ශාන්ත අන්තෝනි තුමාගේ ජීවිතය (The Life of Saint Anthony)

Athanasius, The Life of Saint Anthony, in Sinhala


පූර්විකාව

භක්තිවන්තකමේ පුහුණුවේදී ඊජිප්තුවේ පූජකයන් සමග සමාන වීමේ නැතිනම් ඔවුන් අබිබවා යාමේ ඔබේ අධිෂ්ඨානය නිසා ඔබ උදාර තරගයකට අවතීර්ණ වී ඇත. මන්ද මේ කාලය වන විට ඔබ අතර පූජකාරාම පිහිටුවා තිබූ අතර පූජක තන්ත්‍රය මහජන ගෞරවයට පාත්‍ර වී තිබිණි. එමනිසා, මෙම තීරණයට සියලු මිනිසුන් සහයෝගය දක්වනු ඇති අතර, ඔබේ යාච්ඤාවට පිළිතුරු වශයෙන් දෙවියන් වහන්සේ එය ඉටු කරනු ඇත. දැන් ඔබ භාග්‍යවත් අන්තෝනි තුමාගේ ජීවිතය කතාව විස්තර කරන ලෙස මගෙන් ඉල්ලා සිටි බැවින්, එතුමාගේ ගමන ආරම්භ කළ ආකාරයත්, ඊට පෙර ඔහු කෙබඳු ආකාරයේ මිනිසෙකුද, ඔහු තම ජීවිතය අවසන් කළේ කෙසේද යන්නත්, ඔබත් ඔහු අනුකරණය කිරීමට පෙලඹෙන පිණිස ඔහු පිළිබඳ පවසා ඇති තොරතුරු සත්‍යයද යන්නත් පැවසීම උදෙසා අන්තෝනි තුමාගේ ජීවිතය පිළිබඳ මතකය පවා මට සැලකිය යුතු උපකාරයක් වන නිසා මම ඔබේ ඉල්ලීම කැමැත්තෙන්ම පිළිගත්තෙමි. තවද, ඔබ ඔහුගේ කතාව ඇසීමෙන් පසුව, ඔහු අගය කිරීමෙන් ඔබ්බට ගොස්, ඔහුගේ ආදර්ශය අනුගමනය කිරීමට ඔබ කැමති වනු ඇති බව මම දනිමි. ඒ පූජකවරුන් උදෙසා අන්තෝනි තුමාගේ ජීවිතය විනය පිළිබඳ සම්පූර්ණ ආදර්ශයක් ලෙස ඇති බව දැකීමෙනි. එබැවින් ඔහු පිළිබඳ යහපත් ආරංචි ගෙන ආ අයගෙන් වාර්තා කළ අයගෙන් ඔබ අසා ඇති කාරණා විශ්වාස කිරීම ප්‍රතික්ෂේප නොකරන්න. එහෙත් ඔවුන් ඔබට පවසා ඇත්තේ කරුණු කිහිපයක් පමණක් බව සිතන්න. මන්ද ඔවුන්ට එවැනි වැදගත් කරුණු පිළිබඳ සම්පූර්ණ තොරතුරු සැපයිය නොහැකි නිසාය. තවද, ඔබගේ ඉල්ලීම පරිදි, මම ඔහු පිළිබඳ විස්තර කිහිපයක් පමණක් මතකයට නඟා දක්වා ඇති නිසාත්, මට කියන්නට හැකි දේ ලිපියක් මගින් දක්වන්නෙමි. වැඩි විස්තර දැනගැනීමට මෙහි යාත්‍රා කරන අනෙකුත් අයගෙන් ප්‍රශ්න කිරීම අතපසු නොකරන්න. මන්ද සෑම කෙනෙකුම ඔවුන්ගේ කතාව පැවසූ විට, ඔහුගේ ජයග්‍රහණවල විශිෂ්ටත්වය ග්‍රහණය කර ගැනීමට ප්‍රමාණවත් තරම් සම්පූර්ණ වාර්තාව තවදුරටත් අඩු විය හැකිය. මේ නිසා ඔබතුමාගේ ලිපිය ලැබුණු පසුව, විශේෂයෙන්ම එතුමා සමග වැඩි කාලයක් ගත කළ පූජකවරුන් කිහිප දෙනෙකු කැඳවීමට මට අවශ්‍ය වූ නිසා ඔබට එවීමට අලුත් විස්තර එකතු කර ගැනීමට මට හැකි විය.‍ එහෙත් යාත්‍රා කාලය අවසන් වෙමින් තිබූ නිසාත්, ලියුම් රැගෙන යන්නා හදිස්සිය නිසාත්, මා ඔහුට බොහෝ කාලයක් සේවය කළ නිසාත්, ඔහු බොහෝ වාරයක් දැක, ඔහුට කාර්යයන් සඳහා උදව් කළ නිසාත්, මා පෞද්ගලිකව දන්නා දේ සහ ඔහුගෙන් ඉගෙන ගත් දේ ඉක්මනින් ඔබට ලිව්වෙමි. මේ ලිපිය පුරාවටම, මම සත්‍යය ලිවීමේ වැදගත්කම මතකයේ තබා ගත්තෙමි, ඕනෑවට වඩා තොරතුරු වැඩි නිසා කිසිවෙකු මෙය අවිශ්වාස නොකරන බවටත්, තොරතුරු අඩු නිසා ඔහු හෙළා නොදැමීමටත් වග බලා ගත්තෙමි.

අන්තෝනි තුමාගේ උපත සහ සේවයේ ආරම්භය

1. අන්තෝනි තුමා, උපතින් ඊජිප්තු සම්භවයක් ඇති අයෙකි; ඔහුගේ දෙමාපියෝ ගෞරවනීය පවුලකින් පැමිණි අතර සැලකිය යුතු ධනයකට හිමිකම් කියූහ. ඔවුන් කිතුනුවන් වූ බැවින් ඔහුද එම ඇදහිල්ල තුළම ඇති දැඩි කරනු ලැබූ බව ඔබ දැනගත යුතුයි. කුඩා කල සිටම ඔහු හැදී වැඩුණේ ඔහුගේ දෙමාපියන්, ඔවුන් සහ ඔහුගේ නිවස හැරුණුකොට අන් කිසිවක් ගැන නොදැනය. කෙසේ වෙතත්, ඔහු පිරිමි ළමයෙකු ලෙස වයසින් වැඩෙත්ම ඔහු ඉගෙන ගැනීමට උනන්දුවක් නොදැක්වූ අතර, වෙනත් පිරිමි ළමයින් සමග ඇසුරු කිරීමට ආශාවක් ඔහුට නොතිබුණි. ඒ වෙනුවට, උත්පත්ති 25:27 යාකොබ් ගැන ලියා ඇති පරිදි, ඔහුගේ එකම ආශාව වූයේ නිවසේ සරල මිනිසෙකු ලෙස ජීවත් වීම විය. ඔහු තම දෙමාපියන් සමග ස්වාමින් වහන්සේගේ ගෘහයට පැමිණීමට පුරුදුව සිටියේය. කුඩා කාලයේදී ඔහු අලසයෙකුව සිටියේ නැත. එසේම වැඩිහිටියෙකු ලෙස ඔහු දෙමාපියන් හෙළා දුටුවේ නැත. එහෙත් ඔහු සෑම විටම තම පියාට සහ මවට කීකරු වූ අතර, ඔහු ඉගෙනගත් වටිනා පාඩම් තම හදවතේ රඳවා තබාගෙන, ශුද්ධලියවිල්ල කෙරෙහි අවධානයෙන් සිටියේය. තවද කුඩා දරුවෙකු ලෙස ඔහු සුවපහසු ලෙස හැදී වැඩුණේ වුවද, කිසි විටෙකත් විවිධාකාර හෝ සුඛෝපභෝගී දේ ඉල්ලා දෙමාපියන්ට කරදර කළේ නැත. එවැනි දේවල් ඔහුට ප්‍රීතිය ගෙන දුන්නේ නැත. එහෙත් ඔහු තමා සතු ඕනෑම දෙයකින් සෑහීමකට පත් වූ අතර වැඩි යමක් සෙවුවේ නැත.

2. ඔහුගේ පියාගේ සහ මවගේ මරණයෙන් පසුව ඔහු එක් කුඩා සහෝදරියක සමග තනි විය: එවිට ඔහුගේ වයස අවුරුදු දහඅටක් හෝ විස්සක් පමණ වූ අතර, ඔහු ගෙදර කළමනාකරණය සහ ඇය රැකබලා ගැනීමේ වගකීම භාර ගත්තේය. ඔහුගේ දෙමව්පියන්ගේ මරණයෙන් මාස හයකට පමණ පසුව, ඔහු සුපුරුදු පරිදි දේවස්ථානයට ගොස්, එහි ඇවිදිමින් මෙනෙහි කරමින් සිටියදී, මතෙව් 4:20 අපෝස්තුළුවරුන් සියල්ල අත්හැර ගැලවුම්කරුවා පසුපස ගිය ආකාරය සහ ඔවුන් ක්‍රියා 4:35 සඳහන් පරිදි ඔවුන්ගේ දේපළ විකුණා එම මුදල් දුප්පතුන්ට බෙදා දීම සඳහා අපොස්තුළුවරුන්ට දුන් ආකාරය මෙන්ම ස්වර්ගයේ ඔවුන් බලාපොරොත්තුවෙන් සිටි විපාකය කොතරම් විශාලද යන්න පිළිබඳ කල්පනා කළේය. ඔහු මේ දේවල් ගැන කල්පනා කරමින් දේවස්ථානයට ඇතුළු වූ අතර, ශුභාරංචියෙහි මතෙව් 19:21 ‘ඔබ සම්පූර්ණ වීමට කැමති නම්, ගොස් ඔබ සන්තක සියල්ල විකුණා දිළිඳුන්ට දෙන්න, මා අනුව එන්න. එවිට ඔබට ස්වර්ගයෙහි වස්තු ඇති වනු ඇත,’ යයි සවාමින් වහන්සේ ධනවත් මිනිසාට කියූ පාඨය කියවනු ඔහුට ඇසිණි. දෙවියන් වහන්සේ ශුද්ධවන්තයින් ගැන එම කොටසෙහි දක්වා ඇති ආකාරයට අනුව, අන්තෝනි තුමාට හැඟුණේ දෙවියන් වහන්සේ තමාට එම පාඨය තුළින් තමාට කෙළින්ම කතා කළා සේය. එබැවින් ඔහු දේවස්ථානයෙන් පිටව ගොස් තම මුතුන් මිත්තන්ගේ දේපළ – අක්කර තුන්සියයක සරු බිම් – ගම්මුන්ට ලබා දුන්නේය. ඒ ඒවා තවදුරටත් තමාට සහ තමාගේ සහෝදරියට අවහිරයක් නොවිය යුතු වන පිණිසය. එසේම ඔහු වටිනා අනෙක් සියල්ල විකුණා, විශාල මුදලක් එකතු කරගෙන ඒවා දුප්පතුන්ට ලබා දුන්නේය. එහෙත් ඔහුගේ සහෝදරියගේ රැකවරණය සඳහා කුඩා කොටසක් තබා ගත්තේය.

එතුමාගේ මුල්කාලීන තපස් ජීවිතය

3. නැවතත් ඔහු දේවස්ථානයට ගිය විට, එබැවින් හෙට දවස ගැන කනස්සලු නොවෙන්න. හෙට දවස ඒ ගැනම කරදරවන්නේය. දවසේ කරදරය ඒ දවසට සෑහෙයි,’ යනුවෙන් මතෙව් 6:34 කියවනු ඇසුණු විට, ඔහුට එහි තවදුරටත් රැඳී සිටීමට නොහැකි වූ අතර, ඔහු පිටතට ගොස් අනෙක් සියල්ල දුප්පතුන්ට දුන්නේය. තම සොහොයුරිය දන්නා සහ විශ්වාසවන්ත කන්‍යා සොහොයුරියන් වෙත භාර දී, ඇය ඇති දැඩි කිරීම සඳහා කන්‍යාරාමයකට යොමු කර, ඔහු එතැන් සිට තම නිවසින් පිටත විනය සඳහා කැපවී, තමා ගැනම අවධානය යොමු කරමින් ඉවසීමෙන් යුතුව පුහුණු විය. මන්ද, එකල ඊජිප්තුවේ එතරම් පූජකාරාම නොතිබූ අතර, කිසිදු පූජකවරයෙකු ඈත කාන්තාරය ගැන දැන සිටියේ නැත. එහෙත් තමන් ගැන අවධානය යොමු කිරීමට කැමති සියල්ලෝම තම ගම් අසල හුදකලාවේ එය පුරුදු කළහ. අසල ගමක තරුණ වියේ සිටම පැවිදි ජීවිතයක් ගත කළ මහලු මිනිසෙක් සිටියේය. අන්තෝනි තුමා, මෙම පුද්ගලයා හමුවීමෙන් පසු, ඔහුගේ භක්තිය අනුකරණය කිරීමට තෝරා ගත්තේය. මුලදී ඔහු ගමෙන් පිට ප්‍රදේශවල ජීවත් වීමට පටන්ගත්තේය. එවිට ඥානවන්ත මී මැස්සෙකු මෙන් යහපත් මිනිසෙකු ගැන ඇසුවහොත්, ඔහු ඔවුන් සොයා යන අතර, ඔවුන් හමුවන තුරු ආපසු නිවසට නොපැමිණේ. ඔහු මේ සත්පුරුෂයන්ගෙන් තම භක්තිවන්ත ගමන ඉදිරියට ගෙන යාමට අවශ්‍ය දේ ලබාගෙන ඔහු නැවත පැමිණෙයි. හුදෙකලාවේ ජීවත් වූ ඔහු නැවත තම පරම්පරාගත නිවසට නොයෑමට හෝ තම ඥාතීන් ගැන නොසිතීමට ඇති අධිෂ්ඨානය යළිත් තහවුරු කළේය. ඒ වෙනුවට, ඔහු තම සියලු ආශාවන් සහ ශක්තිය යොමු කළේ ඔහුගේ ස්වයං විනය පරිපූර්ණ කර ගැනීම සඳහාය. ‘ මක්නිසාද යමෙක් වැඩකරන්ට කැමති නැත්නම් ඔහු කෑම නොකා සිටීවා,’ 2 තෙසලෝනික 3:10 යන ඉගැන්වීම අනුව ඔහු තම දෑතින් වැඩ කළේය, ඔහු උපයන මුදලින් කොටසක් ආහාර සඳහා වියදම් කළ අතර ඉතිරිය දුප්පතුන්ට දුන්නේය. තවද, මිනිසෙකු රහසින්, නොකඩවා යාච්ඤා කළ යුතු බව දැන, ඔහු නොකඩවා යාච්ඤා කළේය. මන්ද කිසිවක් අමතක නොවන පරිදි ඔහුට කියවන ලද දේ කෙරෙහි ඔහු එතරම් අවධානයක් යොමු කළේය. ඔහු සෑම දෙයක්ම මතක තබා ගත් අතර පසුව ඔහුගේ මතකය ඔහුගේ පොත් ලෙස භාවිත කළේය.

4. මෙසේ හැසිරුණු අන්තෝනි තුමා සියල්ලන්ගේම ආදරයට පාත්‍ර විය. ඔහු තමා බැලීමට ගිය යහපත් මිනිසුන්ට අවංකව යටත් වූ අතර, ඔවුන් සෑම කෙනෙකුම ජ්වලිතයෙන් හා හික්මවීමෙන් තමා අබිබවා යන තැන් හොඳින් ඉගෙන ගත්තේය. ඔහු එක් මිනිසෙකුගේ කරුණාව දැක්වීම, තවත් කෙනෙකුගේ නොකඩව යාච්ඤා කිරීම, තවත් කෙනෙකුගේ කෝපය පාලනය කරගැනීම සහ තවත් කෙනෙකුගේ අනුකම්පාව නිරීක්ෂණය කළේය. ඔහු එසේ නිරීක්ෂණය කරන කල එක් මිනිසෙකුගේ ක්‍රියාවන් කෙරෙහි අවධානය යොමු කළේය. තවත් අයෙකු පාඩම් කරන ආකාරය පිළිබඳ අවධානය යොමු කළේය. තව අයෙකුගේ විඳ දරාගැනීම ඔහු අගය කළේය, තවත් කෙනෙකු නිරාහාරව සිටීම සහ බිම නිදාගැනීම අගය කළේය. කෙනෙකුගේ නිහතමානිකම සහ තවත් කෙනෙකුගේ බොහෝ ඉවසිලිවන්තකම ඔහු සැලකිල්ලෙන් නිරීක්ෂණය කළේය. ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි සෑම කෙනෙකුගේම භක්තිය සහ ඔවුන්ගේ අන්‍යෝන්‍ය ප්‍රේමය ඔහු සැලකිල්ලට ගත්තේය. මෙසේ පුරවාගත් ඔහු මෙතැන් සිට සෑම කෙනෙකුගේම ගුණාංග එක් කිරීමට තීරණය කරමින් නැවත තමාගේම විනය ස්ථානයට පැමිණියේය. එසේ සියල්ලන්ගේම ගුණධර්ම තම ජීවිතය තුළ විදහා දැක්වීමට ඔහු උනන්දු විය. වඩා උසස් කාරණාවලදී ඔවුන්ට දෙවැනි නොවිය යුතුය යන්න හැර ඔහුගේ වයසේ අන් අය සමග ඔහුට එදිරිවාදිකමක් නොතිබුණි. ඔහු මෙය සාක්ෂාත් කර ගත්තේ කිසිවෙකු අමනාප නොවන ආකාරයටය, එහෙත් ඔවුහු ඔහුගේ දියුණුව ගැන සතුටු වූහ. එසේ ඒ ගමේ සියලුම දෙනා සහ ඔහු ළඟින් ඇසුරු කළ යහපත් මිනිස්සු ඔහු මේ ආකාරයේ අයෙකු බව දැක ඔහු දෙවියන් වහන්සේගේ ප්‍රේමණීය තැනැත්තා ලෙස හැඳින්වූහ. සමහරුන් ඔහු පුතෙකු ලෙස පිළිගත් අතර තවත් සමහරු ඔහු සහෝදරයෙකු ලෙස සැලකූහ.

යක්ෂයා සමග මුල්කාලීන ගැටුම්.

5. එහෙත් යහපත් දේට ද්වේෂ කරන සහ ඊර්ෂ්‍යා කරන යක්ෂයා, යෞවනයෙකු තුළ එවැනි දැඩි අධිෂ්ඨානයක් ඇති බව දැකීම ඉවසා සිටිය නොහැකි වූ අතර, ඔහු අන් අයට එරෙහිව ක්‍රියාත්මක කිරීමට පුරුදුව සිටි දේ ඔහුට එරෙහිව ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළේය. පළමුවෙන්ම, ඔහු තම ධනය සිහිපත් කිරීම, තම සහෝදරියට ඇති වගකීම්, ඥාතීන්ගේ ඉල්ලීම්, මුදලට ඇති ආදරය, තේජසට ආදරය, ආහාර සහ වෙනත් සැප සම්පත් පිළිබඳ පරීක්ෂාවන් සහ අවසානයේ වැඩ සහ ගුණධර්ම අභියෝගවල ඇති දුෂ්කර බව සිහිපත් කරමින්, ශරීරයේ දුර්වලකම සහ ඔහුගේ ගමනේ දිගු කාලය ගැනද ඔහු ඔහුට මතක් කර ඔහුගේ විනයෙන් ඈත් කිරීමට උත්සාහ කළේය. ඔහු තම අධිෂ්ඨානය තුළ ස්ථිරව සිටීම වැළැක්වීමේ අරමුණින් ඔහුගේ සිතුවිලි තුළ ව්‍යාකූල බවක් ඇති කළේය. එහෙත් අන්තෝනි තුමාගේ නොසැලෙන අධිෂ්ඨානයට එරෙහිව තමා දුර්වල බවද, අන්තෝනි තුමාගේ දැඩි ඇදහිල්ලෙන් සහ නොපසුබස්නා යාච්ඤාවෙන් තමා පරාජයට පත්වන බවද යක්ෂයාට වැටහුණු විට, දිගුකාලීනව ඔහු වෙත ඇති සුපුරුදු ආයුධ කෙරෙහි විශ්වාසය තැබීය. ඔහු තරුණ – ශාරීරික ආශාවන්ට එරෙහිව විශේෂයෙන් ඵලදායී වන තම පරීක්ෂා කිරීමේ මෙවලම් වෙත යොමු විය. ඔහු තරුණයාට පහරදී, දිවා රෑ දෙකේම ඔහුට වධ දීමට පටන් ගත් අතර, බලා සිටින අයට පවා ඔවුන් අතර සිදුවන අරගලය දැක ගත හැකි විය. එක් අයෙකු අපිරිසිදු සිතුවිලිවලින් ඔහු පොලඹවනු ඇත, අනෙකා යාච්ඤාවෙන් ඒවාට ප්‍රතිප්‍රහාර එල්ල කරයි: එක්කෙනෙක් රාගයෙන් ඔහුගේ ආශාවන් අවුස්සයි, අනෙකා, නිහතමානී හැඟීමකින්, ඇදහිල්ල, යාච්ඤාව සහ නිරාහාරව සිටීමෙන් ඔහුගේ ශරීරය ශක්තිමත් කර ගනී. එසේම අසතුටින් සිටි යක්ෂයා එක් රාත්‍රියක ස්ත්‍රියකගේ ස්වරූපයෙන් අන්තෝනි තුමා රැවටීමට උත්සාහ කිරීම සඳහා ඇගේ සියලු ක්‍රියාවන් අනුකරණය කළේය. කෙසේ වෙතත්, අන්තෝනි තුමා, ඔහුගේ මනස ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීමෙන් සහ ඔහු විසින් ආනුභාව ලත් උසස් කැඳවීමෙන් පිරී, ආත්මයේ ආත්මික ස්වභාවය කෙරෙහි අවධානය යොමු කර, යක්ෂයාගේ රැවටීමේ ගිනිදැල් නිවා දැමීය. නැවත වරක්, යක්ෂයා ඔහු පෙලඹවූයේ සැප පහසු බවෙනි. එහෙත් කෝපයෙන් හා ශෝකයෙන් පිරුණු මිනිසෙක් මෙන් අන්තෝනි තුමා, එළැඹෙන ගින්න සහ නොනවතින වධහිංසා දෙසට තම සිතුවිලි යොමු කර, ඒවා තම සතුරාට එරෙහිව ආයුධයක් කර ගනිමින්, පරීක්ෂාව නොසැලී ජය ගත්තේය. මේ සියල්ල ඔහුගේ සතුරාට ලජ්ජාවක් විය. මන්ද තමන් දෙවියන් වහන්සේට සමාන යැයි සැලකූ ඔහු දැන් තරුණයෙකු විසින් සමච්චලයට ලක් කරනු ලැබ ඇත. එමෙන්ම මනුෂ්‍ය ස්වභාවය අබිබවා යන බවට ආඩම්බරයෙන් පුරසාරම් දොඩන තැනැත්තා පැරදුණේ ලේ මස් ඇති මිනිසෙකුටය. මක්නිසාද ස්වාමින් වහන්සේ අන්තෝනි තුමා සමග ක්‍රියා කරමින් සිටි සේක -1 කොරින්ති 15:10 සඳහන් පරිදි, සැබෑ ලෙස සටන් කරන අයට පැවසීමට හැකි වන පරිදි, අප උදෙසා මාංසවත් වී ශරීරයට ජය ලබා දුන් එම ස්වාමින් වහන්සේම අන්තෝනි තුමාට සහාය දුන් සේක. ‘එසේ කළේ මා නොව මා කෙරෙහි තිබුණාවූ දෙවියන්වහන්සේගේ අනුග්‍රහයය.’

6. අවසානයේදී මේ ආකාරයෙන් මකරාට අන්තෝනි තුමා පරද්දන්නට නොහැකිව, ඔහු තම සිතින් වීර්ය කරනු දැක, ඔහු වෙත ලියා ඇති ආකාරයට දත්මිටි කාගෙන ඔහු වෙත රැඳෙන කල ඔහුගේ මනසේ අන්ධකාරය පිළිබිඹු කරන ආකාරයට අන්තෝනි තුමාට කළු කොල්ලෙකු මෙන් පෙනෙන්නට විය. තවද, ඔහු ඉදිරියෙහි වැතිර සිටිමින්, ඔහු තවදුරටත් සිතුවිලිවලින් ඔහු පරීක්ෂාවට ලක් කළේ නැත. මන්ද ඔහුගේ වංචාකාරී ස්වභාවය පරාජයට පත් වී ඇත. එහෙත් අවසානයේ ඔහු මිනිස් කටහඬින් කතා කරමින් මෙසේ කීය. ‘මා බොහෝ දෙනෙකු රැවටුවා, බොහෝ දෙනෙකු මා හෙළා දැමුවා; එහෙත් දැන් මට තවත් බොහෝ දෙනෙකු සිටියාක් මෙන් ඔබටත් ඔබේ උත්සාහයට පහර දීමෙන් මම දුර්වල වීමි.’ ‘මා සමග මෙසේ කතා කරන ඔබ කවුද?’ යනුවෙන් අන්තෝනි තුමා ඇසූ විට, ‘මම වේශ්‍යාකමේ මිතුරා වෙමි, මම තරුණයන් පාපයට ගෙන යන පෙලඹවීම් ඇති කර ඇත්තෙමි. මට කාමාශාවේ ආත්මය යැයි කියනු ලැබේ. මා ධාර්මිකව ජීවත් වීමට කැමති කී දෙනෙක් රවටා ඇත්ද, නිර්මල පුද්ගලයන් කී දෙනෙක් මම මගේ උසිගැන්වීම්වලින් රැවටුවෙම්ද!’ යනුවෙන් යක්ෂයා දුක්මුසු හඬින් පිළිතුරු දුන්නේය. ” අනාචාර ආත්මය විසින් නොමඟ ඔබ යවනු ලැබ ඇත,” යයි පවසමින් හොෂෙයා 4:12 අනාගතවක්තෘවරයා වැටී සිටින අයට තරවටු කරන්නේ මා ගැනය. මන්ද මා කරණකොටගෙන ඔවුහු පැකිළීමට පත් වී සිටිති. ඔබට බොහෝ විට වධ දුන් සහ ඔබ බොහෝ විට පරාජය කළ තැනැත්තා මමයි. එහෙත් අන්තෝනි තුමා, ස්වාමින් වහන්සේට තුති පුදමින් නිර්භීතව ඔහුට මෙලෙස පැවසුවේය. ‘එසේ නම් ඔබ ඉතා නින්දිතයි, මන්ද ඔබ කුඩා කල සිටම දුර්වලයි. මෙතැන් පටන් ඔබගෙන් මට කිසි කරදරයක් නොවන්නේය, මක්නිසාද ස්වාමින් වහන්සේ මාගේ උපකාරකාරයාණෝය, මම මගේ සතුරන්ට එරෙහිව ජයග්‍රහණය කරන්නෙමි.’ එය ඇසූ යක්ෂයා එකෙණෙහිම පලා ගියේ ඒ වචනවලට වෙව්ලමින් යළිත් අන්තෝනි තුමා අසලට ඒමට බියෙනි.

මේ කාලයේ එතුමාගේ ජීවිතය පිළිබඳ විස්තර (271-285)

7. මෙය යක්ෂයාට එරෙහිව අන්තෝනි තුමාගේ පළමුවන අරගලය විය, එසේත් නැතිනම් වඩාත් නිවැරදිව, මෙම ජයග්‍රහණය අන්තෝනි තුමා තුළ ගැලවුම්කරුවාණන් වහන්සේගේ කාර්යය විය, ‘දෙවියන්වහන්සේ තමන්වහන්සේගේම පුත්‍රයාණන් පාපමාංසයේ සමානකමෙන්ද පාපය නිසාද එවා, මාංසයේ පාපය දඬුවමට පත්කරමින්, මාංසය කරණකොටගෙන දුර්වලවූ ව්‍යවස්ථාවට බැරිවූ දේ ඉෂ්ටකළසේක. එසේ කළේ මාංසික ලෙස නොව ආත්මිකලෙස හැසිරෙන්නාවූ අප තුළ ව්‍යවස්ථාවේ නියෝගය සම්පූර්ණවෙන පිණිසය.’ කෙසේ වෙතත්, යක්ෂයාගේ පරාජය නොතකා, අන්තෝනි තුමා ඔහු පිළිබඳ සැලකිල්ල ලිහිල් කර ඔහු හෙළා දුටුවේ නැත. සතුරා පරාජය වූවාක් මෙන් ඔහුට උගුල් ඇටවීම නතර කළේද නැත. නැවත වරක්, සතුරා සිංහයෙකු මෙන් ඔහුට විරුද්ධව පහර දීමට අවස්ථාවක් සොයමින් ඇවිද ගියේය. මක්නිසාද ඔහු නැවතත් සිංහයෙකු මෙන් ඔහුට යම් අවස්ථාවක් සොයමින් වටේ ගියේය. එහෙත් එපීස 6:11 යක්ෂයාගේ උපක්‍රම බොහෝ බව ශුද්ධලියවිල්ලෙන් අවබෝධ කරගත් අන්තෝනි තුමා, යක්ෂයා ශාරීරික සතුටෙන් ඔහු පොලඹවා ගැනීමට අසමත් වුවද, ඔහු වෙනත් ආකාරවලින් ඔහු කොටු කිරීමට උත්සාහ කරන බව විශ්වාස කරමින්, ජ්වලිතයෙන් ඔහුගේ හික්මීමෙහි නිරත විය. මක්නිසාද යක්ෂයා පාපයට ආදරය කරන බැවිනි. එබැවින්, ඔහු තම ශරීරය වඩ වඩාත් යටපත් කර, එය පාලනය යටතේ තබා ගත්තේය, ඒ එක් පැත්තකින් ජයග්‍රහණය කිරීමෙන් පසු අනෙක් පැත්තෙන් කඩා වැටීමට තුඩු දෙනු ඇතැයි යන බියෙනි. මේ අනුව, ඔහු වඩාත් දැඩි ජීවන රටාවකට පුහුණු කිරීමට තීරණය කළේය. බොහෝ දෙනෙකු මවිතයට පත් වූ නමුත්, ඔහුගේ දිගුකාලීන වර්ධනය වූ උද්යෝගය ඔහු තුළ ශක්තිමත් පුරුද්දක් ඇති කර ඇති බැවින්, අන් අයගෙන් අවම දිරිගැන්වීමක් සහිතව විශාල ජ්වලිතයක් පෙන්වීමට ඔහුට හැකි වූ බැවින්, ඔහු මේ කාරණය සම්බන්ධයෙන් විශාල ජ්වලිතයක් පෙන්නුම් කළේය. ඔහු කෙතරම් දැඩි ලෙස සෝදිසියෙන් සිටියේද යත්, ඔහු බොහෝ විට මුළු රාත්‍රියම අවදියෙන් සිට යාච්ඤා කළේය, මෙය එක් වරක් පමණක් නොව බොහෝ විට අන් මවිතයට පත් කළේය. ඔහු දිනකට එක් වරක් පමණක්, ඉර බැස ගිය පසුව, සමහර විට දින දෙකකට වරක්, සහ බොහෝ විට සෑම දින හතරකට වරක් පවා ආහාර ගත්තේය. ඔහුගේ ආහාරය පාන් සහ ලුණුවලින් සමන්විත වූ අතර ඔහුගේ එකම පානය ජලය විය. මස් සහ මිදි යුෂ ගැන කතා කිරීම පවා අවශ්‍ය නැත, මන්ද එවැනි දේවල් වෙනත් සැදැහැවත් මිනිසුන්ගේ ජීවිතවලද නොතිබුණි. පන්වලින් සාදන ලද පැදුරක් ඔහුගේ යහන විය, එහෙත් ඔහු වැඩිපුරම නිදාගත්තේ බිමය. තරුණයන් ශරීරය දුර්වල කරන දේවල්වලට වඩා දැඩි පුහුණුවකට යොමු විය යුතු බව විශ්වාස කරමින් ඔහු තෙල් ආලේප කිරීමෙන් වැළකී සිටියේය; ඒ වෙනුවට, ඔවුන් ශරීරය වෙහෙස මහන්සි වී වැඩ කිරීමට පුරුදු කළ යුතුය. අපොස්තුළු තුමාගේ 2 කොරින්ති 12:10 ‘මක්නිසාද මම දුර්වලව සිටින කලම ශක්තිමත්ව සිටිමි’ යන වදන් සැලකිල්ලට ගනිමින් එසේ කළේය. ඔහු එය පැහැදිලි කළේ මෙසේය, ‘ශරීරය තෘප්තිමත් කිරීම අඩු වූ විට ආත්මය වඩාත් ඔරොත්තු දෙයි’. තවද ඔහු සැබවින්ම මෙම අපූරු නිගමනයට පැමිණ ඇත, එනම් ‘ භක්තිවන්තකමේ දියුණුව සහ ඒ සඳහා ලෝකයෙන් ඉවත් වීම මැනිය යුත්තේ කාලයෙන් නොව, කෙනෙකුගේ ආශාව සහ අරමුණෙහි ස්ථාවරත්වය අනුවය.’ ඔහු අඩුම තරමින් අතීතය ගැන සිතුවේ නැත, එහෙත් දිනෙන් දින, ඔහුගේ විනය තුළ නැවුම් ලෙස ආරම්භ කරන්නාක් මෙන්, ඔහු තම දියුණුව සඳහා වැඩි උත්සාහයක් යෙදුවේය. බොහෝ විට පිලිප්පි 3:14 පාවුල් තුමාගේ වචන නිතර සිහිපත් කළේය. පස්සෙන් තිබෙන දේ මතක නැතිකොට, ඉස්සරහට තිබෙන ඒවා දෙසම බලාගන යමින්, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ දෙවියන්වහන්සේගේ උතුම් කැඳවීමේ දිනුම පිණිස දිනුම්පළ කරා දුවමි.’1 රාජාවලිය 18:15, ‘ මා සේවයකරන සේනාවල ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම මම ඒකාන්තයෙන් ඔහුට පෙනෙන්නෙමි,’ යයි පැවසූ අනාගතවක්තෘ එලියාගේ වදන්ද ඔහු සිහිපත් කළේය. අනාගතවක්තෘවරයා “අද” යැයි පැවසූ විට, අනාගතවක්තෘවරයා ගෙවී ගිය කාලය ගණනය නොකළ බව ඔහු නිරීක්ෂණය කළේය. එහෙත් සෑම දිනකම ආරම්භයේ සිටම ඔහු දෙවියන් වහන්සේ ඉදිරියෙහි පෙනී සිටීමට සුදුසු බවට පත් කර ගැනීමට උනන්දුවෙන් උත්සාහ කළ අතර, හදවතින් නිර්මලව සිටීමට සහ උන් වහන්සේට පමණක් යටත් වීමට සැමවිටම සූදානම්ව සිටියේය. ශ්‍රේෂ්ඨ එලියාගේ ජීවිතය තමාගේ ජීවිතය පිළිබිඹු කිරීමට කැඩපතක් ලෙස සේවය කළ යුතු බව ඔහු තමාටම කියා ගත්තේය.

සොහොන් ගෙවල්වල සහ එහි යක්ෂයන් සමග සටන් වැදි එතුමාගේ ජීවිතය

8. මෙසේ තම අධිෂ්ඨානය ශක්තිමත් කර ගනිමින් අන්තෝනි තුමා ගමට ඈතින් පිහිටි සොහොන් ගෙවල් වෙත පිටත් විය. දින කිහිපයකින් ඔහුට ආහාර ගෙන එන ලෙස ඔහුගේ මිතුරෙකුගෙන් ඉල්ලා සිටියේය. ඔහු එක් සොහොන් ගෙයකට ඇතුළු වූ අතර, ඔහුගේ සගයා දොර වැසූ පසු ඔහු එහි තනිවම සිටියේය. එය දරාගත නොහැකි වූ සතුරා, අන්තෝනි තුමා ඉක්මනින්ම තම විනය කාන්තාරය පුරා පතුරුවනු ඇතැයි බියෙන්, එක් රාත්‍රියක යක්ෂ රංචුවක් සමග පැමිණ ඔහුට පහර දුන් අතර, ඔහු දැඩි වේදනාවෙන් කතා කර ගැනීමට නොහැකිව බිම ඇද වැටුණි. එම වධහිංසාව කෙතරම් අධික වීද යත්, මිනිසා විසින් එල්ල කරන ලද කිසිදු පහරකින් ඔහුට එවැනි වධ හිංසාවක් ඇති කළ නොහැකි බවට ඔහු තහවුරු කළේය. එහෙත් දෙවියන් වහන්සේගේ රැකවරණයෙන් – ස්වාමින් වහන්සේ තමන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන අය කිසිවිටෙකත් අමතක නොකරන බැවින් – පසුදා ඔහුගේ මිතුරා රොටි රැගෙන එහි පැමිණියේය. එසේ දොර විවර කර බැලූ විට ඔහු මිය ගිය අයෙකු මෙන් බිම වැතිර සිටිනු දැක, ඔහු ඔසවාගෙන ගොස් ගමේ දේවස්ථානයට ගෙන ගොස් බිම තැබුවේය. අන්තෝනි තුමා මිය ගොස් ඇතැයි සිතමින් ඔහුගේ ඥාතීන් සහ ගම්වාසීන් බොහෝ දෙනෙක් ඔහුගේ මෘත දේහය වටා වාඩි වී සිටියහ. එහෙත් මධ්‍යම රාත්‍රිය පමණ වන විට ඔහුට සිහිය පැමිණ නැඟිට්ටේය. එවිට සියල්ලන්ම නිදාගෙන සිටිනු දුටු ඔහු තම මිතුරා පමණක් බලා සිටිනු දැක ඔහු තමා වෙතට එන ලෙස හිසෙන් සංඥා කළේය. කිසිවෙකු අවදි නොකර නැවත සොහොන් ගෙවල් වෙත ගෙන යන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටියේය.

9. එබැවින් ඔහුගේ මිතුරා ඔහු ආපසු රැගෙන ගිය අතර සුපුරුදු පරිදි දොර වැසූ විට ඔහු ඇතුළත තනිව සිටියේය. තුවාල නිසා ඔහුට නැගී සිටීමට නොහැකි විය, එහෙත් ඔහු බිම වැතිර සිටියදී යාච්ඤා කළේය. ඔහු යාච්ඤා කළ පසුව, ඔහු කෑගසමින් මෙසේ කීවේය. “මෙන්න මම අන්තෝනි; මම ඔබේ පහරවලින් පලා යන්නේ නෑ, මන්ද ඔබ මට තවත් පහර දුන්නත්, ඒ කිසිවක් මා ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමයෙන් මා වෙන් නොකරනු ඇත.” රෝම 8:35 පසුව ඔහු මෙලෙසින් ගායනා කළේය. ‘මට විරුද්ධව හමුදාවක් කඳවුරු බැඳගත්තත්, මගේ සිත බිය නොවන්නේය.’ මේවා තාපසයාගේ සිතුවිලි හා වචන විය. එහෙත් යහපතට ද්වේෂ කරන සතුරා, පහර දීමෙන් පසු ආපසු පැමිණීමට එඩිතර වීම ගැන මවිතයට පත් වූ අතර, තම දඩයම් බල්ලන් එක්රැස් කර, ‘අපට කාමයේ ආත්මයෙන් හෝ වේදනාවෙන් හෝ ඔහු නවත්වන්නට බැරි බව ඔබට පෙනෙයි, එහෙත් ඔහු අපට විරුද්ධ වන නිසා, අපි ඔහුට වෙනත් ආකාරයකින් පහර දෙමු.’ එහෙත් නපුර උදෙසා යක්ෂයා පහසුවෙන් ස්වරූපය වෙනස් කරයි, එබැවින් රාත්‍රියේදී ඔවුන් මෙතරම් කැලඹීමක් ඇති කළ අතර භූමිකම්පාවක් ඇති වූවාක් මෙන් මුළු ස්ථානයම කම්පනයට පත් වූ බවක් පෙනෙන්නට තිබුණි, වාසස්ථානයේ බිත්ති හතර බිඳ දමන්නාක් මෙන් යක්ෂයෝ තිරිසනුන් සහ බඩගා යන ජීවීන් ලෙස පෙනී සිටිමින් එහි ඇතුළු වූහ. එකෙණෙහිම එම ප්‍රදේශය සිංහයන්, වලසුන්, දිවියන්, ගෝනුන්, සර්පයන්, ගෝනුස්සන් සහ වෘකයන්ගේ ස්වරූපවලින් හදිසියේම පිරී ගියේය, ඒ සෑම කෙනෙකුම ඔහුගේ ස්වභාවය අනුව ගමන් කළේය. සිංහයා ගර්ජනා කරමින්, පහර දීමට කැමති විය, ගවයා උගේ අංවලින් පහරදීමට යන බවක් පෙනෙන්නට තිබුණි, සර්පයා දඟලමින් සිටි නමුත් ළං වීමට නොහැකි විය, වෘකයා වේගයෙන් දිව ගියද පසුබට විය. අවතාරවල ඝෝෂාව, ඔවුන්ගේ කෝපාවිෂ්ඨ ඝෝෂාව සමග ඉතා බියකරු විය. එහෙත් ඔවුන්ගෙන් බැට කෑ අන්තෝනි තුමාට තව තවත් දැඩි ශාරීරික වේදනාවක් දැනෙන්නට විය. කෙසේ වෙතත්, ඔහු නොසැලෙන ආත්මයෙන් යුක්තව, ශාරීරික වේදනාවෙන් කෙඳිරිගාමින් බලා සිටියේය. එහෙත් ඔහුගේ මනස නිරවුල් වූ අතර, සමච්චලයට මෙන් ඔහු මෙසේ පැවසුවේය, ‘ඔබ තුළ යම් බලයක් තිබුණේ නම්, ඔබගෙන් එක් කෙනෙකු ආවා නම් එය ප්‍රමාණවත් වනු ඇත, එහෙත් ස්වාමින් වහන්සේ ඔබ දුර්වල කර ඇති බැවින්, ඔබ ඉලක්කම්වලින් මා බිය ගැන්වීමට උත්සාහ කරයි; ඔබ තිරිසන් සතුන්ගේ ස්වරූපය ගැනීම ඔබේ දුර්වලකමට සාක්ෂියකි.’ නැවතත් ඔහු නිර්භීතව මෙසේ කීය, ‘ඔබට හැකි නම්, මට විරුද්ධව බලය ලැබී තිබේ නම්, පහර දීමට ප්‍රමාද නොවන්න. එහෙත් ඔබට එය කළ නොහැකි නම්, නිෂ්ඵල ලෙස මට කරදර කරන්නේ මන්ද? මක්නිසාද අපගේ ස්වාමීන්වහන්සේ කෙරෙහි ඇදහිල්ල අපට මුද්‍රාවක් සහ ආරක්ෂාවේ පවුරක්ය.’ ඔවුන් කලකිරීමෙන් දත්මිටි කෑවේ ඔහුට වඩා තමන්ට සමච්චල් කරගත් බැවිනි.

10. ස්වාමින් වහන්සේ අන්තෝනි තුමාගේ පොරබැදීම අමතක නොකළ සේක. එහෙත් ඔහුට උදව් කිරීමට ඔහු ළඟින් සිටි සේක. ඔහු හිස ඔසවා බැලූ විට, වහලය විවෘත කර ඇති අතර ආලෝකයේ කිරණ ඔහු දෙසට බැස එන අයුරු දුටුවේය. යක්ෂයන් ක්‍ෂණිකව අතුරුදහන් විය, ඔහුගේ ශාරීරික වේදනාව ක්‍ෂණිකව නතර විය, ගොඩනැගිල්ල යථා තත්ත්වයට පත් විය. දැන් වේදනාවෙන් මිදුණු අන්තෝනි තුමාට සහනයක් දැනෙමින් නැවත ශක්තිය ලබාගෙන, ‘ඔබ කොහෙද සිටියේ? මගේ වේදනාව නැති කිරීමට ඔබ මුලදී නොපැමිණියේ මන්ද?’ යයි ඔහුට ලැබුණු දර්ශනයෙන් ඇසුවේය. එවිට හඬක් ඔහු වෙත පැමිණියේය, ‘අන්තෝනි, මම මෙහි සිටියෙමි, එහෙත් මම ඔබේ සටන දැකීමට බලා සිටියෙමි. ඔබ එය විඳ දරාගත් නිසාත්, පරාජය නොවූ නිසාත්, මම ඔබට සදාකාලිකව උපකාර කරන්නෙමි, ඔබේ නම සෑම තැනකම ප්‍රසිද්ධ කරන්නෙමි.’ මෙය ඇසූ අන්තෝනි තුමා නැඟිට යාච්ඤා කළ අතර, ඔහුගේ ශරීරයේ පෙරට වඩා වැඩි බලයක් ඇති බව ඔහුට හැඟෙන තරම් ශක්තියක් ලබා ගත්තේය. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු තිස් පහක් පමණ විය.

එතුමා කාන්තාරයට යයි, මාර්ගයේදී පරීක්ෂාවන් ජය ගනියි.

11. ඊළඟ දවසේදී ඔහු දෙවියන් වහන්සේගේ සේවයට තව වඩාත් ජ්වලිතව පිටත් වූ අතර, ඔහුට කලින් හමු වූ මහලු මිනිසා හමු වූ විට, ඔහු කාන්තාරයේ තමා සමග වාසය කරන ලෙස ඉල්ලා සිටියේය. කෙසේ වෙතත්, අනෙකා ඔහුගේ මහලු විය නිසාත්, ඒ වන විටත් එවැනි චාරිත්‍රයක් නොතිබූ නිසාත් එය ප්‍රතික්ෂේප කළේය. එවිට, අන්තෝනි තුමා වහාම කන්දට ගියේය. නැවත වරක්, සතුරා, ඔහුගේ ඔහුගේ ජ්වලිත බව දැක එයට බාධා කිරීමට කැමති වූ අතර, විශාල රිදී තැටියක් ලෙස පෙනෙන දේ ඔහුගේ මාර්ගයට දැමුවේය. එහෙත් දුෂ්ටයාගේ කූට උපාය දුටු අන්තෝනි තුමා මඳක් නතර වී පිඟාන දෙස බලා, යක්ෂයා ලජ්ජාවට පත් කරමින්, ‘කාන්තාරයේ එවැනි කෑමක් කොහෙන්ද?’ යයි ඇසීය. මෙම මාර්ගය මිනිසුන් ගමන් කළ එකක් නොවූ අතර කිසිදු සංචාරකයකුගේ හෝඩුවාවක් එහි නොවීය; මෙතරම් විශාල කෑමක් නොදැනුවත්වම වැටී නොතිබිය හැකි අතර, එය නැති වූ ඕනෑම කෙනෙකුට මෙම නිසරු ස්ථානයේ එය සෙවීමට නිසැකවම පැමිණෙනු ඇත. මන්ද එය කාන්තාර ස්ථානයකි. මෙය යක්ෂයාගේ යම් උපායකි. අහෝ දුෂ්ටය, මෙයින් ඔබ මාගේ අරමුණට බාධා නොකරන්න. එය ඔබ සමග විනාශයට යාමට ඉඩ හරින්න. ක්‍රියා 8:20 අන්තෝනි තුමා එසේ කියද්දීම පිඟාන ගිනි දැල්ලක් ඉදිරියේ දුමාරයක් මෙන් අතුරුදහන් විය.

අන්තෝනි තුමා නයිල් ගඟ හරහා නටබුන් වූ බලකොටුවක නවාතැන් ගත් ආකාරය සහ ඔහු යක්ෂයන් පරාජය කළ ආකාරය. ඔහුගේ විසි වසරක නවාතැන.

12. ඉන්පසු නැවතත් ඔහු ගමනේ ඉදිරියට යන විට ඔහු මාර්ගයේ විසිරී ඇති සැබෑ රත්තරන් දුටුවේය, මෙවර ඔහු දුටුවේ දර්ශනයක් නොව සැබෑවකි. යක්ෂයා එය එහි තැබුවාද නැතහොත් යම් ඉහළ බලයක් අන්තෝනි තුමා පරීක්ෂා කිරීමට සහ ඔහු ධනය ගැන උදාසීන බව දුෂ්ටයාට පෙන්වීමට එසේ කළේද යන්න පැහැදිලි නැත. එහෙත් මතුවූයේ රන් බව නිසැකය. අන්තෝනි තුමා රත්තරන් ප්‍රමාණය ගැන මවිතයට පත් වූ නමුත් එය භයානක දෙයක් මෙන් ඉක්මනින් එය පසුකර ගියේ ගින්නෙන් උඩට යන්නාක් මෙනි. ඔහු එය මගහැර ඉදිරියට දිව ගිය අතර ආපසු හැරී බැලුවේවත් නැත. ඔහුගේ අධිෂ්ඨානය තව තවත් ශක්තිමත් වීමත් සමගම, ඔහු කන්දට වේගයෙන් ගියේය. එහිදී ඔහුට ගඟේ ඈත පැත්තේ, බඩගා යන ජීවීන්ගෙන් පිරී ගිය, අතහැර දැමූ බලකොටුවක් හමු විය. ඔහු එගොඩ වී එය තම වාසස්ථානය කරගත්තේය. අදෘශ්‍යමාන බලවේගයක් විසින් පලවා හරින්නාක් මෙන් උරගයෝ වහාම එම ස්ථානයෙන් පිටව ගියහ. ඔහු ඇතුළු වන දොරටුව සම්පූර්ණයෙන්ම මුද්‍රා තබා, රොටි බොහෝ විට අවුරුද්දක් නැවුම්ව පවතින බැවින් මාස හයකට ප්‍රමාණවත් රොටි ගබඩා කළේය. – මෙය තීබන්වරුන්ගේ සිරිතකි – ඔහු ඇතුළත ජලය සොයා ගත් විට, දෙවොලකට යන්නාක් මෙන් එහි පදිංචි විය, ඔහු කිසි විටෙකත් පිටව නොගියේය. එහි පැමිණි කිසිවෙකු දෙස නොබැලුවේය. මෙලෙස ඔහු දිගු කලක් හුදකලාවේ පුහුණු වූ අතර, වසරකට දෙවරක් ඉහළින් රොටි ලබා ගත්තේය.

13. එහෙත් ඔහු බැහැදැකීමට පැමිණි අයට ඔහු ඇතුළු වීමට ඉඩ නොදුන් නිසා බොහෝ විට එළිමහනේ දිවා රෑ ගත කිරීමට පුරුදුව සිටියහ. ඔවුන් කෑගසමින්, කෑම කමින්, අනුකම්පා සහගත හඬින්, “අපට අයිති තැනින් යන්න. ඇයි ඔබ මෙහි කාන්තාරයේ සිටින්නේ? ඔබට අපගේ පහරදීම දරාගත නොහැකිය.” කියා කෑගසනු ඇසිණි. ඒ නිසා මුලදී, පිටත සිටි අය සිතුවේ සමහර මිනිසුන් ඔහු සමග සටන් කරන බවත්, ඔවුන් ඉනිමඟකින් එහි ඇතුළු වූ බවත්ය. එහෙත් ඔවුහු බිමට නැමී සිදුරකින් බැලූ විට කිසිවෙකු නොමැති බව දැක, ඔවුන් බියට පත් වී, ඔවුන් යක්ෂයන් යැයි සිතා බියට පත් වී අන්තෝනි තුමාට කතා කළහ. ඔහු යක්ෂයන් ගැන නොසිතුවද, ඔවුන්ගේ කෑගැසීම් ඔහුට ඇසී වහාම දොර ළඟට ගොස්, ඔවුන්ට පිටව යන ලෙසත්, බිය නොවන ලෙසත් ඉල්ලා සිටියේය. මන්ද, යක්ෂයන් බියට පත් වූවන්ට එරෙහිව පෙනෙන පරිදි පහර දෙන බැවිනි. එබැවින් ඔබ කුරුසිය සලකුණු කර නිර්භීතව ඉවත්ව යන්න. ඔවුන්ට විනෝද වීමට ඉඩ දෙන්න. මෙලෙස, කුරුසියේ ලකුණෙන් ශක්තිමත් වූ ඔවුහු පිටත්ව ගියහ. එහෙත් ඔහුට නපුරු ආත්මයන්ගෙන් හානියක් සිදු නොවීය, සටනින් වෙහෙසට පත් නොවීය, මන්ද ස්වර්ගීය දර්ශන ඔහුට උපකාර කළ අතර, ඔහුගේ සතුරාගේ දුර්වලකම ඔහු බොහෝ කරදරවලින් නිදහස් කර වැඩි ජ්වලිතයකින් ඔහු සන්නද්ධ කළේය. ඔහුගේ මිතුරන් ඔහු මිය ගොස් සිටිනු ඇතැයි අපේක්ෂාවෙන් නිතර පැමිණි අතර, ඒ වෙනුවට, ‘දෙවියන් වහන්සේ නැඟිට උන් වහන්සේගේ සතුරන් විසිරුවනු ඇත, උන් වහන්සේට වෛර කරන්නන්ද උන් වහන්සේගේ මුහුණ ඉදිරියෙන් පලා යනු ඇත. ඔවුන් දුම් මෙන් අතුරුදහන් වී යනු ඇත, දෙවියන් වහන්සේගේ ගින්න ඉදිරියේ පව්කාරයන් දිය වී යනු ඇත,’ යනුවෙන් ඔහු ගායනා කරනු ඇසෙනු ඇත. නැවතත්, ‘සියලු ජාතීන් මා වටකරගත් අතර, ස්වාමින් වහන්සේගේ නාමයෙන් මම ඔවුන්ට විපාක දුනිමි.’

එතුමා බලකොටුව හැර ගිය ආකාරය සහ ඊජිප්තුවේ පූජකත්වය වර්ධනය වීමට පටන් ගත් ආකාරය. අන්තෝනිතුමා එහි නායකයාය.

14. එබැවින් ඔහු වසර විස්සකට ආසන්න කාලයක් හුදකලාවේ පුහුණුවීම් දිගටම කරගෙන ගියේය, කිසි විටෙකත් ඔහු පිටතට නොපැමිණෙන අතර, කලාතුරකින් කෙනෙකුට දැකගත හැකි විය. මෙයින් පසු, බොහෝ දෙනෙක් ඔහුගේ විනය අනුකරණය කිරීමට උනන්දුවෙන් හා කැමැත්තෙන් සිටියහ. ඔවුහු දොර බලහත්කාරයෙන් විවෘත කිරීමට උත්සාහ කළහ. අන්තෝනි තුමා දිව්‍යමය ප්‍රඥාවෙන් සහ දෙවියන් වහන්සේගේ ආත්මයෙන් පිරුණු පූජනීය ස්ථානයකින් මෙන් එහි පැමිණියේය. අවසානයේදී, ඔහු බලන්නට පැමිණි අය පළමු වරට බලකොටුවෙන් පිටතදී ඔහු දැකගත හැකි විය. තවද, ඔවුහු ඔහු දැක, එම දර්ශනයෙන් පුදුමයට පත් වූහ. මන්ද ඔහුගේ ශරීරය පෙර තිබූ ආකාරයටම දිස් විය – නිරාහාරව සිටීමෙන් හා යක්ෂයන් සමග පොරබදමින් සිටීමෙන් ක්‍ෂය වී නොතිබුණි. එහෙත් ඔහු එහි පැමිණීමට පෙර සිටි ආකාරයටම දිස් විය. නැවතත් ඔහුගේ ආත්මය කැළැල් රහිත විය, මන්ද, එය ශෝකය නිසා නොහැකිළිණි. සිනහවෙන් හෝ දුකෙන් පාලනය නොවිණි. ඔහු සමූහයා දුටු විට කලබල නොවීය. එසේම බොහෝ දෙනාගේ ආචාරය ලැබීමෙන් ඕනෑවට වඩා ප්‍රීතියට පත් නොවීය. එහෙත් ඔහු මුළුමනින්ම තර්කය මගින් මඟ පෙන්වන ලදුව ස්වාභාවික තත්වයක සිටියේය. ඔහු තුළින් ස්වාමින් වහන්සේ පැමිණ සිටි බොහෝ දෙනෙකුගේ ශාරීරික රෝග සුව කළ අතර තවත් අය නපුරු ආත්මයෙන් පවිත්‍ර කළ සේක. තවද, උන් වහන්සේ අන්තෝනි තුමාට කතා කිරීමේදී කරුණාව ලබා දුන් සේක. එවිට ඔහු දුක් වූ බොහෝදෙනෙකු සනසමින්, ගැටුම් ඇති අය සමගියට පත් කර, ලෝකයේ ඇති සියල්ලට වඩා ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේමයට ප්‍රිය කරන ලෙස සියල්ලන්ටම අවවාද කළේය. ඔහු ඔවුන්ට අවවාද කරන අතරම, ඉදිරියේදී සිදු වීමට නියමිත යහපත් දේවල් සහ ‘තමන් වහන්සේගේම පුත්‍රයාණන් ඉතිරි කර නොගෙන අප සියල්ලන් වෙනුවෙන් උන් වහන්සේ දුන්’ අප කෙරෙහි වන දෙවියන් වහන්සේගේ ප්‍රේමණීය කරුණාව සිහිපත් කරන ලෙස ඔවුන්ට අවවාද කළේය. රෝම 8:32 හුදෙකලා ජීවිතය වැලඳ ගැනීමට ඔහු බොහෝ දෙනෙකුට ඒත්තු ගැන්වීය. මෙසේ අවසානයේදී කඳුකරයේ පවා පූජක සෛල පැළ වූ අතර, කාන්තාරය ඔවුන්ගේ ස්වර්ගීය පුරවැසිභාවය පතා ස්වකීය ජනතාව අතරින් පැමිණි ස්වකීය ජනතාවගෙන්ම පූජකයින්ගෙන් ජනාකීර්ණ විය.

15. එහෙත් ඔහුට සහෝදරයන් බැලීමට ආසනොයිටික් ඇළ හරහා යාමට සිදු වූ විට, ඇළ කිඹුලන්ගෙන් පිරී තිබුණි. යාච්ඤා කිරීමෙන් පමණක් ඔහු සහ ඔහුගේ සගයේ ආරක්ෂිතව ඇළ තරණය කළහ. ඔහුගේ කුටියට නැවත පැමිණි පසු ඔහු එම උතුම් සහ ධෛර්ය සම්පන්න අභ්‍යාස නැවත ආරම්භ කළේය. නිරන්තර සංවාද තුළින් ඔහු දැනටමත් පැවිදිව සිටි අයගේ උනන්දුව වැඩි කර, තවත් බොහෝ දෙනෙකුට විනය කෙරෙහි ඇල්මක් ඇති කළේය. වැඩි කල් නොගොස් ඔහුගේ වචනවලට ආකර්ෂණයෙන් සෛල වැඩි වූ අතර, ඔහු පියෙකු ලෙස ඔවුන් සියල්ලන්ටම මඟ පෙන්වීය.

එතුමා නොපසුබස්නා උත්සාහය උදෙසා අනුශාසනා කරමින්, සාතන්ගේ උපායන්ට එරෙහිව සිටීමට පූජකවරුන් දිරිමත් කරමින් ඔවුන් හට කොප්ටික් භාෂාවෙන් ඉදිරිපත් කළ කතාව.

16. දිනක් ඔහු නික්ම ගිය කල සියලුම පූජකවරුන් ඔහු වෙත රැස්ව ඔහුට කතා කරන ලෙස ඉල්ලා සිටි විට, ඔහු ඔවුන්ට ඊජිප්තු භාෂාවෙන් මෙසේ කතා කළේය. ‘උපදෙස් දීමට ශුද්ධලියවිල්ල ප්‍රමාණවත්ය, එහෙත් ඇදහිල්ල තුළ එකිනෙක‍ා දිරිමත් කිරීමත්, වචනවලින් පෙලඹවීමත් යහපත් දෙයකි. එබැවින් ඔබ, දරුවන් වශයෙන්, ඔබ දන්නා දේ ඔබේ පියා වෙත ගෙන යන්න. එසේම මම වැඩිමහල්ලෙකු ලෙස මගේ දැනුම සහ මට උගන්වා ඇති අත්දැකීම් ඔබ සමග බෙදා ගන්නෙමි. මෙය විශේෂයෙන් සියලු දෙනාගේම පොදු අරමුණ වේවා, එනම් අප වරක් ආරම්භ කළ පසු කිසි විටෙකත් අත් නොහැරීම, විපත්තිවලදී වෙහෙසට පත් නොවීමය. අපි බොහෝ කලක් විනය තුළ ජීවත් වූවෙමු, යයි නොකියමු. එහෙත් ඒ වෙනුවට, අපි අලුතින් ආරම්භ කරන ආකාරයටම, අපගේ උත්සාහයන් තුළ වඩාත් උනන්දුවෙන් වැඩෙමින් සෑම දිනකම ළඟා වෙමු, යයි පවසමු. මන්ද ඉදිරි යුගයන් හා සසඳන විට මිනිසාගේ මුළු ජීවිතයම ඉතා කෙටි එකක් වන බැවින් සදාකාලිකත්වයට වඩා මෙහි අපගේ කාලය කිසිවක්ම නොවේය. ලෝකයේ සෑම දෙයක්ම එහි මිලට මිලදී ගෙන විකුණනු ලැබේ, මිනිසෙක් එක සමාන දෙයක් තවත් කෙනෙකු සමග හුවමාරු කර ගනියි. එහෙත් සදාකාල ජීවනය පිළිබඳ පොරොන්දුව ඉතා සුළු මුදලකට මිලදී ගනු ලැබේ. මන්ද, ශුද්ධලියවිල්ලෙහි මෙසේ ලියා ඇත, අපගේ ජීවිතයේ දවස් අවුරුදු හැත්තෑවකි, එහෙත් ශක්තිය ඇත්නම් අවුරුදු අසූවකි. ඉන් ඔබ්බට ඕනෑම දෙයක් වෙහෙසෙන් හා දුකෙන් පිරී ඇත. එබැවින්, අප අවුරුදු අසූවක්ම හෝ සියයක් විනයානුකූලව ජීවත් වන විට, අපි අවුරුදු සියයක් පමණක් නොව, සියයක් වෙනුවට සදාකාලයටම රජකම් කරන්නෙමු. අප පොළොවේදී සටන් කළත්, අපට පොළොවේදී අපේ උරුමය ලැබෙන්නේ නැත, එහෙත් අපට ස්වර්ගයේ පොරොන්දු ඇත. දූෂිත වූ ශරීරය පහකළ පසු අපි එය නොදිරන ලෙස නැවතත් ලබන්නෙමු. ‘එබැවින් දරුවෙනි, අපි ක්ලාන්ත නොවෙමු, කාලය දිගු යැයි හෝ අපි විශාල දෙයක් කරනවා යැයි නොසිතමු, මක්නිසාද මේ වර්තමාන කාලයේ දුක් වනාහි අප කෙරෙහි එළිදරව්කරනු ලබන්නාවූ මහිමයට සමාන කරනු ලබන්ට නොවටීයයි සිතමි. රෝම 8:18 අප ලෝකය දෙස බලන විට, අප වැදගත් දෙයක් අත්හැර ඇති බව අපි නොසිතමු, මන්ද මුළු පෘථිවියම මුළු ස්වර්ගය හා සසඳන විට ඉතා කුඩාය. ඒ නිසා අප මුළු පොළොවටම අධිපතීන් වී ඒ සියල්ල අත්හැරියත් එය ස්වර්ග රාජ්‍යය හා සැසඳීමට සුදුසු දෙයක් නොවේ. මිනිසෙකු රන් ඩ්‍රැක්මා සියයක් ලබා ගැනීම සඳහා තඹ කාසියක් නොසලකා හරිනවා සේම, මිනිසෙක් මුළු පොළොවටම අධිපති වී එය අත්හැරියත්, ඔහු අත්හරින දේ ස්වල්පයක් වේ, ඔහු ලබා ගන්නා දෙය සිය ගුණයකින් වැඩිය. තවද, මුළු පෘථිවියම ස්වර්ගය හා සසඳන විට කිසිදු වටිනාකමක් නැති බැවින්, අක්කර කිහිපයක් අතහැර දැමූ තැනැත්තාට එය කිසිවක්ම නොවේ. ඔහු නිවසක් හෝ බොහෝ රත්තරන් අත්හැරියත්, ඔහු පුරසාරම් දෙඩීමටවත් පහත් මනසකින්වත් නොසිටිය යුතුය. එපමණක්ද නොව, භක්තිමත් බව උදෙසා අප සතු දේ අත් නොහැරියද, අප මිය ගිය විට, අපි ඒවා බොහෝ විට අප තෝරා නොගන්නා අයට හැර යන බව මතක තබා ගත යුතුය. එසේ නම්, අපට රාජ්‍යයක් පවා උරුම වන පිණිස, භක්තිමත් බව උදෙසා ඔවුන් අත් නොහැරිය යුත්තේ මන්ද? එහෙයින් කිසිවකු වස්තු තෘෂ්ණාවෙන් යටපත් නොවේවා, මෙසේ අපට ගෙන යා නොහැකි දේ ලබා ගැනීමෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද? ඒ වෙනුවට, අප සෙවිය යුත්තේ ප්‍රඥාව, යුක්තිය, ආත්ම දමනය, ධෛර්යය, අවබෝධය, ප්‍රේමය, දුප්පතුන්ට කරුණාව දැක්වීම, ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ල, කෝපයෙන් මිදීම සහ ආගන්තුක සත්කාරය යන අපට අප සමග ගෙන යා හැකි දේවල්ය. මෙම ගුණධර්ම අප සතුව තිබේ නම්, නිහතමානී හදවත් ඇති අයගේ දේශයේ ඔවුන් නිහතමානීව අප පිළිගැනීමට සූදානම් වනු අපට පෙනෙනු ඇත.

18. මේ අනුව, මෙම කරුණුවලින්, පුද්ගලයෙකු විශේෂයෙන් ඔහු තමා ස්වාමින් වහන්සේගේ සේවකයෙකු බවත්, තම ස්වාමියාට සේවය කළ යුතු බවත් ඔහු සලකන්නේ නම්, ඒවා සැහැල්ලුවෙන් නොසලකන ලෙස තමන්ටම ඒත්තු ගැන්විය යුතුය. සේවකයෙකු කිසි විටෙකත්, මම ඊයේ වැඩ කළ බැවින්, අද මම වැඩ නොකරමි, යැයි කීමට එඩිතර නොවන්නාක් මෙන්, අතීතය සලකා බැලීමෙන් අනාගතයේදී කිසිදු වැඩක් සිදු නොවනු ඇත; එහෙත්, ශුභාරංචියේ ලියා ඇති පරිදි, දිනපතා තම ස්වාමියා සතුටු කිරීමට සහ අවදානම වළක්වා ගැනීමට ඇති සූදානම සේවකයා පෙන්විය යුතුය. ඒ නිසා අප එක් දිනක් හෝ නොසැලකිලිමත්ව කටයුතු කළොත්, අතීතය නිසා ස්වාමින් වහන්සේ අපට සමාව නොදෙන බවත්, අපගේ නොසලකා හැරීම නිසා අපට විරුද්ධව උදහසට ලක්වන බවත් දැන දිනපතා අපගේ විනයෙහි ස්ථිරව සිටිමු. එසකියෙල් 18:26 අප අසා ඇති පරිදි, එක් රාත්‍රියක් නිසා ජුදාස්ගේ අතීත උත්සාහයන් අහිමි විය.

19. ‘එබැවින් දරුවෙනි, අපි අපගේ විනය තදින් අල්ලාගෙන සිටිමු, නොසැලකිලිමත් නොවී සිටිමු. මන්ද අපගේ විනය තුළ, ස්වාමින් වහන්සේ අපගේ හවුල් සේවකයා වන සේක, ශුද්ධලියවිල්ලෙහි ලියා ඇති පරිදි, යහපත තෝරා ගන්නා සියල්ලන්ට දෙවියන් වහන්සේ ඔවුන්ගේ යහපත සඳහා ක්‍රියා කරන සේක. එහෙත් නොසැලකිලිමත් වීමෙන් වැළකී සිටීම සඳහා, අපොස්තුළු තුමාගේ වචනය සලකා බැලීම හොඳය. එනම් මම දවස්පතා නසිමි, 1 කොරින්ති 15:31 යන්නයි. මන්ද අප ජීවත් වන්නේ දිනපතා මිය යන ආකාරයටම නම්, අපි පව් නොකරමු. මෙම කියමනෙහි තේරුම නම්, දවසින් දවස නැඟිටින විට අපි සවස් වන තුරු නොසිටිමු යැයි සිතිය යුතු බවයි. නැවතත්, අප නිදා ගැනීමට සූදානම් වන විට, අප නැගිටින්නේ නැතැයි සිතිය යුතුය. මන්ද අපගේ ජීවිතය ස්වාභාවිකවම අවිනිශ්චිතය. එහෙත් රැකවරණය දෙන තැනැන් වහන්සේ අපට එය සෑම දිනකම ලබා දෙන සේක. මේ ආකාරයෙන් අපගේ දෛනික ජීවිතය පිළිවෙළකට සංවිධානය කර ගැනීමෙන්, අප පාපයට වැටෙන්නේවත්, කිසිම දෙයකට තෘෂ්ණාවක් ඇති කර ගන්නේවත්, කිසිවකුට එරෙහිව ක්‍රෝධයක් ඇති කර ගන්නේවත්, පොළොව මත නිධානයක් ගොඩ ගසා ගන්නේවත් නැත. එහෙත්, දිනපතා මරණය අපේක්ෂා අපේක්ෂා කරන ආකාරයට ජීවත් වන අපි, ධනයෙන් තොර වනු ඇත, සියලුම මිනිසුන්ට සියල්ලටම සමාව දෙන්නෙමු, අපි කාන්තාවන් හෝ වෙනත් පාපිෂ්ඨ සතුටක් සඳහා කිසිදු ආශාවක් රඳවා නොගනිමු. එහෙත් අපි අතීතයේ සහ අමතක වූ එවැනි ආශාවන්ගෙන් ඈත් වන්නෙමු, අපි සැමවිටම උත්සාහ කරමින් විනිශ්චය දවස දෙස බලා සිටිමු. මන්ද, වධහිංසා පැමිණවීමේ විශාල බිය සහ අන්තරාය කවදා හෝ සතුටේ පහසුව විනාශ කරන අතර, එය වැටීමේ අනතුරක නම් ආත්මය ශක්තිමත් කරයි.

20. එබැවින් දැනටමත් ගුණවන්තකමේ මාර්ගයේ ගමන් කිරීම ආරම්භ කර ඇති බැවින්, අපි ඉදිරියේ ඇති දේ ලබා ගැනීමට තව තවත් වෙහෙසෙමු. ලොත්ගේ භාර්යාව මෙන් කිසිවෙක් පිටුපස ඇති දේවල් දෙසට හැරී නොයත්වා. ස්වාමින් වහන්සේ මෙසේ වදාළ සේක: නගුලට අත තබා ආපසු හැරී බලන කිසිවෙකුත් ස්වර්ග රාජ්‍යයට සුදුසු නැත. මෙම ආපසු හැරීම යනු පසුතැවිල්ලක් දැනීම සහ නැවත වරක් ලෞකික මනසක් ඇති කර ගැනීම හැර අන් කිසිවක් නොවේය. එහෙත් ගුණවන්තකම ගැන අසන්නට බිය නොවන්න, එම යෙදුමෙන් විස්මයට පත් නොවන්න. මන්ද එය අපෙන් දුරස්ව නොව, එය අපෙන් බාහිරව නොව, එහෙත් එය අප තුළම ඇත. අප කැමති නම් එය පහසුය. දැනුම ලබා ගැනීමට ග්‍රීක ජාතිකයෝ එතෙර වෙසෙති, එසේම මුහුදෙන් එතෙර වෙති. එහෙත් අපට ස්වර්ග රාජ්‍යය උදෙසා නිවසින් පිටව යාමටවත්, ගුණවන්තකම ලැබීම උදෙසා මුහුද තරණය කිරීමටවත් අවශ්‍ය නැත. මන්ද, ස්වර්ග රාජ්‍යය ඔබ තුළය, යනුවෙන් ස්වාමින් වහන්සේ කලින් පවසා ඇත. එබැවින් ගුණධර්මයට අවශ්‍ය වන්නේ අපගේ කැමැත්ත පමණි, මන්ද එය අප තුළ පවතින අතර අප විසින් හැඩගැසෙන ලැබෙන බැවිනි. මන්ද, ආත්මයේ ආත්මික හැකියාව එහි ස්වාභාවික තත්වයේ පවතින විට, ගුණධර්ම සෑදේ. එමෙන්ම එය නිර්මාණය කළ ආකාරයටම පවතින විට එය ස්වාභාවික තත්වයක පවතී. එය නිර්මාණය කරන විට, එය සාධාරණ මෙන්ම ඉතාම අවංක විය. මේ නිසා නූන්ගේ පුත් යොෂුවා තම අනුශාසනාවේදී සෙනඟට මෙසේ පැවසුවේය, ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ඔබ සැමගේ සිත් යොමුකරන්න. යොෂුවා 24:23. එසේම යොහන්, මතෙව් 3:3 ස්වාමීන් වහන්සේගේ මාර්ගය පිළියෙළ කර උන්වහන්සේගේ මාවත් සමතලාකරන්න. මන්ද ආත්මයේ සෘජු නිවැරදි බව යන්නෙන් අදහස් කරන්නේ එහි ආත්මික කොටස එය නිර්මාණය කරන ලද ස්වාභාවික තත්වයේ පවතින බවයි. අනෙක් අතට, ආත්මය එහි ස්වාභාවික තත්ත්වයෙන් ඉවතට හැරෙන විට, එය ආත්මයේ දුෂ්චරිතය ලෙස හැඳින්වේ. එබැවින් මෙම කාරණය අපහසු නැත. අපි අප මැවූ ආකාරයටම පවතින්නෙමු නම්, අපි ගුණධර්මවල පවතින්නෙමු, එහෙත් අප පහත් දේවල් ගැන සිතන්නේ නම්, අප නරක අය ලෙස ගණන් ගත යුතුය. එහෙයින්, ගුණධර්ම පිටතින් ලබා ගත යුතු නම්, යථාර්ථයේදී එය දුෂ්කර වනු ඇත; එහෙත් එය අප තුළම තිබේ නම්, අපි අපිරිසිදු සිතුවිලිවලින් වැළකී සිටිමු. අපට ආත්මය තැන්පතුවක් ලෙස ලැබී ඇති බැවින්, අපි එය ස්වාමින් වහන්සේ වෙනුවෙන් සුරකිමු, එවිට එය මුලින් මවා ඇති ආකාරයටම උන් වහන්සේගේ ක්‍රියාව හඳුනාගත හැකිය.

21. තවද, උදහස අප පාලනය කිරීමටත්, තෘෂ්ණාව අප ජය නොගන්නා බවටත් සහතික වීමට අපි සෑම උත්සාහයක්ම ගනිමු. මන්ද මනුෂ්‍යයාගේ උදහසින් දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම ඉටු නොවේ. තෘෂ්ණාව පිළිසිඳගත් කල්හි පාපය වදයි, පාපය සම්පූර්ණ වූ කල්හි මරණය උපදවයි. මෙසේ ජීවත් වෙමින්, අපි පරිස්සමෙන් ආරක්ෂා වෙමු, හිතෝපදේශ 4:23 ශුද්ධලියවිල්ලෙහි ලියා ඇති පරිදි, සියල්ලටම වඩා අපේ සිත ආරක්ෂා කර ගනිමු. මක්නිසාද අපට බිහිසුණු සහ කපටි සතුරන් සිටින අතර – නපුරු ආත්මයන් සිටින අතර – ඔවුන්ට එරෙහිව අපි පොරබදිමු, මන්ද අපොස්තුළු තුමා පැවසූ පරිදි, අපේ පොරබැදීම වනාහි මාංසයට සහ රුධිරයට විරුද්ධව නොව, අධිපතිකම්වලටත් පරාක්‍රමධාරීන්ටත් මේ අන්ධකාරයේ ලෝක මුලාදෑනීන්ටත් ස්වර්ගීය ස්ථානවල සිටින දුෂ්ටකමේ ආත්ම සේනාවන්ටත් විරුද්ධවය. එපීස 6:12 ඔවුන්ගේ සංඛ්‍යාව අප වටා ඇති වාතයේ විශාල වන අතර ඔවුන් අපෙන් දුරස් නොවේ. දැන් ඔවුන් අතර විශාල වෙනස්කම් තිබේ; එසේම ඔවුන්ගේ ස්වභාවය සහ වෙනස්කම් ගැන බොහෝ දේ පැවසිය හැකි නමුත්, එම පැහැදිලි කිරීම අපට වඩා විශාල හැකියාවන් ඇති අයට අයත් වේ. එහෙත් මේ අවස්ථාවේදී අපට තීරණාත්මක මෙන්ම අවශ්‍ය වන්නේ අපට විරුද්ධව කරන ඔවුන්ගේ කූටෝපායන් දැන ගැනීම පමණි.

22. එබැවින් පළමුව අප මෙය දැනගත යුතුය: එනම් යක්ෂයන් එම නමින් හඳුන්වන විට අප අදහස් කරන ආකාරයටම ඔවුන් නිර්මාණය කර නොමැති බවය; මක්නිසාද දෙවියන් වහන්සේ කිසි නපුරක් මැවූයේ නැත, ඒවා පවා මුලින් යහපත් විය. කෙසේ වෙතත්, ස්වර්ගීය ප්‍රඥාවෙන් වැටීමෙන් පසුව, ඔවුහු එතැන් සිට පොළොවේ ගැවසෙමින් සිටිති. එක් අතකින්, ඔවුන් ග්‍රීක ජාතිකයන් ඔවුන්ගේ ප්‍රකාශනයන්ගෙන් රැවටූ අතර, ක්‍රිස්තියානීන් කෙරෙහි ඇති ඊර්ෂ්‍යාව නිසා, ඔවුහු අප ස්වර්ගයට ඇතුළු වීම වැළැක්වීමට, ඔවුන් වැටුණු ස්ථානයට අප නැගීම වැළැක්වීමට සෑම දෙයක්ම හසුරුවති. එමනිසා, බොහෝ යාච්ඤාව සහ හික්මවීම අවශ්‍ය වේ, මනුෂ්‍යයෙකුට ආත්මයාණන් කරණකොටගෙන විචාර බුද්ධිය නමැති දීමනාව ලැබී ඇති විට, ඔවුන්ට මෙම ආත්මයන්ගේ ස්වභාවය – එක් එක් අය කෙතරම් නපුරුද, ඔවුන්ගේ නිශ්චිත අරමුණු සහ එකිනෙකා පරාජය කළ හැකි ආකාරය සහ නෙරපා හරින්නේ කෙසේද යන්න හඳුනාගැනීමට ඔහුට බලය තිබිය හැකිය. මන්ද ඔවුන්ගේ නපුරු ක්‍රියා සහ ඔවුන්ගේ විවිධ කුමන්ත්‍රණ උපක්‍රම බොහෝය. ආශීර්වාද ලත් අපොස්තුළු තුමා සහ ඔහුගේ අනුගාමිකයෝ එවැනි දේවල් දැන සිටියහ, ඔවුන් පැවසූ පරිදි, මක්නිසාද අප ඔහුගේ උපායන් ගැන නොදැන සිටිනවා නොවේය. 2 කොරින්ති 2:11 එසේම ඔවුන්ගේ බලපෑම හරහා අප මුහුණ දුන් පරීක්ෂාවලින්, මෙම අභියෝග තුළින් යාමට අප එකිනෙකාට මඟ පෙන්විය යුතුය. එබැවින්, ඒවා මා විසින්ම අත්විඳ ඇති බැවින්, මම ඔබට දරුවන්ට මෙන් කතා කරමි.

23. එබැවින්, යක්ෂයින්, සියලු කිතුනුවන් සහ විශේෂයෙන් පූජකයන් සතුටු සිතින් වෙහෙස මහන්සි වී වැඩ කරන ආකාරය දුටුවහොත්, ඔවුන් මුලින්ම පහර දෙන්නේ ඔවුන් පොලඹවා ඔවුන්ගේ මාර්ගයට බාධක තබමිනි, එනම් නරක සිතුවිලිවලිනි. එහෙත් අප ඔවුන්ගේ යෝජනාවලට බිය විය යුතු නැත, මන්ද යාච්ඤාවෙන්, නිරාහාරව සිටීමෙන් සහ ස්වාමින් වහන්සේ කෙරෙහි ඇදහිල්ල තුළින් ඔවුන්ගේ ප්‍රහාරය ඉක්මනින් අසාර්ථක වේ. කෙසේ වෙතත්, ඔවුන්ගේ ප්‍රහාරය අසාර්ථක වූ විට පවා, ඔවුන් නවත්වන්නේ නැත, එහෙත් නව උපක්‍රම සමගින් ඉතා සියුම් ලෙස නැවත පැමිණේ. මන්ද, ඔවුන්ට අපිරිසිදු වින්දනයෙන් හදවත සෘජුවම රවටා ගත නොහැකි වූ විට, ඔවුන් විවිධ වේශයෙන් පැමිණ, කාන්තාවන්, වන සතුන්, කෘමීන්, විශාල රූප සහ සොල්දාදුවන් කණ්ඩායම් ලෙස උපකල්පනය කරමින් බිය උපදවා ගැනීමට ඔවුහු උත්සාහ කරති. එසේ වුවද, ඔබ ඔවුන්ගේ රැවටිලිකාර සංදර්ශනවලට ඔබ බිය විය යුතු නැත. මන්ද ඒවා කිසිවක් නොවන අතර විශේෂයෙන් යමෙකු ඇදහිල්ලෙන් සහ කුරුසියේ ලකුණෙන් කල්තියා සූදානම් වන්නේ නම් ඒවා ඉක්මනින් අතුරුදහන් වේ. එහෙත් ඔවුන් නිර්භීත මෙන්ම ඉතා නිර්ලජ්ජිතය. ඔවුන් එක් ආකාරයකින් පරාජයට පත් වුවහොත්, ඔවුහු නැවත වරක් පහර දෙති. එසේ අනාගතවාක්‍ය කීම, අනාගතය ගැන පුරෝකථනය කිරීම මවාපාති, එසේම වහලය දක්වා උසකින් සහ විශාල පළලකින් යුක්ත බව පෙන්වීමට උත්සහා කරති; ඒ ඔවුන්ගේ තර්කවලින් රැවටිය නොහැකි අය එවැනි සංදර්ශනවලින් හොරෙන් අල්ලා ගැනීමටය. මෙහිදීද ඇදහිල්ලෙන් සහ බලාපොරොත්තු සහගත මනසකින් ආත්මය ශක්තිමත් වී ඇති බව ඔවුන් දකින්නේ නම්, ඔවුහු තම නායකයා ඔවුන්ගේ උපකාරයට ගෙන එති.

24. තවද, උන් වහන්සේගේ දෑස් උදෑසන තාරකාව මෙන් වූ බව පවසමින්, ස්වාමින් වහන්සේ යෝබ්ට එළිදරව් වූ ආකාරයටම ඔවුන් බොහෝ විට පෙනී සිටි බව ඔහු කීවේය. ඔහුගේ මුඛයෙන් ගිනිදලුද දැවෙන පන්දම්ද නික්මෙයි, ගිනි පුළිඟු දැල්වෙයි. ඔහුගේ නාස්පුඩුවලින් ගිනි අඟුරුවලින් ඇවිළෙන උදුනක දුම නික්මෙයි. ඔහුගේ හුස්ම ගිනි අඟුරු මෙන්ය, ඔහුගේ මුඛයෙන් ගිනිදලු නික්මෙයි. යක්ෂයන්ගේ කුමාරයා මේ ආකාරයට පෙනී සිටින විට මා පෙර කී පරිදි වංචනිකයා මහා වචන කතා කරමින් බිය ඇති කරයි. ස්වාමින් වහන්සේ නැවත වරක් ඔහු හෙළාදැක, යෝබ්ට පැවසුවේ ඔහු යකඩ පිදුරු ලෙසත් පිත්තල දිරාපත් වූ දැව ලෙසත් සලකන බවයි. ඔව්, ඔහු මුහුද විලවුන් බඳුනක් ලෙසත්, ගැඹුරු අගාධය වහලෙකු ලෙසත්, අගාධය ආවරණය කළ මාර්ගයක් ලෙසත් සලකයි. අනාගතවක්තෘවරයා කරණකොටගෙන සතුරා පැවසුවේ මෙයයි, මම ලුහුබඳින්නෙමි, අල්වාගන්නෙමි. නික්මයාම 15:9. නැවතත් වෙනත් කෙනෙකු කරණකොටගෙන මෙසේ කීය, ජනයන්ගේ වස්තු පක්ෂි කැදැල්ලක් මෙන් මාගේ අතට අසුවිය; අත්හැරදැමූ බිජු එකතු කරන්නාක් මෙන් මම මුළු පොළොව එකතු කරගත්තෙමි. කෙටියෙන් කිවහොත්, මේවා ඔවුන් දේවභක්තික අය රවටා ගැනීමට කරන පුරසාරම් සහ ප්‍රකාශයන්ය. එසේ වුවද, ඇදහිලිවන්තයන් වන අප, ඔහුගේ පෙනුමට බිය නොවිය යුතු අතර ඔහුගේ වචනවලට අවනත නොවිය යුතුය. මක්නිසාද ඔහු බොරුකාරයෙකු වන අතර කිසි විටෙකත් සත්‍යය ගැන වචනයක්වත් කථා නොකරයි. ඔහු බොහෝ නිර්භීත හා උතුම් වචන කතා කළත්, සැකයකින් තොරව, යෝබ් 41:1 සඳහන් පරිදි, ගැලවුම්කරුවාණන් වහන්සේ විසින් කිඹුලා බිලිකටුවකින් අදින්නාක් මෙන් ඔහු ඇද ගන්නා ලදී. තවද, විශාල මෘගයෙකු මෙන්, ඔහු තම නාස්පුඩුවලට නාස් ලණුවක් දමා, පලා ගිය අයෙකු ලෙස, ඔහුගේ නාස්පුඩු වලල්ලකින් බැඳ, ඔහුගේ තොල් අත්ලකින් සිදුරු කළේය. අපට ඔහුට සමච්චල් කිරීමට හැකි වන පරිදි ගේ කුරුල්ලෙකු මෙන් ඔහු ස්වාමින් වහන්සේ විසින් බැඳ තබන ලදී. කිතුනුවන් වන අප විසින් පාගා දමනු ලබන පිණිස යක්ෂයන් ඔහු සමග සර්පයන් සහ ගෝනුස්සන් මෙන් තබා ඇත. එයට සාක්ෂිය වන්නේ අප දැන් ඔහුට විරුද්ධව ජීවත් වීමයි. මන්ද වරක් මුහුද සිඳ දමා ලෝකය අල්ලා ගන්නා බවට තර්ජනය කළ ඔහුට දැන් අපගේ විනය පැවැත්වීම නැවැත්විය නොහැකිය, ඔහුට විරුද්ධව කතා කිරීමෙන් මා වැළැක්විය නොහැකිය. එබැවින් අපි ඔහුගේ වචනවලට සවන් නොදෙන්න, ඔහු බොරුකාරයෙකි, ඔහුගේ දර්ශන රැවටිලිකාර බැවින් අපි බිය නොවෙමු. මක්නිසාද ඔවුන් තුළ දිස්වන දේ සැබෑ ආලෝකය නොවේ, එහෙත් ඒවා යක්ෂයන් සඳහා සූදානම් කර ඇති ගින්නේ පෙරදසුන් හෝ රූප වැනිය, ඔවුන් වෙනුවට ගිනිදැල්වලින් මිනිසුන් බිය ගැන්වීමට උත්සාහ කරති. ඔවුන් පෙනී සිටින බවට සැකයක් නැත; එහෙත් ඔවුහු මොහොතකින් නැවතත් අතුරුදහන් වෙති, ඇදහිලිවන්ත කිසිවෙකුට හානියක් නොකරති, එහෙත් ඔවුන් විනාශ කරන ගින්නෙහි රූපය ඔවුන් සමග ගෙන එති. එබැවින් මේ දේවල් නිසා අප ඔවුන්ට බිය වීම නුසුදුසුය. මක්නිසාද ක්‍රිස්තුස්වහන්සේගේ කරුණා අනුග්‍රහය කරණකොටගෙන ඔවුන්ගේ සියලු ක්‍රියා නිෂ්ඵලය.

25. නැවතත් ඔවුන් ද්‍රෝහී අයයි, සෑම විටම ඔවුන්ගේ හැඩය වෙනස් කිරීමට සහ ඕනෑම ස්වරූපයක් හෝ පෙනුමක් ලබා ගැනීමට සූදානම් වේ. ඔවුහු බොහෝ විට ඔවුන් පෙනී නොසිට වීණාවේ ශබ්දය සහ හඬ අනුකරණය කරන අතර ශුද්ධලියවිල්ලේ වචන සිහිපත් කරති. සමහර අවස්ථාවලදී, අප කියවන අතරතුර, ඔවුහු දෝංකාරයක් මෙන් කියවන දේ වහාම නැවත නැවත කියති. ඔවුහු යාච්ඤාව සඳහා අපගේ නින්දෙන් අප අවදි කරති, මෙය අඛණ්ඩව සිදු කරමින්, කිසිසේත්ම අපට නිදා ගැනීමට ඉඩ නොතබති. තවත් අවස්ථාවක ඔවුහු පූජකයින්ගේ පෙනුම ලබාගෙන, ශුද්ධ මිනිසුන් මෙන් කතා කරන බව මවාපාති. ඔවුන්ගේ සමානකම් භාවිත කරමින්, ඔවුන්ගේ ගොදුරු වූවන් ඔවුන් කැමති ඕනෑම තැනකට රවටා ගෙන යති. කෙසේ වෙතත්, ඔවුන් යාච්ඤා කිරීමට අප පෙලඹවූවත්, ඔවුන් අපට කිසිසේත් කන්න එපා කියා උපදෙස් දුන්නත්, ඔවුන් අපට චෝදනා කළත්, ඔවුන් කලින් ඉඩ දුන් දේවල් ගැන අප ලජ්ජාවට පත් කළත්, අප ඔවුන් ගැන අවධානය යොමු නොකළ යුතුය. මක්නිසාද ඔවුන් මෙය සිදු කරන්නේ භක්තිය හෝ සත්‍යය සඳහා නොවේය, බොළඳ මිනිසුන්ගේ බලාපොරොත්තු සුන් කරවන පිණිසය. විනය පැවැත්වීම වැඩකට නැති බව ඔවුන් පවසන අතර, මිනිසුන්ට හුදෙකලා ජීවිතය කරදරයක් හා බරක් ලෙස පිළිකුල් කිරීමටත්, ඔවුන් නොතකා එහි ගමන් කරන්නන්ට බාධා කිරීමටත් ඉඩ ඇත.

26. ‘එබැවින් ස්වාමින් වහන්සේ විසින් එවන ලද දිවැසිවරයා ඔවුන් කාලකන්නි අය යැයි ප්‍රකාශ කළේය: අසල්වාසීන්ගේ නග්නභාවය පෙනෙන ලෙස, නුඹේ කෝප විෂය යොදා, ඔවුන්ට බොන්ට දී මත්කරවන්නාවූ අයට දුක්වේ! මන්ද, එවැනි ක්‍රියා සහ යෝජනා ක්‍රම නිසා භක්තිය කරා යන මාර්ගය අඩාල කරන බැවිනි. තවද, ස්වාමින් වහන්සේම, යක්ෂයන් සත්‍යය කතා කළ විට පවා – ලූක් 4:41 ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා යැයි ඔවුන් නිවැරදිව පැවසූ විට – එහිදීත් ඔවුන් වැළැක්වූ අතර ඔවුන්ට කතා කිරීමට ඉඩ නොදුන් සේක. එසේ කළේ ඔවුන් සත්‍යය සමග ඔවුන්ගේ නපුර මිශ්‍ර නොකරන ලෙසත්, ඔවුන් සත්‍යය කතා කරන බව පෙනුණත් ඔවුන්ට කිසි විටෙකත් සවන් නොදෙන පිණිස උන් වහන්සේ අපට උගන්වන පිණිසත්ය. ගැලවුම්කරුවාණන් වහන්සේ විසින් ලබා දී දෙන ලද ශුද්ධලියවිල්ල හා නිදහස ඇති අපට, යක්ෂයා ඔහුගේම නියෝග නොපවත්වන්නේ නමුත් නැවත නැවතත් තම මනස වෙනස් කරන බැවින්, යක්ෂයා විසින් අපට උගන්වනු ලැබීම නුසුදුසුය. එමනිසා, ඔහු ශුද්ධලියවිල්ල භාවිත කරන විට පවා, උන් වහන්සේ එසේ කිරීම ඔහුට තහනම් කරමින් මෙසේ පවසන සේක: නුමුත් දුෂ්ටයාට දෙවියන්වහන්සේ කථාකොට: මාගේ පනත් ප්‍රකාශකිරීමෙන් හෝ මාගේ ගිවිසුම ඔබේ කටට ගැන්මෙන් ඔබට කම් කිම්ද? මක්නිසාද යක්ෂයෝ සෑම දෙයක්ම කරති – ඔවුහු වාචාල ලෙස කතා කරති, වියවුල් කරති, බොළඳ අය රැවටීමට ඔවුහු ඔවුන් නොමඟ යවති – ඔවුන් ඝෝෂා කරති, උමතුවෙන් සිනාසෙති, විසිල් ගසති; එහෙත් ඔවුන් කෙරෙහි අවධානය යොමු නොකළහොත්, ඔවුන් පරාජය වූවාක් මෙන් ඔවුහු හඬා වැලපෙති.

27. ‘මේ අනුව, ස්වාමින් වහන්සේ දෙවියන් වහන්සේ ලෙස, යක්ෂයන් නිශ්ශබ්ද කළ සේක. ශුද්ධවන්තයින් විසින් උගන්වනු ලදුව, අප ඔවුන්ගේ ආදර්ශය අනුගමනය කරමින් ඒ හා සමාන නිර්භීතකම පෙන්වීමට සුදුසුය. මක්නිසාද ඔව්හු මේ දේවල් දැක මෙසේ කීමට හුරු වී සිටියහ: පව්කාරයෝ මට විරුද්ධව නැගිට්ටෝය. එහෙත් මම බිහිරෙකු මෙන් නොඅසන්නෙමි; කට නාරින ගොළුවෙකුද මෙන් වෙමි. යහපත කතා කිරීමෙන් පවා වැළකී සිටියෙමි. නැවතත් මෙසේ කියා ඇත: එහෙත් මම බිහිරෙකු මෙන් නොඅසන්නෙමි; කට නාරින ගොළුවෙකුද මෙන් වෙමි. එසේය, මම නොඇසෙන්නාවූ, තමාගේ මුඛයෙහි තරවටුකිරීම් නැත්තාවූ මනුෂ්‍යයෙකු මෙන් වෙමි. එබැවින් ඔවුන් අපට ආගන්තුකයන් සේ සලකා, ඔවුන් යාච්ඤා කිරීමට සහ නිරාහාරව සිටීම ගැන කතා කිරීමට අප අවදි කළත් ඔවුන්ට ඇහුම්කන් නොදී, ඔවුන් ගැන අවධානය යොමු නොකර සිටිමු. ඒ වෙනුවට, මරණීය තර්ජන එල්ල කළත්, වංචනික ලෙස ක්‍රියා කරන ඔවුන්ගෙන් නොරැවටී විනය සඳහා අපගේ කැපවීම කෙරෙහි අවධානය යොමු කරමු. මන්ද, ඔවුන් බල රහිත වන අතර ඔවුන්ට කළ හැක්කේ තර්ජනය කිරීම් පමණි.

28. ‘මා දැනටමත් මේ දේවල් ගැන කතා කර තිබෙන අතර, දැන් මම ඒවා තවදුරටත් විස්තර කළ යුතුය. මන්ද ඒවා ඔබට සිහිපත් කිරීම ආරක්ෂාව ලබා දෙනු ඇත. ස්වාමින් වහන්සේ පොළොවට සතුරා වැටී ඇත, ඔහුගේ බලය දුර්වල කරනු ලැබ ඇත. එබැවින් ඔහුට කිසිවක් කළ නොහැකි වුවද, තවමත් කුරිරු ලෙස, ඔහුගේ වැටීම නිහඬව දරාගත නොහැකිව, ඔහුගේ තර්ජනය වචන පමණක් වුවද තර්ජන කිරීම්වලට යොමු වේ. ඔබ එක් එක්කෙනා මෙය සලකා බලන්න, එවිට ඔබට යක්ෂයන් නොසලකා හැරීමට හැකි වනු ඇත. දැන් ඔවුන් අපගේ වැනි ශරීරවලින් බාධා කළහොත්, මිනිසුන් සැඟවී සිටින විට අපට සොයාගත නොහැකිය. අපට ඔවුන් හමු වූ විට අපි ඔවුන්ට රිදවන්නෙමු යයි ඔවුන්ට පැවසිය හැකිය. තවද අපටද ඔවුන්ගෙන් සැඟවී සිටීමෙන්, ඔවුන්ට එරෙහිව දොරවල් වසා දැමීමෙන් ඔවුන් වැළැක්විය හැකිය. එහෙත්, ඔවුහු මෙවන් ස්වභාවයක් නොමැති අය වූවත්, දොරවල් වසා තිබුණද ඇතුළු වීමට හැකි අය බැවින් මෙන්ම ඔවුන් සහ ඔවුන්ගේ නායකයා වන යක්ෂයා යන දෙපාර්ශ්වයම මුළු පරිසරයේම සැරිසරමින් නපුර කිරීමට කැමතිව තුවාල කිරීමට සූදානම්ව සිටිති. එසේ ගැළවුම්කරුවාණන් වහන්සේ පැවසූ පරිදි, ආරම්භයේ සිටම යක්ෂයා මිනීමරුවෙකි, එසේම නපුරේ පියාය. යොහන් 8:44; එසේ තිබියදීත්, අපි ජීවත්ව සිටින අතර ඔහුට විරුද්ධ වීම සඳහා අපගේ මුළු ජීවිත කාලයම ගත කරමු. ඔවුන් බල රහිත අය බව පැහැදිලිය. මන්ද ඔවුන්ගේ කුමන්ත්‍රණවලට ස්ථානය බාධාවක් නොවේ, ඔවුන් අප ඉතිරි කළ යුතු මිත්‍රයින් ලෙස අප දෙස බලන්නේ නැත. ඔවුන්ගේ මාර්ග සංශෝධනය කිරීමට යහපත් දේට නැඹුරු වන්නේ නැත. එහෙත් ඊට පටහැනිව, ඔවුහු නපුරු අය වෙති, ගුණධර්මවලට ආදරය කරන සහ දෙවියන් වහන්සේට බිය වන අයට හානියක් කිරීමට වඩා වැඩි දෙයක් ඔවුන් සොයන්නේ නැත. කෙසේ වෙතත්, ඔවුන්ට කිසිවක් ඉටු කිරීමට බලයක් නොමැති බැවින්, ඔවුන්ට කළ හැක්කේ තර්ජනය කිරීම් පමණි. ඔවුන්ට හැකියාව තිබුණා නම්, ඔවුන් ප්‍රමාදයකින් තොරව ක්‍රියා කරනු ඇත, මන්ද විශේෂයෙන් අපට එරෙහිව (එය ඔවුන්ගේ එකම ආශාව බැවිනි). බලන්න, දැන් අපි එකතු වී ඔවුන්ට විරුද්ධව කතා කරමු. අප ඉදිරියට යන විට ඔවුන් දුර්වල වන බව ඔවුහු දනිති. එබැවින් ඔවුන්ට බලය තිබේ නම් ඔවුන් කිතුනුවන් වන අප කිසිවෙකුට ජීවත් වීමට ඉඩ නොදෙනු ඇත, මන්ද දේව භක්තිය පව්කාරයෙකුට පිළිකුලකි. සිරාක් 1:25 එහෙත් ඔවුන් බල රහිත බැවින්, ඔවුහු තමන්ටම වඩා විශාල තුවාල ඇති කර ගනිති. මන්ද ඔවුන්ගේ තර්ජනයන් කිසිවක් ඉටු කළ නොහැකි බැවිනි. තවද, අප ඔවුන්ට බිය නොවන බව සහතික කිරීම සඳහා මෙය සලකා බැලිය යුතුය: ඔවුන්ට බලය තිබේ නම්, ඔවුන් කණ්ඩායම් වශයෙන් පැමිණෙන්නේ නැත, මහා සංදර්ශන කරන්නේ හෝ අප රැවටීමට ස්වරූපය වෙනස් කරන්නේ නැත. ඒ වෙනුවට, ඔවුන් දෙදෙනාටම කළ හැකි සහ කිරීමට කැමති දේ සාක්ෂාත් කර ගැනීමට එක් අයෙකු පමණක් ප්‍රමාණවත් වනු ඇත; මක්නිසාද සැබෑ බලය ඇති ඕනෑම කෙනෙකුට එය පෙන්වීමට හෝ බිය ඇති කිරීමට අවශ්‍ය නැත, එහෙත් හුදෙක් තම අධිකාරිය ඔවුන්ට අවශ්‍ය පරිදි භාවිත කරති. කෙසේ වෙතත්, යක්ෂයින්ට බලය නොමැති බැවින්, ඔවුන් වේදිකාවක සිටින නළුවන් මෙන්, ඔවුන්ගේ පෙනුම වෙනස් කරමින්, කලබලකාරී සහ විවිධ භයානක ස්වරූපවලින් ළමයින් බිය ගන්වති. මේ හේතුව නිසා, ඔවුන්ගේ දුර්වලකම එළිදරව් කරමින් ඔවුන් හෙළා දැකිය යුතුය. අවම වශයෙන්, අසිරියානුවන්ට එරෙහිව යවන ලද ස්වාමින් වහන්සේගේ සැබෑ දූතයා, ශබ්දය, බාහිර සංදර්ශන හෝ ඝෝෂා කිරීම අවශ්‍ය නොවීය. එහෙත් ඔහු නිහඬව තම බලය භාවිත කර එක්ලක්ෂ අසූ පන්දහසක් ක්‍ෂණිකව විනාශ කළේය. එහෙත් කිසිම බලයක් නැති මෙවැනි යක්ෂයෝ අඩුම තරමින් ඔවුන්ගේ සංදර්ශන මගින් බිය ගැන්වීමට උත්සාහ කරති. 2 රාජාවලිය 19:35.

29. ‘එහෙත්, යමෙකු යෝබ්ගේ ඉතිහාස කතාව සිහිපත් කරන්නේ නම්, යක්ෂයාට ඔහුගේ සියලු දේපළ උදුරා දමා, ඔහුගේ දරුවන් මරා දමා, ඔහුට මෙතරම් හානියක් කිරීමටත්, වේදනාකාරී වණවලින් පීඩාවට පත් කිරීමටත් හැකි වූයේ මන්දැයි ඇසිය යුතුය. අනෙක් අතට, යෝබ් පරීක්ෂාවට ලක් කිරීමට ඉඩ දුන්නේ යක්ෂයා ශක්තිමත් නිසා නොව, යෝබ් පරීක්ෂා කිරීමට ඔහුට භාර දුන් දෙවියන් වහන්සේ ශක්තිමත් නිසා බව එවැනි කෙනෙකුට තේරුම් ගත යුතුය. නියත වශයෙන්ම ඔහුට කිසිවක් කිරීමට බලයක් නැත, එහෙත් ඔහු අවසර ඉල්ලා සිටියේය, අවසර ලැබීමෙන් පසුව ඔහු කළ දේ කළේය. මේ අනුව, සතුරා වඩාත් හෙළා දැකිය යුතුය. මන්ද ඔහු කැමැත්තෙන් සිටියද ඔහුට එක ධර්මිෂ්ඨ මිනිසෙකුට එරෙහිව ජය ගත නොහැකි බැවිනි. මක්නිසාද ඔහුට එසේ බලය තිබුණි නම්, ඔහු අවසර ඉල්ලන්නේ නැත. ඔහුගේ නැවත නැවත ඉල්ලීම් ඔහුගේ දුර්වලකම සහ බලය නොමැතිකම පෙන්නුම් කරයි. යෝබ්ට විරුද්ධව කිසිවක් කළ නොහැකි වීම පුදුමයක් නොවේ, මන්ද දෙවියන් වහන්සේ ඉඩ නොදුන් සේක් නම්, යෝබ්ගේ ගවයින්ට පවා විනාශයක් සිදු නොවනු ඇත. තවද, ඔහුට ඌරන් කෙරෙහිද බලයක් නැත, මන්ද ශුභාරංචියේ ලියා ඇති පරිදි, ඔවුන් ස්වාමින් වහන්සේගෙන් අයැද සිටියේ, අපට ඌරන්ට වැසීමට අවසර දෙන්න කියාය. මතෙව් 8:31 ඔවුන්ට ඌරන්ට විරුද්ධවවත් බලයක් නොතිබුණේ නම්, දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන් මවා ඇති මිනිසුන් කෙරෙහි ඔවුන්ට බලයක් නැත.

30. ‘එබැවින් අපි දෙවියන් වහන්සේට පමණක් බිය විය යුතු වෙමු, යක්ෂයන් හෙළා දකිමු, ඔවුන්ට බිය නොවිය යුතුය. එහෙත් ඔවුන් මේ දේවල් කරන තරමට අප ඔවුන්ට එරෙහිව අපගේ විනය ශක්තිමත් කළ යුතුය, මන්ද යහපත් ජීවිතයක් ගත කිරීම සහ දෙවියන් වහන්සේ කෙරෙහි ඇදහිල්ල බලවත් ආයුධයකි. කෙසේ වෙතත්, ඔවුන් නිරාහාරව සිටීම, අවදිව සිටීම, යාච්ඤාව, නිහතමානී බව, නිශ්ශබ්දතාවය, මුදල්වලට ආදරය නොකිරීම, නිෂ්ඵලකමට ඇලුම් නොවීම, දුප්පතුන්ට ආදරය කිරීම, දානය, කෝපයෙන් නිදහස් වීම, තාපසයන් සහ සියල්ලටම වඩා, ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි දක්වන භක්තියට බිය වෙති. එහෙයින්, ස්වාමින් වහන්සේ පහත පරිදි පවසන කල, ගැලවුම්කරුවාණන් වහන්සේ තමන්ට විරුද්ධව ඇදහිලිවන්තයන්ට දුන් වරප්‍රසාදය දැනගෙන සිටිති. එනම් බලව, සර්පයන්ද ගෝනුස්සන්ද පාගන්ටත් සතුරාගේ මුළු ශක්තිය මැඬඩපවත්වන්ටත් මා විසින් නුඹලාට බලය දී තිබේ. කොයි දෙයකින්වත් නුඹලාට අන්තරායක් නොවන්නේය. ලූක් 10:19.

31. එබැවින් ඔවුන් අනාගතය ගැන පුරෝකථනය කරන බවට මවාපාන්නේ නම්, කිසිවෙකුත් සවන් නොදිය යුතුය, මන්ද ඔවුහු බොහෝ විට සහෝදරයන් දින කිහිපයකින් පැමිණෙන බව කල්තියා ප්‍රකාශ කරති.මන්ද, සහෝදරයන් දින කිහිපයකට පසුව පැමිණෙන බව ඔවුහු කලින් ප්‍රකාශ කරන බැවිනි. එසේම ඔවුහු පැමිණෙති. කෙසේ වෙතත්, යක්ෂයින් මෙය සිදු කරන්නේ සවන්දෙන්නන් ගැන සැලකිල්ලක් දැක්වීම නිසා නොව, එහෙත් ඔවුන්ගේ විශ්වාසය දිනා ගැනීම සඳහාත්, අවසානයේදී, ඔවුන් පාලනය කර ගැනීමෙන්, ඔවුන් විනාශ කළ හැකි නිසාත්ය. එමනිසා, අප ඔවුන්ට ඇහුම්කන් නොදිය යුතු අතර, ඒ වෙනුවට අපට ඒවා අවශ්‍ය නොවන බැවින් ඔවුන් කතා කරන විට ඒවා ප්‍රතික්ෂේප කළ යුතුය. මිනිසුන්ට වඩා සියුම් කපටි සිරුරු ඇති ඔවුන් සහෝදරයින් තමන්ගේ ගමන ආරම්භ කරන බව දැක, ඔවුන් අබිබවා වේගයෙන් පැමිණ, ඔවුන්ගේ පැමිණීම ප්‍රකාශ කරන්නේ නම් එය කුමන පුදුමයක්ද? අසරුවෙකු පයින් යන මිනිසෙකුගේ පැමිණීම නිවේදනය කරනවා සේම, පසුව පැමිණෙන කෙනාගේ පැමිණීම කලින් ප්‍රකාශ කරයි, එබැවින් මෙහිදී අප ඔවුන් ගැන පුදුම වීමට අවශ්‍ය නැත. මන්ද ඔවුහු තවමත් නොපවතින දේවල් කිසිවක් නොදනිති; එහෙත් සියල්ල ඇති වීමට පෙර සියල්ලම දන්නේ දෙවියන් වහන්සේ පමණි. එහෙත් මොවුන්, සොරුන් මෙන් කලින්ම ගොස්, ඔවුන් දකින දේ ප්‍රකාශ කරති. ඔවුන් අපගේ කටයුතු දැනටමත් කී දෙනෙකුට ප්‍රකාශ කර තිබේද – එනම් අපෙන් කිසිවෙකුත් ගොස් මේවා පැවසීමට පෙර අප එකට රැස්වී සිටින බවත්, ඔවුන්ට එරෙහිව උපාය මාර්ග සාකච්ඡා කරමින් සිටින බව බවත් කී දෙනෙකුට ප්‍රකාශ කර තිබේද? ඇත්ත වශයෙන්ම, වේගයෙන් ගමන් කරන පිරිමි ළමයෙකුට පවා මෙය ඉටු කළ හැකිය. මන්ද සෙමින් යන කෙනෙකුට වඩා ඔහු බොහෝ ඉදිරියෙන් සිටින නිසාය. මා පවසන්නට උත්සාහ කරන්නේ මෙයයි: යමෙකු තෙබේඩ් ස්ථානයෙන් හෝ වෙනත් දිස්ත්‍රික්කයකින් හෝ ආරම්භ කර ඇවිදීමට පටන් ගන්නේ නම්, ඔහු ඇවිදීමට පෙර, ඔහු ඇවිදින්නේද යන්න ඔවුහු නොදනිති. එහෙත් ඔවුන් ඔහු ඇවිදිනවා දුටු පසුව, ඔවුහු ඉක්මනින්ම ඉදිරියට ගොස් ඔහු එහි ළඟා වීමට ට පෙර ඔහුගේ පැමිණීම නිවේදනය කරති. මේ අනුව, දින කිහිපයකට පසු, සංචාරකයෝ පැමිණෙති. එහෙත් බොහෝ විට, ඔවුහු නැවත හැරී යති, එසේ යක්ෂයින් බොරු කියන බව ඔප්පු වේ.

32. ඒ හා සමානව, ගංගාවේ ජලය සම්බන්ධයෙන්ද ඔවුහු සමහර විට අඥාන ප්‍රකාශ සිදු කරති. මන්ද ඉතියෝපියාවේ ප්‍රදේශවල අධික වර්ෂාපතනයක් ඇති බව දැක, ජලය ඊජිප්තුවට පැමිණීමට පෙර ගංවතුරට තුඩු දෙන හේතුව එය බව දැන, ඔවුහු වේගයෙන් ඉදිරියට ගොස් එය නිවේදනය කරති. එසේම යක්ෂයින්ට සමාන වේගවත් ධාවන හැකියාවක් තිබුණි නම්, මේ මිනිස්සුන්ටත් අපට මේ පිළිබඳ දැනුම් දෙන්නට තිබුණි. 2 සාමුවෙල් 18:24 දාවිත්ගේ ඔත්තුකාරයා ලෙස උස් ස්ථානයකට යන විට, බිම සිටින අයට වඩා උසස් ස්ථානයක සිට මිනිසා පැමිණෙන බව දුටුවේය. එසේ පෙරගමන් කළ ඔහුම තවමත් සිදු නොවූ දේවල් නොව දැනටමත් සිදුවෙමින් පවතින දේවල් ප්‍රකාශ කළ ආකාරයටම, මෙම යක්ෂයෝද අන් අය රවටා ගැනීම සඳහා ඔවුන්ට සිදුවන දේ ප්‍රකාශ කිරීමට කැමති වෙති. කෙසේ වෙතත්, ආරක්ෂාකරුවාණන් වහන්සේ මේ අතරතුර ජලය හෝ සංචාරකයින් සඳහා වෙනත් සැලසුම් සිදු කරන සේක් නම් – ආරක්ෂාකරුවාණන් වහන්සේට මෙය කළ හැකි බැවින් – යක්ෂයන් රැවටෙන අතර ඔවුන්ට සවන් දුන් අයද රැවටෙති.

33. මෙසේ අතීතයේ ග්‍රීකයන්ගේ ප්‍රකාශන බිහි විය. මේ ආකාරයෙන් ඔවුහු යක්ෂයන් විසින් නොමඟ යවන ලදහ. එහෙත් මෙතැන් පටන් යක්ෂයන් සහ ඔවුන්ගේ උපක්‍රම නිෂ්ප්‍රභ කළ ස්වාමින් වහන්සේගේ පැමිණීමත් සමග ඔවුන්ගේ රැවටීම අවසන් වූයේය. මන්ද ඔවුහු තමන් ගැන කිසිවක් නොදනිති, එහෙත්, සොරුන් මෙන්, ඔවුන් අන් අයගෙන් දැනගන්නා දේ ඔවුහු පවසති. ඇත්ත වශයෙන්ම ඔවුහු දේවල් ගැන අනාවැකි කීමට වඩා අනුමාන කරති. එබැවින් ඔවුන් ඉඳහිට ඇත්ත කතා කරන්නේ නම්, කිසිවෙකු එයට පුදුම විය යුතු නැත. පළපුරුදු වෛද්‍යවරු විවිධ පුද්ගලයින් තුළ එකම රෝගයක් දකින අතර, ඔවුන්ගේ හුරුපුරුදුකම මත පදනම්ව එය කුමක්දැයි බොහෝ විට පුරෝකථනය කරති. එසේම, ගුවන් නියමුවන්ට සහ ගොවීන්ට, කාලගුණය පිළිබඳ ඔවුන්ගේ දැනුම මත පදනම්ව, වායුගෝලයේ තත්වය පහසුවෙන් පැවසිය හැකි අතර එය කුණාටුවක් හෝ පැහැදිලි බවද හෝ යන්න පුරෝකථනය කළ හැකිය. එසේම ඔවුන් මෙය කරන්නේ දිව්‍යමය ආනුභාවයෙන් බව කිසිවකු නොකියන අතර,  අත්දැකීම් සහ භාවිතයෙන් යයි පවසනු ඇත. එබැවින් යක්ෂයන් සමහර විට අනුමාන කිරීමෙන් ඒ දෙයම කරන්නේ නම්, කිසිවෙකු ඒ ගැන පුදුම නොවන්න. නැතිනම් ඔවුන්ට අවනත නොවිය යුතුය. කුමක් සිදුවේද යන්න ඔවුන්ගෙන් කලින් දැනගැනීමෙන් අසන්නන්ට ඇති ප්‍රයෝජනය කුමක්ද? එසේත් නැතිනම් දැනුම සත්‍ය වුවද එවැනි දේ දැන ගැනීමට අප සැලකිලිමත් විය යුත්තේ ඇයි? මන්ද එය භක්තිවන්තකමට ඵලදායක නොවේ, එය යහපත්කමේ සංකේතයක් නොවේය. මන්ද අපගෙන් කිසිවෙකුත් තමා නොදන්නා දේ සම්බන්ධයෙන් විනිශ්චය කරනු නොලැබේ, ඔහුගේ උගත්කම සහ දැනුම නිසා කිසිවෙකු ආශීර්වාදලත් අයෙකු ලෙස හඳුන්වනු නොලැබේ. එහෙත්, සෑම පුද්ගලයෙකුම මෙම කාරණා සම්බන්ධයෙන් එනම් ඔහු ඇදහිල්ල රක්ෂා කළේද, ආඥා පිළිපැද්දේද යන්න සම්බන්ධයෙන් විනිශ්චය කරනු ලැබේ.

34. එබැවින් මේ දේවල් සඳහා වැඩි වටිනාකමක් දීමට අවශ්‍ය නැත. ඒවා වෙනුවෙන් පමණක් අප විනය ගරුකව වෙහෙස මහන්සි වී ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය නැත. එහෙත් අප දෙවියන් වහන්සේ සතුටු කිරීමට හොඳින් ජීවත් විය යුතුයි. අනාගතය දැන ගැනීම උදෙසා අප යාච්ඤා කළ යුතු නැත. අපගේ විනය පැවැත්වීම සඳහා වන විපාකයක් ලෙස එය ඉල්ලා සිටිය යුතු නැත; එහෙත් අපගේ යාච්ඤාව විය යුත්තේ යක්ෂයාට එරෙහිව ජයග්‍රහණය ලබා ගැනීම සඳහා ස්වාමින් වහන්සේ අපට උපකාර කරන ලෙසයි. එමෙන්ම අපට අනාගතය දැන ගැනීමට ආශාවක් ඇති වුණි නම්, අපි මනසින් පිරිසිදු විය යුතුය. මන්ද ආත්මයක් පරිපූර්ණ ලෙස පිරිසිදු නම් සහ එහි ස්වාභාවික තත්වයේ පවතී නම්, – දුෂ්ටාත්මයන්ට වඩා එයට එළිදරව් කරන ස්වාමින් වහන්සේ සිටින බැවින් – එයට පැහැදිලිව දැකීමට හැකි බව මම විශ්වාස කරමි. එය එලිෂාගේ ආත්මය ගෙහාසි විසින් කරන ලද දේ දුටුවාක් මෙනි, 2 රාජාවලිය 5:26 සේනාවන් තමාගේ පැත්තේ සිටිනු දුටුවාක් මෙනි. 2 රාජාවලිය 6:17.

35. එමනිසා, ඔවුන් රාත්‍රියේ ඔබ වෙත පැමිණ අනාගතය ගැන අනාවැකි පැවසීමට කැමති වූ විට, නැතහොත්, අපි දේවදූතයන් යැයි පවසන විට, ඔවුන් බොරු කියන බැවින් ඔවුන්ට සවන් නොදෙන්න. ඔව්, ඔවුන් ඔබේ විනය ගැන ඔබට ප්‍රශංසා කළත්, ඔබ ආශීර්වාද ලත් අයෙකු බව ප්‍රකාශ කළත්, ඔවුන්ට ඇහුම්කන් නොදෙන්න. ඔවුන් සමග ගනුදෙනු නොකරන්න.  ඒ වෙනුවට, ඔබ සහ ඔබේ නිවෙස් කෙරෙහි කුරුසියේ සලකුණ ඇතිව යාච්ඤා කරන්න, එවිට ඔවුන් අතුරුදහන් වනු ඔබට පෙනෙනු ඇත. මන්ද ඔවුන් බියගුල්ලන් වන අතර ස්වාමින් වහන්සේගේ කුරුසියේ සලකුණට ඔවුහු බෙහෙවින් බිය වෙති, මන්ද එහි ඇති සත්‍යයක් නිසා ගැලවුම්කරුවාණන් වහන්සේ ඔවුන් නිරුවත් කර ඔවුන් නිදර්ශනයක් ලෙස තැබූ සේක. කොලොස්සි 2:15 එහෙත් ඔවුන් නිර්ලජ්ජිත ලෙස තම ස්ථාවරයේ පවතිනවා නම්, ඔවුන්ගේ ස්වරූපය වෙනස් කරන්නේ නම්, ඔවුන්ට බිය නොවන්න, නොඑසේ නම්, ඔවුන් නිසා නොහැකිලෙන්න. ඔවුන් හොඳ ආත්මයන් සේ සලකා ඔවුන්ට අවනත නොවන්න. මන්ද දෙවියන් වහන්සේගේ උපකාරයෙන් යහපත සහ අයහපත යන දෙකම පහසුවෙන් හඳුනාගත හැකිය. ශුද්ධ තැනැත්තන්ගේ පෙනුම ව්‍යාකූලත්වයෙන් පිරී නැත: ඔවුන් දඟලන්නේවත් කෑගසන්නේවත් නැත, ඔවුන්ගේ හඬ කිසිවෙකුට ඇසෙන්නේ නැත. එහෙත් ඔවුන්ගේ පැමිණීම කෙතරම් සන්සුන් හා මෘදුද යත්, එය ක්‍ෂණිකවම ආත්මයට ප්‍රීතිය, සන්තෝෂය සහ ධෛර්යය ගෙන එයි. මන්ද අපගේ ප්‍රීතිය වන ස්වාමීන් වහන්සේ පියවූ දෙවියන් වහන්සේගේ බලය සමග ඔවුන් සමග සිටින සේක. තවද ආත්මයේ සිතුවිලි සාමකාමීව හා බාධාවකින් තොරව නොකැලඹී පවතී, එවිට කිරණ මගින් ආලෝකවත් වූවාක් මෙන්, එය පෙනී සිටින අය එම ආලෝකයෙන් දකියි. මන්ද දිව්‍යමය දේට සහ ඉදිරියේ සිදු වන දේවලට ඇති ආදරය ආත්මය පුරවයි, එයට ඔවුන් සමගින් ඉවත්ව යාමට හැකි නම් කැමැත්තෙන්ම එය ඔවුන් සමග සම්පූර්ණයෙන්ම සම්බන්ධ වනු ඇත. එහෙත්, මිනිසුන් වශයෙන්, සමහරු යහපත පිළිබඳ දර්ශනයට බිය නම්, සෙකරියස් සම්බන්ධයෙන් ගේබ්‍රියෙල් දේවදුතයා කළාක් මෙන්, ලූක් 1:13 සහ ශුද්ධ සොහොන් ගෙය අසල කාන්තාවන්ට පෙනී සිටි දේවදූතයා කළාක් මෙන්, මතෙව් 28:5 බිය නොවන්න යැයි ශුභාරංචියේ එඬේරුන්ට කීවාක් මෙන් එහි පෙනී සිටින අය වහාම බිය දුරු කරති. මන්ද ඔවුන්ගේ බිය ඇති වූයේ දුර්වලකම නිසා නොව උසස් ජීවීන් තමා ඉදිරියේ සිටින බව හඳුනා ගැනීමෙනි. එසේ නම්, ශුද්ධවන්තයන්ගේ දර්ශනවල ස්වභාවය මෙයයි.

36. එහෙත් නපුරු ආත්මයන්ගේ ආක්‍රමණය සහ ප්‍රකාශනය රළු තරුණයින් හෝ මංකොල්ලකරුවන් නිසා ඇති වන බාධාවන් මෙන් ව්‍යාකූලත්වය, ශබ්ද, ඝෝෂා සහ කෑගැසීම්වලින් පිරී ඇත. මේ නිසා සිතේ බිය, සිතිවිලි ව්‍යාකූලත්වය, මානසික අවපීඩනය, විනයගරුක ලෙස ජීවිත් වන අය කෙරෙහි වෛරය, උදාසීනත්වය, දුක, ඥාතීන් පිළිබඳ සිතුවිලි, මරණ බිය සහ අවසානයේ නපුර සඳහා වන ආශාව, භක්තිවන්තකම නොසලකා හැරීම, අස්ථිර හැසිරීම් ඇති වේ. ඔබ යමක් දුටු විට සහ බියක් දැනෙන විට, ඔබේ බිය ඉක්මනින් පහ වී ගොස් කිව නොහැකි තරම් ප්‍රීතියක් ඇති වේ නම්, සන්තෝෂය, ධෛර්යය, නැවුම් වූ ශක්තිය, මනසේ සාමය සහ ඉහත මා සඳහන් කළ අනෙකුත් සියලුම ගුණාංග සමග නිර්භීතකම සහ දෙවියන් වහන්සේට ප්‍රේමයෙන් ප්‍රතිස්ථාපනය වේ නම් – ධෛර්යය ගෙන යාච්ඤා කරන්න. ප්‍රීතිය සහ ආත්මයේ සාමකාමී තත්වයක් පැමිණ සිටින තැනැත්තාගේ ශුද්ධකම පෙන්වයි. එසේ ආබ්‍රහම් ස්වාමින් වහන්සේ දැක ප්‍රීති විය; යොහන් 8:56 ඒ හා සමානව, දෙවියන් වහන්සේගේ මව වන මරියාගේ හඬ ඇසූ යොහන්ද ප්‍රීතියෙන් පිනා ගියේය. ලූක් 1:41 එහෙත් මා දැනටමත් සඳහන් කර ඇති යම් ව්‍යාකූලත්වයක්, හේතු රහිතව ගැසීමක්, ලෞකික ප්‍රදර්ශනයක්, මරණ තර්ජන සහ වෙනත් දේවල් තිබේ නම්, එය නපුරු ආත්මයන්ගේ ප්‍රහාරයක් බව දැන ගන්න. 

37. මෙයද ඔබට සලකුණක් වේවා: ආත්මය බියෙන් සිටින විට, එය සතුරන් සිටින බව පෙන්නුම් කරයි. මන්ද, මහා අග්‍ර දේවදූතයා වන ගේබ්‍රියෙල් දේවදුතයා මරියා සහ සෙකරියස් වෙනුවෙන් කළාක් මෙන් හෝ සොහොන් ගෙය අසල සිටි කාන්තාවන්ට පෙනුණු තැනැත්තා කළාක් මෙන් හෝ යක්ෂයෝ ඔවුන්ගේ පැමිණීම නිසා ඇති වන බිය ඉවත් නොකරති. ඒ වෙනුවට, ඔවුහු බියෙන් සිටින මිනිසුන් දුටු විට, ඔවුන්ගේ බිය වැඩි කිරීම සඳහා ඔවුන්ගේ රැවටීම් වැඩි කර, අවසානයේදී වැඳ වැටී නමස්කාර කරන්න, යයි පවසමින් ඔවුන් සමච්චලයට ලක් කරති. මේ ආකාරයෙන්, ඔවුහු ග්‍රීකයන් රැවටූහ. ඔවුන් විසින් ව්‍යාජ ලෙස ඔවුහු දෙවිවරුන් ලෙස සලකනු ලැබූහ. එහෙත්, ස්වාමින් වහන්සේ යක්ෂයා විසින් අප රවටනු ලැබීමට ඉඩ නොදුන් සේක, මන්ද ඔහු උන් වහන්සේට විරුද්ධව එවැනි රැවටීම් ඇති කළ සෑම අවස්ථාවකදීම උන් වහන්සේ ඔහුට තරවටු කරමින්: සාතන්, මා පස්සට යව: මන්ද, ඔබ ඔබේ දෙවි වූ ස්වාමින් වහන්සේට පමණක් නමස්කාර කළ යුතුය, උන් වහන්සේට පමණක් සේවය කළ යුතු යයි ලියා ඇත, යනුවෙන් පැවසූ සේක. මතෙව් 4:10 එබැවින්, ස්වාමින් වහන්සේ පැවසූ දේ, උන් වහන්සේ අප උදෙසා සිදු කළ නිසා, අපි මෙම වංචාකාරයා තව තවත් හෙළා දකිමු. අප වෙතින් ඒ  හා සමාන වචන අසන යක්ෂයන් ඔවුන්ට ඒ වචනවලින් තරවටු කළ ස්වාමින් වහන්සේ කරණකොටගෙන පලවා හරිනු ලබනවා ඇත.

38. යක්ෂයන් දුරුකිරීම හේතුවෙන් පුරසාරම් දෙඩීම නුසුදුසුය. එසේම රෝග සුව කිරීම නිසා උසස් කරනු ලැබීමද සුදුසු නොවේ. යක්ෂයන් දුරු කරන තැනැත්තා පමණක් උසස් ලෙස සලකා ප්‍රශංසා නොකළ යුතු අතර, යක්ෂයන් දුරු නොකරන තැනැත්තා කිසිවක් නොවන කෙනෙකු යයිද නොසැලකිය යුතුය. ඒ වෙනුවට, මිනිසෙකු එක් එක් අයගේ විනය ඉගෙනගෙන එය අනුකරණය කිරීම, විරුද්ධ වීම හෝ එය නිවැරදි කිරීම සිදු කළ යුතුය.  මන්ද සලකුණු ක්‍රියාත්මක කිරීම වූ කලි අපගේ නොව ගැලවුම්කරුවාණන් වහන්සේගේ ක්‍රියාව වන බැවිනි. එබැවින් උන් වහන්සේ තමන් වහන්සේගේ ගෝලයන්ට මෙසේ පැවසූ සේක. යක්ෂයන් ඔබට යටත් වන නිසා ප්‍රීති නොවන්න. එහෙත් ඔබේ නාමයන් ස්වර්ගයෙහි ලියා ඇති බැවින් ප්‍රීති වන්න. ලූක් 10:20 අපගේ නම් ස්වර්ගයේ ලියා තිබීම අපගේ භක්තිවන්ත ජීවිතයට සාක්ෂියකි, එහෙත් යක්ෂයන් දුරු කිරීම එය අපට ලබා දුන් ගැලවුම්කරුවාණන් වහන්සේගේ  අනුග්‍රහයකි. එබැවින් භක්තිවන්තකම නිසා නොව සලකුණු නිසා පුරසාරම් අය, ස්වාමින් වහන්ස, අපි ඔබ වහන්සේ නාමයෙන් යක්ෂයන් දුරු නොකළෙමුද, ඔබ වහන්සේ නාමයෙන්  බොහෝ බලවත් ක්‍රියා නොකළෙමුද? යයි අසන කල, උන් වහන්සේ මෙසේ පිළිතුරු දුන් සේක. සැබවක් මම නුඹට කියමි. මම නුඹ අඳුනන්නේ නත. මන්ද ස්වාමින් වහන්සේ දුෂ්ටයන්ගේ මාර්ග නොදන්නෙ සේක.  එහෙත්, මා ඉහත කී පරිදි, අපට ආත්ම විමසීමේ දීමනාව ලැබෙන පිණිස, අප නිතරම යාච්ඤා කළ යුතුය; 1 යොහන් 4:1 ලියා ඇති පරිදි, අපි සෑම ආත්මයක්ම විශ්වාස නොකරමු.

39. මා දැනටමත් පවසා ඇති කාරණාවලින් සෑහීමට පත් වී තවදුරටත් කතා නොකර සිටීමට මම කැමැත්තෙමි, එහෙත් මා අරමුණක් නොමැතිව කතා කරන බව ඔබ නොසිතන ලෙසත්, මා මේ දේවල් අත්දැකීම්වලින් තොරව හෝ සත්‍යයෙන් තොරව බෙදාගන්නා බව ඔබ විශ්වාස නොකරන පිණිසත් මේවා ලියමි. මේ හේතුව මා අඥානයෙකු බවට පත් වූවද, සවන් දෙන ස්වාමින් වහන්සේ මාගේ හෘදය සාක්ෂියේ පැහැදිලි බව දන්නා සේක. එසේම එය මා වෙනුවෙන් නොව, ඔබ මා කෙරෙහි ඇති සෙනෙහස නිසා සහ නපුරු ආත්මයන්ගේ ක්‍රියාවන් ගැන මා දුටු දේ නැවත පවසන ඔබ ඉල්ලා සිටි බැවිනුත් මම ඒවා නැවතත් පවසමි. ඔවුන් මට කොපමණ වාරයක් ආශීර්වාද ලත් තැනැත්තා යයි පවසා ඇත්ද, එසේම මා කොපමණ වාරයක් ස්වාමින් වහන්සේගේ නාමයෙන් ඔවුන්ට ශාප කර ඇත්ද! ගඟේ  වතුර ඉහළ යන බවට ඔවුන් කොපමණ වාරයක් පුරෝකථනය කර ඇත්ද, එසේම මා එයට ප්‍රතිචාර දක්වමින් ඔබට එයින්  ඇති ප්‍රයෝජනය කුමක්ද, යයි පවසා ඇත්ද? වරක් ඔවුහු තර්ජනය කරමින්  පැමිණ සන්නාහයෙන් සැරසුණු සොල්දාදුවන් මෙන් මා වට කර ගත්හ. තවත් අවස්ථාවක, ඔවුහු අශ්වයන්, වන මෘගයන් සහ බඩගා යන සතුන්ගෙන් නිවස පිරවූහ. එවිට මම මෙසේ ගායනා කළෙමි: සමහරු අශ්ව රථ කෙරෙහිද සමහරු අශ්වයන් කෙරෙහිද විශ්වාස කරති, එහෙත් අපි අපගේ දෙවියන් වහන්සේ  වන ස්වාමින් වහන්සේගේ නාමයෙන් පාරට්ටු කරන්නෙමු. එසේ යාච්ඤා කළ විට ස්වාමින් වහන්සේගේ අණ පරිදි ඔවුහු පලා ගියහ. ඔවුහු වරක් ආලෝකයක පෙනුම දරාගෙන අන්ධකාරයේදී පැමිණ, අපි ඔබට ආලෝකයක් ලබා දීමට පැමිණියෙමු, අන්තෝනි තුමා, යැයි කීහ. එහෙත් මම ඇස් වසාගෙන යාච්ඤා කළෙමි, එවිට දුෂ්ටයන්ගේ ආලෝකය වහාම වහාම පහව ගියේය. මාස කිහිපයකට පසුව ඔවුහු ගීතිකා ගයමින් සහ ශුද්ධලියවිල්ලේ වචන උච්චාරණය කරන්නාක් මෙන් පැමිණියහ. එහෙත් මම බිහිරි මිනිසෙකු මෙන් සිටි අතර, එයට සවන් නුදුනිමි. වරක් ඔවුන් භූමිකම්පාවකින් මෙන් නිවස සෙලවීමට සැලැස්වූ නමුත් මම නොසැලෙන සිතින් දිගටම යාච්ඤා කළෙමි. ඊට පසුව විසිල් ගැසීමේ සහ නැටුම්වල ඝෝෂාවන් සහිතව නැවත පැමිණියහ. එහෙත් මම යාච්ඤා කළ විට සහ නිහඬව ගීතිකා ගායනා කරන විට ඔවුහු වහාම ඔවුන්ගේ ශක්තිය හීන වූවාක් මෙන් විලාප දී අඬන්නට පටන් ගත්හ. එහෙත් ඔවුන්ගේ නිර්භීතකම හා උමතුව ගැන ප්‍රසිද්ධියේ සඳහන් කර දැක්වූ ස්වාමින් වහන්සේට මම මහිමය දුනිමි.

40. එක් වරක් උස් වූ යක්ෂයෙක් දර්ශනයකින් පෙනී සිට, මම දෙවියන් වහන්සේ බලය වෙමි, මම රැකවරණය වෙමි, මා ඔබට කුමක් දිය යුතු බව ඔබ ප්‍රාර්ථනා කරන්නෙහිද? යයි ඇසීමට තරම් නිර්භීත විය. එහෙත්, මම ඊටත් වඩා තදින් ඔහු මත හුස්ම හෙළා, ක්‍රිස්තුස් වහන්සේගේ නාමය කතා කර, ඔහුට පහර දීමට සූදානම් වුණෙමි. මා ඔහුට පහර දුන් බවක් පෙනෙන්නට තිබුණි, ඉතා විශාල වූ ඔහු ඔහුගේ සියලු යක්ෂයන් සමග ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් වහාම අතුරුදහන් විය. තවත් කලෙක මා නිරාහාරව සිටින විට කපටිකමින් යුක්තව පැවිදි වෙස් ගෙන රොටි මෙන් පෙනෙන දේ අතැතිව පැමිණ, ඔබේ බොහෝ වැඩ නවතා කෑම කන්න, ඔබත් මිනිසෙකු වන අතර අසනීප විය හැකිය, කියා මට අවවාද කළේය. එහෙත් මම ඔහුගේ උපක්‍රමය දැක, යාච්ඤා කිරීමට නැඟිට සිටියෙමි; ඔහුට එය දරාගත නොහැකි වූ නිසා, ඔහු පිටත්ව ගියේය. එසේ දුමාරයක් දොරෙන් පිටතට යන බවක් පෙනෙන්නට තිබුණි. මා එය ස්පර්ශ කර එය දෙස බලන පිණිස ඔහු කොපමණ වාරයක් කාන්තාරයේදී රත්තරන්වලට සමාන දේ ප්‍රදර්ශනය කර තිබේද.  එහෙත් මා ඔහුට විරුද්ධව ගීතිකා ගායනා කළ අතර, ඔහු අතුරුදහන් විය. ඔවුන් බොහෝ විට මට පහර දුන් අතර, මම නැවත නැවතත් මෙසේ කීවෙමි, කිසිවක් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමයෙන් මා වෙන් නොකරනු ඇත. රෝම 8:35 එසේ කළ අවස්ථාවේදී ඔවුහු එකිනෙකාට පහර දීමට පටන්ගත්හ. ඔවුන් නතර කර ඔවුන්ගේ බලය විනාශ කළේ මම නොවෙමි. එහෙත් එසේ කළේ සාතන් විදුලියක් මෙන් ස්වර්ගයෙන් වැටෙනවා මම දුටුමි, යයි පැවසූ ස්වාමින් වහන්සේය; ලූක් 10:18 එහෙත් 1 කොරින්ති 4:6 සඳහන් අපොස්තුළු තුමාගේ වචන ගැන සිතමින්, මම මෙය මටම අදාළ කර ගත්තෙමි. ඔබ හික්මවීමෙන් වෙහෙසට පත් නොවී සිටීමට ඉගෙන ගන්න, යක්ෂයාට හෝ යක්ෂයන්ගේ රැවටීම්වලට බිය නොවන්න.

41. මේ දේවල් විස්තර කිරීමේදී මා අඥානයෙකු වී ඇති බැවින්, ඔබේ ආරක්ෂාව සහ නිර්භීතකම පිණිස උපකාරයක් ලෙස මෙය පිළිගන්න. මම බොරු නොකියන නිසා මා විශ්වාස කරන්න. එක් වරක් කවුරුන් හෝ මගේ කුටියේ දොරට තට්ටු කළේය. මා එළියට ගිය විට මම ඉතා ලොකු උස මහත කෙනෙකු දුටුවෙමි. එවිට මම ඔයා කවුද? යයි ඇසුවෙමි. ඔහු පිළිතුරු දෙමින්, මම සාතන් යයි කීවේය.  එවිට මම, ඔයා මොකද මෙතන කරන්නේ? යයි ඇසූ විට, ඔහු පිළිතුරු දුන්නේ, පූජකවරුන් සහ අනෙකුත් සියලුම කිතුනුවන් මට නුසුදුසු ලෙස දොස් පවසන්නේ ඇයි? ඔවුන් මට පැයෙන් පැය ශාප කරන්නේ ඇයි? යනුවෙනි. එයට පසුව මම පිළිතුරු දෙමින් මෙසේ කීමි. ඔයා ඒ අයට කරදර කරන්නේ ඇයි? මා දුර්වල වී ඇති බැවින්, ඔවුන්ට කරදර කරන්නේ මා නොවෙයි, ඔවුන් තමන්ටම කරදර කරගන්නවා, යයි ඔහු කීය. ඔවුන්  මෙය කියවා නැද්ද? එහිදී උන්වහන්සේ දුන්නේ ඊගස් හා පලිහද කඩුව හා සටනද බින්දසේක. මට තවදුරටත් ස්ථානයක්, ආයුධයක්, නගරයක් ඇත්තේ නැත. ක්‍රිස්තියානි අය දැන් සෑම තැනකම පැතිරී සිටිති. කිතුනුවන් සිටිති, කාන්තාරය පවා දැන් පූජකවරුන්ගෙන් පිරී ඇත. ඔවුහු තමන් ගැනම අවධානය යොමු කරත්වා. මට අසාධාරණ ලෙස ශාප නොකරත්වා. එවිට මම ස්වාමින්  වහන්සේගේ කරුණා අනුග්‍රහය ගැන පුදුම වී ඔහුට මෙසේ කීවෙමි: සැමවිටම බොරුකාරයෙකු වන, කිසි විටෙකත් සත්‍යය නොකියන ඔබ, ඔබේ කැමැත්තට පටහැනිව පවා මේ සත්‍යය කතා කර ඇත. මක්නිසාද ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීම ඔබ දුර්වල කර ඇත. උන් වහන්සේ ඔබ පහතට හෙළා දමා, ඔබ නිරුවත් කර ඇත.  එහෙත් ඔහු ගැලවුම්කරුවාණන් වහන්සේගේ නම ඇසූ විට සහ එයින් ගිනි ගෙන දැවීම දරාගත නොහැකිව අතුරුදහන් විය.

42. එබැවින්, යක්ෂයා තමාගේ බලය නැති වූ බව ප්‍රකාශ කරන්නේ නම්, අප ඔහු සහ ඔහුගේ යක්ෂයන් යන දෙපාර්ශ්වයම සම්පූර්ණයෙන්ම හෙළා දැකිය යුතුය. සතුරාට ඔහුගේ දඩයම් බල්ලන් සමග එවැනි උපක්‍රම ඇති බැවින්, ඔවුන්ගේ දුර්වලකම දැනගත් අපට ඔවුන් හෙළා දැකීමට හැකි වේ. එබැවින් අපි මේ ආකාර ක්‍රියාවන්ගෙන් බලාපොරොත්තු සුන් කර නොගනිමු. බියගුලුකම පිළිබඳ සිතුවිල්ලක්වත් අපගේ සිත තුළ බියක් ඇති කර නොගනිමු. නැතහොත් යක්ෂයෙකු පැමිණ මා පරාජය කරනු ඇතැයි හෝ ඔහු මා ඔසවා බිම හෙළනු ඇතැයි එසේත් නැතිනම් හදිසියේම මට විරුද්ධව නැඟී සිට ඔහු මා අවුල් කරනු ඇතැයි හෝ කියා මම බිය වෙමියි යනුවෙන් අප ගැනම බියක් ඇති කර නොගනිමු. එබඳු සිතිවිලි කිසිසේත් සිතෙහි ඇති කර නොගනිමු, අප විනාශ වන්නාක් මෙන් අපි දුකට පත් නොවෙමු. ඒ වෙනුවට, අපි සුරක්ෂිත බව විශ්වාස කරමින්, නිර්භීතව හා සැමවිටම ප්‍රීති වෙමු. අශුද්ධාත්මයන් පලවා හැර ඔවුන්ගේ බලය බිඳ දැමූ ස්වාමින්  වහන්සේ අප සමග සිටින බව අපගේ හදවත් තුළ මෙනෙහි කරමු. ස්වාමින්  වහන්සේ අප සමග සිටින තාක් අපගේ සතුරන්ට අපට කිසි හානියක් කළ නොහැකි බව අපි ගැඹුරින් සිතා බලමු. මක්නිසාද ඔවුන් පැමිණි විට ඔවුන් අප සොයා ගන්නා තත්වයට ගැළපෙන ස්වරූපයෙන් අප වෙත ළඟා වන අතර, ඔවුන් අප සොයා ගන්නා මානසික තත්වයට අනුව ඔවුන්ගේ මිත්‍යාවන් සකස් කරති. එබැවින්, ඔවුන් අප බියගුලු හා ව්‍යාකූල ලෙස දුටුවහොත්, එය අනාරක්ෂිත බව දැක කොල්ලකරුවන් මෙන් ඔවුහු වහාම එම ස්ථානය වටලාගනිති. ඔවුහු අප සිතන දේ අනුව මෙන්ම ඊටත් වඩා තවත් බොහෝ දේ ක්‍රියා කරති. මක්නිසාද   අප දුර්වල හදවත් ඇතිව සිටින සහ බියෙන් සිටින අය බව ඔවුන් දුටුවහොත්, ඔවුන් ඔවුන්ගේ බොරු සහ තර්ජන මගින් අපගේ භීෂණය බලවත් ලෙස වැඩි කරති. මේවායින් අසතුටින් සිටින ආත්මය ඉන් පසුව වධ හිංසාවට ලක් වේ. එහෙත් ඔවුන් අප ස්වාමින්  වහන්සේ තුළ ප්‍රීති වන බවත්, අනාගතයේ ආශීර්වාදය ගැන මෙනෙහි කරමින්, ස්වාමින්  වහන්සේ ගැන සිතමින්, සියල්ල උන්  වහන්සේගේ අතේ ඇති බව සහ කිතුනුවාට එරෙහිව කිසිම නපුරු ආත්මයකට ශක්තියක් නැති බවත්, කිසිවකු කෙරෙහි බලයක් නැති බවත් අප මෙනෙහි කරන බව ඔවුන් දුටුවහොත් – ඔවුන් මෙම සිතුවිලිවලින් ශක්තිමත් වූ ආත්මය දකින විට – ඔවුහු අපහසුතාවට පත් වී පසු බසිති. මේ අනුව, මෙම සිතුවිලිවලින් යෝබ් ආරක්ෂා සහිතව වට කරන ලද දුටු සතුරා ඔහුගෙන් ඉවත් විය. එහෙත් යූදාස් අනාරක්ෂිත බව දුටු විට ඔහු ඔහු වහල්භාවයට අල්ලා ගත්තේය. එමනිසා, අපට සතුරා හෙළා දැකීමට අවශ්‍ය නම්, අපි සැමවිටම ස්වාමින් වහන්සේගේ කාරණා නිතරම මෙනෙහි කරමු. අපගේ ආත්මයන් නිතරම බලාපොරොත්තුව තුළ ප්‍රීතිමත් වෙමු. තවද යක්ෂයාගේ උගුල් දුම වැනි බවත්, දුෂ්ටයන් අප පසුපස ලුහුබඳිනවාට වඩා පලා යන බවත් අප දකිනු ඇත. මන්ද මා කලින් සඳහන් කළ පරිදි, ඔවුහු අතිශයින් බියෙන්, ඔවුන් වෙනුවෙන් සූදානම් කර ඇති ගින්න දෙස නිතරම බලා සිටිති.

43. ඔවුන්ට විරුද්ධව ඔබේ නිර්භීතකම පවත්වා ගැනීමට මෙම ස්ථිර සලකුණ මතක තබා ගන්න – අවතාරයක් දිස්වන සෑම විටම, බියෙන් වැඳ වැටීමෙන් වළකින්න. එහෙත් එය කුමක් වුවත්, පළමුවෙන්ම නිර්භීත ලෙස, ඔබ කවුද? සහ ඔබ ආවේ කොහෙන්ද? යයි අසන්න. එය ශුද්ධවන්තයන්ගේ දර්ශනයක් නම්, ඔවුන් එය ඔබට සහතික කර, ඔබේ බිය ප්‍රීතිය බවට පත් කරනු ඇත. එහෙත් දර්ශනය යක්ෂයා වෙතින් නම්, ඔබේ මනසෙහි ස්ථිර අධිෂ්ඨානය දුටු වහාම එය දුර්වල වනු ඇත. යොෂුවා 5:13 පරිදි සරල ලෙස ඔබ කවුද? සහ ඔබ පැමිණෙන්නේ කොහෙන්ද? සන්සුන් බවට සාක්ෂියකි. මෙසේ ඇසීමෙන් නූන්ගේ පුත්‍රයා තමාගේ උපකාරකාරයා කවුදැයි දැනගත්තේය. සතුරා දානියෙල්ගේ ප්‍රශ්න කරනු ලැබීමෙන්ද බේරුණේ නැත.

මෙම කාලයේදී පැවිදි ජීවිතයේ වර්ධනය (ක්‍රි.ව. 305 පමණ).

44. අන්තෝනි තුමා මෙසේ පවසද්දී සියල්ලෝම ප්‍රීතියට පත් වූහ. ඇතැමෙකු තුළ භක්තිවන්තකමට ඇති ඇල්ම වැඩි විය, තවත් අය තුළ උදාසීන බව ඉවත් විය, අන් අයගේ උඬඟු බව නතර විය. දුෂ්ටයාගේ ප්‍රහාර නොසලකා හැරීමට සියලු දෙනා දිරිමත් වූ අතර ආත්මයන් හඳුනා ගැනීමට ස්වාමින්  වහන්සේ අන්තෝනි තුමාට ලබා දුන් කරුණාඅන්‍රුහය පිළිබඳ ඔවුහු පුදුම වූහ. එබැවින් කඳුකරයේ පිහිටි ඔවුන්ගේ කුටි ගීතිකා ගායනා කළ, කියවීමට ප්‍රිය කළ, නිරාහාරව සිටි, යාච්ඤා කළ, අනාගතයේ පැමිණෙන්නට තිබෙන දේවල් පිළිබඳ බලාපොරොත්තුවෙන් ප්‍රීති වූ, දානමය කටයුතුවල නිරත වූ, එකිනෙකා අතර ප්‍රේමය හා සමගිය පවත්වා ගත් ශුද්ධ වූ මිනිසුන්ගේ කණ්ඩායම්වලින් පිරී තිබුණි. එය සැබවින්ම භක්තියෙන් හා යුක්තියෙන් පිරුණු වෙනම දේශයක් දැකීම වැනිය. මක්නිසාද යත්, එහි නපුරුකම් කරන්නෙකුවත්, තුවාල වූ අයෙකුවත්, බදු එකතු කරන්නාගේ නින්දා අපහාසවත් නොවීය. ඒ  වෙනුවට එහි වූයේ තාපස පූජකයින් ගණනාවක් වූ අතර, ඔවුන් සියල්ලන්ගේම එකම අරමුණ වූයේ භක්තිවන්තකම ඉලක්ක කර ගැනීමයි. ඒ නිසා නැවත වරක් කුටි දෙස බලන ඕනෑම කෙනෙකු, පූජකයින් අතර මෙතරම් යහපත් පිළිවෙලක් දකින විට, තම හඬ නඟා මෙසේ පවසනු ඇත. එම්බා යාකොබ්, ඔබේ කූඩාරම්, එම්බා ඉශ්‍රායෙල්, ඔබේ මණ්ඩප කොපමණ ශෝභනද! ඒවා මිටියාවත් මෙන්ද ගඟබඩ උයන් මෙන්ද ස්වාමීන් වහන්සේ සිටෙවු අගරු ගස් මෙන්ද දිය අසල කිහිරි ගස් මෙන්ද විහිදී තිබේ. ගණන් කථාව 24:5-6.

මෙම කාලයේදී අන්තෝනි තුමා තමාගේ  තාපස පූජක ක්‍රියාකාරීත්වය අලුත් කර ගත් ආකාරය

45. කෙසේ වෙතත්, අන්තෝනි තුමා, සුපුරුදු පරිදි තම කුටියට තනිවම ආපසු ගොස්, ඔහුගේ විනය ක්‍රියාවන් වැඩි කර ගනිමින්, දිනපතාම ස්වර්ගයේ මන්දිර ගැන සිතමින් සුසුම්ලමින්, ඒවා කෙරෙහි ආශාවක් ඇති කර ගනිමින්, මිනිසාගේ ජීවිතයේ කෙටි කාලය ගැන කල්පනා කළේය. එමෙන්ම ආත්මයේ ආත්මික ක්‍රියාවන් ආවර්ජනය කරමින් ලජ්ජාවෙන් යුතුව ආහාර ගැනීම, නිදාගැනීම සහ අනෙකුත් ශාරීරික අවශ්‍යතා ඉටු කළේය. බොහෝ විට, වෙනත් ආත්මික ආහාර ගැන සිහිපත් කරමින්, වෙනත් සෙමිනරිවල පූජකයන් සමග ආහාර ගැනීමට සූදානම් වන විට, තමා ආහාර අනුභව කරනු අන් අය දුටුවහොත් එය ලජ්ජාවට කරුණක් ලෙස සලකමින්, සමාව ඉල්ලා ඔවුන්ගෙන් බොහෝ දුරස් විය. කෙසේ වෙතත්, තනිව සිටින විට, ඔහු කායික අවශ්‍යතාවය උදෙසා පමණක් අනුභව කරයි, එහෙත් බොහෝ විට ඔහු සහෝදරයන් සමගද ආහාර ගත්තේය; මෙම අවස්ථාවලදී ලජ්ජාවෙන් වැසී ගියද, ඔහු දිරිගැන්වීමේ වචන ඉදිරිපත් කිරීමට නිර්භීතව කතා කරයි. මිනිසෙකු තම මුළු කාලයම ශරීරයට වඩා ආත්මය උදෙසා කැප කළ යුතු අතර, එසේ වූවත් ශරීරයේ අවශ්‍යතා සඳහා කෙටි කාලයක් ගත කළ යුතු බවත් ඔහු පවසනු ඇත. එහෙත් වඩාත් ඕනෑකමින් ඔවුන්ගේ ඉතිරි කාලය ආත්මයේ ප්‍රයෝජනය සඳහා කැප කළ යුතුය, ආත්මය ශරීරයේ සතුටෙන් ඇද නොවැටී, ඊට ප්‍රතිවිරුද්ධව, ශරීරය ආත්මයට යටත් විය හැකි වන පිණිස එසේ කළ යුතුය. මක්නිසාද ගැලවුම්කරුවාණන් වහන්සේ විසින් පවසන ලද්දේ මෙයයි: එහෙයින් කුමක් කමුද කුමක් බොමුද කුමක් අඳිමුද කියමින් කනස්සලු නොවෙන්න. මක්නිසාද මේ සියල්ල අන්‍ය ජාතීහු සොයති; මේ සියල්ල නුඹලාට ඕනෑ බව නුඹලාගේ ස්වර්ගීය පියාණන්වහන්සේ දන්නාසේක. නුමුත් පළමුකොට උන්වහන්සේගේ රාජ්‍යයද උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමද සොයන්න; මේ සියල්ලත් නුඹලාට දෙනු ලබන්නේය. මතෙව් 6:31; ලූක් 12:29.

පීඩාවේදී (311) ඇලෙක්සැන්ඩ්‍රියාවේදී ඔහු ප්‍රාණ පරිත්‍යාගී වීම ප්‍රාර්ථනා කළ  ආකාරය.

46. මෙයින් පසුව, මැක්සිමිනස් යටතේ සිදු වූ හිංසා පීඩාවලින් සභාව පීඩාවට පත් වූ අතර, ශුද්ධ වූ වේදසාක්ෂික අය ඇලෙක්සැන්ඩ්‍රියාවට ගෙන යන විට, අන්තෝනි තුමාද තම කුටියෙන් පිටව ගියේ මෙසේ කියමිනි, “අපිත් යමු, කතා කළහොත්, අපට සටන් කළ හැකිය. නැතිනම් ඔවුන් සටන් කරනු අපට බැලිය හැකිය.“ ඔහු ප්‍රාණ පරිත්‍යාගය විඳීමට ආශා කළ නමුත් තමාම භාර වීමට අකමැති වූ නිසා ඔහු ඒ වෙනුවට පතල්වල සහ සිරගෙවල්වල ශුභාරංචි  සේවය කරන්නන්ට උපකාර කළේය. තවද, විනිශ්චය ශාලාවේදී, ඔවුන්ගේ නඩු විභාගය සඳහා සූදානම්ව සිටින ලෙස කැඳවනු ලැබූ අය දිරිමත් කිරීමට ඔහු ඉතා උනන්දුවෙන් සිටි අතර, ඔහු ප්‍රාණ පරිත්‍යාගීන් පිළිගෙන ඔවුන්ගේ දුක් වේදනාවලින් සම්පූර්ණත්වයට පත් වන තුරු ඔවුන්ට උපකාර කරමින් ඔවුන් ගෙන ආවේය. එබැවින් අන්තෝනි තුමා සහ ඔහුගේ සගයන්ගේ නිර්භීතකම සහ මේ කාරණය සම්බන්ධයෙන් ඔවුන්ගේ ජ්වලිත බව දුටු විනිසුරුවරයා, කිසිම පූජකයෙකුට විනිශ්චය ශාලාවට නොපැමිණෙන ලෙසත්, නගරයේ කිසිසේත් නොසිටින ලෙසටත් නියෝග කළේය. එදින සැඟවී සිටීම නුවණට හුරු යැයි අනෙක් අය සිතද්දී, අන්තෝනි තුමා එම නියෝගයට අවධානය යොමු කළේ අවම වශයෙනි. ඔහු තම වස්ත්‍රය සෝදාගෙන පසුදා මුළුල්ලේම ඔවුන් ඉදිරියෙහි උස් ස්ථානයක සිටිමින්, ආණ්ඩුකාරයා ඉදිරියේ සිය උසස්ම ආකාරයෙන්  පෙනී සිටියේය. එබැවින් සෙසු සියල්ලෝම මේ ගැන මවිතයට පත් වූ විට ආණ්ඩුකාරයා ඔහු දැක ඔහුගේ පිරිවර සමගින් ඔහු පසු කර ගියේය. කිතුනුවන් වන අපගේ සූදානම පෙන්නුම් කරමින් අන්තෝනි තුමා නිර්භීතව නැගී සිටියේය. මන්ද මා කලින් සඳහන් කළ පරිදි, ඔහු ප්‍රාණ පරිත්‍යාගියෙකු වීම උදෙසා යාච්ඤා කර ඇති අතර, ඔහු තවමත් තම ඇදහිල්ල සම්බන්ධයෙන් සාක්ෂි නොදීම ගැන දුක් වූ බවක් පෙනෙන්නට තිබුණි. එහෙත්, ස්වාමින් වහන්සේ බොහෝ දෙනෙකුගේ ප්‍රයෝජනය සඳහා ඔහු ආරක්ෂා කළ සේක. ඒ ඔහු ශුද්ධලියවිල්ලෙන් ඉගෙන ගත් බොහෝ විනයන් පිළිබඳ අන් අයට ගුරුවරයෙකු වීම පිණිසය. මක්නිසාද ඔහුගේ ජීවන රටාව දුටු බොහෝ දෙනෙක් ඔහුගේ ආදර්ශය අනුගමනය කිරීමට උනන්දු වූහ. එබැවින් ඔහු නැවතත් ශුභාරංචිය ප්‍රකාශ කරන්නන්ට සුපුරුදු පරිදි දිගටම සේවය කරමින්, ඔහුද ඔවුන්ගේ වහලෙකු මෙන් ඔවුන්ට සේවය කරමින් ඔහුගේ  සේවය කළේය.

මේ  කාලය තුළ ඔහු ජීවත්  වූ ආකාරය.

47. අවසානයේ පීඩාව අවසන් වූ අතර, ආශීර්වාද ලත් රදගුරු පේදුරු සාක්ෂි දැරූ විට, අන්තෝනි තුමා පිටත්ව ගොස්, නැවත සිය කුටියට ආපසු ගියේය. එහිදී ඔහු දිනපතාම තම හෘදයසාක්ෂිය තුළ ප්‍රාණ පරිත්‍යාගී බව  අත්විඳිමින්, ඇදහිල්ලේ සටන්වල ​​අරගල කළේය. තවද, ඔහු නිරාහාරව සිටි නිසා ඔහුගේ විනය වඩා තියුණු විය. ඔහු මිය යන තුරුම ඇතුළතින් ලොම්වලින් සහ පිටත සමෙන් සාදන ලද වස්ත්‍රයක් ඇඳ සිටියේය. ඔහු කිසි විටෙක තමා පිරිසිදු කර ගැනීම සඳහා ජලයෙන් ස්නානය කළේ නැත, අත්‍යවශ්‍ය නම් මිස, කිසි විටෙකත් තම පාද සෝදා ගත්තේවත්, වතුරට බැස්සේවත් නැත. ඔහුගේ මරණයෙන් පසුව ඔහු භූමදාන කරන විට හැරුණුකොට කිසිවෙකු ඔහු ඇඳුම් නොමැතිව සිටිනු හෝ ඔහුගේ සිරුර නිරාවරණය වී ඇති බවක් කිසිදාක දැක තිබුණේ නැත.

ඔහු නපුරු ආත්මයක්  ආවේශ වී සිටි  කාන්තාවක මුදාගත් ආකාරය.

48. එබැවින් ඔහු විවේක ගෙන  ඒ වේලාවෙන් පසුව තමාම පිටතට නොයාමටත්, කිසිවෙකුත් එහි ඇතුළු කර නොගැනීමටත් තීරණය කළ විට, මාර්ටීනියන් නම් හමුදා නිලධාරියා පැමිණ අන්තෝනි තුමාට බාධා කළේය. මක්නිසාද ඔහුට දුෂ්ට ආත්මයෙන් පීඩා විඳි දියණියක් සිටියාය. එහෙත් ඔහු බොහෝ වේලාවක් දොරට තට්ටු කරමින්, පිටතට පැමිණ තම දරුවා වෙනුවෙන් දෙවියන් වහන්සේට යාච්ඤා කරන ලෙස ඉල්ලා සිටි විට, දොර විවෘත කිරීමට අකමැති වූ අන්තෝනි තුමා, ඉහළින් පිටත බලා, “ඇයි ඔබ මට කතා කරන්නේ? මාත් ඔබ වගේම මිනිසෙක්, ඒත් ඔබ මා සේවය කරන ක්‍රිස්තුස් වහන්සේ විශ්වාස කරන්නේ නම්, ගොස්, ඔබ විශ්වාස කරන පරිදි දෙවියන් වහන්සේට යාච්ඤා කරන්න, එවිට එය ඉටු වනු ඇත“, යයි කීවේය. එමනිසා, වහාම ක්‍රිස්තුස් වහන්සේ විශ්වාස කරමින්, උන් වහන්සේගේ නාමය කියමින් මාර්ටීනියන් පිටව ගිය අතර, ඔහුගේ දියණිය යක්ෂයාගෙන් පවිත්‍ර කරනු ලැබුවාය. ලූක් 11:9 සොයන්න, එවිට ඔබට දෙනු ලැබේ, යැයි පවසන ස්වාමින් වහන්සේ අන්තෝනි තුමා තුළින් තවත් බොහෝ ප්‍රාතිහාර්යයන් සිදු කළ සේක. බොහෝ දුක් විඳින අය එහි පැමිණ, අන්තෝනි තුමා තම දොර ඔවුන්ට විවෘත නොකරන විට, ඔහුගේ කුටියෙන් පිටත නිදාගත් අතර, ඔවුන්ගේ ඇදහිල්ලෙන් හා අවංක යාච්ඤාවෙන් සුව කරනු ලැබූහ. 

මේ අවස්ථාවේදී ඔහු තම ඇතුළත කන්දටයොමු වූ ආකාරය. 

49. එහෙත්  තමා කැමති පරිදි තමාගේ අභිප්‍රායේ ආකාරයට ඉවත් වීමට නොහැකිව බොහෝ දෙනෙකු එහි වට වී සිටිනු දුටු ඔහු, ස්වාමින් වහන්සේ විසින් තමන් තුළින් කරන ලද සලකුණු තමාම අහංකාර වීම පිණිස හෝ අන් අය විසින් තමන් ඕනෑවට වඩා උසස් කරනු ලැබීමට හෝ හේතු වනු ඇතැයි බිය වී, ඔහු තමා ගැන නොදන්නා අය සිටින ඉහළින් පිහිටි තීබයිඩ් වෙත යාමට තීරණය කළේය.  ඔහු තම සහෝදරයන්ගෙන් රොටි ලබා ගැනීමෙන් පසුව, ඔහු ගං ඉවුර අසල වාඩි වී, ඔරුවක් ගමන් කරන තෙක් බලා සිටියේය. එවිට ඔහුට එයට ගොඩ වී ඔවුන් සමග ඉහළට යා හැකිය. ඔහු මේ කරුණු සලකා බලමින් සිටින විට ඉහළින් ඔහුට හඬක් නැඟුණේය. “අන්තෝනි තුමා, ඔබ යන්නේ කොහෙද, ඒ ඇයි?“ එහෙත් ඔහුට ඉන් කිසි බාධාවක් නොවීය, මන්ද නිතර නිතර එසේ හඳුන්වනු ලැබීම ඔහුට හුරුපුරුදු නිසා, එයට කන් දී, පිළිතුරු දෙමින් මෙසේ කීය, ‘බොහොමයක් වූ සෙනඟ මට නිශ්චලව සිටීමට ඉඩ නොදෙන බැවින්, මෙහිදී මට බොහෝ බාධා පැමිණෙන බැවින්, විශේෂයෙන්ම ඔවුන් මගේ ශක්තියෙන් ඔබ්බට දේවල් මගෙන් ඉල්ලා සිටින නිසා මම ඉහළ තීබයිඩ් වෙත යාමට කැමැත්තෙමි. එහෙත් එම කටහඬ ඔහුට මෙසේ කීය, ‘ඔබ සිතූ පරිදි ඔබ තීබයිඩ් වෙත යා යුතු වුවත්, ඔබ බුකෝලියාවට බැස යා යුතු වුවත්, ඔබට තව වඩාත් බාධක විඳ දරාගැනීමට සිදුවනු ඇත, ඔව්, ඔබට දෙගුණයක දුෂ්කරතාවන්ට මුහුණදීමට සිදු වනු ඇත. එහෙත් ඔබ සැබවින්ම නිහඬව සිටීමට කැමති නම්, දැන් ඇතුළු කාන්තාරයට යන්න.’ ‘මම එහි යාමට නොදනිමි, මට මාර්ගය පෙන්වන්නේ කවුද?’ යනුවෙන් අන්තෝනි තුමා ඇසූ විට, කටහඬ එකෙණෙහිම ඔහු එම මාවතේ ගමන් කිරීමට සිටි සරසන්වරුන් වෙත යොමු කළේය. එබැවින් අන්තෝනි තුමා ඔවුන් ළඟට ගොස් ඔවුන් සමග කාන්තාරයට යාමට තමාට ඉඩ දෙන ලෙස ඉල්ලා සිටියේය. ඔවුහු, රැකවරණය දෙන තැනැන් වහන්සේ විසින් අණ කරන ලද පරිදි, කැමැත්තෙන් ඔහු පිළිගත්හ. ඔහු ඔවුන් සමග දින තුනක් සහ රාත්‍රී තුනක් ගමන් කිරීමෙන් පසුව ඔවුහු උස් කන්දකට ළඟා වූහ. කඳු පාමුල පිරිසිදු දිය උල්පතක් ගලා ගියේය, එහි ජලය මිහිරි හා ඉතා සීතල විය. පිටත තැනිතලා ප්‍රදේශයක් සහ නොසලකා හරින ලද තල් ගස් කිහිපයක් විය.

50. එවිට දෙවියන් වහන්සේ විසින් මඟ පෙන්වනු ලැබූ අන්තෝනි තුමාට එම ස්ථානය කෙරෙහි දැඩි ඇල්මක් ඇති විය. මන්ද ගං ඉවුර අසල ඔහු සමග කතා කළ තැනැත්තා විසින් පෙන්වා දෙන ලද ස්ථානය එයයි. එබැවින් ඔහු තමා සමග ගමන් ගත් සෙසු මගීන්ගෙන් රොටි ලබා ගත් පසුව, ඔහු තනිවම කන්දෙහි වාසය කළේය, ඔහු සමග කිසිවෙකු සිටියේ නැත. ඔහු එම ප්‍රදේශය තම සැබෑ නිවහන ලෙස හඳුනාගෙන එහි ස්ථිරව සිටීමට තීරණය කළේය. එහෙත් අන්තෝනි තුමාගේ අවංකකම ගැන පැහැදුණු සැරසන්ස්වරු, හිතාමතාම ඒ ප්‍රදේශයට ගොස් ප්‍රීතියෙන් ඔහුට රොටි රැගෙන ආහ. ඉඳහිට, තල් ගස්ද ඔහුට තල් ගස් ඔහුට සරල, සකසුරුවම් කෑමක් ලබා දුන්නේය. එහෙත් මෙයින් පසුව, එම ස්ථානය පිළිබඳ දැනගත්  සහෝදරයෝ තම පියා ගැන සිහිපත් කරන දරුවන් මෙන්, ඔහු වෙත අවශ්‍ය දේවල් යැවීමට වග බලා ගත්හ. එහෙත් අන්තෝනි තුමා ඔවුන්ගෙන් සමහර අයට කරදර සහ දුෂ්කරතා ඇති කරන කාරණය ආහාර බව දුටු විට, පූජකයින් මෙයින් වළක්වා ගැනීම උදෙසා, උදැල්ලක්, පොරොවක් සහ ධාන්‍ය ටිකක් රැගෙන එන ලෙස තමන් බැලීමට එන අයගෙන් ඉල්ලා සිටීමට තීරණය කළේය. ඒවා රැගෙන ආ පසුව, ඔහු කන්ද අවට ඉඩම පරීක්ෂා කර, වගාවට සුදුසු කුඩා ඉඩමක් සොයාගෙන එහි වගා කළේය. ජලය සැපයීම සඳහා ප්‍රමාණවත් ජල සැපයුමක් භාවිත කරමින් ඔහු වැපිරුවේය. වසරින් වසර මෙසේ කිරීමෙන් ඔහු කිසිවකුට බරක් නොවී තමාට අවශ්‍ය දේ සපයා ගත් නිසා ප්‍රීතියෙන් ඉඩමේ අස්වැන්න නෙළා ගත්තේය. එහෙත් මෙයින් පසුවත් නැවතත් මිනිසුන් එහි පැමිණෙන බව දැක ඔහු පැමිණි අයට ඔවුන්ගේ දිගු දුෂ්කර ගමනෙන් පසු කුඩා සැනසීමක් ලබා ගැනීමට හැකි වන පරිදි ඖෂධ පැළෑටි කිහිපයක් වගා කළේය. කෙසේ වෙතත්, මුලදී, කාන්තාරයේ වන මෘගයෝ ජලය තිබූ නිසා එහි පැමිණ, බොහෝ විට ඔහුගේ බීජවලට හා වගාවට නිතර හානි කළහ. එහෙත් ඔහු ඔවුන්ගෙන් එකෙකු මෘදු ලෙස අල්ලාගෙන, ඔවුන් සියල්ලන්ටම මෙලෙස පැවසුවේය, ‘මා ඔබෙන් කිසිවෙකුට කිසිම හානියක් නොකළ විට ඔබ මට හානියක් කරන්නේ ඇයි? යන්න, ස්වාමින් වහන්සේගේ නාමයෙන් මේ ස්ථානයට ළං නොවන්න.’ ඒ මොහොතේ පටන් ඔහුගේ අණට බිය වූවාක් මෙන් සත්තු කිසි දිනෙක එම ස්ථානයට ළං නොවුහ.

එතුමා එහිදී යක්ෂයින්ට එරෙහිව සටන් කළ ආකාරය.

51. එහෙයින් ඔහු යාච්ඤාවට හා හික්මවීමට තම කාලය කැප කරමින් ඇතුළු කන්දේ තනිවම සිටියේය. ඔහු මේ වන විට වයස්ගතව සිටි බැවින් ඔහුට සේවය කළ සහෝදරයෝ ඔලිව්, පරිප්පු සහ තෙල් රැගෙන මාසිකව ඔහු බැහැදැකීමට පැමිණීමට අවසර දෙන ලෙස ඉල්ලා සිටියහ. අප ඔහු බැලීමට ගිය අයගෙන් දැනගත් පරිදි, එහි ඔහු තම ජීවිතය ගෙවා දැමුවේය. ‘එපීස 6:12 ලියා ඇති පරිදි, මාංසයට හා රුධිරයට විරුද්ධව නොව, එහෙත් යක්ෂයින්ගේ විරුද්ධවාදීකම්වලට එරෙහිව එවැනි මහා පොරබැදීම් විඳ දරාගත්තේය. මන්ද එහිදී ඔවුන්ට ඝෝෂා කිරීම්, බොහෝ කටහඬවල් සහ ආයුධවල ගැටුම් ශබ්දය වැනි දේ ඇසිණි. රාත්‍රියේදී කන්ද වන මෘගයන්ගෙන් පිරී ඇති බවත්, ඔහු දෘශ්‍යමාන ජීවීන්ට එරෙහිව සටන් කරන බවත් ඔවුන්ට විරුද්ධව යාච්ඤා කරන බවත් ඔවුහු දුටුවෝය. ඔහු තමන් වෙතට පැමිණි අය දිරිමත් කළේය, දණින් වැටී ස්වාමින් වහන්සේට යාච්ඤා කෙළේය. එවැනි කාන්තාරයක තනිව සිටින මිනිසෙකු තමාට විරුද්ධ වූ යක්ෂයින්ට හෝ බොහෝ සිව්පා සතුන්ගේ සහ බඩගා යන ජීවීන්ගේ දරුණුකමට බිය නොවීම පුදුම සහගත දෙයකි. එහෙත් සත්‍ය වශයෙන්ම, ‘ඔහු සියොන් කන්ද මෙන් ස්වාමින් වහන්සේ කෙරෙහි විශ්වාසය තැබුවේය’ යනුවෙන් ලියා ඇති පරිදි, නොසැලෙන හා නොසන්සුන් වූ මනසකින් පසු විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් යක්ෂයෝ ඔහු වෙතින් පලා ගියහ. යෝබ් 5:23 ලියා ඇති පරිදි, වන සත්තු ඔහු සමග සමාදානයෙන් සිටියහ.

52. එබැවින් යක්ෂයා, ගීතාවලියෙහි දාවිත් පවසන පරිදි, අන්තෝනි තුමා නිරීක්ෂණය කර ඔහුට විරුද්ධව දත්මිටි කෑවේය. එහෙත් අන්තෝනි තුමා ගැලවුම්කරුවාණන් වහන්සේ විසින් සනසනු ලැබූ අතර යක්ෂයාගේ උපක්‍රම සහ රැවටීම්වලින් හානියක් නොවී සිටියේය. ඔහු රාත්‍රියේ බලා සිටියදී යක්ෂයා ඔහුට විරුද්ධව වන පහර දීමට මෘගයන් යැවීය. එම කාන්තාරයේ සිටි හයිනාවෝ සියලුම දෙනා පාහේ තම ගුහාවලින් පිටතට පැමිණ ඔහු වට කර ගත්හ. ඔවුන් එකිනෙකා ඔහු සපා කෑමට තර්ජනය කරද්දී ඔහු ඔවුන් මැද සිටියේය. එය සතුරාගේ උපක්‍රමයක් බව දුටු ඔහු ඔවුන් සියල්ලන්ටම මෙසේ කීවේය: ‘මට හානියක් කිරීමට ඔබට බලය තිබේ නම්, ඔබ විසින් ගිල දමනු ලැබීමට මම සූදානමින් සිටිමි, එහෙත් නුඹලා දුෂ්ටාත්මයන් විසින් මට විරුද්ධව එවනු ලැබුවහු නම්, මම ක්‍රිස්තුස් වහන්සේගේ සේවකයෙකු බැවින් මෙහි නොසිට, ඉවත්ව යන්න.’  අන්තෝනි තුමා මේ වදන් පැවසූ කල, හයිනාවෝ කස පහරක් වැදුණාක් මෙන් පලා ගියහ.

53. දින කිහිපයකට පසුව, (ඔහු වෙහෙස මහන්සි වී වැඩ කළ බැවින්) ඔහු වැඩ කරමින් සිටින විට, යමෙකු ඔහුගේ දොරකඩ සිටගෙන, ඔහු වියමින් සිටි කූඩය ඇද්දේය. මන්ද ඔහු එහි එන අයට ඔවුන්ගේ පඬුරු වෙනුවට ලබා දීමට බොහෝ විට කූඩ වියුවේය. ඔහු නැඟිට, කලවා දක්වා මිනිසකුට සමාන නමුත් බූරුවෙකුගේ මෙන් කකුල් සහ පාද ඇති සත්වයෙකු දුටුවේය. අන්තෝනි තුමා සරලව කුරුසියේ සලකුණ සාදා, ‘මම ක්‍රිස්තුස් වහන්සේගේ සේවකයෙක් වෙමි, මට හානියක් කිරීමට ඔබ එවා ඇත්නම්, මම මෙහි සිටිමි.’ එහෙත් සත්වයා සහ උගේ නපුරු ආත්මයන් පලා ගිය අතර, ඔහුගේ වේගය නිසා ඔහු වැටී මිය ගියේය. තවද සත්වයාගේ මරණය සංකේතවත් කළේ යක්ෂයන්ගේ පරාජයයි. මක්නිසාද යක්ෂයන් අන්තෝනි තුමා කාන්තාරයෙන් එළවා දැමීමට හැකි සෑම ක්‍රමයක්ම උත්සාහ කළ නමුත් එය අසාර්ථක විය.

ආශ්චර්යවත් උල්පත සහ ඔහු පිටතකන්දේ පූජකයින් සන්නද්ධ කළ ආකාරය සහ අන්තෝනි තුමාගේ සහෝදරිය සම්බන්ධ කාරණා.

54. වරක් පූජකයන් විසින් ඔවුන්ගේ ආවාසවලට පැමිණ එහි ටික කලක් ගත කරන මෙන් ඔහුගෙන් ඉල්ලා සිටි විට, ඔහු තමන් වෙත පැමිණි අය සමග එහි ගියේය.  ඔවුන්ගේ ගමන සඳහා රොටි සහ ජලය ඔටුවෙක් රැගෙන ගියේය. මක්නිසාද කාන්තාරය වියළි වූ අතර, ඔවුන් ජලය ලබා ගත් අන්තෝනි තුමාගේ කුටිය පිහිටි කන්දේ හැරුණුකොට බීමට ජලය කිසිසේත්ම නොතිබුණි. ඒ නිසා ඔවුන් යන ගමනේදී ජලය අවසන් වූ විට සහ තාපය ඉතා දැඩි වූ විට, ඔවුහු සියල්ලෝම අනතුරට පත් වූහ. මක්නිසාද අවට ප්‍රදේශය සෝදිසි කර ජලය සොයා ගැනීමට නොහැකි වූ අතර, ඔවුන්ට තවදුරටත් ඇවිදීමට නොහැකි විය. එවිට ඔවුහු බිම වැතිරී, තමන් ගැන බලාපොරොත්තු සුන් වී, ඔටුවාට යන්නට ඉඩ හැරියහ. එහෙත්, ඔවුන් සියල්ලන්ම අනතුරට පත්ව සිටින බව දුටු මහලු මිනිසා, දැඩි ශෝකයෙන් කෙඳිරිගාමින්, ඔවුන්ගෙන් මඳක් දුරස් වී, දණින් වැටී, දෑත් දිගු කර යාච්ඤා කළේය. එකෙණෙහිම ස්වාමින් වහන්සේ ඔහු යාච්ඤා කරමින් සිටි ස්ථානයෙන් ජලය මතු වීමට සැලැස්වූ අතර, සියල්ලෝම පානය කර නැවත ප්‍රාණවත් වූහ. ඔවුහු තම බෝතල්වලට වතුර පුරවා ගත්හ. ඔටුවාගේ කඹය ගලක පැටලී තදින් වෙළී තිබූ නිසා ඔවුන්ට ඇය හමු විය. ඔවුහු ඔටුවාට වතුර බීමට සලස්වා වතුර බෝතල් උගේ පිටේ තබා ආරක්ෂිතව ගමන නිම කළහ. ඔහු පිටත කුටිවලට පැමිණි විට ඔහු පියෙකු ලෙස සලකා සියල්ලෝම ඔහුටආචාර කළහ. ඔහුද කන්දෙන් බඩු ගෙන එන්නාක් මෙන්, ඔවුන් සමග ප්‍රඥාවේ වචන බෙදාගෙන ඔවුන්ට උදව් කළේය. නැවතත් කඳුකරයේ ප්‍රීතිය ඇති විය, වර්ධනය සඳහා නව ජ්වලිතයක් ඇති විය, ඔවුන්ගේ අන්‍යෝන්‍ය ඇදහිල්ල තුළින් සැනසීමක් ඇති විය. පූජකයන්ගේ උනන්දුවද, තම සොහොයුරිය කන්‍යා සොහොයුරියක ලෙස වයස්ගතව සිටීමද, ඇය අනෙකුත් කන්‍යා සොහොයුරියන්ගේ නායිකාව වීමද දුටු අන්තෝනි තුමාද ප්‍රීතියට පත් විය.

ඔහු තමන් වෙත පැමිණි අයට මානුෂික ලෙස උපදෙස් දුන් ආකාරය. 

55. දින කිහිපයකට පසුව ඔහු නැවත කන්දට පැමිණියේය. එතැන් සිට බොහෝ දෙනෙකු ඔහු වෙත පැමිණි අතර, තවත් දුක් විඳිමින් සිටි අය එහි යාමට උත්සාහ කළහ. එබැවින් තමන් වෙත පැමිණි සියලුම පූජකයන්ට ඔහු නිරන්තරයෙන්ම මෙම උපදෙස ලබා දුන්නේය: ‘ස්වාමින් වහන්සේ කෙරෙහි විශ්වාස කරන්න, උන් වහන්සේට ප්‍රේම කරන්න; අපිරිසිදු සිතුවිලිවලින් හා මාංසික සැප සම්පත්වලින් වැළකී සිටින්න. හිතෝපදේශ පොතේ පවසන පරිදි, බඩ පුරවාගැනීමෙන් රැවටීමට හසු නොවන්න. නොකඩවා යාච්ඤා කරන්න; නිෂ්ඵලකමෙන් වළකින්න; නින්දට පෙර සහ නින්දෙන් අවදි වන කල ගීතිකා ගායනා කරන්න; ශුද්ධලියවිල්ලේ ආඥා ඔබේ හදවතේ තබාගන්න; සාන්තුවරයන්ගේ ක්‍රියා ගැන සිහි තබා ගන්න, ඔබේ එවිට ආත්මයන් ආඥාවන් සිහිකරමින් සැදැහැවතුන්ගේ ජ්වලිතයට එකඟව පවතිනු ඇත. එසේම ‘කෝපවුණත් පව් නොකරන්න. ඉර බසින තුරු නුඹලාගේ කෝපය පවතින්ට ඉඩ නාරින්න’ එපීස 4:26 යන ප්‍රේරිතවරයාගේ වචන නිරන්තරයෙන් මෙනෙහි කරන ලෙස ඔහු ඔවුන්ට විශේෂයෙන් උපදෙස් දුන්නේය. තවද මෙය කෝපයට පමණක් නොව සියලු ආඥාවන් ගැන පොදුවේ කථා කරන බවත්, දවස අවසානයේදී කිසිදු පාපයක් නොවිසඳී නොයා යුතු බවත් ඔහු විශ්වාස කළේය. මක්නිසාද ඉර දිවා කාලයේදී අප කළ  වරදකට හෝ සඳ රාත්‍රියේ කාලයේදී අප කළ  පාපයකට හෝ නපුරු සිතුවිල්ලක් නිසා හෝ අප හෙළා නොදැකීම යහපත් මෙන්ම අවශ්‍ය විය. අප තුළ මෙම තත්වය පවත්වා ගැනීම සඳහා, අපෝස්තුළුවරයාට සවන් දීම සහ ඔහුගේ වචන පිළිපැදීම යහපත්ය, මන්ද ඔහු පවසන්නේ මෙයයි: ‘නුඹලාම පරීක්ෂාකර බලන්න; නුඹලාවම සෝදිසිකර බලන්න,’ කියායි. 2 කොරින්ති 13:5  එමනිසා, සෑම දිනකම, සෑම කෙනෙකුම දිවා රෑ දෙකෙහිම තමාගේ ක්‍රියාවන් පිළිබඳ සැලකිල්ලට ගත යුතුය. ඔහු පව් කර ඇත්නම්, ඔහු එය නතර කරාවා; එසේ පව් කර නොමැති නම්, ඔහු පාරට්ටු කර නොගනීවා. එහෙත් ආශීර්වාද ලත් ප්‍රේරිත පාවුල් පවසන පරිදි, ‘සැඟවී ඇති දේ එළිදරව් කරන ස්වාමින් වහන්සේ පැමිණෙන තෙක්’ ඔහු නොසැලකිලිමත් නොවී, තම අසල්වැසියන් හෙළා නොදකිමින්, තමාම සාධාරණීකරණය කර නොගෙන යහපත් දේට විශ්වාසවන්තව සිටිය යුතුය. මක්නිසාද බොහෝ විට නොදැනුවත්වම අප කරන්නේ අප නොදන්නා දේවල්ය. එහෙත් ස්වාමින් වහන්සේ සියල්ල දකින සේක. එබැවින් උන් වහන්සේට විනිශ්චය භාර දෙමින්, අපි එකිනෙකාට අනුකම්පා කරමු. ගලාති 6:6 පවසන පරිදි අපි එකිනෙකාගේ බර උසුලමු. අපි අපම සෝදිසි කර බලා අපට අඩු පාඩු පුරවා ගැනීමට ඉක්මන් වෙමු. පාපයෙන් ආරක්ෂාවක් ලෙස, අපි මෙම උපදෙස් අනුගමනය කරමු. අප සෑම කෙනෙකුම අපගේ ක්‍රියාවන් සහ අපගේ හදවතේ ආශාවන් එකිනෙකා සමග සම්බන්ධ කිරීමට යන ආකාරය සැලකිලිමන් වී ඒවා ලියා තබමු. ඒවා අනිත් අය දැනගැනීම ගැන අප මුළුමනින්ම ලජ්ජා විය යුතු නම්, අප පාපයෙන් වැළකී සිටින අතරම අපගේ මනසෙහි පහත් සිතුවිලි ඇති කර නොගන්නා බවට සහතික වෙමු. පව් කරන විට එය අන් අය දැකීම පිළිබඳ කැමති වන්නේ කවුද? එසේත් නැතිනම් පාපයක් සිදු වූ පසුව, එය අන් අය දැන නොගැනිම ගැන ආශා කරමින් බොරු නොකියන්නේ කවුද? අපි අන් අය ඉදිරියේ ලෞකික පාප ක්‍රියා කිරීමෙන් වැළකී සිටින්නෙමු. එබැවින් අපි අපගේ සිතුවිලි එකිනෙකාට පැවසීමට සූදානම්ව ඒවා ලියා තැබුවහොත්, ඒවා අන් අය දැනගැනීම නිසා ඇති වන ලජ්ජාව නිසා අපි වඩාත් පහසුවෙන් නින්දිත සිතුවිලිවලින් නිදහස් වෙමු. එහෙයින් ඒසේ ලියන ලද කාරණා අපගේ සහෝදර පූජකයින්ගේ ඇස් වෙනුවට අප වෙත තිබේවා. අප හසු වූවාක් මෙන් ලිවීමේදී ඒ ගැන ලජ්ජාවට පත් වී, අපි කිසි විටෙකත් අසභ්‍ය දේ ගැන නොසිතමු. මෙසේ අපම හැඩගස්වා ගැනීමෙන් ශරීරය යටත්ව තබා ගැනීමටත්, ස්වාමින් වහන්සේ සතුටු කිරීමටත්, සතුරාගේ උපක්‍රම පාගා දැමීමටත් අපට හැකි වනු ඇත.

56. තමා වෙත පැමිණි අයට ඔහු දුන් අවවාදය මෙයයි. තවද ඔහු දුක් විඳීම ගැන අනුකම්පා කළ අතර ඔවුන් වෙනුවෙන් යාච්ඤා කළේය. ස්වාමින් වහන්සේ බොහෝ විට අන් අය වෙනුවෙන් ඔහුගේ යාච්ඤාවලට පිළිතුරු දුන් නමුත්, ඔහුගේ යාච්ඤාවලට පිළිතුරු ලැබුණු විට ඔහු පුරසාරම් දෙඩුවේ නැත, ඒවාට පිළිතුරු නොලැබුණු විට පැමිණිලි කළේද නැත. එහෙත් සෑම විටම ඔහු ස්වාමින් වහන්සේට තුති පුදමින් දුක් විඳින අයගෙන් ඉල්ලා සිටියේ ඉවසිලිවන්තව සිටින ලෙසත්, සුවය කිසිසේත්ම තමාට හෝ මිනිසාට අයිති නොවන බවත්ය. එහෙත් ස්වාමින් වහන්සේට පමණක් සුවය අයිති බවත්, උන් වහන්සේ යහපත කරන තැනැන් වහන්සේ සහ උන් වහන්සේ කැමති අයට සුවය ලබා දෙන බවත් දැන ගන්නා ලෙසත්ය. ඒ නිසා දුක් විඳින අය මහලු මිනිසාගේ වචන සුවයක් සේ පිළිගන්නා අතර, සිත් තැවුලට පත් නොවී බොහෝ ඉවසිලිවන්තව සිටීමට ඉගෙන ගත්හ. අන්තෝනි තුමාට නොව දෙවියන් වහන්සේට පමණක් ස්තුති කිරීමට සුවය ලැබූ අයට උගන්වන ලදී.

ඇදහිල්ලෙන් සහ යාච්ඤාවෙන් සුවය ලැබූ ෆ්‍රොන්ටෝගේ සිද්ධිය සම්බන්ධයෙන්.

57. උසාවියේ නිලධාරියෙකු වූ ෆ්‍රොන්ටෝ නම් පුද්ගලයෙකුට දරුණු රෝගාබාධයක් ඇති වූ අතර එය ඔහුගේම දිව සපා කෑමට හේතු වූ විය. ඔහුගේ ඇස්වලට තුවාල වීමේ අවදානමක් ඇතිව සිටියේය.  එබැවින් ඔහු කන්දට පැමිණ ඔහු වෙනුවෙන් යාච්ඤා කරන ලෙස අන්තෝනි තුමාගෙන් ඉල්ලා සිටියේය. එහෙත් අන්තෝනි තුමා ‘යන්න, ඔබ සුවපත් වේවි’ කියා ඔහුට කීවේය. කෙසේ වෙතත්, ඔහු ප්‍රචණ්ඩ වී දින කිහිපයක් එහි රැඳී සිටි විට, අන්තෝනි තුමා ඔහු දෙස බලා සිට මෙසේ පැවසුවේය, ‘ඔබ මෙහි සිටියහොත් ඔබට සුවය ලැබිය නොහැකිය. ඊජිප්තුවට යන්න, එවිට ඔබ තුළ ක්‍රියාත්මක වූ සලකුණ ඔබට පෙනෙනු ඇත.’ ඔහු එම වචන විශ්වාස කර පිටව ගියේය. ඔහු ඊජිප්තුවට ළඟා වූ විගසම, ඔහුගේ දුක් වේදනා අවසන් විය. ගැලවුම්කරුවාණන් වහන්සේ යාච්ඤාවෙන් ඔහුට එළිදරව් කළ අන්තෝනි තුමාගේ වචනයට අනුව එම මිනිසා සුව විය.

එක්තරා කන්‍යාවක පිළිබඳ සහ පාපොච්චාරණය කරන්නා වන පැෆ්නූටියස් පිළිබඳ.

58. ත්‍රිපොලිටානාවේ බුසිරිස් ප්‍රදේශයෙන් බිහිසුණු සහ ඉතා පිළිකුල් සහගත ආබාධයක් ඇති තරුණියක්ද සිටියාය. ඇගේ ඇස්වලින්, නාසයෙන් සහ කන්වලින් දියර පිට වන අතර එය බිමට වැටුණු වහාම පණුවන් බවට පත් විය. ඇය අංශභාග රෝගයටද ගොදුරු වී සිටි අතර දෑස් වැසී තිබිණි. මතෙව් 9:20 ලේ ප්‍රශ්නයෙන් කාන්තාව සුව කළ ස්වාමින් වහන්සේ කෙරෙහි ඇදහිල්ල ඇතිව, අන්තෝනි තුමා හමුවීමට පූජකයින් යන බව අසා, ඇගේ දෙමාපියෝ තම දියණිය කැටුව ඔවුන් සමග ගමන් කිරීමට අවසර ඉල්ලා සිටියහ. ඔවුන්ට අවසර ලැබුණු විට, දෙමව්පියෝ දැරිය සමග පාපොච්චාරණය කරන්නා සහ පූජකයා වන පැෆ්නූටියස් සමග කන්දෙන් පිටත රැඳී සිටියහ. එහෙත් අනෙකුත් පූජකයෝ අන්තෝනි තුමා හමුවීමට ගියහ. ඔවුන් තරුණිය ගැන පමණක් කතා කිරීමට අදහස් කළ විට, අන්තෝනි තුමා ඒවා අපේක්ෂා කළ අතර දැරියගේ දුක් වේදනා සහ ඇය ඔවුන් සමග ගමන් කළ ආකාරය විස්තර කළේය. ඔවුන් ඇයට ඇතුළු වීමට ඉඩ දෙන ලෙස ඉල්ලා සිටි විට අන්තෝනි තුමා එයට ඉඩ ලබා නොදුන් අතර, ‘යන්න, ඇය මිය ගියේ නැත්නම්, ඇය සුව වී ඇති බව ඔබට පෙනෙනු ඇත. මෙය මාගේ ක්‍රියාවක් නොවේය, මක්නිසාද මම කාලකන්නි මිනිසෙකි, එහෙත් ඇය සුව කිරීම ගැලවුම්කරුවාණන් වහන්සේගේ කාර්යයයි, උන් වහන්සේට කන්නලව් කරන්නන්ට සැම ස්ථානයකදීම දයා කරුණාව පෙන්වන සේක. එබැවින් ඇය යාච්ඤා කරන විට ස්වාමින් වහන්සේ ඇය වෙත නැඹුරු වූ සේක. ඇය දැන් සිටින ස්ථානයේදීම උන් වහන්සේ ඇය සුව කරන බව උන් හන්සේගේ කරුණාව මට එළිදරව් කළේය.’ එසේ ප්‍රාතිහාර්ය සිදු විය; ඔවුන් පිටතට ගිය විට දෙමාපියන් ප්‍රීති වන බවත් දැරිය සම්පූර්ණ සුවය ලබා සිටින බවත් ඔවුහු දුටුවෝය.

සහෝදරයන් දෙදෙනෙකුගේ කතාව සහ පිපාසයෙන් එක් අයෙකු මිය ගිය ආකාරය.

59. එහෙත්, සහෝදරයන් දෙදෙනෙකු ඔහු වෙත යමින් සිටියදී, මඟදී ඔවුන්ගේ වතුර අවසන් වී, එක් අයෙකු මිය ගියේය. අනෙකා මරණාසන්නව, ඉදිරියට යාමට නොහැකිව, මරණය බලාපොරොත්තුවෙන් බිම වැතිර සිටියේය. කෙසේ වෙතත් කන්දේ වාඩි වී සිටි අන්තෝනි තුමා, එහි වැඩම කළ පූජකයින් දෙදෙදෙකු කැඳවා, ‘වතුර බඳුනක් ගෙන ඊජිප්තුවට යන මාර්ගයට ඉක්මනින්  දුවන්න. මන්ද මෙහි පැමිණෙමින් සිටි මිනිසුන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු දැනටමත් මිය ගොස් ඇති අතර ඔබ ඉක්මනින් නොයන්නේ නම් අනෙකාද මිය යනු ඇත. මන්ද මා යාච්ඤා කරමින් සිටියදී මෙය මට එළිදරව් කරන ලදී.’ එබැවින් පූජකයින් ගොස්, පූජකයින් ගොස් එක් මිනිසෙකු මියගොස් සිටිනු දැක, ඔහු ඔවුන් විසින් වළලනු ලදී. අනෙක් තැනැත්තා වතුර දී පණ ගන්වාගෙන ඔහු මහලු මිනිසා වෙත ගෙන යන ලදී. මන්ද එය එක් දිනක ගමනක් විය. එහෙත් අනෙකා මැරෙන්නට පෙර ඔහු ක්‍රියා නොකළේ මන්දැයි කිසිවකු ඇසුවහොත් එම ප්‍රශ්නය නොඇසිය යුතු එකකි. මක්නිසාද මරණ දණ්ඩනය නියම කිරීම අන්තෝනි තුමාගේ නොව, දෙවියන් වහන්සේගේ කාර්යකි. උන් වහන්සේ එක්කෙනෙකු විනිශ්චය කර අනෙකාගේ තත්වය එළිදරව් කළ සේක. එහෙත් මෙහි ඇති පුදුමය වූයේ අන්තෝනි තුමා සම්බන්ධයෙන් පමණි: ඔහු කන්දේ වාඩි වී සිටින විට ඔහුගේ හදවත සෝදිසියෙන් සිටි අතර, ස්වාමින් වහන්සේ දුරින් සිදුවන දේවල් ඔහුට එළිදරව් කළ සේක. 

අමුන්ගේ මරණය හා ඒ සම්බන්ධ අන්තෝනි තුමාගේ දර්ශනට පිළිබඳ.

60. තවද මෙය සත්‍යයකි, මන්ද ඔහු නැවත වරක් කන්ද මත හිඳගෙන, හිස ඔසවා බැලූ විට, යමෙකු ඉහළට ඔසවාගෙන සිටිනු සහ ඔහු හමු වූ අය අතර බොහෝ ප්‍රීතිය ඇති වූ බව දුටුවේය. එවිට ඔහු පුදුමයට පත් වූ අතර, එවැනි කණ්ඩායමකට ආශීර්වාද කළ යුතු යැයි සිතූ අතර, සිදුවන්නේ කුමක්ද යන්න තේරුම් ගැනීමට යාච්ඤා කළේය. එකෙණෙහිම ඔහු  වෙත හඬක් පැමිණියේය: ‘මේ නයිට්‍රියාහි පූජකයා වන අමුන්ගේ ආත්මයයි.’ අමුන් මහලු විය දක්වා ඔහුගේ විනයෙහි නොසැලී සිටි අයෙකි. නයිට්‍රියා සිට අන්තෝනි තුමා සිටි කන්ද දක්වා දුර දින දහතුනක ගමනකි. එබැවින් මහලු මිනිසා මවිතයට පත්ව සිටිනු දුටු අන්තෝනි තුමාගේ සගයෝ සිදුවන්නේ කුමක්දැයි විමසූ අතර අමුන් මේ වන විට මිය ගොස් ඇති බව දැන ගත්හ. ඔහු බොහෝ විට එහි නැවතී සිටි නිසාත්, ඔහු කරණකොටගෙන බොහෝ සලකුණු සිදු කරන ලද නිසාත් ඔහු ප්‍රසිද්ධ අයෙකු විය. මේ ඉන් එක් සලකුණකි. වරක් ඔහුට ලයිකස් නම් ගඟ තරණය කිරීමට අවශ්‍ය වූ විට (එය ගංවතුර සමය විය) එවැනි ආශ්චර්යයක් සිදු විය. ඔහු තම මිතුරා වූ තියඩෝරස්ගෙන් ඉල්ලා සිටියේ පිහිනන විට එකිනෙකා නිරුවතින් සිටිනු නොපෙනෙන ලෙස දුරින් සිටින ලෙසයි. ඉන්පසු තියඩෝරස් පිටත්ව ගිය අතර අමුන්ට නැවතත් තමා නිරුවතින් සිටිනු දැකීම පවා ලජ්ජාවක් විය. ඒ නිසා ඔහු ලජ්ජාවෙන් පිරී කල්පනා කරමින් සිටියදී එක්වරම ඔහු අනෙක් පැත්තට ගෙන යන ලදී. තියඩෝරස් යහපත් මිනිසෙකු වූ අතර, ඔහු ළඟට පැමිණ, අමුන්ගේ ඇඟෙන් වතුර බිඳක්වත් බිම නොවැටෙන බව දැක, ඔහු ගොඩට ගියේ කෙසේදැයි විමසීය. අමුන් කතා කිරීමට අකමැත්තෙන් සිටිනු දුටු තියෝඩෝරස් ඔහුගේ දෙපා අල්ලාගෙන අමුන් එය පවසන තුරු ඔහුට යන්නට නොදෙන බවට ප්‍රකාශ කළේය. එබැවින් ඔහු පැවසූ දෙයින් තියඩෝරස්ගේ අධිෂ්ඨානය තේරුම් ගත් අමුන්, ඔහු මිය යන තුරු මෙය කිසිවෙකුට නොකියන ලෙස ඉල්ලා සිටි අතර, ඔහු රැගෙන ගොස් අනෙක් පැත්තේ තබන ලද බව ඔහුට පැවසීය. ඔහු ජලය මත පා තබා නොතිබූ බවත්, මිනිසාට එය කළ නොහැකි බවත්, නමුත් ශ්‍රේෂ්ඨ ප්‍රේරිතවරයා වන පේදුරු වෙනුවෙන් කළාක් මෙන්, මතෙව් 14:28 ස්වාමින් වහන්සේට පමණක් සහ උන් වහන්සේ අවසර දෙන අයට පමණක් හැර, කිසිම මිනිසෙකුට එය කළ නොහැකි බව ඔහු පැහැදිලි කළේය. තියඩෝරස් අමුන්ගේ මරණයෙන් පසුව මෙම කතාව බෙදා ගත්තේය. අමුන්ගේ මරණය ගැන අන්තෝනි තුමා කතා කළ පූජකවරුන් එම දවස සටහන් කළහ. දින තිහකට පසු සහෝදරයන් නයිට්‍රියා සිට පැමිණි විට, ඔවුහු ඔවුන්ගෙන් කාරණය විමසූ අතර, මහලු මිනිසා ඔහුගේ ආත්මය ඉහළට ඔසවාගෙන සිටිනු දුටු එම දවසේ සහ එම පැයේදී අමුන් මිය ගිය බව දැනගත්හ. අන්තෝනි තුමාගේ නිර්මල ආත්මය ගැන ඔවුන් මෙන්ම අනෙක් අයද මවිත වූහ. දින දහතුනක ගමනක දුරින් සිදුවෙමින් පවතින දේ ඔහු වහාම දැනගත් ආකාරයත්, ආත්මය ගත අවස්ථාවේදී එය දුටු ආකාරයත් ගැන පුදුම වූහ.

ආර්චෙලාස් රදළවරයා සහ පොලික්‍රේෂන් කන්‍යා සොයුරිය.

61. ආර්චෙලාස්ද, වරක් අන්තෝනි තුමා පිටත කන්දේදී හමු වූ විට, විශිෂ්ට හා ක්‍රිස්තියානි තරුණියක වූ ලවෝදිසියේ පොලික්‍රේෂියා වෙනුවෙන් යාච්ඤා කරන ලෙස පමණක් ඔහුගෙන් ඉල්ලා සිටියේ ඇය අධික විනය පැවැත්වීම නිසා බඩේ සහ පැත්තේ වේදනාවෙන් දැඩි ලෙස පීඩා විඳිමින් සිටි බැවිනි. ඇයගේ ශරීරය සම්පූර්ණයෙන්ම දුර්වල වී තිබිණි. එබැවින් අන්තෝනි තුමා යාච්ඤා කළ අතර, යාච්ඤාව සිදු කරන ලද දිනය සටහන් කළ රදළවරයා, ලවෝදිසියට පිටත්ව ගිය පසු, දැරිය සුව වී ඇති බව ඔහු දුටුවේය.  තවද, ඇයගේ දුර්වලතාවයෙන් නිදහස් වූයේ කවදාද සහ කුමන වේලාවේද යන්න විමසන ලදුව, ඔහු යාච්ඤාව සිදු කළ වේලාව ලියා ඇති ලියවිල්ල ඉදිරිපත් කළේය. අන්තෝනි තුමා ඇය වෙනුවෙන් යාච්ඤාකරමින් ගැලවුම්කරුවාණන් වහන්සේගේ යහපත්කම ඉල්ලා සිටි අවස්ථාවේදී ස්වාමින් වහන්සේ ඇය වේදනාවෙන් නිදහස් කළ බව දැනගත් විට සියල්ලෝම පුදුම වූහ.

62. ඔහු  බැලීමට ඔහු වෙත පැමිණි අය සම්බන්ධයෙන් ගත් කල, අන්තෝනි තුමා බොහෝ විට ඔවුන් එහි පැමිණීමට හේතු බොහෝ විට දින හෝ මාස කිහිපයකට පෙර පුරෝකථනය කළේය. මක්නිසාද සමහරු ඔහු බැලීම උදෙසා පමණක් පැමිණියහ, තවත් අය රෝගාතුරව සිටි අතර තවත් සමහරු නපුරු ආත්මයන්ගෙන් පීඩා වින්දහ. එසේම ඔවුන් කිසිවෙකුත් එම ගමන බරක් හෝ පාඩුවක් ලෙස සැලකුවේ නැත. සෑම කෙනෙකුම නැවත නිවසට පැමිණියේ හමුවීමෙන් තමන්ට යම් ප්‍රයෝජනයක් ලැබුණු බව දැනගෙනය. එහෙත්, එවැනි දේ කියමින්, එවැනි දසුන් දුටුවත්, ඔහු නිතරම ඉල්ලා සිටියේ මේ ගැන කිසිවෙකු තමා ගැන පුදුම විය යුතු නැති බවයි. එහෙත් තම හැකියාවේ ප්‍රමාණයට ඉහළින් උන් වහන්සේ දැන ගැනීමට මිනිසුන්ට ඉඩ ලබා දීම නිසා ස්වාමින් වහන්සේ ගැන පුදුම විය යුතුය.

යක්ෂයින් පලවා හැරීම සම්බන්ධ අමුතු කතාන්දර

63. පසුව, තවත් අවස්ථාවක, ඔහු පිටත කුටිවලට බැස ගිය විට, යාච්ඤාකිරීම සඳහා පූජකයින් සමග එක්වන ලෙස ඔහුට ආරාධනා කරන ලදී.  ඔහුට පමණක් අතිශයින් අප්‍රසන්න දුර්ගන්ධයක් දැනුණි. කෙසේ වෙතත්, නැවේ සිටි අනෙක් අය කියා සිටියේ නැවේ ඇති මාළු සහ ලුණු දැමූ මස්වලින් දුගඳ හමන බවයි. කෙසේ වෙතත්, එයට ඔහු පිළිතුරු දුන්නේ ඒ දුගඳ ඊට වඩා වෙනස් බවය; ඔහු කතා කරන විට, නැවේ සැඟවී සිටි නපුරු ආත්මයක් ආවේශ වූ තරුණයෙක් හදිසියේම කෑගැසුවේය. එහෙත් ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් තරවටු කරනු ලැබූ යක්ෂයා ඔහු කෙරෙන් ඉවත්ව ගියේය, එවිට මිනිසා සුවපත් විය. එසේම දුර්ගන්ධය යක්ෂයාගෙන්ම හටගත් බව සියල්ලෝම දැනගත්හ.

64. බලවත් යක්ෂයෙකු විසින් වධ හිංසාවට ලක් වූ උසස් තරාතිරමක පුද්ගලයෙක්ද ඔහු වෙත පැමිණියේය. යක්ෂයා කොතරම් බිහිසුණුද යත් ඔහු අන්තෝනි තුමා වෙත පැමිණෙන බව ආවේශ වූ පුද්ගලයා දැන සිටියේ නැත. ඔහු තමාගේම අසූචි පවා අනුභව කළේය. එබැවින් ඔහු රැගෙන ආ පිරිස ඔහු වෙනුවෙන් යාච්ඤා කරන ලෙස අන්තෝනි තුමාගෙන් අයැද සිටියහ. තරුණයා ගැන අනුකම්පා කළ අන්තෝනි තුමා ඔහු වෙනුවෙන් යාච්ඤා කළ අතර රාත්‍රිය පුරාම ඔහු ගැන  සෝදිසියෙන් සිටියේය. අලුයම වන විට තරුණයා හදිසියේම අන්තෝනි තුමාට පහර දී ඔහුට තල්ලු කළේය. එයට තරුණයා සමග පැමිණි පිරිස කෝපයට පත් වූ විට අන්තෝනි තුමා, තරුණයා කෙරෙහි අමනාප නොවන්න, එය කළේ ඔහු නොව, එහෙත් ඔහු තුළ සිටින යක්ෂයා යයි කීවේය. තරවටු කරන ලදුව වියළි ස්ථානවලට පිටව යන ලෙස අණ කළ විට යක්ෂයා උමතු වී කෝපයට පත් වූ අතර එසේ හැසිරීමට හේතු විය. එබැවින් ස්වාමින් වහන්සේට ස්තුති කරන්න, මන්ද ඔහු මට පහර දීම නපුරු ආත්මයේ නික්ම යාමේ ලකුණකි.’ අන්තෝනි තුමා එසේ කී විට, තරුණයා එකෙණෙහිම සුවපත් වී, අවසානයේ ඔහුගේ නියම සිහියට පැමිණ, ඔහු සිටින තැන දැන, මහල්ලාට ආචාර කර දෙවියන් වහන්සේට ස්තුති කළේය.

ඇන්තනිගේ පාපවලට සමාව ලැබීම පිළිබඳ ඔහු දුටු දර්ශනය

65. එමෙන්ම අන්තෝනි තුමා තවත් එවැනිම ආශ්චර්යවත් ක්‍රියා රාශියක් කළ බව බොහෝ පූජකයින් ඒකමතිකව ප්‍රකාශ කර ඇත. කෙසේ වෙතත්, මෙම සිදුවීම් සිදු වූ වෙනත් සමහර දේවල් හා සසඳන විට අඩු පුදුම සහගත බවක් පෙනේ. වරක්, ඔහු කෑමට සූදානම් වී නවවන පැයේදී පමණ යාච්ඤා කිරීමට නැඟී සිටින විට, අන්තෝනි තුමා ආත්මයට හසු වී ඇති බව වටහා ගත්තේය. එසේ පැවසීම ඉතා පුදුම සහගතය. ඔහු සිටගෙන තමාවම දුටුවේය, ඒ බාහිරින් ඔහුය, එසේම සමහර අය ඔහු ගුවනේ ගෙන ගිය බවක් දැනුණි.  ඊළඟට, දරුණු හා භයානක ජීවීන් අහසේ සිටි අතර ඔවුහු එය පසුකර යාම වැළැක්වීමට උත්සාහ කළහ. කෙසේ වෙතත්, ඔහුගේ මඟපෙන්වන්නන් ජීවීන්ට විරුද්ධව සිටි අතර, අන්තෝනි තුමා ඔවුන්ට වගකිව යුතු නැති නොවේදැයි ඔවුහු විමසූහ. අන්තෝනි තුමාගේ උපතේ සිටම ඔහුගේ ජීවිතය සමාලෝචනය කිරීමට ඔවුන් අදහස් කළ විට, අන්තෝනි තුමාගේ මඟපෙන්වන අය ඔවුන් නවත්වා, ‘ ස්වාමින් වහන්සේ උපතේ සිටම ඔහුගේ පව් මකා දැමූ බවත්, ඔහු පැවිදි වී දෙවියන් වහන්සේට කැප වූ දා සිට පමණක් ඔවුන්ට ඔහු විනිශ්චය කළ හැකි බවත් පැහැදිලි කළහ.’ ඔවුන් ඔහුට චෝදනා කිරීමට උත්සාහ කළ නමුත් කිසිදු වරදක් සොයා ගැනීමට නොහැකි වූ නිසා ඔහුගේ මාර්ගය පැහැදිලි සහ බාධාවකින් තොරව විය. එකෙණෙහිම ඔහු තමාවම දුටුවේය, එක්වරම ඔහු පෙර පරිදිම තම සාමාන්‍ය තත්ත්වයට පැමිණ ඔහු පෙර පරිදිම අන්තෝනි තුමා විය. ඉන්පසු ආහාර ගැනීම අමතක කරමින් ඔහු දවසේ ඉතිරි කාලය සහ මුළු රාත්‍රිය පුරාම කෙඳිරිගාමින් යාච්ඤා කළේය. මක්නිසාද අපගේ සටන කොතරම් බලවත් විරුද්ධවාදීන්ට එරෙහිවද, අපට වාතය හරහා ගමන් කිරීමට සිදු වන්නේ කුමන වෙහෙසකින්ද යන්න දුටු විට ඔහු පුදුමයට පත් විය. තවද, අපෝස්තුළුවරයා ‘ආකාශයේ බලයේ කුමාරයාට අනුව’ එපීස 2:2, යයි පැවසුවේ මෙය බව ඔහුට සිහිපත් විය. මක්නිසාද සතුරාට සටන් කිරීමටත්, ඒ හරහා යාමට උත්සාහ කරන අයට බාධා කිරීමට උත්සාහ කිරීමටත් බලය ඇත. එබැවින් ඔහු ඉතා ඕනෑකමින් මෙලෙස අනුශාසනා කළේය, ‘නපුරු දවසේදී විරුද්ධව සිටින්ට නුඹලාට හැකි වන පිණිස, දෙවියන් වහන්සේගේ සියල් යුද්ධායුධ පැලඳගන්න.’ එපීස 6:13 එසේ සතුරාට ‘අපට විරුද්ධව කීමට නපුරු දෙයක් නැති නිසා ලජ්ජාවට පත් වනු ඇත.’ තීතස් 2:8 තවද මෙය ඉගෙනගත් අප අපොස්තුළු තුමන්ගේ මෙම වදන් සිහි කළ යුතුය. ‘ශරීරය තුළද මම නොදනිමි, ශරීරයෙන් පිටතද මම නොදනිමි; දෙවියන් වහන්සේ දන්නා සේක.’ 2 කොරින්ති 12:2 එහෙත්, පාවුල් තුමා තුන්වන ස්වර්ගය දක්වා ඔසවාගනු ලැබූ අතර, කිව නොහැකි දේවල් අසා ඔහු බැස ආවේය. ඔහු ගුවනට පැමිණ ඇති බව අන්තෝනි තුමා දුටු අතර ඔහු නිදහස් වන තුරු සටන් කළේය.

ආත්මයේ මාර්ගය පිළිබඳ සහ සමහර අය සාතන් විසින් බාධාවට ලක් කරන ලද ආකාරය.

66. තවද ඔහුට මෙම අනුග්‍රහයද ලැබී තිබුණි. මන්ද කන්දේ තනියම වාඩි වී සිටියදී අන්තෝනි තුමා ඔහුගේ භාවනාවේදී සිතුවිලිවලින් කරදර වූ සෑම අවස්ථාවකදීම, රැකවරණය දෙන තැනැන් වහන්සේ ඔහුට යාච්ඤාවෙන් කාරණා එළිදරව් කළ සේක. ශුද්ධලියවිල්ලෙහි ලියා ඇති පරිදි ආශීර්වාද ලත් මිනිසාට දෙවියන් වහන්සේ විසින් උගන්වනු ලැබ ඇත. මෙයින් පසුව, ඔහු වරක් තමා වෙත පැමිණි සමහර මිනිසුන් සමග ආත්මයේ තත්වය ගැනත්, මේ ජීවිතයෙන් පසු එහි ස්ථානය කෙබඳු වේද යන්න ගැනත් සාකච්ඡා කිරීමෙන් පසුව රාත්‍රියේ ඉහළින් සිටි කෙනෙක් ඔහුට කතා කොට මෙසේ කීය, ‘අන්තෝනි තුමා, නැගිට පිටතට ගොස් බලන්න.’ එබැවින් (තමන් කීකරු විය යුත්තේ කාටදැයි ඔහු දැන සිටි බැවින්) ඔහු පිටතට ඉහළ බැලුවේය. එවිට ඔහු වලාකුළු දෙසට ළඟා වන, උස, අප්‍රසන්න, බියකරු කෙනෙකු මෙන්ම පියාපත් මෙන් නැගී සිටින තවත් අය දුටුවේය. එම රූපය ඔහුගේ දෑත් දිගු කර සමහරුන් ඉහළට නැගීම නැවැත්වීය. අනෙක් අය ඉහළට පියාසර කර, ස්වර්ගය දෙසට පළා ගොස් නිදහසේ ඉහළටම නැංගෝය. ඒ අය ගැන යෝධයා කෝපයෙන් දත්මිටි කෑවේය, එහෙත් නැවතත් වැටුණු අය ගැන සතුටු විය. ඒ ක්‍ෂණිකයෙන් අන්තෝනි තුමා වෙත හඬක් පැමිණ මෙසේ පැවසීය, ‘ඔබට පෙනෙන දේ තේරෙනවාද?’ එවිට ඔහුගේ අවබෝධය විවෘත වූ අතර, එය ආත්මයන්ගේ අභාවය බවත්, සිටිගෙන සිටි උස මහත සත්වයා ඇදහිලිවන්තයින්ට ඊර්ෂ්‍යා කරන සතුරා බවත් ඔහු තේරුම් ගත්තේය. තවද ඔහු අල්ලාගෙන ඒ හරහා ගමන් කිරීම නැවැත්වූ අය ඔහුට වග කිව යුතු අතර, ඉහළට යන විට ඔහුට අල්ලා ගැනීමට නොහැකි වූ අය ඔහුට යටත් නොවූ අයයි. එබැවින් මෙය දැක, එය සිහිපත් වන විට ඉදිරියේ ඇති දේ කරා ඉදිරියට යාමට දිනෙන් දින වඩ වඩාත් වෙහෙසුණේය. ඔහු මෙම දර්ශන කීමට අකමැති විය. එහෙත් ඔහු බොහෝ වේලාවක් යාච්ඤාවේ යෙදෙමින් පුදුමයට පත් වූ විට, ඔහු සමග සිටි අය ඔහුට ප්‍රශ්න කර බල කළ විට, තම දරුවන්ට දැනුම ලබා නොදී සිටීමට නොහැකි පියෙකු මෙන් ඒවා බෙදා ගැනීමට ඔහුට බල කෙරුණි. ඔහුගේ හෘදයසාක්ෂිය පැහැදිලිව තිබූ බැවින්, මෙම කතාව පැවසීම ඔවුන්ට ප්‍රයෝජනවත් වනු ඇති බවත්, විනය යහපත් ප්‍රතිඵල ගෙන දෙන බවත්, දර්ශන බොහෝ විට සැනසීම ලබා දෙන බවත් ඔහු සිතුවේය.

අන්තෝනි තුමා සියලුම පැවිදි පුද්ගලයන්ට ගරු කළ අයුරු.

67. මෙයට අමතරව, ඔහු ස්වභාවයෙන්ම ඉවසිලිවන්ත සහ ආත්මයෙන් නිහතමානී අයෙකු විය. ඔහු එවැනි මිනිසෙකු වුවද, ඔහු සභාවේ පාලනය ඉතා දැඩි ලෙස පිළිපැදි කළ අතර, සියලුම පූජකයන්ට තමාට වඩා ගෞරවයෙන් සැලකීමට කැමති විය. මන්ද ඔහු රදගුරුවරුන්ට සහ වැඩිමහල්ලන්ට හිස නැමීමට ලජ්ජා නොවීය. එසේම කෙදිනක හෝ උපස්ථාදායකයෙකු තමාගේ උපකාරය සඳහා පැමිණියහොත්, ඔහුට ප්‍රයෝජනවත් කාරණා පිළිබඳ ඔහු කතා කළේය. එහෙත් යාච්ඤාවෙන් යුතුව ඔහුට ඉඩ දුන්නේය. තමාද ඔහුගෙන් ඉගෙන ගැනීමට ලජ්ජා නොවීය. මන්ද ඔහු බොහෝ විට ප්‍රශ්න අසන අතර පැමිණ සිටින අයට සවන් දීමට කැමති විය. යමෙකු  ප්‍රයෝජනවත් යමක් පැවසුවහොත් තමාට එය වැදගත් කාරණයක් බව ඔහු ප්‍රකාශ කළේය. ඊට අමතරව, ඔහුගේ මුහුණේ විශාල හා පුදුමාකාර කරුණාවක් පැවතිණි. මෙම ත්‍යාගයද ඔහුට ගැලවුම්කරුවාණන් වහන්සේගෙන් ලැබුණි. මන්ද, ඔහු පැවිදි පූජකයින් සමූහයක් අතර සිටි අවස්ථාවන්වලදී සහ කලින් ඔහු නොදන්නා ඕනෑම කෙනෙකු ඔහු දැකීමට කැමති නම්, ඔවුන් සෙසු අය පසුකර වහාම ඉදිරියට පැමිණ අන්තෝනි තුමා වෙත වේගයෙන් ගියේ ඔහුගේ පෙනුමට ආකර්ෂණය වූවාක් මෙනි. එහෙත් ඔහු අන් අයට වඩා උසින් හෝ මහතින් කැපී පෙනුණු අයෙකු නොවීය. එහෙත් ඔහුගේ හැසිරීමේ සන්සුන්භාවය සහ ඔහුගේ ආත්මයේ පාරිශුද්ධභාවය නිසා කැපී පෙනුණි. මන්ද ඔහුගේ ආත්මය කැලඹීම්වලින් නිදහස් වූ බැවින්, ඔහුගේ බාහිර පෙනුම සන්සුන් විය. එබැවින් ඔහුගේ ආත්මයේ ප්‍රීතියෙන් ඔහුට ප්‍රීතිමත් පෙනුමක් හිමි වූ අතර ඔහුගේ අංග චලනවලින් ඔහුගේ ආත්මයේ ස්වභාවය වටහා ගත හැකි විය. මන්ද ‘හදවතේ ප්‍රීතිය ඇති විට මුහුණ ප්‍රීතිමත් වේ, එහෙත් එය ශෝක වන විට එය බිමට බර වේ,’ හිතෝපදේශ 15:13 යයි ලියා ඇත. මෙසේ යාකොබ් ලාබන්ගේ සිතේ තිබූ උපදෙස් හඳුනාගෙන, ‘ඔබේ පියාගේ මුහුණ ඊයේ සහ පෙරදා මෙන් නොවේ,’ යයි තම භාර්යාවන්ට කීවේය. මෙසේ සාමුවෙල් දාවිත් හඳුනාගත්තේ ඔහුට ප්‍රීතිමත් ඇස් සහ කිරි මෙන් සුදු දත් තිබූ බැවිනි. මේ ආකාරයටම අන්තෝනි තුමාද හඳුනාගන්නා ලදී. මන්ද ඔහු කිසිවිටෙක කලබල නොවූ අතර, ඔහුගේ ආත්මය සාමයෙන් තිබිණි. ඔහුගේ සිත ප්‍රීතිමත් වූ නිසා ඔහු කිසිවිටෙකත් පසුබට නොවීය.

ඔහු මෙලෙටියස්ගේ භේදය සහ මානේස් සහ ඒරියස්ගේ මිථ්‍යාදෘෂ්ටීන් ප්‍රතික්ෂේප කළ ආකාරය.

68. තවද ඔහු ඇදහිල්ලෙන් හා ආගමික වශයෙන් සම්පූර්ණයෙන්ම පුදුමාකාර අයෙකු විය. ඔහු මෙලෙටියානු භේදවාදීන් සමග කිසිදු සම්බන්ධයක් නොපැවැත්වීය. එයට හේතුව ඔවුන්ගේ දූෂිත බව සහ ආරම්භයේ සිටම ඔවුන් සැබෑ ඇදහිල්ලෙන් ඉවත්වූ බව හඳුනාගෙන සිටීමය. ඔහු මනිචියන්වරුන් හෝ වෙනත් මිථ්‍යාදෘෂ්ටිකයින් සමගද මිත්‍රශීලී සබඳතා නොපැවැත්වීය. ඔහු එසේ කළේ නම්, එය ඔවුන්ට සැබෑ භක්තිය වැලඳ ගැනීම පිණිස උපදෙස් දීමට පමණි.  මන්ද, එවැනි පුද්ගලයන් සමග අන්තර් ක්‍රියා කිරීම ආත්මයට හානිදායක හා විනාශකාරී වන බව ඔහු විශ්වාස කළ අතර එය ප්‍රකාශ කළේය. ඒ ආකාරයෙන්ම ඔහු ඒරියන්වරුන්ගේ මිථ්‍යාදෘෂ්ටිය පිළිකුල් කළ අතර, ඒවායින් වැළකී සිටින ලෙසත් ඔවුන්ගේ වැරදි විශ්වාසයන් නොපවත්වන ලෙස සියල්ලන්ටම අවවාද කළේය. තවද ඒරියන් අන්තවාදීන් පිරිසක් ඔහු වෙත පැමිණි විට, ඔහු ඔවුන්ගෙන් ප්‍රශ්න කර ඔවුන්ගේ අධර්මිෂ්ඨකම දැනගත් විට, ඔවුන්ගේ වචන සර්ප විෂට වඩා නරක යැයි පවසා කන්දෙන් එළවා දැමීය.

ඔහු ඒරියන්වරුන් ප්‍රතික්ෂේප කළ ආකාරය.

69. තවද වරක් අන්තෝනි තුමාගේ අදහස් ඔවුන්ගේ අදහස් හා සමාන බව බොරු කී විට, ඔහු ඔවුන් කෙරෙහි අප්‍රසාදයට හා කෝපයට පත් විය. ඉන්පසු රදගුරුවරුන් සහ සියලු සහෝදරයන් විසින් කැඳවන ලදුව, ඔහු කන්දෙන් බැස ගොස් ඇලෙක්සැන්ඩ්‍රියාවට ඇතුළු විය. එහිදී ඔහු ඒරියන්වරුන් හෙළා දුටුවේ, ඔවුන්ගේ මිථ්‍යාදෘෂ්ටිය අවසාන එක බවත් අන්තක්‍රිස්තුස්ගේ පැමිණීමේ පූර්වගාමියා බවත් ප්‍රකාශ කරමිනි. තවද දෙවියන් වහන්සේගේ පුත්‍රයා මවන ලද පැවැත්මක් නොවන බවත්, උන් වහන්සේ කිසිවක් නොවන තත්වයක සිට පැවැත්ම නොලද බවත්, එසේ වූවද උන් වහන්සේ සදාකාලික වචනයාණෝ සහ පියාණන් වහන්සේගේ සාරයේ ප්‍රඥාව බවත් ඔහු මිනිසුන්ට ඉගැන්වීය. එබැවින් වචනය සැමවිටම පියාණන් වහන්සේ සමග සහජීවනයෙන් පවතින බැවින්, උන් වහන්සේ නොපැවති කාලයක් තිබුණි’ යැයි පැවසීම මිථ්‍යාදෘෂ්ටික කාරණයක් විය. එහෙයින් ඉතාමත් මිථ්‍යාදෘෂ්ටික  ඒරියන්වරුන් සමග කිසිදු ඇසුරක් නොපවත්වන්න. මන්ද ආලෝකය සහ අන්ධකාරය අතර සම්බන්ධයක් ඇත්තේ නැත. 2 කොරින්ති 6:14 මන්ද ඔබ යහපත් කිතුනුවන්ය, එහෙත් ඔවුන්, පියාණන් වහන්සේගේ පුත්‍රයාණන් වහන්සේ, දෙවියන් වහන්සේගේ වචනයාණන් වහන්සේ මවන ලද පැවැත්මක් බව පවසන විට, ඔවුන් මැවුම්කරුවාණන් වහන්සේට වඩා මැවිල්ලට නමස්කාර කරන බැවින්, මිථ්‍යාදෘෂ්ටිකයන්ගෙන් වෙනස් නොවේය. එහෙත් මැවිල්ල පවා ඔවුන් සමග කෝප වී ඇති බව විශ්වාස කරන්න. මන්ද ඔවුන් මැවුම්කරුවාණන් වහන්සේ, සියල්ල සෑදූ සියල්ලේ ස්වාමින් වහන්සේ, සියල්ලටම පැවැත්ම ලබා දුන් තැනැන් වහන්සේ සමග මැවූ දේවල් තබන බැවිනි.

ඔහු ඇලෙක්සැන්ඩ්‍රියාවට ගිය ආකාරය. එහිදී බොහෝ දෙනා සුවපත් කිරීම හා සංවර්තනය කළ ආකාරය, එසේම ඇතනේසියස් ඔහු නගරයෙන් මගපෙන්වමින් රැගෙන ගිය ආකාරය.

70. එහෙයින් එවැනි මිනිසෙකු ක්‍රිස්තියානි විරෝධී මිථ්‍යාදෘෂ්ටියට ශාප කර හෙළා දුටු බව ඇසූ විට සියලුම ජනතාව ප්‍රීති වූහ. නගරයේ සිටි සියලුදෙනාම අන්තෝනි තුමා දැකීමට එක් රැස් වූහ. ග්‍රීකයෝද ඔවුන්ගේ පූජකයන් යයි කියන අයද සභාවට අවුත්, ‘අපි දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයා දැකීමට කැමැත්තෙමු’ යයි කීහ. මන්ද ඔවුන් සියලු දෙනා එලෙසින් ඔහු ආමන්ත්‍රණය කළ බැවිනි. මන්ද ස්වාමින් වහන්සේ එම ස්ථානයේදීද බොහෝ දුෂ්ටාත්මයන් පවිත්‍ර කර, උමතු වූවන් සුව කළ සේක. බොහෝ ග්‍රීක ජාතිකයන් වයෝවෘද්ධ මිනිසා ස්පර්ශ කිරීමට පවා ඉල්ලා සිටියේ එයින් තමන්ට යම් ප්‍රයෝජනයක් ලැබෙනු ඇතැයි විශ්වාස කරමිනි. සාමාන්‍යයෙන් වසරක් තුළ සිදු වූවාක් මෙන්, එම දින කිහිපය තුළ බොහෝ දෙනෙකු ක්‍රිස්තියානි ආගමට සංවර්තනය වූ බව නිසැකය. එවිට සෙනඟ නිසා ඔහුට කරදරයක් වී ඇතැයි සිතා සමහරු මිනිසුන් සියල්ලන්ම ඔහුගෙන් ඈත් කළ විට, ඔහු සන්සුන්ව පිළිතුරු දුන්නේ තමන් වරක් කඳුකරයේදී සටන් කළ යක්ෂයන් තරම් ප්‍රමාණයක් මෙහි නැති බවයි.

71. එහෙත්, ඔහු පිටත්ව යද්දී, අප ඔහු පිටත් කර යවමින් සිටියදී, අප ගේට්ටුව සමීපයට පැමිණි විට පිටුපසින් සිටි කාන්තාවක් මෙසේ කෑගැසුවාය, ‘දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයා, නවතින්න, මගේ දුව යක්ෂයෙකුගෙන් දරුණු ලෙස පීඩා විඳිනවා. මා දිවීමෙන් මටත් හානියක් නොවන පරිදි ඉන්න, මා ඔබෙන් අයදිනවා.’ මහලු මිනිසාට ඇයගේ හඬ ඇසුණු විට අපෙන්ද ඒ ගැන අසා, කැමැත්තෙන්ම නැවතී සිටියේය. ස්ත්‍රිය එහි සමීප වූ විට දරුවා බිමට හෙළනු ලැබීය. එහෙත් අන්තෝනි තුමා යාච්ඤා කර ක්‍රිස්තුස් වහන්සේගේ නාමය කියද්දී, අශුද්ධාත්මය ඇය හැර ගිය නිසා දරුවා සුව වී නැඟිට සිටියේය. ඇයගේ මව දෙවියන් වහන්සේට ප්‍රශංසා කළ අතර සියල්ලෝම කෘතඥතාව පළ කළහ. අන්තෝනි තුමාද ඒ ගැන ප්‍රීති වී කන්ද දෙසට පිටත් වූයේ ආපසු තමාගේම නිවසට යන්නාක් මෙනි.

ඔහු පිටතකන්දේදී විවිධ ග්‍රීකයන් සහ දාර්ශනිකයන් සමග තර්ක කළ ආකාරය.

72. තවද අන්තෝනි තුමාද අතිශයින්ම ප්‍රඥාවන්ත අයෙකු වූ අතර, පුදුමය නම් විධිමත් අධ්‍යාපනයක් නොතිබුණද, ඔහු බුද්ධිමත් සහ තීක්‍ෂණික නුවණක් ඇති අයෙකු වීමයි. වරක් ග්‍රීක දාර්ශනිකයන් දෙදෙනෙක් අන්තෝනි තුමාගේ බුද්ධිය පරීක්ෂා කළ හැකි යැයි සිතූහ. ඔහු පිටත කන්දේ සිටි අතර, ඔවුන්ගේ පෙනුමෙන් ඔවුන් කවුරුන්දැයි හඳුනාගෙන, ඔවුන් ළඟට ගොස්, පරිවර්තකයෙකු මාර්ගයෙන් ඔවුන්ට කතා කොට මෙසේ  ඇසුවේය, ‘දාර්ශනිකයෙනි, ඔබ අඥාන මිනිසෙකු වෙතට පැමිණීමට ඔබ මෙතරම් කරදර වුණේ ඇයි?’ ඔහු අඥාන මිනිසෙකු නොව, අතිශයින් නුවණැති කෙනෙකු බව ඔවුන් කී විට, ඔහු ඔවුන්ට කතා කොට මෙසේ කීය, ‘ඔබ අඥාන මිනිසෙකු වෙත පැමිණියේ නම්, ඔබේ වෙහෙස නිෂ්ඵල වී ඇත; එහෙත් ඔබ මා ප්‍රඥාවන්ත යැයි විශ්වාස කරන්නේ නම්, මා මෙන් වන්න, මන්ද අපි යහපත් දේ අනුකරණය කළ යුතු වෙමු.’ මා ඔබ වෙත ගියේ නම්, මා ඔබ අනුකරණය කළ යුතුව තිබුණි. එහෙත් ඔබ මා වෙත පැමිණියහොත්, මා මෙන් වන්න, මන්ද මම කිතුනුවෙකු වෙමි.’ එහෙත් යක්ෂයන් පවා අන්තෝනි තුමාට බිය වන බව දුටු ඔවුහු පුදුමයෙන් පිටත්ව ගියහ.

73. නැවතත් එවැනිම නැඹුරුවක් ඇති තවත් අය පිටත කන්දේදී ඔහු මුණගැසී ඔහුට විධිමත් අධ්‍යාපනයක් නොමැතිකම ගැන සමච්චල් කිරීමට උත්සාහ කළහ. එවිට අන්තෝනි තුමා ඔවුන් අමතා මෙසේ කීය, ‘ඔබ සිතන්නේ කුමක්ද? මුලින්ම පැමිණෙන්නේ  මනසද නැතිනම් අකුරුද? එකක් පැමිණීමට අනෙකෙහි හේතුව කුමක්ද – අකුරුවල මනසද, නැතිනම් මනසේ අකුරුද.’ අන්තෝනි තුමා ඔවුන්ගෙන් ඇසුවේ, “ඔබ මනසද නැතිනම් අකුරුද (අධ්‍යාපනය)? සහ – අකුරු ඇති කරන්නේ මනසද, නැතහොත් මනස ඇති කරන්නේ අකුරුද?” ඔවුන් මනස ප්‍රථමයෙන් පැමිණෙන අතර අකුරු සොයාගැනීම දෙවනුව පැමිණෙන බවට පිළිතුරු දුන් විට, අන්තෝනි තුමා පැවසුවේ ‘එබැවින් හොඳ මනසක් ඇති කෙනෙකුට අකුරු අවශ්‍ය නැත’ යනුවෙනි. මෙම පිළිතුර අවට සිටි අය මෙන්ම දාර්ශනිකයන්ද මවිතයට පත් කළ අතර, නූගත් මිනිසෙකු තුළ මෙතරම් ගැඹුරු අවබෝධයක් දැකීමෙන් ඔවුහු පුදුමයට පත් වූහ. මන්ද, ඔහු කන්දේ හැදී වැඩී එහිදීම මහලු බවට පත් වූවාක් මෙන් ඔහුගේ හැසිරීම රළු නොවීය, කාරුණික හා විනීත විය, එසේම ඔහුගේ කථාව දිව්‍යමය ලුණුවලින් රසවත් වී තිබිණි. එබැවින් කිසිවෙකු ඔහුට ඊර්ෂ්‍යා කළේ නැත. ඒ වෙනුවට, ඔහු බැලීමට පැමිණි සියල්ලන්ටම සතුටක් දැනුණි.

74. මෙයින් පසුව තවත් සමහර අය පැමිණියහ. මොවුන් ග්‍රීකවරුන් අතර ප්‍රඥාවන්තයන් ලෙස සලකන ලද මිනිසුන් වූ අතර, ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි අපගේ ඇදහිල්ලට හේතුව ඔවුහු ඔහුගෙන් විමසූහ. එහෙත් ඔවුන් දිව්‍යමය කුරුසිය දේශනා කිරීම සම්බන්ධයෙන් විවාදයක් ඇති කරගෙන සමච්චල් කිරීමට අදහස් කළ විට, අන්තෝනි තුමා මඳක් නතර විය. ඔහු මුලින්ම ඔවුන්ගේ නොදැනුවත්කමට අනුකම්පා කරමින්, ඔහුගේ වචන දක්ෂ ලෙස පරිවර්තනය කළ හැකි පරිවර්තකයෙකු මාර්ගයෙන් ඔවුන්ට මෙසේ පැවසුවේය, ‘වඩා ලස්සන කුමක්ද? කුරුසිය ප්‍රකාශ කිරීමද  නැත්නම් ඔබ දෙවිවරුන් ලෙස හඳුන්වන අයට කාමමිථ්‍යාචාරය සහ පිරිමි ළමයින් රැවටීම ආරෝපණය කිරීමද?’ මන්ද අප විසින් තෝරා ගන්නා ලද දෙය ධෛර්යයේ ලකුණක් වන අතර මරණය නොසලකා හැරීමේ නිසැක සංකේතයක් වේ. ඔබ විසින් තොරා ගන්නා ලද ඔබේ දෙවිවරුන් විනාශයේ ආශාවන් සමග සම්බන්ධ වේ. ඊළඟට, වඩා යහපත් දෙය නම්, දෙවියන් වහන්සේගේ වචනයාණන් වහන්සේ නොවෙනස්ව පැවති එහෙත් ඒ හා සමාන ආකාරයේම පවතිමින් උන් වහන්සේ මිනිසාගේ ගැලවීම සහ යහපැවැත්ම උදෙසා මිනිස් ශරීරයක් ගත් සේක, එසේ මනුෂ්‍ය උපත බෙදාගැනීමෙන් මනුෂ්‍යයා දිව්‍යමය හා ආත්මික ස්වභාවයේ කොටස්කරුවන් බවට පත් කිරීමට උන් වහන්සේට හැකි විය, යනුවෙන් පැවසීමද, එසේත් නැතිනම් දිව්‍යමය ස්වභාවයෙන් හැඟීම් නැති සතුන්ට සමාන කර ඒ අනුව ක්‍රමයෙන් සිව්පා සතුන්ට, බඩගා යන දේවලට සහ මිනිසුන්ගේ සමානත්වයේ දේවලට නමස්කාර කිරීමට පැවසීමද? මන්ද, ප්‍රඥාවන්තයන් වන ඔබගේ ගෞරවයට පාත්‍ර වන්නේ මේ දේවල්ය. එහෙත් ක්‍රිස්තුස් වහන්සේ මනුෂ්‍යයෙකු ලෙස පෙනී සිටි බව පවසන ඔබ, ආත්මය ස්වර්ගයෙන් ගෙන එන බව දකිමින්, එය අහස් කුටියෙන් ශරීරයට වැටී ඇති බව ප්‍රකාශ කරන ඔබ අපට සමච්චල් කිරීමට නිර්භීත වන්නේ කෙසේද? එසේම එය සිව්පාවුන් සහ බඩගා යන ජීවීන් බවට පත් වේ යැයි කීමට වඩා, එය මිනිස් සිරුරට පමණක් වැටී ඇති බව ඔබ කීවා නම් මම කැමති වෙමි. මන්ද ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීම මනුෂ්‍යයන්ගේ ගැලවීම උදෙසා වූ බව අපගේ ඇදහිල්ල ප්‍රකාශ කරයි. එහෙත් ඔබ වරදවා වටහාගෙන ඇත්තේ ආත්මය නිර්මාණය නොවූවක් සේ ඔබ කතා කරන බැවිනි. තවද, රැකවරණය දෙන තැනැන් වහන්සේගේ බලය සහ ප්‍රේමණීය කරුණාව සලකන විට, ක්‍රිස්තුස් වහන්සේගේ මාංසයේ පැමිණීම දෙවියන් වහන්සේට කළ නොහැකි දෙයක් නොවන බව අපි සිතමු. එහෙත් ඔබ, ආත්මය මනසේ සමානකමක් ලෙස හඳුන්වන අතරම, එය වැටීම් සමග සම්බන්ධ කර එය වෙනස් කළ හැකි බවට ඔබේ මිථ්‍යාවන් තුළ මවාපාන්නෙහිය. එහි ප්‍රතිඵලයක් ලෙස ආත්මය නිසා මනස වෙනස් විය හැකි බවට අදහස හඳුන්වා දෙන්නෙහිය. මන්ද, යම් ආකාරයක ස්වරූපයක ස්වභාවයක් වේද, එය සමාන වන ස්වභාවයේ සමාන බවක් අවශ්‍ය වේ. එහෙත් ඔබට මනස ගැන එවැනි සිතිවිල්ලක් ඇති වන සෑම විටම, ඔබ මනසේ පියාණන් වහන්සේට පවා අපහාස කරන බව මතක තබා ගන්න.

75. එහෙත් කුරුසිය සම්බන්ධයෙන්, ඔබ වඩාත් ප්‍රශංසනීය යැයි සලකන්නේ කුමක්ද, දුෂ්ට මිනිසුන් කුමන්ත්‍රණ කරන විට එය විඳ දරාගැනීම, කුමන ආකාරයකින් හෝ පැමිණෙන මරණයට බිය නොවී සිටීම, එසේත් නැතිනම් ඔසිරිස් සහ ඉසිස්ගේ ඉබාගාතේ යාම, ටයිෆොන්ගේ කුමන්ත්‍රණ, ක්‍රෝනෝස්ගේ පළා යාම, ඔහු තම දරුවන් ආහාරයට ගැනීම සහ ඔහුගේ පියාගේ ඝාතනය ගැන පැවසීම. මන්ද මෙය ඔබගේ ප්‍රඥාවේ තරමයි. එහෙත් ඔබ කුරුසිය සමච්චලයට ලක් කරන්නේ නම්, නැවත නැඟිටීම ගැන ඔබ පුදුමයට පත් නොවී සිටින්නේ කෙසේද? නැවත නැඟිටීම ගැන කතා කළ එම මනුෂ්‍යයින්ම කුරුසියේ කතාවද වාර්තා කර ඇත. එසේත් නැතිනම් ඔබ කුරුසිය ගැන සඳහන් කරන විට ක්‍රිස්තුන් වහන්සේ තවදුරටත් මනුෂ්‍යයෙකු නොව දෙවියන් වහන්සේ බව පෙන්නුම් කරන නැවත නැඟිටුවනු ලැබූ මළ අය, පෙනීම ලද අන්ධයන්, සුවය ලද අංශභාග රෝගීන්, පවිත්‍ර කරන ලද ලාදුරු රෝගීන්, මුහුද මත ඇවිදීම සහ අනෙකුත් සලකුණු සහ ආශ්චර්යයන් ගැන ඔබ නිහඬව සිටින්නේ මන්ද? ඔබ අපගේ ශුද්ධලියවිල්ල හොඳින් අධ්‍යයනය කර නැති බවත්, ඔබ ඔබටම විශාල අසාධාරණයක් කර ගන්නා බවත් මට පෙනේ. එහෙත් ක්‍රිස්තුස් වහන්සේගේ ක්‍රියාවන් උන් වහන්සේ මිනිසුන්ගේ ගැලවීම සඳහා පොළොවට පැමිණි දෙවියන් වහන්සේ බව ඔප්පු කරන බව ශුද්ධලියවිල්ල කියවා දැනගන්න. 

76. එහෙත් ඔබ ඔබේ ආගමික විශ්වාසයන් අපට පවසන්න. අතාර්කික ජීවීන් ගැන ඔවුන්ගේ අතාර්කික බව සහ ඔවුන්ගේ කුරිරුකම ගැන හැරුණුකොට ඔබට කුමක් කිව හැකිද? එහෙත්, මා අසා ඇති පරිදි, මේ දේවල් ඔබ ජනප්‍රවාද ලෙස කතා කරන බව කීමට ඔබ කැමති නම්, සහ ඔබ පර්සෙෆෝන් හි කන්‍යා පැහැර ගැනීම පෘථිවිය ලෙසත්, කොර වූ හෙපස්ටස් ගින්න ලෙසත්, වාතය හේරා ලෙසත්, සූර්යයා ඇපලෝ ලෙසත්, සඳ ආටෙමිස් ලෙසත්, මුහුද පොසෙයිඩන් ලෙසත් අර්ථකථනය කරන්නේ නම්; ඔබ තවමත් දෙවියන් වහන්සේට නමස්කාර නොකරන්නෙහිය. එහෙත් සෑම දෙයකම මැවුම්කරුවාණන් වහන්සේට වඩා මවන ලද ජීවීන්ට නමස්කාර කරන්නෙහිය. ඔබ මැවිල්ලේ සුන්දරත්වය අගය කරන නිසා එවැනි ජනප්‍රවාද නිර්මාණය කළේ නම්, ඔබ අගය කිරීමෙන් නතර වී, ඔබ මවන ලද දේවලට මැවුම්කරුවාණන් වහන්සේගේ ගෞරවය ලබා නොදෙන පිණිස, මවන ලද දේ දෙවිවරුන් මට්ටමට ඔසවා නොතැබීම සුදුසුය. මන්ද, ඔබ එසේ කරන්නෙහි නම්, ප්‍රධාන ඉදිකිරීම්කරුගේ ගෞරවය ඔහු විසින් ඉදිකරන ලද නිවස වෙත යොමු කිරීමට සහ ජෙනරල්වරයාගේ ගෞරවය සොල්දාදුවන්ට මාරු කිරීමට ඔබට කාලය පැමිණ තිබේ. එසේ නම්, කුරුසිය කිසියම් ආකාරයකින් සමච්චලයට ලක් කිරීමට සුදුසුදැයි අපට තේරුම් ගත හැකි වන පරිදි ඔබට මෙම කරුණුවලට කුමන පිළිතුරු දිය හැකිද?

77. එහෙත් ඔවුන් ව්‍යාකූල වී ප්‍රතිචාර දක්වන්නේ කෙසේද යන්න ගැන අවිනිශ්චිත වූ විට, අන්තෝනි තුමා සිනාසෙමින් නැවත වරක් පරිවර්තකයෙකු මගින් ඔවුන්ට මෙලෙස පැවසුවේය,  ‘දේවල් දකින විටම මේ කාරණා ගැන විශ්වාසයක් ඇති වේ. එහෙත් ඔබ ප්‍රත්‍යක්ෂ තර්ක මත විශ්වාසය තැබීමට කැමති නිසාත්, ඔබ මෙම ශාස්ත්‍රයෙහි දක්ෂ නිසාත්, එවැනි සාක්ෂි සපයන තුරු අපද දෙවියන් වහන්සේට නමස්කාර කිරීමෙන් වැළකී සිටීම ඔබට අවශ්‍ය බැවින්, පොදුවේ දේවල් සහ විශේෂයෙන් දෙවියන් වහන්සේ හඳුනා ගැනීම නිවැරදිව සිදු කරන ආකාරය මුලින්ම ඔබ අපට පවසන්න. එය විද්‍යමාන වන තර්ක මගින්ද නැතහොත් ඇදහිල්ලේ ක්‍රියාවන් මගින්ද? තවද වඩාත් යහපත් දේ කුමක්ද, (දෙවියන් වහන්සේගේ) ක්‍රියාකාරීත්වය තුළින් ඇති වන ඇදහිල්ලද නැතිනම් තර්ක මගින් ප්‍රදර්ශනය කරන ඇදහිල්ලද?’ දෙවියන් වහන්සේගේ ක්‍රියාකාරීත්වය තුළින් ලැබෙන ඇදහිල්ල වඩා යහපත් මෙන්ම නිවැරදි දැනුමට මගපාදන බවට ඔවුන් පිළිතුරු දුන් විට, අන්තෝනි තුමා මෙසේ පැවසුවේය, ඔබ හොඳින් පිළිතුරු දී ඇත, මන්ද ඇදහිල්ල එහෙත් ආරම්භ වන්නේ ආත්මයේ ස්වභාවයෙන් වන එහෙත් ගැටුම එහි නිර්මාතෘවරුන්ගේ ප්‍රවීණතාවයෙන් පැමිණේ. එබැවින් ඇදහිල්ල තුළින් දෙවියන් වහන්සේගේ ක්‍රියාකාරීත්වය ඇති අයට, නිරූපණය කිරීම උදෙසා තර්ක අනවශ්‍යය, නැතහොත් ඒවා නිෂ්ඵලය. මන්ද ඇදහිල්ලෙන් අප දන්නා කාරණා, ඔබ වචනවලින් ඔප්පු කිරීමට උත්සාහ කරන අතර, බොහෝ විට අප තේරුම් ගන්නා දේ ප්‍රකාශ කිරීමට පවා ඔබට නොහැකි වේ. එබැවින් ඇදහිල්ල තුළින් ක්‍රියා කිරීම ඔබේ විධිමත් තර්කවලට වඩා යහපත් මෙන්ම ශක්තිමත්ය.’

78. ‘එබැවින් කිතුනුවන් වන අප අබිරහස දරන්නේ ග්‍රීක තර්කයේ ප්‍රඥාවෙන් නොව, එහෙත් දෙවියන් වහන්සේ විසින් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළින් අපට බහුල ලෙස සපයන ලද ඇදහිල්ලේ බලය තුළය. මෙම ප්‍රකාශය සත්‍යය බව පෙන්වීමට, දැන් බලන්න, අකුරු ඉගෙන නොගෙන, විධිමත් අධ්‍යාපනයක් නොලබා අපි දෙවියන් වහන්සේ විශ්වාස කරමු, උන් වහන්සේගේ ක්‍රියාවන් තුළින් සියල්ල කෙරෙහි උන් වහන්සේගේ රැකවරණය දැනගෙන සිටිමු. එසේ අපගේ ඇදහිල්ල ඵලදායී බව ඔප්පු කිරීම සඳහා, දැන් අපට ක්‍රිස්තුස් වහන්සේ තුළ ඇති ඇදහිල්ලෙන් සහාය ලැබේ, එහෙත් ඔබේ වෘත්තීමය තර්ක මගින් එය පෙන්වන්නෙහිය. ඔබ අතරේ තිබෙන පිළිමවල සලකුණු නැති වී යයි, එහෙත් අපගේ ඇදහිල්ල සෑම තැනකම පැතිරෙමින් තිබේ. ඔබ ඔබේ තර්ක හා විහිළුවලින් කිසිවෙකුත් ක්‍රිස්තියානි ආගමෙන් මිථ්‍යාදෘෂ්ටික ආගමට හරවා ගෙන නැත. මන්ද ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේ සහ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වහන්සේ බව සියල්ලන්ම හඳුනාගන්නා නිසා අපි, ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ල උගන්වමින්, ඔබගේ මිථ්‍යාදෘෂ්ටිය එළිදරව් කරන්නෙමු. ඔබ ඔබේ දක්ෂ කථිකත්වය නිසා ක්‍රිස්තුස් වහන්සේගේ ඉගැන්වීමට බාධා කර වළක්වන්නේ නැත. එහෙත් අපි කුරුසියේ ඇණ ගසනු ලැබූ ක්‍රිස්තුස් වහන්සේ ගැන සඳහන් කිරීමෙන් ඔබ දෙවිවරුන් මෙන් සලකා බිය වන සියලුම යක්ෂයන් පලා යන්නට සලස්වන්නෙමු. කුරුසියේ සලකුණ ඇති තැන, මායාව දුර්වල වන අතර මායා කර්මයට ශක්තියක් ඇත්තේ නැත.

79. ‘එබැවින් අපට කියන්න, දැන් ඔබගේ පිළිතුරු වචන කොහෙද? ඊජිප්තුවරුන්ගේ චමත්කාරජනක ස්ථාන කොහෙද? මායාකරුවන්ගේ මායාවන් කොහෙද? ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසිය දර්ශනය වූ විට හැරුණුකොට මේ සියල්ල නතර වී දුර්වල වූයේ අන් කවදාද? සේ නම් කුරුසිය සමච්චලයට සුදුසු විෂයක්ද, ඒ වෙනුවට එයින් නිෂ්ප්‍රභ කරන ලද සහ දුර්වල බවට පත් කරන ලද කාරණා සමච්චලයට ලක් කළ යුතු නොවේද? මන්ද, ඔබගේ ආගමට කිසිදාක පීඩාවන්  එල්ල නොකරන ලද අතර සෑම නගරයකම මිනිසුන් විසින් පවා ගෞරවයට පාත්‍ර කෙරුණි. එහෙත් ක්‍රිස්තුන් වහන්සේගේ අනුගාමිකයින් පීඩාවට ලක් කරනු ලබන අතර, අපගේ පාර්ශ්වය නොකඩවම සමෘද්ධිමත් වෙමින් ඔබගේ  ප්‍රමාණයට වඩා වර්ධනය වීම පුදුම සහගත දෙයකි. ඔබ සතු දේ, ප්‍රශංසාවට හා ගෞරවයට පාත්‍ර වුවද, විනාශ වී යයි. එහෙත් ඇදහිල්ල සහ ක්‍රිස්තුස් වහන්සේගේ ඉගැන්වීම, ඔබ විසින් සමච්චලයට ලක් කරනු ලැබුවද, බොහෝ විට රජවරුන් විසින් පීඩා කරනු ලැබුවද, ලොව පුරා ව්‍යාප්ත වී ඇත. මන්ද, දෙවියන් වහන්සේ පිළිබඳ දැනුම මෙතරම් දීප්තිමත් ලෙස බැබළුණේ කවදාද? එසේත් නැතිනම් ආත්ම දමනය සහ කන්‍යාභාවයේ විශිෂ්ටත්වය දැන් මෙන් පැහැදිලි වූයේ අන් කවරදාකද? එසේ නැතහොත් ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසිය දර්ශනය වූ දා සිට හැර මරණය මෙතරම් නොසලකා හැර ඇත්තේ කවදාද? ප්‍රාණ පරිත්‍යාගිකයින් ක්‍රිස්තුස් වහන්සේ උදෙසා මරණය නොසලකා හරින බව ඔවුන් දකින විට හෝ සභාවේ කන්‍යාවන් ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් ඔවුන්ගේ පාරිශුද්ධභාවය සහ නිර්මලකම පවත්වා ගෙන යන විට කිසිවෙකුට මෙය ප්‍රතික්ෂේප කළ නොහැකිය.

ඔහු යක්ෂයන්ගෙන් පීඩා විඳි සමහර අය සුව කිරීමෙන් දාර්ශනිකයන් ව්‍යාකූල කළ ආකාරය.

80. ‘ක්‍රිස්තුස් වහන්සේගේ ඇදහිල්ල පමණක් එකම සැබෑ ආගම බව ඔප්පු කිරීමට මෙම ලකුණු ප්‍රමාණවත්ය. එහෙත් බලන්න! ඔබ තවමත් විශ්වාස නොකරන අතර තවත් තර්ක සොයමින් සිටින්නෙහිය. කෙසේ වෙතත්, අපි අපගේ ඇදහිල්ල ඔප්පු කරන්නේ 1 කොරින්ති 2:4 අපගේ ගුරුවරයා පවසන පරිදි, ග්‍රීකයන්ගේ ප්‍රඥාවේ ඒත්තු ගැන්වෙන වචනවලින් නොව, එහෙත් තර්කානුකූල සාක්ෂියට පැහැදිලිවම පෙර ඇති ඇදහිල්ල හරහා අපි ඇදහිල්ල ඒත්තු ගන්වන්නෙමු. බලන්න, යක්ෂයන්ගෙන් පීඩිත වූ සමහරෙක් මෙහි සිටිති; ‘- දැන් යක්ෂයන්ගෙන් බොහෝ පීිඩාවට පත් වී ඇතැම් අය ඔහු වෙත පැමිණ සිටියහ. ඔවුන් ඉදිරියට ගෙනැවිත් ඔහු මෙසේ කීවේය -‘ඔබ ඔවුන් තර්ක කිරීමෙන් හෝ ඔබේ පිළිමවලට ආරාධනා කර ඔබ තෝරාගන්නා කුමන ශාස්ත්‍රයකින් හෝ මන්ත්‍රයකින්ද හෝ  ඔවුන් පවිත්‍ර කරන්නෙහිද? එසේ නොමැති නම් ඔබට එය කළ නොහැකි නම්, අප සමග ඇති ඔබේ ආරවුල දුරු කරන්න, එවිට ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසියේ බලය ඔබට පෙනෙනු ඇත.’ මෙය පැවසූ පසුව ඔහු ක්‍රිස්තුස් වහන්සේට කන්නලව් කළ අතර, කුරුසියේ ලකුණෙන් දෙතුන් වතාවක් රෝගාතුර වූවන් සලකුණු කළේය. එකෙණෙහිම ඒ මනුෂ්‍යයෝ සුවපත් වී නැඟිට, සිහි නුවණින් සිට, වහාම ස්වාමින් වහන්සේට ස්තුති කළහ. තවද දාර්ශනිකයෝ, ඔවුන් හඳුන්වනු ලබන පරිදි, පුදුමයට පත් වූ අතර, මිනිසාගේ අවබෝධය සහ ඔහු විසින් සිදු කරන ලද සලකුණ ගැන අතිශයින් විස්මයට පත් වූහ. එහෙත් අන්තෝනි තුමා මෙලෙස පැවසුවේය, ‘ ඔබ මේ ගැන පුදුම වෙන්නේ ඇයි? මේ දේවල් කරන්නේ අප නොවේ, එහෙත් ක්‍රිස්තුස් වහන්සේ විශ්වාස කරන අය කරණකොටගෙන ප්‍රාතිහාර්යයන් ක්‍රියාත්මක කරන්නේ උන් වහන්සේය. එබැවින් ඔබද එය විශ්වාස කරන්න, එවිට එවිට අපගේ වචනවල වංචාවක් නොමැති බව ඔබට පෙනෙනු ඇත, එහෙත් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි අප තුළ ක්‍රියාත්මක වන ප්‍රේමය තුළින් ඇදහිල්ල ඔබට පෙනෙනු ඇත; එය ඔබද ලබාගන්නේ නම්, ඔබට තවදුරටත් ප්‍රකාශ වීම උදෙසා වන තර්ක අවශ්‍ය නොවනු ඇත, එහෙත් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ල පමණක් ප්‍රමාණවත් යැයි සලකනු ඇත.’ මේ අන්තෝනි තුමාගේ වචනයි. ඔවුහු මේ පිළිබඳද මවිත වී, ඔහුට ආචාර කොට, ඔහුගෙන් ලද ප්‍රයෝජනය ගැන ප්‍රකාශ කරමින් නික්ම ගියහ.

අධිරාජ්‍යයන් අන්තෝනි තුමාට ලියූ ආකාරය සහ ඔහුගේ පිළිතුර සම්බන්ධයෙන්.

81. අන්තෝනි තුමාගේ කීර්තිය රජවරුන්ට පවා සැළ විය. කොන්ස්ටන්ටයින් ඔගස්ටස් සහ ඔහුගේ පුතුන් වන කොන්ස්ටන්ටියස් සහ කොන්ස්ටන්ස් ද ඔගස්ටි යන අය ඔහුට පියෙකුට මෙන් ලිපි ලියූ අතර, ඔහුගෙන් පිළිතුරු අයැද සිටියහ. කෙසේ වෙතත්, ඔහු ලිපිවලට එතරම් වැදගත්කමක් නොදැක්වූ අතර පණිවිඩ ගැන ඔහුට සතුටක් දැනුණේද නැත. එහෙත් අධිරාජ්‍යවරුන් ඔහුට ලිපි ලිවීමට ඔහු සිටියාක් මෙන් නොවෙනස්ව සිටියේය. එහෙත් ඔවුන් ඔහුට ලිපි රැගෙන ආ විට ඔහු පූජකවරුන් කැඳවා මෙසේ කීය, ‘අධිරාජයෙකු අපට ලිපි ලිව්වොත් පුදුම නොවන්න, මන්ද ඔහු මිනිසෙකි; එහෙත් දෙවියන් වහන්සේ මිනිසුන් සඳහා ව්‍යවස්ථාව ලියූ බව සහ උන් වහන්සේගේම පුත්‍රයාණන් වහන්සේගේ මාර්ගයෙන් හෙබ්‍රෙව් 1:2 අපට කථා කර තිබීම ගැන පුදුමයට පත් වන්න.’ එම නිසා එම ලිපි භාර ගැනීමට ඔහු මැළි වූයේ ඒවාට ප්‍රතිචාර දක්වන්නේ කෙසේදැයි තමන් නොදන්නා බව පැහැදිලි කරමිනි. කෙසේ වෙතත්, අධිරාජ්‍යවරුන් කිතුනුවන් වූ බැවින් සහ ඔවුන් ප්‍රතික්ෂේප කිරීම නිසා ඔවුන් අමනාප නොවන පිණිසත් පූජකවරුන් විසින් බල කරන ලදුව ඔහු ඒවා කියවිය යුතු බවට සහ එකඟ වූ අතර, ඔවුන් ක්‍රිස්තුස් වහන්සේට නමස්කාර කිරීම අගය කරමින්, ගැලවීම පිළිබඳ කරුණු පිළිබඳ උපදෙස් ලබා දෙමින් පිළිතුරක් ලිවීය. ‘වර්තමානය ගැන ඕනෑවට වඩා අවධානය යොමු නොකරන්න, ඒ වෙනුවට පැමිණෙන විනිශ්චය මතක තබා ගන්න, සැබෑ සහ සදාකාලික රජු ක්‍රිස්තුස් වහන්සේ පමණක් බව තේරුම් ගන්න.’ දයාව පෙන්වමින් යුක්තිය කිරීමට සහ දුප්පතුන්ට සැලකිල්ල දැක්වීමට ප්‍රමුඛත්වය දෙන ලෙස ඔහු ඔවුන්ගෙන් අයැද සිටියේය. ඔහුගේ පිළිතුර ලැබීමෙන් පසු ඔවුහු ප්‍රීති වූහ. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු කාගේත් ආදරයට පාත්‍ර වූ අතර සියලු දෙනාම ඔහු පියෙකු ලෙස සැලකීමට කැමැත්තක් දැක්වූහ.

ඒරියන්වරුන්ගේ වර්තමාන ක්‍රියාවන් ඔහු දර්ශනයකින් දුටු ආකාරය.

82. මෙතරම් ශ්‍රේෂ්ඨ මිනිසෙකු බව ප්‍රකටව, තමන් බැහැදැකීමට පැමිණි අයට මෙසේ පිළිතුරු දී, නැවත ඇතුළු කන්දට පැමිණ, තමාගේ සුපුරුදු විනයෙහි නිරත විය. බොහෝ විට, ඔහු වාඩි වී සිටින විට හෝ ඇවිදින විට මිනිසුන් ඔහු වෙත පැමිණි විට, දානියෙල් විස්තර කර ඇති පරිදි ඔහු නිශ්ශබ්ද විය. ටික වේලාවකට පසුව ඔහු සමග සිටි සහෝදරයන් සමග නැවත සංවාදය ආරම්භ කළේය. ඔහු දර්ශනයක් දකිමින් සිටින බව ඔහුගේ සගයන්ට වැටහුණි. මන්ද ඔහු බොහෝ විට කඳුකරයේ සිටින විට ඔහු ඊජිප්තුවේ සිදුවෙමින් පවතින සිදුවීම් දකින අතර, ඔහු සමග එහි සිටි රදගුරු සෙරපියන් හට එය පැවසුවේය, අන්තෝනි තුමා දර්ශනයක් දකින බව ඔහු දුටුවේය. වරක් ඔහු වාඩි වී වැඩ කරමින් සිටියදී, ඔහු සිහිසුන්ව ඇද වැටිණි, එය සංක්‍රාන්තියක්මෙන් විය. ඔහු දුටු දේ ගැන බොහෝ කෙඳිරිගාමින් සිටියේය. ටික වේලාවකට පසුව, කෙඳිරිගාමින් හා වෙව්ලමින් අසල සිටි අය දෙසට හැරී, ඔහු යාච්ඤා කළ අතර, දණින් වැටී බොහෝ වේලාවක් සිටියේය. පසුව නැඟිට සිටි මහලු මිනිසා හැඬුවේය. එබැවින් ඔහුගේ සහචරයෝ වෙව්ලමින් හා තැතිගත්, ඔහුගෙන් එය කුමක්දැයි දැන ගැනීමට කැමති වූහ. ඔහුට බල කර කතා කිරීමට සලස්වන තෙක් ඔවුහු ඔහුට බොහෝ කරදර කළෝය. ඔහු බොහෝ කෙඳිරිගාමින් මෙසේ කීවේය: ‘අහෝ, මගේ දරුවෙනි, දර්ශනයේ පෙනෙන දේ සිදු වීමට පෙර මිය යාම හොඳය.’ ඔවුන් නැවත ඔහුගෙන් ඇසූ විට, කඳුළු සලමින් ඔහු මෙලෙස පැවසුවේය, ‘උදහස සභාව අල්ලා ගැනීමට ආසන්නයි. එය අඥාන තිරිසනුන් වැනි මිනිසුන්ට භාර දෙනු ලැබේ. මන්ද ස්වාමින් වහන්සේගේ මාලිගාවේ මේසයද එය වටේට කොටළුවෝද වළල්ලක් මෙන් සිටගෙන එහි ඇති දේවලට පයින් ගසනු මම දුටිමි. ඒ ව්‍යාකූලත්වයකින් යුතුව උඩ පනිමින් පයින් ගසන සතුන් රංචුවක් මෙනි. ‘මාගේ පූජාසනය අපවිත්‍ර වනු ඇත’ කියා ප්‍රකාශ කරන හඬක් මට ඇසුණු නිසා මා කෙඳිරිගාන ආකාරය ඔබ දුටුවෙහිය. මේ දේවල් මහලු මිනිසා දුටු අතර, වසර දෙකකට පසුව ඒරියන්වරුන්ගේ වර්තමාන ආක්‍රමණය සහ සභාවන් කොල්ලකෑම සිදු විය. ඒ ඔවුන් ප්‍රචණ්ඩ ලෙස යාත්‍රා රැගෙන ගොස්, මිථ්‍යාදෘෂ්ටිකයන්ට ඒවා රැගෙන යාමට සැලැස්වූ අවස්ථාවේදී, ඔවුන් සිරගෙවල්වල සිටි විජාතීන්ට ඔවුන්ගේ සේවයට එක් වන ලෙස බල කළ අවස්ථාවේදී සහ ඔවුන් ඉදිරියේ මේසය ඔවුන් කැමති පරිදි අපවිත්‍ර කළ අවස්ථාවේදී මෙය සිදු විය. පයින් පහර දුන් කොටළුවන් මගින් අන්තෝනි තුමාට අඟවන්නේ හිත්පිත් නැති තිරිසනුන් මෙන් මෙවන් විපතක් කරන ඒරියන්වරුන්ගේ ක්‍රියාවන් බව එවිට අප සැම දෙනාටම වැටහිණි. එහෙත් ඔහු මේ දර්ශනය දුටු විට, ඔහු තමා සමග සිටි අය සනසමින් මෙසේ පැවසීය. ‘මගේ දරුවෙනි, අධෛර්යවත් නොවන්න; ස්වාමින් වහන්සේ කෝපයට පත් වූවාක් මෙන්, උන් වහන්සේ අප නැවත සුව කරනු ඇත, සභාව ඉක්මනින් යථා තත්ත්වයට පත් වනු ඇත, ඇය සෑම විටම මෙන් බැබළෙනු ඇත. තවද, පීඩාවට පත් වූවන් ප්‍රතිෂ්ඨාපනය කරනු ලැබ, දුෂ්ටකම නැවතත් එය සැඟවී සිටින ස්ථානයට ඉවත් කරනු ලබනවා ඔබ දකිනු ඇත, එසේම භක්තිවන්ත ඇදහිල්ල සෑම තැනකම සියලු නිදහස සහිතව නිර්භීතව කතා කරනු ඔබට පෙනෙනු ඇත. එහෙත් ඔබ ඒරියන්වරුන්ගෙන් අපවිත්‍ර නොවීමට බලාගන්න. මන්ද ඔවුන්ගේ ඉගැන්වීම අපෝස්තුළුවරුන්ගේ ඉගැන්වීම් නොවේය, එහෙත් ඒවා පැමිණෙන්නේ යක්ෂයන්ගෙන් සහ ඔවුන්ගේ පියා වන යක්ෂයාගෙනි. ඔව්, ඇත්තෙන්ම එය නිසරුය, අඥානය, සැබෑ අවබෝධයක් නොමැති මේ කොටළුන්ගේ අඥානකම මෙන්ය.’

ඔහුගේ සුව කිරීම් යාච්ඤාව තුළින් ක්‍රිස්තුස් වහන්සේ විසින් පමණක් කරන ලද බව.

83. අන්තෝනි තුමාගේ වචන එබඳු විය, එවැනි ආශ්චර්යයන් මිනිසෙකුගේ අතින් සිදු වූවාද යන්න සම්බන්ධයෙන් අප සැක නොකළ යුතුය. මන්ද එය ගැලවුම්කරුවාණන් වහන්සේ මෙසේ පවසන කල, එනම් ‘ඔබට අබ ඇටයක් තරම් ඇදහිල්ලක් තිබේ නම්, මේ කන්ද මෙතැනින් ඉවත් වී යන්න, යයි පැවසුවහොත් ඔබට කළ නොහැකි කිසිවක් නැති වනු ඇත, මතෙව් 17:20 යනුවෙන් පැවසූ උන් වහන්සේගේ පොරොන්දුව වේ. නැවතත්, උන් වහන්සේ මෙසේ පවසන සේක, ‘සැබවක්, සැබවක් මම ඔබට කියමි, ඔබ මාගේ නාමයෙන් පියාණන් වහන්සේගෙන් යමක් ඉල්ලුවොත්, ඔහු එය ඔබට දෙනු ලබනවා ඇත. ඉල්ලන්න, එවිට ඔබට ලැබෙනු ඇත. යොහන් 16:23. තවද උන් වහන්සේගේ ශ්‍රාවකයන්ට සහ උන් වහන්සේ විශ්වාස කරන සියල්ලන්ට උන් වහන්සේම පවසන්නේ මෙයයි. ‘රෝගීන් සුව කරන්න, යක්ෂයන් දුරු කරන්න; ඔබ නොමිලයේ ලැබුවහුය, නොමිලේම දෙන්න. මතෙව් 10:8’

84. කෙසේ වෙතත්, අන්තෝනි තුමා සුව කළේ අණ දීමෙන් නොව, යාච්ඤාවෙන් සහ ක්‍රිස්තුස් වහන්සේගේ නාමය කතා කිරීමෙන්ය. මේ අනුව, ක්‍රියා කළේ අන්තෝනි තුමා නොව, ස්වාමින් වහන්සේ ඔහු තුළින් දයාව පෙන්වමින්, දුක් විඳින අය සුවපත් කරන බව සියල්ලන්ටම පැහැදිලි විය. එහෙත් අන්තෝනි තුමාගේ කාර්යභාරය වූයේ යාච්ඤාව සහ විනය පමණකි. ඒ උදෙසා ඔහු කන්දේ නැවතී සිටි අතර, දිව්‍යමය කාරණා ගැන මෙනෙහි කිරීමෙන් ප්‍රීති විය. එහෙත් බොහෝ මිනිසුන් බාධා කරන විට සහ පිටත කන්දට යාමට බල කරන විට දුක් විය. මන්ද, පැමිණිලිකරුවන් විශාල පිරිසක් ඔවුන් පසුපස එන නිසා ඇතුළට යාමට නොහැකි වූ නිසා කන්දෙන් බැස එන ලෙස සියලුම විනිශ්චයකාරවරු ඔහුගෙන් ඉල්ලා සිටියහ. එසේ වූවත් ඔවුහු එසේ ඉල්ලා සිටියේ ඔහු දකින පිණිසය. එබැවින් ඔහු එයින් වැළකී ඔවුන් වෙතට යාම ප්‍රතික්ෂේප කළ විට ඔවුහු ස්ථිරව සිට, මුරකාවල් යටතේ තව තවත් සිරකරුවන් යැවූහ. එසේ කළේ ඔහු බැස පැමිණේ යයි අපේක්ෂා කළ බැවිනි. අවශ්‍යතාවය විසින් බල කරන ලදුව, ඔවුන්ගේ විලාප නැගීම දැක, ඔහු පිටත කන්දට පැමිණියේය. නැවතත් ඔහුගේ උත්සාහය අපතේ ගියේ නැත. මන්ද ඔහුගේ පැමිණීම බොහෝ දෙනෙකුට ප්‍රයෝජනවත් මෙන්ම සේවයක් විය. ඔහු විනිශ්චයකරුවන්ට ප්‍රයෝජනවත් වූ අතර, සියල්ලටම වඩා යුක්තියට ප්‍රමුඛත්වය දෙන ලෙසත්, දෙවියන් වහන්සේට බිය වීමටත්, ඔවුන් භාවිත කළ විනිශ්චයෙන්ම ඔවුන්ද විනිශ්චය කරනු ලබන බව, මතෙව් 7:2 තේරුම් ගන්නා ලෙසත් ඔවුන්ට උපදෙස් දුන්නේය. කෙසේ වෙතත්, ඔහු අන් සියල්ලටම වඩා කඳුකරයේ ගත කරන කාලයට කැමති විය.

ඔහු එක්තරා ආදිපාදවරයෙකුට බුද්ධිමත් ලෙස පිළිතුරු දුන් ආකාරය. 

85. තවත් අවස්ථාවක, අවශ්‍යතා ඇති අය විසින් බල කරන ලදුව, සොල්දාදුවන්ගේ අණ දෙන නිලධාරියාගේ බොහෝ ඉල්ලීම්වලින් පසු, ඔහු කන්දෙන් බැස ගොස්, ගැලවීමට අවශ්‍ය කාරණා පිළිබඳ කෙටියෙන් කතා කළේය. එසේම ඉක්මනින් පිටත්ව යාමට සූදානම් වීමට පෙර, ඔහු අවශ්‍ය අය ගැන සාකච්ඡා කළේය. එහෙත් ආදිපාදවරයා, ඔහු එලෙස හඳුන්වන ලදී, ඔහුගෙන් රැඳී සිටින ලෙස ඉල්ලා සිටි විට, ඔහු දක්ෂ උපමාවක් භාවිත කරමින් ඔහුට ඔවුන් සමග සිටිය නොහැකි බව ප්‍රතිචාර දැක්වීය: ‘වියළි බිමක වැඩි වේලාවක් තැබුවහොත් මාළු  මිය යති. එසේම පූජකවරුන් ඔබ අතරේ ගැවසෙමින් ඔබ සමග කාලය ගත කළොත් ඔවුන්ගේ ශක්තිය නැති වෙයි. එබැවින් මසුන් මුහුදට යාමට ඉක්මන් විය යුතු සේම අප කන්දට යාමට ඉක්මන් විය යුතුය. අප ප්‍රමාද වුණොත් අපට අපේ ඇතුළේ තියෙන දේවල් අමතක වෙන්න පුළුවන්.’ ඔහුගෙන් මෙය සහ තවත් බොහෝ කාරණා ඇසූ ජෙනරාල්වරයා පුදුමයට පත් වී මෙසේ කීය, ‘ඇත්ත වශයෙන්ම, මේ මිනිසා දෙවියන් වහන්සේගේ සේවකයෙකි. මන්ද යත්, ඔහු දෙවියන් වහන්සේ විසින් ප්‍රේම කරනු නොලැබුවේ නම්, නූගත් මිනිසෙකුට මෙතරම් ශ්‍රේෂ්ඨ ප්‍රඥාවක් හිමිවන්නේ කෙසේද?’

බැලසියස් ආදිපාදවරයා සම්බන්ධයෙන්, ඔහු අන්තෝනි තුමා විසින් අනතුරු ඇඟවීිම් කරන ලදුව දුක්ඛිත අවසානයකට ළඟා වූ ආකාරය.

86. බැලසියස් නම් වූ එක්තරා සෙන්පතියෙකු කිතුනුවන් වූ අපට දැඩි ලෙස පීඩා කළේ ඔහු ඒරියන්වරුන් කෙරෙහි දක්වන සැලකිල්ල නිසාය – එම නමම නරක පෙර නිමිත්තකි. කන්‍යාවන්ට පහර දෙන තරමටත්, පූජකයින්ට කසයෙන් තළන්නටත් තරම් ඔහුගේ නිර්දයභාවය බලවත් වූ හෙයින්, අන්තෝනි තුමා මේ අවස්ථාවේදී පහත පරිදි ලිපියක් ලියා ඔහු වෙත යැවීය. ‘උදහස ඔබ පිටට එන බව මම දකිමි, එබැවින් කිතුනුවන්ට පීඩා කිරීම නවත්වන්න. එවිට උදහස ඔබ වෙත නොපැමිණෙනු ඇත. මන්ද එය දැන් ඔබ වෙතට පැමිණෙමින් තිබේ.’ එහෙත් බැලසියස් ලිපිය සමච්චලයට ලක් කරමින්, එය බිමට විසි කර, කෙළ ගසමින්, එය ගෙනා පණිවිඩකරුවන්ට අපහාස කරමින්, අන්තෝනි තුමාට මෙලෙස පවසන ලෙස ඔවුන්ට කීවේය: ‘ඔබ පූජකයින්ට සැලකිල්ල දක්වන බැවින්, මම ඉක්මනින් ඔබ පසුපසද එන්නෙමි.’ දින පහක් යන්නට මත්තෙන් උදහස ඔහු පිටට පැමිණියේය.  බැලසියස් සහ ඊජිප්තුවේ ප්‍රධානියා වන නෙස්ටෝරියස්, ඇලෙක්සැන්ඩ්‍රියාවේ සිට චේරු නමින් හැඳින්වෙන පළමුවන නැවතුම් ස්ථානය වෙත පිටත්ව ගිය අතර, දෙදෙනාම අශ්වයින් පිට ගියහ. මෙම අශ්වයන් බැලසියස්ට අයත් වූ අතර, ඔවුහු ඔහුගේ අශ්ව ගාලේ සිටි සන්සුන්ම අශ්වයෝ වූහ. එහෙත් අශ්වයන් පුරුද්දක් ලෙස එකිනෙකා සමග පොරබැදීමට පටන් ගන්නා විට ඔවුන් එම ස්ථානය පසුකර වැඩි දුරක් ගොස් තිබුණේ නැත. හදිසියේම, නෙස්ටෝරියස් වාඩි වී සිටි නිශ්ශබ්ද අශ්වයා, බැලසියස්ටට පහර දී, ඔහුගේ දත්වලින් සපා කා ඔහුගේ කලවයට දරුණු ලෙස තුවාල කළේය. ඔහු නැවත කෙළින්ම නගරයට ගෙන යන ලද අතර එහිදී ඔහු දින තුනකින් මිය ගියේය. අන්තෝනි තුමාගේ අනාවැකිය මෙතරම් ඉක්මනින් සැබෑ වීම ගැන සියල්ලෝම මවිත වූහ.

ඔහු දුර්වලයන්ගේ දුබලතා දරාගත් ආකාරය සහ මුළු ඊජිප්තුවටම ඔහුගෙන් සිදු වූ මහත් ප්‍රයෝජන.

87. මේ ආකාරයෙන් ඔහු කුරිරු අයට අනතුරු ඇඟවීය.

එහෙත් ඔහුගෙන් උදව් ඉල්ලා පැමිණි අයට ඔහු ඉතා හොඳින් උපදෙස් දුන් අතර ඔවුන් වහාම ඔවුන්ගේ පැමිණිලි අත්හැර හුදකලා ජීවිතයක් තෝරා ගත් අයට ප්‍රශංසා කළේය. එසේම ඔහු අසාධාරණයට ලක් වූවන් වෙනුවෙන් පෙනී සිටියේ දුක් විඳින්නේ ඔහු මිස අන් අය නොවන බව ඔබ සිතන ආකාරයටයි. තවද, බොහෝ සෙබළුන් සහ මහත් දේපළ ඇති බොහෝ සෙබළුන් ජීවන බර පසෙක දමා, ඉතිරි දවස්වල පැවිදි වීමට තරම්, සියල්ලන්ටම ප්‍රයෝජනවත් වීමට ඔහු සමත් විය. එය දෙවියන් වහන්සේ සුව කරන පිණිස ඊජිප්තුවට වෛද්‍යවරයකු එව්වාක් මෙනි. මක්නිසාද දුකෙන් අන්තෝනි තුමා හමු වී ප්‍රීතියෙන් ආපසු නොගියේ කවුද? ඔහුගේ මළවුන් ගැන ශෝකයෙන් පැමිණ ඔහුගේ දුක ක්ෂණිකව අත් නොහැරියේ කවුද? කෝපයෙන් පැමිණ මිතුරෙකු බවට පත් නොවූයේ කවුද? ඔහුට මුණගැසුණු, ඔහුට ඇහුම්කන් දී සහ ඔහු දැකීමෙන් ධනය ප්‍රතික්ෂේප කර ඔවුන්ගේ දිළිඳුකමෙන් සැනසීමක් නොලබන දුප්පත්, අධෛර්යවත් වූ පුද්ගලයා කවුද? උපෙක්ෂා සහගත වූ කිනම් පූජකයෙකු තමා වෙත පැමිණ ආත්මික වශයෙන් බලවත් නොවූයේද? කන්දට පැමිණ අන්තෝනි තුමා දුටු කිනම් තරුණයාද තම සතුට හා වින්දනය ප්‍රතික්ෂේප කර ක්‍ෂණිකවම ස්වයං පාලනයක් වැලඳ නොගත්තේ කවුද? යක්ෂයෙකු විසින් පරීක්ෂාවට ලක් වූ විට, ඔහු වෙත පැමිණ විවේකය සොයා නොගත්තේ කවුද? තවද සැකයෙන් කැලඹී පැමිණ මානසික සන්සුන් බව ලබා නොගත්තේ කවුද?

ඔහුගේ විචාර බුද්ධිය සහ ඔහු සැමටම උපදේශකයෙකු වූ ආකාරය.

88. මන්ද, අන්තෝනි තුමාගේ විනයෙහි ඇති අපූරු දෙය වූයේ මෙයයි, මා කලින් සඳහන් කළ පරිදි, ආත්මයන් වෙන් කර හඳුනාගැනීමට දීමනාව ඇතිව, ඔහු ඔවුන්ගේ චලනයන් අවබෝධ කර ගැනීම සහ එකිනෙකා තම උත්සාහයන් සහ ප්‍රහාර යොමු කළේ කොතැනටද යන්න හඳුනා ගැනීමේ හැකියාව ඔහුට තිබීමයි. ඔහු කිසි විටෙකත් ඔවුන්ට නොරැවටුණා පමණක් නොව, ඔහු සැකයෙන් පීඩාවට පත් වූවන් දිරිමත් කළේය, ආත්මයන්ගේ උපක්‍රමවලට එරෙහි වන ආකාරය ඔවුන්ට උගන්වමින්, ඔවුන් පාලනය කළ අයගේ දුර්වලකම සහ උපාය එළිදරව් කළේය. මේ ආකාරයෙන්, සෑම පුද්ගලයෙකුම, ඔහු විසින් යුද්ධයට සූදානම් කර ඇති බව පෙනේ. ඔවුහු කන්දෙන් බැස අවුත්, යක්ෂයාගේ සහ ඔහුගේ යක්ෂයන්ගේ උපායන්ට ධෛර්ය සම්පන්නව මුහුණ දුන්හ. අන්තෝනි තුමා දුර සිට පමණක් දුටු තරුණියන් කී දෙනෙකු ක්‍රිස්තුන් වහන්සේ වෙනුවෙන් කන්‍යාවන්ව සිටියාද? දුර පළාත්වල මිනිසුන්ද ඔහු වෙත පැමිණි අතර, අන් සියල්ලන් මෙන්, යම් ප්‍රතිලාභයක් ලැබීමෙන් පසුව, පියෙකු විසින් මඟ පෙන්වූවාක් මෙන් දැනී ඔවුහු පිටත්ව ගියහ. නියත වශයෙන්ම ඔහු මිය ගිය විට, සියල්ලෝම පියෙකු අහිමි වූවාක් මෙන්, ඔහුගේ අනුශාසනා සහ උපදෙස් පිළිපැද ආරක්ෂා කර ගනිමින් ඔහු සිහිපත් කිරීමෙන් පමණක් සැනසුනහ.

දැන් ඔහුට වයස අවුරුදු 105ක් වන විට, ඔහු පූජකයින්ට අවවාද අනුශාසනා කළ ආකාරය හා භූමදානය ගැන උපදෙස් දුන් ආකාරය. 

89. ඔහුගේ මරණය සිදු වූයේ කෙලෙසද යන්න පැවසීම මට වටී, ඔබ කැමති පරිදි ඔබට ඇසීම වටී. ඔබ කැමති පරිදි ඔහුගේ මරණය සිදු වූ ආකාරය ගැන ඔබ ඇසීම වටී. මන්ද ඔහු තම ජීවිතය අවසන් කළ ආකාරය අනුකරණය කිරීම වටී. ඔහුගේ සිරිතට අනුව ඔහු පිටත කන්දේ පූජකයන් බැහැදකිමින් තම අවසානය අත ළඟ බව රැකවරණය දෙන තැනැන් වහන්සේගෙන් දැනගෙන සහෝදරයන් අමතා ඔහු මෙසේ කීය. ‘මෙය ඔබ වෙත මාගේ අවසාන පැමිණීම වනු ඇත. එසේම අප මේ ජීවිතයේදී නැවත එකිනෙකා හමු වුවහොත් මම පුදුම වෙමි. මගේ වයස අවුරුදු එකසිය පහකට ආසන්න නිසා මම පිටත්ව යන කාලය  ආසන්නය.’ එය ඇසූ ඔවුහු හඬා මහලු මිනිසා වැලඳගෙන සිප ගත්හ. එහෙත්, ඔහු විදේශ නගරයක සිට තමාගේම නගරයට යාත්‍රා කරන්නාක් මෙන්, ප්‍රීතියෙන් කතා කරමින්, ‘ඔබේ වැඩවලදී කම්මැලි නොවන්න, ඔබේ පුහුණුවේදී ශක්තිය නැති කර නොගන්න, ඔබ දිනපතා මිය යන ආකාරයටම ජීවත් වන්න,’ යයි ඔවුන්ට අනුශාසනා කළේය. ඔහු පෙර කී පරිදි, ජ්වලිතයෙන් යුක්තව ආත්මය අපිරිසිදු සිතුවිලිවලින් ආරක්ෂා කර ගැනීමටත්, ශුද්ධවන්තයන්ගේ ආදර්ශය උනන්දුවෙන් අනුකරණය කිරීමටත්, ඔවුන්ගේ දුෂ්ට හා අපිරිසිදු ස්වභාවය ඔබ දන්නා නිසා මෙලෙටියානු භේදයෙන් වැළකී සිටින ලෙසත් ඔහු ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය. ඒරියන්වරුන් සමග කිසිදු ඇසුරක් නොපවත්වන්න, මන්ද ඔවුන්ගේ දුෂ්ටකම සියල්ලන්ටම පැහැදිලිය. විනිසුරුවන් ඔවුන් ආරක්ෂා කරන බව ඔබ දුටුවහොත් කලබල නොවන්න, මන්ද එය අවසන් වනු ඇත, ඔවුන්ගේ තේජස මාරාන්තික මෙන්ම කෙටි කාලීන වේ. එබැවින් ඔබ ඒවායින් කිලිටි නොවී වඩාත් ආරක්ෂා වී පියවරුන්ගේ සම්ප්‍රදායන් පිළිපදින්න, ප්‍රධාන වශයෙන් ඔබ ශුද්ධලියවිල්ලෙන් ඉගෙන ගත්, මා විසින් බොහෝ විට ඔබට සිහි කළ අපගේ ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇති ශුද්ධ ඇදහිල්ල පවත්වා ගන්න.’

90. එහෙත් සහෝදරයන් ඔහුට ඔවුන් සමග ජීවත් වී එහිදී මිය යන ලෙස ඉල්ලා සිටි විට, ඔහු බොහෝ හේතු නිසා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අතර, ඉන් එකක් ඔහු නිහඬව සිටීමෙන් ප්‍රකාශ කළේය, ඒ විශේෂයෙන් මේ හේතුව නිසාය: ඊජිප්තුවරු අවමංගල්‍ය චාරිත්‍රවලින් ගෞරව කිරීමටත්, යහපත් මිනිසුන්ගේ, විශේෂයෙන්ම ශුද්ධ වූ ප්‍රාණ පරිත්‍යාගිකයන්ගේ සිරුරු, මරණයේදී හණ රෙදිවලින් ඔතා ගැනීමටත් පුරුදු වී සිටිති. ඔවුහු ඔවුන් පොළොව යට වළලනවා නොව ලිනන් රෙදිවලින් ඔතා, යහන මත තබා, ඔවුන්ගේ නිවෙස්වල තබා, මෙසේ මිය ගිය තැනැත්තාට ගෞරව කරති. මේ කාරණය සම්බන්ධයෙන් ජනතාවට උපදෙස් දෙන ලෙස අන්තෝනි තුමා නිතරම රදගුරුවරුන්ගෙන් ඉල්ලා සිටියේය. එලෙසම ඔහු ගිහියන්ට උගන්වමින් ස්ත්‍රීන්ට අවවාද කරමින්, ‘මේ දෙය කිසිසේත්ම නීත්‍යනුකූල හෝ ශුද්ධ වූ දෙයක් හෝ නොවන බව පැවසීය. මන්ද, කුලදෙටුවන්ගේ සහ අනාගතවක්තෘවරුන්ගේ සිරුරු මේ දක්වා සොහොන් ගෙවල්වල සුරක්ෂිතව තබා ඇත. ස්වාමින් වහන්සේගේ මෘත දේහය සොහොන් ගෙයක තැන්පත් කර, ගලකින් ආවරණය කර, ඒ මත ගලක් තබා, තුන්වන දින උන් වහන්සේ නැඟිටින තෙක් සඟවා තැබූහ.’ එසේ පැවසීමෙන් ඔහු පැහැදිලි කළේ මළ සිරුරු පූජනීය යැයි සැලකුවද මළවුන් නිසි ලෙස භූමදාන නොකළ ඕනෑම අයෙකු නීතිය කඩ කරන බවයි. මක්නිසාද ස්වාමින් වහන්සේගේ ශරීරයට වඩා උතුම් හෝ වඩා පරිශුද්ධ වන්නේ කුමක්ද? එහි ප්‍රතිඵලයක් ලෙස මෙය ඇසූ බොහෝ දෙනෙක් එතැන් සිට මළවුන් පොළව යට තැන්පත් කර නිවැරදිව ඉගැන්වීම ගැන ස්වාමීන් වහන්සේට ස්තුති කළහ.

ඔහුගේ රෝගය සහ අවසන් කැමැත්ත පිළිබඳ.

91. එහෙත් ඔහු සිරිත දැනගෙන තම සිරුරට එසේ සලකනු ඇතැයි බියෙන් කඩිමුඩියේ පිට කන්දේ සිටි පූජකයින්ගෙන් සමුගෙන තමා සාමාන්‍යයෙන් වාසය කරන ඇතුළු කන්දට ඇතුළු විය. මාස කිහිපයකට පසු ඔහු අසනීප විය. විනය ශික්ෂා පිළිපදිමින් සහ අන්තෝනි තුමාගේ මහලු විය නිසා අවුරුදු පහළොවක් ඔහුට උපස්ථාන කරමින් කන්දේ රැඳී සිටි දෙදෙනෙකු කැඳවා ඔහු ඔවුන්ට මෙසේ කීවේය. යොෂුවා 23:14 ලියා ඇති පරිදි මම පියවරුන් ගිය මග යන්නෙමි. මන්ද මා ස්වාමින් වහන්සේ විසින් කැඳවනු ලැබූ බව මම දනිමි. තවද, ඔබ සෝදිසියෙන් සිටින්න, ඔබේ දිගුකාලීන විනය විනාශ වීමට ඉඩ නොතබන්න, ඒ වෙනුවට, ඔබ එය අලුතින් ආරම්භ කරනවා සේ සලකා, ඔබේ අධිෂ්ඨානය ජ්වලිතව තබා ගන්න. මන්ද යක්ෂයන්ගේ වංචාව, ඔවුන් කොතරම් දරුණුද, එහෙත් ඔවුන් සතුව ඇත්තේ ඉතා අල්ප බලයක් බව ඔබ දන්නෙහිය. එබැවින් ඔවුන්ට බිය නොවන්න, එහෙත් සැමදාටම ක්‍රිස්තුස් වහන්සේ ආශ්වාස කරන්න, උන් වහන්සේ කෙරෙහි විශ්වාසය තබන්න.  දිනපතා මැරෙනවා මෙන් ජීවත් වෙන්න. ඔබ ගැනම අවධානයෙන් සිටින්න, ඔබ මාගෙන් ඇසූ අවවාදය සිහි කරන්න. භේදවාදීන් සමග කිසිදු සම්බන්ධයක් නොපවත්වන්න. මිථ්‍යාදෘෂ්ටික ඒරියන් සමග කිසිදු ගනුදෙනුවක් නොකරන්න. මන්ද ඔවුන් ක්‍රිස්තුස් වහන්සේට දක්වන සතුරුකම සහ ඔවුන්ගේ මිථ්‍යාදෘෂ්ටියේ අමුතු ඉගැන්වීම් නිසා මා ඔවුන් මගහැරියේ කෙසේදැයි ඔබ දන්නෙහිය. එබැවින් මරණයෙන් පසු, ඔවුන් ඔබ හුරුපුරුදු මිතුරන් ලෙස සදාකාලික වාසස්ථානවලට සාදරයෙන් පිළිගනු ලබන පිණිස, පළමුව දෙවියන් වහන්සේ හා පසුව ශුද්ධවන්තයන් අනුගමනය කිරීමට සැමවිටම උත්සාහ කරන්න. මේ දේවල් ගැන මෙනෙහි කර ඒවා ගැන සිතන්න, ඔබ මා ගැන සැලකිල්ලක් දක්වන්නේ නම් සහ මා පියෙකු ලෙස සිහිපත් කරන්නේ නම්, කිසිවෙකුට මගේ සිරුර ඊජිප්තුවට ගෙන යාමට ඉඩ නොදෙන්න, ඔවුන් එය ඔවුන්ගේ නිවෙස්වල තබන්නේ නැත. මම කන්දට ඇතුළු වී මෙහි පැමිණියේ එය වළක්වා ගැනීමටයි. එපමණක්ද නොව, මෙම චාරිත්‍රය ඇති අයට මා නිතරම තරවටු කර එය නවත්වන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටි ආකාරය ආකාරයත්, එයින් ඉවත් වන ලෙස ඔවුන්ට අනුශාසනා කළ ආකාරයත් ඔබ දන්නෙහිය. එබැවින් මාගේ මෘත දේහය භූමදාන කොට ඔබම පොළොව යට සඟවන්න, ඔබ හැර වෙන කිසිවෙකුට එහි පිහිටීම නොදැනෙන ලෙස මාගේ උපදෙස් පිළිපදින්න. මක්නිසාද මළවුන්ගේ නැවත නැඟිටීමේදී, මම එය ගැලවුම්කරුවාණන් වහන්සේගෙන් නොදිරන ලෙස ලබා ගන්නෙමි. මගේ වස්ත්‍ර දෙකට බෙදන්න. එක බැටළු හමක් රදගුරු ඇතනේසියස් තුමාට දෙන්න, එය ඔහුම මට අලුතින් දුන් නමුත් මා ඇඳගෙන සිටින විට මා සමග පැරණි වූ ඇඳුමයි. සෙරපියන් රදගුරුතුමාට අනෙක් බැටළු හම් ලබා දී ලොම් ඇඳුම ඔබම තබා ගන්න. මන්ද, මගේ දරුවනි, ඔබගේ ඉතිරි දවස් හොඳින් ගෙවන්න, මන්ද අන්තෝනි තුමා පිටත්ව යන අතර තවදුරටත් ඔබ සමග නොසිටිනු ඇත.

අන්තෝනි තුමාගේ මරණය පිළිබඳ

92. මෙසේ පවසා, ඔවුන් ඔහු සිපගත් පසු, ඔහු තම පාද ඔසවමින්, මිතුරන් තමන් වෙත ළං වනු දුටුවාක් මෙන්, ඔහු සතුටු වූ බවක් පෙනෙන්නට තිබුණි – ඔහු නිදා සිටියදී ඔහුගේ මුහුණ ප්‍රීතිමත් විය – ඔහු මිය ගොස් පියවරුන් වෙත රැස් විය. පසුව, ඔහුගේ අණට අනුව, ඔවුහු ඔහුගේ දේහය ඔතා වළලමින් ඔහුගේ සිරුර පොළොව යට සඟවා තැබූහ. අද වනතුරුත් ඒ දෙදෙනා හැර එය වළලනු ලැබුවේ කොහේදැයි කිසිවෙක් නොදනිති. එහෙත් භාග්‍යවත් අන්තෝනි තුමා පැලඳ සිටි බැටළු සම් සහ වස්ත්‍රය ලැබුණු කෙනෙක්ම එය වටිනා වස්තුවක් ලෙස ආරක්ෂා කරති. මන්ද, ඒවා දෙස බැලීමෙන් පවා අන්තෝනි තුමා දකිනවාක් මෙන් දැනෙයි. ඒවා පැලඳ සිටින ඕනෑම අයෙකු ඔහුගේ ඉගැන්වීම් ප්‍රීතියෙන් පිළිපදින බව පෙනේ.

අන්තෝනි තුමා මිය යන තුරුම නිසලව සිටි ආකාරය සහ ඔහුගේ කීර්තියෙන් මුළු ලෝකයම පිරී ගිය ආකාරය.

93. අන්තෝනි තුමාගේ ශරීරයෙහි ආයු කෙළවර වීම මෙයින් සනිටුහන් වන අතර ඉහතින් ඇති කොටසේ ඔහුගේ විනයෙහි ආරම්භය විස්තර කෙරේ. මෙම වාර්තාව ඔහුගේ ශ්‍රේෂ්ඨත්වය හා සසඳන විට කෙටි වුවද, දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයා වූ අන්තෝනි තුමා කෙතරම් ශ්‍රේෂ්ඨද යන්න මෙයින් පිළිබිඹු වේ. ඔහු තරුණ වියේ සිට මෙතරම් මහලු විය දක්වාම විනය පිළිබඳ ඒකාකාරී ජ්වලිතයක් රැකගත්තේය. මහලු විය දක්වා මිල අධික කෑමට ඇති ආශාවෙන් හෝ තම ශරීරයේ දුර්වලතාවයෙන් තම ඇඳුම්වල විලාසිතා වෙනස් කිරීම හෝ නොකළ අතර, ඔහුගේ පාද පවා ජලයෙන්  සෝදා ගත්තේ නැත. එහෙත් ඔහු සම්පූර්ණයෙන්ම නිරුපද්‍රිතව සිටියේය. මන්ද, ඔහුගේ දෑස් තියුණු හා පැහැදිලි වූ අතර ඔහු පැහැදිලිව දුටුවේය. ඔහුගේ මහලු විය නිසා විදුරුමස් දක්වා දිරාපත්ව තිබුණද, ඔහුට එක දතක්වත් අහිමි වී නොතිබුණි. ඔහුගේ දෑත් සහ පාද දෙකෙහිම ඔහු ශක්තිමත්ව සිටියේය; අනෙක් සියල්ලන්ම විවිධ ආහාර, රෙදි සෝදන සහ ඇඳුම් භාවිත කරන විට, ඔහු වඩාත් ප්‍රීතිමත්ව හා බලවත්ව පෙනී සිටියේය. ඔහුගේ කීර්තිය සෑම තැනකම දැල්වී ගියේය; සියල්ලෝම ඔහු පුදුමයෙන් සැලකූහ, කිසි දිනෙක ඔහු දැක නැති අය ඔහු කෙරෙහි ආශා කළහ, එය ඔහුගේ ගුණවත්කම සහ දෙවියන් වහන්සේ ඔහුගේ ආත්මය කෙරෙහි දක්වන ප්‍රේමය පිළිබඳ පැහැදිලි සාක්ෂියකි. අන්තෝනි තුමා ප්‍රසිද්ධියට පත් වූයේ ලේඛන, ලෞකික ප්‍රඥාව හෝ කිසිම කලාවකින් නොව, දෙවියන් වහන්සේ කෙරෙහි ඇති ඔහුගේ භක්තිවන්තකමෙන් පමණි. මෙය දෙවියන් වහන්සේගෙන් ත්‍යාගයක් බව කිසිවෙකු ප්‍රතික්ෂේප නොකරනු ඇත. මන්ද, ආරම්භයේදීම අන්තෝනි තුමාට මෙය පොරොන්දු වූ දෙවියන් වහන්සේ සෑම තැනකම වැඩ වසමින් තමන් වහන්සේගේ අය ප්‍රසිද්ධියට පත් කරන්නේ නම් මිස, ස්පාඤ්ඤය සහ ප්‍රංශය, රෝමය සහ අප්‍රිකාව  යන ස්ථානවල සිටින්නන් කන්දක සැඟවී සිටි මිනිසා ගැන අසා ඇත්තේ කෙසේද? මන්ද ඔවුන් රහසිගතව වැඩ කළත්, ඔවුන් නොපෙනී සිටීමට කැමති වුවද, දෙවියන් වහන්සේගේ ආඥා පද මිනිසුන්ට සමෘද්ධිමත් වීමටත්, එම නිසා ගුණධර්මයෙහි ජ්වලිතව සිටීමටත් හැකි බව අසන්නන්ට දැන ගැනීමට හැකි වන පරිදි ස්වාමින් වහන්සේ ඔවුන් සියල්ල ආලෝකවත් කරන පහන් මෙන් කරන සේක.

අවසානය.

94. පූජකයින්ගේ ජීවිතය කෙසේ විය යුතුද යන්න ඉගෙන ගැනීමටත්, අපගේ ස්වාමින් වහන්සේ සහ ගැලවුම්කරුවාණන් වහන්සේ වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේට ගෞරව කරන අයට ගෞරව කරන බව විශ්වාස කිරීමටත් මෙම වචන අනෙක් සහෝදරයන්ට කියවන්න. තවද උන් වහන්සේට සේවය කරන අය අවසානය දක්වාම ගෙන යනු ලබන්නේ ස්වර්ග රාජ්‍යයට පමණක් නොවේය, මෙහිදීද – ඔවුන් සැඟවී සිටියත්, ලෝකයෙන් ඉවත් වීමට කැමති වුවත් – ඔවුන්ගේ ගුණය සහ අනුන්ට කරන උපකාරය නිසා ඔවුන් සෑම තැනකම කීර්තිමත් සහ ප්‍රසිද්ධ බවට කරවන සේක. අවශ්‍ය නම්, අන්‍යජාතිකයන් අතර මෙය කියවන්න, අපගේ ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුන් වහන්සේ දෙවියන් වහන්සේ සහ දෙවියන් වහන්සේගේ පුත්‍රයා පමණක් නොවේය, උන් වහන්සේට සැබවින්ම සේවය කරන සහ ධාර්මිකව විශ්වාස කරන කිතුනුවන්ට, ග්‍රීකයන් විසින්ම දෙවිවරුන් ලෙස සලකන යක්ෂයන් දෙවිවරුන් නොවන බව පමණක් නොව, අපගේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරණකොටගෙන මනුෂ්‍ය වර්ගයාගේ රැවටිලිකාරයන් සහ දූෂිතයින් ලෙස ඔවුන් පාගා දමන ලද බවය. අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් තුළින්, සදාකාලයටම මහිමය වේවා.

ආමෙන්.