන ගෙටා සමග ඇති වූ දරුණු එදිරිවාදිකමක් ඔහුගේ මවගේ දෑතේම පිහියෙන් ඇන මරා දැමීමෙන් අවසන් කළේය. ඔහුගේ ඉතිරි පාලනය වඩාත් රාජ්‍ය නායකයෙකුගේ මෙන් විය. ඔහු අධිරාජ්‍යයේ සියලුම නිදහස් වැසියන්ට රෝම පුරවැසිභාවය ලබා දුන් අතර රෝමයේ දිගුකාලීන නැගෙනහිර සතුරා වන පාර්තියාව සමග සාමය ඇති කර ගැනීමට උත්සාහ කළේය. රෝමයේ ඇපියන් මාවතේ කෙළවරේ ඔහු විසින් ඉදිකරන ලද දැවැන්ත නාන කාමරවල නටබුන් අද දක්වා ඔපෙරා ප්‍රසංග සඳහා භාවිත වේ. නැගෙනහිර ප්‍රචාරක ව්‍යාපාරයක් අතරතුර, ප්‍රේටෝරියානු ප්‍රධානියයෙකු වූ මැක්‍රිනස් විසින් කැරකල්ලා ඝාතනය කරන ලදී.

මැක්‍රිනස් (217-218) පාර්තියන්වරුන්ට එරෙහිව හමුදා කීර්තිය දිනා ගැනීමෙන් ඔහුගේ පැහැර ගැනීම නීත්‍යනුකූල කිරීමට උත්සාහ කළේය. ඒ වෙනුවට, ඔවුන් ඔහු පරාජයට පත් කළ අතර, සෙවේරන් රාජවංශයට පක්ෂපාතී හමුදා විසින් පසුව ඔහු අල්ලාගෙන මරා දමනු ලැබූ අතර, සෙවේරන් රාජවංශය නැවතත් ප්‍රතිස්ථාපිත කරන ලදී.

හේලියෝගබලස් (Heliogabalus) (218-222), කැරකල්ලාගේ ස්වාභාවික පුත්‍රයා (ඇත්ත වශයෙන්ම, ඔහුගේ දෙවන ඥාති සොහොයුරා) ලෙස පවසන ලදී. ඔහු සිරියානු හිරු දෙවියන් වන එලගබාල්ගේ (Elagabal) උත්තම පූජකයා විය. එම තරුණ ගැටවරයා දැන් සේද ඇඳුම් ඇඳගෙන, මුතු ඇට මාලයක් පැලඳගෙන රළු කම්මුල් සහිතව රෝමයට පැමිණ ඇත. කැලිගුලාගේ ආකෘතියේ විකාරරූපී වර්ණවත් අයෙකු වූ ඔහු එලගබාල් රෝමයේ උත්තරීතර දෙවියා කිරීමට උත්සාහ කළේය. එහෙත් ඔහුගේ මුග්ධ, දූෂිත හැසිරීම සහ සම්පූර්ණ අශිෂ්ට හැසිරීමට යටත් වීම ඔහුගේ ආච්චි සහ නැන්දා විසින් ඔහු වැසිකිළියක් තුළ සැඟවී සිටියදී ඔහුගේ ඝාතනය සංවිධානය කිරීමට හේතු විය.

ඔහුගේ ඥාති සොහොයුරා සහ අනුප්‍රාප්තිකයා වූ ඇලෙක්සැන්ඩර් සෙවේරස් (222-235), රෝම රජයට නැවත සන්සුන්භාවය ගෙන ආවේය. ඔහු සෙනෙට් සභාවේ උපදෙස් ලබාගෙන බදු අඩු කළේය; පොදු වැඩ වැඩි කළේය; එසේම අධිරාජ්‍යය පුරාම විශ්වීය ප්‍රාථමික පාසල් පද්ධතියක් ස්ථාපිත කළේය. ඊටත් වඩා, සෙප්ටිමස් සෙවේරස්ගේ කාලයේ සිට පැවති පීඩාවලට පසුව, සාමයේ කාල පරිච්ඡේදයක් ක්‍රිස්තියානි ලෝකයේ පහළ වී ඇති බව පෙනෙන්නට විය. ඔගස්ටස්ගේ ඉතිහාසයෙහි (Augustan History) ඔහුගේ දායකත්වය සම්බන්ධයෙන්, ඇලෙක්සැන්ඩර් සෙවේරස් යටතේ “කිතුනුවන්ට පැවැත්මට අවසර දී ඇති” බව (Severus Alexander 22.4) ලැම්ප්‍රිඩියස් සඳහන් කරයි. යුසේබියස් සඳහන් කරන ආකාරයට, ඔහුගේ ආගමික මව වන ජූලියා මාමියා ඔරිජන්ට සම්මුඛ පරීක්ෂණයක් සඳහා (6.21) අන්තියෝකියට ආරාධනා කළ බවත්, අධිරාජ්‍යයාගේ නිවස “ඇදහිලිවන්තයන්ගෙන් බහුතරයකට සමන්විත වූ” බවත් (6.28) නිසැකවම අතිශයෝක්තියකි. කෙසේ වෙතත්, ඔහු ජර්මානු දේශසීමාවේ සිටියදී, ඇලෙක්සැන්ඩර්ගේ හමුදා ඔහුට විරුද්ධව කැරලි ගසා ඔහු සහ ඔහුගේ මව යන දෙදෙනාම මරා දැමූ අතර, එසේ 235දී සෙවේරන් රාජවංශය අවසන් විය.

මෙය අඩසියවසක සිවිල් යුද්ධයෙන් ඉරා දැමූ රෝම අධිරාජ්‍යයේ බිහිසුණු කාල පරිච්ඡේදයක ආරම්භයද සනිටුහන් කළේය. 235ත් 284ත් (ඩයොක්ලීෂියන්ගේ ප්‍රවේශය) අතර කාලයේ අධිරාජ්‍යවරුන් විස්සක් සිටි අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ඝාතනය වීමට පෙර මාස කිහිපයක් පමණක් පාලනය කළහ. පහත දැක්වෙන්නේ ඒ සුපුරුදු ලැයිස්තුවය:

මැක්සිමිනස් ත්‍රේෂියන් 235-238

I සහ II ගෝර්ඩියන් 238

බල්බිනස් සහ පපීනස් 238

III ගෝර්ඩියන් 238-244

අරාබි ජාතික පිලිප් 244-249

ඩේෂියස් 249-251

ගාලස් 251-253

ඇමීලියේනස් 253

වැලේරියන් 253-260

ගැලියේනස් 253-268

II ක්ලෝඩියස් 268-270

අවුරේලියන් 270-275

ටේෂියස් 275-276

ෆ්ලොරියේනස් 276

ප්‍රෝබස් 276-282

කාරස් 282-283

කාරිනස් 283-285

නමෙරියන් 283-284

එහෙත් මෙම ලැයිස්තුගත කිරීම පවා නොමඟ යවන සුලුය. මන්ද එයට ඇතුළත් වන්නේ සෙනෙට් සභාව විසින් පිළිගත් අධිරාජ්‍යයන් විසි දෙනා පමණක් වීමයි. ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට ප්‍රබල හමුදාවන්ගේ සහාය ඇති ප්‍රතිවාදීන් සිටි අතර ඔවුහු බොහෝ විට අධිරාජ්‍යයේ විශාල කොටසක් පාලනය කළහ. සමස්තයක් වශයෙන් ගත් කල, පනහකට හෝ හැටකට වඩා වැඩි පිරිසක් මෙම කාලය තුළ අධිරාජ්‍යයා යැයි කියා ගත්හ. නිසැකවම, මෙම ව්‍යාකූල ලැයිස්තුව සඳහා කුඩා චරිතාපදානයන් පවා සැපයීම තවදුරටත් සිදු නොකරනු ඇත. එහෙත් ක්‍රිස්තියානි ධර්මය සම්බන්ධයෙන් වැදගත් වර්ධනයන් සිදු වූ කිහිප දෙනෙකු තෝරාගනු ඇත. යුසේබියස්ගේ පොත 6 අවසන් වන්නේ ඉන් දෙදෙනෙකු සම්බන්ධ සඳහන් කරමිනි.

අරාබි ජාතික පිලිප් (244-249) යනු යොර්දානයේ ෂේක්වරයෙකු වූ අතර, ඔහු ප්‍රේටෝරියානු ප්‍රධානියෙනු විය. ඔහු III ගෝර්ඩියන්ට එරෙහිව සාර්ථක කැරැල්ලක් මෙහෙයවීය. ඔහු ක්‍රිස්තියානි භාර්යාවක් වන ඔටසිලියා සෙවේරා සමග විවාහ වූවා පමණක් නොව, කිතුනු දහම නැවත ස්ථාපිත කළේය. යුසේබියස් මේ පිළිබඳ කැපී පෙනෙන ප්‍රකාශයක් කළේය: “ඔහු කිතුනුවෙකු වූ අතර සභාවේ යාච්ඤාවලට ඇදහිලිවන්තයන් සමග එක්වීමට අවශ්‍ය වූ බව වචනයෙන් පැවසේ/ කටකතා ඇත” (6.34). මෙය සත්‍යයක් නම්, පළමු ක්‍රිස්තියානි අධිරාජ්‍යයා වනු ඇත්තේ පිලිප් මිස කොන්ස්ටන්ටයින් නොවේ. එහෙත් පිලිප් ආගමට සංවර්තනය වූවාද යන්න සැක සහිතය. “වචනයෙන් පැවසේ/ කටකතා ඇත” හෝ “විශ්වාස කිරීමට හේතු සාධක ඇත” යන යුසේබියස්ගේ වාක්‍යඛණ්ඩය, රෝමය ඔහුගේ පාලන සමයේදී ඇගේ දහස්වන සංවත්සරය සැමරීමත් සමග යන සටහනක් එක් කරන අතර, අධිරාජ්‍යයා ඔහුගේ ක්‍රිස්තියානි ධර්මය ප්‍රසිද්ධියට පත් කළේ නම් නිසැකවම බාධා ඇති වීමට ඉඩ තිබුණි. ඉස්ලාම් දහම තවමත් වසර හාරසියයකට වැඩි කාලයක් අනාගතයේදී ඇති වූ ආගමක් විය. කෙසේ වෙතත්, එවකට සිටි අරාබිවරුන්ට ක්‍රිස්තියානි ආගමට සංවර්තනය වීමට හැකි වූ අතර, ඔවුහු එසේ සංවර්තනය වූහ. ඊළඟ අධිරාජ්‍යයා “පිලිප්ට වෛර කිරීම හේතුකොටගෙන” සභාවලට පීඩා කළ බැවින්, යුසේබියස් පවසන පරිදි, පිලිප්ගේ පැත්තෙන් ක්‍රිස්තියානි ලෝකය කෙරෙහි යහපත් ආකල්පයක් තිබූ බවට අපට අවම වශයෙන් පුරෝකථනය කළ හැකිය. ඔහු 249දී ඩේෂියස්ගේ නායකත්වයෙන් යුත් කැරැල්ලක් මැඩපැවැත්වීමට උත්සාහ කරමින් සිටියදී වෙරෝනා අසලදී මරා දමන ලදී.

ඩේෂියස් (249-251) කිතුනුවන්ට සම්බන්ධයෙන් රෝමානු දේශපාලනයේ දැඩි වෙනසක් හඳුන්වා දුන්නේය. මෙතෙක් වරින් වර සභාවට එල්ල වූ ප්‍රාදේශීය පීඩාවන් දැන් ක්‍රමානුකූල, අධිරාජ්‍ය ව්‍යාපාරයක් බවට පත් වී ඇති අතර, ඩේෂියස් නගරයෙන් නගරය, වාට්ටුවෙන් වාට්ටුව, කාමරයෙන් කාමරය සහ නිවසින් නිවසට යමින් ක්‍රිස්තියානි අය අධිරාජ්‍ය බලය ලත් සෙවීමේ නියෝගයක් මගින් අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළේය. අධිරාජ්‍යයේ කැලඹීමට කිතුනුවන් වගකිව යුතුය යන අදහස අනෙකුත් අන්‍ය ජාතීන්ගේ අදහසට එකඟ වූ ඔහුට සාම්ප්‍රදායික දෙවිවරුන් සහ අධිරාජ්‍ය වන්දනාවේ මිථ්‍යා ඇදහිල්ල වෙත නැවත පැමිණීම මගින් පමණක් රෝමය පුනර්ජීවනය ලබනු ඇති බවට හැඟී ගියේය. ඔහුගේ ආඥාව මගින් සියලුම පුරවැසියන්ට කොමසාරිස්වරුන් ඉදිරියේ නමස්කාර ක්‍රියාවක් කරන ලෙස නියෝග කළේය – බොහෝ විට අධිරාජ්‍යයාගේ උඩුකය ඉදිරිපිට දැල්වෙන පහනකට සුවඳ දුම් ටිකක් විසි කිරීමට වඩා වැඩි දෙයක් සිදු නොවීය – ඉන්පසුව ඔවුන්ට පූජා ඔප්පු කළ බවට සහතිකයක් (ලිබෙලස්/ libellus)) ලැබෙනු ඇත. පූජා ඔප්පු කිරීම ප්‍රතික්ෂේප කළ අයට සිරගත වීමට, වහල්භාවයට සහ මරණයට පත් වීමට සිදු විය.

ක්‍රිස්තියානි අය මෙයට ආකාර හතරකින් ප්‍රතිචාර දැක්වූහ. සමහරු පලාගියහ. නැතිනම් සොහොන්වල හෝ වෙනත් ස්ථානවල හෝ සැඟවී සිටියහ. පීඩනය යටතේ වැටී “පූජා” ඔප්පු කරන ලද තවත් අය, ලැප්සි/ lapsi, “වැටුණු අය” ලෙස හැඳින්විණි ආණ්ඩුවේ මිතුරන් සිටි තවත් සමහරු, කිසිදා පූජා ඔප්පු නොකළත් ඔවුන් වෙනුවෙන් සහතික ලියාගත්හ. ඔවුන් ලයබෙලටිස්/libellatici, “සහතික ලැබූවන්” ලෙස හැඳින්විණි. එමෙන්ම පූජා ඔප්පු කිරීම ප්‍රතික්ෂේප කළ ඇදහිය නොහැකි තරම් නිර්භීත ඇදහිලිවන්තයන් සිරගතව සිටියදී “ඇදහිල්ල ප්‍රකාශ කරන්නන්” ලෙස හැඳින්වූ නමුත් ඔවුන්ගේ වධ හිංසා විඳීමෙන් සහ මරණයන් පසුව වේදසාක්ෂිකයන් “සාක්ෂිකරුවන්” ලෙස හඳුන්වනු ලැබූහ.

යුසේබියස් විසින් නිරූපණය කරන ලද ඇලෙක්සැන්ඩ්‍රියාවේ සහ සිසේරියාවේ බිහිසුණු සිදුවීම් සඳහා දේශපාලන පසුබිම මෙයයි. ඩේෂියස්ගේ කෙටි පාලන සමය සහ යුධ පිටියේදී අහම්බෙන් මිය යාම හේතුවෙන් ඔහුගේ දරුණු සැලැස්ම විශාල වශයෙන් ඉටු කර ගැනීමට ඔහුට නොහැකි විය.